Monday, April 20, 2015

සීයලා ආච්චිලාගේ අපූරු ලෝකය

 අහම්බෙන් වුණත් මං නතර වෙච්ච  ජොබ් එක නිසා මට වඩා තුන් ගුණයක් විතර ජිවිත අත්දැකීම් තියෙන අය එක්ක ගැටෙන්න ලැබෙනවා. ඒ වගේම  විශේෂම සහ එපාමකරපු දේ ගෙදරදී පොඩි කාලේ ඉඳන්ම රණ්ඩු වෙච්ච ආච්චි අම්මගේ කැරැක්ටර් එක තියෙන කෙනෙක් එක්ක පැය විසිහතරම එකට ජීවත්වෙන්න වෙන එක. කරවිල උයලා කන්න අකමැති නිසා බැදලා ළුණු ,දෙහි ඇඹුල් දාලා රසට හදාගෙන  තිත්ත නොදැනෙන්න කනවා වගේ රැකියාව තුළත් කරන්න වෙලා තියෙන්නේ  200 %ක් ඉවසීම  චාර්ජ් කරන් ඉන්න එක .  පැය විසිහතරම ළමයෙක් යටතේ ඒ ළමයා කියන දේවල් කරන්න කැමති කවුද අනේ.. මට වෙලා තියෙන්නේ ඒකතමයි කෙටියෙන් කීවොත්.



අද ලියන්න හිතුණේ තාක්ෂණය සහ ආච්චිලා සීයලා ගැන.

.

ඇපල් සමාගම ඔවුන්ගේ අලුත්ම (මැක්බුක් වෙන්න ඕනේ) ලැප් ටොප් පරිඝණකය හඳුන්වලා දුන්නා  පහුගිය දවස් වල ,ඊට ත් කලින් ඇපල් i ෆෝන් 6 ජංගම දුරකථනය හඳුන්වලා දුන්නා ..ඒ වගේම සැම්සුන්ග් සමාගමත් ගැලැක්සි s 6  වෙළඳ පොලට නිකුත් කරා...එක එක වැඩකෑලි  සෙට් එකකුයි කෙළවරවල් නමලා අනම් මනම් කරලයි...

  ටීවී  එකේ  හැමදාම රෑට  පැය භාගයක්  යන වැඩසටහනක් තියෙනවා ඒකෙ හැමදාකම පෙන්නනවා එදා දවසේ ලෝකෙට අලුතෙන් එකතු වෙච්ච තාක්ෂණික උපකරණ සහ මෘදුකාංග පිලිබඳව.  මේ වැඩසටහන බලන හැම දවසකම මගේ හිතට වද දෙන ප්‍රශ්නයක් වෙන්නේ  ඇයි  මේ හැමදේම වැඩි වශයෙන් තරුණ පරපුර ඉලක්ක කරගෙන විතරක් කරන්නේ.. ?? ඇයි  මේ නිර්මාණ කරන මිනිස්සුන්ට නොහිතෙන්නේ  වයසක අය වෙනුවෙන්  අලුත් අලුත් දේවල් නිර්මාණය කරන්න.මොකද  මේ නිර්මාණ කරන  සොෆ්ට්වෙයා ඉංජිනේරුවොත් කවදාහරි වයසට යනවනේ. අද  අතපය ශක්තිය තියෙන කමට අපි හැමෝම සට සට ගගා කම්පියුටර් එක්ක ඔට්ටු වුණාට , වාහන එක්ක හැල්මේ දිවුවට දවසක් එනවා මේ ඔක්කොම දේවල් අනිත් අය කරනවා බලන් ඉන්න වෙන.  අනිත් අය ලව්වා කරගන්න වෙන.

අපේ රටට වඩා වයස අය වෙනුවෙන්  පහසුකම් දියුණු රටවල තිබ්බත්  ඒ තියෙන ප්‍රමාණය  මගේ  අත්දැකීම අනුව නම් මදි.  වයසට ගිය අය වෙනුවෙන් ඉලක්කම් ලොකු ටෙලිෆෝන්, එලෙක්ට්‍රික්  කාර් වගේ දේවල් සුලබව තිබ්බත් තාක්ෂණයේ  භාවිතාව නම් එතරම් ඉහළ මට්ටමක නැහැ. 




ඇවිදන් යන්න අමාරු වෙද්දී  හොඳ  වටිනා වීල් චෙයා එකක් අරගන්න පුළුවන්, ඊටත් කලින්  ටිකක් ඇවිදගන්න සහ අතපය වාරු තියෙද්දී  එලෙක්ට්‍රික්  කාර් එකක්... 

අවසානයේ එළියේ  ඇවිදින්න යාම අපහසු වෙද්දී  වයසක අය  නිරන්තරයෙන් පෙළඹෙනවා ටීවී  බලන්න. ලෝකේ දකින්න එලියට යන්න බැරි අයට රුපවාහිනිය කියන්නේ  අපූරු මෙවළමක්. ඒත් කාළයත් එක්ක තව තවත් ඔවුන් දුර්වල වෙද්දී රුපවාහිනිය එපා වෙන්න පටන් ගන්නවා ඊට හේතුව නිවේදක නිවේදිකාවන්ගේ කථාබහ හරිහැටි නොතේරීම..  

"වයසක ආච්චිලා සීයලට  අපි කතා කරන්න ඕනේ ශබ්ධ නගා වගේම ඉතාම පැහැදිළිව වචන අතර පරතර තියමින්"
මේක  මං ඉගෙන ගත්තේ මගේ එලිශේවා ආච්චිගෙන්. අපි සාමාන්‍යයෙන් කතා කරන වේගෙන් කතා කලාම එයාලට අපි කියන දේවල් වලින් තේරෙන්නේ  50% හෝ ඒ ආසන්න ප්‍රමාණයක් විතරයි. නමුත් ජිවිතයේ ලබපු අත්දැකීම් මත එයාලා තේරුම් ගන්නවා කියපු දේ ඒත්... එහෙම වෙද්දී එයාලා මානසිකවත් වැටෙනවා. තමන් ගැන හිත ඇතුළෙන් දුක් වෙනවා..  ඒ වගේම  අපි අනවශ්‍ය විදියට  ලොකු අගෑලුම්කම් පෙන්වමින් ගොඩාක් හෙමින් කතා කරනවටත් එයාලා කැමති නැහැ. මොකද එතකොට එයාලට දැනෙනනවා  අසරණ ගතියක්.. වයසට යද්දී සීයලා ආච්චිලා දන්නවා 
"මේක  ජිවිතේ  හැටි  අපි වයසට යනවා ,අපිට තරුණ කාලේ කරපුවා දැන් කරන්න බැහැ කියලා " නමුත්  එයාලා දවස ගානේ උත්සහ කරනවා ජිවත් වෙන්න.. 

"මට කියන්න ඕනේ වුණේ රුපවාහිනී ආයතන සහ රේඩියෝ චැනල් සිය දහස් ගාණක් තියෙන රටේ  වැඩිහිටි අය වෙනුවෙන් රටේ එක නාළිකාවක් වෙන් කරන්න බැරිද?"
නාලිකාවක් ඕනේ නැහැ හවසට සහ උදේට ළමයින් වෙනුවෙන් පැය දෙක දෙක තියෙනවා වගේ වයසක අය වෙනුවෙන් යම් යම් වැඩසටහන් ? පැය කාලක් ප්‍රවුර්ති වැඩසටහනක්!!

ඔයාලා චුට්ටක් හිතලා බලන්න මං කිවුවේ මට දැනිච්ච දේ. වයසට ගියාම ආච්චිලා සීයලා ආසයි ප්‍රවුත්ති අහන්න ,බලන්න. ඒත් ඒ යන වේගෙට අපිටවත් හරියටම තේරුම් ගන්න අමාරුනේ. ඒ වගේම එයාලා වචන හසුරුවන ශබ්ද කරන විදිය වැඩිහිටියන්ට තේරුම් ගන්න බැරි තරම්.

