Tuesday, March 25, 2014

සුවඳවත් මනුස්සයෙක් වෙන්න.


කටු පිරිච්ච ඝනකම් පොත්තකින් වැහිලා තියෙන පැණි වරකා ගෙඩියක් ඇතුලේ තියෙන මදුළු කොච්චර රසද...ඒ වගේම ඒවා ගැට කාලේ පොලොස් හදන්නත් පුළුවන්,,පැහුනම උයන්න ,මලවන්න අමුවෙන් කන්න උණත් පුළුවන් ,,ඒ වගේම කොස් ගෙඩියේ අපි කාලා ඉතුරුවෙන කොස් ගෙඩියේ පොත්ත එහෙමත් නැත්තං කොස් කට්ට  හරක් වගේ සත්තුන්ටත් හොද කෑමක්... 


කොස් ගෙඩියේ අහක යන කිසිම දෙයක් නැහැ. අතේ පයේ ඇලෙන කිරිටික පවා අපිට වලඳක ,කලගෙඩියක සිදුරක් වහන්න ගන්න පුළුවන් ඒත් ලස්සනට සුදට ලොකුවට හැදෙන පුහුල් ගෙඩියක් ඒ වගේ නෙමේනේ පොත්ත සුමුදුවට ලස්සනට තිබුණට ඒකෙ ඇතුලේ මිහිරි රසයක් නැහැ. පුහුල් දෝසි හදන්න පුළුවන් උණත් පිටින් සීනි දාලා රසවත් කරන්න ඕනේ..,පුහුල් උයනවද කියලනම් මං දන්නේ නැහැ.


ඒ වගේම පුහුල් ගෙඩි තොවිල් වලදි කඩුවෙන් දෙකට කපලා පාළු තුන්මන් හන්දියක දාලා එනවා ,,ඒවා බල්ලෙක් වත් කන්නේ නැහැ.. තව අර අලුතෙන් හදන ගෙවල් වල මුදුන් ලී වල පරාල වල එල්ලලා තියනවා මං දැකලා තියෙනවා.. ඔහේ අවුරුදු ගානක් හරි එල්ලිලා තියෙනවා.


මට හිතෙන්නේ සමහරුන්ගේ ජිවිතත් හරියට පැණි වරකා ගෙඩි වගේ පිටතින් ගොරෝසුවට අවලස්සනට පෙනුණට එයාලගේ අභ්‍යන්තරය හරිම සුන්දරයි ..ඒ වගේම හරිම ආදරණීයයි.. ඒත් සමහර පිටින් හරිම ලස්සන..මුර්දු පෙනුමින් ඉන්න සමහරුන්ගේ අභ්‍යන්තරය හරිම අවලස්සනයි ,,අමිහිරියි... කිසිම මනුස්සයෙක්ට වැඩක් නැහැ තෙතමනයක් නැහැ එයාලා ළඟ.

මං පුංචි කාලේ ඉදන් දන්න ඉස්කෝලේ යාළුවෙක් හම්බෙන්න ගියා අද එයා පොඩිකාලේ ඉදන්ම ගොඩක් ආඩම්බර කෙනෙක්. ඒකට හේතුව එයා සුදුයි ලස්සනයි. තාමත් ඒ වගේමයි.පුංචි කාලේ නොතේරුම් කමටද කියලත් මට හිතිලා තිබුණා. ඒත් අද දැක්කම මට එයා ගැන දුක හිතුණා. මෙච්චර ලොකු මහත් වෙලත් ඒ උඩඟුකම් ඒ විදියමයි.එහා ගෙදර මනුස්සයෝ එක්කවත් මුණබලලා කතා කරන්නේ නැහැ. ඔයාලටත් ඒ වගේ අය ගැන ඕනේතරම් අත්දැකීම් ඇති. 

අපිට ලැබිලා තියෙන හමේ පාට ,ශරීරයේ හැඩය අපේ තෝරාගැනීම් නෙමේනෙම්.ඉතින් කෙනෙක් කොහොමද තමන් උපතින් ලස්සන උනා කියලා ඒ ගැන ආඩම්බර වෙන්නේ?...ඒක මගේ දැකීමේ හැටියට මහා මෝඩකමක්...


