Wednesday, November 3, 2010

The ඉමෝර්ටල් ලව් (කිඳුරු විමානයේ අසීමාන්තික ආදර අන්දරය )

      'රකන්ටෝ' ඇයි තවමත් ප්‍රමාද,?,,ඔයා අද නාවත් හෙට එයි,,,,ඔබ එනබව මන් දන්නවා,,කවදාකහරි ඔබ එනවා,, මා ජිවත්වන හැමදාකම ඔබ එනතුරු බලන් ඉන්නවා ,,,,පුංචි 'ෆියර් ' මට ඔබගේ ආදරේ උණුසුම පපුවට ලන්කරලා දෙනවා ,,,,රකන්ටෝ ,,,තවත් ප්‍රමාද ඇයි....

,,,'එමරල්ඩ් ' 'රකන්ටෝ ',,,ආදර කතාව මුළු කිදුරු විමානයම එලිය කරපු කාලයක් තිබුණා...එමරල්ඩ් රකන්ටෝට නොසෑහෙන්න ආදරේ කළා ,,රකන්ටෝ නිතරම ඇයට කිවුවේ "එමරල්ඩ් ඔයා මගේ ජිවිතේ ,,මට ඔයාව ගොඩාක් වටිනවා" කියලා .
         හැම සන්ධ්‍යාවකම ඔවුන් පැය ගනන් ඈත පෙනෙන කෙළවරක් නැති මහා සාගරය දිහා බලාගෙන කතා කලා.. රකන්ටෝගේ ආදරයේ උණුසුම එමරල්ඩ්ට මේ මහා සාගරයටත් වඩා ලන්ව දැනුනා.. ඒ හැම සන්ධ්‍යාවකම එමරල්ඩ් රකන්ටෝට ආදර පොරොන්දු දුන්නා ,,ඒ පොරොන්දු ඔවුන්ගේ ඇස් කදුළින් තෙමන්න ඇති,, ඒත් ඒ කදුළු මහ මුහුද හැර ඔව්නොවුන් වත් නොදකින්නට ඇති,,,,

                                        සතුටට බොහෝ කල් ඔවුන් හා රැදෙන්නට නොහැකි උනා.කිදුරු විමානය තුල මෙතෙක් කිසිවෙකු වෙත නොතිබුණාවූ රෝගයක් එමරල්ඩ් කරා පැමිණ තිබුණා.අයගේ ඇස් කොරපොතු වලින් වැසී යන්නට පටන් ගත්තා,,රකන්ටෝ මේ වන විට මුළු කිදුරු විමානයම පීරමින් බෙහෙත් සොයා වෙහෙසුණා. හැම උත්සාහයක්ම අසාර්ථක වූ අතර එමරල්ඩ් දිනෙන් දින දුර්වල වෙමින් සිටියා. 



 දිනක් රකන්ටෝ වෙත පැමිණි විමානයේ මහළු කිදුරා එමරල්ඩ් බේරා ගැනීමට මගක් තමන් දන්නා බවත් ,,,එහෙත් එය මීට පෙර නොකියා සිටීමට හේතුව එය ඉතාමත් අසීරු කටයුත්තක් නිසා බවත් රකන්ටෝ හට පැවසුවා ...එහෙත් අද හෙටම තමන් මියයාමට සිටින බැවින් එම රහස තමන් සමග මිය නොයායුතු බවත් ඔහු රකන්ටෝ වෙත කියා සිටියා , මහළු කිදුරා කිවූ ලෙසම එය ඉතාමත් අසීරු ,,කිදුරෙකුට කළනොහැකි දෙයක් බව මහළු කිදුරාගේ කතාව අයාගත්මුවින් අසා සිටි රකන්ටෝට අවබෝධ විය ..


                           

                         එත් එමරල්ඩ්'''ඔයා නැති උනොත් මට ඇත්තටම ජිවත් වීමෙන් පලක් තියේවිද ",, "මන් මගේ ජීවිතයටත් වඩා ඔයාට ආදරෙයි එමරල්ඩ් "තමන්ගේම වචන ඔහුගේ හදවත පුරා දෝoකාර දුන්නා ,,,,,,,


