Tuesday, March 3, 2015

coffe with loving boyfriend.



ඊයේ අපි  දෙන්නා පළවෙනි වතාවට එකට කෝපී බිවුවා. එයා කෝපි හැදුවා මං බලන් හිටියා. කෝපී, සීනි, වීදුරු, හැඳි පිළිවෙලට තියලා කෝපි හදන්න වතුර උණුවේගෙන එද්දී එයා එක වීදුරුවකට දැම්මා පුරෝපු ලොකු කෝපි හැඳි දෙකක් ..මගේ ඇස් නළලේ

 ...ඊට පස්සේ මගෙන් ඇහුවා
  "how much do you want beby" 
හම්මේ මං තේ හැන්දෙන් බාගයයි කිවුවා. එයා කෝපි
දාලා උණු වතුර දාන්න ලෑස්ති උණා,
මං ඇහුවා sugar ?
එයා මට සොරි කියලා සීනි හැඳි බාගයක් දාලා ආයේ වතුර දාන්න ලෑස්ති වුණා, මං කිවුවා මට පුරෝපු සීනි හැඳි 2ක් ඕනේ කියලා.. එයා ආයෙම හැඳි එකාමාරක් මගේ වීදුරුවට දැම්මා, සීනි බෝතලේ වැහුවා,
එතකොට මං දැනගත්තේ එයා සීනි දාලා කෝපී බොන්නේ නෑ කියලා... 
ඊට පස්සේ එයාගේ කෝපී වීදුරුවෙන් කාලක් වෙන්න උණුවතුර දාලා මගේ කෝපි එකටත් ඒවගේ උණුවතුර ප්‍රමාණයක් දැම්මා...
"I want more water"
 මං අතින් පෙන්නුවා  වීදුරුවේ කටට වඩා සෙන්ටිමීටරයක් වගේ පහලට එනකල් දාන්න කියලා...

හම්මේ අපි දෙන්නගේ කෝපී දෙකේ වෙනස අහසට පොළව වගේ,,,එයා සිගරැට් එකක් එක්ක කෝපි එක මාර ෆන් එකේ බිවුවේ, මාත් මගේ කෝපී එක උපරිමයෙන් රසවින්ඳා....චොක්ලට් කේක් එක්ක.
ඒත් බොනකල් මං කල්පනා කලේ එයාගේ කෝපී එක මට කටට ගන්න බැරි තරම් තිත්ත ඇති කියලා...
  කෝපී ගොඩායි....
සීනිත් නෑ,වතුර ටිකායි .... 
එයත් හිතුවද දන්නේ නෑ
කෝපි ටිකායි..
වතුර ගොඩායි,,,සීනි ගොඩායි...
කටට ගන්න බැරි පැණිරස, 
උණුවතුරයි සීනියි මේ කෙල්ල  කොහොම බොනවද කියලා  .....

 පුංචි කෝපී කෝප්පෙක අපි රස විඳින විදිය ඔච්චරටම වෙනස් නම් කවදාහරි එකට ජිවත් වෙද්දී අපි අපිට කොච්චර නම් understanding වෙන්න ඕනෙද කියලා,,,  ඊයේ නින්ද යනකල්ම මං කල්පනා කළා ...

ජිවිතේ රස විඳින විදිය,,සතුට වැඩිකරගන්න විදිය අපි අපිම හොයාගෙන මේ ජිවිතේ ජිවත් කරවන්න ඕනේ කියලා හිතාගෙන දිග හුස්මක් ඉහළට ඇදලා දඩස් ගාලා පහතට දාලා තොල් උල් කරන් මොබයිල් එකෙන් සෙල්ෆි ගන්න ඇක්ෂන් එක දදා වටපිට බලද්දී ඔරලෝසුව දැක්කේ  .. අපෝ  තාම හය හමාරයි තව ටිකක් නිදාගන්න ඕනේ..


