Sunday, August 24, 2014

මිනිස්සු


ඇස් ඇරපුවාම එක එක ඒවා පේනකොට
මිනිස්සු කියනවා එළිය කියලා
ඇස් ඇරපුවම මොකුත් පේන්නේ නැතුව ගියාම 
මිනිස්සු කියනවා අන්ධකාරයි කියලා,,,
හෝ ගාලා වැහැලා වැහැලා ගගවල්, වැව් පිරිලා 
පිටාරා ගලද්දී මිනිස්සු කියනවා ගංවතුර කියලා...
වැහිපොදක් වත් නැතුව ගංගා වැව් අමුණු හිදිලා ගියාම 
මිනිස්සු කියනවා ඉඩොරේ කියලා....
චොක්ලට් කෑල්ලක් තල්ලේ අලෝගෙන 
තලු මර මර මිනිස්සු කියනවා පැණි රසයි කියලා....
බෙහෙත් පෙත්තක් දිවේ ඇළුනොත් 
මිනිස්සු කියනවා තිත්තයි කියලා,,,,
අමු අඹ ගෙඩියක් කාලා
මිනිස්සු කියනවා අම්මෝ ඇඹුල් කියලා
ඉදිච්ච අඹ ගෙඩියක් කාලා 
මිනිස්සු කියනවා හරිම රසයි කියලා
හොරෙන් රූම් එකකට ගියාම 
මිනිස්සු කියනවා කොටු පයිනවා කියනවා
කසාද බැදලා රූම් එකට ගියාම 
මිනිස්සු කියනවා හනිමුන් යනවා කියලා
තමන්ගේ කෙනෙක්ට ඇක්සිඩන්ට් එකක් වුණාම 
මිනිස්සු කියනවා එයාව හප්පලා කියලා..
තමන්ගේ කෙනෙක්ගෙන් ඇක්සිඩන්ට් එකක් වුණාම 
මිනිස්සු කියනවා කාවද හැප්පිලා කියලා....
මිනිස්සු හැමදේටම එක එක ඒවා කියනවා....
එකම දේට වෙන වෙන දේවල් කියනවා....
වෙන වෙන දේවල් වලටත් එකමදේ කියනවා....
මිනිස්සු නිතර කියනවා... මොනවම හරි කියනවා....


52 comments:

  1. ඔය ඔක්කොම කරන මේ සත්වයින්ට, මිනිස්සු කියලා කියනවා !!!!!!!!!!!!

    ReplyDelete
  2. අහන දකින හැඟෙන දැනෙන චිඳින විඳවන ඒ ඒ දේවල් ඒ ඒ කෙනා අනුව හරිම සාපේක්ෂව වෙනස් වෙන අපුරුවත් එක්ක එහෙම නැත්තන් උන් මිසින්ස්සු වෙන්නෙත් බෑ, හැම එකාම එකම දෙ කරන කොට එකේ ඇති ගතියකුත් නෑ, වෙනස් වෙන ලෝකේ තුල මොහොතින් මොහොත වෙනස් වෙන ඒ චෙනස් වීමත් එකෙක්ගෙන් තව එකෙක්ටම අනන්‍ය ම චෙච්ච මහැම මහා අමුතු සත්තු ජාතියක් වගේම එකම සතාව අනන්ත දෙනෙකුට අනන්ත ආකාරයකට රහ වෙන මොක්කුන්ද මන්දා ජාතියක්. :D. පට්ටයි අක්කේ, සාමාන්‍ය දෙ තුල අසාමාන්‍ය නිර්මාණයක්.


    ReplyDelete
    Replies
    1. ඇත්තමයි බන් නිකන් ඉන්න ගමන් ඔහේ ලියන් ගිහින් පබ්ලිෂ් කළා ඔන්න ඔහේ,,,

      Delete
  3. මිනිස්සු කියවනවා...

