Wednesday, January 8, 2014

තිරිසන් vs මනුසත්

 කොහෙන් පටන් ගන්නද කියලා තේරෙන්නේ නැහැ.ඒත් ලියන්න මොකක්ද දෙයක සේයාවක් හිතේ හොල්මන් කරනවා...සමාවෙන්න අද ලිපියෙත් සතෙක් ගහක් කොළක් කොහෙන් හරි ගෑවේවි ඒ නැතුව ලිපි  ලියන්න මං දන්නේ නැහැ..

                               ගිය සතියේ දවසක මා මුහුණ දුන්න අත්දැකීමක් ගැන ඔයාට කියන්න තියෙනවා..ඒක කියලා ඉන්නම්. එදා ජෙරුසලම ප්‍රධාන බස් නැවතුමෙන්  ටෙලවිව් එන බස් එකකට නැගලා අයිනේ ෂීට් එකක වාඩි වුණේ ලස්සන වට පිටාව බලබල එන්න..මෙහෙ බස් වල ඩ්‍රයිවර් විතරයි ඉන්නේ ඒ වගේම ෂීට් ගානට තමයි සෙනඟ ගන්නෙත්..හරියටම වෙලාවටම බස් එක බස් ස්ටෑන්ඩ් එකෙන් පිටවෙනවා..බස් එකේ දොර වහද්දීම කළු ජාතික (සුඩාන් හෝ ඉතියෝපියා ) දෙන්නෙක් බස් එකට නැග්ගා.. ගැහැණු කෙනාගේ ඇඟේ ළමයෙකුත් රෙදි වලින් බැඳලා එල්ලගෙන හිටියේ.. ඩ්‍රයිවර් ෂීට් නැහැ කීවට ඒ දෙන්නා බැස්සේ නැහැ..

ඊට පස්සේ මේ විදියට අර ලමයවත් එල්ලගෙන අර මනුස්සය හිටගෙන අමාරුවෙන් එද්දී බස් එකේ මිනිස්සු තම තමන්ගේ ලෝක වල කිසි කෙනෙක් ෂීට් එකක් දෙන්න තියා හැරිලාවත් බැලුවේ නැහැ .පැයක ගමනක් තියෙනවා එන්න.විනාඩි දෙකක් විතර බලන් ඉදලා මං එයාට කතා කරලා මගේ ෂීට් එකට එන්න කීවම මං ලග හිටපු ගෑණු කෙනෙක් කීවා "ඔයා ඇයි එයාට ෂීට් එක දෙන්නේ ඕක ඔයාගෙනෙ ඔයා සල්ලි දීලා ඇයි හිටගෙන යන්නේ." කියලා 

මට පුදුම කේන්තියක් ගියේ. මගේ ඇස් වලින් කදුළු පයින්න ඔන්න මෙන්න අර ළමයා එල්ලගෙන හිටපු ගෑණු කෙනා මුලින් එපා කීවත් මං දිහා බලලා එයා ඉදගත්තා..බස් එකේ මිනිස්සු මං දිහා අමුතු සතෙක් දිහා වගේ බලන් ඉදලා ආපහු ටික වෙලාවකින් සාමාන්‍ය විදියට හිටියා.ඒ පැයම හිටගෙන ආවට මං හිටියේ හීන ලෝකෙක...
 
                                                                   පිටරටවලට ගිහින් ආපු සහ පිටරටවල ජීවත්වෙන අය නිතරම අපේ රටේ දේවල් (සංවර්ධනය,බලය බෙදීයාම,ගමනාගමනය,අධ්‍යාපන ක්‍රමය ,සංස්කෘතිය ,අපචාර  ආදී බොහෝදේ) ඒ ඒ රටවල් එකක් සංසන්දනය කරමින් අපේ රට ඉන්නේ කොච්චර පහලද කියලා කතා කරනවා ..මාත් ඕනේ තරම් කතා කරලා තියෙනවා  ඒ ගැන...ඒත් 
ආදරය ,සෙනෙහස ,බැඳීම් දිහා බලද්දී අපි මේ මිනිස්සුන්ට වඩා ගොඩාක් ඉස්සරහින් ඉන්නවා. 
අපි කොයිතරම් නම් මිනිස්සුන්ට පිනට දෙනවද ,දාන මාන කරනවද ඒත් මේ රටේ මිනිස්සු ගණුදෙනුවක් මිසක් දීමක් ගැන දන්නේ නැහැ...කොහෙහරි රටකට සුනාමියක්,ගංවතුරක් ආවම රාජ්‍ය මට්ටමෙන් උදව් කලාට පාරේ ඉන්න හිඟන්නෙක්ට කීයක්වත් දෙන්න කැමති නැහැ කවුරුත්.

ඒ වගේම දෙමවුපිය දූදරු සබඳතා තුළ පවා තියෙන්නේ ආදරණීයම බැඳීම් නෙමේ..පුංචි දරුවෙක් ඉපදුණාම එයා එක්කම ගෙදරට ගෝ කාර්ට් එකක් ගේනවා..එහා ගෙදරට ගියත්,ලගකට ගියත් ,බස් එකක යන ගමනක් ගියත් අර ළමයා ගෝ කාර්ට් එකේ දාලා තල්ලු කරන් යන්නේ..ඇඩුවත් එවලේම අරන් නළවන්නේ නැහැ...කෝල් එකක නම් ඉන්නේ කෝල් එක ඉවරවෙලා නිදහසේ තමයි ළමයව බලන්නේ..කකුළ පැටලිලා වැටුණාම අපි වගේ දුවලා ගිහින් ළමයා වඩාගෙන අතගාන්නෙ ,පපුවට තුරුල්කරගන්නේ නැහැ.(ඔයා හිතයි තර්ක කරයි එහෙමද හැමෝම කියලා අම්මලා දරුවන්ට ආදරෙයිනේ මොන ජාතියේ ආගමේ උණත් කියලා .ඒත් ඒක එහෙම නෙමේ. මෙහෙ බහුතරයක් ඒ වගේ එයාලගේ බැඳීමේ මට්ටම එහෙමයි.) යන්තම් කතාකරන වයසේ ඉදලා ඒ ළමයා ජිවත් වෙන්නේ පුංචි වැඩිහිටියෙක් තනි මනුස්සයෙක් වගේ.
මීට මාස දෙකකට කලින් දරුවෙක් මැරුණා අම්මා ළමයව කාර් එක ඇතුළේ අමතකවෙලා ඔෆිස් ගිහින්.ඒ වෙනුවෙන් පහුවදාම උදේ ප්‍රවූර්ති වලට පෙන්නුවා අළුත් නිෂ්පාදනයක් හදුන්වා දීමක්ගැන. බබා අමතක වුණොත් එලාම් එකක් වදින විදියට ඒක හදලා තිබුණා.දැන් ඒක අනිවාර්යයි. 

ළමයි වගේම අම්මා තාත්තා වයසට ගියාම ළමයිනුත් එයාලට සළකන ආදරය දක්වන විදිය හරිම වෙනස්.කලාතුරකින් පවුලක හැරුණුකොට වයසට ගිය දෙමාපියෝ දරුවෝ එකට ඉන්නේ නැහැ. අම්මා තාත්තා වෙනම තනියම ඉන්නේ.කෝල් එකක් දීලා තමයි සම්බන්දතාවය පවත්වාගෙන යන්නේ.. ඒ වගේම යම් ආයතනයක හරි බලාගන්න කෙනෙක් එක්ක හරි තමයි එයාලා ඉන්නේ..ඒ දෙමවුපියෝ දුක් වෙන්නේ නැහැ ඒ ගැන.තමන්ගේ පාඩුවේ ඉන්නවා.

මට හිතෙන්නේ මෙහෙම වෙන්න හේතුව පුංචි කාලේ ඉදලම දරුවන්ව උණුසුමින් ඈත් කරන එක වෙන්න ඇති.අපේ රටේ බහුතරයක්ම අම්මා දරුවාව තුරුල් කරගෙන වඩාගෙන පාරේ යන්නේ,වාහනේ යන්නේ ඒ පුංචි කාලේ ඇතිවෙන කිට්ටු බැඳීම නිසා වෙන්න ඇති අපි වයසට ගියත් අම්මා තාත්තා තනි නොකරන්නේ.එහෙම බලද්දී අපි කොච්චර සුන්දර ආදරණීය ජාතියක්ද..සුළුතරක් අමුතු ජාතියේ මිනිස්සු අපේ සිංහලයෝ අතර හිටියට සිංහලයෙක් වෙලා ඉපදීම ගැන මං ගොඩක් සතුටු වෙනවා.ආර්ථිකය,පාලන තන්ත්‍රය යකාට ගියාට.

මේ විදියට පුංචි දරුවන්ව හදන එක සහ වැඩිහිටි දෙමාපියන්ට සලකන එක ගැන එකිනෙකාට විවිධ අදහස් තියෙන්න පුළුවන් .."එහෙම තමයි වෙන්න ඕනේ...ළමයි එහෙම හදන්න ඕනෙ ඕනේ දේකට ඔරෝත්තුදෙන්න", "අම්මා තාත්තා වෙනම ඉන්න තරමට හොදයි " වගේ විවිධාකාර විදියට.ඒ ගැන කිසිම දෙයක් නොලියමි.



 ...............................................



                  කාක්කට ෆයිබර් ග්ලාස්වලින් ගෙයක් හදන්න බැරි වුණාට  , එළුවෙක්ට තමන්ට කියලා ගෙයක් හදාගන්න බැරිවුණාට අපි දන්නවා සත්තු කියන්නේ අපි වගේම ඉපදිලා ,ලොකු මත්වෙලා ,පවුලක් වෙලා පැටව් හදලා මැරිලා යන ජාතියක් කියලා ...

අපේ අම්මා අපිව ඉපදුණාම පරිස්සමට ආදරෙන් බලාගත්තා වගේ තමයි ඒ ඒ සත්තු තම තමන්ගේ පැටියා බලාගන්නෙත් ...කිරිපොවන සත්තු කිරිපොවලා ලොකු කරනවා ,කුරුල්ලෝ වගේ අය හොටෙන් ගෙනත් දවස පුරාම කවලා කවල ලොකු කරනවා..
සත්තු තමන්ගේ පැටියා පුංචි කාලේ ,තමන්ගේ දේවල් තනියම කරගන්න බැරිකාලේ තමන්ගේ පැටව් පරිස්සම් කලාට මං දැකලා නැහැ ඒ පැටව් අම්මලා ළගම ඉදන් පවුලක් විදියට ජීවත්වෙලා ලේලියෙක් බෑනෙක් ගෙදර ගේනවා. 

