Tuesday, May 13, 2014

දාවිත් දඟ ගෙට | Former Israeli Prime Minister Ehud Olmert sentenced to 6 years in prison

ඊශ්‍රායලයේ හිටපු අගමැති වන එහුද් ඕලමර්ට්  Ehud Olmert  මහතා හට වසර 6ක සිරදඩුවමක් සහ ඩොලර් 290,000 ක දඩ මුදලක් tel-awiv දිස්ත්‍රික් අධිකරණය මගින් අද උදෑසන නියමකරනු ලැබුවා. ඊට හේතුව මුදල් වංචා ,අල්ලස් ගැනීම් වලට( Holyland corruption case සිද්ධිය )වැරදිකරු ලෙස ඔප්පු වීම. ඒ වගේම නඩුවේ විනිසුරුවරයා (ඩේවිඩ් රොෂේන් )මේ විනිශ්චය නියම කිරීමෙන් පසු ප්‍රකාශ කර තිබුණා. "රටේ කොතරම් ඉහළ නිලයක හිටියත් වංචාවට,අල්ලසට නීතිය අනිවාර්යෙන් දඩුවම් දෙන බව ඒ වගේම මේ නඩු තීන්දුව අල්ලස ,දුෂණය මුලිනුපුටා දැමීමට ගත්ත යෝධ පියවරක් බවත් සදහන් කළා".


Judge David Rozen


තමන්ගේ නඩු තීන්දුව සැහැල්ලුවෙන් අහගෙන ඉන්නවා 
ඊශ්‍රායල් ආණ්ඩු ක්‍රමය තුල රටේ විධායක බලතල ඇති පාර්ලිමේන්තුවේ ප්‍රධානියා සහ රටේ ප්‍රධාන පුරවැසියා වෙන්නේ අගමැති වරයා. ඊශ්‍රායල් වර්ථමාන අගමැති වනුයේ  බෙන්ජමින් නෙතන්‍යාහු මහතායි. (ඊශ්‍රායල් පාර්ලිමේන්තුව හදුන්වන නම තමයි ක්නේසෙත් ඒ වගේම අගමැතිට කියන්නේ "රොෂා මිම්සලා" ඒකෙ තේරුම 'රොෂ්, කියන්නේ හිස 'මිම්සලා ' කියන්නේ ආණ්ඩුව .ආණ්ඩුවේ හිස කියන අර්ථයෙන් තමයි එහෙම කියන්නේ.)  ඒහුද් මහතා තමයි ඊශ්‍රායල් ඉතිහාසයේ ප්‍රථම වරට හිරේට යන රටේ ඉහළම පුද්ගලයා.  
Ehud Olmert අද උදෑසන 

ඒ වගේම තව දෙයක් tv එකේ නඩුව විභාග කරනවා බලද්දී සීයා කිවුවා . හිටපු අගමැති අද හිරේ ගියා වගේම හිටපු ජනාධිපතිත් මෝෂේ කට්ස්හ්ව් (moshe katsav) අවුරුදු 7 කට ඇතුලෙලු. හි හි ස්ත්‍රී දුෂණ ,කාන්තා අපචාර සහ ලිංගික අල්ලස් ගැනීම් ඇතුළු චෝදනා ගණනාවකට ඔහු වැරදිකරු බව කාන්තාවන්ගේ බලවත් සාක්ෂි උසාවිය හමුවේ ඔප්පු වීමෙන් පසු අවුරුදු 7 ක සිර දඬුවමක් ඒ මහතාටත් නියම වුණාලු .

 එයත් දැන් හිරේ .එදා මෝෂේ ජනාධිපතිවරයට ඊශ්‍රායල් අධිකරණය මේ තීන්දුව ලබාදුන්නා වෙලේ බෙන්ජමින් නෙතන්යාහු මහතා සදහන් කරලා තිබුණා "අද  ඊශ්‍රායලයට ශෝක සහ නින්දා සහගත දවසක් ඒ වගේම  ඊශ්‍රායල් අධිකරණයේ ධර්මිෂ්ඨ කම සහ අභිමානය ඉහළින්ම පෙන්නපු දවසක් කියලා " 



පේනවනේ පැණි පාට



පින්තූර ලබාගත්තේ HAARETZ ඊශ්‍රායල් වෙබ් අඩවියෙන්  සහ ගූගල් හරහා

-------------------------------------------------------------------------------------------------------

වෙනසකටත් එක්ක news එකක් ලියන්න හිතුණා ඒකයි hot and very fast news එකක් හොදේ .

