Wednesday, May 28, 2014

කැදැල්ල


"අද බැංකුවේ හරියට සෙනග" 
"හප්පා ඊට හපන් අවුරශ්නේ'  
"හෙට පුතාලා එනවා කිවුව හින්දා ඔන්න මස් කිලෝ එකකුත් අරන් ආවා" 
මහන්සියෙන් ගෙට ගොඩ වෙච්ච ගුණතිලක බඩු මල්ල උදුලා අතට දීලා ඉස්තොප්පුවෙන්ම වාඩි වුණා.

"ඈ උදුලා පුතාලා හෙට එනවම කිවුවද හැබෑට ?" 
"එනවනම් කිවුවා ඉතින්  පුතා ඒවි". 
"කී සැරයක්නම් එනවැයි එනවැයි කීවද කෝ ආවද ? 
"ඒ දරුවන්ටත් හරියට වැඩ රාජකාරි පොඩි එකී සිස්සත්තෙ ලියන්න ඉන්නේ මයේ හිතේ. පුතා ඉරිදා සෙනසුරාදත් වැඩ කරනවා කියන්නේ .ඒ දරුවෝ එයි හෙමීට" 
'මේ දෙහි වීදුරුව බීලා හිටින්න මහත්තයා' 
ගුණතිලක අතට දෙහි වීදුරුව පෑ උදුලා සුපුරුදු පරිදි ගුණතිලක ලගම තිබුණු කුඩා පුටුවේ වාඩි වුණේ මද සිනහවකුත් සමගයි. 
'ලිඳ ගාව බේසමේ වතුර පුරෝලා තියෙනවා ඕක බීලා ගිහින් මුණ කට ටිකක් හෝදගෙන හාන්සි වෙන්න ගුණේ."
'හ්ම්ම් මුළු ඇගම තලදාලා වගේ ,බොහොම පිං'  සීතල වතුර ගුණතිලකගේ ගත මෙන්ම සිතද පුබුදු කලසෙයක් පෙනුණි. 
'මං නංගිලගේ දිහා ගිහින් එන්නම් ඔයා ටිකක් හාන්සිවෙලා ඉන්නකෝ' 

අලිගැටපේර ගෙඩි කීපයක් කවරෙක්ට දාගත්ත උදුලා පිටිපස්ස ගේට්ටුවෙන් පිටත් වුණේ නන්දාවතී ලගේ වෙරළු ගහෙන් වෙරළු අහුලගෙන ගිහින් නංගිගේ පුංචි මිණිබිරියන් දෙදෙනාට දීම පුරුද්දක් කරගෙන සිටි නිසාය. 
උදුලා දුරදීම දකින දැරියන්ගේ ඇස් සතුටින් පිනායන්නේ උදුලා ඔවුන්ට දක්වන අප්‍රමාණ සෙනෙහස නිසාමයි.
..............................................................................................

විවාහයෙන් වසර තුන හතරක් ඉක්ම ගියත් උදුලා දරුවන් නොලැබුවාය. දවසින් දවස ගුණතිලකගේ පවුල තුල උදුලා කොන් වුවාය. ගුණතිලකගේ නංගිගේ දරුවාගේ කිරිබාරේ දවස ඇගේ ජීවිතයේ අතෘප්තකරම දිනය වුවාට සැක නැත.

"බැඳලා අවුරුදු කීයක්ද ..තාම කෝ ඉතින්"
"ඔය ඉන්නේ ලොකු ලේලී ...වඳයි"
"රන්දුණුපිටිය මුදලාලිගේ පරම්පරාවටම පිරිමියෙක්ට ඔච්චරයි අපරාදේ "
"අපි මුලින් කීවා කොහෙද ඇහුවේ නැහනේ...විස්ස්විජ්ජාල වල ගිහින් කරගත්ත මගුල්නේ ඕවා"

කිරිඅම්මාවරුන්ගේ කතාබහ අතර ඇගේ හදවත කෑලි කෑලි වී ඇත්තාසේය.

"අපි දරුවෙක් අරන් හදාගමු ගුණේ.ඒ ඔයාගේ උපන් හැටිනේ ..මොනවා කරන්නද අපි "
දොස්තර මහත්තයා කීවනේ තවත් සල්ලි වියදම් කරලා වැඩක් නැහැ කියලා. 
"ඔයාලගේ අම්මල නංගිලා කියන කතා තවත් මට අහන් ඉන්න බැහැ ගුණේ;අපි යමු අපේ මහගෙදර අම්මයි අප්පච්චියි ඉන්නෙත් තනියම....හ්ම්ම්
...............................................................................

අපි පොඩි දරුවෙක් අරන් හදාගමු ගුණේ..
නොනවත්වා කරන මේ ඇවටිල්ල කෙලවර වුයේ පුංචි පිරිමිදරුවෙක් ගෙදරට ගෙන ඒමෙන්ය.
"දැන් ඇගේ මුහුණ පිරිපුන්ය,ඇයට කල්පනා කරන්න ,හඬන්න තබා ගුණපාල සමග නෝක්කාඩු කීමටවත් කාලයක් නොමැත...දරුවා සමග කෙලිදොලෙන් දවස ගෙවන උදුලා දකින ගුණපාලගේ සිත සතුටින් පිනා යයි. තමුන් වෙනුවෙන් වඳ ගැහැණියක ලෙස සමාජයෙන් ,පවුලෙන් කොන් වුණත් කිසිම දවසක ඒ වරද තමා පිට පටවන්නේ නැතුව සියල්ල දරාගත් උදුලා ගුණපාලගේ ජීවිතය තුල දේවතාවියක් ලෙස වැඩ හිඳී.

