Sunday, March 9, 2014

යහපත් ගොවියෙක් වෙන්න | don't forget your dreams


මගේ බ්ලොග් අඩවියේ නම ඔමාගේ හීන. ඇත්තටම මං කල්පනා කළා හීන ගැන සහ හීනත් එක්ක මගේ තියෙන සම්බන්ධය ගැන ලියන්න.

"ඕවා හීන විතරයි"

"දවල් හීන දැක්කද?"

"නිකන් හීන මවන්න එපා මනුස්සයෝ"

ඕවා හීන ගැන අපිට ඇහෙන දේවල්..ඇත්තටම මං හීන මවන්නියක්..පුංචි කාලේ ඉදන්ම...යම් යම් දේවල් ගැන හිතේ ආසාවල් ඇතිවෙද්දී ඒවා මං හීන කරගත්තා..ඇත්තමයි මං හීන කියන නම පාවිච්චි කරන්නේ මගේ අරමුණු වලට. මට පුදුමයි මේ වෙද්දී මං එහෙම හිතෙන් හීන මවාගෙන හිටපු ගොඩක් දේවල් මගේ ජිවිතේ යතාර්ථ කරගෙන තියෙනවා.

..ඔයා විශ්වාස කරන එකක් නැහැ. තාම අත් කරගත්ත නැති හීන අතර තියෙන මගේ පුංචි කාලේ හීනයක් ඔයාට හිනා යයි මේකට .. පිටසක්වල ජීවියෙක් එක්ක එයාගේ යානාවේ යන එක, එයා එක්ක කතා කරන එක..මේක හරිම ප්‍රාතමිකයි තමයි.. ඔව් ඉතින් මේක මට අවුරුදු පහක් හයක් කාලේ ඇතිකරගත්ත හීනයක්නේ.ඒත් ඒක තාමත් මගේ හීනයක්.. 

ඒ වගේම ගගණ ගාමියෙක් වෙන්න හිතුවා පස්සේ කාළෙක.අර හීනෙට තව පාට එකතු කරගන්න නිසා...එතකොට මට රොකට් එකක යන්නවත් චාන්ස් එකක් හම්බෙයිනේ ඊට පස්සේ මට පුළුවන් විශ්වයේ ඈත බලන්න හදලා තියෙන  නවීන උපකරණ වලින් අහස දිහා බලන්න,, ගේ ඉස්සරහා බෙලිගහ යට බංකුවේ ඉදන් බෙල්ල කඩාගෙන අහස දිහා බලනවට වඩා ඒක පහසු නිසා..
පියාඹන අස්සයා තමයි මගේ ආසම සතා
මගේ ජීමේල් ,සහ ලෝගෝ වල ඉන්නේ එයා.

ඊට පස්සේ ලන්ච් ෂීට් වල කොන් හතර එකතුකරලා; නුල් හතර එකතුවෙන තැනට කෝටු කෑල්ලක් බැඳලා එකේ මං මගේ රූපයක් ඇදලා අමාරුවෙන් අකුරු අමුණගෙන ඉංග්‍රීසියෙන් ලොකුවට නම ලීවා; පිටසක්වල ජීවීන් සිංහල දන්නේ නැහැ කියලා හිතුණු නිසා. ඊට පස්සේ වෙලට ගිහින් පැරිෂුට් එක උඩ යවලා එනවා.. ඒත් පස්සේ දවසක නැන්දලගේ වත්තේ ලුනුමිදෙල්ලා ගස් වල උඩ මගේ පැරිෂුට් පැටලිලා තිබ්බා.. ඒත් ඔක්කොම තිබ්බේ නැති නිසා මං හිතුවා එකක් හරි විශ්වයට යන්න ඇති කියලා..ඒ වගේම එයාලගෙන් උත්තර පරක්කුවෙද්දී මංම හිතාගත්තා මං තාම පොඩි නිසා වෙන්න ඇති කියලා.. :) 

