Thursday, February 6, 2014

Yashoda achived her dream with our support !!!

--------------------------------------------------------------------------------------
  අද මට ගොඩක් සතුටු දවසක් වුණා..01.21 වෙනිදා රෑ හිතට ඇතුල් වෙච්ච මහ බරකින් නිදහස් වුණා. 
අපි හැම කෙනාම දන්න යශෝධා ජයරත්න අපේ සහෝදරීට ඇගේ සැත්කම සඳහා අවශ්‍ය වෙලා තිබ්බ ලක්ෂ 45 ක මුළු මුදල අද දවස වෙද්දී සම්පුර්ණ කරගන්න පුළුවන් වුණා. මට වගේම ඔයාලා හැමෝටමත් සතුටු ඇති.

ඇයටත් හුස්ම ගන්න ඉඩදෙන්න  කියමින් 2013.03.27 මුලින්ම බ්ලොග් හරහා ඇය ගැන අපව දැනුවත් කරමින් යශෝධා වෙනුවෙන් පළමු බ්ලොග් සටහන තබපු හර්ෂණ අධිකාරි මල්ලිට ඇය ස්තූතිවන්ත වුණා. 
HOPE YASHODA

ඒ වගේම ඉහත විජේට්ටුවට තමන්ගේ බ්ලොග් එකේ තැනක් වෙන් කරමින් ඇයට සහය දක්වන්න එකතුවෙච්ච බ්ලොග් අවකාශයේ සියළු දෙනාට යශෝධා ස්තුතිවන්ත වුණා. 

අපේ සතුට ඈට කොයිද  2013.03.28 වෙනිදා සෑම් අයියා යශෝධා වෙනුවෙන් ඇගේ රෝගීතත්වය ,පවුලේ විස්තර සහ ඇගේ අවශ්‍යතාව ගැන විස්තර ඇතුලත් කර දෙවැනි බ්ලොග් සටහනත් තැබුවා. ඒ වෙනුවෙන් යශෝධාගේ ස්තූතිය.

ඒ හීනෙට චුට්ටි දුරයි  2013.10.16 සිරාගේ කාමරේ යශෝධා වෙනුවෙන් කාමරේ සිරා අයියා ලිපියක් මගින් නැවතත් යශෝධාගේ අවශ්‍යතාව බ්ලොග් අවකාශයේ මිතුරන් අතර මතක් කළා. ඒ වෙද්දී මාස හතක කාළය තුල ලක්ෂ 45 ක් වෙලා තිබ්බ මුදල ලක්ෂ 15 දක්වා අඩුවෙලා තිබ්බා. නැවත වරක් ලිපියක් ලියමින් ඇයට උපකාර කල සිරා අයියට යශෝධා ස්තුතී වන්ත වුණා.

 ඉන්පසු 2014.01.21 දින මා විසින්   එක්ව එළිය කරමු යශෝධාගේ සිහිනය  
නමින් ඇයගේ අවශ්‍යතාව වෙනුවෙන් නැවත මේ බ්ලොග් අඩවියේ සටහනක් තැබුවා.ඒ වෙද්දී ඇයගේ අවශ්‍යතාව වෙලා තිබුණා   ලක්ෂ 10 ක මුදලක්. 

මා ලිපිය ලියන කාලේ වෙද්දී මාස 9 ක් වගේ කාලයක් ගතවෙලා තිබුණා හර්ෂණ මල්ලිගේ ලිපිය පළවෙලා. ඒ වගේම සිරා අයියා තව ලක්ෂ 15 ක් පණක් අවශ්‍යයි කියලා ලියපු ලිපියට මාස 3ක් ගතවෙලා තිබුණා.  ඒ ගැන අපේ සහෝදර බ්ලොග් කරුවන්ට සාධාරණ ප්‍රශ්නයක් මතුවෙලා තිබුණා මුදල් ලැබීම් ගැන. ඒ ගැන යශෝධාගේ පැහැදිළි කිරීම ඇතුලත් ඇගේ කමෙන්ට් එක මෙතනින් 

බ්ලොග් අවකාශයේ ඇය වෙනුවෙන් පැතුමක් එකතුකළ,ඒ වගේම ඇයගේ සැත්කම වෙනුවෙන් හැකි පමණින් මුදල් ආධාර කළ, සියලුදෙනාටත්, ඇය වෙනුවෙන් ලියවුන ලිපි අන්තරජාලය හරහා ශෙයා කරමින් බොහෝදෙනෙක් අතරට ඇයව රැගෙන ගිය සියළුදෙනාටත්. යශෝධා පිං දෙන්නීය. හදවතින්ම ස්තුතීවන්ත වන්නීය.

