Friday, April 10, 2015

පෝස්ට් එකක් නෙමේ | but i want your comment

ඔයාලගෙන්  ප්‍රශ්න තුනක් අහන්න  ඕනේ.. කමෙන්ට් එකක් විදියට  උත්තරේ  දාන්න.. ඊට පස්සේ මං අද රෑට  මගේ  පෝස්ට් එක ලියන්නම්.



1. ඔයා දොඩම් ගෙඩියක්  ලෙලි ගලවන්න පටන් ගන්නේ කොහොමද? කොතනින්ද 

2. ටිපිටිප්  පැකට්  , බිස්කට්  පැකට්  වගේ  ඒවා  කඩන්න  පටන්  ගන්නේ  කොහොමද ?  කොතනින්ද?  

3.වැලක රෙදි  වනන්නේ  කොහොමද?  (රෙදි වැලක ඈ )

මේ ප්‍රශ්න තුනට  වැඩිය  නොහිතා  ඔබේ ක්‍රමය විතරක්  මට කියන්න 


ස්තුතී ,,,,

90 comments:

  1. 1) දොඩම් ගෙඩියේ නැට්ට තියෙන තැනින් පොඩි කෑල්ලක් කඩලා ලෙලි පහළට ඇදලා.

    2)පැකට් එක අතින් ඇඳලා ඉරලා

    3)මම රෙදි හෝදන්නේ අඩුවෙන් නිසා වනන විදිය ගැන එච්චර නිච්චියක් නැහැ.

    ReplyDelete
    Replies
    1. මනෝජ් @ ස්තුති උත්තර ලබාදීම ගැන,,, පරක්කු වුණාට සමාවෙන්න

      Delete
  2. දොඩම් ගෙඩියේ ලෙලි ගලවන්නේ ලේල්ලෙන්

    පැකට් එක කඩන්නේ පැකට් එකෙන්

    ඩෙනිම් ඔක්කොම එක වැලේ වනලා වැල කැඩිලා , දැන් අම්මා බනිනවා පලු යන්න

    ReplyDelete
    Replies
    1. ඔය දුන්නේ උත්තරේ දුප් කොල්ලා,,,, :(

      Delete
  3. 1. ගෙඩියේ නැට්ට තියෙන පැත්තේ පොඩියට පෙත්තක් ඉහලින් කපනවා. ඊට පස්සේ පිහියෙන් එක වරක් ඉහල සිට පහලට අඳිනවා. දැන් වටේට ලෙල්ල ගලවන්න පුළුවන් තැලෙන්නේ නැතුව.

    2. මැද්දේ තියෙන ඉර ( පැකට් එකේ මැද තියෙන ) දිගේ පහලට ඉරලා , හරහට ඉරනවා. සමහර වෙලාවට උඩ පැත්තේ ඉර විරුද්ධ පැත්තට නමලා ඇද්දම ( ටිපිටිප් පැකට් වගේ නම්) කිසි අව්ලක් නැතුව උඩ දාරයම විවර වෙනවා.

    3. රෙදි කණපිට හරවලා දෙපැත්තට වෙන්න බරින් වැඩි රෙදිත්, මැද්දට වෙන්න බරින් අඩු රෙදිත් වනනවා. ගොඩක් වෙලාවට හැන්ගර් වලට දානවා. වැඩිපුර පොටවල් තියෙන කොටස් ( පොකට් වගේ දේවල්) ඉර එළිය වැඩි පැත්තට වනන්නේ.

    ReplyDelete
    Replies
    1. උපේක්ෂා @ ගැහැණු අය වැඩ කොහොමත් පිළිවෙලයි නේ,, ස්තුති උපේක්ෂා,,

      Delete
  4. දොඩම් ගනන් නිසා ගෙනෙන්නේ නැත

    ටිපි ටිප් කෑවාම කැන්සර් හැදේ.. ඒ නිසා ඒවා ගේන්නේද නැත.

    රෙදි වනන්න වැලක් නැත. වැලක් තිබේ නම් කරන්නේ වෙන දෙයකි..

    ReplyDelete
    Replies
    1. දොඩම් පැත්තකින් තියපංකෝ....... නාරං ගෙඩියක් ලෙලි ගහන විදිහ ලියහං
      ටිපිටිප් පැත්තකින් තියහංකෝ කිරි පැකට් ඒක කඩන විදිහ ලියහං
      රෙදි වනන්න උඹ රෙදි හෝදන්න ඒපැයි... ඒක අමතක කරලා දාපං.....

