Sunday, February 16, 2014

පීනන කුරුල්ලා | kings of the Antarctica (Emperor Penguin)

හ්ම්ම්... තනියම වැලන්ටයිනුත් ගෙවලා දැම්මා ඒත් පහුගිය දවස් කීපය පුරාම නිදහසක් ලැබෙන හැමවෙලාවකම මං එයා ගැන කල්පනා කළා, තොරතුරු හෙවුවා.. පහුගිය සති 2ක් ' 3ක් තිස්සෙම මගේ හිත පුරාම පිනුම් ගැහුවේ එයා..මේ වෙද්දී එයාට හොරෙන් මං එයාගේ ගොඩක් විස්තර හොයාගෙන තියෙන්නේ ...ඒ තරම් ආදරණීය පිරිමි කෙනෙක්... ,වගකීමෙන් වැඩ කරන කෙනෙක් මං මීට කලින් දැකලා තිබුණේ නැහැ...

අද මං ලියන්නේ සැමන් මාළුවගෙන් පස්සේ මගේ හිත හොරා ගත්තු පෙන්ගුයින් කියන අපූරු සත්වයා  ගැන..එයාගේ ජිවිතේ හරිම කටුකයි. පුංචි කාලේ tv එකේ පෙන්ගුයින් ලා දැක්කම මං හිතුවේ උන් හිනාවෙලා හරිම සතුටින් ඉන්නේ කියලා..ඒත් පෙන්ගුයින් ගැන හොයන්න ගත්තට පස්සෙයි දැනගත්තේ   එයාගේ නැටුම් වලට එහායින් තියෙන  ජිවිතේ ගැන.


පෙන්ගුයින් පිළිබදව අධ්‍යනය කරන පර්යේෂකයන් සොයාගෙන ඇති ආකාරයට මේ වන විට ලෝකයේ පෙන්ගුයින් විශේෂ 20 කට ආසන්න ප්‍රමාණයක් ජිවත් වෙනවා. ඒ වගේම පෙන්ගුයින්ගේ ඉතිහාසය අවුරුදු මිලියන 55 ක් තරම් දුරට යනවා. පෘතුවියේ දක්ෂිණ අර්ධගෝලයේ වසර පුරාම හිමෙන් වැසුණු ඇන්ටාර්ක්ටිකාව තමයි පෙන්ගුයින්ගේ ප්‍රධාන නිජබිම. පෙන්ගුයින් අයිති වෙන්නේ කුරුළු ගණයට (CLASS AVES).

කළු සහ සුදු පාට ඝණ පිල් කළඹවල් දෙකක් ඔවුන්ගේ  ශරීරයේ තියෙනවා. ඒ වගේම පිල් කළඹ ඇතුලේ වාතය ස්ථර විදියට රදවාගැනීමේ හැකියාවක් තියෙන මේ සතුන්ට මුහුදේ කිමිදීමේදී ඒ වායු ස්ථරය තමන්ගේ වේගය වැඩිකරගන්න උපකාරී වෙනවා. ජලජ පරිසරයට දක්වපු අනුවර්තනයක් විදියට පෙන්ගුයින්ලාගේ තටු වරල් විදියට හැඩගැහිලා තියෙනවා. ඒ වගේම විනාඩි 2 -18 ත් අතර කාලයක් පෙන්ගුයින් කෙනෙක්ට වතුර යට ඉන්න පුළුවන් එක දිගට. (විශේෂයෙන් විශේෂයට කිමිදුම් කාලයන් ,කිමිදුම් ගැඹුර වෙනස් වෙනවා). ඒ වගේම මොවුන්ගේ විශේෂය  අනුව ශරීරයේ ප්‍රමාණය, ජීවත්වෙන ප්‍රදේශය ,ආයුකාළය වගේ දේවල් වෙනස් වෙනවා. නවසීලන්තය,දකුණුදිග ඔස්ට්‍රේලියාව ,දකුණු ඇමරිකාව සහ සමකයට ආසන්නව පිහිටලා තියෙන Galapagos දුපත් වලත් පෙන්ගුයින්ලා ජිවත් වෙනවා.

ප්‍රධාන පෙන්ගුයින් විශේෂ නවය  

                                             1.Emperor Penguin
                                            2.Adelie Penguin
                                            3. King Penguin
                                            4.Galapagos Penguin
                                             5.Humboldt Penguin
                                             6.Macaroni Penguin
                                             7.Little Blue Penguin
                                             8.Rockhopper Penguin
                                             9.African Penguin



පොදුවේ සියලුම පෙන්ගුයින් විශේෂ තමන්ගේ ජිවිත කාලයෙන් වැඩිම කොටසක් ජිවත් වෙන්නේ ජලයේ,,ශිතම ශිත අයිස් තට්ටු උඩ ඉතිරි කාලේ. එයාලට ඉහළ උෂ්ණත්ව කලාප වල ජීවත්වෙන්න බැහැ දැඩි හිරු එළියට එයාලගේ ශරීරයට හානිකර නිසා.පෙන්ගුයින් විශේෂ අතරින් වඩාම විශාලම සහ ලස්සනම පෙන්ගුයින් වෙච්ච Emperor Penguin ගේ ජිවිත කතාව අනික් හැම පෙන්ගුයින් විශේෂයන්ටම වඩා වෙනස්. ඒ වගේම හරිම අපූරුයි.ඒ නිසා මං එයා ගැන විතරක් ලියන්න හිතුවා.

෴ Emperor Penguin෴






ඉහත රුපයෙන් ඔයාට පැහදිළිව පේනවා  Antarctica මහද්වීපය පිහිටලා තියෙන තැන.සමකයට ඉතාම පහළින්. ප්‍රමාණයෙන් යුරෝපා මහද්වීපයට වඩා විශාල  Antarctica භුමිය සහ අවට සාගරය වසරපුරාම අයිස් වලින් වැහිලා තියෙන්නේ.

එම්පරර් පෙන්ගුයින්ලා ජිවත් වෙන්නේ මේ ශීතල භුමියේ. සාමාන්‍ය වැඩුණු එම්පරර් කෙනෙක්ගේ බර රාත්තල් 50 ත් 100 ත් අතර වෙනවා. ඒ වගේම එයාලා අඟල් 48 ක් දක්වා උස යනවා.දළ වශයෙන් අවුරුදු 20 කට ආසන්න ආයුකාළයක් එම්පරර් පෙන්ගුයින්ලාට තියෙනවා. 