    ReplyDelete
    Replies
    1. පෙරලනවා විතරනේ පොත් නම් :D

      Delete
  4. මම කරන හැම දේම ලියලා ...........ඇයි බං උඹ මාත් එක්ක තරහද ...මිනිස්සු මම ගැන මොනවා නොකියයි...........චික් ලැජ්ජාවේ බෑ

    ReplyDelete
    Replies
    1. යැස් මං උබ රගපාපු එකක් බලන් ඉදල දුන්නේ ෂොට් එක

      Delete
  5. මං කොරන දේවල් බලන් ඉදලා,
    මිනිස්සු කියනවා මට පිස්සු කියලා..


    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. //මං කොරන දේවල් බලන් ඉදලා,
      මිනිස්සු කියනවා මට පිස්සු කියලා..//

      ඔය කියපු එකාව පෙන්නපන් පොඩ්ඩක්, සීනි කිලෝ එකක් කටේ ඔබන්න!! :D

      Delete
  6. අපූරු යි ඔමා... මං ආස ම මේකට:
    //තමන්ගේ කෙනෙක්ට අක්සිඩන්ට් එකක් වුණාම
    මිනිස්සු කියනවා එයාව හප්පලා කියලා..
    තමන්ගේ කෙනෙක්ගෙන් ඇක්සිඩන්ට් එකක් වුණාම
    මිනිස්සු කියනවා කාවද හැප්පිලා කියලා....//

    ReplyDelete
    Replies
    1. මට නිතර ඇහිච්ච දෙයක් ඕක.. ස්තුති දිලිනි,, අයි මිස් යු soo

      Delete
  7. මිනිස්සු කියන අයගේ හැසිරීම හරිම අපූරුවට ගලපලා....නියමයි...පට්ටයි...වෙන කියන්න දෙයක් ඇත්තෙම නෑ අපූර්වි....ඔබේ සමාජ දැක්ම විශිෂ්ඨයි....

    ReplyDelete
    Replies
    1. වගකීමෙන්ද මේ කියන්නේ ඉදගෙන :D ස්තුති

      Delete
  8. මම වගේ වෙන වා නම් සැම මිනිසෙක්ම...........
    ආසයි මං ...........................................

    ReplyDelete
    Replies
    1. අයි.....අනී ...... හෙක්...හෙක්......

      Delete
  9. මිනිස්සු කියනව උබට පිස්සු කියල අනෙ මන්ද :D

    ReplyDelete
    Replies
    1. හි හි මිනිස්සුන්ට පිස්සු බන් ඉදගෙන :)

      Delete
  10. මිනිස්සු එහෙම තමයි. හැමදේම දිහා බලන්නෙ තමන්ට වාසි වෙන පැත්තෙන්...

    ReplyDelete
    Replies
    1. අනිවා...
      ඔයාව මගේ හීන අඩවියට ආදරෙන් එකතු කරගන්නවා

      Delete
  11. මිනිස්සු කරන්නේ කියන එකනේ.. කියන දේවල් වලින් කරන්නේ කොච්චර පොඩි ප්‍රමාණයක්ද ...

    ReplyDelete
  12. ඇති දේ ඇති සැටියෙන් ලොව දකින මිනිස්සූ
    ලද දේ සිත සතුටින් විඳ වෙසෙන මිනිස්සූ
    පොළවේ මිහි සයනේ ගොඩ නැගූ මිනිස්සූ
    කරුමේ කිම වඳ වෙන හිරු සදිසි මිනිස්සූ

    පොළවේ බිම අහසේ ඉම බෙදන ලෝකයේ
    දහමේ ගුණ පත්ඉරු තුල නිදන යාමයේ
    ඉඳ හිටි සපැමිණ සිත් සතන් සැනැස්සූ
    කරුමේ කිම වඳවෙන මල් සදිසි මිනිස්සූ

    ඉතිරී ගිය ඉසුරින් නෙතු වැසුනු කාලයේ
    දිවියේ දුක විඳිනා දන නොදුටු ලෝකයේ
    සෙත් කවි සේ ලඟ සිට සිත් සතන් සැනැස්සූ
    කරුමේ කිම වඳවෙන සඳු සදිසි මිනිස්සූ..
    කරුමේ කිම වඳවෙන හිරු සදිසි මිනිස්සූ..
    කරුමේ කිම වඳවෙන මල් සදිසි මිනිස්සූ..

