Sunday, April 27, 2014

පොරබැදීම

මං මහලොකුවට දුක කඳුළ නැමති දුෂ්ටයන් පරාජය කර සිනාසෙමි කීවට දැන් ඒ වචන මටම හිනාවෙනවා...දුක ඔත්තුබලලා බලලා කදුල ඇවිත් පහර දීගෙන යනවා....



මේ ෆොටෝ එකේ ඉන්න කෙනා වගේම මං මේ දවස් ටිකේම ඇඳ උඩ අතපය විසිකරලා දාලා නිදාගත්තා..ලිපි ලියන්න දේවල් ගොඩක් පහුගිය ටිකේම එකතු වුණා.ඊශ්‍රායලයේ මගුල් ගෙයක් ගැන....ඒ වගේම යුදෙවුවන්ගේ පාස්කු උත්සවය (පේසක්) ගැන.. තව ලංකාවේ ගතකල දවස් කීපය ගැන.ඒත් මටම තේරුම්ගන්න බැහැ.කිසිම දෙයක් ලියන්න හිතෙන්නේ නැහැ.මං ආස නැහැ මෙහෙම වෙන්න.මට ඕනේ ලියන්න.ඒත් මං ඕනෙවට වඩා හිතන්න අරන් මේ තනිකම ගැන.සීයව මට පේන්නේ යකෙක් වගේ. තනියම මංම කොඳුර කොඳුරා තිත්තකම වැඩිකරගන්නවා. 

ඕනෙවට වඩා හිතන්න ගියාම පිස්සු හැදෙනවා කියලා පොඩිකාලේ ඉඳලම අහල තියෙන නිසා තනියම හුඟ වෙලාවක් කල්පනාකරන ගමන් චෙක් කරලා බලනවා...බොරුවට හිනාවෙලා බලනවා..කණ්නාඩියෙන් බලනවා.පිස්සු නැහැ කියලා සැක හැර දැනගන්නවා ආයේ හිතනවා.

මාසයක් ගෙදර අයත් එක්ක ඉඳලා අපු එක නිසා තමයි මං මෙහෙම හැසිරෙන්නේ කියලා මටම මගේ ඇතුලේ ඉඳන් ටිකක් කල්පනාවෙන් ඉන්න කෙනෙක් කීවා..පොඩිකාලේ ඉදන්ම මගේ හිත කාරණාවක අන්තෙටම ගිලෙන්න හදද්දී ඒ කෙනා තමයි නවත්තන්නේ, වගේම සීමාවන් තේරුම් ගන්නන්නේ ..

ලංකාවට ගිය වෙලේ මගේ ප්‍රොෆෙසර්ගෙන් තෑගී හම්බුණු පොත් අතර තිබ්බ "your mind and how to use it "කියන පොත කියවන්න සුදුසුම  පරිසරය අන්තිමට ඔය දේවල් නිසා සකස් වුණා.   
-----------------------------------------------------------------------------
මාසයක් ලිපි නොලියා ඉඳීමෙන් කීපදෙනෙක් සිදුකළ මරණ තර්ජන හමුවේ මෙවැනි පෝස්ට් එකක් හෝ පලකරන්න ශක්තිය ගත්තේ ස්තුතී...

ඔන්න පහුගිය ටිකේ බලපුවා.. හි හි :) 


118 comments:

  1. ඕ යේස් .. ඔන්න විවුර්‍ත කරා පත්තර මල්ලි ඈ !!

    ReplyDelete
    Replies
    1. දැං කස්ටිය එයි හෝ හෝ ගාල.. බිකෝස් හොඳ අතකින්නෙ බං ඕපන් කරේ.

      Delete
    2. ඔව් මේ.... සූ ගාලා.... :) හි හි thanks මල්ලියා

      Delete
    3. උඹ දකුණු කකුළ පෙරට තියලා නේද ආවෙ.? :)

      Delete
    4. උඹ ඕපන් කරපු නිසාම මම එන්නේ නෑ අම්මප ..ඕ යේස්

      Delete
    5. හේ හේ මොන කකුල්ද ප්‍රියා අයියේ පත්තරේ ඔය ටයිම් එකට ෆොර් වීල් මුඩ් :)

      Delete
    6. ඕ යේස්.. ඉවා උඹට ආවත් මේ වගේ ගැඹුරු දේවල් කියෝල තේරුගන්න දැනෙන් නෑනෙ.නොතේරෙන තැනක් තියනවනං අහපං..

