Monday, July 6, 2015

new job with ice coffee junkie

හායි ගායිස්....
කාළෙකින් ආවම එක පාරට  ලියාගන්න බෑ..ලියන විදිය අමතකයි. පෝස්ට් ලියද්දි  ඉන්න ඉරියව් අමතකයි...,ඇත්තටම  ඒක මහා අමාරු වැඩක්. ඒත් කොහෙන් හරි පටන් ගන්න එපැයි. ඉස්සරම ලියද්දි වගේ බිම දිගාවෙලා ලියන එක හොඳයි වගේ. 

ජොබ් එක මාරු කළා ඇත්තටම කළින් ජොබ් එකට වඩා හොඳ තැනක් හම්බුණු නිසා. අතරමැද  විස්තර අනම්මනම්  ගොඩක් තියෙනවා ඒ හැම එකම අතෑරලා  ලියන්න හිතුවා  අවුරුදු හතර පහක් තිස්සේ සැබෑකරගන්න  උත්සහ කරපු සැබෑ කරගත්ත හීනයක් ගැන. 

මගේ පරණ ලිපි කියෝලා තියෙන ඔයාලා දන්නවා මං හීන දකින්නියක් (සැබෑ ලෝකේ ජීවත්වෙන) .. ඒ වගේම  ඒ හීන වලට සාත්තු කරන්නියක්.  
මේකයි කථාව 
-----මං ආස කළා
  • ඇමරිකන්  එම්ප්ලෝයර් කෙනෙක්  එක්ක වැඩ කරන්න. 
  • ඒ වගේම නිව්යෝර්ක් හෝ කැලිෆෝර්නියා වල ජිවත්වෙච්ච,
  • ලෝකේ වටේ බිස්නස් කරපු සහ සංචාරය කරපු, 
  • PHD එකක් තියෙන,
  • පොත් කියවන,
  • කවි ලියන්න පුළුවන්
  • තනියම ඇවිදින්න පුළුවන්,
  • මාත් එක්ක නිතරම ඉන්ග්ලිෂ් වලින් කතාකරන,
  • මං අහන හැම ප්‍රශ්නෙකටම උත්තර තියෙන,
  • අල්සයිමර් ,ඩිමෙන්සියා වගේ ලෙඩ නැති,
  • අධිරුධිර පීඩනය , දියවැඩියාව වගේ ලෙඩ නැති,
  • පුතාලා සහ මුණුබුරෝ නැති(දුවලා විතරක් ඉන්න), 
ෂෝයි සීයා කෙනෙක්...වෙන්නත් ඕනේ. 

..ඒක ඇත්තටම  මගේ හිතුවක්කාර කමට දැකපු හීනයක්.."ඕවා හැබෑවෙන්නේ  නෑ හලෝ කියලා සමහරු කියන්න පුළුවන් නිසා කාටවත් කීවේ නෑ".. ඒත් ගොඩක් ලඟින් ආශ්‍රය කරපු යාළුවෙක්ට ටිකක්  කෙටියෙන් කියලා තිබ්බා.  මීට මාස දෙකකට වගේ කලින්  මං අලුත් රැකියා හොය හොයා ඒවට කෝල් කර කරා  වෙබ් සයිට් පීරන අතරේ අපූරු දැන්වීමක් දැකලා කෝල් කරලා  අපොයිමන්ට් එකක් දාගෙන හදිසියෙම ජොබ් එක බලන්නත්  ගියා. අපොයිමන්ට් එක දාපු වෙලාවේ සීයමයි කතා කලේ කොහේ ඉඳලා හරි  ටැක්සියක එන්න කිවුවා ,ඒ වගේම එයා ටැක්සියට සල්ලිත් දෙනවා කිවුවා මං එක පයිම්ම ඉතින් හහ් කිවුවා.   

එක්කෝ  ඉන්ටවිව් එකේ විස්තර පස්සේ ලියන්නම් ඒක හරි ෂෝයි කථාවක්....... ලිවුවොත් පෝස්ට් එක දිග වැඩිවෙනවා ෂුවර්. ටැක්සියට සල්ලි දෙනවා කිවුවට ඇත්තවශයෙන්ම මං බස් එකේ ගියේ, බස් එකට  දහයයි ටැක්සියට  දෙසිය දහයයි කියලා ටිකක් අවංක වෙන්න හිතාගෙන නියම ගාණට වඩා දහයක් අඩුවෙන් කිවුවා හි හි.. ඉතින්  ආපු  හැටියෙම බොන්න වතුර දීලා ටැක්සියේ ගාන අහළා ඒක දීලා තමයි ඉන්ටවිව් එක පටන් ගත්තේ.. ආපහු යන්න  එක්ක තව දෙසිය විස්සක් දෙන්න හදද්දී  මං කිවුවා බස් එකක යන්න පුළුවන් සල්ලි එපා කියලා.. ඉන්ටවිව් එකට ලකුණක් එකතුකර ගැනීමේ යටිඅරමුණ ඇතුවයි සැහැල්ලු හිනාවක් එක්ක මුදල් ප්‍රතික්ෂේප කලේ අපහසුවෙන් වුණත්.. 