    ගායනය - ලක්ෂ්මන් විජේසේකර
    පද රචනය - වසන්ත කුමාර කොබවක
    සංගීතය - රෝහණ වීරසිංහ

    ReplyDelete
    Replies
    1. ඔයා නියමට සින්දු තෝරනවා මන් නිතර දකිනවා

      Delete
  13. කියවිල්ලේ ඉවරයක් නැ....... දරුවෝ..... හෙටත් තව මොනවා හරි කියාවි....කවුරු හරි..... කාට හරි....

    ReplyDelete
    Replies
    1. වලට යනකල් මොනාම හරි කියනව ඉදගෙන

      Delete
  14. උඹ ලියන එවට අපි වෙලාවකට හොදයි කියනවා
    උඹ ලියන ඒවට අපි වෙලාවකට හොද නෑ කියනවා..

    ReplyDelete
  15. ඒත් ඔය මෙලෝ ඇත්දැකීමක් නැති උං
    අර විදීම් දිහා බලල
    ඕක නං මොකද්ද බං
    ඕවද මිනිස්සුන්ට වෙන්නෙ
    කියල කියනව

    ReplyDelete
    Replies
    1. හි හි ඔව් මේ ඊයේ පෙරේදත් එහෙම සීන් එකක් උනා

      Delete
  16. එකම දේ උනත් මිනිස්සු දකින්නෙ විවිධ විදිහට. ඒ දකින විදිහට තමන්ගෙ අදහස 'කියන' එක තමා මිනිස් ගතිය.

    තිත්ත බෙහෙත් උනත් ටොපි කනවා වගේ හපලා කන මිනිස්සුත් ඉන්නවා! (මේ දැනුත් මා ගාව ඉන්නවා එහෙම එකෙක්,, ඈක්කා, :D )
    ඒ වගේම චොකලට් නොකන අප්පිරියා කරන මිනිස්සුත් ඉන්නවා,

    ReplyDelete
    Replies
    1. අපේ මල්ලි මතක් උනා, මු පොඩිකාලේ ගෙදර බෙහෙත් පෙත්තක් පේන්න බැහැ කනවා

      Delete
  17. මිනිස්සු මේකට කියනවා double standards කියලා.

    ReplyDelete
  18. පට්ටයි ඔමා! වචන ටිකකින් ලොකු කතාවක්

    ReplyDelete
  19. මම තරහවුනේ නැතත් කියනවා ඔයා මට නපුරුකම් කරනවා කියලා. මම කොච්චර යාලුවෙන්න හැදුවත් කියනවා එන්න එපා දන්නවද කියලා. (ඒ කියන්නේ දන්නවනම් එන්න නොදන්නවානම් එන්න එපා කියලා)

    ReplyDelete
  20. පට්ට!
    //තමන්ගේ කෙනෙක්ට අක්සිඩන්ට් එකක් වුණාම
    මිනිස්සු කියනවා එයාව හප්පලා කියලා..
    තමන්ගේ කෙනෙක්ගෙන් ඇක්සිඩන්ට් එකක් වුණාම
    මිනිස්සු කියනවා කාවද හැප්පිලා කියලා....//
    මාත් කැමති අන්න ඒකට

    ReplyDelete
    Replies
    1. ඔය ජාතියේ දේවල් සෑහෙන්න ඇති අයියේ,,, මං හරිම අකමැති ඔය සිතුවිල්ලට

      Delete
  21. එක,එක් කෙනාට පෙන විදිය සාපේක්ෂයි නේ?
    මට එක විදියක්,අපුර්ට තව විදියක්,තව කෙනෙක්ට තවත් විදියක්.
    හැබැයි කවුරු කොහොම බැලුවත් ගොඩක් වේලාවට තමන්ගේ පැත්තෙන් ඒ සිදුවීම සාධාරණිය කරගෙන තමයි බලන්නේ.අපුර් කියලා තියෙනවා වගේම.

