Thursday, March 27, 2014

පුංචි කතාවක් | think with oma

මට අද ලිපියක් ලියන්න ඕනේ වුණා අම්මෙකුයි හිතුවක්කාර පුතෙකුයි ගැන. ඒ ළමයා පුංචි කාලේ ඉදන් මං දැකලා තියෙනවා වගේම එයාලගේ පවුල තුල වෙච්ච දේවලුත්  මං දන්නවා. ඒ ළමයව දෙමවුපියෝ රැකබලාගත්ත විදිය එක්ක බලද්දී ළමයට දොස් කියලා වැඩක් නැහැ. ඔයාට ඒ මුළු කතාව කියන්න මං කැමති නැහැ... ඒ කතාව ඔයාට කියවන්න කම්මැලි හිතෙනවා ... ඒ නිසා මං හදපු පුංචි කතාව කියවන්න, ඒ වගේම මගේ අදහස ඔයාට තේරුණා නම් ඒ ගැනත් මට කියන්න. පුංචි උත්සහයක් මේක.

*****************************


වැල යන පැත්තට මැස්ස ගහන්න එපා ;
පළමුව මැස්ස ශක්තිමත්ව  සාදන්න ඉන්පසු ඔබගේ කුඩා ලපටි පැල සිටුවන්න ,, 
දිනපතා ඒවාට සාත්තු කරන්න ,, ඒවල ලපටි කොළ පණුවන්ට කන්න නොදී පරිස්සම් කරන්න ,, 
කුඩා පැල වැල් විදියට ලොකු වෙද්දී නිතරම ඒවා දිහා බලන්න ,,, 
මැස්සෙන් ඉවතට වැල් යන්න හදන මුල් අවස්ථාවේදීම ඒවායේ ලපටි දළු නොකැඩෙන, නොතැලෙන ලෙස ඒවා ඔබේ මැස්ස මතම රදවා ගන්න උත්සහ කරන්න ඒ වෙනුවෙන් කැපවෙන්න. එහෙම නැතුව මැස්සෙන් ඉවත ගිය වැල් ආයාසයෙන් මැස්ස මතට ගන්න උත්සහ කලොත්  මෝරපු අතු ඉති කැඩෙන්න පුළුවන්.

පැල සිටුවා දමා ඔබ ඒවා ගැන නොසලකා වතුර පොහොර පමණක් දමා ඒවායේ පලදාව පමණක් බලාපොරොත්තු වෙන්න එපා ,, 
කාලෙකට පසුව ඇවිත් වැල ගිය පැත්තට මැස්ස බදින්නත් එපා ,,, 

.මැස්ස මතම වැල යවා ගන්න ඔබට බැරි වුනොත් ඔබගේ පලදාව අල්ලපු වත්තේ අය හෝ සතා සිවුපාවා කන්න පුළුවනි ,,, 
ප්‍රමාදය පසුතැවිල්ල හා අතෘප්තකර බව ඔබට දෙනු ඇත ඉන්පසු කළකිරිම හරහා ඔබව මානසිකව වැටීයනු ඇත.,, දරුවන්ට පුංචි කාලේ ඉදලා සමිපවෙන්න එයාලව ඈත් කරන්න එපා. 

හෙට සුබ වෙන්න නම් ලස්සන වෙන්න නම් ඒ වෙනුවෙන් අද කැප වෙන්න.
  ජිවිතේ මිහිරියාව විදින්න..මං හැමදාමත් කියන්නේ ජිවිතේ කියන්නේ හරිම ලස්සන දෙයක්. සතුටින් ඉන්න උත්සහා කරන්න හැම තිස්සෙම.
------------------------------------------------------------
ප/ලි 
මං ජිවිතේ තාම කාලයි ගෙවලා තියෙන්නේ ඒ නිසා මේ කියපු දේවල වැරදි සහ ඉන් එහා දේවල් ඔබට පෙනෙනු ඇත. 


