Monday, February 23, 2015

Return

ඉස්සර සීයත් එක්ක ඉන්න කාලේ මාසෙට ලිපි 8ක් විතර ලිවුවා,සමහර සති වල සතියට තුනක් හතරක් ලියන්න පුළුවන් කම තිබ්බා,, ඒත්  පහුගිය මාස හත ඇතුලත මට පාලනය කරගන්න බැරිවිදියේ දේවල් සිද්ද වුණා,කොච්චර ලියන්න දේවල් තිබ්බත් ලැප් එක ඔන් කරන්න වත් හිතුණේ නෑ..ෆෝන්  එකෙන් මුණු පොතේ විකාර  කළා විතරයි,
බ්ලොග්  ලියන එක වගේම කියවන එකත් අතැරිලා ගියා..කීප  වතාවක් ආයෙම  ලියනවා ලියනවා හිතුවත්  අකුරක් වත් ලියන්න  බෑ..ඒ වගේම  එක මාසෙට ආච්චිලා තුන් දෙනෙක් මැරුණා මං ජොබ් එකට ගිහින් දවසෙන් දෙකෙන්,හම්මේ පුදුම කාලකන්ණියෙක් නේද මං කියලත් හිතුණා. අන්තිමට  කොහොමහරි කැරකිලා ආයෙම අර සීයා වගේම දවල් දහය වෙනකල් නිදාගන්න ආච්චි කෙනෙකුයි, කලාගාරයක් වගේ ගේකුයි හම්බුණා.1925  අවුරුද්දේ  ජර්මන් කාරයෝ හදපු ගෙයක් මේක,, ඒ වගේම  මේ ආච්චිට වයස අවුරුදු 88 යි,, එයා මීට අවුරුදු දෙකකට කලින් එයාගේ ජිවිත කථාව පොතක් ලියලා පළකරලා තියනවා....ඒකෙ තියෙන 1923 දී ගත්ත ෆොටෝ දැක්කම ඒ ඉතිහාස කතා දැක්කම මට මොකුත් නොලියා ඉන්න බෑ.. 

 අපි ඉන්නේ ගෙයි දෙවනි තට්ටුවේ.මගේ කාමරේ ඇවිදිද්දී කාමරේ කෙලවරේ තියෙන තඩි අල්මාරියේ දොරවල් හෙල්ලෙන සද්දේ එනවා සතියක් විතර හෙවුවා එහෙම වෙන්නේ කෝමද කියලා බිම තියෙන්නේ කොන්ක්‍රීට්. ලෑලි නෙමේ ටයිල් කරලා තියෙන්නේ.ඒත් අල්මාරිය හෙල්ලෙනවා.  දැන් මං අමතක කරලා දාලා ඉන්නේ,  ඔන්න ඔහේ හෙල්ලිච්චදෙන් කියලා. හි හි . කොහේ  ගියත්  ෆෝන් එක අරන් යන්නේ මොනාහරි අලුත් දෙයක් දැක්කොත්  ෆොටෝ ගහන්  එන්න ,එහෙම එකතුකරගත්ත ෆොටෝ එක්ක ඒවල කතා ටික අද  රෑ ඉදන් ලියන්න හදන්නේ,, 

අපේ හොල්මන් බංගලාව 1925 


ප/ලි
මේ  වගේ  එකක් හරි පෝස්ට් කරන්න හිතුවේ නිකම්ම ඉන්නවට වඩා හොඳයි කියලා හිතුණ නිසා,



108 comments:

  1. ඔමා ඉන්නේ ජර්මනියේද?

