Wednesday, April 30, 2014

යොම් හෂිකරෝන් Holocaust Remembrance Day יום השואה(Yom HaShoah)

ලිපිය අවසානය තෙක් කියවා රූපය නැවත බලන්න.

යුදෙවුවන් කියන්නේ මහ පුදුම ජාතියක් ඇත්තටම පුදුමම ජාතියක්. මං ඔයාලට දවසක් කීවා යුදෙවුවන් ගැන නොදන්නා අයට සහ ඔවුන් ගැන හිත්වල යම් යම් ආකාරවල අදහස් දරණ අයට එයාල ගැන තව දැනගන්න ලියන්නම් කියලා. පියවරෙන් පියවර මං ලියන්නම්.

ඔයාලා දන්නවා දෙවන ලෝක යුධ සමයේ හිටලර් ගේ නාසි හමුදාව ඉතිහාසේ කවදාවත් නොවිච්ච විදියට මහා මනුස්ස සංහාරයක් සිද්ධ කළා. මියගිය ගණන ආසන්න මිලියන ගණින් තමයි අදටත් ගණන් හදන්නේ. 1933 -1945 කියන අවුරුදු 12 ක කාලසීමාව තුළ යුදෙවුවන් පමණක් මිලියන 6 ට වඩා වැඩි ප්‍රමාණයක් අමානුෂික විදියට මරලා දැම්මා. (ඒ වගේම දෙවන ලෝක යුද්ධය අවසානයේ සංගණනයන්ට අනුව ජර්මනියේ ජනගහණයෙන් 10 % ක් අඩුවෙලා ,මිය ගිහිල්ලා තිබුණලු.)

මිලියන 6ක් කියලා ගණන් කරලා කීවට ඒවා කජු ඇට හෝ කොස් ඇට නෙමේ මනුස්ස ජිවිත ලක්ෂ 60ක්. මේ ගණන තුල මේ ලෝකේ එළිය දැකපු නැති බිලිඳු කලලයේ  ඉඳලා මහල්ලා දක්වා සියළුම යුදෙව් මනුස්සයෝ හිටියා. මේ ව්‍යසනය නිසා මියගිය යුදෙවුවන් කදුළින් සිහිකරන්න හැම අවුරුද්දකම අප්‍රියල් මාසේ (යුදෙව් මාස ක්‍රමයට අනුව නිසාන් මාසය) පාස්කු උත්සවයට පසුව එන ඉරිදා දවස යුදෙවුවන් යොම්හශිකරෝන් සමරන්න යොදාගන්නවා. 1953 වසරෙදි අගමැති වෙලා හිටපු "ඩේවිඩ් බෙන්ගූරියොන්" මහතා තමයි මේ දිනය රජයේ ශෝක දිනයක් විදියට ප්‍රකාශයට පත්කළේ.( ඊශ්රායලයේ අන්තර්ජාතික ගුවන්තොටුපළේ නම බෙන්ගූරියොන්. අපේ බණ්ඩාරනායක මහත්මාගේ නම දාලා තියෙනවා වගේ. ඒත් ඒකෙන් එන්න හිතන්න නම් එපා හිරිඔතප් ඔක්කොම බිඳලා ,ඊයේ පෙරේදා කාපු බීපුවත් වමාරලා රට ඇතුලට ගන්නේ. ;) ඒ තරමට පරික්ෂා කරනවා.

මේ අවුරුද්දේ අප්‍රියල් 27 වෙනිදා ඉර බැසයනවාත් එක්ක යොම්හශිකරෝන් ජාතික උත්සවය පටන්ගත්තා.ඒ උත්සවය හැම ටීවී චැනල් එකකම සජීවීව විකාශය කළා.  ඊශ්රායල් අගනුවර ජෙරුසලමේදී ජනාධිපති සීමොන් පෙරිස් මහතා , අගමැති බෙන්ජමින් නෙතන්‍යාහු සහ ආරක්ෂක අංශ වල ප්‍රධානින් ,ඒ වගේම 1933-1945 ඒ අසීරු කාලසීමාවේදී පුංචි දරුවෝ වෙලා ඉදලා අමාරුවෙන් ජිවිතේ බේරගත්ත අය සහ එයාලගේ පවුල් වල අය මේ උත්සවයට සහභාගී වුණා. උත්සවය මං සීයත් එක්ක ටීවී එකේ බැලුවේ. 

උත්සවය ආරම්භ වුණේ විශේෂිත ට්‍රම්පට් වාදනයක් එක්ක.ඒ වාදනයට සමගාමීව හමුදා නිලධාරියෙක් ඊශ්‍රායල් ජාතික කොඩිය අඩකුඹු  කළා (half mast). වැඩි ආලෝකයක් නැති තැනක තමයි මේ උත්සවය පැවැත්වුණේ. අගමැති තුමා සහ ආගමික නායකයන් කීපදෙනෙක් කතා පැවත්තුවාට පස්සේ තව විශේෂිත වයලින් වාදනයක් තිබුණා. මං ජිවිත කාලෙටම අහලා තිබුණේ නැහැ එහෙම වයලින් වාදනයක්. මහා වැලපීමක්,මොරගැසීමක් ඒකෙ තිබුණේ. වයලින් වාදනය අවසානයේ වේදිකාවක් වගේ තැනක ලොකු ගෑස් පහන් 6ක් පත්තු කරන්න නියමිතව තිබුණා.  පහන් 6ක් පත්තු කරන්න හේතුව විදියට සීයා කීවේ නාසි සිරකඳවුරු වල මියගිය මිලියන 6ක් වෙච්ච යුදෙවුවන් සිහිකිරීමක් විදියටයි කියලා.මිලියනයට එක බැගින්.


මේ රූපයේ තියෙන්නේ ඒ අවස්ථාව.හැම අවුරුද්දකම මේ උත්සවය පවත්වද්දී පහන් 6 පත්තු කරන්න 6 දෙනෙක් තෝරාගන්නවා.ඒ තෝරාගන්න අය හැමකෙනෙක්ම 1933-45 කාළයේ යුරෝපයේ ජිවත්වෙච්ච පුංචි ළමයි..පහන් 6 පත්තු කරන්නේ  එකින් එක. පළවෙනි පහන පත්තු කරන්න කලින් පුළුල් තිරයක පෙන්නනවා ඒ කෙනා එක්ක කතාබහ කරලා කලින් පටිගතකරපු විස්තර. ඒ දේවල් අහන් ඉන්න හරිම අමාරුයි. මට සමහර අයගේ භාෂාව නොතේරුණත් ෆොටෝ රූප රාමු එක්ක එයාලාගේ කතාවන් තේරුම්ගන්න පුළුවන් වුණා.

මේ හය දෙනාම අවුරුදු 80 ට වැඩි අය. සමහරුන්ගේ ඇස් ඉස්සරහා දෙමවුපියෝ වෙඩි තියලා මරලා තියෙන්නේ. ඒ වගේම අවුරුදු 12ක් තිස්සේ ජර්මනි සිරකඳවුරු කියලා හඳුන්වපු වධකාගාර වල හාමතේ සහ ලෙඩ රෝග වලින් ඒ වගේම අධික ශීතල නිසා තමන්ගේ පවුලේ අය අහිමි වෙච්ච අය . මේ රතුපාට ඇඳුම ඇදන් ඉන්න කෙනා එයාගේ ජිවිතේ බේරාගෙන තියෙන්නේ අවුරුදු 12 දී.වධකාගාරෙට යුදෙවුවෝ ප්‍රවාහනය කරපු "මාරක දුම්රිය"කියලා හඳුන්වපු කෝච්චියෙන් අම්මා බලෙන් කැලේට විසිකරලා.එතනින් පෙරලිලා ගිහින් තනියම ජිවත් වෙලා තියෙන්නේ. එදායින් පස්සේ අද වෙනකල් එයාගේ කිසිම නෑයෙක් දැකලා නැහැ.

මේ කළු කොර්ට් එක දාන් ඉන්න කෙනා ජිවිතේ බේරගෙන තියෙන්නේ මිනිස්සු දහස් ගාණක් සිරකඳවුරෙන් එළියට දාලා යන්න කියලා දුවද්දී වෙඩි තියන අවස්ථාවක මැරිච්ච අය අතරම මැරුණා වගේ ඉදලා. හුස්ම වැටෙනවද පණ තියනවද කියලා මිනිස්සු එක්කෙනා ගානේ පරික්ෂා කරන්න නාසි හමුදාවට වෙලාවක් නැති නිසා ඔක්කොම එකතු කරලා පටෝගෙන ගිහින් කොහේ හරි ගොඩ ගහන එකළු කළේ. ඒ මිනී අස්සේ ඉදලා එයා ජිවිතේ බේරාගෙන තියෙන්නේ.

හිට්ලර් ගැන මා විසින් ලියු ලිපිය. අවශ්‍ය කෙනෙක් කියවන්න ප්‍රයෝජනවත් වේවි 




 සියගණනක් වූ වදකාගාර වලට ගාල් කරන්න මිනිස්සු කෝච්චියෙන් ගෙනාපු පිවිසුම් දොරටුව.මේක ඇතුලේ කුකුල් ෆාම් වල වගේ දහස් ගණන් යුදෙවුවෝ කන්න බොන්න නැතුව , ඒ වගේම ශිත කාලයේ හිම මිදෙන සීතලේ ඇදුම් නැතුව හිරකරලා තිබ්බලු. කුරුල්ලෝ ගෙම්බෝ,කැරපොත්තෝ පවා මිනිස්සු කාලා තියෙනවා ජිවිතේ බේරගන්න.  


   මේ හය දෙනා විතරක් නෙමේ තාමත් ජිවතුන් අතර ඉන්න දහස් ගාණක් යුදෙවුවන්ගේ පවුලේ කිසිම කෙනෙක් නැහැ.තමන් විතරයි.හැම කෙනාම  සැහැල්ලුවෙන් විස්තර කිරීම පටන් අරගෙන පුංචි ළමයි වගේ ඉකිගගහා අඬලා තමයි කථාවල් අවසන් කළේ. ඒ වගේම සිරකඳවුරු වලින් පැනලා ආපු අයගේ  අත් වල තාමත් සිරකඳවුරු වලින් ලැබිච්ච තමන්ගේ හංවඩු ගහපු අංකය තියෙනවා.


පහන් හයම පත්තු කලාට පස්සේ හමුදාවේ ඉහළ නිලයක ඉන්න කෙනෙක් දෙවියන්ට කන්නලවුවක් කළා ඒක පුරාමත් තිබ්බේ ශෝක හඩක්.අන්තිමට ජාතික ගීය කියලා අවසන් කළා..



