Tuesday, March 17, 2015

අනාරක්‍ෂිතව හැසිරී විදුහල්පතිට අසුවීමි

ඔයාලට මතක ඇති කාළෙකට කළින් ලියපු පෝස්ට් එක ඉස්කෝලෙන් කට්ටි පැනලා අත කඩාගත්ත හැටි . ඒ කාලේ මට හිටියා හෙනම ෆිට් යාළුවො සෙට් එකක්.. 
ඉස්කෝලේ දහය එකොළහ පංති වලට එනකල්ම මට හිටියේ මට වඩා බාල යාළුවො .එයාලා ඔක්කොම අවුරුදු හත දොළහ වගේ වයස් වල. ඒත් සාමාන්‍ය පෙළින් පස්සේ උසස් පෙළට වෙන ඉස්කෝලෙකට යන්න පටන් ගත්තට පස්සේ මං තනි වුණා..

ඒ අවුරුදු දෙක පුරාම යාළුවො හිටියත් අර වගේ හොර ,මැර වැඩ කරන්න ,පන යනකල් හිනාවෙන්න සෙට් වෙන සයිස් කවුරුත් හම්බුන් නෑ..
අනේ මන්දා උසස් පෙළ පංති පටන් ගත්ත දවස් වල ඉදලම අපේ පංතියේ බහුතරයක් ළමයි හිටියේ හෙට විභාගේ ලියන්න සයිස් එකේ මුණු එක්ක..ශික් මට නම් එපාම වුණා.ඒත් ක්ලාස් එකේදී සෙට් වුණා නියම යාළුවො සෙට් එකක්.

ඒ දවස් වල අපේ කෙමෙස්ට්‍රි ක්ලාස් එක මාසයක් විතර සර්ට විභාගයක් තිබ්බ නිසා ටිකක් පරක්කු වෙලා පටන් ගත්තේ ඉවර වුණෙත් රෑ 8 ට. ඉතින් ඔය දවස් ටිකේ මගේ එක යාළුවෙක්ගේ බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙකුත්  හැමදාම එනවා කෙල්ලව එක්ක යන්න මිනුවන්ගොඩ බස්ටෑන්ඩ් එකට.(දැන් එතන කඩලා බස් ටෑන්ඩ් එක පොළ පැත්තට ගෙනියලා )
ඒ කාලේ මොන රෑ වුණත් රතුපාට CTB එකක් එනකල් අපි හෙල්ලෙන් නෑ බස්ටෑන්ඩ් එකෙන් .....හැමදාම සීසන් ගන්නේ නැති ප්‍රයිවෙට් බස් වල යන සෙට් එක අපිට හු කියන් යනවා ...හි හි වුන් දන්නේ නෑ සීසන් එකේ යද්දී තියෙන මෙවුවා එක..
.
.
ඔන්න දවසක් අපේ පංතියේ ළමයි ටික පේළියට යනවා පොතුත් අරන් ෆිසික්ස් ලැබ් එකට  හරිම පිළිවෙලට...බලද්දී ප්‍රින්සිපල් පේන තෙක් මානේ ඉන්නවා අත්දෙක පිටිපස්සට කරලා බැඳගෙන ලෝඩ් වගේ.. ළමයි දන්නවා එයා එහෙම නැවතිලා බලන් ඉන්නේ කුරුමාණමකට බව.. එයාව ඒ ඉරියව්වෙන් දකිද්දී  සතියක් දෙකක් ආපස්සට අපේ පෙරවැරදි අනම් මනම් තියෙනවද කියලා ස්වයං කුයික් ස්කෑන් පාරක් දාන්න අපි අමතක කරන්නේ නෑ. මං එහෙමවත් කරේ නෑ නොර්මල් එකේ ගියා හරිම විනීත පියකරු විදියට පොළවට සමාන්තරව  ඇස් මට්ටමේම ඉස්සරහ බලාගෙන ...

"ඔය ළමයට මෙහාට එන්න"


මං හැරිලා බැලුවේ වත් නෑ මොකෝ මාව ප්‍රින්සිපල් දන්නෙවත් නැති හින්දා ඒ වගේම මෙලෝ වැරද්දක් නොදැනවත් නොවිච්ච නිසා.

මට පිටිපස්සෙන් හිටපු එරන්දි අතින් ඇදලා කියපි
"අන්න සර් ඔයාට කතා කරනවා"

ඒ මගෙයි සර්ගෙයි පළමු හමුවීම..

