Wednesday, February 19, 2014

ඔමාගේ සස සහස් | bread mixy rice

                   ෴වටිනා සූප සාස්තර මාලාවේ 5 වැන්න෴

පරක්කු වෙලා නැගිටින ඉරිදා දවසක උදේට කන්න කෑමක් හදන හැටි කියන්න හිතුණා.  සමහර විට ගෙදර කන්න මොකුත් නැතිවෙන්න පුළුවන් ඒ වගේම චුන් පාන් කාරයොත් ඇවිත් ගිහින් ,කඩේකට යන්නත් කම්මැලි, කඩේට ගියත් කෑම ඉවර වෙලා .එහම වෙලාවක උදේට පවුලේ ඔක්කොටම කන්න පිරිමැසුම් දායක කෑමක් වේවි මේක..

දවසක් උදේක අපේ අම්මා මේ කෑම එක හැදුවේ කන්න මොකුත් නැතිම නිසා.පස්සේ අපි ඒකට රහ වැටුනට පස්සේ නිතර හදන් කෑවා 

අවශ්‍ය දේවල්:(4 දෙනෙක් සඳහා)
  • රෑ ගෙනත් ඉතුරුවෙච්ච පාන් බාගයක්.
  • රෑ උයලා ඉතුරුවෙච්ච බත් .
  • කැරට් අලයක්.
  • බටර් හෝ තෙල්
  • කෑලි මිරිස් 
  • බී ළුණු ලොකු ගෙඩියක් 
  • තක්කාලි ගෙඩියක් 
  • දිග අතට පලාගත්ත අමු මිරිස් කරල් 4ක් 
  • කරපිංචා කොළ දෙකක්. රම්පෙ කෑල්ලක්
  • හොදින් ගසා ගත් බිත්තර 2ක්.
  • ළුණු සහ ගම්මිරිස්.
පිළියෙළ කරගන්නා ආකාරය :

                මුලින්ම පාන් භාගේ හොදට කැපෙන පිහියකින් පුංචියට හතරැස් කොටු කපාගන්න. අපිනම් 10 mm වගේ පුංචියට කපාගත්තේ.  හරි දැන් කපාගත්ත පාන් කැබලි පසෙකින් තියලා ..ටිකක් ලොකු භාජනයක් ලිපේ තියලා ඒකට තෙල් හැඳි 3ක් හෝ බටර් අවශ්‍ය තරමට එකතු කරගන්න.

             තෙල් රත්වුණාට පස්සේ සිහින්ව කපාගත්ත කැරට්, ළුණු, අමුමිරිස්, කරපිංචා ,තියෙනවා නම් මාළුමිරිස් රවුම් රවුම් කපලා එකතු කරගන්න, ඒ වගේම රම්පෙ. ඉන් පසු විනාඩි 5ක් පමණ බැද ගන්න. රන්වන් පාට වෙන්න අවශ්‍ය නැහැ..ළුණු තැම්බුණු පාට එද්දී ගින්දර අඩු කරන්න. ඒ අතර කොටු කපාගත්ත තක්කාලි ගෙඩියත් එකතු කරගන්න. ඊට පස්සේ ඒකට කෑලි මිරිස් හැඳි 2ක් එකතු කරන්න.  කෑලි මිරිස් එකතු කරලා හැඳි ගාන ගමන්ම හොදින් ගසා ගත්ත බිත්තර දෙකත් ඒකටම එකතු කරන්න.

            ඉන් පස්සේ රස අනුව ළුණු දාන්න..බත් එකට උයද්දී ළුණු එකතු කලේ නැත්නම් මේ මිශ්‍රණයට වැඩිපුර ළුණු එකතු කරගන්න.බිත්තර හොදින් කලවම් කරන ගමන් එයටම බත් එකතු කරන්න. බත් එකතුකරලා හොදින් හදිගාලා කලවම් කරන්න.. විනාඩි දෙකක් විතර ගියාට පස්සේ පාන් කැබලි ටිකත් එකතු කරගන්න. හොදින් මිශ්‍ර කරන්න භාජනේ වහන්න එපා ගින්දර හොදටම අඩුකරලා විනාඩි 10 ක් විතර තියෙන්න අරින්න ඒ අතර හැදි ගාමින් කලවම් කරගන්න.. එච්චරයි

(ගෙදර තියෙනවා නම් සහ ඔයා කන්න කැමතිනම් නුඩ්ල්ස් 50g ක් වගේ සහ සොසේජ් කරල් 2ක් රවුමට කපලා එකතු කරගන්න බත් එක්කම.)

හතර දෙනෙක්ට හොදට කන්න ඇති. ඒ වගේම දවල්ට කන්න බඩගිනි වෙන එකකුත් නැහැ..නියම සුවදකුත් එනවා, උදේට බත් කන්න අකැමති කෙනෙක්ට නියමයි.. 




මේක ලීවට පස්සේ මතක් වුණේ ඉස්සර තාත්තයි මමයි තනියම ඉන්න කාලේ කාපු කෑමක්.වහින කාලෙට තාත්තට වැඩ අඩුයි. ඉතින් සල්ලිත් නැහැ අතේ ඒ වගේ දවස් වල උදේට කන්න "දියබත්" කියලා ජාතියක් හැදුවා රෑ බත් එකට වතුර දාලා තියලා ඊට පස්සේ උදේට ඒකට පොලුයි,රතුළුනුයි,මිරිස් කරලුයි දාලා අපි දෙන්නා කෑවා. දවල්ට ඉතින් දන්නවනේ ඔයාලා තලගොයෙක් මිරිසට උයලා බත් එක්ක, රෑට තලගොයි මස් එක්ක උණුවෙන් පාන් ,,,ම්ම්ම්ම් රස.....................(නොදන්න කමට චිකන් කියලා කාලයක් කෑවේ තලගොයි මස් )
මිරිසට උයපු තලගොයි මස් කතාව මෙතනින්
--------------------------------------------------------------------

150 comments:

  1. මොකද අනේ හ්ම්ම් කීවේ

    ReplyDelete
    Replies
    1. මට නම් දැන් තේරුණා හ්ම් කිව්වේ ඇයි කියා. ඒ ඔය දියබත් කතාවට!

      Delete
    2. කාල රසය දන්නා හින්ද අනේ...

      Delete
    3. එහෙමද ඒක ඇත්තටම රසයි නේද

      Delete
    4. හ්ම්ම් ...කකා & ඔමා ....ජෝ පප්පා එක්ක උඩවලවේ ගැමි ගෙදරකදි දින දෙකක් ...
      රතුළුණු ,අමුමිරිස් කැබලි සහ පොල් දියකිරි මිශ්‍ර දියබත මට කවදාවත් අමතක වන්නෙ නැහැ....

