Saturday, June 7, 2014

ඔමාගේ සස සහස් | with British black model

කාළෙකින් සස සහසක් කියන්න බැරි වුණානේ.මං නිතර හදන සරළ රසවත් කෑමක් ගැන ඔයාලට කියන්න හිතුවා. ලංකාවෙදි මං දැනගෙන හිටියේ අම්මා උයල දෙන එක කාලා ඉන්න.උයන්න අවස්තාවක් ලැබුණේ නැහැ ඒත් ලංකාවෙන් ආවට පස්සේ තනියම උයන්න පුරුදු වුණා ඉබේම, ඒ වගේම අම්මා උයනව වගේ නෙමේ මට ඕනේ විදියට. හරි අද ලියන්න යන්නේ අර්ථාපල් වලින් හදන්න පුළුවන් කෑමක් ගැන. සීයා කීවේ මේක එයාලා හදන "පේරී" කියන කෑම වර්ගය කියලා, ඒත් මං නමක් දන්නේ නැහැ ඔහේ හැදුවා.

මං දැනගෙන හිටියේ අර්ථාපල් වලින් හදන කෑම වලට මෙච්චරයි ...අල තෙල් දාලා,කිරට උයලා එහෙමත් නැත්තං එක එක එළවලු වර්ග එක්ක තනියට ,මදි පාඩුවට දාලා (බෝංචි,කැරට්)  සයිවර් කඩවල අලබෝල, එළවලු රොටි මැද්දට දාලා ඔය වගේ දේවල්.ඒත් අර්ථාපල් කියන්නේ සිය ගාණක්  එක එක වර්ගවල කෑම හදන්න පුළුවන්  එළවළුවක් කියලා දැනගත්තේ අන්තර්ජාලය හරහා හොයද්දි... අම්මේ ආසයි දැක්කම සලාදේ ඉදලා ,කේක් ඉදලා හැමදේම හදන්න පුළුවන්,,,, රස....කෑම ජාති ගොඩක්...

සස සහස් එක්ක බ්ලැක් මොඩ්ල් කෙනෙක්ගේ සම්බන්ධය මොකක්ද කියලා ඔයාලා  හිතනවා ඇති.කුතුහලය මෙවුවා නොකර මං ඒක කියලා ඉන්නම්.
මෙයාගේ නම  Lorrain pascale  බ්‍රිතාන්‍යයේ පළවෙනි කළු ජාතික මෝස්තර නිරුපිකාව වුණේ ලොරේන්..ලොරේන් ඉපදුණේ බටහිර ඉන්දීය කොදෙව් දුපත් ආදිවාසී පවුලක. ඊට පස්සේ එයාව බ්‍රිතාන්‍ය ජාතික පවුලක් දරුකමට හදාගන්නවා...එයින් පස්සේ ඒ පවුල තුලත් නොයෙක් ප්‍රශ්න වලට මුණ දෙන්න ලොරේන්ට සිද්ද වෙනවා. එයාව හදාගන්න ගත්ත දෙමවුපියෝ දෙන්නා දික්කසාද වෙච්ච නිසා...එතනින් පස්සේ ලොරේන් බොහෝ පීඩා මැද්දේ තමයි ජීවිතේට මුණ දෙන්නේ... ඒ කෙටියෙන් කථාව එයා ගැන ඕනේ තරම් අන්තර්ජාලය හරහා කියවන්න දේවල් තියෙනවා....

මං ලොරේන්ට ගොඩක් කැමති එයා නිරූපණ ක්ෂේත්‍රයෙන් අයින් වෙලා ඉවුම් පිහුම් වලට වැඩි තැනක් දීලා තියෙන නිසා.දැන් ලොරේන් ලෝකය පුරා රුපවාහිනී ඉවුම් පිහුම් වැඩසටහන් කරන ප්‍රසිද්ද කෙනෙක්,, ඒ වගේම ලොරෙන්ගේම රෙසිපි ඇතුලත් පොත් කීපයක්ම ලියලා තියෙනවා..ලොරෙන්ගේ රෙසිපි වල තියෙන විශේෂත්වය හරිම ඉක්මනින් පහසුවෙන් හදන්න කියාදෙන එක,ඒ වගේම පුදුම ආකර්ෂණීයයි එයා කරන විදිය පවා.. "බේකින් කවීන්"  කියන නම එයාට පටබැඳිලා අත්තේ කේක් ජාති හදන්න තියෙන දක්ෂකම නිසාම වෙන්න ඇති.මාත් කාලයක් තිස්සේ ලොරේන්ගේ රසිකාවියක්.


