Saturday, February 22, 2014

චිත්‍රපටියක් කියවා රසවිදිමු


ඔයාලට මතක ඇති ඉවසන සෙල්ලම කියලා ලිපියක් ලීවා මගේ රැකියාව නිසා ජීවිතේට එකතු කරගත්ත දෙයක් ගැන සහ රැකියාව නිසාම අමාරුවෙන් වෙනස් කරගත්ත මගේ ජිවිතේ සමහර පුරුදු ගැන . මීට අවුරුදු දෙක තුනකට කලින් මාව තුරුල් කරගෙනම මැරුණ ආචිචිට පස්සේ (මොරාන් එයාගේ නම) මං සති තුනක් වගේ කාළයක් අපූරු සීයා කෙනෙක් බලාගත්තා ඒ සීයා හමුදාවේ ඉංජිනේරු බලකායේ හිටපු කෙනෙක්. එයා කතා කලේ ගොඩක් අඩුවෙන්.
නිතරම කලේ ප්‍රංශ සහ ඉංග්‍රීසි චිත්‍රපටි බලපු එක. ඒ අතර කෙටි චිත්‍රපටි සහ දෙබස් අඩු චිත්‍රපටි වලට සීයා වැඩි කැමැත්තක් දැක්වුවා. ඊට පස්සේ එයා නිසාම මාත් ඒ වගේ චිත්‍රපටි බලන්න හුරුවුණා. පැය එකහමාරක් දෙකක් දිගු සහ සිය  ගණන් මිනිස්සු රඟපාන චිත්‍රපටි වගේම විනාඩි 5 කටත් වඩා අඩු කාලෙකින් නිමාකරන කෙටි චිත්‍රපටියකින් වුනත් ලොකු කතාවක් ප්‍රේක්ෂකයට නරඹන්න පුළුවන්.
 සීයත් එක්ක ගෙවපු ඒ අපූරු සති තුන ගැන වෙනම ලිපියක් මං ලියන්නම් ඔයාට පුදුම හිතෙයි ඒ වගේ මිනිස්සු මේ ලෝකේ ඉන්නවද කියලා. 

මං අදටත් දවස් දෙක තුනකට සැරයක් කෙටි චිත්‍රපටියක් බලනවා. මේ දක්වා ආසාවෙන්ම බලපු කෙටි චිත්‍රපටිය තමයි  1997  හොදම කෙටි ඇනිමේෂන් චිත්‍රපටිය විදියට ඇකඩමි සම්මානය දිනාගත්ත  
"Geri's Game".අධ්‍යක්ෂණය කලේ jan pinkava .

මේ වීඩියෝ එක විනාඩි පහක කාළයක් තියෙන්නේ. නිදහස්ව  චිත්‍රපටිය බලන්න. ඒ වගේම  මේ චිත්‍රපටිය බලලා කියෝගත්ත කතාව කොමෙන්ට් එකක් විදියට දාන්න. මං කෙටි චිත්‍රපටියක් කිපසැරයක් බලනවා සාමාන්‍යයෙන්. ඉතින් එවැනි චිත්‍රපටි බලලා තමන්ම කියෝගන්න එකේ අමුතු රසයක් තියෙනවා, මේක ගොඩක් හිතට දැනිච්ච කතාවක්.ඒ නිසා ඔයාලා එක්කත් ඒ අත්දැකීම බෙදාගන්න සහ කෙටි චිත්‍රපටි රසවිදින අනිත් අයගේ අදහසුත් දැනගන්න ආස හිතුණා.  තව දවස් දෙකකින් පස්සේ මං චිත්‍රපටිය බලලා කියෝගත්ත කතාව ලියන්නම්.


Geri's Game (1997) from Masha i Medved on Vimeo.

-----------------------------------------------------------------------------------------------
සැයු : මේ චිත්‍රපටියේ විවිධ වීඩියෝ යුටුබ් එකේ තියෙනවා ඕනෙනම් ඒවත් නරඹන්න පුළුවන්, සමහරවිට පසුබිම් සංගීතය වෙනස්  , ධාවන වේගය අඩු හෝ වැඩි වීඩියෝ පවා තියෙන්න පුළුවන්, නමුත් මේ වීඩියෝව තමයි සම්මානය ලැබිච්ච කෙටි චිත්‍රපටය.ඒ වගේම විවිධ විචාර අන්තර්ජාලය තුල තියෙන්නත් පුළුවන්.

124 comments:

  1. ගෙදර ඉන්න සීයත් මේ වගේද......?

    ReplyDelete
    Replies
    1. එයා ගොඩක් උසමහත කෙනෙක් ,,

      Delete
  2. දෙසරයක්ම නැරඹුව ...
    ඒ වුනාට මෙතන ලියන්න තරම් හොද අදහසක් දැනට ආවෙ නැහැ මෙවෙලේ මගේ මනස ටිකක් අවුල්....
    නැවත පසුව නරඹා අදහස ලියන්නං ..

    ReplyDelete
    Replies
    1. ආ ඔයාගේ මනස හොඳට තියෙන වෙලාවලුත් තියෙනවද ....? :D

      Delete
    2. අඩියක් ගහල බැලුවනම් අදහස් ගලා එයි :D

      Delete
    3. හි හි මනස ඉබේ අවුල් වෙන්නේ නැහැ තමන් විහින් අවුල් කරගන්නවා මිසක් :/

      මේ සගයෝ කියන පිළිවෙලක් කරලවත් බලලා ලියන්නකෝ

      Delete
    4. ඕකට තියනව බේතක් ... කැමට පෙර අමුවෙන් 75 ml පාවිච්චි කිරීම සුදුසුයි..අත්දුටුවයි...

