Tuesday, February 4, 2014

සිරීපාදේ ජෝඩු බලලා අත කඩා ගත්තෙමි.


ශානු අක්කගෙ පෝස්ට් එක කියෝලා මටත් ආස හිතුණා ඉස්කෝලේ කාලේ මතකයක් ලියන්න.ඉස්කෝලේ 8,9 වසරවල වගේ වෙච්ච දෙයක් මේක..මං ඉස්කෝලේ යන්න ආසම නෑ ඔය කාලේ. උසස් පෙළ වෙද්දීමං ඉස්කෝල පහකට ගිහින් තිබුණා. ඒ වගේම අවුරුද්දක් ඉස්කෝලේ ගියේ නැහැ කියලත් ඔයාලා දන්නවනේ . 8 පංතියට මං අලුතෙන් ඇතුල් වුණ ඉස්කෝලේ අම්මගේ ගමේ තිබ්බ මහා විද්‍යාලේ . ඔන්න ඔය කාලේ තමයි ආසාවෙන්ම ඉස්කෝලේ ගිය කාලේ. අහල පහළ ගෙවල් වලයි මාමගේ ළමයි දෙන්නයිත් ගියේ ඒ ඉස්කෝලෙට. 

හ්ම්ම්, දැන් කියන්නම්කො කතාව. අපි හැමදාම එකට ඉස්කෝලේ යන සෙට් එකේ  හිටියා 6 දෙනෙක් මං තමයි ලොකුම. පයින් යන්නේ අපි. හරියටම පැයක් යනවා යන්න, එද්දී පැය එකහමාරක් විතර යනවා.එක එක ගස් වල නැග නැග ගෙඩි ජාති කාකා මග නැවතිලා කතා කර කරත්නේ එන්නේ එද්දී..රුපියලේ අයිස් 3,4ක් කනවා එක්කෙනෙක්. ගොරක ගස් දිගේ නගිනවා.දම් ගස් වල එල්ලී එල්ලී ගෙඩි කනවා . පොල් මද (අපි කීවේ පැල පිහි කියලා) කන්න හිතුන දවසට පොල් මැස්ස තියෙන පාරෙන් එනවා. එතනත් පැය කාලක් බාගයක් ඒ මිනිස්සු වැඩ කරන ඒවා බලන් ඉන්නවා .
අපි 6 දෙනාට  වැටිච්ච නම් තිබුණා...ඒ වගේම රහස් භාෂාවක් හදාගෙන තිබුණා. ඒවා මෙහෙමයි පිළිවෙලින් ,ලැජ්ජයි අප්පා කියද්දීත් අපේ කවුරුත් මේවා කියවන්නේ නැති නිසා ලියන්නම්කො 

සමීර (6 වසරේ ) වැල් ජෝන් වැලා කියලා කීවේ; 
ගයාන් (8 වසරේ ) ගයියා ,ගොන්ටා කියලා එයාට කීවේ..
ධම්මිකා (7 වසරේ ) බඹර බතල,බිත්තරේ  
ඊළගට ඉසුරි ජම්පරේ (6 වසරේ)
ඊළගට සුගත් (7 වසරේ ) චැලිය .ඒත් වැඩිපුර කීවේ ගොබ්බස් කියලා ගොබ්බයා කියලා.
අන්තිමට අපුරී (8 වසරේ) . මට කීවේ මරුසි.තව එකක් තියෙනවා ඒකනම් කියන්න බැහැ කීවොත් ඉවානුයි සසිඳුවයි අද ඉදන් කියන්න පටන් ගන්නවා ඕක.


අපේ ගෙවල් ඔක්කොම එක ලග ,,ඉස්කෝලේ ගිහින් ඇවිත් කාලා ඉවරවෙලා ආයේ හවස් වෙනකල් බෝල් ගහනවා.. ගොයම් කපපු කාලෙට වෙලේ ,අනිත් කාලෙට ආච්චි අම්මලගේ වත්තේ..මේ වෙද්දී මං හිටියේ අම්මා ලග තාත්තා නැහැ ඒ නිසා මං මහා නිදහසක් හම්බුණා වගේ හිටියේ වෙලේ නටනවා කිසි ගානක් නැහැ අම්මා කෑගහුවට ඇහෙනෙත් නැහැ.
කලිසම් ගන්න දෙයක් නැහැ තුත්තිරි පිරිලා. අන්තිමට එයා කෝට්ටක් අරන් ගහන්න එලවද්දී නම් දුවනවා බයට.අපේ අම්මා ගහන්නේ පේර කෝට්ටෙන් අම්මෝ ඒකෙ සැර..බඹර බතලේට බයින්න කවුරුත් නැහැ.ආච්චි එක්ක ඉන්නේ අම්මා රට තාත්තා වැඩට ගිහින් එන්නේ මහ රෑ.අපේ අම්මා කෑගහලා ගෙදර එලෝනකල් අපි එක්ක ඉන්නවා ,චැලිය (සුගත්) නම් අනේ කිසිම පණක් නැහැ බෝල් ගහද්දි අපි කවුරුත් එයාව අපේ පැත්තට ගන්න කැමති නැහැ.අන්තිමට තේරිලා තේරිලා ඉතුරු වුණාම පාඩු පැත්තට දෙනවා. ඔන්න ගොබ්බය උබලට කියලා .