--------------------------------------------------------------
කෑම ජාතිය ගැන ලියන්නද නොලියා ඉන්නද කියලා හිතෙනවා 1.10 යි වෙලාව  :D 

පේරී( දරුවන් සඳහා වට්ටෝරුව )

මුලින්ම අවශ්‍ය දේවල් 

  • අර්ථාපල් 
  • සුප් කූඩු හෝ කැට
  • ඔලිව් තෙල් හෝ එළවළු තෙල්
  • මාගරින් 
  • ලුණු
පිළියෙළ කරගන්නා ආකාරය 

මේවගේ සුද්ද කර ගන්න 

ඊට පස්සේ මේ වගේ පොඩි පොඩි කොටු වලට කපන්න 


ඊට පස්සේ මේ වගේ බඳුනකට දාලා වතුර දාලා සුප් කූඩු දාන්න (අවශ්‍ය නම් කහත් දාන්න ) සුදු ගම්මිරිස් ටිකකුත් දානවා මං නම් 

තෙල් මේස හැඳි 2 කුත් දාලා ලුණු නොදා ලිපේ තියලා හොඳට තම්බ ගන්න.

හැන්දෙන් ටිකක් තද කලාම  පොඩි වෙන ගාණට  තැම්බුනාට පස්සේ වතුර පෙරලා අයින් කරන්න අල 500 g වලට මාගරින් 60 g වගේ තමයි මං දාන්නේ බටර් දාන්න එපා.මාගරින් දාන්න.    

ඊට පස්සේ උණුවෙන්ම මාගරින් එක්ක අල පොඩි කරගන්න.මේ වෙලාවේ ලුණු රස බල්ලා ඕනේ නම් එකතු කරන්න.සුප් කුඩුවල ලුණු රස තියෙන නිසා රස බලලම එකතු කරගන්න. ඒ වගේම පොඩි කරන අතරත් ඔලිව් තෙල් තියෙන අය ඔලිව් තෙල් ටිකක් එකතුකරන්න ගුණයි.

මේ අල පිටි වෙන්නම පොඩි කරන්න එපා කෑලි ටිකක් ඉතුරුවෙන්න පොඩි කරන්න හොදේ.ඊට පස්සේ කැමති භාජනයක කිරිබත් කෑලි කපන්න වගේ අතුරන්න ෂෝයි එකට 

මෙන්න හැදුවට පස්සේ  ඊට පස්සේ නිමෙන්න ඇරලා ෆ්‍රිජ් එකේ දාන්න. පැය 2,3 ක් ෆ්‍රිජ් එකේ තිබුණට පස්සේ අරන් ,,,,,

මේ වගේ කෑලි කපන්න.... 

මේ වගේ ලස්සනට කෑලි වෙන් වෙනවා ෆ්‍රිජ් එකේ දාලා ගත්තම...


නිකන් අල පොඩිකරලා දරුවන්ට කවනවට වඩා මෙහෙම හදලා කැවුවොත් එයාලා කයි. මාගරින් දාන නිසා අමුතුම රසක් එනවා...පොඩි අයට නිසා මේ විදියට රෙසිපි එක ලීවේ. ලබන සතියේ ලියන්නම් අපිට සැරට හදන පේරී සහ "පැස්ටිඩා" ගැන...ඔයාලා පැස්ටිඩා එක නම් එක පාරක් කෑවොත් ආයේ ආයේ හදනවා..ඒක හරිම රසයි පහසුම පහසුයි... පැස්ටා පැස්ටිඩා කරලා කද්දී අම්මේ සස......  
--------------------------------------------------
ප/ලි 
මේ වගේ කෑම ගැන ඔයාලත් දන්නවා නම් මටත් කියන්න හොදේ. වෙද පප්පා වගේ මාත් ආසයි එස්පරිමන්ට්ස් මෙවුවා කරන්න නිතර :D

83 comments:

  1. බැන්දලින් පස්සෙ පොඩි උන්ට හදල දෙනවා......

    ReplyDelete
  2. බලාගෙන ගියාම චෙෆ් කෙනෙකුත් ඉන්නවනේ ඔමා ඇතුලේ. තැනක් යූ...නියම රෙසිපි එක.