96 comments:

  1. ඔමායා පුංචි උත්සාහයක් වුණත් ඒ වදන් වලින් කියැවෙන දේ අනර්ඝයි මෙන්ම අතිවිශිෂ්ඨයි. මේ ටික තේරුම් ගත්තනම් අනාගතේ බිහිවෙන තරුණ පරපුර විනයෙන් පිරිණු ගුණදම් වලින් සපිරිනු ජවසම්පන්න පරම්පරාවක් වනු නියතය. කෙටියෙන් දක්වන ලද ඒ හරබර වදන් ටික ඇත්තටම අරුත්බර වදන් වැලකි. ජයවේවා. සුබ දවසක්

    ReplyDelete
  2. මොනවා ජීවිතේ කාලා ගෙවලා?

    ReplyDelete
    Replies
    1. හි හි නැහැ අනේ ජිවිතේ තාම කාලයි කියලා කීවේ ,,කාලා ගෙවලා වගේ තමයි

      Delete
    2. //මං ජිවිතේ තාම කාලයි ගෙවලා තියෙන්නේ//

      උඹ දැන් ජීවිතෙන් බාගයක් ගෙවලා ඉවරයි බං , මොකැ 90ක් සියක් ඉන්නව කියලයැ

      Delete
    3. :( අපෝ කට . මගේ කේන්දරේ තියෙනවා 105 ක් ආයු වළඳනවා කියලා ඉදගෙන :) හු හු අන්න ඒකයි

      Delete
  3. ජීවිතේ කියන්නේ තේරුං ගන්න අමරු දෙයක් ඔමා...

    ReplyDelete
    Replies
    1. ජිවිතේ තියෙන තාක් මාත් උත්සහ කරන්නේ ඒක තේරුම් ගන්න අයියේ

      Delete
  4. ලිපිය දීර්ඝ නොවුනත් කිවයුතු ගොඩක් දේවල් කෙටියෙන් කියවිලා තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ස්තුති ඔයාටත් සතුතින් ඉන්න

      Delete
  5. මට නම් දෙමව්පිය දෙන්න මැස්සත් ශක්තිමත්ව ගහල දීල...... වැල මැස්සෙන් පිටතට නොයන්න තාමත් බලනව ..... ඉතිං මේ ගැන පණ්ඩිත යමක් මා හට පැවසිය නොහැක....
    නමුත් මේ කෙටි ලිපිය හොද පණිවිඩයක් දී ඇතැයි සිතමි....

    ReplyDelete
    Replies
    1. ආ....අමතක වුනා...වර්ෂ පුර්ණයට මගේ සුභ පැතුම් ඔබට....!

      Delete
    2. @මාමා ජී,

      වැල් එහෙම බලනවැයි?

      හික්z!!

      ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

      Delete
    3. කොහෙද බන් වහං වෙලා හිටියේ....මගේ අම්ම්ම්ම්ම්මා.....

      Delete
    4. මුන්නෝ මාමා ජි ගැන බොහොත් කතන්දර මේරේ පාසේ... හේ හේ

      Delete
  6. @ අපූර්වි දීදී,

    බුදු අම්මෝ! ඊයෙ රෑ ඉන්බොක්ස් එක දැක්කහම පිස්සුම හැදුනා! ඒකෙ තියෙන ලිපි කන්දරාවට! ඔක්කොම හෙමින් සැරේ කියවන්න ඕනේ!

    සිරා පෝස්ට් හේ දීදී!!!!!

    වැදූ පලියටම අම්මෙක් අප්පෙක් වෙන්නෙ නෑ තමයි!!!!!!!!!!


    ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    ReplyDelete
    Replies
    1. මුන්නෝ කෙශේ හෝ තුම්,,, බොහොත් මේල් මේ sent කරෝන්ජි ,,, but මුන්නා රිප්ලයි නහී කරොගේ ..

      එක්සෑම් ඉවරද මල්ලි,,

      Delete
    2. @ මාමා ජී,

      "රැයේ සීතලෙන් මිදීලා...... තුෂාරෙන් මුවා වෙලා.......
      හිඳින්නේ ඔබේ ලඟයි මා...... සුසුම් උණුසුමක් පතා........!"

      මේරා ටූ පාට්නර්ස් කේසා හේ?? (කාවා ජී, පත්තර මල්ලී භයියා)

      @ මේරේ දීදී,

      අච්චා.....? මම ජීටත් දැනගන්නත් එක්කලා දාන්නකෝ පොඩි පහේ මේල්ලුවක්!!!!!!!!! (ඉඳගෙන! හික්z!!)

      ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

      Delete
    3. අපේ පත්තරේ 28 වෙනිදා ආපහු ගියා මල්ලි. මාත් මේ ටිකේ නිමාදු . කාවා ගැන නම් කිසිම තොරතුරක් නැහැ අනේ, මල්ලියෝ මේල් එකක් දාන්නන් පස්සෙ

      Delete
    4. අපි ආව !!! ජය වේවා !!

      Delete
  7. මේක ඔමා ලියපු අර්ථාන්විතම කතාවක්. ඔතන අවශ්‍ය වෙන කැපවීම එකාකාරවම පවත්වගෙන යන්න තමයි අමාරුම. හිතන්න තවත් පැති තියෙනවා කතාවෙන් අදහස් කරපු දේ ඇරුනාම.

    ReplyDelete
    Replies
    1. ස්තුති අයියේ.. ඔව් අයියේ ,,පෝස්ට් එක ඇතුලේ විස්තර කර ලියනවට වඩා කියවන අපේ යාළුවො විවිද පැති වලින් හිතන්න ඉඩ ඉතුරු කරන්න තමයි මට පුළුවන්.. මේ කරුණු හරිම සංකීර්ණයි. ආර්ථිකය සහ පවතින සමාජ වටපිටාව එක්ක පවුලක් විදියට ජිවිතේ සුන්දරව සියුමැලිව ගෙවන එක ගොඩක් දෙනාට අමාරුයි.. මොන කරන්නද නේ..

      Delete
  8. ජීවිතේ කාල දාන්න එපා ඔමා ජීවිතේ රස විඳින්න ඉඳගෙන.පැළ හදන හැටි මැස්ස ගහන හැටි ගැන එහෙම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන ප්‍රකාශන ටිකක් ගෙන්නගන්න.

    ReplyDelete
    Replies
    1. මන් කීව්වෙ කාලයි ගෙවුවෙ කියලා අනේ..

      හි හි අනේ හොරෝ මන් දන්නවා කියපු එක

      Delete
  9. ඔමයාගේ කතාවල හැමදාම හිරවෙලා යථාර්තය තියෙනවා.

    ReplyDelete
    Replies
    1. මකසි ලියන්නේ නැද්ද අනේ,

      Delete
    2. මේ ටිකේ පොඩ්ඩක් වැඩ වැඩියි. රටේ තත්ත්වෙත් දන්නේ නැහැ. පත්තරයක් වත් බලන්න බැරිවුණා.

      Delete
    3. අනේ රටේ තත්ත්වේ ගැන නම් නොදැන ඉන්න තරමට හොදයි අනේ.. හි හි

      Delete
  10. හිතන්න හුඟක් දේ ඉතිරි කරපු ලිපියක්.. අපූරුයි....

    ReplyDelete
    Replies
    1. හොර කෙල්ල ආයෙත් අපූරුයි කීවා නෙද

      Delete
  11. අපුරුයි අක්කෝ.. හිතන්න දේවල් ගොඩයි..

    ReplyDelete
    Replies
    1. thanks මොනරියේ ,,මේ ඉන්න ටිකේ පුළුවන් දෙයක් කරන්න ලියන්න එපැයි අපිත් .

      Delete
  12. ඔයාට තියෙන්නේ හරි ලස්සන හිතක් දරුවෝ .

    ReplyDelete
    Replies
    1. ස්තුතී ඇනෝ සතුටින් ඉන්න නිතරම

      Delete
  13. කුවේණියට ජීවිතය ගැන ගැබුරින් සිතිය හැකි පුළුල් මනසක් ඔබට ඇති බව මෙම ලිපියෙන් පෙනෙනවා ..

    ReplyDelete
    Replies
    1. ඔයාව ආදරෙන් පිළිගන්නවා මගේ හීන අඩවියට. කුවේණි කියන්නේ ආදරණීය යකින්නක් කියන එක අපේ අය දන්නේ නැහනේ යාළුවා...ස්තුති

      Delete
  14. අදට වඩා අපිට අනාගතේ තමා මේක වදගත් වෙන්නේ..ළමයෙක් ඉන්න කලෙක අනිවා මෙක මතක් වෙඉ අක්කා