අනෙකුත් කුරුල්ලන්ට සාපේක්ෂව පෙන්ගුයින්ලා දඩයම් කරන විලෝපිකයන් ප්‍රමාණය සහ අනතුරු වලට ලක්වීමේ අවදානම ඉතාම අඩු මට්ටමක තියෙන්නේ. සමහර පර්යේෂකයන් මත පලකරලා තියෙනවා කුරුල්ලෙක් වෙච්ච පෙන්ගුයින්ට පියාඹන්න හැකියාව නැතිවෙන්න මේකත් එක හේතුවක් වෙන්න පුළුවන් කියලා.ඒ වගේම අධික ශීතල සහිත Antarcticaවේ ජිවත් වෙන එම්පරර් පෙන්ගුයින්ට අනෙක් අර්ධශිත සහිත කලාප වල ජිවත්වෙන පෙන්ගුයින්ලාට වඩා විලෝපිකයන්ගෙන් ආරක්ෂාව තියෙනවා ඒකට හේතුව ඒ ප්‍රදේශයේ විලෝපික සතුන් අඩුවීම. 




එම්පරර් පෙන්ගුයින්ගේ ප්‍රධානම විලෝපිකයා  Leopard Seal මාළුවා. නමුත් සමකාසන්නව ජීවත්වෙන අනෙකුත් පෙන්ගුයින් විශේෂ වලට මුහුදු කටුස්සන්ට  සහ මුහුදු කුරුළු විශේෂ වලට හසුවීමේ වැඩි අවදානමක් තියෙනවා. 

සාමාන්‍යයෙන් එම්පරර් පෙන්ගුයින් කෙනෙක් අවුරුදු 5-8 ත් අතර වයස වෙද්දී තමයි පරිණත ,ප්‍රජනනයට සුදුසු වයසට එළඹෙන්නේ. එම්පරර් පෙන්ගුයින් ලා අතර තියෙනවා  අනිත් කුරුල්ලන්ට වඩා වෙනස්  හැසිරීමක්.එයාලා අවුරුද්දකට එක වතාවයි බිත්තර දාන්නේ ,,බොහෝ විට වරකට  එක බිත්තරයක් දාන්නේ සමහර සතුන් බිත්තර දෙකක් දමන අවස්ථාත් තියෙනවා. ඒ වගේම එයාලා හැම අවුරුද්දකටම වරක් ප්‍රජනන කාළය ආවම අලුත් සහකාරයෙක් හොයාගන්නවා..එයාලා ජීවත්වෙන්නේ විශාල කොලනි විදියට  නිසා  ප්‍රජනන කාලේදී විශාල එළිමහන් හිමතට්ටු වල පිරිමි සතුන් තමන්ගේ පුළුවන්කාරකම් ,දක්ෂකම් ,ප්‍රදර්ශනය කරනවා ඒ වගේම පර්යේෂකයන් හොයාගෙන තියෙනවා විශේෂ ශබ්ධ නිකුත් කරමින් ගැහැණු සත්තු ආකර්ශනය කරගන්නවලු.





සරත් සෘතුවේදී පෙන්ගුයින්ලා හැර වෙන කිසිම සතෙක් Antarctica වේ ඝන අයිස්තට්ටු අතර ජිවත් වෙන්නේ නැහැ. අධික ශීතල හිම කුණාටු  අතර එම්පරර් පෙන්ගුයින් විශාල කොලනි විදියට එකට බැඳිලා උණුසුම් වෙනවා.ඉන්පසු ශිත කාළය අතරතුරදි සුළි කුණාටු පැයට සැතපුම් 20 ක වේගයක් සහ උෂ්ණත්වය -50 තරම් පහළ මට්ටමකදී ගැහැණු සතුන් බිත්තර දානවා  






ගැහැණු සතා බිත්තරය දාලා ඊට පස්සේ බිත්තරය පිරිමි සතාට බාර දෙනවා.ඒ මොහොත හරිම ලස්සනයි. ඒ වගේම සොබාදහමේ හරිම අපූරු සිද්දියක්..මේ ඉහළ රුපයේ තියෙන්නේ ගැහැණු සතා දාපු බිත්තරේ පිරිමි සතා තමන්ගේ හොටෙන් බාරගන්න ඒ උත්කෘෂ්ට මොහොත.

ගැහැණු සතාගෙන් බිත්තරය පිරිමිසතා ලබාගන්න ගත වෙන කාළය අතර තුරදී බිත්තරය අයිස් පෘෂ්ටය සමග ගැටී තිබෙන කාළය තත්පර 2 කට වඩා අඩුකාළයක් වෙන්න ඕනේ එහෙම නොවුණොත් බිත්තරයේ ජිවීබව නැතිවෙලා යනවා.ඒ නිසා එම්පරර් පෙන්ගුයින් ඒ වැඩේ අකුරටම කරනවා. ඊට පස්සේ පිරිමි සතා ගැහැණු සතාගෙන් ගත්ත බිත්තරය තමන්ගේ කකුල් උඩින් තියාගෙන ඝනකම් පිල් කලඹෙන් වහලා උණුසුම් කරනවා. ඊට පස්සේ ගැහැණු සත්තු රංචු විදියට කෑම හොයාගෙන සැතපුම් ගාණක් දුර ගමනක් යන්න පටන් ගන්නවා.


බිජුව රැකීම තම සැමියාට බාර කරන ස්ත්‍රී ප්‍රාණ ටික මෙතෙක් කල් තම ශරීරයේ ක්‍ෂය වූ ශක්තිය වඩවා ගැනීමටත් . ඊළග අවුරුද්දේ අලුත් බිත්තරයක් වෙනුවෙන් අවශ්‍ය කරන පෝෂණය තමන්ගේ ශරීර වලට ලබාගැනීමටත් මේ විදියට කොලනියෙන් පිට වෙලා යනවා.තමන්ට වගේම  බිත්තර වලින් එළියට එන පුංචි පැටවුන්ට කවන්න කෑමත්  උගුරේ රදවාගෙන එන එකත් මේ ගමනේ එක අරමුණක්.
බොහෝවිට මේ ගමනේ අතරමගදී සීල් මසුන්ගේ ගොදුරු බවට පත්වෙන්නත් සිද්ද වෙනවා, ඒ වගේම විශාල තල්මසුන් පවා පෙන්ගුයින්ලව අහාරයට ගන්නවා.