අපි සතියට දවසක් ඉස්කෝලේ යන්නේ නැතුව පොඩි ගමනක් යනවා. ඒ තමයි අපේ ආච්චිගේ නංගිගේ ගෙදර .ඒක ගොඩක් ලොකු ගෙයක් වලවුවක් නෙමේ ඒත් ඒ වගේ පල 4 ට හදපු පරණ ගෙයක් , එයාට ළමයි නැහැ සීයා කච්චේරියේ වැඩ කලේ ඒ නිසා දවල්ට ගෙදර නැහැ. ඒ නිසා ආච්චි අපි එනවට හරිම ආසයි.එයාලගේ වත්ත පුරාම පලතුරු ගස් ජම්ඹු , පේර, සැපතිල්ලා,කටු අනෝදා,ජම්බෝල,බිලින්,නාරං,අඹ,කාබරන්කා.   ඔය හැමදෙයක්ම තියෙනවා.

මේ ගමනට ගොඩක්ම ගන්නේ සිකුරාදා සාහිත්‍ය සමිති තියෙන දවස. බෑග් එකේ කොට කලිසමකුත් දාගෙන තමයි එදාට එන්නේ.ඒ වගේම අමතර කෑමක්. අපි මේ ගමනට කියන්නේ සිරීපාදේ යනවා කියලා. ඉතින් අපි කලින් දවසේ ඉස්කෝලේ ගිහින් එද්දී ගමන ප්ලෑන් කරගෙන තමයි ගෙවල් වලට යන්නේ ..අපිත් එක්කම තව නරක වැඩ වලට සම්බන්ධ නැති පොතේම එබීගෙන ඉන්න සෙට් එකකුත් ඉන්නවා ඔය වෙලාවල් වලට කතා කරද්දී අපේ රහස් භාෂාව පාවිච්චි කරනවා අපි. 

"හෙට සිරිපාදේ යද්දී මල් ගේන්නේ කවුද අහනව මං" මල් කියන්නේ අඹ අච්චාරුවක් හරි අන්නාසි අච්චාරුවක් හරි මොනවා හරි අච්චාරුවක් දාන්න පලතුරක්  "මතක් කරලා හදුන්කූරු ගෙනෙල්ලා" (අමතර කලිසම් කොටයක්) , "ඉදිකටු පානේදී එකා එකා යන්"... ඉදිකටු පාන කියන්නේ ඉස්කෝලේ යන පාරෙන් හැරිලා ආච්චිලගේ ගෙදරට හැරෙන තැනට. හොර පුසෝ වගේ තමයි එතනින් හැරෙන්නේ අපි කවුරුත් නැතිවෙනකල් ඉදලා. 

ඉතින් අපි එහෙ ගියාම ආච්චිට හරිම සතුටුයි, තේ හදලා දෙනවා ,කන්න මොනාහරිත් එක්ක. ඊට පස්සේ යුනිෆෝර්ම් ගලෝලා අපි කලිසම් ඇදගෙන මං හිතන්නේ මමයි බඹර බතලෙයි යට බැනියම ඇදගෙන ඉන්නවා. ආච්චි ළමයි නැති නිසා අපිට ගොඩක් සැලකුවා ,ඒ වගේම කාටවත් අද වෙනකල් කියල නැහැ අපි හොරෙන් එහෙ ගිය බව. එයාට වයස හතලිස් ගානක් වගේ සීයට වඩා ගොඩක් බාලයි එයා.

එහෙ කරපු සෙල්ලම් අතර සීයාගේ කාඩ් පැක් එකෙන් ජෝඩු බලන එක ,බුරූ ගහන එක තමයි නියම. කොස් කොළ ඔට්ටුවට අපි වාසි බලන එක කළා ..ජුස් බලනවා කියන එක කළා ,, ගොබ්බස් එහෙම දන්නේ නැහැ කොච්චර කියාදුන්නත් ඒත් අපි රණ්ඩු වේවී කළා. 

ඔය සිරිපාදේ ගමන ගිහින් අන්තිමට වම් අත මැණික් කටුවට උඩින් කැඩුනා. ලිපිය දිගු වෙන නිසා තව කොටසකින් ලියන්නම්.. 




