Wednesday, January 27, 2016

මාළු උගේ , නටයි මගේ ඇඟේ | sometimes it's understandable



මගේ ජිවිතේ ඉවසීම ගැන ප්‍රශ්නයක් ආපු වෙලාවේ ඉවසීම ගැන ලිපියක් ලීවා ඔයාලට මතක ඇති ඉවසන සෙල්ලම  පුරුදුවෙච්ච හැටි කියලා. ඒ වගේම ඊර්ෂ්‍යාව ගැනත් යමක් ලියන්න හිතුණා මගේ ජිවිත අත්දැකීම් එක්ක. සාමාන්‍ය මිනිස්සු විදියට අපි හැමෝම ඊර්ෂ්‍යාව කියන නරක සතුරට අහුවෙනවා.මම ඊර්ෂ්‍යා කරන්නේ නැති කෙනෙක් කියලා කටින්  කීවට දිනපතා සිත්වල අපිත් නොදැනිම ඊර්ෂ්‍යාවේ සිතුවිළි ඇතිවෙනවා. පුංචි කිරිදරුවගේ ඉදලා හැම කෙනාම තමන්ගේ ජිවිතේ විවිධ අවස්ථාවල විවිධ කාරණා හේතුකරගෙන වෙන අයට  ඊර්ෂ්‍යා කරනවා ..ඒ වගේම ඊර්ෂ්‍යාව ක්‍රියාවට නගනවා එක එක විදිවලින්.

මං පුංචි කාලේ  ඉරිසියා කරපු දේවල් ටිකක් මතක්වුණා,එයින් එකක්  ලියන්නම්කො. ඉස්සර අපි මාළුඅල්ලන්න ඉලගොටු වෙලේ දානවනේ .ඉතින් අනිත් අයගේ ඒවාට මාළු ගොඩක් අහුවුනාම ඉරිසියාවේ බෑ.,බිලි බාද්දීත් එහෙමයි අනිත් අයට හොදට මාළු අහුවුනාම කේන්ති. ඊට පස්සේ "උබලා පවුකාරයෝ ඒකයි ඔච්චර මාළු  අහුවෙන්නේ අපි පිං කාරයෝ ඒකයි මාළු නැත්තේ" කියලා ඒ අයට අපහස කළා ..ඒ වගේම හොරෙන් ගිහින් එයාලගේ ඉලගොටු කැලේ හැංගුවා ,,පාගලා කඩලා දැම්මා.. ඒත් එහෙම කළා කියලා මට කවදාවත් වැඩිපුර මාළු අහුවුණේ නැහැ..පස්සේ කවුරුහරි දැකලා කියලා තිබුණා මං කලේ කියලා.එයාලා අලුත් ඒවා හදලා දැම්මා ආයේ මාළු ඇල්ලුවා..ඒත් මට වෙච්ච දේ .අන්තිමට ලැජ්ජාවේ බැහැ.



බයිබලය කියවද්දී උත්පත්ති පොතේ කතාවක් තියෙනවා යෝසේප් කියලා කෙනෙක් ගැන. මේ යෝසේප් කියන්නේ යාකොබ් ගේ පුතා යාකොබ්ට පුතාලා දොළොස් දෙනෙක් හිටියා ,යෝසේප් ඒ දොළොස් දෙනාගෙන් බාලයා .යෝසේප්ට  තාත්තා අනිත් පුතාලට වඩා සැලකිල්ලක් දැක්කුවා ,ලස්සන ඇදුම් මහලා දුන්නා. ආදරේ කළා මේක නිසා සහෝදරයෝ යෝසේප්ට ඊර්ෂ්‍යා කළා.දවසක් තාත්තට හොරෙන් යෝසේප්ව මරන්න හිතුවා. ඒත් සහෝදර කම නිසා යෝසේප්ව නොමරා මිසරයෙන් ආපු වෙළෙන්දන්ට විකුනලා සල්ලි ගත්තා. යෝසෙප්ව ගෙදරින් යවලා තමයි එයාලගේ ඊර්ෂ්‍යාව සමනය කරගත්තේ. 

ඒත් කාළයාගේ අවෑමෙන් යෝසේප් මිසරයේ රජතුමාගේ ප්‍රධාන සේවකයා දක්වා උසස් වෙනවා,, රජයේ භාණ්ඩාගාරය භාර වුණෙත් යෝසේප්ට. මේ අතරතුර යෝසේප්ගේ සහෝදරයන්ට ලොකු නියඟයක් ඇවිත් කන්න කෑම නැතුව යනවා,අන්තිමට සහෝදරයෝ කෑම ගේන්න මිසරයට යනවා එහෙදි යෝසේප්ගේ සහෝදරයන්ට යෝසේප්ගේ පාමුල වැටිලා කෑම ඉල්ලන්න සිද්ධවෙනවා. කතාව දිර්ගව තියෙනවා නමුත් මේ කොටසෙන් පැහදිළි වෙනවා ඊර්ෂ්‍යා කරලා සහෝදරයෝ ලබාගත්ත දෙයක් නැහැ. අන්තිමට ඊර්ෂ්‍යාවට ලක්වෙච්ච කෙනාගේ පාමුළ වැටෙන්න සිද්ධ වුණා. 



 අංගුත්තර නිකායේ ‘කෝධන සූත්‍රයේදී’ බුදුන් වහන්සේ දේශනා කරලා තියෙනවා ඊර්ෂ්‍යාව කියන්නේ බිහිසුණු කෙලෙස් සතුරෙක් කියලා. ඒ වගේම වෙන කෙනෙක්ගේ  රූපේ ලස්සනට , වෙන කෙනෙක් සැනසිලිදායක ජිවිත ගෙවනවට සමහරු  ඊර්ෂ්‍යා කරනවා .. බුදුන් වහන්සේ දේශනා කරලා තියෙන ආකාරයට අපි අනිත් අයගේ ඉර්ෂ්‍යා කරන දේම අනිත් අතට අපේ ජිවිතේ නැතිවෙලා යනවා.. අපි වෙන කෙනෙක්ගේ රූපේ ලස්සනයි කියලා ඒ ගැන ඊර්ෂ්‍යාවෙන් හිතද්දී අපේ ලේ අපිරිසිදු වෙනවා. ඊර්ෂ්‍යාව යහපත් ශරීර සෞඛ්‍යයට හානියක්.  ඒ ගැන ශුද්ධ බයිබලයේ තියෙන්නේ මේ විදියට මාංශයේ සනිපය නම් නිශ්චල සිතක්ය; එහෙත් ඊර්ෂ්‍යාව ඇටවලට දිරවිමක්ය.( හිතෝපදේශ 14:30 ) කියලා.

ඒ වගේම වෙන කෙනෙක්ගේ බුද්ධියට ,කිර්ති ප්‍රසංශා වලට ඉර්ෂ්‍යා කරපුවාම වෙන්නේ තමන්ට හිත එකගකරගෙන ඉගෙනීම් හරියට කරගන්න බැරිවෙනඑක සහ තමන්ට තියෙන කිර්තියත් නැතිවෙන එක.,,මොකද තමන් හිත අතුලෙන්නේ මේ සටන කරන්නේ ඉතින් හිත එක තැනක තියාගෙන ඉගෙනීම් වැඩ සහ අනෙකුත් රාජකාරි කරගන්න බැරිවෙනවා... අර ඊර්ෂ්‍යාවට ලක්වෙච්ච කෙනා දන්නෙවත් නැතිවෙන්න පුළුවන්..කෙනෙක් එයාට ඊර්ශ්යා කරන බව.තමන්ගේ අසල්වැසියෙක් හොද රැකියාවක් කරනවාට , ඒ ඇයගේ වතුපිටිවල ගස් කොළන් සරුවට හැදිලා තියෙනවට සමහරු ඊර්ශ්යා කරනවා. හූල්ලනවා ඒවා කොච්චර මෝඩ වැඩද ?..