      Delete
    5. දිය බත් රස ගැන දන්නො බහෝ අඩුයි ...කෙන්ජී මාමා ගේ මිශ්‍රණය හරි ලුණූ ඕන දිය බත් රස වෙන්නෙ ලුණු පදමට දා ගත්තාම ,අනික රතු බත් වලින් මම කාවදාවත් ඔය දිය බත් දැකලා නෑ

      Delete
    6. මං නං ඒකට ආසා නැ අනේ

      Delete
    7. සහෝ @ මාත් රතු බත් වලින් කාලා නැහැ

      @අටම් අනේ ඇත්තද මෙයා

      Delete
    8. රතු බත් වලින් මමත් කාල නැහැ.

      Delete
    9. රතු බත් වලින් කන්න බෑ ...මෙලෝ රසක් නෑ ,නිකන් ගල් වගේ ,එකයි හදන්නෙ නැත්තෙ ,රතු බත් වෙලලා හදන අග්ගලා නම් .ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් නියමයි

      Delete
  2. මේ වගේම කෑමක් ගැන කවුදෝ මට කිව්වා මතකයි. හොයලා කියන්නම්!

    ReplyDelete
    Replies
    1. හොදයි කාකා හම්බුනොත් ලින්ක් එක දෙන්න .

      Delete
    2. ස්තුති ඔයා කියලා තියෙනවා වගේ ෆ්‍රයිඩ් රයිස් කියන්නේ හදන්න පහසු කෑමක්,, kenji හ්ම්ම් කියපු හේතුවත් දැක්කා ...

      Delete
  3. "අවන්කයි, නිර්ව්‍යාජයි, පැහැදිලියි"

    ReplyDelete
    Replies
    1. අසංක @ ඔය චන්දෙ කාලෙට කියන කතා අනේ විශ්වාස කරන්න එපා හි හි

      ස්තුති අසංක

      Delete
  4. මං මේක හදනවා පාන් නැතුව... පානුත් දාලා හදල බලන්න ඕන... වැඩි වෙලාවක් යන්නෙත් නැහැනෙ... මේකට අවශ්‍ය අමුද්‍රව්‍යත් නිතරම කුස්සියේ තියෙන ඒවා... හදලා කියන්නම්කො... කොහෙන්ද අනේ අර පින්තූරෙ හොයා ගත්තෙ... මරුනෙ...

    ReplyDelete
    Replies
    1. ඔව් මියුරු මේක රසයි,අපි බත් කන්න ආස නැහනේ උදේට ,ඒත් මේක මාර රසයි ටිකක් ළුණු හොදට තියෙන්න ඕනේ,, හදලා කියන්නකෝ රස

      පින්තුරේ හොයාගත්තේ Amazing pictures කියලා තිබ්බ තැනකින්. pintres එකෙන්

      Delete
    2. මං අද හැදුවා මේක... ඔයා කිව්වා වගේ හොඳ සුවඳක් එනවා... හැමෝම කැමැත්තෙන් කෑවා... :D

      Delete
    3. වාව් නියමයිනේ ,,, සතුටුයි මියුරු

      Delete
  5. ස්තුතියි ඔමා.. මේ සති අන්තෙට් හදලා බලන්නම්.

    ReplyDelete
    Replies
    1. ඔයා හදලා රසද කියන්න ඕනේ හොදේ .

      Delete
  6. කොහොමද අර පාන් කෑල්ල 10 cm තරම් පුංචියට කැපුවේ ඈ? ඇඟිලි කැපුනේ නැද්ද?

    මාත් එක පාන් පෙත්තයි උදේට කන්නේ. ඒකත් 10 cm එකක්.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. අයියෝ කාකා ලැජ්ජාවේ පණ යනවා සෙන්ටිමීටර් නෙමේ ,, හි හි මන් එතන එඩිට් කරන්නම් අයියෝ

      Delete
  7. කකා කිව්වත් වගේ 10cm පාන් කෑලි පුංචි වැඩිදත් මන්ද :D
    සිරාවටම රසද බන්? :)

    ReplyDelete
    Replies
    1. රසයි ,,අයියෝ වැරදිලා මල්ලි ,, ඔව් අම්මට කියන්න ඉරිදට හදන්න කියලා

      Delete
    2. මොකක්ද බන් සසිඳු මේ mm, cm කතාව? :-o

      ඔමා 10cm පාන් පෙතිලුද කන්නෙ? හරි පොඩියීනෙ. :-D :-)

      Delete
    3. මුලින් කාල තියෙන්නෙ 10cm පාන් පෙති බන්, අපි ඒව චූටි වැඩී කිව්ව හින්දා දැන් 10mm වලට ලොකු කරලා :D

      Delete
    4. අපෝ මේ කටවල් නම් බන් ,, මිස්ටේක් එක්ක මෙවුවා උනා ඉදගෙන :(

      Delete
  8. සෙන්ටිමීටර්, මිලිමීටර් මාරු වෙලාද මන්ද ? :Z :Z

    ReplyDelete
    Replies
    1. ඔව් අනේ ලැජ්ජාවේ බැහැ ,මන් දැන් එතන එඩිට් කරන්නම්

      Delete
  9. ඔමා පොඩිකෙල්ල කාලේ හුබහක් ලඟද හිටියේ.නැත්නම් මේ තරම් තලගොයි කොහෙද?

    ReplyDelete
    Replies
    1. හි හි ,,ඒ දවස් වල අපේ පැත්තේ ගෙවල් අඩුයි වැඩිපුර කැලැව අනේ , තාත්තයි මායි කාර්ඩ් බෝඩ් ගෙයක් හදන් හිටියේ වත්තේ කෙලවරට වෙන්න ඉතින් නිතර ඉරිදට කෑවා .. නොදන්නා කමට පුංචි කාලේ

      Delete
    2. // නොදන්න කමට පුංචි කාලේ //

      ලැජ්ජා පොඩ්ඩ එපා . බොක්ක දිග අරින හින්දයි කියවන්නේ ,

      Delete
    3. අටම් @ හ්ම්ම් මාත් ඉන්න හෙට අනිද්දට සමහරුන්ට තඩි නයෙක් වෙන්න පුළුවන් මගේ දැන් ලයිෆ් එකේ ටිකක් ලියන්න

      Delete
  10. දියබත් සුපිරි කෑමක්.......

