Sunday, August 24, 2014

මිනිස්සු


ඇස් ඇරපුවාම එක එක ඒවා පේනකොට
මිනිස්සු කියනවා එළිය කියලා
ඇස් ඇරපුවම මොකුත් පේන්නේ නැතුව ගියාම 
මිනිස්සු කියනවා අන්ධකාරයි කියලා,,,
හෝ ගාලා වැහැලා වැහැලා ගගවල්, වැව් පිරිලා 
පිටාරා ගලද්දී මිනිස්සු කියනවා ගංවතුර කියලා...
වැහිපොදක් වත් නැතුව ගංගා වැව් අමුණු හිදිලා ගියාම 
මිනිස්සු කියනවා ඉඩොරේ කියලා....
චොක්ලට් කෑල්ලක් තල්ලේ අලෝගෙන 
තලු මර මර මිනිස්සු කියනවා පැණි රසයි කියලා....
බෙහෙත් පෙත්තක් දිවේ ඇළුනොත් 
මිනිස්සු කියනවා තිත්තයි කියලා,,,,
අමු අඹ ගෙඩියක් කාලා
මිනිස්සු කියනවා අම්මෝ ඇඹුල් කියලා
ඉදිච්ච අඹ ගෙඩියක් කාලා 
මිනිස්සු කියනවා හරිම රසයි කියලා
හොරෙන් රූම් එකකට ගියාම 
මිනිස්සු කියනවා කොටු පයිනවා කියනවා
කසාද බැදලා රූම් එකට ගියාම 
මිනිස්සු කියනවා හනිමුන් යනවා කියලා
තමන්ගේ කෙනෙක්ට ඇක්සිඩන්ට් එකක් වුණාම 
මිනිස්සු කියනවා එයාව හප්පලා කියලා..
තමන්ගේ කෙනෙක්ගෙන් ඇක්සිඩන්ට් එකක් වුණාම 
මිනිස්සු කියනවා කාවද හැප්පිලා කියලා....
මිනිස්සු හැමදේටම එක එක ඒවා කියනවා....
එකම දේට වෙන වෙන දේවල් කියනවා....
වෙන වෙන දේවල් වලටත් එකමදේ කියනවා....
මිනිස්සු නිතර කියනවා... මොනවම හරි කියනවා....


Monday, August 18, 2014

I want to be a strong mast| තාත්තා එක්ක හැන්දෑවක්


දෙවියන්ට මාව කුඹගහක් කරන්න ඕනේ වෙලාද කියලත් හිතෙනවා...සෙල්ලං නැහැ පස්න හෙනටම.... ඉතින් ඔන්න පැත්තක තියලා ලියන්න හිතුවා බඩ්ඩක්,,,තාත්තා ගැන ලීවම ඔක්කොම ප්‍රශ්න මෙවුවා වෙලා යනවා :D

ඉස්සර පොඩි කාලේ තාත්තා කියපු කතාවක් මතක් වුණා එක පාරට . අම්මා රට ඉද්දි තාත්තා මාව නිතරම බීච් එකට එයාපෝර්ට් එකට එක්කන් ගියා.,මේ කියන්න යන්නේ දවසක් ගාල්ලේ ගිය වෙලාවක මුහුද අයියේ ඉද්දි අපි දෙන්නා කතාකරපු දෙයක්.

මං ඇහුවා

" රුවල් නැව් වල කුඹ ගහ හදලා තියෙන්නේ මොනවා වලින්ද" කියලා


එතකොට තාත්තා මට කිවුවා ඒක ගැන ලස්සන කථාවක්,... ඇත්තද බොරුද දන්නේ නැහැ නමුත් ඒ කථාව අද මගේ හිතට ලොකු ශක්තියක් වුණා.

තාත්තා කීවේ මෙන්න මෙහෙම

"පුතා ඔය කුඹගස් හදන්නේ ගොඩක් හයිය ගහකින්"


මම ," මොන ගහකින්ද තාත්තේ?"

ගස් වර්ගය ගැන මං දන්නේ නැහැ.....ඒත් ඔය කුඹගහ හදන්න කලින් ඒවා හදන මිනිස්සු අවුරුදු ගාණක් තිස්සේ ගහක් සූදානම් කරනවා ඒ වැඩේට....

හම්මේ ඉතින් මං තාත්තා දිහා බලාගෙන කට ඇරගෙන ඒ කතාව අහන්න ලෑස්ති වුණා... අපේ තාත්තා කතාවක් කියද්දී කතාව කියන ගමන් මගේ ඇස් දිහා බලනවා ආයේ අහස දිහා බලනවා...


