Sunday, April 26, 2015

අම්මා part 3 | ට්‍රැෆික් පොලිස් සහ අපේ අම්මා

අම්මා ගැන  සංවේදී  කවි  කෙටි කතා වගේ දේවල්    සුලබව ලියවෙනවා.. අපේ අම්මා ගැනත් මං කවි ලියලා තියෙනවා... අපේ අම්මා ගැන  එක ලිපියක් ලියලා ඉවර කරන්න බැහැ  කියලා ගිය පාර බල්ලට නමක් දාපු  පෝස්ට් එකේදී කිවුවනේ. එදා කාට හෝ කමෙන්ට් එකක පොරොන්දු වුණා  අම්මා ලයිසන්  නැතුව  බයික්  පැදලා  පොලිසීයට  අහුවෙලා කීප සැරයක්ම  බේරිලා ආපු  කතා ටිකක් ලියන්න...


අපේ  ගෙවල් තියෙන්නේ ගම ඇතුලේ. ගම ඇතුලේ පාරෙන් ඇවිත්  ප්‍රධාන  පාරට වැටුනට පස්සේ  බස් හෝල්ට්  4ක් වගේ  තියෙන්නේ  ටවුන් එකට එන්න. ඔන්න දවසක්  අපේ අම්මා බයික් එකෙන්  ටවුන් එකේ  මිරිස්  මෝලට  ගිහින්.ඔය  මෝල තියෙන්නේ  ප්‍රධාන පාරේ  බස්  හෝල්ට් 3ක් විතර ගියාම. මෙයාට  තියෙන්නේ  ස්කුටීයක්. ( ඉස්සර මගේ  දැන් ඔක්කොම එයාගේ කරගෙන) කොහොමහරි  මිරිස් කොටාගෙන  ආපහු  ඇවිත්  මහපාරෙන් ගමේ පාරට හරවද්දී  පිටිපස්සෙන් ආපු  පොලිස්  කාරයෝ  ආම්මව නවත්තලා..
ඊට පස්සේ..
 "ලයිසන් ගන්න බලන්න "

"තාම ලයිසන් ගත්තේ නෑ" 
අම්මා කියලා. පොලිස් කාරයෝ දෙන්නා මුණට මුණ බලන් හිනාවෙලා. 
"ලයිසන් නැතුව බයික් පදින එක වරදක් කියලා දන්නවද?" 
 පොලිස් කාරයෝ අහලා 

"ඔව් සර්  දන්නවා"
"එහෙනම්  ඇයි ලයිසන් නැතුව පදින්නේ?"  

"පුරුදු වෙන්න එපැයි සර්  ලයිසන් ගන්න කලින්"

ආ එහෙමද? ඉතින් ගමේ  පාරේ පැදලා පුරුදු වෙන්න එපැයි"
"ගමේ පාරේ බස්  එහෙම යන්නේ නෑනේ" 
ඒකයි අද මේ  පුරුදු වෙන්නත් එක්ක  තනියම  ආවේ  පළවෙනි වතාව"

"තමුන්ටත්  මේ  ලැබෙන අන්තිම වතාව" 

තැන්ක්යූ  සර්  හෙට  තාත්තගේ  හත් දවසේ දානේ ...දානෙට උයන්න  මිරිස් කොටන්  එන්න ගියේ යන්නම්  සර් පරක්කු වෙනවා.. 

...............................................

තව දවසක්  ගම  ඇතුලේ  බයික් එකෙන්  යද්දී  වෙන වැඩකට  ආපු ජීප් එකක් අම්මව  නවත්තලා  අහලා  
"ලයිසන් තියෙනවද?"  

"නෑ  සර් තාම ගත්තේ  නෑ  පුරුදු වෙන්නේ  ගන්න  තමයි මේ පුරුදු වෙනවා" 

පොලිස්  කාරයෝ  මොනවා කියන්නද  අම්මා යන විදියට පේන්නෙත්  පුරුදුවෙන්න පදිනවා වගේ තමයි.
....................................................

