Sunday, March 29, 2015

මා දුටු නාසරෙත් නුවර දෙවනි කොටස | St. Joseph's Church, and Old synagogue


නාසරෙත් හි පිහිටි විශාල බැසිලිකා දේවස්ථානය සහ ආ මග විස්තර ඔයාලට මතකනේ.
බැසිලිකා දේවස්ථානය ඉදිකරලා තිබුණේ  යේසුස් වහන්සේගේ මවවූ  මරියා ජීවත්වුණායයි ජනප්‍රවාදයේ කියවෙන භූමී ප්‍රදේශය තුළ .

 ඊළගට අපි යමු එම භූමියේම මීටර් කීපයක්  උතුරට වෙන්න ඉදිකරලා තියෙන  ශාන්ත ජෝශප් දේවස්ථානය බලන්න. 

පහත  රූපයේ  ආකාරයට නව දේවස්ථානය  ඉදිකර තිබෙන්නේ  1914 නව රෝම ගෘහනිර්මාණ ශිල්පය අනුව (Neo Romanski style). මෙම දේවස්ථානයත් බැසිලිකා දේවස්ථානය වගේම පොළව මට්ටමේ ඉදිකර තිබෙන්නේ පුරාතණ සැබෑ දේවස්ථානයේ නස්ථාවශේෂ් ආරක්ෂා වෙන විදියට. 


ශා.ජෝශප් දේවස්ථානයේ බාහිර පෙනුම 
යේසුස් වහන්සේගේ පියා වූ යෝසේප්ගේ වඩු මඩුව යැයි සැළකෙන  
ස්ථානය තුළ ක්‍රිස්තු වර්ෂ පළමුවන සියවසේ ඉදිකළ දේවස්ථානයට ඇතුල් වෙන්න තිබෙන්නේ නව දේවස්ථානය තුළ ඉදිකර තිබෙන බිංගෙය තුළට පිවිසීමෙන්.
මෙම ස්ථානයත්   වරින්  වර  ඉදිකිරීමට  සහ  බිඳ වැටීමට බඳුන් වෙච්ච තැනක්.. 

නැගෙනහිර රෝම අධිරාජය (Byzantine) ගෘහ නිර්මාණයට අනුව ඉදිකෙරුණු  මුල්  දේවස්ථානයේ  ගරාවැටුණු නටබුන් මත  නැවත 12 වන සියවසේදී කිතුණු භක්තිකයන් විසින් නව දේවස්ථානයක් ඉදිකර තිබෙනවා.  නැවත 13 වන සියවසේ නාසරෙත් නුවර අරාබින් විසින් අත්කර ගැනීමෙන් පසුව සියවස් ගණනාවක් පාළුවට හැර තිබෙනවා.

ඇතුළත 

දේවස්ථානයේ වහළය සම්පුර්ණ ලීවලින් නිම කර තිබෙන්නේ මේ ස්ථානයේ පිහිටි යෝසේප්ගේ වැඩපළ සිහිකරණු පිණිස විය හැකියි. 



වහළය 

වහළයට ආසන්නව සවිකර තිබෙන වීදුරු ජනෙල් ආකාර සිතුවම් ඉතාලි චිත්‍ර ශිල්පින් විසින් 1950 වසරේදී එක්කර තිබෙනවා.

යෝසේප්ගේ  මරණය 

යෝසේප් සහ මරියා අතිනත ගැනීම 


ප්‍රධාන අල්තාරයට ඉහළින්  තිබෙන්නේ ශුද්ධ වූ පවුල
සිතුම.

දේවස්ථානයේ බිම් මහළ(ගුහාව ) 

දේවස්ථානයේ  හරස්කඩක් 

රූපය  අඩංගු පලකය සවිකර තිබුණේ දේවස්ථානයේ බිම් මහලේ.


ඉපැරණි දේවස්ථානයේ  සවිකර තිබු ජනේලයක් බිත්තියේ ඝනකම හිතාගන්න බැරිතරම්. ජනේලය සවිකර තිබුණේ බිත්තිය ඇතුලේ ගිලවලා වගේ. පුදුම ශක්තිමත්.

භෞතිස්ම  බේසම 


බිම් මහළ තුළ තිබුණෙ අමුතු අඩ අඳුරක්,,, එයිනුත් පහළ පිහිටල තිබුණු ගුහාවට ඇතුල් වෙන්න බැරි වුණා, ඉදිකිරීම් සඳහා  වසාදමා තිබුණු නිසා.. මේ බිම් මහළ තුලින් ඉපැරණි ගුහාව තුළ ඉදිකර තිබෙන ඉපැරණි අල්තාරය සහ සෙසු ස්ථාන වලට මිනිස්සු  ඩොලර් ,යුරෝ ,යෙන්, පැන්ස මේලෝකේ තියෙන හැම වර්ගයෙම සල්ලි විසිකරලා තිබුණා.මට ඒක දැකලා හිනා ගියා. අපේ රටේ විතරක් නෙමේ ඒ වගේ අය ඉන්නේ කියලා දැනගත්තේ ඒ වෙලාවේ.

සැබෑවටම ශාන්ත ජෝසප් දේවස්ථානය පිළිබද  විවිධ අදහස් තිබෙනවා ජනප්‍රවාද අනුව. නමුත් මුලිකව  පිළිගන්න කාරණය නම් යේසුස් වහන්සේගේ පියා  වඩු වැඩ කළ ස්ථානය පිහිටි ප්‍රදේශය කියන එක තමයි.

..................................................................

