Monday, July 27, 2015

The Earth is Art, The Photographer is only a Witness part 2.

පුදුම කම්මැලි කමක් දැනෙන්නේ  බ්ලොග් කියෙවුවට පෝස්ට් එකක් ලියන්න හිතෙන්නෙම නෑ. ලියන්න දේවල් කොච්චර තිබ්බත් ලියන්න ඉඳගත්තම දැනෙන්නේ  ජිවිතේ පළවෙනි පාරට මොනාහරි ලියන්න යනවා වගේ. ඉතින් තේ එකක් හදන් එනවා  ..තේ නිකන් බොන්නයෑ මොනාහරි  කනවා  ඊට පස්සේ  ටිකක් ඇඳට ගිහින් ඇලවෙලා ඉන්න හිතෙනවා.. නින්ද යනවා. ඕක තමයි සාමාන්‍යයෙන් හැමදාම වෙන්නේ...

හීන ගැන මොනා ලියන්නද කියලා හිතුණත් කෙළවරක් නැතුව ලියන්න පුළුවන් තරම් දේවල් හීනත් එක්ක මගේ ජීවිතේ දිනපතා සිද්දවෙනවා. ජෝර්ජ් හම්බෙන්න කළින් ඉස්සරම ඉස්සර කාළෙක ..."අර ඔයාලට මතක ඇති මං මළ මුහුදේ ...බෙත්ලෙහෙමේ ගිය පෝස්ට් වල ෆොටෝ ගත්තේ  ෆෝන් එකේ කැමරාවෙන්  මට කැමරාවක් නෑ... ඒත් ගන්න ඕනේ" කියලා කමෙන්ට් එහෙම දැම්මේ.. ඔය අවුරුදු එක හමාර දෙක කාළය අතරතුර එක එක විදියේ ඩිජිටල් කැමරා ගැන යාළුවො කිවුවා මේක නියමයි ගන්න  ඩොලර් පනහයි.. හැටයි... ඒත් ඒවා චුටි චුටි  කැමරා ඒවා අල්ලලා ෆොටෝ එකක් ගන්න තරම් වත් මගේ හිතේ ආශාවක් තිබ්බේ නෑ.. මගේ හිත හීන මැවුවේ නයිකොන්  (Nikon)හරි  කැනන් (cannon)  වර්ගයේ හොඳ DSLR කැමරාවක් ගන්න අර මාරු කරන එහෙට මෙහෙට කරකෝන ලොකු සීන් තියෙන ලෙන්ස් කිට් විතරක් නෙමේ අර Tripod අනම් මනම් ඔක්කොම එක්ක.  ඒත් ඒවල ගණන් බලද්දී අම්මා මතක් වෙනවා. මං ආස වුණාට එයාට  ඕක නිකරුණේ සල්ලි නාස්ති කිරිල්ලක් විතරක් නිසා.... 

දැන් තමයි කතාවේ මං ආසාවෙන්ම ලියන කොටස හරිද....... ජෝර්ජ් එක්ක ඉන්න ගමන් එයාට මං ෆෝන් එකෙන් ගත්ත ෆොටෝ පෙන්නුවා... හරි ගැම්මෙන් ඉතින් විස්තර කලේ ෆොටෝ ගැන.. ඊට පස්සේ දවසට ගන්න සීයක් විතර ෆොටෝ වලින් හොඳ එවුවා  ජෝර්ජ් ට පෙන්නන එක පුරුද්දක් වුණා. ඊට පස්සේ මං ගත්ත ෆොටෝ කීපයක් එයාගේ  බෑනා කෙනෙක් බලලා  ලොකුවට අගේ කරලා තිබ්බා.. ඊට පස්සේ ජෝර්ජ් ට ඕනේ වුණේ කැමරාවක් ගන්න අදහසක් නැද්ද කියලා මගෙන් අහන්න.... 