පැයක් විතර සීයා මගෙන් එක එක විදියේ ප්‍රශ්න ඇහුවා,අහන ඒවට මං දෙන උත්තර ලියාගත්තා.. සීයා හිබ්රු වචනයක් වත් දන්නේ නෑ.. ඉංග්ලීස් විතරයි කතා කලේ මට  එක පාරට මගේ "සිහින කුමාර සීයව මතක් වුණා" ඒක හරි පුදුමයි  මට අමුතු පණක් ආවා. සීයා ප්‍රශ්න අහන අතර මටත් ඉඩ දුන්නා එයාගෙන් ප්‍රශ්න අහන්න ඉබ්බා දියේ දැම්මා  වගේ සීන් එකක් මං ඇහුවා ඔයා ඇමරිකාවේ මොන ස්ටේට් එකෙන්ද කියලා  ඉපදිලා තියෙන්නේ නිව්යෝර්ක්.. කැලිෆෝර්නියා වලත් අවුරුදු  25 ක් වගේ ජිවත් වෙලා තියෙනවා..ඒ වගේම චිනේ, හොංකො වගේ රටවල එයාගේ කම්පැණි එකේ ඔෆිස්  තිබිලා තියෙනවා...හැම මාසෙකම වගේ ලෝකේ පුරා එක එක රටවල ඇවිදලා තියෙනවා...

ඉබේටම වගේ මගේ ලිස්ට් එකේ තිබ්බ ප්‍රශ්න එකින් එක අහන්න පුළුවන් වුණා.. ඔයාට කියන්න කොටින්ම  සීයට ඉන්නේ  දුවලා දෙන්නෙක් විතරයි  ඒ මදිවට දෙන්නටම ඉන්නේ දුවලා  තුන් දෙනා ගානේ.... ඒක කියද්දී මට බය හිතුණා..මං නිකමට හිතපු ඒවා ඒ විදියටම සෙට් වෙනවා..සීයා අහපු සමහර ප්‍රශ්න වලින් මං දැනගත්තා එයත් අපි වගේ  ටයිල් කැටයක් දිහා බලලා රූප මතුකරගන්න ,වලාකුළු දිහා බලන් චිත්‍රපටි හදන කෙනෙක් කියලා.   ඉන්ටවිව් එක ගැන තව ලියන්න ඕනේ. ඒත් දැන් නෙමේ  තව දවස්  දෙක තුනකින් වගේ  අදට මේ ඇති.. දැන් මං මාසයක් මේ කියන සීයත් එක්ක වැඩ කරනවා.. අපි දෙන්නා හැමදාම එළියේ ඇවිදින්න යනවා. ඒ යන්නේ අයිස්කෝපී බොන්නයි අයිස් කෝපී ගැන කවි ලියන්නයි.. 

සීය හදපු මෙම්බර්ෂිප් කාර්ඩ් එකක්.



හවසක අයිස්කොපි බොන ගමන් මේ ෆොටෝ එක අරන් මං සීයගේ වයිෆ්ට වට්ස්ඇප් එකෙන් යැවුවා. එයා රිප්ලයි  කරලා තිබ්බා "ice coffee junkie" කියලා.ඒකට කේන්ති ගිහින් තමයි ඔය එහා පැත්තේ තියෙන කවිය ලියලා මේ ෆොටෝ එක හදලා වයිෆ්ට  යැවුවේ.  සීයට 92 යි  හොඳේ වැඩි වයසක් නෑ. 


මං ගැන ලියපු එකක්. අයිස් කොෆිත් එක්ක 


Maya,maya where have you been?
We had no ice coffee today..
Everybody missed your sweet grain..
And there's nothing for us to say...

So come back maya
come home to stay
We'll drink ice coffee 
That s the way!!!

Ice coffee good till the last drop
So  cold with a straw on the top
Drink it up till is all gone
That means every Tom,Dick,John!
Ladies also enjoy its taste 
So let not a drop go to waste.

 මේක ලියලා තියෙන්නේ ගිය සෙනසුරාදා මං ගෙදර නැතිවෙලාවේ පාළුවට.. සීයා මට මායා කියන්නේ. 

මේ තව කවියක්.. එච්චර පැහැදිළි නැති නිසා ටයිප් කරන්න හිතුවා.