කූනිස්සෝ,කුඩා මාළු ,දැල්ලෝ,සහ කබොළු මාළුවා තමයි එම්පරර් පෙන්ගුයින්ලාගේ ප්‍රධානම ආහාර වෙන්නේ.

antarctic krill 



දක්ෂිණ සාගරයේ මිලියන ගණනින් ජීවත්වෙන මේ 
antarctic krill කූනිස්සන් වර්ගය එම්පරර් පෙන්ගුයින්ගේ ප්‍රධානම ආහාර බවට පත්වෙලා තියෙනවා. මේ විදියට කෑම හොය හොයා පිහින පිහින ගැහැණු සත්තු විනෝද වෙද්දී පිරිමි සතාට  ඉතාම කටුක අත්දැකීමකට මුහුණ දෙන්න සිද්ධවෙනවා,



විශාල හිම කුණාටු සහ සෙල්සියස් අංශක -50 ක උෂ්ණත්වය යටතේ පිරිමි සත්තු එකිනෙකා එකට ලංවෙලා බැදිලා උණුසුම් වෙනවා ,,, ඒ වගේම මාස දෙකක කාළයක් පුරාවට 
 Antarctica වට ඉර පායන්නේ නැහැ.අදුරු සීතල අයිස් තට්ටු උඩ පිරිමි එම්පරර් පෙන්ගුයින් තමන්ගේ බිත්තරය රකිමින් නොකා නොබී ජිවත් වෙනවා. ඒ විදියට තමන්ගේ බිත්තරය පරිස්සම් කරන පිරිමි පෙන්ගුයින් සත්තු බඩගින්න මගහරවාගන්න සහ ශරීරයේ මේධ සංචිතය ඉතිරිකරගන්න නිසා වැඩිකාලයක් ගතකරන්නේ හිටගෙන නින්දේ..මේ මාස දෙක පුරාවට එක තත්පරයක්වත් බිත්තරය තමන්ගේ කකුල් වලින් බිමට වැටෙන්න දෙන්නේ නැහැ.


මාස දෙකකට පස්සේ යන්තම් ඇන්ටාක්ටිකාවට ඈත ක්ෂිතිජයෙන් ඉර පේන්න පටන් ගන්නවා ,, ඒත් අපේ සමකාසන්න රටවලට වගේ නෙමේ යන්තම් එළියක් ඊතල වලින් පෙන්නලා තියෙන දිශාවට යන්තම් යනවා විතරයි..මේ වෙද්දී පුංචි එම්පරර් පැටවූ බිත්තර වලින් එලියට  එන්න පටන් ගන්නවා.  අළුපාට මුළු ශරීරයම පිහාටු වලින් වැහිලම තමයි පෙන්ගුයින් පැටවූ උපදින්නේ. 







වසන්ත කාළය එළඹීමත් එක්කම කෑම හොයාගෙන ගිය පෙන්ගුයින් ගැහැණු සත්තු ආපහු තමන්ගේ කොලනි වලට එන්න පටන් ගන්නවා..ඒ එන ගැහැණු පෙන්ගුයින් සත්තු තමන්ගේ පිරිමි සතා ඒ මහා 10000 කට ආසන්න පිරිමි පෙන්ගුයින් අතරින් වෙන්කරලා අදුරගන්න අලංකාර ශබ්ධ රටාවන් පාවිච්චි කරනවා ..තමන්ගේ ගැහැණු සතාගේ හඩලෑම අදුනගන්න පිරිමි සතා තමන්ගේ බිරිඳ ළගට ගිහින් පැටියට අම්මව හදුන්නලා දෙන්න උත්සහ කරනවා. 

මේ අතර සිද්ධ වෙන කණගාටුදායක සිද්ධියක් තියෙනවා ඒ තමයි..කෑම හොයන්න ගිහින් විලෝපිකයන්ට ගොදුරුවෙච්ච අම්මලා ආපහු එන්නේ නැති එක. ඒ වැනි පැටව් රංචු විදියට එකතු වෙනවා ..ඒ වගේම වැඩිහිටියෙක් නැතුව ඉන්න පුංචි පැටවුන්ව අයිතිකරගන්න පැටව් නැතිවෙච්ච ගැහැණු සත්තු පොර කරනවා ,,ඒ පොරකෑමෙන් වෙන්නේ ඒ පැටව් ආයෙම තනි වෙන එක..පෙන්ගුයින්ලා හරි අමුතු සත්තු ජාතියක් සටන් කරලා ඇති උනාම නතර කරලා දානවා ඒ වගේම තමන්ට අයිති වෙන්නේ නැත්නම් පැටියව වෙන කෙනෙක්ට අයිතිකරගන්න දෙන්නෙත් නැහැ.



ඒත් පුංචි සතුන් කැමති තාත්තගේ උණුසුමේම ඉන්න..ටික වෙලාවකින් පැටියා ගැහැණු සතා ළගට හුරු වෙනවා .ඒ අතර ගැහැණු සතා තමන්ගේ උගුරේ රදවාගෙන ආපු කෑම පැටියට කවනවා.පෙන්ගුයින් සත්තුන්ට කටු සහිත තියුණු දිවක් සහ උගුරක් තියෙනවා. මෙය උපකාරී වෙනවා කෑම රදවාගෙන පැටවුන්ට අරන් එන්න..

කෑම කවනවා






කොලනියේ වැඩිහිටියෝ පැටව් හවුලේ උණුසුම් කරන විදිය







වසන්ත කාළය පුරා පවුල් විදියට එම්පරර් පෙන්ගුයින්ලා ජිවත් වෙනවා..ඒ වගේම පැටව් ඇති දැඩි කරනවා.. ආයෙම සිසිරය ....සරත් සමය එළඹීමත් සමගම එම්පරර් පෙන්ගුයින්ගේ ප්‍රජනන සමය පටන් ගන්නවා..  එතනින් අළුත් කතාවක් ආයේ පටන් ගන්නවා ...........




මේ කුඩා වීඩියෝව හැකිනම් නරඹන්න 



"කුරුල්ලෙක් උනාට පියාඹන්න බැහැ ,පීනන්න පුළුවන් උනාට මාළුවෙක් නෙමේ "දන්නවද උත්තරේ 

ප/ලි
--------------------------------------------------------------
පෙන්ගුයින් ගැන සිංහලෙන් ගූගල් සර්ච් කරද්දී ලිපියක් හෝ තොරතුරක් ලැබුණේ නැහැ, (ලැබුණේ ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය ගැන තොරතුරු විතරයි.) 
නැරඹු ඉංග්‍රීසි ,රුසියන් වීඩියෝ සහ කියවූ ඉංග්‍රීසි වෙබ් අඩවි හරහා හැකි පමණින් සිංහලට පරිවර්ථය කරන්න ගත්ත උත්සහය වැරදි අඩුපාඩු දැක්කොත් කියන්න නිවැරදි වෙන්නම්..