බැසිලිකාව සහ චැපල් දේවස්ථානය( ශා.ජෝශප් ) නැරඹීමෙන් අනතුරුව දේවස්ථාන භූමියෙන් එළියට පැමිණි අප  නැවත මීටර් 200 ක් පමණ උතුරට ගමන් කළේ  තවත් අප්‍රසිද්ධ ස්ථානයක් සොයාගෙන. මේ ස්ථානයට  කියන්නේ  "heart of Nazareth ඔයාලට පුදුමත් හිතේවි කොළඹ පිට කොටුවේ වගේ විශාල අරාබි කඩ පේළියක් අස්සෙන් ගියාම තමයි ඒ දේවස්ථානය හම්බවෙන්නේ..  මේ  ස්ථානය මං හිතන්නේ සියළුම කතෝලික සහ කිතුණු ජනතාවට වටින ස්ථානයක් .. ඒත්  බොහෝ සංචාරකයන්ට මග හැරෙන්න පුළුවන් තැනක්,, අරාබි කඩ වලින් මුළු පාරම වැහිලා  පල්ලියට ඇතුල් වෙන දොර දෙපැත්තේ හිටපු අයගේ මුණවල් දකිද්දී මට ෆොටෝ ගන්නත් බය හිතුණා බලන් හිටපු විදියට.






synagogue church
සිනගෝග් church කියන  නම ඇත්තටම වැරදි යෙදුමක්.. සිනගෝගය කියන්නේ යුදෙවුවන් එකිනෙකා හමුවන.. ඔවුන්ගේ ආගමික ස්ථානය .. church නැත්නම් පල්ලිය  කිතුණුවන්ගේ ආගමික ස්ථානය...  මේ පල්ලියේ  අල්තාරයට ඉහළින් සහ අල්තාරය දෙපස තිබෙන චිත්‍ර ඔබට පෙනෙනවා ඇති ඒ චිත්‍ර වල යේසු තුමාගේ මුහුණ ඇඳුම් අරාබි විදියට ඇඳලා තියෙන්නේ... මං මීට කලින් කවදාවත් දැකලා තිබුණේ නැහැ එහෙම චිත්‍ර.




මේ රූපයේ යේසුස් වහන්සේගේ රූපයේ  මුණයි ගේට්ටුව ගාවදි මාව කන්න වගේ බලපු අරාබි මනුස්සයගේ මුණයි එක වගේ මට පෙනුණේ.
මුළින් කියපු විදියට කිතුණුවන්ට ගොඩක් වටින ස්ථානය පිහිටලා තිබුණේ මේ කියපු  පල්ලිය මිදුලෙමයි.  පොළව මට්ටමේ ඉදලා මීටර් එකහමාරක්  පහළට වෙන්න.

ශුද්ධ බයිබලයේ ලුක් පොතේ  4;16  පදයේ  සඳහන් වන  නාසරෙත්  වල තිබුණාවූ  සැබෑ සිනගෝගය තමයි මේ...
වහළය ,බිත්ති,බිම සියල්ලම කළු ගල් වලින් නිමකරලා තියෙන්නේ... මේ ස්ථානය ගැන වැඩි විස්තර කියවන්න සහ රූප නරඹන්න කැමති අයට ගූගල් සර්ච් හරහා සහ විකිපීඩියා හරහා දීර්ගව කියවන්න පුළුවන්.

ප්‍රධාන දොරටුවේ  සිට අල්තාරය දක්වා  


අල්තාරයේ සිට දොරටුව දෙසට 

මේ ස්ථානය  ඇස්  වලින් දැක ගැනීම මට ලොකු සතුටක් වුණා... 
මේ ඔක්කොම බලලා ඉවරවෙලා එද්දී  හොඳටම බඩිගිනි වෙලා තිබ්බේ... 
හබුන් කටක්  කාලම එන්න පිටත් වුණා...

සලාද වර්ග වලින් පිරුණු මේසේ  මගේ චූටි පිඟාන :) 
ප/ලි 

නාසරෙත්  ,බෙත්ලෙහෙම් ,තිබේරියා,ආකෝ  ඇතුළු  ඊශ්‍රායලය පුරාම තිබෙන වටිනා නගර  තුළ  ඉන්නේ අරාබි ජාතිකයන්.. ඒ ගැන විස්තර  මේ ලිපිය තුළ ලියන්නේ නැහැ . යේසුස්  සහ යුදෙවුවන්..... යේසුස් සහ  අරාබි ජාතිකයන්, මුස්ලිම් අරාබි, ක්‍රිස්තියානි අරාබි,,, ඊශ්‍රායලය අභ්‍යන්තර අරාබි ,වටේ ඉන්න අරාබි... මේ සියල්ලම ගැන වෙනම ලිපියක ලියන්නම්.දැන් නිදි මතයි.

59 comments:

  1. ඔමා කිලෝ කීයක් අඩු උනාද?
    ඩයට් එකට පෙර සහ පසු චායාරූප පෙන්නන්නල ඔප්පු කරන්න ඕනෙ.

    ReplyDelete
    Replies
    1. ඊයේ 7 වෙනි දවස කිලෝ 6ක් අඩු වුණා. ඉන අඟල් 2 ට වැඩි. ෆොටෝ ගන්න කවුරුත් නෑ ඇනෝ මන් තනියම නේ ඉන්නේ.

      Delete
    2. ඔමා අර ගෑල්ලමයගෙ ඩයට් ප්ලෑන් එකද කරන්නෙ. අන්න ඔයා එවපු ඒක මන් අපේ හාමිනාට පෙන්නල උන්දැත් අද පටාන් ගත්ත.

