Thursday, April 2, 2015

කුරා බාප්පා සමඟ මොරෝක්කන් ජෝර්ක්

උදේ  අම්මා  කෝල් කරපු වෙලේ කිවුවා අපේ ගෙවල් ළඟ සීයා කෙනෙක් නැතිවුණා කියලා එයා අපේ පවුලේ කෙනෙක් නෙමේ අසල් වැසියෙක් විතරයි. කෝල් එකෙන්  පස්සේ  මටත් නොදැනිම මං අතීතෙට යනවා, ඒ වෙච්ච සමහර දේවල් වලට එහෙම වුණේ ඇයි කියලා හේතු හොයනවා. අන්තිමට මේ වැඩේ හරියන්නේ  නෑ සීයා ගැන මතක්වෙච්ච ටිකක් ලියලා දාන්න ඕනේ කියලා හිතුවා.  
එයාගේ නම මොකක්ද කියලා අද වෙනකල් මං දන්නේ නැහැ කවුරුත් කිවුවේ "කුරා බාප්පා " කියලා. කවුරුත් කියන්නේ අපේ ආච්චි අම්මා  ,අම්මා වටේ පිටේ ගෙවල් වල අතදරුවා හිටං කිවුවේ කුරා බාප්පා,කුරා  බාප්පා කියන්න විද්‍යාත්මක හේතුවක්නම් නැහැ හොඳ සද්ධන්ත මනුස්සයා. එයාගේ  හාමිනේ නම් චුටීම චුටියි.(ඒකටත් ගමේ කට හැකර එකාලා එක එක එවුවා කිවුවා)  කුරා බාප්පා උපන් ගම හක්මණලු. ඉස්සර හක්මණ ගැන හරියට ලොකු කතා එයා කියනවා..මං හිතං හිටියේ  හක්මණ කියන්නේ  සිංගප්පූරුව වගේ ඇති කියලා  පොඩිකාලේ ඉතින් තේරුමක් නැහැනේ.. 


ඉතින්  මේ  සීයා ගමේ ප්‍රසිද්ධවෙලා හිටියේ  අළුත් අළුත් අයිටම් ගමට ගේන කෙනෙක් විදියට.එයා රජයේ දෙපාර්තමේන්තුවක වැඩ කලේ. මට මතක ඉස්කෝලේ  දෙකේදී වගේ වෙච්ච දේවල් විතරයි  හැබැයි. සමහර කතා අපේ අම්මා කියපුවා. ගමට මුළින්ම රේඩියෝ එකක් ගෙනත් තියෙන්නේ ඔය කුරා බාප්පා තමයි. ඒ  කාලේ අපේ අහළ පහළ කිසිම ගෙදරක රේඩියෝ තිබිලා නැහැ හවසට කට්ටිය මුවන්පැලැස්ස අහන්න එහෙ යනවලු. කුරා බාප්පා එයාගේ  බල්ලට නම දාලා තියෙන්නෙත් කදිරා කියලා හි හි..

කොහොමහරි මං ඉස්කෝලේ  තුනේදී තමයි අපේ ගමට කරන්ට් එක දුන්නේ ප්‍රේමදාස  මහත්මයා... කරන්ට  එක දෙනවා කියලා ඒ උත්සවේට අපි මාසෙකට කලින් ඉදන්  නැටුමකුත් පුරුදු වුණා ජනාධිපති තුමාව පෙරහරෙන් එක්කන් එන්න..  ඒ නැටුමට යන්න මට කළයක් ලස්සනට  හදලා දුන්නේ කුරාබාප්ප තමයි..  කරන්ට් එක දීපු  දවසෙම  ගත්තේ  ගමේ ගෙවල් කීපයක් විතරයි. අපේ තාත්තටයි මටයි  නම් ගාණක් වුණේ නෑ. අපි දෙන්නගේ  කාර්ඩ් බෝර්ඩ් ගෙට මොන ලයිට්ද... 