    ReplyDelete
    Replies
    1. දස අවතාර්ස් වගේ ඉන්න ඕනේ සෙහාන් හි හි

      Delete
  3. ආ "බතල බේකින් ක්වීන්" ,
    වැඩේ කියන්නේ මොන විදිහට හැදුවත් මම ඔය අර්තාපල් වලට කැමති නෑනේ .

    ReplyDelete
    Replies
    1. බතලී බේකින් ක්වීන් මචෝ....

      Delete
    2. ගෙඹිලුසෝ කට කපලා ජාඩි දානව ඉදගෙන ඈ

      එවුවට උල්පන්දම් දෙන එවුවොන්ටත් එක්ක කියන්නේ ඈ :D

      Delete
    3. අපි උඹට බතලි කිව්වට
      උඹ අපිට කචල් දැම්මට
      මුන් උල් පන්දම දුන්නට
      උඹ බතල වෙයන් සදහට

      හැක හැක හැක

      Delete
    4. තොපි බතලි කියා කීවට
      මම බතලි නොවේ සැබවට
      මට බතල නමක් කීවට
      ස්ලිම් දැරියකි මම ඇත්තට


      හු හු

      Delete
    5. උඹ ස්ලිම් කියලා හිතුවට
      බර වැඩියි කිලෝ සීයට
      අඩු කර නොගතොත් හෙට
      තෙල් ගායි සමිනා තැල්මට

      හික් හික් හික්

      Delete
    6. නුඹ දන්නවාද අයියේ ,,,,
      මම පියවරක් අරන් ඉන්නේ
      හෙට අනිද්දාම යන්නේ
      පිටිසර ජොබකට සෙට් වී

      බර කිලෝ 8ක් වැඩි වී
      මට දෙයියෝ බුදුන් සිහිවී
      ගෙන තීරණයක් තරයේ
      හැර යමි මම එක්ටැම්ගේ

      Delete
  4. වයිෆ්ට පෙන්නන්න ඕන දුවට හදලා දෙන්න කියලා. (තාත්තටත් එක්කම) :)

    ස්තූති වේවා…!!

    ReplyDelete
    Replies
    1. කියන්න හරි රසයි,මං හැම බදාදාම හදනවා චිකන් වින්ග්ස් එක්ක අම්මේ සස ...

      Delete
  5. අල වගේද ගෝවා කිව්වලු..හදාගන්න වටින කෑමක්..ඒත් අපේ ගෙවල් වල ඕව හදන්න ගියොත් ලොකු කතාන්දර..තනියම උයන කාලෙ උස්සාහ කරල බලන්න ඕනි..

    ReplyDelete
    Replies
    1. මේක එච්චර කරදර කෑමක් නේම් අනේ, ලේසි .

      Delete
  6. දරුවා ලොකු උනාම හදල දෙන්න කියන්න ඔ්න,
    තව මාස හයකින් විතර පැස්ටිඩා එකත් දාන්නකො ඉදගෙන...

    ජය වේවා!!!!

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්,,,
      කියපු කැත ..මාස 6 කින් විතර .... ඔක්කොමලා එකයි ඈ හිටාල්ලකෝ ලියන්න ඉදගෙන ඇරියස් තියෙන කතා කෑලී ඉවරයක් වෙන්න

      Delete
    2. බාලගිරි පෝස්ටු මේ ආත්මයේ නොව ඊළග ආත්මයේ බව කරුණාවෙන් සළකන්න. :)

      Delete
    3. ඉන්නකෝ ටික දවසක් ඔය සේරම කොනක ඉදලා ලියන්නම්කො , ඇනුම් පද අහලා ඇති වෙලා ඉම්නේ :D

      Delete
  7. අර සැර එක හදාගන්න විදිය දාපන්කෝ හනික...

    ReplyDelete
    Replies
    1. ප්‍රේක්ෂකයෝ මාව කන්න හදන නිසා කොටස් වශයෙන් ආයේ නම් ලියන්නේ නැහැ අම්මේ..මේක ෆ්‍රෙන්ච් ෆ්රයිස් වෙනුවට බබකිවූ දාද්දි අපි දෙන්නා කනවා අයියේ

      Delete
  8. හදන්න නං පුළුවන් වෙයි,ඒත් අර්ථාපල් හොයාගන්න එකයි ප්‍රශ්නෙ.