      Delete
    2. අපෝ ඔයා හොද නෑ බොස්,,

      Delete
    3. කුරුට්ටා @ අන්න හරි

      Delete
  5. 1. ) Dodam getiye ahu wena thanakin Katin kadanawa. Ita passe etha idan galawanawa.

    2. ) Tipitip nam kanne natha. Eth , ewani Packet kadanne patan ganne Madin thiyena irin we.

    3. ) Wananna wunoth , ikmanata welei kiyana hitgena widiyata eka eka vidiyata wananawa.

    ReplyDelete
    Replies
    1. කිත්සිරි ඔයාව ආදරෙන් එකතුකරගන්නවා මගේ හීන අඩවියට .. ස්තුති අදහස් එකතු කිරීම ගැන

      Delete
  6. දොඩම් ගෙඩිය කැලි 4කට කපලා කොමඩු කනවා වගේ කනව

    ටිපිටිප් එක කඩන්නෙ ඒකෙ මැද්දෙන්

    රෙදි වැලේ මැද්දෙන් පටන් අරන් වනනවා.....

    මොකද්ද මන්දා අද පෝස්ට් එක?

    ReplyDelete
    Replies
    1. සිදු කියන්නේ අශ්වයට ද අනේ,, ඇත්තටම පෝස්ට් එක ලියන්න කලින් නිකන් මුට්ටියක් දැම්මේ,

      Delete
  7. ඔමාට මොකද්දෝ වේගෙන යයි. නැත්නම් මෙහෙම පික්සු ප්‍රශ්න අසන්නේ නැත.
    1. දොඩම් ගෙඩියක් ලෙලි ගලවන්න පිහියක් තිබුනොත් නැට්ට ලගින් පටන් ගෙන වටේට කපාගෙන යානාව. නැත්නම් නියපොත්තන් සුරගෙන එනවා පහලට.

    2. ටිපිටිප් පැකට් , බිස්කට් පැකට් වගේ ඒවා කඩන්න පටන් ගන්නේ කොහොමද ? කොතනින්ද? ඒවා වල උඩ වම් පැත්තේ කළු පාට ඉරක් තිබේ, ඒ ඉර ඇත්තේ එතනින් ඉරන්න ලේසි වෙන්නය.

    3.වැලක රෙදි වනන්නේ කොහොමද? (රෙදි වැලක ඈ ) - සාමාන්‍යයෙන් කරන්නේ මිසිස්ය. රෙදි වැල පාවිච්චියක් වැඩිය නැත.

    ReplyDelete
    Replies
    1. ධර්මේ අයියා @ ස්ථුථී ප්‍රතිචාරයට

      Delete
  8. 1. ලෙලි ගලවන්න යන්නෙ නෑ. කවුරුහරි ගලෝල දීපු එකක් කනව මිසක.
    2. ටිපිටිප් කන්නෙ බයිට් එකටනං ඒ වෙලාවට පැකට් එක කඩන්නෙ කොහොමද කියන එකට වැඩිය සිහි කල්පනාව ‍තියෙන්නෙ වෙන දෙයක් ගැන.
    3. රෙදි හෝදන්නෙ නැති නිසා වනන්න වෙන්නෙත් නෑ. සරමක් වගේ එකක්නං කොහොම වැනුවත් ප්‍රශ්නයක් වෙන්නෙ නෑනෙ.

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න @ හිනා යනවා අනේ ,,

      Delete
  9. 1.දොඩම් ගත්තම යුෂ විතරයි බොන්නේ. හදපුවා බොන නිසා දොඩම් ලෙලි ගහලම නෑ

    2.ඒවා කඩන්න පටන් ගන්නෙ පහසු ක්‍රමයට කඩන්න හදල තියෙන තැනින් (ඒක තියෙන්නෙ උඩ මැදින්, මතක විදියට)

    3.රෙදි වනන්නෙ ඉතින් වනන විදියට. කෙරෝලෙන් පටන් අරන් වනාගෙන වනාගෙන යනව

    ReplyDelete
    Replies
    1. අරවින්ද ඔබවත් ආදරෙන් එකතුකරගන්නවා මගේ හීන අඩවියට

      ස්තුති

      Delete
  10. 1. දොඩමේ නැට්ට ගාවින් පොඩ්ඩක් කපලා රවුමට රවුමට ලෙල්ල ගලවාගෙන යමි.