"ගුණේ හෙට පුතා උපාධිය ගන්නවා " 

"ගුණේ පුතාලා කියන්නේ කසාදෙන් පස්සේ කොළඹ පදිංචියට යනවා කියලා"

කාළය මැනවින් තම කාර්‍ය ඉටුකරමින් ඔවුන් වියපත් කර හමාරය...
........................................................................................
.
වෙරළු කඳ මැද්දෑවේ  හැමදාමත් දකින ගිරා කූඩුව හොඳටෝම නිශ්ශබ්දය .. දින කීපයකට උඩදී බෙනය ඇතුලේ ඉඳ මුව අයා කෑමට කටහැරි පුංචි ගිරා පැටවුන්ගේ  ගෝරනාඩුව අද නැත... නියඟට කොළ හැළුණු ලුණුමිදෙල්ලා ගස් අග්ගිස්සේ අකීකරු හුළගට අනුව පැද්දෙමින් සිටි  ගිරා ජෝඩුව දෙස මොහොතක් බලාසිටි ඇය වෙරළු ගෙඩි කීපයක් අහුලා අලිගැට පේර මල්ලටම දමාගත්තාය.
____________________________________________________
ප /ලි
පහුගිය සතියේ මගේ යාළුවන්ගේ බ්ලොග් කියවන්න,කොමෙන්ට් කරන්න  බැරි වුණා ඒ ගැන සමාවෙන්න..

121 comments:

  1. න්යෂ්ටික පවුල් නොවැ!
    අපේ පරම්පරාව ඔය වයසට එලැඹේද්දී,වියපත් විය තව දුරටත් දරුවන්ගේ දරුවන් බලා ගැනීමට තියෙන කාලයක් විතරක් කියන එකත් වෙනස් වේවී.

    ReplyDelete
    Replies
    1. ඔව් ඒක හොද දෙයක් ගයිජින් න්‍යෂ්ටික පවුලක් කළා :D

      Delete
  2. හ්ම්...ලස්සන කතාවක්..බොහොම සැහැල්ලුවෙන් කියවගෙන ගියා.
    ඇතුලේ තියන පණිවිඩය ගොඩක් වැදගත්.

    ReplyDelete
    Replies
    1. මාත් ඔහේ ලියන් ගියා අයියේ.. ඒ පණිවිඩය ලැබුවානම් ඒක මට සතුටක්

      Delete
  3. හරිම අපූරුයි ලියල තියෙන ලිවිල්ලත් තේමාවත්..ආර් ආර් සමරකෝන්ගෙ ගේ කුරුල්ලෝ මතක් උනා.

    ReplyDelete
    Replies
    1. ස්තුති අයියේ, ගේ කුරුල්ලෝ tv එකේ ගියා මං බැලුවා පොඩි කාලේ

      Delete
  4. ඉස්සරවගේම අදත් සමහර පවුල් වල පිරිමියාගේ අඩුවක් තිබුනත් සමාජය වපරැහින් බලන්නේ ගැහැණු කෙනා දිහා, ගෑනු කෙනෙක් ඒ දෙ කොහොම ඉවසන් ඉන්නවද මන්දා, හුඟක් නැන්දා ලේලි ගැටුම පටන් ගන්න ඕකත් එක හේතුවක්, එත් අන්තිමේදී මොන පිළියම ගත්තත් වියපත් වෙනකොට අයිත දෙන්න දෙමහල්ලෝ තනිවෙනවා.

    //වෙරළු කඳ මැද්දෑවේ හැමදාමත් දකින ගිරා කූඩුව හොඳටෝම නිශ්ශබ්දය .. දින කීපයකට උඩදී බෙනය ඇතුලේ ඉඳ මුව අයා කෑමට කටහැරි පුංචි ගිරා පැටවුන්ගේ ගෝරනාඩුව අද නැත... නියඟට කොළ හැළුණු ලුණුමිදෙල්ලා ගස් අග්ගිස්සේ අකීකරු හුළගට අනුව පැද්දෙමින් සිටි ගිරා ජෝඩුව දෙස මොහොතක් බලාසිටි ඇය වෙරළු ගෙඩි කීපයක් අහුලා අලිගැට පේර මල්ලටම දමාගත්තාය.//

    කතාවේ තේමාවත් එක්ක මේ ටික කතාවේ අවසානයට අමුතුම සංවේගයක් එකතු කරලා, හරිම ලස්සනට ලියල තියෙනවා අක්කේ, කතාව රස වින්දා. ජය වේවා.

    ReplyDelete
    Replies
    1. ඔය කොටස ඉතාම කෙටියෙන් කතාවේ ලකුණු කලේ කියවන අයට සංවාදයක් ඇති කරන්න නිසාමයි සොමියෝ,
      //එත් අන්තිමේදී මොන පිළියම ගත්තත් වියපත් වෙනකොට අයිත දෙන්න දෙමහල්ලෝ තනිවෙනවා// බලන්න මේ දෙන්න දරුවෙක් අරන් හදාගෙන ඒ සතුට ලබාගත්තට ,,අවසානේ අයෙම තනියම,, විවාහය තුලින් දරුවන් ලැබුණට ඇත්තටම ඉතිරිවෙන්නේ දෙන්නා විතරයි අන්තිමට

      Delete
  5. ස්තූතියි.... දන්නෝ දනිති....