    ReplyDelete
    Replies
    1. නැහැ ඊශ්‍රායල් වල , මේ ගෙවල් ජර්මන් ගෘහ නිර්මාණ ශිල්පියෝ හදපුවා. ගෙවල් 60ක් තියෙනවා මේ වගේ ,මං බලාගන්න ආච්චි ජර්මනියේ ඉදලා ආපු කෙනෙක් දෙවනි ලෝක යුද්දෙට කලින්

      Delete
  2. //මගේ කාමරේ ඇවිදිද්දී කාමරේ කෙලවරේ තියෙන තඩි අල්මාරියේ දොරවල් හෙල්ලෙන සද්දේ එනවා සතියක් විතර හෙවුවා එහෙම වෙන්නේ කෝමද කියලා බිම තියෙන්නේ කොන්ක්‍රීට්. //

    පොඩ්ඩක් දුවල, ඇඟේ බර කිලෙඔ හැටකට විතර අඩුකරගෙන බලහන්, හරියයි :P

    ReplyDelete
    Replies
    1. අපෝ අයියේ ඔය ගැන මතක් කරන්න එපා :(

      Delete
    2. ඔන්න විශේෂඥ උපදෙස් ඔමෝ..... සිරාවටම කියල තියෙන්නේ

      Delete
    3. අපෝ මෙයත් ඇවිත් :(

      Delete
    4. ඉන්දිකයගෙ කමෙන්ට් එක දැකලා ලියික් බටන් එක හෙව්වා මම කමෙන්ට් එකට ලයික් කරන්න. :ඩී

      Delete
    5. අඩු කරන ටික නලින්ට දීපං

      Delete
    6. Indika & Atama
      +++++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
    7. ඔය ඇවිත් තියෙන්නේ අනිත් මහත්මයත් @දමිත්

      Delete
  3. වෙල්කම් ඔමා අක්කා...

    ReplyDelete

  4. ආයෙත් ලියන්න ගත්ත එක හොඳයි.අලුත් බ්ලොග්කාරයො හුඟක් දෙනෙක් ටික දවසකින් ලිවිල්ල අත අරින නිසා පරන අය රැදෙන එක වටිනවා.

    ඊශ්‍රායලයේ ජර්මන්කාරයො ගෙවල් හැදුව කතාව අපහැදිලියි.

    කාලකන්නි කිව්වට ඔයාගෙ රැකියාව වාසනාවන්ත එකක්නෙ. කිසි කරදරයක් නැතිව කකා බිබී ඉන්නව.වයසක මනුස්සයන්ගෙන් කරදරේකුත් නෑ . තමන්ගෙ වැඩක් කරගෙන ඉන්නවා.

    වයසක කෙනෙක් කියන්නෙ අත්දැකීම් ගබඩාවක්.ලංකාවෙ හෙදියකුත් තමන්ගෙ අත්දැකීම් ගැන පොතක් ලිව්ව. හෙදියන් තමන්ගෙ රැකියාව තුලින් මොන තරම් අත්දැකීම් ලබනවද කියල හිතුන.පුදුම ජීවිතාවබෝධයක් ලබන්නෙ. මරනාසන්න පුද්ගලයො තමන්ගෙ රහස් ඒ හෙදියට කියනව කියන්නෙ තමන්ගෙ එකම හිතවතා විදියට.

    ReplyDelete
    Replies
    1. ///
      ඊශ්‍රායලයේ ජර්මන්කාරයො ගෙවල් හැදුව කතාව අපහැදිලියි./// ඒ කතාව පැහැදිළිව ලියන්නම්, කෙටියෙන් කිවුවොත් 1900 මුල් කාලේදී ජර්මනියේ හිටපු ක්‍රිස්තියානි අය විශ්වාස කළා යේසුස් වහන්සේගේ නැවත ඊම සිද්දවෙන්නේ ඊශ්‍රායලයට බව, ඒ වගේම ඒ පැමිණීමේදී තමුන් ඒ රටේ සිටිය යුතු බව එයාලා විශවාස කළා,, ඒ නිසා ඔවුන් කණ්ඩායම් විදියට ඇවිත් හයිෆා වරායට තරමක් ආසන්න ග්‍රාමීය ප්‍රදේශ වල කණ්ඩායම් විදියට ගෙවල් හැදුවා,, ඒත් පසුකාලීනව යුදෙවුවන් ඉස්රායලටය එන්න පටන් ගත්තට පස්සේ ඔවුන් ජර්මන් කාරයන්ගෙන් ගෙවල් ගත්තා,, ඔවුන් අපහු ජර්මනියට ගියා,, ඉදිරියේදි ඒ ගැන ලියන්නම්