      පත්තර‍යා දවස් 4 කින් ලංකාවට එනවා නිවාඩුවකට.. ඕනැ උං ඉන්නවනං අත් උස්සපල්ලා : D .. !!
      ( ඉවාන් පවුලූශා ගේ පිලිතුරු භාර නොගැනේ.. හැක් )

      Delete
    5. මාත් තව දවස් 16 කින් ලංකාවේ මල්ලි ,,

      Delete
    6. එල නේ ,,, ගෑනියි මමයි කෑමකට වාර්තා කරනවා..!! : D

      Delete
    7. නියමයි මල්ලි,කි දවසක් ලංකාවේ ඉන්නවද ..මන් නම් දවස් 36 ක්

      Delete
    8. මං ඉන්නවා හරියටම මාසයක් අක්කෙ.. මෙනු එක දෙන්ඩද ??? : D

      Delete
    9. හි හි චීන කෑම විතරයි හොදේ ,, විහිළු නෙමේ බඩ්ඩක් කියන්න තියෙනවා මට මේල් එකක් එවන්වකෝ

      Delete
    10. හාහ් පත්තරයා වර බලන්න ලංකාවට.....උඹ එනකන් තමයි මාත් බලන් ඉන්නේ....? මං කලාකිරිඤයක් හොයාගෙන තියෙන්නේ......අම්මප ලෙලි ගහනවා ආයේ දෙකක් නෑ

      Delete
    11. අයියා දරුණු වෙලානෙ සෑහෙන්ඩ !! එදා වේල හොයාගන්න අහිංසකයින්ට ගහන සිරිතක් තියනවද බොල.. ඕනමනං මල් මාලයක් දාල පිලිගනිං කටුනායකට ඇවිත්..:D

      Delete
    12. පත්තරේ කටුනායකින් ඇවිත් දේචදෝහියෙක් නොවී දේච්පේමියෙක් වගේ මත්තලින් වර. :-D

      Delete
    13. ප්‍රියෝ මහාචාර්ය තුමාගේ ලිපි කියෝලා ලෙඩේ බෝ කරගත්තා නේද බොලත්

      Delete
    14. එනකොට මට ඊශ්‍රායලයේ හදපු පිස්තෝලයක් අර එන්න හොදේ.

      Delete
    15. මම නම් අප්‍රියල් 11 ඇවිල්ල 15 ව යනවා...

      Delete
    16. @ ඔමා ~ නැතුව නැතුව. අපිත් දේචපේමී ජනතාව. හරිය? හි… :-D

      Delete
    17. ප්‍රියා මචං
      හිටපං මං මටම කියල A380 ගත්ත කාලෙක මත්තලින් බහින්න .. !!
      කොහෙද මේ අනුංගෙ පයිලට්ලා උන්ට ඕන තැන්වලින්නෙ ලෑන්ඩ් කරන්නෙ !!

      Delete
    18. අම්මට සිලි සේරමලා එනවා ලංකාවට එහෙනං. කෙන්ජත් එනවා එහෙනං... වර වර දෙතුන් දෙනාම...සාදරයෙන් පිළිගන්නවා.

      Delete
    19. විචාරක තුමාට පිස්තෝලයයි , පත්තර මාමට අරවයින් එකයි

      Delete
    20. පත්තර මල්ලිට සෙල්ලං කාර් එකයි !!

      Delete
  3. හුදෙකලා මිනිස්සුන්ගේ ජීවිතත් හරි අපූරුයි නේද කියලා හිතුනා.. ඔවුන් ඔවුන්ගෙම විශ්මිත ලෝක වල තනිවෙලා.. එක අතකට ඒක යතාර්ථයට වැඩියත් හොදයි..

    ReplyDelete
    Replies
    1. ඔව්,අපිට ඒක හුදෙකලා ලෝක කියල පෙනුණට ඔවුන්ගේ යතාර්ථය තමයි ඒක

      Delete
  4. ඕනම කෙනෙක් තුල චරිත කීපයක් ජීවත් වෙනවා.. ඒ කුමන චරිතයකින්වත්, සමාජයට, රටට, අයහපතක් කරන්නේ නැතුව ආතල් එකේ ජීවත් වෙන මිනිහා හැමදාම දිණුම්..

    අපූරූ කෙටි චිත්‍රපට එකතුවක් තියෙන බ්ලොග් අඩවියකුත් තියෙනවා.. ඒක මේ පහළ ලින්ක් එකෙන් බලන්න..
    http://short-film-world.blogspot.com/
    ඉස්සර හෝල් වල ෆිල්ම් බලන්න ගියාම, අනිවාර්යයෙන් කෙටි චිත්‍රපටයකුත් පෙන්නනවා.. සමහර ඒවා සෝ එකට වඩා ලස්සනයි.. ඉස්සර නම් ලංකාවෙත් සම්මාන ලබපු කෙටි චිත්‍රපට හැදුවා.. දැන් හදන්නේ රජ කතානේ..

    රාජා භවතු ධම්මි කෝ....

    ReplyDelete
    Replies
    1. දැනුත් ෆිල්ම් බලන්න ගියාම හතර වටේම කෙටි චිත්‍රපට තියෙනවා..... :)

      Delete
    2. කෙටි කිව්වට කෙටිමත් නෑ නේද ඉවාන් අයියෙ :D

      Delete
    3. ඒවා නොමිලේ පෙන්වන කෙටි නොවන කෙටි චිත්‍රපට. ;-)

      Delete
    4. එතකොට උඹලා යන්නේ තිරේ තියෙන සෝ එක බලන්නද.. වටේ තියෙන සෝ බලන්නද.. මහ වල් කොල්ලෝ..

      Delete
    5. ඒක් මෙහෙමනෙ. තිරේ දිහා බලන් ඉදලා බෙල්ල රිදෙත්දි අපිට වට පිට බලන්නතියෙන මානව අයිති වාසිකමත් උල්ලංඝනය කරලනෙ තියෙන්නෙ.

