Friday, March 7, 2014

සිරීපාදේ ජෝඩු නොබලා අත කඩාගත්තෙමි. (නිමි)


අපි යාළුවො ටික සිකුරාදා දවසක වෙනද වගේම කතාවෙලා ආවේ සිරීපාදේ යන්න.. (ඔයාලා දන්නවනේ සිරීපාදේ කියන්නේ මොකක්ද කියලා )ඉදිකටු පානේදී හොර පුසෝ වගේ ආච්චිලගේ ගෙවල් පාරට හැරුණා. දුර ඉදලම අපිව දැක්කම ආච්චිට හරිම සතුටුයි. 

කට්ටිය ගෙට ගිහින් ඇදුම් මාරු කරන් ආච්චිගේ තේ  එක බීලා මිදුලට ආවම දැක්කේ ගේ ඉස්සරහා ඇඹරැල්ලා ගහේ ගෙඩි පිරිලා.අපි ඇඹරෙද්දී ආච්චි දන්නවා ...

"කෙක්ක ගේ පිටිපස්සේ කොස් ගහට හේත්තු කරලා ඇති ගෙනත් කඩා ගනිල්ලා" කීවා විතරයි අපේ කෙනෙක් සින් ගාලා ගිහින් ගෙනාවා.

ගෙඩි දහයක් විතර කඩාගෙන දැම්මා සැරට මැටි කෝප්පෙන් එකක් අච්චාරුවක්.. අම්මෝ රස..,, අඹරැල්ලා පොතු ඇරලා  ලුනුයි ගම්මිරිසුයි එක්ක වංගෙඩියේ දාලා හොදට කොටනවා ..ඊට පස්සේ ඒකට සීනියි ,විනාකිරියි දානවා කෙළ වැක්කෙරෙනවා මතක් වෙද්දී. හායි හුඋයි කිය කිය අපි කන්නේ.. 

එදා අච්චාරු කාලා ඉවරවෙලා අපි කජුගහේ නගින්න ගියේ.. ඔයාලට හිනාත් යයි අවුරුදු  13ක් වෙලත් ඕවා කලාද කියලා ..ඉතින් කජු ගහේ නගින සෙල්ලම නම් නියමයි ..

මේ වගේ පෙරලිච්ච කජු ගහක් 
මේ උඩ තියෙන ෆොටෝ එකේ වගේ කජුගහක් තමයි අපි නැගපු එකත් .හැබැයි මිට වඩා ගොඩක් ලොකු මහත ගහක්. ඉතින් අපි සෙල්ලම් කරන්නේ මේ ගහේ.
 ඔට්ටු සෙල්ලම් වගේ හැබැයි ගහෙන් බිමට බැහැලා දිවුවොත් අල්ලන කෙනාට ගහන්න පුළුවන් අනිත් කෙනාට රිදෙනකල් ..  

හෝ...දහය ..විස්ස...තිහ ..හතලිය කියලා ගැනලා ඉතුරු වෙන කෙනා තමයි අල්ලන්නේ ඒ කෙනා ගහමුලට වෙලා 20 ට ගැනලා අනිත් අයව අල්ලන්න පටන් ගන්නවා .. ගහමුලින් පටන් අරන් අත්තක් දිගේ දුවලා ,,බඩගාලා ,,,සුරගෙන බිමට පැනලා ...ආයේ ගහ මුලට ඇවිත් නැගලා බේරෙන්න තියෙන්නේ ..ඉතින් කවුරුහරි අහු වුණාම ඒ අහුවෙච්ච කෙනාත් අර මුලින් අල්ලපු කෙනා එක්ක එකතුවෙලා අනිත් අයව අල්ලනවා.. වටකරලා අලන්න එද්දී තමයි ඉතින් සෙල්ලම නියම හරිය.... සමහර අතුවල දිමි ඉන්නවා අම්මෝ එතකොට තමයි පයින්නේ එතැනින්ම බිමට.  

අනේ ඉතින් ඒ අවාසනාවන්ත දවසේ අහිංසක මම අත්තක් දිගේ දුවගෙන යද්දී ඉස්සරහිනුත් අල්ලන්න කෙනෙක් එනවා.. අපේ ගොබ්බයා :) ඊට පස්සේ එයාව වට්ටන්න මං ගහේ අතු හෙල්ලුවා..ඒකත් ෂෝයි වැඩේ ..ගස් වල දගලලා තියෙන අය දනනවා ඇති එක අත්තක හිටගෙන උඩ තියෙන අත්තේ එල්ලිලා අත්වලින් ගස්ස ගස්ස කකුල් වලින් අත්ත එක්කම උඩ පයින්න තියෙන්නේ.. ඒවා හෙනම ආතල් වැඩ..අපේ ගොබ්බස් වැටිල්ල කෙසේ වෙතත් උඩ අත්තක හිටපු දළඹුවෙක් මගේ අත උඩට වැටුණා..බයවෙච්ච පාර මං බිම .. බිම වැටුණු ගමන් නැගිටින්න බැරිවුණා කකුළ උළුක් වෙලා වගේ නිසා..

 අම්මරුවෙන් නැගිටගන්න අත බිමට ගහන්න හැදුවා අත මගේ නෙමේ වගේ ....ඒ වෙලාවේ අම්මගේ මුණ මතක් වෙලා මගේ ඇග සීතල වෙලා ගියා. ඔක්කොමලා බයවෙලා ඇඩුවා. වම් අත මැණික් කටුවට චුට්ටක් උඩින් ඉස්සිලා එක තැනකින් .. බලාගෙන ඉද්දි ඉදිමුණා...