    උඩින් කියපු විදියට හදල බලන්ට ඕන.. (ගෙදරින් හැමදාම උදේට හම්බුවෙන කෑම ටිකටත් කෙලවෙයිද දන්නෑ).....

    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. විදානේ කාලා බලන්ට අම්මා හදයි රසට ස්තුති වේවා

      Delete
  11. සුදු ලුණු අමතක කරලා නෙහ් ඉදගෙන.. පොඩි ඉගුරු කැල්ලක් තලලා දැන්මම සුවදයි රසයි තව වැඩිවෙනවා

    ReplyDelete
    Replies
    1. සුදු ළුණු තලලා ,ඉගුරු තලලා මරු තමයි අමතක වුනානේ මල්ලි .. තැන්ක්යූ

      Delete
  12. මම නම් ප්‍රධාන බත් තමා ඔය විවිධ කැම කනවා අඩුයි ,,,,,,උයන්න දන්නවා එත් ඕන දෙයක් ,කාලයක් හොටෙල් බෙකරි කොස් එකක් කරන්න ගිහින් මගදි නැවතුනා ,දන්නවා කෙක් ,බනිස් ,ඔය වගේ කැම ජාති හදන්න ,

    ReplyDelete
    Replies
    1. සිරා කතාවක් කිව්වොත් තලගොයි මස් කතාව මට නම් දිරවන්නෙ නෑ ....මම මස් වැඩිය කන්නෙ නෑ ,එත් තලගොයි මරණ හැටි දැකලා තියෙනවා ,තව කුකුල්ලු ,වල් ඌරෝ .වගේ සත්තුත් ,,තලගොයා පට්ටම අහිංසක සතෙක් උඩ ඕක්කොම සෙදිලා ගියා මේ කතාව නිසා .. :(

      Delete
    2. මං බත් කන්නෙම නැහැ මල්ලි දැන් සුප් එකක් ,පැස්ටා ,පිසා ,බාබකිව් ,ෆ්‍රයිඩ් චිකන් තමයි හැමදාම .. ඔය ඉස්සර කෑවේ. මං ඔය ගැන ලීව කතාව ඔයාට ඒක කියෙවුවම තේරෙයි ,, මං දැන දැන කාලා නැහැ .චිකන් කියලා රැවටිලා රස කර කර කළා තියෙන්නේ .. තලගොයා නෙමෙයි කොයි සතත් අහිංසකයි ..

      Delete
    3. උඩ ඔක්කොම හේදිලා ගියාට කරන්න දෙයක් නැහැ මල්ලි මට පොඩි කාලේ මිනිස්සු කීවේ වැදී පැටියා කියලා ,මං හරිම ජරාවට හැදිච්ච ළමයෙක් ඔයාලා වගේ නෙමේ .මේක තමයි තිත්ත ඇත්ත

      Delete
    4. තලගොයි කතාව ලිව්වෙ නැත්නම් තමයි වරද

      ඔයාගෙ ලිපිවල අපූර්වත්වය තිබෙන්නෙ ඒවයෙ අව්‍යාජබව නිසයි.ලියන එක ඇගෙන්ම එන්න ඕන.ඒකට ඇත්ත තමයි පදනම් වෙන්න ඕන .ඒ ඇත්ත මත ගොඩ නගන නිර්මාණය සුන්දරයි.මේ විදියෙ ලිපි ලියන අය ඉන්නෙ අතලොස්සයි.අත්දැකීම් ඇසුරින් කතාන්තර ලියන හිස් අහස බ්ලොග් එක ඇරුනම මේ වගෙ සුන්දර බ්ලොග් එකකට තිබෙන්නෙ ඔයාගෙ එක තමයි.බොරු නයි ඇරීම් නැති,පන්ඩිත ටෝක් නැති මේ බ්ලොග් එකේ අව්‍යාජ සුන්දරත්වය දිගටම තියා ගන්න

      Delete
    5. යකා@ ස්තුති යකා ,,මං දැන් ගෙවන ජිවිතේ ගැන ලියන්න කැමති නැහැ ඒකෙ තියෙන්නේ ඒකාකාරී කමක් සුපොපබෝගී කමක් විතරයි ,මට මෙලෝ රැසක් නැහැ , මං තාමත් හිතෙන ජිවත් වෙන්නේ ගෙදර .. මේ ගේ ඇතුලේ ලැප් එකත් එක්ක මන් ලංකාවේ ඉන්නේ වගේ ,, ස්තුති යකා දිරිමත් කිරීමට

      Delete
  13. ඔයිට වැඩිය වියදම් අඩුයි අර නස්රුදීන්ගේ ගල් සුප් එක.

    ReplyDelete
    Replies
    1. ඒ මොකක්ද අනේ ,,,කියන්නකෝ

      Delete
    2. මං ඒ ගල් සුප් කතාව පොඩි කාලේ කියෙව්වේ යුගෝස්ලෝවියානු ජනකතා පොතෙන්.
      පොදු යුරෝපීය කතාවක්. හීබෲ වර්ෂන් එකකුත් ඇති.
      http://en.m.wikipedia.org/wiki/Stone_Soup

      Delete
    3. ස්තුතියි කකා ලින්ක් එක දුන්නට. නැත්නම් මට මුල ඉඳලා අපූර්විට කතාව කියන්න වෙනවා.

      Delete
    4. හි හි thanks කාකා.. මං හිතුවේ ඉදගෙන විහිළුවක් කියලා :)

      @විචාරක තුමා .. වෙඩි තියනවා හොදේ

      Delete
    5. හරි හරි ඔයා ඉතින් ඉන්නෙම වෙඩි තියන්න බලාගෙන නේ. ඒකයි මම ඔයා තුවක්කුවත් එක්ක ඉන්න පින්තූරයක් මගේ අඩවියේ දැම්මේ.

      Delete
    6. හි හි මට රෑ ඒක දැකලා හොදටම හිනා ගියා ,මන් එවපු ඊ මේල් එක හම්බුනාද ? සති දෙකකට වගේ කලින්,,

      Delete
  14. මට මේ කතාව කියවද්දි හිතුනෙ අලුත් කෑම වර්ග ගැන සොයා ගැනීම් කරන්න පුළුවන් සූපවේදීන්ට පමනක් නොවෙයි නේද කියල. විවිධ අත්දැකීම් තුලින් නව නිර්මාණ බිහිකරන්න පුළුවන්.
    ජෝජ් බර්නාඩ් ශෝද කවුද මන්ද කියල තිබෙනවා අළුත් කෑමක් සොයා ගැනීම අළුත් තරුවක් සොයා ගැනීමට වඩා උතුම් කියල

    ReplyDelete
    Replies
    1. ස්තුති යකා .. ජෝර්ජ් බර්නාඩ් කියන්නේ හොද බඩජහරියෙක් වෙන්න ඇති,,,හි හි

      Delete
  15. හෑ.......මොකක්...! මොකක්ද මේ තලගොයාස් කතාව..!
    මම ශාකභක්ෂක නිසා බිත්තර නැතුව අව්ලක් වෙයිදෝ..?