      ඔව් අයියේ නිකන් කාකා බිබී තමයි ඉන්නේ ඒත් මානසිකව තියෙන පීඩනය නම් ඔයාට හිතාගන්න බැරි තරම්,, ලංකාවේ අහිංසක ආච්චිලා සීයලා වගේ නෙමේ මේ යුදෙව් මිනිස්සු හරිම සංකීර්ණයි,, එයාලගේ අව්ශ්‍යතාවල් ඔයාට හිතාගන්නත් බැරි තරම් වෙනස්,, වගකීම වැඩි,, ඇත්තටම ලේසි නෑ,,

      මං කලින් ලිපියක ලිවුවා මගේ අත්දැකීම් ,, මං හිතන්නේ ඒ ලිපියේ නම "අකාලයේ මිලින වූ සුලා,, මන් ලින්ක් එක දෙන්නම් කියවන්න,, මරණාසන්න කෙනෙක් සමග අත්දැකීමක් ඒකෙ ලිවේ

      Delete
  5. මොනවා හරි ලියපන්. මොකෝ මම බස්සිගේ එකේ කිව්වා වගේ.. උඹලා දෙන්නම ගෝඩ් ගිෆ්ටඩ් කෙල්ලෝ... මම දන්නේ නෑ ඒ ටැලන්ට් එන්නේ කොහෙන්ද කියලා.. මේවා හටි ලියහන්.. පෝස්ට් එකක් දැක්කත් සතුටුයි..

    අතීතය වැඩක් නෑ.. අද සහ අනාගතෙයි ගේම තියෙන්නේ..

    බරු කෂේම්...

    ReplyDelete
    Replies
    1. බ්ලොග් ලොව නියත විවරන දෙන මිනිසා මාතලන්.... අනිවා ලියමු මාත් ලියන්න ගන්නවා ආයිත්

      Delete
    2. හුරේ ,, නියමයි නලින් අයියේ

      Delete
    3. //බ්ලොග් ලොව නියත විවරන දෙන මිනිසා මාතලන්....//

      ඔවු, ඒක තමයි ඔක්කොම මාතලන් ට දීගෙනම ඉන්නේ. ලියන්නේ ඌට ඕන ඒවා. දරන්නේ ඌට ඕන දේශපාලන මතය.
      නැත්නම් බ්ලොගට පැවැත්මක් නැහැ.

      මානසික වහල්ලු

      Delete
    4. අනේද කියන්නේ මෙයා මාතලන් කියන්නේ මහ පුදුම මිනිහෙක් තමයි ඉදගෙන ..

      Delete
  6. බ්ලොග් කියවන පිරිස අඩු වෙනවද කියල මටත් වෙලාවකට හිතෙනව. කොහොම උනත් බ්ලොග් එක අප්ඩේට් කරන වැඩේ අත අරින්න එපා. අළුත් බ්ලොග් ලියන්න ඉන්න අයවත් දිරිගන්වන්න ඕනේ අපි. ඒක නෙවෙයි අර ජර්මන් කාරයෝ ඊශ්‍රායලයේ ගෙවල් හදපු කතාවයි හේතුවයි මමත් අදමයි ඇහුවේ. මෙහෙම අතීත කතාවක් උනත් දැම්මට කමක් නෑ අපට දැනගන්නාත් එක්ක.

    ReplyDelete
    Replies
    1. ස්තුතී අයියේ, ඒ ගැන විස්තරාත්මකව ලියන්නම් පසුව

      Delete
  7. මම මේ කල්පනා කලේ කවුද ඕමා කියන්නේ කියලා. නිකන් ලාවට වගේ මතකයි.