74 comments:

  1. චික් චික් ඊශ්‍රායල් හරිම දුර්වල රටක් අප්පා. //ස්ත්‍රී දුෂණ ,කාන්තා අපචාර සහ ලිංගික අල්ලස් ගැනීම් ඇතුළු චෝදනා ගණනාවකට ඔහු වැරදිකරු බව කාන්තාවන්ගේ බලවත් සාක්ෂි උසාවිය හමුවේ ඔප්පු වීමෙන් පසු අවුරුදු 7 ක සිර දඬුවමක්// මට ඒක අහත්දිත් හිරිකිතයි වගේ. ඒකත් හිටපු ජනාධිපතියෙක් චැක්.

    ශා ඒකට අපේ රටේ සභා වල සභාපතිලත් ගෑණු සීයක් එක්ක හිටියා කියලා පාටිත් දානවා.

    ඒ විතරක්යැ කුඩු කන්ටේනර් වලටම ලියුම් දීපු අගමැතිලත් ඔය ඉන්නෙ අපූරුවට.

    අපි කොච්චර දියුණුද කියලා මතක් වෙත්දි මට ආඩම්බරයි දෙයියනේ. ආඩම්බර කම වැඩි වෙලා මට මේ හැඬෙනවා. :'( සතුටට බොලවු සතුටට.

    :'( :'( :'(

    ReplyDelete
    Replies
    1. මේවා රටවල්ද අයියේ පේනවනේ ... හි හි

      ඔයා ඔය කියපු දේවල් නිසාමයි මේක වැඩ තියෙන අස්සෙම කෙටියෙන් ලියලා පෝස්ට් එකක් දැම්මේ

      Delete
    2. ඔන්න බොහොම අමාරුවෙං අඬලා අඬලා ලැජ්ජාව බාල්දියෙං එකක් විතර එකතු කරගත්තා.
      දැං මේක කොහෙටද හලන්නේ.

      Delete
    3. @ ඔමා ~ ඔය රටවල් වල උන්ට අපේ රටට ගෙන්නලා උගන්නන්න ඕන වංචා දූෂණ කරන විදිහ.

      Delete
    4. @ පීරෙ ~ ඕකටම අර විෂ අඩංගු කිරිපිටි වර්ගෙකින් පිටි හැදි දෙකක් දාලා, ඒ කිරෙන් අපේ දූෂ්ක ඇමතියෙක්ව නාවමු.

      Delete
    5. ප්‍රියා අයියේ මෙහෙත් මොලෙන් ගේම දෙන අය හරියට, ඒත් සෑහෙන්න අමාරුයි ,මොකද හැම මනුස්සයෙක්ම අනිත් කෙනා ගැන ඇහැගහගෙන ඉන්නේ. වතාවක් නෙතන්යාහු ගේ වයිෆ්ගේ මල් පැල වලටයි විශාල ගෙටයි ලොකු වතුර බිලක් එනවා ,කරන්ට් බිලක් එනවා කියලා ඒවා ගැන පවා මිනිස්සු කතා කළා,

      Delete
    6. @ප්‍රියා - වැඩක් වෙයිද අයියේ? උං හැමදාම නාන්නේ ජනතාවගේ ලැජ්ජාව නේ. කිරිපිට් වලිනුත් වෙනසක් වෙයි කියල හිතන්න අමාරුයි.

      Delete
    7. නොදෝකිං .ඔය රටේ නං ජීවිතේට උපදින්ඩ එපා.. අපිට සාධාරණව ඉඳල පුරුදු නෑ . චැහ්.

      Delete
    8. ගයාන් @ ඔය කදුළු ටික ගිහින් මහවැලියට දමන්ට මල්ලි...

      Delete
    9. කඳුලු නෙවෙයි අක්කෙ, එකතු කලේ ලැජ්ජාව.
      ලැජ්ජාව බාල්දියෙං එකයි !!!!!

