Tuesday, February 25, 2014

ෆිල්ම් බලලා චිත්තරපටි හැදීම (Geri's Game )

මේ පුංචි ෆිල්ම් එක බලලම පෝස්ට් එක කියවන්න.   ෆිල්ම් එක  එකතුකලේ ඔයාලා නොබලපු චිත්‍රපටියක් ගැන මං ලියන විචාරයක් තේරුම් ගන්න  කාටවත්ම බැරි නිසා. 
     මේ ෆිල්ම් එකේ මුළු ධාවන කාළය විනාඩි හතර හමාරයි.
(ෆිල්ම් එක ඔබ නොබලා පෝස්ට් එක කියවන්න එපා ) මෙහි ඔබට දැනුනු දේ ටිකක් මෙනෙහි කරලා පෝස්ට් එක කියවන්න යනවනම් වඩා හොදයි යාළුවනේ.

---------------------------------------------------------------

මුලින්ම ෆිල්ම් එක  පටන්ගන්නේ මේසයක් උඩට වැටිලා තිබ්බ වියළි කොළ රොඩු ටිකක් කටින් පිඹලා අයින් කරන ශබ්දයක් එක්ක..ඊට පස්සේ මහළු අත්දෙකකින් චෙස් බෝඩ් එකක් තියනවා..එතන කටින් පිඹලා කොළ රොඩු අයින් කරන එකෙන් මං තේරුම්ගත්තේ වියළිලා ගිය කඩතොළු වෙච්ච ජීවිතයකට තාවකාලික සහනයක් දෙන්න දරන උත්සහයක් වගේ. ඊට පස්සේ චෙස් බෝර්ඩ් එක උඩට ඉත්තෝ ටික හලනවා ..

මුළු කතාව පුරාම චෙස් බෝර්ඩ් එක තියෙන නිසා කතාව එක පාරක් බලලා ඉවරවෙලා චෙස් ගැන දන්න යාලුවෙක්ගෙන් චෙස් ක්‍රීඩාවේ සරළ නීති ටිකක් සහ ඉත්තන් ගැන යම් අවබෝදයක් අරගෙන තමයි ආයෙම බැලුවේ...චෙස් බෝර්ඩ් එකක් උඩ වෙන්නේ යුද්දයක් ...රජ වරු  , නයිට් වරු,බිෂොප් ලා ,පෝන්ලා විදියට. ඒ නිසා මං හිතුවා චෙස් බෝර්ඩ් එක කියන්නේ මේ මනුස්සයගේ ජිවිතේ කියලා. චෙස් බෝර්ඩ් එකෙත් ගේම් එක යන්නේ "චෙක් මේට් " වෙනකල්.රජට අටෑක් කලාට පස්සේ එතනින් එහාට ක්‍රීඩාව ඉවරයි.අපේ ජීවිතෙත් මේ හැම අරගලයක්ම කරන්නේ අපේ අන්තිම හුස්ම ,අපේ පණ තියෙනකල්,, ජීවිතය වෙනුවෙන්...හරි ඊට පස්සේ මේ මනුස්සය හලපු ඉත්තෝ එකින් එක බෝර්ඩ් එකේ තියන්න පටන් ගන්නවා...මේ වෙනකලුත් අපි දන්නේ නැහැ මෙතන මොනවගේ තැනක්ද ? කීදෙනෙක් ඉන්නවද ? මේ කිසිම දෙයක් අපි දන්නේ නැහැ.ඉත්තෝ තියන අතරතුරදී කළුපාට නයිට්ව තියන අවස්ථාව (0.42 තත්පරය) විතරක් ඉතා සමීප රූපයකින් පෙන්නනවා මේ වගේ ...


අනිත් ඉත්තන්ව එහෙම පෙන්නන්නේ නැහැ. ඉතින් ඒ කොටස මතක් තියාගෙන ඉස්සරහට බලාගෙන ගියා.ඊට පස්සේ තමයි පෙන්නන්නේ වයසක මනුස්සයෙක්ව එයාගේ හාත්පස පරිසරය කහපාට ගස් තියෙන්නේ..කළා කටයුතු වලදී සම්මත වර්ණ තියෙනවනේ එක එක අදහස් ප්‍රකාශකරන ඉතින් මේ ෆිල්ම් එකෙත් මං දැක්කේ ඒ සම්මතයන්ට අනුවම වර්ණ පාවිච්චි කරලා තියෙනවා කියලා. සම්මතයෙන් පිට ගිහින් කරන නිර්මාණත් ඕනේ තරම් තියෙනවා ,නමුත් මට හිතෙන්නේ මේ ෆිල්ම් එක ඇතුලේ සම්මතය තුල ඉදගෙනම ඉතාම සරලව ලොකු කතාවක් කියන්න හදන්නේ . කළු ,රතු වගේ පාට වලින් ප්‍රචණ්ඩකාරී බව ,ආවේගශීලි බව පෙන්නනවා  වගේ මට දැනුන විදියට කහපාටින් කියන්න උත්සාහ කරන්නේ ජිවිතයේ සැන්දෑසමය,ඒ වගේම  දුර්වල බව ,තැන්පත් කම,නිහඩ ජිවිතයක් වගේ දේවල්. ඊට පස්සේ මේ මනුස්සය පලවෙනි පෝන් ඉත්තව ඇද්දට පස්සේ තමයි මං දැනගත්තේ මෙයා ඉන්නේ..පාළු පාර්ක් එකක  තනියම කියලා  (1.08s )ඊට පස්සේ එයා කණ්නාඩිය ගලවලා ,නැගිටලා ගිහින් අනිත්


පැත්තෙන් ඉදගන්නවා .
ඒ පැත්තේ පරිසරය ගහකොළ රතුපාටයි ..ඒ වගේම ඒ පැත්තෙදි එයාගේ හැසිරීම හරිම aggressive ඒ වගේම කැමරා කෝණ වලින් පවා ඔහුව වැඩිපුර හයිලයිට් කරලා පෙන්නනවා.. ඒ අතර මේ මනුස්සයා මාරුවෙන් මාරුවට දෙපැත්තට යමින් චෙස් අදිනවා...මෙතනදී මට තේරුම් ගිය දේ තමයි එයාගේ ජිවිතේ සැදෑ සමයේදී එයා එයාගේ ජිවිතේ ඇතුලේ හැංගිලා තියෙන ආවේගශීලි ,ප්‍රචන්ඩ පැත්තයි නිහඬ උදාසීන  පැත්තයි අතර තමන් එක්කම තරඟ වදින බව. ඒ වගේම
මේ අතර එක මොහොතකදී ආවේගශීලි සහ ශක්තිමත් පැත්තේ ඉන්න කෙනා පළවෙනි ඉත්තා විදියට උපහාසාත්මක හිනාවකුත් එක්ක වයසක මනුස්සයගේ නයිට්ව කපනවා...ඒ කපන අවස්ථාවේදීම පසුබිමෙන් ඇහෙනවා කාක්කෝ කෑගහන වගේ මූසල කරව්හඩක්...අර මුලදී නයිට්ව තියන අවස්ථාව විශේෂයෙන් සමීප රූප රාමුවකින් පෙන්වීම සහ නයිට්ව කැපීම විශේෂ කර පෙන්වීම අතර යම් සම්බන්ධයක් ඇති කියලා මං හිතුවා..