"ගිය සතියේ දවසක රෑ 8.30 ත් 9 ත්  අතර මං ඔය ළමය අනාරක්ෂිත විදියට  බස් ස්ටෑන්ඩ් එකේ ඉන්නවා දැක්කා"..( තාම  මට මතකයි  ඔය වචන ටික ,මොකද එයා ලියන භාෂාවෙන්  කතා කරන්නේ ගොඩක්.)එහෙම කියලා මුණ දිහා බැලුවා මගේ උත්තරේ බලාපොරොත්තුවෙන්

බයක් හිතේ තිබ්බත් ඒ වෙලාවේ කොහේදෝ තිබ්බ ෆිට් එකක් හිතට ආවා සර් දිහා හිනාවෙලා බලලා මං කිවුවා "තනියම නෙමේ සර් හිටියේ " ඔව් මං දැක්කා තනියම නම් නෙමේ තමයි එතන තව කවුද පිරිමි ළමයෙකුත් හිටියා. ෂුවර් එකටම අර කපල් එක කෝලම් කර කරා ලව් කරලා කොල්ලා මගේ පැත්තේ ඉදලා තියෙන්නේ සර් දකිද්දී

..යාළුවගේ බෝයිෆ්‍රෙන්ඩ් කියන්න බැරි හින්දා මං කිවුවා එහා පැත්තේ හිටපු අක්කා කෙනෙක්ගේ අයියා වෙන්න ඇති සර් මාව එක්ක යන්න රෑ වුණාම අක්කා හරි අම්මා හරි එනවා.. කටින් වචන ගලාගෙන ආවා හෝ ගාලා කිසි බයක් නැතුව..බොරුවක් ගොතන්න ලස්සන පාරක් ඇරිච්ච නිසා..
ආයෙම සර් කියපි ඒත් මං දැක්කේ ඔය ළමයවයි ඒ ළමයවයි විතරනේ කියලා.
මං හිනාවෙලා සර්ට කිවුවා
 "එතන මීගමුව බස් එකක් නවත්තලා තිබ්බේ මං හිතන්නේ සර් ආවේ  රවුන්දර් බවුඩ් එක පැත්තෙන් වෙන්න ඕනේ එතකොට බස් එකට අනිත් අයව කවර් වෙන නිසා මාවයි ඒ පිරිමි ළමයවයි විතරයි පේන්න අත්තේ "කියලා.. සර්ට සීන් එක හරියටම මීටර් නෑ කියලා උපකල්පනය කරලා හෙන සැහැල්ලු විදියට අහිංසක මුණක් මවාගෙන විස්තර කරද්දී
"හරි හරි ඇති දැන් ඔය ළමයා යන්න පාඩමට පරක්කු වෙනවා.. ඒ වෙද්දී  මං දැක්කා අපේ ක්ලාස් එකේ සමහරුන්ගේ  ඇන්ටෙනා ලැබ් එකේ ජනෙල් අස්සෙන්  මටයි  සර්ටයි ෆෝකස් වෙලා... යන්න  හැරිලා   ආයේ  පිටි පස්ස හැරිලා මං සර්ට කිවුවා  ස්තුතී සර්  ඉස්කෝලෙන්  පිටත්දිත් අපි ගැන සෙවිල්ලෙන්  ඉන්නවට මං ආයේ  ඒ විදියට  රෑ වෙලා ටවුන් එකේ ඉන්නේ  නෑ  කියලා.. හම්මේ  සර්ගේ  මුණේ හිනාව..හි හි යටි හිතින්  මං හිනාවෙවී  බල්ටි ගහනවා .. සර් මං එක්කම වගේ ලැබ් එක කිට්ටුවට  ඇවිත් හැරිලා කොහේදෝ ගියා. මං හිනාවෙවීම ආවා.

එරන්දි  මුලින්ම ඇහුවා "මොනාද වුණේ ? මොකද අවුල? ... එරන්දි  ප්‍රශ්නේ  ඇහුවට මුළු පංතියේම ගෑණු  ළමයි කන කෝප්පේ  කරන්  ඉන්නේ කියලා මං දන්න  හින්දා ටිකක් සද්දෙට කිවුවා සර් "අපේ අම්මගේ  හොඳ යාළුවෙක් ඉස්සර  ලව්  එකක්ද කොහෙද ...ගෙදර විස්තර ඇහුවා බන් හෙට අනිද්දා ඇවිත් යන්න එයි"
ඔය විදියට  යන්තන්  ජාමේ බේරාගත්තා එදා.

..........................................................................