      ප්‍රියා ..කකුල් දෙකම එකපාර තිබ්බෙ ..උඹලට ඒව බෑනේ !!

      Delete
    7. Budhdhimath

      Thanks malli. Hoda athakin thamai open une man liynawa heta eliweddi

      Delete
  2. ලියන්න දේවල් නැති උනහමත් පිස්සු වගේ තමයි. අර වීඩියෝ කෑල්ල බලන්න ගියාම මොකක්දෝ තාක්ෂණික දෝෂයක් ඇතිවුනා.

    ReplyDelete
    Replies
    1. මට ලියන්න ඒවා තියෙනවා සැලිනි ඒත් ලියන්න හිතෙන්නෙම නැහැ

      Delete
    2. නැහැ ආයේ ටිකක් ප්ලේ කරලා බලන්න ,,හරියාවි

      Delete
  3. පොත් කියවන්න එපා අෆ්ෆා, කාටූන් බලන්ඩෝ :D :D

    ReplyDelete
    Replies
    1. කාර්ටුන් තමයි සෑහෙන්න බැලුවේ ඉදගෙන :)

      Delete
  4. Replies
    1. හ්ම්ම් ඔඑ ම්ා ම්න් උට්ත්ස්හ්ස් ක්ර්න්ව්

      Delete
    2. සීයා එක්ක කතා කරන්නෙ මේ භාෂාවෙන්ද? මටනම් ග්‍රීක් වගේ මුකුත් තේරුන්නෑ. ;)

      Delete
    3. රෑ ෆෝන් එකෙන් ටයිප් කලේ කළුවරට පෙවුවනේ නැහනේ :) හි හි

      Delete
  5. මහ වරුසාවට පසුව නැගෙන හඳ වෙනදාටත් වැඩියෙන් මෙව්වෙකයි කියලා කථාවක් තියනවනේ
    එ් වගේ නොලිය ඉදල එකක් ලියන්න හෙන ගහන්ව වගේ එලිය වැටෙයි..
    මාතෘකා නැත්නම් දෙන්නම්..,
    2, එක්කෝ ඔ්න නෑ..

    ජය වේවා!!!!

    ReplyDelete
    Replies
    1. අන්ෙේ ඩ්ද්ෙන්න් ව්ිඩ්ද්ාන්ෙේ

      Delete
    2. Apoi phone eken type kale andara demala wage wela. Thiyenawa nam topic eka ewanna vidhane

      Delete
    3. අර
      "මල මුහුදේ මල කෝලම් 2" වගේ එහෙම නැත්නම් "සැමියට ලියන කවි 2" වගේ... දෙවැනි කොටස් ලියන්න තියන එ්වා සම්පූර්ණ කළානම් මාස 6කට විතර අැති.. හැක්

      Delete
    4. :( ශික් ඕවා මතක් කරන්න එපා ඈ

      Delete
    5. කතා කරපන් විදානෙ. අන්න මාතෘකාව. කෝ ඒවා……???? :)

      Delete
    6. @විදානේ - ඒවා ලිව්වනම් මාස ගානකට ඇති තමා.

      හැක්ස්.... ඔන්න මාට්ටු වෙන්න යන්නේ, :)

      Delete
    7. අපොයි ඇවිත් තුන් කට්ටුවම, මං අද ලියනවා යෝම්හසිකරෝන් :)

      Delete
    8. මතක් කරල දුන්න විතරයි. (හොරා වගේ පැනල යන්න නේද හැදුවේ හැක්..)

      Delete
    9. හි හි හි හි ...........

      Delete
    10. මමත් දෙන්නම් මාතෘකා ඕනෙම නම්,,,, හැක් ;)

      Delete
    11. අර සීයගේ මත් පැන් කාමරේ ගැන ලියපංකො බන්..මිනිහෙකුට වැඩක් ඇති දෙයක්,

      Delete
    12. අඩේ අැත්තමයි පුවත්පතෝ. එ් පැන් කාමරේ ලිව්වොත් අනිත් එ්වා අමතක කල හැකි..

