Monday, August 18, 2014

I want to be a strong mast| තාත්තා එක්ක හැන්දෑවක්


දෙවියන්ට මාව කුඹගහක් කරන්න ඕනේ වෙලාද කියලත් හිතෙනවා...සෙල්ලං නැහැ පස්න හෙනටම.... ඉතින් ඔන්න පැත්තක තියලා ලියන්න හිතුවා බඩ්ඩක්,,,තාත්තා ගැන ලීවම ඔක්කොම ප්‍රශ්න මෙවුවා වෙලා යනවා :D

ඉස්සර පොඩි කාලේ තාත්තා කියපු කතාවක් මතක් වුණා එක පාරට . අම්මා රට ඉද්දි තාත්තා මාව නිතරම බීච් එකට එයාපෝර්ට් එකට එක්කන් ගියා.,මේ කියන්න යන්නේ දවසක් ගාල්ලේ ගිය වෙලාවක මුහුද අයියේ ඉද්දි අපි දෙන්නා කතාකරපු දෙයක්.

මං ඇහුවා

" රුවල් නැව් වල කුඹ ගහ හදලා තියෙන්නේ මොනවා වලින්ද" කියලා


එතකොට තාත්තා මට කිවුවා ඒක ගැන ලස්සන කථාවක්,... ඇත්තද බොරුද දන්නේ නැහැ නමුත් ඒ කථාව අද මගේ හිතට ලොකු ශක්තියක් වුණා.

තාත්තා කීවේ මෙන්න මෙහෙම

"පුතා ඔය කුඹගස් හදන්නේ ගොඩක් හයිය ගහකින්"


මම ," මොන ගහකින්ද තාත්තේ?"

ගස් වර්ගය ගැන මං දන්නේ නැහැ.....ඒත් ඔය කුඹගහ හදන්න කලින් ඒවා හදන මිනිස්සු අවුරුදු ගාණක් තිස්සේ ගහක් සූදානම් කරනවා ඒ වැඩේට....

හම්මේ ඉතින් මං තාත්තා දිහා බලාගෙන කට ඇරගෙන ඒ කතාව අහන්න ලෑස්ති වුණා... අපේ තාත්තා කතාවක් කියද්දී කතාව කියන ගමන් මගේ ඇස් දිහා බලනවා ආයේ අහස දිහා බලනවා...


තින් ඉතින් ,,,,, කොහොමද කරන්නේ කියන්නකෝ,,,

හ්ම්ම්... ඉස්සර ඔය රුවල් නැව් හදපු මිනිස්සු කැලෑවට ගිහින් ගස් තෝරනවලු කුඹගහට ගන්න ගැලපෙන ගහක් හම්බුණාම ඒ ගහ වටේට තියෙන අනිත් උස ගස් ඔක්කොම එයාලා කපලා දානවලු....මීටර් ගාණක් වටේට (මට මතක 50ක් වගේ ) තියෙන ගස් කපලා දාලා මේ ගහ තනිකරලා තියනවලු කාලයක්....(අවුරුදු 3-5 ක් වගේ කාලයක් කියලා තාත්තා කිවුවේ ) ඉතින් මේ කාළය තුළ ඇතිවෙන සුළිසුලං වලට ,අකුණු සැර වලට ,නියඟ වලට මේ ගහට තනියම මුණ දෙන්න වෙනවා..... එයා වටේට සුළං සැර අඩුකරන්න කිසිම ගහක් කොලක් නැති නිසා හැමදේටම මුණ දීලා ,,,හුළඟට ඇඹරිලා ,නැමිලා ආයෙම කෙලින් ඉන්න වෙනවා තනියම..... මෙහෙම කාලයක් මේ වගේ පරිසර තත්ත්ව වලට මුණ දුන්නට පස්සේ මේ ගහේ කඳ හොදට ශක්තිමත් වෙනවාලු....