යු ටුබ් එකෙන් කැමරා ගැන ,ෆොටෝග්‍රැෆි ගැන වීඩියෝ බලලා මට ඊමේල් එවලා  පහුවදා  යෝජනා වුණා  "මායා කැමරාවක් ගන්න ඕනෙමයි "කියලා. එයා කියයි මමනේ ඉතින් ගන්න ඕනේ ඒ හින්දා හිනා වෙලා නිකන් හිටියා....... (දැන් තමයි හොඳම හරිය)... පහුවදා උදේ නැගිටලා ජෝර්ජ් බලන්න යද්දී  මගේ නම ලියපු චෙක් එකක්. ගාන ලියලා නෑ.... ඊට පස්සේ ජාලේ පීරලා පීරලා සීයට ලොකු බරක් නොදැනෙන මගේ හීනෙටත් සෙට් වෙන නයිකොන් කැමරා එකක් සිලෙක්ට් කර ගත්තා.... හුරේ......එදාම ඕඩර් කළා... දැන් අපි බලන් ඉන්නේ  කැමරාව හම්බෙනකල්....( සීයට ඕනේ එයා මැරෙන්න කළින් මං ප්‍රොෆෙෂනල් ෆොටෝග්‍රැපර් කෙනෙක් වෙනවා බලන්න. හි හි ඒත් අපේ අම්මගේ හීනේ වෙන එකක් )

නිකමට අම්මට කිවුවා  අම්මා කියපි " අනේ මෙහෙමත් මෝඩියෙක් අපරාදේ සල්ලි කැමරා මොනාකරන්නද? අපරාදේ සල්ලි !!! "  අම්මා ගැන අලුත් කථාවකුත් තියෙනවා කියන්න. ඊලග ලිපියේ ලියන්නම්  එයා ගිහින් "කනප්පු කරකෝලා  හොරු අල්ලන මොකක්ද එකක් බලන්න.. කනප්පුව ඉස්සුනාලු කතා ගොඩයි.. ඒ සේරම ඊලග කොටසට...  අදට මගේ  ගැලැක්සි s 3   ෆෝන් එකෙන් ගත්ත ෆොටෝ කීපයක්....


මේක ගත්තේ ඉරමුදුන් වෙලාවේ ගලීල මුහුද අයිනේ..ගොඩක් දුර මේ බෝයි හිටියේ ඒත් එයා හිටපු ඉරියවුව මාව පෙළඹුවා ෆොටෝ එකක් ගන්න.

ලෙබනනයට කිට්ටු  උතුරේ කන්දක් කපලා මොනාද හදන තැනක්.. හයි වේ එකේ 120 ට වඩා වේගෙන් යන වාහනේක ඉඳන් මේක ගත්තේ.

ගිය මාසේ  හයිෆා  වෙරළේ සයිප්‍රසය පැත්තේ ඉඳන් එන ප්ලේන් බල බලා ගත්තේ 

අහසෙයි ,වලාකුළු වලයි  ෆොටෝ ගන්න මං ගොඩක් ආසයි..මේ වරාය පේන පැත්ත 

මේ තාත්තයි පුතයි දැක්කම මට අපේ තාත්තා මතක් වුණා. ළමයගේ අම්මා පොඩි අලිපැටියෙක් වගේ  ඔහේ  ෆෝන් එකක් ඔබ ඔබ හිටියා ..මේ දෙන්නා ගොඩක් වෙලා සෙල්ලම් කළා,

ජෝර්දාන් ගඟ ලඟදි ගත්තේ. මේ මනුස්සයා ෆොටෝ එකට එයාව ගන්න එපා කිවුව හින්ඳම ගත්තා.

අළුතපොල පන්සලේදි ගත්තේ මේක. සත්තුන්ගේ පාට දැක්කම ගන්න හිතුණේ.ඒත් එච්චර  සාර්ථක පින්තූරයක් නෙමේ. 



නම දන්නේ නැති මලක්



-----------------------------------------------------------

ප/ලි

දහස් ගාණක් එක එක විදියේ ෆොටෝ වලින් ලැප් එකේ තිබ්බ ඒවා කීපයක් පෝස්ට් එකට එකතු කරේ ෆොටෝ දාපුවම පෝස්ට් එකේ බර වැඩි වෙනවයි කියන නිසා.