"කඳුරට කුඩ "කුඩ කම්පැණි එකේ ලාංචනයට පෙන්ගුයින් ඇතුලත් කරලා තියෙන හේතුව ඔයා කවදාහරි හිතුවද ?

107 comments:

  1. මම ආශා කරන සත්වයෙක්.
    කලකට ඉහතදී මේ විස්තර බැලුව.
    ඒ දුටුවා වගේම විස්තර තියෙනවා.
    පිරිමි සතා බිත්තර සහ පැටව රැකීම හරිම අපුරුයි.
    සමහර පිරිමි සතුන් ගැහැණු සතාට පැටව බාර දෙන්න අදි මදි කරන විදිය දැක්කම හිනා යනවා.
    ඔබ හොදට විස්තර කර ලියා තිබෙන විදියත් අපුරුයි.
    මෙහෙම සැමව දැනුවත් කිරීම ගැන ඔබට තුති.

    ReplyDelete
    Replies
    1. තව වැඩි විස්තර දැනගන්න ඕන අයට මෙතෙනට ගියොත් වැඩි විස්තර දැනගත හැකි වෙයි......

      >> http://www.penguins-world.com <<

      Delete
    2. ස්තුති kenji..පිරිමින්ට වඩා හොදයි නේද ? :)
      මාත් ඕක කියෙවුවා .. thanks

      Delete
  2. බොහොම අපූරු ලිපියක් සහෝදරිය..මම පෙන්ගුයින් සත්තු ගැන සඳහන් වුණු වාර්තා වැඩසටහන් ඩිස්කවරි සහ ඇනිමල් ප්ලැනට් එකේ බලලා තියනවා. බොහොව අනන්‍ය ජීවන චර්යාවක් තියන සත්තු පිරිසක්. ඔබ බොහොම සවිස්තරාත්මකව ලියපු කරුණු නිසා දැනුමට බොහෝ දේ එක්වුණා

    ReplyDelete
    Replies
    1. රංග @ ස්තුති ඔයාටත් අදහස් එකතු කලාට ..ඒක තමයි සත්තුන්ගේ ජිවිත ඇතුලේ කොච්චර ලස්සන දේවල් හැංගිලා තියෙනවද ඔයා කැමතිනම් කියවන්න සැමන් මාළුවා ගැන මිට පෙර මං ලියපු ලිපිය ,,

      Delete
  3. මන් කලින් අහල තිබ්බෙත් එම්පයර් පෙන්ගුයින්ල ගැන විතරයි...මේ ලිපියෙන් ගොඩක් දේවල් දැනගත්ත අක්කෙ, ඒ වගේම දාල තියන පින්තූර ටිකත් ලස්සනයි :)

    ReplyDelete
    Replies
    1. එම්පයර් නෙමේ එම්පරර් හොදේ ,, ,මෙයාලයි කිංග් පෙන්ගුයින්ලයි අයිතිවෙන්නේ GREAT පෙන්ගුයින් කියන උප ගෝත්‍රයට විශාලම සහ ශක්තිමත්ම පෙන්ගුයින් වර්ග දෙක,, කිංග් පෙන්ගුයින්ලට එම්පරර් අයට වගේ දරුණු හිම කුණාටු වලට මුහුණ දෙන්න බැහැ එයාලා උණුසුම් වෙන්න කිමිදෙනවා සුලිකුනාටු වලදී... සත්තු ගැන ටිකක් හොයන්න හරි ලස්සන දේවල් දකින්න පුළුවන් මල්ලි

      Delete
  4. හරි අපූරු ඉදිරිපත් කිරීමක්.. පෙන්ගුයිනල ගැන ගොඩක් තොරතුරු දැනගත්තේ මේ ලිපියෙන් (ඕං මං බුක් මාර්ක් කරගත්තා)

    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තුති විදානේ පස්සේ කියවන්න

      Delete
  5. නියම ලිපියක් වගේම ගොඩක් තොරතුරු ඇතුලත්කරල තියෙනව. ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. තැනකුයි ප්‍රසන්න අයියේ ...

      Delete
  6. ඇත්තටම පෙන්ගුයින්ලා ගැන මේ තරම් විස්තරයක් කියෙවුවමයි. ඔයා ගොඩක් මහන්සි වෙලා තියෙනවා ෆොටෝස් ටිකටයි විස්තරේටයි. නියමයි.

    මාත් ආසම කරන සතෙක්.

    ReplyDelete
    Replies
    1. thanks ප්‍රියා පෙන්ගුයින් කියන්නේ ආස හිතෙන සතෙක් තමයි

      Delete
  7. පොඩි කාලෙ TV Game එකේ පෙන්ගුවින් ගේම් එක මතක් උනා. ඒකෙත් ඔය සීල් මත්ස්‍යයන්ගෙන් බේරෙමින් මාළු කකා තමයි රට රාජ්ජ හොයාගෙන යන්න තිබුණෙ. =)

    ReplyDelete
    Replies
    1. හි හි මාත් කරලා තියෙනවා .. thanks තඹරු

      Delete
  8. මමත් ආසම සත්ව විශේෂයක්. පෙන්ගුයින්ලාගෙ පිරිමි පෙන්ගුයින් ගැහැණු පෙන්ගුයින්ට තිලිණයක් විදියට pebble එකක් දෙන සීන් එහෙකුත් මම අහල තියෙනවා. ඒ ඇසුරෙන් "Pebble and the penguin" කියලා අපූරු ඇනිමේෂන් ෆිල්ම් එකකුත් නිර්මාණය වෙලා තියෙනවා.

    ReplyDelete
    Replies
    1. එහෙම දෙයක් නම් මට හම්බුණේ නැහැ ,,ආයෙමත් හොයලා බැලුවා,, සැබෑ පෙන්ගුයින් අතර එහෙම දෙයක් නැහැ බස්සියෝ ,,ඒක ඒ ෆිල්ම් එකේ තියෙන්නේ ,,

      Delete
  9. පොඩි වීඩියෝ කෑල්ලකුත් තිබුනානං පංකාදු 5 යි

    ReplyDelete
    Replies
    1. http://www.youtube.com/watch?v=MLV6lbyYpXM

      Delete
    2. අටම උඹේ පැටික්කියෝ දෙන්නට අනිවා පෙන්නපන් මචෝ...

