Monday, May 4, 2015

මතක දෙපළු කළ නිසල පුරහඳ



මතක පොත දිග හරී නිසල සඳ 
සිතක දුක මෝදු විය දුරක අද 
රැසක දිවියේ ගෙව්න සිහිල වැද 
මලක සැනසුම කොයි ගියෙදෝ ලද ..

එදා පසු පසින් ආ පුන් සඳ 
මෙදා සක්මනේ ළඟක නැති සද
බදා සිපගත් මතක අහෝ ! අද 
උදා කල දුකක් කළා මේ පද..

පැටියන් සමග කළ කූඩු එල්ලා අතු අග
සක්මන් සඳ පසුපසම අනේ අප ගිය යුග
ඉක්මන් ගමනින් කොහෙද හැරගියේ අප මග 
තබමින් උණු කඳුලක් සදා කල් දෙනෙත් අග ...

පළමු කවි දෙක මාත්‍රා 15 ,15  සහ දෙවැනි කවිය මාත්‍රා 20 .
ප/ලි

ඉස්සර  කූඩු හදපු හැටි මතක් වුණා ආච්චි එක්ක හවස ඇවිදින්න  ගියවෙලේ හඳ දැක්කම ලොකු  පාළුවක්  අමුතු තනියක් දැනුණා.. ඒක තාමත් අඩුවක්  නෑ ෆේස්බුක් එකේ කට්ටිය දන්සැල් කාපුවා දාද්දි කූඩු ,දකිද්දී තවත්  ඒ හැඟීම ඇවිස්සෙනවා... ඒ මතකය ගුලිකරලා  කවියක් ලියාගෙන ගියා..

ප/ලි /ලි 
බ්ලොග් එකේ ලින්ක් එක වෙනස් කරා සබ් ඩොමේන් එකක් ගත්තා. මගේ බ්ලොග් එක බ්ලොග් රෝල් වල දාන් ඉන්න අය නිමාඩු වෙලාවක අලුත් ලින්ක් එක රෝලට දාගන්න ස්තුතී.

60 comments:

  1. කොහොමත් තාත්තා ගැන දුවකට තියෙන හැගීම ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ... ඔබ අම්මා ගැන ලියද්දි තාත්තා ගැන අහන්නත් හිතුණා... ඒත් හොද වෙලාවට ඒහෙම අැහුවේ නැත්තේ.... මොනවා වුණත් ඒ සුන්දර අතීතය ගැන හිතලා සතුටු වෙන්න.... ලෝකේ හැම දෙයක් ම අපිට නැති වෙනවා ඔමා.... අපි ඒ සත්‍ය පිළිගන්න ඔ්නේ...... ඒත් ඒක කියන තරම් ලේසි නැහැ කියලත් මං දන්නවා..

    ReplyDelete
    Replies
    1. තාත්තා ගැන තමයි මං වැඩියෙන්ම ලියලා තියෙන්නේ කුරුටු තාත්තා කියන ලේබලේ ඇති.
      ඔව් කුරුටු, මං නිතරම හිනාවෙලා ඉන්න උත්සහ කරනවා ඒත් එහෙන් මෙහෙන් ඇවිස්සෙනවා..
      ස්තුතී ලෙන්ගතු වචන වලට

      Delete
  2. සද විහාල අහසකට පාළුව මැකුවට පුංචි හදවතක එළියට රිද්දනවද?

    ReplyDelete
  3. ඇත්තෙන්ම හිතට විදින නිමැවුමක් ඔමා

    ReplyDelete
  4. බොහොම සුන්දර මතකාවර්ජනයක්

    ReplyDelete
  5. අර ආපු පුන් සඳ කියන තැන ආ පුන් සඳ කිව්වොත් මොකද ? මේ සැරේ මමත් කූඩු සල්ලි වලට ගත්තේ. ඒ නිසා ඇඟට දැනෙනවා අඩුයි. තාත්තලා දුවලා අතර සම්බන්දේ ගැන කියලා වැඩක් නෑ. අපි දෙන්නා දැනුත් පොතක් බලාගෙන මොනවද හදන ගමන්.

    ReplyDelete
    Replies
    1. මාත්‍රා ගැනලා ලියපු නිසා එහෙම දැම්මේ, ස්තුතී අයියේ මං ඒක හදන්න හිතුවා.

      මේවගේ දේවල් ලියද්දි මට ඔයාව නොවැරදීම මතක් වෙනවා

      Delete
  6. හරිම අපූරු කවි පද ටික... හුඟක් හිතට දැනුනා...

