Wednesday, April 8, 2015

අම්මා love you mom

තාත්තා ගැන  මං නිතර ලියලා තියෙනවා ලිපි සහ කවි. අම්මා ගැනත් කවියක් ලියලා තියෙනවා. මං විතරක් නෙමේ ලෝකේ  හැමෝම තම නිර්මාණ වලදී අම්මා සහ තාත්තා කියන චරිත දෙකට ගෞරවාන්විත ඉඩක් වෙන් කරනවා.. අපි ඒ දෙන්නට  හරිම ආදරේ නිසා. පුංචි කාලේ අම්මා ගැන රචනාවක් ලියද්දි අනිවාර්යෙන්ම  ලියනවා අම්මා මට ගොඩක් ආදරෙයි,මාත් අම්මට ගොඩාක් ආදරෙයි කියලා. මාත් මගේ අම්මට ගොඩක් ආදරෙයි.ඇත්තටම පොඩි කාලේ නොදන්න කමට සහ  අම්මා මගෙන් වෙන් වෙලා පිට රට හිටපු නිසා  මං වැඩියෙන්ම ආදරේ කලේ තාත්තට. ඇත්තම කිවුවොත්  උසස් පෙළ කරන වයසෙදි  පවා මං වැඩියෙන් ආදරේ කලේ තාත්තට. ඒත් පහුගිය වසර කීපය තුල අම්මට මං ගොඩක් කිට්ටු වුණා. එයාගේ ආදරේ තේරුම් ගත්තා. 


අපේ අම්මා ටිකක් වෙනස් කෙනෙක්  එයාගේ වචන හරියට දෙපැත්ත කැපෙන  තියුණු පිහිතල වගේ කියන්න ඕනේ එක මහරජ්ජුරුවන්ට වුණත් කියන කෙනෙක්. වලි වලටත්  පප්පා ,,වලි කාපර්.. ඒ සද්දෙට කෑගහලා නෙමේ හිත කුඩුවෙන වචන කියලා අනිත් මනුස්සයගේ අභ්‍යන්තරය කූඩු කිරීම පැත්තෙන්. තාත්තා නැතුව අපි දෙන්නා වෙනුවෙන් එයා කරපු කැපකිරීම් වල තරම හිතාගන්න බැරි තරම්. තාත්තා ගැන මං ලියපු ලිපිය මතකයේ තියෙන මගේ යාළුවො දන්නවා ඒ කථාව. තමන්ගේ පුංචි දරුවව, ආදරණීය සැමියව දාලා නොදන්න රටක දුක් විඳලා විඳලා එද්දී  තමන්ගේ ආදරේ වෙන කෙනෙක් උදුරගෙන කියලා දැනගත්තම අම්මට දැනුන දුක කොච්චරක් වෙන්න ඇද්ද මං දන්නේ නැහැ. 
ඇත්තටම ඒ අතීත කථාව හරිම කටුකයි.. ඒ ගැන  ලියන්න  ඕනේ නැහැ. මේ සියල්ල ගැන තනිවෙලා පැය ගණන් හිතද්දී ...ඇත්තම කීවොත් මීට අවුරුදු දෙකකට කළින් කඳුළු පෙරාගෙන  තාත්තා ගැන ලිපිය ලීවට පස්සේ මට හීන් දාඩිය දැම්මා මගේ අම්මා මතක් වෙලා..ඔන්න දැනුත් උගුර ටිකක් රිදීගෙන එනවා.. මං අපේ අම්මට ගොඩක් ආදරෙයි ...ගොඩම ගොඩක්.. මේ වචන ලියද්දි මගේ හිතට මාර සැහැල්ලුයි.. ඒ කාලේ අම්මට දෙන්න බැරිවෙච්ච ආදරේ දැන් මං එයාට දෙනවා.. ඒකෙ රසේ  ඔයලාට තේරේවිද මං දන්නේ නැහැ. දවස් දෙකකට සැරයක් අම්මා පැය පැය වගේ ස්කයිප් එකෙන් කතා කරනවා. ගෙදර හිටියනම් අපිදෙන්නට වෙලාව නැහැ කතා කරන්න.. අම්මගේ වැඩේ බයින එකනේ ගෙදරදී  දැන්  බයින්නෙ නැහැ රටේ ලෝකේ ඔක්කොම කේලම් ටික මාත් එක්ක කියන එක තමයි දැන් වැඩේ.. 