    ReplyDelete
    Replies
    1. මගේ පුංචි කාලේ අත්දැකීම් සහ කටුක මතකයන් නිසා පුංචි කාලේ දරුවෙක්ට ආදරේ ,රැකවරණය අහිමිවීමේ දුක ගොඩක් දැනෙනවා. ඒකයි නිතරම ඒවගේ දේ ලියන්න කැමති, ඔයා හොද ආදරවන්තයෙක් වගේම හොද තාත්තෙක් වෙන්න,, උගත් බුද්ධිමත් දරුවෙක්ට වඩා ආදරණීය යහපත් ගුණගරුක දරුවෙක් හදනන් උතසහ කරන්න මල්ලි

      Delete
  15. ලස්සන අදහසක් නංගි... !
    කලින් පෝස්ටුවත් මේ වාගේ.. ලස්සනයි !

    ReplyDelete
  16. ඇත්තම ඇත්ත කතාව ඔමා, තමන්ගෙ නිවසෙන් නොලැබෙන ආදරය, සෙනෙහස, කරුණාව, දයාව, රැකවරණය සොයාගෙන නිවසෙන් එළියට අඩිය තියන දරුවොත් හරියට මැස්සෙන් පිට පැන්න වැල වගේ තමා. ආයෙ මැස්සට ගන්නම බෑ අමාරුවෙන් හරි ගන්න හැදුවත් වැඩක් නෑ ඔයා කියපු විදිහට අල්ලපු වත්තෙන් පලදාව නෙලාගෙන ඉවරයි.

    හ්ම්ම්ම්… සැහෙන්න හිතන්න දෙයක් තියෙනවා ඔමා.… ඇත්තටම වටින අදහසක්. ඔයා කවදා හරි හොද මවක් වෙයි…!!

    ReplyDelete
    Replies
    1. ඔව් අයියේ මගේ පුංචිකාලේ මතකයන් නිතර ඇවිස්සෙනවා ඒකයි මේවගේ දේ ලියවෙන්න . ස්තුති ඔයාගේ පැතුමට ..

      Delete
  17. වටින ඔවදන් ටිකක් අක්කේ :)

    ReplyDelete
    Replies
    1. මතක තියාගන්න ඕනේ හොදේ

      Delete
  18. බය වෙන්න එපා. දැන් දෙමව්පියෝ මැස්ස ගහලා, වැට ඕන විදිටවත්, මැස්සට ඕන විදියටවත් වැලට හැදෙන්න දෙන්නේ නෑ. උදේ ඉඳන් රෑ වෙනකන්, එයාලට ඕන විදියට තමයි වැල හදන්නේ. ඔක්සිජන්, ජලය, පොහොර අරවා මේවා ගැන වගේ වගක් නෑ. කොහොම හරි පලදාවම ගන්න තමා බලන්නේ, පැලේ කාලේ ඉඳන්. ඉතින් ලොකු උනාම පලදාව නැති උනාම. දෙමව්පියන්ටත් අප්සට්. වැලටත් අප්සට්, ගමටත් අප්සට්, රටටත් අප්සට්..

    ReplyDelete
    Replies
    1. මාතලන්@ ඔව් මහාචාර්‍ය තුමණි... මේක දැන් වල් බිහිවෙච්ච රටක් මොනා කරන්නද දෙයියනේ :(

      Delete
  19. ""මැස්සෙන් ඉවත ගිය වැල් ආයාසයෙන් මැස්ස මතට ගන්න උත්සහ කලොත්  මෝරපු අතු ඉති කැඩෙන්න පුළුවන්""
    හ්ම්ම්ම්, ඇත්ත කථාව ,,, (Y)

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත. මෙහෙම අතු ඉති ඕනේ තරං දැකලා තියෙනවා.
      ඕනෑව්ටත් වඩා මොරපු එව්වා ආපහු මැස්සට හරවන්න ගිහින්, අතු වල හයිය වැඩි නිසා, අතපය තුවාළ කරගත්ත ගොවියන්වත් අතරින් පතර දැකලා තියෙනවා. එයාලා නම් පව් අනේ.

