Tuesday, January 19, 2016

විභාග ,අධ්‍යාපනය සහ අනවශ්‍ය කථාවක්

අපේ ගෙවල් තියෙන්නේ රජයේ පාසලක් ළඟ; උදේට ළමයි ඉස්කෝලේ යනවා දකින්නේ නෑ මං නැගිටින්නේ දවල්වෙලා නිසා. ඒත් හවසට ජෝර්ජ් එක්ක කෝපී බොන්න ගිහින් එන ගමන් ගෙවල් කිට්ටුව තියෙන පුංචි පාර්ක් එකේ නැවතිලා ඉද්දි ඉස්කෝලේ ඇරිලා ළමයි ගෙවල් වලට යනවා අපිට පේනවා. මෙහෙ හැම ඉස්කෝලෙකින්ම බස් වලින් ගිහින් ළමයි අරන් එනවා ඒ වගේම හවසට ගිහින් දානවා. ලංකාවේ වගේ බුක් හයර් වලට ගෙවන්න ඕනේ නෑ. හැම ළමයෙක්ගෙම ගෙවල් ලගට බස් එක එනවා. ඉස්කෝලේ ඇරිලා යද්දී අපිට හම්බෙන  කීප දෙනා ඉස්කෝලේ අවට ජීවත්වෙන ළමයි; හෝ බෝයිෆ්රෙන්ඩ් හෝ ගර්ල්ෆ්රෙන්ඩ් එක්ක කොහේ හෝ යන්න බස් එකේ නොයා ඉන්න ළමයි. 
 මමයි ජෝර්ජුයි ලෝකේ නැති දේවල් කියෝ කියෝ කාලේ ගෙවන අතර හැමදාම දකින පොඩි අලි පැටියෙක් වගේ ළමයාව දැක්කම ඉතින් ජෝර්ජ්ට ඒ ළමයව දැක්කේ ජීවිතේ පලවෙනි වතාවට වගේ හැසිරෙන්නේ. ඇස් දෙක ලොකු කරලා දුර එද්දිම මට උරහිසෙන් පෙන්නනවා.ජෝර්ජ්ට රවනගමන් ඒ ළමයා අපිව පහුකරන් යනකල් ෆෝන්එක බොරුවට අතපතා ගගා ඉන්නවා ඒ ළමයගේ මුණ බලන්න මොකක්ද වගේ හින්දා. ඊට පස්සේ ඉතින් "ලෝකේ මිනිසුන් සීග්‍රයෙන් ස්ථුලතාවයට පත්වීම" ගැන ජෝර්ජ් ගේ මහා දේශනාව. ඔහු කියන ගොඩක් දේවල් හරි. ඒත් දැන් අහලම ඇතිවෙලා තියෙන්නේ.


මෙහෙ ළමයිනුයි අපේ ඉස්කෝලේ යන ළමයිනුයි අතර තියෙන වෙනස මම දකින විදියට ලියලා දාන්න ඕනේ කියලා හිතුණා. තමන්ට කැමති විදියට කොන්ඩේ පාට කරලා, තව තව සුකුරුත්තං කොන්ඩේ එල්ලලා , කරාබු දාලා,නියපොතු පාට කරලා ,කැමති ඇදුම් ඇඳලා,ෆෝන් එකත් අරන් ඒ ළමයි යනවා දකිද්දී සුදු ගවුම සෙන්ටිමීටර් කීපයක් කොටයි ,කොන්ඩේ ඔහොම දාන්න එපා ගොතාගෙන එන්න...කලුපාට රිබන් බඳින්න ,අයිබ්රෝව්ස් හදන්න තහනම් .පිරිමි ළමයින්ට නම් සුදු කලිසම ප්ලිට්ස් එකක්ද දෙකක්ද කියන නිශ්චිත ගානම තියෙන්න ඕනේ.කොන්ඩේ කට් කපන්න රැවුල් කපන්න කියලා විනයභාර ගුරුවරු කෑගහන හැටි මතක් වුණා.  

ඇත්තටම මේ හැමදෙයක්ම අපේ රටට ගලපන්න අමාරුයි. උදාහරණයක් විදියට ළමයින්ට අවසර ලැබුණොත් තමන් කැමති ඕනේ ඇදුමක් අඳින්න හොඳට සල්ලි තියෙන අයගේ ළමයි අඳින ඇඳුම් දැක්කම දුප්පත් දෙමාපියන්ගේ දරුවෝ අසරණ වෙන්න පුළුවන්. මේ රටේ පාර අතුගාන මනුස්සයත් නගරාධිපතිත් දෙන්නම කරන්නේ රැකියා සහ මිනිස්සු ඔවුන් දෙදෙනා දිහාම බලන විදිය එකයි. ඒ වගේම අද බැංකුවක යම් වැටුපකට වැඩ කරන කෙනෙක්ට හෙට පළතුරු කඩේක ඊට වඩා වැඩි වැටුපකට   ගෙදරට කිට්ටු රැකියාවක් ලැබුණොත් ඒ ගැනත් හිතලා බලන්න මේ මිනිස්සු කැමතියි. ඒක හරි පුදුම දෙයක් සහ සැහැල්ලුවෙන් ජීවත්වෙන්න උදව් වෙන දෙයක්. 

ළමයි ඉස්කෝලේ ෆෝන් එක ගෙනියන එක ගුරුවරු දකින්නේ ළමයින්ගේ ආරක්ෂාවට හොඳ දෙයක් විදියට. ඒ වගේම ගුරුදෙගුරු සම්බන්දතා පවත්වන්න වට්ස් ඇප් ගෘප් චැට් පංතිභාර ගුරුවරු පාවිච්චි කරන්නේ. මං දන්නේ නැහැ අපේ රටෙත් දැන් එහෙමද කියලා. 