ප/ලි
ආයුර්වේදයේ සඳහන් වන ආකාරයට වැල් වල හටගන්නා ගෙඩි අතුරින් හොඳම වර්ගය අළු පුහුල් කියලත් කියනවා

105 comments:

  1. සමහර වෙලාවට වරක මදුළු පුහුල් ගෙඩි වලට ඉරිසියා කරනවත් ඇති... මොකද කොච්චර රස වුනත් ගොඩක් වරක මදුළු වැල වෙලා කුණු වෙලා වැටෙද්දීත් හිස් පුහුල් ගෙඩි ගෙදර මුදුන් පරාලේම ලස්සනට එල්ලී එල්ලී තියෙනකොට...

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම් .. හි හි ඔව්,, ඒත් වැල වෙලා වැටුණත් කොස් ඇට හරි මිනිස්සු කනවනේ :(

      Delete
    2. මේක පස්ට අසාධාරණයි ඈ... මං කොමෙන්ටුව කොටනකොට මෙයා හිටියෙ නෑනෙ... මං යුද්ධ පොකාස කොරනව... ඔව්... ඉදගෙන

      Delete
    3. හි හි අද පෝස්ට් එක කොටයිනේ මල්ලියා පැතුම් අයියා සීන් සින් ගාලා කියවලා කොමෙන්ට් කරන්න ඇති ඉදගෙන :)

      Delete
    4. උඹල දෙන්න ගහ ගනියව්.... :)

      Delete
    5. මම මේ බ්ලොග් ඉතිහාසේටම පළවෙනියට කොමෙන්ට් එකක් දැම්ම මයි ද කොහෙද.. හෙහ් හෙහ් එකටත් මුන් කෑගහනවනේ ...

      Delete
    6. ඒකනේ පැතුමා .... :)
      මහේෂා ත් උඹ වගේ එල කොල්ලෙක් බං ...
      සන්ඩු නොවී ඉඩහල්ල ....අප්පා...... :)

      Delete
    7. පැතුම් අයියා @ ඒකනේ අප්පා පළවෙනි බ්ලොග් කරුවා වෙච්ච ඔයා පලවෙනි කොමෙන්ට් එක දැමීම ආඩම්බලයක් ඉදගෙන :) හි හි

      Delete
    8. හුටා කවුද පළවෙනි බ්ලොග් කරුවා? මම එච්චර නාකි නැතෝ... මමත් තාම කෙන්ජි වගේ හැඩකාර විසේකාර කොල්ලෙක්.. ලොල්..

      Delete
    9. හෙහ්...හෙහ්.... :D

      Delete
    10. මං හිතන විදියට ඔයා තමයි පැතුම් අයියේ .. හි හි

      Delete
  2. අළු පුහුල් මාළු උයන විදියක් තියේ... අපේ ආච්චි එහෙම දන්නව...
    ඒත් අහගන කියන්න අද එයා නෑ නෙව...
    අපේ අම්මත් ගෙදර නැ.. නැත්තං අහල බලන්න තිබ්බ...

    සමහර අය ආඩම්බරයි කියනව නේ.. ඇත්ත හැබැයි ජීවිතේ හුගක් කඩයිම් වලදි එයාල පරාද වෙනව... කොටින්ම කාත් කව්රුවත් නැති වෙන තත්තෙට එනව... ඒ වගේ අය මේ සමාජෙ අනන්තවත් ඉන්නව..
    අනිත්‍ය කියන නිත්‍ය ධර්මතාව පිළිබද අවබෝධ නොකරගැනීම තමා ඒකට හේතුව මට හිතෙන විදියට

    ReplyDelete
    Replies
    1. අපූර්වි අක්කෙ පුලුවං නං මේ ලිංක් එක දිගේ ඇවිත් බලන්න... මේ තියෙන්නෙ මං හිතන්නෙ වටින කතාවක් හුග දේනෙක්ට..
      විශෙෂයෙන් බාධක මැදින් ජීවිතේ ජයගන්න හිතන අයට..