 හොඳ ෆොටෝ එකක් ගන්න කැමරාව සහ ඒකෙ මෙගාපික්සෙල් ගාන වැදගත් නෑ හොඳ ඇහැකුයි තියෙන්න ඕනේ කියලා කතාවට කිවුවට. මගේ ෆෝන් එකෙන් සමහර මං දකින කෝණ වලින් ෆොටෝ එකක් හරියට ගහ ගන්න බරිවෙද්දී  හොඳ කැමරාවක අගේ හොඳින්ම දැනෙනවා.... සීයා සල්ලි නොදුන්නත් මං කැමරාවක් ගන්නයි හිටියේ... අපි ගොඩක් පැති ගැන හිතලා එක එක්කෙනාගේ අදහස් ගැන හිතලා අපි ආස කරන ගොඩක් දේවල් වලින් ඈත්වෙලා ජිවත් වෙනවා...ඒක හරි අපරාදයක් අප්පා.
ස්තුතියි.

71 comments:

  1. ඇත්තටම ලස්සන පොටෝ කලෙක්ෂන් එකක්. හොඳ ඇහැක් තියෙන බව නම් පේනවා. අර අන්තිමට කියපු කතාවනං සහතික ඇත්ත. ඔපීනියන් කෝල් කරනවා කියන්නෙ මෙලෝ වැඩක් කරන්න වෙන්නෙ නෑ කියන එක තමා.
    කෝ බං ප්ලේන් බල බල කිව්වට නෝ ප්ලේන් නෙ.

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් මධුවෝ. ෆෝන් එකෙන් ගන්න බෑ ලස්සනට දුර ඒවා. ප්ලේන් ගත්තුවා හරි නැහැ අනේ..

      Delete
    2. හොඳ ඇහැක් නෙවෙයි ඇස් දෙකක්ම තියනවා.

      Delete
  2. ඔන්න එහෙනම් ෆොටෝ අල්ලන්න ආසා තව එකෙක් ඉන්නවා.....

    ReplyDelete
    Replies
    1. ඕයේස් .. කැමරාව ගත්තට පස්සේ එපා වෙයි ඔයාලට ඈ,,, ෆොටෝ පෝස්ට් දායි දිගට හි හි

      Delete
  3. එස් තුනේ කැම් එක ටිකක් හොදයි නෙව නේහ්... ඒත් ඔමක්ක ගත්ත නං නිකොන් එකක් වත් පස්ටෙටම පොටෝ අල්ලයි.. දැං ඒක හම්බෙනව නෙව අපි බලමුකො කෝමෙයි වැඩ කියල...
    එඩිට් කරන්නෙ ෆෝන් එකෙන්මද නැත්තං පිංතූර සාප්පුවෙන්මද
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. මං ආසයි මගේ ෆෝන් එකේ කැම් එකට. ඒත් ෆෝන් එකෙන් ගන්න පුළුවන් සීමාවක් තියෙනෝ නේ මහේෂ්.

      ෆොටෝෂොප් දන්නේ නෑ ඉගෙන ගන්න ඕනේ. පිකාසා වලින් ටිකක් එහෙ මෙහෙ කරලා මේ ෆොටෝ දැම්මේ,

      Delete
  4. අර කුරුමිණි දෙන්නා වල් අයියෝ...

    ReplyDelete
    Replies
    1. හි හි ඔව් අනේ, පන්සලේ හැසිරිච්ච විදිය තමයි ඔය

      Delete
  5. ඔය කුරුමිණි දෙන්නා ගියපාර පෝස්ට් එකේ මේකෙ පළවෙනි කොටසේ මුල්ම පින්තූරෙට තිබ්බා වගේ මතකයි..
    සීයා එළ කොල්ලෙක් නේ.. හැබැයි 'මට මතක් උනේ අර සින්දුවක් තියෙන්නේ.. 'සීයා මනමාලයා.. නාකි ඉළංදාරියා..' කියලා ඒක.. හැක්. හැබෑට නයිකොන් ද නිකෝන් ද නරි හම?

    ReplyDelete
    Replies
    1. කමි... අපෝ ඔව් ඔව් ඔව්,, මන් මේක දාලා බැලුවේ මතකයක් තියෙන අය ඉන්නවද බලන්න මගේ පෝස්ට් ගැන :D ඇත්තටමයි,,, තෑන්ක්ස් හොඳේ..