ඒ වගේම යශෝධා වෙනුවෙන් වෙබ් අඩවියක් නිර්මාණය කර ඇය පිලිබඳ තොරතුරු සහ බ්ලොග් ලිපි සියල්ල එක තැනකට එකතු කරමින් ඇයගේ අවශ්‍යතාව බොහෝදෙනා අතරට ගෙනගිය නිර්නාමිකව ඉදිරිපත්වූ සහෝදරයාටත් යශෝධාගේ ස්තූතිය.

ඒ වගේම ඔස්ට්‍රේලියාවේ වෙසෙන  ශ්‍රී ලාංකිකයන් 
BAILA AND HOPPER NIGHT FOR YASHODHA! නමින් පෙබරවාරි පළවෙනිදා ඉවෙන්ට් එකක් කළා.ඉහත ලින්ක් එක හරහා ඔයාටත් බලන්න පුළුවන්. ඔස්ට්‍රේලියාවේ ජීවත්වෙන හදවත් ඇති අපේ ශ්‍රී ලාංකිකයන් ඒ හරහා ඇයගේ සැත්කම සඳහා අවශ්‍ය ඉතිරිමුදල සොයාගන්න විශාල දායකත්වයක් දැක්වුවා. ඒ සියළු දෙනාටත් යශෝධා හදවතින් ස්තුතීවන්ත වුණා.





ෆේස් බුක් හරහා ලබාගත් BAILA AND HOPPER NIGHTහී  ජයාරූප කීපයක්.

වසරකට ආසන්න කාලයක් බොහෝ දුක් ගැහැට මැද ඇයත් ඇගේ පවුලේ සියළුදෙනත් රුපියල් ලක්ෂ 45 ක ඉලක්කයක් කරා අසීරු ගමනක් ගමන් කළා..මේ පෙබරවාරි මාසේ 23 වෙනිදා යශෝධා ඉන්දියාවේ චෙන්නායිහි ඇපලෝ රෝහල කරා ඇගේ සිහිනේ අතැතිව පියාසලන්න ලෑස්තිවෙලා ඉන්නවා...
සැත්කමට සාර්ථකව මුහුණ දෙන්න යශෝධාට  ශක්තිය ලැබෙන්න කියා අපි හැමෝම පැතුම් එකතු කරමු.ඒ වගේම ශල්‍යකර්මය අතිශය සාර්ථක වෙන්න කියලත් අපි එකිනෙකා විශ්වාස කරන ධර්මයේ නාමයෙන් ඉල්ලමු.




--------------------------------------------------------------------------------
ප/ලි .. යශෝධාගේ රෝගීතත්වය ගැන සහ ඇය ගැන වැඩි විස්තර අවශ්‍ය කෙනෙකුට  මෙතනින් කියවීමට පුළුවන්. 

ප/එ.
සති දෙකක් වගේ කෙටි කාලෙකින් ලක්ෂ 10 ක මුදල පියවාගන්න ලැබුණ එක පුදුමයක්.මේ එයට සාක්ෂි.ඒ පිළිබද තොරතුරු මෙතනින්


37 comments:

  1. මුල සිට සිංහල බ්ලොග් අවකාශයේ මේ පිළිබද කැපවීමකින් කටයුතු කල සියලු සහෝදර/සහෝදරියන්ටත් ,මුදලින් දායකත්වය සැපයූ සැමටත් මගේ ප්‍රණාමය...!!
    කිසිදු කරදරයකින් තොරව ශල්‍යකර්මයට මුහුණ දී ඉක්මන් සුවය ඇයට පතමි...!!