බුදු දහමේ සදහන් වෙන විදියට ඊර්ෂ්‍යාව කියන පාපයට.මෙලොවදී වගේම පරලොවේදීත් විඳවන්න සිද්දවෙනවා.ඒ වගේම ඊළග ආත්මේ මනුස්ස තිරිසන් අපායක නොයා මනුස්ස ජිවිතයක් ලැබුවත් උපදින්න වෙන්නේ දුගතියක. කලින් හිටියාටත් වඩා පහළ තැනක.   ඒ ගැන බයිබලයේ සදහන් වෙනවා ඊර්ෂ්‍යාව කියන තෘෂ්ණාව සම්පුර්ණ කරන්න මාංශයට ඉඩ නොදී බුද්ධිමත්ව හැසිරෙන්න කියලා.(රෝම 13;13) ඒ වගේම ඊර්ෂ්‍යාව සහ වේශ්‍යාකම එකම මට්ටමේ පාප විදියට ශුද්ධ බයිබලේ සදහන් වෙනවා , අපිට හිතාගන්න පුළුවන්නේ ඊර්ශ්යාවේ තරම එතනින්ම. (මජ්ඣිම නිකායේ චුල්ලකම්ම විභංග සූත්‍රයේ බුදුසාධු දේශනා කරලා තියෙනවා ඊර්ෂ්‍යාවේ ආදීනව විස්තරාත්මකව හැකි කෙනෙක් අහන්න. ඔන්ලයින් සුත්‍ර දේශනා තියෙනවා)



ඉතින් ..අපි හැමෝම දන්න නරක ගතිගුණයක් මේ වෙච්ච ඊර්ෂ්‍යාව අපේ ජිවිත වලින් ඈත්කරගන්න ඕනේ..ඒකට අපි එකිනෙකා ක්‍රමයක් හොයාගන්න ඕනේ. මට දැනෙන විදියට සරළව ඊර්ශ්යාව කියන්නේ වෙන කෙනෙක්ගේ සතුටේදී ,වෙන කෙනෙක්ට ලාභ ,ප්‍රසංශා,මිල මුදල් ලැබෙද්දී අපේ හිතට දැනෙන අප්‍රසන්න හැගීමක්.. සාමන්‍ය මනුස්සයෙක් විදියට මං සාමන්යෙන් ඔය අත්දැකීමට මුණ දෙනවා පුංචි කාලේ ඊර්ෂ්‍යාව ,තරහා නැතිකරගන්න කෙලින්ම ක්‍රියාත්මක වුණා. ඒත් දැන් යම් ක්‍රමයකට මං හුරුවෙලා ඉන්නවා,ඒ දේ මට උදව් කරනවා දිනපතා සතුටින් ඉන්න.  සරළ උදහරණයක් කියන්නම් අපේ බ්ලොග්  ලෝකෙට ගැලපෙන්න 

ටොම් සහ ජෙරී කියලා යාළුවො දෙන්නෙක් බ්ලොග් දෙකක් ලියන්න පටන් ගන්නවා  කියලා හිතමුකෝ...මාස කීපයක් ගිහින් බලද්දී ටොම්ට  හිට්ස් තියෙන්නේ 10000 යි ,ජෙරිට 18000 යි.පෝස්ට් එකකට කොමෙන්ට්ස්  150 යි. හැමෝම හොද කියනවා. ඒක දැකපු ගමන් ටොම්ට ජෙරී  ගැන ටොම්ට ජෙරී ගැන ඇතිවෙන අධික ඉරිසියාව නිසා ලොකු කේන්තියක් එනවා.. ..ඊට පස්සේ ඒ වෙලාවේ ඉදලා කල්පනා කරන්නේ මොකද මේකට කරන්නේ..කියලා. ටොම් හිතනවා මෙහෙම "එයාට මඩක් ගහන්න ඕනේ", "එයාගේ එකේ මං කොමෙන්ට් කරන්නේ නැහැ", "ඇනෝ කොමෙන්ට්ස්  දාලා වනසන්න ඕනේ","පුළුවන් හැමවෙලාවෙම ජෙරීගේ අඩුපාඩු හොයාගන්න ඕනේ" . "අනිත් අය එක්ක ජෙරීගේ වැරදි කියන්න ඕනේ"..ඔය වගේ දහසකුත් යෝජනා ටොම්ගේ ඔලුවට එනවා. බලන්න එයා මෙතනදි හිතන්නේ ජෙරිට රිද්දන්න,අපහස කරන්න විතරයි. මෙහෙම වෙන්න හේතුව එයා හිතන්නේ නැහැ..මං පුංචි කාලේ කළා වගේ. 

ඇත්තටම වෙන්න ඕනේ දේ තමන්ගේ හිට්ස් අඩුවෙන්න හේතුව හිතන එක, මගේ නැති ඒත් එයා ලග තියෙන හොද ගති ගුණ මොනවද  කියලා හොයන එක . ඒ වගේම තමන්ගේ යාළුවා ගැන සතුටු වෙන එක..ඒ විදියට වෙන කෙනෙක්ගේ සතුටේදී තමනුත් සතුටුවීම බුදුදහමේ  මුදිතා ගුණය කියලා හදුන්වනවා.මේක හරිම අමාරු දෙයක් ඒත් මේ ක්‍රමේ ජිවිතේ ඇතිවෙන බොහෝ ඊර්ශ්යා සිතුවිලි පාලනයට පාවිච්චි කරන්න පුළුවන්.මං නිතර උත්සහ කරනවා මගේ ජිවිතේ ඒ ආකාරයෙන් ගෙවන්න, එකෙන් අදහස් වෙන්නේ නැහැ මං මුදිතා ගුණයෙන් පිරිච්ච හරිම අල්පේජ්ජ කෙනෙක් කියලා ,නමුත් මගේ වෑයම හැකිතරම් ජීවිතේට හොද දේවල් අමාරුවෙන් හරි එකතුකරගන්න එක.


ඊර්ෂ්‍යාවට කවදාවත් අපේ ජිවිතේට සතුට ,සැනසිල්ල , ලාභ ප්‍රයෝජන ,ප්‍රසංශාව ලබාදෙන්න බැහැ.එයට පුළුවන් අපිව මානසිකව වට්ටන්න, රෝගී කරන්න, අපේ මේලෝකේ ජිවිතේ නාස්ති කරන්න  සහ මරණින් මතු ජීවිතේට නරක ප්‍රතිලාභ එකතු කරන්න විතරමයි. ඒ නිසා අපි නිතරම කරන්න තියෙන හැම වැඩක්ම තමන්ගේ උපරිමයෙන් කරලා සතුටු වෙන්න ඕනේ.ඊර්ෂ්‍යාව පෑල දොරෙන් එලෝලා දාලා මුදිතාව ජීවිතේට ඇතුල් ඇතුල් කරගන්න ඕනේ.

සුබ දවසක් හැමෝටම -------------------------------------------------------------------------------------------------------
ප/ස 
උවමනා කෙනෙක් ඉන්නවා නම් බයිබල් පද සහ , සුත්‍ර දේශනා වල අදාළ පද ලබාදෙන්න පුළුවන් 






188 comments:

  1. ඕවායින් ජීවිතයට පන්නරය ලැබෙනවා. ස්තුති කරන්න වටිනවා.

    ReplyDelete
    Replies
    1. @කතා ,
      ස්තුතී ඔයාටත්

      Delete
  2. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. මගේ ආදරී දිහා පිට එව්වො බලද්දී අදටත් මගෙ ඇගේ මාළු ගගේ නටනවා ...
      ඒකට කියන්නෙත් ඉරිසියාව කියලද...?
      හැබැයි වෙන කිසි දේකට ඉරිසියාවක් දැනෙන්නේ නැහැ....

      Delete
    2. ලිංගික ඉරිසියාව තරම් දරුනු ඉරිසියාවක් තවත් නැහැයි කියනවනේ..

      Delete
    3. ඒකත් ඉරිසියාව තමයි, ඒත් ඒ ඉරිසියාවනම් තිබ්බට කමක් නෑ නේද කෙන්ජයියෙ...මටත් ඒ ඉරිසියාවනම් මාර විදිහට තිබිල තියනවා, පුලුවන්කමක් තිබ්බනම් මුස්ලිම් කෙල්ලෙක් වගේ මුළු ඇගම වහලයි යවන්නෙ... :D

      Delete
    4. බොහොම සන්තෝසයි.

      මම හිතුවෙ මට ව්තරක් තියෙන ලෙඩක් කියලා. :-D

      Delete
    5. ඕක සමස්ථ පිරිමි ප්‍රජාවටම පොදු ලෙඩක් බන් :D
      කෙල්ලන්ටත් තියනව ඕක අපිට වඩා තදට, අම්මේ බලන්න එපායෑ ඒ වෙලාවට කෙල්ලන්ගෙ මූණ :D

      Delete
    6. මේ තියෙන්නෙ සාක්ෂි :D බස්ස දිහා වෙන කෙල්ලො බලද්දි ඒකිගෙ ඇස් උගුල්ලන්න හිතෙනවා නේද :D

      Delete
    7. ආයෙත් අහලා.... ඉතා දරුණු සිතුවිලි එනව ඒ වෙලාවට සසිඳුවෝ... :D

      Delete
    8. @ සසිඳු, උල් වක් හොටෙන් උඹෙ ඇස් දෙකට ඇන්නොත් අපි නෑ ඕන්.

      Delete
    9. අනේ අප්පේ ,,, මං හොදවෙලාවට ලියන්න හදලා නොලියා හිටියේ ඔය කොටස ,,බස්සිත් මරු වැඩනේ කරන්නේ නියමයි ...