      Delete
    2. හහ් හා , :D :D සිරා කතාව,
      ඒත් ඉතිං එහෙම හරවන්න හදන්නෙත් ආදරේටනෙ :/

      Delete
    3. //ඕනෑව්ටත් වඩා මොරපු එව්වා ආපහු මැස්සට හරවන්න ගිහින්, අතු වල හයිය වැඩි නිසා, අතපය තුවාළ කරගත්ත ගොවියන්වත් අතරින් පතර දැකලා තියෙනවා. //

      ඇත්ත ගයාන් ..තමන් යහපත් ගොවියෙක් නොවී පලදාවට බැනලා වැඩක් නැහනේ, අන්තිමට තමන්ට තමයි වන්දි ගෙවන්න වෙන්නේ , විඳවන්න වෙන්නේ ..

      Delete
  20. දෙමාපියන්ගේ නොසැලකිල්ලෙන් දරුවන් නරකට යොමු වෙන එක අනිවාර්යෙන්ම සිදුවෙන දෙයක්. එහෙම නොවන අයත් නැතුව නෙමෙයි.

    කෙටියෙන් පහදලා තියෙනවා කලයුතු ආකාරය හා නොකිරීමේ ඇති පලවිපාක. නියම පොස්ටුව. ජය වේවා...!

    ReplyDelete
    Replies
    1. අපිවත් අපේ ජිවිත වල ඒ දේවල් කොහොමහරි කරන්න උත්සහ කරමු මල්ලි ... ස්තුති මල්ලි

      Delete
  21. දිගට ලියනවට වැඩිය කෙටියෙන් පැහැදිලිව පෙන්නල දීල තියෙනවා, ඒ උනත් දැං දෙමව්පියෝ බලන්නේ තමන්ට යාගන්න බැරි උනු තැනට තමන්ගේ ළමයව කොහොම හරි යවන්න, එතකොට ඔය හොද නරක කියන එක වැදගත් වෙන්නේ නෑ, වැදගත් වෙන්නේ ඉලක්කය කොහොම හරි අල්ලපු ගෙදර එකාට වැඩිය එක ලකුණක් හරි වැඩියෙන්.....
    එහෙව් රටේ වැල් හැදෙයිද?

    ජය වේවා!!!්‍

    ReplyDelete
    Replies
    1. ස්තුති විදානේ.. අනේද කියන්නේ විදානේ,, මේක වැල් හැදෙන්න නෙමේ වල් බිහිවෙච්ච කෙතක් වගේ රටක් ...

      Delete
  22. ආදර්ශමත් ගැඹුරු පණිවිඩයක් සරලව පැහැදිලිව ප්‍රකාශ කරලා තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ස්තුති ෂෙහාන් හැමදාමත් මගේ ලිපි කියවමින් මාව දිරිමත් කරනවට

      Delete
  23. දිරච්ච ලීවලින් මැස්ස ගැසීම, නුසුදුසු පරිසරයක මැස්ස ගැසීම, වැලට ඕනේ විදිහට යන්න ඇරීම වගේම මැස්ස නඩත්තු නොකිරීමත් අනාගතයේදී අයහපත් ප්‍රතිඵල ගෙනදීමට හේතුවේ.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන් විචාරක තුමණි. මං මුලදී කිවා වගේ ඔයාලා ලග අපිය්ට වඩා අත්දැකීම් සහ ජීවිතාවබෝධය තියෙනවා ,,

      Delete
  24. සෑහෙන්න වටින ඔවදන් ටිකක් ලියවිලා තියෙන්නේ..

    ReplyDelete
  25. මාතෙ විචාරක කියන්න වගෙ වැල ගයිඩ් කිරිම වගෙම වැලට වර්ධනයට අවශ්යදෙවල් දෙන්න ඔන

    ReplyDelete
    Replies
    1. දමිත්....කොහොමද බන් වැල ගයිඩ් කරන්නේ...වරකා නම් කරගත්ත හැකි.

      Delete
    2. හි හි අනිවා දමිත් අයියේ ,, මේ මෙය මොනාද අහනව ඉදගෙන :)

      Delete
  26. ළමයෙක්ව නම් ගහලා හදන්න ඕනේ කියලා පැරැන්නෝ කියලා තියෙන්නේ ඒකද :D

    ReplyDelete
    Replies
    1. ශුද්ධ බයිබලේ එකතැනක තියෙනවා තමන්ගේ දරුවට ඉපලෙන් තලන්න කියලා , ඒ වගේම ළමයා පොඩි කාලේ ඉදලම නිවැරදි යහපත් මාර්ගයේ පුහුණු කරන්න එවිට ඔහු වැඩිහිටි වියට පත්වුනාමත් ඒ මාර්ගයෙන් ඉවත්වෙන්නේ නැහැ කියලා.