ඉතින් අර මිනිස්සු ඇවිත් ගහ පරික්ෂා කරලා බලලා නියමිත කාලය එද්දී ගහ උසට හැදිලා ශක්තිමත් නම් කපාගෙන ගිහින් කුඹ ගහක් කරලා නැවේ මැද්දේ සවිකරගන්නවලු" කුණාටු වලදී ඇඹරිලා  කරටි කඩා වැටිලනම් ඒ ගහ අතෑරලා වෙන ගහක් තෝරගන්නවලු......

අපි දන්නවනේ නැවක් මුහුදේ යනකොට කොච්චර නම් කුණාටු වලට ,ලොකු රැළිවලට මුණ දෙනවද කියලා..... ඉතින් ඒ වගේ වෙලාවල් වලදී ඒවාට ශක්තිමත්ව මුණ දෙන්න නිසාලු කුඹගහ හදන්න කලින් ඒ ගහට ට්‍රේනින් එකක් දෙන්නේ... 

ඔය තාත්තා කියපු විස්තර ටික... එදා ඔය කථාව එයා කියාදුන්නට පස්සේ මට අමතක වෙලා යන්න ඇති එතකොට වයස අවුරුදු 6-8 අතර වගේ වෙන්න ඕනේ... ඒත් දැන් අවුරුදු 20 කට වගේ පස්සේ මට ඒක ආයෙම මතක් වුණාම එදා රුවල් නැව් ගැන භෞතිකව දැනගන සතුටු වුණාට වඩා ජීවිතේට වැදගත් යමක් එකතුවුණ එකට සතුටක් දැනුණා....

මට දැනෙන විදියට අපේ ජීවිතෙත් ඒ වගෙයි.... අමාරු කාල ,ප්‍රශ්න කරදර මැද්දෙන් යද්දී අපිව පුදුම විදියට ශක්තිමත් වෙනවා..ආයෙම ඒ වගේ ප්‍රශ්නයක් ආවොත් ඒකට මුණ දෙන්න අපේ කලින් අත්දැකීම අපිට උදව් වෙනවා...ඒත් අමාරු කාලවලදී අපි දුර්වල වෙලා ජිවිතේ මෙතනින් ඉවරයි කියලා අතෑරලා දැම්මොත් අපි අනාගත ජීවිතේට මුණ දෙන්න නුසුදුසු මිනිස්සු වෙනවා.....ඉතින් අපි අමාරු කාලවලදී කොහොම හරි මුණ දුන්නොත් නැවේ මැද්දාවේ ඔක්කොටම උඩින් ඝාම්භිරව නැගීසිටින කුඹගහක් වෙන්න පුළුවන්,,,,,,
තෝරගත්ත එක ගහක් නැතිවුණා කියලා මිනිස්සු කුඹගස් හදන එක නවත්තන්නේ නැහැනේ ,,එයාලා වෙන ගහක් තෝරාගන්නවා .....ඒ නිසා අද ජීවිතේට ලැබෙන හැම අභියෝගයකටම මුණ දෙන්න කෝම හරි....


------------------------------------------------------------------
ප/ලි

අහස කට්ට කළුවර වෙනකල් ෂෝයි එකට දිළිසෙන තරුකැට පේන්නේ නැහැමයි.....ඉතින් ඔයාටත් දිලිසෙන්න ඕනේ නම් කරුවලේ යන්නම වෙනෝ.....


60 comments:

  1. බුදු අම්මෝ හරීම ෆිලොසොෆිකල් වෙලා වගේ!

    ReplyDelete
    Replies
    1. ඒ විතරක් නෙමේ කාකා,මං හෙනටම අස්ට්‍රොලොජිකලුත් වෙලා ඉන්නේ,,, මේක ලියලා පබ්ලිෂ් කරද්දී හිතුවා කාකා තමයි පළවෙනි කමෙන්ට් එක දාන්නේ කියලා, හරියටම හරිනේ

      Delete
  2. කුඹ ගහේ වැඩේට අරන් ගියත් ඉතිං අමාරුම දුකක් තමා. නැතත් වෙන්නේ අකුණු වැදිලා මැරිලා යන්න. ගහේ වෙලාව තමයි. සමහර ගස් වලින් කපල බඩු හදල පොලිෂ් කරලා එහෙම.

