Wednesday, December 30, 2015

කිනර සයුර | sea of Galilee (preamble)

ඉර බැහැලා සෑහෙන්න වෙලා ගිහින් වුණත් ජෝර්දාන් කඳු වැටිවලට උඩින් අහස අඳුරු පැහැයක් ගන්නේ නැතුව, රතට හුරු කහ මිශ්‍ර තැඹිලි පැහැයක් අරන්. ඒක මං කවදාවත් දැකලා තිබුණේ නෑ... 

කලින් වතාවේ ගිම්හානේ මැදදී අපිට කිට්ටු වෙන්න වත් බැරි තරම් සෙනගක් ගලීල මුහුද අවට වසාගෙන හිටියත්, මේ ශීතල ජනවාරියේ ඉර බැහැලා ගිය හැන්දෑවක ශීත සුළං එක්ක ඔට්ටුවෙන නමක් දන්නේ නැති උස පඳුරු ටිකක් හැර කිසිම කෙනෙක් පේන්න හිටියේ නෑ. 

මහ මුහුදෙ වගේ විශාල රැළි නැති ගලීල මුහුදේ තාලෙකට උස් පහත් වෙන රැළිති මට මතක් කළේ අනුරාධපුර වන්දනාවක ගිහින් එද්දි නතර වෙච්ච වැව් ඉස්මත්තකදී දැකපු දිය රැළිතිමයි; 

පෝය දින ගැන කිසිම සදහනක් නැති කැලැන්ඩර් එක්ක දින ගෙවන මට පිරුණු හඳ දකින හැම වෙලාවකම ගෙදර මතක්වෙනවා. පොහොයට පන්සල් යන සිරිතක් තිබුන හෝ නිතර සිල්සමාදන් වුන්  මතකයක් නොතිබුණ මම  පිරුණු හඳ දිහා ආදරයෙන් වරුවක් වුනත් බලන් ඉන්න හේතුව ගැන හිතන්න මට උවමනාවක් නැහැ. 

 සඳ වැවට උඩින් පායපුවම වැවේ වතුර සඳ එලියේ චායාව අරන් රත්තරන් පාට වෙලා තියෙන පින්තූර විතරක් දැකලා තිබුණ මට, ඒ පින්තූර වල කිසිම විශේෂයක් පෙනුණේ නෑ. පුංචි කාලේ හම්බුණු වෙසක් කාර්ඩ් වල ඒ දර්ශනේ හරි ලස්සනට තිබුණා; (මං මගේ ඇස් වලින් දැකපු ලස්සනම දේවල් අතර උඩින්ම තිබුණේ අපේ තාත්තා බෝගම්බර ඉද්දි මට හදලා එවලා තිබුණු...නෑ ඒ මතකය මේ කතාවට කොහෙත්ම යාවෙන්නේ නෑ මේක රොමෑන්ටික් කතාවක්). 

ජීවිතේ කවදාවත් සඳ රැස් ගලාගෙන ඇවිත් වතුරේ දියවෙනවා කියලා මං විශ්වාස කලේ නෑ. ඒ ලස්සන මගේ ඇස් වලින් හිතපුරා විඳ ගද්දි මගේ ඇස් දකින අර උස පඳුරු හිත් යටින් මට හිනාවෙන්න ඇති.

සමහර ඉංග්‍රීසි චිත්‍රපට බලද්දි, සමහර දර්ශන වල මිනිත්තු ගණන් කිසිම වචනයක් කතා කරන්නේ නැතුව එකිනෙකා දිහා බලන් ඉන්න පෙම්වතුන් හෝ තනි ගැහැණියක් එහෙම නැත්නම් පිරිමියෙක් ඉන්න බොහෝ වෙලාවල, ඒ දර්ශන විකාර විදියට සහ අස්වාභාවික දේවල් විදියට මම දැක්කා. කොටින්ම ඒ චිත්‍රපටය බැලීම නතර කරලා ක්‍රියාදාම චිත්‍රපටයක් බලන්න පටන් ගන්න වෙලාවල් පවා තිබ්බා. ඒ මමම අද නොරටක පුංචි මුහුදක් ළඟ නැවතිලා.