    ReplyDelete
  8. වෙල්කම් බැක් ටු බ්ලොග් ව්ර්ල්ඩ් ...

    ReplyDelete
    Replies
    1. කවුද මේ ඔටු පැටික්කි.....

      Delete
    2. අහා ඔටු පටික්කියෙක් ඇවිත් ...

      Delete
    3. මං ඉපනැල්ල ලියන සප්‍රි. දේසේ හැටියට බාසේ කියල නම එනස් කලා .

      Delete
  9. /ඒ වගේම එක මාසෙට ආච්චිලා තුන් දෙනෙක් මැරුණා මං ජොබ් එකට ගිහින් දවසෙන් දෙකෙන්/

    දැංවත් බ්ලොග් එකක් ලියාගෙන හිටියනං හොදයි කියලා හිතෙන් නැද්ද?/
    වැල් කං බැක් ඈ...

    ජ ය වේ වා !!!

    ReplyDelete
  10. ටිම්බර් ෆ්ලෝර් එකක් ටයිල් කරලා වෙන්නැති ඔමා ඇවිදිනකොට අල්මාරි සද්දවෙන්නෙ.. ආයෙත් ලියන්න පටන් ගත්ත එක ලොකු දෙයක්.

    ReplyDelete
    Replies
    1. ඔව් නේන්නම් ආච්චිගේ රූම් එකට ගියාමයි තේරුණේ ..thanks හොදේ දැන් බය නෑ එක යකෙක්ටවත්

      Delete
  11. එහෙනං හොල්මන් කතා තමයි ඉස්සරහට කියවන්න වෙන්නේ

    ReplyDelete
    Replies
    1. හා හා හා ,,, කොහොමත් හොල්මන් සීන් තමයි මල්ලි මට වෙන්නේ

      Delete
  12. අඩේ ඔය වගේ ගේක මට මාසයක් ඉන්න ලැබුනනම් මන් ලියනවා බං නියම කතාවක්.. දන්නවනේ ඉතින්..

    කෝම වුනත්, වෙල් කම් බැක්.. මොනා හරි ඕපදුපයක් වත් ලියපිය මේවයේ පාළු යන්නත් එක්ක..

    ReplyDelete
    Replies
    1. ගෙට හපන් දිනේෂ් ආච්චි, එයා ලෙක්චර් කෙනෙක් මාර දැනුමක් තියෙන්නේ ඉතිහාසේ ගැන

      Delete
  13. මං ගිය සතියේ කියවූ නවකතාව (Cinamon Gardens by Shyam Selvadurei) ගෙතී ඇත්තේ 1920 කාලයේ කොළඹ ප්‍රභූ සමාජය වටායි. කාලයත් සමග ලෝකය කොයි තරම් වෙනස් වී ඇත්ද යන්න පුදුම සහගතයි. මේ වගේම පොතක් තමයි පියදාස සිරිසෙනගේ විමලතිස්ස හාමුදුරුවන් ගේ මුදල් පෙට්ටිය.

    තව වසර සීයකින් අපේ බ්ලොග් කියවන අයට මොනවා නොසිතේවිද?

    ReplyDelete
    Replies
    1. මාත් ආසයි ඒ වගේ නවකතා කියවන්න,,හරියට ඔෂින් කතාව වගේ.කතාවට අමතරව ඒ හා සමගාමීව සමාජ තත්වය ආර්ථිකය ජනජීවිතය ගැනත් කියවෙන නිසා. ඒ වා කොච්චර වටිනවද කියලා තේරෙන්නේ පසුකාලීනව කියවන අයට. ඉස්කෝලේ යන කාලේ මීගමුව ගැන ලියවෙච්ච කතාවක් කියෙවුවා මතකයි නම මතක නෑ..