      සීයාගේ වයිෆ් ඉන්නෝ බන් අවුලක් නෑ අයියේ. එයාට තාම 60 යි.
      මං දන්න විදියට නයිකන් කියලා තමයි හරියට ප්‍රනවුන්ස් කරන්නේ.

      Delete
  6. මේ මේ කම්මැලි වෙන්ඩ බෑ හොඳේ...!
    */ඒත් එච්චර සාර්ථක පින්තූරයක් නෙමේ/*
    දැං අපි එහෙම කිව්වද? සුපිරි ෆොටෝ ටික..

    ReplyDelete
    Replies
    1. රෝහණ @ තෑන්ක්ස් හොඳේ.. මගේ හීන අඩවියට ආදරෙන් එකතුකරගන්නවා ඔයාව

      Delete
    2. අඩේ! මම රෝහණ නෙවේ රොහාන්!

      Delete
    3. හි හි සොරි සොරි රෝහණ අයියේ

      Delete
  7. ෆොටෝ වල ගතියක් තියනවා.... සීනරීස් වගේ ගන්නකොට මම හිතන විදිහට වැදගත්ම දේ අපි එක එක දේවල් ෆොටෝ එක ඇතුලේ ස්ථාන ගත කරන විදිහ... ඊට පස්සෙ පොඩ්ඩක් පෝස්ට් ෆොටෝ එඩිටිං ඉගෙන ගත්තහම හරි... ඔය ෆොටෝ එක ඇතුලේ ස්ථානගත කිරීම ගැන පිළිගත් ක්‍රමවේද තියනවා. ඒවා ගැන ටිකක් කියවන්න... ඕන තරම් තියනවා ඉන්ටර්නෙට් එකේ... photography composition rules කියලා සර්ච් කරලා බලන්න...

    ReplyDelete
    Replies
    1. තිසර අයියා. ස්තුතී.
      මේ ගැන මං දැනගෙන හිටියේ නෑ. නිතරම ෆොටෝග්‍රැෆි ගැන ලිපි කියවනවා. ඒත් ඇත්තටම පිළිවෙලක් නැතුව කියෝනවා. ආයෙම පටන් ගන්න ඕනේ. ඇත්තම කිවුවොත් මගේ කැමරාව තාම මං ඇහැට දැකලවත් නැති වුණත් අන් පැක් කරන විදිය සෙටින්ග්ස් හදන හැටි ඔක්කොම යු ටුබ් වීඩියෝ වලින් බලලා ඉන්නේ.. ඔයා දීපු අදහසට ගොඩක් ස්තුතී.

      Delete
    2. http://imaging.nikon.com/lineup/dslr/basics/

      Delete
    3. ඇනෝ යාළුවා @ තෑන්ක්ස් හොඳේ. මං ෆොටෝ ගන්න ආස වුණාට කැමරා ගැන ෆොටෝ ගන්න ටෙක්නික්ස් ගැන ඇත්තටම දන්නේ නෑ,,, ස්තුති ලින්ක් වලට සහ උපදෙස් වලට

      Delete
  8. ෂහ් වාසනාවන්ත මිණිබිරියක්. මරු පින්තූර ටික අෑ. කුරුමිණියා නඩු දායිද දන්නෑ හැබැයි...

    ReplyDelete
    Replies
    1. දිල්ශාන් @ කුරුමිණියා ලංකාවේ මන් මෙහේනේ,,

      Delete
  9. "The Earth has music for those who listen' කිව්ව වගෙ තව කියමනක්

    ReplyDelete
    Replies
    1. මේ වගේ කියමන් වලට ආසයි මං. සුන්දර මිනිස්සු තමයි ඒවා හදන්නේ

      Delete
  10. ඔමාගෙ පින්තූර දැක්කාම හොඳ කැමරාවක් ගැනීම සාධාරණීයකරණය වෙනවා. හරිම සතු‍ටුයි.

    ඡායාරූපකරණය ගැන නොයෙකුත් අදහස් තිබුනත් කියන්න හිතෙන්නේ නැති මොකක්දෝ කලකිරීමක් තියෙනවා.