      Delete
    10. kenji @///මගේ ආදරී දිහා පිට එව්වො බලද්දී අදටත් මගෙ ඇගේ මාළු ගගේ නටනවා ...
      ඒකට කියන්නෙත් ඉරිසියාව කියලද...?///

      නැහැ ඕකට කියන්නේ සැකය සහ අවිශ්වාසය. ඒ වගේම මෝඩ කම

      Delete
    11. උබ ඉතින් අහගන්න එපා කෙන්ජයියගෙනුයි මගෙනුයි, නැද්ද කෙන්ජයියෙ මුන්ට තේරෙන්නෑ අපේ හදවතේ වේදනාව :(

      Delete
    12. @ප්‍රියා

      සසිදුවට කොටන්නෙ මොකටෙයි? මම කොටන්නෙ බස්සට බැල්ම හෙලන අයට ඉතරයිනෙ.

      Delete
    13. sasi @ අපොයි හා හා බයයි.. අහින්තකයෝ

      Delete
    14. @ බස්සි ~ දැන්නෙ රියල් කතන්දරේ ටිකිරි මොලේට වැටහුනේ. සමාව භාජනේකට දමා දුන මැනව.

      @ සසිඳු ~ උඹ අහින්තකද බං??? :-o

      Delete
    15. බස්සිගේ කොමෙන්ටුව නිසා සසිඳුවා ගැන වැරදි චිත්‍රයක් මැවී තිබේ ......අයියෝ ...:D

      Delete
    16. ඔන්න් අපි නම් දල්ලෑ ..

      Delete
    17. මොනාද යකුනෙ මේ කියන්නෙ මං ගැන චිත්‍රයක් මැවිල කියලා? :/
      ඕන්නැති කතා කියන්න එන්න එපා ඈ මන් මේම හිටියට හරි වසයි ඈ :P

      Delete
    18. ඒ මොකද්ද බොලව් මං මවාපු චිත්තරේ???? මොනා කියනවද මන්ද මේ පවුලූශා! උඹ තාම හීනෙන් ප්‍රවෘත්ති බලන ගමන් ද?

      Delete
    19. දන්නේ නැද්ද අපි ශ්‍රී ලාංකිකයොනේ බොලන් යන්තන් රෙද්දේ පොට දැක්කොත් ඇති අපි චිත්තරපටිය ගානට මෙවුවා කරගන්නවා ,, සසිඳුගේ සිද්දියේ නම් ඊට එහා දෙයක් ඇති මයේ හිතේ :)

      Delete
  3. ඉරිසියාව අපි හැමෝටම අඩු වැඩි වශයෙන් ඇති වෙනවා නොදැනුවත්වම හරි.ඒක තුනී කරගන්න අපි කරන දේවල් විතරයි වෙනස් වෙන්නේ...

    ReplyDelete
    Replies
    1. ඩ්‍රයිවර් මහත්තයා @ ඒ දේ යහපත් පැත්තෙන් සිද්ද වෙනවනම් කොච්චර හොදද නේද ,, මගේ හීන අඩවියට ආදරෙන් පිලිගන්නවා

      Delete
  4. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. දෙවැනි වරටත් ලිපිය කියෙව්වම තියෙන එකම ඉරිසියාවත් ඔන්න අද ඉදල නැති කරගන්න තීරණය කොලා.

      Delete
    2. හ්ම්ම්,thanks .. බලමුකෝ ඉදගෙන ..

      Delete
  5. මට නම් හිතෙන්නේ තමන් ගැන සැහිමකට පත් වෙන්න බැරි මිනිස්සු තමා අනුන්ට ඊර්ෂ්‍යා කරන්නේ........
    වටිනා ලියවිල්ලක්.......සුබ දවසක් නංගෝ

    ReplyDelete
    Replies
    1. ශානු

      thanks අක්කේ ,සෑහීමට පත් නොවී ඉන්න හරිම අමරුයිනේ අක්කේ ..ඊර්ෂ්‍යාව කියන්නේ මහ විශාල මාතෘකාවක්,,

      Delete
  6. බලාගෙන රහත් වෙයි... එතකොට උඩින් යන්නත් පුළුවන්ලු.. එහෙම ගියොත් හෙම අර කලින් කියපු උන් කච්චපුක වගේ පපුව පැලිලා මැරිලා යයි..

    ධම්ම පදයෙන් උපුටා ගන්නා ලදි..

    ReplyDelete
    Replies
    1. කච්චපුට අනේ ,,ඔයාට අගට "ක" කියවෙනවමයි නෙහ් ,හි හි ..උඩින් යන්න ආසයි මං

      Delete
  7. අපෝ මටනම් කවදාවත් කා එක්ක වත් ඉරිසියාවක්නම් ඇවිත් නෑ....... { "එයාට මඩක් ගහන්න ඕනේ", "එයාගේ එකේ මං කොමෙන්ට් කරන්නේ නැහැ", "ඇනෝ කොමෙන්ට්ස් දාලා වනසන්න ඕනේ","පුළුවන් හැමවෙලාවෙම අඩුපාඩු හොයාගන්න ඕනේ" . "අනිත් අය එක්ක වැරදි කියන්න ඕනේ".} හැබැයි ඔය වරහන් ඇතුලේ තියෙන වගේ ඒවා මට හිතෙනවා ඉවාන්ගේ බ්ලෝග කියවද්දී

    ReplyDelete
    Replies
    1. ඉවාන් අයියේ දෙහි ටිකක් කපාගනින් :D

      Delete
    2. මාත් මේ හෝ ගාල ඉවාන්ගෙ අඩුපාඩු හොයනවා බං !!

      Delete
    3. දියුණුවේ රහස ඉරිසියාව නොව උත්සාහයයි :3

      Delete
    4. මම මැලේසියාවටත් වීසා හදාගෙන ,ඉතාලියටත් වීසා හදාගෙන් ....විචාරකමහත්තයා කියලා දීපු විදිහට පෑන් පිස්තෝල දෙකකුත් හදාගෙන ..මැලේසියාවට ගිහින් රාළයාටයි.... ඉතාලියට ගිහින් පත්තරයටයි දෙන්නටම වෙඩි තියලා ...කෙබර චන්දනයි අටමයි එක්ක වෙන ග්‍රහලෝකෙකට පැනලා යනවා ....හිටපියව්කෝ ....

      Delete
    5. එක්කෝ ඔන්න ඔහේ මෙහෙම ඉන්නවා බං වෙන ග්‍රහ ලෝකෙකට ගිහින් හරි අටමා එක්ක ඉන්නවට වඩා හොඳයි මෙහෙ ඉඳන් හිරේ යනවා

      Delete
    6. එල ඇති මෙවුවා එකටලුනේ ඉවාන් ඔක්කොමලා මෙවුවා කොරාන්න එන්නේ ඉවානයෝ..

      අටමා එක්ක ගියොත් හැමදාම බොන්න පුලුවම් ඉදගෙන

      Delete
    7. සසිඳු @///දියුණුවේ රහස ඉරිසියාව නොව උත්සාහයයි :3// බලහං ඒවගේ වැදගත් දෙයක් කියලා තියෙන හැටි

      Delete
    8. කොයිල් වගේ ඉදගෙන :)

      Delete
    9. @ඉවාන් පවුලූශා

      මටත් උඹගේ බ්ලොග් එක දකිනකොට පුදුම ඉරිසියාවක් බං හිතෙන්නේ ,

      Delete
    10. අර සක්කරයා වැඩපු එකද ,,අනේ අපිටත් කියන්නකෝ ,,තනියම මෙවුවා එක මෙවුවා කරගන්නේ ඉදගෙන

      Delete
    11. ඉවා
      චැහ්.. ඔච්චර වියදං කරන් එන්නෙ මට වෙඩි තියල යන්නද බං..??
      අනේ ඒ කීය හරි මට දියංකෝ .. මං මටම වෙඩි තියාගන්නං .. : D

      Delete
    12. @ අටමා - හිටපිය විචාරකගෙන් අහගෙන තව පෑනක් හදලා උඹටත් වෙඩි තියනවා...

      @ පත්තරයා - එහෙම බෑ උඹ එකෙන් බාගයක් ගහලා මලා වගේ ඉඳියි

      Delete
    13. ඉවෝන්,
      අරුං දෙන්නට වෙඩි තියනව නං මං උඹව අමරණීය කරන්නං. පුළුවන්නං අර අටමටත් වෙඩි තියල වරෙං මෙහෙ. ඇවිත් පොඩ්ඩක් බෙල්ල ඇල කරහං... :-)

      Delete
  8. ඔමා අක්ක ගත්තු උදාහරනෙ ජීවිතේ ඇත්තටම වෙච්චි දෙයක්ද කොහේද

    ReplyDelete
    Replies
    1. නැහැ මල්ලි මට වෙච්ච දෙයක් නෙමේ

      Delete
  9. සුසුඛං වත ජීවාම
    ආතුරෙසු අනාතුරා
    ආතුරෙසු මනුසුසෙසු
    විහරාම අනාතුරා...