    ReplyDelete
    Replies
    1. අනිවා,, ඒක පරාජය කරන්න අපිට අමාරුයි මනෝ

      Delete
  22. Hi there to all, since I am genuinely keen of reading
    this website's post to be updated daily. It contains fastidious data.


    My web page: Creative Temp Agencies Los Angeles

    ReplyDelete
  23. ඔමා ..මේ රටේ මිනිස්සු තනිකර කෙලින්නේ පිස්සු .. කියනඑක ජාතික ගීය කලොත් නරකද ?

    ReplyDelete
  24. Buyjng internet media, as an example impressions, emails distributed, sponsorships, ɑnd so on. Tell any visitors well
    ahead of time ѡhеre your next art shоw, crafvt market οr gallery ѕhowing աill be.
    Ҭhe choices aree endless fօr your budding businessperson trying tߋ break nto retail sales.


    Havve ɑ look att mу webb site ... Exhibiting Classic Colon

    ReplyDelete
  25. I really like your blog.. very nice colors & theme.
    Did you make this website yourself or did you hire someone to do it for
    you? Plz answer back as I'm looking to create my own blog and would like to find
    out where u got this from. appreciate it

    Also visit my web-site; Funny Cat Vine

    ReplyDelete
  26. මට මේ පෝස්ට් එක මතක් කළේ කස්පා.ඒක ජර්මන් තානාපති කාර්යාලය මැදිහත් වී කළ නාට්‍ය්‍යක්.පාලිත සිල්වා තමයි එහි ප්‍රධාන භූමිකාව කළේ.අදටත් එය මාදුටු විශිෂ්ඨ රංගනයක්.කස්පා එකට අනුව වචන කෙතරම් සංකීරණ ද සහ දරුණු ද යන්න කතා කෙරෙනවා.ව්‍යවහාරයට වචන පැමිණිමත් සමග මිනිසා දූෂ්‍ය වෙනවා.ඊට පෙර වචන කතා නොකළ මිනිසා තේරුම් ගැනීමට තිබුණු ප්‍රකාශනයේ අඩු-පාඩුව මග හැරෙන්නේ වචන වල පැමිණිම නිසා වගේම වචන ලියලන්නට ලියලන්නට අන්තර් සම්බන්ධතා යහපත් වීඹ වෙනුවට ප්‍රකාශනයේ ස්වභාවය දරුණු වීම සහ සංකීර්න වීම නිසා ගැටළු රැසක් ඇති වෙනවා

    ඔය ගැටළු කියන්නෙ ඉභිකවටත් වඩා දරුණු එකක්

    ReplyDelete
  27. Heya i'm for the primary time here. I came across this board and I in finding It really helpful &
    it helped me out much. I'm hoping to provide
    one thing back and help others such as you aided me.

    My homepage http://www.comprarviagraes24.com/donde-venden-viagra-en-guatemala

    ReplyDelete


ලිපිය කියවා කොමෙන්ට් නොකලත් කමක් නැහැ.. කමෙන්ට් කලොත් සතුටුයි. ලිපිය කියවන්නේ නැතුව කොමෙන්ට් කරන්න එපා.
අපුර්වි_


,නිතරම යහපත කරන්න...,සතුට සැනසිල්ල හැමදාම ඔයාලග රැදේවි,,දෙවිපිහිටයි,

Related Posts Plugin for WordPress, Blogger...