.........................................
ප/ලි
understanding කියන වචනය අවබෝධය, එකඟකම,බුද්ධිය,වැටහීම,සංවේදී වීම,විශ්වාසය කියන සිංහල වචන සේරගේම තේරුම කැටි වෙන්නයි ඉන්ග්ල්සි වලින් ලීවේ

කපල් එකක්  කෝපි බොනවා tv එකේ දැකලා ලියන්න හිතුණේ.

මගේ ප්‍රියතම කෝපි වර්ගය නම් ..turkish coffee. 
එළියට ගියොත් බොන්න ආස nescafe Cappuccino එකක්... හම්මේ  ක්‍රීම්  සස ...


73 comments:

  1. කොත්තමල්ලි… කොත්තමල්ලි… කොත්තමල්ලි… කොත්තමල්ලි… කොත්තමල්ලි…

    ReplyDelete
    Replies
    1. හා හා හා ඕවා දේව ශාප ආයුබෝවන්ඩ

      Delete
  2. සස හීනයක් අපුර්.
    ආදරේ ගොඩක් තියේ නම් නොගැලපීම් ගලපගන්න අමාරු වෙන්නේ නැහැ.

    ReplyDelete
  3. කාපු බීපු ප්‍රමාණය තමා මදි

    ReplyDelete
    Replies
    1. බලපං මේ පිලුම් එකේ 1:00:00 ඉදල විනාඩි 2 ක්..

      https://www.youtube.com/watch?v=0FpWjQCgWp4

      Delete
    2. හි හි ඒකෙත් හැටි,, thanks දේශා ...

      Delete
  4. සිගරට් සමඟ බ්ලැක් කොෆි...

    මම ඔය රටේ ඉන්න කොට මට අපිත් එක්ක එකට වැඩ කරපු ඉරානියන් ජුවිස් ආන්ටි කෙනෙක් හිටියා. එයා තමයි මට ඕක පුරුදු කලේ.. පුදුම ආශ්වාදයක් තියෙන්නේ.. මම ඔහේ ඉන්න කොට බිව්වේ මැල්බරෝ ලයිට්ස්.. අපේ හොඳ හිතවතෙකුගේ බ්‍රෑන්ඩ් එකත් ඒක.. අරාබි සුද්දෝ ආපු වෙලාවට ආයෙත් මේ ආතල් එක ගන්නවා සමහර වෙලාවට.. ඒ වගෙම සීතලේ මැක්වුඩ්ස් වල චොකලට් කේක් එකයි සීනි නැති තේයි ගෝලිප් එකයි කියන්නේ දිවිය ළෝකේට මාව ගෙනියනවා.. මම දන්නෙ නෑ මිනිස්සු මේ ආතල් විඳිනවද කියලා..

    වල්ල පට්ට පෝස්ට් එක.. උබත් එකයි.. බස්සිත් එකයි...

    ReplyDelete
    Replies
    1. ///ඒ වගෙම සීතලේ මැක්වුඩ්ස් වල චොකලට් කේක් එකයි සීනි නැති තේයි ගෝලිප් එකයි කියන්නේ දිවිය ළෝකේට මාව ගෙනියනවා.. මම දන්නෙ නෑ මිනිස්සු මේ ආතල් විඳිනවද කියලා../// මේ ගැන හිතේ තිබ්බ බය නිසා තමයි ඉතාම කෙටියෙන් කෝෆි ගැන වැඩිය නොලිවුවේ.
      ඒ දේවල් රසය නොදන්න විඳලා නැති අයට මෙවුවා නයි ඇරීම් විදියට පේන්න සහ විවේචනය කරන්න මාර හැකියාවක් තියෙන නිසා කෝපි ගැන රසවත් කතා බොහොමයක් අපි මගහාරිනවා,, දවසක ලියන්න පුළුවන් පෝස්ට් එකක් කෝපී කලාව ගැන ඒක පට්ට මාතෘකාව... මේ රටේ කොෆී මැෂින් වර්ග ගාණක්ම තියෙනවා එක එක රසයට .. තැන්ක්ස් හොදේ ඔයාගේ එක්ස්පීරියන්ස් කමෙන්ට් කරාට...

