Saturday, April 18, 2015

වසන්තය පිටව යන්නත් ලඟයි මම තාමත් ශිශිරයේ | Spring arrived

බ්ලොග්  වසන්තය  කාලසීමාව තුළ මං වෙනදටත් වඩා කලේ ආච්චි එක්ක එළියේ ඇවිදින්න ගිය එක. ඒ නිසා කලින් නිදාගත්තා  පෝස්ට් එකක් වත් ලියාගන්න බැරි වුණා. ඇත්තටම හිතුවට පෝස්ට් ලියන්න බැරි අමුතු මෙවුවා එකක් තියෙනවා මගේ. 
අර දෙයියෝ වැහුනම විතරක් සාස්තර කියන සමහර ඩයල් ඉන්නේ  අන්න ඒ වගේ.

 ඔයාලට මතක ඇති සමර් එකේ අඩනිරුවත . ඒ ලිපිය ලියපු කාලේ මගේ වැඩේ පාර්ක් එකට වෙලා සීයත් එක්ක ඉඳගෙන ඉන්න ගමන්  ගස්කොළන් ,මල්  දිහා බලාගෙන හිටපු එක (සීයා කරේ ලඟින් යන ගැහැණු අය නොපෙනිලා යනකල් බලන් හිටපු එක. හි හි) පුංචි  කාලේ  ඉඳන් මං ගස්  ගල් දිගේ බඩගාපු ඕනෙවටත් වඩා ගහට කොළට ලං වෙච්ච කෙනෙක්. ඒ ආසාව කවදාවත්  ඉවරවෙන එකක් නෙමේ. මටත් නොදැන යාළුවො ආශ්‍රයෙන්  ඈත්වෙලා ඉන්න පුරුදු වෙලා. පාළුවක් තනිකමක් දැනෙන්නෙත්  නැහැ ඒ  හුරුවෙලා නිසා වෙන්න ඇති. 
මං විශ්වාස කරන විදියට ගහ කොළ ,මල් ,වැස්ස,ඝෘතු වෙනස් වීම්, සත්තු,හුළඟ දිහා බලලා අපිට ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්..ජිවිතේ සමහර කාරණා ගැන හිතට සතුට ගේන උත්තර අපිට පරිසරය දිහා බලලා ලබාගන්න  පුළුවන්. ජොබ් එකක් බලන්න යද්දී ඉන්ටර්නෙට් ස්පීඩ් එක වගේම වටපිටාවේ මං ආස කරන  ගස් වැල් නැත්නම් ඒ ජොබ් එක මං තෝරාගන්නේ  නැහැ.
ඊශ්‍රායලයේ  තරමක් උතුරට සහ ජෝර්දානට සමීපව පිහිටි අෆුලා නගරයේ මාස කීපයක් කළ රැකියාව තුළින් මා උපයාගත්ත මුදලට වඩා වැඩියි සොබාදහම ගැන අහපු ,විඳපු අත්දැකීම් ප්‍රමාණය.  ඉතාම ජනාකීර්ණ ටෙලවිව් නගරයේ හිටියේ  කාක්කෝ සහ අළු පාට පුංචි පරෙවියෝ වර්ගෙකුයි විතරයි. ඔය ජාති දෙක ඇරෙන්න මං වෙන කුරුල්ලෙක් දැක්කේ  හරිම කලාතුරකින්. ඒත් ගහ කොළ ,කෙත්වතු වලින් පිරිච්ච කොළ පාට අෆුලා වලදී රංචු පිටින් යන කුරුල්ලෝ , ගිරව් සහ නම් නොදන්න සෑහෙන කුරුල්ලෝ ප්‍රමාණයක් දැක්කා..  ඒ ගැන අෆුලා වලදී අඳුර ගත්ත (කියුබාවේ හැදීවැඩුණු යුදෙව් ) අසල්වැසි මිතුරියක් හරි අපුරුවට විස්තර කළා. ඇය කිවූ විදියට අපි අලුතෙන් ගෙයක් හෝ ඉඩමක් ,පදිංචියට යම් ස්ථානයක් මිලදී ගන්න කළින් බලන්න ඕනෙලු කොච්චර සත්තුන්ගේ හඬවල් ප්‍රමාණයක් ඇහෙනවද කියලා.විශේෂයෙන් කුරුල්ලන්ගේ.. කුරුළු වර්ග 4,5ක්  හෝ සැරිසරණ ප්‍රදේශයක් නම් ඒ ප්‍රදේශය ජීවත්වීමට ඉතාම සුදුසුයි ලු. එයට හේතුව විදියට ඇය කීවේ කුරුල්ලන් නිතරම ගැවසෙන්න කැමති  පිරිසිදු වාතය බහුල ප්‍රදේශ වල වීමලු. 