    කෙලෙස්වලින් ආතුරව-ලෙඩව ජීවත් වනමිනිසුන් කෙරෙහි අපි කෙලෙස් වලින් අනාතුරව-ලෙඩ නොවී-ඒකාන්තයෙන්ම ඉතා සුවසේ ජීවත් වෙමු. අපි ආතුරයන් මැද අනාතුරව වෙසෙමු...

    -ධම්ම පදය සුඛ වග්ගය
    -2 ගාථාව

    ReplyDelete
  10. හීන් නූලෙන් පොලුපාරක් දීල තියෙනව නේද?

    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. එහෙම නැහැ විදානේ.
      නිකන් ලියන්න හිතේ තිබ්බ එකක් ,, තැන්කු

      Delete
  11. රුසියාවට වඩා ලොකුයි කියනවනෙ ඉරිසියාව.
    කොහොම උනත් මම නම් හිතන්නෙ ඉරිසියාව කියන්නෙ අපි හැමෝ ගාවම අඩු වැඩි වශයෙන් තියෙන එකක්. එය පුලුවන් තරම් අවමකරන් හැකිනම් මරා දැමීම තමා වටින්නෙ.

    බොහොම වටින කරුණු ටිකක් ඔමා ස්තූතියි.

    (ටොම් & ජෙරී උදාහරණෙ නම් එළ ඈ :-D )

    ReplyDelete
    Replies
    1. පරියා @ thanks අයියේ ..

      නිතරම ඒ වගේ සිතුවිල්ලක් එද්දී ඔයාගේ හිතෙන්ම ඒක ප්‍රතික්ෂේප කරන්න

      Delete
    2. අනේ සොරි ඔයාගේ නම වැරදියට ටයිප් වෙලා හි හි

      Delete
    3. හෆු ඉදලා බෝලේ ,,සොලී අනේ

      Delete
    4. ඒ වැරදියට ටයිප් වෙච්චි එක එල බන්.

      Delete
    5. බස්සියේ @ එල තමයි නිකන් හරි රියන්නේ ඉස්පිල්ල නැතුව එන්ටර් උනානම් මං ඉවලයි

      Delete
    6. @ බස්සි, ඔමා ~ ඩබල සෙට් වෙලා මේ බෝ පැලයක් වගේ ඉන්න මට නමක් පටබඳින්නද යන්නෙ??? :'( :'(

      Delete
    7. බෝ පැලේ ඒ කාලේ කරපු වැඩ ඔය දැන් ලියන්නේ බ්ලොගේ

      Delete
    8. කොල්ලො එහෙම තමයි බන් බෝපැල වගේ ඉදන් තමා කොලුකම් කරන්නෙ :D

      Delete
    9. කටට ආ වචනය ගිල ගතිමි :)

      Delete
  12. කතෝලික උනාට ඔයාට බුද්ධාගම ගැන හොද දැනුමක් තියනවනෙ අක්කෙ...
    දියුනුවේ රහස ඉරිසියාව නොව උත්සාහයයි කියල කතාවකුත් තියනවනෙ...ඒත් ඉතින් පෘතක්ජන මිනිස්සු විදිහට අපිට 100%ක්ම ඉරිසියාව නැතිකරල දාන්න බෑනෙ..එහෙනම් ඉතින් ආශාවන් ප්‍රහීන කරන්න වෙනව :D

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. This comment has been removed by a blog administrator.

      Delete
    3. හූ හූ :D වලියක් අදින්න හැදුවෙ උබ මකලනෙ බන්...මන් දවසකුත් උබට කිව්ව බන් ඔය ඇනෝ අයින් කරහන්..කෙලින් දෙයක් කියන්න කොන්ද පනනැති උන්ට පිස්සු නටන්ඩ දෙන්න එපා.. :)

      Delete
    4. ඔය ඇනෝ අයින්කරන ගොං වැඩේ කරන්ඩ එපා ,

      Delete
    5. අටමටනම් ඇනෝ කතා ආතල්නෙ :D

      Delete
    6. ඒත් කීප දෙනෙක් කියපු නිසා කලේ අයියේ ..

      Delete
  13. බණක් ඇහුවා.
    අනුන්ගේ දියුණුවට ඉරිසියා කරලා ඔහුව වට්ටන්න ගිහින් දියුණු වෙන්න බැහැ. කරන්න ඕන තම දියුණුවට වැඩ කිරීම.

    ReplyDelete
    Replies
    1. අපෝ එතකොට කිසි ගතියක් නැනේ බන්

      Delete
    2. මං කිව්වේ බොරුද රාළයා මැලේසියාවේ හිටියට "හදවතින්ම ශ්‍රී ලාංකිකයි " :D

      Delete
    3. මකසි ,, මේ පාප මිත්තරයෝ දෙන්නගෙන් පරිස්සම් වෙන්න ඉදගෙන :)

      Delete
  14. ඔය බයිබලෙ කතාවනම් මම කාටුන් ෆිල්ම් එකක බැලුව.ඉරිසියාව කියන එකනම් මටත් ඇත්තම නැත්තෙ නැ කියන්න බැරිම නැත්තෙ නැ කිවුවොත් වැරදි නැත්තෙම නැ කියල කියන්න බැ.
    ඇනො කමෙන්ට් නම් තියෙනව කියන්නෙ බ්ලොග හිට් කියන එක.

    ReplyDelete
    Replies
    1. ඔව් ගොඩක් බයිබලේ තියෙන කතා යු ටුබ් එකේ ෆිල්ම් විදියට හදලා තියෙනවා ... මේ කොටස මං ගත්තේ උත්පත්ති 37 වෙනි පරිච්චේදේ ඉදන් ඉස්සරහට කියවලා ..

      එහෙමද අයියේ ස්තුති අදහස් එකතු කලාට

      Delete
  15. පෘතග්ජන මනිහෙකුට ඉරිසියාව සම්පූර්ණයෙන් නැති කරගන්න බෑ. නමුත් තමන්ට කරන්න පුළුවන් හොඳම දේ ඉරිසියා කරන්නෙ නැතුව ඉරිසියාවට ලක්වෙන පුද්ගලයගෙ තත්වෙට තමං එන්න උත්සාහ දරණ එකයි. හැබැයි ඒකත් කරන්න ඕන සාධාරණ ක්‍රමයකට.

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න @ ඔව් අයියේ හොද අදහසක් ,

      ත්‍රි විල් වල මං දැකල තියෙනවා ස්ටිකර් ගහලා තියෙනවා " සුවකළ නොහැකි රෝගයකි ඉරිසියාව " කියලා ,, නමුත් අපිට පුළුවන් පාලනය වෙන්න

      Delete
  16. ඉරිසියාව රුසියාවටත් වඩා ලොකුයි කියනවනේ! තනිකර මිනිස්සු නොමිනිස්සු කරන දෙයක්

    ReplyDelete
    Replies
    1. ඔව් නාඩි මල්ලි ,, ගොඩක් ගැටුම් වල සුල මුල හොයද්දි මුලට එන්නේ ඔය වගේ දෙයක්නේ

      Delete
  17. ඉරිසියා කරලා වැඩක් නැ අෆ්ෆා..

    ReplyDelete
    Replies
    1. වැඩක් ඇති දේවල් නොකර කෙනාට තියෙන ලොකුම වැඩේනේ මධාරෝ ඕක ,

      තැන්කු

      Delete
  18. ඉරිසියාව ක්‍රෝධ රෝග හටගන්නේ විනාසේටයි.. එහෙම සිංදුවකුත් තියෙනවනේ...

    සඳපහන~ සයිබර් පොතේ කවි පිටුව

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් ඔව් මාත් අහලා තියෙනවා ,,මිනිස්සු කරන්නේ පුලුවන්නම් ඔය සින්දුවට නටන එකනේ හි හි
      ප්‍රසාද් ව මගේ හීන අඩවියට ආදරෙන් පිලිගන්නවා

      Delete
  19. ඊර්ෂ්‍යාව නැති සිතක් ඇත්තටම සොයාගන්න අමාරුයි,අපි කොපමණ ප්‍රහීන කරන්නට හැදුවත් සම්පූර්ණයෙන්ම නැති කර දමන්නට නම් අමාරුයි.හැකිතරම් මර්දනය කරගන්නට ලැබෙනව නං එය ශරීරයටත් හොඳයි,මොකද ඔවැනි සිතුවිලි සෞඛ්‍යයටත් අහිතකරයි කියල කියනවනෙ බුදු දහමේත් කියන්නෙ ඒකයි.