    ReplyDelete
    Replies
    1. අපෝ අනේ ඔයා කියපු හින්දමයි රෙසිපි එකක් දැම්මේ.. අර්ථාපල් නැති දිහාවක් නැහැ

      Delete
    2. ෂුවර් මෙහෙ නං නෑ මෙහෙ තියෙන්නෙයි ලංකාවෙ තියෙන්නෙයි අර්තාපල් කියල ජාතියක්.

      Delete
    3. අපෝ ඔයා හොද නැහැ ,කියන්න එපැයි ඈ ,හලි හලි මං ඒක හදන්නම්කො ඉදගෙන :D

      Delete
    4. හැක හැක හැක "අර්ථාපල් බතලි "

      Delete
    5. අපෝ මනුස්සයෙක්ට වැරදුනාම කියාදෙන්න ඕනේ ගෙම්බෝ :( හැක හැක ටමයි

      Delete
  9. ලොරේන් ඔයාගෙ සහෝදරියක් වගේ.....මුහුණ නම්..... කද කොහොමද මන්ද..... :)

    ReplyDelete
    Replies
    1. අපෝ මං ඔහොම කළු නැතෝ... එයා මොඩ්ලර් කෙනෙක් මං වගේ නෙමේ ශරීරෙ මේන්ටේන් කරනවා හොදට,අපි ඉතින් තම්බා තම්බා කනවනේ kenji සාන් අහුවෙන හැම එකම. කද වල් තියෙන්නේ ගස් ,වැල් වල මිනිස්සුන්ට තියෙන්නේ ඇගක්, ශරීරයක් හොදේ

      Delete
  10. thanks..... ඕමා...... හොද කෑම අදම හදල බලන්න ඕන. ඔයා වගේ තමයි මාත් උයන්න පුරුදු උනේ තනියම ඉන්නකොට..... දැන් හොදට උයන්න පුළුවන්.

    හැබැයි වැඩේ තියෙන්නේ මගේ රෙසිපි වලට අම්ම කැමති නැ. ප්‍රතික්ෂේප කරනවා. බාගෙට තම්බල කන්න බැරිලු, තුනපහ මදිලු..... එකේක කතා. ඒ වුනාට මටනම් අජරාමර රසයි. මගේ කෑම.

    ReplyDelete
    Replies
    1. අම්මලට ඔහොම්මමයි අක්කේ,රස වුණත් රහයි කියනවා අඩුයි,ඒකට එක්ක තාත්තා කන්න බැරි වුණත් රසයි කියනවා. අපේ අම්මත් උයද්දී හොදට පහේ ජාති දානවා,අම්මේ සුවදයි රසයි එටකොට

      Delete
  11. ඇයි බටර් දන්න එපා කිඋවේ...මාගරින් රහට නම අස නෑ අප්පා..බටර් ටිකක් දාලා..සුදු ලූණු යි රතු ලුනුයි ටිකක් තේම්පරැදු කරලා දැන්මොත් කොහොම හිටීද තව බිත්තරයක් එහෙම ගහල දැන්මොත්

    ReplyDelete
    Replies
    1. වරදක් නැහැ ඒත් මාගරින් ඉක්මනින් දියවෙනවා ඒකයි
      ඒත් ඊට වඩා ප්‍රධාන හේතුව අපිට අදාළ නැති දෙයක්, යුදෙවුවෝ කිරියි මසුයි එකට කන්නේ නැහැ,ඒක අකැප දෙයක්,, ඒ නිසා කෘතිමව හදපු කිරි අඩංගු නැති මාගරින් තමයි ගෙදර උයන්න පාවිච්චි කරන්නේ. "මඛ්මා තමයි ඒවාට කියන්නේ... බටර් රස මාගරින් "නමුත් කිරි අඩංගු නැහැ, ඒ ගැන මන් ලිපියක් ලියන්නම් ඉස්සරහට

      Delete
    2. කුස්සියට බැස්ස වෙලාවක හදලා බලල මෙලක් එවන්නම් කෝ.. මට මාගරින් අවුල් මම බටර් දාගන්නවා

      Delete
    3. හරි මට කියන්න ඕනේ හොදේ

      Delete
  12. ඕමා ඔයාගේ බැනර් එකේ "හුදෙකළාව පෙම්වතා වුකළ ඇස් නොපියා දුටු හීන අමුවට"
    කියන කොටසේ වුකල කියන එක "වූ කල" කියලා හැදුවනම් හරිනේද? අනික එතනට කොමාවක් දැම්මනම් හොඳයි වගේ , මම හිතන්නේ හරි විදිහත් එක වෙන්න ඇති
    මෙහෙම ආවනම් හොඳයි නේද