තරුණ කාලේ අපේ අය නිතර කියන දෙයක්
 "මං නම් වයසට ගියාම කාටවත් බරක් වෙන්නේ නැහැ. "
"ළමයින්ට බරක් වෙන්නේ නෑ". 
"මට වැඩිය ජිවත් වෙන්න ඕනේ නෑ ලෙඩක් එහෙම හැදුනොත් නම් මං වද විඳ විඳ ජිවත් වෙන්නේ නෑ '

ඒත් මං අත්දැකීමෙන් දන්නවා වයසට ගියාම නිදාගන්නත්  බයයි එයාලා. සමහර ආච්චිලා නිදිපෙත්ත බොන්නේ  දහ දොළොස් වතාවක් වෙලාව අහලා. මං මීට කලින් එකක් බිවුවද ? එක එක විදියේ ප්‍රශ්න ගොඩක් අහලා. ඉස්සර බලාගත්ත සීයා හවස් වෙද්දී කියනවා "අද නම් රෑට නින්ද යන එකක් නෑ ඔන්නොහේ අද පෙති දෙකක්ම දෙන්න" කියලා. ඒත් බොන්න ගියාම එක බොන්නෙත් පරිස්සමෙන්. 

ආච්චිලා සීයලාගේ  සුන්දර ලෝකය ගැන ලියන්න තව දේවල් බෝමයි. සැරින් සැරේ ලියන්නම් හෙමින් හෙමින්,,

කොච්චර පෝසත් වුණත්  හරිම නිහතමානී හිනාවක්.
(මෙයත් ඕවා කරකර ඉඳලා වයසට ගියාම ,අතේ ඇඟිලි වාරු නැතුව ගියාම කොහොමද ස්ක්‍රින්ස් ටච් කරන්නේ ?  එයා වෙනුවෙන් නම් ඩොලර් මිලියන ගණන් හරි වියදම්  කරලා  එක එක  ඉතාම සංවේදී  කම්පියුටර් එකක් හදාගනී. ඇස් වල චලන වලට  වැඩ කරන හෝ ඊටත් එහා ගිය විදියේ.. ඒත්  වයසට යන්න කලින්  අනිත්  සාමන්‍ය  මිනිස්සු වෙනුවෙනුත්  මොනාහරි අලුත් දේවල් ටිකක් නිර්මාණය කරන්න  හිතුනොත් හොඳයි )

ප/ලි 
සමවයසේ අයත් එක්ක එකට ඔෆිස් එකක හෝ වෙන ආයතනයක  කරන රැකියාවක් කළානම් මට ජීවිතේට ගොඩක් වටින අත්දැකීම් ප්‍රමාණයක් අහිමිවෙන්න තිබ්බා. 

84 comments:

  1. බොහොම හොඳ මාතෘකාවක්.

    අපි හැමෝටම මේ දවස උදා වෙනවා. "මං නම් වයසට ගියාම කාටවත් බරක් වෙන්නේ නැහැ" කියල කියන්නන් වාලේ කිව්වට, එහෙම කරන්නෙ කොහොම්ද කියලා බොහෝ දෙනෙකුය අදහසක්වත් නෑ.
    තව මේ ගැන ලියන්න, අපි ආසාවෙන් කියවනවා. ඉටැලි ඩිලාන් එක සැරයක් හොඳලිපියක් ලියල තිබ්බා. මේ ගැන ලියන්න, හොඳම අය ඔයාල තමයි.

    බටහිර රටක ජීවත් වෙනවා නම්, විශ්‍රාම වැ‍ටුප, අනිකුත් දීමනා සහ අර්ථසාධක මුදල් වගේම බොහෝවිට වාරික ගෙවා ඉවර වූ ගෙයක් තිබෙනවා. මේ ඔක්කොම මුදල් කරගෙන , විශ්‍රාම ගත්තට පස්සෙ ලංකාවට ආවොත් , මුදල් අතින් හිඟයක් හිටින එකක් නෑ. ඒත් ප්‍රශ්ණෙ එහෙම එන එක.

    හේතු කීපයක් තියනවා, එහෙම කියන්න::

    1. රටවල් දෙක අතර ලිවිං ස්ටැන්ඩ්‍රඩ් අතර වෙනස, උදාහරණයක් ලෙස 911 සේවාවේ කාර්‍යක්ෂම බව

    2. සමස්තයක් ලෙස වැඩිහිටියන් ගැන දක්වන සමාජ ආකල්පය. ලංකාවේදී, මේ අය අතපල්ලෙන් වැටිච්ච, බස් කොන්දාට " ඔන්න චමින්ද කෙනෙක්" වන අතර , අනෙක් රටේදී මේ අය යම් තරමකටවත් ගෞරවයක් ලබන වැඩිහිටි පුරවැසියන් වේ.

    ලංකා සමාජය පුරා පැතිරුනු, සමාජ සම්මතයක් තරමටම ප්‍රබල, මේ කෙනෙහිලි කිරීම කරන අය එසේ කරන්නේ තමනුත් ඒ තත්ත්වයට පත් නොවන්නාක් මෙනි .ස්‍රි ලාංකිකයෙක් කිසිදා නොයෑමට ප්‍රාර්ථනා කරන තැන් අතර පොලිසිය, රෝහල සහ උසාවිය විශේෂ තැනක් ගන්නවා. ඒ ඇයි කියා අපි කවුරුත් දන්නවා.


    3.ආරක්ෂාව :වස ර තිහක යුධ මානසිකත්වයේ අතුරු ඵලයක් ලෙස හෝ, මිනිස් ජීවිත වලට අවම වටිනා කමක් ඇති රටක, පිට රටක සේවය කර විශ්‍රාම සුවය ගතකරන්න පැමිණෙක වැඩිහිටියෙකු ගැන ඇති පොදු සමාජ ආකල්පය

    මෙහෙම ලිව්වේ, ලංකාව කක්කි, පිරට ශෝයි කියන්න නොව, ඇත්ත ඇති සැටියේ පැහැදිලි කර ගැනීමටත්, හැකි නම් සාකච්චාකර විසඳුමක් සොයාගැනීමත් පමණි.

    දරුවන්, දෙමව්පියන්ගේ " ඉන්ෂුරන්ස් පොලිසි" එක වූ යුහය අවසාන වී ඇතිබව මගේ හැඟීමයි. දැන් බටහිර මෙන්ම, දේශීය වැඩිහිටියන්ටද " තම්න් අතට තම සෙවනැල්ල" යැයි මට සිතේ.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතී ඇනෝ.. බටහිර රටක ජිවත්වෙච්ච කෙනෙක් ඇත්තටම සැන්දෑ සමය ගතකරන්න ලංකාවට එන එක ඇත්තටම හරිම භයානක දෙයක්. අපේ රටේ ජිවන තත්වය දැන් තියෙන ස්වභාවය අනුව.

      2.කාරණාව ගැන මන් ලිපියක් ලියන්න ඕනේ, මේ රටවල වයස අයට තියෙන්නේ කොල්ලන්ට කෙල්ලන්ට නැති සැලකිල්ලක්,, ආච්චි ,සියේ හෝ චමින්ද කතා නැහැ මහත්මය කියලා කතා කරන්නේ,, ඒ අයට ටිකට් පවා බාගයයි අය කරන්නේ...ඩ්‍රයිවර් බස් එකට නගින ඕනෙම පුරවසියෙක්ට සලකන්නේ එක විදියට,, (ඩ්‍රයිවර් විතරයි මෙහෙ බස් වල ඉන්නේ ) මොකද ඒ මිනිස්සුන්ගේ හිත් වල වැඩිහිටියි ගැන තියෙන ආකල්පය තමයි අපේ රට ගොඩ නැගලා දැන් විඩාපත් වෙලා , වියපත්වෙලා ඉන්න මිනිස්සු යි මේ ඉන්නේ,, එයාලට අපි ගරු කරන්න ඕනේ කියන හැගීම,, ඔබ කියූ කාරණා ඉතාම සත්‍ය,

      ///දරුවන්, දෙමව්පියන්ගේ " ඉන්ෂුරන්ස් පොලිසි" එක වූ යුහය අවසාන වී ඇතිබව මගේ හැඟීමයි// මේ ගැනත් ඉදිරියට ලියන්න ඕනේ,,

      ස්තුති


      Delete
    2. ////'බටහිර රටක ජිවත්වෙච්ච කෙනෙක් ඇත්තටම සැන්දෑ සමය ගතකරන්න ලංකාවට එන එක ඇත්තටම හරිම භයානක දෙයක්'////
      'සමහර අය' පුලුවන් කාලේ පිටරටට වැඩ කරලා අන්තිමට මෙහෙට එනවා රටට බරක් වෙන්න.