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්ම්ම්. අපි කීකරු දරුවෝ

      Delete
  6. නියඟයට කොල හැලුන ලුණුමිදෙල්ලා ගහේ බෙනේ ඇතුලේ මුළු කතාවම තියෙනවා.. අපූරුයි... ඉඳගෙන

    ReplyDelete
    Replies
    1. මං ආස නැහැ දිගට දිගේ කතා ලියන්න... ඒ වගේම කතාවේ කියන්න ඕනේ දේ අමුවෙන් කියලා දාන්න. ගහකොළ එක්ක මගේ මොකක්දෝ මෙවුවා එකක් තියෙනවා ඒකයි ඔය ගස් කොළන් සම්බන්ධ කරගන්නේ.. අපේ වෙරළු ගහක් තිබ්බා ...ඕකේ ගිරා කුඩුවක් තිබ්බා ...අපේ මාමා කෙනෙක් හිටියා එයාට ළමයි නැහැ ඔය වෙරළු ගහයි මාමයි එකතු කරන්න ගත්ත උත්සාහය හි හි

      Delete
  7. අපූරු කතාවක් අන්තිම ඡේදයෙන් කියන්න ඕන ඔක්කම කියවෙනව... ඒ ටික නං බොක්කටම වැදුණ..
    කතාවම ලස්සනයි හොසද්...
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. මහේෂ් බොක්ක කුල් වෙන්න ආ මගෙන් මෙන්ටෝල් ටොපියක් :D

      Delete
  8. ගෙයක් / කාමරයක් අස්සෙ හිරවෙලා ලියන මේකිට කොයින් මේ අදහස් එනවද මන්දා..

    ජය !

    ReplyDelete
    Replies
    1. සිරාවටම සෑම්!!!
      මං හිතන්නේ, ඉස්සර නිතරම පරිසරයත් එක්ක, සමාජයත් එක්ක ගැටිලා දැං තනි වුනාට ඒ පරණ මතකයන් තවම සක්‍රීයයි වගේ!!

      Delete
    2. සැමෝ මං මේ කාමරේ ඇතුලේ කිලෝගාණක් බර ශරීරෙ උස්සන් හිටිය මං ජිවත් වෙන්නෙම මගේ පුංචි කාලේ, දැන් වෙලාවකට සමින්වත් අමතකයි අප්පා. ඔය කතාව ඇතුලේ අමුනපු චරිත මගේ ඇස් වලින් දැකපුවා. ගිරව් දෙන්නා පැටව් කියක්නම් ගැහුවද අම්මෝ හෙන සද්දේ පැටව් බිත්ත්රෙන් එලියට ආවම, ,,හි හි

      Delete
    3. පීරේ හරි පීරේ

      Delete
    4. පිරේ හරි??
      ඒ මරුනේ. මං හරි ලු !!!
      මං දන්නවනේ අක්කේ ඔයා ගැන, ඒ දන්න ටික හොඳටම ඇති ඊහම්දෙයක් කියන්න.

      Delete
    5. මං ගැනද ,,කට හැකර කුවේණි ගැනද හි හි

      Delete
    6. දෙන්නම ගැන චුට්ට චුට්ට දන්නවා. ඒ ඇති නේ !!!
      :-)
      :-)

      Delete
  9. පට්ට කියන්නෙ උපරිම.

    ඇත්තටම සංවේදීම කොටස අර අන්තිම ඡේදයයි. නියමයි ඔමා.

    ඇත්තටම මටත් තියෙන ලොකුම ප්‍රශ්ණයක් තමා ඔය. දරුවෙක් පිළිසිඳ ගන්න ගැහැණියකුයි පිරීයෙකුයි දෙන්නෙක් ඕන කියන දේ දන්න අපි, ඇයි දරුවෙක් නැති වීමට හේතුවත් ඒ ගැහැණියගෙ වගේම පිරිමියාගෙත් වරදකින් විය හැකි බව පිළිගන්න අකමැති. ඇයි ගැහැණියටම පමණක් චෝදනා කරන්නෙ. අනෙක උපතින්ම යම් ආබාධයක් නිසා හෝ වෙනයම් හේතුවකින් දරුවො නැති පිරිස් කොන් කරන්න ඕනද?

    කතාව ඇත්තටම ලස්සනයි ඔමා.

    ReplyDelete
    Replies
    1. දරු සම්පතක් නොලබීම සමාජයෙන් කොන් වීමට හේතුවක්ද?????
      මේක ලොකු ප්‍රශ්නයක් අයියේ. මේ සමාජය කෲරයි, දරුවෙක් හදාගන්න ආසාවෙන් වුනත්, මොකක් හරි දුර්වලතාවයක් නිසා අසරණ වෙලා ඉන්න මිනිස්සුන්ව, මේ විදියට සමාජයෙන් කොන් කරලා තවත් අසරන කරනවා.

      ඒ දේ තමුන්ට වුණානම් තමුන් මුහුණ දෙන තත්ත්වය ගැනත් හිතලා, කියන දෙයක් කියන්න ඕනේ.
      කවුරුවත් මෙහෙම අයව කොන් කරද්දි ඒ ගැන හිතන්නෙ නැති එක මහ සාපයක් වගේ.

      පව්!!!

      Delete
    2. / /ඒ දේ තමුන්ට වුණානම් තමුන් මුහුණ දෙන තත්ත්වය ගැනත් හිතලා, කියන දෙයක් කියන්න ඕනේ. // මෙන්න මෙතනනෙ බං ප්‍රශ්ණෙ. සම හරක් උන් හිතන්නෙ තමන්ට දරුවො ඉන්න නිසා තමන් සම්පූර්ණයි කියලා. එහෙම උන්ගෙන් තමා බොහෝ විට ඔය වරද වෙන්නෙ.

