Tuesday, February 25, 2014

ෆිල්ම් බලලා චිත්තරපටි හැදීම (Geri's Game )

මේ පුංචි ෆිල්ම් එක බලලම පෝස්ට් එක කියවන්න.   ෆිල්ම් එක  එකතුකලේ ඔයාලා නොබලපු චිත්‍රපටියක් ගැන මං ලියන විචාරයක් තේරුම් ගන්න  කාටවත්ම බැරි නිසා. 
     මේ ෆිල්ම් එකේ මුළු ධාවන කාළය විනාඩි හතර හමාරයි.
(ෆිල්ම් එක ඔබ නොබලා පෝස්ට් එක කියවන්න එපා ) මෙහි ඔබට දැනුනු දේ ටිකක් මෙනෙහි කරලා පෝස්ට් එක කියවන්න යනවනම් වඩා හොදයි යාළුවනේ.

---------------------------------------------------------------

මුලින්ම ෆිල්ම් එක  පටන්ගන්නේ මේසයක් උඩට වැටිලා තිබ්බ වියළි කොළ රොඩු ටිකක් කටින් පිඹලා අයින් කරන ශබ්දයක් එක්ක..ඊට පස්සේ මහළු අත්දෙකකින් චෙස් බෝඩ් එකක් තියනවා..එතන කටින් පිඹලා කොළ රොඩු අයින් කරන එකෙන් මං තේරුම්ගත්තේ වියළිලා ගිය කඩතොළු වෙච්ච ජීවිතයකට තාවකාලික සහනයක් දෙන්න දරන උත්සහයක් වගේ. ඊට පස්සේ චෙස් බෝර්ඩ් එක උඩට ඉත්තෝ ටික හලනවා ..

මුළු කතාව පුරාම චෙස් බෝර්ඩ් එක තියෙන නිසා කතාව එක පාරක් බලලා ඉවරවෙලා චෙස් ගැන දන්න යාලුවෙක්ගෙන් චෙස් ක්‍රීඩාවේ සරළ නීති ටිකක් සහ ඉත්තන් ගැන යම් අවබෝදයක් අරගෙන තමයි ආයෙම බැලුවේ...චෙස් බෝර්ඩ් එකක් උඩ වෙන්නේ යුද්දයක් ...රජ වරු  , නයිට් වරු,බිෂොප් ලා ,පෝන්ලා විදියට. ඒ නිසා මං හිතුවා චෙස් බෝර්ඩ් එක කියන්නේ මේ මනුස්සයගේ ජිවිතේ කියලා. චෙස් බෝර්ඩ් එකෙත් ගේම් එක යන්නේ "චෙක් මේට් " වෙනකල්.රජට අටෑක් කලාට පස්සේ එතනින් එහාට ක්‍රීඩාව ඉවරයි.අපේ ජීවිතෙත් මේ හැම අරගලයක්ම කරන්නේ අපේ අන්තිම හුස්ම ,අපේ පණ තියෙනකල්,, ජීවිතය වෙනුවෙන්...හරි ඊට පස්සේ මේ මනුස්සය හලපු ඉත්තෝ එකින් එක බෝර්ඩ් එකේ තියන්න පටන් ගන්නවා...මේ වෙනකලුත් අපි දන්නේ නැහැ මෙතන මොනවගේ තැනක්ද ? කීදෙනෙක් ඉන්නවද ? මේ කිසිම දෙයක් අපි දන්නේ නැහැ.ඉත්තෝ තියන අතරතුරදී කළුපාට නයිට්ව තියන අවස්ථාව (0.42 තත්පරය) විතරක් ඉතා සමීප රූපයකින් පෙන්නනවා මේ වගේ ...