    ReplyDelete
    Replies
    1. ඔව් ඒකනේ මං කීවේ ///ඊර්ෂ්‍යාවෙන් හිතද්දී අපේ ලේ අපිරිසිදු වෙනවා. ඊර්ෂ්‍යාව යහපත් ශරීර සෞඛ්‍යයට හානියක්. ඒ ගැන ශුද්ධ බයිබලයේ තියෙන්නේ මේ විදියට මාංශයේ සනිපය නම් නිශ්චල සිතක්ය; එහෙත් ඊර්ෂ්‍යාව ඇටවලට දිරවිමක්ය.( හිතෝපදේශ 14:30 ) කියලා.////

      Delete
  20. නියම කතාව අපු. බ්ලොග් ලෝකේ උදාහරනේ නම් නියමයි. මම නම් හිතන්නේ ඒක කෙනෙක් මහන්සි වෙලා ගන්න දෙයක්. එහෙම කෙනෙක්ට ඉරිසියා කරන්නේ ඇත්තටම එච්චර මහන්සි වෙන්න කැමති නැති කෙනෙක් තමයි

    ReplyDelete
    Replies
    1. බ්ලොග් පෝස්ට් එකක් නිසා බ්ලොග් ලෝකෙට වඩා සමීප උදාහරණයක් ගත්තේ එකයි පුමො..ඕවා කාට කියන්නද ඉදගෙන ,.

      තැන්කු

      Delete
  21. ඊර්ෂ්‍යාව 100%ක් ප්‍රහීන කල කෙනෙක් කොහෙවත් නැහැ. ඉන්නවනම් එයා අවම වශයෙන් සෝවාන් ඵලයේ ඉන්න ඕනේ. නමුත් කාලීනව අපි අපි ගැනම මෙහෙම විවෘතව කතාකිරීමෙන් මමත්වය අඩුවෙනවා. සිතන්නට යමක් ඉතුරුවෙනවා. බොහොම හොඳ ලිපියක්. ඉහලින්ම අගය කරනවා.

    ReplyDelete
    Replies
    1. ස්තුතී විචාරක තුමණි,, අපිට හිත දියුණු කලොත් සෝවාන් ආදී මාර්ග පල ලබන්න උණත් පුළුවන්... බැරි නැහැ.. ///අපි අපි ගැනම මෙහෙම විවෘතව කතාකිරීමෙන් මමත්වය අඩුවෙනවා./// ඔයාගේ කතාව හරි ,,මං ලිපියක් යම් දෙයක් ගැන ලියන්නේ ඒ දේ මගේ ජිවිතේ තහවුරු කරගන්න.. ඉවසීම ගැන පෝස්ට් එක ලීවේ ඉවසන්න අපහසු කාරණා ජීවිතේට එද්දී ... එයින් පස්සේ මට යම් ශක්තියක් ලැබුණා.. අපි හැමෝටම පුළුවන්,, අපේ අභ්‍යන්තරය දිනපතා අවුස්සලා බලන්න ,, නරක දේවල් අයින් කරන්න ,,, තමන්ගේ හිත ඇතුලේ 5 s සංකල්පය ක්‍රියාත්මක කරන්න .. හි හි

      Delete
  22. හොද ලිපියක් ...........ඉරිසියාව ක්‍රෝධ රෝග හටගන්නේ විනාසේටයි.........

    ReplyDelete
    Replies
    1. අත්දුටු හොඳ අරිෂ්ට ඇත පාවිච්චිය ප්‍රවේසමෙන් .......

      Delete
    2. ප්‍රදීප් @ ස්තුති .. මගේ හීන අඩවියට ඔයාවත් ආදරෙන් පිලිගන්නවා ,,
      මිනිස්සු ඔය ටික තේරුම් ගන්නේ නැහැනේ ප්‍රදීප් ...

      ඔව් ඔව් අපේ මැලේ රාල අටන් ගොයියත් එක්ක හවසට අරිෂ්ට පාවිච්චි කරනවනේ

      Delete
  23. මෙ ඉන්න ටිකේ හොඳට ඉඳිල්ලා

    අපි හෙට මැරෙයිද කියල දන්නෙ නෑ !!!

    ReplyDelete
    Replies
    1. හාහ් හෙට නෙවෙයි උඹ මට අහුවෙන පලවෙනි දවසෙම මැරෙනවා ආයේ දෙකක් නෑ අම්මප ... :D

      Delete
    2. පත්තර මුන්නා @ ය යා ..

      ඉවාන් බයිය පුෂ්පය විකසිත කරගන්න එපා ,, ඉක්මනට තඩි බඩක් ඇවිත් වයසටත් යයි ඉදගෙන :)

      Delete
    3. හෑ.... මෙයා තව කොහෙ වයසට යන්නද බන් ඔමා?

      Delete
    4. අනේද කියන්නේ දවසක් මං මල්ලි කිවනේ මුන්දට

      Delete
    5. ඉවා මචෝ
      ඔව් බං හරියට හරි ..මගෙ කේන්දරේ තියනවා කවදහරි සිවිල් ඉංජෙක් මගෙ අතින් මැරුං කනවා ඊට පස්සෙ මට කිරි උතුරනවා කියල බොල .. !!

      Delete
    6. @ ඔමා & බස්සි - මල්ලි තමයි බොලව් උඹලා දෙන්න එක්ක මාව තිබ්බම නිකං නැන්දයි පුංචි අම්මයි එක්ක ඉස්කෝලේ යන කොල්ලෙක් වගේ හරිය ...ඉඳගෙන ..

      Delete
    7. හාහ්...යකෝ ඕක හිතන එකත් උඹට මේ ආත්මෙදිම පඩිසන් දෙන මහා පාපයක්

      Delete
    8. මටත් ඉන්නවා නෑදෑකමට මාමා වෙන ඒත් තාම ඉස්කෝලේ යන පොඩි ළමයි ,, දෙමවුපියෝ අඩු වයසින් කසාද දිමේ විපාකයක් ඒ .හි

      Delete
  24. මේ වගේ කාරණා අතින් නම් මිනිස්සු මාර දියුණුයි.........අනුන්ට වල කපන්න ප්ලෑන් කරන්න මහන්සි වෙන වෙලාවයි දැනුමයි තමන්ගෙ දේකට වැය කරල තමන් දියුණු වෙන්න තරම් දැනුමක් මිනිස්සුන්ට නැති හැටි.....

    ReplyDelete
    Replies
    1. අන්ඩේ @ මෝඩ කම කියන්නත් බැහැ ඕවට ,, පව් කියලා තමයි කියන්න වෙන්නේ ස්තුති අයියේ ,මගේ හීන අඩවියේ ඔයාගේ පළමු කමෙන්ට් එක වෙන්න ඕනේ,, ආදරයෙන් පිලිගන්නවා ,,

      Delete
  25. කොච්චර ඉරිසියා නෑ කිවත් හැමෝගෙම හිතේ ඕක නොදැනීම මතු වෙනවා. වැඩිපුරම ප්‍රේම සම්බන්ද වලදී තමයි.

    ReplyDelete
    Replies
    1. චමි @ හි හි ඔව් ඔය අපේ කට්ටිය කියලා තියෙන්නේ පෝලිමට

      Delete
  26. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  27. අනේ මේ ඇනෝ පාරවල් අයින් කරලා දාපන් බන්. කොන්ද පන නැති P ඩයල් කියන කතා දැකල කමෙන්ට් කරන්න ආපු එකත් අතමක වුනා.

    ReplyDelete
    Replies
    1. අයින් කලේ නැත්තේ එයාලගේ ආසාවනේ ,, ඒත් ඔයා කිවයින් පස්සේ අයින් කළා ,,තැන්කු බබී :D

      Delete
    2. මොකක්ද බන්ස්ලා අයින් කරේ ....?

      Delete
    3. ඉවාන් @ මං හෙන කෑල්ලලු බ්ලොග් ලියන අය මෝඩයෝලු..මං එයාලව සවට්ටළලු

      Delete
    4. ඉතිං උඹ හෙන කෑල්ලද බං....? ෆොටෝ එකක් එවපන් බලන්න

      Delete
    5. ඉවාන් @ හෆෝ කිව කැත .. :(

      Delete
    6. ඉවාන් @ +++++++++++

      අපු @ ඉවාන්ට යවනවානම් මටත් එවන්න (ටු හෙඩ්ස් ආ බේට දැන් වන් )

      Delete
  28. සමහර වෙලාවට මේ ඉරිසියාව තේරුම් ගතහැකියි. ඒත් තමන්ට හැකියාවන් ගොඩක් තියාගෙන, තමන්ට වඩා වෙනස් හැකියාවක් තියෙන අයට ඉරිසියා කර කර නහින එක නම් අමු ගොන්කමක් නේ. හිතන්න මාලුවෙක් ඉන්නව කුරුල්ලෙක්ට ඉරිසියා කරකර ඌ පියාඹන නිසා. කුරුල්ලත් මාලුවට ඉරිසිය කරනව තමන්ට බැරි උනාට මාලුව පීනන නිසා. අන්තිමට ඉරිසියාවෙන් අනිත් එකා කරන දේ කරල එයාව පරද්දන්න ගිය දාට දෙන්නම නහිනව.

    ටොම් පූසෙක්, ජෙරී මියෙක්. දෙන්නටම පුලුවන් ඔවුන්ට ආවේණික ආකාරයට අපිව හිනස්සන්න. හිට්ස්, කමෙන්ට් නෙමෙයි වැදගත්. හිතේ නිදහස.

