Thursday, February 26, 2015

විනාශකයාගේ නිම්නතර දිටි පාරාදීස - Living together in destroyers paradise

ඇත්තටම පටන් ගන්න විදියක් තේරෙන්නැහැ. ඒත් ඔබට වෙලාව  තියේ නම් අනිවාර්‍යයෙන් කියවන්න.මං විශ්වාස කරනවා අළුත් යමක් දැනගනීවි , 

ඊශ්‍රායලයේ සංස්කෘතිය  ගැන මීට පෙර ලියු හැම ලිපියක්ම මං ලිවුවේ කොන්ක්‍රීට් සහ නොනවතින  වාහන සද්ද පිරිච්ච ටෙලවිව් නගරයේ ජනාකීර්ණම වීදියක ප්‍රධාන පාරවල් හතරක් හමුවෙන මංසන්ධියකට යාබද කාමරයක ඉඳන්...ඒක මොන ජීවිතයක්ද කියලා දැන් හිතෙනවා.
 කළබල නගරයක් තුළ රටකට ආවේණික ජිවන රටාවක් දකින්න අමාරුයි; උදාහරණයක් විදියට නිව්යෝර්ක්,ටෙලවිව්,ලොස්ඇන්ජලිස්,ටෝකියෝ කියන්නේ රටවල් කීපෙක තියෙන නගර කීපයක් වුණත් ඒ හැමෙකකම පොදුවේ  වාහන බිල්ඩින් සහ මොන හේතු  නිසාද කියලා හිතාගන්න බැරි වේගෙන් ඇවිදින  මිනිස්සු තමයි  දකින්න තියෙන්නේ,,, ඒවා ලියන්න  ගියොත් අද පෝස්ට් එකක් ලියන්න වෙන්නේ නෑ.


සත්ව කෑම ගබඩාව..
"කිඹුස් සදේලියාහු" වලදී මං ගත්ත ෆොටෝ එකක්.

israeli kibbutzim (קיבוצים)

ඒ මොකක්ද කිඹුට්සීම් කියන්නේ කියලා ඔයාලා හිතනවා ඇති. මට  හැකි උපරිමයෙන් ඒ ගැන විස්තර කරන්නම්. ඊශ්‍රායලයේ  තියෙන කෘෂිකාර්මික ගම්මාන වර්ගයක් තමයි කිබුට්සීම් කියන්නේ. දැනට ඊශ්‍රායලය තුල මෙවැනි ගම්මාන 270 කට වැඩි ප්‍රමාණයක් තියෙනවා. යුදෙව් භාෂාවෙන් "kvutzaකියන්නේ සමුහය ,කණ්ඩායම කියන අදහස තියෙන වචනයක්.. පාපන්දු කණ්ඩායමක්, ශිෂ්‍යන් කණ්ඩායමක් හඳුන්වන්න උණත් මේ  වචනේ  පාවිච්චි වෙන නිසා. පසුකාලීනව "කුවුට්සා" කියන වචනය කඩලා  මේ  ගම්මාන  වලට  විශේෂිත නමක් විදියට "කිඹුට්ස්" කියලා පාවිච්චි කරන්න පටන් ගත්තා. "කිඹුට්සීම්" කියන්නේ  බහුවචනය .


දෙවන ලෝක යුද්ධයට පෙර යුරෝපයේ ජීවත්වූ සමහර යුදෙවුවන්  තම නහයට දැනුණ යුද්ධයක සුවඳක් නිසාදෝ තමන්ට අයිති සියළු දේ එක මොහොතින් අතෑරලා කණ්ඩායම් විදියට 1900 සහ ඒ අවට කාළය තුළ වරින් වර ඊශ්‍රායලයට එන්න පටන් ගත්තා. . ඒ ගැන විස්තර සහිතව ඉදිරියේදි ලියන්නම්. අද ලියන්නේ ඊශ්‍රායලයට පමණක් ආවේණික උප සංස්කෘතියක් වෙච්ච යුදෙව් සමුහ ගොවිපළ නැත්නම් කිඹුස් ගැන විතරයි.

පළමු කිඹුස් එක විදියට 1909 වසරෙදි "කිඹුස් දිගේනියා" ආරම්භ වෙනවා.
පිරිමි හත් අට දෙනෙක් සහ ගැහැණුන් දෙදෙනෙකුගෙන් සමන්විත රුසියාවෙන් පැමිණි මේ යුදෙව්වන් පිරිස ඊශ්‍රායලයේ උතුරු ප්‍රදේශයේ තිබෙරියා නගරය ආසන්නව (ගලීල මුහුද ආසන්න ප්‍රදේශයක) කණ්ඩායමක් විදියට එකට ජීවත්වෙමින් කෘෂිකර්මානත්යේ යෙදුණා.ඒ වගේ කුඩා කණ්ඩායමකින් පටන් ගත්ත මේ ගම්මාන සංකල්පය ඉන්පසුව ඊශ්‍රායලයේ ජස්රීල් නිම්නය අවට (Jezreel valley) උතුරු ඊශ්‍රායලය පුරා පැතිරුණා. 
ජස්රිල් නිම්නය කියන්නේ ඊශ්‍රායලයට දෙවියන්ගෙන් ලැබුණ තෑග්ගක් වගේ සාරවත් විශාල ප්‍රදේශයක්. ("ජස්රිල් නිම්නය  සහ සාවුල් රජතුමා මැරුණු  ජිල්බුවා කන්ද "ගැන පසුව ලිපියක් ලියන්නම්.) 



තුවක්කුවත් පිටේ එල්ලගෙන වගා වැඩත් කරනවා 




ඉහත තියෙන කළුසුදු ෆොටෝ සේරම ගූගල් වලින් ගත්ත ඒවා. මේ හැම ෆොටෝ එකේම ඔයාලට පේනවා ඇති ගැහැණුන් සහ පිරිමින් එකට වැඩ කරන හැටි. මුල්කාළයේ කිඹුස් සමාජය පදනම් වෙලා තියෙන්නේ සම්පුර්ණම කෘෂිකර්මානත්ය මත.   කිඹුස් සමාජය තුළ ඉන්නේ සාමාජිකයෝ,ගැහැණු පිරිමි විදියට වර්ග දෙකක් නෙමේ.ඔවුන් නිතරම වැඩ කරන්නේ එක පවුලක් විදියට කණ්ඩායමක් විදියට. අදටත් ඒක ඒ විදියමයි. මේ වෙනකොට කිඹුස් ගම්මාන හැම එකකම වගේ  500-1000 ත් අතර සාමාජිකයන් පිරිසක් ඉන්නවා. කෘෂිකර්මයට අමතරව අනෙකුත් නිෂ්පාදන කර්මාන්තශාලා පවා කිඹුස් වල ඉදිකරලා තියෙනවා.
ලෝක වෙළඳ පොලේ කෘෂිකාර්මික ජලසම්පාදන උපකරණ නිෂ්පාදනයේ  අංක දෙකට ඉන්න Plastro සමාගම තියෙන්නෙත්  උතුරු ඊශ්‍රායලයේ "ගිවාත්" (kibbutz gvat ) කියන කිඹුස් එකේ.(අංක එකට තියෙන සමාගමත් ඊශ්‍රායල් සමාගමක්ම තමයි)
මේ තියෙන්නේ කිඹුට්ස් සදේලියාහු වල තියෙන විශේෂ හරිතාගාර
වලින් කීපයක්.ගඟකින් එහා තියෙන නිසා අපැහැදිලියි වගේ.

මීට අවුරුදු 100 කට විතර කළින් කිඹුට්ස් ගොඩනගන්න  පුරෝගාමී වෙච්ච යුදෙව් ගැහැණුන් සහ මිනිසුන් තමන්ගේ මුළු ශ්‍රමයම ,ජිවිතයම කැප කරලා තියෙන්නේ ගම්මානය ගොඩ නගන්න,,,ඒ වගේම කිසිම තෙතමනයක් නැති කාස්ථක පොළව එක්ක ඔට්ටු වෙනවා වගේම නිතරම කඩාපනිමින් විනාශ කරන්න මාන බලපු අරාබිකාරයෝ එක්කත් හැප්පෙන්න ඔවුන්ට සිද්ධ වුණා. (3 රූපයෙන් ඒ බව පැහැදිළි වෙයි )


කිඹුස් වල විශේෂතා 

අක්කර ගණනාවකින් සමන්විත මුළු ගම්මානයම එකම ඉඩමක් විදියට තමයි තියෙන්නේ. වැටවල් සහ මායිම් නෑ, එකිනෙකාට තමන්ගේ කියලා වෙන්කරපු දෙයක් නෑ. මුළු ගමම ගමේ හැමෝගෙම. 
kibbutz golan

මේ රූපයේ තියෙන්නේ ගෝලාන් කිඹුස් එක.මුලින්ම ගෙවල් .හැම ගෙයක්ම  සාමාන්‍යයෙන් එකම විදියට හදලා තියෙන්නේ බොහොමයක් කිඹුස් වල. ගෙවල් වලට පහළින් ෆැක්ටරි සහ ෆාම් .වටේටම තියෙන්නේ වගාබිම. ගෙවල් අතර සුදුපාටට තියෙන්නේ පාරවල්. වැටවල් නැහැ. පහල රූපයේ තියෙන්නේ කිඹුස් එක ඇතුලේ පාරක් .


මේ මායි යාළුවයි ගම වටේ ගිය වාහනේ "කැන්ලොයිට් එක" කිඹුස් වල බහුලවත්  ඊශ්‍රායලය පුරාම ජිවත් වෙන මහළු අය පාවිච්චි කරන කරන්ට් එකෙන් වැඩ කරන පොඩි වාහනයක් 

කිඹුට්ස් වල තියෙන වාහන හැම එකක්ම අයිති කිඹුට්ස් එකට තමන්ට ගමනක් යන්න අවශ්‍ය නම් තමන්ට අවශ්‍ය වාහනය වෙලාව සහ දිනය කලින් සටහන් කරන්න ඕනේ කාර්යාල වාර්තා පොතක. හැම කිඹුට්ස් එකකම වාහන ගොඩක් තියෙනවා ඒ හැම එකක්ම ඒ හැමෝගෙම. 

මේ ගම්මාන වල ඉන්න හැම වැඩිහිටියෙක්ම ගම්මානය වෙනුවෙන් වැඩ කරන්න ඕනේ. කෙනෙක් මහාචාර්‍ය කෙනෙක් විදියට හෝ සභාපති කෙනෙක් විදියට ගම්මානය තුල වගකීම් සහිත නිලයක් දැරුවත්  තව කෙනෙක් වගාබිමේ හෝ කිරිපට්ටියේ සේවකයෙක් විදියටත් වැඩ කලත්  ඔවුන් දෙදෙනාම ලබන්නේ එකම අදායමක්. දෙදෙනාගේම සේවයෙන් කිඹුට්ස් එකට ලැබෙන ආදායම යන්නෙත් එකම ගිණුමට.
ඔවුන් දෙදෙනාගේම නිවෙස් වල විදුලි බිල, වතුර බිල ,දුරකථන බිල ,කිලිටි ඇඳුම් හෝදන්නේ කිඹුට්ස් එකෙන්..දෙන්නම කන්නේ එකම කෑම  කාමරෙන්. මුළු කිඹුට්ස් එකේම ආදායම මුළුමනින්ම යොදවන්නේ කිඹුට්ස් එකේ වියදමට.