    ReplyDelete
    Replies
    1. නිමෝ ආදරෙන් පිලිගන්නවා මගේ හීන අඩවියට .. බිත්තර අවුලක් නැහැ නිමෝ අනිත් දේවල් වලින් රසය එනවා .. තලගොයි කතාවේ ලින්ක් එක දෙන්නම්කො,

      Delete
  16. මාත් කොහොමත් බත් කන්න නම් කැමති නෑ. වෙලාවක වගකිවයුත්තන්ට කියලා හදෝගෙන කලා බලන්නම් :-D :-D

    ReplyDelete
    Replies
    1. වගකිවයුත්තා... ඒ මොකාද බන් :D

      Delete
    2. @සසිඳු බලධාරියා ,වගකිව යුත්තා වගේ වචන තමයි බැන්දට පස්සේ කලින් පැටියා ,සුදු ,බබා ,මණික ඔක්කොම :)

      Delete
    3. ආ එහෙමද , ඔයැයි කොහොමෙයි ඒක දන්නේ

      Delete
    4. අටම් ඇක්චුවලි කිවොත් ඉදගෙන ...ඔයාලා එක්ක ගවසිලාම තමයි ආයුබෝවන්ඩ

      Delete
    5. වගකිවයුත්ති බොලන් වගකිවයුත්ති. ඒක කියත්දි නිකන් කුණුහබ්බයක් වගේ නිසයි වගකිව‍යුත්තන් කියලා දැම්මෙ සෙද්ද.

      එයාට ඉස්ස‍ර කිවුවෙ ඔය නම් තමා. :-D

      Delete
    6. හි හි අනේ අනේ ප්‍රියෝ

      Delete
  17. ලියල තියෙන විදියට කියෝගෙන යනකොටම කටට රස දැනෙනවා දැනෙනවා වගෙයි....

    ReplyDelete
    Replies
    1. ෂෙහාන් @ හි හි කෙළ ගිලින්න එපෝ

      Delete
  18. අපෝ ඕවත් කෑමද,

    ReplyDelete
    Replies
    1. අපි පොඩි මිනිස්සු මෙයා ඕවා තමයි කන්නේ ඉදගෙන

      Delete
  19. හදලා කාලම බලන්න ඕනෙ. :D

    ReplyDelete
    Replies
    1. අම්මට කියන්න බස්සු

      Delete
  20. කියවනකොට ආස හිතුන හදල කාල බලල රසද කියන්නං, ඒ වුනාට ඉතිං මේකට රටේ නැති ජාති දාන්න එපැයි.මේ මං වගේ නැතිබැරි කෙනෙක් හදාගෙන කන්නෙ කොහොමද.

    ReplyDelete
    Replies
    1. අනේ පව් අසරණ දුප්පත් හිගන්නා , රැට කෑවද දන්නේ නැ

      Delete
    2. හැලප ,,ඔයාගේ රස රස කෑම පිගන් බ්ලොගේ දාද්දි අපි කොච්චර අසරණ උනාද දෙයියනේ :D

      Delete
  21. මේක හරියන වැඩක් නෙවි....රෑට පාන් ගෙනල්ල ඉතුරු කරගන්නත් ඕන,බත් උයල ඉතුරු කරගන්නත් ඕන...බත් ඉතුරු උනත් පාන් ඉතුරු වෙන ගෙයක් තියේද දෙයියනේ??? :D

    ඔච්චර සුකුරුත්තන් නම් මං දන්නේ නැහැ....ඒත් ඉතිං....බත් පොඩ්ඩකට පාන් කාලක් කඩලා දාල...කරෝල හොදි පොඩ්ඩකුයි...සම්බෝල ටිකකුයි දා ගත්තහම නියම රහ...

    ReplyDelete
    Replies
    1. නැතුව , ඕකට නැගල යන්නේ , කීරමීන් සාලයෝ හොද්දයි , කට්ට කරවල හොද්දයි.

      Delete
    2. අයාලේ @ ඔව් අප්පා ඒකත් ඇත්ත ,,ඒත් ඒකනේ මන් කිවේ මේක උදේකට කියලා,, ඔය රස පෙරෙන කතා කියන්න එපා ඉදගෙන මන් මෙහෙ පැණි රස කෑම කන්නේ කටට කෙල උනනවා ..

      Delete
  22. ට්‍රයි කරලා බලන්නම්.

    ReplyDelete
    Replies
    1. සුදික@ කෑලි මිරිස් අඩුවෙන් දාන්න දෙන්නටම කන්න පුළුවන්

      Delete
  23. අනේ යකෝ , මේ රෙද්දේ මොනවා කොපි කරන්ඩද . උපුටන්ඩත් බැ මගුල , අයින් කොරපං ඔය දාපු සසිදුවාගේ දෙහි මංගල්ලේ

    ReplyDelete
    Replies
    1. අයින් කළා අම්මෝ අයින් කළා ඉදගෙන

      Delete
  24. අනේ සමා වෙලා දෙහි මංගල්ලේ ගැන දන්න උන් සසිදුවාටනං ඒ ගැන කියන්ඩ එපා

    ReplyDelete
    Replies
    1. අනේ ඒ මොකක්ද අයියේ දෙහිමන්ගල්ලේ ?

      Delete
    2. නෑ නෑ...අපි කියන්නේ නැහැ....ඌට ඕනෑමනම් පොතක් පතක් බලලා හොයාගතහැකි... :D

      Delete
    3. අයාලේ @ මේ ඔයත් දන්නවද කුතුහලේ මෙවුවා නොකර කියන්නකෝ ඉදගෙන

      Delete
    4. ඒක ලංකාවේ එක්තරා උප සංස්කුරුතියක සමාජයෙන් වසන් කරපු අභිසේක මංගල්ලයක් , 90 දශකයේ අග භාගේ , ඔය කතන්දරය කරනවා දැක්ක කෙනෙක් ඉන්නවා . දැනට ක්‍රීයාමක වෙනවද දන්නේ නැ ,

      ඉන්දියාවෙත් මහ ඉහලින් සමරනවා මයේ හිතේ

      Delete
    5. හරි හරි ඕවා එළිවෙයිනේ අපිට හොරා තියෙන කතාව අපි හොයාගන්නම්කෝ

      Delete
  25. මේකත් මරු කෑම හැබැයි.. දැන් ඉතින් මම තනියම හන්දා ඔය කම්මැලි වෙලාවක ට්‍රයි එකක් දෙන්න ඕන බලන්න..