      Delete
    3. අපි තාක්ශනේ කොච්චර දියුණු වුණත් මිනිස්සුන්ගේ හිත්වල මුල්බැහැපු සමහර දේවල් තියෙනවා ඒවා අයින් වෙන්නේ නැහැ.. වෙන කෙනෙක්ට දරුවෝ නැති එක හෝ දරුවන් හදන්න ප්‍රමාද කරන එක අහල පහල මිනිස්සුන්ට හෙනම ප්‍රශ්නේ ,මන් ඕනේ තරම් දැකලා තියෙනවා... කතාව තුල ඔය දේ නොකියා යන්තම් සටහන් කලේ කියවන ඔයාලා මේ හැමදේම කියවගන්න දන්න නිසා ..

      Delete
  10. කුස තුල බිළිඳු මරා මව් නමට දෙන්නෙ නිගා……
    හදන්න බය හින්දානෙ…………

    වඳන්න පින් නැති මුත් හදනා පිනෙන්ම ඔබ…
    මතු බුදු වෙනවා අම්මේ…………

    ReplyDelete
    Replies
    1. දරුවෝ නැති අම්මාලා ...
      දරු සුරතල් පෙන්නාලා
      හඩවා..නෙතු මා සිත පාරනවා...
      දරුවෝ නැත මා පතලා....

      මේක මං ආසම් සින්දුවක්

      Delete
  11. එක කතාවක් කතා කරන්න අවස්ථා ඕන තරම් ,මේක නම් නියමයි ...... පරිසරය ගැන කියලා තියෙන විදිය අපුරුයි ..

    ReplyDelete
    Replies
    1. මැක්කා ගැන වගේ මටත් පරිසරය ගැන නොලියා මොකුත් ලියන්න බහ්නේ මල්ලි

      Delete
  12. කෙටි කතානම් මේ මැයි ....! කියන්න තියෙන එකම දේ .............. ඔබ සාර්ථකයි ..

    ගුනේ කියන්නේ තමන්ගේ බිරිඳට ඇත්තටම ආදරේ කරන කෙනෙක්ද කියන සැකය ඔබ අප තුල ඇති කරනවා , මොකද තමුන් වෙනුවෙන් මේ හැටිම ලෝකාපවාද අහන්නට සලස්සවන් එක පිරිමි කමට යුතුද කියන එක ප්‍රශ්නයක්.
    මේ කතාවේ කාන්තාව මේ ගැන ලෝකෙටම කිව්වනම් ඇය රැඩිකල් කාන්තාවක් ලෙස ලෝකයා කියාවි. නමුත් මේ තමයි ලාංකීය සමාජයේ මැද ස්ථරයේ සිට පහලට ඉන්න කාන්තාවගේ යතාර්ථය .

    ReplyDelete
    Replies
    1. මටත් තියෙන ප්‍රශ්නේ ඕක තමයි ඉවාන්.
      මේක ප්‍රබන්ධ කතාවක් වුනත් ඇත්තටමත් සමාජේ මෙහෙම පිරිමි තවම ඉන්නවා. මට මුණගැහිලත් තියෙනවා. ගෑනිට ඇත්තටම ආදරේ නම් තමන් වෙත එල්ල විය යුතු අපවාද (අපවාද කිරීම හරිද/වැරදිද කියන්නේ වෙන දෙයක්) ඔක්කොම ගෑනිට දරාගන්න ඇරලා බලන් එන්න එක... ? සහ ආදරේට කියල ගෑනුත් සියලු අවමන් දරා සිටින එක...?

      Delete
    2. මගේ හිතේ ඇති වෙච්ච ප්‍රශ්නේ ඉවාන් අහල තියෙන්නේ.

      Delete
    3. ///ගුනේ කියන්නේ තමන්ගේ බිරිඳට ඇත්තටම ආදරේ කරන කෙනෙක්ද කියන සැකය ඔබ අප තුල ඇති කරනවා ///

      මේක තමයි මන් කතාව ඇතුලේ මතු නොකර හංගපු කාරණේ.. ගුනේගේ චරිතේ ගැන විස්තර නොකර කතාව තුලදී ගුනේව කියෝන කෙනාට අදුරගන්න ඉඩ අරින්නයි මන් උත්සහ කලේ, සතුටුයි මට මේ කමෙන්ට් එක දැක්කම.

      මේ වගේ අය අද සමාජේ අඩුයි කියලත් හිතෙනවා ඒත් අපේ රටේ මේ දේවල් වෙනස් කරන්න හරි අමාරුයි.. කොටින්ම අපේ අම්මලාගේ පරම්පරාවේ අය වගේම අපේ පරම්පරාවේ පවා මන් මේ දේ ඇස් වලින් දැකලා තියෙනවා ..

      Delete
    4. ///ආදරේට කියල ගෑනුත් සියලු අවමන් දරා සිටින එක/// මේක ගැන එක පැත්තකට හිතන්න අමාරුයි නේද තිලිණ. ඔයා කියන කතාව ඇත්ත.

      Delete
  13. ලස්සනයි ඒත් දුක හිතෙන දේවල් ලියන්න එපා නගෝ

    ReplyDelete
    Replies
    1. ස්තුති අයියේ ඔය නිකමට ලියවෙන එවුවා අයියේ .. දුක තමයි අප්ප්ප මේ ජිවිතේ

      Delete
  14. බෝම අගෙයි ඔමා... ඔබගේ රූපක භාවිතය අති ඉහලයි..