  කෑම  කාමරය කියන්නේ හරිම සුන්දර ගොඩක් විශාල තැනක්.. හිබ්රු භාෂාවෙන් "හෙදර් ඔකෙල්" කියලා හඳුන්වන කෑම කාමරයට යාබදව තියෙන විශාල කුස්සියේ තමයි කිඹුට්ස් එකේ ජිවත් වෙන හත් අටසීයක් වෙච්ච හැම කෙනෙක්ටම කෑම උයන්නේ. උදේට ,දවල්ට ,රෑට තුන් වේලටම. ඒ වගේම  ඕනෙම කෙනෙක්ට තමන්ට බඩිගිනි වුණාම ගිහින් කාලා එන්න පුළුවන්. ඉස්පිරිතාලේ කුස්සිය වගේ කන්න බැරි කෑම නෙමේ ඒකෙ තියෙන්නේ. රස වත්  වගේම ගුණවත් සුපිරි කෑම. එළවලු ,පළතුරු,මස්,මාළු ,ජෑම්,බටර් ,සිය ගාණක් චීස් වර්ග , සිය ගාණක් සලාද වර්ග ,කිරි ,අයිස්ක්‍රීම් මේ හැම එකක්ම හදන්නේ ගම්මානය ඇතුළෙමයි.


ඉස්සර කෑම  කාමරය  මේ , පහතින් තියෙන්නේ දැන් කෑම කාමරය 

ගූගල් වෙතින් ලබාගත්තේ.

ගම්මානය තුල ඉන්න සාමාජිකයන් පවුල් විදියට ගණන් ගැනෙන්නේ. ඔවුන් හැමෝටම මාසෙකට වරක් එක සමාන මුදලක් හම්බෙනවා.කෑම බීම හැරුණු කොට අනෙකුත් පවුද්ගලික අවශ්‍යතා වෙනුවෙන්.

 සාමන්යෙන් කිඹුට්ස් ගම්මාන තුළ සුපිරි වෙළඳ සැලක් තියෙනවා.මේකේ වැඩ කරන්නෙත් ගමේම අය. ඒ වගේම ඒකෙන් බඩු ගන්නෙත් ගමේම අය ගමේ හැම පවුලකටම සුපර්මාර්කට් එකෙන් බඩු ගන්න යම් මුදලක් කිඹුට්ස් එකෙන් වෙන් කරලා තියෙනවා. බඩු අරන් බිල ගන්න විතරයි ඕනේ මුදල් ගෙවන්න වෙන්නේ සීමාව ඉක්මවා ගියොත් විතරයි. සාමාන්‍යයෙන් ශෙකෙල් 2000 ක් වගේ ගාණක්. (රුපියල් 65000 ක්  වගේ හිහි )  මං ජිවත් වෙන ගම කිඹුට්ස් එකක් නෙමේ වෙන වර්ගයේ ගමක් මෙහෙත් එහෙම තමයි මං ගිහින් බඩු අරන්  ආච්චිගේ නම කියනවා බිල ගන්නවා. ඒවත් පස්සේ ලියන්නම්. 



පාර්ක් එක කෙලවරේ තියෙන කුණු බක්කි. මේ හැම එකක්ම විශේෂිත අපද්‍රව්‍ය සඳහා
ජස්රිල් නිම්නයේ තියෙන හැම ගම්මානයකම මේ විදියට තියෙනවා. 

මේ  එදා  තරුණ පරපුර එකට වැඩ කරපු විදිය 




දැනුත් එහෙමයි.

මේ වර්ථමානය කියන්නේ කිඹුට්ස් ගොඩනගපු මුල් පරම්පරාවේ හැම කෙනෙක්ම අවුරුදු 80 න් එහා මහළු අවදිය ගෙවන කාළය. ඒ අයගෙන් කිඹුට්ස් එකේ පැවැත්මට කිසිම දෙයක් නොලැබුණත් ජිවත් වෙලා ඉන්න හැම මහළු කෙනෙක්ටම සහ ඒ අයව බලාගන්න මං වගේ පිටරට වලින් ඇවිත් ඉන්න සාත්තු සේවකයන්ට වැටුප් ගෙවන්නෙත් කිඹුට්ස් එකෙන්.

ඒ විතරක් නෙමේ ගම්මානය තුළම ඉතාම අසීරු මහළු අය රඳවා සාත්තු කරන්න වැඩිහිටි නිවාසයක් පවා තියෙනවා.

කිඹුට්ස් එකේ දරුවෝ ඉගෙනගන්නේ කිඹුට්ස් එකේම තියෙන ඉස්කෝලෙන්. සමහර කුඩා කිඹුට්ස් වල පාසල් නැහැ ඒ වල ළමයි වෙන කිට්ටු කිඹුට්ස් එකක පාසල් වලට යනවා.
හැම කිඹුට්ස් එකක් තුළම සිනගොගයක් තිබෙනවා. "සිනගෝගය" (בית הכנסת) Synagogue කියන්නේ යුදෙවුවන් දෙවියන් නමස්කාර කරන  ස්ථානය.

පුස්ථකාලයක්. දරුවන් සහ වැඩිහිටියන් සඳහා වෙන වෙනම විනෝදශාලාවන් තිබෙනවා (ක්ලබ්) සතුටු සාමිචියේ යෙදෙන්න. විශේෂයෙන් මහළු අය වෙනුවෙන්. පිහිණුම් තටාකය කියන්නෙත් හැම කිඹුට්ස් එකකම අනිවාර්යයෙන්ම තිබෙන දෙයක්. 

හැම ගෙදරකම සාමාජිකයෝ ගාණට වඩා  බයිසිකල් ගාණක් තියෙනවා, ඒකට හේතුව නිතර කෑම ගැනීමට කෑම කාමරයට යන්නත් ගම ඇතුලේ තම තමන්ට පුංචි පාරවල් දිගේ පහසුවෙන් යන්නත් ලේසි වෙන්න. වෙන ගෙදරක බයිසිකලයක් වුණත් හදිසියට අවසරයක් ගැනීමෙන් තොරව ඕනේ කෙනෙක්ට අරන් යන්න පුළුවන්... 
අපේ වාහනේ ඉදන් යන ගමන් ගත්තේ මිදුලක තිබ්බ බයිසිකල් .
ඔබ විශ්වාස කරයිද දන්නේ නෑ, මං ගිය ගම් කීපයේම ගෙවල් වල අය ගෙවල් ලොක් කරන්නේ නැහැ. ඒ වගේම සමහර ගෙවල් වල ලොක් හයිකරලා නැහැ. 

සමහර කිඹුට්ස් ඇතුලේ පිට්සා අලෙවිසැල් සහ විශාල ක්‍රීඩාගාර පවා තිබෙනවා. 

ඉස්සර බොහෝ කිඹුට්ස් වල චිත්‍රපටි හෝල් සහ වේදිකා නාට්‍ය සඳහා රඟහල පවා ඉදිකරලා තියෙනවා. දැනටත් බොහොමයක් එසේම ක්‍රියාත්මකයි.

ගම්මානය තුල ජිවත් වෙන හැම කෙනාගෙම ලියුම් බාරගැනීම සඳහා කිඹුට්ස් ඇතුලේ කුඩා තැපැල් කන්තෝරුවක් සිංහලෙන් කිවුවොත් පෝස්ට් ඔෆිස් එකක් තියෙනවා. පහළ රූපයේ තියෙන්නේ  මං ගත්ත ඒ වගේ පෝස්ට් ඔෆිස් එකක ෆොටෝ එකක්. හවසට ඇවිත් තම තමන්ගේ ලියුම් පෙට්ට්ය ඇරලා බලන්න තියෙන්නේ.


ඩිස්පෙන්සරියක්,ක්ලීනික් එකක්  ඊට අමතරව කුඩා රෝහල් පවා සමහර කිඹුට්ස් වල තියෙනවා.
(ක්ලීනික් එකේ ඩොක්ටර් එන දවස්  දවසට තමන්ට වෙලාව වෙන්කරගන්න තමන්ගේ නමයි වෙලාවයි සටහන් කරන්න කොළයක් නිතරම ක්ලීනික් දැන්වීම් පුවරුවේ එල්ලලා තියෙනවා. මගේ යාළුවා අවුරුදු 7ක් ඒ වගේ කිඹුට්ස් එකක වැඩ කරන්නේ එයා කියපු විදියට මේ මිනිස්සු ඒ කොලේ තමන් සටහන් කරපු වෙලාවට සහ දිනේට යන්න බැරි නම්  ඒ වෙලාවට කලින් ගිහින් තමන්ගේ නම කපලා එනවලු. ඒ තරමට ඒ මිනිස්සු කාළයේ වටිනාකම දන්නවා සහ අනෙක් කෙනාගේ පහසුව ගැන හිතනවා.)


උඩම තියෙන රූපයේ දැක්වෙන්නේ ගම්මානය තුල ඇතිකරන ගවයන්,එළුවන්,අශ්වයන්,බැටළුවන් වගේ සත්තුන්ට දෙන කෑම ගබඩා කරන කුළුණ. මං සමහර පාරවල් වල බස් එකේ යද්දී ඔය කුළුණු ගාන ගැන ගැන යනවා .මොකද කුළුණක් කියන්නේ එතන කිඹුට්ස් එකක් :) .රටේ මූලික කෘෂිකාර්මික අවශ්‍යතා වලින් 40% ක් සම්පුර්ණ කරන කිඹුට්ස් ගම්මාන ඇතුළේ අනිවාර්යෙන්ම කිරිපට්ටියක් තියෙනවමයි. සාමානයෙන් කිරිගවයන් 700 -1000/2000 දක්වා විශාලයි මේ කිරිපට්ටි.. යුදෙව් භාෂාවෙන් ගව ගාලට කියන්නේ "රෙෆෙත්" කියලා. තාක්ෂණය ඉහළින්ම පාවිච්චි කරලා ඔවුන් සත්ව පාලනය කරන්නේ. අද සාමන්යෙන් එක කිරිගවයෙක්ගෙන් දවසකට ගන්න කිරි ලීටර් ප්‍රමාණයේ සාමාන්‍ය ලීටර් 42ක්. (සොරි ඒ පාර කිරිගවයෝ ගැන ලියාගෙන යනවා. ලිපිය දික් වීම ගැන හිතන නිසා හැම දේම ලියන්නේ නෑ, අවශ්‍ය කෙනෙක් කමෙන්ට් එකකින් අහන්න හොඳේ )

කිඹුට්ස් සදේලියාහු වලදී මං ගත්ත බැටළුවන් සහ අශ්වයන් 

  මුල්කාළයේ  කිඹුස් තුළ දැඩි නීති තිබිලා තියෙනවා. විවාහ වීමට සහ දරුවන් හැදීමට  පවා කිඹුස් හි සාමාජිකයන් ගෙන් අනුමැතියක් ගන්න වෙලා තියෙනවා. ඒකට හේතුව මුල් කාලීන කිඹුට්ස් වල ගෙවල් එතරම් සුවපහසු නැහැ වගේම  .අලුත් පරම්පරාවක් බිහි කරන්න  කළින් ඔවුන් ස්වයංපෝෂිත වී සිටිය යුතුයි  යන එකඟතාවට සාමාජිකයන් එළඹ තිබීම. දරුවෙක් හදන්න කලින් ඔවුන් ඒ පවුල වෙනුවෙන් අළුත් ගෙයක් හදන්න පුරුදුවෙලා තියෙනවා.  කාළයත් සමග පවුල් වර්ධනය සමග අලුත් නිවාස ගොඩනැගුවත් 1980 කාළය  වෙනකල්ම කිඹුට්ස් තුල විශාල ගෙවල් ඉදිකරලා නැහැ . දැන් දැන් අලුත් පරම්පරාව නවීන පන්නයේ ගෙවල් කිඹුට්ස් ඉඩම තුළ ඉදිකළත් නිවාස වල පැරණි හැඩය රැකගෙන ඇතුලින් පමණක් වෙනස්කම් කරගෙන තිබෙනවා.

