Thursday, March 26, 2015

මා දිටි නාසරෙත් නුවර Basilica of the Annunciation -1

ඊශ්‍රායලය ගැන අහලවත් දන්නෙවත් නැති කාලේ කියවලා තිබ්බා යේසුස් වහන්සේ හැදුණේ වැඩුණේ නාසරෙත් නුවර කියලා..ඒ වගේම මේවා ඇත්තද ,,, බොරු වෙන්ටෑ කියලත් හිතුණා...යේසුස් වහන්සේගේ පියා වඩුවෙක් නිසා යේසුස් වහන්සේත් වඩුවෙක් කියලා බයිබලය තුල කියවා තිබුණා...
උන්වහ්සේ තරුණ කාලේ සිනගෝගයේ උගන්වද්දී
"මේ අර වඩුවගේ පුතා නේද ?" "මෙච්චර මොළයක් කොහෙන්ද මේකට ", විකාර " ඔය අර මරියගේ පුතා" කියලා මිනිස්සු කීවා කියලා ශු.බයිබලයේ ලුක් පොතේ 13:54 ,55 යන පදවල සඳහන් වෙලා තියෙනවා...ඒ කාලේ මිනිස්සුත් 
අපේ කාලේ වගේ තමයි මනුෂ්‍යයෙක් දිහා බලන්නේ කෙළින් පුද්ගලයා දිහා නෙමේ වටපිටාවත් එක්කමයි..හ්ම්ම්... ඕවා මතක් කර කරා ඕන් මං ගිය සෙනසුරාදා නාසරෙත් නුවර ගියා මෙවුවා මගේම ඇස් දෙකෙන් බලන්න...ජේසුස් වහන්සේ ඇවිදපු පොළවේ ඇවිදින්න, ඒ හුස්මගත්ත වටපිටාවේ හුස්ම ගන්න..ෆොටෝ ටිකක් අල්ලන් එන්න :) 

එහෙනම් යන් මාත් එක්ක නාසරෙත්.........

අපේ ගෙදර ඉදන් නාසරෙත් යන්න තියෙන පාර හරිම ලස්සනයි පාර දෙපැත්තේ ලස්සන කඳු යායවල්,,වින්ටර් එකේ අග හරියේ තද කොළ පාට තිරිඟු යායවල් ,බැලු බැලු හැම පැත්තේම කහපාට පුංචි මල් ගස්... ඒ මල් ගස් ගැන මට කවුරුන් හෝ කවදා හරි කියාදුන්නා ඒ වගේ නිකම්ම පොළවෙන් මතුවෙලා කහපාට මල් පිපෙන පොළවක් හිමි රටකට දෙවියන්ගේ ආශිර්වාදය හිමියි කියලා.. මේ වෙද්දී මං රටේ පහළම කොටස වන "එලාත්" හැරුණු කොට මුළු ඊශ්‍රායලයේම වගේ ගිහින් තියෙනවා ඒ හැම වටපිටාවකම ඉබේ වැවිලා තියෙන පැළෑටි වල මල් කහ පාටයි.... 

මේ කඳු වැටිය ගැන වෙන දවසක ලියන්නම් .රතු පාටින් රවුම් කරලා තියෙන්නේ දුරින් පේන
නාසරෙත් වලට ඇතුල් වෙන උමං මාර්ගයේ පිවිසුම 
Hartavor කියන කන්ද (הר תבור) නාසරෙත් වලට යන පාරේ දකුණු පැත්තෙන් තියෙන්නේ.
මං ෆෝන් එකෙන් ගත්ත ෆොටෝ එකක් මේ.. මේ කන්ද ගැන ලියන්නම් උඩින් තියෙන කඳු වැටිය සහ කර්මෙල් කන්ද ගැන විස්තරත් එක්කම.. ඒකට හේතුව මේ කන්ද මුදුණේ තියෙන  ලස්සන දේවස්ථානය සහ ඉතිහාස කථාව නිසා.(පහළ රූපය)

ඔය මග විස්තර.. දැන් යන් නාසරෙත්.

Church of the Annunciation(Basilica of the Annunciation) තමයි නාසරෙත් වල තියෙන කිතුණුබැතිමතුන්ගේ දේවස්ථානය. වර්ථමානයේ විශාල බැසිලිකා දේවස්ථානයක් විදියට ගොඩනගලා තියෙන Annunciation චර්ච් එක හතර වන සියවසේ මැද භාගයේදී   Constantine අධිරාජයා විසින් ඉදිකරපු බව සඳහන්, යේසුස් වහන්සේගේ මව වූ මරියා ජීවත්වූ නිවස අවට ප්‍රදේශය ලෙස හඳුනාගත් ප්‍රදේශය තුළ කුහරයක් ආකාරයට ගුහාවක් තුළ සිද්ධස්ථානය සහ පුජාසනයක් (altar) ඉදිකර තිබෙනවා.. පසු කාළීනව 7 වන සියවසේදී මුස්ලිම් ආක්‍රමණයත් සමග සිද්ධස්ථානය විනාශවී තිබෙනවා...
( ලෝකේ පුරාම සියළුම ආගම් ,ජාතීන් ඉස්සරහ ට ගමන් කරද්දී ස්ලාමය  විතරක් විනාශකරමින් ආපස්සට ගමන් කරන එක හිතාගන්න බැරිදෙයක් )
නව බැසිලිකා දේවස්ථානය ගූගල් එකෙන් ගත්ත පින්තූරය.