    ReplyDelete
    Replies
    1. හි හි ... කුඹගහක් වෙන්න හැම ගහටම බැහැනේ අයියා........ ඕනෙම බාල ලීයකට හොදට පොලිෂ් ගාලා මැදලා ගත්තම පොෂ් වෙලා පේනවා,, ඒත් ඇතුල හිස් නේ,,, පැවැත්මක් නැහැනේ

      Delete
  3. බොහොම හොඳයි...

    // අහස කට්ට කළුවර වෙනකල් ෂෝයි එකට දිළිසෙන තරුකැට පේන්නේ නැහැමයි.....ඉතින් ඔයාටත් දිලිසෙන්න ඕනේ නම් කරුවලේ යන්නම වෙනෝ.....//

    අමූලික ඇත්ත...

    ජ ය වේ වා !!!

    ReplyDelete
  4. කාලෙකට පස්සේ ලිව්වමයි නේද ඔය..

    අගෙයි අගෙයි...

    ReplyDelete
    Replies
    1. ඔව් අයියේ.. ඔයාව මගේ හීන අඩවියට ආදරෙන් එකතු කරගන්නවා ස්තුති

      Delete
  5. ලස්සන සටහනක්... සතුටින් ඉන්න

    ReplyDelete
  6. එල එකක්.. පුංචිකාලේ ඉදලා මන් අඩුවෙන්න කිවුව වචනේ අප්පච්චි,ඒ ආදරේ ලැබුනේ බොහොම ටික කාලයයි.එයාගේ වලට මගේ අතින්ම පස් ටික දානකොට පස් අහුරක් ගන්නත් මේ අත් පුංචි වැඩි.. එත් මට හිතෙනවා මගෙත් අප්පච්චි ඔය විදියට ජිවිතේට පාර කියන්න හිටියනම් මගේ ජිවිතේ මිට වඩා ගොඩක් ලස්සන වෙන්න තිබුනා... මේක ගොඩක් වටින සටහනක්. සුබ පැතුම්..

    ReplyDelete
    Replies
    1. ඔයාවත් ආදරෙන් මගේ හීන අඩවියට එකතුකරගන්නවා කොල්ලෝ,,, දුක් වෙන්න එපා,මගේ තාත්තා මා එක්ක පුංචි කාලේ හිටියට අම්ම මන් ලග හිට්යේ නැහැ... අම්මා ලග ඉද්දි තාත්තා නැහැ... සමහර කාලවල දෙන්නම ලග නැහැ... දැන් කවුරුත් මං ලග නැහැ... තාත්තා මේ ලගදි දැක්කේ අවුරුදු 3 කට පස්සේ,,, මටත් ඔය හැගීම තියෙනවා, එයා දිගටම මන් ලග හිටියනම් මං ජිවිතේ තව කොච්චර ඉගෙන ගෙනද දෙයියනේ

      Delete
  7. හ්ම්ම් කුඹ ගහක් වෙන එකත් ලේසි නෑ එතකොට

    ReplyDelete
  8. Ammo. Oyath dan maarama phylosophical welaaneh. Shoi.

    Mamath ambaanakata prashna aawama oluwa ussala inne mehema dewal ahala thiyena nisa. Medawas walath hodatama abarila inne. Danwath oluwa ussala nagitinna ona. Sthuthi akke me kathawen mata eka apahu mathak karala dunnata. Godak sthuthi.

    ReplyDelete
    Replies
    1. වෙල්කම් පීරේ,,,,

      සතුටුයි මට ,,මොනා කරන්නද ඈ ජීවිතේට ඕනේ අපිට ප්‍රශ්න දෙන්න නම් දීපු දෙන් බන්,, හිනාවෙලා හරි අඩලා හරි අපි වැඩේ ගොඩ දාගන්න ඕනෙමයි

      Delete
  9. අපූර්වි......සිත්ගත් සටහනක්....කුඹ ගසක් මෙන් නොබියව ජීවිතයට මුහුණ දීමට ඔබට ශක්තිය සහ ධෛර්යය නොමදව ලැබේවා !!!