      Delete
    3. අර මං තිඹිරිගේ දාලා තියෙන්නේ ඒක කලේ,, ඉන්දියන් ප්ලෑන් එකක්, ඒක ඇත්තටම නියමයි අයියේ වයිෆ්ට කරන්න කියන්න එක සතියනේ කැප වෙන්න ඕනේ . ගොඩක් අමාරුයි මොකද අපි නිතරම සීනි වලට සහ එක එක විදියේ කෑම එකම දවසේ ගන්න හුරුවෙලා නිසා. අක්කට මගෙන් සුබ පැතුම්,

      Delete
    4. ඔන්න ඔමා නම් වැඩේ හරියටම කලා නේද! ගොඩක් සතුටුයි!

      Delete
    5. ඔයාට ස්තුතී ඩයට් ප්ලෑන් එකක් හොයා හොයා ඉද්දි හම්බුණේ ඔයාගේ බ්ලොග් එක

      Delete
  2. මට මේ පෝස්ට් එකට වඩා ඒ පිටුපස තියෙන කතාව මීට වඩා රහයි...

    ReplyDelete
    Replies
    1. අනී යොදාත් මෝතෙක් ෂෙලී තොදා රබා

      Delete
    2. //අනී යොදාත් මෝතෙක් ෂෙලී තොදා රබා// ගූගල් ට්‍රාන්ස්ලේශන් එක.. //අනේ ඔයා මොත්තෙ නොදා ඉන්න මල්ලී.. ඔයා බබා..// :p

      Delete
    3. හි හි හි අනේ අනේ කමියෝ

      Delete
  3. හොඳ ඓතිහාසික කරුණු එකතුවක්. බොහොම ස්තුතියි. ටිකක් වෙහෙස වෙලා ගත්ත පින්තූර බවත් පෙනෙනවා. මේ පින්තූර සංරක්ෂණය කරලා තියාගන්න. කල් යන්න යන්න වටිනවා.

    අර පිඟාන චූටි වැඩියි ඊට වඩා ලොකු පිඟානක් ගන්නවා හොඳයි.

    ReplyDelete
    Replies
    1. විචාරක තුමණි, ස්තුතී මං ගත්ත හැම පින්තුරෙම මෙතන නැහැ. මෙතන තියෙන සමහර ඒවා මං ගූගල් සර්ච් කරලා ගත්තේ, මොකද වඩා පැහැදිළි පින්තූර දාන්න ඕනේ නිසා... පල්ලි තුල තියෙන ඒ මුස්පේන්තු අන්ධකාරයට ශාප වේවා... ෆෝන් එකකින් ෆොටෝ ගන්න හරිම අමාරුයි..

      Delete
  4. දෙවන ලිපිය අපේක්ෂාවෙන් හිටියෙ ලිපිය වගේම මේ දුර්ලභ පින්තූර ටික හරිම වටිනවා. විචාරකතුමා කියන්න වගේ පිඟාන මදි තමා

    ReplyDelete
    Replies
    1. ස්තුතී සාරිකා.. කපල් එකම කමෙන්ට් කරලා එකට... පින්තූර ගොඩක් නෙට් එකේ තියෙනවා. මං ලග ත් තව ගොඩක් තියෙනවා එකතු කලේ නැහැ පෝස්ට් එක සමහර අයට ලෝඩ් වෙන්න වෙලා යන නිසා

      Delete
    2. ඈ බොලේ සාරිකා විචාරනී කියන්නේ ගෑණු කපල් එකක්ද

      Delete
    3. අපෝ ඇනෝ මං විහිළුවක් කලේ අපේ විචාරක තුමයි සාරිකයි දෙන්නම එක ලග කමෙන්ට් දාලා නිසා

      Delete
  5. මම The Jesus Discovery by Simcha Jacobovici පොත බැලුවා . එහි සඳහන් වන Jesus tomb ඔබ දැක තිබෙනවාද ? එහි චායාරූප දාන්න බැරිද ?

    ReplyDelete
    Replies
    1. මං බෙත්ලෙහෙම් ගිය වෙලාවේ එතනට යන්න බැරි වුණා, ඒත් තව මාස දෙකක් ඇතුලත ආයෙම යනවා.. එහෙ ගියාම අනිවාර්යෙන් ඒ ගැන ලියන්නම්,, ක්‍රිස්තු වර්ෂ පළවෙනි සියවසේ මළවුන් භූමදානය පිලිබඳ සංස්කෘතිය මනාව පෙන්වන සොහොන තමයි යේසුස් වහන්සේගේ සොහොන.

      ශුද්ධ බයිබලයේ මතෙව් පොතේ 27 පරිච්චේදේ 60 වෙනි පදයේ සඳහන් ආකාරයේ ගල් පර්වතයක් තුල කපපු සොහොනක තමයි වුන්වහ්න්සේගේ මිනිය හොවා තියෙන්නේ... ඒ ගුහාවේ පියන විදියට විශාල ගල් රවුමක් තියෙන්නේ..

      Delete
  6. අදත් විස්තරේ හොඳයි. මොකද්ද අර පිටුපස කතාව (මාතලන් කියපු)

    ReplyDelete
    Replies
    1. මේ වගේ කොටස් දාන්නම් කියලා නවත්තපුවා ලියන්න මන් ආසම නෑ අනේ.. ඊයේ රෑ 3 යි නිදගද්දී නිදිමරගාතේ ලියාගෙන ලියාගෙන ගිහින් පෝස්ට් කරලා නිදාගත්තේ..