      අපිට හිතාගන්න බැරි වේවි ඒ කාලේ අය මේවා බලලා මොනා හිතයිද කියලා. ස්තුතී කාකා

      Delete
  14. මාත් බ්ලොගේ මකුලු දැල් කැඩුවා. ;)

    වරෙන් ලියමු.
    අල්මරිය ඇරලා හොල්මන් කතාවක් හොයලා ලියපං ඉස්සෙල්ලම

    ReplyDelete
    Replies
    1. එලස් බන් බලමු ඈ මාත් උඩ දාන් ආවට ලියන්න පටන් ගන්න ඒකනේ අමාරු,,

      Delete
  15. හම්බේ ආවා මදෑ අතප්පයක් නොකැඩි. ඉතිං ලිය ලිය විජහට!

    ReplyDelete
    Replies
    1. ඔව් පහුගිය ටිකේ මදාවි කවි කියෝලා ඉල ඇදිලා තියෙන්නේ, අතක් පැයක් වගේද කොන්දක්

      Delete
  16. මිස් ඔමා.. (මිසිස් නම් සමාවෙන්න හොඳේ) ඔයා නිදි අතරේ මේ පැත්තෙ ආපු පොඩි කොල්ලෙක් මමනම්.. හැබැයි හැමෝම කියනව ඔයා ගැන මෙයා.. ඉතින් ඕං අපිත් ඇවිත් බැලුවා.. එහෙනම් දිගටම ලියමු අපිටත් කොමෙන්ටෙකක්වත් කොටන්න.. ජය ශ්‍රී!

    ReplyDelete
    Replies
    1. යකෝ මහියංගනේ මී පැණි වලට ප්‍රසිද්ධ මේ තරමට බදුල්ලෙ මීමැස්සො ඉන්න නිසාද?

      ඔයා උප්දින්න කලින් පොඩි කොල්ලෙක්වෙලා හිටපු මම කියල ඔය ටයිපින් මිස්ටෙක් එක හරිගස්සහන්.

      Delete
    2. ඔව්වොව්.. බදුල්ලේ මී මස්සෝ යනවා වද බඳින්න මහියංගනේ.. දැන් පාරත් හදලනේ පළලට.. අනේ යකෝ.. (සැක් මදැයි ශේප් එකේ ඩීසන්ට් පිට වැඩක් ගොඩ දා ගන්න හැදුවා.. කොහෙද මුං එක්ක..) මේ වරහන් ඇතුලෙ ලියන ඒවා ඔමා නංගිට පේන්නේ නෑ නේද?

      Delete
    3. //ඔයා උප්දින්න කලින් පොඩි කොල්ලෙක්වෙලා හිටපු මම කියල ඔය ටයිපින් මිස්ටෙක් එක හරිගස්සහන්.// හි හි පව් ඉන්දිකයියේ .

      නෑ නෑ වරහන් අතෑරලා මං කියවන්නේ .. ඔයා මයියන්ගනේද අප්පා,, :(

      Delete
    4. තැන්ක්ස් කල්‍යාණ මිත්‍ර ,මගේ හීන අඩවියට ආදරෙන් එකතු කරගන්නවා ඔයාව

      Delete
    5. //ඔයා මයියන්ගනේද අප්පා,, :(// මහියංගනේ කිව්වට මහියංගනේම නෙවෙයි..ඊට සුට්ටක් එහා දඹානේ..

      අවුලක් නෑ.. මෙහෙටත් දැන් වයි ෆයි තියෙනවා..

      Delete
    6. හි හි හි නියමයි එච්චරයි අඩු වෙලා තිබ්බේ බ්ලොග් ලෝකෙට , දැන් හරි

      Delete
  17. මොකට ආවද මන්දා මේ යක්ෂනි...