සීතල සුළඟ නොනවත්වාම ඇඟ පුරා දැනෙද්දිත්, සඳ මුහුදු ජලකඳ මත දිය කරන සඳ රැස් අතර, මසිතත් තබා ඒ සියලු අතීත මතකයන් දිය කරන්න මම උතසහ කළා.

ඉර බැහැලා ගියාට පස්සෙත් අමුතු වර්ණයෙන් වර්ණවත් වූ අහස ගැන දැන ගැනීමේ ආශාව යටපත් කරලා සඳ එළියෙන් මිදුණු මාව දැකපු  ඔහු සිනාසුනේ තෘප්තිමත් හදවතකින් වග මා මෙන්ම උස් පඳුරුත් දකින්නට ඇති. 

ඒත් සීතල ජනවාරියේ අඳුරු හැන්දෑවක තනිවූ පෙම්වතුන් එකිනෙකා තුරුළු වෙමින්, උණුසුම් හාදූ අතර කිමිදෙනවා වෙනුවට අහස ඒ පාට වුණේ ඉහළින් ඇති ලෙබනන්, සිරියන් කාන්තාර වලින් සුළඟට මුසුවූ දූවිලී අංශු නිසාද, නැත්නම් වෙන හේතුවක් නිසාද යන්න අහන එක හරිම අතාත්ත්විකයි. 

ඒත් ඒ ප්‍රශ්නේ මං ඇහුවොත් එයා අනිවාර්යයෙන්ම උත්තර දේවී..නෑ නෑ පස්සේ අහනවා..ආයේ මේ වගේ මොහොතක් අපිට කාලෙකින් නොලැබේවි.

ඒත් ඒ ප්‍රශ්නේ... පස්සේ මට අමතක වුනොත්.... මොහොතකට සියලු සිතුවිලි විසිකර මසිත පමණක් නොවේ ගතත් ප්‍රියකරන, ඔහුව තදින් වැළඳගෙන ඇස් දෙකම තදින් පියාගත්තා.
-----------------------------------------
ප/ලි 

අද අවුරුද්දේ අන්තිම දවස..මාස කීපයක් නොලියා හිටියත් බොහෝ හිතවත් බ්ලොග් කරුවන්ගේ ලියන්නේ නැද්ද නංගි,ආයෙම ලියන්න ,මොනාහරි ලියන්න කියන ආදරණීය ඉල්ලීම් හමුවේ ආයෙම ලියන්න හිත මේවා කරගත්තා. මේ ලිපිය ලිවුවේ ඇයි කියලා මං දන්නේ නෑ..මට ලියන්න අවශ්‍ය වුණේ ගලීල මුහුද ගැන..සහ තිබේරියා කියන නගරයේ ඉතිහාස කථාවන් ගැන. පෝස්ට් එක අඩුපාඩු සහිත ඇති ඉක්මණින් යථාතත්වෙට එන්න උතසහ කරන්නම්.. ලියාදාන එක මතකයන්  හිතේ කොන් වල හිරවෙලා මැකිලා යන්න ඉඩ අරිනවට වඩා හොඳ වෙයි. 

සුබම සුබ අලුත් අවුරුද්දක් මගේ යාළුවො හැමෝටම.

91 comments:

  1. කාලෙකට පස්සේ. ලස්සන කථාවක්. ඉතින් ඇහුවේ නැතැයි අර ප්‍රශ්ණෙ එයාගෙන්? සුභ අළුත් අවුරුද්දක් වේවා !

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඉයන් චකිතයක් එක්ක ලියුවෙ.
      හි හි හි උත්තරේ ලියන්නම්කෝ පස්සේ

      Delete
  2. අපූරුයි අපූර්වී ... ජීවිතය නිස්සාරයි කියල වැටහුනාම තනිකම කියන්නේ ලොකු ජය්මල්ලක් එක්ක ඇදෙන ලොතරැයියක් වගේ අපූර්වී...

    සියලු පැතුම් සඵල වන්නාවූ සුභම සුභ නව වසරක් වේවා..