ඉස්සරහයි පිටිපස්සෙයි දොරවල් දෙක ඇරන් නිදාගද්දී  ෆුල් ඒසී.. බල්ලෙක් බුරන සද්දයක් ඇහුණොත් දෙන්නත් එක්කම එලියට යනවා බලන්න.. තාත්තා එහෙම එලියට යද්දී මාව එයාගේ වම් උරහිස උඩින් ඉන්දෝගෙන අරන් යන්නේ  හම්මේ  ඇතා පිටේ  යන නිළමෙ කෙනෙක් වගේ හෙනම ගැම්මෙන්  තමයි ඉතින් මං ඉන්නේ. අපි දෙන්නා රෑ දෙකට තුනට හරි එළියට ගියොත්  විනාඩි දහයක්  පහළවක් අහස දිහා බලන් ඉඳලා තමයි ආයෙම ගෙට එන්නේ....තාත්තා කියපු විදියට තරු වල මිනිස්සු නෑ ඒවල  එළිය වැඩි හින්දා.. ඒත් අඟහරු කියලා ග්‍රහලෝකෙක අපිට වඩා මිටි මිනිස්සු ඉන්නවා.. 

කුරා බාප්පා ගැන ලියන්න ඕනේ පඳුරු තැලිල්ල නවත්තලා.  මේ කුරා බාප්පා හරි ආටෝප වැඩ කරන කෙනෙක් ගෙදරට කන්න නැතත්  රටේ ලෝකේ මිනිස්සුන්ට පේන්න හරියට අනවශ්‍ය දේවල් වලට වියදම් කරනවා. අවුරුද්දට දෙතුන් පාරක් ගෙදරට තීන්ත ගානවා. රේඩියෝ එක අරන් තිබ්බෙත් අවුරුද්දට ලැබිච්ච බෝනස් එක වගේ දීමනාවක් පවා සම්පුර්ණම වියදම් කරලා.  ගමට මුලින්ම  කළුසුදු චුටි ටීවී එකක් ගෙනාවෙත් එයා.  ටීවී  එක ගෙනාවේ කොයි  කාලේද මට හරියට මතකයක්  නෑ.. මොකද මේ කියන කරන්ට් එක හම්බෙච්ච  කාලේ තමයි අපේ තාත්තා හිරේ ගියේ අවුරුද්දකට. ඒ අවුරුද්දේ මං හිටියේ  බටුවත්තේ ආච්චිලගේ දිහානේ.ඔයාලා දන්නවනේ ඒ කථාව. (මට මතක කදිරගේ බැලුමක්කෝ කාගෙන කස කසා  නයිට්‍රයිඩර් බැලුවා කියලා විතරයි. ඔය කාලේ  අපේ පොඩි සෙට් එක කතා වුණත් එක්ක ඔය බලු නකුටව කොහේ හරි ගෙනියලා අතරමං කරලා එන්න..ඒත් ඒ වැඩේ කරන්න බැරි වුණා අපිට. ) 

කුරා බාප්පා ගැන මේ  කථාව කිවුවේ අම්මා. කුරාබාප්පට ලුමාලාද , රැලේ ද කියලා  බයිසිකල් එකක් තිබ්බලු. ඔය බයිසිකලේ කඳු වල ,පල්ලම් වල මෙයා තල්ලු කරන් තමයිලු යන්නේ... කවදාවත් වලකවත් වැටෙන්න දෙන්නේ නැහැලු..හැමදාම උදේ හවස කණ්නාඩිය වගේ වෙන්න පිහිනවලු. ටයර් හිටං.. දවසක් මෙයා මිනුවන්ගොඩ ගිහින් කඩයක් ඉස්සරහා සයිකලේ නවත්තලා ඇතුලට ගිහින් එළියට එද්දී  සයිකලේ නැහැලු..මෙයා  බයවෙලා කෑගහද්දී වටේ පිටේ හිටපු අය කියලා තියෙනවා
කවුද 
 "උස මහත කොල්ලෙක් පැදගෙන ඔය පැත්තට ගියා" 
කියලා... ඊට පස්සේ  කුරාබාප්ප අහලා 

"හයියෙන්ද ගියේ ???"