ඒ වගේම මිනිස්සු වෙච්ච අපි අපිව ඉපදිච්ච පවුලට මැරෙනකල්ම බැඳිලා ඉන්නවා.බොහොම සුළුතරයක් හැරුණුකොට හැම දරුවෙක්ම තමන්ගේ අම්මා තාත්තා වයසට ගියාම එයාලව බලනවා ... දෙමවුපියෝ ළමයිව පොඩිකාලේ බැලුවා වගේ. ඒත් සත්තු අතර එහෙම දෙයක් නැහැ.අම්මලා පැටව්කාලේ කිරිපොවලා හැදුවා කියලා ,ඒ තමන්ගේ අම්මා තාත්තා කියලා  පැටව් ලොකු වුණාම අම්මා තාත්තාට කන්න හොයලා දෙන්නේ නැහැ.

ඒ වගේම බලුපැටව් ,හරක් පැටව් වගේ අය ලොකු වුණාම අම්මා තාත්තා කියලා ඇදුනුම්කමක් නැහැ ඒ ඒ අයමත්  ආයේ පැටවු හදනවා. ඒ ගැන මං තේරුම් ගත්තේ නම් බුදුදහමේ කියන විදියට සත්තු කියන්නේ තිරිසන් ආත්ම වල උත්පත්ති නිසා එහෙම වෙන්නේ කියලා. 
අපිට වගේ ඇස ,කන,නාසය,හම ,කට තිබ්බට එයාලාට පාපය ගැන තේරුමක් නැති නිසා ඒ දේවල් සිද්ධ වෙනවා ඇති...ඒ මගේ නිගමනය.

කේන්ති ගියාම අපි මිනිස්සුන්ට කියනවා

 "බලු වැඩ කරන්න එපා මිනිහෝ",

"ඕවා මහ තිරිසන් වැඩ",
"මු මහා අමු තිරිසනෙක් නේ " හි හි 

වගේ වචන ඇත්තටම ඒ වචන වල වරදක් නැහැ කියලා මට හිතෙනවා.සත්තුන්ට වඩා ඉහළින් තියෙන මනසක් ලැබිච්ච මිනිස්සු සත්තු වගේ ශරීරයට විතරක් අවනත වෙලා..මනසින් බැහැරව  වැඩ කරද්දී එහෙම කීවට කමක්නැහැ.
......................................................


ප/ලි.

ලිපිය ඔබට අපිළිවෙලට දැනුණානම් මට සතුටුයි..කියෙවුවට පස්සේ එහෙම්ම අමතක නොවේවී.ටිකක් නැවතිලා හිතන්න බැරිනම් ඩ්‍රයිව් කරනගමන් හිතන්න.

අපිට ලැබිලා තියෙන වටිනා මනුස්ස ජිවිතේට අගයක් වටිනාකමක් දෙන්න;මිනිස්සුන්ට ආදරේ කරන්න; හැමතිස්සෙම සැහැල්ලුවෙන් ඉන්න
------------------------------------------ඕමි--------------------------
 ඉස්කෝතුයි කියෙවුවට ෴

120 comments:

  1. >> .ඒත් ආදරය ,සෙනෙහස ,බැඳීම් දිහා බලද්දී අපි මේ මිනිස්සුන්ට වඩා ගොඩාක් ඉස්සරහින් ඉන්නවා. <<
    වෙනත් රටවල දැකපු දේවල් එක්ක මටත් අනේකා වාරයක් සිතුන දෙයක්.
    හොද ලිපියක්.

    ReplyDelete
  2. ලෝකෙන් උතුම් රට ලංකාවයි කියන්නෙ ඒ අපේ මිනිස්සුන්ගෙ තියට හැදියාවටයි ගුණධර්ම නිසයිනෙ :)
    ඩ්‍රයිව් කරනගමන් හිතන්න කියල මිනිස්සුන්ව අමාරුවෙ දාන්න එපා :P

    ReplyDelete
    Replies
    1. සසිඳු @හි හි එහෙම කීවේ විහිලුවට මල්ලි

      Delete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. දරුවන්ට පොඩි කාලෙ සලකපු විදිහටම දෙමව්පියන්ට රිටන් එක ලැබෙන එක නවත්තන්න බැරි දෙයක්. එහෙමත් දරුවෙක් තමා දෙමව්පියන්ට බලන්නෙ. අනික දෙමව්පියෝ දරුවන්ගෙ ආච්චි සීයට බලන විදිහ සලකන විදිහ හරි නැත්තං ඒ දරුවොත් ඒම තමා තමන්ගෙ දෙමාපියන්ට සලකන්නෙ.

    හොඳ ලිපියක් උදේ පාන්දරම..

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම් ... ලෝකේ අලුත් දෙයක් නැහැ සැමා වෙච්ච දේවල් මයි ආයේ වෙන්නේ.. අපි හැමෝම චක්‍රයක ගමන් කරනගමන් ඉන්නේ වගේ

      Delete
    2. සෑම්ගේ මේ කතාවට නම් අත් දෙකම උස්සනවා

      Delete
  5. මෙන්න මේකයි ඔයත් ඔය රටේ ඉදලත් ඒ ක්‍රමය නොදැන ඉන්න එක පුදුමයක්... තමන් කරන දේ වෙනම දෙයක්. නමුත් ඒ මිනිස්සුන්ට බැලන ඇති වැඩක් නැහැ.. ඒක ඒ අයගේ හැටි.. නැද්ද

    ReplyDelete
    Replies
    1. දේශක තුමණි@ ඔයා මං අදහස් කරපු දේ නොදැක්කට මොනා කරන්නද ..ක්‍රමයක් ගැන නෙමෙයි සහ මගේ හොදක් ගැන නෙමෙයි මං කතා කලේ මනුෂ්‍යත්වය ගැන

      Delete
  6. රට දියුණු වෙන්න වෙන්න මිනිස්සුන්නෙ ආකල්ප අවගමනය වෙනව. සංස්කෘතිය සාරධර්ම වියැකිල මුදල් මත හැම දේම තීර්ණය වෙන්න පටං ගන්නව. ඒ මං හිතන්නෙ දියුණු යැයි කියාගන්න රටවල ලක්ෂණ. අපි කොයිතරං සමාජසාරධර්ම වලට තැනක් දුන්නත් හැම රටක්ම ඕව සලකන්නෑ. උං කැමති තමංගෙ ලෝකෙම ජීවත් වෙන්න.අනෙකට හෙන ගහල ගියත් උංට මොකෝ කියල තමා හිතන්නෙ. අවාසනාවට වගේ ඔය තත්තය අද වර්තමාන ලංකාවටත් බෝවීගෙන එන අවගුණයක් කියල කියන්න පුළුවං. මං හිතන්නෙ පොඩිකාලෙ තමංගෙ දරුවව සෙනෙහසිං ඈත් කරන තැන ඉදං තමා ඔය ප්‍රශන පටං ගන්නෙ

    ReplyDelete
    Replies
    1. ඔව් මහේෂ් .. අපි කොච්චර අපේ රටේ තියෙන අමනුස්සකම් ගැන කතා කලත් ඒ දේවල් වෙන්නේ ඉතාම සුළුතරයක් අතර ...ආර්ථිකය ,සංවර්ධනය හිනිපෙත්තට ගියත් හදවත් හිස් නම් වැඩක් නැහැ

      Delete
  7. ?/කෝල් එකක නම් ඉන්නේ කෝල් එක ඉවරවෙලා නිදහසේ තමයි ළමයව බලන්නේ..//

    අඩනකොට ළමයව ගත්තහම එයා හිතනවා මම අඩපුවහම තමා මෙයාල මාව ගන්නේ කියලා . ඉතින් ගන්නකං අඩනවා

    අඩලා ඉවර උනහම ගත්තහම දවසක් දෙකක් ගියාම එයා දැන ගන්නවා මම නාඩා හිටියොත් තමා වඩාගන්නේ කියලා . එක හන්දා ළමයා නාඩා ඉන්නවා

    හැබැයි වැඩේ පටන් ගන්ඩ ඕන මුල ඉදන්ම





    //කකුළ පැටලිලා වැටුණාම අපි වගේ දුවලා ගිහින් ළමයා වඩාගෙන අතගාන්නෙ ,පපුවට තුරුල් කරගන්නේ නැහැ.//

    ලොකු ඩැමෙජ් එකක් නැත්තං එයාට තනියම නැගිටින්ඩ දෙන්ඩ ඕන , වඩාගන නලවන්ඩ ගියහම ලමයා අනුන්ගෙන්ම යැපෙන්ඩ , හැම එකම කරගන්ඩ පුරුදු වෙනවා

    බලාගන ඉන්ඩ දුකයි තමා . හිතට අමාරුයි නං මෙහෙම කරන්ඩ පුළුවන් .

    '' අනේ මගේ මැණික් කැටේ වැටුනා නෙද කෝ එන්ඩ මාගවට මගේ සත්තලනව නැගිට්ටවන්ඩ'''

    ReplyDelete
    Replies
    1. හරිම සංතෝෂයි අටම් තුමණි,, මෙහෙ තියෙන්නේ ඔය තියරිය තමයි.. මං කතා කලේ ආදරණීය බැඳීමක් ගැන ..ඔයා මට කියන්න ඔයත් එහෙම කලාද ඔයාගේ අර චුටි දරුවෝ දෙන්නට .. ?

      Delete
  8. ඔයා ඇයි එයාට ෂීට් එක දෙන්නේ ඕක ඔයාගෙනෙ ඔයා සල්ලි දීලා ඇයි හිටගෙන යන්නේ." කියලා //////
    මෙන්න මේ ජරා සිතුවිල්ල මිනිසුන්ගෙන් කවදා නැති වෙයිද මන් දා

    ReplyDelete
    Replies
    1. ඔව් මල්ලි ...හිතාගන්න බැරිවුනා මට

      Delete
  9. Replies
    1. හ්ම්ම්ම්, ක්ලික් කරලා යන්න පුළුවන් වෙන විදියට ලින්ක් දාන විදිය මං කියාදෙන්නම් ඒක ඔයාට පහසුවක් වෙවී. G+ එකට එවන්නම් , ස්තුති

      Delete
    2. හැකි ඉක්මනින් කියා දෙනවා නම් තුති ..

      Delete
    3. This comment has been removed by the author.

      Delete
    4. This comment has been removed by the author.

      Delete
    5. g+ එකට එවුවා මල්ලි

      Delete
    6. හරි බුඩ්ඩිමට් :D

      Delete
    7. ඉදගෙනම ...D හැක් හැක්

      Delete
    8. ඒ අපූර්වි අක්කෙ, මටත් එවහංකො බං ඒ තාක්ෂණේ.