    ReplyDelete
    Replies
    1. පෙනේද ඉරිසියාකාරකම .. දෙහිගෙඩි තුනක් නුලක දාලා මිරිස් කරල් එක්ක එල්ලන්න ඕනේ බ්ලොගේ ඉස්සරහා

      Delete
    2. කෙන්ජට කිව්වනං දෙහි ගෙඩි දෙකක් එක්ක මිරිස් කරලක් එල්ල තියයි..හැක්

      Delete
  18. හොල්මන් ගෙයක් වගේ තමයි.

    ReplyDelete
    Replies
    1. ඔව් අයියේ .ඒත් මට පුරුදුයි

      Delete
  19. අහ් ඔය ඉන්නෙ ආපහු.... ලිය ලිය...
    මේක බෝරින් වෙලා දැං ඉදහිට මරාගන්න එකෙක් වත් නැතිව
    වෙල්කං බැක්

    ReplyDelete
  20. ආආආආආ......... උයා ඇවිල්ල.........
    තතුටුයි අනී ...........
    මම අලි පාආආආආ ලුවෙන් උන්නෙ :) :)

    ReplyDelete
    Replies
    1. අනා ඇත්තද ,, ඒනම් ඉතින් ඔබතුමාත් ලියන්න කෝ හෙට අනිද්දා අලුතෙන් මුනාහ්රි,, එෆ් බි එකේ නංගි බබාලා හුරතල් කරා ඇති ඉදගෙන :3

      Delete
    2. කෙන්ජයියගේ උගුරෙ මුද්දක් හිරවෙලාද කොහෙදෑෑෑෑ

      Delete
    3. ++++++++++++++++++++++++++++++++++

      :) :) :) :) :) :) :) :) :) :) :) :)

      Delete
  21. ඇවිදිද්දී අල්මාරිය හෙල්ලෙනවද ? බොල ඒ පොලොව හෙල්ලෙන්නේ , උඹ ආපහු තප්පදොරුව වගේ මහත් වෙලා ඇති පොළොවකට ඔරොත්තු දෙන්න පුළුවන් ද ඔය බර ?

    මොකක් හරි ලිව්වනේ අන්තිමට එහෙනං. ඔන්න ජය වේවා .. ලියපිය දිගටම ,

    ReplyDelete
    Replies
    1. (ඩෙවිල් ඉමෝසන් එක ඈ ) හම්මේ හා හරි හරි

      Delete
  22. ඔමා පට්ට ඉස්පොට් ඒකක් නෙවැ.... අල්මාරිය කරදරයක් නම් නැවක දාලා මෙහාට ඒවන්න.... අපි තියාගන්නම්......

    ReplyDelete
    Replies
    1. මගේ ඇදුම් ටික දාන්න ඔහේගේ අල්මාරිය DHL කරනෝද මට

      Delete
  23. ඒයි.......................ඔය ගෙදර හදපු ජර්මන් කාරයා මමයි. මම දැන් බූතයෙක් වෙලා ඉන්නේ...............මට ඕනේ කාගේ හරි බෙල්ල මිරිකන්න..........................අර කබඩ් එකේ තමා මම ඉන්නේ.......................දවල්ට මම කුරුල්ලෙක් වෙලා ඔය ගෙදරට උඩින් යන අර වයර් එකේ වහලා ඉන්නවා......................බුහ්.........හඃ ...හඃ..හාහ්............හාහ්..............හා...................

    ReplyDelete
    Replies
    1. හි හි හි මං මේ ටිකේ ඔය කුරුල්ලෝ එලවන්න මාර ට්‍රයි එකක් දෙන්නේ,, ඔයා දන්නවද විචරාක තුමණි පරවියන්ව එලවන මොනාහරි ක්‍රමයක්

      Delete
    2. ඔහේ ඇතිනේ වායු රයිෆල් air gun බොහොම අඩු මිලට. එව්වා එකක් ඇන්න දුන්නනම් ඉවරයි වැඩේ.

      වඩාත් දියුණු ක්‍රමය:- පරෙවියන්ව බයගන්වන හඬ නිකුත් කරන විදුලි උපකරණ electronic twitters වෙනදපොලේ ඇති. හොයලා බලන්න.