      ඔයත් ගානට ටච් කරා නේද පොයින්ට් එකක් ඉදගෙන ;D

      Delete
  7. අප්පට සිරි හොඳ චුටි පිගාන.....
    බලන් ගියාම අපිටත් වඩා අරාබි කාරයන්ට මොලේ නැති පාටයි
    (මම කිව්වේ අර ඔයා දිහා බලන් හිටිය ආරාබි කාරය ගැන)

    ReplyDelete
    Replies
    1. මැලේ මල්ලි බබෝ ගුති නොකා ඉන්නෝද :(( .. ඒ වයස මනුස්සයෙක් අනේ වස පාටයි

      Delete
  8. //නැවත 13 වන සියවසේ නාසරෙත් නුවර අරාබින් විසින් අත්කර ගැනීමෙන් පසුව සියවස් ගණනාවක් පාළුවට හැර තිබෙනවා.//

    අන්තවාදීව මේවා විනාස නොකල ඒ අරාබීන්ට මගේ ප්‍රණාමය!!

    මේවා ලියන එකාට සහ පිටිපස්සෙ කතාවට ස්තූතියි

    ReplyDelete
    Replies
    1. කලින් කොටසෙදි කියපු බැසිලිකා දේවස්ථානය අරාබින් විනාශ කළා,, නාසරෙත් වල ඉන්න අරාබි අය ක්‍රිස්තියානි ඔවුන් බයිබලය සහ යේසුස් වහන්සේ විශ්වාස කරන අය..

      කමෙන්ට් කරන අයලටත් ස්තුති ඉදගෙන

      Delete
  9. මේව දෑසින්ම දුටු ඔයා ඇත්තටම වාසනාවන්තයි. ඒක නෙමේ. ඊශ්‍රායලය තුල අරාබීන් ඒ තරම් බලවත්ද

    මේව දකිනකොට මටසිහිවුනේ ඒ කාලෙ මේවගෙ මොනතරම් පිරිසක් යාඥා කරන්න ඇද්ද කියල.බයිබලයෙ නම් සදහන් වන ඓතිහාසික පුරුෂයන් මේවායේ නිතර සැරි සරන්න ඇති.

    ReplyDelete
    Replies
    1. ඔව් මටත් එහෙම හිතුණා එතන දැක්කම,,, ඒක හරි ලස්සන ඉමජින් එකක්

      Delete
  10. //යේසුස් වහන්සේගේ පියා වඩු වැඩ කළ ස්ථානය// ඒ කියන්නේ සර්වබලධාරී දෙවියන් වහන්සේ වඩුවෙක්ද?

    සිදුහත් කුමාරයා උපං හැටියේ නෙළුම් මල් උඩින් පැන පැන ගිහින් පණ්ඩිත කතාවක් කියුව කියනෙක විශ්වාස කරන්නේ නෑ වගේම මං මේ දෙවියන්වහන්සේ අතින් මරිය බඩ වෙච්චි කතාවත් විශ්වාස කරන්නේත් නෑ.. මොනව උනත් යෝශෙප් කියන්නේ ග්‍රේට් පොරක්. අනාත වෙච්චි මරියව බැඳල හැබෑ ආදරය කියන්නේ මොකක්ද කියල පෙන්නුවනේ..

    නිදිමත නොවී තියේද අර වගේ පුංචි පිඟන් තුන හතරක් කෑවම.. කම්මැලි නැතුව ලියහන් නගේ.. මේක හෙන ඉන්ටරෙස්ටින් නේ..

    ReplyDelete
    Replies
    1. නැහැ මං අදහස් කලේ භූමික පියා ගැන... මං ඒ වගේම විශ්වාස කරනවා සර්වබලධාරී දෙවියන්ව...

      ඔය අන්තිම පිගානනේ ඊට කලින් එක එක ඒවා කෑවා අනේ ගොඩක්

      Delete
    2. යෙසායා නම් අනාගත වක්තෲවරයා ප්‍රකාශ කළා කන්‍යාව ගැබ්ගන්නා බවත් දරුවෙක් බිහිකරන බවත් ඔහුට එම්මානුවෙල් යන නම තබන බවත්.එය බෙත්ලෙහෙමේ සිදුවන බවත් කීවා. සමකාලීන යුදෙව්වන්ට සැක කරන්න හේතුවක් වුනේ නෑ. එහෙත් යුදෙව්වන්ට ඕන වුනේ රෝම පාලනයෙන් ඊශ්‍රායලය මුදාගෙන දාවිත්ගෙ කාලෙ වගෙ ශක්තිමත් යුදෙව් රාජ්‍යයක් පිහිටුවන්න.
      දාවිත් ගීතාවලියෙ කියනව එන්ට සිටින්නා වූ රජ්ජුරුවෝ ගැන කිහිප තැනකදිම. ඒ හැම තැනකදිම කියවෙන්නෙ ආධ්‍යාත්මික නායකයෙක් නොව ලෞකික රජෙක් ගැනයි. ඊශ්‍රායල්වරු එක දිගට පැරදුනා.ඇසිරියන් , බැබිලෝනියන්, පර්සියන් ,ග්‍රීක් ,රෝම ඔය හැම අධිරාජ්යකටම යටත් වෙලා හිටපු ඊශ්‍රායල්වරුන්ගෙ බලාපොරොත්තුව මහ රජෙක්. මේ රජු එන්නෙ දාවිත්ගෙ වංශයෙන්.