    ඔමාගේ අලුත් කැමරාවෙන් ගන්න සුපිරි ඡායාරූප එකතුවක් ලඟදීම බලාපොරොත්තු වන්න.

    ReplyDelete
    Replies
    1. යේ ඒඒඒඒඒඒඒඒ ....

      අයියේ මගේ කැමරාව අද හවස මට හම්බෙනෝ,,,

      ///ඡායාරූපකරණය ගැන නොයෙකුත් අදහස් තිබුනත් කියන්න හිතෙන්නේ නැති මොකක්දෝ කලකිරීමක් තියෙනවා.///

      හ්ම්ම්,, ඒ ගැන හිතුනොත් ලියන්න එකම එක පාරක්

      Delete
  11. ඒයි කැමරාව ගත්තහම විස්තරයක් දානව හොදේ.. මාත් එකක් ගන්න ඉන්නෙ

    ReplyDelete
    Replies
    1. එල පැනිකු දාන්නම්,, මගේ හීන අඩවියට ආදරෙන් එකතු කරගන්නවා

      Delete
  12. මම කාලයක් කැමරා උණකින් පෙළුන. හේතුව තමයි මැනුවල් ටයිප් එකේ නිකොන් කැමරාවක් මම පොඩි කාලේ ඉඳලම තිබිල්ල. ඒවා ඩිජිටල් නෙවෙයි. මම හරියට සල්ලි නාස්ති කරමින් රීල් දම දමා පොටෝ ඇල්ලුවා. ඒ තමයි මම අවුරුදු 16දී කරපු වැඩ. මම හිතන් හිටියේ මම පට්ටම කැමරාමන් කෙනෙක් කියල.

    හෙහ්... මොකට කියනවද නේද?

    ඔමාගේ හිතේ සුන්දරත්වය තමයි කැමරාවට හසුවෙන්නේ. ඒකත් හරියට චිත්‍ර අඳිනවා වගෙයි. එකම තැන උනත් පින්තුර ගන්න දෙන්නෙක්ගේ පින්තුර එකිනෙකට වෙනස්. ඔමාගේ ඒ අනන්‍යතාවය තියෙනවා ( කොහොමද මගේ වචන සෙට් එක ඈ!!)

    ලියමු ඔමා , ඕනේ දෙයක් ලියමු. හිතුන වෙලේම ලියන්න. නැත්තම් කල් යනකොට ලියන්න ගිය දේ නෙවෙයි ලියවෙන්නේ.

    ඒයි මේ, මතකද අර ප්‍රශ්නයක් අහලා උත්තර කොමෙන්ටු වලින් ලියන්න හදපු වැඩේ? අඩේ උඹ කොමෙන්ටු විකුනලා හොයාගත්ත ගානින් අපිටත් ටොපියක්වත් දීපන්... මතක නැත්තම් අහපල්ලා ඒකට කොමෙන්ටු දාපු උන්ගෙන්... හෙහ්

    ReplyDelete
    Replies
    1. ඒයි උපේක්ෂා මාත් පළවෙනි පින්තුරේ ගත්තේ 13 දී. බිග් ගර්ල් පාටිය දවසේ අපේ තාත්තේ ෆොටෝ එකක්, ඇත්තවශයෙන්ම හොඳ වෙලාවට තාත්තව ගත්තේ. ඔලුව නෑ කියාන්කෝ සුද්ද කරලා ගෙනාවම, මාමගේ කැමරාව අපිට අල්ලන්න දෙන්නේ නෑ අප්පා, ඒ කාලේ ඉතින් ඒක හෙන ලොකු බාන්ඩයක් නේ, ඒ අතින් උබ ලකී ..

      මගේ හිත වෙලාවකට කසල ගොඩක් බන්,, සුන්දර කම අඩුයි දැන්, :(

      ඔව් ලියන්න ඕනේ, මන් මේ කල්දාලා ගොඩක් දේවල් අමතකයි අපරාදේ ...

      මට මතක නෑ නේ ඒක...