    ReplyDelete
    Replies
    1. අපි හැමදෙනාගේම හිතේ දැන් ඉතුරුවී තිබෙන්නේ මේ සත්කාර්යයට දායකවීමේ සතුට සහ කෙන්ජි සඳහන් කරන ප්‍රාර්ථනාව පමණයි.

      Delete
    2. This comment has been removed by a blog administrator.

      Delete
    3. This comment has been removed by a blog administrator.

      Delete
    4. This comment has been removed by the author.

      Delete
  2. ඉක්මණට ඔපරේසන් 1 කරං සුව වෙන්න ලැබේවා.

    ReplyDelete
  3. මොන දීපංකරේක ජීවත් උනත් ලෝකෙ කොතන හිටියත් මුලු ලෝකෙ පුරාම විසිරිච්ච ශ්‍රී ලාංකිකයන්ගෙ හදවත් තාමත් මනුශ්‍යත්වයේ නාමෙන් ගැහෙන බව තව වතාවක් ඔප්පු උනා. ඇත්තෙන්ම සතුටුයි ඔමා.

    යශෝදා සොයුරිය, ඔබට ඉක්මන් සුව පතමි …!!!

    ReplyDelete
  4. ඉක්මන් සුවය පතමි..

    ReplyDelete
  5. මේ සිංහල කමටත්, යශෝධාගේ ජීවිතයටත් ශක්තිය ධෙයිර්යය ඉත සිතින් ප්‍රර්ථනා කරමි

    ReplyDelete
  6. ඉක්මනින් සුවය ලැබේවා.....

    ReplyDelete
  7. ඉක්මන් සුවය පතමි..

    ReplyDelete
  8. සැත්කම සාර්ථක වේවායි පතමි ! ඉක්මනින්ම සුවය ලැබේවා !

    ReplyDelete
  9. ඇයට නිරෝගි සුව ලැබේවා.....දායක වූ සැමට තුති

    ReplyDelete
  10. ඔබේ සැත්කම සාර්ථක එකක්ම වේවා.

    ReplyDelete
  11. සැත්කමට සාර්ථකව මුහුණ දෙන්න යශෝධාට ශක්තිය ලැබෙන්න කියලා අපිත් ප්‍රාර්ථනා කරනවා ..

    ReplyDelete
  12. බොහොම සතු‍ටුයි.. ඊලඟට ඇයට සුව උන ආරංචිය එයි.. ඒ ගැන සැකයක් නෑ.. . තුන්රුවන් සරණින් එය එසේම වේවා !

    ReplyDelete
    Replies
    1. ඔව් අයියේ ඔයාගේ ලිපිය නිසා මා නිතර ඇය ගැන සොයා බැලුවා .. අපි හැමෝම ප්‍රාර්ථනා එකතු කරමු

      Delete
    2. This comment has been removed by the author.

      Delete
  13. ඇයගේ සැත්කම සාර්ථක වී නිරෝගී සුවය ලැබේවා...දායක වූ සැමට පින්..

    ReplyDelete
  14. සැත්කම සාර්ථක වෙලා ඉක්මන් සුවය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..

    ReplyDelete
  15. ඉතිරිව ඇති බලාපොරොත්තුත් මෙ අයුරින්ම සාරථක වෙවා...................

    ReplyDelete
  16. අපහසුවකින් තොරව සැත්කමට මුහුණදීමටත්, අතුරු අන්තරාවලින් තොරව ඉක්මන් සුවය ලැබීමටත් යශෝධා සොයුරියට හදවතින්ම සුබපතනවා.

    ශැත්කම අවසන් කරගෙන ඇය සුව වූ පුවත යම් දිනක ලැබෙනතුරු, ඔමායා අක්කා දාලා තියෙන ස්තූති කිරීමේ බැනර් එක ඔන්න මමත් එල්ලා ගත්තා. ඇයට සුව වූ බව ඔයා දැනගත් සැනින් අපිටත් දන්වන්න.

    ReplyDelete
  17. ඇයට ඉක්මන් සුව පතමි.

    ReplyDelete
  18. ඇයට ඉක්මන් සුව පතමි.

    ReplyDelete
  19. ඉක්මනින් ම ඇය සුවපත් වේවා‘යි පතමි.