    ReplyDelete
    Replies
    1. රොහාන් ව මගේ හීන අඩවියට ආදරෙන් එකතු කරගන්නවා,, ස්තුති

      Delete
  7. Replies
    1. ඔව් අයියේ හැම පේළියම මාත්‍රා 15 ගානේ එන්න ලියුවේ

      Delete
    2. මාත්‍රා 2 ක් = ගුරු
      මාත්‍රා 1 ක් = ලඝු

      ඇදෙන අකුරු ඒ කියන්නේ රා ,නා ,මා ,,වැනි අකුරුත් නෝ ,කෝ ,ලෝ .,බෝ වගේ අකුරු මාත්‍රා 2 ක් ඒ කියන්නේ ගුරක්

      ලඝු කියන්නේ ඇදෙන්නේ නැති අකුරු ර ,ම ,ට ,ත වගේ අකුරු

      ඔය දන්න තරමින් ඈ

      Delete
    3. බොහොම හොඳයි ඔබේ දැණුම

      Delete
    4. ස්තුතී විචාරක තුමණි,, දැන් කවි ලියනවා අඩුයි අප්පා මන්

      Delete
  8. ආච්චිලා,සීයලා,තාත්තලා,අම්මලා.....ලේ වලටම කාවැදුන ඒවා කොහොම අමතකකරන්නද?අපි හැමදාම මතකෙත් එක්ක ජීවිතය විඳිනවා....

    ReplyDelete
    Replies
    1. හම්මේ මතකය කියන්නේ ලේසි පුත්ත්‍රයෙක් නෙමේ නේද කටුසු

      Delete
  9. දරුවන් නමින් දහදුක් විඳ දරාගෙන
    යළි උන් නමින් උපදින උන් හදාගෙන
    කිරි නැති මුත් කිරි සුවඳින් අඩු නොවන
    ඔවුනගෙ සෙනෙහෙ මව් සෙනෙහෙට නොම දෙවන

    ReplyDelete
  10. මතක රිදුම කවියකට උල්පතක් වූ අපූරුව .......

    ReplyDelete
    Replies
    1. කිචි කියන්නේ වයිපරේ නේ,,, ඒ හින්දා තෑන්ක්ස් කිචිගේ හබියෝ :D

      Delete
  11. Replies
    1. සුන්දර දුකක් අප්පා ඒකත්

      Delete
  12. අක්ෂාංශ පිහිටීම අනුව, ඔබට, මෙහාට වඩා තරම විශාලව හඳ පෙනෙනවා ඇති. ඒ නිසා දුකත් වැඩියෙන් දැනෙනවා ඇති.

    හොඳ සාහිත්‍ය නිර්මාණ කුළුගන්වන බලවේගයක් ලෙස, දුක හරිම වැදගත්. ලෝක පූජිත සාහිත්‍ය නිර්මාණ පවා බිහිවී තිබෙනවා, දුක නිසා.

    චතුරාර්ය සත්‍යයත් දුක පදනම් කරගෙනයි බිහිවී තිබෙන්නේ.

    ReplyDelete
    Replies
    1. මං ඉන්න රූම් එකේ බැල්කනි එකට හඳ පේන විදියට මට හිතෙන්නේ හඳ තියෙන්නේ අහසේ නෙමේ පොල් ගස් වලට ටිකක් උඩින් වෙන්න ඇති කියලා .. හි හි

      ඔව් මේ බ්ලොග් එක ලියන්න පාදක වෙච්ච හේතුවත් ඔය හුදෙකළාව කියන එක තමයි,,, ඒ එක්කම දුක සහ සතුට සම සමව විඳිනවා

      ස්තුතී විචාරක තුමණි

      Delete
  13. බ්ලොග්ස්පොට් අමතක කරල ඔන්ලයින් එල්කේ එකක් දාගෙන නේ?

    ReplyDelete
    Replies
    1. ඔව් රාජ් අයියේ ටිකක් පොස් වෙන්ඩ කියලා බැලුවේ

      (මෙහෙ සමහරුන්ට ලින්ක් එක දුන්නම කියනවා හිබ්රු වලින් ආ මේ බ්ලොග් එකක් නේද කියලා කීප සැරයක්ම ,,, ඒ හින්දා උනන්දු උනේ සබ් ඩොමේන් එකක් ගන්න )

      Delete
  14. හරිම ලස්සනයි ඔමියෝ!!