අධ්‍යාපනය ගැන කතාකරද්දී හම්බෙන අකමැතිම මාතෘකාව වෙන්නේ විභාග; ඊයේ පෙරේදා අපේ ලංකාවේ 
උසස්පෙළ විභාග ප්‍රථිපල ආවට පස්සේ මුණු පොතේ දැකපු බොහොමයක් පෝස්ට් වලින් තේරුණේ උසස්පෙළ විභාගය ඒ ළමයින්ට තමන්ගේ ජිවිතයටම මුණ දෙන්න සිද්දවෙච්ච මහා විශාල මාරකයක්  වගේ. 
මූණුපොතේ මගේ යාළුවන්ගෙන් බොහොමයක් දෙනා ෆේල් ඒ වගේම ඊලග වතාවේ විභාගේ ආයෙම කරන්න ලෑස්තිවෙන්න හදනවා. ඒත් මෙහෙ උසස් පෙළ විභාගය පවත්වන්නේ වෙනස් විදියකට අවුරුදු දෙකක් තිස්සේ ඉගෙන ගත්ත විෂයන් තුනට සහ ඉංග්‍රීසි වලට අදාළ විභාගයන් කාලසටහනක් දීලා සතියක් හෝ දෙකක් ඇතුළත ඉවර වෙන විදියට නෙමේ.. දෙවනි අවුරුද්දේ අන්තිම මාස හයේදී මාසෙකට එක විෂයක් බැගින් වගේ විභාග තියන්නේ. ඒ වගේම ලකුණු දෙන්නෙත් සීයෙන් හරියටම ඉලක්කමක් විදියට. ඒ ඒ විභාග වලට අදාළ ප්‍රථිපල සැරින් සැරේ ළමයින්ට දැනුම් දෙනවා.  කෙසේ හෝ ඉස්කෝලේ සේරම විභාග ඉවරවුණාට පස්සේ මාස තුන හතරක කාළයක් ළමයින්ට විවේකයක් ලැබෙනවා ;ඊට පස්සේ  හැමකෙනාම ඉතින් හමුදාවට යන්න ඕනේ. දැඩි ආගමික භක්තික පවුල් වල ගැහැණු ළමයි නම් හමුදාවට යන්නේ නැහැ ඒ වෙනුවට අවුරුදු දෙකක් එයාලා ස්වෙච්චා ආයතන හා සම්බන්ධ වෙලා වැඩ කරන්න ඕනේ. 

අවුරුදු දහ අට පහුකරලා අවුරුදු  විස්ස විසි එක වෙළා හමුදාවෙන් අයින් වුණාට පස්සේ ආයෙම තම තමන්ගේ විභාග ප්‍රථිපල අනුව විශ්යවිද්යාල වලට යන්න සුදුසු අය ඒවටත් අනෙක් හැම කෙනෙක්මත් හමුදාවෙන් පස්සේ හරියටම අවුරුද්දක් මොන මට්ටමේ හරි පුංචිම හරි රැකියාවක් එක දිගට කරන්න ඕනේ. ඉන් පස්සේ රජයේ අනුග්‍රහයෙන් සහතිකයක් සහ ලොකු මුදලක් හම්බෙනවා තමන්ගේ ඉදිරි රැකියාව හෝ තව දුරටත් යම් ක්ෂේත්‍රයක් ඔස්සේ ඉගෙන ගන්න. 

අර මං මුලින් කිවුවේ විභාග ඉවර වුණාට පස්සේ මාස තුනක් හතරක් තියෙනවා කියලා ෆ්‍රී එකේ ඉන්න  ඇත්තටම ඒ කාලේ ගොඩක් ළමයි පුංචි පුංචි රස්සාවල් කරනවා හරි පුදුමයි. මං කිට්ටුවෙන් ඇසුරු කරන ගැහැණු ළමයෙක් ඉන්නවා එයා දැන් ඉන්නේ හමුදාවේ. ඒ ළමයා හමුදාවට ගියේ පවා විශේෂ ඒකකයකට ගොඩක් බුද්ධිමත් ළමයෙක්. එයත් මාස තුනක් ලැබුණු විවේක කාලේදී නැනී කෙනෙක් විදියට පවුල් දෙකක් එක්ක වැඩ කළා උදේ සහ හවස. ඒ වගේම සමහර දවස් වල  කේටරින් සර්විස් එකක් එක්ක වේටර්ස් කෙනෙක් විදියට වැඩ කළා. එයාගේ අම්මා සහ තාත්තා දෙන්නම මම අඳුරනවා ඔවුන් සල්ලි ප්‍රශ්න තියෙන අය නෙමේ හොඳින් සල්ලි තියෙන අය. ඒත් ඒ ළමයා නැනී කෙනෙක් විදියට පැය කීපයක් වැඩ කරනවා ඒකට උත්තර හොයාගන්න අවස්ථාව ලැබුණේ එයාගේ අම්මා හම්බුණු වෙලාවක. 

මම: "මොරාන්ව මං දවස් කීපයක්ම දැක්කා මිකාල් ලගේ බබාලත් එක්ක පාර්ක් එකේදී" 
මොරාන්ගේ අම්මා: අහ්හ් ඔව් එයා බේබි සිටර් කෙනෙක් වෙලානේ දැන්, එහෙ විතරක් නෙමේ තව අපේ ගෙවල් ළග බබෙක්වත් බලාගන්නවා පැය දෙක තුනක්. සමහර දවස් වලට පෙක්දිල් කේටරින් එකෙත් වැඩ කරනවා. 
මම: වාව් ඇත්තමයි මං අහන්න හිටියේ එයා ඇයි ඒ වගේ ජොබ් කරන්නේ? ඔයාලා කැමතිද ? 
මො.අ : හ්ම්ම් ඔව්  ඔයා දන්නවද එයා පළවෙනි පාර කේටරින් එකේ වැඩට ගිහින් ආපු දවසේ හම්බුණේ ශේකෙල් 150 යි කියලා මුණ නරක් කරගෙන හිටියේ "රෑ එළිවෙනකල් හිටගෙන ඉදලත් 150 යි" කිය කියා දවස් දෙක තුනක් කාමරේට වෙළා හිටියා; ඊට පස්සේ දවසක හවස අපි පීසා ඕඩර් කරපු වෙලාවේ පීසා දෙකටයි කෝක් එකටයි 110 යි කියලා බිල ආවම මොරාන්ගේ මුණ ඇඹුල් වුණා. . එදා වෙනකල් එයා  ඇඳුම් පැළදුම් ගන්න ශේකෙල් දෙතුන් සීයවල් වියදම් කරපු එක ගැන දුක් වුණා.. දවස් දෙක තුනකට සැරයක් රෑ කෑම වලට රෙස්ටුරන්ට් වලට යමු කියලා කෙඳිරි ගාන එක නැවතුණා.  එයා දැන් දන්නවා සල්ලි හොයන්න මහන්සි වෙන්න ඕනේ තරම.එයා ඉගෙන ගන්න ගොඩක් දක්ෂ වුණත් මුදල් පරිහරණය ගැන එයාගේ මල්ලිට තියෙන අවබෝදෙවත් තිබ්බේ නැහැ. දැන් එයා දන්නවා සල්ලි වල වටිනාකම සහ පාවිච්චි කරන විදිය.  (ඇය සිනාමුසුව කතා කලේ) 

