Wednesday, June 4, 2014

Matan Torah (Shavuot/שבועות)


යුදෙවුව්වන් ඊයේ දවසේ එයාලගේ තවත් සුවිශේෂී දිනයක් සැමරුවා. ජුනි 3 වෙනිදා ඉර බැසයාමෙන් පටන් ගන්න මේ උත්සවය අවසන් වෙන්නේ ජුනි 4 වෙනිදා ඉර බැස යාමත් එක්ක. යුදෙව් ඇදහිල්ලට අනුව මෝසෙස් දෙවියන්වහන්සේගෙන් ටෝරා එක ලබාගෙන තියෙන්නේ  අද වගේ දවසක. ඒ සීනයි කඳු මුදුනේ දෙවියන් සමග දහවල් හතළිහක් සහ රැයවල් හතළිහක් ගතකිරීමෙන් පස්සේ.

 යාකොබ්ගේ බාලපුතා යෝසෙප්ගේ කාලේ ඊජිප්තුවට ගිය යුදෙවුවෝ පාරාවෝ රජුගේ මරණයෙන් පස්සේ ඉබේම ඊජිප්තුවේ වහළුන් බවට පත් වුණා...මට මේක ලියද්දි හිතුණ දෙයක් තමයි ඒ අවුරුදු දහස් ගාණකට  කලින් ඊජිප්තු ජාතිකයන් යුදෙවුවන් වහළුන් කරගත්ත හේතුව සහ දෙවනි ලෝක යුද්ධ සමයේදී ජර්මනිය ඇතුළු යුරෝපා රටවලදී යුදෙවුවන් වධකාගාර වල ගාල් කර කෘර ලෙස සමුහ ඝාතනය කරන්න මුල් වෙච්ච හේතුවත් දෙකම එකයි කියන එක.. හරි ඒක නෙමේ ලියන්න ගියේ මතන් ටෝරා ගැන.

"මතනා කියන්නේ හිබ්රු වලින් තෑග්ගට" මතන් ටෝරා කියන්නේ දෙවියන්ගෙන් ලැබුණු උතුම්ම තෑග්ග වෙච්ච ටෝරා එක ලැබිච්ච මංගල්‍ය දවසට. පාස්කුවෙන් හරියටම සති හතක් ගෙවුණු දවස තමයි මේ වෙනුවෙන් යොදාගන්නේ.. ශුද්ධ බයිබලය තුලත් නික්මයාම පොතේ මේ දේවල් සදහන් වෙනවා. 
ජුනි 3 වෙනිදා හවස 7.13 ඉදලා ජුනි 4 හවස 8.22 වෙනකල් ඒ මංගල්‍ය දිනය පැය 25 ක් පුරා සමරනවා ,මේ කාළය තුල ප්‍රවාහන සේවා විදියට තියෙන්නේ අරාබි ජාතිකයන් පවත්වගෙන යන  ටැක්සි විතරයි බස් නැහැ. ඒ වගේම ගෙදර tv දාන්නේ නැහැ . කිසිම කරන්ට් එකෙන් වැඩකරන දෙයක් පාවිච්චි කරන්නේ නැහැ. හරියටම "ශබත් දවස වගේ" ( ශබත් ගැන මං හෙට ලියන්නම් ඔයාට වඩා පහසුවෙයි තේරුම් ගන්න)  මේ මතන් ටෝරා කියන මංගල්‍යට සමගාමීව තව උප මංගල්‍ය 3ක් පවත්වනවා.... ඒවට කියන හිබ්රු නම් ටිකක් පැටලෙනවා , ඊට වඩා ලේසි දන්න සිංහලෙන් ලියන එක.

නැවුම් පලතුරු මංගල්‍ය
නැවුම් වතුර මංගල්‍ය
අස්වනු නෙලීමේ මංගල්‍ය ( හිත්ථාහ් කියන ධාන්‍ය මුලිකයි තිරිඟු වලට තමයි ඒ නම පාවිච්චි කරන්නේ...



දැන් මෙහෙට ගොඩක් රස්නෙයි මේ කාලේ තමයි ඊශ්‍රායලයේ පලතුරු වැඩිම කාලේ..එළවලු වැඩිම කාලේ... ඒ වගේම තිරිඟු අස්වනු නෙලන කාලේ. ඉතින් ඒ දේවල් ඔවුන්ට ලබාදෙන දෙවියන්ට ස්තුතී කරන්න අද දවස එයාලා පාවිච්චි කරනවා..



ඒ වගේම පොඩි ළමයි පාරවල් දිගේ දුව දුවා වතුර ගහගන්නවා ලොකු සෙල්ලම් තුවක්කු වලින් වතුර විද ගන්නවා.සෑහෙන්න විනෝද වෙනවා. ඒ වගේම අද උෂ්ණත්වය 42 c. සමහර පැති වල 48 ඉක්මවා තිබුණා.ජනේලෙන් එළියට අතදාපුවම අවන් එකට දැම්මා වගේ. (ඔයාලා දන්නවද ඊශ්‍රායල් රජය මේ රටේ රශ්නේ වැඩි පැති වල කරන්ට් බිල සමර් එකේදී අඩු කරනවා ඒ මිනිස්සුන්ට වැඩිපුර A/C දාන්න වෙන නිසා අපේ රටේ වගේමයි )




අද දවසේ තවත් විශේෂම දෙයක් තමයි මුළු දවසෙම එයාලා කන්නේ කිරි වලින් හදපු කෑම වර්ග. කෑම මෙසේ තිබ්බ කෑම වර්ග හැම එකම චීස් වලින් හදපුවා.. චීස් කේක් වර්ග, පැස්ටා චීස් එකතුකරලා හදපු පැස්ටිඩා වර්ග ,සලාද වර්ග, පිට්සා..තව මං නම් නොදන්නා ගොඩක් කෑම වර්ග.. "යුදෙව් ඉතිහාසය තුළ දෙවියන්වහන්සේ අබ්‍රහම්ට පොරොන්දු වුණා කිරි සහ මීපැණි ගලායන දේශයක් මම නුඹට ලබාදෙනවා කියලා" ඒ පොරොන්දුව සිහි කිරීමක් විදියට යුදෙවුවෝ අද දවස ඒ විදියට කිරි ආහාර වලින් ගෙවල් වල කෑම මේස පුරෝනවා.බඩවල් තද වෙනකල් කනවා....