තින් ඉතින් ,,,,, කොහොමද කරන්නේ කියන්නකෝ,,,

හ්ම්ම්... ඉස්සර ඔය රුවල් නැව් හදපු මිනිස්සු කැලෑවට ගිහින් ගස් තෝරනවලු කුඹගහට ගන්න ගැලපෙන ගහක් හම්බුණාම ඒ ගහ වටේට තියෙන අනිත් උස ගස් ඔක්කොම එයාලා කපලා දානවලු....මීටර් ගාණක් වටේට (මට මතක 50ක් වගේ ) තියෙන ගස් කපලා දාලා මේ ගහ තනිකරලා තියනවලු කාලයක්....(අවුරුදු 3-5 ක් වගේ කාලයක් කියලා තාත්තා කිවුවේ ) ඉතින් මේ කාළය තුළ ඇතිවෙන සුළිසුලං වලට ,අකුණු සැර වලට ,නියඟ වලට මේ ගහට තනියම මුණ දෙන්න වෙනවා..... එයා වටේට සුළං සැර අඩුකරන්න කිසිම ගහක් කොලක් නැති නිසා හැමදේටම මුණ දීලා ,,,හුළඟට ඇඹරිලා ,නැමිලා ආයෙම කෙලින් ඉන්න වෙනවා තනියම..... මෙහෙම කාලයක් මේ වගේ පරිසර තත්ත්ව වලට මුණ දුන්නට පස්සේ මේ ගහේ කඳ හොදට ශක්තිමත් වෙනවාලු....

ඉතින් අර මිනිස්සු ඇවිත් ගහ පරික්ෂා කරලා බලලා නියමිත කාලය එද්දී ගහ උසට හැදිලා ශක්තිමත් නම් කපාගෙන ගිහින් කුඹ ගහක් කරලා නැවේ මැද්දේ සවිකරගන්නවලු" කුණාටු වලදී ඇඹරිලා  කරටි කඩා වැටිලනම් ඒ ගහ අතෑරලා වෙන ගහක් තෝරගන්නවලු......

අපි දන්නවනේ නැවක් මුහුදේ යනකොට කොච්චර නම් කුණාටු වලට ,ලොකු රැළිවලට මුණ දෙනවද කියලා..... ඉතින් ඒ වගේ වෙලාවල් වලදී ඒවාට ශක්තිමත්ව මුණ දෙන්න නිසාලු කුඹගහ හදන්න කලින් ඒ ගහට ට්‍රේනින් එකක් දෙන්නේ... 

ඔය තාත්තා කියපු විස්තර ටික... එදා ඔය කථාව එයා කියාදුන්නට පස්සේ මට අමතක වෙලා යන්න ඇති එතකොට වයස අවුරුදු 6-8 අතර වගේ වෙන්න ඕනේ... ඒත් දැන් අවුරුදු 20 කට වගේ පස්සේ මට ඒක ආයෙම මතක් වුණාම එදා රුවල් නැව් ගැන භෞතිකව දැනගන සතුටු වුණාට වඩා ජීවිතේට වැදගත් යමක් එකතුවුණ එකට සතුටක් දැනුණා....

මට දැනෙන විදියට අපේ ජීවිතෙත් ඒ වගෙයි.... අමාරු කාල ,ප්‍රශ්න කරදර මැද්දෙන් යද්දී අපිව පුදුම විදියට ශක්තිමත් වෙනවා..ආයෙම ඒ වගේ ප්‍රශ්නයක් ආවොත් ඒකට මුණ දෙන්න අපේ කලින් අත්දැකීම අපිට උදව් වෙනවා...ඒත් අමාරු කාලවලදී අපි දුර්වල වෙලා ජිවිතේ මෙතනින් ඉවරයි කියලා අතෑරලා දැම්මොත් අපි අනාගත ජීවිතේට මුණ දෙන්න නුසුදුසු මිනිස්සු වෙනවා.....ඉතින් අපි අමාරු කාලවලදී කොහොම හරි මුණ දුන්නොත් නැවේ මැද්දාවේ ඔක්කොටම උඩින් ඝාම්භිරව නැගීසිටින කුඹගහක් වෙන්න පුළුවන්,,,,,,
තෝරගත්ත එක ගහක් නැතිවුණා කියලා මිනිස්සු කුඹගස් හදන එක නවත්තන්නේ නැහැනේ ,,එයාලා වෙන ගහක් තෝරාගන්නවා .....ඒ නිසා අද ජීවිතේට ලැබෙන හැම අභියෝගයකටම මුණ දෙන්න කෝම හරි....


------------------------------------------------------------------
ප/ලි

අහස කට්ට කළුවර වෙනකල් ෂෝයි එකට දිළිසෙන තරුකැට පේන්නේ නැහැමයි.....ඉතින් ඔයාටත් දිලිසෙන්න ඕනේ නම් කරුවලේ යන්නම වෙනෝ.....


Wednesday, August 6, 2014

අවසරයි නික්ම යන්නට | I just want to leave

හිරු ඇවිත් 
මුළු හාත්පස් කලඑළි කරන්...
සද සෙමින් නුඹ බැස යමන්....
නුඹේ පණ අදින එළියත් අරන්.... 
මුදු සුළග මල් කෙමි සෙලවුවත් 
අතු ඉති කඩා බිම දමනු බැහැ..... 
සැඩ සුළගේ දැවටෙන්නට රිසී මං
කොළ ගෙඩි ඉරා මා හැඩි කළත්.....
අනෝරා වැහි වහිනදා....
හිරි ගඩු පිපුණු ගත කකියවා
තෙමෙන්නට මං 
සත්තමයි ආසයි..........
නිරතුරුව බිද බිද වැටෙන ...පණ සිඳුණු 
මෝසම් බීරමේ 
පඬු ස්වරය කටුකයි මට එපා......  :( 




-----------------------------------------------------------------------------------


,නිතරම යහපත කරන්න...,සතුට සැනසිල්ල හැමදාම ඔයාලග රැදේවි,,දෙවිපිහිටයි,

Related Posts Plugin for WordPress, Blogger...