    ReplyDelete
    Replies
    1. අ කා. මගේ බ්ලොග් එකට ආපු පලවෙනි වතාව වෙන්න ඕනේ. ඔයාවත් මගේ හීන අඩවියට ආදරෙන් එකතුකරගන්නවා

      Delete
  3. ලෑන් සීයයි අම්බලන්ගොඩයි පස්සෙන් ආවට මොකද මෙන්න මගෙ ඇඟෙත් මකුළුදැල් පැටලිලා..
    හෙහ් හෙහ්...
    බොහොම රොමාන්තික මොහොතක්...අන්තිමට නොකියා ගහන මිසයිලෙත් සෑහෙන සැරකට දැනෙනවා..
    වලවේ ගඟේ දිය යට හංගපු කෝං කොට උඩ සනීපෙට වාඩි වෙලා ඔලුව විතරක් උඩ තියාගෙන හවස හතරෙ පහේ විතර ඉඳන් රෑ නමය දහය වෙනකන් ගස් අතරින් හඳ පායලා සඳ දිය කිරණ විහිදුවන හැටි බලන් හිටියා අතින් හඳ අල්ලන ගමන්... චැඃ..... බොට නම් රහටම ලියන්න පුළුවං..ආපහු දැනුනා වගේ.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. හි හි හි

      තැන්කිව් ලබූස් ...ලියන්න හුරු නෑ වගේ ඔය ලිවුවට. ශා හරි ලස්සන වාක්‍යයක්.ඔයා ලියපු එකක්ද

      Delete
    2. විඳපු එකක්..තනිකරම විඳපු එකක්..කොහොමෙයි ඒ අත්දැකීම?? (පොලිසියෙන් ආවොත් හබක්.)

      Delete
    3. හ්ම්ම්ම්ම්ම්ම්....පිලිතුරු සැපයීම පසුවට කල් තියන්නම් තරහා නෑ නේ :D

      Delete
    4. බොටත් හැකියි රහටම ලියන්න​, අර 'රෙඩ් ලේඩි' ද මොකක්දෝ එකක් වගේ රසට​, ජය වේවා.................

      Delete
    5. බොට ඒක මතකයි නේ... හෙහ් හෙහ්.. මේ තියෙන්නෙ ඒක.
      http://gaslabba.blogspot.com/2015/03/blog-post_8.html
      රෙඩ් ලේඩි කියන්නෙ රස ගස්ලබු වර්ගයක්.

      Delete
  4. අප්පද බොල, මැටනිටි ලීව් ඉවරද?
    බබා ඩේ කෙයා එකට දැම්මද

    ReplyDelete
  5. හා ඔමා ඇවිත්. බොහොම සතුටුයි. බොහොම ආදරනීය මොහොතක්. ඉතුරු ටිකත් ලියන්න ඉක්මනින්.

    තව චුට්ටෙන් අමතක වෙනවා. ඔයාටත් සියලු පැතුම් ඉටු වන සාමය, සතුට, වාසනාව සපිරි ශ්‍රී සුභ නව වසරක් ම වේවා!

    ReplyDelete
    Replies
    1. ස්තූති කසුන්. ලියන්න උත්සහ කරනවා ඉක්මනින්

      Delete
  6. ස්ව්භාව දර්මයේ ලස්සන තැන් ඇස් ඉදිරියට ගෙනා අපූරු ලියවිල්ලක්,

    ඔබ ඇතුලු සැමට සුභ නව වසරක්...............

    ReplyDelete
    Replies
    1. මගේ කාලයෙන් වැඩිහරියක් ගෙවෙන්නේ ජනේලෙන් එලිය බලන් ඉන්න ..කුරුල්ලෝ වලාකුළු දිහා බලන්න...ඒකනේ අනේ විභාග ඔක්කොම ෆේල් උනෙත්... හි හි ස්තූති උන්මතක . පිස්සා සහ උන්මන්තකයා කියන්නේ දෙන්නෙක්ද.. නැත්තන් මේ වච්න දෙකම එකයිද...

      Delete
    2. සේකර නිව්යෝක් ගිහිං හඳ දිහා බලාගෙන ලියපු කවියක් තියෙනවා.. පට්ට .... මතක නෑ නෙව.. දන්න කෙනෙක් කියන්නකො.