අපේ අම්මා හරිම  ජෝකර් කෙනෙක්  ඒ වගේම සල්ලි හොයන වැඩ වලට හරිම කැමතියි. ගමේ සමිති සමාගම් වල ලේඛම් අම්මා. මරණාධාර සමිතියේ භාණ්ඩාගාරික. මගේ අහිංසක  බයික් එකේ තමයි අම්මා දවස ගෙවන්නේ. අපේ අම්මා කවදාවත්  ඩෙනිමක් ,ජීන්ස් එකක් ඇදලා නැහැ.දිග සායවල් මයි අඳින්නේ.  එයා හරිම ශෝෂල් කෙනෙක් ඒ වගේම එඩියුකේට්...මට වඩා හොඳට  ඉංග්‍රීසි කතා කරනවා හැබැයි ඇඳුම පැළඳුම හරිම සංවරයි. අපේ ආච්චි අම්මා නිතරම කියනවා මං මේ පවුලේ කෙනෙක් නෙමේ කියලා. එහෙම කියන්නේ ඔය දේවල් හින්දත් වෙන්න ඇති. 
  • ඇන්තූරියම් මල් හදන පිස්සුවක් 
  • ඕකිඩ් පිස්සුවක් 
  • බට් අඹ පිස්සුවක් ඇතුළු පලතුරු ගස් සිටුවීමේ 
  • වල්ල පට්ටා හොයන පිස්සුවක් 
  • වාහන බයින්ග් and සෙලින් පිස්සුවක්
  • හාවෝ හදන පිස්සුවක්
  • ලව් බර්ඩ්ස් සහ මාළු  හදන පිස්සුවක්
  • මැෂින් එකක් අරන් මිනිස්සු දම්මලා බ්ලොක් ගල් ගහන පිස්සුවක්
  • බල්ලෝ හදන පිස්සුවක් 
  • සාරි බ්ලවුස් පතොරම් ,මල් සැරසිලි පිස්සුවක්
ඔය කාලෙන් කාලෙට එන හැම එකම අපේ අම්මා කරන්න ගන්නවා ආසාවෙන් ටික දවසකින් එපා වෙනවා. හැබැයි බල්ලෝ  හදන එක නම් දැන් එපා වුණේ නෑ අවුරුදු එකහමාරක් දෙකක් විතර. ඉතින් අද ලියන්න හිතුණා අම්මා  කරපු හිනා යන වැඩක් ගැන. දවසක් අලුතෙන් බල්ලෙක් ගෙනත් "රොට් වයලර්"" කිවුවා රේස් එක. ස්කයිප් එකෙන් පෙන්නුවා කළුම කළු යකෙක් වගේ බලු පැටියෙක්. දැන් එයාට ඕනේ බල්ලට නමක් දාන්න. මං කිවුවා 
"හා මං කෝල් කරලා කියන්නම්කො  යාළුවන්ගෙනුත් අහලා හොඳ නමක් "

"නිකන් හුරතල් නමක් නෙමේ මට ඕනේ"

"එහෙනම් " වස නමක්ද  මං ඇහුවා 

"නෑ නෑ පැතුම්ලගේ  ඪැල්මේෂන් එකාට දාලා තියෙන්නේ "ප්‍රාඩෝ " මට ඕනේ ඊට වඩා ගණන් වාහනේක නමක් "

හිනාවෙලා පණ ගියා,අම්මට ගාණක්වත් නෑ.
මං කිවුවා "ලැම්බෝගිනි" කියලා දාමුද ???  

"ඊයා ඒක කැතයි වෙන එකක් ඕනේ", 
ෆෙරාරිත්  ඊයා කිවුවා.
ඊට පස්සේ අපේ මල්ලි කරලා තියෙන වැඩේ බල්ලට "ස්කූටී" කියලා කතා කරලා ඒකට හුරුකරන්. අපේ අම්මට හොඳටම කේන්ති. අච්චර ගාණක් දීලා ගෙනාපු බල්ලට අන්තිමට දැම්මේ  ලාබම බයික් එකක නමක්.
............................................................
මේ  මාස දෙකකට කලින් ස්කුටීගේ දුවත් එක්ක අපේ අම්මා
මල්ලිගේ කමෙන්ට් එක මැකුවේ මේකගෙ  කට හරි නැති නිසා 