      Delete
    3. ඒත් ඇනෝ පිටරටට වැඩ කරලා කියන එකෙන් අදහස් වෙන්නේ නැහැ ඒ වැඩ කරලා හොයන සල්ලිත් ඒ රටටම පුජා කරා කියන එකත් නේද..

      Delete
    4. //////'බටහිර රටක ජිවත්වෙච්ච කෙනෙක් ඇත්තටම සැන්දෑ සමය ගතකරන්න ලංකාවට එන එක ඇත්තටම හරිම භයානක දෙයක්'////
      'සමහර අය' පුලුවන් කාලේ පිටරටට වැඩ කරලා අන්තිමට මෙහෙට එනවා රටට බරක් වෙන්න.// මේ කතාවට මම විරුද්ධයි. මම දන්නා කාන්තාවක් ඉන්නවා. සල්ලි හම්බ කරලා ළමයින්ට යැව්වා. ගෙවල් හදල දුන්නා. ලංකාවට විනිමය යැව්වා. දැන් එංගලන්තේ පැන්ෂන් එක ලැබෙන නිසා ලංකාවට යන්න හදන්නේ ජිවත් වෙන්න. කාටවත් බරක් නොවී තමන්ගේ ගෙදරට. එංගලන්තෙන් එන පැන්ෂන් කරන්සි එක ලැබෙන්නෙත් ලංකාවට. ලංකාවට බරක් වෙන අය අඩුයි. පිටරට වැඩ කරන අයගෙන් තම ලංකාවේ හතරවන ජාතික අදායම තියෙන්නේ. නය ගන්න ක්‍රය ශක්තිය ලැබෙන්නේ.

      Delete
    5. මං ඒ කොටසින් අදහස් කලේ අයියේ කෙටියෙන්ම කීවොත්,, ඒ ඉන්න රටේම ගත කරන එක හොඳයි කියලා,,

      Delete
    6. mama livve ano comment ekata.

      Delete
    7. මම දන්න බොහෝ අය වයසට ගිහාම ලංකාවට ගිහින් හොදට ජීවත් වෙන අය ඉන්නවා,,වයසට ගිහාම පිට රටවලදී ඒ මිනිස්සු තනි වීම වැඩී,,

      Delete
  2. අපේ වැඩිහිටියෝ කරන එක මෝඩකමක් තමයි - දේපල සහ ප්‍රොවිඩන්ට් ෆන්ඩ් එක ළමයින්ට දීලා, ඒ අයෙගන් යැපෙන්න යෑම. ඒ විෂම චක්‍රය කැඩුණු දාට ලංකාවේ වැඩිහිටියන්ට අද තරම් ප්‍රශ්ණ නැතිවේවි මහළු වයසට ගියාම.

    ReplyDelete
    Replies
    1. මත හිතෙන විදියට, තවත් මෝඩ වැඩක් (එහෙම කියන්න අයිතියක් තියේද මන්දා ) තමයි අපි ලමයිගේ අධ්‍යාපනය වෙනුවෙන් කියලා ඕස්ට්‍රේලියාව වගේ රටවල් වලට සංක්‍රමනය වෙන එක. මාත් එක්ක හිටිය මගේ වයසේ ගොඩාක් උදවිය එහෙම තීරන ගන්න ගිය වෙලාවල වාද කරලා වාද කරලා තේරුම් කර ගත්ත දෙයක් තමයි ලමයින්ගේ අධ්‍යාපනය කියන එක කොච්චර වැදගත් උනත් අපේ ජීවිතයෙන් බොහොම ටික කාලයක් (විශේෂයෙන්ම විශ්ව විද්‍යාල අධ්‍යාපනය )අවුරුදු හතරක් පහක් විතර, ඒ වගේ දෙයකට අපි අපේ ජීවිතයම කැප කරන එක මෝඩකමක් කීවාට කමක් නැහැ වගෙ..
      අවුරුදු හතරේ කාලය ඉවර උනාම ලමයි ඒ අයගේ ජීවිතය හොයාගෙන ගියාම තමයි මතක් වෙන්නේ දැන් මොකක්ද කරන්නේ කියලා...

      Delete
    2. රසික @ ඒ කතාව නම් ඇත්ත. මේ රටවල දරුවන්ට උගන්නලා ඒ අයට ඒ අයගේ ජිවිත හොයාගන්න ඉඩ හැරලා දුරින් ඉදන් බලන් ඉන්නවා සහ හැකි විට උදව් කරනවා හැර සියල්ල දෙන්නේ නැහැ,,

      ගොඩක් වෙලාවට අම්මා තාත්තා තමන්ගේ ගෙදරම ඉද්දි දරුවෝ ඉන්නේ කුලියට ගෙවල් අරන්,, ඒ අය සතුටින් ඉන්නවා , ඒ අයගේ මනසේ නැහැ අම්මලාගේ ඉඩම් , පැන්සන් අරන් එක එක දේවල් කරන්න.. දෙමාපියෝ දරුවෝ අතර තියෙන බැදීම ඒ අය පුංචි කාලේ ඉදන් ක්‍රමානුකුලව පුරුදු කරන් ආපු විදියක් තියෙනවා. දෙමාපියෝ දරුවන්ට උපතක් දීම, හදාවඩා ගෙන අධ්‍යාපනය දීම සහ ඉන් එහාට ලෝකය තනියම දකින්න ඉඩහැරීම... අපේ රටේ මේ දේ කාවද්දන්න තව කොච්චර කල් යයිද,..

      ඒ විෂම චක්‍ර කඩන්න , මේ වගේ බැරෑරුම් දේවල් ගැන හිතන්න අපේ රටේ රජයට කොහෙද වෙලාවක්,, පාසල් වලට කොහෙද වෙලාවක්... වෙන කොච්චර දේවල් තියෙනවද

      Delete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. ලෝකයේ වැඩිහිටි ජනගහණය අනුපාතයක් ලෙස වැඩි වෙමින් පවතිනවා. වැඩේ තියෙන්නේ ඔය තාක්ෂණ එන්නේ මිනිසුන්ගේ අතේ හැකියාව අනුව. බටහිර වුනත් බහුතර වැඩිහිටි ජනගහණය සාපේක්ෂව දුප්පත්. ඉතින් එයාලට බඩු හදල කොම්පැනි වලට ලාභ ගන්න බැහැ. නමුත් වැඩකරන වැඩිහිටි පිරිස ඉදිරියේදී අනිවාර්යයන්ම වැඩි වේවි. එවිට එයාලට අවශ්‍ය තාක්ෂනික උපකරණත් මෙයිට වැඩිපුර නිපදවේවි කියා සිතන්න පුළුවන්.