වෙලාවක් තිබුණොත් ඔයත් කියවන්න .
-------------------------------------------------------

ප/ලි  අපි කවුරුත් ශිෂ්‍යත්වෙන් පස්සේ ටියුෂන් ගියේ නැහැ 10 වසරට එනකල් ඒ නිසා මුළු දවසම තිබ්බා සෙල්ලම් කරන්න .  නියමයි 

112 comments:

  1. හ්ම්ම්ම්ම්....
    කියන්න ගොඩක් හිතෙනවා ....
    එක්කො නොකියම ඉන්නම්...
    මේවා කවුරුත් ම නොකියන දේවල්නේ....
    සුන්දර මතක තමා මේවා.....

    ReplyDelete
    Replies
    1. කියන්න අනේ ඕනේ දෙයක් කිසි අවුලක් නැහැ

      Delete
    2. අන්තිම වචනෙ memory. මුල කන්ජි දෙක මතක නැතෝ!!! (kireina ද මන්දා!)

      Delete
    3. Elegant දිලිනි (ෂෝයි මතක) kathangana වෙන්න ඕනේ

      @නලින් はい私はそれを決して忘れないことができます

      Delete
    4. ඔන්න අපූරියේ අපිට දැන් කෙන්ජිට වැඩිය හොදට ජපන් පුළුවන් නේ..

      Delete
    5. හි හි හ්ම්ම් හ්ම්ම්

      Delete
    6. ගූගල් දෙයියගේ පිහිටෙන්

      Delete
  2. ඔයාට කිව්වේ බතලි කියල නේද

    ReplyDelete
    Replies
    1. හප්පට සිරි ඒකද මරුසි දෙවනි නම??? :-o

      Delete
    2. අටමගෙ අන්වර්ත නාම පෝස්ට් එක කියෙව්වනම් කට්ටියගෙම නම් සෙට් එක බලාගන්න තිබ්බ ප්‍රියෝ :D

      Delete
    3. නැහැ අනේ බතලි නෙමේ :( වෙන එකක්

      Delete
    4. සසිඳු අනේ අප්පේ කට කට බන් .. :(

      Delete
    5. බොරු කියන්න එපා ඒක තමා :D

      Delete
    6. මං සසිඳු වා fb එකේ නැති වෙලාවක් බලලා මේක පෝස්ට් කලේ ,,අනේ අප්පේ වෙච්ච දේ .. ඒක නෙමේ :(

      Delete
    7. මන් නැති වෙලාවක්? එහෙම වෙලාවල් තියනවද? :D

      Delete
    8. මූ නැති වෙලාවක්?? :-o පිස්සු හැදෙයි මේ මනුස්සයා නිදියන්නෙත් ඔන්ලයින්. හි… හි… නේද සසිඳු?

      Delete
    9. ආයිත් අහල ;) හැබැයි ඉතින් නින්දගියාට පස්සෙනම් ඔෆ්ලයින් වෙනව :D

      Delete
    10. හෆෝ මල්ලි ගමකන්වනේ ඉදගෙන :( :)

      Delete
    11. කොකාට වාරයක් ආවනම් තිත්තයටත් වාරයක් එයි නේ

      Delete
    12. මන් මේ ඕක ගැන තමා දැන් හෙනට හිත හිත ඉන්නෙ මට තිත්තයො ගොඩක් ඉන්නවා :D

      Delete
    13. ඔව් ඔව් කොකා ෆොටෝ දැකලා තියේ මං කොකා වගේ ;)

      Delete
  3. යකෝ මුන්ව මරන්න එපායෑ කරන වැඩ වලට.... :ඩී

    ReplyDelete
    Replies
    1. හි හි අම්මා දිමිගොටු දාලා ගැහුවා දවසක්

      Delete
  4. සෙල්ලම් නෑ ඔමාත් කොරලා තියෙන වැඩ. හි…
    හෙඩිම දැක්ක ගමන් මම හිතුවෙ ඇත්‍තටම ශ්‍රීපාදෙ යත්දි ජෝඩු බලලද කියලා.

    අර ආච්චි තාම ඉන්නවද? අර දෙවනි නමත් දැම්මානම් තමා වටින්නේ. ඉවාන්ව‍යි සසිඳුවයි ශේප් පාරක් දාන්න තිබ්බා.