      Delete
  13. සීයට මගෙත් ස්තුතිය අක්කේ.... හොදින් ඉනනකොට තමන්ගෙ හීන හැබෑවෙනවා කියන්නෙ ඔන්න ඔය වගේ උදාහරණ හන්දා තමයි

    ReplyDelete
    Replies
    1. මල් මල්ලි තෑන්ක්ස් හොඳේ.. අනුන්ගේ සතුටේදී සතුටු වෙන්නේ ලස්සන හදවත් තිඉයෙන මිනිස්සු

      Delete
  14. රූප ටිකනම් පට්ට ඔමා... දෙකතුනක් බා ගත්තා වෝල් පේපර් දාගන්න.... කමක් නැහැනේ

    ReplyDelete
    Replies
    1. හි හි කුරුට්ටෝ විහිළු කරනෝ නේද මට..

      Delete
  15. ඔමාගේ පිංතූරත් ඔමාගේ හීන වගේම ලස්සනයි මචෝ. අම්මපා දැන් නං නෙගටිව් එකක් දකින්නත් ආසයි

    ReplyDelete
    Replies
    1. දැන් ඉන්න ඔක්කොමල පොසිටිව් නේ අනේ.. මන් දැක්කා නෙට් එකේ තියෙනවා නෙගටිව් රීඩර් එකක් හදලා කෙලින්ම කොම් එකට සෙට් කරලා

      Delete
  16. හැකියාවට ඉඩක්... එහෙනං ඔමාගෙ රූප කවිත් කියවන්න ඇහක් වෙයි..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. එලස් තෑන්ක්ස් පැපො

      Delete
  17. පින්තූර ගැනීමේ හැකියාව ඔබ තුල ඇති බව ඉහත පින්තූර වලින් පෙනෙන නිසා, කැමරාවක් ගැනීම හොඳයි. හැබැයි වැදගත්ම කාරණයක් තමයි කැමරාව හොඳින් නඩත්තු කිරීම. ඒක ගැනත් ඉගෙනගන්න.

    ReplyDelete
    Replies
    1. ස්තුති විචාරක තුමනි. මගේ ඔය නඩත්තු වැඩ නම් එච්චර හරි නෑ,, ස්තුති ඒ ගැන නෙට් එකෙන් බලල ඉගෙන ගන්න ඕනේ,

      Delete
  18. නියම එලද බ්‍රා පිංතුර ටික. සීයා මහා පිනක් කරගෙන තියෙන්නේ . දැන් ඔය කැමරාව බෙල්ලේ එල්ලගෙන පට්ට ටුවරිස්ට් කෙනෙක් වගේ ඊශ්‍රායල් පුරාම ඇවිදින්න

    ReplyDelete
    Replies
    1. ඔව් සීයා මහ වැරද්දක් කරගත්තේ,, කැමරාව එක්ක නැලවෙන්න යන්නේ ඉතින් එයාගේ කාලෙනේ, හි හි ... yes එකෙම්ම,.. හැම සෙනසුරාදම ඉතින් යනෝ තමයි

      Delete
  19. හොඳ කැමරාවක්.. මගෙත් ආසාව...

    කොලුපැටියා ලොකු මහත් කරලා කීයක් හරි ඉතිරි කරගෙන මමත් එකක් ගන්නවා අවුරුදු පනහෙදි හරි මම ආස විදිහට ෆොටෝ ගහන්න...

    ඒ මගේ ජීවිතේ එක හීනයක්!

    ReplyDelete
    Replies
    1. සඳුන්,, මගේ හීන අඩවියට ආදරෙන් එකතු කරගන්නවා ඔයාවත්,, ඔයාගේ හීනෙත් හැබෑවෙයි... අපි ආස කරන සමහර දේවල් අපිට ගන්න බෑ කවදාවත් ... ඇත්තටම එහෙම පෙවුව්නට ඒක ඇත්ත නෙමේ,, අපිට ඒවා ලැබෙන්න පුළුවන්,,, දරු පැටියා පරිස්සමට ලොකු කරාට පස්සේ ඔයා ආයේ තනිකඩයා ,, කැමරාවක් ගමු

      Delete
    2. ආයෙ අමුතුවෙන් මාව ඇඩ් කරනවා. අනේ යකෝ... මාව මතකම නැති කලාද?

