Wednesday, February 12, 2014

දෙවියනි ඔබ කොහිද ? sometimes GOD must be busy



තවම වින්ටර් එක උනාට අද ශීතල නැහැ ,හොදට ඉර පායලා ඉතින් මං බෑන්ක් එකට යද්දී අත් කොට ටී ෂර්ට් එකක් ඇදන් ගියා.. වැඩේ කියන්නේ අනුන්ගේ දේවල් හොයන්නේ නැහැ කියලා මං හිතන් හිටපු මේ රටේ මිනිස්සු හැරී හැරි බැලුවනේ මං දිහා මාත් ඉතින් ඕනෙවට වඩා උවමනාවෙන් මුණු වලට එබිලා බැලුවා..පස්සේ බෑන්ක් එකට මෙහාදි අපේ ගෙවල් ලග කෙනෙක් ඇහුවා මොකද මේ කෝ ජැකට් ? ජැකට් එකක් නැද්ද ? කියලා.. ..අනේ මන්දා මිනිස්සු වින්ටර් එක කියලා පොදුවේ කියන නිසා හැමෝම බූට් සපත්තු දාලා ජැකට් ,ජර්සි ඇදගෙන යනවා  අද රශ්නේ දවසක් ඒත් අර විදියටම අඳින්න මිනිස්සු පුරුදුවෙලා....


මේ සිද්දිය නිකන් කීවේ. ගොඩක් දේවල් වලදී මිනිස්සු යම් යම් දේවල් වලට හුරුවෙලා... පුරුද්දක් විදියට කරගෙන යනවා..  ඒකෙන් චුට්ටක් එලියට ඇවිත් බලන්න හෝ හිතන්න කැමති නැහැ. මේක ගැන ලියන්න නෙමේ මං මේ වෙන එකක් ලියන්න පටන් ගත්තේ..පොඩිකාලේ කට්ටි පැනපු කතාවේ දෙවැනි කොටස ඒත් අද බැහැ.. වෙන මොනාහරි කොටාගෙන කොටාගෙන ගිහින් පබ්ලිෂ් කරනවා..


දෙවියනි... ඔබ කොහිද?
කුමට මැවුවාද වෙන වෙනම ඇස් ...
හැම කෙනාටම දෙක දෙක..
රටකට ජාතියකට දෙකක් මැවුවානම් .
හොදටම ඇතිය...
දෙවියනි කුමට දුන්නාද කන් ...
හැමෝටම දෙක දෙක වෙන වෙනම 
අසන්නට නමන පිණිස බොල් හුළඟට..
දෙවියනි කුමට දුන්නාද දිවක්...
හැමෙකාටම එක එක ...
දුෂ්ට වචන හසුරුවන්න ..
අහෝ දෙවියනි 
කුමට දුන්නාද ලොකුවට ඔළු ගෙඩියක් ...
පිටින් ඔප මට්ටම් කර ලොකුවට පුම්බපු....
කුමට මැවුවාද හමෙකාටම ..
වෙන වෙනම සිත්.....
තනිව සිතුවිල්ලක් නෙලාගන්න බැරි...
අහෝ නුඹ කුමට මැවුවාද මා ..
මේ ගොහොරු විල්ලුවේ ..........


හිමියනි ඔබ මැව් ලොව පුදුමයි ..
පහන ලගයි ආලෝකේ දුරයි ....

83 comments:

  1. මිනිස්සු වින්ටර් එක කියලා පොදුවේ කියන නිසා හැමෝම බූට් සපත්තු දාලා ජැකට් ,ජර්සි ඇදගෙන යනවා//

    සහතික ඇත්ත. පුරුද්දට ඔහේ කරනව මිසක් කීයෙන් කීදෙනාද ඔලුවෙන් වැඩ ගන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඔව් රාජ් අපි උණත් සමහ දේවල් නොදනිම පුරුද්දට කරනවා ,නැවතිලා හිතුවොත් ඊට වඩා පහසු ක්‍රම ඕනේ තරම් තියෙනවා

      Delete
  2. ලෝකෙ මොන කොනේ හිටියත් මිනිස්සු කැමති කොටුවක් ඇතුලෙ හිරවෙලා ජීවත් වෙන්නයි. කවදාවත් වෙනසක් කියන දේ ගැන හිතන්න කැමති නෑ නෙමේ ගොඩක් උන් බයයි. මොකද එතකොට උන්ව කොන් වෙයි කියලා.