    අපි නම් නමෝ විත්තියෙන් ඉස්කෝලෙට කට් එක දැම්මෙ A/L කරන කාලෙ. ඒකත් පරම පවිත්‍ර භයන්කර කුපාඩි වැඩකට. හික්… හික්…

    හැබැයි අපිට කවදාවත් කාඩ් ගැසීමට පාසල් කට් කිරීමේ අවශ්‍යතාවයක් උනේ නෑ. මොකෝ අපේ උන් පැක් එක ඉස්කෝලෙටම ගෙනත් ඕමි ගැහුවා. (කරුමෙ කියන්නෙ ඉස්කෝලෙන් අයින් වෙනකනුත් මට ඕමි ඉගෙන ගන්න නොලැබීමය. කොච්චර ඉගෙන ගත්තත් වැඩක් වූයේ නැත.)

    ඇත්තටම පාසල් මතක් කොයි තරම් මිහිරීද????

    ReplyDelete
    Replies
    1. දෙවෙනි නම හැලප මාම දාලනෙ බන් :D

      Delete
    2. ඒක තමා බං. මන් මේක කොට කොට ඉත්දි හැලප අයියා ඇවිල්ලා බතලිගෙ නම දාලා ගිහින්. :-D

      Delete
    3. ඒ උනාට දිගටම මරුසි කියන නමම කියමු බන් පව්නෙ බතලි කිව්වම ;)

      Delete
    4. මං ඒ ලෙවල් කාලේ නම් සතුටින් හිටියේ කට්ටි පැන්නේ නැහැ ඉගෙනගන්න හිතුණා 10 වසරට එනකල් තමයි සේරම කලේ විකාර

      @සසිඳු අනේ වදින්නම් නිදාගන්න මල්ලි දැන් රෑ වෙලා

      Delete
    5. දාමු සසිඳු පහක් !!

      දැන් මරුසි ආවොත් අපි දෙන්නට දුවන්න වෙන්නෙ.

      Delete
    6. @ප්‍රියා පහට දහයක්ම දාමු :D

      @මරුසි තාම රෑ වෙලා නෑ අක්කෙ අපිට 8.55යි :D

      Delete
    7. මොනා කියන්නේ ඈ .. ප්‍රියා අයියේ ඔයත් මේ පතෝලයා එක්ක එකතු උනාද අන්න නම අන්න නම මතක් උනා

      Delete
    8. අඩෝ මරුසි බතලි මට නම් හදන් එන්න එපා හරිය :P

      Delete
    9. හූ හූ මොකෝ මේ ,,,

      Delete
    10. අඩෝ සද්ද දැම්මොත් අරක පුරසිද්ද කරනව ඈ :P

      Delete
    11. දැන් ඉතින් කීවානම් හොදා කියලා හිතෙනවා ඉදගෙන ඔව්

      Delete
  5. හලි සෝයි. එක හුස්මට කියවගෙන ගියා. අයියූ බතල මරුසි!!

    ReplyDelete
    Replies
    1. දැන් වගේ ඒ කාලෙත් මරුසි දාල ඇති එකනෙ මරුසි කියන්න ඇත්තෙ :D

      Delete
    2. බස්සි ,, හෆෝ බස්සියේ මරු යාළුවො ඈ මෙයාලත් ,, හි හි තැන්කු

      Delete
  6. එල එල ඉතුරු ටිකත් ඉක්මනට ලියන්ඩෝ...අර නම කිව්වෙ නැති උනාට මට හොදට මතකයි, කියන්නදෝ.... :D

    ReplyDelete
    Replies
    1. අපෝ හොද නැහැ ඔයා :( ඒ නම නෙමේ වෙන එකක් ඒක කිවොත් වසන්න වෙන්නේ නැහැ

      Delete
    2. මන් හොයල බලන්නම්කො ඒ පැත්තෙ කොල්ලෙක්ට කියලා....හූ ඈ :P

      Delete
    3. අඩෝ දැන් මතක් උනේ බන් ඒ නම...එදා කිව්වෙ...අ** නේද? :D

      Delete
    4. අපි කොල්ලන්ව නම් අදුරන්නේ නැහැ :) කට කට අම්මෝ ඇති දැන්

      Delete
    5. හූ හූ අ** කිව්ව ගමන් බය ‍උනානෙ :D

      Delete
    6. අපෝ ඉලග කොටසේ නම ලියන්නම් සසින්දුවෝ

      Delete
  7. හෙඩින් එක බලපුහාම මටත් හිතුනේ එහෙම තමා, බලමුකෝ ඊලග කැල්ලෙන්,
    හොද හොද සෙල්ලම් එළිවෙන ජාමෙට කියනවනේ.