"හයියෙන්දත් අහනවා ....පැද්දා පැදිල්ලක්.."
නළලේ අත ගහගත්ත කුරා බාප්පා කිවුවලු 

"ඔතනින් එහාට පාර ගන්න දෙයක් නෑ වලවල් වල දාලා සයිකළේ රෝදේ බකල් කරයිද දන්නේ නෑ.මං සයිකලේ අපේ කොල්ලට වත් දෙන්නෑ ඔකුන්ගේ කිසි පරිස්සමක් නෑ " කියලා.

................................................

මේ දෙවනි කථාව. මේක දැන් හම්බුණේ  කුරා බාප්පා වගේම කෙනෙක් ගැන.එවුවේ ආච්චිගේ දුවගේ දුව. ඊශ්‍රායලය ඇතුළේ ඉන්න එක එක රටවලින් ආපු ජුවිස් අය ගැන එක එක විහිළු  කතා තියෙනවා. යුරෝපෙන් ආපු ජුවිස්ලා නිතරම මොරෝක්කෝව වගේ රටවල ඉදලා ආපු අයට කින්ඩි දානවා  මෝඩයි කියලා. මේකත් ඒ වගේ කථාවක් .

දැන් 4;35  යි උණු උණු ජෝක් එකක් මේක මට එවුවේ 4;16 ට
මං මහගොඩක් හිබ්රු දන්නේ නෑ නමුත් ජෝක් එක එකෙම්ම කියෝගන්න පුලාන් වුණා.

කුරා බාප්පා වයසම කෙනෙක් ගැන නිසා එයාගේ චරිතෙට ආදේශ කරලා අපිට සෙට් වෙන විදියට ලියන්නම්කො.

"කුරාබාප්පා ෆෑන් එකක් ගෙනත්" ස්ටෑන්ඩ් ෆෑන් එකක්..
ඉතින් ෆෑන් එක සාලේ කෙළවරකින් එයාගේ පුටුවට ෆෝකස් කරලම හිටෙවුවලු.  දවසම හිටියේ  පුටුවෙලු. ඉරිදා උදේ ඉඳළා කොහොමහරි හවස් වෙනකල්ම ෆෑන් එක දාගෙන tv එක දිහාබලාගෙන ඉඳලා.
 කාටවත් එයාගේ පුටුවේ ඉඳගන්න දීලත්  නැහැ.හවස් වෙලා ඇඟ හෝදගන්න ලිඳට යන්න කලින් වයිෆ්ට කියලා තියෙනවා මං ගිහින් එනකල් මේක අල්ලන්න වත් එපා කියලා. කොහොමහරි කුරාබාප්පා ලිඳට ගියවෙලේ වයිෆ් ඕක අතපත ගාලා තියෙනවා.. අර ෆෑන් එකේ උඩ තියෙන්නේ හෙඩ් එක කැරකෙන එක කන්ට්‍රෝල් කරන ලොකු ස්විච් එක ඕක මෙයාගේ අතින් එබිලා. හෙඩ් එක කැරකෙන්න ගත්තලු. වෙච්ච දේ ගැන වයිෆ්ට හිතාගන්න බැරිවෙලා..කැරකෙන්න ගත්තට පස්සේ ලඟට යන්නත් බය වෙලා.. කොහොමහරි කුරාබාප්පා ඇවිත් ෆෑන් එක දැකලා වයිෆ්ට කෑගහලා ඇහුවලු 
"මොනාද ඔහේ මගේ ෆෑන්  එකට කරේ ???

"අනේ මන්දා අනේ ඔයා ලිඳට ගියාට පස්සේ පටන් ගත්තේ...මං ඒත් හිතුවා ඔයාව හොයනවා ඇති කියලා "

............................................................
කුරාබාප්පා ගැන කතා පස්සේ ලියන්නම් තව. 


54 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. දිවිය ලෝකෙ ගිය සීයට .....
    නිවන් සුව''''''''!...............

    ReplyDelete
    Replies
    1. හම්මේ කාලෙකින් මෙයාව දැක්කේ ,

      Delete
    2. අපි දැන් ........ලොකු අයනෙ සත්තලන්......
      යහ පාලනය එක්ක සිසිල් සුවද විදිමින්.........
      ශීත කදුකරේ......