මේ විදියට එයාලගේ අත්වල අංක තියෙනවා 



සිරකඳවුරු වල යුදෙවුවෝ ගාල් කරලා තිබ්බ විදිය 

මරා දැමු මිනිස්සු 
මිනිස්සු පුච්චපු උදුන් 





shower gas chamber (මිනිස්සුන්ව කාමර වලට පුරෝලා මේ සවර් වලින් ගෑස් එවලා තමයි මරලා තියෙන්නේ )

ලක්ෂ ගණන් යුදෙවුවන්ට වෙඩි තියලා මරණ එක නාසි භටයන්ට වෙහෙසකාරී සහ ඒකාකාරී  වැඩක් නිසා "ඇඩොල්ෆ් අයික්මාන්ගේ"මූලිකත්වයෙන් ඇඩොල්ෆ් හිටලර්ගේ අනුදැනුම ඇතුව විශාල ගෑස් කාමර හදන්න නාසීන් පටන් ගත්තලු.එකපාර මිනිස්සු 15000 ක් විතර පහසුවෙන් මරන්න පුළුවන් වීම ගැන අයික්මාන් කියන ලේ පිපාසිතයා ගොඩක් සතුටු වුනාලු. හිට්ලර්ට වඩා යුදෙවුවන් සමූලඝාතනය කිරීමේ පිපාසය  තිබිලා තියෙන්නේ අයික්මාන්ට බව ඊශ්‍රායල් ජාතිකයන් අදටත් කියන කතාවක්, යුදෙවුවන් අයික්මාන් හදුන්වන අන්වර්ථ නාමය "සාතන්"  ඒ වගේම ඔයාලගේ දැනුම වැදගත් වෙයි කියලා හිතලා ලිපිය දිග වැඩිවුණත් අයික්මාන් ගැන යමක් ලියන්න හිතුණා.

ඇඩොල්ෆ් අයික්මාන් 

පුංචි ළමයෙක් අම්මගේ අතේ ඉද්දි ඒ ළමයාගේ ඔළුව කෑලි කෑලි වලට කුඩුවෙන්න වෙඩි තියද්දි අයික්මාන් සතුටින් බලන් ඉන්න කෙනෙක්, ඒ වගේම ගෑස් කාමර නිර්මාණය කිරීමත් අයික්මාන්ගේ යෝජනාවක්. මිලියන ගාණක් මිනිස්සු මරලා අන්තිමට 1945 අවුරුද්දේ ජර්මනිය යුද්දෙන් පරාදවේගෙන එද්දී අයික්මාන් ආර්ජන්‍ටිනාවට පැනලා යනවා . ඒ ගිහින් අවුරුදු 15ක් හැංගිලා ජීවත්වෙනවා , කිසිම කෙනෙක්ට අයික්මාන්ට වෙච්ච දෙයක් හොයාගන්න බැරිවුනාළු ඒත්  තමන්ගේ ලේ වල පළිගැනීමේ පිපාසයෙන් හිටපු යුදෙවුවෝ මුළු ලෝකෙම පීරලා අයික්මාන්ව හොයාගන්නවා. ඒක ඊශ්‍රායල් රහස් ඔත්තු සේවයේ (මොසාඩ්) ඉතිහාසයේ කරපු විශිෂ්ඨතම මෙහෙයුම.ඉතාම රහසිගතව කිසිම සාක්ෂියක් ඉතුරු නොකර අයික්මාන්ව ඊශ්‍රායල් ගුවන් යානයකින් පණපිටින් ඊශ්‍රායලයට ගේනවා 1961 දී. අවසානයේ මුළු ලෝකෙම අවදානය මේ අයික්මාන් නඩුවට යොමු වෙනවා. ආර්ජන්ටිනාව සිද්ධියේදී අයික්මාන් නැවත තමන්ගේ රටට එවිය යුතු බව තරයේම කියද්දී ලෝකයේ අනෙක් සියළුම රටවල් ඊශ්‍රායලයට පක්ෂපාති වෙනවා. 

අවසානයේ 1962 අවුරුද්දේ මැයි මාසේ අයික්මාන් එල්ලලා මරණවා. එල්ලන අවස්ථාවේ තමන්ගේ මුණ ආවරණය කරන්නේ නැතුව එල්ලන්න වගේම, මරණයට කලින් පුජකයා ඉස්සරහා අවසන් පාපොච්චාරණය කරන්නවත් අයික්මාන් කැමති වෙලා නැහැ. මරණයෙන් පස්සේ අයික්මාන්ව ඊශ්‍රායල් රජය පිච්චුවේ තමන්ට තියෙන ඉහළ උෂ්ණත්වය යොදපු ආදාහනාගාරෙකලු. ඒ ජාතියක් විදියට තිබ්බ කේන්තිය පලිගැනීම නිසා. ඒ වගේම අයික්මාන්ගේ අළු උඩින් ගිහින් මධ්‍යධරණි සාගරයට අතෑරලා ආවළු. ඒ වගේම කිසිම දවසක නාසියෙක් සඳහා සොහොන් කොත් ඉදිකිරීමත් සිද්ධවුණේ නැහැලු. ඒකට හේතුව නාසි කියන නාමයට සම්බන්ධ කිසිම මනුස්සයෙක් මනුස්සයෙක්ගෙන් පුජාවක් ,වන්දනාවක් ලබන්න නුසුදුසු නිසාලු.






සිරකඳවුරු වලට යුදෙවුවන් ගෙනියන මාරක දුම්රියට 



27 වෙනිදා හවස රාජ්‍ය උත්සවය තිබ්බා වගේම පහුවදාත් හැම චැනල් එකකම 28 වෙනිදා පවත්වපු උත්සවයේ විස්තරත් සජීවීව දුන්නා. ජාතියක් විදියට අගමැති නෙතන්‍යාහු ඉදලා හැම සිවිල් මනුස්සයෙක්ම එක පවුලක් වගේ ඒ දවසේ දුක් වුණේ. හරියටම උදේ 10 ට මුළු රටපුරාම සයිරන් ශබ්දයක් නිකුත් කරන්න පටන් ගත්තා විනාඩි දෙකක්. පාරේ යන හැම වාහනයක්ම නවත්තලා ඩ්‍රයිවර් එලියට බැහැලා සීරුවෙන් ඉන්නවා. හැම කෙනාම ගල් ගැහුනා වගේ හයිවේ වල පවා වාහන නතර කරලා තිබ්බා.
රටේ හැම පාරකම තියෙන කලර් ලයිට් කණු සහ මාර්ග සඥ්යා වලින් මේ ශබ්දේ නිකුත් වෙන විදියටලු එදා ඉදන් හදලා තිබ්බේ. යුධ රටක් නිසා හදිසි අවස්ථා වල මුළු රටම එකම මොහොතේ දැනුවත් කරන්න තමයි මේ ක්‍රමය හදලා තියෙන්නේ.



----------------------------------------------------------------
යොම්හශිකරෝන්  Holocaust Remembrance Day ඊශ්‍රායලයේ  විතරක් නෙමේ දෙවනි ලෝක යුද්ධෙට සම්බන්ධ වෙච්ච හැම රටකම පවත්වන උත්සවයක්. ඒ වගේම අද වෙද්දී ඊශ්‍රායලය සහ ජර්මනිය කියන්නේ හිත මිත්‍ර රටවල් . එදා නාසි සංහාරය නිසා තමන් අතින් වෙච්ච ඒ මහා අකටයුත්ත වෙනුවෙන්  ජර්මනිය අදත් හැම මාසෙකම ඊශ්‍රායලයට යුරෝ වලින් ගෙවනවා. මේ ඉහත පහන් දල්වපු ජිවිතේ බේරාගෙන ඉන්න හැම කෙනාටම ජීවත්වෙන්න අවශ්‍ය වියදම දරන්නේ ජර්මනිය. හැම අවුරුද්දකම මේ දවසේදී කණ්ඩායම් විදියට යුදෙවුවෝ ජර්මනියට යනවා ඒ වදකාගාර භුමි දැකබලාගෙන එන්න.තමන්ගේ මියගිය දෙමවුපියෝ ,හිතමිතුරන්ට ඉටිපන්දම් මල් තියලා ඔවුන්ව සිහිකරලා එන්න.

හෙට අනිද්දට තියෙන නිදහස් උත්සවේ ගැන ලියද්දි තව විස්තර ලියන්නම් ලිපිය දිග වැඩි වෙනවා නැත්නම්.

ප/ලි
_________________________________________________________________________-


හැකිනම් නරඹන්න ..

ඔයාලට මතකයි නේද මහාකළු සිංහලය බ්ලොග් එකේ "වැරදිකරු ගුරුවරයාද" කියන හෙඩිමකින් ලිපියක් පළවුණා හයිම් ගිනොත් කියන යුදෙවු ආචාර්‍ය වරයා ලියපු නිසදැසක් එක්ක.. එදා අපි කීපදෙනෙක්ම ඒ නිසදැස පරිවර්ථනය කළා. එදා මං කරපු පරිවර්තනේදී "අයික්මාන් " කියන පුද්ගලයව දැනගෙන නොහිටියත් මගේ අතින් ඒ නම ලියවෙලා තිබුණා :අයිච්මාන් " කියලා මීට කලින් මන් අයික්මාන් ගැන දැනගෙන හිටියනම් මගේ නිසදැස තව වෙනස් වෙන්න තිබ්බා. කැමති කෙනෙක් ඉන්නවා නම් ගිහින් බලන්න. මෙතනින්  

120 comments:

  1. සංවේදී ලිපියක් අපූර්වි..
    සිද්දින් ගැන නැගුනු චිත්‍රපටි කීපයක්ම නරඹලා තියනවා.. මේ ලිපිය කියවද්දී එ් සිදුවීම් මතක් උනා.. ලක්ෂ 60ක් ජීවිත????? අැත්තටම කොච්චර කෘෘරද?
    ....

    ReplyDelete
    Replies
    1. යුදෙවුවෝ විතරක් ලක්ෂ 60 ට වැඩියෙන්. ඊට අමතරව යුරෝපය පුරා ලක්ෂ 200කට වැඩි ප්‍රමාණයක් සිවිල් වැසියන් සහ හමුදාභටයන්. ඔයා දන්නවද 2014 ජනගහන සංගණනයට අනුව ඊශ්‍රායලයේ වර්ථමාන යුදෙවු ජනගහනය ලක්ෂ 60 යි ...

      Delete
  2. ආයෙත් ඊශ්‍රායලය මතක් උනා. ඕක බොහෝම හැඟීම් බර දවසක්. ජෙරුසලමේ ඔය සැමරුම් උත්සවය මම ලයිව් බලලා තියෙනවා. එක කාළයක් මම නැවතිලා හිටිය කිට්ටුවම තිබුනේ. ඔය ට්‍රම්පට් ටියුන් එකට ඕන කෙනෙකුට ඇහැට කඳුළු එනවා.