    2. කලු පාට කොටුවක් තියෙන්නෙ උඩ. එතනින් පහළට අදිනවා. ටිපිටිප් හෝ චිප්ස් පැකට් නම් අදින්නේ හරහටය. එවිට එය ඇරෙන අතර, පසුව පහලින් දෙපැත්තට ඇද්ද විට පැකට් එක පෙට්ටි හැඩයක් ගනී. කෙලින් හිටවිය හැක. එතකොට කන්න ලේසිය.

    3. වැලක රෙදි වනන්නේ හැන්ගර්වල දාලාය. හැන්ගර්වලට කොට කලිසම් පවා ඇන්දවූ විට පහසුවෙන් වේලේ. යට ඇඳුම් නම් හැන්ගරයේ එල්ලා ක්ලිප් හසමි. ඩෙනිම්/බෙඩ්ෂීට්/ටවල් නම් වැල බැලන්ස් වෙන්න වනලා ක්ලිප් කරනවාය. ඇඳුම් වනන්නේ කනපිට හරවලා ය.

    ReplyDelete
    Replies
    1. correction for No:3
      රෙදි වැලට උස නැති නිසා , හැන්ගර් වල දමා උඩ පැනලා එල්ලනවාය , නැත්තම් බස්සට කියා එල්ලා ගන්නවාය

      Delete
    2. මේ ඉගුවානට (ඉවානයට ) කොට ඈයො එක්ක තියෙන තරහක්. මේකාගේ පොස්ටුව නිසා දැන් දෙරියන් කියල පදේකුත් හැදිලා.

      Delete
    3. බස්සු ටිපිටිප් එක එහෙම කැඩුවම ඔක්කොම කන්න වෙනෝ නේද, ස්තුති හොදේ

      Delete
    4. @ඉවාන් අයියේ කට අරින්න ඩොලර් එකක් දාන්න

      Delete
  11. අයියෝ දැන්නම් හොදටෝම පිස්සු

    ReplyDelete
  12. 1. දොඩම් ගෙඩිය දෙහි ගෙඩියක් මෙන් කපමි.

    2. ඇලුමිනියම් ෆොයිල් එකේ වාටියෙන් දෙපසට ඇත ලේසියෙන් ඉරා ගත හැකිය.

    3. කමිස යනාදිය කෝට් හැඟර්වල දමා වනමි. අනෙකුත් ඇඳුම් රෙදි වැල හරහා හැකි පමණ සමමිතිකව සමබරව දමා ක්ලිප් ගසමි. කලිසම් වල උඩ කොටස උඩට තිබෙන සේ වැර හරහා දමා ක්ලිප් ගසමි.

    ReplyDelete
    Replies
    1. ස්තුති රසික, පෝස්ට් එකේ අරමුණ පසුව ලියමි

      Delete
  13. 1. දොඩම් ගෙඩිය නැට්ට ළඟින් පුන්චියට රවුමක් කපලා එතනින් එහාට ක්‍රමයෙන් විශාල වෙන රවුම් කපමින්
    2.ටිපි ටිප් වගේ පැකට් වල කඩන්න ඕනි තැන ලකුනු කරල තියෙනව නම් එතනින්+ නැතිනම් බොහෝ විට වම් උඩු කෙලවරෙන් ත්‍රිකෝණාකාට කෑල්ලක් කඩල
    3.රෙදි වැලේ වමේ සිට දකුණට ( අහන්න එපා ඇයි කියලා එහෙම තමා මම නම් ) නොදැනිම වගෙ එක පාට ඇඳුම් එක ළඟ\ එහෙම නෙතිනම් එක ජාතියෙ රෙදි එක ළඟ

    ReplyDelete
    Replies
    1. ප්‍රියන්ති ඔයාවත් මගේ හීන අඩවියට ආදරෙන් එකතු කරගන්නවා .. ඔයත් රෙදි වනන් නේ මන් වගේ

      Delete
  14. දොඩං ලෙලි ගහන්ඩ එක විදිහක් නැ , කෙල්ලො දෙන්න කපල දෙන්ඩ කියුවොත් එහෙමයි , ලෙලි ගහන්ඩ ගිහිං කෙලවගයන අතට දුන්නොත් , ඒ වෙලාවට සෙට් වෙන විදිහකට කරල දෙනව

    ටිපි ටිප් පැකට් නං කොහොම කඩනවද කියල මතක නැ කඩෙං අරං ගෙදර ගේනව විතරයි ඊටපස්සේ වෙන දෙයක් දන්නැ