      Delete
  3. ඊශ්‍රායෙල් කතාව නං සිහි කරන්නේ අර ලංකාවේ උඩුරාවණ, ඉන්දියාවේ සර්දාර් වගේ ඒවා!

    කූරා කියලා මගේ මිත්‍රයෙක් නං ඉන්නවා. පොර අඩි හයක් විතර උසයි!

    ReplyDelete
    Replies
    1. උඩුරාවණ කතාව දන්නෙත් නෑ සර්දාර කතාව දන්නෙත් නෑ මං . මේක ගොඩක් පරණ විහිලුවක්ලු

      Delete
  4. //""ඒකටත් ගමේ කට හැකර එකාලා එක එක එවුවා කිවුවා""//

    හා පුළුවන් නම් ඒ කියපු එකක් කියපං බලන්න .....ඔට්ටුයි බැරුවට .

    අර මැසේජ් එජා මටත් තේරුනා අපූරුවට .... දෙන්න හිතෙනවා හොම්බට හැටක් උඹේ

    ReplyDelete
    Replies
    1. මේ සතියේ වත් තමුන්නැහේ පෝස්ට් එකක් ලිඋවොත් කියනවා එකට දෙකක් :D

      Delete
    2. ඕමා අන්න මු පොස්ට් එකක් දාලා

      Delete
  5. මිනිස්සු ඔයා කියපු කූර බාප්ප වගේ එකපාරට මතුපිටින් පේනදේ පස්සෙ තමයි යන්නෙ නමුත් ඇත්තටම තමුන්ට නැතිවුනේ මොනවද කියල වටහගන්නෙ පහුකාලෙක. සමහරවිට මුලු ජීවිතේටම ඒක තෙරුම්ගන්නෙ නැති අයත් ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. එයා මැරෙද්දි එයාට කියලා බිනගලක් වත් නෑ ඉඩම් ඔක්කොම විකුණ විකුණා ආටොප් වැඩ කලේ ,, එයා කවදාවත් තේරුම් ගත්තේ නෑ තමන්ට හැකි මට්ටමෙන් ජිවත් වෙන්න

      Delete
    2. එක අතකින් මැරෙද්දී බිම් අඟලක් නෙමේ හෙක්ටයාරයක් තිබුනත් මොකටද ඔමා... කුරා බාප්පා කල හැමදේම හරියි කියනවා නෙමෙයි ඒත් ටිකක් ආත්මාර්ථකාමී වෙලා බැලුවොත් මිනිහා ආතල් එකේ ජිවත් වෙලා ආතල් එකේ මැරිලා ගිහින් වගේ මට හිතුනේ...

      Delete
    3. ඒකනම් ඇත්ත, එහෙම නෙමේ මෙයාට හිටියේ දුවයි පුතයි දෙන්නම ගොඩක් නුගත්.. එයාලා බැන්ද අය සහ ඒ අයට හම්බුණු දරුවෝ ඒ ඔක්කොම හරිම වෙනස් කුරා බාප්පාගේ මුණුබුරෝ මගේ වයසේ.. එයාලා කලේ තිබ්බ ඉඩම් ටික ටික විකුණ විකුණ එක එක දේවල් කළා,,, අටුවා කඩා පුටු හැදීමේ සංකල්පය තමයි යුස් කරේ... උදා: ඉඩමේ පිටිපස්සෙන් පර්චස් කීයක්ද මන්දා අල්ලපු වත්තේ අයට සුළු ගානකට විකුණලා ඉස්සරහින් හෙන විශාලා ගේට්ටුවක් දැම්මා... හැබැයි වත්තේ වටේටම හරිහමන් වැටක් වත් නෑ,, අඩුගානේ ගේට්ටුවෙන් උඩට පේන්න තරම් ලොකු ගෙයක් වත් නෑ,, එයා මැරෙද්දි අන්තිමට මරුනේ තමන්ගේම ඉඩමේ කුලී කාරයෝ විදියට ජිවත් වෙලා... අක්කර ගානක ඉඩම් .. එයා පරම්පරාවෙන් ලබාගත්ත ඒවා... ඒත් දරුවන්ට මුණුපුරන්ට බිම් අගලක්වත් එයාගෙන් ලැබුණේ නෑ