      ඒ වගේම වල්ල පට්ට කියලා නිකන් නොකියනවට

      Delete
    2. රෝස්ටඩ් ටුබැකෝ...the taste of lights.

      Delete
    3. චෙෆාකි නයිස් ටු මීට් යු මිත්‍රයා

      Delete
  5. කෝපි වෙනුවට කොත්තමල්ලි බිව්වනම් ඔච්චර අන්ඩස්ටෑන්ඩින් ඕන නෑ.කොත්තමල්ලි කහ කුඩු මෙහෙ පට්ට ලාබයි. මාර ෆන් . අපි දැණ් ඉන්නෙ කොත්තමල්ලි ගහගත්ත ගමන්. ඔයා දන්නෙ නෑ ආතල් එක. කොත්තමල්ලිවලට කහ කුඩු ටිකක් දැම්මහම දිව්‍ය ලෝකෙ ගියා වගේ. නැත්නම් උම්බලකඩ කෑල්ලක් එක්ක ගති.

    ReplyDelete
    Replies
    1. හි හි මධ්‍යස්ත වෙන්න අනී....

      Delete
  6. ඊළඟ දවසෙ ඔයා කෝපි හදන්න
    ජය!

    ReplyDelete
    Replies
    1. එයා හදන එකට තමයි මං ආස

      Delete
  7. understanding නැත්නම් ඉතින් ජීවිතේම සීනිත් නැති වතුරත් නැති මෙලෝම රහක් නැති කෝපි එකක් කියලවත් කියන්න බැරි එකක් වෙයි...

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන් ශාමින්

      Delete
  8. නිකන් පුරුදුයි පුරුදුයි වගේ...
    මෙවට අපි කියන්නෙ 'තනි ආතල්' කියලා... කාලගුණයත් මේ වින්දනයට අඩු වැඩි විදිහට බලපානවා... මල් සුවඳක් එහෙම හැමුවනම් අම්බෝ........

    ReplyDelete
    Replies
    1. හි හි අන්න අන්න අන්න

      Delete
  9. සීනි හැඳි දෙකක් පුරෝලා ????

    හම්මේ ඔච්චර සීනි බොන්නේ උඹ මදන මෝදක ගහලද?

    //""කෝපී එක මට කටට ගන්න බැරි තරම් තිත්ත ඇති කියලා""// හැක ඔයා කොපි බිව්වේ රනිල් එක්කද එතකොට ? :P


    ReplyDelete
    Replies
    1. අද උදෙත් සුගර් චෙක් කළා 117 යි අයියේ උදේම නුටෙල්ලා එක්ක පාන් පෙති 5ක් විතර චොක්ලට් කිරි එක්ක,, දවසෙම තේ ,කෝපී කේක් ,රටේ නැති පැණිරස.. කාලයක් එයි අනේ ඕවා ඇති වෙන එතකල් අතට අහුවෙන ඕනේ එකක් කනෝ වහ උණත් කනෝ

      හි හි කියපු කතාව

      Delete
    2. හපොයි 117 නම් හොඳටම වැඩියි...විහිලු නෙමේ දොස්තරයෙක් හම්බවෙලා පෙත්තක් ඉල්ලගන් කේස් වෙන්න කලියෙන්. අපි නම් ෆුල් ඔප්ෂන්..