    " හුදකලාව පෙම්වතා වූ කල , ඇස් නොපියා දුටු හීන අමුවට "

    තව කාගෙන්හරි අහලා බලන්න

    ReplyDelete
    Replies
    1. මට තලගොයෙක් එක්ක ඉන්න ළමයෙක්ගේ ෆොටෝ එකක් හොයදෙන්නකෝ, ඔය ඩයිනොසර් පැටියා දැම්මේ තලගොයෙක් නැති නිසා ,, ඔව් මං ඔයා කියපු විදියට හැදුවා අයියේ,, දැන් නම් ඉතින් හුදෙකළාව පෙම්වතා නෙමේ,, අනියම් පෙම්වතානේ :D සමියා මගෙන් ඇහුවා ඔය ගැන හි හි

      Delete
    2. ඒක තමයි හරි විදිහ. ඉවාන් හරි!! එහෙම දාන්න.

      Delete
    3. " හුදකලාව අනියම් පෙම්වතා වූ කල , ඇස් නොපියා දුටු හීන අමුවට"

      අපිනං අමුවටම ගන් නෑ අැල්වතුර ටිකක් හරි දානවා

      Delete
    4. එලස් පීරේ

      විදානේ :D අපි නම් අමුවට

      Delete
    5. මට ඕක පේන්නෙම "හුදකලාව පෙම්වතා "චූ" කල" කියලයි. හතලිස් ඇඳිරියනෙ බං දැන්

      Delete
  13. මේ විදිහට අල තම්බලා පොඩි කරලා හදන කෑම ජාති මටනම් අල්ලන්නේ නැති උනත් මේ ලියල තියෙන විදිහ ෂෝයි අප්පා.කවූරු හරි හදලා දෙනවානම් කන්ටත් හිතෙයිද මන්දා

    ReplyDelete
    Replies
    1. මේක රසයි අනේ, මාගරින් දාන නිසා බයිට් එකක් විදියටත් කන්න පුළුවන්,,ඔව් ඉතින් පිරිමි දන්නේ තම්බලා දුන්නම කන්නනේ ඉදගෙන :D

      Delete
  14. ඕනෙම කෑමක් කනවා අපුර්,හැබැයි හදලා දුන්නොත්,බඩගින්නේ මළත් උයන් කන්න මට බැහැ අප්පා..
    බැරි වේවිද මන්දා ඕකෙන් ටිකක් මෙහේටත් එවන්න...:)

    ReplyDelete
    Replies
    1. හි හි බැන්දම වත් වයිෆ්ට කියලා හදාගන්න වෙන්නේ. කම්මැලි පිරිමි,, :D

      Delete
  15. හදලා බලන්න ඕනේ.
    අපිත් මෙහෙදි පාටියකදි බ්‍රිටිෂ් කෙල්ලෝ වගයක් හදලා තිබ්බ අර්තාපල් පෑන්කේක් එකක් වගේ එකක් කාලා ඒක හැදුවා කීප වතාවක්ම. හැබැයි තෙල් ටිකක් අඩුවට අපි හැදුවේ. හොඳ රසයි.

    ReplyDelete
    Replies
    1. ඔව් අයියේ අල වලින් රස රස කෑම වර්ග හදන්න පුළුවන්, නිකන් ඔහේ හිතල හැදුවම රසට එනවා. අක්කට කියන්න ලේසියි..මන් මේක කන්නේ චිකන් වින්ග්ස් බාබකිව් එක්ක,

      Delete
  16. ලංකාවේ ඉන්න පරිප්පු හොද්දක් හදාගන්න දන්නේ නැති ගෑනු ටිකට උයන්න ටිකක් උගන්වන්න බැරි වෙයිද දන්නේ නෑ. එහෙම උනොත් ඒක ලොකු ප්‍රයෝජනවත් වැඩක් වෙයි. ගෙවල් වල ආර්ථිකේටත් හොඳයි.