මේ  ලිපිය ලියන අතර වාරේ පරිසරය හරිම නිහඬයි ,ආච්චිත් නිදි අද සෙනසුරාදා නිසා පාරේ වාහනත් නෑ. මට ඇහෙන එකම සද්දේ කුරුළු සද්දම විතරයි...ටයිප් කරන එක නවත්තලා ඇස් පියන් අහගෙන ඉද්දි  ඒක හරියට රිලැක්සින් මියුසික් එකක්  වගේ. එක පාරට කුරුල්ලෝ දෙතුන් දෙනෙක් සද්දෙට කෑගහගෙන වහලේ උඩින් වේගෙන් යනවා..ආයේ අපේ ගෙට ගෙවල් දෙකකට එහා ඉන්න මොනරු  කෑගහනවා එකදිගට විනාඩි පහ හයක්.. ආයේ තව ලග ලග කෙටි ශබ්ද එක්ක  සැරින් සැරේ කෑගහන පුංචි කළු පාට කුරුල්ලෙක්ගේ හඬක්.. ගේ ඉස්සරහා කූඩුවේ  ඉන්න කුරුළු පැටව් දෙන්නා එළියට දාන්න දඟලන ඒ අම්මා එක්ක ඔට්ටුවෙන පැටව් දෙන්නගේ සද්දේ.. පොල්කිච්චෝ වගේ ටිකක් ලොකු කුරුල්ලෝ දෙන්නෙක් කෑගහන  හීනියට පටන් අරන් කන් අඩි දෙදරවන් යන සද්දේ..තව  කුරුල්ලෙක් කෑගහනවා හැමදාම මං තාම සතා දැකලා නෑ ඒත් මට හිතෙන්නේ එයා ගොඩක් දුකෙන් ඉන්න කුරුල්ලෙක්.. මුණත් එච්චර හරි නැතුව ඇති. තව සද්ද ගොඩයි.. ඔක්කොම එකින් එක මට විස්තර කරන්න පුළුවන්.ඒත් කියවන ඔයාලා හිතයි මට පිස්සු කියලා..


පෙබරවාරි 


මාර්තු 


අප්‍රියල් 

ඉහළ රූප තුන දිහා ඕනෑකමින් බලද්දී අපිට පේනවා එකම තැන වෙලා තියෙන විපර්යාසේ. පළමු රූපය මං ජොබ් එකට ආපු පළවෙනිම දවස පෙබරවාරියේ මුළ. හොඳටම වැස්ස ශීතල කොළ මොකුත් නැති කනාටු ගහකුයි ,මල් වලින් වැහිච්ච තව පොඩි ගහකුයි. මාර්තු වෙද්දී පොඩි ගහේ මල් වැටිලා කොළයි ගෙඩියි එන්න පටන් ගත්තා. ඒ පුංචි ගහ අනිත් සාමාන්‍ය ගස් වගේ නෙමේලු හදිස්සි කාරයෙක්ලු  වත්තේ අනිත් හැම ගහකම  කොළ හැලිලා ඒත් මේ ගහ ඉක්මනට මල් ඇවිත් ගෙඩිත් ආවා.ඔයාලා දන්නවා ආමන්ඩ්;මේ ගහ ආමන්ඩ් ගහක් තව ටික දවසකින් කඩාගන්න පුළුවන් මට. අප්‍රියල් වෙද්දී අර වේලිලා ගිහින් හිටපු ගහ පුංචි අතු ඉති දාගෙන ඇවිත් දැන් නම් හරිම ලස්සනයි.. යුරෝපයේ සහ ඝෘතු භේදය පැහැදිළිව දකින්න පුළුවන් රටවල අයට මේක හරිම සාමන්‍ය දෙයක්.