මේවා විකාර කියලා සමහරුන්ට හිතෙනවා ඇති මටත් වෙලාවකට හිතෙනවා. ඒත් අනිත් පැත්තට මගේ හිතම කියනවා ආගම බදාගෙන හිටියට ජාතියක් විදියට ඔවුන් අපිට වඩා කොච්චර ඉදිරියෙන්ද ? ඔවුන්ගේ ඇදහිලි ක්‍රම  වලට හිනාවෙන්න අපි කවුද කියලා.. ඊශ්‍රායලයේ වරකට කිරි ගවයෙක්ගෙන් දොවාගන්න කිරි ප්‍රමාණය දළ වශයෙන් ලීටර් 9ක් ,අපේ රටේ සාමාන්‍ය අගය ලීටර් 2 ට අඩුයි... ඒ වගේම වරකට දොවාගන්න කිරි ප්‍රමාණය  අනුව ලෝකේ අංක එකේ ඉන්නේ වැස්සක සලකුණක් වත් නැති මේ කාන්තර රට. 
චීස්  කියන්නේ මේ රටේ ඕනෙම ගෙදරක වැඩියෙන්ම ගේන කෑම වර්ගය..චීස් වර්ග සිය ගාණක් තියෙනවා යුදෙවුවන්ටම ආවේණික වෙච්ච.. 

ඔය විදියට රැකියාවලින් ප්‍රශ්න වලින් ඈත්වෙලා යුදෙවුවෝ හරිම සතුටින් ඒ වගේම සියල්ල ඔවුන්ට දීපු දෙවියන්ට ස්තුතී කරමින් අද දවස ගතකළා..

 ඇත්තටම මේ රටේ කිරි මීපැණි ගලනවා...

----------------------------------------------------------------------
යුදෙවු උත්සව ගැන සහ යුදෙවුන් ගැන මීට පෙර ලියු ලිපි පහතින් එකතු කරන්නම් අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් කියවන්න.







7.former-israeli-prime-minister-ehud. 
______________________________________

96 comments:

  1. මට මතක හැටියට ලංකාවේ 1993 දී විතර දැම්මා මොසාඩ් කොමිසම කියලා එකක්. අරමුණු ඉටු වුනේ නෑ. අදාල පුද්ගලයින් දෙදෙනාම ත්‍රස්ත බෝම්බවලට ගොදුරු වුනා.

    (මුග්ධ ප්‍රතිචස්‍රක් නොවේ. සිතට ආ අදහසය)

    ReplyDelete
    Replies
    1. Mosad kiynne israel rahas oththu sewaye nama mathaka vidiyata.

      Delete
    2. ඔව් මොසාඩ් කියන්නෙ ඒකට තමා

      Delete
    3. කකා මේ කියන්නේ ලලිත්-ප්‍රේමදාස ඝාතනද? ප්‍රේමදාස ඝාතනයට නම් මොසාඩ් එකට ඇඟිල්ල දිගුවුනා එකල රජයෙන්.

      Delete
    4. ලලිත් කාලයක් ඊශ්‍රයාල් විශ්වවිද්‍යලයක ඉගැන්නුවා නේද?

      Delete
    5. ගයිජින් හැබයි එහෙම සම්බන්ධයක් තිබ්බනම් මොසාඩ් එකෙන් දෙයක් කළා කියන එක මං නම් විස්වාස කරනවා. සමහර විට මොනාහරි රහසක් එයාගෙන් පිට යාවි කියලා මරන්න උණත් ඉඩ තියෙනවා. මේක රහස් ගුහාවක්,

      Delete
    6. කතාව මේකයි.

      හිටපු මොසාඩ්කාරයෙක් පොතක් ලිව්වා, ඒකේ තිබුණා ලංකාවට හොරෙන් ආයුධ විකුණපු කතා. එක තැනක තිබුණාලු මහවැලියට ආධාර දෙන විදියට ඒ සල්ලිවලින් ආයුධ වික්කා කියලා.

      මහවැලිය ගාමිණී ගේ බිස්නස් එකනේ. ඉතිං ජනාධිපති ප්‍රේමයා දැම්මා කොමිසමක් මේ ගැන හොයන්න.

      අර අනිත් කොමිසම් වගේ තමයි, හොය ගත්තු දෙයක් නෑ.

      Delete
  2. විස්තරයට ස්තුතියි......
    හෙක්....හෙක්..... ලංකාවෙත් අඩු කරනව නේද විදුලි බිල..... :) එල,,,,

    ReplyDelete
    Replies
    1. kenji සාන් දැකපු කල් බොලේ. :D

      Delete
    2. kenji සාං තැන්පත් වෙලාද ?