    ReplyDelete
    Replies
    1. හි හි මධාරා ආපු කාලෙකවත් හදල බලන්න

      Delete
  26. රසට ඇති..මෙහෙම නම් කාලා නෑ....මම හරිම කැමති හීල් බත් කන්ඩ..හොදි ඇතිලියටම බත් දාගෙන ඇතිලිය පිහදාගෙන කනකොට මාර රහ....

    ReplyDelete
    Replies
    1. රියදුරු තැන@ ඕවා කියද්දී සමහරුන්ට හරි අමුතුයි අනේ ඒකෙ අගෙයි රසයි තේරෙන්නේ රට රට වල විච්චුරන කන අපිටනේ ඉතින්

      Delete
    2. ඉස්සර ආච්චි අම්මා අපිට කවනවා මාර රසයි

      Delete
    3. @ඩ්‍රැයිවර් කොළු-හෆොයි මෙන්න කට කෙල උනන කතා කියනවා.

      Delete
    4. මටත් එහෙමයි චමින්ද ඊයේ රෑ කරන්න දෙයක් නැති තැන ,,තේ එකක් දෙහි දාලා බීවා අප්පා

      Delete
    5. @ඔමා,චමින්ද-මේ රටවල මිනිස්සු කන කෑම මොනවද කියලා හිතෙනවා අපේ රටේ කෑම මතක් වෙද්දි.මේ මිනිස්සුන්ට බැටලුවයි,කුකුලයි නැත්නම් කන්ඩ දෙයක් නෑ....

      මම ඉඳලා හිටලා එලවලුවක් ගෙනත් හදාගෙන කාලා සාස්පානට බහිනවා..ඒ වුනාට මැටි ඇතිලියේ ගතිය නෑ...

      Delete
    6. අපෙත් එහෙමයි කිසිම තුන පහ රහකට උයන්නේ නැහැ තම්බලා වගේනේ කන්නේ ,, බැරිම තැන තමයි මන් සියට බාබකිව් පුරුදු කලේ එළවළු උයද්දී හිනා වෙනවා පොඩියට කපද්දී,, ඉදෙන සුවදට කිඹුහුම් යනවා එයාට ,එපා වෙනවා

      Delete
  27. බතුයි, පානුයි එකට? බලමුකො හදලා. මමත් ඉතින් තනියම උයන් කන කෙනා නේ. මම වැඩිපු‍රම උයන්නෙ මගේම රෙසිපි වලට තමයි. කැම්පස් එකෙ කැන්ටිමේ කෑම කාලා පුරුදු නිසා කොහොම ඉව්වත් කතහැකි.
    දිය බතට මගෙත් වැඩි කැමැත්තක් තිබුනෙ නෑ මුලින්ම දැක්ක වෙලාවේ. ඒත් අම්මගෙ බල කිරිල්ලට කෑවා. අන්තිමට ඉතිරි උන පොල් කිරි ටිකත් උගුරත් දද්දි බීල තමයි නැව්තුනේ. ඔය ගෑස්ට්‍රයිටිස් නැත්නම් අම්ල ප්‍රදාහය කියන ලෙඩේට දිය බත් උදේ හිස් බඩට ගිල දාන එක ඉතාම ගුනයි කියලයි අපේ අම්ම නම් කියන්නෙ.

    ReplyDelete
    Replies
    1. චමින්ද ඔයාද ඉස්සර fb එකේ අර ගෘප් එක කලේ ,,මෙඩිකල් හෙල්ප් ? දියබත් වල බැලු බැල්මට ආස හිතෙන පෙනුමක් නැති උනාට කොච්චර රසාද නේ

      // ඔය ගෑස්ට්‍රයිටිස් නැත්නම් අම්ල ප්‍රදාහය කියන ලෙඩේට දිය බත් උදේ හිස් බඩට ගිල දාන එක ඉතාම ගුනයි /// ගොඩක් වටිනවා තොරතුර

      Delete
    2. අනේ නෑ. මිනිසුන්ට වෛද්‍ය උපදෙස් දෙන්න සුදුසුකමක් මට නෑ. සත්තු සම්බන්දව විතරයි. මම පශු වෛද්‍යවරයෙක්. :-) ඔය ගෑස්ට්‍රයිටිස් කතාව කීවේ අපේ අම්මා. මට ගෑස්ට්‍රියිටිස් හැදිලා තිබ්බ කාලෙක තමයි ඔය දිය බතට මාව පුරුදු කලේ

      Delete
    3. චමි@ හි හි දැන් ඉන්න සමහරුන්ට පශුවෛද්‍යවරුන් තමයි හරියන්නේ ,,සත්තු කරන වැඩනේ කරන්නේ ... මං එහෙම ඇහුවේ ,ඉස්සර මගේ හොද යාලුවෙක් හිටියා fb එකේ ,දැනුත් ඇති ඒ ගෘප් එක

      Delete
  28. තුන් පාරක් කොටපු කමෙන්ටුව පබ්ලිෂ් කරද්දී මොනවද වුනා . අපරාදේ ..අපිත් ඔහොම බත් හදනව . හැබැයි පාන් නැතුව.

    තලගොයා නම් මහා වදකාර සතෙක් . සිලිමේත් දඟලනවා .වහලෙත් කඩනවා . තලගොයා බිම බඩගානවා විතරයි පොඩි කාලේ දැකල තියෙන්නේ. හැබැයි මේ දැන් ඉන්න උන් සිවිලිමේත් නගින්නේ කොහොමද මන්ද .