      Delete
    3. thanks විචාරක තුමණි ඔත්තුවට ,, පරවියෝ මාර තොගයක් ඉන්නේ එපා වෙනවා හැමදාම ක්ලින් කරන්න ඕනේ,,

      Delete
    4. ඔමා මේං කරනවානං වැඩක්.
      http://madhumadhavi135.blogspot.com/2015/01/blog-post_12.html

      Delete
    5. හම්මේ උබ නම් යකෝ,, ඊයා :D

      Delete
  24. හරි බලමු කව්ද දෙවැනි එක ඉක්මනට දාන්නේ කියලා

    ReplyDelete
    Replies
    1. මැලේ රාල : අපෝ මල්ලි බබෝ ඔයා ලියුවේ මට කලින්නේ පළවෙනි එක,,

      Delete
  25. වෙල්කම් බෑක් යකූ

    ReplyDelete
  26. ජර්මන් කාර්යෝ ඊශ්‍රායලේ ගෙවල් හදපු කතාව විස්තර කලාට ස්තුතියි.

    ඔයා වැරදීමකින් වත් ඔය වයසක අයගේ ඔක්සිජන් බටේ උඩ හිටගෙන කතාකරකර ඉන්නවද කියලා පොඩ්ඩක් හොයලා බලන්න.

    ReplyDelete
    Replies
    1. dude: මං කලින් හිටියේ ටෙලවීව් වල, එහෙ තියෙන්නේ බිල්ඩින් වාහන මිනිස්සු විතරයි රටක් ගැන ,සමාජක්‍රමයක් ගැන ඉතිහාසයක් ගැන ඉගෙන ගන්න දෙයක් ඒ නගරේ නෑ,, සල්ලි නම් හොයන්න පුළුවන්,, ඒත් මන් ඊශ්‍රායලයට ආවේ සල්ලි හොයන්න මූලික අරමුණ ඇතුව නෙමේ යමක් ඉගෙන ගන්න තිබ්බ ආසාව නිසා,, පහුගිය මාස කීපයේ මන් මේ රටේ වටේම ඇවිද්දා,, ලෝකේ කොහෙවත් නැති ආකාරයේ මිශ්‍ර වෙච්ච සංස්කෘතියක් මෙහෙ තියෙන්නේ,,, ජර්මන් කාරයෝ හදපු ගෙවල් වගේම ලෝකේ රටවල් සීයකට වඩා ප්‍රමානෙක ඉදලා මේ රටට ආපු යුදෙවුවෝ ගෙනාපු නානාප්‍රකාර සංස්කෘතියක් මෙහෙ තියෙනවා,, ඉදිරියට ඒ ගැන ලියන්නම්

      Delete
    2. ටෙල් අවීව්, බීර් ශෙවා, හයිෆා.. අවුරුදු 15කට විතර කලින් ගිහින් තියෙනව දවස් තුනකට.. ඩෝරා (Israel Super Dvora) එකක් ගේන්න IAI Ramta එකෙන්.. දැන්නම් මොකුත් මතක නෑ.. :(

      Delete
    3. හම්මේ දඹානේ හිටියට එසේ මෙසේ පොරක් නෙමේ,, බීර් ෂෙවා නෙමේ,,, බෙයර්ෂෙවා .. ගාසා කිට්ටුයි එහෙට.

      Delete
  27. ඔමා අක්ක සයිලන්ට් කාලෙ තමයි ඔන්න මාත් ආවෙ... ලියමු අක්කෙ එහෙනම්...