අපේ නැන්දා කෙනෙක් කොන්ඩේ  ටින්ට් කරන් ඇවිත්  තිබ්බා දවසක් ,ඕක දැක්කට පස්සේ මටත් ආසයි , ඒ වෙද්දී ඉස්කෝලේ 13 වෙන්න ඕනේ.ඉතින්  ඕනේ එකක් වෙන්න කියලා නැන්දට බල කරලා කරලා එයා එක්කම ගියා  සැලෝන් එකට එයා අයිබ්‍රොස් හදන්න යන දවසක් බලලා. ඉස්සරහින් ලයින් දෙකක් තඹ පාට කරගත්තා  කියන්නකෝ ඉතින්..
ඒ කාලේ කොන්ඩේ කොටයි ඉස්කෝලේ යන්නේ නිකන් පීරගෙන ගොතන්න ,බඳින්න දිග නැහැ. පහුවදා ඉස්කෝලේ යන්න කලින් දහ පාරක් විතර පීර පීර හැඩ බැලුවා යටි හිත කියනවා "පංතියේ ළමයිනුත් බලයි " මං මෝඩයි කියලා හිතයි , විකාර කෙල්ලෙක් කියල හිතයි ඔය වගේ  එක එක දේවල්.. ක්ලාස් එකේ ළමයි දැක්කා එච්චර  ගාණක් උනේ නෑ.. හැබැයි කීපදෙනෙක් කිවුවා පරිස්සමෙන් ඈ  ලයිබ්රි එකේ කොච්චි කරල දැක්කොත් බඩුම තමයි කියලා

හරි  ඔන්න ඉතින් දවස් 3ක් විතර යද්දී අර කොන්ඩ ගස් ටික ලස්සන තඹ පාටක් ගත්තා  ඒ වගේම වෙනදට ක්ලාස් එකෙන් එලියට යද්දී,, ටීචර් කෙනෙක් ක්ලාස් එකේ උගන්නද්දී කොන්ඩ කෑලි ටික හංඟ ගන්න එකත් ටික ටික අමතක වුණා. සර් හම්බෙච්ච දවසේ වගේම එදත් අපි පෝලිමට ලැබ් එකට යද්දී පුස්ථකාලේ පැත්තේ ඉදන් අර මිස් එනවා මං දිහා බලාගෙන හිටියා සෑහෙන්න ඇසුත් පුංචි කරලා බැලුවා..මේ ඔක්කොම දැක්කේ රබර් ඇහෙන්...
"එයා ඇයි එච්චර බැලුවේ ? හප්පේ  කොන්ඩේ මතක් උනේ එවලේ... උඩ ගිය පාර පහල ආවේ අයිඩියා එකක් එක්ක :) එවලෙම එරන්දිට කියලා පෑනෙන් තීන්ත අරන් අර කොන්ඩ ගස් ටිකේ ගා ගත්තා. එරන්දි මගෙන් ප්‍රශ්න අහන්නේ නැහැ දෙයක් කරන්න කිවුවම කරනවා ..එයා දන්නවා මට වෙන සීන් ගැන. ඊට පස්සේ අත්දෙකක් හෝදන්  මොකුත්  නොවුණා වගේ හිටියා..
කෙමෙස්ට්‍රි මිසුත් ආවට පස්සේ පුස්ථාකාලේ මිස් ඇවිත් හැමෝ ඉස්සරහම ලැජ්ජ කරන්න ඕනේ කමට මට කතා කරා. මිස් ලගට ගිහින් හිටගෙන ඇයි කියලා නාහා මුණ දිහා බැලුවා.. එයා මගේ වටේ ගිහින් කොන්ඩේ බැලුවා.. ඊට පස්සේ මං ඇහුවා "ඇයි මිස්" කියලා..
මිසුත් නෝන්ඩි නැතුව කිවුවා නෑ ඔය ළමයා නෙමේ මට වැරදුණා කියලා. මාත් ලෝඩ් වගේ ගිහින් පුටුවෙන් ඉදන් මිස් දිහා බැලුවේ පාඩමට බාධා කළා මෙතන ඇවිත් කියන බැල්මෙන්.. ඒ වෙලාවේ අවුව තිබ්බා මිස් ෂුවර් එකටම හිතන්න ඇති අවුවට එයාට පෙනිච්ච දෙයක් කියලා.. හැබැයි මං කලින්  නොදැන හිටියනම් එදා අපේ අම්මා තාත්තා දක්වාම බැනුම් අහගන්නවා හොඳට..