      Delete
    3. අටම් @ඔන්න පොඩි වීඩියෝ කොටසක් එකතු කළා, යු ටුබ් එකේ ගොඩක් තියෙන නිසා මං එකතු නොකලේ , ඔන්න දැන් එකතු කළා

      Delete
  10. පෙන්ගුවින් සත්ත්වයා ගැන හිතනකොට ඇත්තටම කදුලක් නෙතට ගලාගෙන එනවා.ඒ තරමටම ඔවුන්ගෙ කටුක ජීවන රටාව මනස්කාන්ත ලෙසට ඉදිරිපත් කරල තියෙනවා .ඇත්තටම හරිම ලස්සනයි ඔමායා.තව තවත් මෙවැනි පර්යේෂනාත්මක නිර්මානයන් අප වෙත ගෙන එන්නට ඔබට ශක්තිය ලැබේවා

    ReplyDelete
    Replies
    1. වැව් ඉස්මත්ත @ස්තුති අයියේ ..එයාලා ශිත කලාපේ ජිවත් වුණාට නොනැසී ජිවත් වෙන්න ලොකු වෙහෙසක් දරනවා .. හොදයි මං ලියන්නම් ,, සැරින් සැරේ කරුණු එකතු කරන් ලියද්දි ටිකක් කාලේ ගතවෙනවා ..

      Delete
  11. බොහොම හොඳයි. හොඳින් කරුණු සොයා බලා ලියපු ලිපියක්. එක අතකට බලනකොට මේ ලෝකයේ එක් එක් සත්වයාට නිජබිමක් සහ හුරුපුරුදු පරිසරයක් තියනවා. අපිට පෙනෙන්නේ උන් හරිම කටුක පරිසරයක ඉන්නවා වගේ. නමුත් උන් දුක් විඳින්නේ නැහැ. ඒ උන්ගේ නිජබිම, උන්ගේ පරිසරය, අපිට තමයි ඒ පරිසරය කටුක. එහෙම නේද?

    ඇන්ටාර්ටිකාවට ඉර පායන හැටි පෙන්වන පින්තූරයේ ඊතල ගහන්න අමාරු වුනාද. මම දෙන්නම් ලින්ක් එකක් නොමිලේ ලබාදෙන පින්තූර සංස්කරණය කරන මෘදුකාංගයක. මේකෙන් වැඩ කරන්න හරිම පහසුයි. මමත් මගේ අඩවියේ පින්තූර සංස්කරණය කරන්නේ මේකෙන්. ටික දවසක් තුල ඉගෙනගන්න පුළුවන් තනියම. වැරදුනාම undo කරන්න. මෙන්න ලින්ක් එක.

    http://photoscape.en.softonic.com/

    ReplyDelete
    Replies
    1. ස්තුති විචාරක තුමණි. ඔබ කියන දේ හරි නමුත් අධික ශීතලේ එයාලා ජිවත් වෙන්න ලොකු සටනක් කරනවා ,, ඒ වගේම පුංචි පැටවූ මැරෙනවා ,,සමහර විට පෙන්ගුයින් ගහනය පාලනය කරන්න සොබාදහම පාවිච්චි කරන උපායක් වෙන්නත් පුළුවන් ,..

      හොරයිසන් ෆොටෝ ගොඩක් නෙට් එකේ තිබ්බත් ඒවා එකක්වත් හිතට හරි ගියේ නැහැ ,,මේක මේ යු ටුබ් වීඩියෝ එකක් ප්ලේ වෙද්දී ස්නැප් ෂොට් එකකින් ගත්තේ ,,හි හි එකයි මේ නිදිමරගාතේ ඉරි පෙන්සිල් එකෙන් ඇන්දේ ,,, thanks ලින්ක් එකට අදින් පස්සේ මං මේක පාවිච්චි කරන්නම්

      Delete
  12. This comment has been removed by the author.

    ReplyDelete
  13. ගොඩක් මහන්සිවෙලා තියෙනවා ලිපිය ලියන්න .... අසාවෙන් කියෙව්වා .....

    ReplyDelete
    Replies
    1. සාලේ නෙවෙයි කාමරේ..

      Delete
    2. හ්ම්ම් හ්ම්ම්

      Delete
  14. ඉතාම හොඳ ලිපියක්. ආදරේ හිතෙනව.
    දහසක් දුක් කම්කටොළු මැද තම දරුවන් රැක ගන්නට බිරිඳට මහා ශක්තියක් වන පෙන්ගුවින් ස්වාමිපුරුෂයන්ට මගේ උත්තමාචාරය.

    "කුරුල්ලෙක් උනාට පියාඹන්න බැහැ ,පීනන්න පුළුවන් උනාට මාළුවෙක් නෙමේ "දන්නවද උත්තරේ " ඔමායා.. මෙකත් පොඩ්ඩක් බලන්නකෝ. මෙයාලට ඉගිල්ලෙන්නත් ටිකක් විතර පුළුවන්.

    http://www.youtube.com/watch?v=pG5dzybHgTo

    ReplyDelete
    Replies
    1. ස්තුති .. ඔව් පෙන්ගුයින්ලා කියන්නේ නියම ස්වාමිපුරුෂයෝ


      සප්‍රි @ මේක ජෝර්ක් වීඩියෝ එකක් විතරයි , පෙන්ගුයින්ට පියාඹන්න බැහැ..අපි ෆිල්ම් වල දැකලා තියෙනවා නේද සුපර් මෑන් අහසින් යනවා ,,ඒත් එයා ඇත්තටම යන්නේ නැහැ මේක විහිළුවක් සප්‍රි ...

      Delete
  15. නියමයිනේ..... පෙන්ගුයින්ලා ඊශ්‍රායලේ නැද්ද?

    ReplyDelete
    Replies
    1. හි හි මෙහෙ ඉන්නේ ඔටුවෝ අනේ :)

      Delete
    2. ඇඹලයො නැද්ද?

      Delete
    3. කෙන්ජි එන්නකෝ හනික ඇනෝ මෙයාල මට නෝටි කතා කියනවා අනී.....

      Delete
    4. හැඩකාර , විසේකාරයා කෝ බන්

      Delete
    5. ඇනොල විදියට ආවත් උඹල මචෝ නියම මහත්වරු...
      ඔය විදියට තමයි යමක් අහන්න /කියන්න ඕන......
      තොප තිදෙනාට මාගේ ප්‍රණාමය......!