එක පාරක්  අම්මා  හෙල්මටුත් නැතුව සයිඩ් කණ්නාඩිත් නැතුව  මිනුවන්ගොඩ ගිහින්..  (ඊට කලින් දවසක බයික් එක පෙරලිලා  එක සයිඩ් කණ්නාඩියක්  කැඩිලා අනික බුරුල් වෙලා තිබුණේ  මෙයා ඒකත් ගලෝලා තියලා  ගිහින්) මිනුවන්ගොඩ ඉදලා එද්දී  යටියන පන්සලට මෙහා හැමදාම පොලිසියෙන්  ඉන්න  නිසා  අම්මා අනිත්  පැත්තෙන්  ගිහින්.. කොළඹ  මිනුවන්ගොඩ  පාරෙන්  අතුරු පාරට හරවන තැනම පොලිසියෙන් ඉඳලා. පොලිස්  කාරයෝ දැකපු හැටියේ  මෙයාට  හිනාගිහින්  ඒ  මිනිස්සු  නවත්තන්න කියලත් නැතුව මෙයාම නවත්තලා අමතක වෙලා.. ඒක මරු වැඩේ,
ඊට පස්සේ පොලිස් කාරයෝ අහලා 
"හෙල්මට් නැහැ  සයිඩ් කණ්නාඩි  නෑ.".. 

"අනේ බලන්න සර්  බයික් එක ටවුන් එකේ  නවත්තලා මීගමු ගිහින් එන්න ගියා හදිසියට...ඇවිත් බලද්දී  හෙල්මට් එකත් නෑ සයිඩ් කණ්නාඩිත්  නෑ..කරන්න දෙයක්  නැති තැන  අර පැත්තේ  පොලීසියෙන් ඉන්න හින්දා මෙහෙන් ආවා.. මෙහෙන් එද්දී  සර්ලා..  "

ගෙදර ඇවිත්  කියද්දී මටයි මල්ලිටයි  හිනාවෙලා පණ නෑ..
--------------------------
ප/ලි 

ඊයේ මගේ උපන්දිනේ. පුංචිකාලේ  තාත්තා එක්ක කිරිබතුයි ලුණුමිරිසුයි  හායි හූයි කිය කියා කෑවට පස්සේ මතක ඇතිකාලෙක සතුටින් ගෙවුණු එකම උපන්දිනය වෙන්න ඕනේ  . වයස සහ අවුරුදු  ඉලක්කම් විතරයි..නමුත් සතුටුවෙන්න  හේතු හොයන මං වගේ කෙනෙක්ට ඒකත් හොඳ අවස්ථාවක්.. අම්මා  හවස  හයට විතර කෝල් කරලා අහනවා අද  ඔයාගේ උපන්දිනේ නේද ??  හි හි  ඊලග  පෝස්ට් එක ලියන්න ඕපාදුප ටිකකුත් අම්මා කියාගෙන ගියා...

77 comments:

  1. යකෝ කොහොම හරි මහන්සිවෙලා උනන්දු කරවලා අම්මව පාර්ලිමේන්තුවට යවපන්. රටම ගොඩ දාලා තමයි නවතින්නේ.

    ලංකාවට නරි ගෙනාපු නැවේ කැප්ටන්ගේ නෝනා වෙන්න ඇති ඔයාලගෙ අම්මා.

    ReplyDelete
    Replies
    1. කියන්න බෑ ප්‍රාදේශීය සභාවට ඉල්ලයිද දන්නෙත් නෑ,, චන්දෙ කාලෙට අපේ ගෙදර මිටින් වරදින්නේ නෑ ...

      අම්මේ ඒක මොලයක් නෙමේ මං වගේ අහිංසක නෑ :D

      Delete
    2. ඒකනෙ විචාරක තුමා මාත් මේ කල්පනා කලේ!!

      Ali G Indahouse කියලා කොමඩි මූවී එකක් අාවා 2002 විතර (විකාර කොමඩියක්. හොඳ නිර්මාණයක් ම කියන්න බෑ. නමුත් රසවත්)!! 
      පුලුවං නං හොයාගෙන බලන්න!! 
      ඔමක්කගෙ අම්මා පාර්ලිමේන්තුවට ගියත් වෙන්නෙ ඒ Ali-G පාර්ලිමේන්තුවට ගිහිං වෙච්ච දේවල් ම තමයි!!! රට ම ගොඩ දානවා මාසයක් යන්න කලිං!! 

      Delete
    3. යහපාලනෙට හපන් වෙයි හිටන්

      Delete
    4. පණ්ඩිතයා නොවී බලහංකො අක්කෙ මූවි එක හොයාගෙන!!
      එ් පාලනේ කෝමද කියලා!!! ^_^ ^_^ ^_^ ^_^

      Delete
  2. Ape ammath oya wagema athal thamayi denne.. Ela ela omaa..