Saturday, February 22, 2014

චිත්‍රපටියක් කියවා රසවිදිමු


ඔයාලට මතක ඇති ඉවසන සෙල්ලම කියලා ලිපියක් ලීවා මගේ රැකියාව නිසා ජීවිතේට එකතු කරගත්ත දෙයක් ගැන සහ රැකියාව නිසාම අමාරුවෙන් වෙනස් කරගත්ත මගේ ජිවිතේ සමහර පුරුදු ගැන . මීට අවුරුදු දෙක තුනකට කලින් මාව තුරුල් කරගෙනම මැරුණ ආචිචිට පස්සේ (මොරාන් එයාගේ නම) මං සති තුනක් වගේ කාළයක් අපූරු සීයා කෙනෙක් බලාගත්තා ඒ සීයා හමුදාවේ ඉංජිනේරු බලකායේ හිටපු කෙනෙක්. එයා කතා කලේ ගොඩක් අඩුවෙන්.
නිතරම කලේ ප්‍රංශ සහ ඉංග්‍රීසි චිත්‍රපටි බලපු එක. ඒ අතර කෙටි චිත්‍රපටි සහ දෙබස් අඩු චිත්‍රපටි වලට සීයා වැඩි කැමැත්තක් දැක්වුවා. ඊට පස්සේ එයා නිසාම මාත් ඒ වගේ චිත්‍රපටි බලන්න හුරුවුණා. පැය එකහමාරක් දෙකක් දිගු සහ සිය  ගණන් මිනිස්සු රඟපාන චිත්‍රපටි වගේම විනාඩි 5 කටත් වඩා අඩු කාලෙකින් නිමාකරන කෙටි චිත්‍රපටියකින් වුනත් ලොකු කතාවක් ප්‍රේක්ෂකයට නරඹන්න පුළුවන්.
 සීයත් එක්ක ගෙවපු ඒ අපූරු සති තුන ගැන වෙනම ලිපියක් මං ලියන්නම් ඔයාට පුදුම හිතෙයි ඒ වගේ මිනිස්සු මේ ලෝකේ ඉන්නවද කියලා. 

මං අදටත් දවස් දෙක තුනකට සැරයක් කෙටි චිත්‍රපටියක් බලනවා. මේ දක්වා ආසාවෙන්ම බලපු කෙටි චිත්‍රපටිය තමයි  1997  හොදම කෙටි ඇනිමේෂන් චිත්‍රපටිය විදියට ඇකඩමි සම්මානය දිනාගත්ත  
"Geri's Game".අධ්‍යක්ෂණය කලේ jan pinkava .

Wednesday, February 19, 2014

ඔමාගේ සස සහස් | bread mixy rice

                   ෴වටිනා සූප සාස්තර මාලාවේ 5 වැන්න෴

පරක්කු වෙලා නැගිටින ඉරිදා දවසක උදේට කන්න කෑමක් හදන හැටි කියන්න හිතුණා.  සමහර විට ගෙදර කන්න මොකුත් නැතිවෙන්න පුළුවන් ඒ වගේම චුන් පාන් කාරයොත් ඇවිත් ගිහින් ,කඩේකට යන්නත් කම්මැලි, කඩේට ගියත් කෑම ඉවර වෙලා .එහම වෙලාවක උදේට පවුලේ ඔක්කොටම කන්න පිරිමැසුම් දායක කෑමක් වේවි මේක..

දවසක් උදේක අපේ අම්මා මේ කෑම එක හැදුවේ කන්න මොකුත් නැතිම නිසා.පස්සේ අපි ඒකට රහ වැටුනට පස්සේ නිතර හදන් කෑවා 

අවශ්‍ය දේවල්:(4 දෙනෙක් සඳහා)
  • රෑ ගෙනත් ඉතුරුවෙච්ච පාන් බාගයක්.
  • රෑ උයලා ඉතුරුවෙච්ච බත් .
  • කැරට් අලයක්.
  • බටර් හෝ තෙල්
  • කෑලි මිරිස් 
  • බී ළුණු ලොකු ගෙඩියක් 
  • තක්කාලි ගෙඩියක් 
  • දිග අතට පලාගත්ත අමු මිරිස් කරල් 4ක් 
  • කරපිංචා කොළ දෙකක්. රම්පෙ කෑල්ලක්
  • හොදින් ගසා ගත් බිත්තර 2ක්.
  • ළුණු සහ ගම්මිරිස්.
පිළියෙළ කරගන්නා ආකාරය :