      Delete
  2. ඊශ්‍රායල් කියන රට නැවතත් මේ පොළවේ ඇති වෙලා අවුරුදු කියාද තාමත් ගත වෙලා තියෙන්නේ?එත් අවුරුදු 2500 වඩා පරණ අතීතයක් තියෙනවායි කියන අපි ඊට වඩා කොයි තරම් පස්සෙන්ද ඉන්නේ.?
    රටක නිතිය හැමෝටම පොදු වෙන්න ඕනේ.අරයට එක නීතියක්,මෙයාට තව එකක් එහෙම රටක් හදන්න බැහැ.ඔය පාඩම මෙහේ කෙරුවොත් මැරිච්ච් අයවත් වලෙන් නැගිට්ටලා හිරේ දාන්න වේවි.

    ReplyDelete
    Replies
    1. ඔව් මනොෂ් , අපි 1948 ,2 4 නිදහස ගද්දි එයාලා ගත්තේ 1948 ,5 වෙනි මාසේ ,ගිය සතියේ තිබ්බේ නිදහස් උත්සවේ,, වැඩක් නැහැ කියලා. .. වලෙන් අරගන්නවා වගේම මේ ඉන්න අයට ආත්ම දෙක තුනකට දඩුවම් දෙන්න ඕනේ ,

      Delete
  3. ඊශ්‍රායලේ එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නේ නැ....
    අපේ ඇමතිලා පාගා ගන්නේ නෑ

    ReplyDelete
    Replies
    1. :D පගාගත්තත් හිරේ යන්නේ නැහැ .... කැරකිලා .....

      Delete
  4. ඔන්න අධිකරන....

    ReplyDelete
    Replies
    1. මේවද අනේ අධිකරණ , :)

      Delete
  5. පොරව අහුවුනේ රජ්ය බෑකුවක් පුද්ගලිකරනය කරද්දී අය්ථා ගණුදෙණුවක් කොලා කියලා නේද?
    අයියෝ !!!චුට්ටං ගණුදෙණුවක්වත් කර ගන්න බැරිව අනේ මන්දා මොකට දේසපාලනේ කරන්න ආවද මන්දා.....
    අපේ ජනාධිපතිතුමාට තියෙන්නේ අර පලස්තීනේට මොකක්ද එකක් හදලා දුන්නා වාගේ,දේශපාලුවෝ ට්‍රේන් කරන ඇකඩමියක් ඊශ්‍රලායට දෙන්න...තමන්ගේ නමත් දාගන්න බැරියැයි!

    ReplyDelete
    Replies
    1. ඔව් (Holyland corruption case) ඒ වගේම අල්ලස් චෝදනා 2 කුත් තියෙනවා ,

      අපේ ජනාධිපති පලස්තිනේ වැකෙෂනල් ට්‍රේනින් සෙන්ටර් එක දාලා එනගමන් මෙහෙත් ඇවිත් හිගමන් ඉල්ලන් එහෙම තමයි ගියේ, ඒ ගැනත් මගේ ලිපියක් තියෙනවා ගයිජින් ,

      Delete
    2. //අපේ ජනාධිපති පලස්තිනේ වැකෙෂනල් ට්‍රේනින් සෙන්ටර් එක දාලා එනගමන් මෙහෙත් ඇවිත් හිගමන් ඉල්ලන් එහෙම තමයි ගියේ,//
      :D

      Delete
    3. http://omageheena.blogspot.co.il/2014/01/blog-post_13.html මේ පෝස්ට් එක මං ඒ වෙනුවෙන් ලීවේ. ඔව් අනේ, බලන්න ලංකාවේ ට්‍රේනින් සෙන්ටර් තියා පොතක් පතක් නැති පුස්ථකාල , වහලක් නැති මිනිස්සු කොච්චර ඉන්නවද . රටවල් වලට කොච්චර ණයද ,, මේ කොහෙවත් නැති රටක පුස්තකාල,ට්‍රේනින් සෙන්ටර් හදනවා,, ඒ මදිවට ,පලස්තිනේ කියන්නේ තනිකර අරාබි රටක්, අරාබිකාරයෝ අපේ අම්මලා අක්කලට දසවද දීලා එවන කොට අපේ අය ගිහින් සෙන්ටර් දාලා දෙනවා ,මේවා හිනා යන වැඩ ..