    ReplyDelete
    Replies
    1. රෝස බස්සි @ ඔව් බස්සියේ ,, උදාහරනේ මරු ඈ ,, මතකද මගේ වර්සන් එකෙන් හාවගෙයි ඉබ්බගෙයි කතාව .....
      ///ටොම් පූසෙක්, ජෙරී මියෙක්. දෙන්නටම පුලුවන් ඔවුන්ට ආවේණික ආකාරයට අපිව හිනස්සන්න. හිට්ස්, කමෙන්ට් නෙමෙයි වැදගත්. හිතේ නිදහස./// මේ ටුට්ට තේරුම් ගත්තනම වෙන මොනාද ඕනේ ඉදගෙන

      Delete
    2. දැන් අපට බැරිද ඔය ටොම් සහ ජෙරී කියන චරිත දෙකටම පණ දෙන්න.බලන අයට පෙනෙන්නේ දෙන්නෙක් විදියට ඒත් වැඩේ කරන්නේ එක්කෙනෙක්. අන්න එතැනින් ආතල් එකක් ගන්නවා මිසක මොකට ලේ පුච්චගන්නවද අනේ

      Delete
    3. හි හි අරය ගැනද කීවේ .. ඔය දෙකම කරන අය ඉන්නවා මේ දැනුත් ...

      Delete
  29. අර කතාවක් තියෙනවනේ අර " ප්‍රේමයයි වයිරයයි අතරේ වෙනස කෙස් ගසකට සමයි " කියලා .. ඒ වගේ සමහර වෙලාවට ඉරිසියාවයි ..තෘෂ්ණාවයි අතර වෙනසත් එහෙමයි... බොරුනම් බලන්න දැන් ඔයා මේ දාලා තියෙන පලවෙනි පින්තූරේ අර ඉරිසියාවෙන් බලන ගෑනුකෙනා වෙනුවට මම ඔතන හිටියනං තත්වේ වෙනස් එහෙනම් මම බලන්නේ තෘෂ්ණාවෙන් ...
    දැන් බලන්න මගේ පන්තියේ මගේ ළඟ ඉන්න එකා මට වඩා ලකුණු ගත්තොත් මම ඉරිසියාවේ පැලෙන්න හදනවා . හැබැයි වෙන ඉස්කෝලෙක මම දන්නෙවත් නැති එකෙක් හැම විෂයකටම මට වඩා ලකුණු ගන්නවා ,මම දකින්නේ පත්තරෙන් මට ඌ ගැන ඉරිසියාවක් හිතෙන්නේ නෑ... ඒ මොකද ?

    ඔමයාගේ මේ ලිපිය විශිෂ්ටයි ...දැන් බලන්න අර ඇනෝ කියන විදිහට මේ දේවල් ඉන්ටනෙට් එකේ තියෙනවා දකිනවා .එත් එයාට ඉරිසියාවක් හිතෙන්නේ නෑ . එත් ඒවා දාලා ඔමා පොස්ට් එකක් ලිව්වම ඇනොට ඉරිසියා හිතෙනවා ....පව් නේද?

    ReplyDelete
    Replies
    1. ඉවාන් මචං...මම උඹට මසුරන් පොදියක්ම මේල් කලා..... Download කරල කටේ දාගනින් කොල්ලො......

      Delete
    2. ඕක ඉතින් හැමෝගෙම තියෙන ලෙඩක් තමයි.හැබැයි හැමෝටම එකවගේ පාලනය කරගන්න බෑ :/

      Delete
    3. මම මේ ළඟදී fb එකෙත් jpg එකක් දැම්මා ඔය කතවාම. ඒ කියන්නේ ඉරිසියාව ඇති වෙන්නේ සමීපතම අයට කියලා.

      Delete
    4. පාවුළු@ ඔයාගේ උදාහරනේ ගැලපීම නම් නියමයි .... ස්තුතී , ඒ වගේම පොඩි ඔත්තුවක් තියෙනවා ,, මැලේ ගොයියා , අටම් තුමා වගේ අයගෙන් පරිස්සම් වෙන්න ඉරිසියා කාරයෝ :)

      Delete
    5. ගොළු හදවත ආදරයෙන් පිලිගන්නවා මගේ හීන අඩවියට ,, සුව කරන්න බැරි රෝගයක්නේ ත්‍රි වීල් එලවන අය දන්නවා..

      මට නම් අයිශ්වර්යා ගැන , ඩයනා කුමාරි ,ඇන්ජලිනා ජොලි වගේ අය ගැන ඉර්ෂ්‍යා හිටිලා තියෙනවා.. නරියා මිදී තිත්තයි කීවා වගේ අන්තිමට හිත හදාගත්තා..

      Delete
    6. ///ගෑනුකෙනා වෙනුවට මම ඔතන හිටියනං තත්වේ වෙනස් එහෙනම් මම බලන්නේ තෘෂ්ණාවෙන් ...///

      තෘෂ්ණාව කොහොම උනත් පැණි බේරෙන්ඩ කාල ඒ ගෑනිගෙං ..!!

      ඔය අයිශ්චර්‍ය මෙහෙ ගෙන්නුව අපූර්වි ලොරෙයල්
      එකෙන්..එයාපෝට් එකේ ඉඳන් හොටෙල් එකට ගෙනාව වෙහිකල් එකේ ඩ්‍රයිව මගෙ යාලුවෙක් සමන් කියලා..ඌම තමයි මට කිව්වෙ අයිශ්චර්‍ය නැගපු වෙලාවෙ වත් එනකම් වත් බැහැල යද්දිවත් මූන බැලුවෙත් නෑ කතා කලේවත් අඩුම ගානෙ ස්තූති කලේවත් නෑ කියල..!!! තරු නෙවැ !!

      Delete
    7. :D :D අපිට ලෝභ හිතෙන අයටනෙ අෆ්ෆ ඔයා ඉරිසියා කොරල තියෙන්නෙ, ^_^

      Delete
    8. පත්තර මුන්නා @ පෙනේද ඉවාන්ගේ තියෙන මෙවුවා කම ඉදගෙන ,, ,මං හිතුවේ අයිස්ඝ්වර්යා හරි හොදයි කියලා . මිනිස්සු ඉහළට යන්න යන්න ආධ්‍යාත්මික පැත්තෙන් පහලට යනවා ,මනුස්සකම් පහලට යනවා ..

      @ගොළු එකෙත් හැටි නේද අනේ ,, ගැහැණු අයත් අනිත් පැත්තට ඔහොමනෙ ,, ලස්සන කට්ස් එහෙම දාපු බොඩි එකක් තියෙන කොල්ලෙක් ලග කෙට්ටු පණ නැති කොල්ලෙක් හිටියොත් අර කෙට්ටු කොල්ලා ඉරිසියිනේ ..

      Delete
    9. හැක් !!
      ඒක අහලා මං අයිස්චර්‍ය මගෙ ලිස්ට් එකෙන් කැපුවා.. : D

      Delete
  30. කියල තියෙන දේවල් සහතික ඇත්ත..මොකද සමහර මිනිස්සු ලෝකෙට පෙන්නන්න හදන දේ හරිම වෙනස්..එත් ඇතුලෙ ඉන්නේ ඒ පෙන්නන එක නෙවෙයි..

    ReplyDelete
    Replies
    1. උමේෂ් @ ඔව් උමේෂ් ලෝකෙට පුම්බලා පෙන්නලා ලෝකේ සතුටු කලාට අභ්‍යන්තරයේ ඉන්න හිස් මනුෂ්ෂ ආත්මේ මහ සටනක ..

      Delete
  31. අම්මෝ දැං මේකි මොකක් ලියුවත් වැටෙන කමෙන්ට් තොගය

    ReplyDelete
    Replies
    1. අපෝ ඉරිසියා කාරයා ...තුක් තුක් තුක් ... ආචිචි අම්මි කිවේ ඉදගෙන ඔහොම කිවම 3 පාරක් කරන්න කියලා ,... අර ඔයාලගේ දොඩම් ගහට වෙච්ච දේ වෙයිද දන්නේ නැහැ මගේ බෝගට :(

      Delete
  32. අපි හැමෝම මින්ස්සුනේ.. ඉරිසියාව පොඩ්ඩක් හරි කොහෙන් හරි ගෑවිලා තියෙනවමයි.. ඒක නම් කාටවත් නෑ කියන්න බැරි වෙයි..

    ReplyDelete
    Replies
    1. ඔව් දිනේෂ්.. ඒත් ඔන්න මධාරා නම් එහෙම නැහැ කියලා කීවා.. අපි ඒ හැගීම් අදුරගෙන අපිම පාලනය වෙනවනම් හොදයි නේ

      Delete
  33. මේක නං සෑහෙන වටින ලියවිල්ලක්..... ඊර්ෂ්‍යාවත් ටිකක් විතර තියෙන්ඩ ඕන මම හිතන විදිහට.