                                     එයා සමාජයේ පිළිගත්ත හොද රැකියාවක් තනතුරක් තිබුණ කෙනෙක් වෙන්න ඇති..ඒ වගේම මිනිස්සුන්ගෙන් ගෞරව ලබපු කෙනෙක් වෙන්න ඇති නමුත් ඒ පදවි තානාන්තර නැතිවී යාමත් එක්ක එයාගේ හිතට අතුල්වෙච්ච කනස්සල්ල ඒ දර්ශනයෙන් පෙන්නන්න ඇති කියලා මට හිතුණා.ඊට පස්සේ දිගින් දිගටම දුර්වල පැත්තේ ඉත්තෝ ටික කැපීගෙන යනවා .. මට දැනුණ විදියට එයාගේ රැකියාව අහිමි වීමත් එක්ක එකින් එක ජිවිතේ අහිමි වීම් සහ ශරීරයෙන් දුර්වල වීම වෙන්න ඕනේ ඒ විදියට පෙන්නන්නේ. ඒ වගේම අන්තිමට "queen" ඉත්තා කැපුනට පස්සේ එයා ඔළුවේ අත ගහගන්නවා මට හිතුණේ එයාගේ බිරිඳගේ මරණයෙන් පස්සේ එයා ජිවිතේ තනිවුණ බව වෙන්න ඕනේ එතනින් කියවෙන්නේ . 
                   

මේ අතර වි 2. ත 25 දී පෙන්නනවා කළු පැත්තේ ඉත්තෝ අදින අතකුත් එහාපැත්තෙ බලන් ඉන්න මනුස්සයවත්. මුල්වරට මම පාර්ක් එකේ ඉන්නේ එක්කෙනෙක් කියලා දැක්කේ වීනාඩි 1 යි තත්පර 8 දි.ඊට පස්සේ දැන්   ඒ වගේම විනාඩියකුත් තත්පර 17 ක් ඇතුලත පෙන්නනවා දෙන්නෙක් ඉන්නවා වගේ.. මෙතැනදී මේ ෆිල්ම් එකේ නිර්මාණකාරයා සුළු කාළයක් තුලදී මට අමතක කරලා මෙතන එක්කෙනෙක්ම විතරක් ඉන්න බවත්.

                                  අන්තිමට වයසක මනුස්සයාගේ පැත්තේ ඉතුරුවෙන්නේ කිංග් විතරයි..ඒකත් හෙලවී හෙලවී කොහෙටවත් අදින්න බැහැ කරකියාගන්න දෙයක් නැතුව. ඒ වෙලාවේ වයසක මනුස්සයා පොඩි කපටි වැඩක් කරනවා ..බොරු පපුවේ අමාරුවක් වගේ අරගෙන මෙසේ යටට පාත්වෙනවා.. ශක්තිමත් මනුස්සයා නාඩි බලනවා එහෙට මෙහෙට හිතනවා ..ඒ වෙලාවේ එයාගේ වටපිටාවේ ගස් වල කහපාට වගේම රතුපාටත් මිශ්‍ර වෙලා පේනවා ඒ වගේම සමීප රූපෙකින් එයාව ශක්තිමත් කරලා පෙන්නනවා.



එතනදී මට හිතුණේ එයාගේ හැංගිච්ච ශක්තිමත් බව සහ වියපත් වීමත් එක්ක ජිවිතේ එකතුකරගත්ත අත්දැකීම් එකතුකරලා ප්‍රතිවාදියා ඉදිරියේ නැගිසිටින්න උත්සහ කරන බවක්..ඒ බව මතුකරලා පෙන්නන්න සංඛේතයක් විදියට මේ වර්ණ පාවිච්චි කරන්න ඇති. ඒ වගේම මේ ඇස් වල තියෙනවා ලොකු බලාපොරොත්තු සහගත හැගීමක් .. ඒ වගේම තනිවෙච්ච king කෙනෙක්...

ඊට පස්සේ චෙස් බෝර්ඩ් එක කරකෝලා එයා ආයේ සෙල්ලම පටන් ගන්නවා..එහා පැත්තේ ඉන්න ශක්තිමත් ,ආවේගශීලි මනුස්සයා ඒ වෙලාවේ ඒ මේ අතට කල්පනා කරනවා හරිම කළබලෙන්...එයාට ඒ ටික වෙලාවට අමතකයි කළින් චෙස් බෝර්ඩ් එකේ ඉත්තෝ තිබ්බ විදියත් .එතනදී මට තේරුම් ගියේ තරුණ කාලේ ජවයට,ශක්තියට යම් යම් දේවල් කළත් අත්දැකීම් වලින් පරිණත නැත්නම් එතන ඒ ශක්තියෙන් වැඩක් නැහැ. මේ පහළ රූපයේ ඉතා සමීපව පෙන්නලා තියෙනවා චෙස් බෝර්ඩ් එකේ කළු ඉත්තෝ සේරම ඉන්නවා ඒත් කළු king නැහැ ...ඒ වෙනුවට මේ වයසක මනුස්සය තමයි ඉන්නේ...ඒ වගේම සුදු පාට king එයාට ඉස්සරහින් එයාට වඩා කුඩාවට..




ඊළගට එළබෙන තත්පරයේ ජෙරී තමන්ගේ ප්‍රතිවාදියව පරද්දනවා...

මෙතන කළු කිංග් මේ මනුස්සය කියලා කිවොත් මං වැරදිද ?

වීඩියෝවේ මේ කොටසෙදි මට දැනුනේ එයා අන්තිමට එයා තුළ හිටපු මන්දගාමී ,දුර්වල මනුස්සයව පරාජය කරනවා ,ඒ වගේම මේ ෆොටෝ දෙකේම එයාගේ පසුතලය තද කහපාට ගස් වලින් පිරිලා ..බයිබලයේ යම් කොටසක මට මතකයි තියෙනවා "පැසුණු හිස කියන්නේ ඔටුන්නක් කියලා ". (පැසුණු කෙස් කියලා අදහස් කරන්නේ පරිණත ජීවිතය ) මේ මනුස්සය මෙතන ජයගත්තේ තමන්ගේ ජිවිත අත්දැකීම් පාවිච්චි කරලා අවේගශිලිව නෙමේ ,ඒ නිසා වෙන්න ඇති කියලා හිතුණා හාත්පස දීප්තිමත් කහපාටින් පෙන්නුම් කරන්නේ


   අන්තිමට මේ වයස මනුස්සයා තමන්ගේ ප්‍රතිවාදියාගෙන් යමක් ඉල්ලනවා...බලද්දී තමන්ගේ බොරු දත් සෙට් එක.   .අන්තිමට බලද්දී එයා සටන් කරලා තියෙන්නේ දත් සෙට් එක වෙනුවෙන්..ඒ වගේම එයා මෙතන තමන් එක්කම තරඟ කරන්න තෝරාගෙන තියෙන්නේ එයාගේ ජිවිතේ ශක්තිමත් තරුණ කාලේ.. .ළමාකාලේ හෝ වෙන අවදියක් තෝරාගන්න තිබ්බා එයාට ,ඒත් එයා ආසකරපු ...ඒත් එයාගෙන් වයසත් එක්ක ගිලිහිලා ගිය තරුණ කාලේ තමයි එයා තෝරගෙන තියෙන්නේ..