      යේසුස් වහන්සෙ වටා මිනිස්සු රොක් වුනේ මේ අවශ්‍යතාවයට.යුදෙව්වන් අතර මෙවැනිඅ අය කිහිපවරක්ම පහළ වුන. එහෙම අය පෙරටුකරගෙන රෝමයට එරෙහිව උද්වේගයෙන් සටන් කළා. එක් අවස්ථාවක යුදෙව්වන්ට කන්න විතරක් නොවේ නාන්නත් එක්කම ලැබුනා.මට මතක හැටියට ඒ ප්‍රහාරය එල්ල කළේ ටයිටස්. යුදෙව් කුමාරයගෙ නම මතක නෑ.

      යේසු තුමාගෙ රාජ්‍ය ලෞකික එකක් නොවෙයි ලෝකෝත්තරයි. එය ග්‍රීක් වහලුන් අතර ජනප්‍රිය වුනා. රෝම පීඩනයට එය හොඳ ආධ්‍යාත්මික පිළිතුරක්. බුද්ධාගම කියන්නෙ රට පැටවීමට සකස් කළ හින්දු ආගමයි. ඒ වගේම ක්‍රිස්තියානිය කියන්නෙ රට පැටවීමට සකස් කළ යුදෙව් ආගමයි.

      Delete
    3. යෙසායා 53 පරිච්ච්දය තුළ යෙසායා නැවත කියනවා එන්න සිටින තැන'න් වහන්සේ ගැන... ඒ වගේම උන්වහන්සේගේ කුරුස පත්වීම ගැන,, යෙසායාගේ කාලයේදී යෙරුසලම තුල මිනිස්සු සෑහෙන්න වද වින්දා නමුත් ඔවුන් මේ අනාගත වාක්‍ය තුල ලවුකික රජෙක් බලාපොරොත්තු වුණේ නැහැ හැකිනම් කියවා බලන්න යෙසායා 53 ....

      ඒ වගේම ගීතාවලිය තුල එන්ට සිටින මහෝත්තමයාණන් ගැන සඳහන් වෙනවා,, එතන අපි පරිස්සමෙන් කියවන්න ඕනේ මොකද හැම තැනකම කියවෙන්නේ යේසුස් වහන්සේගේ පළමු දෙවනි පැමිණීම වන මාංශමය ක්‍රිස්තුස් නැතිනම් මෙසායා කියන කෙනා ගැනම නෙමේ,,, එළිදරව් පොතේ සඳහන් වන හර්මගදොන් යුද්ධය මෙහෙයවනන්න සහ විනිශ්ය පිණිස උන්වහන්සේ පැමිණෙන තෙවැනි පැමිණීම ගැනත් ඒවායේ සඳහන් .. දාවිත්ගේ පුත් ස්ලෝමෝ (සලමොන්) ගේ ගීතයක් වන 72 ගීතාවලිය තුල කියනවා

      "තණකොළ කැපු කෙත් පිට වැස්ස මෙන්ද
      බිම තෙමන වැසි වලා මෙන්ද උන්වහන්සේ පහළවනසේක.... ඒ කාරයට දිර්ගව විස්තර කරනවා එය ලවුකික රජෙක් ගැන නෙමේ,,,



      යුදෙවුවන් කිපසැරයක්ම වහලට අරන් ගියා,,, යුදෙව් රජවරුන්ව වටේම ඉන්න රාජ්‍ය වලින් අරන් ගියා,, එක වරක් ඇස් පවා ගලෝලා දැම්මා,,,, මහපට ඇගිලි කැපුවා,,,, යෙසායා කියන විදියට ජෙරුසලම තව තව වින්දවන්ට ඕනෑය........
      යේසු තුමාගේ රාජ්‍ය මට නම් ලවුකිකයි.... උන්වහන්සේ කිවුවේ පිපාසා අයට බොන්න දෙන්න,,, බඩගිනි අයට කන්න දෙන්න..

      //ක්‍රිස්තියානිය කියන්නෙ රට පැටවීමට සකස් කළ යුදෙව් ආගමයි.///

      මේ ගැන මට පැහැදිළි කරන්න

      Delete
    4. //බුද්ධාගම කියන්නෙ රට පැටවීමට සකස් කළ හින්දු ආගමයි. ඒ වගේම ක්‍රිස්තියානිය කියන්නෙ රට පැටවීමට සකස් කළ යුදෙව් ආගමයි.// මේක ගැන මටත් පැහැදිලි කිරීමක් ඕනි යකා.. මමනම් අදහස් කරේ මිනිසුන් මත වැඩි භක්තියක් ඇති කිරීමේ මුවාවෙන් ගොතල තියෙන අතේ පැළවෙන ආගමික සාහිත්‍ය බ්ලන්ඩර්ස් වලට මං ගරු කරන්නෙ නෑ කියන එක විතරයි.. බට් අයි නෝ යූ හැව් සම්තින් මෝ දෙයාර්..

      Delete
    5. yes කමි මී ඕල්සෝ ලයික් ආස්ක් ෆ්‍රොම් යකා,, හී ක්නෝ මෝර්

      Delete
    6. මේක ගැන කතා කරන්නනම් පෝස්ට් එකක් දාන්නම වෙනව. ඒක ඉදිරියෙදි සිද්ධ වෙයි. ඒත් කෙටියෙන් යමක් කියන්නම්.
      හින්දු ආගම අපනයනයට සුදුසු භාන්ඩයක් නොවෙයි. එහි කුල ක්‍රමය එන්නෙ උපතින්. පුජ්‍ය පක්ෂය බ්‍රහ්මයගෙ මුඛයෙන් උපන් බමුණන්. ක්ශත්‍රිය , වෛශ්‍ය , ශුද්‍ර මිනිසුන් හිටියා. හින්දු ආගම අපනයනය සදහා මේ කොටස් ඉවත් කරල සර්ව ව්‍යාපී සංකල්පයක් වුන බුද්ධත්වය මත අපනයනය කළා. නමුත් ඇතුලෙ තියෙන්නෙ ඉන්දියානු සංස්කෘතිය. අර කුල ක්‍රමයත් වෙන මුහුණුවරකින් ආව. අපනයනයෙදි බොහොම පොඩි වෙනසක් කළේ .ඉන්දියානු ජාතිකත්වය වෙනුවට හැමෝටම පිළිගන්න පුළුවන් සන්කල්පයක් ගෙනාව.