      බෙල්ල හරවන පොඩි වෙලාවෙත් කෙටි චිත්‍රපට බලෙන්ම පෙන්නනවා. ;-)

      Delete
    6. නැත්තේ නෑ මාතලන් දැනුත් හොඳ කෙටි චිත්‍රපට හැදෙනවා ඒවාට නිසි ඇගයීමක් ප්‍රචාරණයක් නෑ එකයි හේතුව. ඊට වඩා මීඩියා කවරේජ් දෙන්නේ නයිට් රේස් වලට
      මේ මම බලපු හොඳ කෙටි චිත්‍රපටි කීපයක්. සමහරවිට මාතේ මේවා බලලා ඇති. මට නම් හොඳයි කියලා හිතෙනවා .

      ශෝධක

      නිශ්ශබ්ධ වන්න

      කෙටි චිත්‍රපටියක් නොවුනත් මේ සිදුවත් බලන්න නියම රූප රචනය
      කළු මොණරු

      මෙතනදී වෙලා තියෙන්නේ මේ කෙටි චිත්‍රපට හදන නිර්මාණ කරුවෝ බොහොමයක් තරුණ ආධුනික නමුත් දක්ෂ පුද්ගලයන් ඔවුන්ට මේ නිර්මාණ කරන්න වෙලා තියෙන්නේ සීමිත මුදලකින්,පිරිමහගෙන . ඒ නිසා හොඳ මට්ටමේ නළු නිළියන්ට වියදම් කරන්න හැකියාවක් මොවුන්ට නෑ , ආධුනික නළු නිලියන් රඟපාන නිසාම මේ හැම එකකම වාගේ රංගනයේ බොහොම අඩුපාඩු තියෙනවා.
      නමුත් ශෝධක කියන කෙටි ච්ත්‍රපටිය ඒ සියලු අභියෝග ජයගෙන ඇති බවක් පෙනෙනවා

      Delete
    7. ස්තුති මාතලන් සිංහල ඒවා මං කීපයයි බලලා තියෙන්නේ ,ලින්ක් එක බුක් මාර්ක් කරගත්තා. දැන් ලෝකේ ආපස්සට නේ කැරකෙන්නේ ඒකයි රජකතා හදන්නේ ..

      Delete
    8. එකනෙමේ ඔය චතුරංග , සසිඳු එහෙම අනුන්ගේ කෙටි චිත්‍රපටි බැලුවා විතරමද ,,, ඔයයි ලා පෙන්නලා එහෙම නැතෙයි :)

      ඉවාන් ඒකත් එහෙමයි නේද .. thanks ඉවාන් ,, මාත් ඇත්තට දැනගෙන හිටියේ නැහැ ඔය දේ ,සිංහල කෙටි චිත්‍රපටි බලලා තියෙන්නේ දෙක තුනයි

      Delete
    9. ඒව පෙන්නන්නෙ බොක්ස් ඇතුලෙ බොලව්.. ඕඩියෝ එක විතරක් නං රස විඳින්න පුලුවන් !!

      Delete
    10. තෑන්ක්ස් ඉවාන්.. උඹට ගොඩාක් පින්.. කාලෙකින් පට්ට සෝ තුනක් බැලුවා.. මිට පස්සෙ තිබුනොත් මට ඊයක් විදහන්..

      Delete
    11. තැන්කූ ඉවාන් නිශ්ශබ්ද වන්න නම් කලින් බලලා තිබුණා අනිත් ටික දැක්කේ අද

      Delete
    12. මං ඊයේ රෑ තමයි බැලුවේ නිශ්ශබ්දවන්න ..thanks ඉවාන් නියමයි

      Delete
    13. "ශෝදක" ‍ෆිල්ම් එක බලපු අයට අහුවුනාද දන් නෑ. මේකෙ කැපී පෙනෙන විශේෂත්වයක් තියෙනවා. මුලු ‍ෆිල්ම් එකම තනි ෂොට් එකකයි රූපගත කරලා තියෙන්නෙ. තනි ෂොට් එකේ ‍ෆිල්ම් ගොඩක් කෙරිලා තියෙන්නෙ අත්හදාබැලීම් විදිහට... නමුත් මේ "ශෝදක" කෙටි චිත්‍රපටිය කරපු රුවන් අයියා ඒක යොදා ගන්නෙ ඉතාම අර්ථාන්විතව...
      මග කොහෙවත් කට් නැති නිසා මේ වගේ එකක් ෂූට් කරන්න කලින් ගොඩක් රිහසල් කරනවා. නළු නිළියො දක්ෂ වීම අනිවාර්යයි මේ වගේ වැඩකදි...
      මේ චිත්‍රපටිය ගැන කාලෙකට කලිං මමයි, තව යාලුවො කීප දෙනෙකුයි ' රුවන් අයියා එක්ක කතා කලා... ඔහු ඒ වෙලාවෙ කියපු දෙයක් තමයි ඒ වෙනතුරු ‍ෆිල්ම් එක බලලා ඔහුට අදහස් දක්වපු අයගෙන් වැඩි පිරිසක් අඩුම තරමේ මේකෙ කතාව, ක්ලීනර්'ගේ සිතුවිල්ලක් පමණක් බව'වත් තේරුම් අරගෙන නෑ කියන එක...
      >
      මොනව කරන්නද ඉතිං ඔන්න ඕකයි තත්වෙ... ‍ෆිල්ම් කියලා රජකතා අමුනන , ඒවා පැල් බැඳගෙන බලන ' මිනිස්සු පිරිච්ච රටක ඊට වඩා දෙයක් කොහොමත් බලාපොරොත්තු වෙන්නත් බෑ...
      >
      වූඩි ඇලන්'ගෙ ‍ෆිල්ම් කීපයක්ම තියෙනවා තනි ෂොට් එකේ ෂූට් කරපු... ‍ෆිල්ම් වලට පිස්සු වැටිලා ඉන්න අය ගූගල් දෙයියන්ගෙං අහන්න්කො... විස්තර කියලා දේවි නියමෙට...