    ReplyDelete
    Replies
    1. ඊලග කෑල්ල තවත් සසවත් කීවලු ඉදගෙන

      Delete
  8. මම හිතුවේ රජා වගේ ඇත්තටම සිරිපාදේ වඳින්න ගිය කියල. එහෙම නොගිය උනත් නරකම නෑ ගිහිල්ල තියෙන ගමන. කොහොම උනත් ඔය වගේ මතක සටහන් දැන් කාලේ ළමයින්ට නැති වේගෙන යන්නේ. එන්ජිම ස්ටාර්ට් කරලා ඔහේ විභාග වන්දනාව කරනවා මිසක් මේ වගේ සුන්දර දේවල් කිසි දෙයක් ඔවුන්ට ළමා කාලේදී ලැබෙන්නේ නෑ. අපේ වාසනාව තමා.

    ReplyDelete
    Replies
    1. ඔව් ෂෙහාන් අපේ සෙට් එකෙන් පස්සේ අපේ පැත්තේ ළමයි ඉස්කෝලේ ගියෙත් ස්කුල් වෑන් වල ත්‍රි විල් වල,, ඒ වගේම ක්ලාස් .. පව් එයාලා අපි විදපු දේවල් කොච්චර සුන්දරද

      Delete
    2. //අපේ සෙට් එකෙන් පස්සේ අපේ පැත්තේ ළමයි ඉස්කෝලේ ගියෙ___//
      ඔයාලගෙන් පස්සෙ සෙට් එකට ආපු කාලෙ, ඔයාට වඩා අවුරුදූ කීපයක් වැඩිමල් මට ආවා මං ඉස්කෝලෙ ගියපු කාලෙ... මේ සිදුවීමෙ තියෙන අවුල මගේ මේ කමෙන්ට් එක බලන හැමෝම වටහා ගනීවි කියලා මං හිතනවා. සමහර රටවලට සාපේක්ෂව බැලුවම ඒ රටවල් වල ප්‍රාන්ත වලටත් වඩා අපේ රට පුංචියි. ඒත් මේ හුන්ඩුව ඇතුලෙ සමාජීයවත් . දේශපාලනිකවත් දේවල් බෙදී යාමේ ලොකු වෙනසක් තියෙන බව මේකෙන් පේනවා. ගොඩක් අය නොහිතුවට මේ අත්දැකීම ගොඩක් අයගේ ජීවිත වල ඇති. (දෙපැත්තටම හෝ පැති කීපෙකින්ම..)

      Delete
    3. මට තේරෙනවා අයියේ ///සමහර රටවලට සාපේක්ෂව බැලුවම ඒ රටවල් වල ප්‍රාන්ත වලටත් වඩා අපේ රට පුංචියි. ඒත් මේ හුන්ඩුව ඇතුලෙ සමාජීයවත් . දේශපාලනිකවත් දේවල් බෙදී යාමේ ලොකු වෙනසක් තියෙන බව මේකෙන් පේනවා.///// ඒක ඇත්ත ..

      Delete
  9. මමනම් හිතන්නේ කුණකටුවා ගේ ගෑනු සතා 'කුනකටුවී' කියලා තමයි කියන්න ඇත්තේ. එච්චරම දරුණු නිසා.

    ReplyDelete
    Replies
    1. විචාරක තුමණි ඉක්මනට අර ආයුධ පාඩම ලියන්න .. අහිංසක දරුවන්ට නම් හදන්නේ නැතුව ඉදගෙන :)

      Delete
  10. අල්ලන සෙල්ලම්.. හැන්ගි මුත්තන් එහෙම කොලේ නැතෙයි.. අපි නම් ඉතින් කුඩා අවදියේ සිට හොඳ කැටයම් කරුවෝ.. (දැන් කියයිද දන්නේ නෑ මෙන්ටල් පොරවල් කියලා... හැබයි ඇත්ත ඒකයි.. බොරු නම් හැලපෙගෙන් අහන්නකෝ ඉඳගෙන...)

    ReplyDelete
    Replies
    1. ඔච්චර කට්ටි පැනපු එකේ හැංගිමුත්තමුත් කරන්න ඇති. එහෙම නොකළනං අරු ගොබ්බයම තමා මාතලන්. ඔය වයසේ ඕව නොකරන්නේ කවුද අනේ...

      Delete
    2. මාතලන් @ අෆෝ මේ කටවල් . අපි හොරා පොලිස් කලේ . දී කිරට බළල්ලුත් සාක්කි කිවලු ඉදගෙන

      Delete
    3. @නලියා ඇන්ඩ් මාතේ

      අරුව මෙයා මෙතන මෙහෙම ගොබ්බයා කරාට ඇත්තටම කොහොම පොරක්ද කියලා කවුද බං දන්නේ .