    මෙහෙ නම් දැකලම නැහැ . මෙහෙ හුඟක් සත්තුන්ට අපලයි කොහොමත් .ඔයා ඉන්නේ ඊශ්‍රායල් වලද .මගේ හොඳම හොඳම මිතුරියක් ඉන්නවා එහෙ. මට හමුවුන ලස්සනම සහ පරිපුර්ණ මනුස්ස දියණියක් තමයි එයා . අර සමහර මිනිස්සු ඉන්නේ කොච්චර හිතුවත් වරදක් හිතාගන්න බැරි. අන්න ඒ ජාතියේ .ඔය රට ගැන හුඟක් දේවල් මන් දන ගත්තේ එයාගෙන්. ලොකු හීනයක් තියෙනව දවසක ඒ රට බලන්න යන්න

    ReplyDelete
    Replies
    1. බින්දි දන්නවද තලගොයෙක් බිත්තියකට නැගල ඉන්න කොට , මනුස්සයෙක් නැට්ටේ එල්ලුනත් ඌ අත අරින්නේ නැ ,ඒ තරමට ඌ ශක්තිමත්

      Delete
    2. බින්ඳී@ ආදරෙන් පිලිගන්නවා මගේ හීන අඩවියට .. කොමෙන්ට් එක ස්පෑම් එකෙත් නැහැ ස්තුති ආයෙමත් කොමෙන්ට් එකක් ටයිප් කලාට .ඔව් උන්ව එලවන්න ගියාම එපා වෙනවා සරස් සරස් ගගා එහෙ මෙහ දගලද්දී එපා වෙනවා තමයි ..දැන් ඉන්න තලගොයි දියුණු වෙලා වෙන්න ඕනේ .
      ඔව් බින්දි මං ඊශ්‍රායෙල් වල. ඔයා කියපු විදියෙන් යාලුවා ගැන හිතාගන්න පුළුවන් ,එහෙම අය මේ ලෝකේ අඩුයිනේ. හීන දකින්න කවදාහරි සැබෑ කරගන්න පුළුවන්,, ඔයාට ඊශ්‍රායෙල් ගැන මං ලියපු ලිපි කියවන්න පුළුවන් , උඩ තියෙන ඊශ්‍රායෙල් සංස්කෘතිය ටැබ් එකෙන් ,, ඒ වගේම මල මුහුද ගැන මන් ලියපු ලිපියක් තියෙනවා ,ඔයා ආස වෙයි එන්න තවත් ..

      Delete
    3. ඇටම් අයියේ මන් හෙට අනිද්දම සතෙක් එක්ක වරුවක් ප්‍රෝග්‍රෑම් එකට තලගොයා කැඳවන්න හිතන් ඉන්නවා , කිඹුලා ගේන්න හිටියේ දැන් කමක් නැහැ තලගොයා ගේන්නම් ,, එයා එච්චර ශක්තිමත් කියලා දැනගෙන හිටියේ නැහැ

      Delete
    4. ඔයනම් උගුඩුවො වෙන්න ඇති බින්දි.තලගොයා නෙමෙයි

      Delete
    5. උගුඩුවො කියන්නේ රා බොන රලහාමිලට හි හි

      Delete
  29. ඔයාෙග ඔක්කම හරි ඒ්ත් ඔය හැමදාම කියන්න හදන මස් කතාවට නං මං කැමති නෑ... මි ෙබාරු සත්ත හිමිකං කාරෙයක් නෙෙම් ඒත් මට ටිකක් මස් කතා දිරවන්නෑ... ඔයාෙග කැමැත්ත ෙනව

    ReplyDelete
    Replies
    1. මහේෂ් @ සහෝදරට දීපු උත්තරේම තමයි මහේෂ් ඔයාටත් දෙන්න තියෙනෙන් ..මං දන්නේ නැතුව කාලා තිබුණේ.. අනික බ්ලොග් එකේ ඒ පෝස්ට් එක කියෝපු හැමෝම දන්නවා වෙච්ච දේ ඒකයි සදහන් කලේ .. සතෙක් සතෙක්ව කන එක මේ ලෝකේ සාමාන්‍ය දෙයක් .. මිනිස්සු වල් සත්තු නොවුනට සොබාදහමේ විදිය ඒකයි ,,

      ///මං බත් කන්නෙම නැහැ මල්ලි දැන් සුප් එකක් ,පැස්ටා ,පිසා ,බාබකිව් ,ෆ්‍රයිඩ් චිකන් තමයි හැමදාම .. ඔය ඉස්සර කෑවේ. මං ඔය ගැන ලීව කතාව ඔයාට ඒක කියෙවුවම තේරෙයි ,, මං දැන දැන කාලා නැහැ .චිකන් කියලා රැවටිලා රස කර කර කළා තියෙන්නේ .. තලගොයා නෙමෙයි කොයි සතත් අහිංසකයි ..
      Delete

      අපූර්වීFebruary 19, 2014 at 11:17 AM
      උඩ ඔක්කොම හේදිලා ගියාට කරන්න දෙයක් නැහැ මල්ලි මට පොඩි කාලේ මිනිස්සු කීවේ වැදී පැටියා කියලා ,මං හරිම ජරාවට හැදිච්ච ළමයෙක් ඔයාලා වගේ නෙමේ .මේක තමයි තිත්ත ඇත්ත////

      මේ මන් සහෝදරට දුන්න උත්තරේ මහේෂ් .. මං ඕවා ගැන ඉස්සරහට නොලියා ඉන්නම්කො

      Delete
    2. මං ඕ ගැන ආයෙ කියන්නෑ... තේරුමක් නෑ... මං තලගොයා ගැන කතා කලේ නෑ... මං වෙන දෙයක් කිව්වෙ... අනික ඒක ඔයාග කැමැත්ත... කව්රුවත් කාටවත් චෝදනා කරන්නෑනෙ මස් කෑව කියල.. නේහ්...

      // මං ඕවා ගැන ඉස්සරහට නොලියා ඉන්නම්කො//
      කව්රුවත් කියන පළියට වැඩ කරන්න හිතන්න එපා... ඔයාට බෑ හැම කෙනාම සනසන්න... ඒ හින්ද ඔයා ඔයාම වෙන්න... හිතට එන දේ ලියන්න... කැමති අය කියවයි අකමැති අය නොකියව ඉදියි නේහ්...
      මට ඇත්තටම හිතුණ දේවල් තමා මං ලියන්නෙ.. අනුන්නෙ කමෙන්ට් බල බල මං කමෙන්ට් දාන්නෑ... ඒත් ඉස්සරහට හිතට දැනෙන දේ කියන එක ගැන මට හිතන්න වෙයි වගේ.........

      Delete
    3. ඇයි මහේෂ් එහම කියන්නේ ,, මන් කිවේ ඇත්ත. මං ලියන්නේ එදා ඉදන් මට ඕනේ විදියට ,මං කිවේ මං මස් ගැන නොලිය ඉන්නම් කියලා , ඒක කාටවත් අවනත වීමක් නෙමේ , ඒක හොද දෙයක් නිසයි හා කිවේ

      Delete
  30. ඔමාගෙ ලිපිය කියවද්දි එක්කෙනෙකුට දෙන්නෙකුට තලගොයා ප්‍රශ්නයක් වුන නිසා පොඩ්ඩක් තලගොයි කතාවක් ලියන්න හිතුන.මාතෘකාවෙන් පිට යනව කියනවනම් සොරි හොඳේ.