බටුවත්තේ ආච්චිලගේ දිහා අවුරුද්දක් තිස්සේ ඉස්කෝලේ යාමක් නැතුව තාත්තා අම්මා ළඟ නැතුව ,හරියට රසට  කෑම කන්න නැතුව,වැඩ කාරියෙක් වගේ ඉන්න කාලේ ආච්චි එක්ක කඩේ ගියාම ඒ කඩේ මුදලාලිගේ දුවව දකිද්දී ඉරිසියා හිතුණා..එයා හැම තිස්සෙම හිනාවෙවී,,ටොෆි චොක්ලට් කනවා දකිද්දී මං ගැන ගොඩක් දුක හිතුණා.. ගෙදර ඇවිත් රෑට නිදාගන්න ගියාම හීන මැවුවා කවදාහරි මං ලොකුවෙලා එයාට වඩා රස ජාති ගොඩක් කනවා කියලා ,, මේවා හරිම බොළඳ සිතුවිළි වගේ ඔයාට දැනෙයි.ඒත් ඒවා ඔහොම තමයි... 

වෙන අය එක්ක කතා කරද්දී ලියද්දි ටිකක් ලස්සනට ලියන්න ඕනේ ...කියන්න ඕනේ ඒත් හීන දකින්නේ මං මගේ  හිත එක්කනේ ,,වෙන අයට පේන්නේ නැහනේ..ඒ නිසා පහසුම විදියට තමයි දෙයක් හිතේ කොටාගෙන හීන ගොඩට දාගන්නේ.. පුංචි කාලේ ඉතින් කෙලින්ම හිතන්නේ එයාට වඩා මං මෙහෙම කෙනෙක් වෙනවා ,,, මෙහෙම දේවල් ගන්නවා වගේ දේවල්නේ. කාටවත් පේන්නේ නැති හින්ද හොදයි ඉතින් ඒ මෝඩ හිත..

මේ වෙද්දී මං ගොඩක් හීන ලඟාකරන් තියෙනවා කීවට ඒවා පෝස්ට් එකේ ලියන්නේ නැහැ. ඒවා ලොකු නයි වගේ පේන්න පුළුවන්. ඒ නිසා ඒවා ලියන්නේ නැහැ.ඒ වලින් කියෝන කෙනාට ඇති වැඩකුත් නැහැ. ඉස්සර ඉස්කෝලේ යන කාලේදී අපි ගණන් වලදී කොපි කලාම ටීච කීවේ කොපි කරන්න එපා කියලා නෙමේ..කොපි කරගන්න යාළුවාගෙන් උත්තරේ ගත්ත හැටිත් අහගන්න කියලා... 

හි හි නිකන් මේක දැම්මේ ඈ..154 cm3 කියලා උත්තරේ එන්න කොපි ගහගෙන හදපු විදියත් අහගන්න ඕනේ 
11 වසර ගණිතය පොතෙන් 

ඉතින් මං හීන දකිද්දී අනුගමනය කරන ක්‍රමේ තමයි හැම තිස්සෙම ඒක මතක් කරන එක, ඒ වගේම ඒකට අවශ්‍ය කරන සුදුසුකම් ටික ටික සෙට් කරගන්න එක.. හරියට හීනයක් කියන්නේ පුංචි බීජයක් වගේ.බීජය පැළ කලාට පස්සේ ඒකට වතුර දාන්න ඕනේ,, සාත්තු කරන්න ඕනේ,, පෝර දාන්න ඕනේ,...ඒ වගේම පලිබෝධකයන්ගෙන් පරිස්සම් කරගන්න ඕනේ...එහෙම නැතුව බීජය ඉන්දලා කාලයක් ගියාට පස්සේ ඒකෙ අස්වැන්න නෙලන්න ගිහින් වැඩක් නැහැ ...ඊට පස්සේ පොළවට හරි බිජයට හරි බැනලා වැඩකුත් නැහැ. ඒ වගේම හිටෝපු දා ඉදන් උදේ හවස බීජය ගොඩ අරන් මුල් ඇදලද කියා කියා බලන්න යන්නත් හොද නැහැ..ඉවසීමෙන් සාත්තු කරමින් බලාඉන්න ඕනේ හොද අස්වැන්නක් ලබන්න නම්.