(මොරාන්ගේ අම්මගේ නම රෙවුත් එයා එක්ක කරපු කතාබහත් පෝස්ට් එකට එකතු කරන්න ඕනේ කියලා හිතුවේ කාටහෝ වැදගත් වෙයි කියලා හිතලා.එයා ගොඩක් ස්ටයිල් කලාට පෙණුමෙන් ආටෝප් ගතියක් තිබ්බට ජීවිතේ ගැන ගොඩක් දේවල් තේරුම් ගත්ත කෙනෙක් කියලා එයාගේ කතාවෙන් මට තේරුණා. )

ප/ලි 
මේ කාලසීමාව මං බොහෝදුරට බ්ලොග් වලින් ඈත්වෙලා ලියන්න පොරොන්දුවෙච්ච සමහර ලිපි කවදාවත් ලියුවෙත් නෑ අද වෙනකල්, තව ලියන්න ඕනෙයි කියල හිතෙන මං දවස ගානේ ඉගෙන ගන්න අවබෝධ කරගන්න දේවල් ලියන්න හිතුණත් නොලියා ඉන්නවා සමහරුන්ට ඒ කතා හරියට සුරංගනා කතා හෝ බොරු ආටෝප කතා ,එහෙම නැත්නම් ලොකු නයි වගේ පෙනෙයිද කියලත්. (ඒත් මොනා වුණත් ලියන්න කැමති කෙනෙක් නම් ලියන්න ඕනේ නේද අනුන් කියන දේවල් ගැන  නොහිතා.) සමාවෙන්න හොඳේ.

112 comments:

  1. අපේ රටෙත් ඒ වගේ අධ්‍යාපනයක් තිබුනාම් හොදයි කියලා හිතෙනවා.
    අපිට ඒව්ව හීන තමයි....

    ReplyDelete
    Replies
    1. ඔව් මහේෂ් අපේ රටට කොහෙද වෙලාවක් අධ්‍යාපනය ගැන හොයලා බලන්න, පක්ෂ මාරුකරන එකයි අලුතෙන් ආපු ආණ්ඩුව ගෙදර යවලා කලින් හිටපු කෙනා ගේන්නයි., කලින් කෙනා කරපුවල වැරදි හොයලා වැරදි කාරයෝ එලියට පෙන්නනයි ගියාම ඊලග චන්දෙ එනවා.. කොහෙද ඉතින් වෙලාවක්

      Delete
  2. ලංකාවෙත් ඔය පාර්ට් ටයිම් ජොබ් වැඩේ/දඬුවම් විදිහට සමාජසේවා වැඩ වගේ දේවල් ජනප්‍රිය කරල ගත්තු කාලෙක රටට හොඳ කලක් පටන් ගනියි.
    ඉස්සර කුවේණිගෙ පෝස්ට්/කොමෙන්ට් වලින් පෙනුන කෙනා නම් අනුන් තමුන් ගැන හිතන විදිහ ගැන එච්චර වද උනේ නෑ...හෙන ගටක් තිබුනා... අපිට ලියන්න උත්ප්‍රේරක උන බ්ලොග් මෙව්වා. කෝ ඒ පරණ ගිණි පුපුර?
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. මට ඇත්තටම පුදුම දුකක් කණගාටුවක් දැනෙන්නේ මේ දේවල් ලියද්දි පවා.

      හ්ම්ම්.. මං එහෙම හිටිය කෙනෙක්ද ලබුස්,, ස්තුතී මං උත්සහ කරන්නම් ආයෙම ලියන්න . කියවන්න ඇත්තටම ස්තුතී මං එතරම් දක්ෂ කෙනෙක් නොවුණත් කමෙන්ට් වලින් හිතට ෆිට් එකක් එකතු කරනවට

      Delete
    2. ගස් ලබ්බ කියපු එක හරි.
      කෝ ඒ කුවේණි? මුහුණු පොතේ, බ්ලොග් වල අපූරුවට ලියපු එකීට මොකද හැබෑටම උනේ?

      Delete
    3. දිනේෂ්: හ්ම්ම් ඒ අපේ අක්කා මං නෙමේ :D

      Delete
  3. හොද පෝස්ට් එකක්..

    ලංකාවෙ විභාග ක්‍රමයට නං මම කැමතියි......පීඩනයක් තියනකොට තමයි දක්ෂයො බිහිවෙන්නෙ

    ReplyDelete
    Replies
    1. ස්තූතී පැණිකූ.ඔයාව මගේ හීන අඩවිට ආදරෙන් එකතු කරගන්නවා.

      පීඩනය ක් තියෙනකොට තම්‍යි දක්ශයෝ බිහිවෙන්නේ කියන ඔයාගේ අදහස මට නම් ව්හිලුවක්. ඒත් ඔයා කියන්න ඇත්තේ යම් ඔයාගේ තර්කයක් ඇතිව වෙන්න ඇති. ස්තූති අදහස් එකතු කලාට

      Delete
    2. ඒකේ කිසි විහිලුවක් නැ.... ලංකාව බොහෝ දේවලින් පරිහානියට ලක්වෙච්ච රටක් උනත් ලෝකෙ බොහෝ තැන්වල අධ්‍යාපනය/බුද්ධිමය හැකියාව අතින් කැපීපෙනෙන තනතුරුවල ලාංකිකයො ඉන්නෙ ඒ හින්දා. ඒ මිලියන 20ක් වගෙ පොඩි අඩුපහසුකම් තියන ජනගහනයකින්.

      Delete
    3. මං කිවුවේ පීඩනයක් තියෙද්දී දක්ෂයෝ බිහිවෙනවා කියපු එක ගැන. ඒක මට විහිළුවක්.

      Delete
    4. //මං කිවුවේ පීඩනයක් තියෙද්දී දක්ෂයෝ බිහිවෙනවා කියපු එක ගැන. ඒක මට විහිළුවක්.//
      //යහපත් කාලගුණය දක්ෂ නාවිකයෙක් බිහිකරන්නේ නැහැ...එයා නිකමම නැවියෙක් විතරයි... අපේ ජීවිතෙත් එහෙමයි සරලව සුමුදුව ගලන් යනවට වඩා ප්‍රශ්න අභියෝග වලට මුණ දුන්නමයි අපි පරිණත වෙන්නේ..
      ආචාර්ය කුවේණි කොතලාවල ______//

      මේ දෙක පරස්පරයි නේද ? කුවේණි කියන්නේ වෙන කෙනෙක්ද ?