 දත් සෙට් එක කියන්නේ වයසට  යන මිනිහෙකුට වයස නිසාම නැතිවෙලා ගියපු ජිවිතේ පවත්වාගන්න ඕනම කරන, කෑම කන්න තියෙන වටිනාම වස්තුව. මං ඒක හොදින්ම දන්නවා මං බලාගන්න සීයා දත් සැට් දෙකම දාලා ඉන්නේ ඉතින් දත් සෙට් එක සමහර දාට දාපු තැන මතක නැහැ ඉතින් හොයලා හම්බුණේ නැති වුණාම නිකන් කන්න ගන්නවා...කන්න බැහැ හරිම අමාරුයි...ඉතින් මට දැනුණවිදියට  මේ ෆිල්ම් එකේ මනුස්සයා තරඟ කරලා තියෙන්නේ තමන්ගේ ජීවිතය නොනැසී පවත්වගන්න ඕනෙම කරන සාධකය වෙනුවෙන්..



මේ අවසාන දර්ශනය. මෙතන ආපහු අපිට පේනවා රතු සහ කහ පාට මිශ්‍ර වෙච්ච පසුබිමේ තෘප්තිමත් සිතින් ඉන්න ජෙරීව..

 ඉතින් යාළුවනේ මං මේ ලීවේ ෆිල්ම් එක ඇතුළේ දැකපු රූප රාමු මගේ ඇස් වලට අහුවෙච්ච විදිය.. තව කෙනෙක්ට මේකම බලලා මීට හාත්පසින්ම වෙනස් වෙන අදහසක් එන්න පුළුවන්.. ඒ වගේම ෆිල්ම් එක හදපු මනුස්සයාගේ හිතේ තියෙන්න අත්තේ ඊටත් වඩා වෙනස් අදහසක් වෙන්න පුළුවන් ...ෆිල්ම් එක බලලා කියෝගෙන තේරුම් ගන්න එක අපි එකිනෙකා අනුව වෙනස් , එකිනෙකාගේ බුද්ධිමට්ටම් , රසවින්ඳන මට්ටම ,අත්දැකීම් අනුව තමයි අපි එකිනෙකා මේ වගේ ෆිල්ම් එකක් රසවිඳින්නේ. 

පුංචි යෝජනාවක් කරන්න කැමතියි අවසාන වශයෙන්.
"බෙන් ටෙන් ලා එක්ක එක්ක ළමයින්ගේ ලෝකේ ළමයි අතරමන් වෙන්න දෙන්න එපා ".
ජුරාසික් පාර්ක්, ඇනකොන්ඩා වගේ හැමදේම කරලා පෙන්නන...ඔහේ බලන් ඉන්න විතරක් තියෙන ෆිල්ම් බලනවා වගේම; නැවතිලා හිතන්න ඕනේ දේවල් බලන්න දරුවන්ට හුරු කරවන්න... බුද්දිමත් දෙමව්පියෝ විදිහට කරන්න පුළුවන් දේ තමයි ළමයින්ගේ ලස්සන ලෝකේ විඳින්න එයාලට ඉඩ දෙන අතරේදීම මේ වගේ ෆිල්ම් හෝ  වෙනත් කළා කෘති හරහා ළමයා දකින දේට වඩා එහායින් යමක් දකින්න හුරුකරවන එක.. හැබැයි දෙමව්පියෝ විදිහට අපිට එක කරන්න පුළුවන් දැනුමක් , විඳීමක් තියෙන්නත් ඕනේ.. . අපේ අධ්‍යාපන  ක්‍රමය ඇතුලේ අපිට නොලැබෙන මේ වගේ දේවල් වලින් අපිවත් මුලින් අපිවම update කරගත්තොත් කවද හරි අපිට වඩා හොඳින් ලෝකේ දකින පරපුරක් අපෙන් පස්සේ බිහිවේවි..."
--------------------------------------------------------------------
පෙර ලිපිය මෙතනින් 

ප /එ/කි
ෆිල්ම් එකේ දත්සෙට් එක දාන සද්දේ මට හරිම හුරුපුරුදුයි සීයා දත් සෙට් එක දාන සද්දෙමයි..ෆිල්ම් එකේ පසුබිම් ශබ්ධ සහ එකෝර්ඩියන් වගේ සංගීත භාණ්ඩයක ශබ්ධේ හරිම තාත්විකව මට දැනුණා

116 comments:

  1. ෆිල්ම් එක බලල විස්තරේ කියෙව්වම ලොකු දැනුමක් ලැබුන ස්තුතියි,,,,,,!

    ReplyDelete
    Replies
    1. කැමතිනම් අර යු ටුබ් එකට වෙලා ගේම් අප්ලෝඩ් කරකර ඉන්න පුතාට පෙන්නන්න

      thanks kenji

      Delete
    2. උදේම පෙන්නුව ....
      එයා කියපු එක msg එහෙකින් එවන්නං ......
      නැත්නම් මෙතැන...... :) :)

      Delete
    3. This comment has been removed by a blog administrator.

      Delete
    4. kenji @ ඕනේ දෙයක් කොමෙන්ට් එකකින් දාන්න අනේ ..

      Delete
  2. ෆිල්ම් එක රස වින්දා. ඊටත් වඩා රස වින්දා ඔබෙ විස්තරය. වෙලා අරන් ආපහු කියෙව්වා. මරු

    ReplyDelete
    Replies
    1. මුලින්ම මගේ හීන අඩවියට ආදරෙන් පිලිගන්නවා .

      ස්තුති jp

      Delete
  3. ඔයා ඒක අපූරු විදියකට රස විඳලා... මේ ෆිල්ම් එක හැදුව කෙනා කියන්න බලාපොරොත්තු වුනු කතාවත් බලන්න පුළුවන් උනා නම් නියමයි නේද...?

    ReplyDelete
    Replies
    1. එයා අදහස් කරපු කතාව මම දන්නේ නැහැ මියුරු... මේකට ඇකඩමි අවොර්ඩ් එකක් දෙන්න තරම් මේකේ මීට වඩා තව දේවල් ඇති ස්තුති ඔයාට

      Delete
  4. ඕමා බොහොම තාර්කිකව රසවිඳලා තියෙනවා

    ReplyDelete
  5. විනාඩි හතර ගැන ලොකු විග්‍රහයක් කරල තියෙන්නෙ.මේකෙ නිර්මාපකයගේ අදහසත් හොයාගන්න තිබ්බ නං අගෙයි.