      Delete
    9. එලස් එවන්නම් මටත් අපේ බ්ලොග් ලෝකේ ලාලුවෝ තමා කියාදුන්නේ ඉදගෙන ;)

      Delete
  10. මමත් ඕක ගොඩක් වෙලාවට හිතනව... මට බොහෝ දුරට හිතෙන්නෙ මෙහෙ තියෙන්නෙ ආදරය, කරුණාව දැක්වීමකට වඩා ළමයින්ව අනාගත ආයෝජන කර ගැනීමක් කියල... වයසට ගියාම අම්මලා බලාගන්න කියන එකම මට හිතෙන්නෙ ළමයින්ට බරක් පැටවීමක් කියල... දැනටත් මෙහෙ කොච්චර දෙමවුපියො ඉන්නවද දරුවො ඔක්කොම පිටරට පදිංචි වෙලා ඉන්න නිසා “ අනේ අපි දරුවො හැදුවට දැං අපිව බලාගන්න කවුරුවත් නෑ නේ” කිය කිය... එක අතකට දරුවො ඉහල තැන් වලට ගිය එකට ගැන ආඩම්බරයි.. අනිත් අතට දරුවො තමන් ළඟ නැති එක ගැන දුකයි.. මේ කිව්වෙ ඉතිං මට තියෙන අත්දැකීම් වලට අනුව විතරයි.. මං දන්නව හැමෝම එහෙම නෑ කියලත්... ළමයින්ව ඇහේ මූණෙ තියාගෙන හදනව කියල කතාවක් තියෙනවනෙ.. මං හිතන්නෙ අපි ඒක අවශ්‍ය සහ අනවශ්‍ය තැන් අඳුනගන්නෙ නෑ කියල... ( දැං දොස්තරලත් කියන්නෙ අඬන අඬන පාරට ළමය වඩාගෙන නලවන්න යන්න එපා කියල.. ඒ උනාට ආච්චිලයි, නැන්දලයි, පුංචිලයි ළමයා අතෙන් බිම තියන්නෙ නෑ ආසාවට...) ළමයින්ට ආදරය කරුණාව අත්‍යවශ්‍යයි... හැබැයි ඒක පෙන්නන විදිය පුද්ගලයන් අනුව වෙනස් වෙනව... මම හිතන්නෙ නෑ දරුවා ගෝ කර්ට් එකේ දාගෙන ගියා කියල ඒ අම්මගෙ දරුවට තියෙන ආදරය මනින්න ඒකෙන් පුළුවන් කියල.. සමහර විට දරුවා අම්මගෙ අතේ ඉන්නවට වඩා පහසුවෙන් ගෝ කාර්ට් එකේ ඉඳියි... සමහර රටවල දරුවෙක් ඉස්පිරිතාලෙන් නිදහස් කරන්නෙ නෑ බේබි කාර් සීට් එකක් නැත්තං .. අපේ රටේ අම්මලා දරුවා අතේ තියාගෙන කාර් එකේ ඉස්සරහා සීට් එකේ ඉඳගෙන යනවා ඉස්පිරිතාලෙන් ටිකට් කැපුවම... මේවා එක එක රටවල තියෙන පහසුකම්, මිනිස්සුන්ගේ හැදියාවන්, දැනුම අනුව තීරණය වෙන දේවල්.. අපි මේවා දකින නිසා අපිට හිතෙනවා අපෝ අපේ රටේ සිය දහස් ගුණයක් හොඳයිනෙ කියල... ඒත් ඇත්තටම ඒක ඇත්තද කියල මට නං මේ වෙනකොට සැකයක් තියෙනව...

    ( පෞද්ගලිකව අපේ අම්මලා මට කියල තිබ්බෙ කසාද බැදල වෙනම ජීවත් වෙන්න, වෙනම ගෙයක් දොරක් හදාගෙන පිළිවෙලක් වෙන්න, අපිත් එක්ක ජීවත් වෙන්න ලෑස්ති වෙන්න එපා කියලා.. මම අපේ අම්මලට කියල තිබ්බෙ මම කසාද බැන්දට පස්සෙ ගෙදර පැත්ත පලාතෙ එන්න හම්බුවෙන එකක් නැති වෙන්න ඉඩ තියෙන හින්ද අතේ තියෙන හැම සතේම මට වියදම් කරන්න ලෑස්ති වෙන්න එපා, ඔය දෙන්නගෙ ජීවිතේ ලේසි වෙන විදියට ඒ දේවල් ලෑස්ති කරගන්න අතේ සල්ලි තියාගන්න කියල.. එහෙම කිව්වෙ ආදරේ නැති හින්ද නෙවෙයි... එක අතකට අපිව ස්වාධීන කරන්න ඕනෙ හින්ද... අනිත් අතට අපිට කරන්න අවස්ථාව නැති වෙන්න ඉඩ තියෙන හින්ද... දෙමවුපියො දරුවො අතර තියෙන බැඳීම එක එක මිනිස්සුන්ගෙ මානසික මට්ටම් අනුව වෙනස්... ඒකෙන් ඒ අයගෙ ආදරේ මට්ටම තීරණය කරන්න බෑ... )

    ReplyDelete
    Replies
    1. ///මමත් ඕක ගොඩක් වෙලාවට හිතනව... මට බොහෝ දුරට හිතෙන්නෙ මෙහෙ තියෙන්නෙ ආදරය, කරුණාව දැක්වීමකට වඩා ළමයින්ව අනාගත ආයෝජන කර ගැනීමක් කියල...//// මං නම් මේක මෙහෙයි කියලා හිතන්නේ නැහැ


      ///මම හිතන්නෙ නෑ දරුවා ගෝ කර්ට් එකේ දාගෙන ගියා කියල ඒ අම්මගෙ දරුවට තියෙන ආදරය මනින්න ඒකෙන් පුළුවන් කියල../// අපි එහෙම හිතන්නේ නැත්තේ අපේ හදවත් වලින් අක්කේ,, මං මෙහෙ ඕනේ තරම් දැකලා තියෙනවා ඒ දුරස්බව. ඔව්න් ළමයින්ව බලාගන්නේ වගකීමක් විදියට තමයි වැඩිපුරම ආදරණීය බව අඩුයි අපේ රටවලට වඩා කියන එකයි මං අදහස් කලේ ... ඒ වගේම ඔයාගේ අම්මා තාත්තා සහ ඔයා බලාපොරොත්තු වෙන සහ අත්දකින වෙන්ව ජිවත් වීමේ ක්‍රමය නෙමේ යුදෙවුවන්ගේ තියෙන්නේ.. යුදෙවුව්න්ගේ ආයු අපේක්ෂාව ගොඩක් ඉහලයි අපේ රටවලට වඩා.. ඔවුන් තනිව ඉන්න කාලය ඉතාම දිගුයි, අපිට වඩා

      Delete
  11. බස්එකේ කතාවෙදිනං මට හිතෙන්නෙ ඒ ගෑනු එක්කෙනා වැරදියි කියලයි. මොකද වෙලාවට ගමන් ආරම්භ කරන, ලංකාවෙ වගේ පොල් පටවන්නෙ නැතුව සීට් ගානට විතරක් සෙනග ගෙනියන බස් සේවයක් තියෙද්දි හිටගෙන යන්නෙ නැතුව ඊ්ගාව බස්එක එනකල් ඉන්න පුලුවංනෙ. ඒ හින්ද වෙන්න ඇති සීට් එක දෙන්න එපා කියන්න ඇත්තෙ.

    ලෝකෙ අනික් මිනිස්සුන්ට වඩා අ‍පේ රටේ මිනිස්සු වෙනස්නෙ ඒකයි හේතුව.

    ReplyDelete
    Replies
    1. ඒක ඒ දවසටම පළවෙනි බස් එක .. ඒ වගේම ඒ මනුෂ්‍යාගේ මොකක් හෝ ඉක්මනින් යෑමේ උවමනාවක් තිබ්බා.. . බස් එකට නැගලා යන්න පටන්ගත්ත්ටත් පස්සේ අපිට පුලුවන්ද හිතන්න "එපා කියද්දී නැග්ගනම් හිටගෙනම යමල්ලා හොද වැඩේ කියලා " නිතිය සහ ක්‍රමයට එහා හදවතින් හිතන්න පුලුවන්නම්

      Delete
  12. මේවා ඇහෙනකොටත් පුදුමයි! අපේ අම්මලා තාත්තලා කොයිතරම් උතුම් ද! කොච්චර සංස්කෘතිය පිරිහීගෙන යන තත්වයක් තිබුණත් මේ දේවල් අපේ වැඩිහිටියන්ගෙ හිත්වල රැඳිලා තියෙනවා.
    මේ ගැන ලියපු එක හොඳයි.

    ReplyDelete
    Replies
    1. අපිට පුදුම උනාට හැමෝටම එහෙම නැහැ තඹරු

      Delete
  13. ඇයි කෙල්ලේ උඹට කටක් තිබුනේ නැද්ද සල්ලි වලට වඩා මිනිස්කම වටිනවා කියලා අවුරුදු දහස් ගණනක් තිස්සේ කියලා දෙන උතුම් සංස්කෘතියකින් තමයි මම පැවත ඒ න්නේ. මමත් අනාගතේදී අම්මා කෙනෙක් වෙනවා. උඹලා හැමදෙනාම අම්ම කෙනෙකුගෙන් උපන් එවුන්. ඒ නිසයි සීට් එක දුන්නේ කියලා කියන්න.

    ආත්මාර්ථය පදනම් කරගෙන මුදල් හෙවීමත්, සැප විදිමත් ලෝකේ කොහෙදිත් කරන්න පුළුවන්. නමුත් උන්ගේ ඇතුළ කුණුවෙලා තියෙන්නේ. හොඳින් බලන්න ඔමායා උන්ට අපි වගේ දුකේදීත් හිනාවෙන්න බැහැ. ඒ තමයි උන්ගේ කුණුවීම.

    ReplyDelete
    Replies
    1. ෂීට් එක දුන්නා කියලා ලියලා අහ්ගත්තුවා මදැයි මං කියපුවත් ලීවනම් මොනා අහන්න වෙයිද විචාරක තුමණි......වටේ ඉන්න අයටත් ඩ්‍රයිවර්ටත් ඇහෙන්න කියන්න ඕනේ ටික කියලා තමයි මං නැගිට්ටේ ..

      ඔව් ඔබ හරි /// නමුත් උන්ගේ ඇතුළ කුණුවෙලා තියෙන්නේ. හොඳින් බලන්න ඔමායා උන්ට අපි වගේ දුකේදීත් හිනාවෙන්න බැහැ. ඒ තමයි උන්ගේ කුණුවීම./// ඇතුල් මනුස්සයා මැරුණට පස්සේ ඒ ජිවිතේ කොහෙද රසයක්

      Delete
    2. හරියට හරි විචාරක තුමෝ. උංගේ ඇතුළ කුණුවෙලා. මනුස්සකම ගෑවිලාවත් නැති, උදව්-පදව් ගැන කිසිම තේරුමක් අවබෝධයක් නැති, නිකම්ම මනුෂ්‍ය ශරීර ඇති අමුතුම සත්තු ජාතියක්. නේද ඔමායා (අපූර්වි) අක්කේ???
      (විචාරක තුමාටනං මාව මේ නමිං මතක නැතුව ඇති, මම "පිරේ @ ©PiReSoft®")

      Delete
    3. ඒකත් ඇත්ත නේන්නං, ඇතුළේ මිනිසා මලාට පස්සෙ කොහෙද ජීවිතේ රසයක්. ඒකත් හරියට ජිල් බෝල හොද්දක් වගේ. ලස්සනයි වගේ පෙණුනට මෙඕ රහක් නෑ.

