Saturday, October 11, 2014

නිරුවතේ මාරුව



වින්ටර් වර්ශන් 

ගැහැණුන් උනා දාපු ඇඳුම් 
ආයෙම ඇඟ ලා ගනිද්දී   
ගහකොළ නිරුවත් වෙන අපූරුව
දුටිමි ශිශිරයේ හිම පියළි අස්සෙන්


මේ කවිය ලියලා දැන් අවුරුද්දක් වෙනවා... ගිය අවුරුද්දේ ශිත කාලේ පටන් ගද්දි මගේ ඇස් වලින් ජනේලෙන් එහා පාරේ යන මිනිස්සු දිහා බලන් ඕක ලිවුවේ....ඊට පස්සේ ආපු ගිම්හානේ පටන් ගද්දීත් මේ වගේ එකක් ලිවුවා. දාන්න අමතක වෙලා හිටියේ,,, මේ තියෙන්නේ ඒක.


ඒකෙම සමර් වර්ශන් එක 

ශිශිරයේ නග්නවුණු ගස්කොළන්  
මලෙන් කොළෙන් විලිවසා ගනිද්දී 
ගැහැණුන් රෙදි උනන අපූරුව දිටිමි
වසන්තයේ කෙඳිරිලි සුළඟ අතරින්...


දැන් මං මේ පෝස්ට් එකක් ලියන ගමන් ඉන්නේ,,  එතකල් මේ පුංචි කවි දෙක නිකන් පබ්ලිෂ් කරන්න හිතුණා,, බයින්න එහෙම එපා ඈ මං ආයෙම ලියන්න පටන් ගන්න ගමන් මේ ඉන්නේ ඉදගෙන  :D



වැඩිම දෙනෙක් කියෝපු මගේ සමර් එකේ අඩ නිරුවත පෝස්ට් එකේ ලින්ක් එක මේ...ඔයත් ක්ලික් කරලා ගිහින් කියෝලා,, ඔලුව විකාර කරන් එන්න   


54 comments:

  1. මේකට අර සමර් එකේ කොටට අඳින ඒව බලාපු කතාව තිබ්බ පෝස්ට් එකේ ලින්ක් එහෙකුත් දැම්මනං නරකෙයි?

    ReplyDelete
    Replies
    1. ස්තුති අයියේ දැම්ම දාන්නම්

      Delete
  2. අඩේ ඒකත් මාරයි නේ.. :D

    ReplyDelete
  3. වින්ටර් එකේද පෝස්ට් එක දාන්න ලියන්නෙ අනී .......හෙක්....හෙක්.....

    ReplyDelete
  4. දැං කෝ එතකොට පෝස්ට් එක....

    ජ ය වේ වා !!!

    ReplyDelete
  5. උපහැරණ....... කාලෝචිතයි........ එනිසා කවිය...... රසලිප්තයි...... ඕමා....

    ReplyDelete
  6. ඇත්තනේන්නම්.. දෙගොල්ලෝ මාරුවෙන් මාරුවට ඇඳුම් අඳිනවා හි.. හි..

    ReplyDelete
    Replies
    1. ඒකනේ නංගි තනියම ඉද්දි ඕවා හිතන එක මාර ෆන්

      Delete
  7. ඔයා මොකක් උඩද ඉඳගෙන ඉන්නේ ඩාලින්. මොකවත් උනොත් ඔන්න මම එහෙම නෑ. කෙන්ජියා වහ බොයි.

    ReplyDelete
  8. අපේ ජීවිත වලට වැඩිපුරම එන්නේ එක්කෝ ශීත ඍතු එහෙම නැත්තං ග්‍රීෂ්ම ඍතු. වසන්ත ඍතු බොහොම අඩුයි.

    ReplyDelete
    Replies
    1. ඇත්තමයි විචාරක තුමණි,,, ඒක ඇත්ත

      Delete
  9. මොකෝ කියන්නේ ඔය කාල හතර ගැනම ලියමුද කවි පන්තියක්ම

    ReplyDelete
  10. ඇයි ගැහැණු ගැන විතරක්? ඇඳුම් උනා දමන්නෙ නැද්ද පිරිමි?

    ReplyDelete
    Replies
    1. පිරිමි ෂෝට අදිනවා ගෑණු ශිපර් එකක් විතරක් අල්ලපු ඩෙනිම අදිනවා ;D

      Delete
  11. අම්මපා ඇ‍යි ගහකොල එහෙම කරන්නේ.. නිකමටවත් හිතුනේ නෑ නේ අප්පා..