      Delete
    13. ඔය තියෙන්නේ ලියන්න දේවල් බර තොගයක්.
      නැත්නම් සැමන් වලින් නවතින්නේ නැතිව ගෝල්ඩ් ෆිෂ්, පොලර් බෙයාර් ගැන ඔය රටේ පාස්කුව ගැන. කොච්චර දේවල් තියේද ලියන්න.

      Delete
    14. අම්මටහුඩු විශ්ව බොස් දැක්ක කල්.. !! කොහෙද මස්සිනේ ගිහිං හිටියෙ ,, ?????

      Delete
    15. ව්ි

      Vishaws kaalekin dakke. Oyawa mata ada ude mathak una. Oyata kibuhumak giya neda? Hari pudumai. Ow man liyanawa kohomahari wena visadumak naha

      Delete
    16. Paththara malli

      Liyannam.


      Nimo ; ane liyanawo .

      Vidane. Heta liyanawo

      Delete
    17. @පත්තර මල්ලි
      දැන් දූලා දෙන්නෙක් ඉන්න තාත්තා කෙනෙක් නිසා වැඩ වැඩියි. අමතර වැඩ වලට වෙලාව අඩුයි.

      @අපූර්වී
      කිබිසුම් නම් කිහිපයක් ගියා තමයි. අපුර්වී තමයි හේතුව.

      Delete
    18. Oya aththamada. Oya wagema sahan aiyath mathak una. Sthuthi ayema awata

      Delete
    19. @පත්තර මල්ලි
      දැන් සහන්ට මොනවා වෙලාද?
      හමුවුනොත් කියන්න බොරුව නවත්වලා ඇත්ත කතාකරන්න එන්න කියලා.

      Delete
    20. විශ්ව
      අවංකවම කියනවනං උන දෙයක් මාත් දන්නෙ නෑ මචං.. සිරාවටම.

      Delete
  6. ඉතින් ඔය ලිවුවද

    ReplyDelete
  7. මැතිණියනි, සයිබර් උළෙලේදී ඔබ සැමියාණන් හමුවුවද අල්ලාප සල්ලාපයේ යෙදෙන්නට අවසර නොලැබිණි. පසුව හමුවීමට ඉටාගතිමි. දුක්ඛ දෝමනස්ස දුරුවී යලිදු රසවත් ලිපි ලියන්නට හැකිවේවායි පතමි.

    ReplyDelete
    Replies
    1. ස්තුතී විචාරක තුමණි. ආයෙම ලංකාවට ආවම අපි හමුවෙමුකො.මේ ලිපිය දැමීමේ අරමුණත් ඔයාලගෙන් ගට්ස් ටිකක් ඉල්ලා ගන්න තමයි ..ඔයාව ෆොටෝ වලින් දැක්කා,

      Delete
  8. ලියනව නම් ඔය ඉන්නේ කට්ටිය තනි නොදැනේන්න..
    :)

    ReplyDelete
    Replies
    1. කාලෙකින් ඔයාව දැක්කේ නැහැ දුල්ශාන් ,,

      Delete
    2. ඔව් අපුර්වී පහුගිය දවස්වල ටිකක් කාර්යබහුල උනා..
      එත් ලියන එක කෙසේවෙතත්, කියවන එකෙන් නම් ඈත් වෙන්නේ නෑ..

      Delete
  9. ///"ඕනෙවට වඩා හිතන්න ගියාම පිස්සු හැදෙනවා ...."/// අම්මප ඇත්ත ඔමා .

    ඔය තනිකම දැන් දෙන්නෙක් එකම විදිහට රටවල් දෙකක ඉඳන් විඳිනවලු නේද?

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්...මොනා කරන්නද අයියේ.. දුක්ඛ නිරෝධගාමිණී පටිපදා ආර්ය සත්‍ය සොයමින් යන්නේ මං :(

      Delete
    2. දුක්ඛවත් , නිරෝධවත්, ගාමිනීවත් ,පටිපදාවත් හම්බවෙන් එකක් නෑ, තව අවුරුදු දෙකකින් ආවම විජය හම්බවෙයි ..ඒ මදැයි .. :D

      Delete
    3. :( අන්ලයික් ඉදගෙන

      Delete
    4. එහෙනම් මොන එහෙකටෙයි දුකට කර ගැහැව්වෙ

      Delete
    5. නොදැන වෙච්ච දේනේ අයියෝ

      Delete
    6. හවසට පොඩි එකක් දාගනින් .. දුක කොහෙන් ගියාද නෑ .!!!