      Delete
  3. දන්නැති දෙයක් කියල අපිව දැනුවත් කලාට ස්තූතියි

    ReplyDelete
  4. යුදෙව් චින්තනය අනුව හැදිච්චි දෙයක් තමයි ධනවාදය වගේම ලිබරල් වාදය කියන්නේ. ඉතින් ඔය කියන ඒවා උපරීමයෙන්ම තියෙනවා බලා ගන්න නම් ඊශ්‍රායලයට යන්නම ඕන. හැයි ඒ යෑමයි ඒමයි නම් හරිම වේදනා කාරීයි. ඒත් ඉතින් ඒ දේ උන්ගේ පැත්තෙන් ගත්තාම සාධාරණයි. උන්ගේ ආගම ගැන අපි උන් එක්ක ආගිව් කරන විදියට ආගිව් කළා නම් ටික වෙලාවකින්ම නිවන් දකින්න පුළුවන්.

    ReplyDelete
  5. අඩේ අක්කේ එතකොට මේ රට අර ඔස්ට්‍රේලියාවට වඩා චීස් වලින් පොහොසත්ද? අපූරු ලිපියක් අක්කේ, ඒ ඒ රටවල් වල සංස්කෘති එකිනෙකට වෙනස් වුනත් ඒ හැම රටකම අපූරු මිනිස්සු සෙට් නේ ජීවත් වෙන්නේ, අඩේ ලංකාවේ හම්බන්තොට නම් කරන්ට් බිල අඩු කරලා දෙයි, අයි ඉතින් HSMR ගේ ගමනේ, අර පවිත්‍රා අක්කි ඔය දෙන්නේ ඩබල් ඩබල් ලයිට් බිල්, විදුලි ඉංජිනේරුවෙක් වෙච්ච චම්පික මාමටවත් කොරගන්න බැරි උණ දෙ කට හැකර ගෑනියෙක් කොරයි කියලා තමා මේ බලන් ඉන්නේ, සුදුස්සාට සුදුසු තැන හම්බ වෙන හැටිනේ මේ. අක්කි අපිව වීසා නැතිවම ඔහෙට ඔය එක්කන් ගියේ, තැන්කූ තැන්කූ.

    ReplyDelete
    Replies
    1. //අඩේ අක්කේ එතකොට මේ රට අර ඔස්ට්‍රේලියාවට වඩා චීස් වලින් පොහොසත්ද?/// මේක නම් දන්නේ නැහැ. මොකද එක ගවයෙක්ගෙන් ගන්න කිරි ප්‍රමාණය ලෝකෙටම වඩා වැද්දී වුණාට ඔස්ට්‍රේලියාවට සාපේක්ෂව ඉතාම කුඩා රටක් ඊශ්‍රායල් කියන්නේ .. අපේ ලංකාවෙන් තුනෙන් එකක භුමි ප්‍රමාණයක් තමයි රටේ තියෙන්නේ ඒ වගේම ජනගහනයත් තවම ලක්ෂ 75 ක් වගේ ඉන්නේ. ඒ වගේම රටේ භුමිය ඉතාම නිසරුයි. thanks සොමියා

      Delete
  6. කෑම ටික දැක්කම නම්...

    ReplyDelete
  7. අපි දේවාල ගානේ යන්නෙත් ඔය වගේ ඉතිහාස කතා නිසා නේ..

    ReplyDelete
    Replies
    1. ඒකනේ. මේ රටේ මාර නිමාඩු ගොඩක් තියෙන්නේ අප්පා

      Delete
  8. >>මේවා විකාර කියලා සමහරුන්ට හිතෙනවා ඇති මටත් වෙලාවකට හිතෙනවා. <<
    මට නම් එහෙම හිතුනේ නෑ. මට කාගෙවත් ජාතික සංස්කෘතික උත්සව සිරිත් විරිත් ගැන එහෙම හිතෙන්නේ නෑ. ඒක නෙවෙයිද නිදහස? ඕකෙ හරි වැ‍රැද්ද හොයන්න යන්නේ මොකටද? අපෙත් අලුත් සහල් මංගල්ලය ඔය වගේමනේ.

    එදාට ඒ උත්සවය සමරනවා නම් එච්චරනේ. ඒකෙන් අඩුම ගානේ එක දවසකට වත් මිනිස්සු තමන්ගේ වෙනස් කම් අමතක කරලා එක අරමුණක පිහිටනවා.