ඒ වගේමයි අපේ හීන සහ අරමුණුත්. අපි හීන අමතක කරලා වෙනම ලෝකවල ජිවත් වෙනවා පස්සේ කියනවා 

"මං හිතන කිසිම දෙයක් අද වෙනකල් කරගන්න බැරිවුණානේ" 

"ශික් මං වගේ අවාසනාවන්තයෙක් "

"ඕවා හීන විතරයි වැඩක් නැහැ ඕවා හිතලා"

ඒ නිසා ඔයා මොන වයසේ කෙනෙක් වුණත් හොද හීන දකින්නෙක් සහ හීන වලට සාත්තු කරන්නෙක් වෙන්න.. 
ජිවිතේ කියන්නේ පට්ටම ලස්සන හීනයක් -

ජයවේවා!!!!!
-------------------------------------------------------

70 comments:

  1. //හීන දකිද්දී අනුගමනය කරන ක්‍රමේ තමයි හැම තිස්සෙම ඒක මතක් කරන එක, ඒ වගේම ඒකට අවශ්‍ය කරන සුදුසුකම් ටික ටික සෙට් කරගන්න එක.. හරියට හීනයක් කියන්නේ පුංචි බීජයක් වගේ.බීජය පැළ කලාට පස්සේ ඒකට වතුර දාන්න ඕනේ,, සාත්තු කරන්න ඕනේ,, පෝර දාන්න ඕනේ,...ඒ වගේම පලිබෝධකයන්ගෙන් පරිස්සම් කරගන්න ඕනේ...එහෙම නැතුව බීජය ඉන්දලා කාලයක් ගියාට පස්සේ ඒකෙ අස්වැන්න නෙලන්න ගිහින් වැඩක් නැහැ ...ඊට පස්සේ පොළවට හරි බිජයට හරි බැනලා වැඩකුත් නැහැ. ඒ වගේම හිටෝපු දා ඉදන් උදේ හවස බීජය ගොඩ අරන් මුල් ඇදලද කියා කියා බලන්න යන්නත් හොද නැහැ..ඉවසීමෙන් සාත්තු කරමින් බලාඉන්න ඕනේ හොද අස්වැන්නක් ලබන්න නම්//
    ++++++++++++++++++++++++++

    ඔය ටික ම තමා අපි එක එක ධනාත්මක චින්තන දේශකයෝ කරන වැඩමුළු වලදී , රූපවාහිනී වැඩසටහන් වලදී අහන්නේ.
    ඕනෑම කෙනෙක් හීන තියාගන්න ඕන . එතකොට තමා එපා වෙන්නේ නැතිව ජීවිතය ගෙනියන්න පුළුවන් වෙන්නේ.
    ------------------------------
    අත්දැකීම් බෙදා ගැනීම ගැන ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. ඈ ඒගොල්ලොත් එහෙම කියනවද ෂෙහාන් ?... ඔය මට දැනිච්ච විදිය... ඔයත් හීන දකින්නෙක් වෙන්න අදම,,, ස්තුති ..

      Delete
  2. හ්ම්ම්ම්....සිහින .... මට නම් තිබුනෙම නැහැ....
    සුභ ගමන් ,,....!!!

    ReplyDelete
  3. දවල් හීන කියන්නේ තමන්ගේ ජිවිතේ බලාපොරොත්තු. රෑට නිදාගත්තම දකින හීන වැඩක් නෑ. ඒවා හිතළු විතරයි. වැදගත් වෙන්නේ දවල් හීන... මොකද ඒවා තමයි ජිවිතේ අරමුණු වෙන්න ඕන..

    ReplyDelete
    Replies
    1. ෂිට්.. කොමෙන්ට් එක ටයිප් කරන ඩිංගට මුන් දෙන්න කොමෙන්ට් දාලත් ඉවරනේ.. අපරාදේ නැත්නම් මම 1.

      Delete
    2. උඹට තිබුනෙ කමෙන්ට් එක දාල පස්සෙ කියවන්න :)

      Delete
    3. යසිත්@ ඔව් මල්ලි ඇස් නොපියා දකින හීන ගැන තමයි අක්කත් කියන්නේ ..ඊලග ලිපියේ එක වෙන්නකෝ ඔයා

      Delete
  4. මාත් ගොඩාක් හීන දැක්කා. හ්ම්ම් ටිකක් හැබෑ උනා ටිකක් වෙනස් උනා ටිකක් ඒවා අසාර්ථකම උනා.