    තරුණ වයසේම, විශ්‍රාම දිවිය ගැන සිතන්නට පටන් ගැනීමත් හොඳ දෙයක්. රසික කියනවා වගේ ලංකාවේ, වැඩිහිටියන් බොහෝ දෙනෙකුට, විශ්‍රාමික දිවියක් ගෙවන්න ලැබෙන්නේ නැහැ. එකක් කම්මැලි දරුවන්. අනික ප්‍රමාණවත් රැකියා ජනනයක් සිදු නොවීම, අනෙක ළදරු සුරැකුම් මධ්‍යස්ථාන වැනි සේවා නොතිබීම. තවත් එකක් තමා දරුවන් පිලිබඳ අනවශ්‍ය "ආදරය". දරුවන් කුඩා කල සිටම ස්වාධීන දිවියකට හුරු කිරීමත්, දෙමාපියන්ගේ එක වගකීමක්. (වැරදි හැදුවා)!

    ReplyDelete
    Replies
    1. රයිගම අයියව ආදරෙන් එකතුකරගන්නවා මගේ හීන අඩවියට

      ඔබ කියූ කාරණා හැබෑම සත්‍ය. ///ලංකාවේ, වැඩිහිටියන් බොහෝ දෙනෙකුට, විශ්‍රාමික දිවියක් ගෙවන්න ලැබෙන්නේ නැහැ. /// මේවට විසඳුම් අපි අද අදම අපේ පවුල් මට්ටම් වලින් වත් හොයාගන්න ඕනේ, අපේ රටේ රජයට ඔයවගේ දේවල් වලට මැදිහත් වෙන්න තරම් ඉස්පාසුවක් කොහෙද..

      ඔබ කියූ ඒ අනවශ්‍ය ආදරය නම් මහ හෙනයක්,, ඒක ආදරයක් නෙමේ ඇත්තටම. කලින් ලිපියක ඒ ගැන මං ලියුවා වගේ මතකයි..

      Delete
  6. ඔව් අප්ප... ආච්චිලා සීයලටත් තේරෙන විදියට පාවිච්චි කරන්න, ලාබෙට ගන්න පුළුවන් කොම්පියුටරයක්, මොබයිල් ෆොන් එකක් හැදුවනං අපිටත් මෙච්චර බැනුං අහන්න වෙන්නෙ නෑ... කට ඇරියොත් බනින එකමනෙ වැඩේ... ළමයි ඔක්කොම කොම්පියුටර් වල එල්ලිලා කියල... හි හි

    ReplyDelete
    Replies
    1. ඒ කෑගහන්නේ ඇත්තටම එයාලට ඕක නොතේරෙන කමට කේන්තියට.. අපිත් අක්කේ මේ යන සමාජ චක්කරේ එක්ක ගියොත් වයසට ගියාම දරුවන්ට කියයි,,

      : අපෝ දැන් හැදෙන එවුවුන් කිසි කමකට නැහැ,, අපි නම් ඉස්සර ෆේස්බුක් ඒකෙයි ,ඔය බ්ලොග් එකක් ලියාගෙන , යු ටුබ් වීඩියෝ එකක් බලාගෙන හිටියා මිසක් උබලා වගේ කම්පියුටර් එකක්ද මොකක්ද කියලා පේන්න ,අතට අහුවෙන්න මොකුත් නැති ඔය වීදුරු කෑල්ල අස්සෙන් රිංගලා ගිහින් රට රටවල කරග්ගහුවේ නැහැ,, කරන දෙයක් කරේ ගෙදර ඉදන්.."

      Delete
  7. ඇත්තටම ලංකාවෙ හිටියනං ඔය අත්දැකීම් නොලැබෙන්න තිබ්බා. වැටුපකට කරන රැකියාවක් නිසා තමන්ගෙ ආච්චිට සීයට කරන සැලකිල්ලට වඩා හාත් පසින්ම වෙනස් ඇති.
    බිල් ගේට්ස් ට දෙන පණිවිඩයත් හරි වටිනවා. ඒත් තාක්ෂණය දියුණු නැති රටවල අයට ඔය මොකවත්ම නෑ නේද?

    ReplyDelete
    Replies
    1. Hope you will write something about this too.
      https://www.facebook.com/theisraelproject/videos/10154063820942316/?fref=nf

      Delete
    2. තාක්ෂනේ දියුණු නැති රටවල නෙමේ මධු ආකල්ප දියුණු නැති රටවල,,,

      Delete
    3. you didnt see baby ?
      http://omageheena.blogspot.co.il/2014/04/holocaust-remembrance-day-yom-hashoah_30.html

      මේ යෝම්හසිකරෝන් උදේ දහයේ සයිරන් එක.. මේ ගැන ඔය ලින්ක් එකේ මං
      ලියපු ලිපිය කියවන්න.. ඔබ තෘප්තිමත් වේවි

      Delete
    4. Frank revealing I didn't see that.
      Anyway its the wonder if you haven't written about this one.
      සොරි ඔමා, සිත් ගත් නිසා දැම්මෙ. හොදටම තෘප්තිමත්!

      Delete
    5. අවන්කයෙන්ම තෑන්ක්ස් මධූ.. ඇයි සොරි ඒක දාපු එක කොච්චර හොඳද .ඔබ තෘප්තිමත් නම් එච්චරයි

      Delete
    6. ඒක අනර්ඝ විග්‍රහයක්. මහකලුගෙ එක හරහාත් බැලුවා. හිතුවේ නෑ මේ තරම් ගැඹුරට ඔබ සැම ගොස් ඇති බව. ඔබට ආඩම්බර විය හැකියි එවන් උත්කෘෂ්ඨ ජාතිකයින් සමග දිනක් හෝ ගතකිරීමට හැකිවීම ගැන.

      Delete
  8. කමෙන්ට් වලින් කතා කල විශ්‍රාම යාම කියන දේ අපේ පැත්තෙ වගේ ග්‍රාමීයව වෙනස් වෙනව. හේතුව හැමදෙනාම ගොවිතැන හෝ ඊට සම්බන්ධ රැකියා වැනි රැකියා කිරීම. ඉතින් පනස් පහ හෝ හැට වුනා කියල විශ්‍රාම යාමක් නෑ. ක්‍රමයෙන් වැඩ කිරීමේ ප්‍රමාණය අඩුවුනත් බොහෝ දෙනා අන්තිම කාලය වෙනකල් වැඩ කරනව.
    ඒ නිසා ඔය අාතතිය වගේ දේවල් අඩුයි මං හිතන්නෙ.

    ReplyDelete
    Replies
    1. රාජ් අයියේ @ ඒ වගේම මං හිතන්නේ ඒ පැති වල දරුවෝ සාපේක්ෂව දෙමාපියන්ට හොඳින් සලකනවා .. //පනස් පහ හෝ හැට වුනා කියල විශ්‍රාම යාමක් නෑ. ක්‍රමයෙන් වැඩ කිරීමේ ප්‍රමාණය අඩුවුනත් බොහෝ දෙනා අන්තිම කාලය වෙනකල් වැඩ කරනව.
      ඒ නිසා ඔය අාතතිය වගේ දේවල් අඩුයි මං හිතන්නෙ.///

      ඒක ඇත්ත මාත් හිතන්නේ

      Delete
  9. දැන් ඉන්න වයසක පරම්පරාව තාක්ෂනය එක්ක වැඩිය මුහු වුනේ නෑනේ??
    තව පරම්පරා 2ක් විතර යනකොට මේවා මීට වඩා වෙනස් වෙලා තියෙයි....
    එතකොට ඉන්නේ තාක්ෂණය හුරු වයසක අය...

    ReplyDelete
    Replies
    1. රූපේ @ එහෙම කියන්නත් බෑ අනේ,, මේ රටේ ඉන්න වයස අයත් එහෙමයි, ඒත් ඒ මිනිස්සු අලුත් තාක්ෂනේ ට මුසු වෙන්න කැමතියි,, අපේ ආච්චි මගේ දවසට දෙතුන් පාරක් අහනවා එයාගේ දුව fb එකට අලුත් ෆොටෝ දාලද? එයාලා ට්‍රිප් එකක් ගිය දාට මට ඉවරයක් නෑ,,,

      Delete
  10. අපේ සීය මලා.