මිදි වැලක කොටසක් නොවැම්බර් වල 

වින්ටර් එක අලුත් වැස්සත් එක්ක මුළු වත්තම අලුත් පණක් ලැබිලා වගේ කොළ පාටවෙන්න පටන් අරන් ඒත් කොච්චර වැස්සත් වේලිච්ච දිරච්ච ගහක් විදියට මුලු වින්ටර් එක පුරාම මිදි ගස් (වැල් ම නෙමේ) ඉන්නේ නිදාගෙන. බැලූ බැල්මට කිසිම වැඩකට නැති කනාටු වෙච්ච ගහක් විතර්‍යි පේන්නේ.. 



ඒත් අප්‍රියල් මාසේ ඉවරවෙලා  වැස්ස නතර වෙද්දී,, එකින් එක පුංචි  අතු ඉති අලුතෙන් මිදිවැල් වැල් වල එන්න පටන් ගන්නවා.. ජුලි අගෝස්තු වෙද්දී අනිත් ගස්  වතුර නැතුව මලානික වෙලා පරිසරය පඩු පාටට හැරෙද්දි මිදි ගස් හැඩ වැඩ වෙලා කොල වලින් වැහෙන්න පටන් ගන්නවා.. රසපිරිච්ච මිදි පොකුරු වලින් ගහ පිරිලා වැක්කෙරෙන්න ගන්නවා,.. 
............................................................


උඩින් කියපු ගහයි,මිදිගහයි  ගැන ලියන්න හිතුණේ ඒවා දකිද්දී මගේ හිතට දැනිච්ච මං අවබෝධ කරගත්ත යමක් කෙටියෙන් ලියන්න හිතුණ නිසයි.  මිදිවැල් වල ජිවිත කථාව හරි ලස්සනයි.අපේ ජිවිත වගේ සමහර කාලවලට අපිට අපිවම එපා වෙනවා කිසිම විසදුමක් නැති ප්‍රශ්න වලට මැදි වෙනවා.අනිත් හැමොම හොදට සතුටින් ඉද්දි අපි දුකෙන්. කිසිම බලපොරොත්තුවක් පේන්න නෑ. අර උඩම තියෙන ගහයි වේලිච්ච  මිදි වැලයි වගේ .
 මන් හිත්න්නේ අපි මිදි වැල් සහ  ගස් දිහා බලලා පාඩමක් ඉගෙන ගන්න ඕනේ. ජීවිතේ ෂෘතු අපි අදුනගන්න ඕනේ. දුශ්කර සිසිරයේදී මිය යන්නේ නැතුව හිටියොත් ඊලග වසන්තයේ පලබරවෙන්න පුලුවන්. මිදිවැල් සිසිර ,සරත් කාළය පුරා වියළිව හිටියට එහෙම ඉඳන් කරන්නේ ගිම්හානයේ රස වෑහෙන මිදි වැඩිවැඩියෙන් හදන්න ඕනේ කරන ශක්තිය එකතු කරන එක. ජුලි අගෝස්තු වෙද්දී අනිත් තරගෙට වැවිච්ච සිය ගණන් පඳුරු ,ගස්  මලානික වෙද්දී මිදිවැල් හරිම තේජාන්විත විදියට කොළ පාටට බැබලි බැබලි ඉන්නේ ඒකයි.

ශුද්ධ බයිබලයෙත් නිතරම සඳහන් කරන වචනයක් මිදි වැල කියන්නේ.. සාලමොන්ගේ ගීතිකා අතර තියෙන එක් කොටසක්  මතක් වුණා ඔන්න ඔහේ ලියලා දානවා.  (දාවිත් රජුගේ පුතාසලමොන්)  
"මිදිවැල් නරක්  කරන සිවළුන් එනම් කුඩා සිවළුන් පන්නා දමන්න" . 
මේ කොටසේ  මිදි වැල සමාන කරන්නේ අපේ ජිවිතයට .කුඩා සිවළුන් කියන්නේ අපි නිතර කරන නවත්වන්න වරදක් කියලා දැනෙන්නේ නැති කුඩා පාප. මෙහිදී සලමොන් කුඩා සිවළුන් මිදිවැල් නරක් කරනවා කිවුවේ ඇයි කියන ප්‍රශ්නෙට උත්තරේ මට ලැබුණේ ඊශ්‍රායල් වලට ඇවිත් ඇත්තටම  මිදිවැල් තියෙන පරිසරයක ජිවත් වෙද්දී... රෑට නරි එලියට ඇවිත් ඇවිදිද්දී ...මිදිවතු  හරහා යද්දී ලොකු හිවල්ලු පිළිවෙලට මිදිගස්  අස්සේ නොයා පාරවල් වල යනවා ඒත් පොඩි  පැටව්  එහෙම නෑ සෙල්ලම් කර කර මිදි ගස්  අස්සේ දගල දගල යන්නේ.. එහෙම ගස් අතර දගලද්දී මිදි මල් හැලිලා පලදාව අඩුවෙනවලු...මේක  අහගත්තෙ  අර කළින් කුරුල්ලෝ ගැන කියපු කෙනාගෙන  නෙමේ  සීයා කෙනෙක්ගෙන්. කොහේදී හෝ අහළා තිබ්බ ඒ  බයිබල් පදේ එක්ක සීයාගෙන් අහගත්ත දේ එකතු කළාම ජීවිතේට පාඩමක් එකතු වුණා. මිදි වැල අපේ ජීවිතය නම් එහි පලදාව අඩුකරන කුඩා කුඩා පාප වලින් අපි ඈත් වෙන්න ඕනේ.