   නොනවත්වාම පිහිනීම නිසා 'රකන්ටෝ'බොහෝ වෙහෙසට පත්ව සිටියත් 'එමරල්ඩ්' ගේ ජීවිතය බේරාගැනීම වෙනුවෙන් තමන් ගත්ත ඒ අධිෂ්ඨානය ඔහුගේ සිරුර පුදුමාකාර ජවයක් ,ශක්තියක් පුබුදුකර තිබුණා...
                                      මේ යනගමන බොහෝ අසීරු බවත් ,ඉතාමත් කටුක බවත් ,කිදුරෙකුට කළහැකිවූ සීමාවෙන් ඔබ්බට ගියාවූ කාර්යක් බවත් රකන්ටෝ දැන සිටියා .. කිදුරු විමානයේ සීමාවන් පසුකරමින් රකන්ටෝ මහළුකිදුරා විසින් ඔහුට පවසුවාවූ 'ක්‍රරම්පකිම්' බුවල්ලන් සිටින ඉසවුව කරා මේවනවිට පැමිණ තිබුණි ....ගමන් විඩාව මොහොතකුදු නොසැලකු රකන්ටෝ "රම්ප්කින් ගනාවාසයේ " 'සියෑකට් ' නම් ස්ථානය පිළිබද තොරතුරු විමසීමේ අරමුණින් බුවල්ලෙකුගෙන් තොරතුරු විමසීය.., එහෙත් ,,,"සියැක්ට්" කිවූ පමණින් බුවල්ලා වහා විදුලි වේගයෙන් පිහිනා අතුරුදහන් විය.      
                                       නැවත රකන්ටෝ වෙනත් බුවල්ලෙකුගෙන් විමසීය..එවරද පෙර ලෙසම විය .රකන්ටෝ මේ ආකාරයට මුළු ක්‍රරම්පකින් ඉසව්ව පුරාම විමසුවත් පිළිතුරක් සොයාගත නොහැකි විය. රෝගීව යහනක වැතිරහුන් මහළු බුවල්ලෙකු වෙත පැමිණි රකන්ටෝ සියෑකට් යන වචනයවත් නොකියා සිටීමට පරිස්සම් විය . 
                                                        බුවල්ලා හා මිතුරුවූ රකන්ටෝ ,,,ක්‍රමක්ක්‍රමයෙන් තමන්ගේ උක්ත වූ අරමුණ බුවල්ලා හා පවසා සියෑකට් යන ස්ථානය පිළිබද තොරතුරු විමසීමට මග පාදාගත්තේය. මුල සිට තමන්ගේ ගමනේ සියලු තොරතුරු නොවලහා බුවල්ලා හා පැවසු රකන්ටෝ පිළිතුරක් බලාපොරොත්තුවෙන් බුවල්ලා දෙස දෙනෙත් අයා බලාසිටියේය. 
                                      තරමක් ගැබුරු කල්පනාවක නිමග්නවූ බුවල්ලා රකන්ටෝ හා නැවත දොඩමලු විය ,,...."සියැක්ට්" එක මහා අදුරු ඉසවුවක් .......එහේ ගිය කිසිම කෙනෙක් යහතින් ආපහු අවේ නැහැ ,,,,, සියලු විස්තර රකන්ටෝ සාවදානව අසා සිටියේය.,ගමන බොහෝ අවදානම් බව ඔහුට වැටහුණි.

එත් මගේ ආදර එමරල්ඩ් මට මගේ ජිවිතයට වඩා ඔයා වටිනවා ,ඔයාට ආදරෙයි මගේ ජීවිතයටත් වඩා ,,,,,තමන්ගේ වචන රකන්ටෝගේ හදවත තුලින් මතුවවිත් මුළු ශරීරය පුරාමත් ,ආත්මය පුරාමත් රැවූ පිළිරැව් දුණි.,,,,,,,,,,


              මහළු බුවල්ලාගෙන් අසා දැනගත් මග සලකුණු හා ..අතීත සිදුවීම් මෙනෙහි කරමින් තවත් මොහොතක් ප්‍රමාදවූ 'රකන්ටෝ' ඉනික්බිති බුවල්ලාගෙන් සමුගෙන කෙළවරක් නොපෙනෙන මහ සයුරේ තමන්ගේ අරමුණ කරා ධයිර්යෙන්  පිහිනාගියේය...

තවත් එක් දිනක ගමන් දුර ඇති 'සියැක්ට්' නම් වූ එම තමන්ගේ ගමනාන්තය බොහෝ කටුක බව රකන්ටෝ දනී.ඒත් එමරල්ඩ්ගේ රෝග තත්වයත් ඒ හේතුවෙන් ඇයට නියතවම උරුම වන්නාවූ මරණයත් ඊට වඩා වේදනාකාරී බව ඔහු දනී.


                                             විශාල මාළු රංචු සමගින් රකන්ටෝ නොනවත්වාම පිහිනමින් සිටියේය .ක්‍රමක්ක්‍රමයෙන් අලංකාර කුඩා මසුන් ,,විසිතුරු කොරල් පර ඔහුගෙන් ඈත්වෙමින් අන්දකාරය කෙමෙන් කෙමෙන් ඔහු වටා පැතිරෙන්නට විය.


 මහළු බුවල්ලා පැවසු 'තියුණු උල් සහිත කොරල් විශේෂ 'දැන් දැන් රකන්ටෝ වටා වැඩි වශයෙන් පෙනෙන්නට පටන්ගෙන තිබුණි.වරෙක ඔහුගේ වරල් මුහුදු කූඩල්ලන්ගෙන් පිරෙන්නටත් ,සිරුර කොරල්වල ගැටීමෙන් තුවාලව රිදුම් දෙන්නත් විය.එකවරම විශාලවූ මහත් ආලෝකයක් විහිදුවන්නා වුත් ...ආලෝකය විහිදුවන්නාවූ ප්‍රබවයක් නොපෙනෙන්නාවුත්..මහත් විවුර්ත බිම් කඩකට රකන්ටෝ ප්‍රවිෂ්ට විය...
                            බුවල්ලන්ගෙන් අසාගත් මග සලකුණු අනුව එම ස්ථානය "රියාම්"බව රකන්ටෝට සිහිවිය.ඔහුගේ ගමනාන්තය රියාම් නොව "සියෑක්ට්"ය .එහෙත් සියෑක්ට් කරා ලගාවීමට රියාම් හරහා පිහිනිය යුතුව තිබුණි .