Sunday, February 16, 2014

පීනන කුරුල්ලා | kings of the Antarctica (Emperor Penguin)

හ්ම්ම්... තනියම වැලන්ටයිනුත් ගෙවලා දැම්මා ඒත් පහුගිය දවස් කීපය පුරාම නිදහසක් ලැබෙන හැමවෙලාවකම මං එයා ගැන කල්පනා කළා, තොරතුරු හෙවුවා.. පහුගිය සති 2ක් ' 3ක් තිස්සෙම මගේ හිත පුරාම පිනුම් ගැහුවේ එයා..මේ වෙද්දී එයාට හොරෙන් මං එයාගේ ගොඩක් විස්තර හොයාගෙන තියෙන්නේ ...ඒ තරම් ආදරණීය පිරිමි කෙනෙක්... ,වගකීමෙන් වැඩ කරන කෙනෙක් මං මීට කලින් දැකලා තිබුණේ නැහැ...

අද මං ලියන්නේ සැමන් මාළුවගෙන් පස්සේ මගේ හිත හොරා ගත්තු පෙන්ගුයින් කියන අපූරු සත්වයා  ගැන..එයාගේ ජිවිතේ හරිම කටුකයි. පුංචි කාලේ tv එකේ පෙන්ගුයින් ලා දැක්කම මං හිතුවේ උන් හිනාවෙලා හරිම සතුටින් ඉන්නේ කියලා..ඒත් පෙන්ගුයින් ගැන හොයන්න ගත්තට පස්සෙයි දැනගත්තේ   එයාගේ නැටුම් වලට එහායින් තියෙන  ජිවිතේ ගැන.


පෙන්ගුයින් පිළිබදව අධ්‍යනය කරන පර්යේෂකයන් සොයාගෙන ඇති ආකාරයට මේ වන විට ලෝකයේ පෙන්ගුයින් විශේෂ 20 කට ආසන්න ප්‍රමාණයක් ජිවත් වෙනවා. ඒ වගේම පෙන්ගුයින්ගේ ඉතිහාසය අවුරුදු මිලියන 55 ක් තරම් දුරට යනවා. පෘතුවියේ දක්ෂිණ අර්ධගෝලයේ වසර පුරාම හිමෙන් වැසුණු ඇන්ටාර්ක්ටිකාව තමයි පෙන්ගුයින්ගේ ප්‍රධාන නිජබිම. පෙන්ගුයින් අයිති වෙන්නේ කුරුළු ගණයට (CLASS AVES).

කළු සහ සුදු පාට ඝණ පිල් කළඹවල් දෙකක් ඔවුන්ගේ  ශරීරයේ තියෙනවා. ඒ වගේම පිල් කළඹ ඇතුලේ වාතය ස්ථර විදියට රදවාගැනීමේ හැකියාවක් තියෙන මේ සතුන්ට මුහුදේ කිමිදීමේදී ඒ වායු ස්ථරය තමන්ගේ වේගය වැඩිකරගන්න උපකාරී වෙනවා. ජලජ පරිසරයට දක්වපු අනුවර්තනයක් විදියට පෙන්ගුයින්ලාගේ තටු වරල් විදියට හැඩගැහිලා තියෙනවා. ඒ වගේම විනාඩි 2 -18 ත් අතර කාලයක් පෙන්ගුයින් කෙනෙක්ට වතුර යට ඉන්න පුළුවන් එක දිගට. (විශේෂයෙන් විශේෂයට කිමිදුම් කාලයන් ,කිමිදුම් ගැඹුර වෙනස් වෙනවා). ඒ වගේම මොවුන්ගේ විශේෂය  අනුව ශරීරයේ ප්‍රමාණය, ජීවත්වෙන ප්‍රදේශය ,ආයුකාළය වගේ දේවල් වෙනස් වෙනවා. නවසීලන්තය,දකුණුදිග ඔස්ට්‍රේලියාව ,දකුණු ඇමරිකාව සහ සමකයට ආසන්නව පිහිටලා තියෙන Galapagos දුපත් වලත් පෙන්ගුයින්ලා ජිවත් වෙනවා.