    ReplyDelete
  11. අනාගතේ ආච්චිලා සීයලා ජීවත් වන ප්‍රමාණය වැඩි වෙනෙවා. ඉස්සට මිනිස්සු මේ තරම් කල් ජීවත් වෙලා නෑ. රටක් දියුණු වෙන්න දියුණු වෙන්න ජීවත් වෙන ආයු ප්‍රමාණ්ය වැඩි වෙනෙවා. මම හිතන්නේ ඊශ්‍රායලය තරම් වයසක අය වෙනුවෙන් හා ආබාධිත අය වෙනුවෙන් පරීක්ෂන පවත්වන, නව නිශ්පාදන එලි දක්වන පමණක් නෙමෙයි එක සමාන් ලෙස වගේම සමහර් අවස්තාවන්වල ප්‍රමුඛත්වය දීලා කටයුතු කරන රටක් ළෝකයේම නැතුව ඇති. ඒකයි වයසට ගියාම යුදෙව්වෝ ඊශ්‍රායලයට එන්න එක හේතුවකුත්. පහසුකම් නැත්නම් ඊටත් දියුණු රටවල ඉඳලා වෙනත් රටකට එන්න ඕන නැහැනේ.

    ජපානයත් වයසක උදවිය වෙනුවෙන් බොහෝ ක්‍රියාකාරකම් කරන රටක්. ඒ වගේම දැන් දියුණු රටවල වයස් සීමවක් නොමැතිව තමන් කැමති කාළයක් රැකියාවේ නිරත වෙන්නත් පුළුවන්.

    වයසක ජනගහනය වැඩි වෙන කොට ඒ අය වෙනුවෙන් නිශ්පාදන එලිදැක්වීමත් වැඩි වෙයි..

    අපේ අයට නම් මේවා ඕන නෑ. පනසලේ හාමුදුරුවෝ ඉන්නවා නේ. එයා මෙයාලව ගොනාට අන්දගෙන තියෙන සබ්බ සකල මනාව ඔක්කෝම සුද්ද කරගෙන, මැරුණම බුදු බව පතලා පාංශූකූලේ දීලා හිනාවෙලා යනවා. ඕකෙන් වෙන්නේ අනාගතේ බුදු වරු වැඩි වෙන එක විතරයි.

    ReplyDelete
    Replies
    1. ///මම හිතන්නේ ඊශ්‍රායලය තරම් වයසක අය වෙනුවෙන් හා ආබාධිත අය වෙනුවෙන් පරීක්ෂන පවත්වන, නව නිශ්පාදන එලි දක්වන පමණක් නෙමෙයි එක සමාන් ලෙස වගේම සමහර් අවස්තාවන්වල ප්‍රමුඛත්වය දීලා කටයුතු කරන රටක් ළෝකයේම නැතුව ඇති. ඒකයි වයසට ගියාම යුදෙව්වෝ ඊශ්‍රායලයට එන්න එක හේතුවකුත්. පහසුකම් නැත්නම් ඊටත් දියුණු රටවල ඉඳලා වෙනත් රටකට එන්න ඕන නැහැනේ.///

      මං දේවල් නොලියා ඇරියේ නිතරම ඊශ්‍රායලය ගැනම ලොකුවට කියනව කියයි කියලා සමහරෙක් හිතයිද කියලා හිතුන නිසා..

      අපේ රටේ මොන පුරවැසිද කියලා වචනයක් පාවිච්චි කලාට පොදුවේ චමින්ද නේ කියන්නේ,, වෙළඳ දැන්වීම් වල බොරුවට පෙන්නුවට වයසක අයව නොසලකා හරින එක සම්ප්‍රදායක් වෙලා,, ඒකට එක්ක මේ රටේ.. එක එක උත්සව දවස් එද්දී ගමේ අහල පහල පොඩි ළමයි මල් පොකුරු අරන් එනවා ආච්චිලා සීයලට සුබ පතන්න. බස් වල වෙනම ෂීට් තියෙනවා,, ඒ වගේම වයස අයට නගින්න බස් එක එක පැත්තක් පාත් කරන්න පුළුවන් විදියට හදලා තියෙන්නෙත්,,, වයසක කෙනෙක් බස් එකට සල්ලි දෙන්න බෑග් එක ඇද ඇද වෙලාව ගත්තොත් එයාට කගහ්න්නේ නැහැ,, එයා කොයි වෙලේ හරි සල්ලි හොයලා දෙනකල් බලන් ඉන්නවා මිසක්..

      අපේ රට ගොඩ නැගපු ඒ ශක්තිමත් මිනිස්සුයි මේ දැන් වයසට ගිහින් ඉන්නේ,,, තමන්ගේ ජීවිතය කැප කරලා රට බේරගත්ත මිනිස්සුයි මේ කියන හැඟීම හැම කෙනෙක්ගෙම හිතේ තියෙනවා,, වැඩිහිටියෝ ඇත්තටම අපේ රටේ අයට වඩා සතුටින්

      Delete
  12. වයසට යද්දි ටච් කර ගන්නම බැරි වෙයිද බං?

    ReplyDelete
    Replies
    1. උබ ආවද,, පැක් කරන හැටි කියා දීලා ගියා ගියාමයි අද දැක්කේ.

      Delete
  13. ඔමා කරන රස්සාවෙන් අපිටත් වැඩක් වෙන එක ගැන සතුටුයි.
    කවදාවත් හිතපු නැති සහ දන්නේ නැති දේවල් ටිකක් දැනගන්න පුළුවන් වැඩිහිටියෝ ගැන
    මමනම් මොනා නැතත් ගොඩක් ආස වයසක උදවියගේ කතා අහන්න. ඒත් කාලෙකින් ඒ චෑන්ස් එක ලැබුනෙත් නැහැ...

    ReplyDelete
    Replies
    1. ලොකු @ මාත් ආසයි ඒ වැඩේටනම්

      Delete
  14. // සමවයසේ අයත් එක්ක එකට ඔෆිස් එකක හෝ වෙන ආයතනයක කරන රැකියාවක් කළානම් මට ජීවිතේට ගොඩක් වටින අත්දැකීම් ප්‍රමාණයක් අහිමිවෙන්න තිබ්බා. //ඔව් එහෙම වුනා නම් අපිත් මේ නොදකින පැත්ත ගැන කවදාවත් හිතන්න යොමු නොවෙන්න තිබුනා.

    ස්තූතියි ඔමා..

    ReplyDelete
    Replies
    1. තුශ් @ දැන් පෙරලුනු පැත්ත හොඳයි කියලා ඉන්නවා අනේ,

      Delete
  15. ඇත්තටම අපි නිකමටවත් හිතන්නෙ නැති මාතෘකාවක් ගැන ඔමා අක්ක කතා කරල තියෙන්නෙ. අපේ වගේ රටවල කොහොමටවත් වයසක අය වෙනුවෙන්ම කියල කිසිම දෙයක් නිර්මාණය කරන්න උත්සහ කරන්නෙ නැහැ. ටාගට් එක තරුණ අය. ඒ අය වෙනුවෙන් හදපු එකක කොහොම හරි වයසක සෙට් එක එල්ලිලා වරෙන් කියන තියරිය තමා හැම තැනම තියෙන්නෙ.

    මගේ මතය නම් විශ්ව විද්‍යාල වල තියෙන අවසන් ප්‍රොජෙක්ට් එක පවා වයසක අය වෙනුවෙන් දෙයක් නිර්මාණය වෙනුවෙන් කරන්න අවධානයක් යොමු වෙනවනම් යම්තාක් දුරකට ඒ අයට සාධාරණයක් වේවි. මොකද එතනින් තමා අළුත් දේවල් නිර්මාණය වෙන්නෙ විවිධ රිසර්ච් හරහා.