      Delete
    3. අලුත් අවුරුද්ද එළඹෙන මේ වෙලාවේ මගේ කට අවුස්සග​න්න එපා උමා,.................................................................................................................................පිස්සා ගැන නම් මම දන්නෑ,.....මේ උන්මන්තක ඔබ හිතන තාලේ උම්මත්තකයෙක් නෙමෙයි,.................................................................................................................අර්ථයේ උපරිමයයි.,.

      Delete
    4. අනේ මාත් අහලා තියෙනව ලබුස් ඒත් මතක නෑ.

      උම්මන්තක අම්මෝ මෙයාගේ සැර

      Delete
  7. හෑ... එහෙනං ලිව්වා නේ. එල .මම හිතුවේ ලියන එකක් නෑමයි කියලා. කොහොම හරි ගලීල මුහුද අද්දරට වෙලා හඳත් එක්ක හීන අත්දෙකට අල්ලගන්න සුබපැතුම් . ලියපිය දිගටම රකන්ටෝ හූ ...

    ReplyDelete
    Replies
    1. ආසාවෙන් ඉන්න ඇති ලියන එකක් නෑ කියලා...හූ ඈ

      තැන්කිව් ..එක පාරක් කිවුවනේ ඔය නම් මතක් කරන්න එපා කියලා ඉදගෙන :(

      Delete
  8. හීන හීන හීන
    ඩ්‍රීම්ස් පෝ සේල් කීල බෝඩ් කටුවක් ගහමු ඈ...
    ඊළග අවුරුද්දෙ හම්බෙමු
    සුභ නව වසරක් වේවා

    ReplyDelete
    Replies
    1. සේල් දාන්න තරම් හීන තියෙනෝ.....
      තැන්කිව් මහේස්ඃ

      Delete
  9. මම අඟහරුවගේ අඩවියේ උඹට බැනලා ආවා, මොකද බොල නොලියන්නේ කියලා. මෙන්න බොලේ මගේ බ්ලොග් රෝලට එනකොටම මේ පෝස්ට් එක ඇවිත්.

    මේක කියවපු ගමන්, මට පැරණි ලිපියක් මතක්වුණා. අන්තර්ජාලය ගැන අපි අහලාවත් නැති කාලයේ, බ්‍රිතාන්‍යයේ සේවය කල ශ්‍රී ලාංකික හෙදියක්, ලංකාවේ පුවත්පතකට ලිපි ලිව්වා. ඇයත්, මේ ලිපියේ ඔබ කියා ඇති ආකාරයටම, හඳ ගැන කියා තිබුනා. අද පෝය නේද කියා ඇතිවුණු හැඟීමෙන්, ඇගේ ළමා කාලය සිහිවී, සිතට දැනුනු දුක, ඉතා සංවේදීව විස්තර කර තිබුණා. මට මතක හැටියට 1970 දශකයේ.

    'හීනෙන් මගේ රටෙයි නිදියන හැමදාම' කියලා, නන්දා මාලනී කියන ගීතයත් මතක්වුනා.

    බලාපොරොත්තු ඉටුකරගෙන, ඔබේ කැදැල්ලට පියඹා එන කාලය ඉක්මන් වේවා! කියා මේ අලුත් අවුරුද්දේ සුබ පතනවා.

    ReplyDelete
    Replies
    1. විචාරක තුමණි බනින්න පෙර සිතා බලනු කියන්නේ ඕකට තමයි.

      ඒ ලිපි කියවන්න මටත් ආසයි. දැන් හොයාගන්න බැරිවෙයි නේද.. නන්දා මාලනී මහත්මියගේ සින්දුව අහන්න් ඕනේ. මන් ෆෝන් එකෙන් පෝස්ට් ලියන්නේ කමෙන්ට් කරන්නේ අකුරු අඩුපාඩු තියෙන්න පුලුවන් සමාවෙන්න ඒ ගැන.
      ස්තූති.