Maya and me take a stroll 
With a wheel chair instead of feet
Ice coffee is our goal
Drinking ice coffee is hard to beat

ඔය කවිය ලියපු දවසේ අපි දෙන්නා පැයක් විතර සිටි එක වටේම තියෙන අයිස් කොෆි ෂොප් වලට ගියා හැම තැනම ඉවරයි, ඒත් එයාට ඕනේ කොහෙන් හරි බොන්න. ගොඩක් රශ්නේ වෙලාවක් ඇවිදින එක ලේසිත් නැහැ. ඊට පස්සේ  එයා ටිකක් ඉන්න කියලා "waze" වල ගහලා කොෆි ෂොප් එකක් තියෙන තැනක් හොයාගත්තා.. මීටර් 800ක් දුරයි. මට හිනා, ඒ වගේම කේන්තියි.. පස්සේ ෆෝන් එක අරන් පාර බලද්දී  අපි ඉන්න තැන ඉදලා මීටර් 25ක් වගේ තැනක තියෙන්නේ පාර වන් වේ හින්දා waze වල අර විදියට පෙන්නන්නේ.. එදා  සතුටටයි මහන්සියටයි අයිස්කෝපී ලොකු කප් දෙකක් එයා බිවුවා. 

ඊට පස්සේ අපි තීරණය කළා සිටි එකේ තියෙන හැම කොෆි ෂොප් එකේම ෆෝන් නම්බර් ටික  ලිස්ට් එකකට ගන්න ඊට පස්සේ ගෙදරින් යන්න කලින් කෝල් කරන්න පටන් ගන්නවා ගෙදරට කිට්ටුම තැනින් ඊට පස්සේ  තමයි යන්නේ. ලෝකේ පළවෙනි වතාවට ශෙකෙල් දහයකට අයිස්කෝපී එකක් ගන්න කෝල් කරලා අහලා ගිය මිනිස්සු දෙන්නා අපි වෙන්න ඇති... ඒ ගැන අපි දෙන්නා අපිටම හිනාවුණා. හි හි ඒ වගේම සතුටට කවියකුත් ලිවුවා ටිෂූ එකක.

We are so happy today
Our ice coffee was ready on time
Now we have plentyof time to play
The ice coffee cost only a dime!

ඉතිරි කතා පසුවට... විවිධාකාර චරිත එක්ක ගැටෙමින් ගෙවන හැම දවසක්ම මට හරිම නැවුම්.  හීන දකින එක ඉතින් මං කොහොම නවත්තන්නද...

80 comments:

  1. මෙයා තනිවම ඇවිත් ඉන්නේ ඇයි ඔමා?

    //ඉතින් ආපු හැටියෙම බොන්න වතුර දීලා//
    හති දාගෙන යනකොට වතුර නොදී පුළුවනෑ!

    ReplyDelete
    Replies
    1. තනියම නෙමේ අයියේ වයිෆ් එක්ක. සීයට වයස 92 යි දැන් එයාගේ පළවෙනි වයිෆ්ගෙන් ඩිවෝස් වෙලා දෙවනි එක්කෙනා බැඳලා තියෙන්නේ අවුරුදු 60 දී. වයිෆ් එයාට වඩා අවුරුදු 32 ක් බාලයි. වයිෆ්ට දැන් 60 යි, මෙයාගේ දුවලා දෙන්න මගේ වයස . මීට අවුරුදු 20 කට කලින් ඊශ්‍රායල් ඇවිත් තියෙන්නේ ජෙරුසලමේ මැරෙන්න ඕනේ නිසා. එයා ගොඩක් තද විදියට ආගම අදහන කෙනෙක්.. ඇමරිකාවේ හිටපු කෝටි පතියෙක්. හැම මාසෙම කැලිෆෝර්නියා වලින් මෙහෙට සල්ලි එනවා. එයාගේ කලින් දරුවෝ තමයි ඒවා හැන්ඩ්ල් කරන්නේ. වයිෆුයි මමයි අක්කයි නංගියි වගේ ,ගොඩක් හොද ලේඩි කෙනෙක් දක්ෂ චිත්‍ර ශිල්පිණියක්.

      Delete
  2. සීයටත් පුරුදු කරමු බ්ලොග් ලියන්න.. හැක්. මේ ඔය ඩෑල් එකේ ආච්චියෙක්ව බලාගන්න තියෙනවනම් මට ලියල එවනවද? මේ මරුමුස් ඩෑල් එක්ක ඉඳල එපා වෙලා බංස්.. මට ඔය හයි ටෙකි වැඩ තමයි බැරි ඉතිං.. වසප් කියයි වෑස් කියයි වයිපර් කියයි.. හැක්.