      අප්පච්චියේ ඒ කාලේ කොරපුවානං මතක් කොරන්ඩ එපා

      Delete
    4. ඔයා විතරයි මෙතන අඩුවෙලා තිබ්බේ අටන් *** , මිනිඔලුවා හි හි

      Delete
  11. සිරී පාදේ ගමන හරිම ශෝක් මරුසි.. හි,, හි,,

    ReplyDelete
    Replies
    1. තුෂ් @ අනේ අනේ මෙයත් මට නම් කියනවා ,,අම්මට අහු කලලා දෙනවා .ඉන්නවකෝ

      Delete
    2. අයියෝ.. ආපහු කියන්නේ නැතෝ... අම්මට අහු කලලා දෙන්න එපෝ....

      Delete
    3. ඒනම් අහුකලන්නේ නැහැ අර නලින් ගොයියවයි සසිදු වයි නම් අල්ලලා දෙනවා කුණු ටැට්ටරේට

      Delete
  12. 1 මරුසි
    2 බතලි
    3 කුණකට්ටි....
    ඔය තියෙන්නේ නං ටික සසිඳුවෝ

    ඒ වුණාට ලිපියනං රහයි අපූරියේ..

    ReplyDelete
    Replies
    1. ඔව් ඉතින් මෙතන මාව කෑවනේ ලිපිය රහ දැනෙන්න ඇති ඉදගෙන :(
      හි හි තැන්කූ..

      Delete
    2. ඔතනට තව කීයක් කියල ඇඩ් වෙන්න තියනවද නලීන් අයියේ :D

      Delete
  13. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. අපේ ළමා කාලෙ සුන්දරයි කියලා කියන්න පුලුවං ඒ' ඒ කෙනා ලබපු අත්දැකීම් තමංගෙම ඇතුලට ග්‍රහනය කරගෙන තියෙන විදිහ සහ නැවත ඒ දිහා හැරිලා බලන විදිහ අනුවයි. මට මේ වගේ කාලයක් නොතිබුනු එක ගැන ලිපිය බලද්දි ලොකු අඩුවක් වගේ දැනුනා.
      >
      මේ වගේ රසවත් ලිපි කොටස් වශයෙන් ලිවීම සම්පූර්ණයෙන්ම හෙලා හෙලා හෙලාම දකිමි.

      Delete
    2. ඔව් ඔයා කියන එක හරි අපේ සමවයසේ හිටිය සමහරු සෙල්ලමට අවේ නැහැ අපි වගේ කට්ටි පාන්නේ නැහැ , ඒත් අන්තිමට ඒ අයගෙන් වැඩිදෙනෙක් අධ්‍යාපනයෙන් ඉස්සරහට ගියේ නැහැ , ඒත් අපේ 6 දෙනාගෙන් බබර බතලේ ඇරුනම අනිත් 4 දෙනාම හොදට ඉගෙනගත්තා ,ඉතුරු කොටසේ ඒ ගැන ලියන්න .

      දිග වැඩිවෙන නිසා එහෙම කලේ අයියේ ,,

      Delete
  14. " මරුසි " හෙහ්, ඒක මරු නම අෆ්ෆා.. අපූර්වි කියනවට වැඩිය ඒක හොදයි වගේ..

    ReplyDelete
  15. එල පොඩි කාලෙට අයේ යන්න පුළුවන් ක්‍රමයක් තිබුණා නම් ඔක්කොමලා යයි පොලිමේ ,ඒ තරම් සුන්දරයි ,අයේ කතා දෙකක් නෑ ..බ්ලොගියත් වෙනස් කරලා නේ .... :D

    ReplyDelete
    Replies
    1. සුන්දර තැන් වලට වඩා අසුන්දර තැන් වැඩි මගේ ලමාකාලේ ,ඒ නිසා මන් ආයේ යන්න අස නැහැ , ඒ වගේම මල්ලියෝ ඒ කලී පුළුවන් උපරිම සෙල්ලම් කළා සතුටින් ඉන්න ට්‍රයි කළා. ඒ නිසා ඉස්සරහ ගැන හිතනවා මිසක් අතීතය යන්න හිතක් නැහැ ..

      බ්ලොග් එක මෙහෙම හොදද මල්ලි.. මට හිතුන සරළ කරන්න

      Delete
  16. මෙහෙම එකියෙක් තමා මම බැරල් එක කිව්වයි කියල තරහ උනේ.. හැක්..

