Sunday, August 9, 2015

පූසොත් එක්ක බෑ




 මේ ඉන්නේ  මං ගොඩක් ආදරේ කරපු ජින්ජි. මේ සෙල්ෆිය  ගත්තෙත් එයාම තමයි.  පූසන් සහ මා අතර තියෙන මමවත් නොදන්න බැඳීමක් ගැන ලියන්න හිතුණා අද  ශෙඵාකිගේ පුසියෙක්  ගැන ලියලා තිබ්බ පුංචි පෝස්ට් එකක් දැකලා. මීට අවුරුද්දකට විතර කලින් ලියන්න පටන් අරන් අතරමග නවත්තපු පෝස්ට් එකක් ඒක.

මට මතක හැම කාලෙකම වගේ අපේ ගෙදර පුසෙක් හිටියා.ඒත් අපේ අම්මා ආස බල්ලන්ට පූසන්ට එයා කැමති නෑ. කුස්සියේ  මොනාහරි පෙරළුනොත්,,උඹලකඩ ,කරවල වගේ ජාති නැති වුණොත් පූසා තමයි වැරදි කාරයා,එයාගේ  බල්ලා කරෝල කෑල්ල කටේ තිබ්බත්  කන්න කිවුවේ නැත්තනම් කන්නේ නැති අහිංසක වැදගත් සතා.. අම්මා ගැන ලියන්න ගියොත් පෝස්ට් එක ලියන්න වෙන්නේ නෑ. ඒ හින්දා පූසෝ ගැන ලියන්න ආපු එක ලියලා ඉන්නම්. 

මුලින්ම මගේම කියලා පූසෙක් හැදුවේ  මට  අවුරුදු  15ක්  වගේ කාලේ. එයාගේ නම "චාලි" ඒ කාලේ ආසාවෙන් බලපු ටීවී සීරිස් එකක කොල්ලගේ  නම. (එයාට අවුරුදු 40ක්  වගේ පෙනුම ඒත් මාර හැන්ඩ්සම් ) චාලි ගොඩක් වෙනස් පූසෙක්. මං ඉස්කෝලේ ඇරිලා එන වෙලාව එනකල් වැට අයිනට වෙලා ඉන්නවා. ඔයාලා හිතයි බොරු කියලා ඒත් ඒක ඇත්ත. අම්මා කියනවා පුසත් මං වගේම මහ කම්මැලියි  මං ඉස්කෝලේ ගියවෙලේ ඉඳන් මු නිදි කියලා. එයාට ඉතින් නිදියන පූසෙක් වත් පේන්න බෑනේ..පූසෝ ඉස්කෝලේ යන්නෙත් නෑ විභාග ලියන්නෙත් නෑ ,,අඩුගානේ පූසන්ට බෑ අම්මට බෝංචි ටිකක්  කඩලා දෙන්න. උයන ගමන් හොද්දට දාන්න කුමාරිපුන්චිලගේ දිහයින් ගම්මිරිස්  ඇට දෙක තුනක් ඉල්ලන් එන්න.. ඒත් එයා පුසටත් කෑගහලා බයිනවා.. සමහර වෙලාවට මං දකිනවා අම්මගේ කටහඩ ඇහෙද්දී පුසගේ කන් දෙක ගැස්සෙනවා ටග් ගාලා හැංගෙනවා. හි හි  

චාලි රෑට නිදාගන්නේ මගේ ඇඳේ. රෑට මං ලයිට් දාන් පාඩම් කරනකල්  ( පාඩම් කරනවා වගේ දොරට පිටුපාලා තියෙන පුටුවේ ඉඳන් මනෝ ලෝකේ වෝක් කරද්දී)  චාලි නියම දඩයක්කාරයෙක් වගේ ඇස් ලොකු කරගෙන බිත්තිවල ඉන්න හුනන්ට මාන බලන හැටි මට කවදාවත් අමතකවෙන්නේ නෑ. අම්මගේ අඩිසද්දේ මුලින්ම අදුරගන්න චාලි ඇඳ යටට රිංගලා හැඟෙන්නේ පුසන්ට බයේ දුවලා අර ගැහි ගැහි ඉන්න කාටුන් වල මීයෝ වගේ. ඒ  අවෑමෙන් මාත් ඔළුව කෙළින් කරලා අතට අහුවෙන පොතක් දිහා ඇස් චුටි කරන් ගොඩක් වුවමනාවෙන් කියවන්න පටන් ගන්නවා. අඩුගානේ සද්දේ දාගෙන එන අම්ම ආපු බව ඇහෙන්නෙත් " දැන් ඔය ඇති පාඩම් කළා නිදාගන්න " කියලා අම්මා කියද්දී. චාලි මං ලඟින් නිදාගද්දී එයාගේ ඇඟ ඇතුලේ මැෂින් එකක් වැඩ කරනවා වගේ අමුතු සද්දයක් එනවා ඇහෙනවා....

චාලි දැනගෙන හිටියා ගෙදර එයාට ආදරේ කට්ටියයි එයාට අනතුරුදායක කට්ටියවයි. ලේන්නු , වල් හා පැටව් ,හුනෝ කන්න තමයි එයා ගොඩක් කැමති වුණේ. සාලේ සැටිය යට මගේ ඇඳ යට තිබිලා නිතරම ලෙන්න්නුන්ගේ නැටි හම්බෙද්දී අම්මා කෑගැහුවා ඔය පුසා ගෙදර තියාගන්න හොඳ එකෙක් නෙමේ  කියලා.. "මීයෝ මෙච්චර ඉන්නවා,, මීයෙක් මේකගෙ ඇඟ උඩින් ගියත් ගාණක් නෑ අර අහිංසක  හා පැටව් ලේන්නු කනවා.. ..බුදු බනෙත් තියෙනවනේ  සත්තු උන්ගේ අයිතිකාරයෝ වගේ හැදෙනවා කියලා "  (බුදුබනෙත් කියන කොටස එයා නිතරම අතින් දානවා, බුදුබණ ඔක්කොම හැමෝම දන්නේ නෑ කියලා එයා තදින්ම විස්වාස කරන හින්දා වෙන්න ඇති.) චාලි අවුරුදු  8ක් ජිවත්වෙලා මැරුණා.

 චාලිට පස්සේ පූසෙක් කිසිම පුසෙක්ට ගොඩක් ආදරේ හිතුණේ නෑ. ඒත් පූසෝ මගේ පස්සේ එන්න පටන් ගත්තා හැමදාමත්. ඒකට හේතුවක් මං දන්නේ නෑ. පූසෙක් බලාපොරොත්තු වෙන්න බැරි තැන් වලදී මට පූසෝ හම්බෙලා තියෙනවා. මේ පහුගිය අවුරුදු  දෙකට මේ රටේදී මට හම්බෙච්ච පූසෝ ගාන දෙසීයකට වඩා වැඩි ඇති.  සමහර වෙලාවට බස් හෝල්ට් එකකට ගිහින් විනාඩි දෙක තුනක් යද්දී  කකුල් වල මොකෙක්ද පැටලෙනවා බලද්දී පූසෙක්.. මං විතරක් නෙමේ තව පස් හය දෙනෙක් ඒ වෙද්දීත් ඉන්නවා ඒත් පුසෙක් කොහෙන් හරි ඇවිත් මගේ මුණ දිහා බලන්න හදනවා කකුල් වලට නැගලා උඩට එන්න හදනවා,, මුල් කාලේ මං එච්චර ගණන් ගත්තේ නැති වුණත් පස්සේ එහෙම දකින පුසන්ව ෆොටෝ ගන්න පටන් ගත්තා. ඒ ව්දියට ගත්ත එක එක විදියේ ,එක එක වර්ගයේ , පුසන්ගේ ෆොටෝ ගොඩක් මං ළඟ තියෙනවා. සමහර පූසෝ පාට ලස්සනයි ඒත් මුණ කැතයි.,, මුණ කැත සමහර පූසෝ හරි හුරතල් ඒත් උන්ගේ  පාටත් කැත නිසා මං ආස නෑ. ආඩම්බර ,අහිංසක ,නැහැදිච්ච ඔය විවිධාකාර පූසෝ පූස් සමාජේ ඉන්නවා.