    ReplyDelete
    Replies
    1. සුක්‍රියා ගුරු ජී

      Delete
  15. අපූර්වි,

    ඕක තමයි හැම ජීවිතයක ම අවසානය. ඉපදෙනවා, ඉගෙන ගන්නවා, ජොබ් කරනවා, කසාද බදිනවා, දරුවෝ හදනවා, ඔවුන් ලොකු මහත් වෙලා අපෙන් වෙන් වෙලා යනවා. අපි ආයෙම තනියම ඉන්නවා.ඊට පස්සේ මැරිලා යනවා. ඔය අතර මැරෙනකල්ම ඉවර කර ගන්න බැරි විදිහට ගෙයක් හදනවා. පුළුවන් වුණොත් පොඩි වාහන කට්ටක් ගන්නවා.. ඔන්න අපේ ජීවිතය... ඉතින් අන්තිමට

    //ගිරා ජෝඩුව දෙස මොහොතක් බලාසිටි ඇය වෙරළු ගෙඩි කීපයක් අහුලා අලිගැට පේර මල්ලටම දමාගත්තාය.//

    කියලා අපේ ජීවිතත් අවසන් වෙනවා.. හරිම ලස්සන කෙටි කතාවක්. ජීවිතයේ සියලු දේවල් අකුරු කීපයකින් ගොණු කරලා. ඒ තුළ තියෙන්නේ කතාව විතරක් නෙමෙයි අපූර්වි ඔබේ අපූර්ව වූ හැකියාවයි......

    ReplyDelete
    Replies
    1. ///ඔය අතර මැරෙනකල්ම ඉවර කර ගන්න බැරි විදිහට ගෙයක් හදනවා. පුළුවන් වුණොත් පොඩි වාහන කට්ටක් ගන්නවා.. ඔන්න අපේ ජීවිතය... /// අනේ අප්පේ මේකනම් ඇත්ත, අපේ අම්මා අපේ ගේ තාම හදනව ,,,අපි අපේ අලුත් ගේ හදනවා ...

      Delete
  16. අපූරු උපමා උපමේය එක්ක ලොකු සමාජයිය ඛේදාන්තයක් බොහෛාම සරලව කියවන්නාට හිතන්න යමක් ඉතිර කරල ලියල තියේ. ඉතාමත්ම අගෙයි.

    ReplyDelete
    Replies
    1. තැන්කුයි නලින් අයියා. මුළු කතාවම ලියන්න ආස නැහැ මන් කියෝන කෙනා බාගයක් කියෝගනී කියලා තමයි එහෙන් මෙහෙන් ඇදලා දැම්මේ ,,හි හි

      Delete
  17. අරන් හදා ගත්ත දරුවෝ ගැන කවරනම් කතාද? අද කුසින් වදාපු දරුවොත් හැසිරෙන්නෙ මේ විදියටම තමයි.

    ReplyDelete
    Replies
    1. කතාව හරිම ලස්සනයි. සංවේදියි. ඒ කෑල්ල කියන්ඩ අමතක උනා. සොරි ...

      Delete
    2. ස්තුති ස්ප්‍රී... දරුවෝ කියන්නේ සමාජෙට දෙන දෙයක් මිස අපිට අයිති අපේ දෙයක් නෙමේ

      Delete
  18. මුලු කතාවම අන්තිම ඡේදෙ හරිම අපූරුවට කියවිලා තියෙනවා. ඉතාම අලංකාරයි.

    ReplyDelete
  19. ඇති බාර හාර වෙලා කපුවො පස්සෙ ගියෙ නැතුවා :D
    නැත්තං ගේයි ඉඩමයිත් උගස් තියලා හොම්බෙං තමා යන්ඩ වෙන්නෙ..

    ReplyDelete
    Replies
    1. පත්තර මල්ලි මේ ඉන්නේ. මේකි නාහෙං අඩ අඩා හිටියේ

      Delete
    2. ඒකට නං මල් තියලා වඳින්න ඕනේ බං.
      ///ගේයි ඉඩමයිත් උගස් තියලා හොම්බෙං තමා යන්ඩ වෙන්නෙ///
      එච්චරවත් දෙයක් ඉතුරු වෙයි ද කියන්න බෑ, මං කිව්වේ, හොම්බෙං යන්න ඔම්බවත් ඉතුරු වුණොත් ලොකු දෙයක්.

      අනික බං, මිනිහගෙ අවුලට දේවාල වලට ගියා කියලා, එතකොට මිනිහගෙ රෝල් එක දෙයියෝ හරි කපුවා හරි වෙන්නැති නේහ්!!!

      Delete
    3. හැක් , නලින් අයියා ඕව නං මොනාද !! :D

      අර අපේ ප්‍රියා ලිව්ව නෙවැ ගයානෙයො දේව දරුවො ගැන පෝස්ට් එකක්ම,. අනිවා හොම්බවත් ඉතුරු වෙන් නෑ බං ඕකුන් ළඟට ගියොත් නං හිඟා කන්ඩ වෙන්නේ !!! ඕ යේස් .

      Delete
    4. අයියෝ පත්තරේ!!!
      ගයානෙයා කියන්න ඕනෙ නෑ බං, මමත් කෙටියෙං නං කෑල්ලක් දාගෙන ඉන්නේ පිරේ කියලා.
      ආයේ මට කතා කරනකොට පිරේ කිව්වම හරි.

      ප්‍රියාගෙ දේව දරුවො ලියපු ද්වස් වල ම කියෙව්වා වගේ මතකයි. කොමෙන්‍ටුවක් නං දැම්මෙ නැද්ද කොහෙද.