    ReplyDelete
    Replies
    1. හි හි සීයා ගොඩක් වෙබ් සයිට් කියෝනවා අයියේ. මං කිවුවා ලියමු කියලා එයාගේ වැඩේ කම්පියුටර් එක එක්කම තමයි, ගොඩක් වේගෙන් ටයිප් කරන්න පුළුවන් එයාට

      Delete
  3. සීයත් හොදට ලියන්න පුලුවං ඩෑල් එකක් වගේ... අළුත් තැන නං සෑහෙන්ට හිතට අල්ලල වගේ...
    ඉන්ටෝව් එකේ ඉදං වෙච්චි සංගදි ටික හෙමීට කියන්ටකො...
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. ඔව් මහේෂ් එයා ලග පොත් ගොඩාක් තියෙනවා. ලියන්න කියවන්න දෙකටම කැමති, එයා පොත් ලියන අයට අද්වයිසර් කෙනෙක් විදියට ත් පබ්ලිෂර් කෙනෙක් විදියටත් වැඩ කරපු කෙනෙක් .. හිමිට ලියන්නම්

      Delete
  4. හෙහ්.. අලුත් තැනක්, සීයෙක්, ‍අයිස් කෝපි.
    නියමයි...

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් ප්‍රශා.. ඔව් ආච්චිලා නම් එපා වෙනවා

      Delete
  5. අපිට කොහෙද පූසෝ මාළු... අපි යනවද මූදු ?

    ReplyDelete
  6. ඇයි අර පුතාලා මුනුබුරාලා ඉන්න සියලට අකමැති ??

    ReplyDelete
    Replies
    1. මේ රටේ මිනිස්සු අවුරුදු 70 ,80 ද 20 ද 30 ද නෑ ලව් ටෝක්ස් වලට එන්නේ මං ආස නෑ ඕවට ඒකයි. අත්දැකීම් දෙක තුනක්ම තියෙනවා, සමහර හොඳ ජොබ් වලින් උණත් අයින් වුණා සමහර පුතාලා , මුනුපුරාලා " බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවද? මං ගැන මොකෝ හිතන්නේ වගේ ඒවා අහපුවම "

      Delete
  7. අනේ! ශෝයි සීයෙක්!!

    ReplyDelete
    Replies
    1. හි හි ඔව් හිත ගොඩක් හොඳයි .

      Delete
  8. අයිස් කෝපි කියන්නේ මගේ ප්‍රියතම පානයක්.... හොට් වර්ෂන් එකට මම එච්චර කැමති නැහැ...

    ReplyDelete
    Replies
    1. මං නම් කැමති hot එකට .. මෙහෙ කියන්නේ කෆේ අෆුක් කියලා. ගොඩක් අය hot එක කැමති සිගරැට් එකක් එක්ක බොන්න, ගැහැණු පිරිමි බේධයක් නැතුවම

      Delete
    2. අයිස් කොපි කොමද හොට් උනේ

      Delete
  9. I love coffee – hot or cold
    Served with one cute creamy art
    I love this grand pa, kind and old
    With a so big – so warm heart

    ReplyDelete
    Replies
    1. අපි දෙන්නා දැන් ලස්තිවෙන්නේ වටයක් ගිහින් එන්න, මං සීයට ඔයාගේ කවිය පෙන්නලා පිළිතුරු කවියකුත් ඉල්ලගන්නම්,

      i like just de cafinated coffee afuk. (hot) and creamy....

      Delete
    2. බස්සි සීයට නිකමට කිවුවා. යන්න ගිය ගමන පැත්තක දාලා ඔයාට කවියක් ලිවුවා ඔන්න.


      ice coffee makes very warm hearts
      we drink some every day
      this is the way our life starts
      without it we'd have naught to say !!

      --George Roth--

      Delete
    3. sirane , bassita kaviyakin uththarath dila.I heard about George Roth the fashion designer. I think this is not him.

      Delete
    4. yes he is a one of a versatility man.

      he was a Business consultant. and very funny man.

      Delete
  10. අයිස් කෝපී.... ළෝකයේ තියෙන රසම බීමක්.. මම කැමති අපේ තාත්තා හදන එකට. ඒකට මිස්ටර් සැම්සන් බ්‍රැන්ඩි ටිකකුත් දානවා. අහු වෙන ඕන තැනක ඕනම් වෙලාවක් වීදුරු දෙක තුනක් ඇදලා අරින්න පුළුවන් කිසි අවුලක් නැතිව...