මං ගත්ත පින්තුරය. පල්ලිය ගොඩක් උස නිසා ෆොටෝ ගන්න එක හරිම අමාරු වැඩක්, පැනොරමික් හැර වෙන විදියකට ගන්න බැහැ.පිවිසුම් ගේට්ටුව සහ පල්ලිය අතර තියෙන දුරේ ප්‍රශ්නය නිසා මං හිතන්නේ.

නැවත කුරුස යුද්ධ සමයේදී නැගෙනහිර රෝම අධිරාජ්‍යට අයත් ගෘහ නිර්මාණ ශිල්පින් අළුතෙන් ගොඩනගන්න පටන්ගත්තත් සම්පුර්ණ කරන්න හැකිවෙලා නැහැ.. Byzantine (නැගෙනහිර රෝම අධිරාජ්‍යට අයත් ) ගෘහ නිර්මාණ වලට අයත් නටබුන් අදත් දකින්න පුළුවන්.. අළුත් බැසිලිකා දේවස්ථානය ඉදිකරලා තියෙන්නෙත් ඉපැරණි දේවස්ථානය මතම වුවත් පැරණි ඉදිකිරීම් වලට කිසිම හානියක් නොවෙන්න තමයි කරලා තිබ්බේ.
දේවස්ථානයේ පහළ  සංරක්ෂණය කරලා
තියෙන ඉපැරණි නටබුන්(මා ලබාගත් ජයාරූප) 


ක්‍රි.ව 1260 දී නැවත වරක් මේ සිද්ධස්ථානය විනාශ වෙලා තියෙනවා... වර්ථමාන ඊශ්‍රායලය එවකට පලස්තීනය වෙලා තිබ්බ මේ ප්‍රදේශය නිතරම සතුරු ප්‍රහාර නිසා විනාශ වෙමින් ආයේ ඉදිවෙමින් තමයි වර්ථමානය දක්වා ඇවිත් තියෙන්නේ... වර්ථමානයේ ඉදිකර තිබෙන මේ විශාල බැසිලිකා දේවස්ථානය Giovanni Muzio කියන ඉතාලි ජාතික ගෘහනිර්මාණ ශිල්පියාගේ සැළසුමට අනුව 1960 -69 වසර වල යුදෙව් ඉදිකිම් සමාගමක් විසින් ඩොලර් මිලියන 2ක් වැයකර ඉදිකරන ලද්දක්..

මේ තියෙන්නේ පල්ලියේ ප්‍රධාන පිවිසුම් දොරටුව
ගියා කියලා මතක හිටින්න ගත්ත මගේ ෆොටෝ එකක්
(යාළුවගේ ෆොටෝ ගැනිල්ල හොඳ කම පේනවනේ දොරෙන් බාගෙයි අරන් තියෙන්නේ )

ගූගල් එකෙන් 

 දිග මීටර් 44.6 ක් සහ පළල මීටර් 27 ක් වෙන දේවස්ථානයේ
මුදුන් කොත දක්වා උස මීටර් 55 ක් පමණ වෙනවා. මේ රූපයෙන් පේන්නේ පැති පෙනුම 

ඇතුළත ප්‍රධාන අල්තාරය 
මුදුන් කොත 

පාට වීදුරු ජනෙල් 

සෑහෙන ට්‍රයි කරලා ගත්ත ෆොටෝ එකක්..
මේ ජනෙල් ත්‍රිමාණව දකින්න තිබ්බනම් කියලා හිතෙනවා ඒ තරම් ලස්ස්සන්යි 

මේ දේවස්ථානය ඇතුළත බිත්තිවල සහ දේවස්ථානය වටා තියෙන විශාල තාප්පේ පුරාමත් ලෝකේ වටේම  තියෙන ක්‍රිස්තියානි ජනතාව වෙසෙන රටවලින් තෑගී කරපු චිත්‍ර,ප්‍රතිමා බිත්ති කැටයම් වලින් පිරිලා ඒ හැම එකක්ම ෆොටෝ ගන්න අමතක කලේ නෑ ඒ වලින් කීපයක් පහත ඔයාට දකින්න පුළුවන්...  ඒ වගේම මගේ ඇස් හොය හොයා හිටපු ලංකාවෙන් තෑගී කරපු බිතුසිතුවම අන්තිමට හම්බුණා.



ජර්මනිය ඇතුළු යුදෙවුවන්ට හිරිහැර කළ රටවල්වලින් දීලා තියෙන
හැම නිර්මානෙකම මුණවල් හරිම විරූපී විදියට හදලා තිබුණේ ඒක මං දැකපු සුවිශේෂී දෙයක් 



sri Lanka 


හැම නිර්මාණයකම මරියතුමි සහ යේසු බිලිඳා දකින්න ලැබෙනවා. ඒ වගේම අදාළ රටේ සංස්කෘතික ලක්ෂණ ඒ තුළින් දකින්න පුළුවන්. තායිලන්ත, ජපන්, අප්‍රිකා ආදී රටවල ඉතාම පැහැදිළිවත් අනෙකුත් හැම රටකම ඒ රටේ අනන්‍යතාවක් මතුවෙන විදියට නිමවීම හරිම ලස්සනයි..