      Delete
    5. සුදීක අයියේ. මං කිවුවේ අධ්‍යාපනය ලබාගන්න එකට අදාළව. ඉගෙන ගන්න ළමයි දුක්විඳලා මහ පීඩනයක් තුල ඉගෙන ගන්න අවශ්‍ය නැහැනේ. අනික ඔය කියන විදියට අපේ රටේ පීඩනයක් තුල ඉගෙන ගන්න එක ගොඩක් හොඳ දෙයක් නම් ලෝකේ කරලා තියෙන මහ සොයාගැනීම් වලින් වැඩි හරියක් අපිට ලැබෙන්න එපැයි. මං පෝස්ට් එක ලීවේ අපේ අධ්‍යාපන ක්‍රියාවලිය පහත දාන අරමුණින් නෙමේ. හැම දෙයක්ම එකිනෙකා තේරුම් ගන්නේ හිතාගන්නවත් අමාරු තරම් පරස්පර විදියට. මට විහිළුවක් විදියට පේන දේ යම් කෙනෙක්ට ගොඩක් සීරියස් තදින් විශ්වාස කරන දෙයක් වෙන්න පුළුවන්, ඒ වගේම අනිත් පැත්තට මටත්.

      කෙසේ නමුත් පීඩනයක් එක්ක ඉගෙන ගන්න එක මට නම් මහ විකාරයක්, මගේ ඉස්කෝලේ කාලේ ගොඩක් අත්දැකීම් තියෙනවා ඒ වෙනුවෙන්.

      Delete
  4. එහෙම නම් ලෝකයේ බුද්ධිමත්ම කියන ජාතියේ අය අපේ අය වගේ බොහොම වෙහෙස මාන්සියෙන් ඉගෙන ගන්න අය නෙවේද :)

    /අද බැංකුවක යම් වැටුපකට වැඩ කරන කෙනෙක්ට හෙට පළතුරු කඩේක ඊට වඩා වැඩි වැටුපකට ගෙදරට කිට්ටු රැකියාවක් ලැබුණොත් ඒ ගැනත් හිතලා බලන්න මේ මිනිස්සු කැමතියි. ඒක හරි පුදුම දෙයක් සහ සැහැල්ලුවෙන් ජීවත්වෙන්න උදව් වෙන දෙයක්. / මගේ පෙන්ෂන් ප්ලෑන් එකත් ඕකයි, ක්ලීනින් තමා මගේ පේවරිට්ම, රිපෝට් ලියන්න නැති ඕන ජොබක්.

    ReplyDelete
    Replies
    1. බුද්ධිමත්ම ජාතිය වගේද අනේ ලෝකේ උතුම්ම ජාතියනේ අපි .

      හි හි ඇත්තටම ඕක කරන අය ඕනේ තරම් මෙහෙ ඉන්නවා , ෂෝයි

      Delete
  5. අගේ ඇති ලිපියක් ඔමා , මේ ගැන විශේෂයෙන් අධ්‍යාපනය සමඟින් ස්වේච්ඡා සේවය ලැබීමේ වැදගත්කම ගැන ලියපු ලිපියක් තවම draft එකේ , ඔබේ මේ ලිපියත් එක්ක මෙගේ ලිපිය සම්පුර්ණ කරන්නට මතකයට ආව . ස්තුතියි ඔබට මිතුරිය !

    ReplyDelete
    Replies
    1. සතුටුයි ඒ ගැන. ලියන්න අපිට ලංකාවට ගිහින් කරන්න ,කියන්න බෑ මේ දේවල් මිනිස්සුන්ට, ඒ නිසා පුළුවන් විදියට බ්ලොග් එකේවත් ලියමු කීප දෙනෙක් හරි කියෝලා තමන්ගේ දරුවන්ට හෝ මේ දේවල් හුරුකරවයි නේ

      Delete
  6. ඔය පැත්තෙ උසස් පෙළ කොහොමද මංදා බං. මේ පැත්තෙනං පහේ ශිෂ්‍යත්වෙවත් හරියට තියාගන්ට බැරිව මොන්ටිසෝරි දෙපාර්තමේන්තුව මාර කස්ටක් කන්නෙ. ඉතිං ඔය බෝනස් ලකුණු ටිකක් දෙනවා හප හපා ඉන්න. දේසපාලනෙත් දුවන්නෙ බෝනස් සීට් උඩනෙ.

    ReplyDelete
    Replies
    1. වෙලාවක් තිබුණොත් මේක කියවන්න. පරණ මතකයක් සිහියට ඒවි.
      http://madhumadhavi135.blogspot.com/2016/01/blog-post.html

      Delete
    2. නැන්දම්මේ: අනේ හාවෝ ගැන .මං ආස කරේ පුසොන්ට. ඕක මහ විශාල දුකක්., ඒ ලියලා තියෙන කවි කන්දරාවෙන් ඔයාගේ හිත හොඳට තේරුණා. ස්තුතී

      Delete
  7. ලංකාවේ අධ්‍යාපනය නිදහස් උනාට ඒකෙන් අවසානයේ බලාපොරොත්තු වෙන දේවල් ලැබෙන්නේ බොහෝම අඩුවෙන්. ඒකට හේතු ඉතින් සෑහෙන්න කියන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. දිනේෂ්: අධ්‍යාපනය නම් නිදහස් ඒත් ළමයින්ට කෝ නිදහසක්, කෙහෙල්මල

      Delete
  8. හොද ලිපියක් ..

    ReplyDelete
    Replies
    1. ටැංකු. ඉසුරුවත් මගේ හීන අසපුවට ආදරෙන් එකතු කරගන්නවා .

      Delete
  9. හොද ලිපියක් ..

    ReplyDelete
    Replies
    1. ෆෝන් එකෙන් නිසා දෙපාරක් කමෙන්ට් වැටෙනවා, ඒකට පිලියමක් විදියට මං කරන්නේ කමෙන්ට් ඒක පබ්ලිෂ් කරාට පස්සේ බැක් කී එක ප්‍රෙස් නොකර කෙලින්ම හෝම් එකට ගිහින් ෆෝන් එකෙන් ටැබ් එක ක්ලෝස් කරනවා

      Delete
  10. හොද ලිපියක්.
    පාසැල් අධ්‍යාපනයට ජීවිතේ ප්‍රයෝජනවත් වන දේවල් ඉගැන්වීම කවද හරි එනවනම් හොඳයි. ගෑණු පිරිමි දෙගොල්ලටම කෑම ඉවීම, බැංකු ගිණුමක් විවෘත කරල පවත්වාගෙන යාම, වාහනයක් පැදවීම, පිහිණීම, පිරිසක් ඉදිරියේ කතා කිරීම, අනිවාර්‍යයෙන් එක ක්‍රීඩාවක් කිරීම, ප්‍රථමාධාර දීම, භාවනා කිරීම, ආදී දේවල්. හමුදා සේවය අනිවාර්‍යය කළොත් මේවා පුරුදුවෙනවා. දැනට කැමති අයට කිරීමට තිබෙන අවස්ථාව අනිවාර්‍යයෙන් හැමෝටම දිය යුතුයි. පාසැලේදී විෂය දනුමට අමතරව මේවා ජීවිතයක් ගෙනියන්න අවශ්‍යම දැනුම.