    රෙදි හොදන්නේ මං උනාට වනන්නේ අරය . අවුරුදු දොලහකින් විතර වනල නැ

    ReplyDelete
    Replies
    1. තැන්ක්ස් අයියේ,,, ඔයත් ෂෝයි

      Delete
  15. දොඩම් ලෙලි ගහන්නේ නැට්ට ගාවින් නියපොත්තෙන් ඇදලා

    ටිපි ටිප් කඩන්නෙ කළු ඉරෙන් ඇදලා

    රෙදි වනන්නේ නම් හොඳට මිරිකලා ගසලා වැලක දෙපැත්තට දාලා. ක්ලිප් ගහන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. හරි @ ස්තුති හොඳේ ඉල්ලීම ඉටුකිරීම ගැන

      Delete
  16. 1) දොඩම් ලෙලි ගහන්නෙ නැට්ට ලඟින් නිය පොත්තෙන් පොඩ්ඩක් කඩලා, එතැන ඉඳන් පිළිවෙලට එක දිගට ලෙලි ගහනව.

    2) ටිපිටිප් එකේ උඩ පැත්තේ තියෙන කළු ඉරෙන් ඇදල

    3) රෙදි වනන්නේ කණපිට හරවල. ගොඩක් ඇඳුම් දාන්නෙ හැන්ගර්ස් වල.

    ReplyDelete
    Replies
    1. මනා @ ස්තුති මල්ලි,, මේ මගේ සින්දුවක් තියෙනවා ඔයාට මේල් එකක් එවන්නම්

      Delete
  17. දොඩම් ලෙලි ගසා දුන් විට කමි! නැත්නම් ලෙලි ඇරෙන විහක් බලා කමි.

    ඔය පැකට් කඩන එක මට හෙනම අමාරු වැඩක්ය! සිරාවටම! මම ළඟ පාඨක ඉන්න එකෙක්ට දීලා කඩාගෙන කමි! :D

    වේලෙන විදිහකට තමා!

    ReplyDelete
  18. දොඩම් ගෙඩියේ නැට්ට ගාවින්

    ටිපි ටිප් වගේ පැකට් වල දැති තියෙනවා නම් දැත්තක් දිගේ පහලට ඉරනවා. නැතිනම් පැකට් එකේ උඩ ජොයින්ට් එකට පහලින් දෙපැත්තට අදිනවා බහ් ගාලා මැහුම ගැලවෙනවා

    රෙදි වනන විශේෂ විදියක් නෑ. වැල තියෙනවා රෙදි වනනවා.

    ReplyDelete
  19. දොඩමෙ පුක පැත්ත හිල් කොරානවා ... ඊට පස්ස් ප්හුරු ගාල පොත්ත ගලවනවා ...

    සරස් ගාල ඉරල දානවා ...

    වැලටන දාන්න තුවාය විතරද කොහෙද ... ආ ... ජොක්කු දානවා ... ජොකාටනං ක්ලිප් එකක් ගහනවා .. වැටුනොත් බල්ලෙක් පූසෙක් කුදලගෙන යයි කියල තුවායනං පුලුවන් තරන් දුර ඉදල විසි කොරනවා ...

    :D

    ReplyDelete
    Replies
    1. පොඩි මැන් @ ඊයා මේකගෙ කට

      Delete
  20. 1. නැට්ට පැත්ත නෙමේ අනික් පැත්තෙන් පොඩ්ඩක් තුවාල කරලා පටන් ගන්නවා.
    2. පැකට් එකේ ඉහල මැද මූට්ටුව ළඟින් ඉරන්න පුලුවන්.
    3. වනන්න කලින් කණපිට හරවලා රැලි දිග ඇරෙන්න ගසනවා.

    ReplyDelete
    Replies
    1. මධු,, 1. ගෙඩියක් නැට්ට පැත්තෙන් ලෙලි ඇරලා බලන්න

      Delete
  21. අනේ මන්දා මොකක් වෙලාද කියලා.................

    ReplyDelete
  22. දොඩම් ගෙඩියීයට නැට්ටට ප්‍රතිවිරුද පැත්ට පොඩි ඇන්ගිල්ල ඔබල එතන ඉඩන් උඩට
    .
    Pack එකෙ මැඩින්
    .
    වැල මැරි ඇත.