    ReplyDelete
    Replies
    1. මෙයත් හොය හොයා යන්නේ අමර්රිකාවේ රස.. ජෙරුසලම් වල ග්‍රෙග් කියන රෙස්ටුරන්ට් එකේ තමයි මං බීපු රසම අයිස් කෝපී එක. ටිකක් ගාන වැඩි ඒත් රසයි

      Delete
  11. මෙවැනි පුද්ගලයකුගේ මනසට එබී බලන්න පුළුවන් වුනොත් ලෝකය ගැන මිල නොකළැකි දේ බොහොමයක් දැනගන්න පුළුවන් වෙයි. එය හරියට විශ්ව විද්‍යාල පාඨමාලාවක් කළා වගේ දැනෙයි.

    ReplyDelete
    Replies
    1. ඔව් විචාරක තුමණි. ඔබ හරි , ජෝර්ජ් ට ඕනෙත් එයාගේ දරුවන්ට වත් කියන්න බැරිවෙච්ච එයාගේ ජිවිතේ දේවල් මාත් එක්ක බෙදා ගන්න. ඒක මට විශ්ව විද්‍යාලයක්ම තමයි

      Delete
  12. අර කොලිටීස් ලිස්ට් එක දැක්කම හිතුනෙම උඹ අනාගත සහකාරයා හොයනවා කියලමයි...හැක් හැක්
    එහෙනං අන්තිමට වයසක හෙන්රියා (ඩූඩ්) බලාගන්න ඔමා ට බාර උනා නේ.
    When Ice coffee goes with Yum Yum Yum's
    I felt same taste in all those poems

    ReplyDelete
    Replies
    1. ඔතන තව ඒවා අඩුයි බන්..හි හි අදාළ පොයින්ට් එක ගානට ටච් කරා නේද

      Delete
    2. @මධු මාධවී.

      >>එහෙනං අන්තිමට වයසක හෙන්රියා (ඩූඩ්) බලාගන්න ඔමා ට බාර උනා නේ.<<
      ඒක හරියන්නෑ බං. ඒකට ජුවිෂ් වෙන්න ඕනෙ. :D

      Delete
    3. හි හි ජුවිෂ් වෙද්දී මුස්ලිම් වෙනවා වගේම එහෙන් මෙහෙන් කපන්න තියෙනවා ඈ පිරිමින්ට :D

      Delete
    4. එහෙං මෙහෙන් කිව්වේ?

      Delete
    5. ජුවිෂ් අයත් සර්කම්සයිස් කරනවා.

      Delete
    6. අපෝ බය වෙන්න එපා ලොකු අයගේ කපන්නේ නෑ. චුටි කාලේ විතරයි.

      Delete
    7. ඒ වුනාට අමාරු වෙනවා. අවුරුද්දක් විතර යනකං ඇවිදින්නත් බැරුව යනවා. ඔමා නං කියයි ඉතිං.

      Delete
  13. හම්මේ සන්තෝසයි. දැන් ඕමා ගෙන් දිගටම රසකතා අහගන්න පුළුවන් වෙයි අපිට

    ReplyDelete
    Replies
    1. ලියන්න කම්මැලියි අප්පා ,, දවල් දවස්වල දවල්ට එහෙ මෙහෙ ඇවිදලා ආපුවම ඇගට හරි අමාරුයි සමර් එක නිසා, රෑට ඉක්මනට නින්ද යනවා
      ලියන්නම්කො

      Delete
  14. උත්සහවන්ත කෙල්ල,

    ඔබට ජයෙන් ජය !

    ReplyDelete
  15. හප්පේ කාලෙකින් ඇවිත් ඉන්නෙ...
    (පුතාලාට අකමැති වීම ගැන මාගේ බලවත් විරෝධය... හැක්!)

    ReplyDelete
    Replies
    1. රොහාන් @ ඔවු අනේ පහුගිය ටිකේ ලියාගන්න වෙලාවක් තිබ්බේ නෑ,, පුත්තු එක්ක බෑ අනේ

      Delete
  16. සීයා වයසට ගියත් තාම හිතින් තරුණයි වගේ..... ඔය වගේ අය ලේසියකට වයසට යන්නෙ නෑ...

    ReplyDelete
    Replies
    1. ඔව් එයා හිතන්නේ නෑ එයා වයසයි කියලා. නිතරම අලුත් දෙයක් ඉගෙන ගන්න කරන්න මයි හදන්නේ,.

      Delete
  17. මේක මම කියවපු ලස්සනම ලියවිල්ලක්. අනික ජෝර්ජ් හිටිවනම කවි හදන්න හැබෑ දක්ෂයෙක්. මම හිතන්නේ ඔමායට සීයත් සීයට ඔමායත් තකට තක වගේ ගැලපෙන හන්දා සෑහෙන කලක් මෙතන ‍රැකියාවක් කරයි කියලා හිතෙනවා.

    >>මං දැනගත්තා එයත් අපි වගේ ටයිල් කැටයක් දිහා බලලා රූප මතුකරගන්න <<

    මේ මගේ හිත් ගත් තැනක්.