දැන් කිඹුට්ස්  වල ළමයි ඉපදුණාම මවට මාස තුනක විතර සහන කාලයක් ලැබෙනවා නමුත්  මුල් කාළයේ දරුවෙක් ඉපදුණාම මව සාමාන්‍යයෙන් සතියකින් විතර ආපහු සාමන්‍ය පිරිස එක්ක වැඩට එකතු වෙනවා. ඒ කාලේ ඔවුන් ඔවුන්ගේ පවුල සහ ජීවිතය දෙවනි තැන තියලා තමයි තමන්ගේ ගම්මානය ගොඩනගන්න මහන්සි වෙලා තියෙන්නේ. ඒ ගැන හිතද්දීත් පුදුමයි. ඒ මවුවරුන්ගේ දරුවන් වෙනුවෙන් කිඹුට්ස් එක තුළ දරුවන් රැකබලා ගැනීම සඳහා කාන්තාවන් කීපදෙනෙක් සහ නිවසක් වෙන් කරලා තියෙනවා. මෙහි විශේෂම දේ තමයි දරුවන් 24 පැයේම ඉන්නේ නිදාගන්නේ එකට ඒ දරුවන්ගේ විශේෂ නිවසෙම.. මව පියා වැඩවලින් නිදහස් වෙන හැම මොහොතකම තමන්ගේ දරුවන් වෙත යනවා. 

අද කාලේ අපිට සහ දැන් ඉන්න යුදෙවුවන්ට පවා ඒක පුදුමයක්  වුණාට ඒ අසීරු කාලේ හිටපු මවුවරුන්ට පියවරුන්ට ඒ විදියට කැපකිරීම කරන්න සිද්දවෙලා තියෙනවා..ගම්මානය ගොඩනගන්න සහ සතුරන්ගෙන් පරිස්සම් වෙන්න. පැය 24 ම ඔවුන්ට වෙහෙසෙන්න සිද්ධ වෙච්ච නිසා.(විස්තර කරන්න ගොඩක් දේ තියෙනවා මේ ගැන පසුවට )  

   ටිකක් හිතන්න ළදරුවෝ දහ දෙනෙක් වෙනුවෙන් අම්මලා දහ දෙනෙක් වැඩ නොකර ගෙදර ඉන්නවට වඩා අම්මලා දෙන්නෙක් කිසි වැඩක් නොකර අර දරුවෝ දහ දෙනාම බලාගත්තම අනිත් අම්මලා අට දෙනාටම පුළුවන් වැඩ කරන්න.  කිඹුට්ස් එක වෙනුවෙන් මහන්සි වෙන්න, 


පේනවද එදත් අදත් එක වගේ 


මේ විදියට හවසට දරුවන්ව කූඩුවේ දාන් ගම වටේ යන තාත්තලා කිඹුට්ස් වල සුලබයි.

මේ වෙද්දී  කිඹුට්ස් ගම්මාන පටන් අරන් අවුරුදු 100 ක් ගත වෙලා ඉවරයි. හැම කිඹුට්ස් එකක්ම නවීකරණය වෙලා දියුණු වෙලා සමහර කිඹුට්ස් පවුද්ගලිකරණය වෙලා. තම තමන් වෙන වෙනම අදායම් උපයන්න සහ පිට රැකියා කරන්න  විවුර්ථ වෙලා. ඒත් අදටත් සිය ගාණක් කිඹුට්ස් වල මිනිස්සු කන්නේ එකට. කොටින්ම හැම දෙයක්ම සිද්ධවෙන්නේ එක පවුලක් විදියට.. ලංකාවේ නම් කොහොමට මරාගනීද  පවුල් සීයක් විතර එක ආදායම එකට බෙදාගනිද්දී. එක කෑම කාමරයක් තුල කෑම කද්දී.. වැටක් මායිමක් ඔප්පුවක් නැතුව එකට ඉද්දි. ගමේ ආදායමෙන් ලොකු ලොක්කෝ මාටියා ගහලා මොන විකාරයක් කරයිද, ඒත් යුදෙව් කිඹුට්ස් ගම්මානය කියන්නේ අදටත් එක පවුලක්. පවුල් සේරම එකම පවුලක්. කිඹුට්ස් වල හැදුණු වැඩුණු ගොඩක් දරුවන්ගෙන් රටට ලොකු සේවයක් වෙලා තියෙනවා.  මෝෂේ ඩයාන් Moshe_Dayan කියන්නෙත් කිඹුට්ස් දිගේනියා වල ඉපදිච්ච දරුවෙක්. ඒ වගේම Golda Meir ඊශ්‍රායලයේ හතරවෙනි අගමැතිණි පවා කිඹුට්ස් ගමක හැදුණු  කෙනෙක්.



--------------------------------------------------------------
ප/ලි

ලිපිය මේ ආකාරයෙන් සංශිප්ත කර ලිවීම ඉතාම දුෂ්කරයි. ලියන්න තව ගොඩාක් තොරතුරු සහ ජායාරුප බොහොමයක් ඉතිරියි. කොටස් වශයෙන් ලිවීමට අකමැති නිසා
කිඹුට්ස් ගම්මාන ගැන ඔබට යම් අදහසක් ලැබෙන පරිදි ලියන්න උත්සහ කලේ. ඉදිරියේදි  හැකි අයුරින් ලියන්නම්. යුදෙව් සංස්කෘතියේ වෙනත් පැතිකඩවල්.
තව  විස්තර දැනගන්න අවශ්‍ය  කෙනෙක් ඉන්නවා නම්  kibbutz ලෙස ගූගල් සෙවුමෙන් තොරතුරු ලබාගත හැකියි. kibbutz වල පැතිරීම බලාගන්න මේ map ලින්ක් එකෙන් යන්න. ස්තුතී

119 comments:

  1. ලස්සන ලියවිල්ල...

    කාලෙකට කලින් කියවාපු Leon Uris ගේ Exodus, Haj සහ Milta Pass මතක් වුනා....

    ReplyDelete
    Replies
    1. මේ කමෙන්ට් එක මේ ලිපියට අදාල නැහැ. මෙය ලියන්නේ ඔබගේ 2013 පෝස්ට් එකක් අද දුටු නිසයි.දෙබෙදුම් තොල සහ හෝ තල්ල ( cleft lip/ cleft palate ) තියන ළමයි ආබාධිත වශයෙන් ගන්න බැහැ ඇත්තටම. හේතුව ඔවුන් සාමන්‍ය ලමයින් වගේම බුද්ධියක් තියන කිසිම අඩුවක් නැති දරුවන්.

      අපි කලලයෙ හැදෙද්දි බාග දෙක හා වෙන්න තියන තැනක් හා වෙන්න පොඩ්ඩක් අතපසු වීම විතරයි.සමහර අයගෙ බෙදුම් තොල එක පැත්තයි, සමහර අයගෙ මැද කෑල්ල දෙපැත්තෙන්ම වෙන් වෙලා.
      මාස 3 න් තොල හදන්න පුලුවන්. සිහි නැති කරලා පැය දෙකක් විතර ගත වන එක ඔපරේශන් එකයි.

      සමහර බබාලගෙ තොලට අමතරව තල්ලත් පෑහිලා නැහැ.කතාබහ ආරම්භ වෙන මාස 8-9 වෙනකොට තල්ල හදනවා.ටික කලකින් කතා පුහුනුවක් කරන්න වෙනවා තල්ලත් බෙදුනු දරුවන්ට. අවුරුදු 18 දි වගේ තල්ල බෙදුනු බබාලට තව ඔපෙරශන් එකක් ඕනි මුහුනෙ එබුනු ගතිය හදලා ලස්සන කරන්න.
      මුහුන,මුඛ, හනු සම්භන්ධ ශල්‍ය වෛද්‍යවරයෙක් හරි ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍යවරයෙක් හරි තමයි කරන්නේ.

      කවුරුහරි එහෙම බබෙක් හරි ලොකු කෙනෙක් හරි දන්නව නම් කියන්න ඔපරේශන් එක ඉක්මනින් කරලා දෙන්න පුලුවනි, සතයක් වත් වියදමක් නැතිව සහ පොරොත්තු ලේඛණයේ නොතබා.

      Delete
    2. ගයත්‍රී : ස්තුතී කමෙන්ට් එකට
      ///දෙබෙදුම් තොල සහ හෝ තල්ල ( cleft lip/ cleft palate ) තියන ළමයි ආබාධිත වශයෙන් ගන්න බැහැ ඇත්තටම. හේතුව ඔවුන් සාමන්‍ය ලමයින් වගේම බුද්ධියක් තියන කිසිම අඩුවක් නැති දරුවන්.///
      ඒ ගැන මං දන්නවා නමුත් ඒ ලිපිය ක්ලේෆ්ට් ලිප් හෝ ක්ලේෆ්ට් පැලට් දරුවෙක් ගැන නෙමේ... ඒ සුළු වෙනස් කමත් සහිත ඊට වඩා විශේෂ අවශ්‍යතා තියෙන දරුවෙක් ගැන,.. මගේ ඇස් වලින් දැකලා අවුරුදු ගාණක් මාත් එක්කම වගේ ජිවත් වෙච්ච දරුවෙක් සහ අම්මා කෙනෙක් ගැන...

      මං දන්න විදියට මාස තුනෙන් හදන්න පුළුවන් උණත් දරුවා අදාළ බර සම්පුර්ණ කරන්න ඕනේ ඒ වගේම සුළු අසනීප තත්වයක් හෝ නැතුව ඉන්න ඕනේ,, තල්ල හදන ඔපරේෂන් එක මාස 9 ට කලින් කරනවා කිවුවට මං දැකලා තියෙනවා ලංකාවේ රිජ්වේ එකකේ සහ පේරාදෙණිය රෝහල් වල පොරොත්තු ලේඛන වල අවුරුදු ගණන් ඉන්න ඕනේ... .

      අවුරුදු 18 ක් වගේ පහුවෙලා කරන ශල්‍යකර්මය සඳහා දරුවෙක් මුලින්ම යා යුත්තේ කොහෙටද කියලා දන්නවා නම් කියන්න... මුල් සැත්කම කල ළමා රෝහලටද නැති නම් වෙනත් රෝහලකටද ,,, ස්තුති

      Delete
    3. මේ ගැන මෙතන කියන්න ගියොත් නයෙක් වෙනවා.මට ඊ මේල් දෙන්න විස්තර කියන්න.