මීට අවුරුද්දකට  වගේ කළින් බලාගත්ත ආච්චිගේ දුව කිවුවා  එයාලගේ ගේ හදලා අවුරුදු 55 ක්  ඒත් කවදාවත් ඒ ගෙදරට පුසෙක් ඇවිත් නෑ කියලා.. ඒත් මං ගිහින් දවස් දෙක තුනක් යද්දී  කඩේට යද්දී එහෙන් මෙහෙන් කකුලේ දැවටිච්ච කළුපාට පුසෙක් ටික ටික පස්සෙන් ඇවිත් ගෙදර පදිංචිම උණා. ඊට පස්සේ  කොහෙන්දෝ ආපු තව පුසෙක්.. අන්තිමට මාස 5ක් වෙද්දී පූසෝ හයක් ගෙදර. මුලින් මුලින් මරාගත්ත පූසෝ අන්තිමට හොඳින් ඉන්න පටන් ගත්තා. ඔය උඩම පොටෝ එකේ ඉන්න ජින්ජි තමයි ගොඩක්ම හුරතල්.. මං එයාට ආදරේ බව දැනගත්තට පස්සේ ජින්ජි අනිත් පූසෝ ඉස්සරහා හරි ආඩම්බරකමින් හැසිරුණේ... වචනයක් වත් කතාකරන්නේ නැති ආච්චි කෙනෙක් එක්ක තනියම ඉන්න මට පූසෝ නිසා දවස ගෙවෙනවා දැනුණේ නෑ. ඔය අතර මං නිමාඩු යද්දී දකිනවා පූසෝ මං දිහා බලන් ඉන්නවා.





මෙයා ඔල්සි 

ජින්ජි  තමයි ඔය මුදුනා වෙලා ඉන්නේ 

ඒ ජොබ් එකෙන් අයින්වෙලා පූසෝ ටික දාලා යද්දී ගොඩක් දුක හිතුණත් ඉක්මනට මට ඒ අයව අමතක වුණා. ජින්ජි කියලා ගෑණු නමක් දාගෙන පුසියෙක් කියලා හිතං හිටියට මෙයා පුසෙක් කියලා දැනගත්තේ හුඟ කාලෙකට පස්සේ. ඉතින් ඔන්න  ඊට පස්සේ  ජොබ් එකේදී අපේ ගේ තිබුණේ දෙවනි තට්ටුවේ මගදී පූසෝ හම්බුණාට එයාලට මාව හොයන් ගෙදරට එන්න බෑනේ... අපේ ගේ තියෙන්නේ පඩිපෙළ නැගලා ගියාමනේ කියලා හිතං හිටියට සතියක් යද්දී හවසක



මෙන්න මෙහෙම එල්ලීගෙන පොඩි පූස් පැටියෙක් කෑගහනවා. වැස්සේ තෙමිලා පූස් පැටියෙක් උනාට වවුල් පැටියෙක් වගේ වෙලා. ගෙට අරන් පිහදාලා මගේ කාමරෙන් තියාගත්තා උදේට යවනවා කියලා හිතං.. රෑ මෙයා නිදාගන්නෙම නෑ මොනාකරත් . ගෙදර තිබ්බ සෙල්ලම් බඩු ,ටිපිටිප් ,කිරි මොනාදුන්නත් කෑවෙත් නෑ කෑගහනවා.. ආච්චිට කන් ඇහෙන්නේ නැති හින්දා ගාණක් වුණේ නෑ.  මට පූසා ලගට වෙලා ඉන්නත් බෑ ආච්චි බලන්න යන්නත් ඕනේ.. පූස් පැටියා කෑගහනවා ඉවරෙකුත් නෑ... ඊට පස්සේ යු ටුබ් එකේ නිකමට චෙක් කරලා බැලුවා පූස් පැටව් නලවන සංගීතයක් මොකක්හරි..


ඒකත් හම්බුණා.. දගලා දගල හිටපු පූස් පැටියා මෙන්න හිමීට නිදාගත්තා....





ගූගල් දෙවියන්ටත් යූටුබ්ටත් පිං සිද්දවෙන්න පූස් පැටියා පැය තුන හතරක් හොඳට නිදාගත්තා.. නිදියලා නැගිටලා කිරිත් බිවුවා. ආයේ කෑගන්න හදද්දී පැය ගාණක් දිග පූස් රිලැක්සීන් මියුසික් ප්ලේ කරලා ලයිට් නිමුවා (ආච්චිට කන් ඇහෙන්නේ නෑ ඒ හින්දා එයා මේ මොකුත් දන්නේ නෑ)

 උදේ හය වෙද්දී ආයේ මෙන්න සද්දේ.. පුස් පැටියා අරන් උදේ ටිකක් එළියට යද්දී මෙන්න පූස් පැටියා වගේම ලොකු එකෙක්. මං ඉතින් පැටියව අම්මට බාර දීලා ආසාවෙන් ගෙදර ඇවිත් ආච්චි එක්ක දවස පටන් ගත්තා.. දහයට විතර දොර ඇරලා බලද්දී අම්මයි පුතයි දෙන්නම දොරේ එල්ලීගෙන. ලොකු පූසා අයිතිකාරයෙක් නැතුව හැදිච්ච කෙනෙක් ඒ නිසා කිසිම තේරුම නෑ කෑගහනවා කන්න ඉල්ලනවා දවස් තුන හතරක් යද්දී මට කරගන්න දෙයක් නෑ පූසෝ දෙන්නා මදිවට තව අලුත් පූසෙක්...පොඩි පූසා හදාගන්න කොච්චර ආසාව තිබ්බත් එයාගේ අම්මා නිසා ඒකත් කරන්න බෑ. පස්සේ දවසක පොඩි පිරිමිලමයි දෙන්නෙක් ඇවිත් පොඩි පුසව මගෙන් ඉල්ලුවා... දුකෙන් උණත් පූස් පැටියව ඒ ළමයින්ට දීලා හිත හදාගත්තා. එයාලා එක්ක ෆොටෝ කීපයක් ගත්තා ළමයින්ව මතක තියාගන්නත් එක්ක.


මෙයාට  මං නම දැම්මේ "ඉලානා " කියලා.

පැටියව  දීලා දවස් දෙක තුනකින් අම්මත් ගෙදරින් ගියා. එයින්  පස්සේ කොච්චර පූසෝ මගතොටදී දැක්කත් ගෙදර ගිහින් හදාගන්න හිතුණේ නෑ කිසිම පුසෙක්ව. 

මීට මාස දෙකකට කලින් මේ ජොබ් එකට ආවම මං මටම කියාගත්තා පූස් කරදරේ ඉවරයි කියලා. ඒ මොකද අපේ ගේ තියෙන්නේ  6 වෙනි තට්ටුවේ ,ඇලවේටර් එකයි ,ආරක්ෂක දොරයි එක්ක පුසෙක්ට ආයේ මාව හොයන් ගෙදරට එන්න වෙන්නේ  නෑ කියලා තේරුණ නිසා ඒත් ගිය සිකුරාදා චුටි පූස් පැටියෙක් ගේ දොර අරිද්දි.. කාගෙහරි  අපේ ෆ්ලො එකේම කෙනෙක්ගේ වෙන්න ඇති කියලා ඇරියට වඩා වේගෙන් දොර වහලා දැම්මා. 