    Mr Roth, You are a super poet. We really enjoyed them. And that ICE COFFEE CLUB membership card is an awesome idea.

    ReplyDelete
    Replies
    1. ස්තුතී ඩුඩ් අයියේ. ඔව් අයියේ සීයා ජිවත් වෙනකල් මං දිගටම එයත් එක්ක ඉන්න පොරොන්දු වුණා... එයාගේ ජිවිතේ ගොඩක් අත්දැකීම් එයාගේ දරුවෝ , වයිෆ් වත් දන්නේ නෑ, ඒ වගේම එයාලා සීයා එක්ක පැය ගණන් කතා කරන්න කැමතිත් නෑ... හැම දවසකම මං අලුතෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්නවා,. කවදාවත් නොදැකපු පැති එයා විස්තර කරන විදිය හරිම පුදුමයි..

      මං ටයිල් කැටයේ කතාව ලියද්දි පුරුදු ගතියක් දැනුණා එතකොට මතක් වුණේ ඔයාගේ පෝස්ට් එක. මං හෙට උදේ නැගිට්ටම ජෝර්ජ් ට පෙන්නනවා ඔයාගේ කමෙන්ට් එක ,,බස්සිගේ කවිය දැකලා ගොඩක් සතුටු වුණා

      Delete
    2. Hi Mr Dude,
      Thanks for the compliment. We'd like you to be an honorary member of our Ice Coffee Club! When you visit Israel you can taste the real thing. Maya is quite impressed with you.

      At 92 years old it's impossible for me to do anything commercial.
      During my long career I have published 13 newspapers, two national magazines and helped hundreds of authors publish their books. I owned commercial lithographic presses and a computer typesetting co. Early 1985 I opened the first foreign business in Henan, China. I hope you will continue to share your own ideas with me. Your CV is welcome.
      with much good wishes -- George Roth
      georgeroth1@yahoo.com

      (සීයා ටයිප් කරා ඔන්න ඔයාට)

      Delete
    3. I'm very much honored Mr Roth. You are very young at heart.

      Delete
  18. ලියවිල්ල ඉස්තරම් , ඔයා සීයා ගැන කියපු වෙලේ ඉඳන්ම මං හිතුවා ඉතාම්ම රසවත් පොස්ට් එකක් ලියවෙයි කියලා, කොහොම වුනත් මේක ඒ හිතපු ඒවාට වඩා ලස්සනයි. ඇත්තටම මේක ඔමාට වාසනාවට ලැබිච්ච තැනක් වගේ, මට පේන්නේ මේක පොස්ට් පෙළක ආරම්බය වගේ. මේකේ English translation එක සීයට පෙන්නන , (ටැක්සි කතාව නැතුව :P)

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් අයියේ. ඔයාලගේ කමෙන්ට් ඔක්කොම ගූගල් ට්‍රාන්ස්ලේට් කර කරා සීයා කියෝනව හයියෝ,, මං අර කොටස අයින් කරන්න ඕනේ :(((((

      ගොඩක් ස්තුති අයියේ

      Delete
  19. ඔමාගේ හීන සැබෑ වෙලා තියෙන්නෙ. . ඔමෝ ඔය වයසක සීයට අයිස් කොපි දෙක තුන පොවල කොහෙන් නවතීද දන්නේ නැ..

    ReplyDelete
    Replies
    1. අඩේ මම කියන්න ගියෙත් වයසක සීයට අයිස් කොෆි පොවන්න එපා කියලා බොලං.

      Delete
    2. කොබා.. හීන හැබෑවෙනවා කාලෙකින් ආයෙම දියවෙලත් යනවා අනේ. සීයා තමයි මට අයිස් කෝපී පොවන්නේ :((

      Delete
    3. මනෝ . පොවනවා නෙමේ දෙක දෙක අත්දෙකට අරන් බොනවා එයාම, මට ලැජ්ජයිත් එක්ක වෙලාවකට

      Delete
  20. සියා ගේ සීනි වැඩි නෑ වගේ,
    අනික 92 දී ත් නොබොන අයිස් කෝපි කවදා බොන්නද?

    ReplyDelete
    Replies
    1. ඔව් කිසිම ලෙඩක් නෑ. තියෙන එකම ලෙඩේ හැමදාම අයිස්කොපි බොන්න යන එක, සෙනසුරාදා කඩ ඔක්කොම වහන නිසා යන්නේ නෑ, අනිත් දවස් හයේම ඉතින් යනවා. එයා පොඩි කාලේ අයිස් කෝපී තිබුණේ නෑලු, ඒ කාලේ කප් කේක් වගයක් තිබිලා තියෙන්නේ උඩින් ක්‍රීම් දාපු,, තරුණ කාලේ පටන් අරන් තියෙන්නේ අයිස් කෝපී බොන්න

      Delete
    2. Ithin oya hadala dennako seeyata ice coffee ekak gedarama...smaharawita seeya eekata kemathi wey kade ewta wada.. mamanam gedarama hadanawa hebei itin kade ewa taram raha ne...