      Delete
    7. ඩ්ද්ු

      ඩ්
      Durwal pirimin mathpan be sanasethi
      Shakthimath gahanu kadulu bee hinahethi

      Delete
  10. ඕක ඔයාට විතරක් තියෙන ලෙඩක් නෙමෙයි. රට ගිය, එහෙම ගිහින් නිවාඩුවකට ඇවිත් ගිය හැම එකාටම තියෙන ලෙඩක්. කිසි කෙනෙක් කිසි දෙයක් රුස්සන්නේ නෑ. ඔහොම හොඳයි. එක සැරයක් මට ස්ට්‍රෙස් වැඩි වෙලා රෑෂ් එකකුත් ආවා..මාසෙකින් දෙකකින් ඕක ඉවරයි..

    ReplyDelete
    Replies
    1. මාත් ඒ දේ තේරුම් ගත්තා. මනසට පුළුවන් අපිව ලෙඩ කරන්නත් නේද..මට හැමදේම රුස්සන්නේ නැහැ. ඒත් අර ඉවසීම ගැන ලියපු ලිපිය ආයෙම කියෝලා සැහැල්ලු උනා. ස්තුති වතුර ටිකක් ඉහින්න ආවට

      Delete
    2. මං බෙත් බෝතල් හය හතක් ඇරංමයි ආවෙ ඔය ලෙඩේට.

      Delete
    3. මං බෙත් බෝතල් හය හතක් ඇරංමයි ආවෙ ඔය ලෙඩේට.

      Delete
    4. Ow yaluwanta denna genapuwatath wade dunna neda idagena

      Delete
  11. මරු කතා තමයි බලන්නෙත්!

    ReplyDelete
    Replies
    1. හි හි මං ලංකාවෙන් ආවට පස්සේ කවදාවත් ටෙලිනාට්‍ය බලල නැහැ ප්‍රවුර්ති බලල නැහැ බලන්නේ ආටක නාටක, 4-6 විතර වෙනකල් යන කාර්ටුන් ටිකයි ,දෙරණේ පොඩි මල්ලි චුටි මල්ලි කතා ටිකයි.. එතකොට හිනාවෙලා ඉන්න පුළුවන්,, ප්‍රවුර්ති බලලා ලෙඩ වෙන්නේ නැතුව

      Delete
  12. උඹත් බලන්නේ ආටක නාටකද? මාත් බලන්නේ ඕක විතරයි.. නෙට් එකේ පළවෙනි එකේ ඉදලම හොයාගෙන බැලුවා.. මාත් නොලියා හිටිය මාසේ කලේ ඕක තමා..

    ලියන් යද්දී ඕන තරම් ලියන්න දේවල් අදහස් තියෙනවා.. පොඩ්ඩක් හරි නැවතුනොත් අර පරණ ගැම්ම ගන්න ටිකක් අමාරුයි තමයි.. මට හොද හැටි අත්දැකීම් තියේ..

    ReplyDelete
    Replies
    1. මාත් එහෙමයි. ගාර්ෆිල්ඩ් එකත් හොයන් බලන්න නියමයි. ආටක නාටක නියමයි ,, තනියම හිනාවෙවී බලනව

      Delete
  13. ආටක නාටක එකේ මුලින්ම බල්ලෙක් වඩං එන කෙනා ටිකක් ඔමා වාගේ ම තමයි..

    ReplyDelete
  14. මට සෙකට්රි කෙනෙක් ගන්න ඕන ලස්සන...

    ReplyDelete
  15. හිතට එන හැමදේම කුරුටු ගාහන් අක්කෙ ඔය අවුල් නැති බංගස්තාන වෙලාම යයි...
    ඔන්න ඔහෙ ඕන කෙංගෙඩියක් සත විසි හතයි කියල හිටහං අක්කෙ

    ReplyDelete
  16. ඕක ඇරිලා යයි. මට නම් තියෙන්නේ පොලිටිකලි කරෙක්ට් වෙන්න ගියාම ලියන්න හිතන දේවලින් සීයට අසූවකට වඩා ලියන්න නොලැබීම.