    ReplyDelete
    Replies
    1. වෙල්කම් රවී අයියා,,, මගේ හීන අඩවියට ඔයාවත් ආදරෙන් එකතුකරගන්නවා.... ස්තුතී

      Delete
  10. කතාව සහතික ඇත්ත බං.. තනියම ජීව්තේ හුඟක් දේවල් වලට මූණ දුන්න මිනිහට ජීවිතේ සාර්ථක කර ගන්න එක ඒ හැටි අමාරු දෙයක් නෙමෙයි.. සිරා කතාව..

    ReplyDelete
  11. ඒක ඇතත බං.. තනියම ජීවිතේ හුඟක් දේවල් වලට මූණ දුන්න මිනිහෙක්ට ජීවිතේ හුඟක් දේවල් වලදී සාර්ථක වෙන්න පුළුවන්..

    සිරා කතාව..

    ReplyDelete
  12. හ්ම්ම්ම් නැඟිට්ට ගමන් ඇඳේ ඉඳන්ම කියෙවුවෙ ඇත්තෙන්ම වටින සටහනක්.!

    පෞද්ගලිකව අපේ ජීවිත වලට සම්බනද කරන් බැලුවොත් බොහෝ විට අපෙත් ගෙවෙන්නෙ මේ පරික්ෂණ සමයක්,,

    නියමයි ඔමා! ඇත්තෙන්ම හිතට වැදුනා.

    ReplyDelete
    Replies
    1. සතුටුයි ප්‍රියෝ, තැන්කු ඈ

      Delete
  13. හ්ම්ම්ම්ම්ම්.............ෂෝයි සටහන...........
    ඔය රුවල් නැව් වල බිමට දමන්නෙ නම් ඝනකම් බුරුම තේක්ක ලී .... කාලයක් මුහුදු වතුරට ඔරොත්තු දෙන නිසා ලු....... (නමුත් කලකදී එයත් දිරල යනවලු)
    ඒ දිරල යන බව මම අත්දැකීමෙන්ම දන්නව......
    කුඹ ගහට ගන්නෙ අවුරුදු 50-60 කල් ගිය තද ගස් වල අරටුව....
    හෙක්.....හෙක්..... ඔයා දැන් කොතලාවලද..... අනී ......... Good'''''''''''''!.........................

    ReplyDelete
    Replies
    1. අනී යන්න අයියා බබෝ,.. බුරුම තේක්ක කතාව හොයල බලන්න ඕනි,,, thanks අනී

      Delete
  14. හැබෑම තමයි. මුළු නැවේම ජිවිතේ රැඳිලා තියෙන්නේ කුඹ ගහේනේ බලාගෙන ගියාම.

    ReplyDelete
    Replies
    1. හ්ම් ඒකනේ පුංචි දේවල් ඇතුලේ හිතන්න ගොඩක් දේවල් හැංගිලා තියෙනවා නේද සයුරි

      Delete
  15. මේකට අර ඩවුන්ලෝඩ් වෙච්චි ප්‍රොග්‍රැම් එකේ සම්බන්ධයක් තියේද??

    ReplyDelete
  16. සා මරු කතාවක්.බො දකින්නත් සතුටුයි

    ReplyDelete
  17. ප්‍රශ්න නැති ජිවිත කොහේද තියෙන්නේ අපුර්,ඒවයෙන් පලා යන එක නෙමේ ඒවාට මුහුණ දෙන එකයි දිනුම.ඇත්තටම හිත ගත්තු ලස්සන කතාවක්...:)

    කුඹ ගසකට වඩා ශක්තිමත්ව ජිවිතේ ජය ගන්න ලැබේවා අපුර් ඔයාට ..!!

    ReplyDelete
  18. කාලෙකට පස්සේ ආයෙමත් ෂෝර්ට් ඇන්ඩ් ස්වීට් ලිපියක්

    ReplyDelete
  19. ඔමාගේ තාත්තා කිව්ව කතාව ඇත්තක් වුනත් බොරුවක් වුනත් ඒක හරිම ලස්සන කතාවක්. මම කවදාවත් අහලා නෑ. නමුත් අර මහ නුග ගහයි බට පඳුරයි ගැන නම් අහලා තියෙනවා.