    ReplyDelete
  20. අහන්නති සතුටුයි....ඒ විදියටම සැත්කමත් සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...

    ReplyDelete
  21. ඇයගේ සැත්කම සාර්ථක වී නිරෝගී සුවය ලැබේවා...දායක වූ සැමට පින්
    බ්ලොග් වලින් කරන ලද ලොකු වැඩක්

    ReplyDelete
  22. මෙම සැත්කම කෙරෙන්නේ අදියර දෙකකින් මම හිතන්නේ. මෙම සැත්කමෙන් ලැබෙන ප්‍රතිඵල බොහොම හොඳ බවයි කියැවෙන්නේ. ඇයට මේ සඳහා අවශ්‍ය මානසික ශක්තියද නොඅඩුව ලැබේවා කියල පතමු.

    ReplyDelete
  23. මනුස්ස යුතුකමක් කරන්න සුළු වශයෙන් හෝ දායකවීමට ලැබීම ගැන මට ඇත්තේ යම් සතුටක්. ඇයට සුවය පතමි!!

    ReplyDelete
  24. ඇයගේ සැත්තම සාර්තක වී ඇයට ඉක්මන් සුවය ලැබේවායි පතමි...

    ReplyDelete
  25. බ්ලොග් අවකාශයට ඇයව ගෙනෙන විට ඇයට මේ විශාල මුදල එකතුකරගැනීම පිළිබදව තිබුනේ විශාල හීනයක්...ඒ හීනය අස්සෙ පවුලෙ අය එක්ක තව දුරටත් ජීවත් වෙන්න තියෙන ආශාවේ තරම මම දැක්ක නිසාම තමයි ඒ අවස්ථාවේ ඉදලාම ඇයට කරන්න පුලුවන් උපරිම විදියෙන් උදව් කලේ...මූණු පොතෙන් සංවාදයට එන හැම මිතුරෙකුටම ඇය ගැන කිව්වා...ඒ අයගෙ මිතුරන් දැනුවත් කරන්න කිව්වා...බොගේ ලිව්වා...විවිධ ආයතන වලට දැන්වූවා...ගිරිදුර්ග පහුකරගෙන සෑහෙන කාලයකට පස්සෙ හරි යශෝධගෙ මූණෙ ඇදිච්ච හිනාව බොහොම ලෙංගතුයි...ඒ හිනාව ඇති කරන්න මමත් යම් තරමකින් දායක වූ බව සිහිපත් වන සෑම වාරයක්ම මට බොහොම සතුටුදායකයි....සැත්කම බොහොම සාර්ථකව අවසන් වෙලා පළමුව ඇගේ ජීවිතයට තියෙන බාධක නැති වෙන්නත්...එයින් පසු කරනා ප්‍රතිකාර වලින් පස්සෙ නැවතත් දෙකකුලින් හිට ගන්නත් ලැබෙන්නයි කියලයි ඇය වෙනුවෙන් මම ප්‍රාර්ථනා කරන්නෙ...යශෝධා වගේ අසරණ වෙච්ච තරුණියක් උදෙසා වාර කීපයක් මුදලින් උදව් කල අයත් මේ බ්ලොග් ලියන අය අතර ඉන්නවා...ඒ සමහරු ගැන යශෝධා මා එක්ක කියලත් තියෙනවා...කෙසේ හෝ ඇය වෙනුවෙන් මුදලින් ආධාරයක් කරපු හැම දෙනාටම බොහොම ස්තුතියි කියන්න මමත් කැමතියි....මේ ලිපිය වගේම මීට පෙර ලිපියත් ලියූ ඔමායා නැගනියට මාගේ ආචාරය...

    ReplyDelete
  26. උතුම් ක්‍රියාවක්

    ReplyDelete


ලිපිය කියවා කොමෙන්ට් නොකලත් කමක් නැහැ.. කමෙන්ට් කලොත් සතුටුයි. ලිපිය කියවන්නේ නැතුව කොමෙන්ට් කරන්න එපා.
අපුර්වි_


,නිතරම යහපත කරන්න...,සතුට සැනසිල්ල හැමදාම ඔයාලග රැදේවි,,දෙවිපිහිටයි,

Related Posts Plugin for WordPress, Blogger...