      Delete
    2. සමාවෙන්න. කලින් දාපු කමෙන්ට් එකට අදාලව දාපු ලින්ක් එකේ, නන්දා මාලනී ගේ ගීතය, නපුංසකයකු විසින්, උම්බෑ ගාමින් තටමන එකක් තිබුනේ. මේ තියෙන්නේ නියම ගීතය. ඉතාම සංවේදී ගීතයක්.

      http://www.ananmanan.lk/free-sinhala-mp3/song/2710/wilak-wunath-nil-diya-piri-nanda-malani-sinhala-mp3.html

      Delete
    3. නැහැ කමක් නෑ මන් ඩිලීට් කරන්නම්. ගොඩක් ස්තූතී

      Delete
  10. හරිම සතුටුයි ඔමා. ඔය දැන් ලියන්නෙ නැහැ කියලා කීප දෙනෙක්ම කියලා තිබුන නිසා දුකෙන් හිටියෙ.
    හැබැයි පහුගිය දවස්වල ඔයාගෙ කමෙන්ට්ස් දැක්ක නිසා නිකමට හිතුනා ඔයා ආය ලියයි කියලා.
    දිගටම ලියන්න නතර කරන්න එපා. ඔයාලා වගේ ලස්සනට ලියන අය නැති උනොත් අපි මොනවද කියවන්නෙ ?

    ReplyDelete
    Replies
    1. වරාමලී: ඔයාව මගේ හීන අඩවියට ආදරයෙන් එකතුකරගන්නවා.
      සමහර පෝස්ට් වල මන් දැකපු මගේ නමින් තියෙන කමෙන්ට් බලද්දි වෙන එකවුන්ට් එකකින් දාලා කවුරුහරි. අනේ මන්දා අපේ බ්ලොග් ලෝකේ එහෙම කට්ටියකුත් ඉන්නවනේ.
      ස්තූති දිරිගැන්වීම ගැන

      Delete
  11. දැනවත් තේරෙණවද ඇයි අපි උඹට ලියන්න කියන්නේ කියලා... උඹ වාර්ථාකාරියක් වෙනවට වඩා නිර්මානකාරියක් ලෙසයි එලියට එන්න ඕනා.. වාර්ථාකරණයත් කලාට කමක් නෑ නිර්මාණශීලිත්වයත් එක්ක.. දැන් තිබේරියා ගැන දැන ගන්න ඕන එකෙක් සර්ච් කරලා බලයි නේ...

    සුභ අළුත් අවුරුද්දක් වේවා....!!!!

    ReplyDelete
    Replies
    1. ලොක්කා: හරි තේරුනා. :( .ඒත් මේ වගේ කතා මට හරියයිද ලියන්න. ආයෙම කියවද්දි හිතෙනවා ඕනේවට වැඩිය වැල්වටාරම්ද කියලත්.
      ටැන්කූ

      Delete
  12. ආයම ලියන එකට සන්තෝසයි මැඩම්....:)

    ගැලීලි මුහුදට කිනර සයුර කියල කියනවද?

    ReplyDelete
    Replies
    1. ගලීල මුහුදට නම් ගොඩක් තියෙනවා. බහුලව පාවිච්චි වෙන්නේ "කිනරෙත්" කියන නම. ඊශ්‍රායලයේ තියෙන විශාලම පිරිසිදු වතුර සැපයුම.ඒකට ඒ නම හැදිලා තියෙන්නේ වීනාවක හැඩයට පිහිටලා තියෙන නිසා.

      Delete
  13. මං දැම්ම කමෙන්ට් එකක්. පස්සෙ ඇවිත් බලනකොට සර්වර් කනෙක්ෂන් ෆේල් ලු. පහළිං ආපහු දැනව මතක හැටියට.

    සඳ සහ දිය ගැන චමත්කාරජනක ලියවිල්ලක් තිබුණා අපේ ගම පොතේ. ඒක හරියට සුරංගනා කතාවක් වගේ ලස්සනයි. අපිට වෙලා තියෙන්නෙ, ඔය චමත්කාරය දකින්න එකඟ මනසක් සහ වෙලාවක් නැතිකම.

    මම කාලෙකින් ඊයෙ රෑ අහස දැක්කා. මට මතක් උනේ, මං චූටි කාලෙ හිතනවා, කළාමැදිරියො උඩට උඩට පියාඹලා ගිහිං තරු බවට පත් වෙනවා කියලයි.

    දැං කළාමැදිරියොත් හිඟයි. සැර විදුලි ආලෝක වලින් උන්ගෙ ජීවිත වල වෙනස් කම් කරලා. ගොඩක් උන් වඳවෙලා ගිහින්.