බැසිලිකා දේවස්ථානයෙන් තරමක් දුරින් පිහිටි තව දේවස්ථානයකට ඊළගට අපි පිටත් වුණේ... ඒ ස්ථානය සහ ශා.ජෝශප් දේවස්ථානය ගැනත් වර්ථමාන නාසරෙත් නගරය ගැනත් ඊලග ලිපියෙන් ලියන්නම්..

ප/ලි 

කොටස් වශයෙන් ලීවීමට කොච්චර අකැමති වුණත් අත්‍යාවශ්‍ය සමහර කරුණු ලියන්නම ඕනේ නිසා තව කොටසකින් ආයේ පටන් ගමු, / නාසරෙත් වල යුදෙවුව්න් දකින්න නැති තරම් ..එයට හේතු ගැන ඉදිරියේදි ලියන්නම් .

.if you want read my visit to the dead sea click here.

79 comments:

  1. හිතන් හිටපු තරන් කැත නෑ

    ReplyDelete
    Replies
    1. පල්ලියද ? ඕමා ද? :)

      Delete
    2. ඔමාගේ පල්ලිය

      Delete
    3. උස කීයද ?

      Delete
    4. හීල්ස් එක්ක 5' 7" යි හි හි .. කළින් වතාවක මළ මුහුද ගැන ලිපියෙදි මගේ ෆොටෝ එකක් නොතිබුණා කියලා එක එක්කෙනා විවිධ දේවල් කියපු නිසයි මෙදා ෆොටෝ එකක් දැම්මේ . සහතික කරන්න නිසා

      Delete
  2. මේ පල්ලිය හදල තියෙන්නේ එතකොට ජේසුතුමා උපන් ස්ථානයේ ද ? මට රෝමයේ සහ ඔය කතෝලික නිර්මාණ තියෙන රටවල ඇවිදින්න පුදුම ආසාවක් ඇවිල්ල තියෙන්නේ මේ දවස් වල .. Dan Brown ගේ පොතක් කියෙව්වා . ඒකේ ඔය ගෘහනිර්මාණ ගැන , කලාකෘති ගැන ඉතිහාසය ගැන සැහෙන විස්තර තිබුන ප්‍රබන්ධ කතාවක් වුනත් .. Byzantine ගැන මම දැන ගත්තෙත් ඒ පොතෙන් ..

    මේ විදියට ෆොටෝ එක්ක ඉතිරි කොටසත් දාන්න ... :)

    ReplyDelete
    Replies
    1. නැහැ යේසුතුමා උපදින්න පෙර මාස නමයක් තිස්සේ මරියා සහ යෝසේප් ජිවත් වුණේ නාසරෙත්.. නමුත් දෙසැම්බර් 25 මුළු ලෝකෙම සමරණ නත්තලේදී කියවෙන්නේ ප්‍රෙග්නන්ට් වෙලා හිටපු මරියාව සතෙක් පිටේ නංවාගෙන බෙත්ලෙහෙමට ගියා කියලනේ ඒ යන මග අතර තුරදී බෙත්ලෙහෙමේදී තමයි යේසුස් ඉපදුණේ.. නාසරෙත් හා බෙත්ලෙහෙම් අතර දුර කිලෝමීටර් 80 විතර.. යේසුස් වහන්සේ උපන් ස්ථානය වෙච්ච බෙත්ලෙහෙමේ Church of the Nativity ඉදිකරලා තියෙනවා ඒකත් කොන්ස්ටන්ටයින් අධිරාජයාගේ මවගේ මගපෙන්වීම අනුව සොයාගෙන ඉදිකරපු දේවස්ථානයක් .. මං ඒ පල්ලියටත් ගියා ඒක දැන් පලස්තිනෙට අයිති, ඒකත් හතරවෙනි සියවසට අයිතී..

      Delete
    2. ///Byzantine ගෘහ නිර්මාණ වල නටබුන් වල ෆොටෝ තියෙනවා ඊලග ලිපියට දාන්නම්

      Delete
  3. හොඳ විස්තරයක් ඔමා. ගිහින් නැති පැත්තක්. බලන්ට යන්ට ඕනිම කියලා හිතුවා...:)

    ReplyDelete
    Replies
    1. ඔව් සති දෙකක වගේ විසිට් එකකට ඇවිත් යන්න ඊශ්‍රායලය බලන්න එන්න හැකියාව තියෙනවා නම් නෑවිත් ඉන්න එක අපරාදයක්. මොකද සමහර දුප්පත් අප්‍රිකානු රටවල මිනිස්සු තමන්ගේ මුළු ජිවිත කාලෙම උපයන මුදල් වලින් කොටසක් වෙන් කරනවා ජෙරුසලමට ඇවිත් යන්න,ඒත් එන්න ලැබෙන්නේ ඉතාම සුළු පිරිසකට... ස්තුති පොඩ්ඩි අක්කේ

      Delete
  4. බොහොම ස්තුතියි මේ සංචාරයට අපිවත් එක්කරගත්තාට. සමහර පින්තූර වඩාත් සවිස්තරාත්මකව detail ගන්න නම් wide angle lens එකක් තියෙන්නේ ඕනේ.