      http://awanhala.blogspot.com/2014/03/blog-post_24.html

      Delete
    2. අප්පොච්චිගෙන් අහලා පස්සේ කියන්නකෝ මල්ලි,

      //ජීවිතේ හුගක් කඩයිම් වලදි එයාල පරාද වෙනව... කොටින්ම කාත් කව්රුවත් නැති වෙන තත්තෙට එනව..// මේ ටික නම් ඇත්ත , ඒත් ඒ වගේ අයට උණත් උදව් කරන්න හොද මිනිස්සු ලෝකේ ඉන්නවා මල්ලි

      ලින්ක් එක දිගේ බලන්නම්, මන් සති දෙකකින් මේ ආවේ මල්ලි,

      Delete
  3. අපූර්වි.. ජීවිතේ එහෙමයි... ගොඩක් වෙලාවට උඩ පණ්නිනෙ දගලන්නෙ මුකුත් නැති හිස් මිනිස්සු...
    හිස් කළ හෙලවෙනව...
    දැකල ඇති කොස් ගස් වගේම දෙල් ගසුත්...
    දෙල් ගස් වල කොල කොච්චර ලොකු වුණත් ගෙඩි පොඩියි !
    ඒත් කොස් ගස් වල කොල ගොඩක් පොඩියි හැබැයි ගෙඩි ලොකුයි... !
    -කුරුළු-

    ReplyDelete
    Replies
    1. කුරුළු-
      ස්තුති ඔයාගේ අදහස් එකතුකලාට ..ඔයා කියපු දේ හරියටම හරි

      මං හැමදේම නොලියා ඉතාම කෙටියෙන් ලීවේ. දවසක් මාත් ඔයා කියපු විදියේ කාරණයක් ගැන කවියක් ලීවා ,,කාසි සහ නෝට්ටු ගැන,,, කාසි කොච්චර සද්දේ උණත් වටිනාකමක් නැහැ නේ ..ඔය වගේ දෙයක්

      Delete
  4. ජීවිතේ ඒ ආකාරයි...ලෝකේ ගෝලාකාරයි....

    අපි හැමෝම අඩු පාඩු වලින් සමන්විත අය...පරාර්ථකාමී අය ..නිහතමානී අය ...අවංක අය ...වගේම...ආත්මාර්ථකාමී අ ය ....උඩගු අය ...වංචාකාරී අයත්..ඉන්නවා...මම නම් හිතන්නේ ඒ අයත් අපි එක්ක ඉන්න ඕන...එතකොට තමයි අපේ පරිසරය විවිධත්වය ක් සහිත වෙන්නේ....

    ReplyDelete
    Replies
    1. අනේ අනිච්චං අයියේ :(

      Delete
  5. මම නම් හිතන්නෙ අපි හැමෝගෙම අඩුපාඩුකම් තිබෙනව.ඒත් ඔය වගෙ අය වෙන මොකක් හරි හීනමානයක් නිසයි ඔහොම හැසිරෙන්නෙ. ඇත්තටම යහපත් දැක්මක් ඇතිව ජීවත් වෙනවනම් හැමෝටම හිතවත්ව යහපත් ජීවිතයක් ගත කරන්න පුලුවන්. ඔය අලුපුහුල් වගෙ අය ඉන්නෙ සතුටින් නොවෙයි ඒකයි ඇත්ත.

    ReplyDelete
    Replies
    1. යකා @ ඒක ඇත්ත යකා ඇතුලාන්ත මනුස්සයා සතුටු නොවී බාහිරින් අපි මොන සැප සම්පත් ලැබුවත් වැඩක් නැහැ රූපේ ගැන විතරක් ටිකක් ලියල නැවත්තුවට හිතේ ලියන්න ගොඩක් දේ තිබ්බා යකෝ

      Delete
  6. වරක ගෙඩියෙයි පුහුල් ගෙඩියෙයි සම්මිශ්‍රණයක් උනානම් කොහොමද? :D

    ReplyDelete
    Replies
    1. අපොයි මං බැලුවේ වනිතා හඩ එකේ ඇන්ටි කියලා..