      Delete
  10. මටත් ම්නතක් වුනෙ නුවරෑලියෙදි කොපි එකක් එක්ක සිගා එකක් ගහල ගත්තු ආතල් එක

    ReplyDelete
    Replies
    1. හම්මේ ඒ සුවඳයි රසයි හරිම වෙනස් හැඟීමක් දෙන්නේ නේද

      Delete
  11. මගෙත් ඉන්නවා ස්කැන්ඩිනේවියන් පාර්ට්නර් කෙනෙක් කෝපි වල සාන්ද්‍රතාවය ඇරෙන්න වෙන කචල් නැති. ඔමා දන්නෝද මම කොහොමද අපි දෙන්නාගේ ජීවිතේ හැඩ ගහගත්තේ ස්මූත් ෆ්ලෝ එකක් තියෙන්න..මම එයාට බ්‍රෙක්ෆස්ට් වලට ඇරෙන්න අනිත් වෙලාවල් වලට සිලෝන් ටී පුරුදු කලා, මම බ්‍රෙක්ෆස්ට් වලට තික් බ්ලැක් කොෆී බොන්න පුරුදු උනා.
    ගිව් ඇන්ඩ් ටේක් කියන්නෙ ආදරේට සිංහලෙන් කියන තවත් තේරුමක් නේ.
    මට නම් ඉතින් මාල්බරෝ ලයිට් නැතුව ජීවිතයක් නැහැ...ඒ උනත් එයා මාල්බරෝ අත ඇරියා. හැබැයි නියම මූඩ් එකට ආවාම මගේ මාල්බරෝ පැක් එක අරන් තද හුස්මක් ගන්නවා පැක් එක නහයට තියාගෙන. ඔන්න ජීවිතේ...

    ReplyDelete
    Replies
    1. තැන්ක්ස් චෙෆා ඔයාගේ අත්දැකීම් එකතු කරාට ....අපේ ගොඩක් අය ආදරේ විඳින්න පුළුවන් සරළ සියුම් දේවල් මඟහැරගෙන ගොරහැඩි විදියට ජිවිතේ විඳින්නේ... ලංකාවේ ආර්ථික තත්ත්වෙත් එක්ක ඔවුවා බැහැ කියලා සමහරෙක් කියන්න පුළුවන් .. නමුත් ඇත්ත ඒක නෙමේ ,,,, හුස්ම ගන්න අමාරු ගෝලිප් සුවඳ වගේද සතුපාට මාල්බරෝ බොක්ස් එකේ සුවඳ :)

      Delete
    2. මේ ඉන්නේ මම කියපු එක්කෙනා.. ලයිට්ස් පැකට් එක සුදුයි හිටං..

      උඹලා දන්නවද මම අනුරාධපුරේ මළ ගෙදරකදි පට්ට ආතල එකක් ගත්තා කෝපි සහ බීඩී... උදේම ඇලේ පැනලා නෑවා... දවස් දෙකක් උන්නේ.. මළ ගෙදරම බුදු පිට්...

      Delete
    3. මං කිවුවේ සතුපාට ෆිල්ටර් පැක් එක :((

      Delete
  12. 1990 දී අපේ උන්දැට මම තෑගී කරපු National වර්ගයේ Coffee making machine එක අදටත් හොඳින් වැඩ කරනවා. අමුත්තන්ට රෑ කෑමක් දුන්නම, කෑම මේසය අසලම තියලා, ඒකෙන් කෝපි හදන්නේ, මැසිම ගැනත් මං ගැනත් අගය කරමින්.

    කාටද ආඩම්බර.................................................

    ReplyDelete
    Replies
    1. අාදර්ශමත් ජීවිත!!

      :-*

      Delete
    2. විචාරක තුමා ඔයා හරි ෂෝයි හබියෙක් අනේ. තාම මැෂිම වැඩද? මෙහෙ අපේ ගෙදර තියෙනවා කෝෆි මැෂින් 3 ක් ඒ තුනටම තුන් ආකාර වලින් හදපු කෝපී කැප්ශුල් සුපර් මාර්කට් එකේ තියෙනවා ඒ වගේම ඒකටම හරියන පුංචි කප්...

      Delete
  13. හත්තිලව්වේ.............. කෝපි ගැන කතා කරන්නෑ හරිය හිටං.....