      යෙහෝවා දෙවියන් කියන්නෙ යුදෙව්වන්ගෙ ජාතික දෙවියා. හැම ජාතියකටම තම තමනෙග් ජාතික දෙවියෙක් සිටියා. ඇත්තටම මේ දෙවිය කලින් පුරයට අධිපති දෙවියා. ඒත් සංචාරක වෙළෙන්දෙක් වුන ආබ්‍රම් ඇවිද්ද හැමතැනටම ඇදහිල්ල ගෙන ගියා.
      යුදෙව්වන්ට අනුව ලෝකය මවපු දෙවියො යුදෙව්වො තෝරාගත් සෙනග ලෙස තොරාගන්නව. ලෝකය මවපු දෙවියො එක වර්ගයක දෙවියෙක් වෙන්න බැහැනෙ. යුදෙව් ආගම අපනයනය කරනකොට ජාතික දෙවියා ජාත්‍යාන්තර දෙවියෙක් වෙනවා. තව දුරටත් ඉන්නෙ මෝසෙස් හරහා අන්ජාතීන් මර්ධනයට යුදෙව්වන් පෙළඹවූ ප්‍රචන්ඩ දෙවියා නොවෙයි. මිනිස් වර්ගයාගේම ආදරණීය පියා. ඔහු මිනිසාගේ පවු වෙනුවෙන් දිවි පුදනවා. ග්‍රීක් වහලුන්ට මෙම සංකල්පය වැළදගන්න එක පහසු වුනා.

      යේසුස් පවා එකවරම මෙම සංකල්පය පිළිගත්තෙ නෑ. එතුමා වරෙක කියනව දරුවන්ට දෙන දේ බල්ලන්ට දෙන්නෙ නැහැ කියල. දරුවො කියන්නෙ යුදෙව්වො බල්ලො කියන්නෙ අන්ජාතීන්. පසුව පාවුල් වැනි අය මෝසෙස් ගෙ නීති බොහොමයක් වෙනස් කළා.

      ඊශ්‍රායලයෙ නිෂ්පාදනය කරපු භාන්ඩය හැමෝටම පිළිගන්න පුළුවන් වෙන විදියෙ සංකල්පීය වෙනසක් ( ඇසුරුම ) කරල මේඩ් ඉන් ඉටැලි කියල මාකට් එකට ආව.

      මේ වගෙ දේවල් ගැන කතා කරන්න ඇත්තටම මම කැමති නෑ. ආගමික කරුණක් නිසා. නමුත් මම කළේ ශාස්ත්‍රීය අදහස් දැක්වීමක් පමණයි.

      Delete
    7. ස්තූතියි ඔබේ දීර්ඝ විස්තරයට.. හැබැයි මම ඔබේ පැහැදිලි කිරීම ගැන 100%ක් එකඟ නෑ.. විශේෂයෙන්ම බුද්ධාගම ගැන කියපු දේට.. හින්දු ආගම හා බුද්ධාගම අතර විශාල පරතරයක් තියෙනවා.. හින්දු ආගම නිකම්ම මිත්‍යා විශ්වාස මත පදනම් වෙලා තියෙන අතරේ බුද්ධාගම කියන්නේ දර්ශණයක්.. විද්‍යාවක්.. බෞද්ධ සාහිත්‍යයෙන් මං කලින් කිව්ව වගේ ආටෝප සාටෝප දෙන්න ගිහින් අපි වගේ රැඩිකල් බෞද්ධයින්ගේ අප්‍රසාදයට ලක් වුනත් බෞද්ධ දර්ශනය ප්‍රතික්ශේප කල නොහැකියි. පොදුවේ ලෝකයේ ප්‍රධාන ආගම් සියල්ලේම හරයන් බොහෝ විට සමානයි. ඒව ඔතල දවටල දෙන කොළ වල තමයි වෙනස්කම් තියෙන්නේ. ආගම් මාකට් කිරීම සඳහා ඔබ කියූ ආකාරයේ ක්‍රමෝපායන් අනුගමනය කිරීම හා එය ඉහ වහා යාම නිසා ආගම් අතර බෙදීම් හා වෙනස්කම් සිදුවන බවයි මා නම් විශ්වාස කරන්නේ. බෞද්ධ දර්ශනය ප්‍රකට බෞද්ධ ආගමෙන් වෙනස් වෙන්නෙත් එහෙම.. ඔබ කියූවා වගේ වැඩිපුර කතා කිරීමට නොහැකියි සංවේදී මාතෘකා නිසා. ස්තූතියි ඔමා ටත් වේදිකාව සකස් කර දුන්නට.