      එහෙම වෙනවනම් හොදයිනේ මල්ලි හැබැයි හොද විදියට

      Delete
    2. //අපොයි මං බැලුවේ වනිතා හඩ එකේ ඇන්ටි කියලා.. //
      ලැයික්

      Delete
    3. අන්න අරෙහෙ මා එක්ක වලි සසිදුවා

      Delete
    4. @ සසිදු ~ දැන්වත් වෙනස් කර ගනින්කො ඔය ෆොටෝ කෑල්ල. ;))

      @ ඔමා ~ මේ මහා හිංගල බ්ලොග් අවකාශය තුල මාගේ සිහින කුමාරිට ඇන්ටි කීම තරයේ හෙළා දකිමි 'ඉදගෙන'. :(

      මම කවදා හරි ලොකු උනාම බදින්නෙ එයාව තමයි. ;))

      Delete
    5. හි හි අයියේ ඔයා kenji අයියගෙන් අහගන්න තමයි ඔය ඒ ඇන්ටි කැමති එයාට :) සසිදුව පව් ඉදගෙන ඈ ..එයා ෆොටෝ ඔෆ්ෆ් කරලලු බ්ලොග් කියවන්නේ ඉතින් පේන්නේ නැහ්ලු..

      Delete
  7. කොස්ද,පුහුල්ද නම් මම දන්නෙ නැහැ...ලස්සන අවලස්සන බේදයක් නැතිව ඔය ආඩම්බර බව සම හරක් ලග තියෙනව.ඒ නම් ගොන් කම.
    මම නම් ශරීරයෙන් පමණක් නොව කතාවෙනුත් කාටත් ප්‍රිය කෙනෙකු යයි මා විසින්ම සිතා ගෙනයි දිවි ගෙවන්නෙ.
    හැබැයි මා කිසි විටකවත් පිටස්තරයන්ට ආඩම්බර කමක් පෙන්වන්නෙ නැහැ.
    ආරුඩ ආඩම්බර කාරයන් මට එයාට නැති ආඩම්බරයක් පෙන්වන්න ආවොත් මම ,මගේ ඇත්ත ආඩම්බරය පෙන්වනවා.....පෙන්නලත් තිබෙනව.

    ReplyDelete
    Replies
    1. අප්පේ මෙයාගේ තියෙන රැස්පොට්

      Delete
    2. කෙන්ජි අයියා +++++++++++++ ඒක හරි. (y)

      අර ගහන්න ගහන්න වදින මිනිහා මෝඩයෙක් කියනවා වගේ ආඩම්බරකම් පෙන්නන උන්ට සෙකන්ඩ් වෙන එකත් මෝඩ කමක්. දෙන්න ඕන රිටන් එක රිදෙන්න.

      Delete
    3. ඔව් ඒකනම් ඇත්ත ප්‍රියෝ

      Delete
  8. නියමයි ඈ.... කෙටියෙන් කිවුවට දුන්නු පණිවිඩේ බොහොම වටිනව!!

    ReplyDelete
    Replies
    1. පල යන්න මෙතන කියවන්නේ නැතුව බොරු කොමෙන්ටු නොදා :P

      Delete
    2. හි හි බැනුම් අහගන්න වෙයි ඈ අපි නෑ ඕන්

      Delete
  9. 22 වෙනිදා පොලොස් ඇඹුලුත් හදලා තිබුනද අටම්ලගේ ගෙදර? එන්න බැරිවුණ එක ගැන හරිම දුකයි.

    ReplyDelete
    Replies
    1. අනිවා අනිවා ,,අපිටත් දුකයි ඉතින් පස්සේ හම්බෙමුකෝ,,, ඔයාට මං චුටි කටපුන්චෙකුත් ගෙන්නම්කෝ

      Delete
  10. කතාව නම් සහතික ඇත්ත.. මිනිස්සුන්ගේ පිටින් තියෙන ලස්සන ඇතුලාන්තයෙනුත් තියනවනම් අද ලෝකේ කොච්චර ලස්සන තැනක් වෙයිද ...

    ReplyDelete
    Replies
    1. තුෂ් @ හ්ම්ම් ඒකනේ නංගි

      Delete
  11. පිට පොත්ත හින්දා සමහරු හදාගෙන ඉන්න මනස්ගාත නං ඉතාආආආආආ......ම ප්‍රාථමිකයි , මෝඩයි.
    හැබැයි ඉතිං මේ මොලේ තියෙන එවුනුත් එක එක බෙදීම් හදාගෙන කා'කොටා ගන්න විදිහත් එක්ක ඕක නං මොකද්ද කියලා වෙලාවකට හිතෙනවා...