එදාම ගෙදර ගිහින් ඒ පාට කරපු ගස් ටික කපලා දැම්මා.
 ( ඒ මිස්ගේ  නම මතක නෑ අපේ ඉස්කෝලේ ගිය කෙනෙක් ඉන්නවා නම් දන්නවා ඇති හම්මේ සැර .)  අනිත් එක ඒ මිස්ට  මං එක්ක කලින් සීන් එකකුත් තියෙනවා, කොන්ඩේ කට් එකක් කපං ආවා කියලා.එදා  මුළු ලයිබ්‍රියටම ඇහෙන්න බැනලා ගෙදරත් යැවුවා පහුවදාට කොන්ඩේ කපන් එන්න කියලා. ඒත් ඒ ලෙවල් රිශාල්ට් වලින් පස්සේ  හම්බෙන්න ගිහාම හරිම ආදරෙන් කතා කලේ.ඔයා හොඳ දරුවෙක් කියලා දන්න නිසයි හදාගන්න කීප සැරයක් බැන්නේ කියලා  හි හි  :(

ප/ලි 
නාසරෙත් සංචාරයේ දෙවනි කොටස ලබන සතියේ  හි හි .

76 comments:

  1. තොපිව හදන්න බෑ....කාළකණ්නි....අපිට වද දෙන්නේ නැතුව ගෙදරට වෙලා ඉන්නවකෝ....බලනවා තමුසෙලා ගහල තියෙන්නේ මගේ පුතාගේ පන්තියේ ළමයෙක්ට....තමුන්ලව අස්කරලම දැම්මනම් හරි...."
    ඔහොම කිය කිය තමයි සෙක්ශන් හෙඩ් මාවයි තව එකෙකුයි පිනා ගාවට අරගන ගියේ.ඒ පාරනම් සතියක් පන්ති තහනම් කලා.ඒත් පස්සේ A/ L රිසාල්ට්ස් ආවහමනම් මෆේ ඔළුවත් අතගෑවා.පස්සේ කාලෙක ඉස්කෝලෙට ගියහම ඉන්න එවුන් පෙන්නල කිවුවේ "උඹලවගේ නෑ බන් මේ ඉන්න එවුන්....අපි මොනවහරි කිවුවොත් මුන් හදන්නේ මානව හිමිකම් යන්න" කියලයි.

    කොහොමත් උඹේ මොලේ අවුලක් තියෙන්න ඇති ඒ කාලේ ඉදන්ම.නැත්තන් කොන්ඩේ කලර් කරන් ඉස්කෝලේ යයිද.....
    කන්ණාඩි දෙකකුත් එවුවනම් වැඩේ 'කම්ප්ලීට්'.අර පොඩිවට ලියල තියන ඒවනම් පේන්නෙම නෑ .
    ජය වේවා.....

    ReplyDelete
    Replies
    1. සිකුරාදා හවසක කරේ ඊලග බදාදා කපලා දැම්මා,, චුට්ටයි අනේ ,මටත් පුදුමයි ඒ ගැන දැන් මන් ආස නැහැ කලර් කරන්න ,
      අකුරු ටික හදන්නම්

      Delete
    2. අමුතුවෙන් කියන්න දෙයක් නෑ බං ඔය මහගෙගෙ මොළේ ඉස්කෝලේ යන කාලෙ ඉඳලම අවුල් කියල.

      Delete
    3. :( ඔව් ඔව් ඔව් හැලප කන්නේ නැති හින්දා හැලපේ බේරුනා :(

      Delete
    4. Omage hina oya Minuwangodada?

      Delete
  2. මං ඒත් බැලුව රට ගියාට පස්සෙද මෙහෙම වෙලා තියෙන්නෙ කියල... දැන්නෙ තේරෙන්නෙ.... ඉස්කෝලෙ යන කාලෙත් පුදුම හැදියාවක් තීල තියෙන්නෙ.. හි හි...

    ReplyDelete
    Replies
    1. අපි කවදත් හරි අහිංසක විදියට තමයි හැදුනේ

      Delete
  3. අපූර්විත් කරල තියෙන දේවල් o.o
    "ඒ කාලේ මොන රෑ වුණත් රතුපාට CTB එකක් එනකල් අපි හෙල්ලෙන් නෑ බස්ටෑන්ඩ් එකෙන් .....හැමදාම සීසන් ගන්නේ නැති ප්‍රයිවෙට් බස් වල යන සෙට් එක අපිට හු කියන් යනවා ...හි හි වුන් දන්නේ නෑ සීසන් එකේ යද්දී තියෙන මෙවුවා එක"
    ඇත්තටම දැන් මතක් වෙනකොටත් හිතෙනවා, මොන එහෙකට සීසන් එකෙන් යන්න මොකට එච්චර ඒ කාලෙ කට්ට කැවෙ කියල.