    අපි උනත් වයසට ගියාම මොනවා වෙයිද කවුද දන්නෙ. බ්ලොගක් ලියාගන්න අතපය වාරු නැති නිසා තරහෙන් එහෙම ඉන්න උනොත් :D
    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. මනා@ ////අපි උනත් වයසට ගියාම මොනවා වෙයිද කවුද දන්නෙ. බ්ලොගක් ලියාගන්න අතපය වාරු නැති නිසා තරහෙන් එහෙම ඉන්න උනොත් ///

      උනොත් නෙමේ වෙනෝ

      Delete
  16. වෙළඳ පොළ අරමුණු කරගෙන නේ නිෂ්පාදන ඇතිවන්නේ වයසක අය ගේ මිලදීගැනීම් අඩු නිසා ඔවුන් වෙනුවෙන් නිෂ්පාදන අඩුයි. නිෂ්පාදන අඩු නිසා වයසක අය ඉලක්ක කරන වෙළඳ දැන්වීම් අඩුයි. එම නිසා ඔවුන් වෙනුවෙන් රුපවාහිනී වැඩසටහන් නිපදවෙනවා අඩුයි.

    ලංකාවේ නම් වයසක අයට පැය 24 අහන්න බණ කියන චැනල් එකක් තියෙනවා. වයසක අය ඉලක්ක කරන වන්දනා සන්විදායකලාගේ දැන්වීම් එයට ලොකු දායකත්වයක් දෙනවා.

    ReplyDelete
    Replies
    1. ඒක තමයි ප්‍රශ්නේ..මිනිස්සුන්ට ඇයි නොතේරෙන්නේ තමන්ගේ තරුණ කාලේ හැකියාවන් තරුණ අය වෙනුවෙන්ම පාවිච්චි කරලා. වයසට ගියාම බිංදුව.. ඉල්ලුමට සැපයුමනේ ඔළුවේ තියෙන්නේ

      හි හි

      Delete
  17. මගේ අඩවියේ කමෙන්ට් දාන සමහර අය, ඒ වගේම වෙනත් අඩවිවල මම දාන කමෙන්ට්ස් වලට විරුද්ධ මත දරන අය, ඇනෝ ඇවිත්, මට නාකියා කියලා කියනවා. මම ප්‍රාර්ථනා කරන්නේ ඒ අය කවුරුවත් නාකි නොවේවා කියලා.

    කොහොම වුනත් අපේ සමාජයේ තවමත් වැඩිහිටියන්ට සැලකීම ඉතා ඉහල මට්ටමක පවතිනවා.

    ReplyDelete
    Replies
    1. විචාරක තුමණි,,, ඔබ බ්ලොග් ලියන එක අපිට නම් ආඩම්බරයක්,, ඔයාට නාකියා කියලා කමෙන්ට් දාන්නේ වෙන ග්‍රහලෝකෙකින් ආපු සාමාන්‍ය මනුෂ්‍ය ජීවිතය ගැන අවබෝදය නැති පිරිසක්..

      ඔයා ඔය කියන ඉහළ මට්ටම මේ රටත් එක්ක බලද්දී ගොඩක් පහලින් තියෙන්නේ.. ඒකට හේතුව මං දන්නේ නැහැ මේ රටවල මිනිස්සු වියපත් අයට පුදුම විදියට ගරු කරන්නේ

      Delete
  18. ලංකාවෙනම් වයසක අයට දෙ ඉඩ හැම අතින්ම අඩුයි..දැන් බලන්න අද දවසෙම ටීවී එකේ පෙන්නුවෙ පොඩි උන් සෙල්ලම් කරන එව්ව...ඔක්කොම පොඩි උන්ට

    ReplyDelete
    Replies
    1. හි හි වැව් අයියේ දියවන්නාවේ දිය බුන් ගහන බබාලා සැට් එක නේද

      Delete
  19. අපිට තියරි වලදිනම් කියනවා හැම මනුස්සයාටම හරි යන විදිහට devices හදන්න ඕනේ කියලා. ඇත්තටම කිව්වොත් වැඩේ අමාරු වෙන්නේ manufacturing company වැඩේට කැමති නෑ. මොකෝ වැඩි ලාභයක් නෑනේ.

    ReplyDelete
    Replies
    1. නාඩි@ හ්ම්ම්,, මට ඩිවයිස් කියද්දී මතක් වුණේ සීයා කෙනෙකුයි ආච්චි කෙනෙකුයි කරපු වැඩක්

      Delete
  20. මන් පනහ පන්නපු නිසාමද මන්ද ඔමා මේක ලිව්වේ.

    ReplyDelete
    Replies
    1. පනහා පැන්නම තමයි තිරිහන් වෙලා එන්නේ අනේ

      Delete
    2. අප්පේ කටට දියමන්තියක් දාන්න වටිනවා.

      Delete
  21. අඩුමගානෙ ප්‍රදර්ශනාත්මක සුභසාදනය
    කපටි සුභ සාධනය වගේ පට්ට කුජීත අයිඩියා කම්පැනි වලින් කයිං වුණ දාක( වෙයිද දන්නෑ) සමහර විට ඔහොම දෙයක් ගැන බලාපොරොත්තු තියන්ට පුලුවං..

    ප්‍රදර්ශනාත්මකය කියල කීයෙ හුගක් කම්පැනි තමන් මෙන්න මෙහෙම කරනවය අරකය මේකය කියල ලබ්බෙ උස්සව තියල ලෝකෙටම පේන්න අඩබෙර ගහල කරන ජාතියෙ සුභ සාධන වැඩසටහන් මේවයින් වෙන්නෙම කන්දක් විළි ලා කෙන්දක් වැදීම

    අනික ඔය කොකා කෝල වගෙ කම්පැණි වල හක්කෙ බුදුරැස් බොක්කෙ දඩමස් තියරිය

    ඔය දෙකෙන්ම වෙනස් බොක්කෙ ඒවත් තියෙනව ඔය ඔමක්කම වෙලාවකට කියන ඊශ්‍රායෙල් පැත්තෙ එහෙම

    ReplyDelete
    Replies
    1. ඔව් මල්ලි කිවුවා හරියටම හරි,,

      Delete
  22. ආච්චිලා සීයලා අපේ ජිවිත වලට කොයි තරම් සමීපද ?එත් අපේ කාර්යබහුලත්වය හරි මොනයම් හේතුවක් නිසා හරි ගොඩක් වෙලාවට එයාලව අපිට මඟ හැරෙනවා.
    හැබැයි එදාට වඩා අද වෙනකොට අපේ සමාජේ වයසක අයට තියෙන පිළිගැනීම ටිකක් හෝ හොඳයි කියලා මට හිතෙනවා.
    අර වයසක අයට නිර්මාණය කරන්න කියලා උඹ කියන තාක්ෂණික මෙවලම් වල ප්‍රයෝජනය අපිටත් දවසක ඕනේ වේවි.

    ReplyDelete
    Replies
    1. මනෝජ් @ අපි වයසට යන්න කලින් ඕවා හදෝ ගන්න ඕනේ හි හි

      Delete
  23. http://nelumyaya.com/?p=1782
    අලුත් එක.

    ReplyDelete
  24. මෙහෙත් ඔය වයසක අයට තියෙන බඩු මුට්ටු සෑහෙන්න ප්‍රසිද්දයි.. විශේෂයෙන්ම ඔය ඇවිදින්න බැරි අයට තියෙන කාර් එහෙම..

    ReplyDelete
    Replies
    1. මෙහෙත් එහෙමයි දිනේෂ් මං ඒ දේවල් ගැන වැඩිය ලිවුවේ නැහැ,, අපේ අයට කලන්තේ හැදෙන්න පුළුවන් නිසා

      Delete
  25. ඇත්තටම හොද අදහසක් අක්කේ... අපිත් වයසට යනවා නේ...