      Delete
  6. හේ හේ මොන මොන සෙල්ලන් දැම්මත් අන්තිමේ කුරු ගනනින වෙනවා ඔය රට වලනම් එකට මෙහෙ ඈස් චර්යය රෙද්ද පල්ලෙන් බේරෙනවා, මේ ලඟදි තිව්වේ සමුළුවක් තරුණයන්ගේ, අපි නං එකට කියන්නේ (බඩේ බත් වත් නැතුව අරින පඩේ හෙන සද්දයි කියලලු හිතන් ඉන්නේ) ඔන්න රටවල් මේවා රටාවල් අර මද මුලනේ ගන් කබරයාගේ :3 හී හී

    එක නෙවේ කලින් මොකක් හරි පොස්ට් එකක් ලිව්වද? එක රෝලේ පෙන්නුවාට බ්ලොගේ නෑනේ පෙන්නනේ :(. අපේ පැත්තෙත් ඇවිත් බලල යන්න එන්න :D
    මෙන්න ලින්ක් එක

    ReplyDelete
    Replies
    1. අනිවා සොමියා... ඒයි කවුද ගන් කබරයා , ? මං ඒ සීන් එක දන්නේ නැහැනේ,,

      ඔව් අනේ එකක් වැරදිලා පබ්ලිෂ් උනානේ

      Delete
    2. හිස් එක්සලන්සි ම.රා තමයි ඉතින්

      Delete
    3. සුදු වෑන් එකක් එවන්නද

      Delete
  7. නෙතන්යාහු තමුනගේ විරුද්ධ පාක්ෂිකයින්ගෙන් පලිගන්න බොරු නඩු දාල හිටපු දෙන්නාව හිරේ යැව්වා වෙන්න බැරිද?

    ReplyDelete
    Replies
    1. රිප්ලයි එක පහලට වැටුනා අනේ

      Delete
  8. සැක්! ලංකාවෙ නීති එක්ක හැරෙන්නවත් බෑ ඊශ්‍රායලේට. ;)

    ReplyDelete
    Replies
    1. නංගි පිස්සු කතා කරනවද මෙවුවා රටවල්ද ඈ

      Delete
  9. පව් චුටි හොරකමක් කරපු අහිංසකය

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නේ ඉදගෙන

      Delete
  10. අපේ අධිකරණ එක්ක හැරෙන්නවත් පුලුවන්ද ඔය අධිකරණ වලට..අපේ ඒවා කොච්චර යුක්තිසහගතද කියල දැන් තමයි තේරෙන්නේ..

    ReplyDelete
    Replies
    1. මොනා කියන්නද අයියේ දුකයි. අපේ කරුම තමයි අප්පා

      Delete
  11. ඊශ්‍රායලය කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදය ඉහලින්ම තියෙන රටක්. පක්ෂ ඇතුලේ උනත් එහෙමයි. ඔයා අවුරුදු දහයක් හිටියත් කවදාවත් ඡන්දයක් තියෙනවද කියලා දන්නෙත් නෑ. ඔහේ දේශපාළකයන්ට වඩා මාධ්‍යවේදින් බොහෝ බලවත්. ඒ නිසා දේශපාළකයෝ බොහෝම අර පරෙස්සමින් වැඩ කරන්නේ. ඔය එහුඩ් ඔම්ලට් මහත්තයා ඉස්සර ජෙරුසලමේ නගරාධිපති. එතනින් තමයි ජනප්‍රිය චරිතයක් උනේ. ඕනම විදේස් සේවකයකුට උනත් සාධාරන යුක්තිය ඉටු කරන නියම රටක් ඊශ්‍රායලය කියන්නේ.