    ඒත් එකක් තියෙනවා. මේ ලෝකේ හැමදාම ඉදිරියට ගෙන ගියෙ "වෙනස්" විදියට හිතපු "වෙනස්" විදියට වැඩ කරපු උන්. කොටින්ම කියනවානම් සම්මතය නමින් හදා ගත් සීමාව පසු කර ගිය උන්.

    ReplyDelete
    Replies
    1. ප්‍රියා @ බය තමයි අපේ ලොකුම හතුරා ,පාපයට මිස වෙන මොනාට බය වෙන්නද අපි ...

      වෙනස් විදියට හිතිමයි සම්මතයෙන් එහාට යාමයි සමහරු කරන්නේ වැරදි පත්තෙන්නේ ප්‍රියෝ

      Delete
    2. ඒක ඇත්ත ඔමා. සම හරක් සම්මතේ බිදින්නෙ වැරදි පැත්තෙන්. ඒත් ඉදි‍රියට යන්න නම් අපිට සම්මතය කියන රාමුව බිදින්නම වෙනවා (හරි විදියට, හරි පැත්තෙන්)

      නිකමට හිතලා බලන්න. වඳුරා ගස් උඩ යන්න පුරුදු පුහුණු වෙලා හිටියට ඌ ඒසමමතය බිදලා ගහෙන් බැහැලා ඇවිදපු නිසා අපි මිනිසා කියන තැන වෙනකම් ඉදි‍රියට ඇවිත්.

      Delete
  3. පිට රටක ඉන්නකොට දැනෙන තනිකම ඔබටත් තදින් දැනෙනවා වගේ.

    මිනිසා කියන සතාගේ පොදු ගතිගුණ ලෝකයේ කොහෙදිත් එකම තමයි.

    ReplyDelete
    Replies
    1. මේ පෝස්ට් එක කියෝපුවම එහෙම දැනෙනවද ඔබට .

      Delete
    2. ඒ බැව් ඔබේ හැම සටහනකම වගේ පේන්න තියනවා දරුවෝ

      Delete
    3. හ්ම්ම්ම්,,, ඉවසාපන් පපුව ,,,,,,,, thanks නලින් අයියේ

      Delete
  4. // තනිව සිතුවිල්ලක් නෙලාගන්න බැරි...
    අහෝ නුඹ කුමට මැවුවාද මා ..
    මේ ගොහොරු විල්ලුවේ ..........//

    බොරු කියන්න එපා මෙකට කියන්නේ කම්මැලිකම කියලා...

    ජය වේවා!!!

    ReplyDelete
  5. පුරුදු ගැන මමත් ටික දවසකට ඉස්සර පෝස්ට් එකක් දැම්මා.බලපුවම කොහෙත් එකයි වගේ.

    ReplyDelete
    Replies
    1. යකා කරුණාකර ලින්ක් දෙන්න අපිට :)

      Delete
  6. මගේ අදහස ඔමා කියන දේට වඩා හාත්පසින්ම වෙනස් එකක්,කැමති නං කියන්නං.

    ReplyDelete
    Replies
    1. උඹ තටමන්නේ කියහන් බං ළමිස්සි වගේ ඇබරෙන්නේ නැතිව...