    යකා මැවුම්වාදය පිළිගන්න කෙනෙක් නොවෙයි.ඒ වගේම යකා පිළිගන්නව පරිණාමවාදය.මිනිසා ගේ මොළය දියුණු වුනේ පරිනාමයේ ප්‍රතිපලයක් ලෙස කියලයි හිතන්නෙ.බැරි වෙලාවත් මිනිසා වෙනුවට තලගොයාගෙ මොළය පරිනාමය වුනා නම් මොකද වෙන්නෙ?

    මේක විහිලුවක් නොවෙයි.මිනිසා මිහිමත අණසක පතුරවන්න පටන් අරන් ගත වෙලා තිබෙන්නෙ සුළු කාලයයි.අවුරුදු කෝටි ගානක් මිහිමත අණසක පතුරවල තිබෙන්නෙ තලගොයාගෙ ලඟම නෑයො.ඒ එක්කෙනෙක් දැක්කනම් ඕනම චන්ඩියෙක් බයවෙලාම මැරෙනව.විශේෂයෙන් ටිරානොසෝරස් තමයිලු ඒ අයගෙ මහම චන්ඩිය.තලගොයාල ,කබරගොයාල ,කොමෝඩෝ උරගයල එහෙම දැන් වංසෙ කබල් ගානව කියල තමයි ආරංචිය.

    ඉතින් සතෙක් තවත් සතෙක් මරාගෙන කනව කියන එක අමුතු දෙයක් නොවෙයි.ආගම් දර්ශන ඔක්කොම මිනිස්සු හදාගත්ත ඒව.මිනිහ ඉන්න තැන තලගොයා හිටිය නම් කොමෙන්ට් දායි.බලන්න අර මිනිහ කියන්නෙ පට්ට අහිංසක සතෙක්.ඌට අංතට්ටුවක්වත් නියපොතුවත් උල් දත් වත් නෑ.කරන්න පුළුවන් ගහකට නැගල කෑගහන එක තමයි කියල.

    මාටින් වික්‍රමසිංහගෙ අපේ ගම පොතෙත් මේ වගෙ සුන්දර ළමා වියක් තිබෙනව.මම නම් කැමති ස්වාභාවික ළමයට.ඒ ළමය වැදි පැටියෙක් තමයි

    ReplyDelete
    Replies
    1. යකා @ යකා මං මොනා කියනන්ද හිතාගන්න බැරුව ඉන්නේ මං හිතපු දේමයි මේ,,///මිනිහ ඉන්න තැන තලගොයා හිටිය නම් කොමෙන්ට් දායි.බලන්න අර මිනිහ කියන්නෙ පට්ට අහිංසක සතෙක්.ඌට අංතට්ටුවක්වත් නියපොතුවත් උල් දත් වත් නෑ.කරන්න පුළුවන් ගහකට නැගල කෑගහන එක තමයි කියල./// මෙනන් මේ කොටස ඇත්තම ඇත්ත යකා.. මං අදටත් තනියම ඉන්න මේ හැම වෙලාවකම සතුටක් ලබන්නේ මගේ අතීතය මතක් කරලා ..මේ අලුත් ජිවිතේ මට හැමදාම එක වගෙයි ...කජුගස් දිගේ බඩගගා දුර තියෙන පුහුලමක් අතින් කඩාගෙන අනිත් අයට පේන්න කනකොට දැනෙන අභිමානය කියලා වැඩක් නැහැ යකා,, අපි පොඩිකාලේ දැනගෙන හිටියේ අපි ඔක්කොම එකයි කියල ,, කලිසම ඇතුලේ ජාති දෙකක දෙකක් තිබ්බට අපි ඔක්කොම එක වගේ කලිසම් කොට ගහගෙන දැගලුවේ ,, දවසක ඒ ගැන ලියන්නම්

      ටිරනොසර් රෙක්ස්ලා වගේ ඇගේ හයිය විතරක් තියෙන චන්ඩි දැනුත් මේ ලෝකේ යම් තරමකට පාලනය කරනවා නේද කියලත් හිතෙනවා වෙලාවකට ..

      Delete
    2. වෙනස් විදියට හිතන්න හදන එක නං හොද දෙයක් යකා... ඒත් ඕකෙ අඩුපාඩු ගොඩයි ඈ... ඔය බටහිර චිත්‍රපටි බලන එක අඩු කරා නං....
      අනික ටිකක් කල්පනා කරල බලන්නකො... ඔයා ඔය කියන විදිහට සිද්ධ උනොත් ඔයා උනත් එයාලගෙ කෑම වේලෙ දවසක ඉන්න බැරි කමක් නෑ...
      හිතල බලන්න ඔයා තලගොයා කනව වෙනුවට තලගොයා ඔයාව කන්න හිතං රෝස්ට් කරන්න හිතුවොත්....
      ඔයා ටී රෙක්ස්ට කැමතී වගේ
      හාකො හාකො... එයාල ආපහු ආවොත් නං යකා කවදාවත් ටී රෙක්ස් ලට කැමති වෙන්නෑ ෂුවර්

      Delete
  31. යකෝ රෑට උයන බත් එකේ දංකුඩෙත් එක්කම හූරල කනකොට කොහොමද උදේට ඉතුරු කරගෙන ඔය දේ කරන්නෙ. ඔවු ඉඳගෙන තමයි.

    කොහොම උනත් රෙසිපියනං නියමයි වගේ.

    ReplyDelete
    Replies
    1. ඕක මාත් කල්පනා කොලා. මාත් කාලයක් බත් හැලියැ බැහැගෙන කෑවා. ඒ කාලෙ නම් බත් තියා මුට්ටිය වත් බේර ගත්තෙ පුදුම ගේමක් දීලා. දැන්නම් වැඩිය කන්නැති නිසා අවුලක් නැතිව මෙක හදලා බලතෑකි. ;-)

      Delete
    2. Praසන්ன @ ඒ උනාට රජතුමා කියන්නේ ආර්ථිකය බොහොම හොදයි කියල,, ඔහේ ලංකාවේ නෙමේද ආයුබෝවන්ඩ.. තැන්කුයි ප්‍රසා ...