      Delete
    4. හි හි හිනා යනවා මල්ලි ජිල්බෝල හොද්ද කීවම .නියම උපහාරණේ ...ආත්මයක් නැති පන්චස්කන්දේ කන්ඩද මල්ලි

      Delete
  14. මේවා ඇහෙනකොටත් පුදුමයි! අපේ අම්මලා තාත්තලා කොයිතරම් උතුම් ද! කොච්චර සංස්කෘතිය පිරිහීගෙන යන තත්වයක් තිබුණත් මේ දේවල් අපේ වැඩිහිටියන්ගෙ හිත්වල රැඳිලා තියෙනවා.
    මේ ගැන ලියපු එක හොඳයි.

    ReplyDelete
  15. අපිට ගැබිණි අම කෙනෙක් බස් එකක හිටගෙන යද්දී ආසනයක් නොදෙන එක අරුමයක් උනා වගේම, අපි එහෙම කෙනෙක්ට ආසනයක් දෙන එක ඒ රටවල්වල උන්ට අරුමයක්. අපිත් ටික්ටං ටික ලංවෙනවා කියන, ඊනියා සන්වර්දනයත් එක්ක අපෙනුත් ඕක ගිලිහිලා යයිද දන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. යාවි බොහෝවිට අද හෙටම ... භෞව්තිකව ශරීර ඇතිව ජිවත් වෙලා මැරිලා යාවි තිරිසන්නු වගේ :)

      Delete
  16. ආදරය සහ සෙනෙහස කියන දේ යුතුකම් සහ වගකීම් බවට හැරීම සහ ආදරයෙන් බැඳීම නීතිමය බැඳීමක් වීම තමයි ඔමායා ඔය කරුණු වලට හේතුව. දියුණුව විහිදිලා ඇත්තේ භෞතික දේ සඳහා පමණයි.
    දැන්නම් ඔමායා පොඩි අය දමාගෙන එල්ලගෙන යන bag ලංකාවේ පවා තියෙනවා. කරත්තෙක දාගෙන තල්ලු කරනවට වඩා ළමයා මවට සමීප වෙනවා. ඒ වගේම යතුරුපැදි වල සග බස්වල යනවිට හොඳ ආරක්ෂාවක් තියෙනවා.

    ReplyDelete
    Replies
    1. //ආදරය සහ සෙනෙහස කියන දේ යුතුකම් සහ වගකීම් බවට හැරීම සහ ආදරයෙන් බැඳීම නීතිමය බැඳීමක් වීම ///ඔව් විශ්ව ඒක ඇත්ත..ඒ දේ තමයි මාත් හිතන්නේ .

      Delete
    2. This comment has been removed by a blog administrator.

      Delete
  17. කොහොමටත් ඊශ්‍රායල් වරු ඉතාම දරදඩු මිනිස් කොට්ඨාසයක් බව බොහෝ දෙනා කියනවා.නමුත් මේ තත්වය බටහිර රටවලත් දකින්නට පුළුවන් බවයි මට හිතෙන්නෙ.මට හිතෙනව බටහිර අම්මලත් දරුවන්ට ආදරේ නෑ කියල.පවුල් සමබන්ධතා බටහිරත් ඉතාම අඩුයි කියලයි මම හිතන්නෙ.බටහිරදී ආගමික සංස්ථා දුර්වල වීම ඒකට හේතුව විදියට පෙන්වා දුන්නත් ඊශ්‍රායලයෙ එහෙම ආගමික සංස්ථා දුර්වල වීමකුත් නෑ.එහෙනම් ඇයි මෙහෙම වෙන්නෙ.මම හිතන්නෙ ඊශ්‍රායල්වරයා යාන්ත්‍රික මිනිහෙක් ලෙසයි හදන්නෙ.ඒක ඔවුන්ගෙ සාර්ථකත්වයටත් හේතුවෙනවා විය හැකියි.ඒත් මේ අමානුෂිකත්වය නම් හොඳටම වැඩියි.

    අපූ ගෙන් එහෙම අහපු ගෑනු කෙනාට කීවෙ නැද්ද බලන්න.මේ ගෑනු කෙනා කොච්චර අමාරුවෙන්ද යන්නෙ.එයාට සීට් එක්ක් දෙන එක යහපත් ක්‍රියාවක් නේද කියල.එහෙම අහුවනම් ඒ මිනිස්සු පුදුම වෙයි.යහපත් ක්‍රියා???? පස්සෙන්ද පත්තරෙත් වැටෙයි

    අපි අපේ නරක වගේම හොඳත් කතා කරන්න ඕන.අපේ පවුල් සම්බන්ධතා ශක්තිමත් වීම අපේ ශක්තියයි.එක් ජපන් ජාතිකයෙක් කියපු දෙයක් මට මතක් වෙනව.උඹලට අවුරුදු සීයක් ගිහින්වත් අපේ දියුණුව ලබා ගන්න බෑ.අපිට අවුරුදු සීයක් ගිහින්වත් උඹලගෙ මනුස්සකම් ,ගුනධර්ම ලබා ගන්න බෑ කියල

    ReplyDelete
    Replies
    1. >>එක් ජපන් ජාතිකයෙක් කියපු දෙයක් මට මතක් වෙනව.උඹලට අවුරුදු සීයක් ගිහින්වත් අපේ දියුණුව ලබා ගන්න බෑ.අපිට අවුරුදු සීයක් ගිහින්වත් උඹලගෙ මනුස්සකම් ,ගුනධර්ම ලබා ගන්න බෑ කියල <<
      ඒ නද වෙන්න සකේ බීපු එකෙක් වෙන්න ඇති මල්ලියා.

      මනුස්සකම් ,ගුනධර්ම ගැන හිතන ජප්පෝ නම් මට තාම මුණගැහිලා නැහැ.
      අවස්ථා කීපයකදී ජප්පන්ට පිහිට වෙන්න ගිහින් ජප්පන්ගෙන්ම අහගත්ත දේවල් ගොඩයි.

      Delete
    2. යකා@ ඔබේ කොමෙන්ට් එකේ සියල්ල ඇත්ත.

      //කොහොමටත් ඊශ්‍රායල් වරු ඉතාම දරදඩු මිනිස් කොට්ඨාසයක් බව බොහෝ දෙනා කියනවා.// බොහෝ දෙනා විතරක් නෙමේ ඔවුන්ව මෙහෙයවනවයි කියලා එයාලම කියාගන්න දෙවියන් පවා කියලා තියෙනවා .. යුදෙවුව්න්ගේ දැඩි කම මුළු ලෝකයේම හැම ජාතින්ටම වඩා ඉහළින් තිබෙනවා ඒ වගේම ඉස්රායෙලිතයන් කියන්නේ තද කුලල් ඇති ජාතියක් කියලා....ඒ බව මං දවසගානේ අත්දකිනවා

      Delete
  18. කොහොමටත් ඊශ්‍රායල් වරු ඉතාම දරදඩු මිනිස් කොට්ඨාසයක් බව බොහෝ දෙනා කියනවා.නමුත් මේ තත්වය බටහිර රටවලත් දකින්නට පුළුවන් බවයි මට හිතෙන්නෙ.මට හිතෙනව බටහිර අම්මලත් දරුවන්ට ආදරේ නෑ කියල.පවුල් සමබන්ධතා බටහිරත් ඉතාම අඩුයි කියලයි මම හිතන්නෙ.බටහිරදී ආගමික සංස්ථා දුර්වල වීම ඒකට හේතුව විදියට පෙන්වා දුන්නත් ඊශ්‍රායලයෙ එහෙම ආගමික සංස්ථා දුර්වල වීමකුත් නෑ.එහෙනම් ඇයි මෙහෙම වෙන්නෙ.මම හිතන්නෙ ඊශ්‍රායල්වරයා යාන්ත්‍රික මිනිහෙක් ලෙසයි හදන්නෙ.ඒක ඔවුන්ගෙ සාර්ථකත්වයටත් හේතුවෙනවා විය හැකියි.ඒත් මේ අමානුෂිකත්වය නම් හොඳටම වැඩියි.

    අපූ ගෙන් එහෙම අහපු ගෑනු කෙනාට කීවෙ නැද්ද බලන්න.මේ ගෑනු කෙනා කොච්චර අමාරුවෙන්ද යන්නෙ.එයාට සීට් එක්ක් දෙන එක යහපත් ක්‍රියාවක් නේද කියල.එහෙම අහුවනම් ඒ මිනිස්සු පුදුම වෙයි.යහපත් ක්‍රියා???? පස්සෙන්ද පත්තරෙත් වැටෙයි

    අපි අපේ නරක වගේම හොඳත් කතා කරන්න ඕන.අපේ පවුල් සම්බන්ධතා ශක්තිමත් වීම අපේ ශක්තියයි.එක් ජපන් ජාතිකයෙක් කියපු දෙයක් මට මතක් වෙනව.උඹලට අවුරුදු සීයක් ගිහින්වත් අපේ දියුණුව ලබා ගන්න බෑ.අපිට අවුරුදු සීයක් ගිහින්වත් උඹලගෙ මනුස්සකම් ,ගුනධර්ම ලබා ගන්න බෑ කියල

    ReplyDelete
    Replies
    1. මොඩරේසන් තිබ්බ නිසා ආයෙමත් වැටිලා වගේ අවුලක් නැහැ :)

      Delete
  19. මන්දා හැම දේකම දෙපැත්තක් තියෙනවා. කිවුව කාරණාව හරි තර්කයත් හරි. හැබැයි අපේ රටේ අඩුත් මනුස්සකමම තමයි. එදත් අදත් හෙටත් කියන්නේ මේ අලුතින් බිහිවෙන පරම්පරාවවත් සංකල්පමීය වෙනසකට නැඹුරු වෙන්න ඕනේ. තියෙන ගුණයහපත්කම් තියාගෙන අලුතින් දකින්න හිතන්න පුරුදු වෙන්න ඕනේ කියලා. අපේ රටේ ඔක්කම හොදයි නමුත් දියුණු වෙන්නෙ නැත්තේ ඊරිසියාව නිසා. :) 

    ReplyDelete
    Replies
    1. ඔව් මධාර ..අපිත් දියුණුවට යන මිනිස්සුනේ ,,

      /// අපේ රටේ ඔක්කම හොදයි නමුත් දියුණු වෙන්නෙ නැත්තේ ඊරිසියාව නිසා. :) // ඒ වගේම අනුන්ගේ දේවල් හොයන එක වගේ දේවල් තමයි. ඒ පැත්තෙන් බලද්දී මේ මිනිස්සු ගොඩක් ඉස්සරහින් ඉන්නවා

      Delete
  20. එක උදාහරණයක නිරීක්‍ෂණය මුළු සමාජයටම ආදේශ කරලා එක නිගමනයකට එන්න එපා.