කොහොමහරි පස්සේ පස්සේ මාත් කාලයක් බැනුම් ඇහුවා වැදගත් නමක් හොයලා දුන්නේ නැහැ,එයා දෙයක් කරන්න පටන්ගද්දී ඒකට වචනෙකින් වත් උදව් කරන්නේ නැහැ කියලා. කාලයත් එක්ක ගෙදර බල්ලයි කොල්ලයි දෙන්නා මාරුවෙන් මාරුවට උණ හෙම්බිරිසාව හදාගද්දී අම්මා තමයි දෙන්නටම උපස්ථාන කරන්න හිටියේ. 
දවසක් මල්ලි අම්මා එක්ක රණ්ඩුවෙලා ස්කයිප් එන්න කියලා ඇඩුවා,මාත් විත්තියේ සහ පැමිණිල්ලේ කථා දෙක සාවදානව අහන් ඉන්න පුරුදුවෙලා හිටියේ ඒ වෙද්දී.මේකයි සිද්දිය මල්ලිට අසනීප වෙලා ඊයේ අම්මා පස්පංගුව සමහන් ඒවා මේවා දීලා කොල්ලට ඉක්මනට සනීප වෙලා. ඊට පස්සේ මල්ලි අම්මගෙන් රුපියල් පන්සීයක්  ඉල්ලලා. බෙහෙත් ගත්තනම් යන සල්ලි කියලා.

"බල්ලට චුට්ටක් අමාරු වුණ ගමන්  ඩොක්ටර් ගාවට ගෙනියලා දාහේ කොළ වලින් ගෙවන්නේ මට  අමාරු වුණාම ගාණක් නෑ..

"රුපියල්  විස්සක් වත් ගියේ නෑ හොඳ වුණා තිත්ත බෙහෙත් බීලා. ඇයි එයා මට එහෙම කරන්නේ !!!"

ඉතින් දැන් මොකක්ද වෙන්න ඕනේ අසේල? මං හිනාවෙවී ඇහුවා 

"වහිනවා එලියට බහින්නත් බෑ ඒ හින්දා උණ බහිනකල් නෙට් යන්න ඉන්ටර්නෙට් කාර්ඩ් එකක් දාගන්න සල්ලි ඉල්ලුවේ "



කපටි වචන ෆිල්ම් එකක වගේ මූ කියෝගෙන යද්දී මට හිනා හොඳටම. අම්මා කතා කරන්න ගද්දි මං දන්නවා ඉතින් ෂෝට් and ස්වීට් උත්තරයක් කියලා.
" අසේල ඔයාගේ ප්‍රශ්නේ ////"බල්ලද අම්මේ වටින්නේ මන්ද ඔයාට?? //

"බල්ලව ගත්තේ 45000 කට. ඔයාව මට නිකන් හම්බුණේ .ඉතින් සල්ලි වලින් බැලුවොත් බල්ලගේ වටිනාකම වැඩියි "
........................
ප/ලි

අම්මගේ  විහිළු කතා ගොඩක් තියෙනවා පස්සේ ලියන්නම් එයාට තාමත් ලයිසන් නැහැ පොලිසියට තුන් පාරක්ම අහුවෙලා ගෙදර ඇවිත් ඒ කතා රසකර කර කියපුව ලියන්නම්කෝ.

33 comments:

  1. ඇත්ත ඔමා .. දෙමව්පියන්ට කොච්චර සැලකුවත් මදි .. ලස්සන කතා පොඩ්ඩ ..

    ReplyDelete
    Replies
    1. පුළුවන් හැම වෙලාවෙම එයාලව සතුටින් තිබ්බම හරි.. මගේ චුටි බ්ලොගේ එක වුණාම තෑගී නෑලු ,, ඒ වෙනුවට තියෙන්නේ පනිෂ්මන්ට්,,, හෙට ලියන්න ඕනේ අලුත් පෝස්ට් එකක් පැය 24ක් ඇතුලත

      Delete
  2. මටත් අම්ම ගැන ලියන්න හිතෙනවා. ඒත් සංවේදී වැඩියි වගේ ඒක.

