Thursday, February 26, 2015

විනාශකයාගේ නිම්නතර දිටි පාරාදීස - Living together in destroyers paradise

ඇත්තටම පටන් ගන්න විදියක් තේරෙන්නැහැ. ඒත් ඔබට වෙලාව  තියේ නම් අනිවාර්‍යයෙන් කියවන්න.මං විශ්වාස කරනවා අළුත් යමක් දැනගනීවි , 

ඊශ්‍රායලයේ සංස්කෘතිය  ගැන මීට පෙර ලියු හැම ලිපියක්ම මං ලිවුවේ කොන්ක්‍රීට් සහ නොනවතින  වාහන සද්ද පිරිච්ච ටෙලවිව් නගරයේ ජනාකීර්ණම වීදියක ප්‍රධාන පාරවල් හතරක් හමුවෙන මංසන්ධියකට යාබද කාමරයක ඉඳන්...ඒක මොන ජීවිතයක්ද කියලා දැන් හිතෙනවා.
 කළබල නගරයක් තුළ රටකට ආවේණික ජිවන රටාවක් දකින්න අමාරුයි; උදාහරණයක් විදියට නිව්යෝර්ක්,ටෙලවිව්,ලොස්ඇන්ජලිස්,ටෝකියෝ කියන්නේ රටවල් කීපෙක තියෙන නගර කීපයක් වුණත් ඒ හැමෙකකම පොදුවේ  වාහන බිල්ඩින් සහ මොන හේතු  නිසාද කියලා හිතාගන්න බැරි වේගෙන් ඇවිදින  මිනිස්සු තමයි  දකින්න තියෙන්නේ,,, ඒවා ලියන්න  ගියොත් අද පෝස්ට් එකක් ලියන්න වෙන්නේ නෑ.


සත්ව කෑම ගබඩාව..
"කිඹුස් සදේලියාහු" වලදී මං ගත්ත ෆොටෝ එකක්.

israeli kibbutzim (קיבוצים)

ඒ මොකක්ද කිඹුට්සීම් කියන්නේ කියලා ඔයාලා හිතනවා ඇති. මට  හැකි උපරිමයෙන් ඒ ගැන විස්තර කරන්නම්. ඊශ්‍රායලයේ  තියෙන කෘෂිකාර්මික ගම්මාන වර්ගයක් තමයි කිබුට්සීම් කියන්නේ. දැනට ඊශ්‍රායලය තුල මෙවැනි ගම්මාන 270 කට වැඩි ප්‍රමාණයක් තියෙනවා. යුදෙව් භාෂාවෙන් "kvutzaකියන්නේ සමුහය ,කණ්ඩායම කියන අදහස තියෙන වචනයක්.. පාපන්දු කණ්ඩායමක්, ශිෂ්‍යන් කණ්ඩායමක් හඳුන්වන්න උණත් මේ  වචනේ  පාවිච්චි වෙන නිසා. පසුකාලීනව "කුවුට්සා" කියන වචනය කඩලා  මේ  ගම්මාන  වලට  විශේෂිත නමක් විදියට "කිඹුට්ස්" කියලා පාවිච්චි කරන්න පටන් ගත්තා. "කිඹුට්සීම්" කියන්නේ  බහුවචනය .

Monday, February 23, 2015

Return

ඉස්සර සීයත් එක්ක ඉන්න කාලේ මාසෙට ලිපි 8ක් විතර ලිවුවා,සමහර සති වල සතියට තුනක් හතරක් ලියන්න පුළුවන් කම තිබ්බා,, ඒත්  පහුගිය මාස හත ඇතුලත මට පාලනය කරගන්න බැරිවිදියේ දේවල් සිද්ද වුණා,කොච්චර ලියන්න දේවල් තිබ්බත් ලැප් එක ඔන් කරන්න වත් හිතුණේ නෑ..ෆෝන්  එකෙන් මුණු පොතේ විකාර  කළා විතරයි,
බ්ලොග්  ලියන එක වගේම කියවන එකත් අතැරිලා ගියා..කීප  වතාවක් ආයෙම  ලියනවා ලියනවා හිතුවත්  අකුරක් වත් ලියන්න  බෑ..ඒ වගේම  එක මාසෙට ආච්චිලා තුන් දෙනෙක් මැරුණා මං ජොබ් එකට ගිහින් දවසෙන් දෙකෙන්,හම්මේ පුදුම කාලකන්ණියෙක් නේද මං කියලත් හිතුණා. අන්තිමට  කොහොමහරි කැරකිලා ආයෙම අර සීයා වගේම දවල් දහය වෙනකල් නිදාගන්න ආච්චි කෙනෙකුයි, කලාගාරයක් වගේ ගේකුයි හම්බුණා.1925  අවුරුද්දේ  ජර්මන් කාරයෝ හදපු ගෙයක් මේක,, ඒ වගේම  මේ ආච්චිට වයස අවුරුදු 88 යි,, එයා මීට අවුරුදු දෙකකට කලින් එයාගේ ජිවිත කථාව පොතක් ලියලා පළකරලා තියනවා....ඒකෙ තියෙන 1923 දී ගත්ත ෆොටෝ දැක්කම ඒ ඉතිහාස කතා දැක්කම මට මොකුත් නොලියා ඉන්න බෑ.. 

 අපි ඉන්නේ ගෙයි දෙවනි තට්ටුවේ.මගේ කාමරේ ඇවිදිද්දී කාමරේ කෙලවරේ තියෙන තඩි අල්මාරියේ දොරවල් හෙල්ලෙන සද්දේ එනවා සතියක් විතර හෙවුවා එහෙම වෙන්නේ කෝමද කියලා බිම තියෙන්නේ කොන්ක්‍රීට්. ලෑලි නෙමේ ටයිල් කරලා තියෙන්නේ.ඒත් අල්මාරිය හෙල්ලෙනවා.  දැන් මං අමතක කරලා දාලා ඉන්නේ,  ඔන්න ඔහේ හෙල්ලිච්චදෙන් කියලා. හි හි . කොහේ  ගියත්  ෆෝන් එක අරන් යන්නේ මොනාහරි අලුත් දෙයක් දැක්කොත්  ෆොටෝ ගහන්  එන්න ,එහෙම එකතුකරගත්ත ෆොටෝ එක්ක ඒවල කතා ටික අද  රෑ ඉදන් ලියන්න හදන්නේ,, 

අපේ හොල්මන් බංගලාව 1925 


ප/ලි
මේ  වගේ  එකක් හරි පෝස්ට් කරන්න හිතුවේ නිකම්ම ඉන්නවට වඩා හොඳයි කියලා හිතුණ නිසා,



,නිතරම යහපත කරන්න...,සතුට සැනසිල්ල හැමදාම ඔයාලග රැදේවි,,දෙවිපිහිටයි,

Related Posts Plugin for WordPress, Blogger...