    ReplyDelete
    Replies
    1. ඔව් මටත් එහෙම්මමයි,, මට තිබ්බේ බස් හෝල්ට් 6ක් වගේ යන්න,ඒත් අනිත් දුර යන යාලුවා නිසා ඉබේම මාත් හුරුවුණා,, මරු ඒ කාලේ

      Delete
  4. අප්පේ.. ඉස්කෝලේ කාලේ නම් හැමෝම ඔහොමයි බලාගෙන ගිහාම

    ReplyDelete
    Replies
    1. හි හි ඒ ලෙවල් කාලේ මාර සීන් වෙන්නේ අප්පා

      Delete
  5. අඩෝ කෙල්ලොත් ස්කෝලේ කාලේ මාර ලල්නේ අරන් තියෙන්නේ

    ReplyDelete
    Replies
    1. ඇයි ඩො කොල්ලන්ට විතරඩ හොඩ ලල් :D

      Delete
  6. හෙහ් හෙහ්, මට මතක් උනේ අපේ ඉස්කෝලේ එවුන් පාර්ක් ගිහින් අහු වෙච්ච සීන් එක.. හම්මේ එහෙම කාලයක්..

    ReplyDelete
    Replies
    1. හි හි කෙල්ලෝ එක්කද පාර්ක් ගියේ

      Delete
  7. මේ වගේ ඉස්තානෝචිත පුරඤ්ඤාවෙං වැඩ කොරන බුද්ධිමත් කාලානුගත ශිෂ්‍යාවන් මේ පාසැලට ආඩම්බරයක්! වසරේ හොඳම ශිෂ්‍යාව සම්මානය දෙන්න වටිනවා.
    ඔය ඒ ලෙවල් වලට විතරක් ඉස්කෝලෙකට ගිහාම පොඩි අවුලක් තියෙනවා. යාලුවොත් අඩුයි.

    ReplyDelete
    Replies
    1. හි හි ,,, නැහැ අනේ උන් හරි වෙනස් ඉගෙන ගන්න විතරක් ඉපදිච්ච්ච ගොබ්බ සෙට් එකක්,, අනිත් ක්ලාස් වල උන් නම් මරු

      Delete
  8. ප්‍රින්සිපලුයි ටීචර් ලයි කඩේ යවන්න පුදුම හැකියාවක්නෙ තිබිල තියෙන්නෙ. ඔය හැකියාව දැනුත් ඇති නේද.. නැතිවෙන්නනම් බැ .

    ReplyDelete
    Replies
    1. දැන් කඩේ යවන්නේ වෙන කට්ටියව

      Delete
  9. //අනාරක්‍ෂිතව හැසිරී // :)
    ගුරුවරු නං බොහෝ දෙනෙක් මටත් පේන්න බෑ.

    ReplyDelete
    Replies
    1. //අනාරක්‍ෂිතව හැසිරී // :)
      ගුරුවරු නං බොහෝ දෙනෙක් මටත් පේන්න බෑ.

      Delete
    2. හි හි හම්මේ ඉතින් මෙයාලා,, ඔව් අප්පා ඒ කාලේ ගුරු වරු අපිට පේන්න බෑ

      Delete
  10. එක හුස්මෙට කියවගෙන ගියා... // ස්තුතී සර් ඉස්කෝලෙන් පිටත්දිත් අපි ගැන සෙවිල්ලෙන් ඉන්නවට මං ආයේ ඒ විදියට රෑ වෙලා ටවුන් එකේ ඉන්නේ නෑ කියලා..// කිය කිය සර්ත් එක්ක යන හැටි මැවිලා පෙනුනා හි..හි..

    ReplyDelete
    Replies
    1. හි හි හෙනම කපටි හිනාවක් දාන් බබා වගේ ගියා

      Delete
  11. අම්මෝ ඉස්කෝලේ යනකාලෙත් කරලා තියෙන වැඩ.............. අපේ හොඳ වෙලාවට අපි ඉස්කොලයන කාලේ මේ වගේ මාරදුතියෝ හිටියේ නෑ............ එහෙම හිටියනම් එහෙම අපේ මේ හොඳ හැදියාවට මොනවා වෙයිද දෙයිය්යනේ

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නේ පව් මල්ලි බබා ,, ඔයා කොන්වර්ට් එකක ලැජ්ජා බයට හැදිච්ච කොල්ලෙක් ලු නේද

      Delete
  12. අනාරක්ශිතව හැසිරෙන්න ඒ පලාතේ රාජිතගේ පුතා වගේ ------ගෙ පුත්තු ඉන්න ඇති.... විදුහල්පති තුමා බය වෙන්න ඇත්තේ ඒකයි...

    ReplyDelete
    Replies
    1. ඌ මොන පුතාද අර බොන්ඩිගේ පුතාලා තුන් දෙනත් එක්ක ගත්තාම..