      Delete
  20. ඕමා මොකෝ අර කුරුමිණියෝ දෙන්නගෙ මුඛ පූට්ටු වෙලා??

    ReplyDelete
    Replies
    1. මං හිතන්නේ චොකලට් කෑල්ලක් බෙදාගන්න බැරුව ඔය

      Delete
  21. යකෝ අපිට නෑනෙ ඔහොම සීයල .........

    ReplyDelete
    Replies
    1. හු හු හු මදුරුවන්ට සීයලා නැතෝ

      Delete
  22. කලාත්මක ඇහැක්... තව හොඳ පින්තුර ටිකක් අපිට බලන්න පුළුවන් වෙයි එහෙනම්...

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් තුශ්... කැමරාව අද ගේනෝ

      Delete
  23. හැකියාව තියෙන අයට ඔහොම උදව් කරනවා කියන්නෙ පිනක්.
    මටත් කැමරාවක් ගැනීමේ ආසාවක් තිබ්බා. ඕක වෘත්තීය ඡායාරූප ශිල්පියෙක්ට කිව්වහම කිව්වෙ.
    මල්ලි, හොඳ කැමරාවක් ගන්න ඕනෙ නම් අඩුම ලක්ශ 2ක් වත් වියදම් කරන්න. නැත්නම් හොඳ බ්‍රෑන්ඩ් එකකින් අලුත් ස්මාර්ට් ෆෝන් එකක් ගන්න.
    ඉතින් කිව්ව විදිහට පුලුවන් තරම වියදම් කරල ගැලැක්සි s 4 lte එකක් ගත්තා. උපදෙසේ වරදක් නෑ. හැබැයි හොඳ ෆොටෝ එකක් ගන්න ටිකක් මහන්සි වෙන්නෙ ඕනෙ.
    එහෙනම් කැමරාව ආපු ගමන් සතියකට සැරයක් බ්ලොග් එකේ ඡායාරූප ප්‍රදර්ශනයක් තියන්න ඕනෙ.

    ReplyDelete
    Replies
    1. ෆෝන් කැමරාව හරියන්නේ නෑ අයියේ. ඒකෙන් ඕනේ කරන ඔක්කොම ගන්න බෑ , රෑට කිසිම පැහැදිලිකමක් නෑ

      Delete
  24. අපිත් පලවෙනි පාරට ආව මේ පැත්තෙ එල එල ...
    පොටෝ ටික එල..
    අපිට කොයින්ද කැම්

    ReplyDelete
    Replies
    1. ඩිස්කවරි වත් ආදරෙන් එකතු කරගන්නවා මගේ හීන අඩවියට .. එහෙම කියන්න එපා අනේ,ට්‍රයි කරන්න මොනාහරි ආස දෙයක් කරන්න

      Delete
  25. කින්ග්July 30, 2015 at 6:17 AM

    ලස්සන පින්තුර ටික. ඔමාගෙ හීනෙත් හැබෑ වුනා. හරිම සතුටුයි!

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් කිංග්. මගේ හීන අඩවියට ආදරෙන් එකතු කරග්නවා

      Delete
  26. කැමරාව ආවම තව ලස්සන ෆොටෝස් බලන්න පුළුවන් වෙයිනේ. දැනට දාල තියෙන ෆොටෝස් ටික ලස්සනයි. කුරුමිණියෝ දෙන්නා නම් කළින් පෝස්ට් එකේ හිටියා කියල මතකයි.
    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. yes මනා බඩු හෑව් නව් හි හි,, ලබන සතියේ තමයි ෆොටෝ ඔව් ඔය ෆොටෝ මන් දැම්මේ හිතලමයි,,

      Delete
  27. මටත් ටිකක් දරුණුවට තියෙන උණක් ඕක!!
    නියම පින්තූර ටික ඈ!!