    ReplyDelete
    Replies
    1. රසට උයන්න ඉගෙන ගන්න ඕනේ නැහැ,තමන්ට තනියම හිතලා පුළුවන් උයන්න,කවුරුත් උයන විදිය ඕනේ නැහැ,එතකොට අලුත් කෑම වර්ග හැදෙනවා. හි හි දැන් මං පීසා හදන්නෙත් ගෙදර,කඩෙන් කන්න ඕනෙම නැහැ ,,

      Delete
  17. ඔමා අක්කත් රෙසිපි පොතක් ලිව්වනම් හරි

    ReplyDelete
  18. ඔබ ජර්මිනියේද ? ඊශ්‍රයලේද ? ශ්‍රී ලංකාවේද ?

    ReplyDelete
    Replies
    1. අසංකයියේ මං ලංකාවේ හිටියේ මාසයයි. ඔයාට කතා කරන්න බැරි වුණාට සොරි. මං ඉන්නේ ඊශ්‍රායල් වල දැන්,

      Delete
  19. ස්තූතියි නඟේ අපට රසවත් කෑමක් හදන හැටි කියා දුන්‍නට. ඕනෑම කෑමක් ආසාවෙන් භක්තියෙන් යුතුව හැදුවොත් තමයි ඒක රස වෙන්නේ සහ කන අයගේ ඇඟට අල්ලන්නේ. ජය!

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත!!!
      හදන මොන කෑමක් වුණත් රස වෙන්නේ, අත්ගුණේ කියලා කියන, ඒත් ඇත්තටම බැලුවොත් හිත් ගුණේ, නිසා කියලා මටත් නම් හොඳට තේරිලා තියෙනවා.

      Delete
    2. ඔව් චන්දන අයියේ, පීරෙත් ස්ථිර කරලා තියෙන්නේ.. මං බලාගන්න සීයා ජිවිතේ අවුරුදු 94 ගෙවලත් ලෝකේ පුරා අවිදලත් එයාට ලැබුණු රස කෑම වේල ඉවුවේ මමලු, අම්මේ කොහොමද මෙවුවා එක හිතට :) දැනගන්න ඕනේ නැහැ උයන්න කල්පනා කරලා හිතලා උයන්න පුළුවන් ඕනේ කෙනෙක්ට

      Delete
  20. ඇත්තට ම අපූර්වි නියම කෑමක් තමයි අද අපිට කියලා දීලා තියෙන්නේ..... අනිවා හදලා බලනවා.. ගෙදර එක්කෙනාට බටර් පාරක් එහෙම ගාලා කෑම උයවා ගන්න එපැයි.. හදලා කාලා තත්වය කියන්නම්කෝ........................ තැන්කූ...............

    ReplyDelete
    Replies
    1. අනිවා හදවගන්න. ඔයාලා කන නිසා ඕකට දාන්න පුළුවන්,, තව ඔයාලා කැමති දේවල් ,ගම්මිරිස් කූඩු , ඒ වගේම ළුණු ටිකක් තෙම්පරාදු කරලා, බිත්තර පොඩි පොඩි කෑලි හෝ ,සොසේජ් කෑලි,, අම්මෝ සස,,,, ම්ම්ම්ම්

      Delete
  21. අඩේ අක්කියෝ, ඕවා හදන විදිය දැම්මට ගෙදට්ට ඩිලිවරි වෙන විදියකුත් දාන්න ඕනා, ඉස්සරහට මොනිටරෙන්ම කන්න පුළුවන් වෙන තාක්ශෝනයක් ඒවා!!!, @ මොනිටරේ කනවද අල තම්බනවද කියලා හිතන ගමන්. අක්කිගෙ සස සාස නම් මාරු අප්පා, අපේ අම්මත් ඔයිට වෙනස් විදියකට ඕක හදලා ගිල්ලවලා තියෙනවා මාව බෝලයක් කරන්න, මොන බොලද අපි ඉති සදා හරිත බැට්නේ :D.

    ReplyDelete
    Replies
    1. හි හි බලමුකෝ නෙහ් අනිවා එහෙමත් වෙයි ඉස්සරහට ...

      හිටං එවන්න පොඩි සුයිට් බෝම්බයක්

      Delete
  22. සස සහසට තැන්කූ... හදලා බලන්නම්කෝ... "පැස්ටිඩා" ගැනත් ඉක්මනටම ලියන්න හොඳේ...

    ReplyDelete
  23. ඔන්න ඔහේ ඊළඟ සැරේ ගෙදර ආවම ඔයාම ඕක හදන්න. අපි එන්නම් රස ගුණ කියන්න.