    ReplyDelete
    Replies
    1. ඔව් හැලපයියේ මට හම්බෙලා නැහැ.. මිට වඩා හොද අදහස් ගොඩක් ඇති ..ස්තුති

      Delete
  6. හරිම සූක්ශ්ම විදියට ඇනලයිස් කරලා තියෙනවා ‍ෆිල්ම් එක. ඔබේ රස විඳීමේ හැකියාව හරි ඉහලයි. ඉතාම සියුම් දේ පවා ග්‍රහනය කරගෙන තියෙනවා.‍ෆිල්ම් එකට වඩා විස්තරය රස වින්දා.

    ReplyDelete
    Replies
    1. ඔයාවත් ආදරෙන් පිලිගන්නවා මගේ හීන අඩවියට ,

      ස්තුතී දිරිමත් කිරීම ගැන

      Delete
  7. මේ විනාඩි හතරක් තුල කොච්චර දේවල් තිබුනද කියලා ඇත්තටම දැණුයි තේරුනේ... අවංකවම කියනවා නම්, මම හිතන්නේ ලංකාවේ ෆිල්ම් කප්පිත්තොවත් මෙච්චර දේවල් මේ ෆිල්ම් එකේදි දකින් එකක් නෑ.. ඇත්තටම මම මෙතුවක් කල් ෆිල්ම් එකක් බලන කොට සිත යොමු කලේ චරිතයටයි.. සංගීතයටයි විතරයි..

    කැනඩා ගිහින් සල්ලි හම්බකරලා, කොහොම හරි ෆිල්ම් එකක් කරන්න, අඩු ගානේ කෙටි චිත්‍රපටයක් හරි.. මම හිතනවා එතනත් උඹ සුපිරි පොරක් වෙයි කියලා.. මේ ෆීල්ඩ් එකේ මම දැකපු හොඳම විග්‍රහය මේක.. ෆිල්ම් ක්‍රිටික්ස් කෙනෙක් උනත් අවුලක් නෑ.. උඹ නම් මාරයි බං.... ඉඳගෙන..

    මට මේ ටික මෙතන ලියන්න බැරි උනා නම්, හිතේ දෙයක් හංගගෙන අද මට නිදා ගන්න බැරුව යනවා...

    ReplyDelete
    Replies
    1. කොහොමත් මුලින්ම කෙටි චිත්‍රපටයක් කරන එක තමා හොද.
      එල ස්ක්‍රිප්ට් එකක් තියෙනවනම් මට ඇහැකි ප්‍රඩියුස් කරල දෙන්න .... :)

      Delete
    2. ඔය තියෙන්නේ දැන් තියෙන්නේ ස්ක්‍රිප්ට් එකක් සූදානම් කරගන්න එකයි අපුරියේ...

      Delete
    3. මාතලන් @ දවස් දෙක තුනක් ෆේස් බුක් එකේ එහාට මෙහාට වේවි ඉදලා ඊයේ රෑ තමයි ලියාගෙන ලියාගෙන ගිහින් පබ්ලිෂ් කරලා නිදාගත්තේ.. උදේ නැගිටලා අගිලිකරු අස්සෙන් තමයි කොමෙන්ට් ටික කියවන්නේ ,,මොකද රෑ මොනා ලීවද මං දන්නේ නැති හින්දා .. ඔයාලගේ කොමෙන්ට් දැක්කම සතුටුයි... මං වගේ එකෙක්ව අගය කරලා නිර්ලෝභීව අදහස් එකතුකිරිම ගැන ස්තුතී...

      ෆිල්ම් කරන්න තරම් දේවල් කොහෙද මා ලග ..පුළුවන් කාලේ මහන්සිවෙලා වැඩකරලා සල්ලි හොයාගන්නවා..

      Delete
    4. kenji @ ඇයි අර ඔයා ලියලා තියෙන්නේ එල ස්ක්‍රිප්ට් එකක් ඒක හොදයි ;(

      නලින් @ ඔය උඩ ඉන්න මහත්තයා ලියලා තියෙන්නේ

      Delete
    5. ඒ වගෙ ස්ක්‍රිප්ට් වලින් හදපුව නොමිලෙම ඉදගෙන බලන්න ඕසෙට තියෙන්නෙ ළමයො ...
      එහෙනං මේ බ්ලොග් අවකාශයෙ ඔබ කරන මෙහෙවර ගැන අපේ කොල්ලෝ සැට් එකේ අදහස් අරගෙන ඩොකියුමන්ට්‍රියක් කරනව මං හිටගෙන..... :)

      Delete
    6. ///මම හිතනවා එතනත් උඹ සුපිරි පොරක් වෙයි කියලා../// මෙතන ඉන්නේ ගෑණු නමකින් පෙනී ඉන්න පිරිමියෙක් තවත් මොන කතාද

      Delete
    7. AnonymousFebruary 26, 2014 at 4:25 AM

      කුමක් ගැනද ඔබ කියන්නෙ මචං .....අපැහැදිලියි..... බං

      Delete
    8. මං පිරිමි කෙනෙක් කියලා වෙන්න් ඇති

      Delete
    9. පොන්නයෙක් උනත් අපය මොකෑ බං.. පොන්නයොත් ඉන්නේ රජ වැඩ කාරයෝ...

      Delete
    10. අපේ මිනිස්සු ගැන නම් හරිම කනගාටුයි .. ශික්

      Delete
  8. ඔබ ඒක හුගක් හොදන් තේරුම් අරගෙන තියෙනවා. ඔය කෙටි රූප රාමු වගේම තමා කවියත්.. බොහොම බලසම්පන්නයි.. ස්තුතියි විස්තරේට.

    ReplyDelete
    Replies
    1. දේශා @ ස්තුති අදහස් එකතුකරලා දිරිමත් කලාට

      Delete
  9. චිත්‍රපටය හොදින් තේරුම් අරන් අනිත් අයටත් තේරුම් ගන්න පුලුවන් විදිහට විස්තර කරල තියනවා අක්කේ, නියමයි :)

    ReplyDelete
    Replies
    1. ඔව් අක්කේ හරිම චෝයි අනේ

      Delete
  10. අපිට කියන්න දෙයක් ඉතුරු කරලම නෑනෙ... නියමෙටම විග්‍රහ කරල තියෙනව

    ReplyDelete
    Replies
    1. එහෙම කියනන් එපා,මේකේ මන් නොදකක් දේවල් ගොඩක් ඇති

      Delete
  11. විනාඩි හතර ඇතුලෙ මේ තරම් දෙයක්. :o

    ඔයා ඒ ෆිල්ම් එක පුදුම තරම් තේරුම් අරන් තියෙනවා. මේකේ මේ තරම්ම විස්තරයක් ඇතියි කියලා අදමයි දැන ගත්තෙ. ඇත්තටම වචන දාහකින් කියාගන්න බැරිදේ විනාඩි හතර ඇතුලෙ කොච්චර හැංඟිලා තිබිලද?

    ස්තූතියි ඔමා.