    නිකමට වගේ  මෙන්න මේ ලිපි ටික ත් කියවන්න!! මමත් ගොඩක් ඉගෙනගත්තා ඒවා බලලා!! කව ඕනි තරං සිංහල බ්ලොග් වල, යූ-ට්‍යුබ් වීඩියෝ වල හෙම උදව් ගන්න පුළුවං මේ සම්බන්ධ වැඩිදුර ඉගෙනගන්න!!
    මං ඉඳලා හිටලා ගහපු පින්තූර ටිකකුත් මෙතනින් බලන්නකො අක්කෙ!!

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් දැක්කා fb එකේ,,, මාත් ඕපන් කරන්න ඕනේ පේජ් එකක් හි හි හි ,, තැන්ක්ස් මල්ලි,,, ඔයාගේ අර D600 න් ගත්ත හඳේ ෆොටෝ එක පට්ට

      Delete
  28. මමත් දැන් අවුරුදු හතරකට,පහකට කලින් තිස්දාහකට කිට්ටු ගානක් වියදම් කරලා cannon කැමරාවක් ගත්තා.DSLR එකක් නෙමේ නිකම් ඩිජිටල් කැම් එකක්.ගත්තු ෆොටෝ එකකුත් නැහැ.කැමරාවත් ඔන්න ඔහේ තියෙනවා.අයියෝ සල්ලි තමයි.

    ජෝර්දාන් ගඟ ලඟ පින්තුරේ තියෙන එලකයේ තියෙන්නේ බයිබල් පද වගයක් නේද භාෂා තුනෙන්ම ගහලා.

    උඹේ පොටෝ ටික නම් නියමයි.

    ReplyDelete
    Replies
    1. අපරාදේ නේ අප්පා, ඕක කිවුවට බෑ ඔය වගේ දේවල් වලට ආස වෙන්නම ඕනේ ෆොටෝ එකක් ගහන්න හිතෙන්න... හිතේවි කාලෙකදී ආයෙම පාළුවක් දැනුණොත්,

      ඔව් ඒ බයිබල් පදේ යොහාන් පොතේ අර යොහාන් තුමා යේසුස් වහන්සේ බෞව්තිස්ම කරද්දී අහස විවරවෙලා දෙවියන්වහන්සේ කතා කරන හඩ සහ පරෙවියා ආපු එසිද්දිය කියවෙන එක.. ලෝකේ ක්‍රිස්ත්යානි මිනිස්සු ජීවත්වෙන හැම රටකම හැම භාශාවකින්ම මේ වගේ බිත්තියේ ලියලා තියෙනවා,,, මන් හිතන්නේ 200 ක් හෝ ඊට වැඩි,

      තැන්ක්ස් හොදේ

      Delete
  29. හොඳ කැමරාකාරයෙකුගේ ඇහැක් තියෙන ඔමාට හොඳ කැමරාවක්ද හිමි විය යුතුයි !

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් අයියේ,, කාලෙකින් ආවම කියෝන බ්ලොග් අතරේ මගේ එකත් තියෙන එක සතුටක්

      Delete
  30. kamarava gaththa eka hondayi oma. pinthura tikath apuruyi.

    ReplyDelete
  31. හීන පොටෝ ගන්න පුලුවන්ද ? පොටෝ එක හීනයක් කර ගන්නවද? ඒ දෙකම වැඩක් තියේවිද ? අවුලක් හිතන්නෙපා එහෙම කීවට. පපුව අවුල් වෙලා ඉන්නෙ, මට දරා ගන්න බැරි තරමෙ සංවේදී චිත්තර පටියක් බලලා.
    තවත් හීනයක් හැබෑවෙලා. සතුටුයි ලැබුනට කැමරාවක්. ෆෝන් එකෙන් අරන් තියෙන පොටෝවල හැටියට අපිට ලස්සන පොටෝ ටිකක් බලන්න ලැබෙයි මම හිතන්නෙ.

    ReplyDelete


ලිපිය කියවා කොමෙන්ට් නොකලත් කමක් නැහැ.. කමෙන්ට් කලොත් සතුටුයි. ලිපිය කියවන්නේ නැතුව කොමෙන්ට් කරන්න එපා.
අපුර්වි_


,නිතරම යහපත කරන්න...,සතුට සැනසිල්ල හැමදාම ඔයාලග රැදේවි,,දෙවිපිහිටයි,

Related Posts Plugin for WordPress, Blogger...