    ReplyDelete
    Replies
    1. මටත් ලියද්දි ඔයාව මතක් වුණා, දවසක් මං යොම්කිපුර් ගැන ලියපු වෙලාවේ මේ දවස ගැන ඔයා මටහ්ක් කළා, එදා හිතාගත්තා ඒ දවස ආවම ලියනවා කියලා. තව මගහැරිච්ච උත්සව කීපයක් ලියන්න තියෙනවා. යුදෙවුවෝ ගැනමට පුළුවන් තරමින් ලියලා ඒ ගැන නොදන්න අය දැනුවත් කරන එක තමයි බලාපොරොත්තුව. ඒ වගේම මේ මිනිස්සුන්ගෙන් අපිට ගන්න ආදර්ශ බොහොමයි

      Delete
  3. ඉතාම සංවේදී ලිපියක් , ඔබ ඉතා විශිෂ්ට ලෙස ඉදිරිපත් කර තිබෙනවා සියල්ල, මම මේ සම්බන්දහයෙන් දන්නේ කියවා දැනගත් දෙයක් පමණයි , ඒ නිසා අදහස් ඉදිරිපත් කරන්නට යන්නේ නෑ. නමුත් මට මේ ලිපියේ තදින්ම කාවැදුනේ ///" හරියටම උදේ 10 ට මුළු රටපුරාම සයිරන් ශබ්දයක් නිකුත් කරන්න පටන් ගත්තා විනාඩි දෙකක්. පාරේ යන හැම වාහනයක්ම නවත්තලා ඩ්‍රයිවර් එලියට බැහැලා සීරුවෙන් ඉන්නවා. හැම කෙනාම ගල් ගැහුනා වගේ හයිවේ වල පවා වාහන නතර කරලා තිබ්බා."// කියන කොටස , මට මතක් වුනේ අපිත් ජාතියක් හැටියට මුහුණ දුන් සුනාමි ඛේදවාචකය සිහිකරන්නට හැම වසරකම දෙසැම්බර් 26 වනදා උදේ 9.00ට තියන විනාඩි දෙකේ නිශ්ශබ්ධ තාවය , ඒ වෙලාවේ නිශ්ශබ්ධ්ව ඉන්නේ කවුරුද කියන එකයි පැනය. අපේ රටේ මෙහෙම දෙයක් තිබ්බනම් ,සියල්ලම්නම් නිශ්ශබ්ධ වුනු වෙලාවේ ප්‍රභූ ආරක්ෂක රථ හැම සද්දයක්ම දාගෙන පාර පුරා යයි .

    ReplyDelete
    Replies
    1. අපේ රටේ තියෙන නරකම දෙයක් තමයි නීති සහ පොදු එකඟතාවන් වලදී පවා දේශපාලකයෝ කියන ජාතිය සිංහල කියන අපේ මේ පිරිසිදු ජාතියට උඩින් ඉන්න එක, එක අතකට ඒක i අයට මහා පාපයක් . මට හරිම කේන්ති මේ දේවල් වලට. යුදෙවුවෝ කියන්නේ මේක මගේ රට , නෙතන්‍යාහු කියන්නේ අපිට නායකත්වය දෙන කෙනා එයා අපිට වඩා උසස් නැහැ එයත් අපි මට්ටමේම ඉන්න එක මනුස්සයෙක්,, එයා මට වඩා වෙනස් වෙන්නේ නෙතන්‍යාහු කියන නමෙන් විතරයි. එයා කරන්නේ අපි වගේම රස්සාවක්,, මේ හැමදේටම උඩින් ඉන්නේ අපේ දෙවියන් පමණයි කියලා...

      Delete
  4. ජර්මානුවන් සතු සියළු සේසතම යූරෝ වලට හරවා ගෙවුවත්, ඔය මිය ගිය ලක්ෂ 60ක පුද්ගලයො අතරෙ එකම එක එක මනුස්සයෙකුගෙ වත් වටිනාකම ගෙවා නිම කර ගන්න පුළුවම් වෙයිද?

    සංවේදී වන විදිහට ලියලා තියෙනවා ඔමා. අයික්මාන් විඳෙවුවා මදි…

    ReplyDelete
    Replies
    1. කෙල්ලගේ ලව් සික් එක ඉවරයි වගේ

      Delete
    2. ඔව් අයියේ ඒත් හිත්වල ජර්මානුවන් වෙනුවෙන් තියෙන වයිරය මේ තුලින් තුනිවෙලා තියෙනවා. ඒ වෙනුවට නාසීන් කියන ගොඩට ඒ හැර වයිරයක්ම හැරවිලා තියෙනවා.

      Delete
    3. ඇනෝ @ ඒක ඉවරවෙන්නේ ලව් කරන කෙනා ලගට ආවමනේ, ඒ නිසා ඒක තාම ඉවර නැහැ

      Delete
  5. නොදන්නා අයට දැනගන්න හොද විස්තරාත්මක ලිපියක්.....

    ReplyDelete
    Replies
    1. ස්තුති තව විස්තර තිබුනත් දිග වැඩිවෙන නිසා මේ විදියට ලියුවේ. ස්තුති

      Delete
    2. ඇයි ඔයා ඔක්කොම දන්නවද මිස්ටර් කෙන්ජි

      Delete
    3. ඔව් මචං ...... උඹට අවුල්ද බං ..... ? හෙක්...... හෙක්......

      Delete
  6. මම ටීවී එකෙන් දැක්කා නිවුස් වලට ඔය උත්සවේ කොටස් එක්ක,අර සීරුවෙන් හිටගෙන ඉන්න එක.ඉතාලි යුදෙව්වන් උත්සවය සැමරුවා,ගිය ඉරිදා වතිකානුවෙත් ඔය සම්බන්දව බැනර් එල්ලගෙන උන්න මිනිස්සු,මොකද ගිය ඉරිදා සාන්තුවරයෙක් උනු 23 ජුවන් පාප්තුමා,දහස් ගානක් හංගේරියන් යුදෙව්වන් බේරගෙන තියනවා,කතෝලිකයින් විදිහට බොරු සහතික නිකුත්කරලා,
    අයික්මාන් අල්ලන්න මෙහෙයුම මම කියවලා තියනවා ගොඩක් කාලෙකට ඉස්සර ලංකාදීපේ දියත අතිරේකයේ කොටස් විදිහට ගියා,,මතක විදිහට පොතක් තියනවා සිංහල පරිවර්තනයක්..

    ReplyDelete
    Replies
    1. මාත් මේ දේවල් ටීවී එකෙන් තමයි දැක්කේ ඒ වගේම සීයා ගොඩක් දේවල් කියාදුන්නා, නෙට් එකෙන් තමයි කාලවකවානු හූයාගත්තේ, අයික්මාන් අල්ලන මෙහෙයුම හරියට ෂර්ලොක් හෝම්ස් කතාවක් වගේ

      Delete
  7. ගොඩක් හොඳ විස්තරයක් ... ඔච්චර දේවල් වෙලත් රටවල් දෙක සමගියෙන් ඉන්න එකත් ලොකු දෙයක් නේ...

    ReplyDelete
    Replies
    1. ඔව් අයියේ. ඒත් ඊශ්‍රායල් මිනිස්සු ගැන නම් විශ්වාස කරන්න අමාරුයි .. අනාගතේ දවසක මොනාකරයිද හිතන්න බැහැ

      Delete
  8. අපි නොදන්න කරුණු ගොඩක් දැනගත්තා ඒගැන ඔයාට ගොඩක් ස්තුතියි අපූර්වි.

    ReplyDelete
    Replies
    1. සැලිනි ඔයා බ්ලොග් එකක් ලියනවද ? , අපිට ලින්ක් එකක්වත් එන්නේ නැහැනේ. ස්තුති ඔයාටත්

      Delete
  9. වටින ලිපියක් ඔමා! ඈන් ෆ්‍රෑන්ක්ගේ දිනපොත මතක් උනා. :(((

    ReplyDelete
    Replies
    1. කම්මැලි කමෙන් ඉදලා කොහොමහරි අන්තිමට කොටාග්ත්තා,

      Delete
  10. විස්තරය බොහොම වැදගත්. මටනම් මෙහෙම අදහසකුත් තියෙනවා, ඒ තමයි යුදෙවුවන් කියන්නෙත් ඒ තරම්ම යහපත් පිරිසක් නෙවෙයි කියන එක.මම එහෙම කියන්නේ යුදෙවු චින්තනය මිනිස් අවශ්‍යතා වෙනුවෙන් ලෝක ස්වභාවධර්මයම කනපිට පෙරලන්නත් ඒ තුලින් නූතනත්වය දකිමින් යම් තෘප්තියක් ලැබීමටත් අනුබල දෙන ලක්ෂණය පැහැදිලි නිසා. එය මිනිස් ප්‍රජාවේ පැවැත්ම පැත්තෙන් බැලුවත් යහපත් දෙයක් නෙවෙයි. හිට්ලර්ට යුදෙවු චින්තනය එක්ක හැප්පෙන්න මතවාදී හයියක් තිබුණේ නෑ. ඒකයි හිට්ලර් කල්පනා කළේ යුදෙවුවන් අවි බළයෙන් මර්ධනය කරන්න.

    ReplyDelete
    Replies
    1. ස්තුති ඔයාගේ අදහස් එකතු කලාට, යුදෙවුවන් මරන්න හෙතුවෙච්ච කාරණා ගැන මං අද ලිපියේ ලීවේ නැහැ , ඒ වගේම යුදෙවුවෝ කියන්නේ මහ පුදුම ජාතියක් .මේ කාරණාවේදී සංවේදී උනාට ගොඩක් දැඩි හිත් තියෙන මිනිස්සු, ඒ ගැන මිට කලින් ලිපියක ලීවා, ලින්ක් එක පසුව කමෙන්ට් කරන්නම්, යුදෙවුවෝ ගැන ලියන්න එක ල්පියකින් බැරි වෙයි. එයාලා වෙලාවකට .... ඇත්තටම වෙලාවකට නෙමේ සාමන්යෙන් හිත් පිත් නැති අය කියලත් හිතෙනවා. ///හිට්ලර්ට යුදෙවු චින්තනය එක්ක හැප්පෙන්න මතවාදී හයියක් තිබුණේ නෑ.//// ඇත්තටම ඊට වඩා හිට්ලර් දැක්කා යුදෙවුවෝ සීග්‍රයෙන් දියුණු වෙමින් ජර්මනියේ ඉහළට යන හැටි.. හිට්ලර් කියන්නේ අහිකුන්ථක කියන මිනිස් වර්ගය මිනිස්සු නෙමේ කියලනේ, ඒ වගේම යුදෙවුවන් ගැනත් හිට්ලර් ගැන තිබ්බේ වෙනස්ම හැගීමක්.

      Delete
  11. බොහොම හොඳ ලිපියක්. මෙවැනි කාලීන තොරතුරුත් ඉන්ඩ හිට හෝ ලියන එක තුලින් ඔබෙත් අපෙත් දැණුම සහ අවබෝධය වර්ධනය වෙනවා.

    ඊශ්‍රායල් ජාතිය තරමක් දරුණු මිනිසුන් බව නොකියා බැහැ. ඔවුන් ඒ තත්වයට පත්වුණේ දෙවැනි ලෝක යුද සමයේදී ලද කටුක අත්දැකීම් වගේම 1950 දශකයේ සිට පලස්තීනය සමග ඇතිවූ (අදත් තිබෙන) ගැටුම් නිසා. එහිදී ඊශ්‍රායලය මෙන්ම පලස්තීනයද සාධාරණ නැහැ.

    මේ දිනයේදී කොඩි අඩකුඹු කරන පින්තූරයක් විකිපීඩියාවෙන් හොයාගත්තා.

    [im]http://en.wikipedia.org/wiki/File:Yom_HaShoah_Flags_halfmast.jpg[/im]

    ReplyDelete
    Replies
    1. ඉඳ හිට යනුවෙන් නිවැරදි විය යුතුයි. පින්තූරය පලවී නැත්තේ කිසියම් තාක්ෂණික දෝෂයකින් බව පෙනෙනවා.

