Sunday, March 29, 2015

මා දුටු නාසරෙත් නුවර දෙවනි කොටස | St. Joseph's Church, and Old synagogue


නාසරෙත් හි පිහිටි විශාල බැසිලිකා දේවස්ථානය සහ ආ මග විස්තර ඔයාලට මතකනේ.
බැසිලිකා දේවස්ථානය ඉදිකරලා තිබුණේ  යේසුස් වහන්සේගේ මවවූ  මරියා ජීවත්වුණායයි ජනප්‍රවාදයේ කියවෙන භූමී ප්‍රදේශය තුළ .

 ඊළගට අපි යමු එම භූමියේම මීටර් කීපයක්  උතුරට වෙන්න ඉදිකරලා තියෙන  ශාන්ත ජෝශප් දේවස්ථානය බලන්න. 

පහත  රූපයේ  ආකාරයට නව දේවස්ථානය  ඉදිකර තිබෙන්නේ  1914 නව රෝම ගෘහනිර්මාණ ශිල්පය අනුව (Neo Romanski style). මෙම දේවස්ථානයත් බැසිලිකා දේවස්ථානය වගේම පොළව මට්ටමේ ඉදිකර තිබෙන්නේ පුරාතණ සැබෑ දේවස්ථානයේ නස්ථාවශේෂ් ආරක්ෂා වෙන විදියට. 


ශා.ජෝශප් දේවස්ථානයේ බාහිර පෙනුම 
යේසුස් වහන්සේගේ පියා වූ යෝසේප්ගේ වඩු මඩුව යැයි සැළකෙන  
ස්ථානය තුළ ක්‍රිස්තු වර්ෂ පළමුවන සියවසේ ඉදිකළ දේවස්ථානයට ඇතුල් වෙන්න තිබෙන්නේ නව දේවස්ථානය තුළ ඉදිකර තිබෙන බිංගෙය තුළට පිවිසීමෙන්.
මෙම ස්ථානයත්   වරින්  වර  ඉදිකිරීමට  සහ  බිඳ වැටීමට බඳුන් වෙච්ච තැනක්.. 

නැගෙනහිර රෝම අධිරාජය (Byzantine) ගෘහ නිර්මාණයට අනුව ඉදිකෙරුණු  මුල්  දේවස්ථානයේ  ගරාවැටුණු නටබුන් මත  නැවත 12 වන සියවසේදී කිතුණු භක්තිකයන් විසින් නව දේවස්ථානයක් ඉදිකර තිබෙනවා.  නැවත 13 වන සියවසේ නාසරෙත් නුවර අරාබින් විසින් අත්කර ගැනීමෙන් පසුව සියවස් ගණනාවක් පාළුවට හැර තිබෙනවා.

ඇතුළත 

දේවස්ථානයේ වහළය සම්පුර්ණ ලීවලින් නිම කර තිබෙන්නේ මේ ස්ථානයේ පිහිටි යෝසේප්ගේ වැඩපළ සිහිකරණු පිණිස විය හැකියි. 