    ReplyDelete
    Replies
    1. ඔව් එයාලා වෙලාවකට මැෂින් වගේ මිනිස්සු කියලා හිතෙනවා . ඔයා දන්නවත් ඇති නෙතන්යාහුගේ ගෙදර වියදම් වැඩි කියලා ඒවා ගැනත් මිනිස්සු විරෝදතා දක්වලා ඒවාට මොනාහරි කරනවා. ඒ වගේද අපේ රටේ "මහින්ද මහත්තයාගේ පුතා මාසෙට 50000 ක් විතර පඩි ගන්න කෙනා කෝටි 2 කද , 20 කද කාර් එකක් ගේනවා ඕවට මිනිස්සු තැන තැන කතා වෙනවා විතරයි ටික දවසකින් මිනිස්සුන්ට අමතකයි." මෙහෙ එවුවා බෑ

      රණවිරු දිනයයි නිදහස් දිනයයි දෙක එක ලග දවස් දෙකේ තිබ්බේ, ඒ උත්සව දෙකේදී මට පුදුම හිතුණා මේ මිනිස්සු ගැන. ඒ ගැන ලගදීම ලියන්න ඕනේ.

      Delete
  12. අපේ රටට එන්න කියමු හරියට නිතිය ගැන ඉගෙන ගන්න මේ අයට ,මේ ලොක්කාත් අපේ රටේ ඉන්න මන්ත්‍රි කෙනෙක් ගෙන් හරි උපදෙස් ගත්තා නම් මෙහෙම වෙන්නෙ නෑ ,ඔය රට අපේ රටේන් අදර්ශ ගත්තා නම් හරි මේ වගේ වැඩ වලට අපේ රට වගේම ඉක්මනින් දියුණු කර ගන්න තිබුණා ....

    ReplyDelete
  13. හ්ම්ම්.................ලබන ආත්මෙවත් බලමු අපේ රට ඔයවගේ නීති ක්‍රියාත්මක කරන හැටි.

    ReplyDelete
    Replies
    1. ඔයාගේ කල්පනාව ආයෙමත් අපේ රටේම ඉපදෙන්නද ,,අනේ විචාරක තුමණි එක පාරක් ඉපදිලා මට්ටු උනේ නෑ ආයෙත් මේකෙම ඉපදෙන්න හිත..

      Delete
  14. ඒවා මෙහෙ බැහැ අයියේ. ඒ මනුස්සයට එහෙම උවමනාවකුත් නැහැ. දේශපාලකයන් පොලිසිය සහ උසාවිය හමුවේ අපි වගේම අය විතරයි.

    ReplyDelete
    Replies
    1. අයියෝ මේ අමිල අයියගේ රිප්ලයි එක වෙන තැනක වැටුනා

      Delete
  15. ඊශ්‍රායලයට ආශ්චර්යට යන්න බැරි ඕක හන්දා තමා.. ලංකාවේ වගේ උනානම් හරිනේ.. මොනා කරන්නද ඉතින්.. ;)

    ReplyDelete
    Replies
    1. පව් නේද ඒ රටවල අහිංසක මිනිස්සු

      Delete
  16. ඔන්න රටවල් ආයෙ ඉපදෙනව නම්......
    කොහේද කාලකන්නි කමට අපිව ඉපදුනෙ ලෝකෙන් උතුම් රටයි කියන රෙද්දෙ නෙ අනී ....

    ReplyDelete
    Replies
    1. ඔයාලනම් ඉපදුණා විතරනේ අනේ.

      Delete
    2. එක තමා දන්න අයට කියන්නෙ ඔය රටෙන් චුත වෙන්න කීල ..... හෙහ්...හෙහ්....

      Delete
  17. ලංකාවේ දේශපාලකයන්ට අසීමිත බලයක් අාරෝපණය කිරීම තමයි වැරැද්දට හේතුව..
    අපේ අධිකරණය පාලනය කරන්නේ විධායකය හා ව්‍යවස්ථාධායකට ඔ්න විදියටනේ.. එතකොට එ් අයට විරුද්ද අය වැරදිකරුවෝ කරනවාධ.. හිතවත් අය නිවරැදි අය කරනවා.. එහෙම නොකොලොත් අධිකරණයට පැවත්මක් නෑ.. අගවිනිසුරුව ගෙදරයවනවා.. හමුදාපතිව හිරේ යවනවා..
    චමත්කාර ජනකයි.. විශ්මිතයි.. උත්කෘෂ්ඨයි...