    ReplyDelete
    Replies
    1. කෙන්ජිගෙන් ටියුශන් ගන්න

      Delete
    2. ප්‍රේ කිවුව එකනම් කරන්න එපා ඉදගෙන :)

      Delete
  17. සාමාන්‍යයෛ සාමාන්‍යයි දරුවෝ.. ලිං කටෙන්ම ගොඩ එන්න ඕනෙ. ඒ කියන්න ලියන්නම ඕනෙ..

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්, ස්තුතී මාව දිරිමත් කරන්න එකතු උනාට

      Delete
  18. ස්තුති ක්]හෙන්රි අයියා,,

    ReplyDelete
  19. ගෙදර අයගෙන් ඈත් වෙලා ආවහම ඔහොම දැනෙන එක ස්වභාවිකයි...

    ඔයාගේ පාලුව තනිකම දැනෙන හැම වෙලවකම බ්ලොග් යාළුවෝ ඒවා අහන්න්න කියවන්න ඉන්නවා ... අපහු අපූරු ඒවා ලියන්න පටන්ගන්නකෝ...

    ReplyDelete
    Replies
    1. thanks තුශ්... අමාරුවෙන් හරි මේ ටික ටයිප් කරලා දැම්මේ එකයි මන්

      Delete
  20. කසාදෙන් පස්සේ මේ ඇවිල්ලා ඉන්නේ...

    ReplyDelete
    Replies
    1. ඒ බොරු අනේ අපේ අක්කා කෙනෙක් බැන්දේ අනේ :)

      Delete
  21. ලියන ලිපි කියෙව්වම මම හිතාගෙන හිටිය චරිතයට වඩා වෙනස් චරිතයක් නොවැ ......
    25 වෙනිදා ලබපු 26 වැනි උපන් දිනයට මගෙන් පැතුම් සුභ.....
    සුභ අනාගතයක්......!!!

    ReplyDelete
    Replies
    1. ඔයා හරි. හිට්ලර් පවා කළුවරට බයයි , රැහැයියන්ගේ සද්දෙට බයයි ,කැරපොත්තන්ට බයයි. එහෙවු එකේ මේවා මොනාද අනේ

      ගොඩක් ස්තුති

      Delete
  22. අනේ අම්මපා, මටත් මතක් කරන්න හිතෙනවා ලියන්න දේවල්, කමක් නෑ, නිකා ඉන්නම්.

    මොන මොනවා හරි ලිව්වනම් ඔය මුකුත් නෑ. ඔය බලන ගාර්ෆිල්ඩ් ගේ කතාවක් හරි ලියන්න නෙව තියෙන්නේ.
    දැන් ඉතින් පත්තු වෙලා තියෙන විදියට මොන මොනා හරි ලියන්නම වෙයි වගේ. නැත්නම් පේනවනේ පිකටින් කරන්න කට්ටිය ඕන තරම්.
    මම නම් ලිස්ට් එකේ උඩම ඉන්නවා. ඇත්තමයි :)

    ReplyDelete
  23. දේවල් නැ කිව්වට ඔය ලියල තියෙන්නේ....

    ReplyDelete
    Replies
    1. Aiyo nihinsa akkata dapu coment eka wena thanaka

      Delete
  24. දැන් පටන් ගත්ත එකේ ලියන්න තව සුපිරි ලිපි ටිකක්.

    ReplyDelete
    Replies
    1. කොහෙද බං ගිහිල්ල හිටියෙ ... විශ්ව ....????

      Delete
    2. ඒක නේන්නං මාත් ඇහුවෙ !!

      Delete
    3. Welcome back vishwa. Awurudu saruda

      Delete
    4. ඔන්න හේතුව උඩින් කමෙන්ට් කළා. කෙන්ජි ගේ බ්ලොග් එකට එන්න ඕන කාලෙකින් ශුන්ගාර සාහිත්‍ය කියවන්න බැරි වුනා

      Delete
    5. විශ්ව රංගනාත්@හෙක්...හෙක්...thnx මචෝ.....

      Delete
  25. This comment has been removed by the author.

    ReplyDelete
  26. ලියහන් ලියහන් කම්මැලි නැතුව.