      Delete
    3. ඇනෝ @ ගෙදර හදන්න මැෂින් එකක් ගන්න එපැයි ඉතින්, නිකන් දියාරුවට කෝපියි ,කිරි දාලා හදන අයිස් කෝපී නෙමේ අනේ මේ. සීනි වගේ අයිස් කූඩු එක්ක නෙස්කෆේ. පැය දෙක තුනක් යනවා ඒක රෙඩි වෙන්න. බීලා ඉවරකරන්නත් අඩුම පැය බාගයක් යනවා අයිස් නිසා.. ගෙදර හදන්න බෑ මේක

      Delete
  21. හරියන සියෙක් ලැබුනා එහෙනම්.හොඳයි,හොඳයි අයිස් කොෆි බිව්වාට අයිස් ගහන්න පුළුවන් රස්සාවක් නොවේනේ ඕක.

    ReplyDelete
    Replies
    1. ඔව් මනෝ අයිස් ගහන්න වෙලාවක් නෑ එයාට ඕනේ හැම තිස්සෙම මාව පේන්න ඉන්න ,කතා කරන්න,,

      Delete
  22. හිත සතුටින් කරන්න වැඩක් ලැබුනු එක ගැන සංතෝසයි..! ඔහු සතුටින් නම් ඔබත් සතුටින් කියලා ගස්ලබ්බ තුමා කියලා තියෙනවාලු.
    හික් හික්..
    ජයවේවා..!!

    ReplyDelete
  23. ඇති යන්තම්. බලාපොරොත්තු උන විදිහෙම සීයා කෙනෙක් හම්බුන සතුටටත් එක්ක දැන් ඉතින් දිගටම ලියන්න බරියැ :D. ජෝජ් සීයවත් මතක් කලා කියන්න. කවිත් ලස්සනයි කියල කියන්න :D.
    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. මනා @ තෑන්ක්ස් මනා, තාම එයා නිදි, මං කියන්න ඕනේ නෑ, ඔක්කොම බලනවා ට්‍රාන්ස්ලේට් කර කරා

      Delete
  24. කවි ලියන්න පුළුවන් වෙච්චි එක තමයි පස්ටම පුදුමේ ! 

    ReplyDelete
    Replies
    1. දිනේෂ් @ එයා කවි ලියන්න විතරක් නෙමේ දිනේෂ් පොත් ලියන කතෘ ලට කතාවක් ලියන්න කලින් ඒ කතාව ගැන විස්තර අහලා ලියන විදිය කියාදෙන කෙනෙක්


      ඉවාන් ගෙම්බෝ : :(((((

      Delete
  25. මේකනම් භාවනාවක් වගේ පෝස්ට් එකක්... නියමයි..!

    hope is a good thing, maybe the best of things කියලා කියන්නේ නිකම් නෙමෙයිනේ... ඔමායාට රස්සාව ගැන බලාපොරොත්තු ගොඩක්... ජෝර්ජ් සීයාට සීතල කෝපි කෝප්පයක්... හැබැයි දෙන්නාටම ඒ බලාපොරොත්තු ගොඩක් වටිනවා... මරු අප්පා..!

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් bailey. මං කාලෙකින් ලීවේ පොඩි චකිතයක් එක්ක, කොටින්ම ලියන්න මතක නෑ වගේ ඔහේ ලියන් ගියා පබ්ලිෂ් කරා, ඒත් ඔයාලගේ කමෙන්ට් දකිද්දී සතුටුයි,
      ඔයාගේ කමෙන්ට් එක ට්‍රාන්ස්ලේට් කරගෙන කෑලි එකතුකරගෙන මට කියනවා අන්න යාලුවෙක් කමෙන්ට් කරලා ගිහින් උත්තර දාන්නලු,, හි හි ,

      Delete
  26. ඔමයාට අලුත් සීයා හම්බ වුනේ අපෙත් වාසනාවට කියල හිතෙනවා . මේ වගේ සරුසාර පෝස්ට් තව ගොඩක් කියවන්න ලැබෙයි වගේ

    ReplyDelete
    Replies
    1. තිලක සිත@ ස්තුතී අයියේ,, ඔයාලගේ කමෙන්ට් මට දිරියක් කම්මැලි කම අතෑරලා ආයේ ලියන්න

      Delete
  27. Dear George,

    Really nice to even read about someone like you, who has seen the world in all it's glory and traveled to far away exotic places about which I can only dream. Your life experiences would be so vivid and so interesting. Heh, after living nearly a century whose life wouldn't be?