    ReplyDelete
    Replies
    1. හි හි අනේද කියන්නේ ඉදගෙන

      Delete
  12. පොඩි ගස් සුළගට නැමෙනව,
    මහ ගස් සුළගට වැටෙනව....
    වටිනා අදහස් ටිකක් එකතුකරල තියෙනව...

    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. විදානේ @ ඔව් මල්ලියා ඒකනම් අස්සන අදහස

      Delete
  13. හරි ම ලස්සණ අදහස් ටිකක්... ඇත්ත. බාහිර පෙනුමෙන් මිනිස්සු මනින්න හොඳ නෑ. මට ඔය සම්බන්ධ ව ගොඩක් අද්දැකීම් තියනවා.

    ReplyDelete
    Replies
    1. ආගන්තුකයා ගැන ලියන අතරේ ඒ ගැනත් ලියන්නකු රොබරෝසියා මලේ

      Delete
  14. This comment has been removed by the author.

    ReplyDelete
  15. සිතුමි ආවද?

    ReplyDelete
  16. හැබැයි එහෙම කියන්නමත් බෑ අපුර්වි අක්කේ... සමහරුන්ට ටිකක් හිතවත් වුණාම තමයි තෙරුම් ගන්න පුළුවන් වෙන්නේ ඇත්තටම ආඩම්බරද නැද්ද කියලා.
    මගේ හොදම යාළුවා , එයාව අඳුරගන්න කලින් මම හිතුවෙත් මහ ආඩම්බර කෙල්ලෙක් කියලා. ඇත්තටම කතා කලෙත් මුනිච්චාවට වගේ :පී ඒකට දැන් තමයි හිතෙන්නේ පිටින් බලලා එයා ගැන ගත්තු නිගමනේ කොච්චර වැරදිද කියලා. (එයා හොද වේලාවට වැඩිය බ්ලොග් කියවන්නේ නෑ ^_^ ) 

    ReplyDelete
    Replies
    1. එහෙම සරළ ආඩම්බර කමක් ගැන නෙමේ නංගි මං කීවේ...සමහරුන්ගේ ජිවිත වල තදින්ම කාවැදුණු ඒ වගේම ඒක වරදක් කියලාවත් දන්නේ නැති තරමට ඇතුලාන්තයෙන් පිළුණු අය ගැනයි මං කතා කලේ

      Delete
  17. පුහුල් උයනව තමයි හාමිනේ...
    මාත් දන්න අය ඉන්නව ඔය වගේ... අනේ මන්ද සමහරුන්ගෙ ඒ ගති වයසින් මුහුකුරා යනකොට දැනුම් තේරුම් ඇති පරිණත මිනිස්සු වෙනකොට අඩුවෙයි කියල හිතුවට, ඒවා කාලයත් එක්ක තවත් වැඩි වෙලා... එහෙම අය සමාජයට ගිහින් චක බ්ලාස් වෙලා යනවා දැකලා තියෙනවා...

    ReplyDelete
    Replies
    1. අනිවා මියූ..ඒවා එහෙම තමයි

      Delete
  18. අනෙ අම්මෝ ඕන තරම් ඔය වගේ මිනිස්සු දැකලා තියෙනවා ඔමා. ගෑණු විතරක් නෙමේ ඔහොම පිරිමි පරාණත් ඉන්නවා.

    එක වෙලාවකට කලකිරෙනවා. ආඩම්බරකම් පෙන්නන සුදුම සුදු කිරි සුදු හම නැතිව ඒ මනුස්සය දැක්කොත් කොහොම හිටීවිද?

    කොහොම උනත් පියත ඔපයෙන් මිනිස්සු මනින්න බෑ.