      Delete
    2. පින්තූර දාන්න පුලුවන්ද කොමෙන්ට් විදියට ,මං ඒ ගැන දන්නේ නැහැ, මං කොඩි අඩකුඹු කරන ෆොටෝ එකක් දැම්මේ නැත්තේ ෆොටෝ වැඩිවෙන නිසා සමහරුන්ට ලෝඩ් වෙන්න වෙලා යනකොට කියවන්නෙත් නැහනේ ඒකයි විචාරක තුමණි,. ඇත්තටම් එයාලා තද හිත් තියෙන ජාතියක් කියලා එයාලම කියනව. ඊයෙත් පල්ස්තිනේ හමාස් සංවිධානේ නායකයෝ දෙන්නෙක්ව මැරුවා. පල්ස්තින් මිනිස්සුන්ට මෙයාල ගොඩක් හිරිහැර කරනවා.

      Delete
    3. ටිකක් හොයලා බලන්න ඔබේ බ්ලොග් සැකසුමේ කිසියම් වෙනසක් කරන්න අවශ්‍යද කියලා කමෙන්ට් වලට වැටෙන පින්තූර සඳහා අවසර දීමට.

      Delete
    4. එහෙම දෙයක් සෙටින්ග්ස් වල නැහනේ විචාරක තුමණි, මං හිතන්නේ වොරඩ්ප්රෙස් වල විතරයි පුලුවන්. එහෙම දෙයක් තියෙනවනම් නියමයි

      Delete
  12. හරිම සංවේදී ලිපියක්, අපූර්වී අක්කේ. කියවාගෙන යනකොට දිග යි කියලා හිතුවේ නෑ. නිවැරදි ව පාලනය නොකරපු මනසක් කොයි තරම් නං තිරිසන් වෙන්න පුළුවන් ද කියලා හිතෙන්නේ මේවා දකිනකොට තමයි! මේ ලිපියේ ම ඈන් ෆ්‍රෑන්ක් ගැනත් තිබුණා නං 100% ක් සම්පූර්ණ යි. මට දිගින් දිගට ම මතක් වුණේ ඒ ගැන.

    ReplyDelete
    Replies
    1. ස්තුති ධාරා.ඔව් එයා ගැනත් ලීවා නම් හොදයි තමයි, ඒත් ලිපිය දිග වැඩිවීම ගැන හිත හිතා ලියාගෙන ගියේ, මං ආයෙම ලිපියක් ලියන්නම් . ඔයාට පුලුවන්නම් මං ලින්ක් එකක් දාලා ඇති හිට්ලර් ගැන ඒකත් කියවන්න

      Delete
  13. පළමුවැනි වතාවටයි ඔයාගේ බ්ලොග් එක පැත්තේ ආවේ අපූර්වි. හරිම සංවේදී විදියට ලිපිය ලියවිලා තියෙනවා. දාලා තියෙන කමෙන්ට් සහ ඔයා ලියලා තියෙන පිළිතුරැ කමෙන්ට් කියෙව්වාම මට හිතුනේ මේ හැම දෙයක්ම ආරම්භ වුනු වීදුරැ බිදුනු රාත්‍රිය (Kristallnacht) ගැනත් යමක් ඔයා ලියනවා නම් හො‍දයි කියලා. හිට්ලර්ගේ යුදෙව් විරෝධී උමතුව පන ගහලා ආපු ඒ දවස ගැන දැනුවත්වෙලා ඉන්න එක ලංකාවේ අපිට ගොඩාක් වැදගත් වෙයි කියලායි මට හිතෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ආදරෙන් එකතුකරගන්නවා මගේ හීන අඩවියට.

      කරුණු මතක් කිරීම ගැන ස්තුතී. ඉදිරි ලිපියකදී ලියන්නම්, ඒ වගේම් අපිට වඩා ඔයාට දැනුම ඇති මේ දේවල් ගැන. ඔයාලගේ පැත්තේ ඇතුලෙත් ඇති ගොඩක් විස්තර.

      Delete
  14. හොඳ කරුණු රාශියක් ඔමා. පුළුවන් වෙලාවක රෝමන් පොලැන්ස්කිගේ The Pianist කියන ෆිල්ම් එක බලන්න.

    ReplyDelete
    Replies
    1. හොදයි අයියේ .. මං අනිවාර්යෙන් බලනවා පහල තිලිණ අයියා ටොරන්ට් ෆයිල් දාලා තිබ්බා , ස්තුති මතක් කිරීමට

      Delete
  15. යොම්හශිකරෝන් ගැන සහ අයික්මාන් ගැන ලියපු වැදගත් ලිපියක්. ඔබ ඒ රටේ ඉන්න නිසා යුදෙවුවෝ ගැන අපි නොදන්නා කරුණු ලියන්න පුළුවන්. අන්තර්ජාලයෙන් විතරක් තොරතුරු හොයලා මෙවැනි එකක් ලියන්න අමාරුයි.
    යුදෙවුවෝ කියන්නේ ලංකාවේ යුද්දෙට ගොඩක් උදවු කරපු පිරිසක්. යුදෙවුවෝ යක්කු උනත් උන්ට මම ගරුකරනවා. අයික්මාන් ගැන මමත් ලියන්න හිටියේ.

    ReplyDelete
    Replies
    1. ඔව් අපිට යුද්ධ කාලේ උදව් තිබ්බා ඒ වගේම සුනාමි වෙලාවෙත් උදව් කළා, ඒ විතරක් නෙමේ කෘෂිකර්මය දියුණු කරන්න ස්ප්රින්ක්ලර් (විසිරුම් ජාල සම්පාදනය) ක්‍රමය ලෝකෙට ගෙනාවෙත් යුදෙවුවෝ. ජනධිපති තුමාගේ ඊශ්‍රායල් සංචාරය ලිපියේ ඒ ගැන මං ලීවා මතකයි

      Delete
  16. හරිම වැදගත් ලිපියක්! කවදා හරි දවසක මේ සංසිද්ධි ඇස් දෙකෙන්ම බලා ගන්න ඕනේ

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්,, ඒ විදියට ඉටුවේවා

      Delete
  17. මට දෙවෙනි ලෝක යුද්ධෙ ගැන තොරතුරු හොයන්න/කියවන්න ඕන'උනේ ස්පීල්බර්ග්'ගෙ schindler's list ‍ෆිල්ම් එක බැලුවට පස්සෙ...
    ඉස්කෝලෙ යන කාලෙ, හරියටම මරණ දඬුවම ගැන උගන්නපු දවසෙම ගෙදර ඇවිත් ටීවී බලද්දි art tv කියන චැනල් එකේ ඒ ‍ෆිල්ම් එක ගියා. එදා නම් ලොකු කම්පනයක් ඇතිඋනා. පස්සෙ කාලෙක ආපහු ‍ෆිල්ම් එක බලද්දි දැනගත්තා කෑලි අඩුවෙන් පෙන්නලා තියෙන්නෙ කියලා. ඉතිං මුළු ‍ෆිල්ම් එකම බලපු දවසෙ දැනුනු හැඟීම වචනෙන් කියන්න හරි අමරුයි.
    >
    මෙන්න schindler's list ‍ෆිල්ම් එකෙයි, උඩ කමෙන්ට් එකක අරූ අයියා කියපු the pianist ‍ෆිල්ම් එකෙයි ටොරන්ට්ස්. කැමති කෙනෙක් කොටා බා'ගනිත්වා...
    Schindler's List
    The Pianist

    ReplyDelete
    Replies
    1. ඉහළ කොමෙන්ට් කරපු අය ෆිල්ම් ගැන කියද්දී මට මතක් උනේ ඔයාව තමයි, ටොරන්ට් දෙයියා ඔයානේ මගේ :) මේකෙන් ගියාම මට ගන්න තේරෙන්නේ නැහැ, පුලුවන්නම් එෆ් බි එකට ලින්ක් දෙක දෙන්න අයියේ

      Delete
  18. උපරිමයි . හොඳ විස්තරයක්.ඔහොම ලියාගෙන යමං !!

    ReplyDelete
  19. හිතට දැනෙන විස්තරයක්...
    ජයවේවා !!

    ReplyDelete
    Replies
    1. මගේ හීන අඩවියට ධනුෂ් කොල්ලව ආදරෙන් පිලිගන්නවා. ස්තුති

      Delete
  20. Nodanna dewal dodak Dana gatta. Aikman alla gatta hati danaganna kamathie. Me gana lankawe poth path liyawela thiyanawada ? Danaganna puluwanda

    ReplyDelete
    Replies
    1. මං දන්නේ නැහැ ඇනෝ තියෙනවද කියලනම්. මෙහෙ නම් ගොඩක් පොත් තියෙනවා, ඒ වගේම හැමෝම දන්නවා. ස්තුති මන් හොයලා ඔයාට දෙන්නම්.

      Delete
  21. අනේ අපූර්වි අක්කියෝ, හරිම ලස්සනයි ඔයාගේ සයිට් එක. මම හුස්ම ගන්නේ නැතුව ලිපිය එක හුස්මට කියෙව්වේ මේ ඇත්තමයි. පුදුම රසවත්කමක් තිබුනේ ලිපියේ. ඒ වගේම ලිපිය මඟින් ගොඩාක් දේවල් මම ඉගෙන ගත්තා. අක්කියාට පින් අක්කියෝ මෙහෙම දැනුවත් මේ ලිපිය හරහා අපිට ලබලා දුන්නට.

    ReplyDelete
    Replies
    1. ඔයාගේ කොමෙන්ට් එක ආචාර්‍ය විජේකෝන් ද මොකක්ද කියන කෙනාව මතක් කලේ මට. අක්කියෝ අක්කියෝ කියලා තොදොල් උනේ උපහාසෙටද, අපහාසේටද මොකටද මට තේරුම් ගන්න බැහැ ,ok thanks . බබෝ

      Delete
  22. අපුර්වී අක්කේ ලිපිය බලලම කොමෙන්ටුවක් දාන්නම් ...... මේ දවස් ටිකේ වෙලාව ටිකක් අඩුයි අක්කේ

    ReplyDelete
    Replies
    1. මල්ලි බබා දැකපු කල් :) හා හා ඔයා ඉතින් බිසී මනුස්සයනේ

      Delete
  23. කෲරත්වයට නම් දරාපු යුද්ධයක් වුනත් මමත් දෙවෙනි ලෝක යුද්දේ ගැන ලියවිච්ච නවකතා, නිපදවෙච්ච චිත්‍රපට බලන්න පුදුම ආසාවක් තියෙන්නේ. මම මේ දවස්වල කියවන පොතත් දෙවෙනි ලෝක යුද්දේ පසුබිම් කරගත්ත යුදෙව් ව්‍යාපාරිකයෙක් ගැන ලියවෙච්ච එකක්. (Tycoon -Harold Robbins)

    සරළව කිව්වොත්, යුදෙව්වො දිහා මුලු යුරෝපයම බැලුවේ සාමාන්‍ය සිංහලයෝ දෙමළ සහ මුස්ලිම් ප්‍රජාව දකින ආකාරයට සමාන ඇහැකින්. යුදෙව්වා කියන්නේ කැරපොත්තා වගේ ඕනෙම දුශ්කරතාවයකට මුහුණ දෙන්න පදම් වෙච්ච, ඒ වගේම අවසානයෙදි තමන්ට ඕනෙ දේ ලබාගන්න, අන්තිමේදි බලනකොට ව්‍යාපාර, රජයේ තනතුරු ඔක්කොම ඩැහැගන්න මොළකාර කපටි කෛරාටික හැත්තක් හැටියට.