      Delete
    2. කියන්න හැලපයියේ ඕනේ එකක් මගේ අදහසට හාත්පසින්ම වෙනස් අදහස් ලෝකේ කොච්චර නම් තියෙනවද ,,

      Delete
    3. ''දැන් හොඳට ඉර පායල තිබුනට කාලගුණේ කොයි මොහොතෙ වෙනස්වෙයිද කියන්න බෑ,සීතල වැඩි වෙන්න පුළුවන් සමහරවිට ස්නෝ වැටෙන්නත් ඉඩ තියෙනව,එච්චර දෙයක් දන්නේ නැතුවද මේ ගෑනු ළමය බාගෙට ඇඳගෙන යන්නෙ.''
      අර හැරී හැරී බලපු මිනිස්සුන්ගෙ හිතේ එහෙම දෙයක් තිබුනෙ නෑ කියල කියන්න පුලුවන්ද,ඔයා හිතන දේ හැම තිස්සෙම හරිදේ නෙවෙයි නේද,

      Delete
    4. මං ඉන්නේ ඊශ්‍රායලයේ ..

      Delete
    5. හැලපේ කියපු දේ වැටහිලා නෑ මේ ලමිස්සිට

      Delete
    6. මට තේරුණා මං තනි වචනෙන් උත්තරේ දුන්නේ සේරටම,,,

      ඔව් එයාලගේ ඒ සිතුවිල්ල ආපු නිසානේ මං දිහා අරෙහෙම බැලුවේ
      //ඔයා හිතන දේ හැම තිස්සෙම හරිදේ නෙවෙයි නේද,// මේකට උත්තරයක් දෙන්නේ නැහැ මං ,, මෙහෙ හිම වැටෙන්නේ නැහැ ,, ලබන සතියේ බදාදා උදේ 10 ට වගේ තමයි පොඩි වැස්සක් වහින්න තියෙන්නේ.. ඒකත් බොහෝ විට ජෙරුසලමට..25 c උෂ්ණත්වය, ඒ සියල්ල නිසයි කෙටියෙන් උත්තර දුන්නේ

      Delete
  7. උන් අඳුනන්නේ නැහැ දුයිශේන්ව

    ඔව්. උන් අල්තිනායි ගැන දන්නෙත් නෑ.


    ඒ කොයි කාලෙකට ඉස්සරද?

    කාලෙ වෙනස් – තාලෙ අලුත්

    ReplyDelete
    Replies
    1. පිස්සු කතා කරන්න එපා නංගි බැටිස්ටව ජෝන් සිනව නම් දන්නවා උන් ... ඇන්ද්රොයිඩ් වයි මාර්ක් සරකස්බාස්වයිත් දනනවා

      Delete
  8. මිනිස්සු ගොඩක් වෙලාවට තම තමන්ගේ safe zone වලට එහෙම නැත්නම් සරලව කිව්වොත් තම තමන්ගේ ළිං වලට වෙලා ඉන්න බොහොම ආසයි. ලිඳෙන් එලියට පනින්නේ එහෙමත් එකෙක් තමයි. එත් ඉතින් ලෝකයක් දිනන්නෙත් ඒ වගේ උන් තමයි. ලංකාව නම් කොහොමත් ලිඳේ තමයි. හැමදාම වනසේ කබල් ගෑම මයි.

    ReplyDelete
    Replies
    1. සෙහාන් @එහෙම කියන්න එපා අපි ප්‍රවුඩ මෙවුවා එකක් තිබ්බ ජාතියක් හොදේ :)

      Delete
  9. මාර මිනිස්සුනෙ, හැමදාම ජැකට් එක ඇදන් ඉන්නද දන්නෑ කල්පනාව :D
    කියන්න තිබුනෙ අනේ ඔව් ජැකට් එකක් නෑ අරන් දෙන්න බැරිද කියල (විහිලුවට ඈ කිව්වෙ) :D

    ReplyDelete
  10. මිනිස්සුන්ට තමන්ගේ සිත දියුණු කරගන්න, අළුතෙන් දෙයක් හිතන්න බැරි ඇයි? තමන්ගේ ඔළුවෙ පරිමාවෙන් වැඩි කොටසක් අනුන්ගේ වල්පල් සොයන්න වැය කරන නිසා. අපරාදේ..

    ReplyDelete
    Replies
    1. සප්රී @ අනේ මන්ද සප්රියෝ

      Delete
  11. දරුණු සතුරාට වඩා, මිතුරා ලෙසින් සිටිනා සතුරා අති භයානක වේ..