    ReplyDelete
    Replies
    1. පස්සේ අකුරුහදන්න ඔට්ටු නැහැ ඉදගෙන :) එයාලා ගැන පව් මිසක් වෙන මොනා කියන්නද න්නේද අයියේ

      Delete
    2. වැරදුනොත් ඉදගෙන හදන්නනෙ ඔට්ටු නැත්තෙ. ඊලග පාර හිටගෙන හදනවා. :)

      මේ ඒක නෙමේ ඔමා, මේක සිරි ලංකාවෙ දාපු පලවෙනි පෝස්ට් එක නේද? හි… :) සුභ පැතුම්…!!

      Delete
    3. ඔව් අයියේ ගෙදරදි ටිකක් අමාරුයි ලියන්න

      Delete
    4. ඔව් අයියේ ගෙදරදි ටිකක් අමාරුයි ලියන්න

      Delete
  19. පොඩි කාලේ වැල වලට කැමතියි. දැන් නම් ගැට පොලොස් වලට තමයි මනාප. මොකෝ ඒවාත් පුහුල් ගෙඩි වගේ නිසා.

    බොහෝම රසවත් පුහුල් ගෙඩිත් තියෙන බව අමතක කරන්න එපා. ඕක බලපාන්නේ ගෙඩිය මත නෙමෙයි ගෙඩිය හැදෙන පරිසරය මත. සමහර කොස් ගෙඩි තියෙනවා වදුලු විතරයි මදේ මුකුත් නෑ. වරකා රහත් නෑ, වැල රහත් නෑ. කුණු වෙලා ගස් යට වැටිලා මැරිලා යනවා. නිකන් දුන්නත් කන්නේ නෑ. ඒත් සමහර පුහුල් ගෙඩි පරම්පරා ගනන් වැජබෙනවා, මාලිගා ඉදිරිපිට. මිනිස්සුන්ගේ ඇස් යන්නේ මාලිගාවට නෙමෙයි, පුහුල් ගෙඩියට. කොයිතරම් ආනූභාවයක් ඇතිද..?

    ReplyDelete
    Replies
    1. එහෙයි මහාචාර්‍ය තුමණි. පළවෙනි වාක්‍ය එතනින් නතර කර ලිපියට වටිනා අදහසක් එක් කිරීම ගැන ස්තුති. :)

      Delete
    2. නොස්ටැල්ජියා ද, නෙස්ටමොල්ට්ජියා ද මොකක්ද කියල කිව්වේ ඕකට මන්දා මාතේ ...

      Delete
  20. එකම වැලේ උනත් හැම පුහුලම එක වගේ නෑ නෙව. අනික කාටද පුළුවන් ඒක වෙනස් කරන්න..

    ReplyDelete
    Replies
    1. පැණිවරකා ගස් වලටත් හෙන ගහනවලුනේ ආයුබෝවන්ඩ

      Delete
  21. රැලි වැටිලා ජරා ජීර්ණ වෙලා යන හමයි හමේ පාට ගැනයි මම නම් දන්නේ නැහැ ඇයි මේ තරම් මිනිස්සු මෝඩ වෙන්නේ කියල. කිසිම දෙයක් සදාකාලික නැහැ කල හොඳ නරක විතරයි කාලයක් යනකල් පවතින්නේ කියන එක තේරුම් ගන්න සම හරක්ට බැහැ නොවෑ.

    ReplyDelete
    Replies
    1. මිනිස්සු මේවා ගැන හිතන්න නවතින්න කැමති නැහැ මල්ලියේ ,,

      Delete
  22. අළු පුහුල් මස් වාගේ තුනපහ දාලා උයන්ඩ පුලුවන්.. හරි රහයි...
    වැල වරකා ජාති නං ගම්බිරිස් කුඩුයි ලුණු කුඩුයි ඉහගෙන කන්න තියේ නං මරු !

    ඒ ගැන නෙමේ නේ පෝස්ටුව...
    ඇත්තටම ඔයා කියලා තියෙන කතාව හරි නංගි !

    ReplyDelete
    Replies
    1. මං කාලම නැහැ අයියේ , ඔව් පොස්ටුව මොකක් ගැනද කියලා ඔයාට තෙරුනානේ ,ස්තුති

      Delete
  23. වටිනා විස්තරයක් නංගී! ජය!!

    ReplyDelete
  24. ඔයා කියපු කතාව හරියටම හරි..මගෙනුත් එක මනාපයක්..