      Delete
  16. "කඳුරට කුඩ "කුඩ කම්පැණි එකේ ලාංචනයට පෙන්ගුයින් ඇතුලත් කරලා තියෙන හේතුව ඔයා කවදාහරි හිතුවද ?

    වෝටර් පෲෆ් කියන අදහසින්ද?

    ReplyDelete
    Replies
    1. දන්නේ නැහැ අයියේ ,මට මේක ලියනගමන් මතක් උනා ඒක මං හිතන්නේ වෝටර් පෲෆ් නිසා වෙන්න ඕනේ,, මොකද මෙයාලගේ ගනකම් කබායක් වගේ තියෙන පිල්කළඹ නිසා තමයි එයාලා අච්චර සීතල පරිසරේ ආරක්ෂා වෙන්නේ ,. ඒ වගේම පිල් වලට යටින් සෙල්සියස් 25 ක උෂ්ණත්වයක් පවත්වාගන්න පුළුවන් ,, සෙල්සියස් -50 ක් වගේ අතිශය කටුක ශිතලකදී උණත්..

      Delete
  17. Marty Stouffer මහත්තයගෙ Wild America නිසා ඇති වුන සත්තු ගැන වාර්තා වැඩසටහන් බලන ආසාව Discovery, NatGeo Wild, Animal Planet වෙනකම්ම දුර ගියා....දැන් නම් බැලෙන්නෙම නැති තරම්......

    පෙන්ගුයින් ලා එයාලට සොබාදහමෙන් පැවරිලා තියෙන කාරිය අකුරටම ඉටු කරනවා හරිම කැපවීමෙන් නොකා නොබී හරි....මිනිස්සු එහෙම නැති උනාට....

    ReplyDelete
    Replies
    1. mr.යටලියන

      මාත් මේ ටිකේ වයිල්ඩ් ස්කොට්ලන්ඩ් ඩොකියුමන්ට්රි වගයක් බලනවා නියමයි අයියේ.. ඒකනේ මිනිස්සුනේ මේ හැමදේම අරගල වලින් දිනන්න හදන්නේ

      Delete
    2. http://news.nationalgeographic.com/news/2014/02/140219-emperor-penguin-colony-antarctica-alain-hubert

      Delete
  18. මාස දෙකක් නොකා නොබී ජීවත් වෙනවා කිව්වම හරිම දුක හිතෙනවා... එහෙම ඉඳලත් අන්තිමේදි නෝනා ආවම පෙන්නන්න පැටියෙක් නැතිවෙන අයට කොච්චර දුක හිතෙනව ඇද්ද, නේද?
    මේ ළඟදිත් පෙන්ගුවින්ලා ගැන ටීවී එකේ ගිය විස්තරයක් බැලුවා... ඒ විතරක් නෙවේ... හැපි ෆීට් කතාවත් මතක් වුනා... ඔයාගෙ විස්තරෙයි පින්තූර ටිකයි හරිම ලස්සනයි... ගොඩක් මහන්සි වෙලා තියෙනවා... අපිත් අළුත් යමක් ඉගෙන ගත්තා...

    ReplyDelete
    Replies
    1. උඹ අවුරුද්දකින් විතර කිසි දෙයක් ලියල නැහැ නේද බං මියුරු...

      Delete
    2. නිකං කමෙන්ට් දදා ඉන්න හිතුන අනේ... ඒක ලේසියි පෝස්ට් දානවට වඩා... නැතුව කම්මැලිකමට එහෙම නම් නෙවේ හරිද...? :D

      Delete
    3. මියුරු ස්තුති ,ඒ වගේම මගේ හීන අඩවියට ආදරෙන් පිලිගන්නවා .. පව් එයාලා පැටවුන්ට ඊට පස්සේ පොරකනවා

      Delete
  19. Matath mathak wune mulinma Linux...godak watina witharayak omaya..

    ReplyDelete
    Replies
    1. සින්දුවෝ @මගේ හීන අඩවියට ආවට thanks ආදරෙන් පිලිගන්නවා ..

      Delete
  20. Replies
    1. එලස් ආචාර්ය මල්ලියෝ

      Delete
  21. පෙන්ගුයින් කියන්නේ පුංචි කාලේ ඉඳන් මමත් හරිම ආස සතෙක්... ඒත් මේ තරම් තොරතුරු නම් දැනගෙන හිටියේ නෑ.. හුඟක් වටින ලිපියක් ... අපූරුයි....

    ReplyDelete
    Replies
    1. තුෂි @ නෝටි කෙල්ලේ.. තාම නැවැත්තුවේ නැහැ නේද ඉදගෙන හි හි thanks නංගි

      Delete
  22. මෙච්චර කාලෙකට වැඩි අවධානෙකට ලක් වෙච්ච සතෙක්නං නෙමේ. හුරතල් පාට යි....)))

    ReplyDelete
    Replies
    1. කුරුට්ටි @ හි හි ඔව් අනී මුණ කචල් ඇග හුරතල් .. තැන්කු

      Delete
  23. ලස්සන සතෙක් ගැන පට්ටම විස්තරයක්.නියමයි

    ReplyDelete
    Replies
    1. තරිඳු @ ස්තුති ,,ඒ වගේම මගේ හීන අඩවියට ආදරෙන් පිලිගන්නවා

      Delete
  24. සිංහලෙන් මේ ගැන සර්ච් කලාම මොකුත් නෑ කියන්නේ අද ඉඳං මේ ලිපිය ලංකාවේ සිංහලෙන් දැනුම හොයන මිනිස්සුන්ට මේ ලිපිය ගොඩක් වටිනවා.
    >
    ලිපිය මල් හතයි. ඕමා'ගේ මහන්සිය අගය කරනවා.
    >
    පපුව හීතල වෙද්දී ඉරිසියාව වැඩිවෙනවා කියලා කවුදෝ කියනවා මං පොඩිකාලේ අහලා තියෙනවා. තමන්ට නොලැබෙන පැටිය වෙන කෙනෙකුට අයිති වෙනවා දකින්න, පැටව් නැතිවෙච්චි පෙන්ගුයින් ගැණු සත්තු මෙච්චරම ඊරිසියා ඒක වෙන්න ඇති.. :)

    ReplyDelete
    Replies
    1. ස්තුති තිලිණ අයියේ .. ලිපි හොයාගන්න ඔයා දුන්න උදව් අමතක වෙන්නේ නැහැ ,thanks ..