අපේ කට්ටිය ඒ වෙලේ මොනාද කලේ කියලා මතක නැහැ , ඔක්කොම ඇඩුවා බයට..පස්සේ ආච්චි ... අම්මට කෝල් කරලා ත්‍රී වීල් එකක් අරන් වෙදමහත්තයෙක් ළගට ගියා ..හි හි ඉස්සර කොහෙද අනේ පාන් කියාගන්න බැරුව හිටපු අපිට ෆෝන්. 

අත කැඩුනට වඩා බය හොරෙන් පැනලා වෙච්ච දේ නිසා.. පස්සේ නැන්දා මොලේ පාවිච්චි කරලා මාව පත්තඩුවන වෙද මහත්තයා ළගට එක්ක ගියා.අනිත් සෙට් එක ගෙදර තියලා , ඒ වගේම ඉස්කෝලේ ඇරිලා එන වෙලාව පහුවෙලත් අපි ආවේ නැත්තම් අපේ අම්මට කියන්න කීවා ඉස්කෝලෙදි වැටිලා මගේ අත කැඩිලා ආච්චි ළගපාත නිසා ඉස්කෝලෙන් එයාව ගෙන්නලා මාව බෙහෙත් බඳින්න යැවුවා කියලා ..ඊට පස්සේ අහලපහල ගෙදරක ලොරියකින්තමයි මාව එක්ක ගියේ ..ත්‍රීවීල් ගැන මතකයක් නැහැ ඒ කාලේ..තියෙන්න ඇති ඒත් අද වගේ නැහනේ ..

මිනුවන්ගොඩ පොල්වත්ත කියන ගමේ මිනිස්සු වළං හදන්නේ ඉතින් බොහොමයක් ගෙවල් වල ලොරි තියෙනවා 226 - නිල්පාට එකක ගෙනිච්චේ මාව ..
ඒ වගේම තව දෙයක් මතක් වුණා ඉස්සර අපි පොල්වත්ත කියන ගමේ ළමයින්ට "බඩහැලයෝ" කියලා අපහස කළා... එයාලා වළන් හදන නිසා අඩුකුලේ කියලා.. අපේ ආත්තම්මලා අපේ ඔළුවලට දාපුවා තමයි ඒ..ඉතින් ඒ වගේ වලි වලට සෙට් වෙලා දවසක් සුදු ගවුමේ අතක් ගලෝලා ගත්තා ඒ ගමේ කෙල්ලෙක්,,, ඊට පස්සේ කාලයක් අපි ඒ පාරෙන් වත් ගියේ නැහැ හි හි ..පව් අපේ චැලිය මං වෙනුවට ගුටිකාලත් තියෙනවා...

හැමදේම හොදින් වුණා..අපේ කට්ටිය ගෙදර ගිහින් තිබුණා අපි එද්දී ,, මං මේ පෝස්ට් එක ලියනකල් මේ අත කැඩිච්ච සිද්දිය දන්නේ අපි හය දෙනයි ආච්චියි  විතරයි .. එදා අම්මා බයවෙලා හිටපු නිසා මං ලඟින් ආපු ගස් ගඳ එයාට ගානක් වුණේ නැහැ...මේ අත් දෙක කීපාරක් කැඩෙන්න ඇත්ද කකුල් කෙටිලා ,උළුක්වෙලා ඇත්ද..දැන් පුදුමයි ...ඇත්තටම ඒ දේවල් මතක් වෙන්නේ මේ වගේ ලියන්න ගත්තම...ඉතින් ඔන්න ඔහොමයි සිරීපාදේ ගිහින් ජෝඩු බලලා අත කඩාගත්තේ...

අන්නාසි කැලේ සීනි පේර කඩන්න රිංගලා පොළොන් හැවක් පෑගිලා වෙච්ච සිද්දියක් මතක් වුණා..හි හි  
.........................................................................
පළවෙනි කොටස කියවපු නැති කෙනෙක්ට මෙතනින් කියවන්න පුළුවන් පළවෙනි කොටස

115 comments:

  1. වස නසරානි කුවේණි.. මටත් පරණ සිද්ධි ගොජාක් මතක් උනා අනේ. ගෙදර ගියාම හැව පාගපු එකත් ලියන්න

    ReplyDelete
    Replies
    1. මෙවා පස්ට අසාධාරණ වැඩ :(

      Delete
    2. අපෝ පොරොන්දු දීලා අරුන්ගෙන් බේරෙන්න බැරිවෙනවා අයියේ,, ඒකත් මරු කතාව ලියන්නම්කො.... අහිංසක මට නසරානි කීම හෙලාදකිමි,,

      Delete
  2. මේ අත් දෙක කීපාරක් කැඩෙන්න ඇත්ද කකුල් කෙටිලා ,උළුක්වෙලා ඇත්ද..දැන් පුදුමයි ...ඇත්තටම ඒ දේවල් මතක් වෙන්නේ මේ වගේ ලියන්න ගත්තම///

    ඇගේ තුවාල කැලලි නැති තැනක් නැති තරම් ..හ්ම්ම් කජු අවුරු ලගයි නේ දැන් තමා කජු හැදෙන්නෙ

    ReplyDelete
    Replies
    1. අන්නාසි කැලේ සීනි පේර කඩන්න රිංගලා පොළොන් හැවක් පෑගිලා වෙච්ච සිද්දියක් මතක් වුණා..හි හි ///

      ඌරු කක්කා එහෙම පැගිලා නැත් ද ? හැක්

      තලගොයි නේ කන්නෙ :(

      Delete
    2. හි හි .. අභ්‍යන්තර ආබාධ විතරයි මල්ලි,,, කිරිගරුඬ වගේ වාත්තු කරපු හම හොදේ...