    ReplyDelete
    Replies
    1. ගොඩක් අයට ඕක අමතක වෙනවනේ මංගලා,, ඒකයි දැම්ම කියලා දැම්මේ

      Delete
  26. සිරාවට ඉතාම හොඳ topic එකක්. මටත් මේ හා සමාන අත්දැකීමක් තියෙනවා අපේ සීයා එක්ක , තාක්ෂණය එක්ක ගැටෙන්න වෙන එක ගැන ,time එකක් සෙට් වුනොත් ලියන්න ඕනේ ඒක ගැන.අදහස් පුබුදන මේ වගේ ලිපියක් ලිව්වට මෙන්න apurvi ට මගෙන් high five එකක් , දාන්න පහක් ! :P

    ReplyDelete
    Replies
    1. ගබා ඔයාවත් මගේ හීන අඩවියට ආදරෙන් එකතු කරගන්නවා.. වයස අයත් එක්ක සමහර වෙලාවට හිනාවෙලා පණ යනවා කියන ඒවට.. ඒ කතාව ලියන්න අනේ,,

      තැන්ක්ස් හොඳේ

      Delete
  27. අන්න මාධවී හැමතැනම මඩ ගහනවා නාකි ලිපි ලියනවා කියලා.....

    ReplyDelete
    Replies
    1. කුරුටු @ මේ කොහෙද ඈ. දෙන්නම් මන් උන්දැට

      Delete
  28. සඳ හිරු තරු පවතින තුරු
    අපි මැරෙන්නෙ නෑ
    අනඟ තරුණ බමරු අපියි
    අමර වරම අපට හිමියි
    අපි මැරෙන්නෙ නෑ....අපි මැරෙන්නෙ නෑ

    කලක මෙහෙන් චුත වෙනවා
    එලොව ගිහින් වැජඹෙනවා
    පෙළපත නම වෙනස් වෙලා
    ආයෙත් මෙලොවට එනවා
    එහෙම මිසක් කිසිම දිනක
    අපි මැරෙන්නෙ නෑ...

    හැරමිටියෙන් ඇවිදින්නෝ
    අපට එරෙහි වී එන්නෝ
    සීමා මායිම් වැටකොටු
    මේ කිසිවක් අපට නැතේ
    වැරදීමෙන් හුස්ම ගියත්
    අපි මැරෙන්නෙ නෑ....

    - කේ. ඩී. කේ. ධර්මවර්ධන
    - වික්ටර් රත්නායක

    මෙතැනින් අහන්න.................................http://www.infolanka.com/miyuru_gee/con/c189.ram

    ReplyDelete
  29. ඔමාගෙ හීන මට මග ඇරිලනෙ.... අදයි මේ පැත්තෙ ආවෙ...

    ගයනි කියල මගෙ යාළුවෙකුත් ඉන්නවා ඊශ්‍රාෙයෙල්... එයා බොහොම සුන්දර වයසක ආච්චි කෙනෙක්ව බලාගන්නවා.. මං හරියටම දන්නෙ නැහැ ඉන්න පළාත ගැන නම්...

    දවසක ඊශ්‍රායලයට එන්න ආසයි.. බලමුකෝ...

    අපේ රටේ තාමත් වැඩිහිටියන්ව ආදරෙන් බලාගන්න තත්වයක් තියෙනවා. නමුත් ඉස්සර තරම්ම නම් නෙවෙයි. දැන් තියෙන ආර්ථික සමාජ ප්‍රශ්න එක්ක වයස්ගත අය අමතර ප්‍රශ්නයක් වෙලා... ඒ අය වෙනුවෙන් අපේ පහසුකම් සේවා නම් අන්තිම දුර්වල තත්වයක තියෙන්නෙ. පවුලෙ අයගෙ ආදරය රැකවරණය නොලැබුණොත් එයාල අන්තිම අසරණ වෙනවා...

    ReplyDelete
    Replies
    1. හැක්.. ඔයා දැනං උන්නේ නෑ නේද මෙච්චර කල් ගයනි බ්ලොග් එකක් ලියන බව ;)

      Delete
    2. තරු ව මගේ හීන අඩවියට ආදරෙන් එකතු කරගන්නවා

      මං ඉන්නේ හයිෆා කියන පැත්තේ.
      මෙහෙට ඇවිත් යන්න හරිම ලස්සන රටක්

      ඔව් සමහර ප්‍රවුර්ති දකිද්දී ඇස් වලට කදුළු එනවා..

      Delete
    3. තරු දැන් මේ කාමියා කියන්නේ මන් ගයනි කියලා

      Delete
  30. ඇත්තටම වැදගත් පාඩමක්.. අපේ සීයටත් කියන දේ ටිකක් හයියෙන් නවත්ත නවත්ත කිව්වෙ නැත්තං තේරෙන්නෙ නෑ...

    ReplyDelete
    Replies
    1. වයසට යද්දී හැමදේම හිමින් නේ ඉතින්

      Delete
  31. පල්ලෙහට ආවහම කියන්න තිබුනදේ මට අමතකයි.
    Short term memory loss
    වයසට ගියාම ඔහොමතමයි. හ්ම්ම්ම්

    ReplyDelete
    Replies
    1. හි හි දිමෙන්සියා මුල් අවදිය වගේ තමයි

      Delete
  32. මං මේ කල්පනා කරන්නෙත් මොනවද උඩින් ලියල තිබ්බේ කියලා.. අහ්! ගයනි කියල ආච්චි කෙනෙක් ගැන නේද? හැක්..

    ලංකාවේ ආච්චිලා සීයල කීයෙං කී දෙනාටද ඔය වගේ සාත්තු සේවිකාවක් තියාගෙන ටීවී දිහා බලාගෙන හරි ළමයි ෆේස්බුක් එකේ ෆොටෝ අප්ලෝඩ් කරනකම් හරි බලාගෙන ඉන්න වෙන්නේ.. මැරෙන්න අමාරුවෙනකම්ම මොනව හරි අතං පතං වැඩනේ. මගේ අම්මල දෙන්නම දැන් හැත්තෑගනන්වල මුල් බාගේ ඉන්නේ.. තාමත් ගෙදර වගකීම් බර ගානක් දෙන්නගෙම ඔලුවේ. අනේ තව ටික දවසකින් සැපක් විඳින්නෙම නැතුව ඇස් පියා ගනී. සැපක් විඳින්නේ නැතුව කියුවට ඔය කියනව වගේ සැප ඒ කියන්නේ ඇඳක ඉන්දල තියල ලඟට කන්න බොන්න දීල තියන්න හැදුවොත් නිකම්ම ලෙඩ්ඩු වෙලා මැරිල යනවා.. අනික අසූ ගනන් අනූ ගනන් වෙච්චි ආච්චි කෙනෙක්වත් කැමති නෑ පවුලෙන් ඈත් වෙලා සාත්තු සේවිකාවක් එක්ක තනියෙම ඉන්න. කොහොම හරි කැමති ඉතින් මැරෙනකම්ම දරුවෝ, දරුවොන්ගේ දරුවෝ අතරේ වැටිල ඉන්න තමයි. එහෙම තියාගෙන දෙන සැපක් තමයි ඒ අයට සැපක් වෙන්නෙත්. සමහරවිට දැන් ෆේස්බුක් එස්.එම්.එස්. මූඩ් එකේ ඉන්න උන් ආච්චිලා සීයල වෙච්චි දවසක කැමතිවෙයි වයසට ගිහිල්ලත් ස්මාට් ෆෝන් එකක් එක්ක මුළු ගැන්නිලා ඉන්න.