      Delete
    4. මෙවැනි ළමයින්ගෙ හදවතේ මැද බිත්තිත් නොපෑහී තියෙන්න ඉඩ තියෙනව. ඒ නිසා කාර්ඩියොලොජිස්ට්ට යවලා ඒ බව සැක හැර දැන ගන්නවා.එහෙම සිදුරු තිබුනත් ඒ සඳහා විශේශ බෙහෙත් දීල ඔපරේශන් එක කරන්න පුලුවන්.
      බර සාමාන්‍යයෙන් කිලෝ 10 හෝ ලඟ ගනනක් තිබුනොත් ඇති. නැතිවුනොත් ටිකක් පරක්කු කරන්න පුලුවන්. හිමොග්ලොබින් 9.5-10 වගෙ ගනනක්

      ඊට අමතරව, හෙම්බිරිස්සාව කැස්ස නැති වෙන්න ඕනි සිහි නැති කිරීමේ කටයුතු වලට.

      විස්තර ලියල එවන්න විදියක් කියන්න.

      Delete
    5. pegusus2om@gmail.com මගේ g mail එක,, ගොඩක් ස්තුති

      Delete
  2. ලංකාවේ මෙහෙම ගම් ඇති කරන ඒකනම් හීනයක්! හැබැයි ඉස්සර අපේ කෘෂි සංස්කෘතියත් ටිකක් මේ වගේ

    ReplyDelete
    Replies
    1. හීන නම් කවදාහරි හැබෑකරගන්න පුළුවන්. හි හි ..

      Delete
  3. http://sinhala.lankanewsweb.net/features/2013-07-01-07-49-32/15970-2015-02-26-22-24-49

    ReplyDelete
    Replies
    1. ස්තුතී අයියේ,, ලින්ක් එකෙන් ගිහින් බලපුවම දැක්කේ හම්මේ ඒ පෝස්ට් එකේ දිග.. ඒත් හරි අමාරුවෙන් පොඩි කරලා හිර කරලා ලිවුවේ .. ගොඩක් ස්තුතී ඔයාට

      Delete
  4. කොමියුනල් ලිවින්. මං හිතන්නේ මේවා විවිධ රටවල විවිධ ආකාරයෙන් අත් හදා බලා තියෙනවා. සාර්ථක වෙලා තියෙන්නේ ඊශ්‍රායලයේ විතරයි වගේ.

    මේ ගම්මානවල වැඩකටයුතුවලට ආගම සම්බන්ධද? ඒ කොහොමද?

    ReplyDelete
    Replies
    1. ඊශ්‍රායලයේ සාර්ථක වෙන්න හේතුව මේ මිනිස්සු ලග තියෙන පුදුමාකාර ගති ගුණ හේතුවෙන්න ඇති......

      මුල්ම ගම්මාන පටන් ගත්තේ කිසිම ආගමික සම්බන්ධයක් නැතුව.නමුත් පසුකාළීනව දැඩි ආගමික භක්තිකයන් ගෙන් සැදුම් ලත් කණ්ඩායම් පවා කිඹුට්ස් වල තියෙන සාර්ථකත්වය දැකීම නිසා මේ ආකාර ගම්මාන ආරම්භ කරලා තියෙනවා. ඒ වගේ රිලිජියස් ගම්මාන තුළ ආගමික වැඩ පිළිවෙල සිද්ධ වුණත් කිඹුට්ස් බිහිවුණේ ජිවිතයට මුණදෙන්න. යුදෙවුවන් පොදුවේ කොටස් දෙකක් ඉන්නවා රටේ බහුතරය සාමන්‍ය යුදෙවුවන් නිතර සිනගෝගයට යන්නේ නැති අය සහ සුළුතරය සිනගෝගය බදාගෙන ඉන්න අය. සිනගෝගය බදාගෙන ඉන්න අය කිඹුට්ස් තුලත් ඒ විදියමයි. ඒ හැර කිඹුට්ස් සහ ආගමික වැඩ අතර සම්බන්ධයක් නෑ

      Delete
  5. රසිකගේ කතාව ඇත්ත. සාර්ථක වුනේ එහෙ විතරයි. මේක හොඳ ලිපියක් කියවන්න. සෝවියට් රුදසි යාවේ උත්සහ කලා කිබුට්ස් ක්‍රමයට හදන්න , නමුත් ඔය පක්ෂ කෙහෙල්මල නිසා හරි ගියේ නැහැ. සමුහ ගොවිපල ක්‍රමය. මන් හිතන්නේ හංගේරියාවේ හා යුගෝස්ලාවියාවේ ටිකක් සාර්ථක වුනා. නමුත් ආයිත් නැති වෙලා ගියා. එක හේතුවක් තම කිබුට්ස් වගේ ස්වාධීනත්වයක් නැති වීම.

    ReplyDelete
    Replies
    1. ඔමා කියල තියෙන විදියට අජිත් අය්යෙ කිමුට්ස් වල උපත රුසියාවෙන් සංක්‍රමනය වෙච්ච යුදෙව්වන්ගෙලන් සිදුවුණා නම් මේක රුසියන් මොඩ්ල් එකේම දිගුවක් වෙන්න බැයිද... නමුත් අසාර්තක රුසියාවට වඩා දහස් ගුණයක් සාර්තක කරන් තියෙනව වගේ...

      Delete
    2. ඔව් අයියේ මහේෂ් කියන දේ හරි,, රුසියාව කොමියුනිස්ට් රටක් නිසා එහෙදි ලබපු අත්දැකීම් එක්ක තමයි එයාලා මේ කිඹුට්ස් පටන් අරන් තියෙන්නේ

      Delete
    3. ඔව්. මමත් අහලා තියෙන විදියට රුසියාවේ collective farms කියන ඉංග්‍රීසි යෙදුමෙන් හැඳුන්වුන සමූහ ගොවිපළ ක්‍රමයක් තිබුනා කියලා අහලා තියෙනවා. එතකොට අභ්‍යාවකාශයට ගිහින් නිරුපද්‍රිතව ආපු මුල මිනිසා යූරි ගගාරින්ගේ දෙමව්පියෝ වැඩකලෙත් එයින් එකකලු.

      Delete
    4. ස්තුති dude අයියේ යුරී ගගාරි ගැනත් කිවුවට

      Delete
    5. ලියන්න ගොඩක් දේවල් තිබුනත් මිස් වුනා. ගගාරින් ගේ දෙමාපියෝ සමුහ ගොවිපලක තමා හිටියේ. කිබුට්ස් එකට වඩා වෙනසකට තිබුනේ කොමියුනිස්ට් පක්ෂේ උන්දලා නිලධාරී හොරකම් කරපු එක කිරි ටිකයි මස් ටිකයි. හොඳ තැන නොතිබ්බ කියල කියන්න අමාරුයි. පක්ෂය දාපු නායකයා හොඳ තැන්වල හොඳට කෙරුණා. නමුත් මිනිස්සුන්ට ස්වාධිනත්වය දෙන්න ඕනේ.

      Delete
  6. වෙලාව මදි නිසා කියවන්න උත්සාහයක් ගත්තෙ නෑ...ඒත් ඔමා ආයිත් වාරයක් කල්පනා කරල කියවන්නම හිතුණා...ලස්සනයි ඒ වගේම හරවත්. කිඹුට්ස් වගේ සමාජ ක්‍රමයක් අපේ රටේ ක්‍රියාත්මක කිරීම මටනම් ඇත්තටම සිහිනයක්. ඒත් ඇත්තටම මේ වගේ ක්‍රමයක් තියෙනවනම් ඇත්තටම හොදද.අහන්න ප්‍රස්න ගොඩාක් තියෙනවා..එතකොට මේ කිඹුට්ස් ඇතුලේ කිසිම දේශපාලනයක් නැද්ද...ඇත්තටම මේක ධනවාදි ආර්ථික ක්‍රමයක් පවතින රටවල කොහොමත්ම ක්‍රියාත්මක කරන්න බෑ..නමුත් මේ ආදර්ශය අරගෙන අපිට හැදෙන්න ගොඩාක් දේවල් තියෙනවා. පළමුවෙන්ම එකමුතුකම ගොඩනගා ගතයුතුයි

    ReplyDelete
    Replies
    1. ස්තුතී අයියේ. මේ ක්‍රමය මුලදී පටන් ගත්තේ ඔවුන්ට වෙන විකල්පයක් නැති නිසා. දැන් වගේ ගාමන්ට් එකකට යන්නද,, ඒ හැමදේටම වඩා 1909 -1948 කියන්නේ ඔවුන්ට රටක් නැති කාලසීමාවක්. නිතරම බියෙන් ඉන්න කාලයක්,, එකතුවෙලා හිටියොත් මිසක් තනිවම ජිවත් වෙන්න අමාරු කාලයක්.. විශේෂ දේශපාලනයක් නැහැ ඔවුන් රටේ සාමන්‍ය පුරවැසියෝ. අනික යුදෙව්වන්ගේ දේශපාලනය කියන්නේ අපේ රටේ වගේ එකක් නෙමේ හරිම මහත්මා විදියට වෙන්නේ ,,, එකමුතු කම අපිට නම් ගොඩක් දුරයි නේද අයියේ

      Delete
  7. මම රටවල් කීපයකටම ගිහින් අන්තීමට නැවතුනේ මේ පුදුම රටේ, කිබුට්ස් ගම්මානයක. ජීවීතය ඉගෙන ගන්න කියාපු තැන. අපේ ගමක ඉන්න මිනිස්සුයි, මේ ගම්වල ඉන්න මිනිස්සුයි මොන තරම් වෙනස්ද කියලා දැන ගන්න ඒ ගමක ජීවත් වෙන්නම ඕන. සති දෙක තුනක් යනකොට මමත් ගමේ චරිතයක් උනා. මම වැව්වේ ලංකාවේ ක්‍රමයට. ඔලිව් පිලියෙල කළේ ලංකාවේ ක්‍රමයට. කොහොම හරි මාස තුනකින් ඉතර පස්සේ මම මේ ගමට සමුදෙන දවසේ. ගමේ රබායි පවා මාව වැළඳගෙන ඇඬුවා.

    පොඩ්ඩක් බලන්න පරණ ෆොටෝ වල කොච්ච්‍ර ශුෂ්ක පොළොවක්ද දිවිය ළෝකයක් කරලා තියෙන්නේ කියලා. ඊශ්‍රායලයටයි, ලංකාවටයි එකම වයස. ඒත් අපි කොහේද, උන් කොහේද..?

    මම ඊශ්‍රායලයේ කැමතිම දේ තමයි කෙලින් කතා කරන එක. නීතිය හැම එකාටම පොදු වීම. අදටත් හිටපු ජනාධිපති කෙනෙක් කෙල්ලොන්ට අනන් මනන් කරන්න ගිහින් යකඩ කූරූ ගනිනවා. කාළයක් මමාඅරියෙල් ෂරෝන්ගේ ගොවිපොලකත් වැඩ කළා. මම ඔහු ගැන ළිපියකුත් ලිව්වා. ඇත්තටම ඔහු සිංහයෙක්. ආරියේල් කියන්නේ හීබෲ වලින් සිංහයාට.