    ReplyDelete
    Replies
    1. ඔව් විචාරක තුමණි මං ගන්නවා,,මේ ඉන්නේ හොඳම එකක ගන්න නිදහස එනකල්.. ඔන්න ඔයාගේ උපදෙස් අනුව කොටස් කරන්න පටන් ගත්තා

      Delete
  5. මරු ඈ.. මේ පිංතුර මං බලලම නෑ.. ඒත් අර පල්ලියේ දොර ගාව ඉන්න යක්ෂනි එලවන්න කාටවත් බැරි වෙලා තියෙනවා..

    ReplyDelete
  6. අගෙයි.......... අපි ගියා වගෙයි

    ReplyDelete
  7. "දෙව් මැදුරේ පියගැට පෙල නගින යෙහෙලියෙ
    ඔබ දිනුව රත්තරන් ලොවේ ...."

    නියමයි ඕමා ...

    ReplyDelete
    Replies
    1. තැන්ක්ස් සිංදු අයියේ

      Delete
  8. ඉස්සර හැම නත්තලකටම රුපවාහිනියේ පෙන්නපු නසරත් හි ජීසස් පිචර් එක මතක් උනා.......
    //( ලෝකේ පුරාම සියළුම ආගම් ,ජාතීන් ඉස්සරහ ට ගමන් කරද්දී මුස්ලිම් විතරක් විනාශකරමින් ආපස්සට ගමන් කරන එක හිතාගන්න බැරිදෙයක් ) // මෙන්න මේ කතාවනම් මට ටිකක් පැහැදිලි මදි

    ReplyDelete
    Replies
    1. තමන්ගේ ආගමට එන්නේ නැති ,විරුද්ධ මිනිස්සු ප්‍රසිද්දියේ ඝාතනය කරනවා , අනිත් ආගම් වලට අයත් සිද්ධස්ථාන විනාශ කරනවා, ගැහැණියට වටිනාකමක් දෙන්නේ නෑ එහෙව් මිනිස්සු යන්නේ ආයෙම අර ගල් යුගෙට නෙමේද

      Delete
    2. // ( ලෝකේ පුරාම සියළුම ආගම් ,ජාතීන් ඉස්සරහ ට ගමන් කරද්දී ස්ලාමය විතරක් විනාශකරමින් ආපස්සට ගමන් කරන එක හිතාගන්න බැරිදෙයක් ) //
      වනසන්නේ අනුන්ගේ සංස්කෘතීන්. ඉදිකිරීම් නම් ජයටම කෙරෙනවා අක්කර ගණන් මෙහේ.

      Delete
    3. එක වෙන්නේ ආගම නිසාම නෙවි මම හිතන්නේ මිනිස්සුන් ඒ ආගම තුල හැසිරෙන ආකාරයෙන්,,,,,, දැන් බලන්න මෙහෙ ඉන්න මුස්ලිම් ටික කොච්චර අහිංසක හොඳ මිනිස්සු ටිකක්ද කියලා (හැබැයි ඉතින් ලංකාවේ අපිට නානසාර ඉන්නවවගේ කෙනෙක් දෙන්නෙක් මෙහෙත් නැතුවම නෙවි )

      Delete
    4. අයියේ ඒක වෙන්නේ ආගම සහ අධ්‍යාපනය නිසා . මෙහෙත් ඉන්නවා අරාබි ක්‍රිස්තියානි අය ..ඔය නාසරෙත් වැඩියෙන්ම ඉන්නේ අරාබි ක්‍රිස්තියානි. එයාලා යුදෙව් පාසල් වල ඉගෙන ගත්ත අය සලාම් ධර්මයේ සැබෑව ඒ මිනිස්සු දන්නවා , නමුත් අරාබි ස්ලාම් අය එයාලගේ අධ්‍යාපන ක්‍රමය තුළම ලබන්නේ වෙනත් ආභාෂයක්,, මැලේසියාවේ මුස්ලිම් නෙමේ සිරියාවේ මුස්ලිම් කරන දේ බලන්න අයියේ එයාලගේ ආගමට එන්නේ නැත්නම් කෙලින්ම මරණය... මේ රටේ වර්ථමාන සමහර අරාබි පවුල් ඉන්නවා එයාලගේ පරම්පරා තුන හතරක් පිටිපස්සට ගිහින් බැලුවොත් යුදෙව් පරම්පරා ,, මරණය හෝ ස්ලාම් දහමට හැරීම කියන විකල්ප දෙකෙන් ආගම වෙනස් කිරීම තෝරාගෙන ජිවත් වෙච්ච අය ඒ.. එදා කරපු දේ එයාලා අදත් කරනවා හෙටත් කරයි... නවත්තන්නේ නැහැ..