    ReplyDelete
    Replies
    1. මධු @ ස්තුති මධු ඊර්ෂ්‍යාව සමනය කරගන්න විදිය තමයි වැදගත්.. අපි හොදට ඉගෙනගන්න කෙනෙක්ට ඊර්ශ්යා කරලා එයාව පරද්දන්න එයාට වඩා මහන්සිවෙලා පාඩම් කලොත් එතන හොද දෙයක් වෙනවා ,, ඒ වගේ යහපත් පැත්ත තොරග්න්නවනම් කොච්චර හොදද

      Delete
  34. පෝස්ටුව නම් ගොඩක් හොඳයි... ඉරිසියාවේ බෑ ... ..හි හි හි..
    මට පේන්න බැරි ඉරිසියාකිරිල්ලක් තමයි, තමන්ගේ කිසිම දේකට අදාළ නැති කෙනෙකුට ඉරිසියාව හින්දා නිකරුනේ බනින එක. මම දැකලා තියෙනවා එහෙම මිනිස්සු. ඒක හරියට අර බස්සි මාළුවෙක් , කුරුල්ලෙකුට ඉරිසියා කරනවා වගේ....

    ReplyDelete
    Replies
    1. උපේක්ෂා @ ආදරයෙන් පිලිගන්නවා මගේ හීන අඩවියට ..

      ඔව් ඔය දේ අපේ රටේ දේශපාලනයේ සෑහෙන්න තියෙනවනේ .. බස්සිගේ උපමාව නියමයි තමයි

      Delete
  35. ඊර්ෂ්‍යාව හොද දෙයක් නෙවෙයි ,බොහෝ රෝග වලට නිධානය.....
    කොම වුණත් ඇත්තටම සතුටු වෙන්නෙ ඔබේ ධර්ම කරුණු ,කුමන ආගමක වුවත් අගය කරනවා ,මම බෞද්ධයෙක් මගේ ගාවත් තියෙනවා බයිබලයක් තවම කියවලා ඉවර කරන්න නම් බැරි උනා ,කියවන කොට තෙරුනු දෙයක් තමා කුමන ආගම තුල වුවද යම් පොදු තැනක් තියෙනවා කියලා ..

    ReplyDelete
    Replies
    1. සහෝ @ ස්තුති මල්ලි .. බයිබලයත් කියවන්න මල්ලි, ජීවිතේට ගොඩක් දේ තියෙනවා ..

      Delete
  36. ගොඩක් වෙලාවට ඊර්ෂ්‍යා කරන්නේ තමන්ට මොකුත් නැති කිසිම දෙයක් කරගන්න බැරි අය කියලා මමත් හිතනවා. හැමදේම කොහොමින් හරි තියෙන කර ගත්තු අය ගොඩක් වෙලාවට අනුන්ගේ දියුණුව පතනවා. ඒත් හොඳම දේ තමයි කිසි දෙයකින් නොසැලී තමන්ගේ ගමන යෑම. නඟාට ජය!!

    ReplyDelete
    Replies
    1. ඔයාගේ කතාවත් හරි අයියේ ,, තමන්ගේ බැරි කම හදාගන්නේ නැතුව තමන් තවත් පහලට වැටෙන ගමන් අනුන්ට ඉර්ෂ්‍යා කරනවා ,, ස්තුති අයියේ

      Delete
  37. හැම නිතරම ජීවත් වෙන්න මිනිස්සු අනුකම්පා කරන විදියට නෙවෙයි ඉර්ශියා කරන විදියට. පෘතග්ජන මිනිස්සු හැටියට ඉරිසියාව ඇති වීම ස්වභාවිකයි. එයින් පාඩු වන්නේ ඉරිසියා කරන කෙනාටම මිස ලක්වන කෙනාට නෙවෙයි.

    ReplyDelete
    Replies
    1. ඔව් මල්ලි ඔය ටික හැමෝම තේරුම් ගන්නවා නම් කොච්චර හොදද

      Delete
  38. //මුදිතාව ජීවිතේට ඇතුල් ඇතුල් කරගන්න ඕනේ.// මුදිතා කියන්නෙ අපේ මාමගෙ දුව. ගුටි කන්න වෙයිද දන්නෙ නෑ ඔයා කියන ඒව කරන්න ගිහින්.. :D

    හොඳ සටහනක්. මේ ඉන්න ටිකේ නිකං මොකටද හිත්වල කුණු පුරව ගෙන ලේ නරක් කර ගන්නෙ.

    ReplyDelete
    Replies
    1. @චන්ද හි හි හුටා එහෙමද

      ඔව් අනේ ඉන්න ටිකේ හොදට ඉදිල්ලා ,,යන දාට මේවා අරගෙන යන්නෑ

      Delete
  39. ඊරිසියාව නැති කරන්න බැරි ලෙඩක් ඔමා....මුකුත් නොලිය, හැම තැනකම නැට්ට හලහල ගිය පලියට ඇගයීම් බලාපොරොත්තු වෙන්න බැහැ. ඒක තෙරුම් ගත යුතුයි. අපි ඔක්කොටම පිස්සු...හැබැයි ඊරිසියාව නිසාම පිස්සු හැදුනොත් දොස්තරලාටවත් හොඳ කරන්න බැහැ.

    මම මේ ලිපිය අගේ කරනවා.!!!

    ReplyDelete
    Replies
    1. @අරූ
      ස්තුති අයියේ අදහස් එකතු කලාට , සුවකළ නොහැකි රෝගයකි ඊර්ශ්යාව කියනවනේ..
      ස්ස්තුති

      Delete
  40. irisiyawa hamotama athi vena deyak..eka aththa.. eth thawa kenekuta irisiya karanawa kiyanne kawadawath apita hariyanne na.. neda akke?mata satthutui akke oyage nihathamani kama gana.oya irisiya karapu de oya apita kiuwane.

    ReplyDelete
    Replies
    1. ඔමාලි @ ස්තුති ඔමාලි.. අපි එකිනෙකා පවුද්ගලිකව තම තමා ගැන බලාගන්න ඕනේ, ස්වයන් විමසුමක් කරන්න ඕනේ,,

      Delete
  41. එන්න ටිකක් පරක්කු උනා...වැඩ වැඩියි මේ දිනවල...ඉරිසියාව ඉතාම නරක දෙයක් තමයි...රැකියා ස්ථාන වල බොහෝ වෙලාවට ගැටලු ඇතිවෙන්නෙ ඔය හේතුවෙන්.....මිනිස්සු දුප්පත් වෙලා උපදින්නෙ, කැත වෙලා උපදින්නෙ ඉරිසාව නිසා කියලයි බුදුන් දේශනා කරලා තියෙන්නෙ...

    ReplyDelete
    Replies
    1. බුදුරජාණන් වහන්සේ මජ්ඣිම නිකායේ චුල්ලකම්ම විභංග සූත්‍රයේදී එසේ දේශනා කරලා තියෙනවා (නෙට් එකෙන් හොයාගත්තේ ) කමක් නැහැ අයියේ,, රාජකාරි අස්සේ ඔයා මේවා කියෝනවම මදැයි අනේ, ස්තුති

      Delete
  42. කෙනෙක් දියුනුවේ ඉහලට යනවා බලා හිදින්නට බැරිනම්..
    නිකන් ඉන්නෙපා කොහොම කොහොමහරි ගහපල්ලාබං පෙත්සං...

    ReplyDelete
  43. @ප්‍රසන්න හි හි thanks ,ඔයා කොහෙද අනේ පහුගිය ටිකේ හිටියේ

    ReplyDelete
  44. ඉරිසියාව කියන එක නැත්තටම නැති කරගන්න නම් බැහැ වගේ... එත් යම් පාලනයක් ඇතිව ඉන්න ට්‍රයි කරනවා ;)

    ReplyDelete
    Replies
    1. බඩි @ මගේ හීන අඩවියට ආදරෙන් පිලිගන්නවා බඩියෝ... ඔව් ,,අපි ඉරිසියාව මතු උනාම ඒකට ප්‍රතිචාර දක්වන විදිය වෙනස් කරගත්ත නම් හරි

      Delete
  45. මේක නම් සෑහෙන්න වටින පෝස්ට් එකක්. කාලෝචිතයි. උදාහරණෙත් නියමෙටම ගැලපෙනව. අපි කාටවත් ඉරිසියා කරලා වැඩක් නැහැ කියන එක තමා මගෙත් මතය. එතකොට හානිය තමන්ටමයි.

    ඒ වගේම ඔමා අක්ක සූත්‍ර දේශනා ගැන දැනුම වැඩි කර ගත්ත එකත් අගය කරන්න ඕනෙ. විශේෂයෙන්ම අනිත් ආගමක දේශනා කිය වීම සම්බන්ධව. මටත් ඕනෙ බයිබල් පද සහ , සුත්‍ර දේශනා වල අදාළ පද (තියෙන ඒවා ඔක්කොම) :).