    ReplyDelete
    Replies
    1. ඉයන්: ඇත්තටම අපේ රට යන විදියට මේ දේවල් ඒක පාරට පටන් ගන්න ලේසි නෑ. අධ්‍යාපනය සහ පොදු කටයුතු ගැන හිතන්න රජයට කොහෙද වෙලාවක්

      Delete
  11. හප්පේ කලකට පස්සේ එළි බැහැලා තියෙන්නේ...... මේක බැලුවම මටත් හිතුනා මැලේසියානු අද්යාපන ක්‍රමය, රටාව ගැනත් වෙලාවක ලියන්න ඕන කියලා...
    // සමහරුන්ට ඒ කතා හරියට සුරංගනා කතා හෝ බොරු ආටෝප කතා ,එහෙම නැත්නම් ලොකු නයි වගේ පෙනෙයිද කියලත්.//
    මේ ටික කොහොමද ඔයා ලියන බ්ලොගට විතරක් අදාළ වෙන්නේ ???? හි... හි.... හි......
    කොහොම උනත් කමක් නෑ දැන් ඉතින් බොරු ආටෝප ටික දිගටම අරිනකම් ඉන්නවා..... අයි අර මොලේ කචල් වෙන උප කල්පනා ඒවත් ඕනා

    ReplyDelete
    Replies
    1. රාළ මල්ලි @ ඇයි මං ගිය සතියට සති දෙක තුනකට කලින් ලියපු රොමැන්ටික් ඒක කියවුවේ නැද්ද ඉදගෙන ඈ.

      හ්ම්ම්,... ආයෙම පරණ එවුවා ඔලුවට ගන්න කාලයක් යයි අප්පා.

      Delete
  12. දැන් එයා දන්නවා සල්ලි වල වටිනාකම සහ පාවිච්චි කරන විදිය. +++++++

    In addition, they learn work ethics, communication and negotiation skills by starting to work at a young age.

    ReplyDelete
    Replies
    1. යේස් යූ ආර් කරෙක්ට්.
      තෑන්ක්ස් ඇනෝ

      Delete
  13. මම ඊශ්‍රායලයේ උන්නා නම් මම ලියන්නෙත් මේවාමයි... මම හිතන්නේ ස්ථාන ගැන ලියනවට වඩා මේ දෙවල් බොහෝම වටිනවා.. මේ ළඟදිත් මම දොස්තර රුවන්ගේ පෝස්ට් එකක දැම්මා ඊශ්‍රායලයේ උන්න කාළේ දිවිය ළෝකයේ උන්නා වගේ කියලා.. ඒකේ ඇනෝ කෙනෙක් දාලා තිබ්බා උඹ ගැනත්.. මම හිතන්නේ දන්න එකෙක්...

    ReplyDelete
    Replies
    1. ලොක්කා @ බොරු එපා ඔයා මෙහෙ හිටියනම් සමර් එකට නම් ලියයි බීච් වල සීන් :D
      ඔව් මං දන්නවා ඔයාලා මට ආදරේ නිසයි එහෙම මට කියන්නේ. මුහුදු ගැන,කඳු ගැන, පල්ලි ගැන මිනිස්සුන්ට ගූගල් කරලා හොයාගන්න පුළුවන්, ඒත් ජිවනරටාවල් සහ සංස්කෘතියන් ගැන එහෙම ඉගෙන ගණන් බෑ.

      මට බැනලද ඇනෝ? හි හි මේ කමෙන්ට් එක දැක්කොත් මට ලින්ක් එක දෙන්න, ආසයි කියවන්න ඒක

      Delete
    2. http://transyl2014.blogspot.com/2016/01/blog-post_16.html?showComment=1453011942099#c6536324458647613937

      Delete
  14. මං නං හරිම කැමතියි මේ වගේ විස්තර කතා කියවන්න. මේවා අපි ඒ රටට සංචාරක ගියාට දැණ ගන්න නොලැබෙන කතා!

    කැමති දෙයක් කැමති වෙලාවක ලියන්න. ඒ නිදහස ඔබේ!

    ReplyDelete
    Replies
    1. රසිකොලොජිස් @ ඔබගේ සහ රයිගම හංදිය බ්ලොගයේ පෝස්ට් වලින් තමයි මාත් ඕස්ට්‍රේලියාවේ චන්දපවත්වන විදියවල් සහ දේශගුණයන් දැනෙන හැටි ගැන කියවන්නේ. ඒ වගේම සොදුරු සුව අසපුව කියෝපුවම කැනඩාවේ විස්තරත් දැනගන්නවා. මට දැන් තේරිලා තියෙන්නේ. මං මෙහෙ ගත කරන කාලේ මං ලබන අත්දැකීම් නිකන් අමතකවෙලා යන්න අරින්නේ නැතුව ලියන්න ඕනේ කියලා.

      ස්තුතී. කම්පියුටර් එක කැඩිලා,ෆෝන් එකෙන් ලියන්නේ දැන්,

      Delete
  15. අපේ අධ්‍යාපන ක්‍රම ආණ්ඩු එක්ක වෙනස් වෙනවානේ.ඊශ්‍රායලයේ ආණ්ඩු හරි ඉක්මනට වෙනස් වුනත් අධ්‍යාපන ප්‍රතිපත්ති වෙනස් නොවෙන එක කොයි තරම් දෙයක්ද ?

    ReplyDelete
    Replies
    1. මෙහෙ ආණ්ඩු වෙනස් වුනත් මිනිස්සුන්ට ඒක එතරම් දැනෙන්නේ නෑ. මොකද ආණ්ඩුත් එක්ක වෙනස් වෙන්නේ ඉහලම තියෙන පුටුව විතරක් නිසා. හදාගෙන ගිය පාරවල් එහෙම්ම නතර කරන්නන හෝ රජයේ ආයතන වලට තමන්ගේ පවුල් වල අය දාන්නේ හෝ,, අධ්‍යාපනයට සහ රාජ්‍ය ආරක්ෂාවට අතතියන්න කිසිම කෙනෙක්ට බැරි නිසා. කොටින්ම චන්දයක් තියෙනවා කියලා දැනෙන්නෙත් නෑ. සමාකාමියි .