    ReplyDelete
    Replies
    1. පොදු සතුරා ගැන ලියපු මගේ කවිය මතක් වුණා

      Delete
    2. හරියටම හරි මාතලන්.... ඒ කවිය හෝ ලිංකුව දාන්න මෙතැන අපූරියේ

      Delete
  12. මටත් ඊයේ සිදු වීමක් වුනා.මේ ලිපිය කියවල කමෙන්ට් එක ලියන්න පෙර, දාපු කමෙන්ට් කියවද්දී මාතලන් ලොක්ක මම කොටන්න හදපු දේ කොටලා....
    අනේ මන්ද ....සංසාරේ....සංසාරේ....කිව්වලු.....
    පිටස්තරයෝ ගැන වැඩිය හිතන්න නරකයි.....
    මම නම් මට හිතුන දේ කරනවා මිසක් පිටස්තරයන්ට ඕන ලෙස දේවල් නොකරමි.

    ReplyDelete
    Replies
    1. එහෙමද ,,ඕවලින් කලකිරෙන්න අවශ්‍ය නැහැ ,අනුන්ට කරදරයක් නැතුව එදිනෙදා සතුටින් ජිවත් වෙන්න

      Delete
    2. ඔව්වට හිත් රිදවගන්නේ දුර්වලයෝ...... කෙන්ජ එහෙම දුර්වලයෙක් නොවේනේ.. නැගිටපන් කොල්ලෝ හනික...

      Delete
    3. ඒකනේ අපි ඉන්නවනේ අනේ ඔයාට @නලින්

      Delete
  13. ඇත්තට හිතන්න හිත් තිබ්බට අපි හිතන්නෙ නෑ. ලේසි සහ පුරුදු දේමයි හැමදාම කරන්නෙ. අපි කැමතිමනෑ හැමදාම පුරුදු රටාවෙන් එලියට එන්න.

    ReplyDelete
    Replies
    1. චමි @ ඒක තේරුම් ගන්න ඒකත් ලොකු දෙයක්

      Delete
  14. ළිදේ ඉන්න ගෙම්ම දන්නෙ ළිද ඇතුලෙ ලෝකය ගැන විතරනෙ, ඉතින් ඌ හැමදාම ළිද ඇතුලෙමයි

    ReplyDelete
    Replies
    1. මඩයට තේරෙන ටික ගෙම්බොන්ට තෙරෙන්නේ නැහනේ

      Delete
  15. දෙවියෝ බිසී වෙන්නෙ නැද්ද බං.. ජනතාවට තිබෙන ප්‍රශ්න හැටියට..

    BESY ?? OR BUSY??

    ReplyDelete
    Replies
    1. දැනුයි දැක්කේ සැමා තැන්කුයි,, හි හි ඒක නම් ඇත්ත

      Delete
  16. මිනිසසු කැමති නෑ තමං කාලයක් තිස්සෙ පවත්වගෙන ආපු පුරුදු වලින් මිදෙන්න. ඒවට අන්ක් අය අභියෝග කරනවටත් කැමති නෑ.. එහෙම වෙනස් මිනිස්සුන්ව ලෝකයා විසින් හදුන්වන්නෙ පිස්සො කියන හුරතල් නාමයෙන්. ඇයි.........? උන්නෙ ආතල් කැඩෙන හින්ද.....

    ReplyDelete
    Replies
    1. පිස්සෝ විතරද අනේ ,,තව ශුද්ධ වචන වලිනුත් කතා කරනවනේ

      Delete
    2. ඒ පුෂ්පය විකසිත වෙච්චි වෙලාවට විතරනේ අනේ පනේ..

      Delete
    3. සමහරුන්ට පුෂ්පය කොයි වෙලෙත් විකසිතයිනේ

      Delete
  17. මිනිසුන්ගේ ඇති හොඳම ගතියත් නරකම ගතියත් යම් දෙයකට පුරුදු වීමට ඇති හැකියාව කියලා කවුදෝ කියලා තියනවා. පාවුලෝ කොයියෝ ද කොහෙද. දෙවියනි ඔබ කොහිද ෆිල්ම් එක ආපු කාලේ රේඩියෝ එකේ ඇඩ් එක යනවලු. කාන්තා හඬ කියනවලු "දෙවියනි ඔබ කොහිද?" කියලා. පිරිමි කටහඬ කියනවලු "හෙට සිට මරදානේ" කියලා.