Thursday, March 26, 2015

මා දිටි නාසරෙත් නුවර Basilica of the Annunciation -1

ඊශ්‍රායලය ගැන අහලවත් දන්නෙවත් නැති කාලේ කියවලා තිබ්බා යේසුස් වහන්සේ හැදුණේ වැඩුණේ නාසරෙත් නුවර කියලා..ඒ වගේම මේවා ඇත්තද ,,, බොරු වෙන්ටෑ කියලත් හිතුණා...යේසුස් වහන්සේගේ පියා වඩුවෙක් නිසා යේසුස් වහන්සේත් වඩුවෙක් කියලා බයිබලය තුල කියවා තිබුණා...
උන්වහ්සේ තරුණ කාලේ සිනගෝගයේ උගන්වද්දී
"මේ අර වඩුවගේ පුතා නේද ?" "මෙච්චර මොළයක් කොහෙන්ද මේකට ", විකාර " ඔය අර මරියගේ පුතා" කියලා මිනිස්සු කීවා කියලා ශු.බයිබලයේ ලුක් පොතේ 13:54 ,55 යන පදවල සඳහන් වෙලා තියෙනවා...ඒ කාලේ මිනිස්සුත් 
අපේ කාලේ වගේ තමයි මනුෂ්‍යයෙක් දිහා බලන්නේ කෙළින් පුද්ගලයා දිහා නෙමේ වටපිටාවත් එක්කමයි..හ්ම්ම්... ඕවා මතක් කර කරා ඕන් මං ගිය සෙනසුරාදා නාසරෙත් නුවර ගියා මෙවුවා මගේම ඇස් දෙකෙන් බලන්න...ජේසුස් වහන්සේ ඇවිදපු පොළවේ ඇවිදින්න, ඒ හුස්මගත්ත වටපිටාවේ හුස්ම ගන්න..ෆොටෝ ටිකක් අල්ලන් එන්න :) 

එහෙනම් යන් මාත් එක්ක නාසරෙත්.........

අපේ ගෙදර ඉදන් නාසරෙත් යන්න තියෙන පාර හරිම ලස්සනයි පාර දෙපැත්තේ ලස්සන කඳු යායවල්,,වින්ටර් එකේ අග හරියේ තද කොළ පාට තිරිඟු යායවල් ,බැලු බැලු හැම පැත්තේම කහපාට පුංචි මල් ගස්... ඒ මල් ගස් ගැන මට කවුරුන් හෝ කවදා හරි කියාදුන්නා ඒ වගේ නිකම්ම පොළවෙන් මතුවෙලා කහපාට මල් පිපෙන පොළවක් හිමි රටකට දෙවියන්ගේ ආශිර්වාදය හිමියි කියලා.. මේ වෙද්දී මං රටේ පහළම කොටස වන "එලාත්" හැරුණු කොට මුළු ඊශ්‍රායලයේම වගේ ගිහින් තියෙනවා ඒ හැම වටපිටාවකම ඉබේ වැවිලා තියෙන පැළෑටි වල මල් කහ පාටයි.... 

මේ කඳු වැටිය ගැන වෙන දවසක ලියන්නම් .රතු පාටින් රවුම් කරලා තියෙන්නේ දුරින් පේන
නාසරෙත් වලට ඇතුල් වෙන උමං මාර්ගයේ පිවිසුම 
Hartavor කියන කන්ද (הר תבור) නාසරෙත් වලට යන පාරේ දකුණු පැත්තෙන් තියෙන්නේ.
මං ෆෝන් එකෙන් ගත්ත ෆොටෝ එකක් මේ.. මේ කන්ද ගැන ලියන්නම් උඩින් තියෙන කඳු වැටිය සහ කර්මෙල් කන්ද ගැන විස්තරත් එක්කම.. ඒකට හේතුව මේ කන්ද මුදුණේ තියෙන  ලස්සන දේවස්ථානය සහ ඉතිහාස කථාව නිසා.(පහළ රූපය)

Tuesday, March 17, 2015

අනාරක්‍ෂිතව හැසිරී විදුහල්පතිට අසුවීමි

ඔයාලට මතක ඇති කාළෙකට කළින් ලියපු පෝස්ට් එක ඉස්කෝලෙන් කට්ටි පැනලා අත කඩාගත්ත හැටි . ඒ කාලේ මට හිටියා හෙනම ෆිට් යාළුවො සෙට් එකක්.. 
ඉස්කෝලේ දහය එකොළහ පංති වලට එනකල්ම මට හිටියේ මට වඩා බාල යාළුවො .එයාලා ඔක්කොම අවුරුදු හත දොළහ වගේ වයස් වල. ඒත් සාමාන්‍ය පෙළින් පස්සේ උසස් පෙළට වෙන ඉස්කෝලෙකට යන්න පටන් ගත්තට පස්සේ මං තනි වුණා..