    ReplyDelete
    Replies
    1. මං එහෙම කියන්න හේතුව අයියේ එයාලා පුදුම විදියට නිමාඩු ,උත්සව පවත්වන නිසා, ඒ වගේම ටෝරා එක කට පාඩම් කරනවා නිතරම, බස් වල යද්දිත් පොඩි පොතක් තියෙනවා පාඩම් කර කර යන්න. කිරියි මසුයි එකට කන්නේ නැහැ (චීස් වර්ගත් ඇතුළුව) පිහි , හැදි ගෑරුප්පු පවා වෙනස්... බඩේදී කිරි ආහාර මස් ආහාර එක්ක එකතු නොවෙන්න කනවා වගේම කාපු පිගන් කොප්ප්ප හෝදන්නෙත් සින්ක් දෙකක, ඒත් වතුර බහින්නේ එක බටෙන්... සිකුරාදාට සෙනසුරාදට බස් නැහැ. බැංකු නැහැ. කඩ ,සුපිරිවෙලදසල් වහනවා. සල්ලි අල්ලන්නේ නැහැ.. කරන්ට් එක පාවිච්චි කරන්නේ නැහැ.. tv බල්ලනේ නැහැ.. කළුවරේ බාත් රුම් එකට යනවා අපි ලයිට් දැම්මට කමක් නැහැ එයාලා දාන්න හොද නැහැ .. බලන්න ඒවාට හිනා යන්නේ නැද්ද.. එයා දෙවියන් කියපු දේම කරන්න ඕනේ නම් වෙන කෙනෙක් දාලවත් කරන්ට් එකේ ප්‍රයෝජන ගන්න හොද නැහැ. ලිෆ්ට් එක පාවිච්චි කරන්නේ නැහැ, පඩි පෙළ බහිනවා... සතෙක් මැරුණත් වලලන්නේ නැහැ .. තව ගොඩක් දේවල් තියෙනවා ,,අපේ රටේ ජනතාවට ඉහළ සේවය සපයන්න කියලා පැය 24 විවුර්ථ බැංකු සේවා ... 365 දවසෙම විවුර්ථ සුපිරිවෙලදසල් ....බස් නැත්තේ කවදද? මේ රටේ මාසෙට දවස් 4ක් බස් නැහැ ...නිදහස් දවසට , අලුත් අවුරුද්දට , පාස්කුවට, කුඩාරම් මංගල්ලෙට බස් නැහැ... තව සෑහෙන දේවල් තොගයක් තියෙනවා.. ඒත් මේ මිනිස්සුන්ගේ ආර්ථිකය අපිට වඩා කොච්චර ඉදිරියෙන්ද

      අපේ අලුත් සහල් මංගල්‍ය එකනෙ අයියේ මෙහෙ දෙකකට වඩා සමරනවා

      තව ලිපි කීපයක් ලියන්න් තියෙනවා අතපසු වෙච්ච ඒවා. ලියන්නම්කො තව විස්තර

      Delete
  9. සෑහෙන්න වටින විස්තර‍යක් ඔමා. ස්තූතියි.

    ලංකාවෙත් විදුලි බිල ඔය වගේම අඩු කරනවා. දැන් අඩු කරලා වැඩි කමට අපේ පැති වලට බිලක් එන්නෙම නෑ. බිල ලියන මනුස්සයා රුපියල් දාහා ගානෙ ගෙවල් වලට බෙදාගෙන යනවා බිලත් එක්කම.

    ඔයා අර දීලා තියන අංක හතරෙ ලිංක් එකේ තව කොටසක් ලියන්න තියෙනවා මතකද දන්නෑ නෙ.

    ReplyDelete
    Replies
    1. ප්‍රියෝ, මටත් තියෙනවා මතක් කරන්න දෙයක්, එක්කෝ ඕනේ නෑ.....!

      Delete
    2. ප්‍රියාට කට වහගන්න කිව්වට ඔව්වා අපිටත් මතකයි ඈ!!!!
      බලං උන්නේ කවදා හරි ම ඕක දායි කියලා!! කෝ තාම නෑනේ ඉතිං??

      Delete
    3. නිමෝ , පීරේ අපෝ විහිළුවක් කලේ ඉදගෙන :) මේ පේනවනේ අහිංසක .... සද්ද නොකර ඉන්න මල්ලියෝ මං තව දවස් 4 කින් විතර ලියන්නම් හොදේ,, මේ මාසේ ඇතුලත ලියන්නම් හොදේ

      Delete
    4. නිමෝ, පීරේ ~ ඔන්න ඔහොම සපෝට් එකට වරෙල්ලා. ලියන්නැති ඒවත් ලියවමු. හැක්. :)

      Delete
    5. අනිවා! එකෙන්ම එනවා... දැන් ඔමා ගැලවෙනවා බොරු. හැක්...!

      Delete
    6. අපි ඉතිං කොහොමත් සපෝට් නේන්නං ප්‍රියා අයියේ!!!

      Delete
    7. ගොඩක් තැනක් නිමෝ, පීරේ,ප්‍රියා.. මාව දිරිමත් කරනවට විහිළු කර කර හරි,, නැත්තනම් සිද්දවෙන සමහර දේවල් දකිද්දී ලියන්න වත් හිතෙන්නේ නැහැ

      Delete
  10. බොහොම ස්තුතියි මේ තොරතුරු ගොන්නට. අර කෑම නං කන්නම හිතුණා දැක්කම. මේ වගේ බොහොමයක් විස්තර හා සේයාරූ දැක්කා අර මගේ යාලුවා ලංකාවට ඇවිත් ඉන්න නිසා.

    ReplyDelete
    Replies
    1. සමින් කියනකල් මං දන්නෙම නැහැ අයියේ, එයාගේ ෆෝන් වැඩ කලේ නැහැ කියලා මගේ යාලුවෝ කිවුවා. එයාට මන් ජොබ් හෙවුවා කීප දෙනෙක්ට කීවා අපරාදේ අයියේ.

      Delete
  11. එල. ඔක්කොටම වඩා කැමති චීස් කෑම වලට , අර වතුර මල යට නාන තැන කෙලවරේ තඩියට තඩියේ ඉන්නේ ඔයා නේද?:D
    ඔයා කිරි ගවයින්ගේ විස්තර හොයන්න ගත්තේ අර අටමා දීපු පට්ටමෙන් පස්සෙද? :D

    ReplyDelete
  12. Replies
    1. ඔව් ඒ සී පිහිට තමයි

      Delete
  13. ඔය රටට යන්න ආස හිතෙනවා අනේ...

    ReplyDelete
  14. නොදන්නා තොරතුරු වලට ස්තූතියි!!