    ReplyDelete
    Replies
    1. ඩෘකී..ඔය මට ලියන්න පුලුවන් උපරිම විදිය කෙහෙල්මල් නම :(
      ආයෙම කමෙන්ට් එක ටයිප් කිරීම ගැන ස්තූතී. ඩ්‍රැකී මන් ඔපීනියන් එකක් දෙන්නම් ඔය ප්‍රශ්නෙට. මන් කරන්නේ ඕනේම කමෙන්ට් එකක් පබ්ලිශ් ක්ලික් කරන්න කලින් අනිවාර්යයෙන්ම කොපි කරන් ඉන්න එක.
      ඔව් මනස එකගවෙනකල් නොයිද අමුවෙන් ඉන්න විදියටම නවතින්න ඕනේ චමත්කාරය දකින්න පුලුවන්.

      මේ මන් කලාමැදිරි දැක්ක්‍රෙ කාලයක් මතක නෑ. ඉස්සර රෑට අපිට ට්වි නෑනේ ඒ හින්දා උන් අල්ලන්න බලන්න වෙලාව තිබ්බා. ..ඒත් දැන් කොහෙද. ලයිටුයි. උන්ට ජීවත්වෙන්න බැරි පරිසරෙයි අයියෝ කලාමැදිරියෝ.... මන් පොස්ට් එකක් ලියන්නම් පස්සේ

      Delete
    2. මගෙ නම ටයිප් කරන්න බැයිනං පුළුවං විදිහකට දාන්න ඔමා... මයෙ අමනාපයක් නෑ.

      අර කිව්ව උපදේශෙ මතක තියාගත්තා. ඒකට ස්තූතියි.

      අනිවාර්යෙං අර කතාවත් ලියන්න. ඊට කලිං මයෙ බ්ලොග් එකේ කිව්ව විදිහට ටෝරාව ගැනත් ලියන්න ඈ...

      Delete
    3. විහිලු අනේ. මන් දැන් ඩ්‍රැකී ලියන්නේ මකරා කියලා ඉන්ග්‍ර්‍රීසියෙන් ලියලා
      ඔව් ලියන්නම්..මේ අවුරුද්දේ උත්සහ කරනවා

      Delete
    4. ඩ්‍රැක්‍යුලා කියන පරම්පරා නම එන්නෙත් මකරා කියන තේරුමෙන්ම තමයි...

      Delete

  14. ලස්සනයි ඈ...
    ඔන්න මමත් මේ පැත්තට ගොඩ වුණා)
    සුබ නව වසරක් වේවා!!!

    ReplyDelete
    Replies
    1. මහේශ් ඔයවත් මගේ හීන මඩුවට ආදරෙන් එකතුකරගන්නවා.
      ස්තූතී

      Delete
  15. කාලෙකට පස්සේ ඔමායා ගෙන් අපුරූ හීනයක්.. ඉතින් කවදද ඒ ප්‍රශ්නේ එයාගෙන් අහන්නේ?

    සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!

    ReplyDelete
    Replies
    1. කමී ස්තූතියි. හෙට අනිද්දටම අහමු.

      Delete
  16. හා කාලෙකින්...

    ඔයා ලියන්ට ගියපු එක ගැන ලියන්ට... මම හිතනවා ඒක සුපිරියට ලියවෙයි...

    ජය වේවා...

    ReplyDelete
    Replies
    1. හායි චතු ඔව් අනේ බිසිවුනේ නෑ නේ අනේ ඒ හින්ද බ්ලොග් ලියන්නත් කම්මැලි හිතුනා. දැන් පට්ට බිසී .වෙලාව තියෙනවා හොදට.

      ඉක්මනට ලියන්නම්
      ස්තූති

      Delete
  17. තව මොන අඩුපාඩුද?
    සුභ අලුත් අවුරුද්දක්...

    ReplyDelete
    Replies
    1. හායි උගුඩුවා ඔයාවත් මගේ හීන මෙවුවා එකට ආදරෙන් එකතු කරගන්නවා.
      ස්තූති

      Delete
    2. ඌ උගුඩුවා නෙමෙයි යකෝ උඩුවා...
      මේ වෙද්දී ඌ එල්ලිලා මැරිලද දන්නෙත් නැහැ විළිලැජ්ජාවේ සන්තෝසේ වැඩි කමට...

