Monday, September 7, 2015

Why don't my children ever call me !!


ෆෝන් එකක්  කැඩුණම හදනා කෙනෙකුන්  සොයමින් එක මහළු පියෙක්  පාරට බැස්සා...

මගතොට  හමුවුණු  අයගේ උදව් ඇතුව...
අවසානේ එහෙම තැනක් වෙත ඔහු ඇදුනා......

පුතේ මේක කැඩිලා වගේ හෝදිසි කර ලෙඩේ බලා ගන්නට ඕනේ....

ඉටි බෑගය සහ එවැනිම තවත් බෑග දෙකක් ඇතුළේ ලේන්සුවකිනුත්  සුරැකුණු  පුංචි පහේ දුරකථනය එළියට අවා ...


මුවරැඳි  සිනහව යටකොට දුරකථනය දෑතින් ගත් තරුණයා එය  හොඳ හැටියට පිරික්සාලා  නැවත පැමිණුනා..

මේකේ කිසිම ලෙඩක් නෑනේ හැමදෙයක්ම හරියට වැඩ 
සීයට තියෙනා ගැටළුව කියමු බලන්න....

නෑ නෑ නෑ වෙන්නට බෑ  එහෙනම් ඇයි  මගේ දරුවන් කවදාවත් මට මේකට  කෝල් නොගන්නේ.. 

ප/ලි

පෝස්ට් එකක් ලියන්න  ඕනේ හෙට අනිද්දට  :(
මධු ගේ  පෝස්ට් ස්ටයිල්  එකට  කියෝගන්න 

66 comments:

  1. ඔයාගේ බිලොග් එකට මුලින්ම අද ආවෙ.වයෝවෘද දෙමාපියන් සමිබන්ධ සංවෙදි අත්දැකීමි මම බහුලව ලබලා තියනවා.වයසට යාමත් සමග බොහෝ දෙනෙකුට අල්සයිමර් කියන තත්ත්වය ඇති වෙනවා.ඒ ස්වභාවය වැඩි වුනොත් එයාලා පුංචි ලමයි වගේ හැසිරෙන්න පටන් ගන්නවා.සමහර විට එකම දේ කීප වතාවක්ම අහනවා.ඒ වගේම දරැවන්ගේ අවධානය බලාපොරොත්තු වෙනවා.දරැවෝ දෙමාපියන්ගේ මෙ ස්වභාවය තෙරැමි නොගෙන එයාලව මග හරිනවා.කතා බහ කරන එක අඩු කරනවා.ඒත් එයාලා වැඩිපුරම කැමති දරැවොත් එක්ක කතා බහ කරන්න.එකෙන් එයාලට ලොකු මානසික තෘප්තියක් දැනෙනවා.ඒ වගේම මහා වෙදනාවක් දැනෙනවා ඒකේ අනෙත් පැත්ත සිදු වුනාම.ඒ තමයි දරැවෝ කතා බහ කරන එක අඩු කරලා තමන්ව නොසලකා හරිනවා කියලා දැනුනම.වැඩි හිටි නිවාස වල දෙමාපියොත් එක්ක දවසක් ගෙවලා බැලුවොත් ඒක හොදින් දැනෙනවා.ඒයාලට ඔන එකම දේ දරැවෝ බලන්න කතා කරන්න.එතනින් එහා මහාලොකු බලාපොරොත්තු මොනවත් එයාලා ලග ඇත්තේ නැ.

    ReplyDelete
    Replies
    1. මගේ ජොබ් එකත් වැඩිහිටියෝ එක්ක ජීවත්වෙන ඒක සහ එයාලා බලාගන්න එක. ඇත්තටම ඒක මගේ ජොබ් එක කියන්න මං කැමති නෑ.. ඒක මුදල් ලැබුණට ගොඩක් තෘප්තියෙන් සහ ආදරයකින් කරන දෙයක් නිසා.. අල්සයිමර් ඩිමෙන්සියා තියෙන අයත් එක්ක ජිව්ත්වෙද්දී මට දැනිච්ච දෙයක් එයාලා සාමන්‍ය සිහිකල්පනාව තියෙන දෙමවුපියන්ට වඩා සතුටින් ඉන්නේ,, දුක් වෙන ඒක අඩුයි.. ඒ වගේම අපේ රටේ දෙමවුපියෝ වගේ දරුවන් ගැන බලාපොරොත්තු නෑ තදින්,, ඔවුන් වයසට යාමත් එක්ක සහ දරුවන් තරුණ වියේ ඉද්දීම වගේ තනිවම ජීවත්වෙන්න පටන් ගන්නවා. ඔයාව මගේ හීන අඩවියට ආදරෙන් එකතු කරගන්නවා.. වැඩිහිටියන්ගේ ලෝකය කියල මං ලිපි පෙළක් ලියලා ඇති, ඒ වගේම මගේ බ්ලොග් එක පුරාවට ගොඩක් දේවල් ඇත්තේ දෙමවුපියෝ ගැන. ස්තුතී