      ප්‍රියා @ අනේ බන් ඒත් උබ ෆොටෝ වල ඉන්නේ කටුස්සෙක් වගේනේ :D

      Delete
    3. හි… පික්ශු හැදෙයි. ඔය ඔක්කොම ඈත ඉතිහාසයෙ ඒවා. ඒ කියන්නෙ 2011ට පෙර. දැන් මම ඇතා වගේ. කොටින්ම මම දැන් ඇඟ බස්සගන්න මම පුදුම මහන්සියක් ගන්නෙ දැන් :-( ඇඬෙනවා ඒවා මතක් වෙත්දි. :'( :'(

      Delete
    4. හි හි ප්‍රියා දැන් හරි ලොකුයිලු ඈ ,,

      Delete
    5. ශරීරප්‍රමාණයෙන් පමණකි. නැතුව අපි ගාව නෑනෙ ඉය ලොකු කම්. හි… :-D

      Delete
    6. හි හි .. කිතුලට ගිය මිනිහටත් තිබ්බලු උත්තර

      Delete
  32. කියවමින් රස බැලුවා .. දැන් ඉතින් හදල රස බලන්න ඕන ..

    ReplyDelete
    Replies
    1. කෙලගිල්ලා නේද ෆන්තෝ :) ආදරෙන් පිලිගන්නවා මගේ හීන අඩවියට

      Delete
  33. අම්මට කියන්ඩ ඕන අද රෑට බත් ඉතුරු කරන්ඩ කියලා.. මම යද්දි පාං බාගෙකුත් ගෙනියනවා... හෙට උදේට කෑවෑකි ඔමාගේ බත.. හික්ස් :)

    හදලා බලන්ඩ ඕන

    ReplyDelete
    Replies
    1. මධු ශා නියමයි රස බලලා කියන්න හොදේ

      Delete
  34. හරි..සති අන්තේ හදමු..."ඔමා බත්".

    හිට්ස් ලක්ශයක් පැනලා නේද? මගෙන් සුබ පැතුම්...!

    ReplyDelete
    Replies
    1. හදලා බලනකො ඇල්බෝ අයියේ .. තැනකුයි වේවා

      Delete
  35. හෝව් හෝව් මං මේ මිලිමීටර් ගානට පාං කපන්න රූලක් හොයනවා. අඟල්වලින් කැපුවොත් රහ වෙනස් වෙයිද ?

    ReplyDelete
    Replies
    1. අපෝ ඔයත් විහිළු කරනවනේ ඉදගෙන හි හි මේ ඒක නෙමේ එදා වෙච්ච ලැජ්ජාව වැහෙන්න මං ලීවා ගිය සතියේ පෝස්ට් එකක් ,,

      http://omageheena.blogspot.co.il/2014/02/kings-of-antarctica.html

      Delete
  36. අපිත් හදලා බලන්නම්කෝ එහෙනම් ...

    ReplyDelete
    Replies
    1. තුෂ් @හොද ළමයා අද අපුරුයි කිවේ නැහැ .. අම්මට කියන්න හදා දේයි

      Delete
  37. බතුයි පානුයි එකට කන එක මම ආස වැඩක්. මේක වෙලාවක ට්‍රයි කරලා බලන්න ඕනේ...

    ReplyDelete
    Replies
    1. තිසර @ට්‍රයි කරල බලනන්කෝ අයියේ

      Delete
  38. පාන් කොහොමද හතරැස් කොටුවලට කපා ගන්නෙ. ඒක තමයි තියෙන එකම පුරස්නෙ. ගොඩක්ම ඒකෙ මැද හරිය නෑනෙ

    ReplyDelete
    Replies
    1. හි හි රෝස් පාන් ගෙනවානම් වැඩේ ගොඩ ,, පොත්ත වගේ තියෙනවනේ

      Delete
  39. අනිවා.. අද රෑම හදනවා..උදේ උයපු බතුත් තියනව,පානුත් තියනවා.. :)

    http://ragamayaa.blogspot.com/

    ReplyDelete
    Replies
    1. රාගමයා @ඔයාව ආදරෙන් පිලිගනන්නවා මගේ හීන අඩවියට .

      හදලා හෙට උදේම හරි අද කාලා හරි කියන්නකෝ රසාද කියලා .. ඔයා නේද අර kenji ට සිංහල ටයිප් කරන්න කියාදීලා මහා පාපකර්මයක් කරගත්ත බ්ලොග් කාරයා :)

      Delete
    2. මෙයා නෙමේ අනේ ...
      ඒ රයිගමහන්දිය ලියන ඔසීවල ඉන්න ලොකු අයිය...

      Delete
    3. එහෙමද,,මට වැරදිලා ,

      Delete
  40. නිවාඩුව හදලා බලන්ට ඕනා

    ReplyDelete
  41. ඔන්න මෙහෙමම වයිපරෙට කිවුව.බලමු හදයිද කියල.දියබත් නම් මාර රහයි.එ වගෙම හොදට ඇග නිවෙනව එකට.

    ReplyDelete
    Replies
    1. දමිත්.. හ්ම්ම්, එයා හදා දෙනානම් කීවද

      Delete
  42. හිරිකිතයි බොල..

    ReplyDelete
  43. වර්නියර් කැලිපරයක් ගත්තම මේක හදලා බලන්න ඕන

    ReplyDelete
    Replies
    1. මාත් එකක් ගන්ඩ බං ඉන්නේ හොද එකක් පට්ට ගනන්නේ

      Delete
  44. බොහෝම රසවත් කියලා හිතෙනවා. ස්තූතියි නංගී. මටත් මතකයි මම බත් කනකොට පාන් කෑල්ලක් කඩලා දාගෙන කාපු හැටි පොඩිකාලේ.
    ඒක නේමේ නංගි මේ ඇත්තමද කියන්නේ ඔයාගේ ළමා කාලය ගැන?

    ReplyDelete
    Replies
    1. චන්දන ,, රසයි තමයි අයියේ ,,
      ඔව් අයියේ පරණ ලිපිවල ඇති කියෝලා බලන්න වෙලාව තිබ්බොත්

      Delete
  45. හදලා බලන්න ඕනේ.පින්තුරෙකුත් තිබුනානම් වටිනවා...

    ReplyDelete


ලිපිය කියවා කොමෙන්ට් නොකලත් කමක් නැහැ.. කමෙන්ට් කලොත් සතුටුයි. ලිපිය කියවන්නේ නැතුව කොමෙන්ට් කරන්න එපා.
අපුර්වි_


,නිතරම යහපත කරන්න...,සතුට සැනසිල්ල හැමදාම ඔයාලග රැදේවි,,දෙවිපිහිටයි,

Related Posts Plugin for WordPress, Blogger...