      Delete
    2. හි හි අපේ පැත්තේ හිටියේ රණතුංග මහත්තයාගේ ප්‍රසන්න පුතා තමයි

      Delete
  13. අපොයි. ඒ ලෙවල් කරන උං පස්සෙත් ප්‍රින්සිපල්ල ල හිටියද? අපිනං ලැබ් එකට ආවට පස්සෙ ප්‍රින්පල් අපේ දිහා බැලුවෙවත් නෑ. අපි ඉතිං ඉංග්‍රීසි පීරියඩ් කට් කරල ඉස්කෝලෙ හැමතැමන රවුං ගහන එක තමයි කළේ.

    ReplyDelete
    Replies
    1. ඔව් අපේ ප්‍රින්සිපල් හරි හොඳයි , පිස්සෙක් වගේ දගලන් නෑ,, ඒ ලෙවල් උන්ට උණත් ගහන්න තරම් කෙනෙක්,,

      ඉංග්‍රීසි මිස්ව අපි දැක්කේ මස් කඩ කාරයෙක් වගේ පව්

      Delete
  14. බලන්නකෝ ඒකෙත් හැටි ඉතින්. ඔමා අනාරක්ෂිතව හැසිරුනා කියලා වැරදි අදහසක්නේ විදුහල්පතිගේ හිතේ පිළිසින්දගෙන තියෙන්නේ. කොච්චර වැරදිද!!

    ReplyDelete
    Replies
    1. විදුහල්පති ල ඉතරක් නෙමේ.....ගුරාලත් ඒමයි......

      Delete
  15. හය්යෝ ප්‍රින්ස් දුක තමයි ඈ.... ඕකට වෙන්න ඇති ස්තානෝචිත මොකද්ද එක කියන්නෙ හිහි

    හැබෑවටම අර කසුට්ට කියනව වගේ දැං එවුන්නං මානව හිමිකං දුවන්න බලාගෙන මයි ඉන්නෙ කරන තරමක් කරන්නෙ අලුකුත්තේරු වැඩ... අපි හොදයි ඒත් මුං උංම වැරදි කරල වෙන වුංට කෙලවන්ට යනව
    අනේ කාලේ වනේ වාසේ

    ReplyDelete
    Replies
    1. අපි කවදත් සාමෙන් නේ

      Delete
  16. මොනවා උනත් එහෙම අනාරක්ශිතව හැසිරෙන එක වැරදියි ඈ.. අනික ප්‍රින්සිපල්ටත් පේන්න.. හික් හික්..

    අපෙත් ෆිසික්ස් ලැබ් එකේ හිටියා සිරා ඩයල් එකක් ජයසේකර සර් කියලා.. දවසක් මොකෙක්ද පරයෙක් අර ඉටි ගාපු මේසෙ හූරලා මගේ නම ලියලා තව නම් වගයක් එක්ක.. මේ යකා මාව මරාගෙන කන්න හදනවා කොච්චර කිව්වත් පිළිගන්නේ නෑ මගේ නම මට ඇරෙන්න වෙන එහෙකුට ලියන්න ඕනෙකමක් නැතිලු.. මොනා කරන්නද කියල බැනුම් අහගෙන ඉඳලා සුමානෙකට විතර පස්සෙ ඉස්සරහම ටේබල් එකේ තඩි අකුරින් හීරුවා 'ජයසේකර' කියලා.. උගේ නම ඌට ඇරෙන්න වෙන එහෙකුට ලියන්න හේතුවක් නෑනේ.. ලියන්න ඕනි ඉස්කෝල මතකයන් ටිකක් මාත්.. ජය ශ්‍රී!

    ReplyDelete
    Replies
    1. හම්මේ පව් ලැජ්ජ හිතෙන්න ඇති මිනිහට

      Delete
  17. ඉස්කෝලෙ යන කාලෙ අනාරක්ෂිතව හැසිරෙනව කියන්නෙ හොඳ දෙයක් නෙවි ආරක්ෂිතවම හැසිරෙන්න ඕන හෙහෙ හෙහෙ.
    කෙල්ලෙක් කොණ්ඩෙ ටිකක් ලස්සන කරගත්ත කියල මක්ක වෙනවද ටීචර්ලටත් ඕන නැති දේවල්.

    ReplyDelete
  18. අනේ ‍තොත්ත බබී...හයාත් මාර කෙල්ලක්නේ...සෝයි අනේ...

    ReplyDelete
    Replies
    1. හි හි දැන් සිංහල තියෙනවා වගේ වැවා අයියට

      Delete
  19. මේ දවස්වල කාවද අන්දන්නේ...

    ReplyDelete
    Replies
    1. ඇක්චුවලි හොඳ ප්‍රශ්නයක්... ඉදිරියේදි ඔබ දැනගනීවි ඉදගෙන

      Delete
  20. අනාරක්ෂිතව හැසිරුනා කියන එකට වඩා හිනා ගියේ කොණ්ඩේට කරපු වැඩේට.
    ඈ බං මිස්ගේ නහයට කාබන් සුවඳ දැනුනේ නැතිද?