    ReplyDelete
    Replies
    1. හි හි එහෙමද? අපේ අම්මත් විහිළුවෙන් තමයි සේරම වැඩ ටික කරගන්නේ

      Delete
  3. //මධුමාධවී රස සරණියApril 8, 2015 at 8:29 PM
    මේ වගේ දුවෙක්ගෙ අම්මා ගැන ඉතිං අහන්න දෙයක්යැ. හැක්... හැක්...
    බොලා වගේ කෙල්ලො තමා මේ අවකාශෙ ඉන්ට ඕනෑ...//
    මේක මම දැම්මෙ ගියපාර අම්මා ගැන ලියාපු එකට. ඒකට උත්තර නැති නිසා අද මොකුත් කියන්නේ නැත. ඒ වුනත්....
    මොකද ඉබ්බියෙ අම්මා වෙනුවට හාවියෙක්ගෙ රූපයක් දාලා අපහාස කොරලා තියෙන්නෙ?

    ReplyDelete
    Replies
    1. අඩේ අමතක උනා.
      සුභ උපන් දිනයක් වේවා ඔමා! සොයන සතුට වැඩි වැඩියෙන් ලැබේවා!

      Delete
    2. ඒ උත්තර දුන්නේ නැද්ද ඈ.. ?? උත්තරේ දන්නවනේ මධු ඉතින්,,

      ඒක දැක්කම ආස හිතුණා ඒකයි නැන්දේ දැම්මේ..

      තැන්කිව් වේවා.....

      Delete
  4. බල්ලට නමක් දාපු කියල වැරදි ලින්ක් එකක් බං දාල තියෙන්නේ. හිතන්නෙපා බුල් ගහල අපෙන් බේරිලා ඉන්න..හැක්.

    ReplyDelete
    Replies
    1. ලයිශන් නැතුව වහාන පැදීමට අනුබල නොදෙමි. ඒක නිසා පෝස්ට් එකට ඩිස්ලයික්ය.

      පොලීසියේ උනුත් ඉස්තිරියාවකටනම් ඔහොම නැමෙයි. අපි ඔය වගේ එකක් කියුවනම් එක්කො ඌ අපේ කට තලනව.. නැත්නම් අපිට උගේ කුණුහබ්බ අහන් ඉන්න බැරුව උගේ කට තලල බලු කූඩුවේ ඉන්න වෙනව.

      නැවතත් කියමි. ලයිශන් නැතුව පැදීම හිනාවට කාරණයක් නෝ චන්ඩිකමක් නොවේ. වහාම අම්මට ලයිශන් එකක් අර ගන්න කියල බල කරපන්.

      ඊයේ 45 වෙනි උපන් දිනේට බුකියේ සුභ පැතුවෙමි.

      Delete
    2. අම්මට කොච්චර කීවත් ගන්නේ නැහැ අයියේ.. අපි ඉන්නේ පොලිසියෙන් අල්ලන් යනකල් ..
      ඔව් බුකියේ පේක්ෂක සුබ පැතුම් දහස් ගානක් තිබ්බා ඒ අතර දැක්කා ඔබේ සුබ පැතුමත් (හෙන ගැම්මෙන්)

      Delete
    3. ඔව් අයියේ මන් ලින්ක් එක වෙනස් කලේ ඔයා කිවම තැන්ක්ස්

      Delete
  5. ඔහේලයි අම්මා ඝන දෙයියොන්ගේ නගාද කොහෙද... ඉඳගෙන..

    පට්ට කතා ටික අෆ්ෆා...

    ReplyDelete
    Replies
    1. අනේ ඒකට මං අම්මගේ කියන්නත් බෑ නේද හිටං..

      Delete
    2. ඒකට නෙ බං හිනා ගියෙ

      Delete
    3. ඒකට නෙ බං හිනා ගියෙ

      Delete
  6. Replies
    1. අපේ අම්මා ඉන්න විදියට කියන්නේ බොරුයි කියලා හිතන්න බෑ එයා අහිංසකයි

      Delete
  7. සුභ උපන් දිනයක්
    අම්මා එල ද බ්‍රා උත්තර දිලා තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. තැන්ක්ස් අයියේ..

      අපෝ එයා ඔහොම තමයි

      Delete
  8. යකෝ මේ කතා අහන එවුන්ට ලිවිල්ල කෙසේ වෙතත් හිනාවෙලා පනයනව ඇති. ("අම්මා"ට පස්සෙ part II නැතිව III ආවෙ කොහොමද?)