    සුභ ගමන්………!!! ජය වේවා………!!!!

    ReplyDelete
    Replies
    1. ඒත් කවදාවත් හීන දැකීම නවත්තන්න එපා අයියේ ,

      Delete
    2. හ්ම්ම්ම් අපිව ජීවත් කරවන්නෙත් හීන නොවැ.

      Delete
  5. හීන තමයි අපි ජිවත් කරවන්නේ. නැත්නම් උපන්නාට මේ ලොව වැනෙනවා විනා විතරක් වෙයි

    ReplyDelete
    Replies
    1. නාඩි @ අනිවා මේ ලෝකෙට නිකන් ඇවිත් ගියාට වැඩක් නැහැ මොනාහරි කරලම යන්න ඕනේ

      Delete
  6. හීන දැකීම අපි හැමදෙනා තුළම අඩු වැඩි වශයෙන් මරණය දක්වාම තියනවා. එයට වයස, ආගම, ජාතිය වැනි භේද බලපාන්නේ නැහැ. මම පුංචිකාලේ දැකපු ලොකුම හීනයක් තමයි 'කෝච්චි ඩැයිවර්' කෙනෙක් වෙන එක. හැබැයි දෙවැනි හීනය හැබෑ වුණා. ඒ තමයි ආමි කාරයෙක් වෙන එක. අම්මපා ආමි එකේ කෝච්චි තිබුණේ නැහැනේ එලවන්න.

    නරකද ඊශ්‍රායල් අභ්‍යවකාශ පර්යේෂණ අංශයෙන් ඇහුවොත්, 'අනේ මාව රොකට් එකක දාලා උඩින් යවන්නකෝ, අපේ ගෙදර බෙලි ගහ ළඟින් බැහැගන්න' කියලා.

    ReplyDelete
    Replies
    1. විචාරක තුමණි @ මගෙත් හීන අතර කොච්චි ඩ්‍රයිවර් කෙනෙක් වෙන හීනෙ තිබ්බා පස්සේ පස්සේ ඒ ආසාව නැතිවෙලා ගියා සමහරවිට ගෑණු ළමයෙක් නිසා වෙන්න ඇති

      ඊශ්‍රායල් හමුදාව මාව දායි අත්ලාන්තික් සාගරේට

      Delete
  7. හීන දකින්ෙන නැති ෙකනා කවදාවත් ජීවිෙත් ඉස්සරහට යන්නෑ... ෙමාකද ඒයාට ඉටු කර තන්න ෙදයක් නැති හින්ද...
    කතාවක් තියනව සද අරමුණ කරගන්න ඔබට තරු අතර හරි රැ ෙදන්න පුලුවන් ෙවයි කියල...
    හීන දකින අය හැම හීනයම හැබෑ කර ගත්ෙත නැතත් කීපයක් හරි සාර්තක කරගන්නව...
    ඒ් මනුස්සය ජීවිතය දිනනව..
    ජය ෙව්වා

    ReplyDelete
    Replies
    1. සිහින ගැන ඔයා ලියල තියෙනව දැක්කාම මට මේ පෝස්ට් 1 ලිංක් කලා නං කස්ටියට වැදගත් වෙයි හිතුව...
      සිතුරූ හීන වල අතීතෙත් එක්ක අවුස්සලා ලියල තියෙන අපූරුව බලන්නකො... වැදගත් වෙයි කස්ටිය සෙට් එකටම...


      සියවස් ගණනක අතීතයකින් හමුවන "සිහින" ගැන ජනප්‍රවාද

      Delete
    2. මන් එදා ඔයාගේ ලින්ක් එක කියෙවුවා මහේෂ් thanks ලින්ක් එක අනිත් අයටත් කියවන්න දුන්නට

      Delete
  8. සිහින සැබෑවන්නේ කැපවීමෙනි, කියලා කවුදෝ කියල තිබුණා,
    අනාගතය ගැන සිහින නොදකින්නාගේ ඉදිරිය අඳුරුයි කියලත් කව්ද කියල තබුණා,

    අපි හැමෝටම හීන තියෙනවා අපි ඒ වෙනුවෙන් කැපවෙනවා..