    ReplyDelete
    Replies
    1. ප්‍රියා @ ඒකනේ අයියේ හැමදෙයක්ම එහෙමයි මතුපිටින් බැලු බැල්මට පේන දෙයින් එහාට හිතුවොත් ගොඩක් ලස්සන් දේවල් දකින්න පුළුවන් ඉදගෙන :)

      Delete
    2. ඔව් ඉතින් උබලට මේ හුන්නස්ගිරියාවි ලියන කෝකත් ඉහලයිනේ

      Delete
    3. ඇනෝ පොන්සියට ටිකක් වැඩි වෙලාද මන්ද :D

      Delete
    4. ගණන් ගන්න එපා මල්ලි,මොකක්ද හුන්නස්ගිරියාවී කියන්නේ

      Delete
    5. හුන්නස්ගිරියාවී කියන්නෙ සබ්‍යය ව ස්ත්‍රී පක්ෂයට කියන තවත් එක කුණු හබ්බයක් මෙයා...

      Delete
    6. කියන්න තියෙන ඕන හුයන්නක් තමන්ගෙ නමෙන් ඇවිත් කියන්න බැරි මේ වගේ පොන්සියොන්ට උත්තර දීලා කාලෙ නාස්ති කර ගන්න එපා.

      Delete
    7. ප්‍රියා @ ඇනෝ ඇරලා තියෙන්නේ ඒ වගේ අයටත් ඉඩ දෙන්න ඕනේ නිසා අයියේ ,, ඔහේ ලියපුදෙන් අයියේ අපි අතර ඉන්න ,,අයමනේ මේ ඉතින්

      Delete
  12. ඔමා ඔයානම් හැබැවටම අපුරුයි .. චිත්‍ර පටියක් රස විදින්නත් ඉගෙන ගත්තෙමි ..

    ReplyDelete
  13. නියම විග්‍රහයක්නෙ.
    අන්තිමට කියල තියෙන දේ ඇත්ත. ළමයින්ට කාටුන් පෙන්නනව වගේම අධ්‍යාපනික වශයෙන් තියෙන ‍ළමයි ආස දේවලුත් පෙන්නන්න ඕන. ඒව ළමයින්ට තියෙන වැඩසටහන් නොවුනත් ඒ දේවල් බැලීම තුළින් ළමයි යම් දෙයක් ආසාවෙන් ඉගෙන ගන්නව. මොකද දැං එවුවංට ගස් ගල් බඩගාල අත්දැකීම් ගන්න වෙලාවක් නෑනෙ.

    ReplyDelete
    Replies
    1. ප්‍රශා@ ඔව් අයියේ ,දැන් ඉන්න දෙමවුපියොත් ආර්ථිකේ ගැන හිත හිතා ළමයින්ට ඔහේ ජිවත් වෙන දෙනවා ,, රසවින්දනය කියන දේට ළමයි උවමනාවෙන් යොමු කරන්නේ නැහැ,, ඔයා බැන්දම හම්බෙන ළමයින්ට නම් එහෙම වෙන දෙන්න එපා :)

      Delete
    2. උබලා වගේ කැලෑ ගානේ හැම එකාම ඉපදිලා නැහැ ගස් ගල් වල බඩගාන්න

      Delete
  14. ඇත්තටම මං ඔය තරම් දේවල් දැක්කේ නැහැ...පරිසරයට වඩා මගේ අවධානය යොමු වුනේ මනුස්සය දිහාවට..

    ReplyDelete
    Replies
    1. අයාලේ @ ස්තුති අවංකව අදහස් එකතු කලාට ..ඒත් අදින් පස්සේ ඔයා ඊට වඩා අවදානෙන් බලයි කියලා මට විෂවාසයි

      Delete
  15. මේක නං මටත් බලන්න හිතෙන ජාතියෙ එකක්. අනිව බලනව

    ReplyDelete
    Replies
    1. බලන්න රාජ් ,බලල රස විදින්න

      Delete
  16. ෆිල්ම් එක බලලම ඉන්න වෙනවා. අද නම් බලන එක බලනවාමයි...
    කෘතිම දත් සෙට් එක කිව්වහම කතාවක් මතක් උනා. දන්නවද කෘතිම දත් සැට් එකක් දාපු ගෑනු කෙනාගේ කතාව ?

    ReplyDelete
    Replies
    1. තාම බැලුවේ නැහැ නේද ? ලියන්නකෝ ඒ කතාව මන් පොඩිකාලේ අහලා තියෙනවා ,ඒ කනම් නෝටි කතාවක් අනේ

      Delete
  17. ඔබ ඉතාමත් සංයමයකින් මේ චිත්‍රපටය රස විඳ තිබෙනවා. පුංචිම දේ පවා බැහැර කොට නෑ. ඔබ ගැන හරිම සතුටුයි.

    ReplyDelete
    Replies
    1. ස්තුති නලින් අයියේ .. දන්නවනේ මන් අහින්තක ළමයා කියලා :D

      Delete
    2. නලීන්... ඔබත් ඉතාම සංයමයකින් අදහස් දක්වලා තියනවා... කෙල්ලෙක් දැක්කාම පැණි බේරෙන ඔබ මෙහෙම දාපු මුල්ම කමෙන්ටුවද මන්දා

      Delete
  18. යකො මාරයි නෙ.මෙච්චර ඇතුලට ගිහින් බලන්න පුලුවන්ද?.නියමයි ඔමා.

    ReplyDelete
    Replies
    1. දමිත්.. ආයේ බලද්දී එහෙම බලන්න හරිම ෂෝයි ඒකට් රස විදිතහැකි

      Delete
  19. මටත් බලන්න ආසවක් ඇති උනා බලලම විස්තරක් දාන්නම් කෝ


    අපිත් එක්කත් එකතු වෙන්න sinhalahelp.com

    ReplyDelete
    Replies
    1. සුනෙත්.. ස්තුති බලල කියන්නකෝ

      Delete
  20. අපූ අක්කා අපූරුවට පැහැදිලි කරලා තියෙනවා. ඔයා පුදුම කොනෙකින් බලල ලස්සනට විස්තරත් කරලා මෙන්න මේ ටික මට තදටම වැදුනා
    "එයා සමාජයේ පිළිගත්ත හොද රැකියාවක් තනතුරක් තිබුණ කෙනෙක් වෙන්න ඇති..ඒ වගේම මිනිස්සුන්ගෙන් ගෞරව ලබපු කෙනෙක් වෙන්න ඇති නමුත් ඒ පදවි තානාන්තර නැතිවී යාමත් එක්ක එයාගේ හිතට අතුල්වෙච්ච කනස්සල්ල "
    ඒ මොකද කියල ළඟදීම දැනගන්න ලැබේවි

    ReplyDelete
    Replies
    1. කෝරලේ මල්ලි @ .. thanks මල්ලි ..එහෙමත් එකක්ද හරි අපි බලමු

      Delete
  21. කෙල්ලේ පරිස්සම් වෙලා ඉදින් ආපහු කේන්දරේ කාටහරි දීලා බලව ගන්න කාලේ හරි ..නොකීවා කියන්න එපා .