ඒ අවුරුදු දෙක පුරාම යාළුවො හිටියත් අර වගේ හොර ,මැර වැඩ කරන්න ,පන යනකල් හිනාවෙන්න සෙට් වෙන සයිස් කවුරුත් හම්බුන් නෑ..
අනේ මන්දා උසස් පෙළ පංති පටන් ගත්ත දවස් වල ඉදලම අපේ පංතියේ බහුතරයක් ළමයි හිටියේ හෙට විභාගේ ලියන්න සයිස් එකේ මුණු එක්ක..ශික් මට නම් එපාම වුණා.ඒත් ක්ලාස් එකේදී සෙට් වුණා නියම යාළුවො සෙට් එකක්.

ඒ දවස් වල අපේ කෙමෙස්ට්‍රි ක්ලාස් එක මාසයක් විතර සර්ට විභාගයක් තිබ්බ නිසා ටිකක් පරක්කු වෙලා පටන් ගත්තේ ඉවර වුණෙත් රෑ 8 ට. ඉතින් ඔය දවස් ටිකේ මගේ එක යාළුවෙක්ගේ බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙකුත්  හැමදාම එනවා කෙල්ලව එක්ක යන්න මිනුවන්ගොඩ බස්ටෑන්ඩ් එකට.(දැන් එතන කඩලා බස් ටෑන්ඩ් එක පොළ පැත්තට ගෙනියලා )
ඒ කාලේ මොන රෑ වුණත් රතුපාට CTB එකක් එනකල් අපි හෙල්ලෙන් නෑ බස්ටෑන්ඩ් එකෙන් .....හැමදාම සීසන් ගන්නේ නැති ප්‍රයිවෙට් බස් වල යන සෙට් එක අපිට හු කියන් යනවා ...හි හි වුන් දන්නේ නෑ සීසන් එකේ යද්දී තියෙන මෙවුවා එක..
.
.
ඔන්න දවසක් අපේ පංතියේ ළමයි ටික පේළියට යනවා පොතුත් අරන් ෆිසික්ස් ලැබ් එකට  හරිම පිළිවෙලට...බලද්දී ප්‍රින්සිපල් පේන තෙක් මානේ ඉන්නවා අත්දෙක පිටිපස්සට කරලා බැඳගෙන ලෝඩ් වගේ.. ළමයි දන්නවා එයා එහෙම නැවතිලා බලන් ඉන්නේ කුරුමාණමකට බව.. එයාව ඒ ඉරියව්වෙන් දකිද්දී  සතියක් දෙකක් ආපස්සට අපේ පෙරවැරදි අනම් මනම් තියෙනවද කියලා ස්වයං කුයික් ස්කෑන් පාරක් දාන්න අපි අමතක කරන්නේ නෑ. මං එහෙමවත් කරේ නෑ නොර්මල් එකේ ගියා හරිම විනීත පියකරු විදියට පොළවට සමාන්තරව  ඇස් මට්ටමේම ඉස්සරහ බලාගෙන ...

"ඔය ළමයට මෙහාට එන්න"

Tuesday, March 3, 2015

coffe with loving boyfriend.



ඊයේ අපි  දෙන්නා පළවෙනි වතාවට එකට කෝපී බිවුවා. එයා කෝපි හැදුවා මං බලන් හිටියා. කෝපී, සීනි, වීදුරු, හැඳි පිළිවෙලට තියලා කෝපි හදන්න වතුර උණුවේගෙන එද්දී එයා එක වීදුරුවකට දැම්මා පුරෝපු ලොකු කෝපි හැඳි දෙකක් ..මගේ ඇස් නළලේ