      Delete
    14. ශා ඔවුමයි ,,මේකේ කට් එකක් නැහැ තමයි,,, මාත් ආවසානේ දෙතුන් වතාවක් ආපහු ආපහු බැලුවා.. ඉවාන් අයියගෙන් අහමු බලන්න අහු වුනාද කියලා ..ස්තුති ගොඩක්, ඒවගේම ඔයා බ්ලොග් එකේ ඇයි අපිට කියවන්න මේ දේවල් නොලියන්නේ

      Delete
    15. ඇන්ඩි වර්හෝල් ගේත් තනි ෂොට් එකේ ෆිල්ම් කීපයක්ම තියෙනවා. එයා ඒ සම්බන්දයෙන් ගොඩක් අත්හදාබැලීම් කරපු කෙනෙක්.

      Delete
  5. බොහොම අපූරු නිර්මාණයක්... බොහොම ආසාවෙන් බැලුව...
    මිනිසාගෙ තියෙන දෙබිඩි ස්වභාවයත් තමන් තුලම වෙසෙන අනෙකාට උනත් යටත් වීමට ඇති දරුණු අකමැත්ත නිරූපණය වෙනවයි කියල තමා මට හිතෙන්නෙ... යම් අවස්තාවක කාට හෝ පරාජය වෙන්න යන වග දැනෙනව නම් කෙසේ හෝ ජයගන්න හැම මිනිහම කැමතී... ඒ මනුෂ්‍ය ස්වභාවය...
    පික්සාර් ලගෙ ඇනිමේෂන් කොහොමත් ගති... මට මතක විදියට පහුගිය දවසක පැවැත්වුණ ඔස්කාර් සම්මාන උලෙලෙ හොදම ඇනිමේෂන් එකත් එයාලගෙ

    ReplyDelete
    Replies
    1. පික්සර්ලගේ හොදම ෆිල්ම් එකක් තමයි මේක. ස්තුති මහේෂ් ඔයාගේ අදහසත් එකතු කලාට ,,හෙට අනිද්දා මගේ අදහසුත් ලියන්නම්කො

      Delete
  6. මටත් හිතුනෙ මිනිස්සු තුල විවිධාකාර චරිත ජීවත් වෙනවා. අපි කැමති මොන තරම් තරඟ කලත් අවසානයෙ අපේ සැබෑ චරිතය ජය ගන්නවා. ඒක සාධාරණ ලෙසද කියන එකයි ප්‍රශ්ණය.

    ප. ලි. ~ ඔය කණ්නාඩි දෙක මට දැකලා පුරුදුයි පුරුදුයි වගේ. :-D ;-)

    ReplyDelete
    Replies
    1. ස්තුති ප්‍රියෝ .. මොකක්ද ඒ මතකේ ඈ ?

      Delete
    2. නෑ නෑ මේ ගෑල්ලමයෙක් ටික දොහකට කලන් ඔය වගේ දෙකක් දාගෙන හිටියා. ඒකයි. ඒ ගෑල්ලමයව ඔයා දන්නෑ. හි… ;-)

      Delete
    3. මං හිතුවා ,,හි හි

      Delete
  7. තනිකම කියන එකත් මහ පුදුමාකාර දෙයක් නේද...? විශේෂයෙන්ම වයසට ගියාම... මේ සීයගෙ වයසයි එයාගෙ තනිකමයි කියන එක අර එයා වටේ වැටෙන වේලිච්ච කොළ වලිනුයි පේනතෙක් මානෙක කවුරුවත් දකින්න නැති පාක් එකෙනුයි පේනවා... එක එක මිනිස්සු ඒක නැති කරගන්න කරන දේවල් එකිනෙකාට වෙනස් කියන හැඟීම තමයි මට මුලින්ම ආවෙ... මේ සීයා චෙස් සෙල්ලම් කරන්නෙ එයාටම එරෙහිව... චරිත දෙකේ වෙනස් චරිත ස්වභාවය මුහුණින් පෙන්වන අපූරුව... ඔරිජිනල් ජෙරීට වඩා එයාගෙ ප්‍රතිවාදියා තරුණයි කියල මට දැනුනෙ එයාගෙ මුහුණෙ තරගකාරී සහ ආක්‍රමණශීලී හැඟීම් වලිනුයි, ක්‍රියාවෙනුයි... ඒත් ඒ චරිත දෙකම ඉන්නෙ මේ එකම සීයගෙ ඇතුලෙ... ඒක හරියට එකම මනුස්සයගෙ හොඳ පැත්තයි, නරක පැත්තයි වගේ... අවසානයේ තමුන්ගෙ ප්‍රතිවාදියාට එහෙම නැත්නම් තමුන්ගෙම නරක පැත්තට පැරදීගෙන එනකොට එයා බය වෙනවා තමුන්ගෙ හොඳ පැත්ත ඒ නරක පැත්තට පරදීවිදෝ කියලා... බොරු හාට් ඇටෑක් එකක් අරගෙන චෙස් බෝඩ් එකේ දෙපැත්ත මාරු කරලා, ට්‍රික් එකකින් හොඳ ජෙරී තරගය දිනා ගන්නවා... කෙනෙක් මොනතරම් වයස ගියත් එයාලගෙ ඇතුලෙ පුංචි දරුවෙකු ජීවත් වෙනවා... එහෙම නැත්නම් එයාල හිතින් ඒ වගේ මනසින් මවාගත්තු ලෝකයක ජීවත් වෙනවය කියන එක මේ කතාවෙන් මං කියවපු කතාව... :D

    ReplyDelete
    Replies
    1. මියුරු ගොඩක් ස්තුති මේ විදියට අදහස විස්තරාත්මකව බෙදාගත්තට.. හෙට රෑට ලියන්නම් මට දැනිච්ච විදියත්,,,

      Delete
  8. හොඳ මූණ පෙන්නගෙන ඉන්න උන් ඔක්කෝටම වඩා කපටියෝ..