    ලංකාවෙත් ගැබිණි මවක් බස් එකට නැග්ගාම නිදාගන්න අය ඉන්නවා. ඒ හුඟ දෙනෙක් ගෑණු අයමයි. නැගිටලා ඉඩ දෙන්න පුළුවන්කම තියෙන්නත් ඕනෑනේ.

    මටත් මේ ගැන හොඳ අත්දැකීම් තියෙනවා. මං හිතන්නේ කතන්දර දෙක තුනක්ම ලියලා ඇති!

    ReplyDelete
    Replies
    1. >> එක උදාහරණයක නිරීක්‍ෂණය මුළු සමාජයටම ආදේශ කරලා එක නිගමනයකට එන්න එපා.<<
      කරුණාකර මේ ගැන යම් පැහැදිලි කිරීමක් කල හැකිද කකා...

      Delete
    2. බස් එකේ සීට් දීම ගැන කතන්දර කීපයක් මෙන්න.

      1. ක්ලිනික් දවසේ බස් එකේ යෑම
      http://kathandara.blogspot.com.au/2010/08/blog-post_26.html

      2. ලොකූම ලොකු බබාලා - සීට් එක දුන්නාම ආපහු දෙනවද?
      http://kathandara.blogspot.com/2010/08/blog-post_30.html

      3. සීට් එක දෙන්න ගියාම එපා කිව්වොත් මොකද කරන්නේ
      http://kathandara.blogspot.com/2009/07/blog-post_11.html

      4. වයිෆ්ලා හිටගෙන ඉඳිද්දී සීට් එකේ වාඩි වී යන අපූරු හස්බන්ඩලා
      http://kathandara.blogspot.com/2010/09/blog-post.html

      5. මිනිහෙක් බඩදරු වුනොත්?
      http://kathandara.blogspot.com/2010/08/blog-post_29.html

      Delete
    3. තෑන්ක්ස්....කකා.... කියවන්නම්....

      Delete
    4. ///එක උදාහරණයක නිරීක්‍ෂණය මුළු සමාජයටම ආදේශ කරලා එක නිගමනයකට එන්න එපා.// මං කවදාවත් එහෙම කරන්නේ නැහැ කිසිම කාරනාවකදී... මේක මේ රටේ සාමන්‍ය දේ..ලංකාවේදී කෙනෙක් අහක බලාගත්තට හැමෝම එහෙම කරන්නේ නැහනේ .. අහකබලාගත්තත් හිත්වලින් හිතනවනේ මං නොදුන්නට වෙන කෙනෙක් දෙයි, ඒ වගේම ඒ මනුස්සයට ෂීට් එකක් අවශ්‍යයි කියන දේ.. ඒ වගේම ඉස්කෝලේ යන වයසේ හෝ තරුණ වයසේ කෙනෙක් නොදී ඉන්නේ නැහැනේ කොහොමත් .. නමුත් යුදෙවුවන්ගේ හිත්වල එහෙම පෙළඹීමක් නැහැ..

      Delete
  21. ඉතාමත් හොද ලිපි ද්විත්වයක්... කාරණය ඉතා පැහැදිලියි. ඒකමනේ මං අපි අතර මනුස්සකම ඔබ්බවලා වගේ තියනවා. ඒත් නොහිතන වෙලාවට ඒ මනුස්සකම යටපත් වෙලා අප තුළම ඉන්නා තිරිසනා එළියට එනවා. මේවා සවිඥ්ඥානිකව වෙන දේවල් නොවෙයි....
    මිනිසාමයි ලොව දෙවියන් වෙන්නේ මිනිසාමයි ලොව තිරිසන් වන්නේ....

    ReplyDelete
    Replies
    1. ලිපියේ අර්ථය ග්‍රහණය කරගැනීම ගැන ස්තුතී... ඔබට එය වැටහීම තුලින් ලිපිය ගැන හිතේ තිබ්බ යම් කුකුසක් ඉවත් වුණා. ස්තුති

      Delete
  22. අපිට සමහර වෙලාවට (පොඩි කාලෙ ) අම්ම තාත්ත එක්ක තරහ යනව.. අම්මගෙන් තාත්ගෙන් ළමයින්ට අඩුපාඩු කම් වෙනව ඇති.. වැරදීම් වෙනව ඇති.... ඒ හැටි...
    මට පුංචි කාලෙ මගෙ අම්ම “හැලිබොරේන්ජ් “ වතුර දාල හදන්නෙ නැතිව නිකම්ම පොවල මම ඉස්පිරිතාලෙ ඉදල තියෙනව..
    අප්පච්චිට මාව බලාගන්න කියල අම්ම උයන්න ගියාම මම පුටුවෙ ඇන්දක් ඇතුලෙන් ඔලුව දාගෙන හිර කරල වටේම මිනිස්සු ඇවිල්ල බේරගත්තෙ...
    දවසක් සත 5ක් උගුරෙ හිරවෙලා... උලුවෙන් හිටවල තමා ඒක ගත්තෙ....
    ඒ අපිට නොතේරෙන දවස් වල... අපිට තේරෙන කාලවල් වලදිත් අම්ම තාත්ත එක්ක කේන්ති යනව.. ඉස්කෝල යන කාලෙ එහෙම...
    යාලුවො එක්ක කොහේ හරි යන්න දෙන්නෙ නැති වුණාම ?
    අම්මට තේරෙන්නෙ නෑ.. අප්පච්චි දන්නෙ නෑ.. මම අනන්තවත් කියල ඇති...
    ඒත් මොනව කරන්නද ?
    ඒයාල අම්ම - තාත්ත වුණේ මම ඉපැදුණ දවසෙ..
    අපි ෆෝන් එකක්, ටීවි එකක්, රේඩියෝ, එකක් මොනම හරි බඩුවක් ගන්නකොට පාවිච්චි කරන හැටි, හෝදන හැටි, අදාල සියලු විස්තර තියෙන පොතක් ලැබෙනව....!!
    ඒත් මම ඉපදුණ දවසෙ මගේ අම්මටයි තාත්තටයි එහෙම මම ගැන ලියපු පොතක් දුන්නෙ නෑනෙ... එයාල අම්ම - තාත්ත වෙන්න ඉගෙන ගත්තෙ මගෙන්. මට කැමති කෑම, හොඳනැති කෑම, හැදෙන ලෙඩ හැම එකක්ම වගේ දැන ගත්තෙ ඒ දේවල් වුණාට පස්සෙ.....
    ඒ නිසා කමක් නෑ.... ආයෙ මම මුකුත් කියන්නෙ නෑ...
    මොකද මටත් මගේ ළමය එක්ක ‘කැටලොග්“ එකක් ලැබෙන එකක් නෑ..
    එදාට මට දුක හිතෙයි....
    ---කුරුළු-

    ReplyDelete
    Replies
    1. /* අපි ෆෝන් එකක්, ටීවි එකක්, රේඩියෝ, එකක් මොනම හරි බඩුවක් ගන්නකොට පාවිච්චි කරන හැටි, හෝදන හැටි, අදාල සියලු විස්තර තියෙන පොතක් ලැබෙනව....!!
      ඒත් මම ඉපදුණ දවසෙ මගේ අම්මටයි තාත්තටයි එහෙම මම ගැන ලියපු පොතක් දුන්නෙ නෑනෙ. */

      අද දවසේ දැකපු හොඳම කතාව මේකයි!

      Delete
    2. @ කුරුළු නිස්කලංක ;
      සුපිරි එකේ සුපිරිය...
      +++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
    3. ඔබේ දිගු අදහස් දැක්වීමට ස්තුති කුරුළු ..හරිම පැහදිලි සිතුවිල්ලක්,,, ...

      /මොකද මටත් මගේ ළමය එක්ක ‘කැටලොග්“ එකක් ලැබෙන එකක් නෑ.//
      මෙය කොහේ හෝ කියවා තිබුණා මතකයි ඔබේ කොමෙන්ට් එකක වෙන්න ඇති .

      Delete
  23. "සිංහලයෙක් වෙලා ඉපදීම ගැන මං ගොඩක් සතුටු වෙනවා" ඇත්තටම අක්ක කරපු වැඩේ මම හිසනමා ආචාර කරනවා. ඩ්‍රයිව් කරන ගමන් හිතුවොත් වෙන්නේ ඔහෙන්ම මල් වඩමක් මෙහෙට DHL කරන්න තමයි. හික් හික් හික්

    ReplyDelete
    Replies
    1. එතන මං නෙමේ ඔයා හිටියත් ඒ ටික කරනවා කෝරලේ මල්ලි හි හි මං එහෙම ලිවේ විහිලුවට අනේ.. ඩ්‍රයිව් කරනගමන් හිතන්න කියලා

      Delete
  24. ඔමාත් මම වගේ සත්තව ලෝකයට ළෙන්ගතු කෙනෙක් වගේ.

    ReplyDelete
  25. ඇත්ත නංගි අපේ ජාතිය අපේ රට ඒ වගේ උසස් තත්වෙක තිබුනා. ඒත් ඒ ඉස්සර. දැන් අහන දකින දේවලුත් එක්ක……………………

    ඔයා දන්නවද නංගි තමන්ගෙම දුවව දූෂණය කරන තාත්තලා ඉන්න රටක් තමන්ගෙම පුතාව පුච්චලා දස වද දෙන අම්මලා ඉන්න (ඊයෙ නිවුස් වලට දැක්කෙ) රටක් දැන් මේක. ඒක ලොකු උන් පොඩි උන්ට සළකන විදිය. එතකොට පොඩි උන් මහ එකාලට සළකන විදි‍යත් දැන් ඔයිට දෙවනි නෑ. අවුරුදු අනූවෙ ආච්චිලාව පවා දූෂණය කරන, තමන්ගෙම අම්මා තාත්තා මරා දාන රටක් දැන් මේක.

    ඒත් මේක සි‍යල්ලන්ටම අදාල නෑ. සල්ලි මත්තෙම නහින තාක්ශණයත් සමග අතරමං වූ සියයට පනහක් කරන වැරදි වැඩ නිසා මුළු රටම එපා වෙනවා ඔමා.