    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. ආයෙ මේ වගේ අරුම පුදුම විශ්මිත දේවල් දැක්කොත් ඔන්න අටපට්ටමට කියන්න ඕන හොදේ

      Delete
    2. හි හි අනේ පත්තරේ ,හීන යනවා ඕයි.. විදානේ

      Delete
  18. හයියෝ මෙයාලට දේශපාලනේ මුල ඉඳන්ම උගන්නන්න වෙලානේ. එවන්නකෝ ලංකාවට.

    ReplyDelete
    Replies
    1. අපේ රටේ දේශපාලකයන් පුහුණු කරන ඇකඩමියක් දැම්මනම් හොදයි ..නේද අයියේ

      Delete
  19. ලංකාවේ කළා නම් වෙලහට ගරු නම්බු නාමෙකුත් දීලා

    ReplyDelete
    Replies
    1. හි හි අනේද කියන්නේ

      Delete
  20. අනේ ඇත්තට එහෙම බැළුවාම අපේ නායකයෝ වාසනා කරන්න ඕනෙ.. සුපිරිසිදු සුද්දෝත්තමයෝ.. එන්ඩ එන්ඩ සුද්ද වෙනවා.

    ReplyDelete
  21. ඊශ්‍රායලයේ, එංගලන්තේ වගේ රටවල කෙරෙන විදිහට කෙරුවොත් අපේ හිටපු සහ වර්තමාන දේශපාලුවෝ සීයට අනුනමයක් ඇතුලේ තමයි.

    ReplyDelete
    Replies
    1. මේ විකාර කියන්න එපා ඉදගෙන ,අපේ රටේ ඒවා කෙරෙන්නේ නැහැ හැම දේම අල්ලනවා පොලීසිය රේගුව, සෙල්ලම් නැහැ

      Delete
  22. මට හිතෙනව ඔය රටට අැවිල්ල රටේ දේශපාලන ක්‍රමේ වෙනස් කරන්න ඔ්න කියල... එහේ කිසි ගෝ එකක් නෑනේ..

    ReplyDelete
    Replies
    1. අම්මප මටත් හිතුනා බං අර අගමැති මූණ අතගාන ඉන්න ගෑණු ළමය දැක්කම ඔය රටට ටුවර් එකක්වත් ගිහින් එන්ඩ, සෙට් වෙලා යංද !!! :D

      Delete
    2. යං බං - හැබැයි මූන අතගෑවිලි බෑ.. ගිය ගමන් වැඩ...

      Delete
    3. අනේ උබලත් බන්

      Delete
    4. හරි යං පුතා !!! මං පීරි කෑල්ලක් ඉනේ ගහං එන්නං. එහෙදි ඕනැ වෙයි.

      Delete
  23. නිතිය කාටත් පොදු රටක ඉපදෙන්න ප්‍රාර්ථනා කරනවා. එතකන් අපට තියෙන්නේ ස්වභාවික නීතියේ පිහිට පමණයි......

    ReplyDelete
    Replies
    1. ඔව් අක්කේ, අපේ රටේ නීති පද්ධතිය හැදිලා තියෙන්නේ පුද්ගලයා,තනතුර අනුවනේ

      Delete
  24. අම්මෝ අපේ ජජ් කෙනෙක් එහෙම මේ වගේ තීන්දුවක් දෙන්න හිතුවත් ඇති ඌට බඩු හම්බ වෙන්න.

    ReplyDelete
    Replies
    1. ඒ අතින් අපි කොච්චර පිටුපසින්ද ඉන්නේ සයුරි

      Delete
  25. ඒ විතරක් නෙමේ ආණ්ඩු වෙනස් වෙනව හෑමතිස්සෙම. ‍
    යුද්දෙ, ත්‍රස්තවාදෙ , ආර්ථිකය සදහා ශක්තිමත් ආණ්ඩු, දෑත ශක්තිමත් ජනාදිපතිලා, ඈමති බුරුතු ඊශ්‍රායලයෙ නෑහෑ නේ?