    නමුත්, ඔය යුද්දෙන් තමයි ආපහු ඊශ්‍රායලයක් බිහිවුනෙත්. ඊශ්‍රායල් ජාතිකයෝ සහ ඊශ්‍රායලය ගැන දරණ පෞද්ගලික මතය අනුවත් අද කෙනෙක්ව නිර්දය ලෙස විවේචනය වෙන්න පුලුවන්.

    ඒ වගේම ජර්මන් ජාතිය හිට්ලර් ඇතිව හෝ නැතිව දෙපාරක්ම ලෝක යුද්ද වලට පාර කැපුවා වගේම දෙපාරම තව පොඩ්ඩෙන් දිනනවා. තව පොඩ්ඩක් එහෙ මෙහෙ වුනානම් අද අපි කතා කරන්නේ ජර්මන්. නමුත් මුලු ලෝකයම ජර්මනියට සමාවත් දුන්නා හැකි ඉක්මනින්ම. ඒ වගේම ප්‍රතිවිරුද්ධ කණ්ඩායමේ රටවල් විසින් ජර්මන් තාක්ෂණය සතුරු මිතුරු කොයි යුගයෙත් ඉහලින් සැලකුවා.

    ReplyDelete
    Replies
    1. ස්තුති අයියේ දීර්ග කොමෙන්ට් එකකින් අදහස් එකතු කලාට , මාත් මේ ටිකේ ගොඩක් ඒ ගැන කියෙවුවා. ඔයා කියෝන පොත ඉවර වුණාම අපිටත් දැනගන්න එක්ක ලියනවද පෝස්ට් එකක්. මේ කරුණු මටනම් හරිම රසවත්,

      Delete
    2. නෑ අපූර්වි.මම මේ කියලා තියෙන්නේ ඒ පොතේ තිබ්බ කරුණු නෙවෙයි. නිකම් මගේ අදහස. ස්තුතියි ඉක්මන් ප්‍රතිචාරයට.

      Delete
    3. මාත් අදහස් කලේ එහෙම නමුත් කොමෙන්ට් එක ලියවිලා තියෙන විදිය කියවද්දී පේන්නේ එහෙම හිතුවා වගේ තමයි, සමාවෙන්න, ඒ වගේම ඔයා කියපු මේ කතාව නම් සහතික ඇත්ත,///යුදෙව්වා කියන්නේ කැරපොත්තා වගේ ඕනෙම දුශ්කරතාවයකට මුහුණ දෙන්න පදම් වෙච්ච, ඒ වගේම අවසානයෙදි තමන්ට ඕනෙ දේ ලබාගන්න, /// එයාලා අවුරුදු දහස් ගානක් තිස්සේ දුෂ්කරතා වලට මුහුණ දෙමින් තමයි ජිවත් වුණේ. මිසරයේ අච්චර විශාල පිරමිඩ හැදුවේ යුදෙවුවෝ. ඒ වගේම අවුරුදු 40 ක් තිස්සේ මිසරයෙන් ඊශ්‍රායලයට ආපු ඒ දුෂ්කර ගමන යුදෙවුවන්ට ආහාර තාක්ෂණය ගැන , ගොඩක් දේ උගන්නන්න ඇති ..

      Delete
  24. හරිම සංවේදීව දැනුනු ලිපියක් ...

    ReplyDelete
  25. නොදන්න ගොඩක් දේවල් ඉගෙන ගන්න ලැබුන පෝස්ටුවක්. ඒ වගේමයි ඒ මිනිස්සු ගැන සෑහෙන දුකක් හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. ඔව් මධු මිනිස්සු විදියට අපිට දුක හිතෙනවා කා ගැන වුණත්, යුදෙවුවෝ කියන්නේ අනුකම්පාව ලබාගන්න බැරි ජාතියක් මොනදේ වුණත් . ස්තුති ආවට

      Delete
  26. වටින විස්තරයක් අක්කෙ, දෙවන ලෝක යුද්ධය ගැන ගොඩක් දේවල් දැනගත්තෙ අදයි :)

    ReplyDelete
    Replies
    1. සසිදුවෝ. දෙවන ලෝක යුදෙදේ ගැන මෙතන අංශුමාත්‍රයක් වත් නැති තරම් , මං තව ලියන්නම්කො

      Delete
  27. බොහොම සංවේදි ලිපියක් මේ ලිපිය කියවන විට වෘකයන් අතර නග්නව පොත මතක් වුණා.

    ReplyDelete
    Replies
    1. ස්තුති අයියේ . ඒ පොතේ භාගයයි මට කියවන්න ලැබුණේ , දුකයි මතක් වුණාම

      Delete
  28. යුදෙවුවන්නට කරපු දේවල් වල හැටියට අයික්මාන්ට ලැබුන දඬුවම නම් හොදටම මදී.. ඒත් ඉතින් හැමෝම අයික්මාන්ලා නෙමෙයිනේ..

    වැදගත් විස්තරයක් බං.. සාර්ථක ලිපියක්..

    ReplyDelete
    Replies
    1. ස්තුති දිනේෂ්.. අයික්මාන්ට වද දෙන්න ඇති නොකීවට

      Delete
  29. Replies
    1. ස්තුතී අයියේ ඒ වගේම ඔයාව මගේ හීන අඩවියට ආදරෙන් එකතු කරගන්නවා.

      Delete
  30. සංවේදී වගේම වැදගත් ලිපියක්..

    ReplyDelete
  31. ඉතාම හොද ලිපියක් ඔමා...

    තව වැදගත් දෙයක් මම කියවලා තියෙනවා. හිට්ලර් යුද වියදම් පියවා ගත්තේ යුදෙව්වන් කොල්ල කාලලු. ඔවුන්ගේ සේසතම කොල්ල කාලා, අන්තිමට මරන්න මොහොතකට කලින් ඇදන් ඉන්න ඇදුම් ටිකත් ගන්නවලු. අන්තිමට කොන්ඩෙත් කපන්න කියලා ඒවත් අරගෙන යනවලු මෙට්ට හදන්න. මැරුවට පස්සේ ඇගේ තියෙන තෙල් තට්ටුවත් ගන්නවලු සත්තුන්ගේ කෑම හදන්න.

    ReplyDelete
    Replies
    1. ස්තුති අයියේ.,
      ඒ දේවල් හරිම කෘරයි නේද? කොල්ල කෑවා කියල දැනගෙන හිටියට මේ දේවල් නම් දැනගෙන හිටියේ නැහැ අයියේ, ස්තුති .

      Delete
  32. මම නාසි වද කඳවුරක් දැක්කා විතරක් නෙවෙයි ඒක ඇතුලෙ සෑහෙන කාලයක් ගත කලා. ඒ කාලය තුල හිතට දැණුන හැඟීම් විස්තර කරන්න අමාරුයි.. වෙලාවකට හිතුනා දාස් ගනනක් හිරකරුවෝ අපි දිහා බලන් ඉන්නවා වගේ..

    අපේ රටේ වෙලා තියෙන සහ තාමත් වෙනවා කියලා අපි දන්න වද හිංසා කිරීම ගැන හිතුවම අපි මීට වඩා පහලින් ඉන්නෙ .. විසි එක්වන සිය වසෙත් අපි හිට්ලර්ගෙ සගයෝ.. මේ සිදුවීම් දිහා බලන් ලෝකෙ දියිණු මිනිස්සු අපේ රට දිහා බලන්නෙ කොහොමද කියල අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ..

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත අයියේ. ඔයාට නම් තියෙන්නේ දුර්ලභ අත්දැකීමක් නේ, ස්ට්තුති අදහස් එකතු කලාට

      Delete
  33. ඔමක්ක කීවනෙ දෙවන ලෝක යුද්ධය ගැන දැන ගන්න ආසයි කියල...
    මෙන්න ලිංක් දෙකක් කියේ..
    මේවයින් සල්ලි වලට ගන්න තියෙන ඒන ඒ පොගේ නමිං නෙට් එකේ සර්ච් පාරක් දුන්නාම ෆ්‍රී ගත්තෑති..
    අනික්ව නං ෆ්‍රී මයි දෙන්නෙ..
    එහෙම නං මේකෙං බලන්නකො

    පොත්

    පොත්

    ReplyDelete
    Replies
    1. http://en.bookfi.org/g/Frederick%20Forsyth

      http://ebookily.org/pdf/the-odessa-file-paddys-blog-41501455.html

      මේ යට එකේ තියෙන්නෙ එදා මං කියපු ඔඩෙස්සා ෆයිල් පොත

      Delete
    2. නියමයි මල්ලි, ඔන්න මං එතනින් කියපු දේටත් වඩා ඒවා ගත්තෝ , thanks මල්ලි

      Delete
  34. සියළු විස්තර සහිතව ඔමා ලියපු සුපිරිම ලිපියක්.... ජය වේවා..

    ReplyDelete
    Replies
    1. මාතලන් හරි වගේ ......! :P

      Delete
    2. උඹල මාතලංව කරේ තියාගෙන නේ ඉන්නේ ඒකයි ඒ... හැක්...

      Delete
    3. මොකක්ද අනේ මේ කතාව

      Delete
    4. ස්තුති දෙෂ්කතුමෝ

      Delete
  35. නොදන්නා විස්තර ගොඩක් දැනගත්ත. හොඳ ලිපියක් ස්තුතියි.

    ReplyDelete
  36. සංවේදී පොස්ටුවක්,
    ඔය ලියන්නේ, ජය ශ්‍රී...!

    ReplyDelete
    Replies
    1. අම්මෝ ඔයාලට බයේ මං මේ ලියුවේ ඉක්මනට පෝස්ට් එකක්, ත්න්ක්ස් හොදේ මරණ තර්ජන වලට

      Delete
  37. යුදෙව්වන්ව හිට්ලර් මරාපු එක වගේම පලස්තීනෙ ගාසා වල අහින්සක මුස්ලිමුන්ව යුදෙව්වො විසින් මරන්න ගත්තු එකත් එක වගේම වැරදි දේවල්.

    අපි ඒ කතාව පැත්තකින් තියල, ඉතිහාසෙ වෙච්චි දේ ගැන ආයි බැලුවොත් ඒ වෙලවෙ හිට්ලර් සහ අයික්මාන් ප්‍රමුඛ ජර්මානුවො කරපු දේ නොවෙන්න ලෝකෙ මේ වෙනකොට ගොඩක් වෙනස් වෙන්න තිබ්බ.

    දෙවනි ලෝක යුද්ධෙ නොආවනම් සමහරවිට යුරෝපෙන් භාගයක් යුදෙව් මාක්ස්වාදී රටවල් වෙලා ඇමරිකාව යුදෙව් ධනවාදී වෙලා ලොකෙම උන්ගෙ යටතෙ තියෙන්න තිබ්බ. ඇත්තටම ඒක තමා යුදෙව් බලාපොරොත්තුව උනෙත්.