    ජය වේවා!!!
    පුළුවන්නම් ගොඩවැදිල යන්න

    ReplyDelete
    Replies
    1. ඒ කියපු කෙනා කවුරු නමුත් යතාර්ථවාදී මනුස්සයෙක් ,, විදානේගේ පැත්තේ මන් කවදත් එනෝ

      Delete
  9. This comment has been removed by the author.

    ReplyDelete
  10. මට නම් හීන කියන වචනේ දැනෙන්නේ වෙන අර්ථයක්... ඉන්ද්‍රජාලික වගේ එකක්..

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්, එකිනෙකා තම තමන්ට ගැලපෙන විදියටනේ හැමදේම පාවිච්චි කරන්නේ සහ අදුන ගන්නේ

      Delete
  11. හීන හීනම වෙන වෙලාවල් වැඩි නීසා වැඩි ය ඒ ගැන නොසිතමි ...හින දැකලා මට්ටු වුණා හොදටම ඇති ..

    සුභ අනාගතයක්

    ReplyDelete
    Replies
    1. එහෙම හිතන්න එපා මල්ලියා

      Delete
  12. අම්මෝ මෙයාට තියෙන හීන.. මටත් හීන ගොඩාක් තිබුනා.. ඒව සෑහෙන්න සපල උනා... තව ගොඩාක් තියෙනව.. ඒව සපල වෙන්නෙ නැති හැඩයි... නමුත් මම ඒ හීන පස්සෙම ඉන්නව...

    ReplyDelete
    Replies
    1. අනිත් ඒවා සපල වුනා නම් අනිත් ඒවත් සපල වෙයි බං .... පස්සෙම ඉදිං ...

      Delete
  13. Dreams are just fine.
    What I hate are the nightmares.
    -Dude-

    ReplyDelete
  14. හින සුදර හැබැ වෙනකන් විතරයිලු න් ඒ.රට්ටු කියන්නෙ අනෙ මමනම් දන්නෙ නැ ඉදගෙන

    ReplyDelete
    Replies
    1. ඕවා බොරු කතා මහත්තයෝ

      Delete
  15. පුංචි කාලෙනම් මගෙ හීනෙ වුනේ පොලිස් කාරයෙක් වෙ එක .පසුව උසස් පෙල කරද්දි ඒක වෙනස් වුණා ගුරු වෘත්තිය දක්වා පස්සෙ ක්ෂනික ඒක වෙනස් වුණා. වෙලාව ආවා. අද නාවිකයෙක් වෙලා සන්නද්ධ සේවයේ යෙදෙනවා. ඒත් තාමත් මගේ හිතේ හීන මැවෙනවා. ගොඩාක්.ඒත් ඒ හීන සැබැ කර ගන්න ගියොත් මට හිතෙනවා. අනිවා වයිෆ් මාව දාල යනව

    ReplyDelete
    Replies
    1. කොහොම හරි යුනිෆෝර්ම් අදින කෙනෙක් උනානේ අයියා. පොලිස් කාරයෝ මට නම් පේන්න බැහැ . හැමදාම හීන මවන්න අය්යේ

      Delete
  16. දැකපු තව හීනයක් අද හෙට හැබෑවේවි.

    ReplyDelete
  17. මේ වාගේ ගානක් දැක්කත් ආසයි අප්පා..

    ReplyDelete
    Replies
    1. හි හි ඒකාලේ නම් වහ වගේ නේ

      Delete
  18. Replies
    1. කැත හීනත් තිබේ මලේ

      Delete
  19. කාලෙකට පස්සේ ගණිත සමීකරණ මතක්කරලා දුන්නට ස්තුතියි හොඳේ

    ReplyDelete
  20. ජීඑවිතයම ලස්සන හීනයක්..හීන අපිව ජීවත්කරවනවා ,අපි හැමෝම ජීවත් වෙන්නේ මොකක් හරි හීනයක් හැබෑ කරගන්න හිතාගෙන . හීන හැබෑකරගන්න විදිහ හරියටම මෙන්න මෙවගෙයි කියල කාගෙන්වත් අහගෙන ..එයා කරපු ව්දිහට මාත් කරනවා කියලා හීන හබාකරගන්න බෑ.
    අපි එක එක්කනා දකින්න අපිට අනන්‍ය හීන , ඒවා හබාකරගන්න් ලඟාවෙන්නේ කොහොමද කියලා අපිම හොයාගන්න ඕන