ප්‍රධාන පෙන්ගුයින් විශේෂ නවය  

                                             1.Emperor Penguin
                                            2.Adelie Penguin
                                            3. King Penguin
                                            4.Galapagos Penguin
                                             5.Humboldt Penguin
                                             6.Macaroni Penguin
                                             7.Little Blue Penguin
                                             8.Rockhopper Penguin
                                             9.African Penguin

Wednesday, February 12, 2014

දෙවියනි ඔබ කොහිද ? sometimes GOD must be busy



තවම වින්ටර් එක උනාට අද ශීතල නැහැ ,හොදට ඉර පායලා ඉතින් මං බෑන්ක් එකට යද්දී අත් කොට ටී ෂර්ට් එකක් ඇදන් ගියා.. වැඩේ කියන්නේ අනුන්ගේ දේවල් හොයන්නේ නැහැ කියලා මං හිතන් හිටපු මේ රටේ මිනිස්සු හැරී හැරි බැලුවනේ මං දිහා මාත් ඉතින් ඕනෙවට වඩා උවමනාවෙන් මුණු වලට එබිලා බැලුවා..පස්සේ බෑන්ක් එකට මෙහාදි අපේ ගෙවල් ලග කෙනෙක් ඇහුවා මොකද මේ කෝ ජැකට් ? ජැකට් එකක් නැද්ද ? කියලා.. ..අනේ මන්දා මිනිස්සු වින්ටර් එක කියලා පොදුවේ කියන නිසා හැමෝම බූට් සපත්තු දාලා ජැකට් ,ජර්සි ඇදගෙන යනවා  අද රශ්නේ දවසක් ඒත් අර විදියටම අඳින්න මිනිස්සු පුරුදුවෙලා....


මේ සිද්දිය නිකන් කීවේ. ගොඩක් දේවල් වලදී මිනිස්සු යම් යම් දේවල් වලට හුරුවෙලා... පුරුද්දක් විදියට කරගෙන යනවා..  ඒකෙන් චුට්ටක් එලියට ඇවිත් බලන්න හෝ හිතන්න කැමති නැහැ. මේක ගැන ලියන්න නෙමේ මං මේ වෙන එකක් ලියන්න පටන් ගත්තේ..පොඩිකාලේ කට්ටි පැනපු කතාවේ දෙවැනි කොටස ඒත් අද බැහැ.. වෙන මොනාහරි කොටාගෙන කොටාගෙන ගිහින් පබ්ලිෂ් කරනවා..


දෙවියනි... ඔබ කොහිද?
කුමට මැවුවාද වෙන වෙනම ඇස් ...
හැම කෙනාටම දෙක දෙක..
රටකට ජාතියකට දෙකක් මැවුවානම් .
හොදටම ඇතිය...
දෙවියනි කුමට දුන්නාද කන් ...
හැමෝටම දෙක දෙක වෙන වෙනම 
අසන්නට නමන පිණිස බොල් හුළඟට..
දෙවියනි කුමට දුන්නාද දිවක්...
හැමෙකාටම එක එක ...
දුෂ්ට වචන හසුරුවන්න ..
අහෝ දෙවියනි 
කුමට දුන්නාද ලොකුවට ඔළු ගෙඩියක් ...
පිටින් ඔප මට්ටම් කර ලොකුවට පුම්බපු....
කුමට මැවුවාද හමෙකාටම ..
වෙන වෙනම සිත්.....
තනිව සිතුවිල්ලක් නෙලාගන්න බැරි...
අහෝ නුඹ කුමට මැවුවාද මා ..
මේ ගොහොරු විල්ලුවේ ..........


හිමියනි ඔබ මැව් ලොව පුදුමයි ..
පහන ලගයි ආලෝකේ දුරයි ....

Thursday, February 6, 2014

Yashoda achived her dream with our support !!!

--------------------------------------------------------------------------------------
  අද මට ගොඩක් සතුටු දවසක් වුණා..01.21 වෙනිදා රෑ හිතට ඇතුල් වෙච්ච මහ බරකින් නිදහස් වුණා. 
අපි හැම කෙනාම දන්න යශෝධා ජයරත්න අපේ සහෝදරීට ඇගේ සැත්කම සඳහා අවශ්‍ය වෙලා තිබ්බ ලක්ෂ 45 ක මුළු මුදල අද දවස වෙද්දී සම්පුර්ණ කරගන්න පුළුවන් වුණා. මට වගේම ඔයාලා හැමෝටමත් සතුටු ඇති.