    නමුත් 1919 දි බැවේරියාව සෝවියට් සමාජාවාදී සමූහාන්ඩුවෙ ප්‍රාන්තයක් කියපු යුදෙව් සමාජවාදියො රුසියාවෙ යුදෙව් ට්‍රොට්ස්කිගෙ රතු හමුදාව එක්ක එකතුවෙලා ස්වදේශික ජර්මානුවන්ට දීපු වද වේදනා නිසා තමයි හිට්ලර් කෙනෙක් බිහි උනේ, සහ හිට්ලර්ට සහයෝගය දෙන මිලියන ගානක ජර්මානු ජනතාවක් බිහි උනේ. කොටිම්ම යුදෙව්වො කෑවෙ තමන්ම වපුරපු දේ අස්වැන්නයි.

    ඇත්ත, අද ජර්මනිය හිට්ලර් කරපු ඒ දේ ගැන ලැජ්ජ වෙනව. නමුත් ඒකෙන් අදහස් වෙන්නෙ නෑ ඔවුන්ගෙ යුදෙව් විරෝධය ඉවර බව. බහුතර යුරෝපීයො අදටත් යුදෙව් විරෝදීන් ( පුද්ගලිකව මමත් යුදෙව් විරෝදියෙක් ).

    ඔය ඔක්කොම අස්සෙ හිනා යන පොලොටිකල් නාට්‍ය තමයි යුරෝපීය යුදෙව්වොම නිර්මානය කරපු සමාජවදයට ඇමරිකානු යුදෙව්වො තාම විරුද්ධ ඇයි කියල.

    තව එකක්, ඊශ්‍රායලය විසින් හැන්ගිල හිටපු අයික්මාන්ගෙ සමහර දුරකථන පනිවුඩ හොරෙන් පටිගත කරනව. ඒව ඔබ ඇහුවනම් (යූ ටියුබ් එකේ තීනව, හොයාගෙන අහන්න ) අයික්මාන්ගෙ ගැන ඔයිට ටිකක් වෙනස්ව ලියැවෙන්න තිබ්බ. අයික්මාන් තම්න්ගෙ නඩු විභාගෙදි කිව්ව වගී ගෑස් කාමර හැදුවෙ තම්න්ගෙම රටේ හමුදව අහින්සක කිරි දරුවො වෙඩි තියල මරපු ම්ලේඡ්චයින් පිරිසක් වෙන එකින් මුද්වගන්න. අනික අයික්මාන් මුලින් බැලුවෙ යුදෙව්වො මැඩගස්කරයට හරි රුසියවට හරි පිටුවහල් කරන්නයි.

    ReplyDelete
    Replies
    1. උඩ කමෙන් එක දැම්මෙ මම. ඒක ඇනෝ උනේ යුදෙව් කුමන්ත්‍රනයකින් වෙන්න පුලුවන්.

      Delete
    2. This comment has been removed by a blog administrator.

      Delete
    3. This comment has been removed by a blog administrator.

      Delete
    4. ඉන්දික, @ මං දේවල් ගැන ගොඩක් ගැඹුරින් දන්නේ නැහැ, නමුත් මං එකක් දන්නවා යුදෙවුවෝ දක්ෂයි ,ලෝකේ කොහේ හිටියත් ඒ මිනිස්සුන්ගේ ලේ වල තියෙන ඒ අමුතු හැකියාව කාටවත් නවත්ත්න්න බැහැ. ඒ වගේම ඒ මිනිස්සුන්ගේ හිත් වල මේ වෙද්දී ආදරය, සෙනෙහස ,අනුකම්පාව කියන දේවල් නැහැ.

      //දෙවනි ලෝක යුද්ධෙ නොආවනම් සමහරවිට යුරෝපෙන් භාගයක් යුදෙව් මාක්ස්වාදී රටවල් වෙලා ඇමරිකාව යුදෙව් ධනවාදී වෙලා ලොකෙම උන්ගෙ යටතෙ තියෙන්න තිබ්බ. ඇත්තටම ඒක තමා යුදෙව් බලාපොරොත්තුව උනෙත්. /// මේක කියන්න හේතුව මොකක්ද අයියේ, මං දන්න විදියට හිට්ලර් යුදෙවුවෝ සමූලඝාතනය කරන්න හේතුව හිට්ලර් දැක්කා ඒ මිනිස්සුන්ගේ මේ හැකියාව. ඉහළ රැකියා ,ඉඩකඩම් යුදෙවුවෝ ගත්තේ බලෙන් හෝ කපටි කමෙන් නෙමේ හැකියාවෙන්. ඒක වරදක්ද? එහෙම නැත්නම් ඔයා හිට්ලර්ගේ ක්‍රියාව සාධාරණීකරණය කරනවද ? මං ඒ දුරකතන සංවාද අහන්නම ස්තුති ඒ ගැන කීවට.
      මං යුදෙවුවන්ට අකමැතියි පවුද්ගලිකව ඒ මං මේ මිනිස්සු එක්ක ජීවත්වෙලා ලබපු අත්දැකීම් නිසා. ඉදිරියට ඒ ගැන ලියන්නම්, ඔයාට ස්තුති , නොදන්න දේවල් දිර්ගව කොමෙන්ට් කලාට

      Delete
  38. ලොකු විස්තරයක්.ගොඩාක් ස්තුතියි

    ReplyDelete
    Replies
    1. ස්තුති අයියේ , කියවල අදහස් එකතුකලාට

      Delete
  39. මුල සිට අගටම කියෙව්වා...කරුණු ඉතාම හොදින් ඉදිරිපත් කරලා තියෙනවා..හිට්ලර්ගෙ වදකදවුරු වලින් බේරිලා ආපු අය ලියපු පොත් රාශියක් තියෙනවා...ඒවායින් එකක් දෙකක් මමත් කියවලා තියෙනවා..එ මතකයත් අලුත් වුනා.යුදෙව්වන් මෙච්චර මරපු මිනිහෙක් අහුවුනාම එල්ලලා මරනවා වගේ දඩුවමක් දේවි කියලා කීයටවත් හිතන්න බෑ නේද...ඊට කලියෙන් ඒ අය තමන්ගෙ ආවේගය පිට නොකරපු එක පුදුමයි. හිට්ලර්ගෙන් බේරිලා ආව අය ලියපු පොත් වගේ නෙමෙයි...ලංකාවෙ අදුරු භීෂණ යුගයෙ එළියකන්ද වද කදවුරෙන් බේරිලා ආපු කෙනෙක් ලියපු එළියකන්ද කිල් පොයින්ට් තමයි මා මෙතෙක් කියවා ඇති ත්‍රාසජනකම පොත...සැබෑ සිදුවීම් නිසා හිතේ ලොකු කම්පාවක් ඇති වුනා ඒ පොත කියවා අවසන් වෙද්දි.

    ඔබේ ලිපියට අන්තර්ජාලයෙන් තොරතුරු ලබා ගන්නා මූලාශ්‍රත් මේ ලිපිය තුලම දැක්වීම ඒ තොරතුරු තව දුරටත් හොයාගෙන යන කෙනෙකුට වැදගත් වේවි. ඒ නැතත් එය අපේ වගකීමක් ලෙස මා දකිනවා.

    ReplyDelete
    Replies
    1. ස්තුතී අයියේ .
      ලෝකෙට නොකීවට සමහර විට වද දෙන්න ඇති, දැන් පලස්තීන් අහිංසක මිනිස්සුන්ට පාරවල් වල නිකන් ඉද්දිත් තුවක්කුවෙන් අනිනවා ,ඕනේ තරම් මං tv එකේ දැකලා තියෙනව, ඒ වගේම හිරගෙවල් වල ඉන්න අයටත් වද දෙනවා.

      කිල් පොයින්ට් කියවන්න මාත් ආසයි ඒත් හම්බෙලා නැහැ,

      අන්තරජාලෙන් මං second world wore කියලා ගහලා විකිපීඩියා එකෙන් දින ගැන තමයි ගත්තේ අයියේ, අනිත් දේවල් tv එකේ යද්දී ලියාගත්ත ඒවා, ඒ දවස් දෙකම මායි සීයයි tv බැලුවා.

      Delete
    2. ඒ වගේම ඉදිරියට මන් එහෙම කරන්නම්, ස්තුති දැනුවත් කලාට ,සහ මතක් කලාට

      Delete
    3. කිල් පොයින්ට් පොත සිංහලෙන් ලියවිච්ච එකක්...ඒ ගැන කවුරු හරි බ්ලොග් ලිපියක සදහන් කර තිබූ බවක් මතකයි...ඒ කොතැනද කියලා නිච්චියක් නෑ..රජයේ හමුදාව අත්අඩංගුවට ගත්ත ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන්ට වද කදවුර ඇතුලෙදි දක්වපු ප්‍රතිචාරය තමයි මේ පොතට අඩංගු වෙන්නෙ. මෙය හිතලුවක් නොව සැබෑ සිදුවීම් විස්තර වෙන එකක් වීමත්...මේ කියන සමාජය තුල අපත් ජීවත් වූ නිසා හිතට දැනෙනවා වැඩියි.

      ඒකෙ එක තැනක තියෙනවා හැමදාම අල්ල ගන්න ගියාට කට්ටි පනින ජේවීපී දේශපාලනය කරපු පුතා වෙනුවට එයාගෙ වයසක තාත්තා ගෙනල්ලා ඒ මනුස්සයගෙ හිසට උදැල්ලකින් පහර දීලා මරාදමන සිදුවීමක්...මරා දමපු මිනිහට පහර දෙකක් ගහන්න උනාලු අර අහිංසක මනුස්සයගෙ ප්‍රාණය නැති කරන්න. ඒක දැකපු උගෙ යාලුවෙක් කියනවලු...අයියෝ උඹ ඕකට පාරවල් දෙකක් ගැහුවට...මම නම් එක පාරෙන් වැඩේ ඉවර කරනවා කියලා...නිකමට හිතන්න..මේ වියරු හැසිරීම ගැන... ඒ අයට කිසිම අනුකම්පාවක් තිබිලා නෑ නේද මේ මිනිස්සු ගැන කියලා....

      Delete
    4. සිරා,,,මේ පොත, එලියකන්ද වධ කඳවුර K.point. රෝහිත මුණසිංහ කියන පැරණි ජවිපෙ සාමාජිකයෙක් ලිව්වේ. ඔහු පොත් කිහිපයක් ලියා තිබෙනවා. දැන් ඉන්නේ ප්‍රංශයේ.