    ReplyDelete
    Replies
    1. කේන්දරේ එවන්න මේල් එක දෙන්න ඇනෝ,, ඔයාම බලන්න

      Delete
  22. ගොඩක් විදේශීය ෆිල්ම් වල පොඩි පොඩි දේවල් වලින් මතු කරන හැඟීම්, අදහස් කතාවට විවිද අරුත් එකතු කරනවා...අපිට වෙන්නේ මේකයි කියන දේ කලින් හිතා ගෙන බලන්න හිතෙන්නේ නෑ ඒවගේ ෆිල්ම් වලදී.. අපි හිතුවත් ගොඩක් වෙලාවට ඒක වෙනස් වෙනවා කතාව අවසානයේදී.. කතාව පටන් ගන්නකොටම ඉවර වෙන හැටි හරියටම කියන්න පුළුවන් අපේ ෆිල්ම් එච්චර නැගල යන්නේ නැත්තේ ඒකයි මට නම් හිතෙන්නේ..

    මේ වගේ කෙටි ෆිල්ම් එකකින් ඔබ තේරුම් අරන් තියෙන කරුණු ගොඩ නම් මරු...

    ReplyDelete
    Replies
    1. ඔව් පැතුම් අයියේ ඔයාගේ කතාව හරියටම හරි ,ඒ නිසා වෙන්න ඇති අපි ඉංග්‍රීසි මොකුත් දන්නේ නැතුව උණත් ඉන්ග්ලිෂ් ,ෆ්‍රංස ෆිල්ම් බලලා යමක් තේරුම් ගන්නේ

      ඔයා එදා ඇහුව ප්‍රශ්නෙට උත්තරේ තමයි මං ලිවේ ... ෆිල්ම් එක්ක කියවන හැටි

      Delete
  23. අමුතු ආකාරයේ විග්‍රහයක්. අපූරු යි. හදවතට නිර්මාණය දැනිල තියනවා.

    ReplyDelete
    Replies
    1. තැනකුයි කුරුට්ටි ...

      Delete
  24. අෆ්ෆා.... විනාඩි 4ක හැංගිලා තිවුන කරුණු ගොඩ!! තැන්කුයි ඔමා මේ අපූරු විග්‍රහයට!

    ReplyDelete
    Replies
    1. ඒකයි බස්සියේ මං කලින් ෆිල්ම් එක දාලා ආයෙම පෝස්ට් එක ලීවේ ..

      Delete
  25. ෂෝට් ෆිල්ම් එක කියෙව්වා වගේ තමා! හරිම අපූරුයි!

    ReplyDelete
  26. මම කිහිප සැරයක්ම මේක බලල තියෙනවා. එත් ඔච්චර දේවල් දැක්කේ නැති හැටියක්. ආයෙත් බලන්න වෙන පාටයි.

    ReplyDelete
    Replies
    1. චමි..ආයේ බලන්න වෙලා තිබ්බොත් ,, ඒ වගේම මේක නෙමේ හොද ෆිල්ම් බලන්න

      Delete
  27. ඇත්තට ඔවා කියනකන් ඔච්චර දෙයක් හිතුවේ නැ නේ ෆිල්ම් එක බලලා. අයේ කල්පනාවෙන් බලන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. බලන්නකෝ නංගි ,,ස්තුති

      Delete
  28. මම නම් මේක දැක්කේ වෙනස් විදියකට. කෙනෙක් තුල යක්ෂයෙක් මෙන්ම මනුස්සයෙක් ඉන්නවා. ඒ වගේම කලබල කාරයෙක් වගේම ශාන්ත අයෙක් ඉන්නවා. මම හිතන්නේ මෙන්න මේ දෙන්නාගේ අතර ඝට්ටනය තමයි මේකෙන් පෙන්වන්නේ. ක්‍රීඩාවේදී හැම විටම ඉවසීම අවශ්‍යයි.

    ReplyDelete
    Replies
    1. ඒකනේ මං කීවේ මේක එකිනෙකා දකින විදිය වෙනස් ... නමුත් ඇකඩමි සම්මානය හම්බෙන්න තරම් මේ ෆිල්ම් එක ඇතුලේ යම් කතාවක් තියෙන්න ඕනේ අපිට කියෝගන්න බැරිව ඇති ඒ කතාව

      ස්තුති අදහස් එකතු කලාට

      Delete
  29. බොහොම හොඳයි. හොඳ අර්ථ කථනයක්. චිත්‍රපටි විවිචාරයට බැස්සොත් නරකද? බොහොම රසවත් විෂයයක් ඒක.

    ReplyDelete
    Replies
    1. මං එක ෆීල්ඩ් එකක් ගැන ආසාවක් නැහැ විචාරක තුමණි...ඔහේ පාලුවෙන් ඉද්දි හිතෙන දේවල් තමයි මේ

      Delete
  30. This comment has been removed by the author.

    ReplyDelete
  31. අඩේ මේ කියනකන් ඔය පරිසර වෙනස් වීම් අරවා මේවා නෝට් කලේ නෑනේ.. නියමයි ඈ විස්තරේ..

    ReplyDelete
    Replies
    1. දිනේෂ් thanks ආයෙම බැලුවට ..දෙබස් නැති නිසා පරිසරය තමයි කියවන්න වෙන්නේ

      Delete
  32. මේ ටික කියවලා ඉවර වෙලා ආයෙත් ෆිල්ම් එක බැලුවා..
    ලස්සනට විග්‍රහ කරල තියෙනවා!!!

    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තුති විදානේ මලේ

      Delete
  33. මේ අපූරු වයසක මනුස්සයා දිහා බලන් ඉඳලම, මටත් පරිසරය අමතකම උනා. ඒකත් හරියට අපිට එතන දෙන්නෙක් දෙපැත්තේ ඉන්නවා වගේ දැනෙන්න අරින එක වගේ , රචකයාගේ හොඳ මායාකාරී අදහසක්..

    හෝ....
    නියමයි...
    අපි හැමෝගෙම නිරීක්ෂණ එකිනෙකාට වෙනස් වෙනකොට කොච්චර සුන්දරයි ද?

    ස්තුති මේ බිම්කඩ ඒ වෙනුවෙන් වෙන්කලාට!

    ReplyDelete
    Replies
    1. උපේක්ෂා@ ස්තුති ඔයාට

      Delete
  34. ඕං බැලුව. ඔමාගෙ රසාඥතාවය මට නං නෑ. ලිපිය හරියට නොකියවා බලල මම තේරුම් ගත්තෙ වෙන දෙයක්

    ReplyDelete
    Replies
    1. එහෙම කියන්න එපා රාජ් .. මං තනියම ඉන්න නිසා පාලුවට ඔහොම කල්පනා කර කර කාලේ ගෙවුවට ඔයාලට එහෙම නැතුව ඇතිනේ .. ඔයාගේ රසවින්දනය මට වඩා වෙනස් ඇති නමුත් මට වඩා පහල නැහැ ..