                            "රකන්ටෝ රියාම් වලින් එහාට ඔබට මග කියන්න මට බැහැ ඉන් එහා ගිය කිසිම සතෙක් ආපිට ඇවිල්ලත් නැහැ ඒක මහා පාලු භයානක තැනක්  " ඒත් මන් රකන්ටෝට කියනවා ඔබ හරි නිර්භීත කිදුරෙක් ....!! "ඇස් වල මායාවට අහුවෙන්න එපා !!!"..."ඒ වචනේ ඔබේ හදවතේ කොටාගන්න " හැගිම් වලින් ඈත් වෙන්න ,,බුද්දිමත් වෙන්න "ඇස් වල මායාව" මහළු බුවල්ලාගේ අවසන් වචන රකන්ටෝට නැවතත් දෝංකාරදී ඇසෙන්නට විය.

                        හ්ම්ම් ,,,එමරල්ඩ් මගේ එමරල්ඩ් !ඔයාව මට ජීවිතේටත් වඩා වටිනවා ,,,රකන්ටෝ ඊලග නිමේෂයේ රියාම්හි ආලෝකය දෙස වෙර යොදා පිහිනා ගියා.

   
          රකන්ටෝගේ දෙනෙත් ඒ මහා ආලෝකය ඉදිරියේ බොහෝ සෙයින් අඩපණ වී තිබුණි.එහෙත් ඔහුගේ සිරුර ජවාධික විය.,ආලෝකයේ මධ්‍ය ලක්‍ෂය වෙත මේ වනවිට රකන්ටෝ ලගාවෙමින් සිටියේය.
                     ක්‍රමක්‍රමයෙන් තමා අවට ජලකදම්භයන් රත් වෙමින් කැළඹෙන  බව රකන්ටෝට දැනුණි.
ඉනික්බිති ඔහු ඉදිරියෙන් වූ ජලතලය විශාල දියසුළියක් වෙත වේගයෙන් ඇදී යනු රකන්ටෝ අයාගත් මුවින් බලාසිටියේය .,ඊලග නිමේශයේ රකන්ටෝ ඒ මහා සුළියට හසුව ප්‍රාණය නිරුද්ද වූවකු මෙන් විය.
                                                            බැලු බැලු හැම අතම අන්ධකාරයම විය .මහත් වේදනාවන් රකන්ටෝගේ ශරීරය පුරා රිදුම් දෙන්නට විය.මා මේ කොහෙද ඉන්නේ.බොහෝ වේලාවක් එම ඉරියවුවෙන්ම ගත කල ඔහු  අවට නිරීක්ෂණය කිරීමේ අරමුණින් නැගී සිටින්නට උත්සහ කලද මහත් වේදනාවන් සිරුර අඩපණ කොට තිබුණි .
                                    
එහෙත්" මගේ එමරල්ඩ් ඔබ වෙනුවෙන් මන් ශක්තිමත්ව ඉන්නවා " රකන්ටෝ තමන්ටම කොදුළේය."රියාම්හි "අන්ධකාර ගුහාව තුල තමන් සිටින බව රකන්ටෝට අවබෝධ විය.තමන් ගමනාන්තයට ළගාවෙමින්සිටින බව රකන්ටෝට දැනේ . මා දැන් ඒ අමරණිය මුතුබෙල්ලා සොයා යා යුතුයි.
                                     
                      වරින් වර පුංචි පුංචි ආලෝකයන් ගුහා තුලින් නිකුත් විය.එමආලෝකයන්  ක්ෂණිකව නිවී යලි යලි දැල්වේ .....එය නොනවත්වාම සිදුවෙයි. ඒවායේ දැල්වීමේ වේගයන් .....නිවියාමේ වේගයන් වරින් වර වෙනස් වෙයි ... .දැල්වෙන වාරගණන වැඩිවෙමින් දැන් දැන් ඒවා ,,,,වඩා සමීපව රකන්ටෝ දකී,,,  "මොනවද මේ එලි "?

















-------------------------------------------------------------------------------------------------------
ප/ලි 

මගේ බ්ලොග් එකේ යම් ප්‍රශ්නයක් නිසා පෝස්ට් වල එක ෆොටෝ එකක්වත් පේන්නේ නැහැ.. අලුතෙන් ෆොටෝ දාලා පෝස්ට් කීපයක් එඩිට් කළා.. ඒකට විසඳුමක් දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න. 

මේ මා විසින් කොටස් 4 කට ලියු පළවෙනිම සුරංගනා කතාව ,එඩිට් කරන්න ගිහින් වෙච්ච ප්‍රශ්නයක් නිසා ආයෙම එකතුකරලා එක පෝස්ට් එකක් විදියට දැම්මා.. මේකේ තියෙන එමරල්ඩ් කියන නම හැර අනිත් සියළුම වචන මොන ලෝකෙන් මගේ ඔලුවට ආවද මං දන්නේ නැහැ...ඒ වගේම හැම සිද්දියක්ම මගේ හිතේම මැව්ච්චා 

96 comments:

  1. කිඳුරු කථාවක් පටන් අරන් වගේ...
    කියවන්න හිතෙන විදියට ලියල තියෙනවා..
    ඉතිරි කොටසත් දාන්න (අර මල මුහුදේ මල කෝලම් වගේ)

    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. විදානේ ..කොටස් ලියන එක මට අල්ර්ජික්
      අහිංසක මට කෝචෝක් කරන්න එපා ,ලියන්නම් කෝ ඉදගෙන

      Delete
    2. ඇයි ඔමා ඔයා හිටගෙනත් ලියනවද

      Delete
    3. @ Helapa kade ++++
      ලියමු ලියමු... සාමාන්‍ය කතා අතර වෙනස් ආරක කතාවක් වෙයි නේ....