    ReplyDelete
    Replies
    1. ඔව් බස්සි ලියන්න ඕනේ ස්තුති

      Delete
  27. ටික කාලෙකට පස්සෙ ඔන්න ආයෙමත් මේ පැත්තට ආවා. මගේ නිර්මාණය තවමත් එල්ලිලා තියෙනවා දැක්කම සතුටක් දැනුනා. ආටක නාටක රගපාපු නලුවෙක් තමයි අපේ අවුරුදු උත්සවයෙ නිවේදක තැන විදියට කටයුතු කලෙත්...තනිකමට තනිය දැනෙන්න ඉඩ නොදී හැම වෙලාවෙම කුමක් හෝ කාරියක නිරත වීම යහපත් දෙයක් වේවි. ජය වේවා ඔබට....

    ReplyDelete
    Replies
    1. ඔයානේ ඉතින් ආවේ නැත්තේ,මං එපා කිවේ නැහැනේ අයියේ. දැන් ආයේ ඔයා ඇවිත්නේ ආදරයෙන් එකතු කරගන්නවා මගේ හීන අඩවියට. ඒ වගේම පිට රටක ඉන්න කෙනෙක් විදියට ඔයාටත් තේරෙනවා ඇති මගේ තත්වය. කරන්න කිසිම වැඩක් නැති එක තවත් ගැටළුවක් මට. මොනා කරන්නද ඉතින්, ස්තුති

      Delete
  28. මේකිට හොඳින් කියලා වැඩක් නෑ,
    යකින්නට යක් බාසාවෙන්ම කියමු.

    අඩෝ මේ කුවේණි අක්කේ, ලියන එක එහෙම නවත්තලා අහු වෙන්නෑ හරි!!!!!
    නැවැත්තුවොත් හෙම හොයාගෙන ඇවිල්ලා හමගහනවා ඈ!!!
    දිගටම ලියහං බං, නවත්තලා යහතිං ඉන්න හිතන්න එපා, හරිද ඩෝ!!

    ඔන්න ඔයාගේ බාසාවෙං ම කිව්වා. අනේ ඒකවත් අහලා දිගටම ලියපං අක්කේ ඈ!

    ReplyDelete
    Replies
    1. අපොයි !! අලි මදිවට කොටි කීවලු. :( හා හා හරි හරි

      Delete
    2. කොටි නෑ බං, බලහංකෝ දාල තියෙන මූන දිහා, ඒක පේන්නෙ කොටියෙක් වගේද???

      ඕවත එන්න එපා අලිද, අම්මිත කීනවා, !!!
      අම්මෙ මෙන්නෝ, මලුති අක්කි මත කැතයි කීලා වීලු කලනවා :'( :'( :'(

      Delete
    3. හේ හේ හේ නැහැ නැහැ වැරදුනා, නාකි සින්හයෙක්නේ බෝලේ ,,, :)

      Delete
    4. නාකි???
      ඈ යකෝ, තවම මට දාසයයි මාසයයි. ඒක නාකි වයසක්ද බං. උඹ වෙලාවට මෙහෙ නැත්තේ, ලඟක උන්නානං සීනි දාලා වෙඩි තියනවා කූඹිකාලා මැරෙන්න.

      Delete
  29. සීයාගේ ඉන්ටර්වීව් එකක් දැම්මොත් මොකද? සීයා ලංකාව ගැන හිතං ඉන්න විදිය එහෙම? භාගවිට යක්ෂ/නාග දේශයක් කියලා හිතං ඉන්නවද දන්නේ නෑනේ

    ReplyDelete
    Replies
    1. ඒ ගැනත් ලියන්න ඕනේ, එයාලා ලංකාවට කියන්නේ සිරිලංකාව කියලා. එයා හිතන් ඉන්නේ ලෝකේ ලොකුම රට ඊශ්රායලය කියලා. අදත් රණ්ඩු වුණා රට ගැන කියලා, ලියන්නම්.. ස්තුති ඔයාටත්

      Delete
  30. අනේ ලියන්න බැරිනම් නිකන් ඉදින් කෙල්ලේ .ඇයි ඔයා නොලිවුවොත් වෙන ලියන්න කෙනෙක් නැද්ද ...ඔය විදියේ ඇනෝ කොමෙන්ට් නොදා මාව ශක්තිමත් කරපු යාළුවන්ට මගේ ස්තූතිය.. හිටියට වඩා මං ප්‍රබෝධමත් වුණා. ඒ වගේම ඔයාලා මතක් කරලා දුන්න කරුණු වලට ස්තුති