      Delete
  16. Replies
    1. ඔව් කියෙවුවා උදේම,, නියමයි

      Delete
  17. මොරාන්ගෙ අම්මා වගෙ හිතන අය ලංකාවෙනන් හුඟක් අඩුයි.බලන්නෙම ඉතින් තියන සල්ලි ඔක්කොම දීලා හරි ළමයට ඕන දේ කරවන්න.සල්ලි වල වටිනාකම තේරුම් ගන්න ඉඩ දෙන්නෑ.ළමයි තේරුම් ගන්නෙත් නෑ.

    ReplyDelete
    Replies
    1. හිතුවක්කාරී උනාට කමක් නෑ මෙතන සද්ද වහලා ඉන්න වෙයි, මේක මගේ හීන මඩුව හරිය >

      ඔව් ඔයා හරියටම හරි

      Delete
    2. "හිතුවක්කාරිට කියන්නේ - ඔය සෙල්ලම් බෑ මාත් එක්ක නං..."
      කියල සිංදුවක් තිබ්බා...

      Delete
    3. ඇයි හිතුවක්කාරයි නුඹ නම් සොඳුර....
      හිරි පොද වැස්සක් වාගේ වැටියන්

      Delete
  18. වෙලාවක් තිබුනොත් මේ පැත්තට ඇවිත් යන්න...
    http://hithuwakkari127.blogspot.com/

    ReplyDelete
    Replies
    1. ස්තුතී ලින්ක් එකට මං එනවා

      Delete
  19. සංචාර සටහන් වලට වඩා කොයි තරං වැදගත්ද?? ජය වේවා. ඔමා. මගේ පැටියෝ.. හැක්

    ReplyDelete
    Replies
    1. මේක හරියන්නෙ නෑ බං. දැං මෙතෙන්ටත් එයි අර යකා. හැක්..

      Delete
    2. කව්රුත් දන්නවා බං මේ එකාම තමා නං දෙකින් එන්නේ කියල. බොරු මක්කටෙයි.. හැක්..

      Delete
    3. දේශා බබී @ ඔව් මං දන්නවා ඔයයි මාතලන් ලොක්කයි දෙන්නම කැමති නෑ මං ඒවා ලියනවට :(( ඊලග පෝස්ට් එක ලියන්නේ වැඩිහිටියන්ට පමණක් සුදුසු එකක් ඔව්.

      හි හි දේශා ඔයාට කෝල් එකක් දෙන්නත් හිතුණා ඊයේ පෙරේදා දවසක ආයේ නිකන් හිටියා. ඔයා එදා කතා කරෙත් වෙවුලා වෙවුලානේ මාත් එක්ක :D

      Delete
  20. ලංකාව ඔය තත්වෙට පත්වෙන එක පේන තෙක් මානෙක ඇතියි කියල හිතන්න අමාරුයි.

    මෙහේ තියෙන්නෙ පොතේ අධ්‍යාපනයක් විතරයි. ඒක කල්ප කාලයක් නොවෙනස්ව පවත්වගෙන එන එකක්. අඩුම ගානෙ වැඩි හරියක් ගුරුවරු සිලබස් එකෙන් පිට ප්‍රශ්නයක් ඇහුවොත් උත්තර දෙන්න දන්නවයි කියල මම හිතන්නෙ නෑ. නමුත් අපි පොඩි කාලෙ ළමයින්ට පාසල් වෙලාවෙන් පස්සෙ හරි සෙල්ලං කරන්න වෙලාවක් තිබුණ. ඒ වෙලාවෙදි හරි ළමයි ප්‍රායෝගික ජීවිතේට වැදගත් වෙන දෙයක් ඉගෙන ගත්ත. නමුත් දැන් ටියුෂන් අරව මේව එක්ක ඒකත් ළමයින්ට නැති වෙලා තියෙන්නෙ. අඩුම ගානෙ වාර අවසාන නිවාඩුවක්වත් ළමයෙකුට පාඩුවෙ ගතකරන්න අවස්ථාවක් හම්බවෙන්නෙ නෑ. ඒකෙන් වෙන්නෙ පොතේ දැනුම විතරක් තියෙන කිසිම හැකියාවක් නැති පුද්ගලයෙක් බිහිවෙන එක.
    කොච්චර පොතේ දැනුම තිබ්බත් වතුරක බැහැල ගිලෙන්න යනකොට ඒක ප්‍රයෝජනවත් වෙන්නෙ නෑනෙ.

    ReplyDelete
    Replies
    1. ප්‍රසා @ මෙහෙ ඉස්කෝල වල ඇත්තටම සිලබස් එක ළමයි හැමෝටම වසර මුලදී ලැබෙනවා , එයාලා නෙට් එකෙන් සහ දෙමවුපියන්ගෙන් අහලා ඉගෙන ගන්නවා, ඉස්කෝලෙදි කෙරෙන්නේ තර්ක කරන ඒක සාකච්චා කරන එක සහ නිවැරදිම දැනුම එකතු කරගන්න එක.

      ඔව් මට මතකයි ඉස්සර අපේ එකොළහ වසර කොමර්ස් මිස්ගෙන් අපි ප්‍රශ්න අහපුවම එයා දන්නේ නෑ,. සිලබස් එකෙන් පිට නිසා වෙන කෙනෙක්ගෙන් අහලා කියනන්ම් කියනවා .. හිනා ගිහින් පන යනවා,.


      //ඒකෙන් වෙන්නෙ පොතේ දැනුම විතරක් තියෙන කිසිම හැකියාවක් නැති පුද්ගලයෙක් බිහිවෙන එක.
      කොච්චර පොතේ දැනුම තිබ්බත් වතුරක බැහැල ගිලෙන්න යනකොට ඒක ප්‍රයෝජනවත් වෙන්නෙ නෑනෙ.//

      ඔව් ඔයා හරි

      Delete
  21. ඔය රට ගැන ඔන්න ඔහොම දීර්ඝ විස්තර ලියන්න. අපිටත් ඉගෙනගන්න යමක් ලැබෙනවා.

    ඒ ඒ රටේ තියෙන්නේ ඒ ඒ රටට අනන්‍ය වූ සංස්කෘතියක්, සමාජයක්.

    විද්වතුන් විසින් පිළිගන්නා සත්‍යයක් තමයි කිසිදු සංස්කෘතියක් එකකට එකක් උස් හෝ පහත් කියා වර්ග කල නොහැකි බව. එය එතරම්ම සුවිශේෂීයි.