      ඊයා උඋරො ..ඌරො කීවම මතක් උනේ මල්ලි ,, අපි ඉස්කෝලේ ඇරිලා එන පාරේ ගෙවල් කිට්ටුවම වගේ ලොකු වත්තක ඌරො කොටුවක් තිබ්බා,,, එකේ අයිය්තිකරයා හරිම වසයි ඌරු කොටුව ගාව ජම්ඹු ගහේ අපි එල්ලෙනවට අපිට කෑගහනව,, ඒ හින්දා අපි එයාට හොරෙන් ඌරු කොටුවේ දොර ඇරලා දාලා හැංගිලා බලනවා ,,හි හි නියමයි ඌරො වත්ත පුරා දුවනවා

      Delete
    3. සැක් කොරල තියෙන වැඩ.... ෆව්ව්ව් අහිංසක ඌලු මාමා..... :v

      Delete
    4. අපෝ එයා නපුරුයි අපිට ඕනේ වුණේ පලිගන්න ,,පව් තමයි ඉතින්

      Delete
  3. කජු කියද්දියි මතක් වුනේ... කජු පුච්චන්න ගිහින් කජු කිරි ගෑවිල වණ යෙලා තිබ්බ පොඩි දවස්වල....

    පුංචි කාලෙ කොරපු අලුකුත්තේරු වැඩ...(අපේ අම්මල එහෙම නෙව කියන්නෙ..) ඒත් අපිට නං මතක් කරල හිනාවෙන්න හරි තියෙන්නෙ ඔච්චරයි නැද්ද මං අහන්නෙ

    ReplyDelete
    Replies
    1. ඇයි ,දවස්ක් මහන්සි එලා තල් ගෙඩි එහෙම තලලා කලා නැත් ද ?තව තෙලොබෝ ඇට උරච්චි කරලා කලා නැත් ද ?එවා කලා මත් වෙලා වමනේ යනවා ..

      කිරි කජු ව්‍යංජන සදා ගත් පසු හ්ම්ම්ම්ම්ම් කටට කෙල උනනවා :)

      Delete
    2. ඔව් මහේෂ් ,, කජු kiri ගෑවිලා අත්දෙක හම යනකොට කොහොමද ලස්සන නේ..අපි ගහෙදීම කනවා අප්පා ,

      Delete
    3. සහෝ @ මල්ලි තෙලෙබෝ කියන්නේ මොනාද ,,කළා ඇති මාත්..නම වෙනස් ඇති,, රට ඩෙල් හොරෙන් කාලා අම්බෝ වෙච්ච හරියක්

      Delete
    4. රතුපාටට හුරු පොත්ත ඝනකමකින් යුක්ත අඹ ගෙඩියක් තරම් විශාල ගෙඩියකි. පලා ගත්තාම හරි ලස්සන බෑ දෙකකි.විශාල ලෙස ගස් වැඩේ. මාත් පුංචි කල අනුබව කර ඇති නමුදු දැන් රසයේ පවා මතකයන් ගිලිහී ගොසිනි. එහි ඇට හරියට මී ඇට මෙනි.චුට්ටක් කුඩා ඇත

      Delete
    5. මං කාලා නැහැ අයියේ එහෙනම්,, තැන්කු ඈ

      Delete
  4. දැන් කජු වාරෙ මෙදා සැරේ ගෙදර ගිහිං ඇතිවෙන්නම කජු කන්න පුළුවනි,හැබැයි ගස් බඩගාන්න නං එපා,පොල්වත්ත ගම ගැන කියන්න ගොඩක් දේ තියෙනව මෙතන ලියන්න බෑ.

    ReplyDelete
    Replies
    1. ඔව් අම්මා කීවා දැන් නාඹර එක දෙක තියෙනවලු ,, හුරේ...... අපි ගහේ පුහුලම තියෙද්දී කජ්ජ කනවා දේකට පලලා මාර කිරිරහයි..ආච්චි අම්මට අපිව ඒ දවස් වලට මාරයෝ වගේ පේන්නේ ,,
      පොල්වත්ත ගැන මාත් යම්තරමක් දන්නවා අයියේ ඉතාම කෙටියෙන් ලිවේ,, නමුත් ඔයා ඊට වඩා දනනවා ඇති ලියන්නකෝ බලන්න,, අපේ ගමට අල්ලපු ගම මේක ,,,, වළන් තමයි ඉතින් ප්‍රධාන ජීවනෝපාය..

      Delete
    2. අෆිඤං ඛජ්ජ ඝහේ ථියෙද්ධි ෆුහුලම ඛඥවා

      Delete
    3. ෆ්හී ෆ්හී .. ඔෆ්හ්යල ව්හ්ධ්‍ය ඛර්හ්යෝ ඝ්නේ :)

      Delete
  5. අපුයි උඹේ වැඩනම් එල ඈ..... අත කැඩිලා බේරුනා මදැයි!

    ReplyDelete
    Replies
    1. හි හි මෙදා ගෙදර ගිහින් අම්මට මේ ලිපිය පෙන්නුවොත් අදත් බනියි අපෝ අපේ අම්මා ඒ වගේ

      Delete
  6. ස්වභාවධර්මය තුළ හැදෙන වැඩෙන, ස්වභාවධර්මයෙන් පාඩම් ඉගෙන ගන්න, ඔහොම ළමා කාලයක්, දැන් ඉන්න ළමයින්ට නොලැබෙන එක ගැන දුකයි.