    ReplyDelete
  25. පුහුල් එහෙම වුනාට පුහුල් දෝසි එහෙම නෑනේ .මාර රසයි අප්පා ...ඒකනිසා පුහුල් වගේ ඉන්න අයාගෙන පුහුල් දෝසි වත් හදාගන්න බලමු

    ReplyDelete
    Replies
    1. මයෙ කටට කෙළත් ඉනුවා. ඉදින් පිහදාගෙන එනකම්. :)

      Delete
    2. ඔව් අයියේ ආදර‍යෙන් සීනී දාලා ගන්නෝනේ

      අපෝ මල පෙරේතයා :)

      Delete
  26. ලංකාවට ආව ගමන් හිටියට වැඩිය දර්ශණික වෙලා වගේ..

    හැබැයි කතාවේ ඇත්තක් තියෙනවා.. අපි ඔය මහලොකුයි කියලා හිතන් ඉන්න මිනිස්සු කිසිම දෙයක් නැති හිස් මිනිස්සු කියලා කාලයක් යද්දියි තේරෙන්නේ.. එහෙම අය තමා ඉතින් වැඩි..

    ReplyDelete
    Replies
    1. හි හි ,සති දෙකකින් පස්සෙ ලීවෙ දිනේශ්. ගෙදරදි වෙලාවක් නැහැ කනවා බොනවා විතරයි හි හි

      Delete
  27. මම නම් හිතන්නේ ආඩම්බර කමත් තියෙන්න ඕන පොඩ්ඩක් විතර කියල. හැබැයි තේරුමක් නැතුව ඕනවට වඩා ආඩම්බර වෙන එක නම් මෙලෝ තේරුමක් නෑ.

    ReplyDelete
    Replies
    1. හෆොයි මේ මොකද්ද මම අන්තිමට කොටලා තියෙන වාක්‍යය. ඒක මටවත් තේරෙන්නේ නෑ. මට කියන්න ඕනෑ උනේ ඕනවට වඩා ආඩම්බර එවන් මෙලෝ රහක් නෑ කියලයි.

      Delete
    2. ආඩම්බරෙ නෙමෙයි තියෙන්න ඔන අභිමානය

      Delete
    3. වීරේ @ හි හි // මට කියන්න ඕනෑ උනේ ඕනවට වඩා ආඩම්බර එවන් මෙලෝ රහක් නෑ කියලයි.//
      ඒකනේ අනේ පුහුල් වලට සීනි දාලා රසකරන්න වෙන්නේ .. තැන්කු විරේ .. දමිත් අයිය හරි

      Delete
  28. තම තමුංගෙ ලොකුකං තම තමුං ගාව අක්කෙ.. මොකෝ උංගෙන් කාල ඇඳල ඉන්නවෑ අපි !!! චැහ්..

    ReplyDelete
    Replies
    1. තමන්ගෙ මැට්ටම් තම්මැට්ටම් කියනවනෙ බං… ඕවා ගනන් ගන්න එපා. මොකෝ බොට කේන්ති ගියැයි…? :))

      Delete
    2. අයුක්තිය අසාධාරණය රජ කරන මේ ලෝකෙ ඒකට විරුද්ධ අවංක උගත් කොල්ලෙක් මේ පත්තරේ .. හැක් !!

      Delete
    3. අනිවා පත්තරේ .. මගෙනුත් මනාපයක් ඉදගෙන එඩිතර තරුණයට

      Delete
    4. පත්තරේ මට මතක් උනේ විජේ කුමාරණතුංගගෙ චිත්‍රපටි දෙබසක්. මට මතක විදිහට 'නොම්බර 17' හි… :))

      Delete
    5. ආයෙ මොනාද ප්‍රියා විජේ මොකෝ පත්තරේ මොකෝ !! විශිශ්ටයො තමා .. නැද්ද හා ,

      Delete
  29. මාවත් බොහෝ දෙනෙක් මුලින් තේරුම් ගන්නේ ආඩම්බරකාරයෙක් හැටියට. පසුව ඒ ගැන ඔවුන්ම පවසනවා. ඒ කියන්නේ ඔවුන් මුලින් ගත තීරණය වැරදියි කියන එක.