    ඔයා අර බස් එකේ කතාව කියත්දි මතක් උනේ ඔමා පෞද්ගලිකවම මගේ පොඩි එකිත් එක්ක මගේ වයිෆ් අනන්තවත් බස් හෝල්ට් තුන හතර යන තුරු හිටන් ගිහින් තියෙනවා. බැරිම තැන කොන්දාට කිවුවමයි ඌත් සීට් එකක් ඉල්ලලා දෙන්නෙ. ඒ විතරක් නෙමේ මගේ අම්මා ආතරයිටිස් ලෙඩෙක් එයා ඇවිදින්නෙ අත්වාරුවකින්. එයත් එක්ක බස් වල යත්දිත් හොද හොද අත්දැකීම් ලැබිලා තියෙනවා අපේ මිනිස්සුන්ගෙ මනුස්ස කම ගැන.

    මන් අපේ මිනිස්සුන්ට දොස් කියන්නෑ. එක අතකට යුද්ධයක් තිබ්බ රටක මිනිස්සු කාලයක් යත්දි ගල් වගේ වෙනවා ඇති. අපේ මනුස්ස කම කැබතිගොල්ලෑවෙදි, හසලකදි, වටේම බෝම්බ පුපුරපු තැන්වල මැරෙන්න ඇති.

    මන් දකින ලොකුම වරද අපේ මිනිස්සු යුතුකම් තබා වගකීම් වත් හරියට ඉටු කරන්න දන්නෑ.

    මාත් කාලයක් ශ්‍රී ලංකාව ගැන අපේ මිනිස්සු කාලයක් අතිශය ආඩම්බර උන එකෙක් (ආඩම්බරකාර තාත්තා වගේ). ඒත් දැන් නම් මගේ රට ගැන විතරයි ආඩම්බර මිනිස්සු ගැන නම් තිත්ත වෙලා තියෙන්නෙ (ඇතමෙක් නිසා).

    කමෙන්ට් එක නොදැනුවත්වම ගොඩක් දිග් උනා. හිතේ දුකටමයි ලිය උනේ. වරදක් ලිය වෙලා නම් සමාවෙන්න නංගි.

    ReplyDelete
    Replies
    1. වරද්ද ගන්න එපා "මම අනිත් රටවල් හොදයි කියනවා නෙමේ." ඒ රටවල් එක්ක බලත්දි අපි තාමත් ඉදි‍රියෙන් ඉන්නවා ඒත් එහෙම කියලා අපිට 100% සතුටු වෙන්න බෑ නංගි. මොකද මෙ දැන් දැන් වෙන දේවල් එක්ක අපේ රට ගමන් කරන්නෙ ඒ රටවල දිශාවටමයි.

      ටික දවසක් ඉදන් උන දේවල් නිසා හිතේ කළකිරීමටමයි ලියවුනේ.

      වරදක් ලිය උනා නම් ආයෙත් පාරක් සමාව ඉල්ලනවා ඔමා.

      Delete
    2. හ්ම්ම්ම්ම්..මට තේරෙනවා අයියේ ඔයාගේ හැගීම.. දිගු නොවී කෙටියෙන් කොහොම කියන්නද ඔයාගේ අදහස ,,ආයේ කවදාවත් ඒ ගැන සදහන් කරන්න එපා.. කොමෙන්ට් ෆීල්ඩ් එක තියෙන්නේ අදහස් ලියන්නයි .//// අපේ මනුස්ස කම කැබතිගොල්ලෑවෙදි, හසලකදි, වටේම බෝම්බ පුපුරපු තැන්වල මැරෙන්න ඇති./// එහෙම වෙන්නත් ඇති අයියේ .. අපිත් දියුනුවටනේ ගමන් කරන්නේ අයියේ ඉතින් ඒ වගේ නොවී කොහොමද නේ ..

      Delete
    3. ඉස්කෝතුයි නංගි මගේ අදහස තේරුම් ගත්තට.
      ඇත්තටම මේ ටිකේ උන දේවල් නිසා අපේ මිනිස්සු නිසාම අපේ රට ගැන කළකිරිලා මම ඉන්නෙ.

      ඇත්තටම අපේ දියුණුවේ වේගය වැඩිකම තමා මේකට හේතුව. අපි අධ්‍යාත්මික දියුණුව පැත්තකට දාලා භෞතික දි‍යුණුව පස්සෙම පන්නනවා.

      මන් ආයෙත් කියනවා අනෙක් රටවලට සාපේක්ෂව අපි තාමත් යහපත් තත්වෙක ඉන්නවා. ඒත් මේ යන වේගෙට අපේ දරුවන්ගෙ අපේ දරුවන්ගෙත් දරුවන්ගෙ කාලෙ වෙත්දි අපේ රට කොහෙ තියෙයිද?????

      තත්වෙ එහෙම නම් මන් පතන්නෙ අපේ ආයුෂ ඒ තරම් දිග් නොවේවා කියලයි.

      ඒත් අපේ දරුවෝ වෙනුවෙන් වත් අපේ ඉතුරුවෙලා තියෙන මිනිස් කම වත් රැක ගන්න අපි උත්සහ කරමු.

      ඒත් ඒක සාර්තක වෙයිද????

      "සඳට සඳ එළියට…
      මලට මල් පොකුරට…
      කවියො කවි ලීවට…
      වෙනස් වේවිද මේ මිනිසුන්ගෙ සිත…"

      Delete
    4. //////මන් ආයෙත් කියනවා අනෙක් රටවලට සාපේක්ෂව අපි තාමත් යහපත් තත්වෙක ඉන්නවා. ඒත් මේ යන වේගෙට අපේ දරුවන්ගෙ අපේ දරුවන්ගෙත් දරුවන්ගෙ කාලෙ වෙත්දි අපේ රට කොහෙ තියෙයිද?????/////////මේ ගැන තමයි අයියේ හිතන්න ඕනේ... නැත්නම් තව ටික කාලෙකින් අපිත් දියුණුයි කියන පැත්තට ගියාම ඉබේම මේ රටවල් වගේ වෙයි ... ...

      වෙනස් වෙන්නේ නම් නැහැ අයියේ

      Delete
  26. ඉතා සංවේදී මෙන්ම හිතිය යුතු කතාවක්. බොහෝ දියුණු රටවල තත්වය ඔහොම තමයි. සමහර විට හේතුව සංවර්ධනයද නැත්නම් ඔවුන්ගේ සංස්කෘතික බලපෑම් ද? මෙසේ මිනිසුන් හැසිරීමට වැරදිකරු ගුරුවරයාද?

    ළමයින් ගැන කතාකළ ඔවුන්ගේ සංවර්ධනය සඳහා ක්‍රම සැකසු ඔබ ඉන්න රටේ ජාතිකයෙක් තමයි ආචාර්ය හයිම් ගිනොට් ඔහු ලියා ඇති මගේ හිතට වැදුණු කරුණක් සහ ඔහු කවුද කියා මම අද පලකරන ලද ලිපියේ විස්තර කරනවා. ඔක්කොම යාලුවනේ ඇවිත් බලන්න වැරදිකරු ගුරුවරයාද?

    ReplyDelete
    Replies
    1. ස්තුති අදහස් බෙදාගැනීමට සහ ඔබේ ලිපියේ ලින්ක් එක බෙදාගැනීම ගැන ,, මං කැමති එවැනි දේ කියවන්න ..

      Delete
    2. හයිම් කියන නමේ තේරුම 'ජීවිතය ' කියන එක .. සීයාගේ ලොකු පුතාගේ නම හයිම් :)

      Delete
    3. එම නමේ තේරුම කිවුවාට ස්තුතියි.

      Delete
  27. බස් එකේදී සීට් එක නොදී ඔය විදිහට අහක බලාගෙන යන අය කොතෙකුත් ඉන්නවා... සමහර වෙලාවට තමන්ගේ සීට් එක දුන්නට පස්සේ ඒ කෙනාට නැගිටලා ඉන්ඩ තැනකුත් නැති වෙන නිසා සීට් එක දෙන්නේ නැති පිරිසකුත් ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. සත්තු ගැන කියවන්න ආස නැතෙයි ? :D

      Delete
    2. ඇයි නැත්තේ.. ආසයි ආසයි..
      ඔක්කෝම අල්ලලා කමෙන්ට් කොටන්ඩ තමා වෙලාව නැත්තේ.

      Delete
    3. හි හි ඒ හින්ද නෙමේ මධුරංග මං ලියපු පරණ ඒවා තියෙනවා ..සත්තුන්ගේ ලෝකේ හරිම ලස්සන දේවල් තියෙනවා තැන්කුයි

      Delete
    4. ලින්ක් ටිකක් දුන්නා නං කියවන්ඩත් තිබුනා.... එක්කෝ ලේබල් එක කියන්ඩ.

      Delete
    5. දැන්නම් ලැජ්ජයි මධු ..මං කාටවත් එහෙම කොමෙන්ට් වල කියන්නේ නැහැ .නිකමට කියවුනේ අප්පා මගේ ලින්ක් එහෙම දීලා බලන්න කියන්නෙත් නැහැ :D (ලැජ්ජාවේ ඇඹරෙමින් ) හි හි

      සොබාදහමයි මමයි

      මේකේ යටම තියෙන පෝස්ට් එක මං ආසාවෙන් ලියපු එකක්

      Delete
  28. අක්කේ සිංහලය කියන්නේ කවුද කියන එක පිටස්තර කෙනෙක් ට පෙන්නල දෙන්න තිබ්බ එක අවස්ථාවක් ඔය නැති කරගෙන..ඉල් දවසේ ඔය සල්ලි දීල ගත්ත සිට් එක ඇයි දෙන්නේ ඇහුවොත් අපේ සිංහලයාගේ පරිත්‍යාගය මානුෂිය බව ගැන චුට්ටක් කියලා දීලම දෙන්න

    ReplyDelete
    Replies
    1. මං කීවා එයාලට මොකුත් නොකියන්න ඒත් ලිපියට ඇතුල් කලේ න්හ් මල්ලි

      Delete
  29. “Be the change you wish to see in the world.”

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් ... thanks පුබුදු

      Delete
  30. කතාවෙන් මහතු කරන මානුෂිය හැඟීම් අපි අතරේ තියනවා කියන කාරණයට සම්පුර්ණයෙන්ම එකඟයි. බුදු දහමෙන් පෝෂණය උණු සංස්කෘතියක් ඇති අපිට ඒක අරුමයක් නෙවේ වගේම ඒ උරුමය නැති අයට ඒක නැති වීම මහා ලොකු දේකුත් නෙවේ

    ReplyDelete
    Replies
    1. සම්පුර්ණයෙන් එකගයි යක්ෂයා එක්ක.. :D

      Delete
  31. මම හිතන්නේ අර ගෑනු කෙනා හරි.. (සාපේක්ෂව හා පස් මහ බැලුම් අනුව).. ඔතනදී හැමදේම සාපේෂයි. මිනිස්කමට වඩා වටින්නේ නීතිය හා අයිතියයි.. ඔය වගේ රට වල.. මං හරිද වැරදිද කියල විතරක් කිව්වනං ඇති..