    ReplyDelete
    Replies
    1. ///ලංකාවේ ආච්චිලා සීයල කීයෙං කී දෙනාටද ඔය වගේ සාත්තු සේවිකාවක් තියාගෙන ටීවී දිහා බලාගෙන හරි ළමයි ෆේස්බුක් එකේ ෆොටෝ අප්ලෝඩ් කරනකම් හරි බලාගෙන ඉන්න වෙන්නේ.///

      මේවා කාගේ වැරදිද අයියේ.. මේ මිනිස්සු හරි අමාරුවෙන් ගොඩනගපු රටක් මේක උදේ රෑ නැතුව මහන්සි වෙලා,, ඔයාට කියවන්න පුළුවන් ඒ ගැන මගේ කලින් ලිපියක ලියලා තියෙනවා.. අපේ රටේ වයස අය ගැන හිතනවා තියා කිසිම දේකට ඉස්පාසුවක් තියේද දේශපලානේ කරනවා මිසක්

      Delete
  33. ඔයා නම් නියමෙටම ආච්චිව තෙරුම් අරන් වගෙ.
    එයාලව තාක්ෂණයෙන් ඈත් වෙලා ඉන්න එකත් හොඳයිද මංදා, එතකොට ජීවත් වෙලා ඉන්නකල් කොම්පියුටර් ෆෝන් වල හිර නොවී ජීවත් වෙන්න පුලුවන්නෙ.

    ReplyDelete
    Replies
    1. ගිමන් @ එහෙම අපි හිතුවට එයාලා නිතරම කැමති අලුත් දේවල් වලට

      Delete
  34. වටිනා ලිපියක් හා වටිනා කොමෙන්ට් ටිකක් . ඔමාට සම වයසේ අය සමග රස්සාව කරන්න නොලැබුනාට බ්ලොග් වලින් සම වයසේ අයගේ අදහස් දැනගන්න ලැබෙනවනේ. අනික අනිත් හැමෝටම නොලැබෙන දෙයක් තමයි වයසක මිනිස්සුන්ගේ පිරුණු අත්දැකීම් මේ විදිහට පෙරාගෙන යමක් ලියන්න තියෙන ඉඩකඩ.

    ReplyDelete
    Replies
    1. ස්තුති තිලක සිත@ ඔව් බ්ලොග් එක්කයි ආච්චි එක්කයි තමයි දවස ගෙවෙන්නේ..

      මං අවුරුදු විසි ගානක් ඉගෙන ගත්ත දේවල් හැමදේටම වඩා මේ ගෙවුණු අවුරුදු 3 කාලසීමාව ජිවිතේ ගොඩක් අත්දැකීම් සහ දැනුම එකතු කල කාලසීමාවක්

      Delete
  35. මුලින්ම කියන්න ඕනේ වයසක අය වෙනුවෙන් ඇප් නොහදෙන්න හේතුව ? ඒ අය ප්‍රමාණයෙන් ඉතා කුඩායි. අලුත් දේ පිටිපස්සේ හඹා යන්නේ නෑ. මොනවා හරි ගන්නවා නම් දෙතුන් පාරක් නෙවෙයි සිය දහස් වතාවක් හිතනවා. නමුත් අද තියෙන පරිභෝජන සමාජයේ. තරුණ පරපුර කැමතියි අලුත් අලුත් දේවල් පස්සේ යන්න. පළවෙනියා වෙන්න. අනිත් අතින් ළමයි. දෙමව්පියන්ට බලපෑම් කරන්න පුළුවන් කණ්ඩායමක්. මේ කොට්ටාශ දෙක ඉලක්ක කරන තමයි ලෝකේ කොහේ හෝ නිෂ්පාදනයක් වෙනවා නම් වෙන්නේ. එක පැත්තකින් පහසුවෙන් අහු වෙන කොටසක්. මට මේ ළඟදී සිද්ද වුණා පොඩි එකී ආස කරන ගේම් එකක ඇනුවල් සබ්ස්ක්‍රිප්ෂන් ගෙවන්න. සීයලා ආච්චිලා වෙනුවෙන් ඇප් හැදුවත් කීයෙන් කී දෙනාද ඔය ගැන දැන ගන්නේ. ඒවා පාවිච්චි කරන්න හිතන්නේ. අන්න ඒ නිසා හැම දේම ළමා හා තරුණ පරපුර ඉලක්ක කරගෙන වෙන්නේ.

    ඔයාගේ අදහස හොඳ වුණත් වයසක අය ටිකක් එයාලගේ මතය වෙනස් කර ගන්න කැමති නැති අය. ඒ නිසා වෙනස් වන දේවල් එක්ක වෙනස් වෙන්න කැමති නෑ. ලංකාවේ නම් ඒ අය ඉලක්ක කර ගනිමින් නව නිෂ්පාදන වෙනවා. ඒ එෆ්.ඩී. වල පොලී අනුපාත. එයාලට 1%ක් දෙකක් වැඩියි. ළමයි කරන්නේ අම්මලා/තාත්තලාගේ නමින් එෆ්.ඩී. දානවා එයාලව නොමිනී දාලා.

    ලංකාවේ වයසක උදවියා සාම්ප්‍රදායිකව ළමයින්ට කරදර කරන නිසා තමයි, චමින්ද චන්දිමා වෙන්නේ. සුන්දර විදියට සඳෑ සමය ගෙවන්නේ බොහොම ස්වල්පයක් වැඩිහිටියෝ. අපේ වැඩිහිටියන් බොහෝ දෙනෙකුට තදින් කේන්ති යනවා. මේවා තමයි හේතු. මට පේන විදියට.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔයා හරි,,

      //ඔයාගේ අදහස හොඳ වුණත් වයසක අය ටිකක් එයාලගේ මතය වෙනස් කර ගන්න කැමති නැති අය. ඒ නිසා වෙනස් වන දේවල් එක්ක වෙනස් වෙන්න කැමති නෑ. ///

      එයාලා වෙනස් කරන්න අකමැති එයාලා කරගෙන ආපු සමහර දේවල් සහ එදිනෙදා පුරුදු විතරයි ,, මන් මේ වෙද්දී ආශ්‍රය කරලා තියෙන මෙහෙ ඉන්න වැඩිහිටියෝ සහ මගේ ආච්චි සියා පවා කැමති අලුත් තාක්ෂනේ අල්ලලා බලන්න,,, මගේ සීයට tv එකට ගහලා අහන්න හෙඩ් ෆෝන් එකක් අරන් දුන්න වෙලාවේ මුලින් එපා කිවුවා වැඩක් නෑ මට කන් ඇහෙන්නේ නැහැ කියලා ඒත් පස්සේ එයා ගොඩක් සතුටු වුණා.. ඒ වගේම ඒක සියට ලොකු හයියක් වුණා..

      මන් දැන් බලන ආච්චි මං ෆේස් බුක් එකේ එයාගේ ළමයි අප්ලෝඩ් කරන ෆොටෝ ගැන කියද්දී උනන්දු වෙන්නේ නැහැ එයාට පේන්නේ නැති නිසා ඒත් මන් ලැප් එක ලගට ගෙනියලා සුම් කරලා පෙන්නපුවම පට්ට ආසයි..

      වයසක අය රටකජු වගේ හයිය දේවල් කන්න කැමති නෑ,, ඒ කන්න අකමැති නිසා නෙමේ දත් නැති නිසා... සහ විදුරුමස් රිදෙන නිසා.... ඒත් අපි ඒවා කුඩුකරලා දුන්නොත් එයාලා කනවා...

      අපි පොඩි කාලේ අම්මලා බ්ලෙන්ඩර් කරලා කවන්නේ අපිට ලොකු කෑලි කන්න බැරි නිසා ඒ වගේ තමයි මේ ජිවන චක්කරේ අපි යුතුකම් වගකීම් පිළිවෙලට කරන් යන්න ඕනේ..

      //අපේ වැඩිහිටියන් බොහෝ දෙනෙකුට තදින් කේන්ති යනවා. ///

      ඒක සාමනය්යි අයියේ..

      Delete


ලිපිය කියවා කොමෙන්ට් නොකලත් කමක් නැහැ.. කමෙන්ට් කලොත් සතුටුයි. ලිපිය කියවන්නේ නැතුව කොමෙන්ට් කරන්න එපා.
අපුර්වි_


,නිතරම යහපත කරන්න...,සතුට සැනසිල්ල හැමදාම ඔයාලග රැදේවි,,දෙවිපිහිටයි,

Related Posts Plugin for WordPress, Blogger...