    ReplyDelete
    Replies
    1. ඔව් විචාරක තුමණි මොනා කරන්නද ඉතින් ..සංවර්ධනෙනේ.... මගේ ළමයින්ටනම් අපේ වත්තපහල ඉඩ තියේවී ..අපි දගලපු ගස් කොළන් වලින් ටිකක් විතර ඉතුරුයි... හදනලයි අල්ලපු දොලපාරත් වත්ත පහලින් බැරි බැරි ගාතේ ගලාගෙන යනවා...

      Delete
  7. හැක හැක ..අත් දෙකම කැඩෙන්න තිබ්බේ ....:D... හොඳ වැඩේ නසරානි වැඩ කරනවට යකින්නි

    ReplyDelete
    Replies
    1. හෆෝ මේ කටවල් නම් ,,

      Delete
  8. මේකිනම් ගම්පහ දිස්ත්‍රික්කයේ වෙන්න බැහැ..වැදී පැටව් වගේනේ උබලා හැදිලා තියෙන්නේ කෙල්ලේ... බ්ලොග් අවකාශෙත් කැලැවක් වෙනවා මේ වගේ දේවල් නිසා...

    ReplyDelete
    Replies
    1. ඔව් අනී නෝනේ ...අපේ අම්මලා කැම්පස් වල ලව් කරලා සෙට් වෙලා ප්ලෑන් කරලා මැරිකරලා ...කාසල් එකේ හම්බෙච්ච හුරතල් මැණිකෙලා නෙමේ අපි බොහොම ගමේ ගොඩේ මිනිස්සු .....හැබැයි ඉස්සර

      Delete
    2. අපුර්වී +++++++++++++++++++++++++++++

      Delete
  9. මහලොකු ෆේස් බුක් එකේ සාන්තුවරිය..මොනාද මේ ගොඩේ කතා

    ReplyDelete
    Replies
    1. කවුද මෙයා සාන්තුවරිය? ඔයාට වැරදිලා ඇනෝ..මං කුවේණි ,,සාන්තු චරිත අපි ලග නැහැ තියෙන්නේ එකම එක ලයිෆ් එකයි ,,ඒකත් පට්ට හැපි එකේ ගෙවන්නේ ,,, ඔයත් අනුන්ගේ ප්‍රශ්න ඔලුවට ගන්නේ නැතුව හිනාවෙලා ඉන්න නිකන් විහින් ලෙඩ හදාගන්නේ නැතුව

      Delete
  10. අම්මෝ හොඳ වෙලාවට මෙයා අපේ ගම් පලාතේ නොව්නේ..... ඒ පැත්තේ උනානම් බෝ පැල වගේ ඉන්න අපිත් නරක වෙන්න තිබුනා

    ReplyDelete
    Replies
    1. එකනම් සහතික ඇත්ත මැලේ ....

      Delete
    2. අපෝ හොද නැහැ මැලේ අයියා..අපි අහිංසක දෙමවුපියන්ගේ දඩබ්බර ළමයි..

      ඉවාන් @ :/

      Delete
    3. මොකෙකේද යකෝ මේ අපූර්වී ...:D

      Delete
    4. මොකෙක්වගේද පේන්නේ ඉදගෙන :(

      Delete
  11. ගියගමන එකේ ජෝඩු බලපු කෙනා මේ ගමන ජෝඩු නොබැලුවෙ මොකද?
    අපොයි ගස් නැගල අතපය කඩාගැනිලි ගැනනං කියල වැඩක් නෑ.

    ReplyDelete
    Replies
    1. ප්‍රෂා ,,මෙදා ජෝඩු බැලුවේ නැහැනේ ,, හිහි අම්මෝ දැන්නම් බයයි අනේ

      Delete
  12. ඇත්තටම ලස්සන මතකයන් දැන් කාලේ හැදෙන ළමයින්ට ඔය විදියේ කාලයක් මලාට ගතකරන්න ලැබෙන එකක් නැහැ

    ReplyDelete
    Replies
    1. ඔව් මල්ලි ඒත් මොනා කරන්නද

      Delete
  13. ගෑනු ළමයි වස නෑ පැටියෝ

    ReplyDelete
    Replies
    1. හි හි :) හ්ම්ම් හ්ම්ම්

      Delete
  14. හොද වැඩේ ස්කූල් කට් කරල සෙල්ලම් කරන්න යනවට :P

    ReplyDelete
    Replies
    1. මෙයානම් හලීම හොඩ ළමයෙක් වගේ

      Delete
    2. හොඩම හොඩ හොඩ ළමයා. හැක්. අපි නොදන්න සසියා. :)

      Delete
    3. මන් හොද ළමයෙක් තමායි, ඒක උබලා දන්නවානේ ^_^

      Delete
    4. ඔව් ප්‍රියා මෙයා ඊයේ පෙරේදා ඉදන් ටිකක් හොද ලකුණු පෙන්නනවා ,, මට හිතාගන්න පුළුවන් සීන් එක

      Delete
    5. ඔව් ඔව් අයටත් එයින් එකක් තියෙනවලු

      Delete
  15. ජය වේවා…!! ඉදගෙන.

    හනෙ හප්පේ ඔමා කරලා තියෙන වැඩ. තියන්න වටින්නෑ.