      Delete
    5. ඉස්ලාමීය ශරියා නීති ආශ්‍රිත ඉගැන්වීම් පසුගිය කාලයේ ලංකාවෙ තිබුනෙ නෑ.ඉතිං අපි බොහොම සහයෝගයෙන් ජීවත් උනා.නමුත් දැන් ඉතාමත් වේගයෙන් ශරියා නීතිය හා මූලධර්මවාදී ඉගැන්වීම් ප්‍රචලිත වෙනවා.පල්ලි වල හොරෙන් කරපු මේක දැන් රාජ්‍ය අනුග්‍රහය ඇතිව එලිපිට වෙනවා.පැහැදිලි වෙනසක් මුස්ලිම් ප්‍රජාවෙන් දකින්න පුලුවන්.මේවා නොදකිනවා වගේ ඉන්නතාක් ඤාණසාරලාගේ බිහිවීම් වැලකෙන්නෙ නෑ.මේක ඛේදවාචකයක්.

      Delete
    6. මේකට ව්සඳුමක් නැත්තේ ඇයි කියලා මට තේරෙන් නෑ,, සමහර විට ලෝකයෙන් බහුතරය අරාබි රටවල් වීමත් වෙන්න පුළුවන්

      Delete
  9. අගේ ඇති ලිපි පෙළක ආරම්භය වගේ.මොනව උනත් කොටස් භීතිකාව කියන ලෙඩේ හොඳ වේගන එක නම් වටිනවා... හෙහ් හෙ..

    ReplyDelete
    Replies
    1. හි හි ඔව් ට්‍රයි කරලා බලමු, මගේ ඉතිහාසේ දන්න සමහරු ගණන් කරගෙන ඉන්නේ මං පොරොන්දු වෙචච මේ වගේ චාරිකා වල ,කතා වල ඉතුරු කොටස් බලන්නකෝ පස්සේ බැනුම් අහන්න වෙන හැටි

      Delete
  10. විස්තරේ හොඳයි. (බතලි කිව්වට බතල නෑ :-)

    ReplyDelete
    Replies
    1. තෑන්ක් ඈ.. (වරහන් ඇතුලේ මෙවුවා එකට තමා වැඩියෙන්ම ) ලංකාවට එද්දී බතල වෙලා තමයි හිටියේ ඒත් පහුගිය මාස හයේ Zumba එක්සර්සයිස් එක්ක ඩයර්ට් කරන්න පටන් ගත්තා

      Delete
  11. නියමයි ලිපිය.නොදන්න දේවල් ගොඩක් දැන ගන්න ලැබුනා.the last pation ෆිල්ම් එක බලලා මමත් කාලයක් අරාබි සන්ස්කෘතියට පිස්සු වැටිලා උන්නා.ඒත් දැන්නම් ඒවගේ සන්ස්කෘතියක් නැතිව ඇති කොහේවත්...
    ඊශ්‍රායලේත් මෝහිණී ඉන්නවා කියල දැනගත්තේ අද තමයි....
    ජය වේවා......

    ReplyDelete
    Replies
    1. ස්තුතී කටුස්... වතාවක් ලියපු ලිපියකදී මං නොගිහින් බොරුවට ලිවුවයි කියපු හින්දා අනේ මගේ ෆොටෝ එකක් දැම්මේ,,

      Delete
  12. ලංකාවෙන් දුන් චිත්‍රය ලාංකික මුහුණුවරක් නොගැනීම දුකට කරුණකි. විස්තරයට ස්තුතියි

    ReplyDelete
    Replies
    1. ඒ චිත්‍රයේ මරියතුමිගේ මුහුණේ පෙනුම මට හිතෙන්නේ රාගම තේ වත්ත පල්ලියේ රූප වල මුහුණට යම් සමාන කමක් තියෙනවා වගේ කියලා.. මේ ෆොටෝ බිත්තියේ ගොඩක් උඩට වෙන්න ගහල තියෙන්නේ අමාරුයි ෆොටෝ ගන්න ..

      Delete
    2. එහෙම උනානම් අපේ උන් ඒකටත් කෑ ගායි "ලංකාවෙ සිංහල සංස්කුතිය පාවල දීල" කියල.තේ වත්තෙ පල්ලිය බෞද්ධ පෙණුමක් දෙන්න හදපු මිනිස්සුන්ට ජාත්‍යන්තරය දෙන නිර්මාණයක "ලාංකික" ගතියක් තියන්න අමතකවෙලා! කණගාටුයි.

      Delete
    3. හ්ම්ම්ම් ,, මේ රූපය පවුද්ගලික පරිත්‍යාගයක්,, මුළු පල්ලියේම තිබ්බ හැම රුපයක් යටින්ම තිබ්බේ රටේ නම විතරමයි, ඒත් අපේ රටේ එකේ විතරක් දීපු අයගේ නම් කොටලා.