    ReplyDelete
    Replies
    1. ඔයාවත් ආදරෙන් එකතු කරගන්නවා මල්ලි,, සෙට් වෙලා ලියමු එහෙනම්,,

      Delete
  28. කම්මැලි නැතිව කියවන්න පුලුවං බ්ලොග් නෙව මේවා... ලියන්න.. අපට බලන්න.... :)

    ReplyDelete
    Replies
    1. ලියන එකා කම්මැලියෙක් හොදේ , ගස්ලබ්බවත් මගේ හීන අඩවියට ආදරෙන් එකතු කරගන්නවා

      Delete
  29. හම්මේ කාලෙකින් ඔන්න අපිත් ගොඩවැදුනා....

    ලියමු ලියමු...අපිටත් කියවන්න බැරියැ ...

    ReplyDelete
    Replies
    1. කිවුවට වැඩකරු වගේ තාම ලියාගන්න බැරුව හිටියේ

      Delete
  30. අපේ ඔෆිස් එකේ අංකල් කෙනෙකුත් ලබන සතියේ ඊශ්‍රායලේ යනවා.ශුද්ධ දේශය බලන්න එයාගේ වයිෆ් එක්ක.ඊශ්‍රායල් කියන්නේ සැගවුණු කතන්දර ගොඩක් තියෙන ලස්සන රටක්.

    ReplyDelete
    Replies
    1. ඔව් මනෝජ්, පුංචි රටක් වුණාට ලෝකේ තියෙන හැම සංස්කෘතියක්ම මේක ඇතුලේ තියෙනවා,, හිතාගන්න බැරි තරම් රහස් හැංගිලා තියෙනවා,, එයාලා වාසනාවන්තයි මෙහෙ ඇවිත් යනවනම්

      Delete
  31. නැවත ආ එක සතුටක්. අපුර්වී කියන්නේ සිංහල බ්ලොග් ලෝකයට ලැබුණු අපූර්ව තිළිණයක්

    ReplyDelete
    Replies
    1. ස්තුතී තිලක සිත.. කම්මැලි කම එක්ක මොකුත් කරගන්න බැහැනේ අයියේ ,දැන් නුහුරුයි වගේ ලියන එකත්

      Delete
  32. කොමෙන්ට් ටික කියෝලා හිනා වෙලා මලා ඕයි.

    වෙල්කම් බෑක් වේවා!!

    ReplyDelete
    Replies
    1. දන්නවා නේ බස්සි අපේ සෙට් එක අහින්සකයෙක්ට හිනාවෙන්න මොනාහරි පොටක් අල්ලගන්න කට්ටියනේ හි හි තැන්ක්ස් ඈ

      Delete
  33. APOI AWITH BOMBE kenjiya th iwari naliyath iwari aye,

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් ඇනොලත් ඉවරයි ඈ

      Delete
  34. කාලෙකට පස්සේ බ්ලොග් එකේ පොස්ට් එකක් දැක්කත් සතුටක් :) එලද බ්‍රා කිවුවලු දිගටම ලියනවනම් යහපත් :)

    ReplyDelete
  35. ආගමනයට තන්තෝසයි..තන්තෝසයි ඈ...!

    ReplyDelete
  36. සතුටයි ආයිමත් ලියන්ඩ පටන්ගත්ත එක ගැන, මේ තරම් සුන්දර විඳින්ඩ දේවල් තියන රටක අවුරුදු ගානක් තිස්සේ විදිනවා වෙනුවට විදවන්ඩ වෙලානෙ.. වෙනද වගේම හරවත් අකුරු කෙරුමක්..


    ReplyDelete
    Replies
    1. susil @ http://omageheena.blogspot.co.il/2015/02/living-together-in-destroyers-paradise_26.html මේක කියවන්න

      Delete


ලිපිය කියවා කොමෙන්ට් නොකලත් කමක් නැහැ.. කමෙන්ට් කලොත් සතුටුයි. ලිපිය කියවන්නේ නැතුව කොමෙන්ට් කරන්න එපා.
අපුර්වි_


,නිතරම යහපත කරන්න...,සතුට සැනසිල්ල හැමදාම ඔයාලග රැදේවි,,දෙවිපිහිටයි,

Related Posts Plugin for WordPress, Blogger...