ඇයටත් හුස්ම ගන්න ඉඩදෙන්න  කියමින් 2013.03.27 මුලින්ම බ්ලොග් හරහා ඇය ගැන අපව දැනුවත් කරමින් යශෝධා වෙනුවෙන් පළමු බ්ලොග් සටහන තබපු හර්ෂණ අධිකාරි මල්ලිට ඇය ස්තූතිවන්ත වුණා. 
HOPE YASHODA

ඒ වගේම ඉහත විජේට්ටුවට තමන්ගේ බ්ලොග් එකේ තැනක් වෙන් කරමින් ඇයට සහය දක්වන්න එකතුවෙච්ච බ්ලොග් අවකාශයේ සියළු දෙනාට යශෝධා ස්තුතිවන්ත වුණා. 

අපේ සතුට ඈට කොයිද  2013.03.28 වෙනිදා සෑම් අයියා යශෝධා වෙනුවෙන් ඇගේ රෝගීතත්වය ,පවුලේ විස්තර සහ ඇගේ අවශ්‍යතාව ගැන විස්තර ඇතුලත් කර දෙවැනි බ්ලොග් සටහනත් තැබුවා. ඒ වෙනුවෙන් යශෝධාගේ ස්තූතිය.

Tuesday, February 4, 2014

සිරීපාදේ ජෝඩු බලලා අත කඩා ගත්තෙමි.


ශානු අක්කගෙ පෝස්ට් එක කියෝලා මටත් ආස හිතුණා ඉස්කෝලේ කාලේ මතකයක් ලියන්න.ඉස්කෝලේ 8,9 වසරවල වගේ වෙච්ච දෙයක් මේක..මං ඉස්කෝලේ යන්න ආසම නෑ ඔය කාලේ. උසස් පෙළ වෙද්දීමං ඉස්කෝල පහකට ගිහින් තිබුණා. ඒ වගේම අවුරුද්දක් ඉස්කෝලේ ගියේ නැහැ කියලත් ඔයාලා දන්නවනේ . 8 පංතියට මං අලුතෙන් ඇතුල් වුණ ඉස්කෝලේ අම්මගේ ගමේ තිබ්බ මහා විද්‍යාලේ . ඔන්න ඔය කාලේ තමයි ආසාවෙන්ම ඉස්කෝලේ ගිය කාලේ. අහල පහළ ගෙවල් වලයි මාමගේ ළමයි දෙන්නයිත් ගියේ ඒ ඉස්කෝලෙට. 

හ්ම්ම්, දැන් කියන්නම්කො කතාව. අපි හැමදාම එකට ඉස්කෝලේ යන සෙට් එකේ  හිටියා 6 දෙනෙක් මං තමයි ලොකුම. පයින් යන්නේ අපි. හරියටම පැයක් යනවා යන්න, එද්දී පැය එකහමාරක් විතර යනවා.එක එක ගස් වල නැග නැග ගෙඩි ජාති කාකා මග නැවතිලා කතා කර කරත්නේ එන්නේ එද්දී..රුපියලේ අයිස් 3,4ක් කනවා එක්කෙනෙක්. ගොරක ගස් දිගේ නගිනවා.දම් ගස් වල එල්ලී එල්ලී ගෙඩි කනවා . පොල් මද (අපි කීවේ පැල පිහි කියලා) කන්න හිතුන දවසට පොල් මැස්ස තියෙන පාරෙන් එනවා. එතනත් පැය කාලක් බාගයක් ඒ මිනිස්සු වැඩ කරන ඒවා බලන් ඉන්නවා .

,නිතරම යහපත කරන්න...,සතුට සැනසිල්ල හැමදාම ඔයාලග රැදේවි,,දෙවිපිහිටයි,

Related Posts Plugin for WordPress, Blogger...