    ReplyDelete
    Replies
    1. මරුසි කියාන් එතකොට පිට් :D

      Delete
    2. මොනා කියන්නේ ඉදගෙන :/ ඒ බෝලුවට අනේ තලහා උනේ

      Delete
  17. පුන්චි කාලේ වැඩ ත් අපූරුයි

    ReplyDelete
    Replies
    1. තැන්කු ප්‍රසාද් අයියේ

      Delete
  18. හෙහ් හෙහ්.. මං ඉස්සරෝම හිතුවෙ ඇත්තටම සිරීපාදෙ නගින්න ඇති කියල බැලින්නං මේ හිච්චි එකී කාලෙ කොරපු මගඩියක් ගැනනෙ කියල තීන්නෙ
    දැං මක්ක කොරත් මතක් කර කර හිනා වෙන්න තීන්නෙ ඕ කාලෙ විතරයි නැද්ද අක්ක

    ReplyDelete
    Replies
    1. එහෙම තමයි නංගිව පෙන්නලා අක්කා දෙන්නේ .. ඔව් මල්ලි මොනාද ආයේ කතා thanks මල්ලි

      Delete
  19. "ගොරක ගස් දිගේ නගිනවා"
    මරුසි, ඉදුන ගොරක ගෙඩි ඈතුලට ලුනු කෑටයක් දාල කෝටුවකින් ගොරක මද එක්ක blend කරලා බීල තියනවද?

    ReplyDelete
    Replies
    1. ඔව් වෙල අයිනේ තියෙනවා , අපේ වත්තේ තියෙන්නේ ලොකු ගස් , ඊට වඩා ලේසි ඉස්කෝලේ ඇරිලා එන පාරේ තියෙනවා කහපාට ගොරකා එන සංය ගස් ,, ඒවල අපි නැගලා ගැහෙ ඉදන්ම කනවා .. අම්මෝ අපිත් ඔහොම තමයි කාවේ ,උඩ තියෙන අර බොත්තම වගේ කොටස කඩලා දාලා එතනින් පින්සලා වගේ කරගත්ත කුරුදු කෝට්ට දාලා ලුණු ,මිරිස් දාලා කනවා ,, ස්ස්ස්ස් රස .................

      Delete
  20. හෆොයි මෙයාව ආශ්‍රය කරොත් අපිත් නරක වෙනවා

    ReplyDelete
    Replies
    1. හි හි අර බැලේටර් බලන්න මැලේසියා එනවා කියපු එකයි මේකයි දෙකම එකට සෙට් උනා නෙහ්

      Delete
  21. සිරීපාදේ යනවිට ජෝඩු කරන දේවල් දැකලා වැටිලා අත කැඩුන කියලා මම හිතුවේ. අපුරු අත්දැකීම්

    ReplyDelete
    Replies
    1. හි හි ඒවා ට්‍රික්ස් මකසි,, කෝ අනේ ඔයා මෙච්චර කල් කොහේ හිටියේ වහන් වෙලා ,, බිසී වෙන්න ඇති මයේ හිතේ

      Delete
  22. ඒ නම මොකක්ද කියලා දැනගන්න වරින් වර ආවා නම් හරි මම හිතන්නේ. හැබැයි මේකෙන් වෙන්නේ පාඨකයෝ ඊට වඩා upset නම් හිතාගන්න එකයි යෝජනා කරන එකයි.

    ReplyDelete
    Replies
    1. හෙන්රි අයියා කපටීම නැහැ නේද ..දැන් නම් මටත් හිතෙනවා කියල දැම්මනම හොදයි කියලා ,, ඒක මහ කැට එකක් අනේ පොඩි කාලේ කියන

      Delete
  23. *බතල මරුසිගේ හීන* කියලා මේව්වා එකේ නමත් වෙනස් කළානම් හරි..
    මොනව උනත් සුන්දර ලමා කාලෙක රසබර අද්දැකීම්.. ආයෙත් ඒ කාලෙට ගියා වගේ...

    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. විදානේ ; ඇත්තද කියනකල් හිටියේ වෙනස් කරන්න ,,, thanks විදානේ

      Delete
  24. බැලින්නන් මේක වෙනම සිරිපාද ගමනක්නේ.. ඒ දවස්වල මතක තමා ජීවිත කාලේ පුරාම තියෙන්නේ.
    ඉතුරු ටිකත් ඉක්මනින්ම ලියන්න.

    මේ ටෙම්ප්ලේට් එක මරු.. සැහැල්ලුයි. ඉක්මනින්ම ලෝඩ් වෙනවත්තෙක්ක..

    ReplyDelete
    Replies
    1. හි හි ඔයත් සැව්ටුනා නේද මධු ... thanks මං ඊයේ රෑ මේක මාරු කලේ ,, ලැප් වලින් එන අයට වගේම පරණ මොනිටර් තියෙන අයටත් එක සමානව පහසු වෙන්න නිසා මේ වගේ සරළ එකකට ගියේ .