      Delete
    2. මතකය අඩු මිනිස්සු මතකය ඇති මිනිස්සුන්ට වඩා සතුටින් ජූවත් වෙනවයි කියන එක පට්ට කතාව. එතන තියෙනවා පෝස්ට් එකේ කතාවට වැඩි ගැඹුරක්.

      Delete
    3. ඔව් ඩුඩ් අයියේ මං ඉතාම කෙටියෙන් ඒ කොටස කීවේ කෙනෙක් වැරදියට තේරුම් ගන්න පුළුවන් නිසා. එත් මගේ අත්දැකීම් දිහා බලද්දී ඕක මං ඉගෙන ගත්ත සතයක්

      Delete
  2. ඔහොම චෙන් සෝ කතාවකුත් තියෙනවා. ඒක දාංනං පස්සෙ වෙලාවක.
    මතුපිටින් විහිළුවක් වගේ වුණාට මේක හරිම හද සසල කරවන කතාවක් ඔමා. අපිට වඩා අත්දැකීම් ඇති මේ වගේ එවා ගැන ඔයාට.

    ReplyDelete
    Replies
    1. මධු @ ඔව් මධු ඒ කතාවත් ලියන්න ඈ

      Delete
  3. අපූර්වි,
    ඉස්සෙල්ලම කියන්නේ මම මේක කලින් කියවලා තිබුනු එකක්..

    හැබැයි , මගේ අම්මා දැං මට කථා කරලා ෆෝන් එක තිබ්බා විතරයි..
    මට කොච්චර වැඩ රාජකාරි තිබ්බත් ඇයත් එක්ක දවසකට විනාඩි 15ක් 20ක් කථා කරන්නම වෙනවා නැත්තං ඒක මගේ අම්මට හරිම වේදනාවක් මොනවා කොහොම මොකක් කරත් අම්මාගේ පුංචි පුතා මං..
    ඇත්තටම සංවේදී පොස්ටුවක්...


    ජ ය

    ReplyDelete
    Replies
    1. මාත් කවදාහරි පුංචි ෆොටෝ එකක් එක්ක නෙට් එකේ දැක්කා, හැබැයි ඉන්ග්ලිෂ් වලින් ඒක ගොඩක් තදින් දැනුන නිසා ලියන්න හිතුනා .. විදානේ ඒක හොඳයි අපේ අම්මා බිසී බල්ලෝ එක්කයි හරක් එක්කයි,,, ගෙදර වැඩයි ටිකක් කතා කරනවා යනවා තැන්ක්ස් විදානේ

      Delete
  4. ඔමා මේ පෝස්ට් එක ගැන මට අත්දැකීම් කිහිපයක් තියෙනවා. ඔය වගේෆෝන් ගානක් මං පොඩි අතපතගෑමකින් නිවැරදි කරලා දීලා තියෙනවා. ඒ බොහොමයක් වයසක අයගෙ. එයාලා ඒ ගැන තවමත් කියනවා.

    නමුත් ඔබ කියන කතාවේ ඊට වඩා ගැඹුරක් තියෙනවා.

    මේකේ සමහර තැන් අර මදාවියගෙ බ්ලොග් කවි ආරකට ලියලා තියෙන බවක් දැනුනා.

    ජයවේවා අපූර්වි.

    පූස් පෝස්ටුවෙන් පස්සේ බලු පෝස්ටුවක් දානව ද?