      Delete
    5. හි හි කැපුවා කියන්නේ ස්ත්‍රීය නාල කරලා pe වෙලා එන්ට ... තමුන් ඔන්න ඔහොම වැදගෙන ඉන්න කියලා :D

      Delete
    6. නාලා කරලා පේ වෙලා එනකොට හරි. වෙන්න ඕනෙ හරිය වෙලා ඉවරයි.
      කොහොම හරි ඉතිං මොකෝ වෙන්න ඕනෙ දේ වෙනවනේ, නේද??
      හැක්!! පිස්සු මිනිස්සු !!!

      Delete
    7. ඕවා ඕනේ තරම් වෙනවා මල්ලි, දුප්පත් අසරණ මිනිස්සුන්ට

      Delete
  20. පට්ට කියන්නේ උපරිම

    ReplyDelete
    Replies
    1. එහෙනම් වල්ල පට්ටා ,, හි හි තැන්කුයි මල්ලි,

      Delete
    2. කතා කරන්න එපා wp ගැන නම්

      Delete
  21. ඒ හිත් වල සැඟවුණු සියුම් වේදනාත්මක හැඟීම් එහෙම්මම එලියට දාලා තියෙනවා!!!
    පව් අසරණ දෙමව්පියෝ.
    තමුං වදාපු දරුවොත් තමුන්ව දාලා යන එකේ, අරං හදාගත්ත එකෙක්, අඩු තරමේ "එන්නං අම්මේ" කියලා බොරුවට හරි කලාතුරකින් වත් කතා කරන එකම ලොකු දෙයක්.

    ReplyDelete
    Replies
    1. ඔව් පිරේ මන් මහ කැත වැඩක් කරලා නෙහ් සැක් ,,, හි හි

      Delete
    2. කැත වැඩක්???
      ඒ මොකක්ද??

      මං නිකමට මේ කතාවෙ නැති පැත්තක් පෙන්නුවේ. හැම එකාම එහෙම නෑ!!

      Delete
    3. අනිවා පීරේ.. විහිළුවක් කලේ,
      //තමුං වදාපු දරුවොත් තමුන්ව දාලා යන එකේ, අරං හදාගත්ත එකෙක්, අඩු තරමේ "එන්නං අම්මේ" කියලා බොරුවට හරි කලාතුරකින් වත් කතා කරන එකම ලොකු දෙයක්./// මේක නම් බොහොම ඇත්තයි පීරේ

      Delete
  22. අන්න ටිකයි හොඳයි කෙටි කතාවක්. ඇති දේකුත් නෑ. නැති දේකුත් නෑ.

    ReplyDelete
  23. කට්ටියම හොඳ කියල නියත විවරණ දීල තියෙද්දී මම වෙන දෙයක් කිව්වොත් නරක මිනිහ වෙනවනෙ,මාත් හොඳයි කියන්නං.

    ReplyDelete
    Replies
    1. හොද නැත්තං හොද නැහැ කියන්න අයියේ. වරදක් තියෙනවා නම් කියන්න කමෙන්ට් එකකින් කියන්න ඕනේ ඔයාගේ ඇදහසනේ.

      //මම වෙන දෙයක් කිව්වොත් නරක මිනිහ වෙනවනෙ,මාත් හොඳයි කියන්නං.// මේ තුල ඔබේ අදහස සංක්ෂිප්තව තියෙන්නේ , කියන්න අයියේ මං කෙටි කතා ලියලා නැහනේ වැඩිය

      Delete
    2. මොකද හැලප..... උඹ අමුතු විදියකට බලන්න අරගෙන....
      උඹ ..තමන්ගෙ මතය දාපං .....
      හොදයි කියපු අපිවත් උඹේ යටිපතුලට නොදා..... හෙක්...හෙක්...
      උඹ ලගකදී ඉදල අමුතුයි.....

      Delete
    3. kenji @ හැලපයියගේ විහිළු. එක එක්කෙනා දකින විදිය වෙනස්නේ එහෙම කියන්න එපා ඒ හින්ද , හැලප කියන්නේ මන් ෆලෝ කරන මගේ ගුරෙක් තමයි ඉදගෙන ;D

      Delete
    4. ආ....එහෙමද....?....හ්ම්ම්....නත්තල් ලග නිසා....විහිළු පප්පා වෙන්න රිහසල් වෙන්න ඇති....
      ගුරාද..... ගෝලයද ..... එයාට අමතකද....? ඔබට අමතකද.....?

      Delete
    5. කෙල්ලේ උබත් ලියපන් ඌරංගෙ ඇට එලියට ගන්න ඒවා, බල්ලන්ගේ අරක කප්පාදු කරන ඒවා, අර්කේ කොච්චි උලන එවුවා, හැලපයා කැමති එවුවා කියවන්න, නොදකින් මූසල හැත්ත.

      Delete
  24. කෙටියෙන් ලියපු කතාව ඉතා ඉහලයි.... ඔබ සාර්ථකයි කියා මම හිතනවා......
    මාස දෙහෙකට විතර පස්සෙ අපේ ....ඔමාය නැවත ආව කියල දැනුන....
    කම්බැලි කම ඉවත ලා....අප සමග ඉන්න....
    thnx .........

    ReplyDelete
    Replies
    1. මාස දෙකක් ? ඈ අර අරාබි නිසොල්ලාසේ වගේ අලි බබා සමග හොරු 40 වගේ තමයි

      Delete
  25. මට නම් ලස්සනයි අපුර් මේ කතාව.හැබැයි අර මැද්දේ කොටස තව ටිකක් විස්තර වුණා නම් හොදයි කියලා හිතෙනවා.හුගක් අයට වගේ අර අන්තිම කොටස මටත් හිතට ඇල්ලුවා.