    ReplyDelete
    Replies
    1. ඔව් අයියේ ඒක ඇත්ත. අපිට ලැබිච්ච මේ ජීවිතය කියන්නේ අපිට මේ ලෝකේ වෙනුවෙන් අපේ කොටස කරන්න ලැබිච්ච අවස්ථාව,, ඒක උපරිමයෙන් අපි කරන්න ඕනේ, අපේ විදියට, තමන්ගේ අරමුණු දිහා බලන්

      Delete
  21. //හරියට හීනයක් කියන්නේ පුංචි බීජයක් වගේ.බීජය පැළ කලාට පස්සේ ඒකට වතුර දාන්න ඕනේ,, සාත්තු කරන්න ඕනේ,, පෝර දාන්න ඕනේ,...ඒ වගේම පලිබෝධකයන්ගෙන් පරිස්සම් කරගන්න ඕනේ...එහෙම නැතුව බීජය ඉන්දලා කාලයක් ගියාට පස්සේ ඒකෙ අස්වැන්න නෙලන්න ගිහින් වැඩක් නැහැ ...ඊට පස්සේ පොළවට හරි බිජයට හරි බැනලා වැඩකුත් නැහැ. ඒ වගේම හිටෝපු දා ඉදන් උදේ හවස බීජය ගොඩ අරන් මුල් ඇදලද කියා කියා බලන්න යන්නත් හොද නැහැ..ඉවසීමෙන් සාත්තු කරමින් බලාඉන්න ඕනේ හොද අස්වැන්නක් ලබන්න නම්//

    හීන නැත්නම් ජීවිතයකුත් නෑ. ජීවිතය ජිවත් කරවන්නේ හීන.

    ReplyDelete
  22. පොඩි කාලේ නම් හීන බැලුවා....ඒත් ඉතින් දැනුම් තේරුම් ඇති කාලේ අනිත් අයගේ හීන සැබෑ කරලා දීලා ලබන සතුට ගැන හිතුවා....දැන් නම් අපි දෙන්නම සැබෑ කර ගන්න පුළුවන් හීන විතරක් දකිනවා,,,,,,.....

    ReplyDelete
  23. ඔය කොන්සෙප්ට් එකොට කියන්නේ විෂන් බෝඩ් මොකක්ද කියලා. අපි කාර් එකක් ගන්න ඉන්නවනම් ඒක ගැනම හිතන එක. හිතෙන් මවාගෙන කාර් එක පදින එක ඒ වගේ ඒ ඒ ටාගට් එක ගැන පොසිටිව් විදියට හිතන එක, ඒක ලබාගන්න උදව් වෙනවලු, හම්මෝ ඒක හෙන දිගා......................යි. එනිවේ ඔහොම හිතන යෙක හොඳ දෙයක්ලු

    ReplyDelete
  24. හීන දකින්නැති කෙනෙක් මන් හිතන්නෑ ඉන්නවා කියලා හීන කියන්නෙ ගොඩක් වැදගත් දෙයක් මනුස්සයෙකුට හැමෝටම තමන් ගැන හූන්‍යක් තියෙන්න ඔනේ පුංචි හරි නැත්තම් වැඩක් නෑ හීන තමා අපිව ජීවත් කරන්නෙ අපේ අරමුනුවලට යන්න උදවු කරන්නෙ අපේ හීන බොහොම හොද ලිපියක්

    ReplyDelete
  25. හීන තියන හින්දනෙ අපි ජීවත් වෙන්නෙත්.

    ReplyDelete
  26. පුංචි කාලේ ඉඳන් මමත් හීන දකින්න හරිම ආසයි.. දැකපු හීන හැම එකක්ම හැබෑ නොවුනත් හීනයක් හැබෑ වුන දාකට හිතට දැනෙන සතුට වචනයෙක් විස්තර කරන්න බැරි තරම්.. ඒ නිසාම හීන වලට අදටත් මම ආදරය කරනවා ...