      Delete
  35. ඔන්න ඔමා අද තමයි වීඩියෝව බැලුවේ...ඒත් ඉතින් කලින් කොමෙන්ට් ටිකයි ඔයාට දැනුන විදියයි කියවලා තිබුන නිසා වීඩියෝව බලද්දී ඒ සේරම මතක් වුනා...මට අමුතුවෙන් දෙයක් හිතුනේ නෑ..

    ReplyDelete
    Replies
    1. වීඩියෝ එක බැලුවනේ ,,ෂෝට් ෆිල්ම් හොයන බලන්න

      Delete
  36. මේක කියෙව්වම ෆිල්ම් එක අමුතුවෙන් බලන්න ඕන නෑ. බැලුවා වගේ තමා. චෙස් බෝඩ් එක කරකවලා ආපහු ගේම් එක පටන් ගන්නේ ඇයි කියලා ඔයාට අදහසක් තියද?

    ReplyDelete
    Replies
    1. සයුරි ,, ඇත්තටම මං ඒ කොටස ගැන නොලියා හිටියේ හරියටම මට එක අදහසක් නොදැනුනු නිසා,, මං හිතන්නේ ජිවිතේ යම් සන්ධිස්ථානයක් ,ටර්නින් පොයින්ට් එකක් වගේ අදහසක් ,, අංශක 180 ක් අනිත් පැත්ත හැරවීමක්... ඒ වගේම කළු ඉත්තෝ කියන්නේ යම් ආකාරයක් ශක්තිමත් අය සුදු අයට වඩා ,,

      ඒ මගේ අදහස සයුරිට මොකෝ හිතෙන්නේ ,, ගොඩක් ස්තුති ඒ අදහස මතුකලාට ,

      Delete
    2. ම්ම්...ඒකත් හරි වෙන්න පුළුවන්. මටනම් හරිම අදහසක් නැහැ. නිකමට හිතුනා අර මනුස්සයා කලබල වෙලා ඉන්න අතරේ එයාට නොපෙනෙන්න බෝඩ් එක හැරෙව්වා කියලා. තරුණ කාලේ ජවය, ශක්තිය තිබුනට ගොඩක් වෙලාවට රැවටීම් වලට අහු වෙනවනේ. කලබල අවස්ථාවකදී සන්සුන්ව ක්‍රියා කරනවා අඩුයි. වයසට යද්දී පරිණත වෙලා නිවැරදි තීරණ ගැනීමේ හැකියාව වැඩි වෙනවා. ඒ පැත්තෙන් වයසක කෙනා තරුණ කෙනාට වඩා ඉදිරියෙන් ඉන්නේ. අනේ මන්දා ඒ මට හිතුන හැටි.

      Delete
    3. ///ශක්තිමත් ,ආවේගශීලි මනුස්සයා ඒ වෙලාවේ ඒ මේ අතට කල්පනා කරනවා හරිම කළබලෙන්...එයාට ඒ ටික වෙලාවට අමතකයි කළින් චෙස් බෝර්ඩ් එකේ ඉත්තෝ තිබ්බ විදියත් .එතනදී මට තේරුම් ගියේ තරුණ කාලේ ජවයට,ශක්තියට යම් යම් දේවල් කළත් අත්දැකීම් වලින් පරිණත නැත්නම් එතන ඒ ශක්තියෙන් වැඩක් නැහැ. ////

      මේ කොටසින් මං කීවෙත් තරුණ කෙනාගේ හැසිරීමෙන් මං හිතපු දේ තමයි සයුරි .. ඔව් ඔයා හරි ..ස්තුති

      Delete
  37. ෆිල්ම් එක බැලුව වගේ ඔමා..

    ReplyDelete
    Replies
    1. ෆිල්ම් එක බැලුවේ නැද්ද ඉතින් හි හි

      Delete
  38. හරිම කලාත්මක විදියට ඔබ එය රස විඳලා තියෙනවා. ඒ වගේම විස්තරයෙන් එහි ඇති සැඟැවුන අරැත පැහැදිලි කිරීමත් පංකාදුයි... ජය!

    ReplyDelete
    Replies
    1. ස්තුති චන්දන අයියේ ..ඔයා බලපු ෆිල්ම් බලන්න අපිට නැහැනේ ඉතින්

      Delete
  39. විභාග කටයුතු නිසා පෝස්ට් එක කියවන්න ඉඩක් වෙන් කරගන්න පුළුවන් වුනේ අද ...

    පෝස්ට් එකෙන් අපිව හිතන්න යොමු කරපු පැත්ත අපූරුයි කියලා නොකිය ඉන්නම බෑ.. දකින දේට වඩා එහයින් දෙයක් දකින්න මග පෙන්නුවට හුඟක් ස්තූතියි..

    ReplyDelete
    Replies
    1. තුෂ් @ ස්තුති නංගි ඒ වගේම ෆ්‍රී වෙලාවක තව කෙටි චිත්‍රපටි බලන්න

      Delete
  40. ඔමාගේ සියුම් විග්‍රහය බොහොම ඉදිරියෙන් තියෙන බව පේනවා. ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. අරූ @ස්තුති අයියේ

      Delete
  41. නියමයි.පික්සර් කෙටි චිත්‍රපටි ගොඩක් ලස්සනයි.ලොකු අර්ථයක් තියෙනවා.ඔයා ලා ලූනා බලලා තියෙනවද?මෙන්න මේක La luna ගොඩක් ලස්සන කෙටි චිත්‍රපටයක්.පුලුවන්නම් මගේ බ්ලොග් එකටත් එනවද? Type in sinhala top 10 ways

    ReplyDelete
    Replies
    1. ඔව් ..එයාලගේ ෆිල්ම් ගොඩක් ක්‍රියේටිව් thanks ලින්ක් එකට ... මං එන්නම්කෝ ඔයාගේ බ්ලොග් එකට