      එහෙම වෙන්න ඕනේ එයාලා ඒ විදියට හැසිරෙන්නේ , ඕවා මනුස්ස ගති අනේ

      Delete
  25. මම මේ එම්පරර් පෙන්ගුවින්ලා ගැන රුපවාහිනී වැඩ සටහනක් බැලුවා. ඒත් ඒක ඉදිරිපත් කළාටත් වඩා ලස්සනට ඔමාගේ ලිපිය සාරවත් . බොහොම ස්තුතියි මේ වගේ දෙයක් සිංහල බසින් ඉදිරිපත් කලාට

    ReplyDelete
    Replies
    1. තිලක සිත @ස්තුතී දිරිමත් කිරීමට .. මගේ අඩවියට ආදරෙන් පිළිගන්න\ව

      Delete
  26. මමත් ගොඩක්ම රස වින්ඳා ඔබේ ලිපිය. පෙන්ගුවින්ලා ගැන හොඳ විස්තරයක් දැන ගත්තා. හරිම සාර්ථක ලිපියක්.
    මොකද ඒ කුඩ වලට පෙන්ගුවින්ගේ පිංතූරයක් දාන්නේ කියලා දන්නේ නෑනේ. මෙහේ තියෙනවා පෙන්ගුවින් කියලා චොක්ලට් කෝටඩ් බිස්කට් වර්ගයක්.

    ReplyDelete
    Replies
    1. චන්දන@ ස්තුති අයියේ කුඩ වලට දාන්නේ ශක්තිමත් සීතලෙන් සහ ජලයෙන් ආරක්ෂා කරන නිසා වෙන්න ඇති .. චොක්ලට් ගැනනම් අහලා නැහැ

      Delete
    2. වැරදුනා බිස්කට් නේද .

      Delete
  27. සවිස්තරාත්මකව ලස්සනට ලියල තියෙනවා. මම ඩිස්කවරි වැඩසටහනක් බැලුවා පෙන්ගුයින්ලගෙ විලෝපිකයො ගැන පෙන්වන. සීල වර්ග‍යි තල්මස් වර්ග පෙන්ගුයින් පැටවු දඩයම් කරන හැටි ඒකෙ තිබ්බා. සත්ව ලොකේ දේවල් නම් පුදුමාකාරයි.

    ReplyDelete
    Replies
    1. චමි @ ස්තුති චමි ..පව් සීල් ලා සෙල්ලම් කරලා මරණ කන්නේ .. සත්ව ලෝකය ගැන හොයන්න හරිම සුන්දරයි අපේ ලෝකෙට වඩා

      Delete
  28. සෑහෙන්න මහන්සි වෙලා ලියලා තියෙන ලිපියක්.. මොනා වුනත් මෙහෙම දේවලුත් ලියන එක හොදයි...

    ReplyDelete
    Replies
    1. ස්තුති දිනේෂ් ,, කොහොමත් මාසෙට එකක්වත් ලියන්න ඉන්නේ ,

      Delete
  29. ම්ම්ම් කියෙව්වෙ නෑ පින්තූර ටික බැලුවා ,,,හී හී /...
    ගොඩක් මහන්සි වෙලා තියෙන හැඩයි ...මම කලින් කියවලා තිබුණා මේ ගැන ,ඔය පිරිම් සතා විදෛන්නෙ පස්ට කට්ටක් ,තව මුහුදු අශ්වයා ,මට මතක ඒ වගේ පොඩ්ඩක් බලන්න ඒ ගැනත් ...
    වටිනවා මේ වගේ දේවල් ලියන එක ..

    ReplyDelete
    Replies
    1. සහෝ @ පහල තියෙන msg එක කියෝලා නැහැ වගේ

      Delete
    2. මොකක්ද හැබෑට මම කියෙව්වා දැන් නම් ..එත් ඔය කියන්නෙ මොකක් ගැන ද ??? :(

      Delete
    3. ////ලිපිය කියවා කොමෙන්ට් නොකලත් කමක් නැහැ කමෙන්ට් කලොත් සතුටුයි. ලිපිය කියවන්නේ නැතුව කොමෙන්ට් කරන්න එපා.
      අපුර්වි_/// මේක ,, හි හි

      Delete
  30. මේ තරං මහන්සි වෙලා ලියන එකේ අක්කෙ මොකද ඔයා ලියන ඕ වගේ විස්තර සිංහල විකිපීඩියා එකට දැම්මොත් ඒක මේ වලේ විස්තර හොයන හුගක් අයට ප්‍රෙයා්ජනවත් වෙයි...
    පුලුවන්නං ඒ වගේ දෙයක් කරන්න ලංකාවෙ ඉන්න හැම කෙනෙක්ම ඔයාට පිං දෙයි...( ඇත්තටම කීවෙ හොදේ ජෝක් නෙමේ)
    වැදගත් විස්තරයක් අක්කෙ ස්තූතිය්
    බලාගෙන ගියාම පෙන්ගුයින් සමාජව මාතෘ මූලික් සමාජයක් නේ...

    ReplyDelete
    Replies
    1. මහේෂ් ස්තුති ,,මං උළුවන් විදියට මාසෙට එකක්වත් ලියන්න ඉන්නේ ..මන් දනනවා ඔය විහිලුවට නෙමේ කිවේ ස්තුති නිහතමානි කමට ..

      Delete
  31. සැමන් මාළුන්ගෙ කතාව වගේම මේකත් නියමයි. :)

    ReplyDelete
    Replies
    1. ගොළු @thanks ඔයා ඒකත් කියෙවුවද thanks again..

      Delete
  32. අනේ පලයන් කෙල්ලේ යන්න ..ආවා මෙතන පරිවර්තන කරන්න

    ReplyDelete
    Replies
    1. ඇයි මචන් අවුල්ද...?

      Delete
    2. ඇනෝ @කොහි යන්නද අනී හි හි kenji ,,අයියු ඕවා ගණන් ගන්න එපෝ,,අපේ යාළුවොනේ අනේ

      Delete
  33. African Penguin ඈන්ටාර්ටිකා යන්නෙ නෑ නේ? South Africa විතරයි?
    ඔය එම්පරර් පෙන්ගුවින්ලා බෙල්ල පේන්නෙ නෑතිව හිටගෙන ඉන්නකොට ඔයාට මෙහෙ (SL) දෙශපාලකයො මතක්වෙන්නෙ නෑද්ද?