    ReplyDelete
    Replies
    1. අනිත් පැත්තෙන් දොඩම් ලෙලි ඇරලා බලන්න

      Delete
  23. 1.දොඩම් ගෙඩියෙ උත්තරධ්‍රැවයෙන්
    2.ටිපි ටිප් පැකට් එකේ සිග් සැග් දැති අතරින් පහල කෙලවරකින්
    3. රෙදි වැලේ හරි මැදින්

    ReplyDelete
    Replies
    1. හි හි තැන්ක්ස් අයියේ

      Delete
  24. 1.දොඩම් ගෙඩියෙ උත්තරධ්‍රැවයෙන්
    2.ටිපි ටිප් පැකට් එකේ සිග් සැග් දැති අතරින් පහල කෙලවරකින්
    3. රෙදි වැලේ හරි මැදින්

    ReplyDelete
    Replies
    1. අයියා හැමදාම කමෙන්ට් දෙක දෙක දානවනේ හි හි

      Delete
  25. දොඩම් නැට්ට ලගින් නියපොතු ගහල හැරිච්ච හැරිච්ච අතට ගලවනවා.

    ටිපිටිප් පැකට් එකේ උඩ තියෙන සිදුර ලඟින් ඉරල කඩා ගන්නවා.

    රෙදි කනපිට හරවල වනන්නෙ, වැලේ එක කොනක ඉඳලා.

    මොකද්ද අප්පේ පෝස්ට් එක??

    ReplyDelete
    Replies
    1. මනොෂ්,, පෝස්ට් එක ලිඋවේ ඔයාලා මන් නෙමේ

      Delete
  26. මේකනම් විජාතික කුමන්ත්‍රණයකට ලැහැස්ති වීමක්ද කොහෙද????? මේවාට උත්තර දුන්නොත් පක්ෂයේ මධ්‍යම කාරක සභාවට පටහැනිව ගියා කියා ගෙදරට ලියාපදිංචි තැපෑලෙන් ලියුමක් පැමිණිය හැකිය........

    ReplyDelete
    Replies
    1. කු ගෑ ගි එවුවට නම් හෙනටම මොලේ,,

      Delete
    2. ඒ ඔමා තාම රෑ වුනේ නැතෙයි??????? ලියහංකෝ අපිව අවුස්සන්නැතුව

      Delete
  27. 1. ලෙල්ල ගලවන්නේ නැත පිහියෙන කපා කෙලින්ම ජුසරයට දමයි
    2. අහුවෙන තැනකින් පැකට් එක ඉරන්න ට්‍රයි කර බැරි උනොත් ලකුණු කර ඇති තැනින් ඉරයි
    3. මේ වෙනකම් කරන්න සිදුවී නැත

    ReplyDelete
    Replies
    1. අපෝ අනේ ජුස් හදලමද කන්නේ,,

      Delete
  28. දොඩම් ගෙඩිය වැලි කදාසියකින් අතුල්ලලා සුදු පාට ලෙල්ල ආවම අතින් ගලානවා

    බිස්කට් පැකට් එක මැද්දට මන්නෙන් ගහනව

    වැලේ එක පැත්තක් ගලවල ටී ෂර්ට් ෂර්ට් වගේ ඒවා වල එක අතකින් ලනුව දාලා අනිත් අතින් එලියට ගන්නවා, කලිසම් වල එක කකුලකින් දානවා. අනිත් එවාත් එහෙම දාලා වැල ගැටගහනව්

    ඇයි අවුල්ද ?

    ReplyDelete
    Replies
    1. සුදීක @ අපෝ අනේ හොඳ නෑ ඔයා

      Delete
  29. 1. නැට්ට තිබ්බ හිලට මහපටැඟිල්ල ඔබල, එතන ඉඳන් ගලවනව.

    2. පැකට් එක මැදින් අත්දෙකින් අල්ල දෙපැත්තට අදිනව.

    3. වැල්වල වැනුවොත් රෙදි සමග දූවිලි අඳින්න වෙන නිසා ඩ්‍රයරයේම වෙලා ගනියි. ලංකාවෙදිනං අපි වනන්නෙ වැලේ හහට දාල ක්ලිප් එකක් ගහන එක තමා. ෂර්ට් හැගර් වල දාල එල්ලනව.

    දැන් ඔන්න උත්තර දුන්නනෙ. ලියහන් පෝස්ට් එක.

    ReplyDelete
    Replies
    1. ඉන්දික අයියේ,,, ඔව් ඔව් ලියනෝ ඒත් තාම වෙලාව ආවේ නැහැ

      Delete
  30. අද දා හතරයි.. උත්තර ලියන්න කලින් මං මේ බැලුවේ 'අද රෑට ලියනවා' කියපු පෝස්ට් එක කොයි කියල... මක්ක වෙතත් මං පුරුදු වෙලා ඉන්නේ මෙහෙමයි..