ප/ලි

131 comments:

  1. mamath kamahiyi pusanta. mege podi dennat ehemayi. Pusage nama kiki. me inna thunveni eka. kohomath pusanta kamathi ayata puso lanvenava. un dannava eka.

    ReplyDelete
    Replies
    1. එහෙම වෙන්න ඇති අර සර්පයෝ පස්සෙන් එන මිනිස්සු ඉන්නේ අන්න ඒ වගේ තමයි අයියේ ..

      Delete
    2. bukiye kuveni oya neda? mokada mage sinhala typing meke vada karanne naththe ?

      Delete
    3. ඔව් අයියේ ඒ අහිංසකි තමයි,, බ්ලොග් වල විතරද ඔය ප්‍රශ්නේ?,,, ඔයා පාවිච්චි කරන්නේ මොකක්ද සිංහල ටයිප් කරන්න? මං නම් කරන්නේ ඒ වගේ දෙයක් වුණාම දන්න දන්න හැමදේම කරනවා,,, ,වෙබ් බ්‍රවුසර් එක අන්ස්ටෝල් කරලත් බලනවා,,, මේකයි කියලා හරියට හිතාගන්න බැරි ප්‍රශ්න වලදී ඒකට නොගැලපෙන වැඩ කරලා බලනවා එතකොට හරියනවා.. වෙනතැනක ටයිප් කරලා කපාගෙන ඇවිත් මෙතන අලෝලත් බලනවා ටික දවසක්... ඔයාට මගේ උත්තරේ විකාර වගේ ඇති,, ඒත් ඔයා ඔය ප්‍රශ්නේ විසඳ ගනී හෙට අනිද්දා...

      Delete
  2. //"පූසෙක් බලාපොරොත්තු වෙන්න බැරි තැන් වලදී මට පූසෝ හම්බෙලා තියෙනවා."// හපොයි දෙයියනේ

    ReplyDelete
    Replies
    1. හි හි හි අපෝ ඉවාන් අයියේ මං අදහස් කලේ වෙන දෙයක්

      Delete
  3. මම නම් ආසම නැති සත්තු ජාතිය. මතක් කරන්න එපා.......

    ReplyDelete
    Replies
    1. :P

      කැමරාවත් එල්ලගෙන ෆොටෝ එකක් ගන්න වෙන්නෙත් හොඳ කැමරා එකකින්නෙ. අඳුරන එකෙක් ඉන්නවා නම් අරගන්න පුළුවන්. නැත්නම් හොදම වැඩේ තමයි කැමරාවත් උස්සගෙන ස්ටුඩියෝ එකකට යන එක.

      Delete
    2. අයියෝ මට ලැජ්ජයි අප්පා

      Delete
  4. කකුල් හතරේ පූසන්ට කිසිම මනාපයක් නැතත් ......

    ReplyDelete
    Replies
    1. කට අනිත් අතට තියනවනං

      Delete
    2. හි හි හි අටමගේ කට තලන්න ඕනේ

      Delete
    3. මේ යශා ඔයා වගේ මාත් කැමරාව බෙල්ලේ එල්ලන් ෆොටෝ එකක් ගන්න ඕනේ

      Delete
    4. This comment has been removed by the author.

      Delete
  5. This comment has been removed by the author.

    ReplyDelete
  6. This comment has been removed by the author.

    ReplyDelete
  7. .එහෙමට ආශාවක් නැහැ.ඒත් උන් ආදරේ හොරා ගන්නවා.පූසො විතරක් නෙමෙයි බල්ලොත් එහෙමයි.
    මොනව කරන්නද?මිනිස්සුන්ට වගේම උනටත් ආදරේ ඕනෑ.මිනිස්සුන්ට වඩා ආදරේ තියෙන තැන අල්ලගන්න උන්ට ඉව තියෙනවා

    ReplyDelete
    Replies
    1. ඔව් පූසෝ හරියට දක්ෂයි බල්ලන්ට වඩා ආදර සෙල්ලමට

      Delete
  8. ෂෙෆාකි ට කියුව වගේම තමයි.. මං ෆුසෝ හදන්න නම් කැමති නෑ.. ඒත් මේ වගේ අනුන්ගේ ෆුසෝ බලන්න නලවන්න නම් කැමතියි.. එළ ෆුසෝ සෙට් එක මොනවා උනත්.. හි හි හි..

    ReplyDelete
    Replies
    1. //ඒත් මේ වගේ අනුන්ගේ ෆුසෝ බලන්න නලවන්න නම් කැමතියි.// I also same යකෝ.. හැක්..

      Delete
    2. කමි @ අනුන්ගේ පූසෝ නලවන්න නම් කැමති පාට පේනවා

      Delete
  9. මටත් පේන්න බැරි සත්තව කොට්ඨාසයක් ‍ඉන්නවා නං ඒ පූසෝ. අපේ ඔෆිස් එකේ කැන්ටිමේ එකෙක් ඉන්නවා. පුටුවෙ වාඩි උණාම උකුළට පනිනවා. කොච්චර පයිං දමල ඇන්නත් ඊලග දවසෙත් මූ උකුලට එනවා කියහංකො

    ReplyDelete
    Replies
    1. කැමරා කාරයෝ ඔක්කොටම පූසෝ පේන්න බෑ.. :( ඔව් සමහර පූසෝ ඉන්නවා ඔය වැඩේ කරන කොච්චර එලෙව්වත් එනවා...

      මේ ඩිල්ශාන් මාත් ඔයයි අර අනිත් උඩ ඉන්න කැමරාකාරයයි වගේ කැමරාව බෙල්ලේ එල්ලන් හරි උළුක් කරන් හරි ෆොටෝ එකක් ගහන්න ඕනේ

      Delete
    2. උඹේ කැමරා රාජයා ආවද දෙයියනේ... ‍ඕක ඔලුව උඩ තියල ෆොටෝ එකක් ගහපං.
      මගේ ෆොටෝ එක නම් කනංකෙ හක්බෙලි ඇල්ල බලන්න ගිය වෙලාවෙ දෙකට නැමිල ඒකෙ පින්තූරයක් අල්ලද්දී මගේ පිටිපස්සෙ හිටිය එකා (හොද වෙලාවට විචා වගෙ එකෙක් නෙවෙයි) ගත්තු එකක්

      Delete
    3. yes ආවා ආවා ගිය සතියේ, ඒත් බන් දැන් ඉස්සර තිබ්බ ආසාව නෑ,, ඒක එලියට ගත්තේ නෑ දවස් දෙකකින්,, යුටුබ් එකෙන් බල බල පුරුදු වුණේ,, ෆොටෝ නම් සුපිරි,,

      Delete
  10. කකුල් හතරේ පූසන්ට කිසිම මනාපයක් නැතත් ......X 2

    ReplyDelete
  11. ඔන්න ඉතින් මගේ පිස්සු හොඳ එක ආයෙත් තද වෙනවා.... අය්යෝ.. අලේ... පුසෙක් දියෝ.....

    ඔමාට කියන්න, මම මේ දවස් වල අයිතිකාරයෝ නැති පුස් පැටව් හොයා හොයා යන්නේ. හිතට වදින එකෙක් ලැබුනේ නැහැ තාම. මමත් ඔය ඔයාගේ 'ජින්ජි' පාට එවුන්ට තමයි කැමති. ඒ උනාට මගේ හිතේ තදට පැලපදියම් වෙච්ච පුසෙක් හිටිය, ඌ කොටියෙක් වගේ පාටයි.