    ReplyDelete
    Replies
    1. ජීවිතේටත් රිවස් ගියර් එකක් තිබ්බා නම්………

      හා හා දැන් පොළොන් හැවේ කතාවත් කියමු බලන්න. :)

      Delete
    2. අපෝ ප්‍රියා ,,ඉන්නකෝ මේ ටිකවත් ලියලා කොටස් ඔකොම ඉවරකරලා හුසම්ක් ගන්නකල්

      Delete
    3. මේ කොටසට නිමි කියලා දාලා වැඩේ ඉවරයක්ම කලා නේද? :)

      Delete
    4. අපෝ ඔව් අයියේ ආයෙනම් කොටස් බැහැ

      Delete
  16. //ගෙඩි දහයක් විතර කඩාගෙන දැම්මා සැරට මැටි කෝප්පෙන් එකක් අච්චාරුවක්.. අම්මෝ රස..,, අඹරැල්ලා පොතු ඇරලා ලුනුයි ගම්මිරිසුයි එක්ක වංගෙඩියේ දාලා හොදට කොටනවා ..ඊට පස්සේ ඒකට සීනියි ,විනාකිරියි දානවා කෙළ වැක්කෙරෙනවා මතක් වෙද්දී. හායි හුඋයි කිය කිය අපි කන්නේ.. //
    ෂැහ් කටට කෙල උනනනවා...
    (කොරපු වැඩවල හැටියට මෙහෙමහරි ජීවත්වෙලා ඉන්නවා මැදෑ..)

    සුන්දර මතකයක්
    ජය වේවා!!!




    ReplyDelete
    Replies
    1. ඔව් විදානේ මගෙත් කෙල ඉනුවා ,,ගෙදර ගිය ගමන් අච්චාරුවක් හදන් කන්න ඕනේ

      Delete
  17. //එදා අච්චාරු කාලා ඉවරවෙලා අපි කජුගහේ නගින්න ගියේ.. ඔයාලට හිනාත් යයි අවුරුදු 13ක් වෙලත් ඕවා කලාද කියලා// එතකොට ජම්බුගහේ නැග්ගෙ මොන කාලෙද?

    ReplyDelete
    Replies
    1. අපි ජම්බු කෙක්කෙන් කැඩුවේ අනේ,,

      Delete
    2. ඉල්ලං කන ඇනෝලා. හිහ් හිහ්
      හයියෙන්ම හූඌඌඌ ඈ!

      Delete
  18. හයියෝ ඔයත් කරලා තියෙන වැඩ ... අපිත් ගමේ ගියාම ඔය විදියම තමයි..
    අච්චාරුවක් කන්න හිතුනා අච්චාරු හදපු හැටි කියෙව්වහම ..

    පොළොන් හැවක් පෑගිලා වෙච්ච සිද්දියත් ලියන්න හොඳේ...

    ReplyDelete
    Replies
    1. තුස්@ අච්චාරු කාලා ඉස්සර අගෝස්තු වෙද්දී ඇගේ තුවාල හැදෙනවා සැරට ,,

      ඒකත් පස්සේ ලියන්නම්

      Delete
  19. මට එක පාරටම මතක් වුණේ, පහල පන්ති වල ඉගෙන ගන්න කාලේ අපේ ඉස්කෝලෙට අල්ලපු වත්තේ තිබ්බ කජු ගහ. අපිත් ඒකෙ නැග්ග හැබැයි පරාන බයෙන්. මොකද අයිතිකාරයා ගාව තුවක්කුවක් තියෙනවා.

    ReplyDelete
    Replies
    1. අපිත් අර ඌරු කොටුව තියෙන වත්තේ ජම්බු කඩුවේ හෙන බයෙන් ,,ඒ මනුස්සයටත් ලොකු තුවක්කුවක් තියෙනවා.. ඒ තරහට තමයි අපි එයාගේ ඌරංව අරින්නේ .. දවසක් එයා එළවන් ආවා ආපු වේගෙට කටු කම්බි යටින් වේලට රින්ගද්ද්දී පිටේ කටු කම්බියට පැත්තක්ම ගියා අම්මෝ මතක් වෙද්දී ඇග හිරිවටෙනවා

      Delete
  20. පොඩි කාලේ වගේ නෙමෙයි.. දැන් කජු ගහේ නගිනවනම්, මතක ඇතුව යටට ඇඳලා නගින්න වෙයි.. නැත්නම් කොල්ලෝ රේසර් එකක් ගෙනත් දේවී...

    ReplyDelete
    Replies
    1. මාතා......මේක දැකලා පිස්සු හැදුනා. අපේ ගෙදර එක්කෙනත් කිව්වේ ඔමා කියපු එකමයි.....ඊයා

      Delete
    2. මෙයා මෙදා ටුවර් එකෙන් පස්සේ නෝටි වෙලා වගේ ,,අයියේ

      Delete
    3. පොඩි කාළේ ඉඳන්.. ගොඩක් උන් මට කියන්නේ "නෝටී බෝයි..."

      Delete
  21. මොනවා වුණත් හොද ළමා කාලයක් නම් තිබුලා තියෙනවා අයේ මදි නොකියන්න. ;)

    ReplyDelete
  22. This comment has been removed by the author.

    ReplyDelete
  23. හ්ම්ම්... ගම්වල හැදුන කාටත් ඔය අත්දැකීම් තිබෙනව ....ඕනෑතරම් ගස් නැග්ග අත්ති වෙන්න තිබුන නිසා...
    මම නම් අත පය කඩාගත්තේ ගස් වලින් වැටිල නං නෙමේ...
    ඔබගේ දින 35 හේ නිවාඩුව සුවබර විවේකයක් ලැබේවා....!!!
    10 වෙනි දින මව්බිමට පිය නගන ඔබට "සුභ ගමන් ඔමායා" පතමි මෙමන් ...!
    ප්ලයිට් එකෙන් බැහැල "දිනූ මගේ මව්බිම" කියල රනවේ එකේ තාර කාපට් එක ඉබිනව එහෙම නොවෙයි...ඔන්න... :)

    ReplyDelete
    Replies
    1. //ප්ලයිට් එකෙන් බැහැල "දිනූ මගේ මව්බිම" කියල රනවේ එකේ තාර කාපට් එක ඉබිනව එහෙම නොවෙයි...ඔන්න... ://

      ලැයික්,

      Delete
    2. ඔව් ඔව් ගුටි කාල අතපය කඩාගන්න ඇති... :) thanks සුබ පැතුමට,, දැන් රනවේ වලින් බහින්නේ නැහැ ඒ ඉස්සර කෝෆි කාලේ,,, දැන් කෙලින්ම ෆ්ලයිට් එක ගේට් එකට ගහනව ,,මතක නැද්ද ?