ප/ලි/වි.
සමාවෙන්න පහුගිය ලිපියේ ඔබෙන් ප්‍රශ්න අහලා පිළිතුරු ලබාගෙන  පෝස්ට් එකක්  නොලියා  හිටියට. පිළිතුරු  ලබාදීපු  මගේ යාළුවො ඔක්කොටම ස්තුතී

48 comments:

  1. ඉදිරි මාසවලදීත් අර ගහේ ෆොටෝ අරගෙන පළකරන්න.

    ReplyDelete
    Replies
    1. ඊට එහා තියෙන තව ලස්සන ගහක ෆොටෝ 3ක් ඔය වගේම ගත්තුවා තියෙනවා දැම්මේ නැහැ ෆොටෝ වැඩිවෙන නිසා. හැම මාසෙම දෙවැනි සතියේ ෆොටෝ එකක් ගන්නවා

      Delete
  2. තදින් වහින වෙලාවට වැස්ස දිහා බලං ඉන්න මං තාම ආසයි. ඒත් අර මිනීමරු අකුණු වලට තාම බයයි..

    ReplyDelete
  3. //මිදි වැල අපේ ජීවිතය නම් එහි පලදාව අඩුකරන කුඩා කුඩා පාප වලින් අපි ඈත් වෙන්න ඕනේ.//
    චූටි චූටි ඒවා කලාට කමක් නෑ කියල තමයි මෙච්චරකල් හිතන් හිටියේ.ඒක හරි දෙයක්නම් නෙමෙයි තමා.ඒත් ඉතින් ගැලවිල්ලට හිත රවට්ටගන්නත් ඕනෙනේ.
    ඇත්ත...චූටි වැරදි ගොඩක් එකතුවෙලා දැන්නම් දිව්‍යලෝකේ දොර වැහිලත් ඇති තමා.ඒත් ඉතින් වටපිටාවේ ඉන්න එවුන්ට තාම හැදිච්ච වැදගත් එකෙක් වෙලා ඉන්න එකම මදෑ බං.

    ReplyDelete
    Replies
    1. දිව්‍යලෝකේ සහ අපාය ගැන මගේ නම් හැඟීමක් නෑ කටුසු එදිනෙදා හිතට එකඟව ජීවත්වෙනවා .. හම්මේ මෙයාගේ අල්ලපු ගෙදර කෙනා කිවා හැදිච්ච කම

      Delete
  4. මමනම් ආස මේ වගේ ඔහේ හිතට එන දේ කියාගෙන කියාගෙන යන ලිපි වලට. ඔමා පුළුවන්නම් මාස දොළහෙම අර එකම දර්ශනය වෙනස් වෙන විදිය ඡායාරූපගත කරන්න. ඒක ලස්සන පෝස්ට් එකක් වේවි.

    ReplyDelete
    Replies
    1. ආච්චි නොමැරී හිටියොත් ඈ

      Delete
  5. කියවීම ජීවිතේ කර ගත්තු මට තවත් අළුත් යමක් ජීවිතේට එකතු කර ගන්න පුළුවන් උනා. බොහොම ස්තුතියි කුවේණියො.