    හැබැ‍යි ඔය ඇඳුම් පැලඳුම් වගේ සුළු සුළු දේවල් නම් එහෙම පුරුද්දට කලාට එච්චර අවුලක් නෑ. හැම දේම ගැන නිරන්තර අවධානයකින් පසුවෙන තත්වයකත් මිනිසුන්ට ජීවත් වෙන්න බැරිවෙයි. දැන් ඔය සමහර අය හිටගෙන ඉන්නකොටත් කියන්නේ 'ඉඳගෙන' කියලානෙ :)

    ReplyDelete
    Replies
    1. හි හි ... නැහැ ඒක මං නිකන් උදහාරනෙකට විතරයි කීවේ.. ඒක හානියක් වෙන දෙයක් නෙමේනේ, මං ඉදගෙන කියන්නේ විහිලුවට අනේ

      Delete
  18. ඉක්මනට ගමේ එනවා නේ.. ඒ ගැන හිතල සන්තෝස වෙන්න මෙයා. ටිකට් බුක් කරා නේ..

    ReplyDelete
    Replies
    1. මං දුකෙන් නෙමේ මෙයා ඉන්නේ ,, ඔව් ලබන මාසේ මුල එනවා,

      Delete
    2. එයා පෝර්ට් එකේදී නම අමතක වෙයිද දන්නෙ නෑ ෂිවාස්.........

      Delete
    3. නැ නැ සින්ගල් මොල්ට්

      Delete
    4. හි හි ඩේෂක ටුමා පව් ඉදගෙන නානවා නෙහ් හැක්

      Delete
  19. වැල යන අතට මැස්ස ගහන එක තමයි හැමෝම කරන්නේ

    ReplyDelete
    Replies
    1. වැල යන අතට මැස්ස ගැහුවම පලදාව ගන්නේ අල්ලපු ගෙදර මිනිස්සු ... අතු රිකිලි ලපටි කාලෙම මැස්ස උඩම නවල තියාගන්න පුළුවන් ,,

      Delete
  20. \\ගොඩක් දේවල් වලදී මිනිස්සු යම් යම් දේවල් වලට හුරුවෙලා... පුරුද්දක් විදියට කරගෙන යන\\
    සම්පූර්ණ ඇත්ත ඔමායා. අපේ ඔෆිස් එකේ යාලුවෙක් ඉන්නවා, පරිප්පු නොකන. (මේ ඇත්ත පරිප්පු හරිය. අර ඇට ඇට තියෙන්නේ) මිනිහා කැන්ටිමකට හරි කෑම බෙදලා දෙන කඩේකට හරි ගිහිල්ලා කෑම ඉල්ලනවා "පරිප්පු දාන්න එපා" කියලා. කෑම බෙදන එකා "හා සර්" කියල මුලින්ම පරිප්පු බෙදනවා පුරුද්දට.

    ReplyDelete
    Replies
    1. හි හි ,, මට අපේ නැන්දව මතක් උනා එයත් ඔය වගේ වැඩ කරනවා,,

      Delete
  21. කතාව ඇත්ත අපි හිතන්නෙ අනිත් අය කරන දේවල් තමා හරි දේ කියලා ,මම නම් ඔය රාමුවේ ඉඳගෙනම රාමුවෙන් පිට වෙන දෙවල් ගැන හොයනවා ,සම හර වෙලාවට ඒ දෙවල් ගොඩක් ලස්සනයි ..