    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. ඔව් මේක හොඳ ගානකට විකුනන්න ඉන්න පෝස්ට් එකක්,, හි හි

      ස්තුති මනෝජ් දැන් මට ඒවා මතක නෑනේ :D

      Delete
  46. 2016 පෝස්ට් එකට 2014 ඉඳල කමෙන්ට් මටනම් ඉරිසියයි

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව. මටත් එහෙමයි. කොහොමද අප්පා එහෙම කොමෙන්ට් ගන්නෙ?

      Delete
    2. මේ ටිකේ මොකුත් ලියන්න බැරි වුන නිසා මේක රී පබ්ලිශ් කරා අනේ

      Delete
  47. මිනිස්සු නොදැනුවත්කම නිසා කරගන්න පාපයක් ගැන ලිපියක් ලිව්වට පින්. මමත්වය අධික උදවියට ඉරිසියාව අතාරින්න අමාරුයි අපූර්වී. මයිත්‍රී භාවනාව වැඩනකොට ඉරිසියාව ටිකෙන් ටික හිතෙන අයින් වෙනවලු. රහතන්වහන්සේ නමක් හැරුනාම අනෙකුත් සියලුම සත්වයින්ගේ හිත්වල ඉරිසියාව අඩු වැඩි වශයෙන් තියෙන්න පුළුවනි. අපි උත්සහ කලයුතුයි කොහොමහරි ඉරිසියාව දුරලන්න. සියලු සත්වයෝ ඊර්ෂා නොකරන්නෝ වෙත්වා..

    ReplyDelete
    Replies
    1. මිනිස්සුන්ට කොහෙද වෙලාවක් මෛත්‍රී භාවනාවට. මම ආගමට දහමට ලැදි කෙනෙක් නම් නෙමේ ඒත් ජීවීතේ කිලුටු කරන හිත නොසන්සුන් කරන මේ වගේ දේවල් වලින් හිත පරිස්සම් කරගන්න මo පරිස්සම් වෙනවා. ඒක හරි සතුට උපදවන සෙල්ලමක් අයියේ. ස්තූතී ඔයාගේ අදහස් එකතු කලාට.

      Delete
  48. 2014 පොස්ට් දැන් කියවන්න යොමු කලාට ස්තුතියි.
    ඊර්ෂ්‍යාවට වඩා ලොකුයිලුනේ රුසියාව..

    ReplyDelete
    Replies
    1. Mahesh . Sthuthi oyaata th parana post ekak unath awith kiyola adahas ekathu kalaata. Rusiyawa hari lassani winter ekata

      Delete
  49. හොඳ බණක් ඇහුවා වගේ දැනෙනවා. කම්මැලි නැතුව කියවන්න පුළුවන් වුනා නම් කතා කරනවා ඇහුවොත් කොහොම හිටීවිද කියල මටත් රුසියාවට වඩා ලොකු ඉරිසියාවක් ඇතිවුනා.

    ReplyDelete
    Replies
    1. ඔයාවත් මගේ හීන අඩවියට ආදරෙන් එකතු කර ගන්නවා. අයියෝ නෑ මo කතා කරද්දි ඔහොම නෑ.

      Delete
  50. මදැයි අළුත් එකක් කියවන්න ආවා.මෙහෙමත් කරන්න පුළුවන්ද....?

    ReplyDelete
  51. මොකෝ පරණ ඒවා දමන්නේ meke me sinhalen tayi p venne naththe ayi
    වෙන කොහේ හරි ටයිප් කරලා පේස්ට් කරන්න ඕනේ

    ReplyDelete
    Replies
    1. Liyanna one, me pist eke matath sinhala type karanna baha.

      Delete
  52. ගොඩක් ආදර්ශවත් කියවිමක් සහොදරිය,ජිවිතේට එකතු කර ගන්න ගොඩක් දේවල් කියවිමේ අන්තර්ගතයි,

    ReplyDelete
  53. මට තේරෙන හැටියට, අපි යමකතට ඊරිසිය කරනවනං, ඒ දේ ගැන අපි අකමැතියි කියන අදහස අපේ යටිහිතට කාවැදෙනව. උදාහරණයක් විදිහට, අපි කවුරු හරි කාර්රෙහෙක යනව දැකල ඒකට ඊරිසිය කරනවනං, අපි කාර් එහෙක යන්න අකමැතියි කියන අදහස තමා යටිහිතට කාවැදෙන්නෙ. යටිහිත හැමතිස්සෙම අපි කැමති දේවල් ළඟ කරගන්නයි, අපි අකමැති දේවල් ඈත් කරන්නයි උත්සාහ කරන නිසා, අර අපි ඊරිසිය කරන දේ අපේ ජීවිත වලින් ඈත් වෙන එකයි වෙන්නෙ.

    ඕක තේරුම්ගත්ත දා ඉඳං මටනං කිරි උතුරනව වගේ හරියනව.

    ReplyDelete
  54. කන්ද කෙන්ද කරනු පිණිස කන්දට ගරහාලා
    කනේද කන්ද පාමුල ලඟ සිටියලු තනි වීලා
    අන්ද මන්ද ගන අඳුරේ කෙන්ද පටලැවීලා
    කන්ද කඩා වැටේ සිතූ කෙන්ද බලාපල්ලා....

    ගහේ පිපිණු මල් සේරම බඹරුන්ටත් දීලා
    බලා හිඳී ගසක් ඔහේ සුළඟේ හිනැහීලා
    බඹරු එතත් දෙබරු එතත් ගහ නැහැ කැලඹීලා
    ඔහේ සිනාසෙනු මිස විහඟුන්ගේ ගී අසලා

    කුණාටු සුලි සුළං වැදී ගහ කොල පෙරලාවී
    මුල හොඳ නම් ගසක් ලඟදි කුණාටු පරදීවී
    ගහේම මල් බුදු පුදටත් නෙලා රැගෙන යාවී
    ඒ ඈයොම ඒ ගහේම මල් බිම පාගාවී

    මලනී බුලත් සිංහලයන්ට ඇගේම ගෝලයෙක් කල ඉරිසියාකාර වැඩක් නිසා ප්‍රේම කීර්තිද අල්විස් මහතා ගෙතූ පද වැලක්ලු.

    අගේ ඇති පෝස්ටුවක් අපූර්වී.

    ReplyDelete
  55. මේකා මේ පරණ පෝස්ටුවක් නෙව උඩ ඇදල තියෙන්නෙ.
    කොමෙන්ටු කියවද්දි අපේ කස්ටිය ඉස්සර හිටපුහැටි මතක්වෙලා දුක හිතුනා ඔමා.

    ReplyDelete
  56. lipiya kiyewwa lassanal,
    comments godanam kiyawala ewara karanna bari unaa.

    erisiyawa punchi kaale endhalama gedarin paasala athulu samaajayen jeewitheta ekathu wenne.

    samahara aya yam hethun nisaa yam kaala wakawanu waladi erisiyaawa adukara gannawa,
    namuth erisiyawa anytime yali mathu wenna puluwan sampurna ewath wenne naha.

    thadhin (gaburin) aasha kireema ha aadare kireema thamai erisiyawata heathu wenne.

    ReplyDelete
  57. http://www.diffen.com/difference/Envy_vs_Jealousy

    ReplyDelete

  58. දළදා මැදුරේ තේවා හඬ ‍රැව් දෙනවා
    කළ පව් මතක් වී දෑසම තෙත් වෙනවා..
    සියක්වාරයක් මැරි මැරි උපදිනවා
    තිබහට වතුර වෙනුවට කඳුලැළි බොනවා

    ReplyDelete
  59. ඉතින් අක්කෙ .. කාලෙකින් ආව බ්ලොග් කියවන්න ...
    ඔව් ඇත්ත ඉරිසියාව හරි කරදරයක් වගේම දුකක් .. සාමාන්‍ය කාටත් ඉතින් ඕක තියෙනවනෙ ...

    ReplyDelete
  60. ඉතින් අක්කෙ .. කාලෙකින් ආව බ්ලොග් කියවන්න ...
    ඔව් ඇත්ත ඉරිසියාව හරි කරදරයක් වගේම දුකක් .. සාමාන්‍ය කාටත් ඉතින් ඕක තියෙනවනෙ ...

    ReplyDelete
  61. බොහොම හොද වැදගත් දේවල් ගොඩක් ගත්තා..
    (ඉලගොටු කිව්වේ කරක් ගෙඩි වලටද?)

    ReplyDelete


ලිපිය කියවා කොමෙන්ට් නොකලත් කමක් නැහැ.. කමෙන්ට් කලොත් සතුටුයි. ලිපිය කියවන්නේ නැතුව කොමෙන්ට් කරන්න එපා.
අපුර්වි_


,නිතරම යහපත කරන්න...,සතුට සැනසිල්ල හැමදාම ඔයාලග රැදේවි,,දෙවිපිහිටයි,

Related Posts Plugin for WordPress, Blogger...