    ReplyDelete
    Replies
    1. ////මේක මේ රටේ සාමන්‍ය දේ..ලංකාවේදී කෙනෙක් අහක බලාගත්තට හැමෝම එහෙම කරන්නේ නැහනේ .. අහකබලාගත්තත් හිත්වලින් හිතනවනේ මං නොදුන්නට වෙන කෙනෙක් දෙයි, ඒ වගේම ඒ මනුස්සයට ෂීට් එකක් අවශ්‍යයි කියන දේ.. ඒ වගේම ඉස්කෝලේ යන වයසේ හෝ තරුණ වයසේ කෙනෙක් නොදී ඉන්නේ නැහැනේ කොහොමත් .. නමුත් යුදෙවුවන්ගේ හිත්වල එහෙම පෙළඹීමක් නැහැ../// මේ කාකා තුමාට මං දැමු කොමෙන්ටුව

      . ඒ ගෑණු කෙනා හරි කියලා කියන්න තිබ්බා එයා මනුස්සයෙක් නෙමේ නම්
      ඔබේ ප්‍රශ්නයට උත්තරේ ඔබ හරි ,, ඒ වගේම ඔවුන්ගේ හිත්වල අන් අයට ගරුකිරීම ,සහ උදව් කිරීම කියන දෙක ඉතාම අඩුවෙන් තියෙන්නේ

      Delete
    2. අපි ඒ අයගෙන් එහෙනං අපට ඕන දේ බලාපොරොත්තු වීමේ ඵලය කිම??? මම කියන්නේ ඇති සැටියෙන් මිස වෙන දෙයක් නොවෙයි.. ඒක නේද ඇත්ත.. යුරෝපීය රට වලත් බහුතරයක් එහෙමයි..

      Delete
    3. නැහැ දේශක තුමණි ..අපි එසේ නොවෙන පිණිස සහ අපේ ජාතිය කවදාහෝ එසේ නොවෙන පිණිසයි හැමදේම ලියන්නේ ඒකයි බලාපොරොත්තුව ... ආදරය, බැදීම නැතුව ශරියකින් ඇති වැඩේ මොකක්ද ,,,

      මගේ ලෝකයේ සතුට යනු ඇතුල් මනුස්සයා සතුටින් පිරි සිටීමයි ...

      Delete
    4. ඒක වෙනම කතාවක් නෙව. අපිත් කැමති මිනිස් කමට තමා..

      Delete
    5. //අපි ඒ අයගෙන් එහෙනං අපට ඕන දේ බලාපොරොත්තු වීමේ ඵලය කිම???////පිළිතුර =නැහැ දේශක තුමණි ..අපි එසේ නොවෙන පිණිස සහ අපේ ජාතිය කවදාහෝ එසේ නොවෙන පිණිසයි

      මිනිස්කමට වඩා වටින්නේ නීතිය හා අයිතියයි.. ඔය වගේ රට වල.. මං හරිද වැරදිද = ආදරය, බැදීම නැතුව ශරියකින් ඇති වැඩේ මොකක්ද ,,, ම අදහස් කලේ නීති සහ අයිතිය කියන්නේ භෞතික දේවල් නිසයි :)

      Delete
  32. අපේ රටේ සමාජය තුළ පවතින මේ මනුස්සකම් ටිකෙන් ටික ගිලිහෙන කාලයක් මේ

    ReplyDelete
    Replies
    1. ඔව් දියුණුවේ පෙර මන් සලකුණු ;) ස්තුති කුමාරසිරි

      Delete
  33. මේ රටේ නම් හොද නරක කියන දෙජාතියම ඉන්නවා.....මෙහේ ජිවත් වෙන ලාංකිකයෝ බොහෝ දෙනෙක්ගේ නම් හදවත් නිර්වින්දනය වෙලා තියෙන්නේ සල්ලි කියන රේස් එක ඉහලින් දිනන්න තමා බලන්නේ.....(යුරෝ හොයන්න ඇවිත් ඌරෝ වෙන ලාංකික ප්‍රතිශතය දිනෙන් දින ඉහල යනවා ඕංංංං.........)

    ReplyDelete
    Replies
    1. //.(යුරෝ හොයන්න ඇවිත් ඌරෝ වෙන ලාංකික ප්‍රතිශතය දිනෙන් දින ඉහල යනවා ඕංංංං.........)/// හි හි

      Delete
  34. කිසිවක් නොකියමි(සියල්ල සඳහන්ව ඇත) පෝස්ටුවත්, ප්‍රතිචාරත් උපරිමෙන් ය.

    ReplyDelete
  35. අපේ රටේ මන්සුසකම් ගැන එක අතකින් ආඩම්බරයි අක්කෙ.ඒත් උඩ ප්‍රියා කිව්ව විදියට දවසින් දවස ඒ හොද ගති අපෙන් ඈත්වෙලා යනවා.ඒකෙ අවසාන ප්‍රථිපලේ අපේ රටත් ඔය වගේ තත්වෙකට පත්වෙන එක විතරයි,සමහර විට ඒ වෙනකොට අපේ රටේ ආර්ථිකේ එහෙම සෑහෙන්න දියුණු වෙන්න පුලුවන්.ආර්ථිකෙයි මනුස්සකමයි කියන්නෙ හරියට ප්‍රතිලෝම සමානුපාතිකයක් වගේ ආර්ථිකේ දියුණු වෙන්න වෙන්න මනුස්සකම පරිහානියට යනවා.අපි මනුස්සයෙක් වෙලා ඉපදුනු එකේ වටිනාකම තියෙන්නෙ අපිත් ඒ මනුස්සකම රැකගෙන ඒවා තවත් වැඩි දියුණු කරලා ඒවා අනාගත පරම්පරාවට කියලා දීලා මනුස්සකම දිගටම රැකගෙන ඉදිරියට යන එක.ඔය දියුණුයැයි කියන රටවල මනුස්සයෙක් මැරෙන්න ලං උනත් නිකමටවත් බලනවද?අඩුගානෙ පැනඩෝල් පෙත්තක්වත් දෙනවද?නෑ නේ.ඒ රටවල කොච්චර ගුණධර්ම පිරිහිලාද කියනවනම් තමන්ගෙ වැදූ අම්මත් එක්කත් නිදිවදින පුත්තු ඉන්නෙ.ඒ අතිං මගේ රට ගැන මට හරි ආඩම්බරයි.ඔයා ගැනත් සෑහෙන්න ආඩම්බරයි අක්කෙ....

    ReplyDelete
    Replies
    1. ඔය ටික තේරුම් ගන්නේ නැහැ මල්ලි ගොඩක් දෙනා ..අපේ රටට බයිනවා මිසක් ඉතුරුවෙලා තියෙන මනුස්සකම වත් රැකගන්න උත්සහ කරනවා කොච්චර හොදද ස්තුති දිර්ගව ඔයාගේ අදහස බෙදාගැනීම ගැන

      Delete
  36. බස් එහෙකදි සීට් එකක් දෙන එක හොඳ දෙයක්. ඒත් ලංකාවෙත් තත්වෙත් සුන්දර නෑ. සමහර දුර ගමන් යන බස් වලට ළමයි වඩාගෙන නගින අම්මලට සීට් දෙන්නෙ බොහොම අමාරුවෙන්, කොන්ද කෑ ගහල කෑ ගහල. සමහරවිට කොන්දත් නිකන් ඉන්නව ඔය අක්කරෙයිපත්තු වගේ බස් වලට රත්නපුර ඇහැලියගොඩ හරියෙන් ළමයි වඩන් අම්මල නැග්ගම. හේතුව කොළඹ වරු ගානක් පෝළිමේ ඉඳල අමාරුවෙන් සීට් එකක් දුක් විඳල ගන්න කෙනෙක්ගෙන් ආයි එක අරගන්න එක ඒ මනුස්සයගෙ පැත්තෙනුත් වෙන අසාධාරනයක් නිසා.

    ඕනවට වඩා තුරුල් කරන්, පොඩ්ඩ වැටුනම අතගාල, ඇඬුව ගමන් ඒක නවත්තන්න ඉල්ලන දේ දීල වැඩි හුරතලේට හදන ලංකාවෙ ළමයි ඉන්දියාවෙ ළමයි අති බහුතරය අවසානෙ බෙළහීන පෙන්දො. ලොකු උනාමත් පොඩ්ඩ ඇත්තන් මානසිකව සහ ශාරීරිකව වැටෙනව. ඒ නිසා අර අටම් කිව්ව වගේ පොඩි උන්ට ආදරේ පෙන්නන අතරෙ එයාලට තේරෙන්න දෙන්න ඕන ඇඬුමට වේදනවට ලැබෙන නොලැබෙන දේ. ඒ අයට ඉගෙන ගන්න දෙන්න ඕන තනියම නැගිටින හැටි.

    අපේ පොඩි පුතා වැටුනම අම්ම හරි වෙන කෙනෙක් හරි දැක්කොත් අඬනව, නැත්තන් සද්ද නැතුව පිහදාගෙන ආයි සෙල්ලම. මම ඉන්නව දැක්කොත් අඬන්නෙ නෑ. හේතුව අම්මල කොච්චර උනත් ටිකක් වැඩිය අඬනකොට වඩා ගන්න බව දන්න නිසා.

    ළමයි බුද්ධිමත් වෙන්නෙ, දැණුම අත්දැකීම් හොයාගෙන යන්නෙ, සමාජෙ ප්‍රශ්ණ ඉස්සරහ වැටෙන්නෙ නැතුව ඉන්නෙ පොඩි කාලෙ ඒ අයට දෙන සිවාධීන වීමේ පාඩම නිසා. ඕනවට වඩා තුරුල් කරන් ඒක කරන්න බෑ.