      Delete
    2. //ලැප් වලින් එන අයට වගේම පරණ මොනිටර් තියෙන අයටත් එක සමානව පහසු වෙන්න නිසා මේ වගේ සරළ එකකට ගියේ

      අපි ඉතිං පරණ මොනිටරේ නේ.. අපි ගැන්ත් හිතුවට ස්තූතියි !!! :)

      Delete
  25. මදැයි අත කඩාගත්ත එක ගැන බලන්න ආව. ඒක ටුබී කොන්ටිනුවඩ් කරලනෙ. දැං ඉඳහංකො ඊගාව එකත් දානකං ඉඳගෙන.

    හැක්, නියම වැඩ ගොඩක්නෙ කරල තියෙන්නෙ ඉස්කෝලෙ කාලෙ.

    ReplyDelete
    Replies
    1. Praසන්ன @ හැක් ආසවෙන් එන්න ඇති ජෝඩු බලන්න ඉදගෙන හි හි .. දැන් නම් ඔන් අහිංසකයි මං

      Delete
  26. මමත් ආසම කරන ගමනක් තමයි සිරීපාදෙ ගමන්..මේ අවුරුද්දෙත් යන්න ඕනෙ..මේකනම් වෙනම ගමනක් වගේ හි හි

    ReplyDelete
    Replies
    1. මං එක පාරක් ගියා. ආයේ යන එක ගැන නම් හිතන්නේ නැහැ යා යා මේක වෙනම ගමනක්

      Delete
  27. හායි මිස් අපූර්වී ඔමායා.............







    එතකොට අ.......කියලා කිව්වේ කාටද? ඔයාට කුනකට්ටි කිව්වේ ඇයි...? මමනම් කවදාවත් ඔයාට බතලි කියලා නෑ ..නේද? මං අහන්නේ ඔයා වගේ ගෙම්බියෙකුට ඔහොම කියන්න වටිනවද ඔය යක්කුන්ට....


    මේ ඒ කාලේ රුපියලේ අයිස් එකක් කීයද කෙනී ...?

    ReplyDelete
    Replies
    1. @ඉවාන් ,
      ආආආආආආආඅහ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ
      ඔව් ඔව් ඔව් ඔව් ,, ;( ;(

      රුපියලේ අයිස් දෙකක් රුපියලයි ඒ කාලේ :(

      Delete
  28. යාලුවන්ගෙ නම් සෙට් එකට වඩා ලස්සන නමක් මෙයාට තිබ්බලු..

    මම ඒක දන්නෙ නැහැලු..

    සුන්දර මතකයන්... අස්සෙ ඒ නම හැංගුවලු..

    ReplyDelete
    Replies
    1. සෑම් @ හ්ම්ම් යා යා යා

      Delete
  29. අපො උබල මහ නරක ලමයි නේ.අපිනම් ඔහොම නැ ඉස්සර.හොරාට වැවරයක් කැඩුවොත් මිස.

    ReplyDelete
    Replies
    1. අපි හොරෙන් වැවර කඩුවේ නැහැ ,ආච්චි අමගේ වත්ත පහළ ගස් වලින් වට්ටගෙන බීවා මිසක් ;)

      Delete
  30. මදැයි සිරිපාදේ යන්න ආවා. පොඩි කමටද කරලා තියෙන වැඩ?

    ReplyDelete
    Replies
    1. හු හු ඔයා ආවේ ජෝඩු බලන්න නේද

      Delete
  31. ඈ බන් නගේ උඹලා හෙන වැඩ්ඩොනේ 6යේ ඉන්නකොට.......... මම නම් ඔය කාලේ පිටසක්වල ජීවින්ගේ ඉස්කෝලේ ඇට්ටර නහරේ කප්පාදු කොරන්.....
    ;D

    ReplyDelete
    Replies
    1. හිහි ඔව් ඔව් අක්කන්දිගේ වැඩ අපි නොදනන්වයි

      Delete
  32. මරුසි...නරකම නෑ නම...

    මන් හිතුවේ ඇත්තටම සිරිපාදේ ගිහින් කියලා..අම්මපා මුනුත් කරලා තියන වැඩ..:) ඉතින් ඉස්කෝලෙට අහු උනේ එහෙම නැද්ද?

    ReplyDelete
    Replies
    1. සයුරි @හි හි නැහැ කවුරුත් කවදාවත් දැනගත්තේ නැහැ. මගේ අත කැඩුනයින් පස්සේ නැවතුනා

      Delete


ලිපිය කියවා කොමෙන්ට් නොකලත් කමක් නැහැ.. කමෙන්ට් කලොත් සතුටුයි. ලිපිය කියවන්නේ නැතුව කොමෙන්ට් කරන්න එපා.
අපුර්වි_


,නිතරම යහපත කරන්න...,සතුට සැනසිල්ල හැමදාම ඔයාලග රැදේවි,,දෙවිපිහිටයි,

Related Posts Plugin for WordPress, Blogger...