    ඔයාගේ පුස් පින්තුර දැකල, අලේ... මගේ පිස්සුව වැඩි උනෝ

    ReplyDelete
    Replies
    1. එහෙම හදිසි වෙන්න එපා ඉන්න ෂෝයි පුසෙක් හම්බෙයි උයාට.. මං ආස ලේනාගේ පාට පූසන්ට. ලංකාවේදී මං දැකපු ජින්ජි පූසෝ පාට අඩුයි අල්ලන්න හිතෙන්නේ නෑ.. මෙහෙ ජින්ජි කියන්නේ බ්ලොන්ඩ් කලර් කොන්ඩේ තියෙන අයට,, පූසෝ ,කෙල්ලෝ ,කොල්ලෝ ඇත්තටම බ්ලොන්ඩ් නෙමේ කහ මිශ්‍ර තැඹිලි පාට වලට තමයි ජින්ජි කියන්නේ ..

      fb එකේ බලන්න පූසෝ 60 ක් ඉන්න ඇල්බම් එක

      Delete
    2. ඔය ලේනාගේ පාට පුසෝ තමයි මාරම පිස්සු ආරදවන්තයෝ. මට නම් බුල් ටික සිනිඳුවට තියෙන්න ඕනේ, පුළුන් වගේ. ඇල්බම් එක බැලුවෙමි, අනිත් උන් හුල්ලා ඇති බැවින් කට පියාගතිමි

      අලේ..... අය්යෝ..... ගුණයහපත් පුසෙක් වරෝ...... මම සිරාවටම සතියක් නිවාඩු දාල ඌ බලාගන්න ප්ලෑන් එකක් ගහල තියෙන්නේ.

      ඇත්තටම ඕමා, මිට දවස් හරියටම 4 කට කලින් මාර වැඩක් උනා. මම පිටිපස්සේ දොර ඇරලා, මල්වලට වතුර දානවා. වෙලාව රෑ 10 ට විතර ඇති. ( හරි හරි හලෝ.. ඒ වෙලාවට තමයි සමහර වෙලාවට මට මල් වලට වතුර දාන්න ලැබෙන්නේ. කොහොමත් ඒ වෙලාවට මට එලියට බහින්න ආසයි. පරිසරයේ තියෙන නිශ්ශබ්ද බවටත්, සිසිලටත් මම ආසයි. ඉතින් සින්දුවක් කියාගෙන වතුර බටේ අල්ලන්න පුළුවන් මල් වලට) එක පාරටම අසරණ ඤාව්වක් ඇහුන.. දෙතුන් පාරක් ඇහුණාම මම හැරිලා බැලුව. බලනකොට පුස් ඔලුවක් ආව අඳුරේ ඉඳන්. මම ඉක්මනට ගෙට දුවල ගිහින් අය්යට හංගල තිබ්බ මාළු කෑල්ලක් අරගෙන දොර ගාවට එනකොට, මෙන්න බොලේ බඩකුත් එක්ක පුසියක්! මගේ ඉහේ මල් පිපුන. මුට කන්න දුන්න. මුගේ ට්‍රයි එක ගෙට එන්න. මොටරේ වගේ සද්දේ පුරු පුරු ගගා. මට එදා නම් ගෙට ගන්න හැටියක් තිබ්බෙම නැහැ. මම ගොඩක් වෙලා හුරතල් කරලා, එළියෙන් බතුත් දැම්ම. මු ඔක්කොම කෑවා. මාර අවුල් ගෙට එන්න හදනවා. මම එළියේ තිබ්බ තෙමෙන්නේ නැති තැනකින් පෙට්ටියක් දාල දුන්න.

      අනේ එයා උදේ යන්න ගිහිං..... අය්යෝ..... ඌ නම් හරිම ලස්සනයි. දැන් හිතන් ඉන්නේ මූ ළඟ ගෙදරක පැටව් දාල නම් ඉල්ලන් එන්න. ළඟදීම මාව දරු පොතෙනුත් කැපෙයිද මන්ද මේ පුස් පිස්සුව නිසා .. හෙහ්

      Delete
    3. සමහර පූසන්ට කන්න ඕනෙත් නෑ අතගගා ඉන්නවා නම්,, ඒ වගේම ලේන් පාට පුසගේ මෝටර් සද්දෙට මහ දවල් අමුතු නිදිමතකුත් එනවා. සුදු පුසන්ට මන් එච්චර ආස නෑ.. පෝය කිට්ටුව නේද පූසෝ පැටව් දාන්නේ.. ටිකක් හොයලා බලලා පැටියෙක් ගෙනත් හදන්න.. සත්තුන්ට දෙන කෑම විතරක් දීලා හදන්න උත්සහ කරන්න එතකොට එයාලා පුහුල් ගෙඩි වගේ මහත් වෙනවා.. හැබැයි වැරදිලාවත් කරෝල කට්ටක් දෙන්න එපා එයින් පස්සේ අර කෑම කන්නේ නෑ,, ලොකු ගානක් යන්නේ නෑ ඒ කෑම පැකට් එකක් ගෙනත් කන්න දෙන්න ඔයාටත් ලේසි ගෙදර අයගෙන් ප්‍රශ්නයක් වෙන්නෙත් නෑ.. එයා පාඩුවේ රෙස්පෙක්ට් පිට ඉන්නවා වතුරයි කෑමයි දවසට කීප සැරයක් දෙන්න.. මං මගේම කියලා ගෙදරක ඉන්න දාට ලස්සන පූසෝ ජෝඩුවක් අරන් හදාගන්නවා .. ගුඩ් ලක්

      Delete
    4. උපේක්ෂා පුසෝ ඕනේ නම් කියන්න. පෙරේදා අපේ ගෙදර පුසී පැටව් ඩවුන් ලෝඩ් කරල .

      offers :
      තෝරා ගැනීමට වර්ණ රාශියක්.

      buy 1 get 1 free


      Delete
    5. ඔක්කොම පිරිමි සත්තුද

      Delete
    6. කොබා මල්ලිගෙ පූසෝ
      -----------------------------
      අළු පැහැතිය. මව 100% ක් පර්සියන්. ඇස් ඇර නැත.
      අතට රු. 5000/- යි 800 x 45

      Delete
    7. පර්සියන් හරක්නේ ඉන්නේ ගොනෝ :D

      Delete
    8. ඉක්මන් ඩොට් එල් කේ කේ එකේ බලපං ගොනී...

      Delete
    9. ඇපකාරයෝ, බෑන්ක් ස්ටේට්මන්ට්, බිසිනොස් රෙජිස්ට්‍රේසොන් එක එහෙමත් ඕනෙද බං?

      Delete
    10. අප්පටසිරි මදාවි ලුහුඩු දැන්වීමකුත් දාල . තව එකක් කියන්න ඕනේ අවශ්‍යනම් ලිසිං පහසුකම් ලබා දිය හැක..

      Delete
    11. ඒක තමා බං තියෙන ලීසිං එක කොන්ටිනියු කරන්න දෙන්නේ 800 බැගින් මාස 45 කට.

      Delete
  12. ඔමාගේ පූසට උපේක්ෂා පිස්සුවැටිලා

    ReplyDelete
    Replies
    1. උපේක්ෂාව අවුස්සන්න තමයි මේක ලිවුවේ

      Delete
    2. අඩෙයි... අප්පිල මොන වරදක් කලාටද මේම කරනවා? ශය්යෝ.. ශය්යෝ... ශාමි......

      Delete
  13. /* ජින්ජි කියලා ගෑණු නමක් දාගෙන පුසියෙක් කියලා හිතං හිටියට මෙයා පුසෙක් කියලා දැනගත්තේ හුඟ කාලෙකට පස්සේ. */

    මෙහෙම කතාවක් ඇහැව්වාමයි!