    ඊශ්‍රායලයේ ක්‍රම ඊශ්‍රායලයට හොඳයි. අපේ ක්‍රම අපිට හොඳයි.

    ReplyDelete
    Replies
    1. විචාරක තුමා.

      ඔව් ඔබ කියන කතාව හරි නමුත් " අපේ ක්‍රම අපිට හොඳයි" කියන එකටනම් මං එකඟ නෑ

      Delete
    2. ඔබ එකඟ නැහැ කියන අදහසේ විරුද්ධ පැත්ත පුළුල්ව බලන්න. මුළු ලෝකයම කිව්වොත්, පාසල් සිසුන් සඳහා හොඳම විනය නීති තියෙන්නේ අහවල් රටේ කියලා, ඊශ්‍රායලය කැමති වෙයිද ඔවුන්ගේ ක්‍රමය වෙනස් කරන්න?

      අපේ ක්‍රමයත්, ඊශ්‍රායල් ක්‍රමයත්, ලෝකයේ වෙනත් රටවල තියන ක්‍රමවලත්, පදනමවී තිබෙන්නේ, ඒ රටේ සමාජය සහ සංස්කෘතිය විසින්, හොඳයි කියා පිළිගන්න දේ. එය ඔවුන්ගේ නිදහස සහ ස්වාධීනත්වය. අපිට අයිතියක් නැහැ ඊට ඇඟිලි ගහන්න.

      Delete
    3. ඇත්තටම මේ රටේ ගොඩක් දේවල් ඔවුන් නිතර වෙනස් කරනවා. තමන්ගේ ක්‍රමයට වඩා හොඳ ක්‍රමයක් දැක්කොත් ඒක ප්‍රායෝගිකද නැද්ද කියන එක ඉක්මනින් බලලා එයාලා ආදේශ කරනවා.ඒ වගේම මෙහෙ අධ්‍යාපනයේ විතරක් නෙමේ හැම ක්සේශ්ත්‍රයකම ක්‍රමවේදයන් හැදිලා තියෙන්නේ කාගේ හෝ උවමනාවට නෙමේ.. හැමෝගෙම කැමැත්ත අනුව. ඒ නිසා කිසිම කෙනෙක් අකමැත්තෙන් දෙයක් කරන්නේ නෑ. අපේ රටේ ක්‍රමයන් හා සංසන්දනය කරන්න හරි අමාරුයි මෙහෙ දේවල්. මං අවුරුදු විසි ගාණක් ජිවත් වුණේ හැදුනේ වැඩුනේ මගේ ශ්‍රී ලංකාවේ. මගේ රටේ ක්‍රමයන් එක්ක ඒ නිසා මේ කෙටි කාලෙදි මෙහෙ වෙච්ච වෙනස් කම් සහ සංස්කෘතීන් දෙක අතර වෙනස් කම් තේරෙනවා. අපේ ක්‍රමය අපිට හොඳ වෙන්නේ වෙනස් කරන්න උවමනාවක් නැති නිසා.

      Delete
  22. කමෙන්ට් එකට මොනවා කියන්නද කියල හිතා ගන්න බැහැ...
    වැදගත් ලිපියක් දැම්මට ස්තුතියි...

    ReplyDelete
    Replies
    1. ලොකු පුටු @ එහෙම හරියන්නේ නෑ හරී

      Delete
  23. ඔක්කොම කියෙව්වා. බ්ලොග් එකේ කමෙන්ට් වැටෙන්නෙ නෑ . ඒත් මේ මට හිතුනු දේ. මන් ලංකාවෙත් මෙහෙත් දෙපැත්තෙම ඉස්කෝල වල ඉගෙනගෙන තියෙනවා. ලංකාවේ ඉස්කෝල වල නැති නිදහසක් මේ රටවල ඉස්කොලවල ලැබෙනවා. කොන්ඩෙ ඕනෙ ඕනෙ විදියට, ෆෝන්ස්, ලැප්ටොප් අනන් මනන් . කොටින්ම කිව්වොත් ලංකාවේ ඉස්කෝලවල් වල විනය නීති කඩ කරන එකෙන් මෙහෙට අයිති වෙන්නෙ සිගරට් අරක්කු ඉස්කෝලෙ ඇතුලෙ පාවිච්චි කරන එක විතරයි . ලංකාවේ ඉස්කෝල වල බහුතරයක් ගුරුවරු හරිම කම්මැලි. ( තමන්ගෙ රස්සාව පඩියට සීමා නොකරන ගුරුවරුත් අනන්තයි. මේ එයාලා නෙමෙයි ) පන්තියට එන්නෙ නිදි කිරාගෙන. අඩු ගානෙ ඒ අය උගන්නන්නෙ මොනාද කියල එයාල දන්නෙ නෑ . විභාගෙ ලං වෙද්දි පස්ස කැඩිච්ච කඩියා වගෙ සිලබස් එක කවර් කරන්න දුවනවා. අනික අපේ ඉස්කෝල වලින් හරියට ඉලක්කයක් ලමයෙක්ට දෙන්නෙ නෑ . විභාගෙ පාස් උනා හරි ෆේල් උනා හරි ඊලගට මොනාද කරන්නෙ කියල එයාලා දන්නෙ නෑ . මගෙ වයසෙ යාලුවො මේ පාර උ/පෙ කලේ. පහුගිය මාස ගානම එයාලා ගෙදර. එයාලා ඊලග ස්ටෙප් එකට ලෑස්තියක් නෑ . එයාලට කරන්න අයිඩියා එකක් නෑ . මන් හිතන විදියට මේ ටික වෙන්න ඕනෙ

    1. හැම ඉස්කෝලෙකම career department එකක් තියෙන්න ඕනෙ. හැම ලමයෙක්ම විභාගෙට අවුරුද්දකට කලින් ගිහින් career advisor ව හම්බවෙලා එයාලා කැමති රස්සාවල් එයාලා දක්ශ විශයක් ගැන කතා කරන්න ඕනෙ. Career advisor පෙන්නන්න ඕනෙ ඒ ඒ රස්සාවට කොච්චර දුරකට ඉගෙන ගන්න ඕනෙද, ඉස්කෝලෙ විභාගය ඇරෙන්න පිටින් ඒ සුදුසුකම් සම්පූර්ණ කරන්න පුළුවන් ද කියල.

    2. දැනට නායකත්ව පුහුනුව කියල කරන්නෙ කැම්පස් සිලෙක්ට් වෙන ලමයින්ට විතරයි. ඒක උ/පෙ අවසානයෙ හැම ලමයෙක්ටම අනිවාර්ය කරන්න ඕනෙ. කොච්චර ඉගෙන ගත්තත් තැනකට ගිහින් බය නැතුව කතා කරන්න ,ඉදිරිපත් වෙන්න බැරිනම් වැඩක් නෑ .