    ReplyDelete
    Replies
    1. කාබන් පෑන නෙමේ මනෝ,, මං ලියන්නේ තීන්ත පෑනෙන්,, ඔය තීන්ත කුප්පියයි පෑනයි එක්ක සෑහෙන්න ගේම් දීලා තියේ

      Delete
  21. සෑහෙන අතීතයක් ඇදලා ගන්න නේද හදන්නෙ? මම කෙමිස්ට්‍රි ලැබ් එකෙට යන එක නැවැත්තුවෙ පොස්පරස් කෑල්ලක් සින්ක් එකට දාපු වරදට එලියට දාපු දවසෙ ඉඳන්...

    ReplyDelete
    Replies
    1. හි හි ඕනේ නැති වැඩනේ උබලා කරලා තියෙන්නේ අපි වගේ නෙමේ

      Delete
    2. //පොස්පරස් කෑල්ලක් සින්ක් එකට දාපු වරදට// හැක්.. හැක්...

      පංති නායකය නිසා ඔය කෙමිස්ට්‍රි ලැබ් එකේ යතුර තිබුනෙ මා ගාව. හැබැයි සාන්ද්‍ර කෙමිකල් තියෙන්නෙ ඒකෙ වෙනම රූම් එකක. ඒක ලොක් කරල තියෙන්නෙ. ඒ උනාට තනුක කරපු බෝතල් එලියෙ තියල තියෙනව. අපිට වෙලාවක් අහුවෙච්ච හැටිය කරන්නෙ ඕකට ගිහිල්ල ඒ බෝතල් හැම එකේම තියෙන ඒව ටික ටික සින්ක් එකට හලන එක. වතුර එක එක පාට වෙලා වෙලාවකට දුං දාල තමයි නවතින්නෙ.

      Delete
    3. ඇයි බං ඇමෝනියයි HCL මූඩි ලං කරල දුං දාන එක.මුල්ම ප්‍රැක්ටිකල් එකක්නෙ.ඔව්ව ඇඟිලි වල ගාගෙන මැජික් එහෙම පෙන්නුවැහැකි..

      Delete
    4. ප්‍රසා @ අපිත් එහෙමයි තනුක ඒවා එළියේ සාන්ද්‍ර එවුවා රත්තරන් වගේ ඇතුලේ .. කෙමෙස්ට්‍රි ලැබ් එක තමයි මන් ආසම තැන ගුරුවරයෙක් නැත්තන්

      Delete
    5. ගස් ලබ්බා , අපිට මතක එවුවා විතරයි නේද දැන් ,, හි හි උගන්නපුව මුකුත් පහුවදාට මතකත් නෑ නේ

      Delete
  22. මේකිනම් කපටිකම් ගෙනල්ලා තියෙන්නේ ගිය ආත්මෙන්ද කොහෙද.

    මම දවසක් මම යාළුවෙලා හිටිය කෙල්ලෙක් එක්ක, මගේ පන්ති මිතුරියක් හෙවත් මේ වැඩේට සපෝටර් ගේ ගෙදර ඉස්තෝප්පු කාමරේ, අනාරක්ෂිතව අත අල්ලාගෙන, අනාරක්ෂිතව පොඩි චුම්බනයක් දෙමින්, කතාකරකර ඉන්නකොට අපේ අම්මා ආවා. අර මිතුරිය අර අනාරක්ෂිත ගෑනු ලමයව ඇඳ යටට දාලා, මාත් එක්ක කතාකරන්න පටන් ගත්තා. ඒ මිතුරිය එක්ක මම ඒ ඇඳ උඩ බුදියගෙන හිටියත්, අම්මා මොකුත් හිතන්නේ නෑ. ඔන්න අනාරක්ෂිත බව ආරක්ෂා කරන මිතුරියෝ.

    ReplyDelete
    Replies
    1. බුදුියගත්තට නං අපිත් මොකුත් හිතන්නේ නැ , බුදියන්නේ නැති එකනේ වැඩේ

      Delete
    2. අනේ අනේ විචාරක තුමණි... මේකත් එදා වගේ ස්නැප් ෂොට් එකක් ගහලා තියාගන්න ඕනේ

      අටම් +++++++++++++++++++++

      Delete
  23. අන්න ඒහෙම තමයි පාසල් කාලයේ අමතක නොවෙන අාතල් ගන්න ඔ්නේ.... අාය කවදා කරන්නද ඔ්වා......