    ReplyDelete
    Replies
    1. ඇත්තමයි.. මං ගෑණු සතෙක් කියලා හිතං හිටියේ මට අවයව ගැන ගානක් වුණේ නෑ. පස්සේ මෙහෙ භාෂාවෙන් පුසටයි පුසිටයි කියන නම් කෙනෙක්ගෙන් අහද්දී එයා කිවුවේ ගෑණු සතෙක් නම් " හතුල්" මේ වගේ පිරිමි සතෙක් නම් " හතුලා " කියලා. එතකොටයි මට මතක් වුණේ එයා පිරිමිසතෙක් කියලා.

      Delete
  14. අපේ ගෙදරත් හෙන සෙට් එකක් ඉඳල දැන් එකා එකා මිසින් වෙලා ඉන්නෙ දෙන්නයි. ඒකට දැන් ෂොප් එකේ ආයෙ කට්ටියක් වැඩ පටං අරන්.

    ReplyDelete
    Replies
    1. හි හි ඔයා ආස නැද්ද අනේ පූසන්ට

      Delete
    2. ආස නැත්තං එලෝල දානවනෙ.

      Delete
    3. ගොඩක් පිරිමි අය කැමති බල්ලන්ට ඒකයි ඇහුවේ

      Delete
    4. මං පොඩි කාලේ මේ යකාට ගහනවා මගේ පුසන්ට කරදර කරනවට.. හැක්...

      Delete
    5. ඔය අතේ තියෙන මෙවුවා එකෙන්ද මාමේ

      Delete
    6. ශුවර් නෑ අතේ තියෙන එකෙන්ද වෙන එකකින්ද කියල.

      Delete
  15. මමත් ආදරේම සත්තු ජාතිය. අවුරුදු පහේ ඉඳන් පූසන්ව ඇතිකරන්නෙ. අපේ අම්මත් පූසො එක්ක හෙන වලි.

    අඩේ අර පූසා ලැපේ තියෙන පූස් ෆොටෝව දිහා බලන් ඉන්න ෆොටෝ එක ලොවෙත් පට්ට!

    ReplyDelete
    Replies
    1. ඒ ෆොටෝ එක මං ලොකු කරලා පෙන්නපුවම ජින්ජි හිතුවේ ඒ ඇත්තම පුසෙක් කියලා,, හි හි... අම්මලා කොහොමත් පූසෝ එක්ක වලි

      Delete
    2. අඩේ අර පූසා ලැපේ තියෙන පූස් ෆොටෝව දිහා බලන් ඉන්න ෆොටෝ එක ලොවෙත් පට්ට! x2

      Delete
    3. තැන්කූ ඈ 20 ක් විතර අරන් අන්තිමට ඕක ගහ ගත්තේ..

      Delete
    4. ඒක නං ෆොටෝග්‍රැෆර් කෙනෙක් වෙන්න හොඳ අභ්‍යාසයක් අෑ!!! 
      එකම දේ එක එක වෙලාවට එක එක කෝණ වලින් එක එක දුර වලින් එක එක සෙටිංස් වලින් එක එක කැමරා වලින් අරං වෙනස තේරුම් ගන්න ඕනි!! එතකොට තමයි හොඳ අැහැ හොඳට පදං වෙන්නෙ!!!

      Delete
    5. ඔව් මාත් ඒ වැඩේ කරනවා ඒත් වෙලාව ප්‍රශ්නයක් අප්පා..

      Delete
  16. පූසන්ට නං මාත් කැමති නෑ අක්කෙ!! වෙලාවකට වද කාරයො, වෙලාවකට කිසිම ගාණක් නෑ!! ඒත් බල්ලො එහෙම නෑ!! හැම වෙලාවෙම එකම ගාණට වද දෙන්නෙ!!

    (කකාවට කියන්නෙ, "අපි බල්ලන්ට සලකනකොට උං අපිව දෙවියො වගේ දකිනවා; ඒත් අපි පූසන්ට සලකනකොට උන් උන්ව දෙවියො විදිහටත් අපි උන්ගෙ දාසයඅ විදිහටත් දකිනවා" කියලා. ඒක මටත් අත්දැකීමෙන් තේරිලා තියෙනවා!!)

    හැබැයි ඉතිං පූසෝ පිස්සු නටනකොට නං බලන්න මාර අාසයි!! මං යූට්‍යුබ් එකෙත් බලනවා පූස් අාතල් (එව්ව නං හිනා සාගරයක් අලෝ ^_^ ^_^ )

    ඔහොම පූසෝ ඔයාගෙ පස්සෙං එන එකට මොකක් හරි හේතුවක් තියෙන්න ම ඕනි!! වෙන කාටවත් නැති විශේෂයක් නේ!!! මං කියනවට ටිකක් හොයලා බලන්නකො!!

    ReplyDelete
    Replies
    1. පීරේ මාමා කියනවට බැලුවා ගූගල් දෙයියෝ ගොඩක් දේ කියනවා ..

      පූසෝ බල්ලෝ වගේ නෙමේ ලෙවල් එකට ඉන්නේ.. යුටුබ් එකේ තියෙන සමහර වීඩියෝ මාත් හරි ආසාවෙන් බලන්නේ ,,

      Delete
    2. අන්න ඒ "ලෙවල් එකට ඉන්න" එවුන් ට මං ඒ හැටි කැමැත්තක් නෑ!! එහෙම එවුං (විශේෂයෙන් ම මිනිස්සු) මට කැමතිත් නෑ(ලු)!!!

      මට හරියන්නෙ ෆිට් එකේ ඉන්න ඕපන් & කූල් ඩයල් (කොල්ලො, කෙල්ලො, බල්ලෝ, අස්සයො, හරක්) විතරයි!!!!

      Delete
    3. සින්හයොන්ට මනාප නැතෙයි

      Delete
    4. මං වගේ උං ට මං මනාප නෑ බං!! 
      එක ජාතියකිං එකෙක් උන්නම අැති (ලු)!!

      Delete
  17. අපේ දිහත් ඉන්න පුසෝ ඩබලට දාල තියෙන්නෙ එකෙක් කිරියා අනිකා පැණියා.. මම නම් ඒකෙ ඉන්න සුදු එකාට දාල තියෙන්නෙ ගොන් සුදා කියල.

    ReplyDelete
    Replies
    1. හි හි අපේ මල්ලි ත් මගේ ඉස්සර හිටපු චාලිට එක එක විදියේ නම් දානවා, මට ගහන්න බැරි වෙලාවට චාලිට ගහනවා..

      Delete
  18. මමත් ඔය පූසෝ කියන සත්තු ජාතියට කැමති නෑ. ඔමා ඔයත් ඔය විදිහට බල්ලෙක් හදලා බලන්න. වෙනස ඔයාටම තේරෙයි. හැබැයි මේ විදිහට බල්ලොත් පස්සෙන් එන්න පුරුදු වුනොත් නම් ඉඳලා ඉවරයි.

    ReplyDelete
    Replies
    1. බල්ලෝ බෑ උන් ලොකු වෙනවා,, තුරුල් කරන් නිදාගන්නත් බෑ ඒ හින්දා මන් එච්චර ආස නෑ

      Delete
  19. නංගියේ (???) උඹ මොකක්ද මේ කරගත්තේ.. හැක් හැක්..

    ReplyDelete
  20. පුසෝ කියන්නේ අර ගෙරි බළල් දණ්ඩන්ට නේද?

    උගේ වාසනාවට ඊයේ රෑ මගෙන් බේරුනා.. අහුවෙද්දෙන්කො අද උගේ පන නමයම නැතික කරනවා..

    ඒ දවස්වල මං ආසම කාටුන් එකක් තමයි පිස්සු පූසා... හැක් හැක්...