    ReplyDelete
    Replies
    1. හා හා හා හා අපේ අම්මා වගේ ඩයල් එකක්

      Delete
  14. //ඒත් බොනකල් මං කල්පනා කලේ එයාගේ කෝපී එක මට කටට ගන්න බැරි තරම් තිත්ත ඇති කියලා...
    කෝපී ගොඩායි....
    සීනිත් නෑ,වතුර ටිකායි ....
    එයත් හිතුවද දන්නේ නෑ
    කෝපි ටිකායි..
    වතුර ගොඩායි,,,සීනි ගොඩායි...
    කටට ගන්න බැරි පැණිරස,
    උණුවතුරයි සීනියි මේ කෙල්ල කොහොම බොනවද කියලා ....//

    අන්න මම ආසම කොටස..!

    ReplyDelete
    Replies
    1. "අන්ඩස්ටෑන්ඩ් ද බස්ස්ටෑන්ඩ්" අදාල වෙන්නෙ මේ කොටසට නේ !!!

      Delete
    2. තනි තරුවේ : ඔය ටික සින් සින් ගාල ලියාගෙන ගියේ ...තැන්ක්ස්

      Delete
  15. කෝපි බිව්වම කළු වෙනවලු

    ReplyDelete
    Replies
    1. එවුවා කෝපී කාලේ කතා තරිඳු .. හි හි

      Delete
  16. අප්පා... හොඳ තිත්ත කළුවට තියෙන කෝපි එකක් උදේ පාන්දර චොක්ලට් ඩෝනට් එකක් එක්ක බොන්න තියනවනම්....

    ReplyDelete
    Replies
    1. අනේ බන් දැන් මොකුත් කන්න බඩේ ඉඩ නැතුව ඉද්දි ඕවා මතක් කරන්න එපා

      Delete
  17. //පුංචි කෝපී කෝප්පෙක.......කියලා,,, ඊයේ නින්ද යනකල්ම මං කල්පනා කළා ...//
    කෝපි එකක් කල හදියක්....! (තව බිත්තර ආප්පත් කෑවානම්...?)

    ReplyDelete
    Replies
    1. බිත්තර ආප්ප :( මන්ටෝ >:(

      Delete
  18. පට්ට පට්ට​ !
    Jaya Wewa !

    ReplyDelete
  19. Black coffee + 1/2 sugar + 20 ml Brandy, Kitaro high bass/ treble tune > way to the Nirwana

    ReplyDelete
    Replies
    1. නට් මහත්මයා : රොම්බ තෑන්ක්ස් ඈ ෆොර්මියුලා එකට

      Delete
  20. හුරු වෙලා තියෙන ක්‍රමයත් එක්ක අපි රස විඳින විදිය එක් එක් පුද්ගලයාට අාවේණිකව වෙනස් වෙනවා.
    ඒත් ඔයා කියන විදියට අවබෝධයෙන් හැඩගැහෙන්න පුළුවන් නම්, ඒ තමයි හොඳම රසය!!

    ReplyDelete
    Replies
    1. ඔව් මල්ලි,, ඕවා හිතේ තියාගෙන ඉස්සරහ ජීවිතේට මුණ දෙන්න

      Delete
    2. වැඩක් නෑ අක්කේ!! 
      ඉස්සරහට මුහුණ දෙන්න ජීවිතේකුත් නෑ, තිබුණත් දෙන්න මූණකුත් නෑ!!! 
      අපි අාතල් එකේ ඉන්න තනියො නේ!! ඒ නිසා හැමෝම යාලුවො විතරයි!!

      Delete
  21. චොක්ලට් කේක් කෑල්ලක් එක්ක කෝපි කෝප්පයක් බොන්න දැන් තිබුනා නම් කොච්චර ශෝක්ද කියලා හිතුනා .. හි..හි...

    ඇත්තටම එකට ජිවත් වෙද්දී අපි අපිට කොච්චර නම් උන්ඩෙර්ස්ටන්ඩින්ග් වෙන්න ඕනෙද නේද..