    දොඩං ගෙඩියෙ නැට්ට ලඟට දකුණු මහපට ඇඟිල්ලේ නියපොත්ත දාලා රවුමට රවුමට ලෙලි ගහනවා. හැකි තරම් ට්‍රයි කරන්නේ මුළු ලෙල්ලම තනි කෑල්ලට ගලවන්න.

    බිස්කට් පැකට් වගේ ඇසුරුම් නම් අයිනේ සහ මැද දාරය එකතුවෙන තැනින් අල්ලා මැද දාරය දිගේ පහලට ඉරනවා. එවිට ඇසුරුමේම තියාගෙන එක එක එලියට ගැනීමට පහසුයි. ටිපි ටිප් කඩල වගේ දෙවල් නම් ඉහළ කොණකින් තුන් හුලස් කොටසක් ඉරා දමනවා. ඉහළ පහළ තීරණය කරන්නේ අකුරු මුද්‍රණය කර ඇති දිශාව අනුවයි.

    මට රෙදි සේදීම නම් එපාම කරපු දෙයක්. හැබැයි රෙදි වේලෙන්න වනන්න නම් මං එක්ස්පර්ට්. (අපේ හාමිනේට අනුව.) හැමදාම ගෙදරදි එයා හෝදන රෙදි වනන්නේ මං තමයි. කොළඹදිනම් බොහෝවිට ඩ්‍රයර් එකෙන් වේලා ෆෑන් එක යට රවුම් රැක් එකේ හැන්ගර් වලින් එල්ලනවා. ගමේදීනම් ඕනෑ තරම් වැල් තියෙන නිසා පහසුයි. හැකි සෑම විටම රෙදි සමමිතිකව හා සම බරව වැනීමට උත්සාහ කරනවා. සෑම විටම රෙදි වැල හා ගැටෙන්නට සලස්වන්නේ රෙද්දේ කණ පිටයි. සුදට හුරු රෙදි කොහු ලණුවලින් බැන්ද වැල් වලට වඩා නයිලෝන් ලණුවලින් බැන්ද වැලකට දැමීමට උත්සාහ කරනවා. එහෙම නැත්නම් හැන්ගර් එකක දමා එල්ලනවා. අව්ව වැටෙනා තැන්, රෙද්දේ ස්වාභාවය, සුළං, දූවිලි, යට ඇඳුම් උඩ ඇඳුම්, වටිනා ඇඳුම් ආදී නොයෙක් කාරණා අනුවත් වනන ස්ථානයන් වෙනස් වෙනවා..

    දැන් නම් පෝස්ට් එක ඉක්මණින් ලියන්නම වෙනවා ඔමාට..

    ReplyDelete
    Replies
    1. කමි @ ගොඩක් ස්තුති ඈ.. පෝස්ට් එකේ හැටියටද කමෙන්ට් එක කීවලු හිටන්

      //ඩ්‍රයර් එකෙන් වේලා ෆෑන් එක යට රවුම් රැක් එකේ හැන්ගර් වලින් එල්ලනවා// ඇයි අනේ ඩ්‍රයර් එකේ වේලලා ආයේ එළියේ දාන්නේ,, මං නම් කම්මලි කමට විනාඩි 90 ක් තියලා අරන් අලමාරියේම දානව

      Delete
  31. මම සෑහෙන පරක්කුයිනේ කියලා හිත හිත කමෙන්ට්ස් ටික බලාගේන ආවේ ඔමාගේ රිප්ලයි එක බලන්න. බැලුවාම තාම රිප්ලයි එකක් නෑනේ... මෙන්න මෙහෙමයි මම කරන්නේ

    1. දොඩම් ගෙඩියේ නැට්ට තියෙන පැත්තේ පොඩියට පෙත්තක් කපලා වටේට ලෙලි ගලවනවා.

    2. මැද්දේ තියෙන ඉර දිගේ පහලට ඉරනවා. ටිපිටිප් පැකට් නම් අදින්නේ හරහටය.

    3. හැන්ගර්වල දාලා තමයි ගොඩක් වෙලාවට රෙදි වේලන්නේ. එහෙම බැරි ඒවා වැල බැලන්ස් වෙන්න වනලා ක්ලිප් කරනවා.