      Delete
    4. හැලප @ නැහැ ඇඳේ පෙරලීගෙන තමයි මේ වෙනකල් හැම එකම ලීවේ... හෙට ඉදන් ඉදගෙන ලියනවා සීයා අලුතෙන් කම්පුටර් ටේබල් එකක් අරන් දුන්නා ෂෝයි කැරකෙන පුටුවකුත් එක්ක,, හි හි

      Delete
    5. හෙක්...හෙක්... පුලුවන්නං පින්තුරයකුත් දාන්න සමහරක් හිතං ඉන්නෙ ඔයා මෙවැනි වටින ලිපි ලියන්නෙ හිටගෙනම තමයි කියල ඉදගෙන ...... :)

      Delete
    6. This comment has been removed by a blog administrator.

      Delete
    7. හැක් ..හැක් ...මකපු එක ..හොදයි..මම හැලප අන්කොල්ට ....ඔමානයටම දෙන්නම් චැට් එකෙන් ,,,,

      Delete
    8. kenji pls මිනිස්සු එක්ක සමාදානයෙන් ඉන්න ඕනේ, හැම කෙනාම කියනදේවල් හිතට ගණන් සහ උත්තර බඳින්න ලැස්තිවෙන්න එපා. තමන්ට තමන්ගේ ජිවිතේ මගහැරේවි ,, කරුණාකරලා ඔය විදිය වෙනස් කරගන්න ,සතුටින් ජිවත් වෙන්න ..

      Delete
    9. හා.... පැහැදිලියි..... අරිගතෝ....

      Delete
  2. හොදයි කියවල එන්නම් ගොඩ වෙන්න බැරිව හිටියේ,,,,

    ReplyDelete
    Replies
    1. ගොඩවෙන්න ? හි හි මේක නැවක්ද ඈ... කියෝලා එන්නකු

      Delete
  3. ඔමා කොටස් හතරක කතාවකුත් ලිවුවද කලින්? :o

    කතාව නම් ලස්සනයි. කොහෙන්ද හප්පේ නම් ටික හොයා ගත්තෙ?

    ReplyDelete
    Replies
    1. හි හි ඔන්න ඔයාලා නිසා ආයේ ලියන්න ගත්තා ..

      ඔව් ඔව් ඔමාට කොටස් ලියන්න බැහැනේ හි හි

      Delete
    2. අමතක වුණා , නම් වලින් එමරල්ඩ් කියන්නේ නම් ෂැම්පු ජාතියක නමක් ඉස්සර තිබ්බ.. ඒත් අනිත් හැම නමක්ම මට කොහෙන් ආවද මමවත් දන්නේ නැහැ අයියේ

      Delete
    3. වෙලාවට ෂැම්පු නම්ක් විතරක් මතක් උනේ. හි :)

      හා හා දැන් ඉතින් අ‍ර කතාවල ඉතිරි කොටස් ටිකත් දාමුද? දැඩි පාඨක ප්‍රතිචාරය නොතකා ඒ කොටස් තව පස්සට දැම්මොත් අපගේ දැවැන්ත උද්ඝෝෂණයක් ලගදීම බලාපොරොත්තුවන්න 'ඉඳගෙන'. හි… හි… :) :)

      Delete
    4. ලියන්නම් ලියන්නම් :( මට දැන් මතකත් නැහැ එවුවා , හරි වැඩේ දැන් ඒ ගොඩට තව එකක් එකතු උනා, වෙච්ච දෙයක්

      Delete
    5. මේකට ෂතුරංග කියල නමකුත් add කලානම් හරි :D

      Delete
    6. ඇයි බං තව නමක් තියෙනවා. එක්කො ඕන්නෑ බස්සිම ඇවිත් කියයි. හි… :D

      ඒක නෙමේ ඉවාන් මගේ උද්ඝෝෂණේට එකතු වෙයන්. ඔමාට විරුද්ධව. :)

      Delete
    7. අනිවා මචාහං එක පයින් එකතුවෙන්නේ ..... (Y)

      Delete
    8. මෙවුවා අධිරාජ්‍යවාදීන් වත් නොදන්න කුරුමාන්තර ..අහින්තක ගෑණු නමේක්ට ඉන්න ඩේන්නේ නැහැ මියාලා ...

      විහිළු නෙමේ මේකටත් නැව්ත්තුවට කොටස් කොටස් ලියන්න බැරි ඒ ලෙඩේ නිසා අනේ මන්ද අයියේ.. නමුත් මහත්වරුණි මං ඔබ ටමුන්නාන්සේලාට අඩ පොලොන්දු වෙන්නම් මේ මාසේ ඇතුලත ..

      1.මලමුහුදේ මල කෝලම්,
      2,සිරිපාදේ ජෝඩු බැලීම,
      3, ඉමොර්ටල් ලව් 2

      යන ඒවා ලියන බවට ..

      Delete
    9. ගෙඹි පැටික්කිගේ පොරොන්දුව ඇපයට තබාගෙන උද්ඝෝසණයෙන් තාවකාලිකව ඉවත් වෙමි.

      පොරොන්දුව කැඩුවොත් ලගදීම මාරන්තික උපවාසයක් බලාපොරොත්තු වන්න. (මම වෙනුවෙන් ඉවාන් උපවාසයේ යෙදෙනු ඇත. මට නොකා ඉන්න බෑ බොලවු.)