    ReplyDelete
    Replies
    1. තුශ් : මේ පෝස්ට් එක දකිද්දී ගිහින් කේක් කෑල්ලක් කාලා එනවා මාත්,, ඊයේ ඉවර වුණා කේක් එකක්,, හවසට ආයේ ගේන්න ඕනේ හිටන්

      Delete
  22. කෝපි බොන පිලිවෙලින්, කෝපි රසවිඳින මාත්‍රාවෙන් දෙදෙනෙක් ගැලපෙනවා නම්...... කොතරම් ලේසිද? මම නම් අදහන්නේ ඒ ඒ අයගේ වෙනස් මාත්‍රා එලෙසම පැවතුනාවේ.... නමුත් ආදරයට ඊට වඩා තද රැහැන්පටක් තියෙන්න ඕනේ. එතකොට ඔහුගේ මාත්‍රාව සහ පිළිවෙලේ ඇති 'වෙනස්කම' මම ආසාවෙන් විඳියි. නැතුව දෙදෙනාම අනෙකා ගැන හිතමින් කවුරු කා උදෙසා වෙනස් කරන්නද හදන්නේ?

    පරිස්සමෙන්.... ජීවිතය නම්‍යශීලි වෙන්න ඕනේ හරියට රබර් පටියක් වගේ. එතකොට තමයි විසිරෙන දෙයක් එක්කාසු කරලා ගැටගහන්න පුළුවන්. දෘඪ ලී වලින් බැහැනේ ඒ වික්‍රමේ කරන්න?

    ReplyDelete
    Replies
    1. //මම නම් අදහන්නේ ඒ ඒ අයගේ වෙනස් මාත්‍රා එලෙසම පැවතුනාවේ..///

      මේක මිනිස්සු නොසලකා හරින දෙයක් ගොඩක් අය උත්සහ කරන්නේ දෙන්නගෙන් එක්කෙනෙක් තමන්ගේ පුරුදු වෙනස් කරගන්න එක, එතකොට මේ මොන වදයක්ද කියල හිතෙනවා, ඊට වඩා හොදම දේ තමයි දෙන්න අවබෝධ කරගන්න එක ,, understanding කියලා ලේසියෙන් කිවුවම හරි,,

      ස්තුති උපේක්ෂා

      Delete
  23. oya coffee kopeen bona eke neme jewithe thiyenne. eka godk gamburu deyak

    ReplyDelete
    Replies
    1. ඇත්තද සෑහෙන්න ගැඹුරු ඇති නේද ඔයාට පේන්නේ නැති තරම්ම

      Delete
  24. Understanding කියන්නේ සිංහලෙන් යටින් හිටගෙන ඉන්නවා කියන එකට නෙවෙයිද මෙයා? O.o ඇයි ඔයා එළියේ හිටගෙන ඉන්නේ ඇවිත් මගේ කුඩේ යටින් හිටගන්න කියල කියනෙක අපි කියන්නේ Why are you outstanding, come and understand my umbrella කියල නේද?

    පෝස්ට් එක කෝපි ගැන උනාට තීම් එක ජිවිතය මං හිතන්නේ.. ලස්සනට ගලපල තියෙනව.. ජයශ්‍රී!

    ReplyDelete
    Replies
    1. හි හි ෂෝයි කතාව ඒකත් .... තැන්ක්ස් කමි

      Delete
  25. මටත් දැන් හැබැයි මෙහේ ක්‍රමේට කෝපි ටිකක් සීනි අඩුවෙනුයි බීලා ඉස්සර ලංකාවෙදි වගේ හෙන කෝපි කෝප්පයක් බීලා දාන්න බෑ..

    ඔය වෙනස කොම උනත් තේරුම් ගැනීම වගේම ඒ වෙලාව එකට ව්දින්න කැමති එකයි වැදගත්..