      Delete
  6. කතා දෙක හොඳයි.
    අර අකුරු කියෙව්ව කිව්වම පුදුමයි. හැබැයි උඩයට ගැහුවම නං ටිකක් හුරුපුරුදු ගතියක් තියනව

    ReplyDelete
    Replies
    1. එච්චර අමාරු නැහැ අයියේ අකුරු 27 යි තියෙන්නේ. හි හි ස්තුති

      Delete
  7. මේක කියවන්න ඇවිත් කිය්ව්වෙ වෙන එකක්.

    ReplyDelete
  8. කුරා බාප්පා නම් මොකද.. අපේ පන්තිවල එකෙක් හිටියා හෙන ඉස්ටයිල්.කොයි වෙලෙත් ඔලුව පීරනවා.....සපත්තු පිහිනවා....බැගී හදනවා... වැඩ කෝටියයි.මේක වෙනකොට අපි 11 වසරෙ.දවසක් මූ කොරිඩෝ එක දිගේ දුවගෙන ආවා හෙන වේගෙන්..එක පාරටම බාගෙට ඇරිලා තිබුනු දොරක හැප්පුනා 'දඩෝ...ං' ගාල.මූ වැටුනා.වටපිට බල බල නැගිට්ට මූ ගෙඩි ගැහුනු නලල අල්ලන්නෙවත් නැතිව කොණ්ඩෙ රොද හදල.. කමිසෙ පිහල තමයි නලල බැලුවෙ.ඔන්න බඩු..!

    ReplyDelete
    Replies
    1. හි හි එහෙම අය එකෙක් හැම බැජ් එකකම ඉන්නවා කොහෙන් හරි,,, අපේ අම්මා දවසක් මාව එයාගේ බල්ලාගේ හැප්පිලා බයික් එක පෙරලිලා බල්ලව වඩාගත්තෙ ඔන්න සීන්

      Delete
    2. ඔන්න සීන් ! හෙහ් හේ

      Delete
  9. කුරා බාප්පා අනිත් අයට පේන්න අවුරුද්දට දෙතුන්පාරක් ගෙදරට තීන්තගාන එක කිව්වම මතක් වුනේ අපි අපිටම පාඩු කරගෙන අනිත් අයට පේන්න කරන වැඩ. ඔය වගේ ඒවා කුරා බාප්පා විතරක් නෙමේ, අපි හැමෝම අඩුවැඩියෙන් කරනවා. ඒ අතින් බලද්දි අපි හැමෝගේම ඇතුළේ කුරා බාප්පලා ඉන්නවා නේද?

    ReplyDelete
    Replies
    1. මගේ හීන අඩවියට ආදරෙන් එකතු කරගන්නවා ඔයාව. මේ වගේ අය පොඩි කාලේ ඉදලම ඔහොම්මමයි

      Delete
  10. මගේ ආච්චී කතා සෙට් එකට අභියෝග කරමින් සීයා ගැන ලියන්න පටං ගැනීම ගැන මගේ බවලත් මෙව්වා එක.. හැක්.. හැබැයි මරු.. දැන් කියවන උන්ට බැලන්ස්..

    කුරා බාප්පා එළ කොල්ලෙක්නේ.. අපේ තාත්තටත් ඒ කාලේ තිබිලා තියෙනවා රැලේ බයික් එකක්.. අවුරුදු ගානක් පෙරුම් පුරල පුරල අරගෙන ඕන් ඔහොම තමයි රැකල තියෙන්නේ.. 1971 කැරැල්ල කාලේ ගල්ගමුවේදී පොඩි විජේ ව පොලීසියට අල්ලං ඇවිල්ල ඉන්නව කියල බලන්න ගිහින් එනකොට පොලීසිය ඇතුලෙදිම බයිසිකලේ උස්සලාලු.. එදැයින් එදා ආයිත් බයිසිකල් අරන් නෑ ඒ විස්සෝපෙටම.. මේක ලියන වෙලේ අපේ ෆෑන් එක කැරකි කැරකි මාව හොයනවා.. හැක්.. එළ එළ.. ඔහොම යන් ඔහොම යන්..