    ReplyDelete
  27. "සිහිනයකි ඔබ නිහඬ මැදියම් රෑ" .....කිය කිය හිටිය මම අන්තිමට ඒ ඇත්තිවම කසාද බැඳගත්තා.

    සිහින හොඳයි....ඇහරුනාමත් මතක තියෙනවානම් :D

    ReplyDelete
    Replies
    1. නෙරංජ උඹත් එක්තරා රස ගුලාවක් බං කියන ඒවාට..... :)

      Delete
    2. කෙන්ජි....අපි කවදාහරි දවසක කොහේ හරි සෙට් වෙයිනෙ. එදාට නා...නා..නී.නී වෙන්න ආතල් එකක් ගමු.

      Delete
    3. අනිවා..මචෝ...මාතව අපේ විචාරක,හැලප,රවිය....හලලා අපි දෙන්නට කොහොමත් සැට් වෙන පිං ළිදක් ලග වුනත් මොකැයි බං .... පොඩි ඇලට හැදිච්ච ගහක් ලග .... :) :) :)

      Delete
  28. ඇත්ත, හීන බලල උදේ නැගිටිනකොට ඒක අමතක කරල දාල හරියන්නෙ නෑ. ඒ හීන සැබෑ කරගන්න අවදිවෙලා ඉන්න අවස්ථාවෙදි උත්සාහ ගන්න ඕන.

    ReplyDelete
  29. මගෙනම් හීන තාම හීනම තමා :D

    එද්දි අපිට මොනාහරි ගෙන්න ඈ, සුභ ගමන් :)

    ReplyDelete
  30. 'සිහින කුමාරියක් ඇවිල්ලා... පාට පාට දේදුන්නේ නැගලා...' සින්දුව මතක් වුණා..

    මාත් දැකපු සමහර හීනවලට ලස්සනට පාට ගාලා හිතේ එල්ලගෙන ඉන්නවා...

    ReplyDelete
  31. පස්නේ තියෙන්නේ ඕමා ගිඔදක් ය සිහිනෙයි සැබෑවයි පටල ගන්න එක..... අපේ සිහින අපි සැබෑ කරගන්න වා මිසක් අපේ සැබැව සිහිනයක් කර ගන්න නරකයි ......

    ReplyDelete
  32. අපූරුයි ඔමා. අද තමයි කියවන්න ලැබුනේ. මමත් ලිවුවානෙ හීන ගැන මෙවුව එකක්.
    මගෙ සිහිනය මට දකින්න ඉඩ හරින්න

    ReplyDelete
  33. හීන දකින්න ඕන බං.. නැත්නම් වැඩක් නෑ.. ජීවිතේ ගතියක් තියෙන්නේ හීන එක්ක තමයි..

    ReplyDelete
  34. හැලපයා ලියලා තියෙන්නෙත් සිහින ගැන. ඌගේ සිහින නම් සැබෑ වෙලා.. ගෙඹි පැටික්කීගේ සිහිනත් සැබෑ වේවා කියා ප්‍රාර්ථනා කරනවා.. මම හිතෙනවා උඹ කැනඩා ගියාට පස්සේ, මුළු රටේම නම තියෙන දෙයක් කරාවී කියලා.. අඩුම තරමේ ෂ්‍යාම් සෙල්වදොරේ තරම්වත්..

    මේ සිහින කියන්නේ නින්දෙදි දකින් සිහින නෙමෙයි.. අවදි උන වෙලාවට දකින සිහින.. සිහින තමයි අපිව ජීවත් කරවන්නේ..

    ReplyDelete
    Replies
    1. "ගෙඹි පැටික්කි" කියලා ලියා තිබෙන නිසා මේ කොමෙන්ටුවට මම ලයික්ය ..හිප් හිප් හුරේ හුරේ .....

      Delete
  35. මට ඉස්සර තිබ්බේ ආතර් සී ක්ලාක් ගේ 2001 පොතේ බෝමන් වගේ විශ්වයේ තනිවෙන්න ආසාවක්.. කියවල තියෙනවනම් දන්නවා ඇති ඒ තනිවීම ගැන.. :)

    ඊට පස්සේ ඕක බැස්සා අභ්‍යවකාශ ගාමියෙක් දක්වා..