      Delete
    10. මම හොරෙන් කකා හෝ තනියම උපවාසයේ යෙදෙමි අම්මපා

      Delete
  4. ඔය පේන්නේ ෆොටෝ යසට

    ReplyDelete
    Replies
    1. හැදුවා අයියේ,, ඔක්කොම අලුතෙන් දැම්මා

      Delete
  5. මටත් මේ වගේ කතා ලියන්න ආසයි.. ඉස්සර මගේ ඔලුවේ මේ වගේ දේවල් ගොඩක් තිබුනා.. දැන් නිකන් ඔලුව කරවෙලා වගේ.. හෙහ් හෙහ් මේක දිගට ලියන්න.. එල

    ReplyDelete
    Replies
    1. මේක මං මේ ෆෝන් එකෙන් ලියුවේ ෆ්ලයි කරනගමන් .අයියේ

      ස්තුති .. ඔයාගේ අර චිත්රේ දැකපු දවසේ හිතුණා ඔයත් ඒ වගේ දේවල් වලට ආස බව

      Delete
  6. එල එල. මම හරිම ආසයි සුරංගනා කතාවලට. ලියාගන්න තමයි බැරි.

    ReplyDelete
    Replies
    1. ඔයාලගේ ආදර කතාව මටනම් ලස්සන සුරංගනා කතාවක් බස්සි,,

      Delete
  7. ෆිල්ම් එකක් බලන් හිටිය වගෙයි. කිසිම මහන්සියක් නැතිව කියවගෙන ගියා.නියමයි ඔමා..

    ReplyDelete
  8. ලස්සනයි අක්කෙ කතාව... ඉතුරු ටිකත් ඉක්මණින් දාන්න... ඇත්තටම මං මුලිංම හිතුවෙ ට්‍රාන්ස්ලේෂන් 1ක්ය කියල... ඒතරං සුපිරියට ලියල තියේ....

    මාත් සුට්ටි කතාවක් ලීව වෙලාවක් තිබ්බොත් ඇවිත් යන්න...
    http://awanhala.blogspot.com/2014/03/blog-post.html

    මතක ඇතුව ඉතුරු කොටස් ටිකත් ඉක්මණින්ම දාන්න....

    ReplyDelete
    Replies
    1. ස්තුති මල්ලි... කොටස් දාන එක තමයි භයානකම ප්‍රශ්නේ.. ඔයාගේ ලිපිය මන් අනිවා කියෝනව ,ස්තුති ලින්ක් එකට

      Delete
  9. මෙය ඔබේ පළමු කතාවනම් කිව යුත්තේ ඔබ සාර්ථකයි යන්නයි..

    ReplyDelete
    Replies
    1. පළවෙනි කතාව ලිවේ ඉස්කෝලේ 7 දී විතර අයියේ ,ඒක බලලා අපේ අම්මා හිනාවුණා.යාළුවො හිනා වුණා.. ඒක ඉදිරිදවසක ලියන්නම්,,, මේක තමයි තේරුමක් තියෙන වයසක ලීව පළවෙනි කතාව ,ස්තුති අගය කර දිරිමත්කිරීමට

      Delete
  10. පින්තූර දැමීමේ ප්‍රශ්නය විසඳිලා නේද? මටනම් වර්ඩ්ප්‍රෙස් වල පින්තූර දැමීමට වඩා බ්ලොගර් පින්තූර දැමීම අමාරුයි. ඒ වගේම පින්තූරයේ ප්‍රමාණය සහ පිටුවේ අවශ්‍ය ස්ථානය හදන්න වර්ඩ්ප්‍රෙස් වල පහසුවෙන් පුළුවන්.

    කතාව කෙටිකරන්න එපා. කොටස් කීපයකින් ලියන්න. හොඳ කතාවක් බව පෙනෙනවා.

    ReplyDelete
    Replies
    1. නැහැ අයියේ වෙලා තිබ්බේ දවස් 4කට කලින් මගේ බ්ලොග් එකේ හැම ෆොටෝ එකම පේන්නේ නැතුව ගියා,,කිපදෙනෙක්ගෙන් ඇහුවා කවුරුත් දන්නේ නැහැ,ඊට පස්සේ පෝස්ට් සේරම අලුතෙන් එඩිට් කළා,, ෆොටෝ එක අවශ්‍ය තැනට දාන එකනම් ප්‍රශ්නයක් නැහැ එහෙට මෙහෙට කර්සර් එකෙන් ගෙනියන්න පුළුවන්

      මං ඊලග කොටසින් ඉවර කරන්න හිටියා මදැයි

      Delete
  11. මේ නම් ටික නම් මරු ඈ කතාවත් මරු :D

    ReplyDelete
  12. සුරංගනා කතානම් අපිත් කියවන්නම්කෝ.. කලින් ලිවුවයි කියපු එක මම කියවලා නෑ මගේ හිතේ.. අවුලක් නෑ මේකවත් කියවමුකො එහෙනම්..