    ReplyDelete
    Replies
    1. ඔයා ඉන්න අත්තේ රිලිජියස් කිඹුට්ස් එකක .මගේ හොදම යාළුවත් අවුරුදු 7 ක් එකම කිඹුස් එකේ.. ඒ ගම් වල මිනිස්සුන්ට එයා ගමේම කෙනෙක්, මගේ යාළුවා මුරුංගා වවන්න පටන් අරන් තියෙනවා දැන් ගමේ ඒක ගොඩක් ලොකුවට වවන බෝගයක්,, මේ මිනිස්සු හැම කෙනාටම එක වගේ සළකනවා වගේම ඒ මනුස්සයගෙන් ගන්න පුළුවන් හැම හොද දේම ගන්නවා ...

      අපේ රට ඊශ්‍රායලය එක්ක සසඳන එක ඇත්තටම හිනා යන වැඩක්. මං නිකන් රස්සාව කරගෙන ඉන්නේ නැතුව මේ විදියට ලියන්න උත්සහ කරන්නේ පිට රටකට වෙලා ඉදන් රටේ කිසිම දේකට දායක වෙන්න අවස්ථාවක් නොලැබෙන නිසා.. මගේ රටත් මේ වගේ උනානම් කියන හීනය හිතේ හිර කරන්.

      ඔව් ඔබේ ඒ ලිපිය මං කියෙවුවා. එතුමා ගැන මං වාර්තා වැඩසටහන් කීපයක් බැලුවා සැබෑවටම කේශර සිංහයෙක් .. ස්තුති ඔයාගේ අත්දැකීම් එකතු කලාට

      Delete
    2. ///ඊශ්‍රායලයටයි, ලංකාවටයි එකම වයස. ඒත් අපි කොහේද, උන් කොහේද..?/// මේක තමයි මං කොමෙන්ටෙකට දාන්න හිටියෙත්..

      Delete
    3. පිස්සු කතා කියන්න එපා ඊශ්‍රායලයයි අපියි 48 නිදහස ගත්තට අපි තාම ළදරුවෝ... ඒ වුණාට අපිට හොඳ ඉතිහාසයක් තියෙනවා ... මේ මිනිස්සුන්ට 48 වෙනකල් ඊශ්‍රායලය කියලා රටකවත් තිබ්බේ නැහැ.. දැනටත් 50 % ක් රටේ අදායම යන්නේ හමුදාවට ඉතිරි 50 තමයි අධ්‍යාපනය, සෞඛය , මාර්ග සංවර්ධනය ඇතුළු මුළු රටේම අනිත් හැම දේ වෙනුවෙන්ම වැය් කරන්න ඉතිරි වෙන්නේ, එහෙම කරලත් මෙච්චර දියුණු නම් මේ රටේ යුද්ධයක් නඩත්තු කරන්න නොවුණා නම් ඔවුන් ඉන්න තැන ලෝකෙටම හිතාගන්න බැරි වේවි

      Delete
    4. /හෙම කරලත් මෙච්චර දියුණු නම් මේ රටේ යුද්ධයක් නඩත්තු කරන්න නොවුණා නම් ඔවුන් ඉන්න තැන ලෝකෙටම හිතාගන්න බැරි වේවි //

      ඔන්න ඕක තමයි සුද්දො යුදෙව්වො එක්ක තරහ

      Delete
    5. දෙවනි ලෝක යුද සමයේදි හිට්ලර් මීට 60 ගාණකට කලින් සමුහ ඝාතන කරන්න හේතුවත් යුදෙවුවන් කෙරෙහි ඇතිවෙච්ච ඉරිසියාව.. ඒ කාලේ ඒ සංහාරේ නොවුණා නම් යුරෝපය මීට වැඩ ගොඩක් වෙන්න ඉඩ තිබ්බා

      Delete
    6. ඕම මෙතන කිවයුතු දෙයක් තිබෙනවා. මම ඊශ්රාලයට කැමති එහි ඇති ප්‍රජාතන්ත්‍රවාදය (අරාබි රටවල් නැති) හා නිදහස නිසා. නමුත් ඔවුන් දියුණු වෙන්නේ හා තවමත් දියුණු එන්නේ ඇමෙරිකානු ආධාර නිසා. ඇමෙරිකාව වසරකට ඩොලර් බිලියන් 2 කට වැඩිය දෙනවා සාමාන්‍ය ආධාර. යුද ආධාර ඊට වැඩියි. අනික යුදෙව් ඇමෙරිකානු වැසියන්ගේ බදු කෙලින්ම ඊශ්රාලයට ගන්න පුළුවන්. වෙන කිසිම රටකට නැති සහනයක්. ලංකාවටත් ඒ වගේ ආධාර ලැබෙනවනම් ඉතින් ........
      http://www.wrmea.org/congress-u.s.-aid-to-israel/u.s.-financial-aid-to-israel-figures-facts-and-impact.html

      Delete

    7. ඇමරිකාව ආධාර දෙනවා ඇති ඒ ගැන ලින්ක් එක දුන්නට ස්තුති ඒත් මේ කොටස මන් පිළිගන්නේ නෑ
      ///නමුත් ඔවුන් දියුණු වෙන්නේ හා තවමත් දියුණු එන්නේ ඇමෙරිකානු ආධාර නිසා. .///

      ලංකාවට ඇමරිකාව බිලියන 2ක් නෙමේ 50ක් දුන්නොත් අපේ රට දියුණු වෙයිද,, ඒ වගේම මේ ගැන මගේ යාලුවෙක් ඉන්නවා රජයේ ආයතනයක වැඩ කරන එයාගෙන් තව විස්තර අහල බලන්නම් අයියේ ,,

      Delete
    8. ඒක එක ලින්ක් එක්ක විතරයි. ඔයා ටිකක් හොයන්නකෝ. ඇමරිකාවෙන් වැඩිම ආධාර ලැබෙන්නේ ඊශ්‍රාලයට. නමුත් ඇමෙරිකානු ආධාර නිසා දියුණු වෙනවා කියන එකෙන් අදහස් වෙන්නේ නැහැ ඔවුන් නිකන් හිටිය කියල. නය දුන්නට වැඩක් නැහැ තමා මිනිස්සු හොඳ නැත්නම්, උනන්දු නැත්නම්. දුශිතයෝ නම්. මේ රටේ හොඳ කමත් මන් හිතන්නේ ඒකයි. මේ මිනිස්සු කොච්චර එකමුතුද, අවංකද නේද ?

      Delete
  8. ඕකෙන් අපි අරං තියෙනවා ලොකු ආදර්ශයක්. ඇයි, ඩේ කෙයා සෙන්ටර්?
    ගෑණු පිරිමි හරි හරියට වැඩකරනවා බලන්න ලස්සනයි ඔමා. පරණ ඇමෙරිකන් චිත්‍රපටිවලත් ඔයිට සමාන දර්ශන තියෙනවා නේද?

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නේ මදාවියෝ. නෝටි ඇමරිකාද :D හ්ම්ම් ඔව් මං මාර ආසයි ඒ වගේ පරණ වාර්ථා චිත්‍රපටි බලන්න, ඒවා වේගෙන් ප්ලේවෙන කොට හිනාත් යනවා

      Delete
    2. මේකි තමා නෝටි. බලමුකො මතක් වෙච්ච පැත්ත!

      Delete
    3. ඇක්චුවලි ඔයාලා වගේ බ්ලොග් කරුවෝ නිසා නිතරම බැලෙන්නේ ටිකක් ඔබ්බට :D

      Delete
    4. මදාවියා නම් ඕවා අහලවත් නෑ , ෂුවර්

      Delete
    5. කිරි සර්පයා. අහලත් නෑ... දැකලත් නෑ... ඕන් එක්ස්හැම්ස්ටර් වගේ වචනයක්නම් යාන්තම් කනින් කොනින් අහලා තියේ.

      Delete
    6. මොකක්ද කෙල්ලෙ ඇක්ස් හැම්ස්ටොර් කිව්වෙ??

      Delete
    7. (No bullshit) කියලා තියෙනවා දැක්කා. ඕං අපි නෑ. රිසොලූසොන් බුල්ෂිට්.

      Delete
  9. මට මතක් වුනේ රුසියන් සමූහ ගොවිපල වල් මම ඒකමයි උඩිනුත් එහෙම කීවෙ ඒත් මම දන්න තරමින් හුගක් එහොම පටං ග්තුව අසාර්තක වුණාාා
    ඒ අතිං ඊශ්‍රායෙල් සංකල්පය සාර්තක වෙලා තියෙනව මුල ඉදන්ම පුරුදු කරක් එන විදිය ඒ විදියටම කරන් යනව නං ඒක සාර්තක වෙනව ඒත් පහුකාලෙක ඒ වගේ දෙයක් කාවද්දන එක අමාරුයි
    ලංකාව වුණත් මට හිතෙන විදියට සුද්දො විත් පිස්සු නැටුවෙ නැත්තං හොදට දියුණු වුණ රටක් වෙන්න ඉඩ තිබ්බ.. ඒත් දැං වුණ දේ වෙලා ඉවරයි...

    ReplyDelete
    Replies
    1. සුද්දො ආවෙ නැත්නම් ලංකාව අගාධයට යනව. ලංකාවෙ වැඩවසම් යුගය කිසිම නව නිර්මාණයක් කරන්න බැරි රජා කියල කෙනෙකුට වැද වැද ඉන්න කරුම යුගයක්.සුද්ද ඇවිත් මිනිස්සු ඒ හිර කූඩුවෙන් නිදහස් කරගත්ත.

      Delete
    2. මධ්‍යස්ථ මතධාරියා මීට වඩා ටිකක් මධ්‍යස්ථව කතාකරානම් හොද නැද්ද කියල හිතෙනවා....හැක් හැක්

      Delete
    3. මහේෂ් : ඔව් ඔයා හරි //ඒත් පහුකාලෙක ඒ වගේ දෙයක් කාවද්දන එක අමාරුයි/// මොකද යුදෙවුවෝ මේක පටන් ගත්තේ තනිව ජිවිතේ පටන් ගන්න එක අමාරු නිසා, ඒ වගේම මේ මිනිස්සුන්ගේ ලේ වලම පුදුම ගතියක් තියෙනවා අවංක කමේ සහ නීතිගරුක කමේ,,

      Delete
    4. මද්‍යස්ථ මතධාරියා : ඔයා ඔහොම කිවුවට අපේ සිංහල කොල්ලෝ කෙල්ලෝ කියන්නේ සුද්දා වැද්දා කාලේ අපේ රජවරු දාගැබ් වල අකුණු සන්නායක හයිකරපු පෞඩ ඉතිහාසයක් බොලව් අපිට තියෙන්නේ කියලා.... සුද්දා දන්න ඉටිගෙඩිය :D

      Delete
    5. වැව් අයියේ කවුද මේ ෆොටෝ එකේ ඉන්නේ සීයාද

      Delete
    6. විහිළුවක් කලේ අයියේ,, ඒත් ආයේ මේ ෆොටෝ එක දැක්කොත් මන් දන්නවා කවුද කියලා ස්තුති

      Delete
    7. සුද්දො ආවෙ නැත්නම් ලංකාව අගාධයට යනව. +++++

      Delete
    8. පෘතුගීසි කාරයොයි ලන්දෙසියි කාපු රට සුද්ද ටිකක් ගොඩ නැංවුව කියල මම හිතන්නේ. ඔය කවුරුත් ආවේ නැත්නම් ඉන්දියාව ලංකාව යටත් කර ගන්නව. අපි දෙමල රටක් වෙනවා. සුද්දෝ එන්න කලින් අපේ ලොකු මුදලි වරු පවා ඔක්කොම කතා කලේ දෙමල. සාමාන්‍ය දුප්පත් මිනිස්සු විතරයි සින්හල කතා කලේ. ඉන්දියාව ට යටත් වුනේ නැත්නම් තායිලන්තය වගේ රටක් වෙන්න තිබ්බ. ලොකුම දියුනුවකුත් නැහැ. නැත්තෙත් නැහැ.