    //අහෝ දෙවියනි
    කුමට දුන්නාද ලොකුවට ඔළු ගෙඩියක් ...
    පිටින් ඔප මට්ටම් කර ලොකුවට පුම්බපු....//

    ටිකක් සැරට ලියලා ද මන්දා ...හැක් .මම නම් කැමති මේ වගේ එවාට හැක් හැක්

    ReplyDelete
    Replies
    1. ඕක ලියුවා ලියුවා දැම්මා මල්ලියා ,,ඒ ලස්සන හැමදාම දකින්න මල්ලි,, ඔයාට අවශ්‍ය වටපිටාව තියෙනවා ඕනේ තරම්

      Delete
  22. කතාව ඇතුළේ සැගවූ කතාව මරු ය. අනේ ඒ වුණාට අර දිවවල් එකක් විතරක් මැව්වොත් ලෝකයටම අනේ අපොයි......

    ReplyDelete
    Replies
    1. තැනකුයි වේවා

      නෙදකින් කට :D හි හි ....

      Delete
  23. වැඩිය හිතන්න යන්න එපා.එතකොට ඔහොම දේවල් හිතෙන එකක් දැනෙන එකක් නැහැ..

    ReplyDelete
    Replies
    1. ඒ මොකෑ එහෙම කිවේ උමේෂ්

      Delete
  24. මටත් සමහර වෙලාවට හිතෙනවා සමහර තැන් වලදී කොහෙත්ම අදාළ නැති (එත් තේරුමක් ඇති) දේවල කරලා බලන්න .... ඒ වෙලාවට අර සාමාන්‍ය මිනිස්සුන්ගේ රිඇක්ෂන් දිහා බලාලා මම හරියට සතුටු වෙනවා....
    (එක එක පිස්සන්ට එක එක පිස්සු කියනවනේ ......)

    ReplyDelete
    Replies
    1. ඔව් දැන් කිවේ මට පිස්සු කියන එකනේ :( ග්ර්ර්ර්ර්ර්ර්

      Delete
  25. ඔය පුරුද්දට කරන වැඩ නම් මාරයි.කලුතර බොධිය ලගදි හැමෙමෙ නැගිටිනව.හැබැයි අහල බැලුවොත් ඇයි කියල දන්නෙ.කි දෙනාද.දකින දකින බොධියට නැගිටින්නෙ නැ නේ.

    ReplyDelete
    Replies
    1. ඒක තමයි දමිත් අයියේ,, අනිත් අය කරන නිසානේ,, බෝධිය කොහෙත් බෝධිය ,ඒත් කළුතරදී විතරක් නැගිටිනවා හි හි ස්තුති අදහස් බෙදාගත්තට

      Delete
  26. අපූරුයි... ම්.. අපුරුයි කියන්නේ නෑ කිව්වනේද...

    හි .. හි.. ඒ වගේ හුඟක් දේවල් අපි පුරුද්දට කරනවා.. ඒත අපි හිතලා බලලා කරන්නේ කොච්චර සුළු දේවල් ටිකක්ද කියලා හිතුනා ...

    ReplyDelete
    Replies
    1. හි හි කලානේද එපා කිවුව වැඩේ හොර ගෙඩියා ..ඒකනේ කියන්නේ

      Delete
  27. වින්ටර් එකේ අන්තිම හන්දා සීතල නැති බව ඇත්ත.. ඒත් ඔය රස්නෙත් එක්ක මික්ස් වෙලා හෙමීට එන හීතල හුළග තමයි හොදම නැත්තේ.. දැන් වදින හුළගේ ප්‍රතිඵල එන්න තව පරක්කු වෙනවා.. ආයේ තියෙන අස්ථි ඔක්කොම රිදෙන්න ගන්නේ එතකොට.. ඒ හන්දා සමර් එක හරියට එනකන් හොදට ඇදන් එළියට පලයන්..

    දෙවියෝ කෝහේද කියලා ඉතින් දන්නේ උන්දැලම තමයි.. ඔවුවා හොයන එක තේරුමක් නෑ..

    ReplyDelete
    Replies
    1. දිනේෂ් @ ඔයා කියන එක ඇත්ත ..හ්ම්ම්,,බෑන්ක් එක විනාඩි 3 ක වගේ දුර ... ආයේ එලියට බහිද්දී සීතල ඉවර වෙලා තියේවී,, තැන්කිව් මගේ පණ්ඩිත කම

      Delete
    2. දෙයියො දෙන්ඩ ගත්තම ඉබ්බ ගෙට එන්නෙ තුනපහ පිටේ බැඳගෙන :D !!!