    ReplyDelete
    Replies
    1. ටිකක් කල් දිනේෂ් ඒකයි.. කියෝලා බලන්න රෑ වෙලා ඇවිත්

      Delete
  13. මට මතක් වුනේ බස්සිගේ චීස් කතාව ..හැබෑටම ඕමා නම් ටික කොහෙන්ද හොයා ගත්තේ , මාර කෙස් එක මම මුල ඉඳන් ම කියවගෙන ගියේ "රන්කටෝ " කියලා ,එත් එක නිකන් හරි නෑ වගේ හිතුනු නිසා ආයේ බැලුවා ,"රකන්ටෝ "කියල නේ තියෙන්නේ ..හිකිස් අම්මපා

    පරිවර්තන ගතියක් තමයි මුලින්ම දැනුනේ . ... ඒත් ඔබේ නිර්මාණ හැකියාව සහ පරිකල්පනය ඉහල බව පෙනීයනවා . කතාව කොටස් කීපයකට දාන්න .ඒ වගේම දිග ටිකක් අඩු කරන්න ,එක කොටසක් වැඩි වුනා කියලා අවුලක් නෑ .

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම ඉවාන් මම මේක කියෙව්වෙත් එහෙමයි. පස්සෙ උඹ කිව්වම තමයි ආයේ බැලුවේ. මම මේක කියෙව්වේ කලින් දවසක. කමෙන්ට් එක දැන් දැම්මට. ඒ අතරේ බ්ලොග් ලේඛිකාව මේක වෙනස් කලාවද්ද?

      Delete
    2. ඉවාන්,, මේක ලියන්න අදහස ආපු විදිය මතක්වත් නැහැ. ෆ්ලයි කරනගමන් මේක ෆෝන් එකෙන් ඉන්ග්ලිෂ් වලින් නිකන් ඔහේ ටයිප් කළා ,කාලෙකට පස්සේ තමයි ආයෙම සිංහලෙන් ටයිප් කලේ.. ඇත්තමයි මට ඕනේ කලේ කියෝන කෙනාට පරිවර්ථන ගතියක් මවාපාන්න ..ගොඩක් සතුටුයි ඔයාලා එහෙම කීවම.. අනික මේකේ ගොඩක් අඩුපාඩු දැන් මට පේනවා,මිට වඩා හොදින් ලියන්න තිබ්බා කියලා හිතෙනවා.. ,,කොටස් භීතිකාව කියන ලෙඩේ තියෙන නිසා ඉලග කොටස ලියන එක තමා අවුල,, හි හි

      Delete
    3. හෙන්රි අයියා @ ඔව් අයියේ මේක මං ලියලා ටිකක් දවස්, ඔයා හරි,, ෆොටෝ ප්‍රශ්නේ නිසා එඩිට් කරන්න ගිහින් අවුලක් වුණා,ඒකයි මේ ආයෙම දැම්මේ, ස්තුති අයියේ

      නම් හොයාගත්තේ මගේ හීන ලෝකෙන් ,,, එමරල්ඩ් කියලා ෂැම්පු ජාතියක් ,ෂර්ට් ජාතියක් තියෙනවා,,අනිත් නම් නම් මේ ලෝකේ නැහැ ,,

      Delete
  14. ලස්සනයි වගේ එන්නම් බලන්න.

    ReplyDelete
  15. ඔමා හොද පරිකල්පනයක් සතු කෙනෙක්. මොකද කවි, නිසදැස් වලදි ඒක හොදට පේනවා. මේ කතාව මං අද තමා දැක්කේ.. අගෙයි.. ඉදිරියටම යහු..

    ReplyDelete
    Replies
    1. ස්තුතී ..බ්ලොග් එක ලියනකල් මං දැනගෙන හිටියේ නැහැ අනේ ලියන්න .. දැන් මේ එක්ස්පරිමන්ට්ස් මෙවුවා කරනවා ඉදගෙන

      Delete
  16. ඔමා ගැන මම කලිනුත් වර්ණනා කරලා තියෙන නිසා මේ සැරේ වැඩියේ කියන්න යන්නේ නෑ.. කියන්න ඕන එවා ඉවාන්ලා එහෙම කියලා තියෙනවා.. මොකෝ වැඩිය පුම්බලා මම ආස නෑ මගේ ගෙඹි පැටික්කි පුපුරලා මැරිලා යනවට...

    මට කියන්න තියෙන්නේ එක දෙයයි.. උඹටත් කවදා හරි හැරි පොටර් කෙනෙක්, රාවණා කෙනෙක් නිර්මාණය කරන්න බැරි වෙන එකක් නෑ.. කතාව ඒ තරම් රහයි..

    ReplyDelete
    Replies
    1. මේ කොමෙන්ට් එකේ පරම සත්‍යය ලියලා තියෙනවා ...

      ඊට අමතරව ගෙඹි පැටික්කි කියලා හරි නම ලියලත් තියෙනවා .ඒ පිළිඹඳ මාතෙට මාගේ ප්‍රණාමය ....:D

      Delete
    2. +++++++++++++++++++++++++++++++++++

      Delete
    3. මාතලන් @ හැමදේටම ස්තුති මාව දිරිමත් කරනවට ....මේක තනිකර මගේ හීන ලෝකේ කතාවක් ...

      ඇනොලා කියන විදියට මං එහෙම චරිතයකුත් නිර්මාණය කරලා ඉවරයි kenji ඔගාව කියලා හි හි ... මට නම් හදන්න බලන් ඉන්න ඉවාන් සසිඳු ,ප්‍රියා වගේ අයට පාවිච්චි කරන්න නම් හදාදීම හෙළාදකිනවා ඉදගෙන :(

      Delete
    4. ඉවාන් & kenji

      හෙළාදකිනවා :(

      Delete
    5. හෙලා දකිනවා ඉඳගෙන- ලෙස නිවරදි විය යුතුයි ඔමා

      Delete
    6. සොරි ඕමා නෙවෙයි ගෙඹි පැටික්කි

      Delete
    7. :( ලෙසටම හෙලා දකිනවා ඉදගෙන ඔව් :(

      Delete
    8. මට මේ කොහෙන්දෝ දෝන්කාර දෙනවා ඇහෙනවා 'ගෙඹි පැටික්කි' කියලා. මම මේ හොයන්නෙ කොහෙන්ද කියලා.