      Delete
    8. යුදෙව් ආගම සහ ක්‍රිස්තියානි ආගම කියන්නේ තනිකර අන්ත දෙකක්,,, එකම පොතක් දෙවිදියකට දකිමින් යන ගමන් දෙකක්,,, එකම දෙවිකෙනෙක් විස්වාස කරමින්

      Delete
  11. හප්පේ අර කුරක ඇනල තියෙන්නෙ මොනාද? අපි නම් හබුන් කියන්නේ බත් වලට :P.
    ගොඩක් අසාවෙන් උන්නේ දෙවැනි ලිපිය කියවන්න. දිගින් දිගටම මේ වගේ සංචාරය කරපු තැන් වල විස්තර දාන්ඩ. මම නම් පට්ට කැමතියි. :)

    ReplyDelete
    Replies
    1. ඒ පුච්චපු චිකන් බ්‍රෙස්ට් .. මං නිමාඩු ගන්නේ මාසෙට එකක් දෙකක් වගේ ඉතින් යන්න තියෙන ඉඩකඩ අඩුයි, ඒත් යන හැම තැනකම යන්නේ බ්ලොග් එකේ මොනාහරි ලියන්න ඕනේ කියන හැඟීමෙන් තමයි,,,

      Delete
  12. මේවා ගිහිං ඇස් දෙකටම බලන්න ආසාවක් ආවා.. ඒත් මේ තැං වල මහ ගුප්ත බවක් පෙනවා.. ආපහු මේ ලෝකෙට ආවෙ පුංචි පිඟාන දැකලා...මටත් බඩගිනියි වගේ..

    ReplyDelete
    Replies
    1. ආසාවක් තමයි ඇතිකරගන්න ඕනේ අනේ,,

      ඊට පස්සේ ඕනේ දෙයක් පුළුවන්

      Delete
  13. මරිය තුමී ගේ පියා සිහිකර හදාපු පල්ලියක් තියෙනවා ඔය දලුවකොටුව හරියෙ... සාන්ත කයිතන් ද මොකක්ද කියලා... මට මතක් උනේ සාන්ත කය්තන් ගේ පල්ලිය...

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ යේසුස් වහන්සේගේ සීයා.. එයාගේ නම කයිතන් වෙන්න ඇති එහෙනම්,,,

      Delete
  14. ඔන්න එහෙනම් ඉතුරු ටිකත් බලා ගත්තා! ලස්සන කෑම පිඟානකුත් දැක්කා :)
    "යේසුස් සහ යුදෙවුවන්..... යේසුස් සහ අරාබි ජාතිකයන්, මුස්ලිම් අරාබි, ක්‍රිස්තියානි අරාබි,,, ඊශ්‍රායලය අභ්‍යන්තර අරාබි ,වටේ ඉන්න අරාබි" ඔය ඔක්කොම වගේ හරිම පැටලුම්සහගතයි.මේව විස්තර ඇතුව කියන්න පුලුවන් නම් ගොඩක් වටිනවා. ඊශ්‍රායලයේ ඉතිහාසයත් හරිම රසවත් කියල අහල තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ඔය කෑම පිඟාන කෑවේ සති තුනකට වගේ කලින් ආයේ නම් කන්නේ තියා බලන්නෙත් නැතෝ ,,,

      ඔව් ඒ ගැන මන් දන්න තරමින් ලියන්නම්

      Delete
  15. දෙවනි කොටසට බොහොමත් ස්තූතියි.මේ පෝස්ට් එක කියෙවුවේ නැතිනම් මම කවදාවත් ඔයවගේ තැන්වල පින්තූරයක්වත් දකින්නේ නැතිවෙයි.මම පොඩ්ඩක්වත් කැමති නෑ ඔය පූජ්‍ය ස්ථාන කියන ඒවා බලන්න යන්න ආගම් මොනවා වුනත්.මට ඒවා හරි ගුප්තයි.
    මේ පෝස්ට් එකේ මොකද්ද අඩුවක් දැක්කා.බලන කොට අර ගියපාර පෝස්ට් එකේ හිටපු හොල්මන මේකේ නෑනේ.

    ReplyDelete
    Replies
    1. කටුසු ඇත්තටම මාත් එහෙමයි,, පල්ලි පන්සල් වල මං රැඳිලා ඉන්නවා ගොඩක්,, අඩුයි,, මට ඕනේ යන්නමයි. එදත් එහෙමයි සින් සින් ගාලා බැලුවා ට්‍රිස් ගාලා එළියේ :D

      හොල්මන මන්ටෝ :(

      Delete
  16. අදනම් පල්ලිය ඇතුල ලස්සනට ඇරං තියෙනවා. කෝ බොලේ ඒ පාර ඔමා?
    ආගම් වල චිත්‍ර සහ පිළිම වලට තියෙන තැන වෙනස්. හින්දු බෞද්ධ ආගම්වල පිළිම වැඩියි.
    මේ වගේ ටුවර් ගිහිං තනියෙන් ආතල් ගන්නැතිව ඒ දැනුම අපත් සමග බෙදාහදා ගැනීම ගැන අපේ උත්තමාචාරය පිළිගනු මැන උත්තමාවියනි :-)

    ReplyDelete
    Replies
    1. ඔය පිළිම තියෙන්නේ සිහිවටන විදියට ඒවට වඳින්නේ නැහැ කවුරුත්,,