    අනික ළමයි ලොකුවෙලා අපිව බලාගනියි කියල හිතන් එක ආත්මාර්ථකමී හැඟීමක්. අපේ පවුලෙ සහෝදර සහෝදරියො හතරයි. දැන් අම්ම තාත්ත ලඟ ඉන්නෙ එක්කෙනයි. අනෙක් අය රට රටවල. අපේ දරුවො දෙන්නෙක් හදල අපි ඉතින් කොහෙ බලාපොරොත්තුවෙන්නෙද? ඒවට දැම්ම සැළසුම් කරල ලැහැස්තිවෙන්න ඕන. ඒකයි මගෙයි වයිෆ්ගෙයි තියරිය. නැතුව ළමයි කරේ නෑ කියල පස්සෙ ඒ යට දෙස් දෙන එක නෙමෙයි. ඒ දේ තේරුන් නොගන්න අය වයසට ගියාම දුක් විඳිනව. තව කට්ටියක් දරුවො ලඟ ඉන්න ගිහින් බේබි සිටින් කරනව වයසට ගිහිනුත්. අනික ඉස්සර අත්තම්මල දරුවොන්ගෙ සබ්බ සකල මනාවම කරේ නෑ, හේතුව අම්මලත් ගෙවල් වලම උන්න. ඉතින් ඒ අයට උනේ කවන්න නිදි කරන්න වගේ දේකදි උදව් වෙන්න විතරයි. ඒත් අද අම්මල තාත්තල ඔෆිස්, අත්තමල සීයල බැරි බැරි ගාතෙ බේබි සිටින්.

    ඇත්ත තිත්තයි, ඒත් කරන්න දෙයක් නෑ මුණ දෙනව හැර!

    ReplyDelete
    Replies
    1. ඉන්දික@ ස්තුතී කාලය වැය කරලා දිර්ගව කොමෙන්ට් එකකින් ඔයාගේ අදහස එකතු කිරීම ගැන.. හරිම කනගාටුයි ...මනුස්සකම අපි කොහෙන් ගෙනත් පපු ඇතුලේ දාගන්නද අයියේ.. තියෙන මනුස්සකම හොරු අරන් ගියා වගේ... මාත් දැකලා තියෙනවා අහක බලන් තමන්ගේ පාඩුවේ ඉදගෙන යන මිනිස්සු ඕනේ තරම්. ඒත් මෙච්චරටම ශෝචනීය බව නම් දන්නේ නැහැ.. එහෙනම් අපිත් දියුණු ජාතියක් වෙලාවත්ද ......
      දරුවෝ පුංචි කාලේ හැදීම ගැන ඔබේ අදහස ගැන කිසිවක් නොකියමි..

      Delete
  37. ලංකාවේ තරම් හැඩ ගැහිච්චි අපූරු සංස්කෘතියක් වෙන රටවල නෑ,. ප්‍රශ්නේ අපේ යට ඒකෙ අගයක් නැති එකයි.

    ReplyDelete
    Replies
    1. කතා කරලා වැඩක් නැහැ කීවට මට වෙන වැඩක් නැති නිසා පුළුවන් හැම වෙලේම මං ඒ ගැන කතා කරන්න හිතාගත්තා අයියේ මොන කරන්ටද වෙන ස්තුති

      Delete
  38. මේ විදියට පුංචි දරුවන්ව හදන එක සහ වැඩිහිටි දෙමාපියන්ට සලකන එක ගැන එකිනෙකාට විවිධ >>අදහස් තියෙන්න පුළුවන් .."එහෙම තමයි වෙන්න ඕනේ...ළමයි එහෙම හදන්න ඕනෙ ඕනේ දේකට ඔරෝත්තුදෙන්න", "අම්මා තාත්තා වෙනම ඉන්න තරමට හොදයි " වගේ විවිධාකාර විදියට.ඒ ගැන කිසිම දෙයක් නොලියමි.<<

    මෙන්න මේ කොටස නිසා, මම කියන්න ආපු දේ ගිලගත්තා. :)

    මෙන්න මේකෙන් ප්‍රයෝජනයක් වෙයි කියලා මම හිතනවා.

    62. ෂීට් එකක් එලාගෙන කශ්ටියටම ආතල් එකේ එක පොකුරට යං මෙයා!



    ReplyDelete
    Replies
    1. ගිහින් බැලුවා අයියේ නියමයි ඒ පෝස්ට් එක ..හිතාගන්න පුළුවන් අයියා කියන්න හදපු දේ ස්තුති ඔයාට

      Delete
  39. ලංකාවේ අනිත් මොන දේ පිරිහිලා කියලා කිවුවත් තාම අපේ මිනිස්සු ලග මනුස්සකම කියන දේ යාන්තමින් හරි තියෙනවා..

    ඔය වගේ උදාහරණයක් මටත් කියන්න පුළුවන්.. පහුගිය දවසක මම තැපල්කන්තෝරු ගිය වෙලේ සෙනඟ වැඩි හන්දා පැයක් විතර කට්ට කන්න වුනා.. ඔය අස්සේ මම දැක්කා පැන්ශන් ගන්න ආව වයසක මනුස්සයෙක්.. හීතල හන්දද වයස හන්දද මන්දා ඒ මනුස්සයා වෙවුලනවා.. වාඩ් වෙන්න තිබුන පුටු එකක් වත් හිස් නෑ.. ගෑණු සෙට් එකක් වට වෙලා කෝප්ප හෝදනවා.. මේ මනුස්සයා අමාරුවෙන් වට පිට බැළුවට ඉඩක් නම් හම්බුනේ නෑ.. බැරිම තැන බිත්තියකට හේත්තු වෙලා හිටියා.. මම හුඟක් වෙලාවට ඔහොම තැනකට ගියාම නිකමට වගේ මගේ නොම්බරේට නොම්බර 4-5 පස්සෙන් තව එකක් ගන්නවා.. ඒ හදිස්සියේ හරි මට එන්න වුනොත් ආයෙම එන්න පහසු වෙන්න.. මං මගේ වැඩේ කරන් ඒ මනුස්සයා ලගට ගිහින් මං ගාව තිබුන අනිත් නම්බරේ අතට දීලා එන්න ආවා.. මට කරන්න දේකට තිබ්බේ එච්චරයිනේ.. ගෑණු ටික ඕපේ නවත්තලා මං දිහා කන්න වගේ බලනවා දැක්කා..

    ReplyDelete
    Replies
    1. @දිනේෂ් ඔයාට එතකොට ලොකු සතුටක් දැනුණා නේද ? මට සමහර ඇයගේ කොමෙන්ට් වලින් ලංකාවේ අත්දැකීම් කියද්දී පුදුමයි ..ඒ මොකද මේ පිට ජාතියක උන් ගැන උණත් මනුස්සයෙක් විදියට මට උණුවීමක් ඇතිවෙනවා උදව් අවශ්‍ය කෙනෙක් දකිද්දී ..ඔය පෝස්ට් ඔෆිස් සිද්දිය වගේම මෙහෙ ක්ලිනික් එකෙත් එහෙමයි.. හිතාගන්න බැරිතරමට මිනිස්සු ආත්මාර්ථකාමී වෙලා .. ස්තුති අදහස් බෙදා ගන්න ආවට

      Delete
  40. ඒ ආඩම්බර සිංහල ජාතියේ එකම එක මනුස්සයෙක් වෙලා ඉපදෙන්න ලැබුණු එක ගැන මටත් ආඩම්බරයි..

    ReplyDelete
    Replies
    1. සතුටුයි උමේෂ් ,,හැමදාමත් ඔය සිතුවිල්ල ඔයා ලග තියාගන්න

      Delete
  41. ලංකාවේ ඇතුලෙ ඉදන් අපි කොච්චර මනුස්කම පිරිහිලා කියල කෑ ගහුවත්, ඉතිරි වෙලා තියෙන මනුස්සකම කොච්චර විශාලද කියල තේරුම්ගන්න පුළුවන්. අපි හිතන්න ඕන ඒක ආරක්ෂාකර ගන්න පුළුවන් විදියක් යාන්ත්‍රික මිනිසුන් නොවී...

    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. ඒකනේ විදානේ .. මේ දේවල් කෘතිමව ඔබ්බවන්න බැහැ අපෙන් ගිලිහිලා ගියාට පස්සේ ..

      Delete
  42. මනුස්සකම අපි උපතින් අරන් ආපු දෙයක් දැන් සමහරු අමතක් කරන්න හැදුවට .....

    ReplyDelete
    Replies
    1. ඔව් ඉවාන් .. හරි පුදුමයි සමහරු කොම්පැනි වල හදපු වුන් වගේ ජිවත් වෙද්දී

      Delete
  43. ඊශ්‍රාලය කළු සුදු බේදය දරුණුවටම තියෙන රටක් නොපෙන්නුවාට. ඔය මිනිස්සු පුදුම දුක්බර ජීවීත ගෙවන්නේ. ඔයා දන්නවද ඔවුන් ජීවත් වෙන්නේ ලේ විකුනලා.. ඒ ලේ තමන්ගේ ඇඟවල් වල දුවන බව නොදන්න එක සුදු යුදෙව්වන්ගේ කරුමේ..

    ReplyDelete
    Replies
    1. මේ දවස් වල පාර්ලිමේන්තුවේ ඒ ගැන විවාදේ පෙරේදා ටෙලවිව් වල තකනා එක (මධ්‍යම බස් නැවතුම් පොළ ) ලග ග්‍රවුන්ඩ් එකේ ලොකු උද්ඝෝෂණයක් තිබ්බා ... පාර්ලිමේන්තුවේ පවා කළු ජාතිකයින් කීප දෙනෙක් ඉන්නවා.. ඒත් රජය කැමති නැහැ එයාලට ස්ථිර පදිංචිය දෙන්න වත් .. සුදු යුදෙවුවන්ට ඉන්න ඉඩ මදි වෙයිලු තව ඉස්සරහට එයාලා බෝවෙන වේගෙත් වැඩි කියලා ඒ ගැනත් රජයට ලොකු ප්‍රශ්නයක් ඇතිවෙලා තියෙන්නේ..

      //ඊශ්‍රාලය කළු සුදු බේදය දරුණුවටම තියෙන රටක් නොපෙන්නුවාට. ඔය මිනිස්සු පුදුම දුක්බර ජීවීත ගෙවන්නේ.//මේක නම් ඇත්ත මං නිතර දකිනවා කුපත්හොලීම් වලදී

      Delete
  44. හනේ අප්පේ මට අමතක උනා නෙව.. ඔය මනුස්සකං නැති බව දන්න හින්දා තමා ඒ මනුස්සයා අපහසුතායක් නොවෙන්න දරුවව මල්ලේ දාගෙන ආවේ..

    ReplyDelete
    Replies
    1. හි හි .ඒ වුණාට ඒ ළමයා පව් අනේ වකුටුවෙලා ,නින්දත් ගිහින් බෙල්ල කඩාවැටෙනවා..මේ රටේදී ඔය දර්ශනේ දකින එක මට හරිම හිසරදයක් ..

      Delete


ලිපිය කියවා කොමෙන්ට් නොකලත් කමක් නැහැ.. කමෙන්ට් කලොත් සතුටුයි. ලිපිය කියවන්නේ නැතුව කොමෙන්ට් කරන්න එපා.
අපුර්වි_


,නිතරම යහපත කරන්න...,සතුට සැනසිල්ල හැමදාම ඔයාලග රැදේවි,,දෙවිපිහිටයි,

Related Posts Plugin for WordPress, Blogger...