    ReplyDelete
  9. තනියෙන් චෙස් ඇදීමෙන් ජයගත හැක :D

    මිනිස් ජීවිතයේදී තනිකම විඳින විඳවන අපූරුව

    ReplyDelete
    Replies
    1. ඒකත් ඇත්ත නෙහ් .. හ්ම්ම්ම්

      Delete
  10. මිනිස් සිත තුල ඇති පරාජය නොවීමේ ආශාව කදිමට නිරූපණය කෙරෙනවා....

    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තුති විදානේ හෙට එන්න නොවරදවා

      Delete
  11. හරි පිචර් එක බලලම කොමෙන්ටුවක් දාන්නම්කො

    ReplyDelete
    Replies
    1. මේ ඉන්නේ අනිකා උඹ කවද්ද එන්නේ ලංකාවට අර පත්තරයා එන දවසටම වරෙන් එක සැරේ ඉවරයක් කරලා දාන්න ..

      Delete
    2. මැලේ .. විනාඩි 5ණේ යන්නේ කියවලා අද දවසේ කියන්න හොදේ ,,

      ඉවාන් මාත් එනවා හෙට අනිද්දා

      Delete
    3. හෑ උඹත් එනවද? එහෙනං වන් ෂොට් ත්‍රී බොඩීස්

      Delete
    4. මේ එක නෙවෙයි ඔමා ..බාබෙකිව් පාටියක් ලැස්ති කොරහන් ....හැබැයි අපිටත් එන්න කියහන්

      Delete
    5. වන් ෂොට් 3 බොඩිස් හි හි .. හරි පත්තරේ හෙට අනිද්දා යනවා මන් තව ටු වීක්ස් වලින් යන්නේ ඉදගෙන :(

      Delete
    6. ඔව් කොහොමත් ඉඳගෙන තමයි එන්න වෙන්නේ ප්ලේන් වල හිටගෙන එන්න දෙන්නේ නෑනේ ....මොකෝ ඔයා "අපූර්වී ඔමායා රඹුක්වැල්ල" නෙවෙයිනේ

      Delete
    7. ඔය ඉවානයා ගෑවෙනවනං උඹල උඹලම බාබකියු දාං කාපල්ලා !!
      මං කොත්තුවක් කාල ගෙදර යනවා !!

      Delete
    8. @ පත්තරේ - ඒකත් ණයටද?

      Delete
    9. @ ඉවාන් ...අඩෝ අපි එහෙම ආවට ගියාට බහින්නේ නෑ ... එතකන් උබ සද්දේ දාදා ඉදපන්කෝ .... ආපු දවසක උබට ලංසි දාලා ගස්සන්නේ

      Delete
    10. ලංසි කෙල්ලොද? එහෙනම් කමක් නෑ මචෝ

      Delete
    11. ඉවාන් @ මං ඔමායා රාජපස්ස අවුල්ද ඉදගෙන ඈ :D

      Delete
    12. ණයට තියා හිඟාකෑවත් උඹ එක්ක නං පාටි දාන් නෑ !! චැහ් !!

      Delete
    13. මෙ බොලා ඔක්කොම ඇවිල්ල ඉවනයගෙන් කන්න කලින් අපිට පාටියක් දිපල්ල.

      Delete
  12. බලලම මොනවහරි කියන්නං.

    ReplyDelete
    Replies
    1. අපෝ විනාඩි 5 යි නේ අදම ලියන්න ඕනේ බලලා ,, ලොකු තෑග්ගක් තියෙනවා

      Delete
    2. බලාගන්න විදියක් නැතුව ඉන්න වෙලාවේ මෙයා මේ තෑගිත් දෙන්න ලැස්තිය.....හනේ මගේ ඩොංගලේ ඔහොම්මයි....

      Delete
    3. ප්‍රියා @ඒවා කියන්නේ නැතෝ ..

      රියදුරු තැන .. අපෝ මොකක්ද අනේ ඔහේ ඉන්ටරනෙට් තියෙන්නේ හෝසෙට

      Delete
  13. ගෙදර ගිහින් බලන්න ඕනේ අක්කේ දැන් ඔෆිස් එකේ

    ReplyDelete
    Replies
    1. හරි මල්ලි අද හෝ හෙට ලියලා දාන්නකෝ නිදහස් වෙලාවක

      Delete
  14. චෙක් මේට් නේ කෝම හරි.. :))

    ගෙදර සීයත් එක්ක අදිද්දි ඔයා හොර කරන්නෙත් ඒමද?

    ReplyDelete
    Replies
    1. චෙක් මේට් වෙනකල් යන සීන් එක තමා වැදගත් .. අපි නොදන්නා චෙස් ඉදගෙන

      Delete
  15. බතලි අර සිරීපාදෙ ජෝඩු බලපු එකේ ඉතුරු කෑල්ල ලිව්වෙ නෑ නේද,ඒක අමතක උනාද.

    ReplyDelete
    Replies
    1. කඩේ අයියේ ඒක ලියන්නම්කො ,, ඔයා ආස නැද්ද මේ ෆිල්ම් එකට

      Delete
    2. හැලප අයියෙ, ඇදලා ගන්න වලිය අපි ඉන්නවා සපෝට් එකට. :-D

      කෝ තාම ලිවුවද ඉඳගෙන?