    ReplyDelete
    Replies
    1. අහසෙන් එන්නා@ මධාවී කවි තාලෙට තමයි ලියුවේ,, ස්තුතී ඔයාගේ අදහස් එකතු කලාට

      Delete
  5. අපි බ්ලොග් කියවන,බුකියෙ රස්තියාදුවෙන , මල් කඩන කාලය පුරාවටම ඔවුන් ෆෝන් එක දිහා බලාගෙන ඇති.. ලිපියක් දෙන්න බලන්න දුං විසිවෙන්න..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ///අපි බ්ලොග් කියවන,බුකියෙ රස්තියාදුවෙන , මල් කඩන කාලය පුරාවටම ඔවුන් ෆෝන් එක දිහා බලාගෙන ඇති.///

      ඒක ඇත්ත ..... ලියන්න ඕනේ

      Delete
  6. මේ වගේ තාත්තලා සෑහෙන්න ඉන්නවා. මට මෙහෙම වෙන එකක් නැහැ කියලා ඉතා ඉහළ විශ්වාසයක් තියනවා.

    ReplyDelete
    Replies
    1. විචා@ ඔබේ විශ්වාශය තුල තියෙන්නේ අප්‍රමාණ දරු සෙනෙහස.. මාත් ලබන අවුරුද්දේ ඔයා බලන්න එනෝ නේ

      Delete
    2. ඔමා ආපු වෙලාවක බෝතලයක් ගහමු...

      Delete
    3. කෑගහන්න එපා අම්මෝ ඇනොලා ඉන්නෝ

      Delete
  7. සඳ නාවත් කමක් නැතේ රත්තරං පුතේ..
    හිරු නාවත් කමක් නැතේ රත්තරං පුතේ..
    ඕන දුකක් ඉහිලිය හැකි මහළු ජීවිතේ..
    ඒත් පුතේ නුඹ නාවොත් දුක වැඩි හිතේ.. //
    .
    කුස ගින්නට රස මසවුලු ලැබුණත් මොකටද..
    මගේ පුතේ නුඹේ ඉඳුල් රජ බෝජුනකි මට..
    මහළු මඩම දඟ ගෙයක්ය දඟ ගෙයි ලෑමට..
    ලොකුම වරද නුඹේ පියා වයසට යෑමද..
    .
    සඳ නාවත් කමක් නැතේ.. /
    .
    පාළොස්වක පෝය දාට ගමේ විහාරෙට..
    හිත දුවලා වැඳ ලා එයි මම හැදූ පිළිමෙට..
    මගේ පුතා මතු බුදු වෙයි එකක් කළොත් හෙට..
    නුඹේ අතින් බත් දෙකටක් කවාපන්කෝ මට..
    .
    සඳ නාවත් කමක් නැතේ.. //

    ගායනය : අසංක ප්‍රියමන්ත පීරිස්

    ඔමා, හරිම සංවේදී කතාවක්. මම දැනටමත් මගේ රස්සාවෙන් අස්වීමේ ලියුම භාරදීලයි තියෙන්නෙ. මං යනව මගේ දෙමාපියන්ව බලාගන්න. සමහරවිට ඊටපස්සෙ මටත් ඔයාලගේ ලිපි බලන්න එන්න බැරිවෙයි.

    ReplyDelete
    Replies
    1. තෙ වා @ ස්තුතී මේ සින්දුව හරිම සංවේදී
      එහෙමද ? එහෙම කරන්න එපා අපේ විචාරක තුමා වගේ පැකේජ් එකක් ගන්න,, අම්මට තාත්තට සලකන ඒක උතුම්ම පිංකම මං දකින

      Delete
    2. ඒයි තෙලිදිය ඇයි රස්සාවෙන් අස්වෙන්නෙ?

      Delete
    3. ගෙදර තාත්ත අසනීපෙන් බං. අම්මටත් දැන් අමාරුයි. අපේ හාමිෙන්ටත් තනියම බෑ.
      එ්කයි මං හිතුවෙ පසුවට පසුතැවිලි වෙන්න ඉඩ තියන්න හොඳ නෑ කියල.

      Delete
  8. http://nelumyaya.com/?p=4155
    ඔමා ඉතා සංවේදී කතාවක්

    ReplyDelete
    Replies
    1. අජිත් අයියා@ තෑන්ක්ස් අයියේ

      Delete
  9. මං හිතන්නේ සීයේ කැඩිලා තියෙන්නේ දරුවන්ගේ ෆෝන්
    ඒකයි කෝල් නොඑන්නේ...