    ReplyDelete
    Replies
    1. සිදු .. සංවේදී තමයි නමුත් ලියුවට පස්සේ අපි එයාලට ඊට වඩා සංවේදී වෙනවා ලං වෙනවා. මට ගොඩක් අහන්න ලැබිලා තියෙනවා තමන්ට සලකන්න බැරිවෙච්ච අම්මා තාත්තගේ මරනෙදී පස්සේ අවුරුදු ගානක් ගිහිනුත් දරුවෝ පසුතැවෙනවා,, එහෙම නොවෙන්න ඕනේ අපි,, මේ බ්ලොග් ලියන ගොඩක් අය සාක්ෂි මේකට

      Delete
  3. අම්මගෙයි තාත්තගෙයි අගේ අපිට එයාල එක්ක ඉඳිද්දි නොතේරුනාට එක දවසකට හරි එයාල නොදැක අඩු ගානේ කෝල් එකක් වත් දෙන්න බැරුව ඉඳිද්දි තමා දැනෙන්නෙ. ඉතිං අපිට එහෙම නම් ඔමා අක්කට කොහොම දැනෙනව ඇත්ද කියලත් හිතෙනව. මේ කතාව කියවද්දි අපේ අම්ම කරන කියන වැඩත් මතක් උනා. බල්ලට දාපු නම තමා මරු :D. ඒ බල්ලගෙ වර්ගෙ "රොට් වයලර්" කියල නිවැරදි වෙන්න ඕන නේද :).

    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. ඔව් ලංකාවේ ඉද්දි ගාණක් නෑ එයා එක්ක වලි දාගන්නවා ඉවරයක් නෑනේ.. මේ එහෙමද ?මන් ඕවා දන්නේ නැහැ ඇහිච්ච විදිය තමයි ඔය, තැන්ක්ස් කිවුවට දැන්ම හදන්න ඕනේ

      Delete
  4. ලියල ඉවර කරන්න පුලුවන් මාතෘකාවක් නෙවෙයි නේද ඔමා!

    ReplyDelete
    Replies
    1. කොච්චර නම් දේවල් ලියන්න තියෙනවද දෙමව්පියෝ ගැන

      Delete
  5. අම්මා ගැන වචන වලින් කියන්න බැරි තරම් දේවල් ගොඩක් අපි හැමෝගෙම හිත් ඇතුල ඇති.....

    ReplyDelete
    Replies
    1. හිත් ඇතුලේ තියෙන එවලින් ඩිංග ඩිංග සැරින් සැරේ එලියට දාන්න ඕනේ අපි

      Delete
  6. වලි කාපර්...................හා හා අපි පොඩි කාලේ පාවිච්චි කරපු වචන

    ReplyDelete
    Replies
    1. හි හි ඔව් අනේ ඒක පරණ වචනයක්,, තාත්තා අම්මට කියන නිසා අපිටත් පුරුද්දට කියවෙනවා

      Delete
  7. ඇයි pre-paid කනෙක්ෂන්වලින් ඉන්ටර්නෙට් යන්නේ? ADSL නැද්ද?

    ReplyDelete
    Replies
    1. කී පාරක් කිවුවද ඒත් එයා ගන්නේ නැහැ. දවස පුරා ඉන්ටර්නෙට් තිබ්බොත් හොඳට හිටීලු. අපේ මල්ලි හින්දා එයා ගන්නේ නැත්තේ,මං ඊලග පාර ලංකාවට යනකල් ඔහොම කරන්න අරිනවා.

      Delete
  8. අම්මපා ඔයාගේ අම්මා අපේ උන්දැගේ ඥාතියෙක් වෙන්න ඕනේ. අර කියලා තියන පිස්සු වලින් සම..........හරක් අපේ උන්දැටත් තියනවා.

    අම්මලා ඔහොම තමා. අපේ අම්මත් මගේ ළමයින්ටත් වඩා, මට තමයි ළමයෙකුට වගේ සැලකුවේ අම්මා මියයනතුරුම.

    ReplyDelete
  9. අම්ම එළ කොල්ලෙක්නේ.. හැක්.. හැබැයි දරුවෝ ලයිශන් නැතුව බයික් පදින වැඩේ අනුමත කරන්න එපා.. පොලීසියෙන් දඩ කනවට වඩා බොහෝම බරපතලයි නීත්‍යානුකූල රියදුරු බලපත්‍රයක් නැතුව රිය පැදවීම. දෙයියන්ගේ පිහිටෙන් (කතාවට කියන විදිය නිසා) එහෙම වෙන්න එපා ඒත් එයා අතින් අනතුරක් වෙලා තුන්වන පාර්ශවයේ කෙනෙකුට හානියක් උනොත් දඬුවම බොහෝම බරපතලයි සුදෝ. බල්ලද කොල්ලද වටින්නේ කතාවනම් පට්ට ඕයි. ඕකනෙ මං අපේ ගෙදර කිසිම සතෙක් හදන්න දෙන්නේ නැත්තේ. අපේ අම්ම ගැන ලියන්න කලින් ආච්චි ගැන ලියල ඉවර කරල ඉන්න වෙනවනේ :(