      Delete
  42. විචාරකයෙක් හෝ චිත්‍රපට ක්ෂේස්ත්‍රයට සම්බන්ද නොවන කෙනෙක් අතින් චිත්‍රපටයක් ගැන මේ තරම් පුලුල්ව කතාබහ කොට තිබෙනවා දැක්කමයි. ඒ ගැන අපූර්වි'ට සුබ පතනවා...!
    මේ කෙටි චිත්‍රපටිය ගැන නම් කමෙන්ට් කරන්න දෙයක් නෑ. සියල්ල ලිපියේ අඩංගුයි. ඒ නිසා මේ ලිපිය කියවද්දි මතක් වුනු වෙන කාරණයක් කියන්නම්.
    >
    කෙටි චිත්‍රපටියක් විදිහට මේකෙ තියෙන පිරිපුන් බව නිසාම මේක හැදුනට පස්සෙ, චිත්‍රපටියට වෙනත් අර්ථකථන ලබාදෙමින් කීපසැරයක්ම නැවත නිෂ්පාදනය උනා. youtube එකේ search කරොත් ඒ ඔක්කොම බලන්න පුලුවං. ඒ අතරෙ තිබුණා මේ කෙටි චිත්‍රපටියම දෙගුනයක් fast motion සහ දෙගුනයක් slow motion එකෙන් ප්ලේ වෙන වීඩියෝ එකක්. මේ චිත්‍රපටිය ගැන උනන්දු අය කැමතිනම් ඒකත් බලන්න.
    මෙන්න ලින්ක් එක - Geri's Games Speed Up/Slowed Down
    අපි කරන විවිධ ක්‍රියාකාරකම් විවිධ අගයන්'ගෙන් fast & slow motion කිරීමේ ක්‍රියාකාරකම් කීපයක් method acting වලදි රංගනය පුහුණු වෙන අය සඳහා පාවිච්චි කරනවා. ඒක ඉතාම සරල න්‍යායක්. නමුත් ඒවා කරනකොට අපිට තේරුංගන්න පුලුවං අපි අපේ ක්‍රියාකාරී ජීවිතය ඇතුලෙදි කොයිතරං දේවල් සංවේදී නොවී මහහරිනවද/මගහැරෙනවද කියලා. මේ චිත්‍රපටියත් වේගයෙන් සහ හෙමින් නරඹද්දි අපිට දැනෙන අදහස් එකිනෙකට බොහෝ වෙනස්... ඒක තම තමන්ගේ බුද්ධි මට්ටම පරිදි අපේ ජීවිත වලටත් ආදේශ කරගන්න පුලුවං.
    >
    අපි අපේ ජීවිතේ හැම දේකදිම තමංට පේනවට එහා දෙයක් දකින්න , හිතෙනවට එහා යමක් හිතන්න පුරුදු වෙන එකේ වටිනාකම මේ ලිපියෙන් හොඳට කියවෙනවා. නමුත් කමෙන්ට් බලද්දි මට හිතුනු දෙයක් තමයි ගොඩක් අයට ලිපිය කියෙව්වාට පස්සෙ තේරුම් ගිහින් තියෙනවා තමන් දැකපු/හිතපු දේට වඩා දෙයක් චිත්‍රපටියේ තියෙන බව...
    හැබැයි ඒ ගමංම ඒ හැමෝටම මෙහෙමත් හිතෙනවනම් කොච්චර හොඳද කියලා මට හිතුනා....
    "" මේ විනාඩි 5ක කෙටි චිත්‍රපටියත් මෙහෙමනං , තේරුං ගන්න බැරි වුන ගමං අපේ රටේ මිනිස්සු බනින්න පුරුදුවෙලා ඉන්න අක්ෂරය, ඉගිල්ලෙන මාළුවෝ, සුළඟ එනු පිණිස වගේ චිත්‍රපටි වලත් අපිට කියවගන්න බැරිවුනු ගොඩක් දේවල් තියෙනවා ඇති නේද...""

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුති තිලිණ , ඇත්තටම මං කවදාවත් ෆිල්ම් එකක් ගැන හෝ වෙන නිර්මාණයක් ගැන විචාරයක් ලියලා නැහැ.. මේ පලවෙනි එක,, ඒ වගේම අන්තිම බ්ලොග් ලිපිය වෙන්නත් පුළුවන්... ඔයා නම් සිනමාව ගැන දන්න කෙනෙක් වගේ ,ඒ වගේම ඔයාගෙන් ඉගෙනගන්න දේවල් තියෙයි මට..මං යු ටුබ් එකේ ෆිල්ම් එක දැන් බැලුවා,, ඇත්ත තමයි ,,

      //"" මේ විනාඩි 5ක කෙටි චිත්‍රපටියත් මෙහෙමනං , තේරුං ගන්න බැරි වුන ගමං අපේ රටේ මිනිස්සු බනින්න පුරුදුවෙලා ඉන්න අක්ෂරය, ඉගිල්ලෙන මාළුවෝ, සුළඟ එනු පිණිස වගේ චිත්‍රපටි වලත් අපිට කියවගන්න බැරිවුනු ගොඩක් දේවල් තියෙනවා ඇති නේද...""///

      මේක ඇත්ත නමුත් රටේ මිනිස්සුන්ට නොතේරෙන බව දැන දැන මේ වගේ රටක ඒ වගේ නිර්මාණ වැඩක් නැහනේ ,,රසාස්වාදයේ ඉහළ පරාස වල ඉන්න පිරිස අපේ සංස්කෘතියේ අඩුයි..ඒක මිනිස්සුන්ගේ වරද නෙමේ අධ්‍යාපන ක්‍රමයට මේකට යම් ප්‍රමාණයක බරක් පටවන්න පුළුවන්

      Delete
  43. thuốc bổ xương khớp của mỹ 1500mg nếu như bạn đã biết đến sản phẩm này thì ngày hôm nay với một công thức mới đột phá trong một sản phẩm mới bổ sung Glucosamine lên đến 2000mggiúp xương của bạn trở nên chắc khỏe hơn bao giờ hết.
    thuoc bo xuong khop cua my
    thuốc uống làm trắng da ivory caps pillsIvory Caps được chiết xuất từ các hợp chất hoàn toàn tự nhiên với công thức tăng gấp ba lần Glutathione Complex 1500mg, cung cấp các dưỡng chất cần thiết sẽ làm trắng da từ bên trong
    thuốc ivory caps
    ivory cap pills
    Thuốc uống trắng da ivory capsThuốc uống làm trắng da tự nhiên với Glutathione 1500mg Ivory Caps Pills - GIÁ 850K

    Thuốc bổ xương khớp GlucosamineGlucosamine là thành phần chủ yếu có tác dụng bôi trơn cho khớp xương, cũng là chất cần thiết để hình thành tế bào sụn.
    thuốc xương khớpNgười và động vật đều tự tái tạo glucosamine trong cơ thể nhưng khi tuổi tác càng cao, tốc độ tái tạo lượng chất này càng giảm, cộng với quá trình thay cũ đổi mới của tế bào sụn,
    thuoc bo xuong khopdẫn đến lượng glucosamine càng bị thiếu trầm trọng hơn, điều này dẫn đến độ dày của sụn sẽ mỏng hơn, bề mặt khớp bị thoái hóa, các khớp không ma sát, bôi trơn với nhau, từ đó tạo thành các cơn đau, lâu dần khớp sẽ thoái hóa.
    thuốc bổ xương khớpNgười có tuổi (như tuổi ngoài 40), người có vấn đề về xương khớp nên bổ sung lượng Glucosamine Chondrointin để tăng cường chất bôi trơn cho khớp,

    ReplyDelete


ලිපිය කියවා කොමෙන්ට් නොකලත් කමක් නැහැ.. කමෙන්ට් කලොත් සතුටුයි. ලිපිය කියවන්නේ නැතුව කොමෙන්ට් කරන්න එපා.
අපුර්වි_


,නිතරම යහපත කරන්න...,සතුට සැනසිල්ල හැමදාම ඔයාලග රැදේවි,,දෙවිපිහිටයි,

Related Posts Plugin for WordPress, Blogger...