      Delete
    5. සිරා අයියා@ අම්මෝ ඒ වගේ දේවල් කියවන්න ආස වුණාට ,දැනුවත් වීමක් ලැබෙනවා වගේම හරිම ක්‍රෝදයක් අපේ හිත්වලට එනවා නේද? ස්තුති ආයෙම කොමෙන්ට් එකකින් අදහස එකතුකලාට. හොයන් කියවන්න ඕනේ අනිවාර්යෙන් ,

      Delete
  40. අපූර්විගෙ ලිපිය අන්තිම ඉහලයි. ඇත්තටම මම මේ දවස්වල හරිම කාර්යබහුල වෙලා ඉන්ටනෙට් එකේ හුඟක් වෙලා ගත කරන්න බැරිව තමයි ඉන්නෙ. ඒත් මේ ලිපියත් විශේෂයෙන් ඉන්දික උපශාන්ත දාපු ඇනෝ කොමෙන්ට් එකත් නිසා මට යමක් කියන්නම ඕන වුනා.
    යුදෙව් සංහාරය මා බෙහෙවින් කම්පනයට පත් කළ දෙයක්. එය මානව සංහතියේ දරුණුම ඛේදවාචකය විය හැකියි.ඒත් යුදෙව් විරෝධය යනු හුදු ජර්මන් යුදෙව් වෛරයක් නොවෙයි.ඇත්තටම රුසියන් යුදෙව් ගැටුම් වලදි යුදෙව්වන්ගෙ හොඳම මිතුරන් වුනේ ජර්මානුවන්.යුදෙව් විරෝධය මුළු යුරෝපය පුරාම තිබුන එකක්.
    එක්දාස් නවසිය හතලිස් ගනන්වල මේ වගෙ සමූලඝාතන වලට අවශ්‍ය තාක්ෂණය තිබුනද කියන එක ගැටළුවක්. යුදෙව් සංහාරය සම්පූර්නයෙන්ම මිත්‍යාවක් කියලත් සමහරු කියනව. සංහාරයක් සිදු වුනත් සමහර දේවල් නම් අතිශයෝක්ති වෙන්න ඇති.

    යුදෙව්වොත් ශිෂ්ටාචාර සිය ගනනක් විනාශ කලා. බයිබලයේ පරන ගිවිසුම බලන්න. එහිදී යුදෙව්වො කානානිවරු සමූලඝාතනය කරල තමයි ඊශ්‍රායලය අල්ල ගන්නෙ. යුදෙව්වන්ගෙ යුද්ධ පොත කියල එකක් තිබුන.ඒක බලන්න බය හිතෙන පොතක්. යුදෙව්වො සෙසු ලෝකයට කෲර වූ ලෙසින්ම සෙසු ලෝකය යුදෙව්වන්ට කෲර වුනා.බයිබලයෙ පරන ගිවිසුම කියවන කොට මට තේරුන දෙයක් තමයි යුදෙව්වො සෙසු ලෝකයට කොයි තරම් වෛර කලාද කියන එක.
    ඒ මොනව වුනත් යුදෙව්වන් ට හිට්ලර් කරපු දේවල් අන්තිම ම්ලේච්ඡයි. හැබැයි යාලුවනේ හිට්ලර් තනියම යුදෙව්වො රැස් කරල දුම් රියේ පටවල හිට්ලර්ම දුම් රිය එළවගෙන ගිහින් ගෑස් කාමර වල දැම්ම නොවෙයි.ජර්මන් නාසීන් අදත් ජර්මනියෙ ඉන්නව.ඔවුන් ඒ සමූලඝාතනය අනුමත කරනව.හිට්ලර් කළේ ජර්මන් ජනතාවගෙ ඉල්ලීම.යුද්දෙන් පසු හුඟක් නාසීන් දකුණු ඇමරිකාවට පළා ගියා.මෙන්ගෙල් වගෙ අය දිගටම ජර්මනිය එක්ක සමබන්දකම් පවත්වාගෙන ගියා.

    උඩ හෙන් රි බ්ලොග්වෝකර් කියල තිබුන පොඩ්ඩක් එහෙමෙහෙ වුනා නම් අපි අද කතා කරන්නෙ ජර්මන් කියල. ඒක එහෙම නොවෙයි.ඇත්තටම හිට්ලර්ට පොඩි වැරැද්දක් වුනා.ඔහු ස්ටාලින් එක්ක ගිවිසුමක් ගහල තිබුනෙ.ඒ ගිවිසුම ඒක පාර්ශ්විකව උල්ලංඝනය කරල රුසියාව ආක්‍රමනය කළා.හිට්ලර් ඇමරිකාවට එරෙහිව මෙක්සිකෝව එක්කත් ගිවිසුම් ගහල හිටියෙ. මුළු ශක්තිය බටහිරට යොදල බ්‍රිතාන්‍ය වට්ට ගත්ත නම් හිරු නොබසින අධිරාජ්‍යයේ බලය හිට්ලර්ට යනව.එහි මානව හා වෙනත් සම්පත් යොදාගෙන පසුව රුසියාවට පහර දෙන්නයි තිබුනෙ.ඒත් හිට්ලර් පෙරමුනු දෙකක සටන් කළා.

    හිට්ලර් යුද්දෙ දිනුවනම් යුදෙව්වො විතරක් නොවෙයි ආර්ය ජර්මන් නොවන සියළු දෙනා සමූලඝාතනය කරන්නයි හිටියෙ.හිට්ලර් රුසියානුවන් ගැන කීවෙ ඔවුන් රතු ඉන්දියානුවන්ගෙ මට්ටමට දානව කියල.යුක්‍රේන් හා රුසියාවල මහා ජර්මන් ජනපදපිහිටුවන්න හිට්ලර්ට වුවමනා වුනා.
    හිට්ලර් දිනුවනම් අපි අද ජර්මන් කතා කරනව නොවෙයි.අර්ධ මනුෂ්‍යයන් ලෙස ජර්මානුන්ගෙ වහල්ලු විදියට වැද්දො වගෙ ජීවත් වෙයි.අපි පර්යේශනාගාර ගිනි හාවුන් වෙන්නත් ඉඩ තිබුන.

    මේ වගෙ දෙයක් යළි ඇති නොවනවා කියා සහතිකයක් දෙන්න කාටවත්ම බැහැ.

    ReplyDelete
    Replies
    1. ඔයාව මගේ හීන අඩවියට ආදරෙන් එකතු කරගන්නවා අයියේ, ඔයාගේ දීර්ග අදහස් එකතු කිරීමට ස්තුති
      //එක්දාස් නවසිය හතලිස් ගනන්වල මේ වගෙ සමූලඝාතන වලට අවශ්‍ය තාක්ෂණය තිබුනද කියන එක ගැටළුවක්. යුදෙව් සංහාරය සම්පූර්නයෙන්ම මිත්‍යාවක් කියලත් සමහරු කියනව. සංහාරයක් සිදු වුනත් සමහර දේවල් නම් අතිශයෝක්ති වෙන්න ඇති./// නැහැ මේ කාලේ වෙද්දී ජර්මානුවන්ට සබ්මැරීන පවා තිබුණා විශාල ප්‍රමණයක්, ඊශ්‍රායල් කවුතුකාගාරයක් තියෙනවා ඒ කාලේ ඒ සංහාරයට ලක්වෙච්ච ඇයගේ සෙරප්පු සපත්තු පවා විශාල කාමර ගණන් ගොඩ ගහපු,,

      ශුද්ධ බයිබලය ගැන ඔබ ඉදිරිපත්කල අදහස ගැන සතුටුයි, මේ ලිපිය මිට වඩා දීර්ග වෙන නිසා මන් ඉතිහාස කතා එකතු නොකළේ, මොකද යොම්හශිකරෝන් ගැන විතරක් ලියන නිසා,, ඒත් යුදෙවුවෝ ගැන ලියන එක හරි අමාරුයි , මොකද එයාලා විදපු මේ එක විදවීමට හරියන්න එයාලා හරියට දේවල් කරලා තියෙනවා, සහ දැනුත් කරනවා,, ඒ වගේම තව දෙයක්,, ශුද්ධ බයිබලයට අනුව , යාකොබ් කියන පුද්ගලයා හරිම කැරලිකාරී, එයාව දෙවියන් ඊශ්‍රායල් කියන නම තියලා අලුත් ජාතියකට ආරම්භයක් දුන්නා ඒ වගේම පොරොන්දුවක් දුන්නා,, මං නුබලාව මේ පොලවේ උසස කරනවා , ආහසේ තාරකා , සහ පොලවේ වැලි වගේ නුබලව බෝ කරනවා කියලා, ඒ වගේම පොලව මුළුල්ලේම ගිහින් ඒක අල්ල ගන්න,, ඒක සාරවත් කරන්න කියලා, මිසරයේ වහල්ලු වෙලා ඉන්න කාලේ බලන්න එයාලා කරලා තියෙන නිර්මාන,, අන්තිමට මිසරයෙන් එයාලා එන්නේ නොදුටු ඊශ්‍රායලයක් හොයාගෙන ,, ඒ වගේම ඒ මගදිගට හම්බෙන ජාතින් විනාශ කරගෙන ... තව ගොඩක් දේ තියෙනවා මේ කතාවේ... සමහරු විශ්වාස නොකලට දවසක 3 වෙනි ලෝක යුද්ධේ පෙරමුණ ගන්නේ ඊශ්‍රායලය මට හිතෙන විදියට, පිරිස් බලය සහ භුමිය මදි කම හැර වෙන කිසිම අඩුවක් නැහැ එයාලට ..


      ඔයා අන්තිමට කියපු කාරනාව එක්ක මන් එකගයි ,, ස්තුති ,.

      Delete
  41. අපුරු ලිපියක්.හරිම සංවේදී,.........

    ReplyDelete
    Replies
    1. හැක්...., උබත් මේ පැත්තට ආවද?
      ඕමා අක්කා, මේකා සුවර් නැති බුවා බලාගෙන..

      Delete
    2. වෙල්කම් පිට්ටුවෝ

      ස්තුති හොදේ ...

      හි හි ඔයා වගේම නැතැයි ඉතින් නෙහ් :)

      Delete
    3. හැ හෑ....නිමෝ කියන්නේ හිට්ලර් වගේ පොරක් හරිය...ඔමා බලාගෙන.

      Delete
    4. හි හි ඒවා කොහෙද මල්ලි අපි එක්ක

      Delete
  42. ලෝකයේ කොහේවත් රටක් නැති ජාතිය යුදෙව්වෝ , වෙද්දී අනෙක් බලවතුන්ගේ තාඩන පීඩන වලට ලක් වුනා.....ලොකුම හේතුව ඒක ථංඖඉ...... ජේසු තුමාගේ ඉදල..... ඒ කියන්නේ අතීතයේ ඉදලම ආපු ප්‍රශ්නයක් මේක......

    ReplyDelete
    Replies
    1. ඔව් අක්කේ , ඒ වගේම මිනිස්සුන්ගෙන් එහෙම වෙන්න හේතුව ඒ මිනිස්සුන්ගේ තිබ්බ දක්ෂකම, ජේසුතුමා කියන්නේ යුදෙවුවෙක් උනාට යුදෙවුවන්ගෙන් පිඩා ලබපු කෙනෙක්, ඔයා දනන්වද අක්කේ ඔයා වගේම මාත් ඉස්සර හිතං හිටියා, ඒත් බයිබලයේ යෙසායා පොතේ තියෙන විදියටම මිට අවුරුදු 400 ගානකට කලින් ඉපදිච්ච යේසුස් වහන්සේව කුරුසියට යැවුවේ යුදෙවුවෝ,, ඒ ශාපය පවා යුදෙව් ජාතිය මත තියෙනවා , දෙවැනි ලෝක යුද්දෙදි ඒ පාපයේ බලපෑමත් තිබුණා කියලා මං විස්වාස කරනවා, ජේසු කීවම.. යුදෙවුවෝ කෙල ගහනවා තුක් කියලා..