    ReplyDelete
    Replies
    1. මං බැලුවේ මතක තියෙන එක්කෙනෙක් හරි ඉන්නවද කියලා.. රාජ් අයියගේ පෝස්ට් එකේ පිස්සෝ තෝරන තරග වගේ තමයි

      Delete
    2. තව කීප සැරයක් ඔහොම අල්ලලා මෙයා බොරු කියලා ඇවිත් තිබ්බා මට මතක නෑ දැන්

      Delete
  9. ෂුබ උෆන් දිනයක් වේවා... අපරාදේ අපිත් ලයිෂන් ගන්නෙ. ඔමාගේ අම්මගෙන් ට්‍රික්ස් ටිකක් අහගත්තනම් වැඩේ ගොඩ. .

    ReplyDelete
    Replies
    1. ගෑණු කෙනෙක් වගේ වෙස් මාරු කරගන්නත් ඕනේ කොබෝ

      Delete
  10. දිනේ පරක්කු උනත් උපන්දිනේට සුභපැතුම්!

    ReplyDelete
  11. මොකොද කියාපන් මේ තණිකඩ උපන්දිනේ ඔයිතරම් උසස් උත්කෘෂ්ඨ, සුන්දර එකක් උනේ මුලිම්ම? කෝම උනත් කමක් නෑ, සුභ පැතුම් පහුගිය උපන්දිනේට.

    කතා ගැන කියන්න තීන්නෙ, අර බීපු උන් ඩෝප් සීන් එකේ කරපු ගොන් වැඩ ගැන කියල හිනාවෙනකොට දැනෙන අපුලම තමා මටනං බොලාගෙ අම්මගෙ කෛරාටික වැඩ ඇහුවමත් දැනුනෙ.

    ReplyDelete
    Replies
    1. තනිකඩ වෙන්නේ කොහොමද? අර අයිස්ක්‍රීම් දෙහෙක ෆොටෝ දාල තිබ්බේ.. හැක්.

      Delete
    2. කල්‍යාණ@ කට කට කට

      Delete
    3. සිංහයෝ @ ඒ ප්‍රශ්නේ ටිකක් භයානකයි කට ඇරලා උත්තර දෙන්න

      2.. ඔව් අනේ කියලා වැඩක් නෑ එයා තාමත් ගත්තේ නෑ ලයිසන්, මන් ලයිසන් ගන්න 3 පාරක් සල්ලි යැවුවා.. අමතක වෙනවලු ලයිසන් ගන්න

      Delete
    4. ඔමා, මතක තියාගං ගින්දර කෑවොත් අඟුරු රෙන්න වෙන බව. ඒ හින්ද කියන්න භය දේ කොරන්නත් භය උනාට කමක් නෑ.

      Delete
    5. හි හි හම්මෝ මෙයා ගේ සැර.. ඒක නිකන් කිවුවේ තනිකඩ ජිවිතේ සතුටු නැද්ද අනේ

      Delete
  12. ගෑණු පරාණයක් නිසා යන්න දුන්නට කොල්ලෙක් ගියා නං සහ ඔව්ව කිව්ව නං ඌ ගස්. හ්ම්ම්... පොලිස් කාරයන්ට ඉතිං චීත්තයක් නං වයස වැඩක් නෑ... අම්මට ලයිසන් අරන් දෙන්ඩ... නීතියට ගරු කරන්නෙපැයි.

    ReplyDelete
    Replies
    1. ඔව් අයියේ ඒකනම් ඇත්ත ඒත් සමහර පොලිස් කාරයෝ එහෙම නෑ,,

      Delete
    2. කොච්චර කිවත් ගන්නේ නැහැ අයියේ

      Delete
  13. ඕන නෑ ලයිසන් ගන්න. අම්මට බැරිද දන්නෑ ලයිසන් නැතිව පොලීසියෙන් බේරෙන ආකරය ගැන දැනුවත් කිරීමේ පාඨමාලාවක් පටන් ගන්න.

    සුබ උපන්දිනයක් වේවා !

    ReplyDelete
    Replies
    1. ඔව් ප්‍රසන්න අයියේ ඒ වැඩේ නම් නියමයි


      තැන්ක්ස් හොඳේ

      Delete
  14. කවදාවත් ලයිෂන් ගන්නේ නැතිව ඉන්නද දන්නේ නෑ කල්පනාව! :D

    ReplyDelete
    Replies
    1. ඔව් දැන් 50 යි එයාට.. ගන්නෙම නෑලු.