      හි… හි… ;) :)

      Delete
    9. මන් දැක්කා fb එකේ මෙයාගේ නමත් හොදේ,,වැඩිය කෑගහුවොත් බලාගමු

      Delete
  17. මමත් අද උදේ කියවල දැන් කමෙන්ට් කරන්න බැලුවම මට කියන්න දෙයක් ඇත්තෙම නැහැ...
    අපේ ලොක්ක කිව්ව එකම මමත් කිව්ව කියල හිතා ගන්න....
    මම කෙන්ජි කියන නම අයින් කරල රකන්ටෝ කියල වෙනස් කරගන්න හිතුන....
    අවසර නැතිව ඒ නම ගන්න බැරිව ඇති නේද.....?

    ReplyDelete
    Replies
    1. හි හි අනේ අනේ .. ඔයත් මට ගෙම්බි කීවා කියලද ඈ ,,, රකන්ටෝ ට අපහස කරන්න එපා. ඔය නම තියාගන්න :(

      Delete
    2. රකන්ටෝ නෙවෙයි රන් කටෝ කියලා දාගන්න කෙන්ජියියේ

      Delete
  18. ශා.. මරු.. කිඳුරු කතාවක් අද !
    ඔයාගේ ටෙක්නිකල් ප්‍රශ්නෙට විසදුමක් හොයන්ඩ් යාලුවෙක්ට කිව්වා. බලමු තව ටිහිකින්

    ReplyDelete
    Replies
    1. ස්තුති මධු අහලා කියන්න තාම විසඳුනේ නැහැ.. අර සැමන් මාළුවාගේ කතාවේ හරි අමාරුයි ෆොටෝ අයෙ හොයන්න ,,ලොකු උදවුවක්

      Delete
  19. කතාව ලස්සනයි , මේකේ තවත් කොටසක් තියෙනවා නේද ?

    ReplyDelete
    Replies
    1. අනේ මන්ද චමි,,, කට්ටිය කියන්නේ ලියන්න කියලනේ,, තාම නම් ඔළුවේ මොකුත් නැහැ ,, ලියන්න ඕනේ

      Delete
  20. බොහොම අමාරුවෙන් වෙලාව හොයාගෙන දෙපාරකට කියවලා යන්තම් පොස්ට් එක කියෙව්වා.... හරිම ලස්සනයි ...... මට වැඩියෙන්ම ආස හිතුනේ මේ නමට 'ක්‍රරම්පකිම්' ...... මේ නම හරියන බ්ලොග් ලියන එකෙකුත් ඉන්නවා රුසියන් නමක් තියෙන .... හි.... හි... හි....

    ReplyDelete
    Replies
    1. ස්තුති සාලේ... මට ඕනේ උනේ ටිකක් අමාරු නම් දාන්න ,, මේක කතැයිද මන්ද

      Delete
  21. මේ වගේ සුරංගනා ලෝක මවන්නේ කොහොමද ඇත්තටම. මම හරි කැමති මේ වගේ වෙනත් ලෝක වල කතා වලට. මිනිස් මනස කොයි තරම් පුදුම දෙයක්ද කියල හිතෙනවා මේ වගේ අලුත් ලෝක මනසින් හදනකොට. ඒ විතරක්ද විශිෂ්ටම දේ වචන වලින් කියවන අයගේ මනසේත් ඒ ලෝකේ අදින එක නේ.

    ReplyDelete
    Replies
    1. විරේ @ ආදරෙන් පිලිගන්නවා මගේ හීන අඩවියට ,

      අනේ මන්ද විරේ මං කොහොමත් ජිවත් වෙන්නේ හීන ලෝකෙක තනියමනෙ ඉතින් ඔය හිතෙන ඒවා තමයි.. කිසිම උත්සහයක් නැතුව ඔහේ ලියන් ගියා ... ස්තුති අවංකව අදහස් එකතුකරලා දිරිමත් කලාට

      Delete
    2. හෆොයි මාව කලින් ඉදල එන කෙනෙක් හොදේ. නම පොඩ්ඩක් වෙනස් කරලා හැන්ගුනා.
      http://pinthorawick.blogspot.com/

      Delete
    3. අහ මේ ප්‍රතිබිම්බෙනේ හි හි

      Delete
  22. ඔන්න එහෙනම් අපිත් කියෙව්ව...බොහොම අගෙයි..

    ReplyDelete
    Replies
    1. තැනකුයි උමේෂ් ,, ඔයාලගේ පැත්තේ එන්න බැරිවුණා මට කාලෙකින්,

      Delete
  23. සුපර් සුපර් ටොපේ ටොප් ලු ඈ

    ReplyDelete
    Replies
    1. සිංදුවා,, ටැංකු ටන්කු

      Delete
  24. සාමාන්යෙන් මේ වගේ කතා මම කියවන්නේ අඩුවෙන්.
    දන්නෙම නැතුව කියවලා ඉවර කලා. නියමෙටම තියෙනවා.