    ReplyDelete
    Replies
    1. ඉකොනෝමැට්ටා @ ඔව් සීයට තේරෙන්නේ නෑ නේ ඕක

      Delete
  10. ඉකොනොමැට්ටා කියනවා වගේ දරුවන්ගේ පෝfන් එක තමයි කැඩිලා තියෙන්නෙ

    ReplyDelete
    Replies
    1. සමහර විට එයාලට සිග්නල් නැතුව ඇති පිය සෙනෙහසට

      Delete
  11. මම අම්මත් එක්ක තරහා වෙලා දැන් සතියක් එයාට දුරකතන ඇමතුමක් දුන්නේවත් එයාගේ ඇමතුමට පිලිතුරැ දුන්නෙවත් නෑ..
    වැරැදියි මම වැරදියි අද අම්මට කතා කරනවා...
    ඔමා කෝ ගිය සැරේ කමෙන්ටුවට උත්තර

    ReplyDelete
    Replies
    1. අයියේ මං ඔක්කොටම උත්තර දෙනවා, ඉන්න බලන්න,, සමාවෙන්න හොඳේ.. ඒ වගේම බලන්න ඕනේ මොනාද අහලා තියෙන්නේ කියලා මොකද මං දන්නවනේ කටේ තරම.

      අයියේ අම්මට කතා කරාද,, මාත් අපේ අම්මා එක්ක රණ්ඩු වුණාම කතා නොකර ඉන්නවා එත් එයාට වඩා මං විදෝනවා

      Delete
    2. අයියේ එපා මෙන්ඩා කියහන්...
      කතා කරනවා

      Delete
    3. එල මෙන්ඩා එල :D අපෝ මට බැහැ අයියේ ..

      Delete
    4. ඔයා මට අයියෙ කියන්න ඔමා (නැන්දි නොකියා..).
      වල් මෙන්ඩා මගේ එකේ දෙසිය ගානට කොමෙන්ට් වැඩිකරලා එනව මෙතනත් පිණුම් ගහන්න. ඔයා බයවෙන්න එපා නංගි. මේ අයිය ඉන්නවා ඔයා වෙනුවෙන්.

      Delete
    5. ඔමා ස්තුතියි
      මේ සති අන්තේ සුද්දියන්ට හෙලුවෙන් ඉන්න කියලා මම යනවා අම්මා බලන්න..ඔයා නිසා ඔමා..

      Delete
    6. හරි මධු අද ඉඳන් නැම්දි..

      Delete
    7. නියමයි මෙන්ඩයියේ අම්මට මං මතක් කළා කියන්න

      Delete
  12. ගන්නොනේ අම්මටයි තාත්තටයි කෝල් එකක් දැම්ම.. සක්..

    ReplyDelete
    Replies
    1. දැන් අරගත්තද? කමියෝ අම්මට කිවුවද බ්ලොග් ලියන අහිංසක කෙල්ලෙක් ඉන්නවා කියලා

      Delete
    2. ඡයවේවා...
      ඔමා අපිට...අපි ඔමාට.
      ඡයවේවා...
      ඔමා අපිට...අපි ඔමාට.
      ඔමා අපිට...අපි ඔමාට.

      Delete
    3. ඇත්තටම මාත් අම්මා එක්ක ඊයෙයි අදයි වෙනදට වඩා කතා කළා,, මට හරි සතුටුයි

      Delete
  13. ලැජ්ජත් හිතුනා....ඔන්න මම කෝල් එකක් ගත්තා..අප්පා දෙන්නටම සෑහෙන්න ජොලි...තාත්තානම් ලෙඩින්ලු...යන්න ඕනි බලන්න..මාතෙට කියන්න ඕනි ගිහින් බලල එන්නය කියලා...
    තැන්කූ මේ දැරිවිට...!

    ReplyDelete
    Replies
    1. අනේ ෂෝයි මට ගොඩක් සතුටුයි,, මේක ලිවුවට කිසිම තාලයක් නෑ කියලා තේරුනත් පබ්ලිෂ් කරා එත් දැන් සතුටුයි. අපේ අම්මට කෝල් කරා මාත්.

      Delete
    2. ඔමා බලන්න ඔයා ලොකු වෙනසක් කරලා..
      ආඩම්බරයි මචං

      Delete
  14. ගොඩ දෙනෙක් වයසට ගියාට පස්සෙ පත්වෙන තත්වයක් තමයි ඕක.

    ReplyDelete
  15. හදවතට හුගාක් තදින් දැනුණා මේ කතාව ඔමා.