      Delete
    3. දන්නව ළමයො විහිළුවට කිව්වෙ ... :)

      Delete
  24. අනේ අපිට නැහැනේ ඔයවගේ අත්දැකීම්(එක නිසා මේවා ඇත්තද බොරුද කියලත් හිතෙනවා )

    ReplyDelete
    Replies
    1. දුලී ..ඇසේ බබයි ...කනේ...බෙරෙයි ...නාසේ හිලයි තුට්ටටක් වෙනස් කර ගන්න බැරිද හාමියො ...

      Delete
    2. දුලංජලි .. ඔයාව මගේ හීන අඩවියට ආදරෙන් පිළිගන්නවා..

      ඔයා වගේම මං බලාගන්න සීයත් දැකලා නැති නිසා මං කොච්චර කීවත් විශ්වාස කරන්නේ නැහැ කජු ගෙඩියට උඩින් පුහුලමක් තියෙනවා කියලා,, එයා විශ්වාස නොකලට පුහුලම් නැතුව කජු නැහැනේ ,,

      Delete
    3. පුහුලම් නැතුව කජු නැහැනේ ,,///

      තියෙනවා තියෙනවා ...රටකජු කියන්නෙ අර බැදලා ,තබ්බලා එහෙම කන්නෙ ,පීනට් හැක් හැක්

      Delete
  25. පුදුම දාංගලයක් නේ තිබිල තියෙන්නේ ඈ....
    -----------------------------------

    බොහොම සුන්දර ළමා කාලයක සුන්දර මතක සටහන් පෙළක්. බොහොම අගෙයි...

    ReplyDelete
    Replies
    1. ඉස්කෝලේ 10 ට යනකල් තමයි හැමදේම ඊට පස්සේ අම්මා මාව හිර කළා ක්ලාස් වලට ...

      Delete
  26. අපේ ගෙදර සෙල්ලම් කරන්න ඇවිත් මගේ යාලුවෙකුත් ඔහොම කජු ගහෙන් සෙත්ත පෝච්චි වෙලා අත කඩා ගත්තා . එතකොට අපි පහ වසරේ

    ReplyDelete
    Replies
    1. මගේ අනිත් යාලුවොත් ඔයා මේ කීවා වගේ මේ වගේ පෝස්ට් එකක් දැක්කොත් කියයි නේද අපෙත් යාලුවෙක් අත කදාගත්තා කියලා ,, හි හි ..අපෝ ඒත් හොද වුණාට පස්සේ අමතකයි ගහෙන් වැටුනේ කියලා

      Delete
  27. ඔමාගේ දඟකාර ළමා කාලය ගොඩක් අයට ලැබිලා නැහැ. ඒ අත්දැකීම් නැහැ. මට මේ රටේ ඔය වගේ දඟකාර කෙළිලොල් ළමයි දකිනකොට හිතෙනවා ඇයි මේ අපේ සමහර දෙමව්පියෝ අයිසින් බෝල වගේ ළමයිව කාර් එකෙන් පාසලට, පාසලින් බැලේ ක්ලාස් එකට වගේ හිරකරන්නේ ඇයි කියලා. සමහර දෙමව්පියන් ඒ අයගේ කාලේ ඔක්කොම ජවුසම් නටලා ළමයිට දාහක් නීති දානවා. මට නම් ඒවාට හරි කේන්තියි.

    ReplyDelete
    Replies
    1. ඔව් අයියේ හරිම කණගාටුයි,,, අපේ පැත්තෙත් එහෙමයි,, ඉස්සර අපි ඔහොම සෙල්ලම් කරද්දී සමහර අම්මලා එයාලගේ ළමයිව එවුවේ නැහැ අපි එක්ක පොතටම තල්ලු කළා ,, ඒත් ඒ අය විභාග පාස් කරලා කරපු දෙයක් නැහැ,, දැන් ඔය කසාද බැදගෙන දුක් විදිනවා,,තව අය ගාමන්ට් යනවා.. අපේ සෙට් එකේ එක නංගි කෙනෙක් හැර අනිත් ඔක්කොම ඕලෙවල් ඒ ලෙවල් හොදට පාස් වුණා.. අපරාධයක් මේක මහ

      Delete
  28. මම පොඩිකාලෙ පැල කජු කටින් හපල කට වටෙම වනවුනා.
    තව දවසක් නැන්දලගෙ ගෙදර ඉන්න්නකොට බයිසිකලෙන් වැටිල අත කැඩුන.ඉට පස්සෙ එක අතින් හැඩල් එක අල්ලගෙන අනිත් අත හැන්ඩල් එක උඩින් තියාගෙන පැදගෙන ගෙඩ්ඩරාඅවෙ.පස්සෙ තනියම බෙහෙත් ගෙන්න ගියපුව.බෙහෙත් හොයන්න තනියම ගියපුව මතක් වෙනකොට.......... කියල වැඩක් නැ

    ReplyDelete
    Replies
    1. අම්මෝ අත කැඩුනට පස්සේ තනියම පැදගෙන ගියා? ඔයා බය නැති ළමයෙක් එහෙනම්,,, මගේත් දෙවැනි පාර අත කැඩුනේ බයිසිකල් පැදලා තමයි ,,

      Delete
  29. නිවාඩු කාලෙදි ඔය ගස් ටික බලාගන්න ලැබේවා.