    ReplyDelete
    Replies
    1. ඉක්මනට සනීප වෙලා සතියට කොටස් දෙකක් වත් ලියන්න අවුල් වෙන්න කලින් හොදේ :)

      Delete
  15. චීස් කෑම කිවාමත් ආසයි...:)
    අර වගේ අස්වැන්නක් ලබන්න උන් යුද්දෙට වගේම වවන්නත් හපන්නු වෙන්න ඕනේ

    ReplyDelete
    Replies
    1. ඒත් හැමදාමත් කද්දී එපා වෙනවා මනෝ. උදේට චීස් කේක් නිතර කන්නේ අප්පා. හැබැයි ඉතින් අපේ වගේ කටට රසට නැහැ පැණි රස කෑම .

      ලෝකෙට ස්ප්රින්ක්ලර්(විසිරුම්) ජලසම්පාදන ක්‍රමය හදුන්වා දුන්නෙත් මෙයාලා... කාන්තාර තුල අවුරුදු 40 ක් ඊජිප්තුවේ ඉදලා ආපු ආදී යුදෙව් මුතුන් මිත්තන් එයාලගේ ආහාර කල්තියාගන්න වගේම අඩු සම්පත් ප්‍රමාණයකින් වැඩි ප්‍රතිලාභ ගන්න එයාලා නිරන්තරයෙන් ඉගෙන ගන්න ඇති කියලා මං හිතනවා ,.. එයාලගේ වැවිලි ගැන Fling lions කියන ඔය උඩ තියෙන ලින්ක් එකේ ලියලා ඇති මනෝජ්

      Delete
    2. //උදේට චීස් කේක් නිතර කන්නේ අප්පා. හැබැයි ඉතින් අපේ වගේ කටට රසට නැහැ පැණි රස කෑම .//

      නොකා අදහසක් දෙන්න බැහැ අප්පා මට ඒ ගැන....:D

      Delete
  16. හ්ම්ම් හ්ම්ම් මෙව්ව කාල ඔයා ම්හත් වෙලා ඇති කියල මට හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. හිතෙනවා නෙමේ අප්පේ ඔව්. මං තව දවස් 4 කින් මේ ජොබ් එකෙන් අයින් වෙනවා. පිටිසර පැත්තකට ෆුට් සයිකල් එකකුත් ගන්න හිතං ඉන්නේ ..

      Delete
  17. චැහ් ..ඔය රටවල් කිරිවලින් උතුරනවා වගෙද අපේ රට වතුර වලින් උතුරනවා..
    අපේ ලොක්කා කොළඹ වැනීසිය කරන්ඩ යන්නේ.. මාත් මෙහෙන් ගොන්ඩෝලා එකක් දෙකක් දැම්ම දාගනවා ලංකාවට ඕ යේස්..එලවන්නේ මම,. සංචාරක මොකද්ද එක අල්ලා ගියාම මං ගොඩ !!!
    ලේලන්ඩ් බස් වලට බෝට්ටු ඇංජින් හයි කොරන්නත් යනවා. ඔහෙ එව්වා නෑනේ.. කිරි බිබී චීස් කකා ඉඳල බම්බු ගහන්ඩැයි..
    වතුර යන කානු වහලා බිල්ඩිං ගහලා වැඩේ ඉස්ටාට් කොරලා තියෙන්නෙ .. ඉතාලියට මිනිස්සු වැනීසිය බලන්ඩ එන එකක් නෑ සංචාරකයො කොළඹ එයි වැනීසිය බලන්ඩ..මේව දිගු කාලින සැලසුම්.. ඔය රටවල් කැලේ තව ටික දොහකින් . !!!

    ReplyDelete
    Replies
    1. මේ දවස් ටිකේ මෙහෙ හිටියනම් බලාගන්න තිබ්බා වැනීසිය මොකක්ද කියලා හිතෙයි ,

      Delete
    2. හි හි හිනායනවා පත්තරයෝ..

      ගෙඹිලුසෝ ගෙදර හිටියනම් කෙහෙල් කොට ඔරුවක් හදනවා අපි ශෝක් අප්පා වහැලා යට වෙනවට මන් ආසයි

      Delete
    3. යටවෙනවට ආසයි......! හැක්......!
      ලංකාවට ආවම කියන්නකෝ, අපේ පැත්තේ තියෙනවා මඩ ඇලක්, එක්කන් යන්නං. ගිහින් පැන්නා නම් හරි ඒකට, මඩවලට යටවෙලා එන්නත් එක්ක... :D

      Delete
    4. නිමෝ උඹ හිතුවද බොල මං මඩකරියෙක් කියලා මඩ වලේ ලගින්ඩ .. මං ඇවිල්ලා පෙරාපු රත්තරං වගෙ එල පොරක් .ඕ.යේස් !!

      Delete
    5. පෙරාපු රත්තරං නෙවෙයි පෙරාපු කසිප්පු

      Delete
  18. //අද උෂ්ණත්වය 42 c. සමහර පැති වල 48 ඉක්මවා තිබුණා//
    අපි නං ඊයෙ පෙරේදා 50 ගැහුවා

    ReplyDelete
    Replies
    1. හම්මේ එහෙමද.. ඔව් නේ

      Delete
  19. ඉතින් මෙහෙත් එහෙමනේ. අපිත් විදුලි බිල් දැක්කම පවිත්‍රා දුවගේ සනුහරේ මතක් කරනවා. එතකොට එයාගේ දෙමවුපියෝ චීස් කොහොම වෙතත් 'හචීස් ........' කියනවා.