    ReplyDelete
    Replies
    1. ඔව් ලොකු වෙද්දී දෙන්නේ ලොකු ලොකු ගේම් නේ

      Delete
  24. අපොයි අහිංසක දේවල්නෙ..දැන් කාලෙ ගෑල්ලමයි කරන දේවල හැටියට

    ReplyDelete
    Replies
    1. අන්න ඒකනේ සරත් අයියේ,, ඒ අහිංසක කම තමයි දැනටත් මේ තියෙන්නේ

      Delete
  25. හිනා වෙලා මලා යකූ! උඹ නම් මාරයි.

    ReplyDelete
    Replies
    1. ඇක්චුවලි මට වෙලා තියෙන සමහර සීන් ඇහුවොත් උබ නිවන්දකිනවා බන්

      Delete
  26. පව් අහිංසක විදුහල්පති සෑර්...

    ReplyDelete
    Replies
    1. ඒ සර් ඇත්තටම හරි හොඳයි

      Delete
  27. අපිටත් තිබ්බ ගෙදෙට්ට හොරෙන් ගත්ත සීසන් එකක්...සෙට් එකම ctb එකේ ඇදලා සති අන්තෙට බොන්න කලෙක්ෂන් එක සෙට් කරගත්තා කොහොම හරි

    ReplyDelete
    Replies
    1. හම්මේ අරමුණ වෙනස් වුණාට අපිත් එහෙමයි කලේ ගෙදරින් අහන්නේ ඇයි රෑ වුණේ කියලා, ඒ කට අපි කලේ ක්ලාස් වෙලාව පැය බාගයක් වැඩියේන්

      Delete
    2. කොල්ලෝ කොහොමත් වැඩියෙන් දලනේහ් වෙලාවල් කියන්නේ ඒ මදිවට අපි ක්ල්ළ එක ඉවර වෙන්නත් පැය බාගෙකට කලින් පනිනවා

      Delete
  28. ඇත්ත කියහන් උබ කොල්ල එක්ක ඉන්නකොට නේද පිනාට මාට්ටු වුනේ.අනෙ අම්මප උබල වුන්.හම ගහන්න ඔන.අර මිස් අන්තිමට කියපුවනම් අමුලික බොරු නේ.ඔය ලන්ගමෙ යන එකනම් අපිටත් තිබුන.වෙන මොකුත් නෙමෙ සිසන් එක විතරයි ලග.සත 5ක් නැ.

    ReplyDelete
    Replies
    1. දමිත් අයියේ @ කට කට කට මේවා බලලා කවුරුහරි අම්මට කිවුවොත් මන් ඉවරයි
      හම්මේ අපි හොඳ ළමයි

      Delete
  29. උඹ මාර ඩයල් එකක් නේ..අනාරක්ෂිතව හැසිරීම අද කාලේ ගිය දුර ඒ කාලේ ලොකු සර් නොහිතුව හින්දා හොඳයි නේ? හී හී..
    තීන්ත පෑනෙන් ලියන්නම වුණා 5 වසරෙදි..ඒ කාලේ තීන්ත ගාගෙන නාගෙන ඉන්නේ..හැබැයි ඒක හෙණ ලල් වැඩේ නේද? :)

    ReplyDelete
    Replies
    1. හෙහ්.. ගස්ලබ්බා ඒ.ලෙවල් එනකන් ලිව්වෙ තීන්ත පෑනෙන්.. ඕ ලෙවල් ලිට්. ලියන්න පියතුමාගෙ පාකර් අලුත්ම පෑන දුන්නා.ඒ ආසාවට ලිව්වෙ කොළ පිරෙන්න..

      Delete
    2. අපි හෙන අහිංසක විදියට කාගෙහරි දෙයක් කඩන් වඩන් පාඩුවේ ජිවත් වෙන මිනිස්සු තරුවේ :(((

      මාත් තීන්ත පෑනෙන් ලිවුවේ 5 ඉදන්

      ගස් ලබ්බා..... මාත් එහෙමයි,,, පාකර් පෑන යාලුවන්ට අල්ලන්නවත් දෙන්නේ නෑ නේද

      Delete
  30. ඉස්කෝලේ....
    හරි අපූරු මතක මටත් තියේ....
    මම මීගමුවේ...මිනුවන්ගොඩට ලගයි බොහොම...

    ReplyDelete


ලිපිය කියවා කොමෙන්ට් නොකලත් කමක් නැහැ.. කමෙන්ට් කලොත් සතුටුයි. ලිපිය කියවන්නේ නැතුව කොමෙන්ට් කරන්න එපා.
අපුර්වි_


,නිතරම යහපත කරන්න...,සතුට සැනසිල්ල හැමදාම ඔයාලග රැදේවි,,දෙවිපිහිටයි,

Related Posts Plugin for WordPress, Blogger...