    ReplyDelete
    Replies
    1. කළ්‍යාණෙ... නිකමට අසරණ සතෙක්ව හදාගෙන බලපං පුලුවන්නම්.. පුදුම සැනසීමක් දැනෙන්නෙ..

      Delete
  10. මේ වගේ දුවෙක්ගෙ අම්මා ගැන ඉතිං අහන්න දෙයක්යැ. හැක්... හැක්...
    බොලා වගේ කෙල්ලො තමා මේ අවකාශෙ ඉන්ට ඕනෑ...

    ReplyDelete
  11. මරු උත්තරේ දීල තියෙන්නෙ. අම්මගෙ කතා සීරීස් එක දාන්න

    ReplyDelete
  12. ඔයාගේ අම්මා වගේම ඔයා වගේ දිරිය කාන්තාවෝ හින්දා තමයි මේ රටේ හැම එකාගෙම බඩට බත් වැටෙන්නේ... නැත්නම් ඉතින් හුළං තමයි.. ඒකයි මම හැමදාම ඒ වීර කාන්තාවෝ වෙනුවෙන් පෙනී ඉන්නේ.. අනික මම හොඳට උන්ගේ දුක වේදනාව දන්නවා.. දැකලා තියෙනවා.. විඳලා තියෙනවා...

    ReplyDelete
  13. අම්මගෙ උත්තරේ තමයි අෆ්ෆා සුපිරි! මට තාම හිනා ය.

    ReplyDelete
  14. හැමෝගෙම අම්මලා වගේ මගේ අම්මත් දිරිය කාන්තාවක්. සල්ලි තිබිලත් අනේක දුක් වින්ද කෙනෙක්. එකපාරක් දුෂ්කර කාලෙකදී ඇගේ හැසිරීම ගැන මම මෙතැන ලිව්වා. මම පොඩි කාලේ ඉබ්බෙක් වගේ උන්නත් ලොකු උනහම ටිකක් විතර නීතිකාරියක් වගේ හැසිරෙන්න ගත්ත. පව් මම එයාට සමහර වෙලාවට සැර කරනවා. ඊට පස්සේ හරිම දුකයි. ඈ ඇත්තටම අහිංසකයි. වලි පෘෆ් !

    පෙනුමෙන් නොපෙනුනාට එයත් පිස්සු වැඩ එමට කරනවා. ඉස්සර අපි එක එක පිස්සු වැඩ කරනවා. වැස්සේ නියමිත බස් හෝල්ට් එකට කලින් හෝල්ට් එකේ බැහැලා අයිස්ක්‍රීම් කකා යනවා. ඔහේ ෂොපින් යනවා. අපේ අම්මා විසින් මට නම් ඔය කියන ජාතියේ සමහර ලෙඩ සාර්ථකව බෝ කරලා තියෙනවා.

    1. මල් වැවිල්ල සහ මල් පිරිච්ච ගෙවත්තක් පවත්වාගෙන යාම
    2. ඇඳුම් මැහිල්ල
    3. Cross Stitch, Bazillion embroidery, hand stitching, ribbon work, knitting
    4. එක එක වගා ක්‍රම ( එළවලු , පලා කොළ වවන එක)
    5. නොයෙකුත් කෑම ජාති හැදිල්ල

    එයාගෙන් තමයි මම සමහර ඉවසීම් ඉගෙනගත්තේ. කවුරුත් බැන්නට ආපහු බනින කෙනෙක් නෙවෙයි. තරුණ පෙම්වතුන්ට පට්ට කැමතියි. එයාගේ ඔෆිස් එකේ ජෝඩු වලට හරියට උදව් කරනවා. එයාගේ තරුණ ගෝලයෝ එයාට මාර ආදරෙයි. පොඩ්ඩක්වත් ආඩම්බර කෙනෙකුත් නෙවෙයි. එයා විශ්‍රාම ගියපු තනතුර ඇහුවම සමහරු විස්වාස කරන්නෙත් නැහැ. එතරම්ම නිහතමානියි. එයා ගැන මම කතා කීපයක් ලියන්න හිතාගෙන හිටියත් ලියාගන්න බැරි උනා.