      Delete
    3. ලොකු : අනේ මන් ඩ්ඃඇක්කේ නෑ. හි හි

      Delete
    4. හිනා යන්නේ උගුඩුවා කිව්වා එකට නෙවෙයි ඩ්ඃඇක්කේ නෑ කියන එකට. ෆට්ට වර්ඩ් එකක්

      Delete
    5. ෆෝන් එකෙන් ටයිප් කරේ ඇනෝ බස් එකේ යනගමන්. මන් දැක්කේ පබ්ලිශ් කරාට පස්සේ . :(

      Delete
  18. ඔය ලිය්ලා තියෙන්නේ ලෙසටම....

    ----
    එහෙනම් ඉතින් සියලු සිතුම් පැතුම් සඵල වල ප්‍රීතිමත් සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා පතනවා...

    ReplyDelete
    Replies
    1. විභී: තැන්කුයි හොදේ.. ඔයා තාමත් ඉස්සර වගේ බිසී ද. හි හි

      Delete
    2. ඉඳලා හිටලා
      ( යහපාලන භාෂාවෙන් නම් ඉඳන් සහ හිටං )

      Delete
  19. ඔමාටත්, හීන දකින හැමටත් සියලු පැතුම් ඉටුවන වාසනාවන්ත සුබ නව වසරකට ආසිරි.

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න අයියා,
      ඇයි ඔයා හීන දකින්නේ නැද්ද

      Delete
  20. තුන්වෙනි පාරටත් බිලොක් ලොකේට සාදරනේ පිලිගන්නවා එහෙනං....

    සු භ අලුත් අවුරුදුදක් වේවා ර්‍ර්‍!!

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. එවුවනම් ඔක්කොම මතකයි නේද :/
      ස්තූතී.ඔයටත් එසේම වේවා

      Delete
  21. සුබ නව වසරක් වේවා...!

    ReplyDelete
    Replies
    1. කිරියෙන් පැණියෙන් ඉතිරේවා

      Delete
  22. bloga daana anek mithurange blogs wala oyawa dakala search kalaa, lassanai post eka, liyanna api ennam balanna.
    oyaata suba nawa wasarak wewaa...!

    ReplyDelete
    Replies
    1. සෙනරත් : ඔයාවත් මගේ හීන මඩුවට ආදරයෙන් එකතුකරගන්නවා.

      ස්තූතී

      Delete
  23. සුබ අලුත් අවුරුද්දක් වේවා!

    ReplyDelete
  24. ඔමෝ............

    සුභ අලුත් අවුරුද්දක් වේවා.....

    ReplyDelete
    Replies
    1. ඔයාටත් පවුලේ හැමෝටමත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා

      Delete
  25. Hammeh, Such a pleasure to see you writing again!!!
    May sky be the limit of your happiness this New Year!
    Have a fantastic year ahead and make it a one to remember!!
    Cheers!!!
    ~PiRe~

    (Phone eke sinhala na. singlish kotanna appiriyai. kadden ma ketuwa onna)

    ReplyDelete
    Replies
    1. Thank you Pire,


      Yes its better than Singlish

      Delete
    2. ඒකනෙ ඒකනෙ අක්කෙ! 
      හෙළුවෙං වණන ඒවා හෙළු-කඩ්ඩෙං කොටන්න ගිහිල්ලා නිකං හෙලුවෙං වනන්න ඕනි නෑ නෙ.
      ඒ නිසා හරි කඩ්ඩෙං ම කෙටුවෙ ඉතිං!!

      මෙහ්, ඒවා වැඩක් නෑ, කෙටියෙං ම කියනවා නං, 
      අම්බානක කාර්‍ය්‍යබහුල වෙලා ඉන්න වෙලාවක, මාස ගානකට පස්සෙ බ්ලොග් ලෝකෙට ගොඩවැදුණෙ ආයෙත් මාස 8කට විතර අන්තර්(ජං)ජාලයට සමුදෙන්න බලාගෙන වෙලත්, වැඩ සියල්ලම පැත්තක දාලා එක හුස්මට කියොලා දැම්මා!!
      එච්චරට රසයි ඈ!!