      Delete
    3. හි හි අපේ ආච්චි අම්මා මතක් උනා පත්තරේ,, පිල්ලි පැටියා තාම ආවේ නැද්ද

      Delete
    4. ඌ නෑ අපූර්වි ,ඒග්සෑමක් කිව්වෙ.ලබන මාසෙ දිහාට ඒවි මගෙ හිතේ !!

      Delete
    5. මන් එදා msg කළා ,කියපු විදියට මං හිතුවේ ඉවරයි කියලා,, එයයි කාවයි හිටියනම් ශෝක් :)

      Delete
  28. ඔය විදිහට හිතලා සීත කාලෙ වීරයා වෙන්න ගිහිං මං හොඳ පරිප්පුවක් කෑවා බෙල්ජියමෙ හිටි කාලෙ. එතකොට මං ඉගෙන ගන්න කොල්ල. එදා අව්ව පායලා .. ඒත් ඔක්කොම වහගෙන යන්නෙ,.. මං අත්කොට කමිසෙ ඇඳන් පොඩි ජර්සියක් දාං එලියට බහිනකොටම අපේ කාමරේ අයිති නෝනා මට කිව්වා සරත් ඔය අව්ව විස්වාස කරන්න එපා කෝට් එක අරං යන්න කියල. කෝ ඉතිං මං වීරයානෙ ...හිනාවෙලා යන්න ගියා. එදා දවල්වෙනකොට ඇන්ට්වර්ප්වල උශ්ණත්වෙ -14ට ගියා. යන්තම් නොමැරී බේරුණේ සීතලේ ගල්වෙන්න මොහොතකට කලිං ට්‍රෑම් එකකට නැගලයි.. මේ දවස්වල මං වැඩ කරන්නෙ යුක්‍රේනයෙ.. අම්බ සීතලයි.. අර වීරකං දැං නෑ. තට්‍ටු පහක් ඇඳන් යන්නෙ. අර වගෙ වෙච්ච දාට තේරෙයි ඔයාටත්.. පණ්ඩිත ආච්චියේ

    ReplyDelete
    Replies
    1. සරත් අයියේ දැන් නම් ලැජ්ජයි අම්මපා.. මට තේරෙනවා ,හැලප තුමා දිනේෂ් මහත්තයා කීවා වගේ ඔයා කියන ඒකත් හරි දැන් ඉතින් පෝස්ට් එකෙන් මාත් ජීවිතේට අලුත් දෙයක් ඉගෙන ගත්තා, වෙච්ච ලැජ්ජාව වහගන්න ලියන්න ඕනේ හොද පෝස්ට් එකක් අප්පා :D ස්තුති අයියේ

      Delete
    2. Oh nothing to be ashamed of.. I was in the same boat and I feel happy when I see another heroine !!

      Delete
  29. ඇඳුම් නැති ලෝකෙදි, ඇඳුම් ඇඳගෙන ඉන්න එකාට ගල් ගහනවලු , , :D :D :D

    ReplyDelete
  30. මුව රෑනක සුදු මුවා කලු කපුටෝ අතර බෙල්ල සුදු එකා ගව රෑනක වලිගෙ නැති එකා මේ අයට කියන්නෙ විලෝපීයා කියලා මිනිස්සු අතරෙත් එහෙමයි පොදුවේ හැමෝටම වඩා වෙනස් කෙනා කැපිලා පේනවා

    ReplyDelete


ලිපිය කියවා කොමෙන්ට් නොකලත් කමක් නැහැ.. කමෙන්ට් කලොත් සතුටුයි. ලිපිය කියවන්නේ නැතුව කොමෙන්ට් කරන්න එපා.
අපුර්වි_


,නිතරම යහපත කරන්න...,සතුට සැනසිල්ල හැමදාම ඔයාලග රැදේවි,,දෙවිපිහිටයි,

Related Posts Plugin for WordPress, Blogger...