    ReplyDelete
  20. ඔය කුඹ ගහ හදන්ඩ තෝරගත්ත ගහ වගේ හැදිච්ච අයට තමයි අර අපි කියන්නේ 'පොළොවේ පය ගහලා ඉන්න මිනිස්සු' කියලා.

    ReplyDelete
    Replies
    1. ඔන්න ලියන්න ගත්තා ඈ ඔයා ගහනවා කියපු නිසා,,, අනිවා විචාරක තුමණි

      Delete
  21. ගැහැනියක් උනාම කුඹ ගහක් වගේ ශක්තිමත් වෙන්න ඕන.....

    ReplyDelete
  22. ටිකක් දිග කතාවක් ලියමු බලන්ඩ

    ReplyDelete
    Replies
    1. කම්මලි අනේ ඒවා කියවන්න,, ඒ නිසා ලියන්නත් කම්මැලි...

      Delete
  23. ඒක තමයි මේ සමහර අපේ එවුනුත් වටේම ඉන්න එවුන්ව කපාදාන්න දගලන්නේ ... කුබගහක් වෙන්න .....

    ReplyDelete
  24. කාලේකට පස්සේ නේද ..

    කුඹගහත් එක්ක හිතන්න දේවල් ගොඩක් පෙන්නලා දුන්නට ස්තූතියි..

    ReplyDelete
  25. ශා.. නියම අදහසක්... මටත් කුඹ ගහක් වගේ වෙන්න හිතුනා

    ReplyDelete
  26. අනේ මන්දා අක්කා, නිකක්න් හිතට මොකක්ද මොකක්ද වෙලා නිකන් මොකක්ද මොකද්ද උනා වගේ. මොකක් උනත් අන්තිමේ නිකන්ම ආපස්සට හැරිලා බැලුනා. හ්ම්ම්ම්.

    ReplyDelete
  27. This comment has been removed by the author.

    ReplyDelete
  28. අපුරුයි අක්කේ කතාව...වටින දෙයක් මගේ ජිවිතේටත් එකෙන් ශක්තියක් ලැබුනා..ස්තුතියි

    ReplyDelete
  29. මිනිස්සු දකින්නේ තමන් මනසින් දකින දේලු. අහන්නේත් එහෙමලු. ආත්මාර්ථය හා තමන්ගේකම (ජාතිය, ආගම, නෑකම වැනි විවිධ නිර්ණායක අනුව) දෘශ්ඨිය වෙනස් කරනවාලු. ඔක්කොම ලූ ලූ හරිද, මංනං නෙමෙයි කියන්නේ.
    මේ ඔමා නගා, අර කමෙන්ට්වල පහුගිය කාලෙ දැම්ම මූණට වඩා මේ කිලියෝපැට්ටරා මූණ ලස්සනයිනෙ අප්පා... තිත් දෙකයි වරහනයි.

    ReplyDelete
  30. ////මට දැනෙන විදියට අපේ ජීවිතෙත් ඒ වගෙයි.... අමාරු කාල ,ප්‍රශ්න කරදර මැද්දෙන් යද්දී අපිව පුදුම විදියට ශක්තිමත් වෙනවා..ආයෙම ඒ වගේ ප්‍රශ්නයක් ආවොත් ඒකට මුණ දෙන්න අපේ කලින් අත්දැකීම අපිට උදව් වෙනවා...////
    ඔයා හරි. ඒ දේවල් අපේ ජීවිත වලට ශක්තියක්.

    ReplyDelete
  31. මම කැමතිනැ කුබ ගහක් වෙන්න, මම කැමති කැටයමක් වෙන්න

    ReplyDelete


ලිපිය කියවා කොමෙන්ට් නොකලත් කමක් නැහැ.. කමෙන්ට් කලොත් සතුටුයි. ලිපිය කියවන්නේ නැතුව කොමෙන්ට් කරන්න එපා.
අපුර්වි_


,නිතරම යහපත කරන්න...,සතුට සැනසිල්ල හැමදාම ඔයාලග රැදේවි,,දෙවිපිහිටයි,

Related Posts Plugin for WordPress, Blogger...