    ReplyDelete
    Replies
    1. තරංග @ welcome
      එෆ් බී එකේ නිතරම හිතට දැනෙන අවංක කමෙන්ට් එක දාන යාලුවෙක් විදියට තමයි මන් ඔයාව ඇදුරන් ඉන්නේ ස්තුති හොඳේ

      Delete
  6. කෙල්ලෙ මම ඔහේ ඉඳිද්දි එකසිය ගානට වවලා, වෙනම සල්ලි හම්බ කලා. මේ ළඟදි චෙෆාකිගේ වත්තට ගියාම මට දුක හිතුනා. ඇත්තටම ඊශ්‍රායල් කාරයෙකුට ඒ වත්ත තිබුනා නම් තව කොච්චර හම්බ කරන්න පුළුවන්ද කියලා...

    ReplyDelete
    Replies
    1. ඔව් මෙහෙ මිනිස්සුන්ට ලංකාව දීලා අපිට මේ රට ඉල්ල ගන්න තියෙන්නේ මාසෙකට..මේ මිනිස්සු අපේ රටට කරන දෙත්,,, අරාබිකාරයෝ මේ රටට කරන හරියත් බලාගන්න තිබ්බා..

      Delete
    2. චෙඵාකි කියන්නේ කම්ම්ලියෙක් නේ අනේ හි හි

      Delete
  7. අඩේ ඔමා.... දැන් දායි දැන් දායි කියලා හිටියා අර රෙදි වැල් කතාවට උත්තරය... අන්තිමට අපිට කොකා පෙන්නුවා නේද ඔමා.... අඩේ අපි මේකට පිකට් කරනවා හරිය...

    ReplyDelete
    Replies
    1. හිහි කොකා නෙමේ අනේ කොහා ,, රෙකෝර්ඩ්න් කොහා

      Delete
  8. නැවතිල්ලේ බලන් ඉඳලා... අන්න ඒක තමයි මිළ කරන්න බැරි.. කුරුළු සද්ද අහගෙන ඉන්නකොට උන් කියන එක තේරෙනවා වගේ නේද?
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ගස් ලබ්බා@ හ්ම්ම් මං ආසයි බන් ඒ වැඩේට

      Delete
  9. හ්ම්ම්.. පොඩි පොඩි හිවල්ලු දෙතු දෙනෙක් ඉන්නව පන්නල දාන්න ඕනි කල්පනා කරල බලලා.. ඉක්මණට දෙයියෝ වැහිලා අර රෙදිවැල් පෝස්ට් එකත් ඉවරයක් කරන්න ලැබේවා! (ඔය දෙයියෝ වැහුනොත් මටත් කියපම් ඌ ඉන්න දිහා වහගන්න.. මේ දවස් වල මෙලෝ ෆිට් එකක් නෑ ලියන්න..)

    ReplyDelete
    Replies
    1. කල්‍යාණ @ හි හි ඒ පෝස්ට් එක ලියන්න කම්මලි අනේ, පුංචි හිවල්ලු ඉක්මනින් පන්නලා දාන්න

      Delete
  10. වටින ලිපියක්... අනේ අක්කා මරු රට :D

    ReplyDelete
    Replies
    1. මංගලා @ මේක සුපියල් 100 කට විකුනනෝ

      Delete
  11. OMAGE SIHINA, mama godak Asawen Balanne, Asen deka, Hitata denena dee ayath Rasavida Tawath kenekuge Rasavindanayata sarilana paride noyek kalathmaka wa rasaganwa ediripath kireemee puduma haskamak oma satuwa tibenawa, Aee hekiyawa tawa tawath wedi diyounu wenna Obata Saktiya Dairya ediriyatath lebewa

    man israel wala inna oyaage yaluwek.

    ReplyDelete
    Replies
    1. ස්තුති ඇනෝ.. ඔයත් ඉන්නේ ඊශ්‍රායල් නම් ලියන්න දේවල් ඇති

      Delete
  12. Springtime, the only pretty ring time -Shakespeare

    ReplyDelete
  13. සෘතු භේදය මිනිස්සුන්ගෙ ජීවිත අලුත් කරනවා නේද? ඒ නිසා ජීවිතයට ජවයක් එක්වෙනවා නේද? අපේ රටවල කොයිවෙලේද දන්නෑ පායනවා, වහිනවා එච්චරයි. ආසයි එහෙමම වෙනස් වෙන ජීවිතේකට.