    විබාගේ ඇනගෙන එහෙන් මෙහෙන් චාටර් වෙලා වයස යනකොට කොහොම හරි පෘථිවියෙන් එලියට ගිහින් බලන ලෙවල් එකට ආවා..

    පස්සේ කසාදයක් එහෙම බැන්දට පස්සේ ඔන්න ඔහේ නාසා එකට ගිහින් නාසා බෝඩ් එක ඉස්සරහ ඉඳන් පොටෝ කැල්ලක් අල්ලගත්තත් ඇති ලෙවල් එකේ තමයි දැන් ඉන්නේ..

    හැබැයි මේ ලඟදි http://www.virgingalactic.com/booking/ එක දැක්කට පස්සේ අර අන්තිම එකට කලින් එක වත් ගොඩ දාගන්න පුළුවන් වෙයි වගේ ගතියක් දැනෙනවා ඔය ගාන නිකන් රුපියල් 100,000කෙට විතර බැස්සොත් මම කෙලින් කටින් ඉන්න කාලෙක..

    හෙහ් හෙහ් මගෙන් අදටත් කවුරු හරි ඔය ඉනටවිවී එකකදී එහෙම ඇහුවොත් ඔයා අනාගතේ මොනවාද කරන්න කැමති කියල මම කියන්නේ ඔය එලියට යන සීන් එක..

    එහෙම හීන දකින එක හරි ජොලි වැඩේ.. රටේ දේශපාලනේ, ආර්ථිකේ, සමාජ ප්‍රශ්න ගැන වදවෙන්න මේ මිනිස්සු ඕනේ තරම් ඉන්න ඒකෙ අපිට තියෙන්නේ ඕවගේ හීනයක් බලාගෙන ආතල් එකේ ඉන්න.. නැද්ද මං අහන්නේ..



    ReplyDelete
  36. හීන,බලාපොරොත්තු අපි හැමෝටම තියෙනවා..මේ පාර ඇවිදින් හිතේ තිබුන කෙටි දුර හීන කීපයක් සැබෑ කරගත්තා...දිගු දුර හීනේට තව දුරයි...

    ReplyDelete
  37. හින කියන්නේ අපේ ජිවිතේ අරමුණු, පරමාර්ථ,ඉලක්ක, අපි කටත් හීන තියෙනවා. අපි අපේ හින යථාර්තයක් කරගන්න මහන්සි වෙන්න ඕන.

    ReplyDelete
  38. සිහින කියන්නෙ හරි වටින දෙයක්. මොකද සිහිනය තමයි යථාර්ථයෙ පෙරගමන්කරුවා. මොකද සිහින විදියට අපි දකින්නෙම අපට සැබෑවටම අවශ්‍ය දෙයක සෙවනැල්ල. පියාඹන අශ්වයෙකුට ආසයි කියන්නෙ ඇත්තටම අහසෙ පියාඹන්නම නොවෙයි ඒක සංකේතයක්.

    ReplyDelete
  39. කාගේ කාගේත් ජීවිතවල හීන කියලා දේවල් තියෙනවා, සමහර ඒවා ප්‍රායෝගිකයි තව සමහර දේවල් ප්‍රායෝගික නෑ.

    ReplyDelete
  40. හින තියෙන්න ඕනේ සබැ වෙනවද නැද්ද කියන ඒක ප්‍රස්නයක් තමයි සැබ කරගන්න පුළුවන් දනාත්මක චින්තනයක හිටියොත් විතරයි

    ReplyDelete


ලිපිය කියවා කොමෙන්ට් නොකලත් කමක් නැහැ.. කමෙන්ට් කලොත් සතුටුයි. ලිපිය කියවන්නේ නැතුව කොමෙන්ට් කරන්න එපා.
අපුර්වි_


,නිතරම යහපත කරන්න...,සතුට සැනසිල්ල හැමදාම ඔයාලග රැදේවි,,දෙවිපිහිටයි,

Related Posts Plugin for WordPress, Blogger...