      Delete
    3. අපෝ හරි හරි අයියේ මේකේ ඉතුරු කොටස ලියලා පෙරේදට ලියන්නම් ඉදගෙන

      Delete
  16. අපි ගොඩක් වෙලාවට බලාපොරොත්තු වෙන්නේ සිනාවක් 'අනුන්ගේ' පරාජයේදී.
    'තමන්ගේ සිතේ ප්‍රීතිය අන්සතුය' කියලා හිතාගෙනයි.

    ජයග්‍රහණය උනත් තවත් කෙනෙකුගේ පරාජය දකිමින් ලබන්න තියෙනවා නම්? (කියනකොට කෘරයි, නමුත් ඇත්තටම හිතල බැලුවොත් ගොඩක් වෙලාවේදී ) මට හිතෙන්නේ තනියෙන් චෙස් අදින එකේ මම දකින දේ තමයි, දිනනකොට පරාජය වෙන කෙනෙකුත් දකින්න තියෙන ආසාව. ඒටත් වඩා මට පෙනුන දේ තමයි.. ඉතා හොඳින් දිනාගෙන ආපු කෙනෙක් (සාර්ථක කෙනෙක් කියමුකෝ) පරාද කරලා විදින සතුට! සමහර වෙලාවට ඒක තරුණකම, හැකියාව, බුද්ධිය වගේ තමාට අභියෝගයක් වෙන දෙයක් වෙන්න පුළුවන්.
    මම දැකල තියෙනවා සමහර මේ සීයා වගේ වයසේ ඉන්න අතලොස්සක් දෙනා දරන සමහර ආකල්පත් මේ වගේ
    'මම කිව්වේ උඹලට.... මගේ කොන්ඩේ පැහුනේ නියගෙට නෙවෙයි' කියමින් කන්ස්ට්‍රක්ටිව් නැති අදහස් දක්වනවා තමාට වඩා වයසින්, බලයෙන්, බුද්ධියෙන්, හැකියාවෙන් වැඩි උනත් වැඩකදී 'ෆේල්' උනහම

    ඒකයි ( ඒ විදියට දක්වන අදහසෙයි) ගේම් එක දිනපු සීයා 'දත් කුට්ටම සමඟ' දක්වන සෝපහාස සිනවෙයි මට වෙනසක් පේන්නේ නැහැ ..



    අපුරුයි.. අපුර්වී....!!!!
    ඔයාට ලොකු ලෝකයක් විවර වෙලා නේද වයසක මිනිස්සු එක්ක ජීවත් වෙනකොට??? ඊටත් වඩා ඔය වගේ පුළුල් පරාසයක හිතන මිනිස්සු??? ඒකට අපේ ( බහුතර ලාංකික) වයසක මිනිස්සු.. නිකන් යනවා.. රෑ තිස්සේ බලන්නේ තරුණ කෙල්ලෝ කොල්ලෝ වත් එකට ඉදන් බලන්නේ නැති විගඩම්... හරසුන් මෙගා...... ඔලුවට ජිම් එකක් වෙන දෙයක් බලන්නෙත් නැහැ, බැලුවොත් එක්කෝ ඒකෙ වලිගෙන් අල්ලගන්නවා.

    ReplyDelete
    Replies
    1. ආදරෙන් පිලිගන්නවා ඔයාව මගේ හීන අඩවියට

      ස්තුති උපේක්ෂා කාළය අරගෙන ඔයාගේ අදහස් එකතු කලාට චිත්‍රපටිය බලලා රූප කියවීම තුලින් මං ලබාගත්ත දේවල් හෙට රෑට ලියන්නම් නොවරදවා ඇවිත් කියවන්න..

      මාව තුරුල් කරන්ම මියැදුන තවත් ආච්චි කෙනෙක් ගැන කතාවක් මේ

      Delete
    2. ස්තුති, ඔබේ මේ කතාවට අමතරව ඇති සියලු කතා මම කියෝලා තියෙනවා. ඔව්, ඔය ආච්චිගේ කතාවත් ඇතුළුව! කතාවක් ඉවර උනහම ඩෑම් එකකට වතුර පිරුණම වගේ හිත ඇතුළේ ගොඩක් හැඟීම් එන හින්දා ගොඩක් වෙලාවට කොමෙන්ටු නොදා පිටවෙලා යනවා.
      ගොඩක් දේවල් කියන්න තියෙනවා නම් කිසි දෙයක් නොකියා ඉන්නෙක මගේ පුරුද්දක්.. හි හි.... දුර්වලකමක් වෙන්නත් ඇති...

      Delete
    3. උපේක්ෂා @හ්ම්ම්,, අද උදේ ඔයාගේ බ්ලොග් එක මං දැක්කේ සහ කියවන්න පටන් ගත්තේ. මං දැනගෙන හිටියේ නැහැ ඔයා කියවන බව ස්තුති .. ඒක දුර්වලකමක් කියන්න බැහැ ඒ ඔයාගේ විදිය.. එකේ වරදක් නැහැ

      Delete
  17. හෙහ් හෙහ් මේක ඉස්සරම බැලුවා මමත්.