    ජ ය වේ වා !! !! !! 

    ReplyDelete
    Replies
    1. අන්න. මගෙ ප්‍රියතම පූසත් පිස්සු පූසා.
      'සූට් බූට් දිගකලිසම්
      රෝල්ස් රොයිස් ගමන් බිමන්...':D

      Delete
    2. විදානෙයෝ ඇත්තමයි ඔහොම කියද්දී අපේ මල්ලි මතක් වෙන්නේ ,එයත් මට බයින්න ගහන්න බැරි වෙලාවට පුසට අපහස කරනවා ඔය වගේ,,

      මාත් පිස්සු පුසා ආසයි... පිස්සු පුසට පස්සේ ගර්ෆිල්ඩ් පුසට

      Delete
  21. I'm not a cat person.

    එහෙමයි කියනා උන් එක්ක තරහක් මගේ නෑ.

    මේ පූසෙක් ගැන බ්ලොග් කරුවෙක් ලිව්ව සටහනක්.

    >>ඔටෝජිල්බාවාට නම් වැ‍ටුනේ අපිට ගනං උගන්නපු ලොකු විතාන සර්, අපි හැම එකාටම, කටට එන මොකක් හරි නමකින් ආමන්ත්‍රණය කරපු නිසයි. (මේකත් ඒ කාලෙට ගැලපුනාට, දැන් නම් කිසිසේත් නොකල යුතු වැඩක් )

    "ඒයි, ඔටෝජිල්බාවා!" කියන එක නිතර අහන්න ලැබෙන නමක් නිසා මම අලුත් පූසට දැම්මා ඒ නම්. නමුත් සම්පූර්ණ නම උච්චාරණය කරන්න අමාරු නිසා කාලයක් යනකොට 'ජිල්බාවා' හැලිලා මූ නිකම්ම 'ඔටෝ' වුනා. "අන්න ඔයාලැයි ඔටෝ අර කඩේ ලඟ හිටියා," කියලා අහල පහල කෙනෙක් කිව්වාම, අපි ඉන්න තැනම ඉඳන් "ඔටෝ-ටෝ-ටෝ-ටෝ-ටෝ-ටෝ-ටෝ-ටෝ-ටෝ" කියලා කෑ ගහනවා. මූ නැට්ට උස්සගෙනදුවගෙන දුවගෙන එන්නේ විදිල්ල වගේ. මුගේ නම මම බිත්තියේ රතු පැස්ටල් එකකින් ලොකු අකුරෙන් AUTOJILLBAVAH කියලා ලියලත් තිබ්බා.

    ඉතින් ගෙදර ඉන්නේ ඔටෝජිල්බාවායි මමයි විතරයි. මම තාත්තගේ මේසේ පෑඩ් එක උඩ තියාගෙන වෝක්ස්වාගන් බීටල් එකක් අඳිනවා. පූසා මේසේ යට දෙබොක්කාවේ. මම උගේ ඇ‍ඟේ කකුල් තියාගෙන ඉන්නේ. මට හිත එකඟකරගන්න අමාරු ගතියක් තියෙනවා...<<

    උපුටාගත්තේ මෙතනින්

    ReplyDelete
    Replies
    1. පෝස්ට් එකම කියවලා ආවේ අයියේ, නියමයි කියෝන ගමන් හිනාවෙවී තනියම මාර ආතල් එකේ කියවුවේ,, ඒ පෝස්ට් එක තව අඩි 20 ක් දිග වුණත් කියෝන එක කියෝනව ඕනේ කෙනෙක්,,,

      Delete
  22. පූසන්ට යමක් ඉගෙන ගන්න හැකියාවක් තියෙනවා.
    අපේ ගෙදර ඉන්න උන් රැට චු දාන්න ඕනැ උනහම බාත් රූම් එකේ නාන වතුර යන තැනට යනවා. උන්ම පුරුදු වෙලා. බල්ලො වගෙම උන් ස්වාමියාට ලැදි වෙනවා.

    පුසෝ හොරා කනව කියන අය උන්ට හරි හැටි කෑම නොදෙන මිනිස්සු. උන්ට පිලිවෙලට කෑම දෙනව නං උන් කවදාවත් හොරා කන්නෙ නෑ.


    අනිත් සත්තුන්ට වගේම පුසන්ටත් හිංසා පීඩා කලහම උන්ගේ ගති ලක්ෂණ වෙනස් වෙලා. බියසුළු සත්තු වෙනවා. සත්තුන්ට හිංසා කරන මිනිස්සු මට පේන්න බෑ.

    ReplyDelete
    Replies
    1. පැනිකු @ පුංචි කාලේ ඉඳන් ම පිළිවෙලට හදාගත්තාම හරි,, අර අපේ අම්මා කියනව වගේ අපේ පුසට තියෙන්නේ මගේ ගති ගුණ .

      අපේ මල්ලි දැකපු තැන පුසට පයින් ගහන හින්දා මල්ලිගේ කටහඩ ඇහෙද්දී පුසා බයයි

      Delete
  23. මම කැමතිම පූසෝ - මිට්සුබිෂි ෆූසෝ

    ReplyDelete
    Replies
    1. මෙහෙ තියෙනවා කාර් වර්ගයක් ගොඩක් ගණන් ඒකෙ නම ස්කෝඩා ජුක්.. ජූක් කියන්නේ කරපොත්තට

      Delete
  24. මුං නම් ආත්මගත පූසොද කොහෙද ඔමෝ

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා කිචියෝ මොකක් හරි

      Delete
  25. අපේ ගෙදර ඉන්න පූසාට මටත් වඩා සැප!

    ReplyDelete
    Replies
    1. අපේ අම්මගේ බල්ලට අපේ මල්ලිට වඩා සැප කියලා කියන්නෙත් ඔහොම්මමයි

      Delete
  26. ඔමා තරහා වෙන්ටෝන්නෑ.. මටත් පේන්ට බෑ ඔය ආත්මාර්ථකාමී සතා. බල්ලෝ එහෙමද? අන්න බල්ලෝ.

    ReplyDelete
    Replies
    1. නැවත මතක් කිරීමක් :-
      (කකාවට කියන්නෙ, "අපි බල්ලන්ට සලකනකොට උං අපිව දෙවියො වගේ දකිනවා; ඒත් අපි පූසන්ට සලකනකොට උන් උන්ව දෙවියො විදිහටත් අපි උන්ගෙ දාසයඅ විදිහටත් දකිනවා" කියලා. ඒක මටත් අත්දැකීමෙන් තේරිලා තියෙනවා!!)

      Delete
    2. මධූ.. සත්තුත් කැමති නෑ හැමෝටම :(( විශේෂයෙන් උබලා වගේ ආයෝන්ට

      Delete
    3. මේ පීරේ @ දෙන්නේ ගුටි ඈ

      Delete
    4. හා...අහපංකො බල්ලෙක්ගෙන්.

      Delete
    5. ඔමා මගේ බ්ලොග් එකේ සයිඩි එකේ පොඩි රූපයක් දැම්මා. බලලා අදහසක් කියමු ඈ.....
      (ලංකාවට ඇහෙන්න කෑගහන්න බෑ...)

      Delete
    6. අනේ හාවෙක් ඒත් කෙල්ල කොටියෙක් වගේ,, ඒ උයාද

      Delete
    7. අඩෝ... ඒ අපේ ඒ ලෙවල් කෙල්ල හරිද? අල්ලලා උස්සනවා කන්දෙකෙන් කොරවෙන්න.

      Delete
  27. මේක කියවන් යද්දී මට මතක් උනේ ලෙයෝව බං..