      ස්තුති

      Delete
  43. අර උඩින් ඩුඩ් අයියා කියලා තියෙනවා වගේ කොයි තරම් මිලෙච්ච සිදුවීමක් වුනත් 2 ලෝක යුද්ධය,ඒ ඉතිහාස කතාවට මමත් කැමතියි.හැබයි යුදෙව්වන්ගේ වේවා,නාසින්ගේ වේවා මිලේච්චත්වය අනුමත කරන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. මාත් මේ ලිපිය ලීවේ ඒ සිතුවිල්ලේ ඉදගෙනයි. යුදෙවුවෝ මොන තරම් කෘර , නපුරු , මොනව්දියේ ජාතියක් වුණත් ඒ වෙච්ච සන්හාරේ ඉතාම දරුණුයි, අමානුෂිකයි,, ඒ හැර ඊට ලක්වෙච්ච පාර්ශවේ වැරදි නෙමේ මට වැදගත් වුනෙ, සමහරුන් මේ දේ තේරුම් නොගත්තාදැයි කියලත් හිතෙනවා ස්තුති ඔයාට

      Delete
  44. ගොඩක් විස්තර තියෙන හොඳ ලිපියක්.
    යුදෙවුවෝ සහ ජර්මන් ජාතිකයෝ යන දෙපිරිසම උග්‍ර ජාතිවාදියෝ. ඔය රටේ ඉඳන් එහි වැරදි දකින්න හිතන්නවත් එපා. මකර වෙළඹ ගැනත් ලිපියක් ලියන්න..

    ReplyDelete
    Replies
    1. ස්තුති අයියේ. හ්ම්ම්,, ඔව්, මෙහෙන් ලෙබනන් වගේ රටකට ෆෝන් එකෙන් ඩයල් කරන්නවත් බැහැ,, වැඩිය ට්‍රයි කලොත් ගෙදරට පොලිසියෙන් එයි .. හි හි හොදයි අයියේ ,,

      Delete
  45. යුදෙව්වො ගැන මගෙ හිතේ තියෙන්නෙ ඇත්තටම ගෞරවයක්. ඔවුන්ගෙ ධෛර්යය, උත්සාහය, ඉල්ලකයක් සපුරාගැනීමේ නොපසුබට කැපවීම...මේ අතින් යුදෙව්වො කිසි ජාතියකට දෙවෙනි වෙන්නෙ නෑ. මැද පෙරදිග ඔවුන්ගේ සියළු ක්‍රියාකාරකම් බොහොමයකට මට එකඟ වෙන්ට බැරිඋනත් ඒ ගෞරවනීය හැඟීම යම් තරමකින් අඩු උනා මිසක නැත්තටම නැතිවෙලා නෑ.

    ඊශ්‍රායලය ගැන මම මුලීන්ම දැනගත්තෙ 1973 අරාබි-ඊශ්‍රාය යුද්දෙදි. යොම් කිපූර් දිනයෙදි යුද්ධය පටන් ගත්තු නිසා යොම් කිපූර් යුද්ධය කියලයි වඩාත්ම ප්‍රසිද්ධ .ඒ කාලෙ ඊශ්‍රායල් අගමැතිනි ගෝල්ඩා මේයර් මහත්මිය. ආරක්ෂක ඇමති හිටියෙ එක ඇහැක් Eye Patch එකෙකින් වහගත්තු මොෂේ ඩයන්. පත්තරේ රේඩියෝ එකේ විස්තර අහල. මේයර්, ඩයන්, සයිනායි අර්ධද්වීපය, ගෝලාන් උස් බිම් එහෙම අපිට හොඳටම හුරු පුරුදු වචන වෙලා තිබ්බෙ.

    මම හතේ පන්තියෙ ඉන්දැද්දි පාඨශාලාන්තර දැනුම මිනුම තරඟයකට අපේ ඉස්කෝලෙ කණ්ඩායමට මමත් තේරුණා. අවසන් පූර්ව තරඟයෙදි අහපු එක ප්‍රශ්ණයක් ඊශ්‍රායලයෙ සාමූහික ජනාවාස හැඳින්වෙන නම කුමක්ද?...උත්තරය ...කිබුට්ස් මම ඒක දැනගෙන හිටපු නිසා අපේ කණ්ඩායමට ලකුණු 10 ක්ද කොහෙද හම්බ උනා. ඒත් අවසන් තරඟෙදි අපි පැරදුනා...ඒ පැරදුනෙ අපේ ඉස්කෝලෙ ඉස්සරහ තිබ්බ බාලිකා විද්‍යාලයට..සික්...පාරෙ බැහැල යන්ට බැරුව හිටිය ඊට පස්සෙ මාස තුනක් විතර...හෙහ්,හෙහ්.

    දෙවන ලෝක යුද්ධෙදි යුදෙව් සමූල ඝාතනය ගැන මම චිත්‍රපට බලල, පොත් කියවල ඇති ඕන තරම්..ඒත් තවමත් ඒ ගැන අලුතෙන් යමක් කියවනකොට හිත කීරිගැහිල යන එක වලක්වන්න බෑ. මිනිස්සු කොහොමද මිනිස්සුන්ටම මෙහෙම කෲර විදිහට, මෘග විදිහට, තිරිසන් විදිහට සළකන්නෙ කියල හිතෙනකොටත් පපුව දාල යනව.

    ඒ එක්කම මෙහෙම දේකුත් මට හිතෙනව. අද ඊශ්‍රායලය කියල රටක් තියෙන්නෙ හිට්ලර් හින්දයි කියලත් වෙලාවකට මට හිතෙනව. හැමෝම නාසීන්ව පතුරු ගැහුවට යුදෙව්වො කියන ජාතිය අනාදිමත් කාලෙක ඉඳල හැමෝගෙම පළිගැනීමට වධහිංසාවලට ලක් වෙච්චි ජාතියක්.ඒත් හිට්ලර් ගෙ වැඩේ හින්ද අමරිකාවට සහ එංගලන්තෙට ඊශ්‍රායලය කියල රටක් ඇතිනොකර බැරිඋනා. යුදෙව් සමූලඝාතනය වළක්වන්ට ඔවුන් කිසිදෙයක් කලේ නෑ මුලින්. හිට්ලර්ට ඕන දෙයක් කරගන්ට ඇරල පැත්තකට වෙලා හිටිය. සමහරවිට ඒ සමූල ඝාතනයෙ සැබෑ තතු ඔවුන් දැනගෙන නොඉන්ඩ ඇති.

    ඒත් යුද්දෙ ඉවරවෙලා අවුෂ්විට්ස්, බූකෙන්වෝල්ඩ්,බර්ජන්-බෙල්සන් කඳවුරු වල සිද්ද වෙච්ච් මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ වල විස්තර එළිවෙනකොට තමන්ගෙන් වෙච්ච වැරැද්ද හරිගස්ස ගන්ට අමරිකාව සහ එංගලන්තෙ කලේ යුදෙව්වන්ට වෙනම රටක් හදල දුන්න. ඒ පලස්තීනයෙන් කොටසක් වෙන් කරල. ඒ ප්‍රශ්නය තවම ඉවරයක් නෑ.

    ReplyDelete
    Replies
    1. ස්තුති රවී අයියේ ,ඔයාගේ අත්දැකීම් සහ දැනුම එකතුකරලා දිර්ගව කොමෙන්ට් එකකින් අදහස් එකතු කරපු එක, . අද ඊශ්‍රායලයේ 66 වෙනි නිදහස් දවස. ඒ වගේම මොෂි ඩයන් ගේ මරණය සහ එයාගේ පවුලේ විස්තර ඇතුලත් කෙටි චිත්‍රපටියක් බැලුවා. එයා එයාගේ දරුවන්ට දේපල ලියලා දුන්නේ නහ කියලා එයාගේ දුව තාත්තගේ මරණෙට ආවේ නැහැ.. මේ යුද්දය කවදාවත් ඉවර වෙන්නේ නැහැ අයියේ, ටෝරා එකේ දෙවියන් එයාලට ලකුණු කරලා දුන්න මුළු භුමිය අයිතිකරගන්නකල් එයාලා මේක නවත්තන්නේ නැහැ. . දැන් පලස්තිනේ මිනිස්සු හරියට දුක් විදිනවා ඊශ්‍රායල හමුදාව කරන වැඩවලින්, ගිය සතියෙත් ගුවන් ප්‍රහාර වලින් හමාස් නායකයෝ දෙන්නෙක් මරුවා .

      Delete
  46. ඉස්සර මොකක් හරි පත්තරේක් අයික්මාන් ගැන ආටිකල් එකක් ගියා.මිනිහ එක එක ලෙඩ වලට බෙහෙත් හොයන්න පරීක්ශනාගාර මීයො විදියට මිනිස්සුන්ව අරන් තියෙන්නෙ. බෙහෙත් එන්නත් කරල සමහර මිනිස්සු ඉදිමිලා මැරිල තියෙන්නෙ.ඒවගේ කරපු කෙනෙකුට අන්තිමට මරණය ලැබුනු හැටි සාමකාමී වැඩිද මන්දා, , ,

    ReplyDelete
    Replies
    1. ඒ අයික්මාන් නෙමේ.දොස්තර ජෝසප් මෙන්ගල්.

      Delete
    2. හ්ම්ම්, මට මතක තිබුනෙ ඒ විදියට, ඉස්සර කියවපුවනෙ, :D
      ස්තූතියි ඔබට, :)

      Delete
    3. ගොළුබෙල්ලට උදාර නිවැරදි කරලා දුන්නට ස්තුති, මාත් මේ කාරණාව දැනගෙන හිටියේ නැහැ. උදාරව මගේ හීන අඩවියට ආදරෙන් එකතුකරගන්නවා

      Delete
  47. ඒ ගැන ලියපු පොත සිංහලෙන් නිකුත් වෙලා තියෙනවා.
    මරණයේ දොරටුව - අවුෂ්විට්ස්
    ලේඛකයා වෛද්‍ය මැන්ගලේට උදවු වුණ (බලෙන් වැඩ ගත්) යුදෙවු වෛද්‍ය වරයකු වන මික්ලෝස් නයිස්ලි.

    හර්ෂ

    ReplyDelete
  48. මේ දවස්වල ඊශ්‍රායිලය ගැන හොයනවා... හොඳ ලිපියක්

    ReplyDelete
  49. යුදෙව්වන් මරලා පුච්චලා ඒ අළු තමුන්ගෙ මිදි වතු වලට දාගත්ත නායකයොනෙ නාසි කියන්නෙ.. මේ දෙගොල්ලොම තමුන්ගෙ තාක්ෂනේ ගැන පම්පෝරි ගැහුවට ඒ දියුණුව පිටිපස්සෙ තියෙන්නෙ මහා මිනිස් ජීවිත කොල්ල කෑමක්.

    ReplyDelete


ලිපිය කියවා කොමෙන්ට් නොකලත් කමක් නැහැ.. කමෙන්ට් කලොත් සතුටුයි. ලිපිය කියවන්නේ නැතුව කොමෙන්ට් කරන්න එපා.
අපුර්වි_


,නිතරම යහපත කරන්න...,සතුට සැනසිල්ල හැමදාම ඔයාලග රැදේවි,,දෙවිපිහිටයි,

Related Posts Plugin for WordPress, Blogger...