    ReplyDelete
    Replies
    1. ලංකාවේ කාලකන්නි දේසපාලුවන්ව සම කරන්න එපා PJ මචෝ ඒ අහිංසක සතුන්ට .... :)

      Delete
    2. pra/jay @ ඔව් මෙයාලා ඉන්නේ අප්‍රිකා මහද්වීපයේ දකුණු වෙරල තිරයට වෙන්න ,,මෙයාලා ගොඩක් පුංචි කිලෝ 3, වගේ තමයි ලොකු වෙන්නේ ,,උසත් අඩි 2ක් හෝ ඊට අඩුයි ...

      හි හි ඔව් නේ බැරල් වගේ තඩියට ඉන්නවනේ අප්පා..ඉස්සරහත් සුදුවට බඩ ස්තුති ඔයාට

      Delete
  34. සුදු නෝනා ඔයා ළඟදි බ්ලොග් ටෙම්ප්ලේට් එක එඩිට් කලා ද ? බ්ලොග් එක කියවන්ඩ අමාරුයි හිරවෙන ගතියක් එනවා.

    ReplyDelete
    Replies
    1. මධු @ටෙම්ප්ලේට් එක හදලනම් ටිකක් දවස් , හැබැයි ඊයේ අපේ අටම් අයියගේ html එක ටෙස්ට් පාරක් දැම්මා හිර වෙච්ච නිසා අයින් කළා ,, ඒකද දන්නෙත් නැහැ ,අනේ මන්ද ,,දැනුත් තියෙනවද

      Delete
    2. මධු @ ඒවා වැඩක් නැහැ ලිපිය කියෙවුවද ඉදගෙන :D

      Delete
    3. කියෙව්වා.... කියෙව්වා...
      ඔයා කෝල බලහා ගැන ලියලා නැද්ද ? අපේ කන්තෝරුවේ එක්කෙනෙක් දවසක් මට කෝල වලහා ගැන සෑහෙන දෙශනයක් දුන්නා... එපා උනා අප්පා...

      Delete
  35. අද තමා නිවි සැනසිල්ලේ එක හුස්මට කියෙව්වේ
    ඔමයියගේ මහන්සියට මගේ උත්තමාචාරය ඕං.......

    ReplyDelete
    Replies
    1. ශානු @thanks අක්කේ දැන් අක්කා දකින්න න්හ් නිතර බිසිද ගොඩක් වැඩද

      Delete
  36. Planet Earth වාර්තා වැඩසටහනකින් මෙයාලා ගැන විස්තර ටිකක් දැනගෙන හිටියේ.ඒත් මේ තරම් කරුණු ඒකේ තිබුනේ නෑ....මහන්සි වෙලා ලියපු ලිපියක්...ජය වේවා...

    ReplyDelete
  37. @රියදුරු මහත්තය
    ස්තුති හොදේ , ඔයාගේ ලිපිත් හරිම රසවත් ඒ වගේම ගොඩක් විස්තර තියෙනවා ,,

    ReplyDelete
  38. ආ එහෙමත් එකක්ද ඈ... :D :D

    මාත් ආසම මෙව්ව එකෙක් තමා පෙන්ගුවින් කියන්නේ :D

    ReplyDelete
  39. @තරුවා කාලෙකින් දැක්කේ තරුවව .. මේම මේම බලද්දී මං හිතුව ආස ඇති කියලා ඉදගෙන :)

    ReplyDelete
  40. මම කැමතිම අර පෙන්ගුයින්ලා දෙන්නෙක් සෙල්ලම් කරන පින්තූරෙට...


    මේ වගේ පෝස්ට් එකක් ලියන්න කොච්චර නම් අමාරුද කියලා දන්නේ මේ වගේ පෝස්ට් ලියපු එකෙක්ම තමා.. පෙන්ගුයින්ලා ගැන ගොඩාක් දේ දැනගත්තා... තෑන්ක්ස් මෙයා... ඉඳගෙන..

    ReplyDelete
  41. @මාතලන් ,හි හි තියෙන නෝටිකම :) thanks කියෝලා දිරිමත් කලාට ඉදගෙන

    ReplyDelete
  42. කඳුරට කුඩා වලට දාලා තියෙන්නේ දරාගැනීමේ ශක්තිය පෙන්වන්නද? වටිනා ලිපියක් මමත් හරිම ආසා සත්තු වර්ගයක් තමයි පෙන්ගුවෝ

    ReplyDelete
    Replies
    1. ස්තුති මල්ලි.. වෙන්න පුළුවන් ,,පෙන්ගුයින්ගේ ජිවිතේ හැමදේම තියෙනවා ,,වෝටර් ෆෘෆ් ,ශක්තිමත් ..,,

      Delete
  43. කියවන්න මෙතරම් පමා වීම ගැන දුක් වෙන ගමන්ම මේ වගේ නිස්කලංක වෙලාවක බලන්න ලැබීම ගැන සතුටු වෙනවා. මෙය ආදරය ගැන නියමම පාඩමක් මනුෂ්‍ය වර්ගයාට දෙන ලිපියක්. මේක ලියන්න වෙච්ච මහන්සිය මට හොඳට තේරෙනවා. මේ ලිපිය අතර මගදී මට ගීතයක් මතක් වුණා

    නෙලන්නට ගිහිං ඵලවැල ගෙනෙන්නම් ඉතිං බරටම

    කියන ගීතය. එක් තැනකදී මගේ දෑසට කඳුලක් එකතු වුණා.

    ReplyDelete
    Replies
    1. ඔයාගේ ප්‍රශ්නෙට උත්තරේ - තාරාවා

      Delete
    2. පමාවුනාට කමක් නැහැ.. සොබාදහම හරිම ලස්සනයි ඇස් වලට ඒ වගේම ඒකෙ තියෙන රහස් හරිම සුන්දරයි .. ජිවිතේ ඔහොමයි ...ඉදහිට කදුළු ආපුදෙන් ඒක හොදයි වේලිලා ඉන්නවට වඩා..

      ප්‍රශ්නෙට උත්තරේ වැරදි ..තාරාවෝ ඉගිලෙති කියලා නාට්ටියකුත් තියෙන්නේ :)

      Delete
  44. touching style of writing.........congratzzz

    ReplyDelete
  45. ලස්සනට ලියල තියෙනවා සිරා

    ReplyDelete


ලිපිය කියවා කොමෙන්ට් නොකලත් කමක් නැහැ.. කමෙන්ට් කලොත් සතුටුයි. ලිපිය කියවන්නේ නැතුව කොමෙන්ට් කරන්න එපා.
අපුර්වි_


,නිතරම යහපත කරන්න...,සතුට සැනසිල්ල හැමදාම ඔයාලග රැදේවි,,දෙවිපිහිටයි,

Related Posts Plugin for WordPress, Blogger...