    ReplyDelete
    Replies
    1. මාත් එහෙම තමයි අනේ ඔයා ගැන හිතුවේ

      Delete
  30. ඔවනම් කියල වැඩක්නැ මචො.දැන් බලහ ලස්සන නිසා ආඩම්බර වෙනවනම් මම කොච්චර ආඩම්බර වෙන්න ඔනද.මම එහෙම නැ නෙ.ආන්න බලපන් නිහත්මානි මිනිස්සු.

    ReplyDelete
    Replies
    1. අනේ ඔව් ඔව් හි හි

      Delete
  31. අපෙ පැත්තෙත් ඉන්නව එකෙක් මුණෙ ලේ කදුලක් නෑ. දැක්කොත් දවසම ඉවරයි. අනේ ඉතින් උෘ දැකපුවාම මං කල්පනා කරන්නෙ උගෙ ගෑණිත් එක්කවත් උෘ ලස්සනට ඉන්නවද දන්නෑ කියල.

    ඒක නෙමේ ඔමායා කොස්වල කිරි තියෙනව නේද ඔය අතේ ඇලෙන ඒව.. ඒව කනවනෙ. මමත් මේ ලගදි දන්නෙ. හැබැයි දැන් මිනිස්සු කනවද කියන්න දන්නෑ. 1600 ගනන්වල මිනිස්සු කෑව කියල සදහන් වෙනවා එදා හෙලදිව පොතේ.
    ඇයි දූරියන් කොස් පොත්තට වැඩිය කොච්චර ඝණකම්ද. රහ වගේම ගුණත් එමටයි

    ReplyDelete
    Replies
    1. හි හි ,, කොස් kiri කනවද අයියේ? අපෝ අලෙනවනේ අනේ, අදමයි ඇහුවේ

      Delete
  32. මේකට කියන්නේ ...සොබාදහම කියලනේ...... එකේක දේවල් එකේක විදියයි....

    ReplyDelete
    Replies
    1. නිහිංසා @ හිත් සහ මනුස්ස ජිවිතේ ගැන කතා කලේ මං .. thanks

      Delete
  33. අපි නොදන්න පුහුල් කිව්වාලු...මිටිකිරි ටිකකට අබ අඹරලා දාන්නම ඕන ඕක රසට උයාගන්න. ඒ වගේද කොස්..අමුවෙනුත් කතහැකි. සමහර පුහුල්නම් ෆූල්ම තමයි. හැදෙන්නේ නැහැ ඔමා. ඒ නිසා අපි කොස් වෙමු.

    ReplyDelete
  34. ඔව් අයියේ ,, ඒ වගේම පුහුල් වගේ අයටත් සීනි දාලා රස කරගමු

    ReplyDelete
  35. //අපිට ලැබිලා තියෙන හමේ පාට ,ශරීරයේ හැඩය අපේ තෝරාගැනීම් නෙමේනෙම්.ඉතින් කෙනෙක් කොහොමද තමන් උපතින් ලස්සන උනා කියලා ඒ ගැන ආඩම්බර වෙන්නේ?...ඒක මගේ දැකීමේ හැටියට මහා මෝඩකමක්// එහෙම ආඩම්බර වීම සමග අනුන්ට අපහස කිරීමත් තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ඔව් මකසි . .. ඒකනම් ඇත්ත

      Delete
  36. අක්ක කියන්න හදපු දේ කොසුයි පුහුලුයි දාල පටන් ගත්ත විදියට නම් බෝම මනාපයි මං...

    ReplyDelete
    Replies
    1. ආදරෙන් මගේ හීන අඩවියට එකතුකරගන්නවා දඩ්බ්බරිව...

      ස්තුති

      Delete


ලිපිය කියවා කොමෙන්ට් නොකලත් කමක් නැහැ.. කමෙන්ට් කලොත් සතුටුයි. ලිපිය කියවන්නේ නැතුව කොමෙන්ට් කරන්න එපා.
අපුර්වි_


,නිතරම යහපත කරන්න...,සතුට සැනසිල්ල හැමදාම ඔයාලග රැදේවි,,දෙවිපිහිටයි,

Related Posts Plugin for WordPress, Blogger...