    වෙනත් රටක වෙනස් සංස්කෘතික ලක්ෂණ අපිටත් කිව්වට බොහොම ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. නිකා ඉන්න එකේ මොනාහරි දෙයක් ලියන්න එපැයි විචාරක තුමණි. ස්තුති

      Delete
    2. /// අපිත් විදුලි බිල් දැක්කම පවිත්‍රා දුවගේ සනුහරේ මතක් කරනවා. එතකොට එයාගේ දෙමවුපියෝ චීස් කොහොම වෙතත් 'හචීස් ........' කියනවා///
      මේ දැනුත් මතක් කලා විචාරක තුමා!! හරි ආදරේ හිතෙනවා!!!

      Delete
  20. ලංකාවට වඩා නිවාඩු වැඩි රටවල් තියෙනවා එහෙනම්.. මම මෙහෙ එන්න කලින් සිලෙක්ට් වුණා කියල දැන ගත්ත ගමන් කරපු පලවෙනි වැඩේ තමයි අවුරුද්දට නිවාඩු කීයක් තියෙනවද කියල හොයපු එක.. හෙහ් හෙහ් මෙහෙත් ලංකාවට වඩා ලොකු වෙනසක් නෑ නිවාඩු අතින් නම්..



    ReplyDelete
    Replies
    1. අපේ රටේ අයියේ නිමාඩු තිබ්බට ගොඩක් ඒවා නමටනේ . වැඩ කරනවනේ ගොඩක් අය කරන්න දෙයක් නැති කමට, මෙහෙ එහෙම නැහැ කෙලින්ම ක්ලෝස්

      Delete
  21. ආසවෙන් කියෙව්වා,ලස්සන විස්තරයක්!...
    අපේ බැජෙක් හිටියා ඊශ්‍රායල් ආපු... ඌ නිවාඩුවට ගිහින් එද්දී ගෙන්නේ පාන් ජාතියක්...කාඅප්පා වාගේ නමක් තමයි මට මතක..ඉලිප්සියක් හැඩෙට හීනීයි දිගයි..ඒකත් එක්ක පොඩි පැකට් එකක කොළ පාටට හුරු ස්පයිසි එකක් එනවා පාන් එකත් එක්ක කන්න..

    ReplyDelete
    Replies
    1. පාන් වර්ග ගොඩක් තියෙනවා. ඒ පාන් වර්ගේ අපි ගෙනල්ලම නැහැ, සුපර් මාර්කට් වල, බේකරි වල තියෙනවා, ගොඩක් වෙලාවට ඒක එක්කම එන කවරේ ඇතුලේ දාගෙන පාර දිගටත් කාකා යනවා මිනිස්සු, හවස 5 න් පස්සේ ජෙරුසලම old city එකේ පුංචි ළමයි පවා පාරේ අයිනේ තියන් මේ දිග පාන් විකුණනවා, අපේ සියා කන්න කැමති නැහැ ඒක සර්පයෙක් වගේ දිගයි කියලා. මෙහෙ පාන් වර්ග ගොඩක් තියෙනවා මන් ලංකාවේදී කවදාවත් දැකලා නැති විදියේ ඒවා.
      ඔයත් ලියන්න ජපන් කෑම ගැන පෝස්ට් එකක් හොදේ අපි බලන් ඉන්නවා

      Delete
    2. යන්තං හොයා ගත්තා..
      මේක

      Delete
    3. හි හි ,ඔය පැකට් එකේ තියෙන්නේ සැර නැති ප්‍රිතුසිලියා කියන කොළ වර්ගය.. හප්පේ එයා ඕවා එහෙත් ගෙනාවද.. ඕක උණුවෙන් තමයි රස, අවන් එකේ දාලා අරන් කන්න තියෙන්නේ..,,

      Delete
  22. මෙහෙම දෙයක් ගැන මේ ඇහුවමයි බං.. ඒ හන්දා විස්තරේට සෑහෙන්න තැන්කිවු වේවා..

    කෑම දැක්කම මතක් වුනේ, කෝ බං අර ලියපු කෑම වට්ටෝරු ටික.. අළුත්වා නැද්ද මුකුත්..

    ReplyDelete
    Replies
    1. මාත් ඉතින් දැක්කමයි බන් මේවා. ඔහේ තියෙන ඒවත් ලියහං අයියේ

      Delete
  23. බොහොම වැදගත් විස්තරයක්. අපි නොදන්නා සංස්කෘතියක සිරිත් විරිත් ගැන බොහොම වටිනා තොරතුරු ගොන්නක්.

    අපිත් එක්ක බෙදා ගත්තට බොහොම ස්තුතියි ...

    ReplyDelete
  24. ගොඩක් දවසකින් ඊශ්‍රායල් රෙසිපි එකක් දැම්මෙ නෑ නේද ඔමා.හැබැයි අපි වගේ අහිංසකයන්ටත් හදන්න ඇහැක් එකක් දාන්න.

    ReplyDelete
    Replies
    1. Daanamko ehenam. Heta liynnm. Eth mewua apita kanna baha appa.

      Delete
  25. දොයිමතයි හෙට උදේ කියවන්නං ඈ....

    ReplyDelete
    Replies
    1. Ane ane mehemath bassiyek. Rata nidiyana bassiyek

      Delete
  26. කියෙව්වෙ නෑ.. බුක්මාර්ක් කරගත්තා.. නිවාඩු වෙලාවක කියවන්නම්..

    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. ඔයා ලිවුවේ න්හ් නේද ටික දවසකින්, බිසී කියලා හිතනවා

      Delete
  27. යුදෙව් අය ගැන දාපු දාපු ලිපි ඔක්කොම බැලුවා. කමෙන්ට් කරන්න විදිහක් නෑ මේ දේවල් දැනගන්නේ මුල් වතාවට නිසා... අර උඩ කමෙන්ට් වල කියල තියෙන මතක නැති උනා , පස්සේ ලියන්නම් කියල කියපුවත් ඉක්මනට ලියන්න. තෑන්ක්ස් ඕමා...