    ReplyDelete
    Replies
    1. ඔව් මධු ඒකනම් ඇත්ත, පරිසරය අලුත් වෙද්දී වෙනස් වෙද්දී මිනිස්සුත් ටිකක් වෙනස් වෙනවා. ඇඳුම් පැළදුම් හිටන්

      Delete
  14. අර රසික කිව්වත් වගේ ගහේ ෆොටෝ කෑල්ලක් මාසෙ ගානේ දැම්මොත් නං වටිනවා.....

    අර ග්‍රේප් ටික දැක්කහම නම් කටට කෙල ආවා.... ඒත් පස්සෙ හිතුනා ඒවා තිත්ත ඇති කියලා...!

    ReplyDelete
    Replies
    1. ඩුමි වත් මගේ හීන අඩවියට ආදරෙන් එකතු කරගන්නවා,

      නරියා නම් ඒම කීවේ නෑලු

      Delete
  15. ඔය වගේම තමා ඉතින් අපේ ජීවිතත් වෙනස් වෙන්නේ..

    ReplyDelete
    Replies
    1. මිනිස්සු ඒවා අඳුර ගන්නේ නැති එකනේ ප්‍රශ්නේ

      Delete
  16. චඃ...................අර මිදී පොකුරු දැක්කම මටත් හිතෙනවා අර නරියා වගේ උද පැනලා බලන්න එව්වා කඩාගන්න. ඉන්දියාවේදී රසම රස මිදී කෑවා.

    ඍතු විපර්යාසය අපේ රටට තදින් නොදැනෙන නිසා ඒ ගැන අවබෝධයක් ලැබෙන්නේ මෙවැනි ලිපි වලින්.

    ReplyDelete
    Replies
    1. මං හිතන්නේ ඉන්දියාවේ මිදි මේවා තරම් රස නැහැ

      ස්තුති විචාරක තුමණි මං ඒ නිසාමයි ලියන්නත් කැමති

      Delete
  17. ඔවු.... මිදි වගාව අමුතුම එකක් . සිසිරයේ දි හොඳින් කප්පාදු කළවිට වේලුණු වැටක් වගෙයි... අනෙක මල් පිපෙන කාලෙට ජලසම්පාදනය නවත්තන්න ඕනෙ.. වැල් හේබා යන තරමට....ඒ නිසයි මිදි වගාවට වියලි කාලගුණය ගැලපෙන්නෙ......

    ReplyDelete
    Replies
    1. ඔව් එක පාරක් ගිය අවුරුද්දේ මං ගියා ලොකු මිදිවත්තකට වැටවල් වගේ දිගට කිලෝමීටරයක් වගේ ඔක්කොම බලු බැල්මට මැරිලා වගේ .. ලංකාවෙත් යාපනේ පැත්ත මේ වැඩේට හොඳ ඇති නේද ඇනෝ

      Delete
  18. මාත් කැමතියි නිදහසේ ඉඳගෙන කුරුළු සද්ද වලට කන් දෙන්න. සමහර වෙලාවට මාර මියුසික් කෑලි ඇහෙනව :).
    මේ පෝස්ට් එක හරිම ලස්සනයි. ඉදිරි මාස වලදි වෙන විපර්යාස ටිකත් ෆොටෝ ගහල දාන්න. ඇත්තට හුදෙකලාවෙ ඉන්න එකත් නියමයි නේ?
    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. ඒකනේ මං හුදෙකළාව පෙම්වතා කරගෙන තියෙන්නේ

      Delete
  19. නියම පලාතකනෙ ඔමා ඉන්නෙ. අර ගහේ ෆොටෝ ගත්ත එක නම් ගොඩක් වටිනවා.

    ReplyDelete
    Replies
    1. දැන් ඉතින් අවුරුදු කෑවා ඇති මොනාහරි ලියන්න ,, මේ මාසෙටම මොකුත් ලියලා නැහනේ ඔබතුමාත්

      ගහේ ෆොටෝ ටික ගන්නවා ආච්චිගේ පණ තියෙනකල්

      Delete
    2. ඒක තමා. ටිකක් අව්වේකී වුනානෙ.

      Delete
  20. පෝස්ට් එක කලින් දැක්කට නිදහසේ කියවන්න තියා ගත්තා...
    ඔමා පරිසරය එක්ක ඉන්න ජීවියෙක් බව දැනගත්තු එක සතුටක්...