    ReplyDelete
    Replies
    1. අපෝ ඔයාගේ ඒ කතාවේ අහලින් වත් තියන්න බැහැ කමි මේක මං මේ නිකන් පැය බාගෙකින් ලියලා පබ්ලිෂ් කරලා දාපු එකක්

      කුරා බාප්පා ඊලග සතියෙම බයික් එකක් අරන් ඒ වගේම ලොකු දම් වැලකුයි ඉබ්බෙකුයි එක්ක

      Delete
  11. පොඩි කාලෙදි දැන අදුන ගත්ත අය ජීවිත කාලෙටම අමතක වෙන්නෙ නෑ නේද. තව නැද්ද කුරා බාප්ප ගැන කතා?

    ReplyDelete
    Replies
    1. ඔව් පුංචි සිද්දියක් ඇති මුළු අතීතෙම කඩා පාත්වෙනවා එක පාරට ,,ඉස්සරහට ලියන්නම් ගිමන්

      Delete
  12. හනේ අම්මේ බං. අර අකුරු දැක්කම හොද වෙලාවට ඉතාලි ආවේ කියලා හිතුනා...

    තව කතා තියෙනවනම් ලිය කම්මැලි නැතුව..

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත අකුරු වගේම කතා කරන විදියත් හරිම වෙනස්,, ගොරහැඩි යි

      Delete
  13. හහ්... හහ්... “පොළඟා ටෝච් එක අරං මාව හොයනවා ඕයි“ කිව්වලු.
    අපේ පැත්තෙ හිටියා බල්ලෙක් “කයි“ කියලා. කයි කයි කිව්වම බල්ල දුවගෙන එනවා. කොල්ලො දුවගෙන යනවා.

    ReplyDelete
    Replies
    1. මධු @ මාත් ඒ කතාව අහලා තියෙනවා

      ඉවාන් @ කෙල්ලෝ දැක්කම බල්ලා දුවනවනෙ

      Delete

  14. מצחיק מאוד!

    කොහොමද ඒක!!! ඔය කුරා කියන්නේ බත්කුරා වගේ එක්කෙනෙක් වෙන්නැති!

    ReplyDelete
    Replies
    1. ועליז מלא හේ හේ . ගූගල් ට්‍රආන්ස්ලෙශ්න් එකේ දෙන්නේ නිතරම පුරුෂ ලිංග හිබ්රු විතරයි ඒ නිසා සාමාන්‍ය වචන වලට හරියන්නේ නැහැ

      Delete
  15. ///"අනේ මන්දා අනේ ඔයා ලිඳට ගියාට පස්සේ පටන් ගත්තේ...මං ඒත් හිතුවා ඔයාව හොයනවා ඇති කියලා "///
    මොනා උනත් මසුරන් වටින උත්තරේ..........

    ReplyDelete
    Replies
    1. හි හි මෝඩ කමට දුන්න උත්තරයක් උණත් ෆනි

      Delete
    2. මොනා උනත් මසුරන් වටින උත්තරේ..........

      හායි හනි ,මන් ඔයාගේ පොනී
      ඔයාව දැක්කේ නැනේ ජොනි
      ඔයාගේ ෂොට් එක හරි ජොලි
      අර බිත්තර දෙකත් හරි ෆනි

      Delete
  16. "අනේ මන්දා අනේ ඔයා ලිඳට ගියාට පස්සේ පටන් ගත්තේ...මං ඒත් හිතුවා ඔයාව හොයනවා ඇති කියලා "

    පට්ට ආතල් මෙයා....

    ReplyDelete
  17. බොහොම හොඳයි. කුරා බාප්පා සීරිස් එක දිගටම අරන් යමු.