      හසිතව ආදරයෙන් පිලිගන්නවා මගේ හීන අඩවියට

      Delete
  27. ඔමා හොඳ ආකෘතියකින් පැහැදිලි කරන්නේ. මේ වැඩේ හරිම සීරු මාරුවට කරන්න ඕනේ. ඇත්තටම කිව්වොත් දැළි පිහියෙන් කිරි කනවා වගේ. ළමා මනස හරිම සියුම්. "හැන්ඩ්ල් විත් කෙයාර්" කියලා තමයි කියන්න තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ළමයි ලෝකෙට බිහිකරන්න දැනගත්තට ඇතිදැඩි කරන්න දන්නේ නැත්නම් දරුවෝ නොහදා ඉන්න එක වටිනවා, අද කාලේ ඉතින් ආර්ථිකේ පස්සේ ,,ලෝකේ යන ට්‍රෙන්ඩ් එක පස්සේ යනවා මිසක් කොච්චර හොද දෙමවුපියන්ට වුණත් ඉබේම දරුවන්ගේ හදවත් වලට ලංවෙන්න කිට්ටුවෙන්න බැරුව යනවා, අනේ ඒක හරි අපරාදයක් . අපි මොන තරම් සල්ලිකාරයෝ උගත්තු වුණත් වැඩක් තියෙනවද ආදරණිය පවුලක් නැතුව.

      Delete
  28. ඒයි උඹට අමතක උනාද උඹ බ්ලොග් එක පටන් අරගත්තේ වැරදීමකින් මගේ පෝස්ට් එකක් ෂෙයාර් කරගන Thursday, March 28, 2013 වෙනිදා , උඹේ බොගට අවුරුද්දක් වෙලා ,

    ඔහොම වැරදිලා මම හරිගේ හිනලන්තයේ පෝස්ට් එකක් පබ්ලිස්කලා , ඊටපස්සේ හරියා මගේ බ්ලොග් එක හැඩවැඩ දාලා දුන්නා.

    මම වැඩේ පටන් අරන් තියෙන්නේ Friday, March 30, 2012 මගේ බොගට අවුරුදු දෙකක් වෙලා ,

    ඒ උනාට මගේ හිතට දැනෙන්නේ මහ ලොකු කාලයක් බ්ලොග් ලියුවා වාගේ ,

    මගේ බෙට්ට අවුරුදු දෙකක් කරවෙච්ච බෙට්ටක් උනාට ලාවට කරවෙච්ච එක් අවුරුදු උඹේ බෙට්ට පට්ට ගදයි බං ,

    චීරාත්කාලයක් බොග දැමීමට වාසනාව උදා වේවා .

    ReplyDelete
    Replies
    1. එසේම වේවා !!!!!!!!! :D :D

      Delete
    2. Kenji @ JapanMarch 27, 2014 at 8:52 PM
      ආ....අමතක වුනා...වර්ෂ පුර්ණයට මගේ සුභ පැතුම් ඔබට....!

      Delete
    3. අටමා@ //ඔහොම වැරදිලා මම හරිගේ හිනලන්තයේ පෝස්ට් එකක් පබ්ලිස්කලා , ඊටපස්සේ හරියා මගේ බ්ලොග් එක හැඩවැඩ දාලා දුන්නා.///

      මේ වගේම දෙයක් ඔයාටත් වුණා, ඕවට කියන්නේ දිට්ඨධම්මවේදනීය කාර්ම.. හි හි ඒ වගේම ඔයාටත් අවුරුද්දකට පස්සේ මගේ බ්ලෝග හැඩ වැඩ දාලා දෙන්න සිද්ද වුණා .

