Wednesday, August 6, 2014

අවසරයි නික්ම යන්නට | I just want to leave

හිරු ඇවිත් 
මුළු හාත්පස් කලඑළි කරන්...
සද සෙමින් නුඹ බැස යමන්....
නුඹේ පණ අදින එළියත් අරන්.... 
මුදු සුළග මල් කෙමි සෙලවුවත් 
අතු ඉති කඩා බිම දමනු බැහැ..... 
සැඩ සුළගේ දැවටෙන්නට රිසී මං
කොළ ගෙඩි ඉරා මා හැඩි කළත්.....
අනෝරා වැහි වහිනදා....
හිරි ගඩු පිපුණු ගත කකියවා
තෙමෙන්නට මං 
සත්තමයි ආසයි..........
නිරතුරුව බිද බිද වැටෙන ...පණ සිඳුණු 
මෝසම් බීරමේ 
පඬු ස්වරය කටුකයි මට එපා......  :( 




-----------------------------------------------------------------------------------


43 comments:

  1. හොඳයි ගිහින් එන්න එහෙනම්.

    ReplyDelete
    Replies
    1. ඔයා අවුරුදු 5 ඉවර කරලා රහත් වුණා,, මං අවුරුද්දෙන් වුණෝ :D

      Delete
  2. කලකිරීමද? කම්මැලිකමද?, ටික දවසකින් ඕක අැරිල යයි, මං හිතන්නේ සමුගන්න ඕන නෑ... විරාමයක් තිබ්බම ඇති, මාස දෙක තුනකට සැරයක්වත් පොස්ට් එකක් දාන්න.....ටිකක් හිතන්න...

    ජ ය වේ වා !!!!!!!!!!!!!!!!!!

    ReplyDelete
    Replies
    1. කම්මැලිකම තමයි,,, ඒත් ඇත්තටම මේක කවියට දාන්න දැනිච්ච හොදම මාතෘකාව ,,මං යන්නේ නැතෝ :D

      Delete
  3. නික්ම යන්නට අවසර
    නොදෙමි කිසි දින කිසිදු විටක..:D

    ReplyDelete
    Replies
    1. thanks මනෝජ්,, කවියට මාතෘකාව දැම්මේ මනෝ

      Delete
  4. ගිහින් එන්න එහෙනම් !

    ReplyDelete
  5. අනේ මන්දා ඕමා ...
    මට මුකුත් කියන්න හිතෙන්නේ නෑ ...
    උඹ ලියනවා නම් මං කැමතියි මචී

    ReplyDelete
  6. යන්නම යන්න එපා....ගිහින් එන්න..

    ReplyDelete
    Replies
    1. එනෝ අනේ මේ කවියක් අනේ ලිවේ ඉදගෙන

      Delete
  7. අනුන්ගේ දේවල් පිළිබඳ තීරණය කිරිමට අපට අයිතියක් නැත. හැකිනම් ගිහින් එන්න..

    ReplyDelete
  8. බොරු!!!
    සිරාවටම?

    ReplyDelete
  9. මොකෑ මේ හනිකට නික්ම යන්නේ?

    ReplyDelete
  10. කට්ටිය යන්න එපා කියන ස්වරයෙන් පෙනන්නේ යනකම් බලා සිටි වගකි.

    ReplyDelete
    Replies
    1. හි හි ,,අනන් ඒකනේ සුදිකයියේ

      Delete
  11. කවියට මාතෘකාවක් දැම්මා විතරයි නම්;

    1 කවිය හොඳයි.

    2 සමු නොගෙන ඉන්න එකත් හොඳයි

    3 මගෙන් දෙකක් අහන්නේ නැතුව දිගටම ලියන එක හොඳටම හොඳයි.

    ReplyDelete
    Replies
    1. 1,2,3, පණිවුඩය ලබාගත්තා උතුමාණනි ඕවර් !!

      Delete
  12. කවිය නම් හොදයි.. කලින් ටිකේ නොලිවුවයින් පරණ ෆෝම් එක තාම හොයනවා වගේ..

    ReplyDelete
  13. පද ටික හොදයි ,මේ විරාමයක් නෙවෙයි නේ ????? මෙහෙම හරි පොස්ටුවක් දැකිම සතුටුයි

    ReplyDelete
  14. //අවසරයි නික්ම යන්නට//???????? පද පෙලට මාතෘකාවක් විතරක්ම නම් සතුටුයි.

    ඉද හිට වත් ලියන්න. නවත්තන්න එපා!!

    ReplyDelete
    Replies
    1. thanks අයියේ මේ කම්මැලි කම අනේ

      Delete
  15. යන්න එපා ඉන්න නගේ...

    අනේ මේ ඔය කවියක් කතාවක් කුරුටු ගාගෙන ඔන්නොහෙ හිටපන්. කොහෙ යන්නද!

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත බන්,,, හිටාන්කෝ ආයේ ලියන්න ඕනේ බන්

      Delete
  16. පඬු ස්වරය කිව්වේ මොකක් ? පුහ් යනවා කිව්වම අපි කියයි ඉන්න කියලා :p

    ReplyDelete
    Replies
    1. හි හි අර කන්කර්ච්චල් චුරු චුරු වැස්සේ සද්දේ අනේ

      Delete
  17. සැමදා ලියන ඔමාගෙ හීන කතා
    ඉඳහිට මමත් කියවනවා සිතාමතා
    තව තව ලියවෙන්න පදවැල් හොඳට ගොතා
    යදිනෙමි මම ඔබහට දෙවි රැකවරණ පතා

    ReplyDelete
  18. අනෙ මෙ මගෙන් මුකුත් අහගන්නෙ නැතුව ලියහන් අර ඉස්සරවගෙ ..........ඉදගෙන

    ReplyDelete
  19. කලකිරීම ටික දවසයි....... ආයෙත් හිටපු තැනටම එනවා....

    ReplyDelete
  20. බය වුනා ලියන එක නවත්තන්න හදනවා කියලා. අපිට ලියන්න බැරි වුනාට ඔයාලා ලියන ඒවාට ආදරේයි.

    ReplyDelete
  21. ගහින් හරිගියාම ආයි එන්නකෝ

    ReplyDelete
  22. නුඹ යන්නම යන්නම යනවා නම්....මට ඉන්න කියන්නට බැහැනෙ ඉතිං......
    එත් ඔන්නොහෙ හිටපං බං :D

    ReplyDelete


ලිපිය කියවා කොමෙන්ට් නොකලත් කමක් නැහැ.. කමෙන්ට් කලොත් සතුටුයි. ලිපිය කියවන්නේ නැතුව කොමෙන්ට් කරන්න එපා.
අපුර්වි_


,නිතරම යහපත කරන්න...,සතුට සැනසිල්ල හැමදාම ඔයාලග රැදේවි,,දෙවිපිහිටයි,

Related Posts Plugin for WordPress, Blogger...