    ReplyDelete
    Replies
    1. එයත් මං වගේ සස්සන සුලන්ගනාවියක්ද

      Delete
    2. ඒ දිනේෂ් ඒ කතාව මන් දන්නේ නෑ කියන්නකෝ

      Delete
  28. ඉස්සර නම් ගෙදර සෑහෙන්න පූසෝ හිටියා... රෑට පූස් පැටවුන්ව පුටු කොට්ටයක් උඩ තියාගෙන උන්ගේ ඔළුව අතගගා තරඟෙට නිදි කෙරෙව්වා.. අපේ පරණම පූසා රාජු වලියකදි කණ කඩාගෙන ඇවිත් ඒ තුවාලේ නරක් වෙලා සති කීපයක් දුක් විඳලා මැරුණා. රාජුගෙ වයිෆ් බින්දු ලිඳේ වැටිලා මැරුණා (සියදිවි නසා ගැනීමක්ද කියලා නම් දන්නේ නෑ). ඔය ජෝඩුවට ළමයි හතරක් හිටියා, උන්ට වෙච්ච දෙයක් නම් හරියටම මතක නෑ. ඊට පස්සෙ ගෙවල් මාරු කලාට පස්සේ තිබ්බේ බල්ලන්ගේ කාලය... බල්ලන් බලාගත්තේ නංගී. බල්ලන්ට පූසන්ට තිබ්බ කැමැත්ත දැන් නම් නැතිම වෙලා ගිහින්...

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් කාලයත් එක්ක ,පරිසරයත් එක්ක ඒ විදියට එපා වෙන්න පුළුවන්,, මටත් දැන් එහෙමයි ,, පූසෝ ගොඩක් වෙලාවට මැරෙනවා ඔය සීන් එක හින්දා ,, ඒ වගේම කන මුල්ලේ එයාලගේ ලොකු ගෙඩි එනවා හොඳ වෙන්නෙම නැති

      Delete
  29. ඔමා.............. ඔල්සි නම් සුපිරියි.... පට්ටයි.... අපේ ගෙදරත් ඉස්සර හිටියා පූසෝ පෝලිමක්ම ... හැමෝම තනි කලු.... කිසිම තැනක් සුදු නැහැ.... උන්ගේ පැටවු ටිකත් තනි කලු..... ඉතින් අයියලා මල්ලිලා... තාත්තලා පුතාලා පවා අදුර ගන්න බැහැ... අම්මා කට්ටියට කෑම දෙද්දි ටිකකට කලින් කාපු ඒකා ම අැවිත් කාලා යනවා.... කොහොමද අදුර ගන්නේ.....

    ReplyDelete
    Replies
    1. ඔල්සිගේ ෆොටෝ ගොඩක් ඇති මගේ fb එකේ

      ශෝක් අනේ දැන් නැද්ද

      Delete
  30. "ඔල්සි" ලස්සනයි.අපේ ඔෆිස් එකේ හිටිය අනාත පුසියෙක් පැටව් හතර දෙනෙක් දාලා දෙන්නෙක් අපේ ඔෆිස් එකේ දාලා අනිත් පැටව් දෙන්නත් එක්ක එහා පැත්තේ ඔෆිස් එකේ පදිංචියට ගිහින් තිබ්බා.අපේ ඔෆිස් එකේ දාලා ගිය පැටව් දෙන්නා හැදුවේ අපේ ඔෆිස් එකේ හිටපු උන්.උන්ගෙන් එකෙක් පොඩි කාලෙම මැරුණා.අනිත් එකා හොඳට කිරි බිලා,කාලා එහෙම හැදුනා.එත් එක දවසක් මු එක පාරටම අතුරුදහන් වෙලා.සුදු වැන් එකකින්වත් උස්සන් ගියාද දන්නේ නැහැ.

    ඔය පුසෝ මහා හයියෙන් බෙරිහන් දීලා අඬන එක තමයි බං ඉවසන්න බැරි කරදරේ.

    ReplyDelete
    Replies
    1. ශෝක් ඔයාලත් සත්තුන්ට ආදරේ කරනවා එහෙනම් , ඔල්සිගේ ෆොටෝ තියෙනවා fb ඇල්බම් එකේ .. අම්මෝ රෑට කෑගහන සද්දෙට නම් එපා වෙනවා

      Delete
  31. කාලකන්ණි.. හුරතල් නැතුවමත් නෙවෙයි.. ඒ උනාට උන් සූරනවා..

    ReplyDelete
    Replies
    1. පූසෝ හුරපුවහම හරි විසයිළු.ඔය අහල පහල පූසෝ හූරපුවහම වයිෆ් අහන්නැද්ද බං?

      Delete
    2. සජ්ජා @ අපෝ මේ වගේ වසවර්තියෝ :(

      කටුසු @ ඔහේ ඇති විසක් නෑ,, මාව ඕනේ තරම් සුරලා ඇති හිටන් :D

      Delete
  32. මම දන්න කාලේ ඉඳලම අපේ ගෙදර පූසෙකුයි බල්ලෙකුයි ඉන්නවාමයි.කාලයක් ගිහින් මැරුනහම ගෙදර කට්ටිය තීරණය කරනවා ආපහුනම් සත්තු හදන්නේ නෑ කියලා.ඒත් ආයිමත් ටික කාලෙකින් ආපහු එකෙක්ව උස්සන් එනවා.දැන් අනුරාධපුරේ ඉන්න නිසා බල්ලා පුරේ.පූසා කොළඹ.අම්මලා මාව බලන්න එනවනම් පූසවත් කූඩෙක දාගන තමයි එන්නේ.

    ReplyDelete
    Replies
    1. අනේ ෂෝයි නේ.. අපේ අම්මා නිතරම කියනවා ඔය ආයෙනම් කතාව ඒත් ගෙදර බල්ලෙක් වරදින්නේ නෑ,, ඒත් පූසෝ ඉන්නේ මන් ඉන්නකල් විතරයි ..

      ඔයාලගේ අම්මට කියන්න මන් මතක් කරා කියල

      Delete
  33. පාඩම් කරනවා කියලා අඟවන වෙලාවට පූසා එක්කො කකුල් උඩ.නැත්තම් කකුල් පූසගෙ උඩ.අපේ එකා සමහර වෙලාවට මේසෙ උඩට නැගලා පෑනෙන් ලියන දිහා බලාගෙනත් හිටියා.පොර තමයි අන්තිමට නිදන්නෙත්..උදේ හතරට අම්මත් එක්ක කුස්සියට යන්නෙත්.හරියට හතරට ගිහින් අම්ම නැගිට්ටෙ නැත්තං කතාකරලා එක්කං යනවා.'කිටී','බදානි',ට්වීටි'.පිලිවලින් ගෙදර ලැගුම් ගත්ත අය.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. නියමයි ලබ්බා අන්න ගෙවල් සහ මිනිස්සු,,

      Delete
  34. අනේ.... ශෝක්.... මාත් ආසම අර පූසා ලැපේ තියෙන පූස් ෆොටෝව දිහා බලන් ඉන්න ෆොටෝ එකට...

    එක පාරක් අපේ පූසෙක්ට මාළු කට්ටක් හිර වෙලා වෙච්ච දෙයක් ගැන මම පොස්ට් එකක්කුත් ලිව්වා..
    මෙතනින් ගිහින් බලන්නකෝ..

    http://littleflowerbuds.blogspot.com/2013/11/blog-post_29.html

    ReplyDelete
    Replies
    1. තුෂානි තෑන්ක්ස්. ලින්ක් එකට , ඒ පොටෝ එකට අපේ සෙට් එකම මනාප පාටයි

      Delete
  35. පුසෝ ටිකනම් ෂෝයි.. ඇඳට නගිනවටයි කකුල් දෙකේ ඇවිත් ගැලතෙනවටයි නම් බයයි.