      හි හි ඊයා කියන කතා ඉදගෙන. ඔයාට දෙකක් අදට නේද ? ස්තුති වේවා ,, මට බ්ලොග් කියන්නේ මොනාද වත් නොදැන ඉද්දි උදව්කලෙත් ඔයානේ අයියේ.අපි ලියමුකො මේකේන් එලෝනකල්

      Delete
    4. අඩෙ අෆ්ෆේ මේක දැක්කෙ දැන්නෙ. පාටියක් දාලා කේක් කෑල්ලක් කාලා සරුවත් උගුරක් බීලා සමරන්න ඕන කේස් එකක්නෙ මිස් වෙලා තියෙන්නෙ. ශැක්…

      ඔන්න ඉතින් අපිත් විශ් කොරාලු ඉදගෙන ;)

      ඔමාගෙ අවුරුද්දටයි අටම් අයියගෙ අවුරුදු දෙකටයි බොක්කෙන්ම සුභ පැතුම්…………!!!!
      (අටම් අයියටත් මෙතනොම විශ් කොරා. අවුලක් නෑනෙ. ) :))

      Delete
    5. රෙඩ් ලේබල් !! ග්ලේන් ග්‍රාන්ට් !!
      සින්දු හැන්දෑව විත් DJ නලීන් & අටං !!!
      කමෝන් ලේඩිස් ඇන්ඩ් ජෙන්ට්ල්මන් ... !!!
      ඇනිවසරි පාටිය දෙමුකො ඇඹරෙන්ඩ .. නැද්ද මිස් !!!

      Delete
    6. ස්තුති ප්‍රියො..ටැන්කුයි පත්තරේ.. දෙමුකෝ සුපිරි පාර්ටියක්..

      Delete
  29. මේ ලිපියෙන් අපට හිතන්න වැදගත් යමක් ඉතිරි කරලා තියෙනවා. ඒ තමයි ළමයි හදන එක වගකීමක් ඇතුව කරන්න ඕන දෙයක් මිස විහිලුවට විනෝදෙට කරන්න ඕනේ දෙයක් නොවන බව.

    ReplyDelete
    Replies
    1. ඔව් යාලු මට කියන්න අවශ්‍ය වුණේ ඒ දේ තමයි. ස්තුති ඔයාට. ඒ වගේම ඔයාව මගේ බ්ලොග් අඩවියට ආදරෙන් පිලිගන්නවා

      Delete
  30. ළමයි මල් වගේ කියල හැමෝම හිතන්නේ නැ. හැදුනට හැදෙන්න අරිනවා. ළමයින්ගේ බිදුණු සිත් වැඩියි. ඒවා ගැන කැ ගහල කියන්නවත් ළමයින්ට තේරෙන්නේ නැ.

    ReplyDelete
    Replies
    1. ඔව් නිහිංසා අද වැඩිහිටියෝ ළමයින්ට ලමාකාලයක් දෙන්නේ නැහැ .

      Delete
  31. ela ela. me tike blog balenawa adui oma. danui dakke meka.

    ReplyDelete
    Replies
    1. මාත් ආපහු යනකල් ටිකක් බ්ලොග් කියෝනව අඩුයි බස්සියේ

      Delete
  32. මම නම් හිතන්නේ වැල යන අතට යන්න දෙන්න ඕනේ කියන එක.. ඒක තමයි වැලේ නැචුරල් ගමන් මග.. මම කියන්නේ නෑ අනුන්ගේ වතු වලට යන්න අරින්න කියල . හැබැයි අපි දන්න විදියට මැස්සක් ගහල කොහොම හරි වැල මැස්ස තුලම රඳවා ගන්න හදන එකෙන් වෙන්නේ වැලේ තියෙන ස්භාවික ගතිය නැති වෙන එක.. අන්තිමට ඉතිරි වෙන්නේ හිරවෙච්ච වැලක් කිසිම නිදහස් චින්තනයක් නැති... :)

    ReplyDelete
    Replies
    1. ඔව් අයියේ ඔයා කියන පැත්තෙන් බලද්දී ඒක හරි, මං අදහස් කලේ දරුවන් ආදරයෙන් ඇතිදැඩි කිරීම සහ පරිස්සම් කිරීම ගැන . එයාලගේ අධ්‍යාපනය සහ තීරණ ගැනීම් වලදී අම්මලා ඕනෙවට වඩා අත දැමීම නම් සුදුසු නැහැ තමයි

      Delete
  33. එනකොට හොඳටම පරක්කු වෙලා මේ පැත්තේ .... උඹ අවුරුදු 240ක් ඉනද හදන්නේ , තාම කාලයි ගෙවලා තියෙන්නේ කියන්නේ , දැනටත් 60 ක් නේද :D