    ReplyDelete
    Replies
    1. තැන්කුයි වේවා අයියේ ..

      Delete
  30. ගෑල්ලමයි උනාම සංවර වෙන්න කියල අත්තම්මාගෙන් ගුටි කාවේ නැද්ද හැබෑට ??

    ReplyDelete
    Replies
    1. ඒ කාලේ අපි සෙල්ලම් කළා ,,ඒ දේවල් වල අසංවරකමක් තිබ්බේ නැහැ යසී...සාමාන්‍යයයි ඒක.. පස්සේ පස්සේ තමයි ඉතින් ඕලෙවල් කිට්ටු වෙද්දී අම්මා ,ආච්චි කෑගහන්න ගත්තේ

      Delete
  31. අපුරුම කතා ගොඩක් කියෙව්වා , අද නිවාඩු දවසේ , ස්තූතියි අපූර්වී. කාලයක් තිබුනු බව මතක් වුනා... ගස් උඩ නැග සෙල්ලම් කරපු , ලොකු ගස් වලට ගිය වැනිලා වැල් වල වැනිලා මල් වලට පරාග එකතු කරන මුවාවෙන් ගස් උඩ නැගපු... ඉන්පසු ආවේ පොත් සමග ඔට්ටු වෙන බොහොම නීරස කාලයක් දැන් ඊටත් වඩා නීරස කාලයක්... කාටවත් හිත පිරෙන්න හොඳක් කරන්න නොහැකි වුනු...

    ReplyDelete
    Replies
    1. ඔව් සහෝ ...මෙහෙම එකක් ලියද්දි හෝ... ගාලා මතකෙට ගලන් එද්දී මාර නිදහස් ,, දැන් මේ හිරවෙලා ගෙවන ජිවිතේ මට තිත්තයි ,,,ආ අද ඉරිදනේ නේද,,,

      Delete
  32. මෙහෙම ආතල් එකක් දැං කාලෙ පොඩි එවුන්ට ලැබෙන්නේ නෑ මරුසි අක්කේ.
    ඔන්න අපි පොඩි කාලෙ නං චුට්ටක් විතර තිබුණා. දැං එච්චරවත් නෑ. මේක මහ මෙලෝ රහක් නැති සංවර්ධනයක් අෆ්ෆා. එෆා වෙනවා.
    කොටින්ම දැං අවුරුදු හතරකට පහකට කලිං කෑවට පස්සෙ කජු පුහුලමක් සුවඳවත් බලන්න හම්බුණේ නෑ. කජු අද කන්නෙත් කොහෙන් හරි සල්ලිවලට ගත්තිත් විතරයි.
    පැහීගෙන එන අඹයක් ගහට පොලු ගහල් කඩාගෙන ඒ ගහේම අතුල්ලලා නැට්ටේ කිරිටික යවලා, එතනම තළලා කෑලි කඩාගෙන කනකොට තියෙන රස, කාබයිට් ගහල ඉදවපු අඹ වල නෑ.

    මේ ලෝකේ ඝර්මකලාපීය පළතුරු වලින් රසම "ගහේ ඉදුණු පලතුරු" තියෙන්නේ ලංකාවෙ කියලා දවසක් මොකක් හරි පර්යේෂණ වාර්තාවක දැක්කා. ඒකේ තිබුණු හැටියට නම්, එකම පලතුර වෙනත් ඝර්ම කලාපීය රටක හැදෙනවට වඩා මෙහෙ හැදෙන ඒවා රසයි ලු. ඒ වගේම පෝෂණීයයි ලු. ඒත් දැං කෝ ඒවා.
    අපේ පොඩි එවුන්ට කන්න ගහේ ඉදුණු අඹයක් , කෙහෙල් ගෙඩියක්, මංගුස් මදුලක්, හොයාගන්න තියෙනවද දැං.

    කට එඹුල් කරකර කන්න ගල් අන්නාසි පඳුරක් හොයන්නවත් තියෙනවද දන්නෑ දැං.
    කියන්නනම් ගොඩාක් දේවල් තියෙනවා. ඒත් වෙලාව මදි. පස්සෙ වෙලාවක මේ ගැන කතා කරමුකෝ.

    ReplyDelete
    Replies
    1. නම් කියන්න එපා ඈ අම්මට අහුකරලා දෙනවා කොල්ලෝ ,... :)

      මේ දේවල් අවුරුදු 16 කට වගේ කලින් ,, ඇත්තටම දැන් අපේ පැත්තේ ගොඩක් අය ගස් කපලා ඉඩම් එලිකරලා ගෙවල් හදලා ,,, වෙන්දේසි කරලා,,, අපි නැගගෙන ගොරක කාපු ගහ කපලා දාලා තියෙනවා දැක්කම මාර කේන්තියක් ආවේ,, ඒත් මොනාකරනන්ද ඕවා නවත්තන්න අපිට බැහැ දුක් වෙනවා මිසක්,, ,,

      ඔයා කියන එක හරි ,,මෙහෙ අපි කන පලතුරු ලොකුවට පෙනුමට තිබ්බට ඔක්කොම ජාන තාක්ෂනෙන් හදපු ඒවා ,, ගුණයක් නැහැ මොනා කරන්නද කනවා,, හෙට ගෙදර ගියාම තවත් ගොඩක් දේවල් වෙනස් වෙලා කියලා මට පෙනෙයි ... ස්තුති ගයාන් අදහස් එකතු කලාට