    ReplyDelete
    Replies
    1. කවිකාරියේ සින්දු කියනා ලඳේ.. ඔයාවත් මගේ හීන අඩවියට ආදරෙන් එකතු අරගන්නවා ,,

      මන් නම් ආසයි කකුලේ දැවටෙන්න එනවට

      Delete
  36. මගේ අම්මත් පුසන්ට කැමතියි. එයා අවුරුදු 6 විතර ඉදන් තමයි පූසො හදන්නෙ. එයාගේ අක්කලා ලොකුයි. පොඩිකාලේ සෙල්ලම් කරන්න වෙලා තියෙන්නේ පුසොත් එක්ක. ඉතින් අවුරුදු 6 ඉදන් දැන් 68ක් වෙනකන් පුස් යාලුවෝ නැති කාලයක් තිබිලා නෑ.
    පුසන්ට හොද ඉවක් තියෙනවා තමුන්ට ආදරේ අයව හදුනා ගන්න. ඒ වගේ ම එයාලා කියන දේවල් තේරෙනවත් එක්ක. එහෙම අය ලගට එයාලා යනවා වැඩි.

    ReplyDelete
    Replies
    1. ඉසුරු @ මගේ හීන අඩවියට ආදරෙන් එකතුකරගන්නවා .
      ඔයාගේ අම්මා ෂෝයි නේ.. ඔව් ඔයා හරි එයාලට තේරෙනවා මිනිස්සුන්ව අදුරගන්න

      Delete
  37. අප්පේ පූසොද අර ඉන්නෙ අපේ ගෙදරත් නැට්ට පිටිං දෙකක්ම. චූටි මැණිකෙගෙ ටැලිපෝන් එක පිරෙන්න උංගෙ පිංතූර. කන, බොන, පෙරලෙන, නිදියන, ආදී දහසක් පිංතූර.

    ඔවුං දෙන්නව පාර අයිනෙ විසික් කරල තිවිල මංම තමයි අරං ආවෙ. උං ලිප ගාව ඉඳං ඥාව් ගානකොට හාල්මැස්සො, පොල් ගානකොට පොල්, හවස හතරාමාරට කිරි, උදේ අටට කෑම, රෑ හතයි තිහට කෑම.

    දෙන්නට කාමරයක් වෙනම. තැටි දෙකකට වැලි දාල වැසිකිලි දෙකක් වෙනම. රෑ නවයෙ ඉඳං පැය බාගෙයක් යනකං උකුලෙ තියං ඉන්න ඕන. ගමනක් යනවනං කන්න දෙන්න වෙනම කෙනෙක් පත් කරල යන්න ඕන.

    සේරටම වඩා ඔවුංගෙං බැනුං අහන්නත් ඕන.

    ඒ උනාට උං නැතුවනං බෑ.

    ReplyDelete
    Replies
    1. සුරංග @ අනේ ෂෝයි නේ, ස්තුති ඔයාගේ පූස් කතා එකතුකලාට.. ඔයාවත් මගේ හීන අඩවියට ආදරෙන් එකතු කරගන්නවා

      Delete
  38. මටත් පොඩි කාලෙ ඉදන් සෑහෙන පූස් යාලුවො ප්‍රමාණයක් හිටියා. දැන් ඒ යාලු කමට තහංචි වැටිලනෙ. ඒ කොහොම වුනත් පූසො කියන්නෙ ටිකක් ආඩම්බරකාර ඒත් හිතවත් සත්ව කොට්ටාශයක්

    ReplyDelete
  39. ඔයා කලින් ආත්මෙක ඊජිප්තුවේ ඉපදිලා ඇති.. එකයි මේ පූසන් එක්ක මේ තරම් සම්භන්ධයක්..
    http://www.ancientegyptonline.co.uk/cat

    ReplyDelete
    Replies
    1. හි හි තැන්ක්ස් ලින්ක් එකට මං ගිහින් කියෙවුවා එදාම,,

      Delete
  40. ඉස්සර හැපුනොතින් වාහනයට පූසා
    කල් නෑරම විකුණා දමයි ඒ මිනිසා
    කියවන විටදි සිහිවුනි මේ ලෙඩ පූසා
    ඉඳියප්පන් ටෙලියේ ජැක්සන් පූසා

    ඔමා, හීනත් අරන් තෙලිදිය වාඩියටත් ගොඩවෙලා යන්න එන්න.

    ReplyDelete
    Replies
    1. ඔව් කලුපුසෝ ඉස්සරහට හම්බෙන්නත් මිනිස්සු අකමැති නේ

      Delete
  41. හා.හා..ආහ්..පුසෝ? වට් පුසෝ
    කලුද?සුදුද?මයිල් පිරිලද?
    ලිපිය කියවන්නේ නැතුව කොමෙන්ට් කරන්න එපා// කිව්වට ඔමා පුසෝ ගැන කියවනවට වඩා හොදයි
    පිස්සොත් එක්ක ඡිල් ගහනවා
    Sport Bra එකක් මහනවා

    ReplyDelete
    Replies
    1. මෙන්ඩ :: මං හිතුවා මේ වගේ එකක් තමයි කියලා....

      ලබන පාර ලංකාවෙන් එද්දී ජිල් ටිකක් ගෙන්න ඕනේ ඒක මරු සෙල්ලම

      මහපු ඒක කෝ දැන් :(

      Delete
  42. මාත් පුංචි සන්දියේ පූසෙක් ඇති කරා....ඇති කරා කිව්වාට කොහෙදො ඉදලා ආපු බලල් තඩියෙක් ඒකත්...කොහොමෙන් කොහොම හරි පුන්චි සන්දියේ ඔය හමුදා පිච්චර පිස්සුව තදේටම තිබ්බා...ඔය කතාවල ඉන්න බල්ලෙක් වගේ මේ පූසව ට්‍රේන් කරන්න ආසාව ඇවිත් මම එකව ගස් නැග්ගුවා....
    පුටු අස්සෙන් රින්ගෙව්ව....
    වහල උඩට විසි කරලා බිමට පනින්න පුරුදු කරා....
    දවස් දෙක තුනක් ට්‍රේනින් එක දෙදිම ඌ ගෙදර අතෑරල හියා....
    පස්සෙ ඌ මාව පාරේ දැක්කත් දුවන්න ගත්තා....
    ඔන්න ඔහොම සුන්දර බැදීමක් මට පූසෝ එක්ක තීනවා...😁

    -වාසනාවන්ත අඩවිය-

    ReplyDelete
    Replies
    1. හි හි පව් හලෝ පුසා,, හැබැයි ඒ පුසා කම්මලි එකෙක්,,, ඊට පස්සේ සතෙක් අහු වුනේ නැද්ද ට්‍රෙන් කරලා ගන්න,,

      මලින්ත ඔයාවත් මගේ හීන අඩවියට ආදරෙන් එකතු කරගන්නවා

      Delete
  43. පුසෙක් හදන්ට ආස හිතුනා එත් මට පෙන්ටම බරි සතා පුසානෙ :/

    ReplyDelete
  44. අපෙත් ඉන්නවා මේ වගේම මරු බඩු

    ReplyDelete


ලිපිය කියවා කොමෙන්ට් නොකලත් කමක් නැහැ.. කමෙන්ට් කලොත් සතුටුයි. ලිපිය කියවන්නේ නැතුව කොමෙන්ට් කරන්න එපා.
අපුර්වි_


,නිතරම යහපත කරන්න...,සතුට සැනසිල්ල හැමදාම ඔයාලග රැදේවි,,දෙවිපිහිටයි,

Related Posts Plugin for WordPress, Blogger...