    ReplyDelete
    Replies
    1. තව ලියන්න කීපයක් තියෙනවා අයියේ අතපසු වෙච්ච්ච ඒවා. මගේ ඇස් වලින් දකින දේවල්,සීය කියන දේවල් එක්ක බයිබලේ මතකයනුත් එක්ක ලියනවා අයියේ. මල මුහුදේ ගිය ට්‍රිප් එක ගැන මන් ලියන්න ඕනේ තව ටිකක්

      Delete
  28. 'කොමෙන්ට් කලොත් සතුටුයි' කියන නිසා කොමෙන්ට් කරන්න හිතුනා.
    නොදන්නා දෙයක දැනුමක් ලබා දුන් වටිනා ලිපියක්.

    ReplyDelete
    Replies
    1. ඔයාවත් ආදරෙන් පිලිගන්නවා මගේ හීන අඩවියට .. ස්තුති කියවලා නොදන්නා අලුත් දෙයක් දැනගත්තා නම් සතුටුයි

      Delete
  29. ඔයාගේ ඊශ්‍රායලය ගැන ලියන ලිපි වලටයි මම වඩාත් කැමති. අනෙක් ලිපි මම නිවාඩු වෙලාවට ටිකටික කියවනවා. ඔයාට ඒ ආශිර්වාද වලින් ටිකක් හෝ බුක්ති විදින්න ලැබීම ගැන සතුටු වන්න. ඊශ්‍රායල් කියන්නේ දෙවියන් වහන්සේගේ තෝරාගත් වංශය..
    උත්පත්ති කථාව 12:3 කියවන්න.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්, ස්තුති අයියේ.. ඒ වගේම ඊශ්‍රායල් ජාතිය කියන්නේ තද කුලල් සහිත ජාතියක්,,, ඒ ගැන කියවලා තිබුණට මෙයාලා එක්ක ගවසෙද්දී ඒ බව හොදට තේරෙනවා.. ජේසුස් වහන්සේගේ නම කිවම කෙල ගහනව ,කට කොනින් හිනාවෙනවා මෙයාලා, ඔයාට මතක ඇති යෙසාය පොතේ තියෙනවා "මං මගේ සෙනග අතරට යනවා ඒත් ඔවුන් මාව අදුනන්නේ නැහැ කියනව, ඒ වගේම ඔවුන් මාව එපා කරනවා කියලා " යෙසාය පොතේ 50 වෙනි පරිච්චේදේ වගේ තිබුණ මතකයි ඉශ්‍රයෙල් ජාතිය ජෙරුසලමේදී විදින පිඩා ගැන,, ඒ ඇයගේ දරුවන්ව විජාතින් පොලවේ ගසා මරදාන බව,, ඒ දේවල් දෙවන ලෝක යුද්ධ සමයේ ඒ ආකාරයෙන් වුණා...

      Delete
    2. ඔව් ඒක එහෙම සිදුවෙනබව බයිබලයේ කියා තිබුනා..දැන් එයාලගේ වාරේ..ඔයා එසකියෙල්ගේ පොතේ 34 පරිච්චේදයේ ඉදලා කියවන්න.ඊ ලගට වෙන්න තිබෙන දේවල් එහි සදහන් වෙනවා. දැනට ඉන් කිහිපයක් සිදුවුනා..ඔයාට මතකද නෙතන්යාහු නිවේදනයක් කලා ජුවෙශ්ලාට නැවත තම රටට එන්න කියලා..ඒක එකක්..එසකියෙල්ගේ පොතේ 37:12 කියවන්න.
      මේ ලින්ක් එකත් බලන්න.
      http://www.nowtheendbegins.com/pages/israel/apple_of_Gods_eye.htm

      අනෙක් විස්තර මම ඔයාට එවන්නම්..ඔයා නොදන්න ගොඩාක් දේවල් තියෙනවා..
      ලගදිම එයාලා දේවමාලිගාව හදනවා...එසකියෙල්ගේ පොතේ 34 පරිච්චේදයේ ඉදලා කියවන්න.ඔයාට තේරෙයි වෙන්න යන දේවල්...

      Delete
  30. යුදෙවු ආගම ගැන මම ඒතරම් දන්නේ නෑ. මේ කරුනු ටික බ්ලොගේ දාලා අපිට දැනගන්න සැලැස්වුවාට ස්තුතියි.

    ReplyDelete
  31. හම්මේ කෑම ගොඩ...! අවුරුදු වගේ ඇති...

    ReplyDelete
    Replies
    1. හැමදාම අවුරුදු වගේ තමයි මල්ලි

      Delete
  32. ඇත්තෙන්ම කිව්වොත් හොද දෙයක් දෙනගත්ත එකත්

    ReplyDelete
    Replies
    1. හසිතව මගේ හීන අඩවියට සාදරෙන් පිළිගන්නවා..

      Delete
  33. අගෙයි අපූර්වි....