      Delete
  15. එළ අම්මෙක්නේ... යකෝ අම්මට කියපිය චන්දෙ ඉල්ලන්නය කියල. ෂුවර් තමයි දිනනවා...
    එතකොට ඔමා ටත් ගෙදර ඇවිත් අම්මගේ ලේකම් වෙලා සැපසේ ඉන්න පුළුවන්...

    ReplyDelete
    Replies
    1. හි හි ඔව් ලොකු චන්දෙ ඉල්ලන්න ආපු වම ඒ මිනිස්සුන්ට කියන සමහර කතා වලට පව් කියලත් හිතෙනවා පස්සේ ලියන්නම් ඒ සීන් එකත්

      Delete
  16. ඔමාගේ දුව බොල්ග් ලියන දවසට වෙනම බ්ලොගක් වෙන් කොරන්න වෙනවා ඔයාගේ වැඩ කිඩ ලියන්න, ඕ.. යේස් ....

    උඹ බයිසිකල් පදින විදිහට පොලිසියෙන් අල්ලුවන්ම් කියන්න වෙන්නේ " සර් මර් ඊලග සැරේ ෆොක්ස්හිල් පදින්න පුරුදුවෙනවා" කියලා තමා

    ReplyDelete
    Replies
    1. ඉවාන් අයියේ @ :((((( UNLIKE ඉදගෙන හි හි

      Delete
  17. අර උඩින්ම විචාරක කරලා තියෙන්නේ මසුරන් යෝජනවක්.කිවාත් වගේ අම්මාව කොහොමහරි පාර්ලිමේන්තු ගේමු බං.පව් බං අර පොලිස්කාරයෝ ටික.

    පහුවෙලා තමයි බොට සුබම සුබ උපන් දිනයක් වේවා කියලා පතන්න වෙන්නේ හිටං.

    ReplyDelete
    Replies
    1. හි හි එයා කියන්න බෑ චන්දෙත් ඉල්ලයි ඔහොම ගිහින්,,

      තැන්ක්ස් මනෝ

      Delete
  18. ලයිසන් එක නැතිව පදින එක නම් හොඳ දෙයක් නෙමේ තමා. මොකද ඔය කියපු දේවල් එක පාරක් ඇහුව පොලිස් කාරයෙක් කරුමෙට වැරදිලා වගේ ඊළඟ පාරත් මුලිච්චි උනොත් එහෙම :D.
    ඒ උනාට ඉතින් වෙලා තියෙන සිද්දි ටික නම් මරු. අම්මට බලෙන් හරි ලයිසන් එකක් අරන් දෙන්න තියෙන්නෙ.
    උපන්දිනේ නම් සමරපු විත්තියක් දැක්කා බුකියෙන්. අපිට ඉතිං කෙල ගිලින්න තමා තියෙන්නෙ ඒව බලලා :P.

    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. මනෝජ්@ ඔව් මේ පෝස්ට් එක පෙන්නලා කියන්න ඕනේ ලයිසන් ගන්න කියලා,

      එයා ඔය වගේ හිනා යන වැඩ කරනවා නිතර

      කෙලගිලින්න තමයි දමෙම්

      Delete
  19. අම්ම ෂෝයි... දුටත් සුබ උපන්දිනයක්..

    ගමේ ගියාම මමත් බයික් එකේ එහෙ මෙහෙ යනවා.. හැබැයි තාම පොලිසියෙන් ඇල්ලුවෙ නැහැ.. ඇල්ලුව දාට කියන්න මේ උත්තර ටික හොදයි.

    ReplyDelete
    Replies
    1. තරු @ ඔව් බේරිලා යත හැකි මාත් වතාවක් ලයිසන් ගන්න කලින් යුස් කරා

      Delete
  20. බොලේ තැනට සුදුසු ණුවන කියන්නේ ඕවටනේ බං.. කෝ බං මේකේ දෙවනි කොටස.. මට මඟඇරුනද?