    ReplyDelete
    Replies
    1. මනෝජ්. මැද කොටස විස්තර නොකළේ කියෝන අයට හැමදේම නොකියන්න නිසයි,, ඒත් ඔයාට තේරුණා නේද එතන දේ.. :D thanks ඔයාටත් හොදේ

      Delete
  26. ලස්සනයි කතාව ... කතාවේ සියුම් තැන් හොඳින් ඉස්මතුවෙන්න ලියලා තියනවා ..

    ReplyDelete
    Replies
    1. thanks තුෂ්,, .තිබිරිගේ තං අවුල් අනේ , බ්ලොග් රෝල අප්ඩේට් කරන්න බැහැ

      Delete
  27. Replies
    1. අනිවා තිලිනයියේ ..

      Delete
  28. පවුලේ බාලයගෙ වගකීමක් .. අපිට ඕව අදාල නෑ..

    ReplyDelete
    Replies
    1. හි හි අනේද කියන්නේ සංසාරේ ;D

      Delete
  29. මං කොටපු කමෙන්ට් එක කෑවේ මොකාද?
    පවුල කියන ඒකකයේ ඇතිවෙන මේ වගේ ගැටළුවලට පොහොර දාන්නේ පිට ඉදන් බලන් ඉන්න මිනිස්සුයි.
    දරු මල්ලෝ හදල, ලොකු කරලා, එයාලගේ කියල ජිවිතයක් පටන් ගත්තට පස්සේ එයාලගෙන් ආපිට දෙයක් බලාපොරොත්තු නොවී ඈත ඉදන් උපේක්ෂාවෙන් බලන් ඉන්න පුරුදු වෙන්න ඕන. හැමෝම පුරසාරමට කියන ඉස්සර කාලේ කොහොම උනත් වර්තමානේ නම් එහෙම වෙන්න වෙනවා කියලයි මට හිතෙන්නේ. හරියට ගිය කුඩුව අතරල ගිය පැටව අපිට එයි කියල බලන් ඉන්න ගිරා ජෝඩුව වගේ.

    ReplyDelete
    Replies
    1. ස්පෑම් එකෙත් නැහැ වීරේ.. කොමෙන්ට් එකක් ටයිප් කරාම මෙහෙම වැඩක් කරන්න ,ටයිප් කරලා ඉවර වුණාම පුරුද්දක් විදියට කොපි කරගෙන ඊට පස්සේ පබ්ලිෂ් ක්ලික් කරන්න කොහේදී උණත් , අපරාදේ නැත්තං

      ඔව් විරේ ඔයා කියන දේ හරියට හරි , අපේ පරම්පරාවෙන් අපි වත් පටන් ගමු

      Delete
  30. සංවේදී විදියට ලියලා තියෙනවා, හැමෝගෙම ජිවිත කතාව අවසාන වෙන්නේ ඔය වගේ.....

    නියමයි ඕමා..

    ReplyDelete
    Replies
    1. තැන්ක්සුයි නිමෝ ,,,

      Delete
  31. කිරි අම්මාවරු දනට වඩිනවා
    කිරි සුවඳයි මුළු ගම්මානේ
    අම්මා ඇයි ඒ දනට නොයන්නේ
    නො අසන් පුතනුවනේමා සිත රිදෙන නිසා

    නෙත නිදි වරමින් කැත කුණු අතගා
    මම නුඹ හැදුවෙමි දුක් විඳලා
    එනමුදු කුසයේ හොවමින් බිහිකර
    ඇඟ ලේ කිරි කර නැත පොවලා

    කිරි අම්මාවරු දනට වඩිනවා...

    නුඹගෙන් දරු සුරතල් බැලුවා මිස
    මව් පදවිය නැත මා පතලා
    මතු භවයේ මා දනට වඩින්නම්
    නුඹ බිහි කර කිරි මව වීලා

    කිරි අම්මාවරු දනට වඩිනවා...

    ReplyDelete
    Replies
    1. මූ දන්න දේවල් යකෝ ....

      Delete
    2. හැක් .. අපි වැදගත් වෙලා ඉන්නෙ :D

      Delete
    3. නුඹගෙන් දරු සුරතල් බැලුවා මිස
      මව් පදවිය නැත මා පතලා
      මතු භවයේ මා දනට වඩින්නම්
      නුඹ බිහි කර කිරි මව වීලා

      මේ කොටස හරිම ලස්සනයි

      Delete
    4. ප්‍රියා, පත්තරේට මොකෑ බන් වෙලා තියෙන්නේ.......


      Delete
    5. පත්තරේ කිරි අම්මා කෙනෙක් වෙලා

      Delete
  32. ඇය ඇගේ මෙහෙවර ඉටු කර අවසන්?

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් ........

      Delete
  33. ගැමි පවුල ..... ගැහැනියගේ කාර්යභාරය මැනවින් නිරුපනය වෙනවා..... ලස්සනයි..... වගේම දැන් ඉන්න කාන්තාවන්ටත් ආදර්ශයක්...... මේ කතාව.....

    ReplyDelete
  34. කියන්න තියන එක අපූරු උපමා උපමේය එක්ක අමුවෙන්ම කියලා. මේ ස්ටයිල් එකට මම පට්ට ලයික්! සුපිරියි මචං!

    ReplyDelete
  35. බෙනයෙන් ගිය ගිරා පැටවු නම් ආයෙ එන එකක් නෑ.. ඒ වගෙ මේ පාරත් පුතා එන එකක් නැද්ද????