    ReplyDelete
    Replies
    1. තුෂ් @පරක්කු නැහැ අනේ ස්තුති,, පස්සේ ලියන්නම් සීන් එක

      Delete
  32. කමෙන්ට් ලබාදුන් හැම යාලුවෙක්ටම මගේ හදපිරි ස්තූතිය.. පෝස්ට් එක පමාවීම ගැන මට සමාවෙන්න, ලියන්න තරම් හැගීමක් තිබ්බේ නැහැ,, ඇයි කියලා මං දන්නෙත් නෑ . ඉස්සරහට ලියන්නම් ඒක.. ස්තුති ආයෙමත්

    ReplyDelete
  33. 1) දොඩම් ගෙඩියේ නැට්ට තියෙන තැනින් පොඩි කෑල්ලක් කඩලා ලෙලි පහළට ඇදලා.

    2) ඉර දිගේ පහලට ඉරනවා

    3) වැලේ එක කොනක ඉඳලා වනන්නෙ

    ReplyDelete
  34. සාරිකා විචාරනීApril 17, 2015 at 1:00 AM

    අන්තිමට ඔමා කියන්නේ මොකද්ද කියල මම බලාගන ඉන්නවා

    ReplyDelete
    Replies
    1. හොඳ නෑ අප්පා ඔයා කරන විදිය කිවුවේ නැහනේ

      Delete
  35. 1 යට පැත්තෙන් ගලවනව. ලේසියි.

    2 ඉහල දාරයෙන් අල්ලල ඉරනව.

    3 විශේෂයක් නෑ. හේදුව, අඹරල වතුර ටි අයින් කලා වැනුව. හැබැයි අලුත් පිට ගත්ත ඇඳුම් නං ආසාව යනකල් වැඩිය අව්ව නැති තැනක වනන්නෙ

    ReplyDelete
    Replies
    1. රාජ් අයියේ @
      හි හි තෑන්ක්ස් ඔයාගේ උත්තරත් එකතු කරාට

      Delete
  36. 1) දොඩමෙ නැට්ට පැත්තෙන් පටන්ගත්තම දිගටම ලෙල්ල ගලවගෙන යන්න ලේසියි. ඒත් තියුණු දෙයක් නැතිව එතැන හිල් කරගන්න අමාරැයි. එතැන නියපොත්තෙන් හිල් කරන්න ගියොත් තැලෙන්න ඉඩ වැඩියි. ඒ වෙලාවට, නියපොත්තෙන් හිල් කරන්නෙ ගෙඩියෙ පහළ. (දොඩම් ගැන කිව්වෙ අෑ. Orange නාරං ගැන නෙවෙයි. ලංකාවෙ නියම දොඩං. ඒවා ගෙ ලෙල්ල ගණකම වැඩියි) හැන්දක් තියෙනවා නම් ලෙල්ල සහ මදය අතරින් අැතුළු කරලා පහසුවෙන් ගලවන්න පුළුවන්. තැලෙන්නෙ පොඩිවෙන්නෙ නෑ පිරිසිදුයි!!

    2) කතුරක් / බ්ලේඩ් එකක් සහ, කාලා ඉවර ම කරන්න බලාපොරොත්තුවක් තිබුණොත් උඩ සම්පූර්ණයෙන් ම කපලා පහලින් අැතුළට නවලා මේසෙ උඩ තියන්න පුළුවන් කෝප්පයක් වගේ හදාගන්නවා. එතකොට උඩින් අත දාලා ගන්න පහසුයි!! ඉවර කරන්න ඕනෙ නැත්නම් මුල්ලකින් පොඩි විවරයක් හදාගන්නවා (කපලා / අතින් ඉරලා). ඒකට අපිට නං වෙනම ලකුණු කරපු "ඉරන්න ලේසි තැන්" වැඩක් නෑ. කොහෙත් එකයි!!

    3) අව්ව, සුළඟ, අහල පහල අැති ගස් හා වටපිටාවෙ අැති අනෙකුත් සියලු දේ බලන්න වෙනවා. ගහක හෙවණේ, කොල අතු අතරින් ලාවට අව්ව වැටෙන විදිහට සහ හොඳින සුළඟ ලැබෙන විදිහට රෙදිවැල බඳිනවා නම් පොදුවෙ ගොඩක් අැඳුම් වලට හොඳයි!! කණපිට හරවලා හැඟර් එකක දාලා පරතරයක් සහිතව එල්ලන්න ඕනෙ. හැඟර් නැත්නම් ක්ලිප් වලින් එල්ලන එක හොඳයි. ඒවත් නැත්නම් විතරක් දෙකට නවලා වැල දෙපැත්තට සමබර වෙන්න දාන්න ඕනේ. තදින් මිරිකන්න හොඳ නෑ. මිරිකලා ටිකක් ගසන්න ඕනෙ මිරිකපු රැලි දිගෑරෙන්න!!!