      Delete
    9. අනේ මන්ද අයියේ ///පෘතුගීසි කාරයොයි ලන්දෙසියි කාපු රට සුද්ද ටිකක් ගොඩ නැංවුව /// සුද්දා ගොඩ නන්වපු රට ආයෙම අපේ ලොක්කෝ කනවනේ :(

      Delete
    10. සුද්ද ගොඩ නැංවුයේ ලංකාවට ආදරේට නෙමේ. තමන්ගේ රටේ පාලනයේ පහසුවට. නමුත් එකෙන් හොඳ දේවලුත් වුනා. අපේ අයිය්යල ගැන ඉතින් මොනවා කියන්නද.

      Delete
    11. ඒක ඇත්ත ඒ අය අපේ වටින කියන දේ අරන් ගියානේ,, උඩරට දුම්රිය මාර්ගේ හැදුවේ අපිට පහසුවට නෙමේනේ එයාලගේ බඩු ටික ගේන්න ගන්නනේ,, අපි කවදා ස්වාධින ජාතියක් වේවිද?

      Delete
  10. සොවියට් දේසෙ තිබුන සමූහ ගොවිපල වල් නම් තමංගෙ නිෂ්පාදන හමුදා අවශ්‍යතා සඳහා අනිවාර්යෙන් යවන්න උන සහ තරුණයින් නොමැති කම නිසා විශාල දුශ්කරාතා වලට පත් වුනා කියලා මම අහලා තියෙන්නෙ.
    ඇත්තටම මේ ක්‍රමේ ඇතුලෙ ජීවත් වෙන මිනිස්සු කොච්චර නම් මානසික සැහැල්ලුවකින් ඉන්නවා ඇද්ද?
    උසස් අධ‍යපනය ලැබීම/ විශ්ව විද්‍යාල පහසුකම් එහෙම ලැබෙන්නෙ කොහොමද ඔමා?

    ReplyDelete
    Replies
    1. ගස් ලබ්බා : ඊශ්‍රායලයේ රටේ මුළු ආදායමෙන් 50 % යන්නේ හමුදාවට කිඹුට්ස් කියලා විශේෂයක් නැහැ. ඔවුනුත් දායක වෙනවා . මේ මිනිස්සු සාර්ථක වෙන්න හේතුව ඔය කියපු දුෂ්කරතා වලට මුහුණ නොදුන් නිසා කියන්න බෑ මල්ලි බලන්න තුවක්කුව පිටේ එල්ලන් ගෑණු අය කුඹුරු කොටන්නේ. ඒ වගේම මැලේරියාව වගේ නොයෙකුත් වසංගත ලෙඩ වලින් සහ කටුක දේශගුණයත් එක්ක මේ මිනිස්සු කඩා නොවැටුණේ ඒ මිනිස්සුන්ගේ තිබ්බ දහිරිය නිසා.

      ඔව් නේද

      //උසස් අධ‍යපනය ලැබීම/ විශ්ව විද්‍යාල පහසුකම් එහෙම ලැබෙන්නෙ කොහොමද ඔමා?// හැමදේම සාමන්‍ය විදියට ගමක පොඩි ඉස්කෝලයක් ළමයි දෙතුන් දෙනෙක් කියලා නෑ අධ්‍යාපනය මුළු රටේම එකයි. කිඹුට්ස් කීපයක ළමයි වෙනුවෙන් ලොකු කොලේජ් තියනව ඒ වගේම ළමයින්ව ගෙදරින් ගන්න බස් එක එනවා උදේ හවස නොමිලේ හැමදේම... විශ්‍යවිදයාල ඇතුලත්වීම් හැමදේම රටේ සාමන්‍ය ක්‍රමය අනුවම තමයි

      Delete
    2. ඉස්තූතියි විස්තරේට... දහිරිය වගේම අප්‍රමාණ කැප කිරීමක් කරලා තියෙනවා ඒ ජනතාව තමන් වෙනුවෙන්,රට වෙනුවෙන්... මේවා මේ දවස් වල පත්තරේක වත් දාන්නෙ නෑනෙ හැබෑට..

      Delete
    3. මේවා නිවුස් ද අනේ දේශපාලන නරි නාඩගනුයි, පන්සල් ,ස්වාමින්වහන්සේලාගේ දේවලුයි ඇරුනම වෙන මොන නිවුස් ද

      Delete
    4. පත්තර කිව්වම ප්‍රවෘති පත්තර විතරයැ... මම අදහස් කලේ වෙනස් විදිහකට හිතන්න කැමති මිනිස්සුන්ට උත්ප්‍රේරකයක් නෙව මේ වගේ දේවල් දන්න හිංගලෙං ම කියෝන්ට තිබ්බොතින්.. අපි වගේ 'හුදී ජනයා'? ට වටිනව කියන එකයි අදහස.කොහොම වෙතත් යුදෙවු සංස්කෘතිය ගැනත් අපට ටිකක් කියන්න හොඳේ..

      Delete
    5. ගස් ලබ්බා : මන් ඉස්සර විජය ,මිහිර ,විදුසර බලද්දිත් අලුත් දේවල් දැනගන්න මාර ආසයි, ඒත් ලංකාවේදී පත්තරයක මොනාහරි සංස්කෘතියක් ගැන රටක් ගැන කෙනෙක් ලීවොත් බොහෝ විට ලියන්නේ පොතපතින් හොයාගෙන ඒත් ඇත්තටම දැකලා ලියන්න අවස්ථාව හම්බෙන එක හරිම වටිනවා. හුදී ජනයාගේ පහන් සංවේගය පිණිස කවුරුන් හෝ ලියාවි කවදා හරි

      Delete
  11. බොහොම ස්තුතියි මේ වගේ තොරතුරු බෙදාහදා ගැනීම පිළිබඳව. මේ ලිපිය කොටස් කීපයකට කඩා වාඩාත් සවිස්තරව ලියන්න. එතකොට අවබෝධ කරගන්නත් පහසුයි.

    මාතෘකාව ගැන මට අපැහැදිලි දෙයක් තියනවා. විනාශකයා කිව්වේ ජර්මානුවාද ඊශ්‍රායල් කාරයාද? නිම්නතර කිව්වේ නිම්න අතර කියන තේරුමෙන්ද?

    ReplyDelete
    Replies
    1. මං කොටස් වශයෙන් ලියන්න හිතුවේ නැත්තේ දික් වෙයි කියල නොහිතපු නිසා. ඒත් බාගයක් ලියලා ඉතුරු බාගේ ආයේ ලියන්න මට බැහැ,,, "කොටස් භීතිකාව "කියන දරුණු රෝගය මට තිබෙනවා,, ඔබ තුමානම් කොටස් දෙයියෙක් ඇත්තමයි ඒකත් ටැලන්ට් එකක් මට ඒක නෑ,,,

      විනාශකයා කිවුවේ ඊශ්‍රායල් ජාතියට සහ පොළවට. මොකද මිනිස්සු දන්නේ ඒ විදියටනේ . නිම්නතර කිවුවේ නිම්න අතර කියන එකට. වැරදිද මං සන්ධි කරලා තියෙනවා ..
      මට ලියන්න අවශ්‍ය යුද්දය ගැන රොකට් යුද අවි ගැන පමණක් ඊශ්‍රායලය සම්බන්ධව කතා කරන මිනිස්සුන්ට ඊශ්‍රායලයේ සැඟවුණු සොඳුරු පැතිකඩවල් තියෙන බව

      Delete
  12. ඔන්න බං ඔමා වටින වැඩ... මේ ක්‍රමය දිගින් දිගටම පවත්වාගෙන යන්න ලැබෙන උත්ප්‍රෙරකය තමා හොයාගන්න ඕන...

    අර කිඹුට්ස්.. කියන්නේ ලංකාවෙන් බිදිච්ච වචනයක් වෙන්ටෑ. මොකද හෙලයන් එහෙත් හිටියා නේ

    ReplyDelete
    Replies
    1. //අර කිඹුට්ස්.. කියන්නේ ලංකාවෙන් බිදිච්ච වචනයක් වෙන්ටෑ. මොකද හෙලයන් එහෙත් හිටියා නේ//

      අර "ආචාර්ය මිරැන්ඩෝ අබේසේකර"ටත් දේශන තියන්නේ උඹ නේද ?:D

      Delete
    2. කිඹුට්ස් ගැන කීවම මට මතක් වුනේ කිඹුලා කියන වචනය හැදුන හැටි ගැන කතාවක්. ඒක විහිළු කතාවක් නොවෙයි සිරාවටම කියපු එකක්. එක්තරා ගුරු කුලයක් විසින් වචන නිර්මාණය වුන හැටි ගැන විග්‍රහයක් එක්ක කළ එකක්. ඒත් ඒක මෙතන දාන එක හරි මදි.

      Delete
    3. ද්වෙෂ්කයා : හි හි ඔව් ඔව් වෙන්ට ඇති තමයි

      Delete
    4. ම.ම කෝ අනේ ඔයා නිකන් රසේ ගැන විස්තර කරලා අපිට ටොෆි දෙන්නේ නැතුව යනෝ නේ,,, දාන්න අනේ ඕනේ එකක්

      Delete
  13. ඊශ්‍රායල්වරු අලුත් අත්හදාබැලීම්වලට කිසිසේත්ම බියවුනේ නැහැ. කිඹුට්ස් ගැන මම මීට කලිනුත් අසා තිබුනත් මෙහෙම පැහැදිලිව දැනගත්තේ අදයි. මෙහෙම සමාජයක් හදන්නනම් අනිවාර්යයෙන්ම සම වැටුප් කියන ප්‍රතිපත්තියට එන්න වෙනව. ඒ කියන්නෙ හැමෝටම එකම වැටුප.එහිදී ඇතිවන කාර්යක්ෂ්මතාව අඩුවීම කියන ගැටළුව කිඹුට්ස් වල විසදාගෙන ඇත්තෙ යුදෙව් ජාතික හැඟීමෙන්. කෙසේ වෙතත් මේ ක්‍රමය වෙන තැනක සාර්ථක වෙයි කියල නම් හිතන්න බැහැ.