    ReplyDelete
    Replies
    1. හි හි අපේ රටේ හැර ඕවා වෙන කොහෙන්ද ආයුබෝවන්ඩ අපි ඒ අතින් පිං කරමු මිනිස්සු

      Delete
  26. "රටේ කොතරම් ඉහළ නිලයක හිටියත් වංචාවට,අල්ලසට නීතිය අනිවාර්යෙන් දඩුවම් දෙන බව ඒ වගේම මේ නඩු තීන්දුව අල්ලස ,දුෂණය මුලිනුපුටා දැමීමට ගත්ත යෝධ පියවරක් බවත් සදහන් කළා".

    දඩුවම නම් ලිහිල් වැඩි වගේ.නමුත් ලංකාවේ නිතියට කොන්ද පණ නැ.එ අතින් ඊශ්‍රායලය වටිනවා

    ReplyDelete
    Replies
    1. මේ දඬුවම එයාට දුන්නේ එයාගේ එක වරදක වෙනුවෙන් . ඒ වගේම මංගලා ඔය කොටස කීවේ කලින් හිටපු අහිංසක ජනාධිපතිට ,අපේ රටේ නම් ජනාධිපති අන්තප්පුරයක් දැම්මත් යවයිද හිරගෙට

      Delete
  27. ඔන්න ඔහොමයි නගෝ රටක නීතිය ක්‍රියාත්මක විය යුත්තේ...බලන්න තායිලන්තයේ අගමැතිවරිය බලයේ ඉද්දිම එරට අධිකරණයෙන් දුන්න තීන්දුව...ඇගේ බලය අනිසි ලෙස යොදාගත්තා සහ වංචා දූෂණ සිදුකල බවට...ඇයට දැන් තනතුරෙන් සමුඅරගෙන ගෙදර යන්න වෙලා තියෙන්නෙ....නිකමට හිතන්න මෙහෙම තීරණයක් අපේ රටේ පාලකයාට එරෙහිව මහාධිකරණයෙන් ලබා දේවිද...

    ReplyDelete
    Replies
    1. අපෝ හීනෙකින්වත් වෙන්නේ නැහැ., තව ආත්ම 7ක් මැරිලා ඉපදුනත්

      Delete
  28. ඊශ්‍රායලය කියන්නේ දෙවියන් වහන්සේගේ තෝරාගත් වංශය..එයාලාට නීතියට වඩා දේවභය තියෙනවා..
    ඊශ්‍රායලය ගැන තොරතුරු හොයනවා මම.පුලුවන්ද උදවු කරන්න.
    prasannaguruge@gmail.com

    ReplyDelete
    Replies
    1. හොදයි ප්‍රසන්න. මගේ ඔය උඩ තියෙන ඊශ්‍රායලය කියන ලේබල් එකේ ඇති ඒ වගේම ඔයාට අවශ්‍ය ඕනේ දෙයක් අහන්න මන් හොයාදෙන්නම්. ඇත්තටම දෙවියන් වහන්සේ අබ්‍රහම්ට පොරොන්දු වෙච්ච දේශය තමයි ඊශ්‍රායලය. හැබැයි වෙනත් රටක විදේශිව ඉද්දි,, ඒ පොරොන්දුව දිහා බලාගෙන තමයි අදටත් මෙයාලා දේශ සීම වෙනුවෙන් මරාගන්නේ,, අහිංසක පලස්තීන ළමයින්ට පවා ගහනවා මන් tv එකේ දකිනවා, නමුත් දේව භය අලුත් පරපුරේ අය අතර නැහැ. එයාලා දැන් ජිවත් වෙන්නේ ඇමරිකන් විදියට, නමුත් රටේ දැතියන් කියල තද ආගමික භක්තික කොටසක් ඉන්නවා එයාලා තදින්ම දෙවියන් කෙරෙහිම ඉන්නවා

      Delete


ලිපිය කියවා කොමෙන්ට් නොකලත් කමක් නැහැ.. කමෙන්ට් කලොත් සතුටුයි. ලිපිය කියවන්නේ නැතුව කොමෙන්ට් කරන්න එපා.
අපුර්වි_


,නිතරම යහපත කරන්න...,සතුට සැනසිල්ල හැමදාම ඔයාලග රැදේවි,,දෙවිපිහිටයි,

Related Posts Plugin for WordPress, Blogger...