    ReplyDelete
    Replies
    1. අපෝ ඉරිසියාකාරයෝ ;( අපි ඉන්නවා තමයි 300 ක් විතර

      Delete
  34. වර්ෂ පුර්ණයට මගේ සුභ පැතුම් අපුර්වී ..ඔයාට ඉස්සරහටත් මේවගේම ලියන්න ශක්තිය ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා

    ReplyDelete
  35. ජීවිතේ ගැන ලියපු දේවල් හරියටම්ට හරි කියලයි හිතෙන්නේ.මොකද පුංචි ළමයෙක් යනමග තීරණය වෙන්නේ ගොඩක්ම එයා පුංචි දවස්වල දකින , අහන, දැනෙන දේවල්වලින් ඒ කළේ එයාලට හරිදේ දැනෙන්න දෙන එක දෙමව්පියන්ගේ යුතුකමක්.

    ReplyDelete
    Replies
    1. ස්තුති තරිඳු අදහස් එකතු කලාට ,මගේ හීන අඩවියට ආදරෙන් පිලිගන්නවා .

      Delete
  36. //මං ජිවිතේ තාම කාලයි ගෙවලා තියෙන්නේ //
    ඒක තමයි කාල විතරක් හරියන්නෙ නෑ බොන්නත් ඕනෑ. අර පත්තර මල්ලි කියල දෙයි

    ReplyDelete
    Replies
    1. ඔව් ජයේ.. පත්තරයා කියන්නේ බොන්න කියලම තමයි අනේ,

      Delete
  37. http://nihadathavaya.blogspot.com/2014/02/blog-post_4908.html

    ReplyDelete
    Replies
    1. ඕක මන් දාපු කොමෙන්ට් එකක් නෙමේ, මගේ නමින් ඒ බ්ලොග් එක ලියන කෙනාම හදපු එකකින් දාපු එකක්, පිස්සු තමන්ම ලියලා තමන්ම කොමෙන්ට් කරගන්නවා,

      Delete
  38. දැං හුගක් අය කරන්නෙ වැල යන පැත්තට මැස්ස ගහන එකට වඩා මැස්සට ඕන විදියෙ වැලක් හදන එකනෙ හැබැයි ඹය දෙකම වැරදියි, , හුගක් දැන් ඉන්න අම්මලාට නැලවිලි ගීයක්වත් කියා ගන්න බෑ, දරරවා කුසේ ඉන්දැද්දි අහන්නේ මල විකාර, කරන්නෙ මල විකාර ඉතිං බිහි වෙන්නෙත් ස්වාබාවික රසස්වාදයක් නැති විකෘර්කියෙක් තමා, ඊට පස්සේ දරුවත් අරං රේස් දුවනවා තව දරුවො පරද්දන්න මිසක් ජීවිතය ජය ගන්න නෙමේ, අන්තිමේ බිහිවෙනවා දොස්තරලා මුදලින් ජීවිත මනින, ඉංජිනේරවෙන් අළුතින් යමක් බිහි කරන්න බැරි, කලාකරයො බොලද රසස්වාදයක් ඇති ජනප්‍රියත්වයට ඕනම දෙයක් කරන, හුගක් අයට මේවා කතා කරලා වැඩක් නෑ ඒත් මේවා කතා කරලා වැඩක් නෑ නෙමෙයි මේව ගැන කතා කරන්න ඕන, එත් අවශ්‍ය අය ඒක නොකරන එක හරිම කණගාටුවට කාරණයක් තමා. සෑාහන්න වටින අදහසක්. ජය වේවා.

    ReplyDelete
  39. අාාා.....
    කෝ යකෝ පෝස්ට්

    ReplyDelete


ලිපිය කියවා කොමෙන්ට් නොකලත් කමක් නැහැ.. කමෙන්ට් කලොත් සතුටුයි. ලිපිය කියවන්නේ නැතුව කොමෙන්ට් කරන්න එපා.
අපුර්වි_


,නිතරම යහපත කරන්න...,සතුට සැනසිල්ල හැමදාම ඔයාලග රැදේවි,,දෙවිපිහිටයි,

Related Posts Plugin for WordPress, Blogger...