      Delete
  13. “අපූර්වී“ ම තමා ඉතිං. අපිත් අරං අපූර්ව චාරිකාවක. අඩි 180 ක් විතර උස පල්ලියක් කියන්නේ තට්ටු 18 ක විතර ගොඩනැගිල්ලක් නෙ. ලේසි නෑ. ආසන දෙව්මැදුරක හොඳම ඇතුලත පින්තූරයක් ගන්න පුලුවන් ප්‍රධාන දොරටුවේ ඉඳන්. මේක එහෙමද ගත්තෙ (අල්තාරය තියෙන එක). එහෙමනම් මේ සම්පූර්ණ පල්ලියේම ඇතුලත වෙන්න ඇති.
    මං මුලදී හිතුවේ අර “මොනාලිසාවකගේ ජීවිතය“ ලින්ක් එකේ පින්තූරෙ වගේ ඇති කියලා. මටයි වැරදුනේ.
    ලංකාවේ චිත්‍රය පිඟන් කැබලි ආශ්‍රෙයන් හදපු එකක් වගේ. මඩුවන්වෙල වලව්ව ඇතුලු බොහොමයක් පැරණි නිවාස මේ නිර්මාණ දැකලා තියෙනවා.

    ReplyDelete
    Replies
    1. අල්තාරය තියෙන එක මං ගත්ත එකක් නෙමේ,, ඇතුළේ තියෙන අඩ ආලෝකය සහ කොතේ වහලේ තියෙන වීදුරු වලින් එන සැර අඩුවැඩි වෙන ඉර එළිය නිසා ෆෝන් එකෙන් ෆොටෝ එකක් ගත්තට මොකුත් පේන්නේ නෑ,,මේක මං ටුවරිසම් කරන ෆොටෝග්‍රපර් කෙනෙක්ගෙන් ඉල්ල ගත්තේ.. ඔහුට වෙබ් පිටුවකුත් තියෙනවා කිවුවා..

      සම්පුර්න පල්ලිය ගොඩාක් දිගයි.. ප්‍රධාන දොරටුවේ ඉදන් ගත්තට පැහැදිළි නැහැ.. මහා දවල් වුණත් අන්ධකාරය සහ විකාර එලී නිසා ..

      හි හි මධාවියෝ එහෙමද හිතං හිටියේ

      බොහොමයක් ඒවා පිඟන් කැබලි වලින් කරපු පෙනුමක් තියෙන්නේ .

      Delete
  14. kawadawath dakaganna bari, dakaganna nolabena me wage than puluwan widihata idiripath kireema gana mage hada piri sthuthiya pirinamami....

    ReplyDelete
    Replies
    1. වැව් අයියට අද සීoහල නැති වෙලා වගේ.. මට සතුටුයි ඔයාලට අලුත් දෙයක් දකින්න ලැබුනට

      Delete
  15. ලස්නයි පින්තූර ටිකයි, විස්තරෙයි.

    ReplyDelete
  16. මේව මෙහෙම ලියනඑක ගොඩක් වටිනවා.පින්තූරත් එක්ක ලස්සනට ඔමා ඉදිරිපත් කිරීම කරනවා.

    ReplyDelete
  17. ඈ යාලුව කිවුව තාම බැන්දල නැඩ්ද බොලෙ!?
    .
    අයි තඩි ශුස් දාගෙන ඉන්නෙ?
    .
    මට මතක්යි කවුද කිවුව ඔහෙ අගමික සහනශිලි මගුලක් තියනව කියල ඒක බොරුද?

    ReplyDelete
    Replies
    1. දේව ශාපය @

      පිස්සුද මෙදා ඒ ලෙවල් අනේ

      මේක එහෙම තඩි නැහැ අනේ ,මං පයින් ටිකක් ඇවිදින්න තියෙනවා නම් ඔය දෙක දාන්නේ , හරිම සැහැල්ලු නිසා

      අන්තිම එක තේරුණේ නැහැ

      Delete
  18. ලස්සනයි...පින්තූර වගේම ලියවිල්ලත්..හැහ් මේකෙ ඔමා අක්කත් ඉන්නවනෙ බොල..

    ReplyDelete
    Replies
    1. ශර්මින් ඒ ඉන්නේ අපේ අක්කා අනේ ,, මං මෙදා ඒ ලෙවල් :D

      Delete
  19. ඉතාම සුපිරියි. ඒ වගේම මේ වගෙ ලිපි දාන එක ගැන ඉතාම සතුටුයි. මේ මම ආසම කරන විශයක්. ඉතිහාසය හා දේශපාලනය සම්බන්ධ ලිපියක තියෙන්න ඕන විචාරශීලී බව මෙහි තියනව.
    මේ ලිපියෙනම් අහන්න දෙයක් ඔළුවට ආවෙ නැහැ. ඉදිරි ලිපිවල තියෙයි.

    ReplyDelete
    Replies
    1. මම ..... තැන්ක්ස් හොඳේ... ඊළග ලිපියෙදි සමහර විට තියේවී ප්‍රශ්න

      Delete
  20. ගොඩක් ස්තූතියි මෙහෙම ලිපියක් දැම්මට. කවද හරි හැබෑවටම මේ තැන් බලන්න තියෙනව නම් කියල හිතිනවා. බලමුකෝ.. මේ වගේ තැන් තවත් අයට දැක ගන්න සලස්වන එක ගොඩක් වටිනව.