 ...ඊට පස්සේ මගෙන් ඇහුවා
  "how much do you want beby" 
හම්මේ මං තේ හැන්දෙන් බාගයයි කිවුවා. එයා කෝපි
දාලා උණු වතුර දාන්න ලෑස්ති උණා,
මං ඇහුවා sugar ?
එයා මට සොරි කියලා සීනි හැඳි බාගයක් දාලා ආයේ වතුර දාන්න ලෑස්ති වුණා, මං කිවුවා මට පුරෝපු සීනි හැඳි 2ක් ඕනේ කියලා.. එයා ආයෙම හැඳි එකාමාරක් මගේ වීදුරුවට දැම්මා, සීනි බෝතලේ වැහුවා,
එතකොට මං දැනගත්තේ එයා සීනි දාලා කෝපී බොන්නේ නෑ කියලා... 
ඊට පස්සේ එයාගේ කෝපී වීදුරුවෙන් කාලක් වෙන්න උණුවතුර දාලා මගේ කෝපි එකටත් ඒවගේ උණුවතුර ප්‍රමාණයක් දැම්මා...
"I want more water"
 මං අතින් පෙන්නුවා  වීදුරුවේ කටට වඩා සෙන්ටිමීටරයක් වගේ පහලට එනකල් දාන්න කියලා...

හම්මේ අපි දෙන්නගේ කෝපී දෙකේ වෙනස අහසට පොළව වගේ,,,එයා සිගරැට් එකක් එක්ක කෝපි එක මාර ෆන් එකේ බිවුවේ, මාත් මගේ කෝපී එක උපරිමයෙන් රසවින්ඳා....චොක්ලට් කේක් එක්ක.
ඒත් බොනකල් මං කල්පනා කලේ එයාගේ කෝපී එක මට කටට ගන්න බැරි තරම් තිත්ත ඇති කියලා...
  කෝපී ගොඩායි....
සීනිත් නෑ,වතුර ටිකායි .... 
එයත් හිතුවද දන්නේ නෑ
කෝපි ටිකායි..
වතුර ගොඩායි,,,සීනි ගොඩායි...
කටට ගන්න බැරි පැණිරස, 
උණුවතුරයි සීනියි මේ කෙල්ල  කොහොම බොනවද කියලා  .....

 පුංචි කෝපී කෝප්පෙක අපි රස විඳින විදිය ඔච්චරටම වෙනස් නම් කවදාහරි එකට ජිවත් වෙද්දී අපි අපිට කොච්චර නම් understanding වෙන්න ඕනෙද කියලා,,,  ඊයේ නින්ද යනකල්ම මං කල්පනා කළා ...

ජිවිතේ රස විඳින විදිය,,සතුට වැඩිකරගන්න විදිය අපි අපිම හොයාගෙන මේ ජිවිතේ ජිවත් කරවන්න ඕනේ කියලා හිතාගෙන දිග හුස්මක් ඉහළට ඇදලා දඩස් ගාලා පහතට දාලා තොල් උල් කරන් මොබයිල් එකෙන් සෙල්ෆි ගන්න ඇක්ෂන් එක දදා වටපිට බලද්දී ඔරලෝසුව දැක්කේ  .. අපෝ  තාම හය හමාරයි තව ටිකක් නිදාගන්න ඕනේ..


.........................................
ප/ලි
understanding කියන වචනය අවබෝධය, එකඟකම,බුද්ධිය,වැටහීම,සංවේදී වීම,විශ්වාසය කියන සිංහල වචන සේරගේම තේරුම කැටි වෙන්නයි ඉන්ග්ල්සි වලින් ලීවේ

කපල් එකක්  කෝපි බොනවා tv එකේ දැකලා ලියන්න හිතුණේ.

මගේ ප්‍රියතම කෝපි වර්ගය නම් ..turkish coffee. 
එළියට ගියොත් බොන්න ආස nescafe Cappuccino එකක්... හම්මේ  ක්‍රීම්  සස ...


,නිතරම යහපත කරන්න...,සතුට සැනසිල්ල හැමදාම ඔයාලග රැදේවි,,දෙවිපිහිටයි,

Related Posts Plugin for WordPress, Blogger...