    ReplyDelete
    Replies
    1. ඒක හිතාමතා කල මිස්ටේක් එකක් බන්,,

      Delete
  21. ඔමා ඔහේ නැද්ද අපේ වගේ පොලීසියක්... අපි නං ඔ්වා කරන්නෑ... අපේ කට්ටිය නවත්තලා ප්‍රශ්ණ අහන්නෑ.. පපුවට ම වෙඩි තියනවා

    ReplyDelete
    Replies
    1. හි හි පිච්චුද කුරුටු

      Delete
  22. අම්මගෙ වැඩේ නරකයි.අපෙ අපුච්චත් තරුණ කාලෙ පුරාවටම බයිකෙක පැදල තියෙන්නෙ ලයිසොන් නැතිව.දැන් නම් පදින්නෑ.. ඊයෙ පෙරේදා ආසාවට වගේ මළගෙදරක ගිහින් ආවා.මම බලනකොට සිග්නල් ලයිට් එකක් කැඩිල එල්ලෙනවා..
    ආයෙ පදින එකක් නෑ.
    පාරේ වාහනයක් පදිනවා නම් ලයිසන් තිබිය යුතුම ය.
    රහට ලියල තියෙනවා..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ගස් ලබු@ මේ පෝස්ට් පෙන්නන්න ඉන්නේ අම්මට බලමු ප්‍රතිචාරේ ..

      තැන්ක්ස්

      Delete
  23. හී හී මරු වැඩ..කියවන්න ආස හිතුනා... සුබ උපන්දිනයක් අක්කා !

    ReplyDelete
  24. wish you a happy birthday. Sorry I am late.

    ReplyDelete
  25. අම්මගෙ දූ පොඩ්ඩගෙ කටත් ඒ වගේම ඇති නේද...?

    ReplyDelete
    Replies
    1. අපෝ මන් අහින්ෂකයි :D

      Delete
    2. මන් හරි අහින්ෂකයි අනේ

      Delete
  26. hiks...niyamai amma nam :) ehema thama inna one

    ReplyDelete
    Replies
    1. අපේ අම්මා හරියට විහිළු කරනවා සයුරි මායි මල්ලියි ගෙදරදී ෆන් එකේ ඉන්නේ එය කරන වැඩ වලට

      Delete
  27. උපන්දිනේට සුබ පතමි අම්මගේ දු පෝඩිත්තට

    ReplyDelete
  28. සුබ උපන්දිනක් වේවා! (ටිකක් පහු වුනා තරහ නෑනෙ)

    ReplyDelete
  29. මලසේක..උපන්දෙණියකුත් තියද? ( අපෙ උන්දැගෙ අක්කගෙ දූ සුට්ටි කාලෙ කිව්වෙ උපන්දෙණිය කියල )..රයිට් එහෙනම් මගේ සුබපැතුම්!!!..ප්‍රමාදයට සමාධිය භජනය කරන සේක්වා....

    අන්තිම කතාව මරු...අම්මට ඉබේම බ්‍රේක් ගැහිල බයික් එක නැවතෙන්ට ඇති රාලහාමිල දැක්කම..

    " මදැයි පොලිසියං ඉඳියි කියල පන්සල පැත්තෙන් නොගීහිං මෙහෙන් ආව. මෙන්න මෙතන සර්ල ඉන්නව හෝතඹුවො වගෙ. "ඇති අම්ම එහෙම නොකිව්ව...හෙහ්,හෙහ්,

    / ඊට පස්සේ පොලිස් කාරයෝ අහලා  "හෙල්මට් නැහැ  සයිඩ් කණ්නාඩි  නෑ."..  /

    අම්මට කියන්ට තිබ්බෙ " හෙල්මට් සයිඩ් කන්ණාඩි නෑ කියන එක වැරදියිනෙ සර්...පිටිපස්සෙ බ්‍රේක් ලයිට් එකත් නෑ "

    ReplyDelete
  30. අම්මත් මේකිගේ ආරෙටම ගිහින් තියෙන හැටි ?

    සුබ උපන්දිනයක් වේවා !!!

    ReplyDelete
  31. යකෝ මේකම අලුතෙන් පෝස්ට් කර කර ඉන්නේ.... දාපියකෝ අලුත් පෝස්ටුවක්................

    ReplyDelete
  32. පට්ට ඒයි! කියවන්න පරක්කු උනා සොරි ඈ!
    හැපි බර්ත්ඩේ එකක් වේවා!!

    ReplyDelete
  33. ඔයාගේ අම්ම පට්ට වැඩකරියාක්නේ අපිටත් බැ ඔහොම බේරෙන්න

    ReplyDelete


ලිපිය කියවා කොමෙන්ට් නොකලත් කමක් නැහැ.. කමෙන්ට් කලොත් සතුටුයි. ලිපිය කියවන්නේ නැතුව කොමෙන්ට් කරන්න එපා.
අපුර්වි_


,නිතරම යහපත කරන්න...,සතුට සැනසිල්ල හැමදාම ඔයාලග රැදේවි,,දෙවිපිහිටයි,

Related Posts Plugin for WordPress, Blogger...