    ReplyDelete
  31. මේක මම ඉඳලා ඉඳලා පටන්ගන්න දාපු බුදු මේසය වගේ පොස්ට් එකක් දැම්මා කියන්න දාපු එකක් නේ. ඉස්සර වගේ ලියන්න හොඳ ලිපි

    ReplyDelete
    Replies
    1. මකසි අද රෑට හෝ හෙට උදේට ඊලග පෝස්ට් එක කියවන්න ඔයාට එන්නම් වෙනවා, මොකද ඒකට ඔයත් සම්බන්ධයි :) හි හි

      Delete
    2. එන්නම් එන්නම්. මට තියෙන ගැටලුව මගේ සම්බන්ධය ගැන.

      Delete
    3. එය ඔබ නොවරදවාම දැනගනීවි..... අහ අහ අහ හා

      Delete
  32. ඕනෑවට වඩා හිතන්න එපා ඔමා. ඒක බොරු වැඩක්. සිම්පල් ප්ලෑන් එහෙක ජීවත්වෙන්න. කන්න, බොන්න නොලැබෙන ප්‍රශ්ණ නැහැනේ. එහෙම අය කොච්චර ඉන්නවාද?

    ReplyDelete
    Replies
    1. arugeadaviya@++++++++++++++++++++++++++++++++++

      Delete
    2. ඔයාට තේරුම් ගන්න අමාරුයි අයියේ ඔයාගේ වටේ කතා කරන්න කවුරු හරි ඉන්නවා, මං එක්ක ඉන්නේ වචන කීපයක් වෙන භාෂාවකින් කතා කරන බලෙන් කතාවට අල්ල ගන්න ඕනේ විජාතිකයෙක් විතරයි, උදේ ඉදන් රෑ වෙනකල් මෙලෝ දෙයක් තේරෙන්නේ නැති rediyo චැනල් එකක් ටියුන් කරන්න, පරණ vhs තැටි වල තියෙන මොරෝක්කන් ඇරබික් මරහඩ දෙන සංගීතෙට සවන් දෙන්න, තව ගොඩක් ඒවා.. මේ හැමදේම කලින් හැමදාම කලත් මාසයක් අම්මලා එක්ක ඉදලා, බැදලා දවස් 5කින් අළුතබැදපු කොල්ලව දාලා ආවට පස්සේ බෙල්ල මිරිකගන්න හිතෙනවා. හි හි ... පිච්චු හැදෙනවා, ඉක්මනටම හුරුවෙන්න උත්සහ කරනවා, උඩ ඉදලා ට්යිප්කරපුව මතක නැහැ ඔන්න publish බොත්තම එබුවා ඉදගෙන

      Delete
  33. අම්මෝ...අරම නිදාගත්තා කිව්වම ඉරිසියාත් හිතෙනවා. :)

    ReplyDelete
  34. ඒත් ගෙදර බෙල් එක වදින්නේ කොයි වෙලේද,, සිල්වා කියන්නේ කොයිවෙලේද කියලා කලපනාවෙන් නිසා ශරීරයේ සැපට අතපය විසිකරලා තිබුනට ඔලුව මහා මැෂිමක් වගේ වැඩ අනේ

    ReplyDelete
  35. සමහර දවස්වලට මෙහෙම වෙනවා. ඒක හරියට අර ක්‍රිකට් ක්‍රීඩකයෝ out of form ඉන්න කලේ වගේ. අදහස් හිතේ තිබුනට වචන වලට පෙරලෙන්නේ නෑ. ඕක ඉබේම ටික දිනකින් හරියනවා. ජය වේවා නඟාට!

    ReplyDelete


ලිපිය කියවා කොමෙන්ට් නොකලත් කමක් නැහැ.. කමෙන්ට් කලොත් සතුටුයි. ලිපිය කියවන්නේ නැතුව කොමෙන්ට් කරන්න එපා.
අපුර්වි_


,නිතරම යහපත කරන්න...,සතුට සැනසිල්ල හැමදාම ඔයාලග රැදේවි,,දෙවිපිහිටයි,

Related Posts Plugin for WordPress, Blogger...