    Please George let us enjoy what you have enjoyed through Maya. She is a very gifted writer and I am sure would do justice to your remembrances.

    Shalom & Kol Tuv,

    Ravi

    ReplyDelete
    Replies
    1. රවී අයියේ. @ සීයා එදාම බලලා ඔයාට රිප්ලයි එකක් ටයිප් කළා, පෝස්ට් කලාම පෝස්ට් උනේ නෑ එයාගේ g මේල් එකේ අවුලක් නිසා, මං ආයේ කිවුවේ නෑ, මන් එයාට කිවුවා ඔයාට මං කමෙන්ට් එක මේල් කරා කියලා, එයාට හරිම සතුටුයි, එයාට ඉන්න හොඳම යාලුවා මං දැන් ඔයාලත් ඉන්න නිසා මාර ෆිට් එකේ ඉන්න,, තෑන්ක්ස් අයියේ ඉන්ග්ලිෂ් වලින් ජෝර්ජ් වෙනුවෙන් කමෙන්ට් කලාට,

      Delete
  28. ඔයා හීන දකින්නියක් නෙවී ලුහුබඳින්නියක් වගේ (මම කියන්නෙ පුංචි කාලෙ ඉදලම). ඔයාගෙ අලුත් සීයගෙන් ඉගෙනගන්න ගොඩක් දේ තියේවි. මට තාම හමුවෙලා තියෙන්නෙ ඔයවගේ දෙන්නයි. හැබැයි ඒ අය මගෙ ජී විතේ වෙනස්කරගන්න ගොඩක් බලපෑව. සීයටයි ඔයාටයි දෙන්නටම නිරෝගීකම සහ සතුට ප්‍රාර්ථනා කරනවා.

    ReplyDelete
    Replies
    1. ස්තුතී චීනෝ, දැන් ඔයාට සනීපද?

      Delete
  29. මේක තමා එහෙනම් ඔමා පේන්න හිටියෙ නැත්තෙ.
    ඒක නෙවෙයි, සීයටයි ඔමාටයි අයිස් කෝපි ශොප් එකක් දා ගත්ත නම් නරකද? දවසම සීයට ඇති තරම් අයිස් කෝපි බොන්න පුලුවන්. ඔච්චර ආස එකෙ ලොකු අයිස් කෝපි එකක් හදල ෆ්රිජ් එකේ දාල තියන්න.

    ReplyDelete
    Replies
    1. අපි ඉස්සරහට ෂොප් එකක් දාන්න ප්ලෑන් කරන් ඉන්නේ.. හි හි ඒ අයිස් කෝපී නෙමේ ගිමන් මේක වෙනස්

      Delete
  30. මාත් ඉතින් අයිස් කොෆී බොනවා ඉදලා හිටලා....හැබැයි ගොඩක්ම බොන්නේ අයිස් ටී....
    උදේ පාන්දර හදන එක 10ට විතර බොද්දි දිව කොනේ ඉදන් ආමාශේ අන්තිම කොන වෙනකම් පොපියගෙන යනවා.....
    හරිම මාන්ඩමිකයි...
    කොහොම වෙතත් අපූරු සීයෙක්....මටත් හොයා ගන්ට බැරි වෙයිද ඔහොම කෙනෙක්...මම මේ නිකමට ඇහුවෙ....😁

    ReplyDelete
  31. නියමයි ඔයානම් හීනය හැබෑ කර ගත්තා අපි හමොටම හීන තියනවා සමහර හීන සබැ වෙනවා වගේම සමහර ඒවා හීන විතරක්ම වෙලා යනවා මටත් ලොකු හීන ගොඩක් තියනවා තාම සබැ උනේ නැ ඒ හීන සබැ කර ගන්න උත්සහා කළා දෙපාරක්ම එත් බැරි උනා හීනේ බාගයක් දුර යන කොට මට ඇහැරෙනවා.බලමු තව ජීවිත කාලයක් තියනවා නේ කොහොම උනත් මේ ලෝකේ කොහේ හිටියත් සතුටින් ඉන්න ලැබේවා කියලා පාර්ථනා කරනවා

    ReplyDelete


ලිපිය කියවා කොමෙන්ට් නොකලත් කමක් නැහැ.. කමෙන්ට් කලොත් සතුටුයි. ලිපිය කියවන්නේ නැතුව කොමෙන්ට් කරන්න එපා.
අපුර්වි_


,නිතරම යහපත කරන්න...,සතුට සැනසිල්ල හැමදාම ඔයාලග රැදේවි,,දෙවිපිහිටයි,

Related Posts Plugin for WordPress, Blogger...