      මං ඕවල යන්නෙත් බ්ලොග් එකෙත් ලියන්න හිතේ තියාගෙන මධු

      Delete
  17. අපූර්වි මැඩම්, ඕං මාත් ඔයාගෙ බොග් එකට එකතු වුනා. හැබැයි ඔයා මේ තැන් වලට ගියා කියල පිලිගන්ඩ බැරියෝ. කලිං පොස්ට් එකේ වගෙ photo කෑල්ලක් නෑනෙව. මේක මම ලියන්නෙ ඔයාට කණ පැලෙන්ඩ තැන්කූ කියන්නත් එක්කයි. යූ නෝ Y. මේ ඇත්තටම මගෙ ජීවිතේ පට්ටම අමාරුම කාලයක් කායික, මානසික, ආර්ථික ඇම එකකටම කෙළම කෙළ වෙලා. ගිය නොවැම්බර් ඉඳලා මම හොස්පිරිතාල ගත කරලාය.(නාමල් ඉන්නෙත් මම කලින් හිටි වාට්ටුවේ surgery එකෙන් පස්සෙ එයා තාම ICU ඉන්නෙ). පාලුව දුක මකාගන්ඩ මම කරන්නෙ ජාලය පුරා රස්තියාදු වෙන එක. හිංගල බ්ලොග් ගැන මට කිසිම හැගීමක් තිබුනෙ නෑ. දවසක් අහම්බෙන් ඔයාගෙ හීන ලෝකෙට ගොඩවැදුනා. වැඩේ නැගලම ගියා. එතනින් මාතලන්ගෙ , බස්සිගෙ, බට්ටිගෙ, ඩෙනිමට එහෙමත් ගොඩ වැදුනා. කාලෙකට පස්සෙ තනියම ඇති වෙන්න හිනාවුනා . ඔව්ව කියවල ආපු inspiration මොකද්ද එකෙන් මටත් බ්ලොග් එකක් ලියන්න හිතුනා ඕං. ඇරත් සනීපවෙලා ගෙදර ගියත් මට සාමාන්‍ය ජීවිතයක් ගෙවන්න බැරි කතාවක් තමයි කියන්නෙ. මට කියල කරන්ඩ වැඩක් තියෙන්නත් එපෑය. ලින්ක් එක පහලින් දාන්නම් වෙලාවක් තියෙනං ගිහින් බලලා ගුරු උපදෙස් ටිකක් දෙන්න ඔයාලා කේස්තරේ ප්‍රවීනයො නෙව. මේතරමට මගෙ හිත හැදුවට ඔයාලට ස්තුතියි. මම චීනා.

    http://cheenagewala.blogspot.in

    ReplyDelete
    Replies
    1. අඩ්ඩඩ්ඩා.... ඔය කාලෙ ඉඳන් මමත් කොට උඩම තමයි.දීපන් මචං අත. එල කිරි... උඹ ලියපං.ඒක හොඳ බෙහෙතක්.පුලුවන් නං 'දුකා' ගෙ බ්ලොග කියවහන්..උඹටමද කොහෙදො ලියල තියෙන්නෙ.

      Delete
    2. බ්ලොග් එකට ගියා හොඳයි ලියාගෙන යන්,, හරි සතුටුයි මං නිසා කෙනෙක් සතුටක් සැහැල්ලුවක් ලැබුවා කියන එක අහන්න ලැබීම,, ඔයාට දැන් සනීපද ? සාමන්‍ය ජිවිත කියන්නේ මොනාද අනේ,, ඔයා වෙනස් ජිවිතයක් ගත කරන්න ඒකෙත් සතුටක් තියෙයි,,, ජිවත් වෙන ටික කාලේ හිනාවෙලා ඉන්න,, ප්‍රශ්න නැත්තේ කාටද ඒවාට අපිව ඉක්මවලා යන්න දෙන්න එපා,, ප්‍රශ්න සහ සතුට කියන්නේ අනාරාදිත අමුත්තෝ විතරයි මට හිතෙන විදියට ,,, එයාලා එනවා එයාලම යනවා,,

      jay

      Delete
    3. අරකියුවත් වගේ මේකත් හාන්සි පුටු සංචාරයක්ද

      Delete
    4. අල්ලපු ගමේ තියෙන නාසරෙත් වලට නොයා ඉන්න මට පිස්සුද බන් අයියේ.. ලක්ෂ ගණන් දීලා මිනිස්සු ජිවිත කාලෙම මහන්සි වෙලා එන්න දගලන තැන් බලන්න

      Delete
  18. කස්ටියටම අම්බානක ඉස්ටුතියි වෝම් වැල්කම් එකට.

    ReplyDelete
    Replies
    1. ඔය ෆෝම් එකේම ලියන්න ඕනේ හිටන් ඈ

      Delete
  19. වටින කියන විස්තර ටික.. අපිට ඉතින් යන්න වෙන්නේ නැති හන්දා මෙහෙම බලලා දැන ගන්නනේ තියෙන්නේ..

    අද හොදයි අර වාමන රූප නෑ පෝස්ට් එකේ... :-P

    ReplyDelete
  20. ෂා,දවසක මමත් එනෝ ඔය පැත්තේ ඔව්වා බලලා යන්ට.
    කොච්චර වුණත් ඔය ඊශ්‍රායලයේ හිටපු,ඉන්න අරබි අය isis කාරයෝ නොවීම ගැන දෙවියන්වහන්සේට ස්තූතිවේවා! දැක්කානේ දැන් ඉන්න isis කාරයෝ සිරියාවේ පුරාවස්තු වලට කරන විනාශය.

    ReplyDelete
  21. බුද්ධාගමේ නිසා සමහර කියලා තිබුනු දේවල් ගැන අවබෝධයක් නෑ. ඒත් දවසක් ගිහින් බලන්න තිබුනා නම් කියලා හිතුනා....

    ReplyDelete


ලිපිය කියවා කොමෙන්ට් නොකලත් කමක් නැහැ.. කමෙන්ට් කලොත් සතුටුයි. ලිපිය කියවන්නේ නැතුව කොමෙන්ට් කරන්න එපා.
අපුර්වි_


,නිතරම යහපත කරන්න...,සතුට සැනසිල්ල හැමදාම ඔයාලග රැදේවි,,දෙවිපිහිටයි,

Related Posts Plugin for WordPress, Blogger...