    ReplyDelete
    Replies
    1. සිංදුවා ,, තැන්ක්යූ හෙට මන් ලියන්නම් වෙලා තිබ්බොත් ඇවිත් බලන්ටකෝ හොදද කියලා

      Delete
  18. බොහොම අගනා නිර්මාණයක්. (හැබැයි මේ වීඩියෝව ධාවනය වීමේදී ප්‍රශ්න ආවා. නැවතී නැවතී ධාවනය වුණේ) මිනිස් චෛතසිකය පිලිබඳ කරන ලද අගනා මනෝවිද්‍යාත්මක විග්‍රහයක් ලෙස හඳුන්වන්න පුළුවන්. දත්කුට්ටම කියන්නේ බලය දිනාගැනීමේ ජය සංකේතයයි. තම තනිකම මකා ගැනීමට තමන්ගේ සිතුවිලිම ආධාරකරගන්නා මිනිසා එහිදී එම සිතුවිලි සමග සටන් වැදීම මානව ස්වභාවය මොනවට විස්තර කරනවා. මීට වඩා ගොඩක් දී ලියන්න තරම් (වෙනම ලිපියක් ලියන්න තරම්) දෙවන් මේ නිර්මාණය තුළ තිබෙනවා.

    ReplyDelete
    Replies
    1. විචාරක තුමණි , ස්තුති
      වීඩියෝ එක ප්ලේ වුණා ,කවුරුත් කිවෙනම් නැහැ නෙට් ස්ලෝ වුනාද දන්නේ නැහැ ඔයාලගේ ගෙදර .කොහොමහරි ඔයා බැලුවනේ ඒ ඇති.. ///දත්කුට්ටම කියන්නේ බලය දිනාගැනීමේ ජය සංකේතයයි. //// මේ වගේ මුළු ෆිල්ම් එක පුරාම ලොකු කතාවක් තියෙනවා කියෝගන්න ඔයා කීව එක හරි වෙන ලිපියක් ලියන්නම ඕනේ එතරම් දේවල් තියෙනවා.. ස්තුති මන් හෙට ලියන්නම්කො මන් ලබාගත්තුවා

      Delete
  19. හෙමිහිට බලන්නම්කෝ. දන්නවනෙ මේ දවස්වල හිතේ එකලාසයක් නෑ කියලා.

    ReplyDelete
    Replies
    1. කුරුට්ටි , දන්නවා දන්නවා ,මොනා කියන්නද තේරෙන්නේ නැහැ,ඇත්තමයි ඔය ආගන්තුකයව දනනවා නම් කනට දෙකක් දීල ඇදන් එන්නේ අප්පා

      Delete
  20. දුක තමයි ඔමා...මේ දවස්වල බයිට් ටික ඉවර වෙලා රිම් එකෙන් යන්නේ..ෆිලුම් බලන්න විදියක් නෑ...කමක් නෑ..ඊලඟ කාඩ් එක දාගත්ත ගමන් බලන්නම්...

    ReplyDelete
    Replies
    1. හරි ඩ්‍රයිවරේ මොනාකරන්න්ද ,,මට ඉන්ටර්නෙට් ෆ්‍රී නිසා ගානක් නැහැනේ

      Delete
  21. තනිකම පරදවාගන්න දරන අහිංසක වෑයම, ජෙරීගෙ ඇතුල් හිත ශක්තිවන්තයි කියලා පෙන්නන්න වෙන්නෝන එයාගෙ ප්‍රතිවාදියා කලු ඉත්තන්ගෙන් චෙස් අදින්නෙ, ඒ වගේම ඔහු උපැස් පළඳින්නෙ නෑ, moves ප්‍රබලයි, වේගවත්. වයසට ගිය ජෙරී අවසානෙයේ ශක්තිමත් ජෙරීවත් පරදවනවා. ඒකෙන් තමයි ඔහු සතුටු වෙන්නෙ. Autumn එකේ හැලෙන වියලි කොළ වලිනුත් නිරූපණය වෙන්නෙ ජීවිතේ සැඳෑ සමය විය යුතුයි.

    ReplyDelete
    Replies
    1. බස්සි , //එයාගෙ ප්‍රතිවාදියා කලු ඉත්තන්ගෙන් චෙස් අදින්නෙ// ඔයා චුට්ටක් ටච් කරලා තියෙනවා ඉදගෙන ඔව්...
      ///moves ප්‍රබලයි, වේගවත්. වයසට ගිය ජෙරී අවසානෙයේ ශක්තිමත් ජෙරීවත් පරදවනවා.///
      ///Autumn එකේ හැලෙන වියලි කොළ වලිනුත් නිරූපණය වෙන්නෙ ජීවිතේ සැඳෑ සමය /// ඔව් මේ තුන වගේ මුළු කතාව පුරාම තියෙන්නේ ඒ කතාව

      Delete
  22. පරාජයේ කණස්සල්ල...කෙසේ හෝ ජයග්‍රහණය.අපි හැමෝම ඇතුලේ ජෙරීලා ඉන්නවා ඔමා....නියම ෆිල්ම් එක.

    ReplyDelete
    Replies
    1. අරූ .. ඔව් අයියේ ..ස්තුති ඔයාගේ අදහසත් එකතු කලාට

      Delete
  23. paperman කෙටි චිත්‍රපටිය බලන්න. මේ වගේ විනාඩි 5ක් ඇති ඕනේනනම්. මරු. අක්කා කැමති වෙයි මිටත් වඩා.

    ReplyDelete
    Replies
    1. thanks මධර ,මන් බලන්නම් ඒක ,,

      Delete
  24. ප්ලේ වෙන්නේ නෑනේ මේක.

    ReplyDelete
    Replies
    1. ඔයා පස්සේ බලන්න ඇති නේද

      Delete
  25. පාළුව කාන්සිය හුදකලාව ජීවිතවලට කරන බලපෑම. ඇස්කණ්ණඩියට ඇහැ ගියේ නැතෙයි කාගෙවත්.එතැනත් ලොකු කතාවක් කියැවෙනවානේ.
    ස්තුතියි බතලියේ

    ReplyDelete
    Replies
    1. ඔව් අයියේ මේ ෆිල්ම් එක පුරාම ලොකු කතාවක් තියෙනවා

      Delete
  26. wooooooooow wonderful... there is something to learn.. Thanks

    ReplyDelete
  27. මීට කලින් බලන්න ලැබිල නෑ. නියමයි.