    හරිම වැදගත් ලිපියක්.... ඔය යුදෙව්වෝ ගැන කියද්දි ඔවුන්ගේ දක්ෂතාවයනුත් නොකියාම බෑනේද?? ලෝකේ හොල්ලපු යුදෙව්වෝ ගොඩක් ඉන්නවා.. ඇල්බට් අයින්ස්ටයින් කියන්නෙත් යුදෙව්වෙක්... මං දන්න විදිහට යුදෙව් ආගම තමයි පරණ ආගම ක්‍රිස්තියානි ආගමට වඩා. මේ දෙක අතර සම්බන්ධයකුත් තියෙනවා නේද,,,,???? එතකොට යේසුස් කියන්නෙත් යුදෙව් ආගමේ එන දෙවියන්ගේ පුත්‍රයා නේද,,,??? ඒ වගේ ම පසුකාලීන ව ඉස්ලාම් ආගම බිහිවීමේ දීත් මේ සම්බන්ධයක් තියෙනවා නේද,,,,???

    නමුත් දුක හිතෙනම කතාව තමයි ලෝකේ ඇතිවුණ යුද්ධ වලින් අති බහුතරයකට පදනම වුණෙත් මේ තුන්ගොල්ලොම තමයි. යුදෙව්වන් මැරුව හිට්ලර්ගේ දෙවැනි ලෝක යුද්ධයත්.. අතීතයේ කුරුස යුද්ධයනුත්, එතනින් ගියාම අද වෙනකල් මැදපෙරදිග මුල් කරගත්ත යුද්ධත් සියල්ල මේ ආගමික විභේදනය මුල් කරගත්තු දේවල් තමයි.... ඉතින් ආගම් කොයිතරම් අවිහිංසාවාදී වුණත් මිනිස්සු මේවා පදනම් කරගෙන කෝටි ගණන් මිනිස්සු මරලා තිබීමනම් කණගාටුවට කරුණක්.....

    ReplyDelete
    Replies
    1. යුදෙවුවෝ ගැන මේ වගේ කුඩා ලිපියකින් කියන්න බැහැ ,මගේ පරණ ලිපි 6,7 තුල ඔය කාරණා කිහිප විටක් ලියා තියෙනවා ඒ වගේම කමෙන්ට් අතරත් ඇති.. යුදෙව් ආගම හා ක්‍රිස්තියානි කියන්නේ දෙකක් ,යුදෙවුවෝ පිළිගන්නේ සහ අනුගමනය් කරන්නේ පරණ ගිවිසුම විතරයි, උත්පත්ති සිට මලාකි දක්වා, ඒ වගේම ඔවුන් යෙසායා අනාගත වක්තෘ කියපු මෙසියස් වහන්සේ එනකල් බලන් ඉන්නවා ,නමුත් ඇත්තටම උන්වහන්සේ ඇවිත් කුරුසියටත් ගියා. ඒ බව කිතුනුවන් විශ්වාස කරනවා, ඒ වගේම යුදෙවු ආගම අදහන්නේ යුදෙව් කියන ජාතිය විතරයි, ඒත් ක්‍රිස්තියානි කියන්නේ ලෝකේ ඕනෙම කෙනෙක්ට අදහන්න පුළුවන්, ඒ ගැන මන් හෙට අනිද්දම ලියන්නම් මගේ දැනුමේ මට්ටමින්.. 1933-45 කාලේ වගේ ඔය යුදෙව් සංහාරයට හේතුවත් මේ මිනිස්සු තුල තිබ්බ දක්ෂකම තමයි... ඒ ගැන බයිබලේ තියෙනවා මං නුබව ලෝකයෙන් උසස්ම ජාතිය කරනවා කියලා,, තව ඒ හා සමාන බොහෝ පොරොන්දු,,,,මිලියන 6ක් යුදෙවුවෝ දෙවැනි ලෝක යුද්දෙදි මැරුණා

      Delete
  34. Free Time එකක් හම්බුනාම කියවන්න ඔනේ අනිත් ටිකත්.
    ඇත්තටම නියමයි ,
    මම හොයන ගමන් හිටියේ ඊශ්‍රායලය ගැන.
    අපිට උගන්වපු sir ඊශ්‍රායලය ගැන කියලා දිලා තියනවා ලොකු දෙයක් නම් කියලා දුන්නේ නැ ,
    මම අහලා තියන තියන විදියට යුදෙවුව්වන් කිය්න්නේ බුද්ධිමත් ජාතියක් එ ගොල්ලො අනිත් අගම් වලටත් ගොඩක් ගරු කරනවාලු,
    මෙ post එක දැකලා මට එන්න හිතෙනවා ඔය රට බලන්න TRY එකක දිලා බලන්න ඔනේ

    ReplyDelete
  35. Free Time එකක් හම්බුනාම කියවන්න ඔනේ අනිත් ටිකත්.
    ඇත්තටම නියමයි ,
    මම හොයන ගමන් හිටියේ ඊශ්‍රායලය ගැන.
    අපිට උගන්වපු sir ඊශ්‍රායලය ගැන කියලා දිලා තියනවා ලොකු දෙයක් නම් කියලා දුන්නේ නැ ,
    මම අහලා තියන තියන විදියට යුදෙවුව්වන් කිය්න්නේ බුද්ධිමත් ජාතියක් එ ගොල්ලො අනිත් අගම් වලටත් ගොඩක් ගරු කරනවාලු,
    මෙ post එක දැකලා මට එන්න හිතෙනවා ඔය රට බලන්න TRY එකක දිලා බලන්න ඔනේ

    ReplyDelete


ලිපිය කියවා කොමෙන්ට් නොකලත් කමක් නැහැ.. කමෙන්ට් කලොත් සතුටුයි. ලිපිය කියවන්නේ නැතුව කොමෙන්ට් කරන්න එපා.
අපුර්වි_


,නිතරම යහපත කරන්න...,සතුට සැනසිල්ල හැමදාම ඔයාලග රැදේවි,,දෙවිපිහිටයි,

Related Posts Plugin for WordPress, Blogger...