    තව ලියන්න ඕමා.

    ReplyDelete
  15. ජීවතේ සැහැල්ලුවක් දැනෙන්නේ එදිනෙදා හමුවෙන මේ වගේ අවස්ථා හින්ද නේද?
    ඒවා හරියට ලිහිසි ද්‍රව්‍ය වාගෙයි - ජීවිතේට අත්‍යාවශ්‍යයි - නැද්ද හොඳයි?

    ReplyDelete
  16. මට හිතෙන්නේ ඔමාත් අම්ම වගේ වෙන්න ඕන

    ReplyDelete
  17. අපේ අප්පච්චි ඔය ජාතියේ! :D

    ReplyDelete
  18. ඔමා වගේම තමයි අම්මත් එහෙනම්..

    ReplyDelete
  19. ඔමා බල්ලෝ නම් මතක් කරන්න ඒපා.... මගේ බිරිදගේ (අපේ බ්ලොයේම සහකාරියක්) ගෙදර ඉස්සර හරියට පිලිවෙලකට තිබ්බා... තාත්තා හිටපු විදුහල්පති කෙනෙක්... ඉතින් ගෙදර නීට්.... පස්සේ අයියා ගේඩ්ඩේල්(න්) කෙනෙක් ගෙනාවා.. අහිංසක පුංචි පැටියා.... තාත්තා අකමැත්තෙන් හරි කැමති වුණා.. මේකා දැන් හරකෙක්කට වැඩිය ලොකුයි..... හුරතල් වැඩියි... ඒත් අැගේ සයිස් ඒක නිසා පට්ට විකාරයි.... දැන් ගෙදර උගේ...... ගෙදර බල්ලාට ගිහිං.. අම්මෝ මං මැරෙනකල් බල්ලෙක් ගේන්නෑ කියලා හිතාගත්තා...... අරූව මාසෙකට සැරයක් බැලුවාම අැති........

    ReplyDelete
  20. අනේ දැනුයි කමෙන්ට් කියවුවේ,, මේ ටිකේ මං කොටි වල්ගයක් අල්ලගෙන ඉන්නේ එපා වෙලා ඉන්නේ හැමදෙනාටම ස්තුති :(((((

    ReplyDelete
  21. අම්මා.. මගෙ අම්මත් පුදුම දිරිය කාන්තාවක්.ඒ කාලෙ කරපු වැඩ අහනකොට පිස්සු වගේ.පහුගිය මාස පහ තිස්සෙම ගෙදරට වෙලා අම්මයි අප්පච්චියි එක්ක ඉන්න උන නිසා මම හිතන හැටි පවා වෙනස් උනා.අද අම්මව බයික් එකේ නෑගම් එක්කන් යනකොට කිව්වා මමත් රට යන්න හදන්නෙ කියලා.එයා කිව්වෙ 'යන්නෙ හෙට කියලා කියන්න.කලින් නම් කියන්න එපා' කියලා.ඔන්න තත්වෙ.

    ReplyDelete
  22. අයි <3 අම්මාාාා!!!
    අම්මා කියන වචනය තුළ අපි එක් පුද්ගලයෙක් පමණක් දැක්කට, ඒ එක චරිතයක් ම නෙවෙයි. මහා සාගරයකට සම කල නොහැකි තරම් චරිත කන්දරාවක සමායෝජනයක්!! පොත් මිලියනයක් ලිව්වත් ලියලා ඉවර කරන්න බැරි කතාන්දරයක්!!

    ReplyDelete
  23. හත් ඉලව්වයි . .. අපේ අම්මත් මට කිව්වා මට වඩා බල්ලා වටිනවා කියලා.

    ReplyDelete


ලිපිය කියවා කොමෙන්ට් නොකලත් කමක් නැහැ.. කමෙන්ට් කලොත් සතුටුයි. ලිපිය කියවන්නේ නැතුව කොමෙන්ට් කරන්න එපා.
අපුර්වි_


,නිතරම යහපත කරන්න...,සතුට සැනසිල්ල හැමදාම ඔයාලග රැදේවි,,දෙවිපිහිටයි,

Related Posts Plugin for WordPress, Blogger...