    ReplyDelete
    Replies
    1. ගිමන් නිවන්නට ආවට තැන්ක්ස්,, මං කොහේ ගියත් යන්නේ මොනාහරි ෆොටෝ ගහන ඇවිත් ලියා දාන්න තමයි අනේ ,,නිකන් තියෙන ඉන්ටර්නෙට් නේ

      Delete
  21. කවදා කියවන්න හිටි දේවල්ද? මටත් යන්න ඇත්නම් කියලා හිතුනා.මම බෞද්ධ වුනත් ඉස්සර බයිබලය කියවද්දි කියෙව්වා'' Is not this the carpenter's son...?'' කියලා එකක්. ඒකත් මට ආපහු මතක් වුනා දැන්.

    ඔමාත් ඉටිකිරිස් කෑල්ල වගේ ඉන්නේ.

    ReplyDelete
    Replies
    1. හි හි එකේ කියනවා ඕකේ ඉතුරු ටිකත් එක්ක Is not this the carpenter's son? is not his mother called Mary? and his brethren, James, and Joses, and Simon, and Judas?

      ඒ මං නෙමේ අනේ අපේ නැන්දා කෙනෙක් :D

      Delete
  22. අපූරුයි...අපිත් එතන හිටියා වගේ දැනෙනවා...ඉතිරි ටිකත් ඕනේ..

    ReplyDelete
    Replies
    1. ස්තුතී සයුරී. ඔයාගේ ඉතිහාස කතා මං නිතරම ෆෝන් එකෙන් ගිහින් කියෝනවා, ඒවට මං ගොඩක් කැමති

      Delete
  23. අඩේ පල්ලිවල දොරටු ලගත් ලංකාවේ වගේ වාමන රූප තියෙනවා කියලා දන්නේ අදනේ බං.. :P

    ReplyDelete
    Replies
    1. දිනේෂ් @ මන් ටෝ ඉතුරු කරන්නෑ :((((

      Delete
  24. //ඇරැබි පුර නිසොල්මන් තිඹිරිගෙය // මේ මාතෘකාව හරියන්නෙ බෙත්ලෙහෙමට නෙමෙයිද? නාසරෙත් කියන්නෙ හැදුන තැන මිසක් උපන් තැන නෙමෙයිනෙ!

    ඔමා පල්ලිය අතුගානව එක පින්තූරෙක දැක්ක, මූණ නොපෙනුනත් සරීර ප්‍රමානෙන් අඳුනගන්න ඇහැකි.

    ඊලඟ කොටහ ඉක්මනට දාහන්.

    ReplyDelete
    Replies
    1. ඔව් මටත් ලිපය දැම්මට පස්සේ හිතුණා එහෙම, ඒත් මේ ලිපි පෙළ ටම බෙත්ලෙහෙම් Nativity church එක ගැනත් එහෙම්ම ලියාගෙන යනවා,, අවුරුදු එක හමාරකට විතර කලින් ලියන්න අරන් නොලියා හිටපු එකක් නේ ..

      ඔව් ඔව් ඒ මන් තමයි

      Delete
  25. නියමයි අපුර් නංගි.
    මම අර කිව්ව අපේ ඔෆිස් එකේ එක්කෙනා ඊශ්‍රායල් ගිහින් ආවනේ.ඊයේ මට දුන්නා යේසුතුමා කුරුසියේ ඉන්න කීටැග් එකක්.එකේ පිටිපස්සේ JERUSALEM කියලා තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ඔව් ජෙරුසලෙම් ,බෙත්ලෙහෙමේ හරියට පිට කොටුවේ වගේ තියෙන්නේ එවුවා. තැන්ක්ස්

      Delete
  26. ඔය යන වලි නිසාම ඊශ්‍රායල් යන්න වැඩි ආසාවක් තිබ්බේ නැහැ. දැන්නම් යන්නම් හිතෙනවා. නියම පෝස්ටුව.

    ReplyDelete
    Replies
    1. මෙහෙ යුද්දය ලෝකේ අවසාන වෙනකල් ඉවරවෙන්නේ නැහැ අයියේ .. ඒත් රට ඇතුල හරිම ආරක්ෂිතයි..

      Delete
  27. >>ජර්මනිය ඇතුළු යුදෙවුවන්ට හිරිහැර කළ රටවල්වලින් දීලා තියෙන
    හැම නිර්මානෙකම මුණවල් හරිම විරූපී විදියට හදලා තිබුණේ ඒක මං දැකපු සුවිශේෂී දෙයක් <<
    ඔමා මට මේක නම් එච්චර පැහැදිළි වුනේ නෑ. මේකෙන් අදහස් කලේ ඒ රටවල් වලින් දීපු ප්‍රතිමා සහ රූප වල ජේසු තුමාගේ සහ මරියා තුමියගේ මූණවල් විරුපි කරලා කියලද? ඒ කියන්නේ කවුද එහෙම කරලා තියෙන්නේ? ඊශ්‍රායල් ජනතාවද නැතිනම්...? නැතිනම් විරූපි කරපුවා දීලද?