    ReplyDelete
  15. මේ කවි ටික නම් හරිම ලස්සනයි. මේ කවි අතුලෙ තියෙන කතාව මම දන්නෙ නෑ. සමහර කමෙන්ට්ස් දැක්කම ඒකත් දැන් කියවන්න අසාවක් ආව :).
    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. කතාව ගිහින් කියෝලා ආවා කියලා දැක්කා,, ඒ පෝස්ට් එකේ කමෙන්ට් එකෙන්,, මන් රිප්ලයි කමෙන්ට් කරන්න ඒ පෝස්ට් එකට යන්න අකැමතියි ගියාම මන් ඕක ආයේ කියෝනව,, :((( දුක වැඩිවෙනවා විතරයි

      Delete
  16. අනික් එවුන් දන්සල් ගියපුවා දැක්කම මටත් පොඩි මෙව්වා එකක් ආවා ...... එත් පස්සේ මම හිතා ගත්තා කවදා හරි ලංකාවට ගිය දවසක මම ආසම කෑම ජාති ඔක්කොම හදලා නියම දන්සැලක් දීලා මම තනියම ඔක්කොම ටික කනවා කියලා (එරියස් ටික කවර් වෙන්න )

    ReplyDelete
    Replies
    1. අපෝ නොදකින් බඩ ජාරියා..

      එදාට මාත් ලංකාවට එනවා මෙහෙ තියෙනවා හොඳ බ්‍රෑන්ඩ් එකක ජාපාල ඇට බෝතලේකුත් අරන්

      Delete
  17. ඔය හඳ කියන එක තියනවා නේද? වැඩිය ඕක දිහා බලන් ඉන්න එපා.. වයර් මාරු වෙනවා.අත්දැකීමෙන් කියන්නෙ ඔන්න.

    ReplyDelete
  18. ආච්චිට බලන්නත් එක්ක වෙසක් කූඩුවක් හදන්නකො පොසොන් එකන එල්ලන්න පුලුවන්නෙ

    ReplyDelete
    Replies
    1. හි හි ඒකත් හොඳ අදහස බලමු

      Delete
  19. කාලෙකින් මගේ හිතේ කවියක් කියෙවුවේ උඹ ලියපු.. අර කිවුවත් වගේ ඉතින් අපිට වෙසක් කට්ටිය දාන ෆොටෝ වලින් තමයි බලන්න වෙලා තියෙන්නේ දැන්.. මොනා කරන්නද ඉතින්..

    ReplyDelete
    Replies
    1. ඔව් දිනේෂ් ලියන්න බැරි වුණා මේ අවුරුද්දටම
      එවුවා අල්ලන්න යනවා කවදාහරි දන්සල් කාගෙන කාගෙන යනවා අර මැලේ රාලයා වගේ

      Delete
  20. http://nelumyaya.com/?cat=6
    mage achchi gana nnam hina yana eva thiyenne iyanna.

    ReplyDelete
    Replies
    1. ලියන්නකෝ අයියේ අච්චි ගැන, අපේ අම්මා වගේ කෙනෙක් වෙන්න ඇති එයත් මාර ජෝකර්

      තැන්ක්ස්

      Delete
  21. එක දෙයක් ලැබෙන විට තව යමකි නොලද පැතු
    ජීවිතය ඒ වගෙයි එගැන දුක් නොවිය යුතු

    ReplyDelete
    Replies
    1. ඔව් කමියෝ.. දුක කියන එක දැන් නම් ගේමක්ම නෑ

      Delete
  22. හ්ම්,ලස්සන කවි ටික ඔමෝ.සමහර මතක ඇවිස්සුනාම හිතට හරි බරයි.

    ReplyDelete
    Replies
    1. ඒ බර විසිකරලා දාන්න තමයි මනෝ මෙහෙමවත් කොටලා දාන්නේ

      Delete
  23. ඔමා , හඳ දිහා ඕනවට වඩා බලාගෙන හිටියොත් උමතු වෙනවලු නෙහ්? ඔන්නොහෙ බිම බලන් ඉම්මු..

    ReplyDelete
    Replies
    1. නිතරම උඩ බැලෙනවා මට ඒකනේ වැඩේ සජ්ජෝ

      Delete
  24. ලස්සනයි අක්කා... හිතට වදිනවා ගොඩක්...

    ReplyDelete
  25. ලස්සනයි ඔමා............

    ReplyDelete
  26. බොක්කටම දැනුන අක්කෙ...
    අපූරුයි ජයෙන් ජයම වේවා

    ReplyDelete
  27. mokada kalayak athurudahan vela hitiye?

    ReplyDelete
  28. රහට ලියලා තියනවා ... ජයවේවා !!

    ReplyDelete


ලිපිය කියවා කොමෙන්ට් නොකලත් කමක් නැහැ.. කමෙන්ට් කලොත් සතුටුයි. ලිපිය කියවන්නේ නැතුව කොමෙන්ට් කරන්න එපා.
අපුර්වි_


,නිතරම යහපත කරන්න...,සතුට සැනසිල්ල හැමදාම ඔයාලග රැදේවි,,දෙවිපිහිටයි,

Related Posts Plugin for WordPress, Blogger...