    ReplyDelete
    Replies
    1. එයා ගැන කතා ගොඩක් තියෙනවා ලියන්නම්කො ඉදගෙන

      Delete
  18. පට්ට පොරක්නෙ කුරා බාප්ප

    ReplyDelete
    Replies
    1. එයාව හරියට කට්ටිය බයිට් කරනවා

      Delete
  19. කුරා බාප්පා නෙවෙයි මගේ හිතේ අන්තිමට ඉතිරි වුනේ ඔමාගේ තාත්තාගේ කතාව

    ReplyDelete
    Replies
    1. අර මැක්කා ගැන ලියන කෙනා වගේ මටත් මොන මාතෘකාව ලීවත් තාත්තා ගැන කෑල්ලක් ලියන්නම ඕනේ,,, හි හි තාත්තා ගැන ලියපු පෝස්ට් එකක් තියෙනවා , ඒ වගේම මගේ ලමාකාලේ යටතේ තියෙන ලේබලේ ඔය කතා සේරම තියෙනවා

      Delete
  20. හීබෘ කියවන්නත් පුළුවන් කියන්නෙ ඔමා අක්ක මාරයිනෙ :). ඒ කියන්නෙ ඊශ්‍රායලයේ ඉන්න අය කතා බහ කරන්නත් ඕන හීබෘ වලින්මද?
    කතා දෙක නම් මරු. ඔය වගේ මිනිස්සු හැම ගමකම වගේ ඉන්නව නේද :D. ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. මේ රටේ රාජ්‍ය භාෂාව හිබ්රු,, ඉංග්‍රීසි කතා කරන වුන්ව සතපහකට ගණන් ගන්නේ නෑ.. වැඩ කරන්න වෙන්නේ හිබ්රු සහ ස්පැනිස් ඇරැබ් , ජර්මන් වගේ භාෂා කතා කරන අය එක්ක එතකොට ඉගෙන ගන්නම එපැයි ඉතින් ., මන් ඔය නිකන් ඉන්න ගමන් ඉගෙන ගත්තේ අනේ,,, ඔය ස්නැප් ෂොට් එක දැම්මට පස්සේ තමයි හිතුනේ ඇයි මේක දැම්මේ කියලා

      Delete
  21. කතාව මැද්දෙන් දාපු කුණුහරුප මැසේජ් එක මොකද්ද? හම්මේ එකේ කියල තියන එව්වා.. කුරා මම කැලේ... මැසේජ් එකේනේ වැඩකෑල්ල තියෙන්නෙ...

    //"අනේ මන්දා අනේ ඔයා ලිඳට ගියාට පස්සේ පටන් ගත්තේ...මං ඒත් හිතුවා ඔයාව හොයනවා ඇති කියලා "// මේක නං මරු..

    ReplyDelete
    Replies
    1. හි හි ඔය කියෝගෙන තියෙන්නේ ලස්සනට .සජ්ජා # හි හි මටත් ඒ කොටස තමයි හිනා ගියේ,,

      Delete
  22. සැක්........ මිනිහෙක් මරුනමත් එකත් පොස්ට් එකකට ගන්න හැටි

    ReplyDelete
  23. මරු කතාව බං. අර හීබෲ අකුරුයි කියල නොදැන මං ලැප අනික් අතට හරෝලා බැලුවා උඩුබැලි අතට කියවන්න පුලුවන් මැසේජයක්ද බලන්න.

    ReplyDelete
  24. ශෝක් කතා ටික ....කුරා බාප්පා බාප්පා ගැන තව කතා ටිකක් ලියන්න.

    ReplyDelete
  25. කුරා බාප්පා වගේ තමයි අපේ මහින්ද මමිත් "ලෝකේට පරකාසේ,ගෙදරට මරගාතේ."

    ReplyDelete


ලිපිය කියවා කොමෙන්ට් නොකලත් කමක් නැහැ.. කමෙන්ට් කලොත් සතුටුයි. ලිපිය කියවන්නේ නැතුව කොමෙන්ට් කරන්න එපා.
අපුර්වි_


,නිතරම යහපත කරන්න...,සතුට සැනසිල්ල හැමදාම ඔයාලග රැදේවි,,දෙවිපිහිටයි,

Related Posts Plugin for WordPress, Blogger...