    මමත් ආසම දෙයක් තමයි කුරුළු සද්ද වලට කන් දෙන එක, විශේෂ සද්දයක්නම් රෙකෝඩ් කරනවත් එක්ක. කළින්නම් දුටු තැන ෆොටෝ ගහනවා, දැන් කැමරා එකක් නැති නිසා ෆොටෝ ගහන්නේ ෆෝන් එකෙන්...
    පෙරේද වෙනකල් මම හිටියේ අපේ මහ ගෙදරට වෙලා, උදේ එක පාර මාව ඇහැරුනේ අමුතු කුරුළු සද්දයක් ඇහිලා...
    බැලුවම දන්න කියන ටිකක් දුර්ලභ කුරුල්ලෙක්, නමුත් මේ විදිහට කෑ ගහනවා මම ඇහුවේ පළවෙනි වතාවට.
    Territory එක මේන්ටේන් කරන්න හරි කිරිල්ලියෙක් හොයා ගන්න හරි කරපු සද්දයක් කියල තමයි මට හිතුනේ.
    මම එයාගේ සද්දේ රෙකෝඩ් කලා, හරි ලස්සනයි.

    මම ඉස්සර අපේ ගේ උඩහ තේ ගස් අතරේ බිම පැදුරක් එලාගෙන නිදාගෙන තේ ගස් යට ඇවිදින කුරුළු රංචු දිහා බලාගෙන ඉන්නවා. හරි අපුරු ලෝකයක්.

    ///ඇය කිවූ විදියට අපි අලුතෙන් ගෙයක් හෝ ඉඩමක් ,පදිංචියට යම් ස්ථානයක් මිලදී ගන්න කළින් බලන්න ඕනෙලු කොච්චර සත්තුන්ගේ හඬවල් ප්‍රමාණයක් ඇහෙනවද කියලා.විශේෂයෙන් කුරුල්ලන්ගේ.. කුරුළු වර්ග 4,5ක් හෝ සැරිසරණ ප්‍රදේශයක් නම් ඒ ප්‍රදේශය ජීවත්වීමට ඉතාම සුදුසුයි ලු. එයට හේතුව විදියට ඇය කීවේ කුරුල්ලන් නිතරම ගැවසෙන්න කැමති පිරිසිදු වාතය බහුල ප්‍රදේශ වල වීමලු. ///

    හෙණ ගහපිය ගණන් බලාපිය කිව්වලු, මම අපේ මහගෙදර ඉඩම් සීමාවේ ඉඳල හරියටම කුරුළු වර්ග 100 ක් මේ වෙනකොට දැකල තියෙනවා.
    අපේ ගම සහ ඒ අවට ගං කීපය ඇතුළත කුරුළු වර්ග 128 ක් දැකල තියෙනවා
    හැබැයි ඒ නිකම්ම දැකල නෙමෙයි දැඩි උවමනාවෙන් හොයල බලපු නිසා දැකපු ප්‍රමාණය...

    ඇත්තටම ඉතින් අපේ ගං පළාත් වල වාතය ගැන කියන්න දෙයක් නැහැ, හොඳටම හොඳයි තමයි...

    ReplyDelete
    Replies
    1. ලොකු@ මටත් සතුටක් මට තියෙන ලෙඩේ තියෙන තව අය ඉන්න බව දැනගන්න ලැබීම,, මටත් ඔය ෆොටෝ ගන්න සහ ශබ්ද රෙකෝඩ් කරන ආශාව තියෙනව මගේ එක රෙකොර්දින් එකක් තියෙනවා ඔයාට ලංකාවේදී කවදාවත් අහන්න බැරි වේවි ඒක. වින්ටර් එක පටන් ගද්දි යුරෝපේ ඉන්න කුරුල්ලෝ අප්‍රිකානු රටවලට රංචු පිටින් සංක්‍රමණය වෙන්න ගන්නවා.. ඔවුන් ඊශ්‍රායලය හරහා තමයි අප්‍රිකාවට යන්නේ,, ඒ යන වෙලාවේ මං ගොඩක් බය වුණා උන්ගේ සද්දෙට හරියට පිට සක්වල සද්දයක් වගේ,, මල ගෙයක් වෙලා වගේ මහා අමුතු සයිරන් සද්දයක් වගේ ඒක.. ඒ වගේම උන් දිශාව මාරු කරන්නේ අමුතු විදියකට,, ඒ වීඩියෝ එක මන් ඉදිරියේදි දාන්නම්,,