    ReplyDelete
    Replies
    1. නලින් අයියා @ ආයෙම බ්ලොග් කියෝන එක නම් නියමයි,,, ඔයාගේ කෑම පොස්ට් වලින් ෆ්බ් එකේ ඉගෙන ගත්ත ඒවත් ඉතින් කොහොම අමතක කරන්නද

      Delete
  16. මේ වගේ කථාවලින් අපිට අපේ දෙමව්පියන්ට කථා කරන්න මතක් වෙන එක බොහොම හොඳයි. අනික් කරුණ තමයි අපිත් තව ටික කාළෙකින් ඔය තත්ත්වයට පත්වෙනවා කියන එක. ඒවගේ කාළෙකට මම ලෑස්තිවෙන්නේ මෙහෙමයි. අපි ජීවිතේ කරන ලොකුම වැරැද්ද තමයි අපේ සතුටේ ස්විච් එක අනික් අයට බාරදීම. ඉස්කෝලෙ හොඳ ලකුණු ගත්තොත් ටීචර්ස්ල අම්මලා හොඳයි කිව්වෙ නැත්නම් ගතියක් නැහැ. ජොබ් එකේ හොඳට වැඩ කළත් බොසා හොඳයි කිව්වෙ නැත්නම් ගතියක් නැහැ. පවුල් ජීවිතේ මොන කැප කිරීම් කළත් අනික් පාර්ශවය අගය නොකළොත් වැඩක් නැහැ. ඒ කියන්නේ අපි හොඳ දෙයක් කරල සතුටු නොවී අපිට පාලනයක් නැති අයගේ අතට අපේ සතුටේ යතුර භාර දී තිබීම. තමන් හොඳ දෙයක් කල විට ඒ ගැන බොසාවටවත් අනික් අයටත් කිසිදෙයක් නොකියා තමන් තමන්ටම සුභපතාගෙන අර යතුර තමන්ගෙ අතට ගන්න පුරුදු වුනොත්, මොනවත් කරගන්න බැරිකාලේ මේ වගේ අසරණ වෙන එක අඩු කරගන්න පුළුවන්. ඒක දිනපතා, සතිපතා කරන ව්‍යායාමයක් වගේ පුරුදු වෙන්න. ලියන්න ලෙසියි කරන්න ටිකක් විතර මහන්සිවෙන්න වෙනවා. විශේශයෙන්ම හොඳ වැඩක් කරපු ගමන්ම ඒ ගැන ඉක්මනට තව කෙනෙකුට කියන්න බලාගෙන ඉන්නවනම්.

    ReplyDelete
    Replies
    1. lan මුලින්ම ඔයාව මගේ හීන අඩවියට ආදරෙන් එකතු කරගන්නවා..

      ඇත්තටම ගොඩක් හොඳ අදහසක් lan.. ස්තුතී ඔයාගේ අදහසට.. ///පි ජීවිතේ කරන ලොකුම වැරැද්ද තමයි අපේ සතුටේ ස්විච් එක අනික් අයට බාරදීම. ///
      ඒක නම් හරියටම හරි කතාව..

      Delete
    2. මේක ගැන පෝස්ට් එකක් දැම්ම lankanian.blogspot.com, පුළුවන් වෙලාවක බලන්න

      Delete
    3. මං කියෙවුවා තෑන්ක්ස්.. ඔයා දක්ෂ ගී පද රචකයෙක්

      Delete
  17. මමත් මේ කතාව කලින් මුහුණු පොතේ දැකල තියෙනවා...

    නමුත් මෙය ගොඩක් සංවේදී කතාවක් බව නොකියා බැහැ. මම ඉස්සර ඉඳලම ගෙදරට කතා කරන්නේ තරමක් අඩුවෙන්.
    කැම්පස් ඉන්න කාලේ ගෙදරට කෝල් නොකළත් සති අන්තේ ගෙදර යනවා.
    ඊට පස්සේ රස්සාවට ආවට පස්සේ ගෙදර යන එක මාසෙකට එකහමාරකට වතාවක් වගේ උනා. ඉඳල හිටලා අම්මට කෝල් එකක් එහෙමත් දෙනවා.
    කසාද බැන්දට පස්සේ ගෙදර යන එක ටිකක් වැඩි උනා. දැන් ආපහු සතියකට දෙකකට වතාවක් වගේ ගෙදර යැවෙනවා.
    හැබැයි නිකන් විස්තර අහන්න ගෙදරට කෝල් කරන එකනම් මගේ අතින් සිද්ධ වෙන්නෙ නැතිම තරම්.
    හැබැයි ඉතින් අම්මා කෝල් කලාම ඒ කෝල් එක කට් කරලා ඒ වෙලාවේම ආපහු කෝල් කරන එකනම් හැම වෙලාවේම වගේ අතපසු නොකර සිද්ධ කරනවා...