    කොමෙන්ට් කියවනකොට දැක්කේ, අනිත් කොටස් නොදා අතරමං කොරනවා එහෙම නෙමෙයි. ජය වේවා..! ( දිගටම ලියන්ඩු :{D )

    ReplyDelete
    Replies
    1. thanks නිමෝ,, මේ ඔය කඩාකප්පල් කාරයන්ගේ කතා අහන්න එපා මල්ලි.. :)

      Delete
    2. ඕකේයි අපුර්වී අක්කා.

      හැබැයි මංමුලා කලොත් හෙම ප්‍රියා, ඉවාන් සමග මමත් දැවැන්ත උද්ඝෝෂණයෙ.
      ඔං නොකිව්වය කියන්න එපා.

      Delete
    3. හැහ්හ්හ් ... අනේ මන්ද මෙවුවා ,, ආයෙනම් ලියන්නෙම් නෑමයි කොටස් .. හරි හරි ලියන්නම් ....වෙච්ච දෙයක්

      Delete
  25. අර ෂැම්පු බෝතලෙන් නම දාපු සීන් එක දැක්කම මතක් වුනේ.. අම්ම ඉස්සර විද්‍යා ප්‍රබන්ද ලියන්න නම් හොයා ගත්තේ ඔහොම තමා. එක නමක් ස්කෘලෝක්, අනිත් නම නම්ලොක්, තව එකක් දැම්ම එක්සර්ෆිසික්ස් කියල.. හෙහ් හෙහ් නිකමට හිතන්න පුළුවන්ද කොහොමද හැදුවේ කියල..

    මේ තියෙන්නේ කතාව.. කියවල බලන්න .. දැන් අවුරුදු 7ක් වෙන්න ආවා..පටන් ගත්ත විතරයි.. හෙහ් හෙහ් හෙහ්..

    http://virtualpathum.wordpress.com/2007/10/03/3/

    ReplyDelete
    Replies
    1. මං බැලුවා ,,නියමයි මං ආසයි ඒවාට ගොඩක්,, අනේ අපරාදේ ලියන්නේ නැත්තේ. අම්මා නම් දාද්දි ඉසරහ පස්ස නම් දෙක මාරු කරලා වගේ නේද , හි හි

      Delete
    2. හුටා අම්ම නෙවෙයි මම... හෙහ් හෙහ්.. ඉස්සර මගේ ළඟ තිබ්බ කී බෝඩ් (ලැප්ටොප් වල නම් නෑ) num lock,scr lock කියල යතුරු දෙකක් තිබ්බා.. ඒ කියන්නේ නම්බර් පැඩ් එක on/off කරන්නයි scroll lock (ෂුවර් නෑ) කරන්නයි. එක්සර්ෆිසික්ස් කියන එක හැදුවේ උසස් පෙළ ෆිසික්ස් ලියපු එක්සසයිස් පොත දැකල.. හෙහ් හෙහ්

      Delete
    3. හි හි මට පුදුම හිතුණා අම්මා ඒවගේ ලීවා කීවාම.. ඒකත් මරු වැඩේ.. මාත් ඉස්සරහට නම් දාද්දි ඔය සිස්ටම් එක අන්ගමනය කරන්න ඕනේ . උසස්පෙළ ෆිසික්ස් ලියපු පොතේ කවරේ දැක්කට කමක් නැහැ පෙරලනම් බලන්න එපා අයියේ

      Delete
  26. දිව උලුක්ක් නොවී නම් ටික කියෝ ගත්තා.. :D ආදර කතා කොහොමත් සුරංගනා කතා තමයි

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත නාඩි මල්ලි

      Delete
  27. හරිම ශෝක් කථාව.. සුරංගනා කතා වලට තියෙන ආසාව නිසාම එක හුස්මෙට කියවගෙන ගියා.. නම් ටිකත් අපූරුයි...

    ReplyDelete
    Replies
    1. අපුරුයි කියන්නේ නැහැ කිවා නේද හොර කෙල්ල

      Delete
  28. ඔමා හැමදාම වගේම අදත් ඔන්න මල් මිටක්. පරිස්සමෙන් නිවාඩු ඉවරවෙලා එන්න.

    ReplyDelete
  29. අපුර්වී ඕමාය සොයුරිය ඔයා අදහස් සිතුම් මම අගේ කොට සලකනවා
    ඔයාට සැමදා ජය වේවා.....................

    ReplyDelete
  30. Thanks for your personal marvelous posting! I seriously enjoyed reading
    it, you might be a great author. I will remember to bookmark your blog and will come back someday.
    I want to encourage one to continue your great job, have a
    nice holiday weekend!

    Feel free to surf to my site - Funny Cat Vine

    ReplyDelete
  31. Mee kathawe ithuru tika kiyawanna asai ath mata eka hoyaganna vidiyak nee.kohomada a tika hoyaganne

    ReplyDelete


ලිපිය කියවා කොමෙන්ට් නොකලත් කමක් නැහැ.. කමෙන්ට් කලොත් සතුටුයි. ලිපිය කියවන්නේ නැතුව කොමෙන්ට් කරන්න එපා.
අපුර්වි_


,නිතරම යහපත කරන්න...,සතුට සැනසිල්ල හැමදාම ඔයාලග රැදේවි,,දෙවිපිහිටයි,

Related Posts Plugin for WordPress, Blogger...