      ඔය ඉන්නේ ගමකද ? ශෝක් අනේ,, අර එෆ් බි එකේ ගගේ පෙරලිලා ෆොටෝ අරන් තිබ්බේ ඒ ගමේද

      Delete
    2. මම ගොඩ වෙලාවට බලන්නේ Discovery, Nat Geo, Animal Planet වගේ චැනල්. එවන් කුරුළු පර්යටණය ගැන සෑහෙන දේවල් මම බලනවා.
      නමුත් උන්ගේ කෑගැහිල්ල ඇරෙන්න වෙන අමුත් දෙයක් මම දැකල නැහැ ඒ වීඩියෝ වල.
      ඒ නිසා අර වීඩියෝ එක දාන්න අපිටත් ඒ අත්දැකීම විඳින්න.

      අපේ මහගෙවල් තියෙන්නේ ගමක... නමුත් මම දැන් ඉන්නේ කොළඹ
      ඉඩක් ලැබිච්ච ගමන් ගමේ දුවන එක තමයි කරන්නේ...

      එෆ් බී කිව්වේ Facebook එක නේද, ඔයා මගේ FB එකේ නැහැ නේද.
      බ්ලොග් යාළුවො මගේ FB එකේ මම දැනුවත්වනම් නැහැ, හිටියත් ඉන්නේ එකිනෙකා නොදැන වෙන්න ඕනේ.
      සමහර විට ඔමාට ටැපලිලා වෙන්න ඇති... :)
      මගේ බ්ලොග් එකේනම් ගමේදී ගත්තු ෆොටෝ ටිකක් තියෙනවා, නමුත් ඒකෙ තියෙන ෆොටෝ ගොඩක් ඒවා පිට තැන් වලදී ගත්තු ඒවා...

      Delete
  21. නියමයි..ඔය ෆොටෝ සෙට් එක ඔහොමම කන්ටිනිවූ කරන්න. මමත් අපේ ජනේලේ ගාව තියන ගහ අල්ලගෙන සෘතු හතරටම ඕක කරා. හැබැයි ඒ ගහ මල් පිපෙන්නේ නැති එකක් හින්දා ස්ප්‍රින්ග් එකේ කියලා ලොකු වෙනසක් පේන්නේ නැහැ. ඒ හින්දා මල් පිපෙන ගහක් අල්ල ගන්න ඕනේ වැඩේට.

    ReplyDelete
  22. අම්මෝ මිදී ...........මිදී වලට මම ගොඩක් ආසයි අනේ අක්කියෝ මල්ලක දාලා එවන්න බැරිද ටිකක් ඔයා ඔහෙට වෙලා මිදී කකා ඉන්නවා නේ.

    ReplyDelete
  23. ජීවිතය යනු එකපරකින් කියවලා ඉවර කරන්නවත් තේරුම් අරන් ඉවර කරන්නවත් පුළුවන් එකක් නෙමයි.ජීවිතය යනු බහුවිධ ප්‍රශ්න පත්තරයක් එකට උත්තර හොයන එක තමා ජීවත් වෙනවා කියන්නේ.උදේ නැගිට්ට වෙලාවේ ඉදලා හැමෝටම උත්තර බදින්න ඕනේ.

    උදේ පාන්දර ලොකු දුවේ ගම්මිරිස් බෝතලේ කොහෙද තිබ්බේ.දීපන්කො උත්තර...

    අක්කේ මගේ ක්‍රීම් එක කොහෙද දැම්මේ....

    අක්කේ සබන් කෑල්ල කෝ

    දීපන්කො උත්තර...

    ඔන්න ඒ පාර මල ඉලවුව උදේ පාන්දර කෝල් ගන්නවා

    බබා ඔයා එනවා නේ අද එදා තහනම් හම්බ වෙමු..එනචාද? නැද්ද? දීපන්කො උත්තර ඔන්න ඔහොමයි ජීවිතේ

    ReplyDelete


ලිපිය කියවා කොමෙන්ට් නොකලත් කමක් නැහැ.. කමෙන්ට් කලොත් සතුටුයි. ලිපිය කියවන්නේ නැතුව කොමෙන්ට් කරන්න එපා.
අපුර්වි_


,නිතරම යහපත කරන්න...,සතුට සැනසිල්ල හැමදාම ඔයාලග රැදේවි,,දෙවිපිහිටයි,

Related Posts Plugin for WordPress, Blogger...