    ReplyDelete
    Replies
    1. ඊශ්‍රායල් ජනතාව ලෙස ඔබ හදුන්වනවා අත්තේ යුදෙවුවන් ව, ඇත්තටම අයියේ යුදෙවුවෝ නාසරෙත් වලට එන්නෙම නැති තරම්,, මොකද මේ පල්ලිය කතෝලික සහ ක්‍රිස්තියානින්ට වැදගත් තැනක් නිසා,,, ජේසුස් යුදෙව් වෙක් උනාට යුදෙවුවන් ජේසුස් කිවම හිනාවෙනවා , ඒ නිසා මේ රූප වල විරූපී පෙනුමට එයාලගේ කිසිම සම්බන්ධයක් නැහැ.. මේවා පරිත්‍යාග කරපු ඒ රටවල් වල ඉන්න කිතුනුවන්මයි එහෙම කරලා තියෙන්නේ.. මරියතුමී සහ ජේසු බිලිඳා විතරක් නෙමේ තව ගොඩක් පින්තූර තියෙනවා ඇතුලේ,, පෝස්ට් එක දිග වෙන නිසා දැම්මේ නැහැ ඔක්කොම

      Delete
  28. මගේ ඊශ්‍රායෙල් යාලුවෙක් හිටියා.. ඒ යකා පලස්තීනය කියල රටක් පිළිගන්නේ නෑ.. ඌ කියන්නේ It's only a concept. they are fighting for a separate governance in west bank & Gaza strip කියලා.. නමුත් දැන් පලතීනය විදියට හඳුන්වනවා නේද මේ ප්‍රදේශය.. අපූරු විස්තරයක් අපූර්වි.. ඉතුරු ටිකත් බලන්න ඕනෑකමින්..

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මේක අවුරුදු දහස් ගාණකට කලින් හැදින්වුවේ කනාන් දේශය කියලා ඊට පස්සේ මෑත කාලයේ 1948 වෙනකල් මේ ප්‍රදේශයට කිවුවේ පලස්තීනය කියලා. ඊට පස්සේ පලස්තීනය දෙකඩ කරලා තමයි ඊශ්‍රායලය කියලා රටක් බිහිකළේ.. හෙට අනිද්දට ඉතුරු ටික ලියන්නම්

      Delete
  29. මෙක පරණ එකක්ද... මගෙ බ්ලොග් රොලේ උඩින්ම තිබ්බෙ අද... මොන උනත් ලස්සනයි අක්කා... ඔයා වසනාවන්තයි ඔය වගෙ තැන් වල ඇවිදින්න ලැබෙන එක

    ReplyDelete
    Replies
    1. ඔව් සති දෙකක් වගේ ලියලා ,, අද වැරදිලා බාගෙට ලියාගෙන ආපු පෝස්ට් එකක් පබ්ලිෂ් වුණා, ඊට පස්සේ මේක දවස වෙනස් කරලා උඩට ගත්තා, මේකේ දෙවනි කොටස ඔහොමම ලියනවා

      Delete
  30. Replies
    1. පොඩි මැන් @ ඔයාව ආදරෙන් එකතු කරගන්නවා මගේ හීන අඩවියට. ස්තුති

      Delete
  31. මිතුරු මිතුරියන් පිරිවරාගෙන මේවල කරක් ගහපු අතීතය මතක් උනා.. මට ගොඩක් හිටියේ වෙන රටවල යාළුවෝ.. අපේ උන් මේ වගේ ඒවට කැමති නෑ නේ..

    ඒ කාළේ බ්ලොග් ලිව්වා නම් මම කරන වැඩේ තමයි ඔයා කරන්නේ..

    ReplyDelete
    Replies
    1. ඔයාගේ කථාව හරියටම හරි අපේ සෙට් එක කැමති ෆන් එකක් ගන්න පුළුවන් තැන් වලට යන්න තමයි ගොඩක් වෙලාවට.. ඇත්තටම මාත් ගියේ ලංකාවේ අය එක්ක නෙමේ.

      මං කොහෙගියත් යන්නේ මේ තැන් වලට එන්න වෙන්නේ නැති අයටත් යමක් ගේන්න එක්ක බ්ලොග් එක නිසා තමයි ඇත්තටම ඒ අදහස නිතරම ඔළුවේ තියෙන්නේ .

      Delete
  32. පොඩි මැන් @ ඔයාව ආදරෙන් එකතු කරගන්නවා මගේ හීන අඩවියට. ස්තුති

    ReplyDelete
  33. ඈ බං නගේ මේක වතාවක් කියෙව්වනේ.. ආයෙ මොකැයි මේ උඩට ඇවිත්? ඉතුරු ටික ලියන්න කම්මැලිකමෙයි?

    ReplyDelete
  34. හරිම වටිනවා ඔමා. අපට සිහින දකින්නවත් දැනුමක් දුන්නාට ගොඩක්, ගොඩක්ම ස්තුතියි !

    ReplyDelete
  35. ඡායාරූපත් එක්ක හොඳ විස්තරයක්.

    ReplyDelete


ලිපිය කියවා කොමෙන්ට් නොකලත් කමක් නැහැ.. කමෙන්ට් කලොත් සතුටුයි. ලිපිය කියවන්නේ නැතුව කොමෙන්ට් කරන්න එපා.
අපුර්වි_


,නිතරම යහපත කරන්න...,සතුට සැනසිල්ල හැමදාම ඔයාලග රැදේවි,,දෙවිපිහිටයි,

Related Posts Plugin for WordPress, Blogger...