    ReplyDelete
    Replies
    1. ස්තුති සෙහාන්

      Delete
    2. බැලුවට , ඒ වගේම මේකේ රසවිදින්න යමක් තියෙනවා

      Delete
  28. මම මේ චිත්‍රපටිය කාලෙකට කලින් බැලුවා. තේරුම් ගන්න අමාරුයි වගේ. මේක හදපු අය දරන අදහස කොහේවත් නැද්ද?

    ReplyDelete
    Replies
    1. හරි @ ෆිල්ම් හදන අය මොන අදහසින් හැදුවත් සමහර විට රසිකයා තමන්ට කැමති ,තමනට් දැනෙන විදියට තේරුම් ගන්නවා,, මට කොහෙවත් හම්බෙලා නම් නැහැ විචාරයක් ,,

      Delete
  29. කන්තෝරුවේ බයිට් වලින්ම මේක බලන්න ඕන.. හික්ස් :)
    ඒක නෙමේ අපූරූ,,, ඔයා ලංකාවට එනකොට අපට ටොපි චොකලට් ගේන්ඩ ඈ..

    ReplyDelete
    Replies
    1. මධු.. බලන්න ,,මේක පොඩිනේ ගොඩක් මෙවුවා යනවද අනේ,, ,, ගේන්නම් තොපි ,,තොකොලට්

      Delete
  30. මට නම් මේකට අදාල වුනත් නැතත් දෙයක් තිබෙනවා කියන්න.ඔමා මාර ලකි මේ වගෙ ජොබ් එකක් කරන්න.කිසිම බරක් පතලක් නෑ.වගකීමක් නෑ.අහවල් වෙලාවට කරන්න කියල රාජකාරි නෑ.පට්ට විවේකෙ.ආතල් එකේ ඉන්නවා සීයල ආච්චිල එක්ක.තමන්ගෙ මට්ටම් තම්මටන් කියල කකා බිබී ඉන්නව හෙහෙ හෙහෙ.
    වරදවා ගන්න එපා.ඉරිසියාවට නොවෙයි.

    ReplyDelete
    Replies
    1. යකා @ කොමෙන්ට් එකක් නෙමේ පෝස්ට් එකක් ලියන්නම්.. ඊට පස්සේ ඔයාගේ කොමෙන්ට් එක කියන්න , ;(

      Delete
  31. ලස්සනයි ඔමො.එ වුනාට මොනවද කියන්නෙ කියල තෙරෙන්නෙ නැ ඉදගෙන.සිය තනියම දෙන ගෙම නම් මරු.මෙ පරද්දන්නෙ තනිකම වෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. //මොනවද කියන්නෙ කියල තෙරෙන්නෙ නැ// රූප කියවන්න දමිත් ඒකයි මේ වගේ ෆිල්ම් වල විශේෂත්වය

      Delete
  32. ඔන්න මටත් බෝ වුණා කෙටි චිත්‍රපටි බලන්න ආසාව ... ඔක්කොම පැත්තක තියල උඩ comment වල තියන ෆිල්ම් ටික ඔක්කොම බැලුව .. එකත් හරිම පුදුම කලාවක් නේ ..

    ReplyDelete
    Replies
    1. ඔව්.. ලොකු කතාවක් විනාඩි කීපය ඇතුලේ තියෙන්න පුළුවන්

      Delete
  33. මට නම් පෙනුනේ සරලව ජිවිතේ දකින මනුස්සයෙකුගේ සැන්දෑ සමය. ඔහු තුල නිරන්තරයෙන් පවතින විනෝදකාමී බව, දඟකාර කම, නිතර සතුටුන් සිටින ගතිය, අතීතයට හෝ අනාගතයට අයිති නැති වර්තමානය තුල සතුටින් ඉන්න එක . ඔය හැමදේම මම දැක්කා... චෙස් ඇදල ඉවර වෙලා ගෙදර ගිහිනුත් ඔය වගේම ආතල් එකේ ඉඳියි කියල මට නම් හිතෙනවා..

    ReplyDelete
    Replies
    1. ස්තුති අයියේ අදහස් එකතු කලාට .. මං අද රෑ මං කියෝපු විදිය ලියන්නම්කො

      Delete
  34. මට හැබැයි තාම තේරෙන්නේ නෑ චිත්‍රපටියක් කොහොමද කියවන්නේ කියල නම්.. හෙහ් හෙහ්.. මම නම් දන්නේ පොත් කියවල, චිත්‍රපටි බලන්න... ඒක ගැනත් පොඩි පැහැදිලි කිරීමක් කරන්න අපි වගේ නොදන්නා අයට.. :D

    ReplyDelete
  35. අන්තිම කොමෙන්ට් එකේ හරි ඒ ප්‍රශ්නේ අහන්න ඔයා හිටපු එක ගැන සතුටුයි... මේකේ දෙබස් නැහැ නළු නිලියෝ ගොඩක් නැහැ තියෙන්නේ රූප රාමු සහ චලන මේ දේවල් වල කියන කතාව කියෝගන්නම වෙනවා අයියේ,, හෙට උදේට මගේ අදහස කියවන්න

    ReplyDelete


ලිපිය කියවා කොමෙන්ට් නොකලත් කමක් නැහැ.. කමෙන්ට් කලොත් සතුටුයි. ලිපිය කියවන්නේ නැතුව කොමෙන්ට් කරන්න එපා.
අපුර්වි_


,නිතරම යහපත කරන්න...,සතුට සැනසිල්ල හැමදාම ඔයාලග රැදේවි,,දෙවිපිහිටයි,

Related Posts Plugin for WordPress, Blogger...