    ReplyDelete
    Replies
    1. එන්නම්කෝ චුටි බබාව බලන්න මෙකකුත් හදාගෙන

      Delete
  24. රහ පාටයි හදලම බලන්නෝන!

    ReplyDelete
    Replies
    1. කහපාටයි බස්සියේ :D

      Delete
  25. සස ඇති ඒත් සුප් කැට වැඩිය කන එක ඇගටනම් හොද නෑලු නේ
    මම බ්ලොග් වලට අලුත්..බ්ලොග් ගැන කිසිම දෙයක් දන්නේ නෑ මාත් ලියන්න උත්සහ කරා...මගෙ කතාවත් ඇවිත් කියවල හොද නරක පෙන්වල දෙනවනම් ගොඩාක් පින් http://mylifeasamuslimgirl.blogspot.com/

    ReplyDelete
    Replies
    1. ඔව් නිතර හොද නැහැ තමයි කෘතීම රසකාරකයක් නිසා.
      ඔයාගේ බ්ලොග් එක කියෙවුවා. කමෙන්ට් කරා.

      Delete
  26. එච්චර වියදම් යන වැඩක් නෙමේනෙ..මමත් හදල බලන්න ඔනා. ලංකාවට ගියාම වැඩ කාරයාවගේ ගෙදර අයට හදල දෙන්න පුලුවන්. මම මෙහෙද් ඉගෙන ගත්තුවා කියලා.

    ReplyDelete
    Replies
    1. හි හි හදලා බලන්න ලේසි අයියේ

      Delete
  27. මට නම් මේක හදන්න නිකන් කම්මැලි වගේ බං.. අර අන්තිමේ කියලා තියෙනව වගේ අනාගතේට වැදගත් වෙයි කියලා හිතෙන හන්දා අදාල පාර්ශවය දැනුවත් කරන්න ඕන..

    ReplyDelete
    Replies
    1. මේක ලේසි අප්පා ,, සිහිනට කියන්න හදලා දේයි

      Delete
  28. ඔයාගෙ වයසෙ ඉන්නකාලෙ මේක දැක්කා නං හදාගෙන කනවා. දැන් ඉතින් ඔව්ව දෙක්කම මතක්වෙන්නෙ හයමාසෙකට වරක් දකින කොලෙස්ටෙරොල් අනුපාතය..හ්ම්ම් ඒක මතක් උනාම ඔයිට රස ඒවත් නොකා ඉන්න වෙනවා.

    ReplyDelete
    Replies
    1. අම්මේ ඔය වයසට එන්න කලින් තියෙන ඔක්කොම කාල ඉන්න ඕනේ

      Delete
  29. කවදා හරි කසාද බැන්ද දවසක නෝනට කියනවා හදලා දෙන්න කියලා

    ReplyDelete
    Replies
    1. ඔව් මල්ලි බබෝ හදෝ ගන්න :D

      Delete
  30. ////වගේම අම්මා උයනව වගේ නෙමේ මට ඕනේ විදියට. /////
    අන්න හරි ඔමා...කෑම හදන්න ඕන තමන්ට ඕන විදිහට...තමන් හදන දේ මේ වගේ වෙයි කියලා හිතේ පික්චර් එකක් තියාගන්න. ඉතුරු ටික තමන් අතේ..(රාජකාරියට උයනවා නම් මෙහෙම කරන්න බැහැ )

    ReplyDelete
    Replies
    1. ඔව් අයියේ. සමින්ට එකම එක දවසයි මං උයා දුන්නේ ගොඩක් සසයි කීවා , එයාගේ අම්මා මගෙන් කෝල් කරලත් ඇහුවා ඒ හදපු විදිය කියන්න මේ යෝධයගෙන් බේරෙන්න බැහැ කරදර කරනවා කියලා,,,

      Delete
  31. Replies
    1. හේ හේ එහෙම කලාම සසයි අනා

      Delete


ලිපිය කියවා කොමෙන්ට් නොකලත් කමක් නැහැ.. කමෙන්ට් කලොත් සතුටුයි. ලිපිය කියවන්නේ නැතුව කොමෙන්ට් කරන්න එපා.
අපුර්වි_


,නිතරම යහපත කරන්න...,සතුට සැනසිල්ල හැමදාම ඔයාලග රැදේවි,,දෙවිපිහිටයි,

Related Posts Plugin for WordPress, Blogger...