    ReplyDelete
    Replies
    1. //එහිදී ඇතිවන කාර්යක්ෂ්මතාව අඩුවීම කියන ගැටළුව කිඹුට්ස් වල විසදාගෙන ඇත්තෙ යුදෙව් ජාතික හැඟීමෙන්./// ඔව් ඔයා හරියටම හරි.. මේ වගේ දේවල් කාවද්දනවට වඩා පිරිසක් එකතුව හැගීමකින් පටන් ගන්න එකයි වැදගත් ඒක කරන එක ලේසි නැහැ.. මේ වගේ දේවල් ඇස් වලින් දකිද්දී මට හරිම දුකයි කණගාටුයි මගේ ශ්‍රී ලංකාව ගැන.. අවුරුද්ද මුළුල්ලේම පැතිරිච්ච වර්ෂා රටාවක් රත්තරන් වගේ පොළවක් තියෙන අපි කොහෙද මේ අන්ධයෝ වගේ යන්නේ

      Delete
  14. අහන්නත් සතුටුයි. කියවන්නත් ආසයි. කොතරම් මනරම් සංකල්පයක්ද? ප්‍රයෝගිකව සත්‍ය නැහැයි කියන කොතරම් දේවල් ඇත්තටම කරන්න පුළුවන් නේද?

    ස්තුතියි ඔමා මේ තොරතුරු වලට. තව මේ වගේ දේවල් ලියන්න.

    ReplyDelete
    Replies
    1. ඔව් උපේක්ෂා අපිට මේ දේවල් හීනයක් වගේ අඩුගානේ මේ වගේ හීනයක් දකින්නත් අපිට අමාරුයි.. බැරි දේවල් නැහැ මේ ලෝකේ . (ශ්‍රී ලංකාව වෙනස් කරනවා හැරෙන්න )

      ස්තුතී දිරිගැන්වීමට

      Delete
  15. "යුදෙව්වෝ"කියන්නේ ඕනෙම අභියෝගයක් භාර ගන්න පුළුවන් ජාතියක්.සමුහ ගොවිපලවල් ගැන ඇහුවත් "කිඹුට්ස්"වගේ සාමුහික ගමක් ගැන ඇහුවාමයි.
    සෝවියට් දේශයේ පවා යම් පමණකින් විතරක් සාර්ථක වෙච්චි ක්‍රමයක් ඊශ්‍රායල්වල තාමත් තියෙන එක එක්තරා විදියකින් පුදුමයක්.

    ReplyDelete
    Replies
    1. ඒත් යුදෙව් මිනිස්සු එක්ක එක දවසක් හිටියොත් ඔයාට පුදුම හිතෙන එකක් නෑ...
      //ඊශ්‍රායල්වල තාමත් තියෙන එක එක්තරා විදියකින් පුදුමයක්.// මෙහෙම කියන්න හේතුව ඊශ්‍රායලය දිහා මිනිස්සු බලන්නේ යුද්දය කියන මාතෘකාව එක්ක නිසා මනෝ

      Delete
  16. විශාල පිරිසක් ප්‍රශ්ණ ඇතිකරගන්නේ නැතුව මේ විදිහට එකම පවුලක් වගේ ජීවත් වෙන එකෙන් අපි වගේ රටවල අයට ගන්න තියෙන ආදර්ශ බොහෝමයි. ලිපිය ටිකක් දිග වැඩි වුනත් ඒ තොරතුරු හරිම රසවත්. මොකද මේ කිඹුට්ස් ගම්මාන ගැන කලින් දැනගන හිටියේ නැති නිසා බොහොම ආසාවෙන් කියෙව්වා.

    ReplyDelete
    Replies
    1. ස්තුති තුශ් එපා වෙන්නේ නැතුව කියෙවුවන්ම් මොකද දිග වැඩි නිසා මන් අවුලෙන් හිටියේ

      Delete
  17. ම්හු.. විශ්වාස කරන්න අමාරුයි.. අපේ මොළ ගෙඩි ලංකාවේ ක්‍රමේට හුරු වෙලා හුරු වෙලා.. දැන් මෙහෙම දෙයක් කිව්වට එක පාර පිළිගන්න අකමැතියි.. මොළ හෝදන්නම වෙනවා..

    මං කොමෙන්ටෙකට දාන්න හිතං ආපු එක මාතේ කලින් දාල..

    ReplyDelete
    Replies
    1. කමි : ඔව් මටත් එහෙමයි හරි පුදුමයි මුලදී දකිද්දී ස්තුති හොදේ

      Delete
  18. මේ වගේ ගමක ජීවත් වෙන එක කොච්චර සුන්දර ඇතිද?

    ReplyDelete
    Replies
    1. ඔව් අයියේ මං මාසෙකට සැරයක් වගේ යාළුවගේ කිඹුස් එකට යනවා ඒ මිනිස්සු දැන් මටත් හිතවත්,, ඒ මුණු වල හිනාව ආදරය විතරයි පේන්න තියෙන්නේ

      Delete
    2. ඕමා...ඔයා නම් පට්ට ලකී..

      Delete
    3. අප්පට බොල ඇල්බයියා දැක්ක කල්, ලඟදි Relax එක පැත්තේ ගියේ නැතැයි ? :P

      Delete
    4. දිලිණි මේවා දැකලා තව අවුරුදු දෙක තුනකින් ලංකාවට ආවට පස්සේ කොච්චර අප්සට් ද...

      Delete
  19. මෙන්න මෙයා දෙකත් දාලා .............. ඔක්කොම හරියටම කියෙව්වේ නෑ .... එත් මට ආව පස්නේ දොරේ අගුල් දාන්නෙත් නැතුව එයාලා සාර්ථක පවුල් ජිවිත ගතකොරනවද කියලයි............. නැත්නම් අර බයිසිකල් ගෙනියනවා වගේ අවසර ගන්නෙත් නැතුව ................................?????????

    ReplyDelete
    Replies
    1. හූ හු එදා කිවුවා නේද කවුද 2 දාන්නේ කියලා බලමු කියලා,,

      රෑට ලොක් කරනවා ඇති :( :( :(

      Delete
  20. නියම විස්තර ටිකක්නෙ.
    අර ළමයි බලාගැනිල තමයි හොඳම කොටස මටනං.

    ReplyDelete
    Replies
    1. Praසන්ன : ඒ ගැන ලියන්න ගොඩක් දේ තියෙනවා ටිකයි ලිවුවේ අයියේ .. ස්තුති

      Delete
  21. හරිම හරවත් ලිපියක්. ගොඩක් දැනුවත් වුනා කුඹුස් ගැන. ස්තුතියි ඔමා

    ReplyDelete
    Replies
    1. මේ දෙකම පබ්ලිෂ් වෙලා තියෙන්නේ

      Delete
  22. This comment has been removed by the author.

    ReplyDelete
  23. ඔමා................

    මේක හරියට ප්ලේටෝගේ මනෝ රාජ්‍යය වගේනේ..... අගේ අැති පොට් ඒකක්..... ප්ලෝටෝ කියනවා වගේ කසාද ඒහෙමත් නැතුව නිදහසේ වැඩ කටයුතු වෙනවා නම් අපේ බ්ලොග් ලියන සෙට් ඒකත් ඒ පැත්තට යාවි ............

    ReplyDelete
    Replies
    1. හි හි අනේද කියන්නේ නේ...කුරුට්ටෝ

      Delete
    2. හිකිස් මටත් ඕකම හිතුන. අපේ දේශකයා යවල බලමුද පොඩි ටෙස්ටිං එකකට වගේ ;)

      Delete
    3. හම්මේ මුළු සිංහලයම නියෝජයනය කරන්න පුළුවන් එකම සතා

      Delete
  24. මෙ කිබුට්ස්ගමේ ඉපදිලා කියනවා කියලත් හිතෙනවා

    ReplyDelete
    Replies
    1. රෝහන. ස්තුතී ලිපිය කියවලා කමෙන්ට් එකක් එකතු කලාට... ඔයා ඊශ්‍රායල් වලද ඉන්නේ

      Delete
  25. හරිම ආසාවෙන් කියෝගෙන ගියා. නොදන්නා පැතිකඩක්. අගෙයි මේ වගේ දේවල් වලින් නිතර අපිව දැනුවත් කරන්න.(එතකොට පුද්ගලිකත්වය සම්බන්ධයෙන් ගැටළු ඇත්තෙම නැද්ද? මං ඇහුවේ පවුල් ජිවිත ඇතුලේ )

    ReplyDelete
    Replies
    1. ස්තුති දිලිනි...

      ඔය වගේ ගමක අපේ සෙට් එක හිටියනම් තමයි එහෙම වෙන්නේ,, ලිංගිකත්වය කියන්නේ මේ රටේ මහ ලොකු දෙයක් නෙමේ,, අනුන්ගේ ගෑණුන්ට බැල්ම දාලා හොරෙන් ලව් කරන සීන් නෑ,, තමන්ට ඕනේ නම් ළමයි ලොකු උණත් පොඩි උණත්,, ඩිවෝස් උනා වෙන කෙනෙක් කසාද බැන්දා.. කිඹුස් ගම්මාන වල මිනිස්සු ඊට වඩා තවත් ටිකක් වෙනස්.. ඒකට හේතුව ළදරු කාලේ ඉදන්ම එයාලා ජිවිතේ පටන් ගත්තේ එකට කණ්ඩායමක් විදියට... අනෙක් අයට ගරු කරන්න එයාලා දන්නවා,, ඒ වගේම විනය අතින් ඉහලයි... ඔය කිවුවට ඔය හැම ගමකමත් ඇති සෙවල සෙට් එකකුත් නමුත් පොදුවේ ඔවුන් විවුර්ථ මිනිස්සු හොර ගේම් නෑ .. දෙවියන්ට බය නිසා වෙන්නත් පුළුවන්

      Delete
  26. අම්මේ යකෝ එන්න පරක්කු වුනා කියවන්න. කොහොම වුනත් කිම්බුට්ස් ගැන නම් දැනගත්තේ අද. ඔන්න ඕමා මාස හතක තිස්සේ ලියපු පොස්ට් එක දාලා . එහෙනම් දැන් දිගටම ලියන්න තමා තියෙන්නේ .
    මං කල්පනා කලේ අපේ රටේ මෙහෙම ක්‍රමයක් ඇති කලානම් කීදෙනෙක් ඉබ්බා ගහයිද කියලා. අන්තිමට ආඬි හත්දෙනාගේ කැඳ හැලිය වගේ වෙයි . එකම වයසේ රටවල් වුනාට අපේ මිනිස්සුන්ගේ මොළ තාම ළදරු වයසේ

    ReplyDelete
    Replies
    1. හි හි ඉබ්බා ගහනවා කියන්නේ මොකක්ද අයියේ

      Delete
    2. ඉබ්බා ගහනවා කියන්නේ කොටු පනින එකටද කොහෙද මයේ හිතේ

      Delete
    3. ඉබ්බා ඉතිං කොයික කොලත් හෙමිංනේ. ගැහුවත් එච්චරයි!

      Delete
    4. අටම් පහුර : උත්තරේ දන්නවා උනාට සදාචාර සම්පන්න විදියට මට ඇඟේවුවා...