    ReplyDelete
    Replies
    1. මාත් දැන් කෝපී ටිකක් වැඩියෙන් දාලා වතුර අඩුවෙන් සීනි අඩුවෙන් බොන්නේ ඒකෙ වෙනම රසක් දැනෙනවා දැන් ...

      Delete
  26. මටත් කෝපි එකක් බොන්න හිතුණා දැන් :-)

    ReplyDelete
  27. මං බොන්නෙ තේ.. කෝපි බිව්වොත් උදේට ශරීර කෘත්‍යය කරන්න වරුවක් ඉන්න වෙයි.. මං එමිරේට්ස් ඉන්න කාලෙ තමයි තේ බොන්න ඉගෙනගත්තෙ.. ඊට ඊසර මං බිව්වෙ සීනි ඔයා වගේම. මං එක්ක හිටි සුද්දා "උඹ බොන්නෙ තේ නෙවෙයි සීනි යකෝ.. හොඳම තේ හදන රටේ හිටියට උඹ තේ රස දන්නෙ නෑ ! " කියල ක්ව්ව දා ඉඳලා මං නිකං තේ බොන්න ගත්තා. හැබැයි හකුරු කෑල්ලක් තියෙනවා නම් හරි පණි රස තියෙනවානම් මං ඒ එක්ක කහට තේ බොන්නයි වැඩි මනාප. ඉතිං ලංකාවෙන් එනකොට හකුරු කිලෝ කීපයක් උස්සන් එනව. ඔහ් තේ වෙලාව..

    ඒයි.. ලමයා. වහාම සීනි අඩු කරන්න.. ඔය යන පාර කෙටියි..

    ReplyDelete
    Replies
    1. සරත් අයියා : හ්ම්ම්,, මං තේ බොනවා නිතර, තේ බොන්නේ සීනි නැතුව,, උදේට කමොමිල් , දහයට විතර ග්‍රීන් ටී දවල්ට කාලා ජස්මින් ටී,,, හවසට කමොමිල් and සිනමන්,,, ඔය විදියට දවසට 6ක් විතර බෝනො සීනි නැතුව බොන්නේ,, ඒ වගේම කැෆේන් නැතුව ... මං චොක්ලට් කන එක තමයි අඩු කරන්න ඕනේ ස්තුති

      Delete
  28. මම සතියකට සැරයක් විතර එක කොපි එකක් බොන්නේ සිනි හැඳි හයක් දාගෙන.........

    ReplyDelete
    Replies
    1. හි හි ඒ මදැයි මල්ලි සතියටම @මැලේ

      Delete
  29. දවසට තවමත් සිනි නැති කළු කෝපි 6ක් පමණ බොන මට නම් කියන්න දෙයක් නැත.....
    ඉතාලි ජාතිකයන් සමග...වයින් වලින් පටන් ගෙන...ප්ලේට් 6ක් 7ක් මාරු කරමින් කෑම කාල....
    ආයෙ ....විස්කි/බ්‍රැන්ඩි බිල........තද කළු කෝපි කුඩා කෝප්පයෙන් බොන විට......ම්ම්ම්ම්ම්...
    කෝපි කියන්නේ....මගේ ජීවිතය......
    වින්ටර් එකේ......කෝපි බොන්න ආසයි......කෙල්ලෝ එක්ක...ගෙදර & Coffe සොප් එකේ...

    ReplyDelete
    Replies
    1. හම්මේ මෙයා,,, ඇයි මොකෝ කෙල්ලෝ එක්ක බොද්දි කෝපී ඉබේ පෙවෙනවද

      Delete


ලිපිය කියවා කොමෙන්ට් නොකලත් කමක් නැහැ.. කමෙන්ට් කලොත් සතුටුයි. ලිපිය කියවන්නේ නැතුව කොමෙන්ට් කරන්න එපා.
අපුර්වි_


,නිතරම යහපත කරන්න...,සතුට සැනසිල්ල හැමදාම ඔයාලග රැදේවි,,දෙවිපිහිටයි,

Related Posts Plugin for WordPress, Blogger...