    ඔන්න මම පෝස්ට් එකට රිප්ලයි එකක් දාන්න කලින් අම්මට කෝල් එකක් දුන්නා...

    ReplyDelete
    Replies
    1. ලොකු @ අම්මට කෝල් කළා කීවම මට සතුටුයි මොකද මං ඉන්නේ දවස ගානෙම කතා කරන්න බැරි දුරක,, ඒ කෝල් වල වටිනාකම මං හොඳට දන්නවා,,, මාත් කොහේ හෝ පුංචි පින්තුරේක දැකලා තිබ්බ මතකය සීයා නිසා අලුත් වුනා ඒකයි ලිවුවේ

      Delete
  18. ඔහොම දෙමාපියන්ට කතා නොකරන ළමයිගෙ දරුවො තමන්ට කතා නොකර ඉද්දි නම් කෑ ගහන්න උඩ පනින්න දන්නවා. එත් තමන්ගේ තාත්තට කතා කරන්න දන්නෙ නෑ.

    ReplyDelete
  19. හිත රිදුනා................. අගේ අති රචනා හැකියාවක්... අගෙයි ඔමායා

    ReplyDelete
    Replies
    1. දැකලා අපේ හිත් රිදෙනවට වඩා විඳවන හිත කොච්චර රිදෙනවා ඇත්ද නේ කුරුට්ටෝ

      Delete
  20. මේ කතාව කලින් දෙතුන් වතාවක්ම වගේ කියවලා තිබුනා.. ඇත්තටම වැඩිහිටියෝ වයසට යද්දී එයාලා හොයන්නේ දරුවන්ගේ රැකවරණය ආදරය.. ඒක නොලැබුනාම ඒ අයට දැනෙන වේදනාව කොයි තරම්ද කියලා දන්නේ ඒ හිත්ම තමයි..

    ReplyDelete
    Replies
    1. දිනේෂ් ..මාත් දැකලා බැරිම තැන කුරුටුගාලා දැම්මේ හිතට තදින් වද දීපු නිසාමයි.. මට ඇහිලා තියෙනවා සමහරු කියනව අපි දරුවෝ ඇහේ මුණේ තියන් හැදුවේ.. එත් දැන් උන්ට අපිව දෑහට පේන්න බෑ කියලා

      Delete
  21. වයසට යනකොට මිනිස්සු අසරණ වෙන් හැටි දකිනකොට ,මේ මිනිස්සුම මීට කාලෙකට කලින් ජීවත් වෙන්න , ළමයි ලොකු මහත් කරන්න කොයිතරම් දුක් විඳින්න ඇතිද කියල හිතෙනවා, මිනිස්සුහමදාම කරන්න ජීවත් වෙන්න ලාස්තිවෙන එක කියනවනේ

    ReplyDelete
    Replies
    1. අපි කැමති ඉවානයාත් ඉක්මනට තාත්තලාගේ සංගමයට එකතු වෙනවා නම්

      Delete
    2. ඈ අයියේ මෙයා තව කොහේ තාත්තා වෙන්නද සීයා කෙනෙක් වෙන්න විතරයි තියෙන්නේ..

      Delete
    3. ඉවාන් අයියේ @ ඔව් මිනිස්සු හැමදාම ජීවත්වෙන්න ලෑස්තිවෙනවා .. වයසට ගිහින් අසරණ වෙන අය දකිද්දී අපි මේ ජීවිතේ කරන්නේ මොනාද කියලා හිතෙනවා

      Delete
  22. ඔන්න ආයෙත් කැරකිලා ආවා ෆලෝ බටන් එක ඔබලා යන්න ඔමාගෙ හීන පාස්සේ පන්නන්න යන්නේ....

    ReplyDelete
  23. හදවතට දැනෙන, හිතන්න යම් තියෙන කතාවක්........ අපූරුයි......

    ReplyDelete
  24. දුක හිතෙන එකක් දාලා :(

    ReplyDelete


ලිපිය කියවා කොමෙන්ට් නොකලත් කමක් නැහැ.. කමෙන්ට් කලොත් සතුටුයි. ලිපිය කියවන්නේ නැතුව කොමෙන්ට් කරන්න එපා.
අපුර්වි_


,නිතරම යහපත කරන්න...,සතුට සැනසිල්ල හැමදාම ඔයාලග රැදේවි,,දෙවිපිහිටයි,

Related Posts Plugin for WordPress, Blogger...