      මධාවී : මදාවියනේ ඉතින්,, :D

      Delete
  27. අපේ මයියා (මහේෂ් රත්නායක) මේ පොස්ට් එකේ ලින්ක් එක දාල තිබුනා රයිගම් හන්දියේ.. ඒකට රයිගම් දාල තිබුණු කොමෙන්ටෙක මැදිහත්ව සිතන කෙනෙකුට වැදගත් වෙයි කියල හිතල මෙතනට එකතු කරනවා..
    /// මල්ලි, එහි තියෙන්නේ සමූහ ගොවිපල් ක්‍රමය. මෙය බලෙන් පැටවීමට ගිය සෑම තැනකම අසාර්ථක වූවා. දැන් මල්ලි අහන්නේ මං හිතන්නේ මොකක්ද කියලනේ. මෙහෙමයි මහේෂ්, රුසියාවේ සමුහ ගොවිපල ක්‍රමය කියන්නේ ලෝකයේ තිබුන අකාර්යක්ෂම එකක්. මේ ක්‍රම කඩා වැටුනට පස්සේ නැගෙනහිර යුරෝපයේ ආහාර නිෂ්පාදනය සැහෙන්න වැඩිවී තිබෙනවා. උදාහරණයකට රුසියාව ඇතුළු පැරණි සෝවියට් රටවල් ඕස්ට්‍රේලියානු තිරිඟු වෙළඳපොලේ කොටස් පසුගිය කාලයේ අල්ලා තිබුනා.

    දැන් මහේෂ් යුරෝපයේ කෘෂිකර්මයත් ටෙක්නිකලි සමුහ තමා. ප්‍රතිශතයක් ලෙස ඊශ්‍රායලය, ඇමෙරිකාවට වඩා මහජන මුදල් කෘෂිකර්මයට යොදවනවා. එතකොට ඔය ගම්මාන වලටත් කියක් හෝ යනවා ඇති. මතුපිටින් යමෙකු බැලුවට එය දකින්නේ නැහැ.

    ඒ කියන්නේ මේ ලෝකයේ බොහෝ (විශේෂයෙන්ම බටහිර) රටවල තියෙන්නේ “සමුහ ගොවිපල” ක්‍රමයක්. එහෙම මහජන මුදල් කෘෂිකර්මයට අඩුවෙන්ම යොදවන රටවල් දෙකක් තමා ඕස්ට්‍රේලියාව හා නවසීලන්තය.

    මේක සංකීර්ණ කතාවක්. ඇයි මේ අය එහෙම කරන්නේ? මෙය ලෝක ආධිපත්වය හා මිල නියම කිරීමේ කෙවිට අතේ තියා ගැනීමේ අවශ්‍යතාවය හා බැඳී තිබෙන යාන්ත්‍රණයක්. දියුණු වෙමින් පවතින රටවලට, මේ රටවල් වල කෘෂි නිෂ්පාදන සමග තරඟ කරන්නට අමාරු අන්න ඒ නිසා.

    ලෝකයේ වැඩිම තෙල් නිෂ්පාදනය කරන ඇමෙරිකාවේ සමාගම් වලට, අමෙරිකාවෙන් තෙල් අපනයනය කිරීමේ තහනම දැන් අවුරුදු 40 ක් තිස්සේ ක්‍රියාත්මක වග ඔබ දන්නවාද මහේෂ්? ඇයි “ඒකීය ලෝකයේ” එහෙම වන්නේ?

    ඕස්ට්‍රේලියාවට කෙසෙල් ආනයනය කරන්නට බැරි වග ඔබ දන්නවද? ඇයි මේ ලිබරල් ලෝකයේ එහෙම? මෙහෙ තියන ගොවි බිම්, පිටරටින් ඇවිත් මිලදී ගැනීමේදී සීමා තියනවා. අප්පොච්චියේ මොකද? මෑතක් වන තුරු ඕස්ට්‍රේලියාවට, නව සිලන්තයෙන් පවා අලුත් ඇපල් ගෙන්විම තහනම් ව තිබුනා. ඕස්ට්‍රේලියානු තිරිඟු අපනයනය මෑතක් වනතුරු තිබුනේ ඒකාධිකාරයක. මෙන්න ලිබරල් ලෝකයේ කෘෂිකාර්මික බැඳීම්. වෙලාවක ලියන්නම්.///

    ReplyDelete
    Replies
    1. ස්තුතී ක.මි ලින්ක් එක කමෙන්ට් එකකින් ශෙයා කලාට. ඒ අයියා ලියලා තියෙන ලිපිය මං කියෙවුවා . කමෙන්ට් එකේ සමහර කියමන් සමග එකඟ වෙන්නේ නැහැ මොකද ඇස් වලින් දැකලා සත්‍ය දන්න නිසා.

      Delete
  28. //අක්කර ගණනාවකින් සමන්විත මුළු ගම්මානයම එකම ඉඩමක් විදියට තමයි තියෙන්නේ. වැටවල් සහ මායිම් නෑ, එකිනෙකාට තමන්ගේ කියලා වෙන්කරපු දෙයක් නෑ. මුළු ගමම ගමේ හැමෝගෙම. ///

    අහන්නත් දකින්නත් සතුටුයි මේ වගේ සමාජයක් ලෝකේ තියනව කියලා...
    ස්තුතියි තොරතුරු බෙදාගත්තට...

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. හි හි ඔව් මටත් පුදුමයි මන් ඒ හින්දා මගේ යාලුවගෙන් නිතර අහනව ඔය මිනිස්සු ආසාවට වත් වලියක් ගන්නේ නැද්ද කියලා

      Delete
  29. ගොඩක් ස්තුතියි මේ ගැන ලීවට.. ලිපිය දිග වුනත් ආසාවෙන් කියෙව්වා...
    මෙහෙම සහයෝගයෙන් ජීවත් වෙන මිනිස්සු ඉන්නවනම් මොනා කරන්න බැරිද කියල හිතුනා...

    ReplyDelete
    Replies
    1. මහේෂ් ව මගේ හීන අඩවියට ආදරෙන් එකතු කරගන්නවා ... එහෙම මිනිස්සු මෙහෙ ඉන්නවා නම් අපේ රටේ බැරි මොකෝ

      Delete
  30. බොහොම ස්තූතියි මේ ගැන විස්තරාත්මකව ලිව්වට. උඹෙ හෑලි ඉතින් කියවන්න කම්මැලි නෑ නොවැ.

    කිඹුට්ස් කිව්වම මම දැක්කෙ කිඹුල්ස් වගේ, ඒකට හේතුව මෙතන කියල කාඩ් ගහගෙන මොටද?

    ඔය ක්‍රමය මහජන මුදල් පොම්ප කරල කරත්, සාර්ථක වෙන්න, යම් හෝ ඵලදායීතාවක් ලබන්න වෙන රටකදි කොහෙත්ම බෑ වගේ පෙනුනත්, මට හිතෙනව හරියයි කියල ලංකාවෙ දෙමළ මිනිස්සු අතරෙ. මොකද මේ දෙගොල්ලම යම් සමාන ගති ඇත්තවුන් නිසා.

    ReplyDelete
    Replies
    1. ස්තුතී අයියේ.. හි හි අපේ ද්වේෂක තුමත් දාලා තිබ්බා කමෙන්ට් එකක් මේක සිංහලෙන් බිඳිලා ආපු වචනයක් ය කියලා.. ඕක ගොඩක් වෙලාවට මෙහෙ ඉන්න අපේ සිංහල අය ප්‍රනවුන්ස් කරන්නේ "කිබුස්" තමයි...

      ඔව් ඔයා හරි දමිළ අය අතර සාර්ථක වෙයි ,, ඒත් ඊට පස්සේ අපේ සිංහල අය ඒ අයට එහෙම කරන් යන්න දෙයිද

      Delete
  31. 1. යුදෙව්වන්ගේ රටේ විතරක් නෙවෙයි නෝනෝ, ඇමරිකාවේ අපේ ගෙවල් වලටත් මායිම් වැටවල් නැහැ. බල්ලෝ ඉන්න අය විතරක් back yard එක කොටු කරගෙන ඉන්නවා.
    2. යුදෙව්වෝ එක්ක වැඩ කරන එක ඔහේ කොහෙම් වුනත් මෙහෙ නම් ටිකක් අමාරුයි. හරිම කුම්මැහි ලෝබ ජාතියක්. එක සතයක් ඇති මරාගන්න.

    ReplyDelete
    Replies
    1. ඇනෝ : යුදෙවුවන්ගේ රටේ ඉන්නේ යුදෙවුවෝ මිලියන හයක් හයා මාරක් විතරයි ඇමරිකාවේ මිලියන 22 ක් ද කොහෙද ඉන්නවා . මෙහෙත් යුදෙවුවෝ එක්ක වැඩ කරන එක ලේසි නෑ කම්මැලියන්ට සහ වංචා කාරයන්ට මොකද ඒ මිනිස්සු හැම දේම ගානට මිම්මට මුදල් සම්බන්දව සතේට

      Delete
  32. මම එකපාරක් ලිපියක් ලිව්වා මගේ බිරිඳගේ නැඟී ඉන්න ගම ගැන. එය නැගෙනහිර ජර්මන් ජාතිකයෙක් සමග විවාහ වෙලා ඉන්නේ. ඒ රට සමාජවාදී කාලේ ළමයි බැලුවේ ටිකක් ඔය වගේ. ඒ ළමයි බලන තැන හරි උසස්. ඉතින් ඒ ගොල්ල තවම ඒ ක්‍රමය අරන් යනවා. අනික අර ඔය පෙන්නලා තියෙන නොයෙකුත් කුණු දාන බක්කි. ඒවා යුරෝපයේ හැම තැනම තියෙනව. ඒ විධිහටම.
    http://kolambagamaya.blogspot.co.uk/2014/04/5.html

    ReplyDelete
    Replies
    1. ස්තුතී අයියේ .. මං ඔතනට ගියාම නිකමට ඇරලා බලනවා පියන් ඒවල අදාළ ඒවම තියෙනවද බලන්න,, හි හි මොකද දන්නවනේ ඉතින් .. මට ඔයාගේ පරණ ලිපි ගොඩක් මිස් වෙලා තියෙන්නේ අයියේ

      Delete
  33. http://sinhala.lankanewsweb.net/features/2013-07-01-07-49-32/16006-living-together-in-destroyers-paradise

    ReplyDelete
    Replies
    1. මං උදේ දැක්කා,, ඔයාද දැම්මේ, ගොඩක් ස්තුතී මං බැලුවා ඒක කෝමද ආවේ කියලා

      Delete
  34. අපූරු විස්තරාත්මක ලිපියක්! ආයෙ හෙමින් කියවන්න ඕනෙ. :)

    ReplyDelete
  35. Heya i am for the first time here. I came across
    this board and I find It really useful & it helped me out a lot.
    I hope to give something back and aid others like you helped me.


    Check out my weblog - dieting ()

    ReplyDelete


ලිපිය කියවා කොමෙන්ට් නොකලත් කමක් නැහැ.. කමෙන්ට් කලොත් සතුටුයි. ලිපිය කියවන්නේ නැතුව කොමෙන්ට් කරන්න එපා.
අපුර්වි_


,නිතරම යහපත කරන්න...,සතුට සැනසිල්ල හැමදාම ඔයාලග රැදේවි,,දෙවිපිහිටයි,

Related Posts Plugin for WordPress, Blogger...