      Delete
    2. අපි ඉස්සර හොරෙන් පැනලා අන්නාසි කාපු වත්ත දැන් ඩෝසර් කරලා ,, :(

      Delete
    3. අන්නාසි වත්ත? අන්නාසි විතරද අලෝ, ගල් අන්නාසි කාලා නැතුව ඇති ඔයත් එහෙනං. ඒවා හැදෙන්නෙ ලොකු ගල් උඩ. කැලෑවට හැදෙන පොඩි පඳුරු ජාතියක්. අන්නාසි වගේමයි, ඒත් ගෙඩි පොඩියි, ගෙඩි හැදෙන න‍ටුව අඩියක් හමාරක් උසට හැදෙනවා.

      ජාන තාක්ශණයෙන් හදන්න කලින් හැදුණු ස්වභාවික පලතුරු ගැන තමයි අර පර්යේශණ වාර්තාවෙ තිබුණේ. ඒවා එහෙමනම්, ජාන තාක්ශණයෙන් හදපුවා කොහොම ඇද්ද නේද. ශැහ්.

      මේ අක්කේ, යන එන වෙලාවක අපේ පැත්තේත් ගොඩ වෙලා යන්න එන්න හොඳේ.

      Delete
    4. ගයාන්.........ඔය ගල් අන්නාසි අපි ඒ ගලේම ගහලා චප්ප කරලා ගලෝගන කනවා.

      Delete
    5. රුවන්වැල්ලේ ආච්චිලගේ ගෙදර උඩහත් තිබුනා ඉස්සර , මේ ලගකදි ගිහිල්ලා බැලුවා එක ගහක්වත් නැ

      Delete
    6. ගයාන් @ ගල් අන්නාසි කාලා නැහැ,, එක එක පලතුරු ගස් වලින් කඩන කාලා තියෙනවා ,, ගොරකා ගෙඩිය උඩ අර බොත්තම ගලෝලා කුරුදු කෝට්ටකින් ඔක්කොම මික්ස් කරලා ළුණු මිරිස් දාපුවම කොහොමද රස

      Delete
    7. මන් මෙදා ගියාමත් ඔය ටික වෙලා තියෙයි අප්පා ,වෙලා පල්ලෙහා මුණමල් ගහත් කපලා තියෙයි :(

      Delete
  33. අත් කැඩිලා කැඩිලාම දැන් හොදට නැමෙනවැති නේ

    ReplyDelete
    Replies
    1. හි හි ඔව් මේ..... බෝංචි වගේ

      Delete
  34. ෆට්ට සුපිරි අක්කියෝ

    ReplyDelete
  35. අපූර්වි බ්ලොග් එකක් ලියනවා කියල දන්නෙ අදයි. ඒකත් කෙන්ජි මුහුනු පොතට යාකරල කිබුණ නිසා....

    අපූර්විත් ඉන්නේ මම ඉන්න අහල පහලම වගේ....

    ReplyDelete
    Replies
    1. ආදරෙන් පිළිගන්නවා මගේ හීන අඩවියට

      මේ මාසේ 28 වෙනිදට අවුරුද්දයි මගේ බ්ලොග් එකට ,, ඔයා අපේ පැත්තේද ?

      Delete
    2. ඔව්............ මමත් මිනුවන්ගොඩ කිට්ටුව

      Delete
    3. ආ එහෙමද අයියේ, මන් හෙට ලංකාවට එනවා ,,
      මං ඔයාගේ බොලොග් එක කියෝලා තියෙනවා බ්ලොග් ලියන්න කලින් කීප වතාවක් ,,කොමෙන්ට් දාන්න දැනගෙන හිටියේ නැහනේ අප්පා..

      Delete
  36. මදැයි අත කඩාගෙනවත් බේරුනා.. අපි වගේම තමයි බලාගෙන යද්දී..

    ReplyDelete
    Replies
    1. හි හි ,, ශෝක් නේ දිනේෂ් ඒ කාලේ

      Delete
  37. අතත් කඩාගෙන... !
    කිව්වහම මතක් උනේ... ලඟදි එන්නේ කජු වාරේ...!
    ඉදිනු පුහුලං ටිකක් කඩන් ඇවිත් ලුනුයි ගම්මිරිස් කුඩුයි දාලා කන්ඩ ඕන..

    ReplyDelete
    Replies
    1. හි හි කජු වාරේ මන් ගෙදර.. මතක් වෙද්දීත් ආසයිනේ

      Delete
  38. මෙහෙමත් නසරානි කෙල්ලෙක්...මම නැගපු උසම ගහ තමයි ඇහැල ගහ. ඒක දිගේ අපේ වහල උඩටත් නැග්ගා. ඉස්කෝලේ වෙරළු ගහ දිගේත් වහලට ගිහින් අහු උනාට පස්සේ ගස් නැගීම නැවතිලාම ගියා.

    ReplyDelete
  39. he he...lassana mathakayan tikak oyata thiyanawane,.

    ReplyDelete


ලිපිය කියවා කොමෙන්ට් නොකලත් කමක් නැහැ.. කමෙන්ට් කලොත් සතුටුයි. ලිපිය කියවන්නේ නැතුව කොමෙන්ට් කරන්න එපා.
අපුර්වි_


,නිතරම යහපත කරන්න...,සතුට සැනසිල්ල හැමදාම ඔයාලග රැදේවි,,දෙවිපිහිටයි,

Related Posts Plugin for WordPress, Blogger...