    ReplyDelete
  36. මේ කතාවේ ඉන්න දෙමවුපියන්ගේ මානසික පරිනත භාවය ඔබේ චිත්ත සන්තානයේත් යථා කාලයේදී ඇතිවේවා!

    ReplyDelete
  37. ෂෝර්ට් ඇන්ඩ් ස්වීට්..
    අපුරුයි අපුර්වී..:)

    ReplyDelete
  38. ලස්සනයි බං.. හිතට දැනෙන්න සංවේදිව හැම වචනයක්ම ලියලා තියෙනවා.. කතාව හොදට රසවින්දා..

    ReplyDelete
    Replies
    1. උබලා අපි ෆලෝ කරන හොද කෙටි කතා කාරයෝ ,,අපි තාම මේ ට්‍රේනින් අයියේ. thanks දිනේ

      Delete
  39. වෙරළු කඳ මැද්දෑවේ හැමදාමත් දකින ගිරා කූඩුව හොඳටෝම නිශ්ශබ්දය .. දින කීපයකට උඩදී බෙනය ඇතුලේ ඉඳ මුව අයා කෑමට කටහැරි පුංචි ගිරා පැටවුන්ගේ ගෝරනාඩුව අද නැත... නියඟට කොළ හැළුණු ලුණුමිදෙල්ලා ගස් අග්ගිස්සේ අකීකරු හුළගට අනුව පැද්දෙමින් සිටි ගිරා ජෝඩුව දෙස මොහොතක් බලාසිටි ඇය වෙරළු ගෙඩි කීපයක් අහුලා අලිගැට පේර මල්ලටම දමාගත්තාය


    මේ චෙදයෙන් එයාලගේ ඡීවිත කතාවම පැහැදිලිව පෙනුනා.ඇත්තටම ලස්සනයි අපූර්වි.සුභපැතුම්

    ReplyDelete
  40. පහුගිය දවස් වල ඔයා යාලුවන්ගේ ඒවා වලට කොමෙන්ට් දැන්මේ නැති නිසා අපි මේකට කොමෙන්ට් දාන්නේ නැතිය

    ReplyDelete
    Replies
    1. එහෙම අයත් ඉන්නවනේ අයියේ හිනා යන වැඩ, මං එහෙම දැම්මේ ඇත්තටම බැරි වුණ නිසා ,

      Delete
  41. සංවේදී කතාවක්. කොහොම වුණත් ඉතින් දැන් මිනිස්සුන්ට කටයුතු කරන්න වෙලා තියෙන්නෙ සමාජය කියන හැටියට තමා....

    ReplyDelete
    Replies
    1. ඔව් දිලිනි සෑහෙන්න අමාරුයි වෙනස් විදියට යන්න

      Delete
  42. මේ තේමාවටම මමත් ලිපියක් මාස කීපයකට උඩදි ලිව්වා...සමහර විටක ඔබ එය කියවන්නට ඇති. මගේ අදහස් සියල්ල මම ඒ ලිපිය තුල ගොණු කලා. මේක හරිම සංවේදී මාතෘකාවක්.

    ReplyDelete
    Replies
    1. ඔයාගේ ලිපිය කියවූවා මේ මාතෘකාව ගැන කී පැත්තකින් කතා කරන්න පුලුවන්ද නේ

      Delete
  43. මේ සටහන සරලයි .ගැඹුරුයි. අන්තිම කොටසට මම වඩාත් කැමතියි

    ReplyDelete
    Replies
    1. ස්තුතී. පාළුවෙන් ඉද්දි ලියාගෙන ගිය එකක් තිලකේ

      Delete
  44. කථාව සහ ශෛලීය දෙකම ගොඩා..ක් ලස්සනයි.

    ප්‍රබල පණිවිඩයක් සරළ විදිහට , රසවත්ව ලියල තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ස්තුති සදරු.. ඔය ඉතින් මං ලියන විදිය අනේ, හිතන්නේ නැහැ ඔහේ ලියනවා

      Delete
  45. ලස්සන කතාවක්. ෂෝර්ට් ඇන්ඩ් ස්වීට්. ළමයෙක් නැති වීම කියන්නේ මහලොකු දෙයක් විදියට අපේ මිනිස්සු දකින්නේ මොකද මන්ද.. ළමයි නැති වීම කියන්නේ ඉතින් ඔය අනිත් වෙන ඕනෙම දෙයක් නැති වීම වගේ සාමාන්‍ය දෙයක් නේ..

    ReplyDelete
    Replies
    1. ඔව් අයියේ ඒක අපේ රටේ තාමත් තියෙනවා ,අපේ අම්මලගේ පරම්පරාවේත් මං ඒක දැක්කා. මිනිස්සු හද අල්ලන්න තරම් ටෝක් දුන්නට තාම ඉන්නේ ගල් ගුහාවේ. //ළමයි නැති වීම කියන්නේ ඉතින් ඔය අනිත් වෙන ඕනෙම දෙයක් නැති වීම වගේ සාමාන්‍ය දෙයක් නේ..// මේක තේරෙන්නේ නැත්තේ ඇයිද මන්ද

      ස්තුති

      Delete


ලිපිය කියවා කොමෙන්ට් නොකලත් කමක් නැහැ.. කමෙන්ට් කලොත් සතුටුයි. ලිපිය කියවන්නේ නැතුව කොමෙන්ට් කරන්න එපා.
අපුර්වි_


,නිතරම යහපත කරන්න...,සතුට සැනසිල්ල හැමදාම ඔයාලග රැදේවි,,දෙවිපිහිටයි,

Related Posts Plugin for WordPress, Blogger...