    දැං කෝ පෝස්ටුව?? තාම දාලා නෑ නේද??

    ReplyDelete
    Replies
    1. පීරේ හරි පිළිවෙල කොල්ලෙක්නේ බලද්දී,, අපේ නංගි කෙනෙක් ඉන්නවා එයාට ගැලපෙන කොල්ලෙක් හොයා හොයා හිටියේ අන්තිමට හම්බුණා .

      පෝස්ට් එක දාන්නම් ඉන්ටකො

      Delete
    2. හිකිස්. හප්පේ මගෙ පිලිවෙල :-D :-D :-D :-D
      (ඒ හැබෑට මේකෙ මොනවද පිලිවෙල අෑ අක්කෙ??)

      බුදු අම්මෝ අක්කෙ මං තාම පොඩි එකා!! ඔය කියන නංගි මට හරියන වයසෙ අැති කියලා නං මං හිතන්නෙ නෑ. ඒ නිසා වැඩිය බලාපොරොත්තු තියාගන්න එපා අෑ!!  ^_^  ^_^  ^_^

      Delete
    3. මේ මේ මල්ලි නිකන් බයිලා එපා, මං කෙල්ලට කියලත් ඉවරයි.. වයස ගැන හිතන්න එපා අක්කගේ නන්ගිනේ :D

      Delete
    4. ///අක්කගෙම නංගිනේ///
      ඒකම තමයි අක්කෙ බය!!!

      Delete
    5. හි හි හි හි හි මල්ලි කැමති නේද

      Delete
    6. අනේඒඒඒඒඒඒ ඔව්
      (වෙන නැත්නං!!!)

      Delete
  37. අවුරුදු නිවාඩුවට පස්සෙ අදයි ආවේ. පරක්කු උනාද මංදා!
    1. කෝම හරි නියපොත්තෙන් හිල්කර ගන්න පුලුවන් උන තැන ඉදන් ලෙලි ගහනවා.
    2. අර මැද්දෙ ඇලවුම් දාරයක් වගේ එකක් තියෙන්නෙ එතනින් තමා
    3. රෙදි වැනිල්ලෙ නම් ඉතින් පිලිවෙලක් කියන්න දන්නෙ නෑ
    හැබෑටම කෝ පරීක්ෂණයේ නිරීක්ෂණ හා නිගමන

    ReplyDelete
    Replies
    1. කැවුම් කාලා කුරුලෑ හදාගෙන ඇති දැන්,,, නිගමන පස්සේ

      Delete
    2. අවුරුදු කාලෙට කැවුම් කන්න හිතෙන්නෙම නෑනෙ.මේ අවුරුද්දටම කැවුම් දෙකයි කෑවෙ.

      Delete
  38. සුවර් එකටම අර රසියන් කාරයාගේ වීඩියෝ එක බලලා.

    ReplyDelete
    Replies
    1. ඒ මොකක්ද අනේ.. මට මේ පොඩි ළමයෙක් එක්ක දවස් 3ක් ගත කරලා ඉගෙන ගත්ත ඒවලින් අහපු ප්‍රශ්න,

      Delete
  39. මෙච්චර කල් කෑවෙම වෙන කවුරු හරි ලෙලි ගහපුවා තමයි. පැකට් එක ඇදලා කඩලා කැඩෙන විදියට කනවා

    රෙදි වැලේ කේස් එක නම් අනේ මන්දා පුටුවක් උඩ දාලා විදුලි පන්කාව දාන හැටි ඇහුවනම් කියනවා...

    ReplyDelete
  40. කලින් කොමන්ටුව කපලා දාන්න වස්තුවේ ඒක වැරදිලා කොපි වුනේ.

    ReplyDelete


ලිපිය කියවා කොමෙන්ට් නොකලත් කමක් නැහැ.. කමෙන්ට් කලොත් සතුටුයි. ලිපිය කියවන්නේ නැතුව කොමෙන්ට් කරන්න එපා.
අපුර්වි_


,නිතරම යහපත කරන්න...,සතුට සැනසිල්ල හැමදාම ඔයාලග රැදේවි,,දෙවිපිහිටයි,

Related Posts Plugin for WordPress, Blogger...