      (අනිත් රචකයෝ තරහ ගන්න එපා, ඒවත් කියවනවා කෝම හරි!! කමෙන්ට් නං බැරිවෙයි ඉතිං :-( ජීවිතේ හැටි )

      Delete
    3. පීරේ.එහෙමද..පුලුවන් වෙලාවට බ්ලොග් වලට ඇවිත් යන්න.මන් මේ කාරයබහුලකමක් නැතුවත් එන්නේ නැති කෙනානේ.
      තෑන්ක්ස් මල්ලි

      Delete
    4. පීරේ.එහෙමද..පුලුවන් වෙලාවට බ්ලොග් වලට ඇවිත් යන්න.මන් මේ කාරයබහුලකමක් නැතුවත් එන්නේ නැති කෙනානේ.
      තෑන්ක්ස් මල්ලි

      Delete
  26. අපූරුයි අපූර්වී ඔබටත් සුබම සුබ නව වසරක්වේවා

    ReplyDelete
    Replies
    1. සාවී:ස්තූතී...ඔයාටත් පවුලේ ඔක්කෝටමත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා

      Delete
  27. ඔබට මනරම් හීන ලියන්නට හැකිවන, සිතේ හීන සැබෑවෙන, හීන කුමරාගෙන් ජීවිත කාලයක් බැඳෙන්නට ඇරයුම සංකේතවත් කරමින් දියමන්ති මුදුවක් ලැබෙන, සැමවිට සතුටින් සිටින ඉදිරිකාලයක් නව වසරත් එක්ක ලැබෙන්න පතනවා.

    ReplyDelete
    Replies
    1. ඉයන්:ඔයාගේ පැතුමට ස්තූතී හොදේ. ඒ මුද්ද හම්බුණාම කියන්නම් හොදේ

      Delete
  28. අපූර්වී ඔබට සුබ නව වසරක්වේවා

    ReplyDelete
  29. සියලු පැතුම් බලාපොරොත්තු මල් පල ගැන්වෙන සුබම සුබ නව වසරක්..එසේම සතියට ලිපිය ගානේ ලියන්න නිවාඩු ඉඩ කඩ ලැබෙන වසරක් කියලත් ප්ප්‍රර්ථනා කරනවා..

    ලිපිය ගැන මොකුත් කියන්නේ නෑ කියන්න දෙයක්ක් නෑ ඒ තරම් රසයි

    ReplyDelete
    Replies
    1. ආචාර්ය වීරේ: ගහ හිටෝලා තියෙන්නේ මල් පල ගනීවී ඉක්මනින් ස්තූතී.

      Delete
  30. ආයෙත් ලියන එකට හරිම සතුටුයි..

    සැමන් ඇනෝ...

    ReplyDelete
    Replies
    1. තැන්කූ ඇනෝ. ආයේ සතෙක් ගැන ලියන්න ආසාවක් තියෙනවා

      Delete
  31. ඔය තියෙන්නේ ලියල ලස්සනට හඳ ගැනම. මාත් හඳ දිහා බලන් ඉන්න ආසයි. අන්තිමට ටෙලස්කෝප් එකක්ම ගත්ත. welcome back.

    ReplyDelete
    Replies
    1. අජිත් අයියා,
      නියමයි නේ, තැන්කු

      Delete
  32. සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා ඔමා! ආයි ලියමු ඈ....

    ReplyDelete
    Replies
    1. මධූ; තැන්කූ නැන්දම්මේ

      Delete
    2. ආච්චිට හාල් ගරන්න.........‘නැන්දම්මා‘?!%$(^$%#%*^)_&*^#%&^@

      Delete

සුබ අලුත් ඇවුරුද්දක් වේවා!!
ලිපිය කියවා කොමෙන්ට් නොකලත් කමක් නැහැ.. කමෙන්ට් කලොත් සතුටුයි. ලිපිය කියවන්නේ නැතුව කොමෙන්ට් කරන්න එපා.
අපුර්වි_


,නිතරම යහපත කරන්න...,සතුට සැනසිල්ල හැමදාම ඔයාලග රැදේවි,,දෙවිපිහිටයි,

Related Posts Plugin for WordPress, Blogger...