    ReplyDelete
    Replies
    1. ගහ කොළ වගේම අපිත් සොබාදහමේ කොටස් කාරයෝ,,, අංශක 23 1/2 ක් මේ බෝලේ ඇල නොවී තිබ්බනම් මේ මොකුත් නෑ අනී

      Delete
  12. මගුල් කියවන්නෙ නැතුව මොනවහරි ලියහන් මම වගෙ :D

    ReplyDelete
    Replies
    1. උඹට ඉතින් හාමිනේ ඉන්නකං හොඳයි ... අනේ යකෝ

      Delete
    2. හි හි අයියේ මේ ඉවාන් ලා නම් පුදුම යාළුවො බන්

      Delete
  13. ආයෙ ලියන්න ගන්න එක නම් ලොකු සතුටක් ඔමා.

    ReplyDelete
    Replies
    1. මන් දැක්කා අයියත් ලියලා නැහැ මේ ටිකේ

      Delete
  14. අපිනං කියවයි මේ කම්මැලි පෝස්ට් ... එව්වා හඳේ නංගි ... අපි රැවටෙයි හුහ්

    ReplyDelete
  15. හෙක් ලෝකේ හැටි, ගස් වල ඇඳුම් ගලවන කොට මිනිස්සුන්ට ඇඳුම් ඇඳ ගන්නත් මිනිස්සුන්ට ඇඳුම් ගලවන කාලෙට ගස් ඇඳුම් ඇඳ ගන්නත් හැටි. මේක කාලය හා ලැජ්ජාව පිලිබඳ ගැටලුවක් ඕ යේස්.

    ReplyDelete
  16. හෙහ් හෙහ්..
    ඒකත් මාරයි නෙ...

    ReplyDelete
  17. අපේ ගැහැණුන්ට රෙදි උනන්න
    සමර් එකක් නැති එක ගැන
    නැගේ කණගාටුව හිතේ
    එක කොණක...:D

    ReplyDelete
  18. හරි වැඩේට එන්ටර් වෙයන්කෝ..

    ReplyDelete
    Replies
    1. හම්මේ හරි හරි අයියේ මේ ලියනෝ

      Delete
  19. එළ එකෙත් හොඳ එක. වෙනස් ඇහැකිං.

    ReplyDelete
  20. හිතේ තියෙන ඒවා තමයි ගස් කොලන් වලිනුත් පේන්නේ. :)

    ReplyDelete
  21. ෂෝක් ෂෝක් ඇදුම් අදින එකෙත් කලාවක් තියනවා නේ

    ReplyDelete
  22. මේ දෙකම ෆට්ට!!! කෝ දැං ඉතුරු සෘතු දෙක???

    යකෝ බලන බලන බොග මේ දවස් වල බාගෙට වැහිලා
    අර බස්සි පිස්සි විතරයි මොනවා හරි මලදානයක් රසට කියවන්න ලියලා දාන්නේ

    ලියපල්ලකො බං මොනවා හරි!!!! සෙද්ද!!!

    ReplyDelete
  23. ///Your comment will be visible after approval./// මොකෝ බං අක්කේ අායෙත් Moderation දාලා???

    ReplyDelete
  24. ඔමාගේ බ්ලොග් එකට ආපු පලවෙනි දවස....
    පොස්ටුව නම් නියමයි ඈ... කලින් එකත් කියෙව්වා හොදේ...

    DJ Niraj from FreewareHut

    ReplyDelete
  25. ඕවා තේරුම ගන්න අපි තාම පොඩි වැඩිද අක්කියෝ.....?

    ReplyDelete
  26. █ මේ තියෙන්නේ අපේ අලුත්ම www.tinyurl.com/sinhalasyndi සිංහල Syndiya ඔයාගේ බ්ලොග් / වෙබ් සයිට් එකත් අදම එකතු කරන්න

    ReplyDelete


ලිපිය කියවා කොමෙන්ට් නොකලත් කමක් නැහැ.. කමෙන්ට් කලොත් සතුටුයි. ලිපිය කියවන්නේ නැතුව කොමෙන්ට් කරන්න එපා.
අපුර්වි_


,නිතරම යහපත කරන්න...,සතුට සැනසිල්ල හැමදාම ඔයාලග රැදේවි,,දෙවිපිහිටයි,

Related Posts Plugin for WordPress, Blogger...