    3. අර මන් කලින් කිව්ව විදියට රස්සාවකට ඕනෙ කරන සුදුසුකම් ගන්න ආයතන වැඩි කරන්න ඕනෙ.

    4. ඒ ඒ රස්සාවලට සැලකිය යුතු වැටුපක් හා පිලිගැනීමක් දෙන්න ඕනෙ.

    මේ ටික හරියටම උනොත් ලංකාවෙන් බුද්ධිගලයන වෙන්නෙවත්, කෝටි ගනන් වියදම් කරල ඉගෙන ගන්න ලමයි රට යන්නෙවත් නෑ .


    මේ මගේ ෆේස් බුක් යාලුවෙක්ගෙ කමෙන්ට් එකක්. එයාට බ්ලොග් එකේ කමෙන්ට් දාන්න විදියක් නැති නිසා මං කොපි කරලා පේස්ට් කළා. එයාට අපි කියන්නේ දොස්තර නෝනා. නවසිලන්තේ තමයි ඉන්නේ

    ReplyDelete
  24. නියමයි.......ඒත් ඔය කියන එව්ව දැනටම ලංකාවෙත් කෙරෙනවද කියල නම් නොදනිමි. මම කිව්වෙ මේ ඉගෙන ගන්න අතර රස්සා කරන එක වගෙ….ඒ කොහොම උනත් බලෙං ඔව්ව කරවන්න බෑනෙ...ඔය කොව්වත් ග්‍රැජු ග්‍රැජුවලි එයි ලංකාවටත්….:)

    ජෝර්ජී අබෂ්විල්ලි අයියා සාදරෙං මතක් කලාය කියාපං අමතක මතක බැරි නොකර හොඳද?

    Hi George..How are you?....How is Maya doing? Aren't you fed up with her yet?....Heh, heh….

    ReplyDelete
    Replies
    1. රවී අයියා @ ඔව් දැන් අපේ විචාරක තුමත් කියලා තියෙන්නේ ඉදගෙන අපේ එවුවා අපිට හොඳයි කියලා.

      m\මං ජෝර්ජ් ට පෙන්නන්නම්. එයා ඇහුවා ඔයාව. ඔයාගේ බ්ලොග් එක බලනවා හිටපු ගමන් එයා , කොම්පියුටර් එකේ බුක් මාර්ක් එකක් දාගෙන ඉන්නේ

      Delete
    2. අපොයි එයා රවියගෙ බ්ලොග කියෝනවද? පවු අසරණය. හැක්...

      Delete
    3. ජෝර්ජි අයියට කියවන්ට ඉන්ගිරිස් ඔලිං මොක මොකවත් ලියන්ටෝන...:)

      Delete
    4. නැහැ වැරදුනා මෙයාගේ බ්ලොග් එක නෙමේ අපේ ඉංග්‍රීසි සර් ගේ බ්ලොග් එක. අයියෝ මට නම් පටලෙනවනේ. ඩෙනිම ඉංග්‍රීසි එක ජෝර්ජ් බුක් මාර්ක් දාන් ඉන්නේ, අර ටයිල්ස් ගැන හෙන්රික් අයියා ලියපු පෝස්ට් එක සෑහෙන්න හිතට අල්ලලා තියෙන්නේ.

      Delete
    5. Hi Ravi .
      No ,she gets more delicious every day.yeah!yeah!

      -George Roth-

      Delete
    6. Hi George,

      I am not surprised...not at all...:)

      Do you know the meaning of "Maya" in our language ( Sinhala )?

      Sorcery.....Heh, heh

      Delete
    7. රවී මහත්මයා @ ඇත්ත වශයෙන්ම ආයේ නම් එයාට මේ කමෙන්ට් එක පෙන්නන්නේ නෑ :( හොඳ නෑ ඔයා මං තරහයි

      Delete
    8. ඔන්න ඉතිං ඕකනෙ කියන්නෙ ...වැරදි කොනෙං තමයි අල්ලගන්නෙ...

      Sorceress is someone who would conjure up beautiful things to make those who are not fortunate enough to see them happy and cheerful

      That’s the definition of Sorceress….:)

      Delete
  25. // එයා දැන් දන්නවා සල්ලි හොයන්න මහන්සි වෙන්න ඕනේ තරම.// මේක වැදගත්, ලංකාවේ ළමයින්වත් මේ වගේ දැනුවත් කරන්ඩ පුලුවන්නම් ..

    ReplyDelete
    Replies
    1. හායි ලලිත් ඔයාවත් මගේ හීන බෝට්ටුවට ආදරෙන් එකතු කරගන්නවා.

      මටත් නිතරම හිතෙනවා.ඒත් අපේ රටේ මිනිස්සුන්ගේ ඇස් මාන්නේ උඩගුකම වගේ දේවල් වලින් වැහිලා. කවුරුත් කැමති නෑ බඩගින්නේ හිටියත් වෙන කෙනෙක්ගේ ගෙයක් ක්ලීන් කරලා පැය දෙක තුනක සල්ලි ගන්න හෝ ලමයෙක් බලාගන්න

      Delete
  26. /මුහුදු ගැන,කඳු ගැන, පල්ලි ගැන මිනිස්සුන්ට ගූගල් කරලා හොයාගන්න පුළුවන්, ඒත් ජිවනරටාවල් සහ සංස්කෘතියන් ගැන එහෙම ඉගෙන ගණන් බෑ. /
    මේක නම් හරිම ඇත්ත. පුළු පුළුවං විදිහට ඒක අපිත එක්ක බෙදාගන්නවට ඉස්තූතියි.

    අපේ රටේ අධ්‍යාපනේ භාරව ඉන්න දේශපාලුවො ඔක්කොම ටියුෂන් ගුරුවරු, කැම්පස් වල ශිෂ්‍ය නායකයො වෙලා හිටපු උං, ඉන්ටර්නැෂනල් ස්කූල් වල අයිතිකාරයො එහෙම... ඉතිං අපේ අධ්‍යාපනේ ඔය හැම රටකටම වඩා ඉහළ ස්ටෑන්ඩඩ් එහෙක තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඩ්‍රැකී. කියලා දැන් ටයිප් කරන්න පුලුවන් මට.

      ඔව් ඩ්‍රැකී මo තීරනය කලා මේ වගේ දේවල් පුලුවන් වෙලාවට ලියන්න.
      අද්‍යාපනයට අත නොතබනු.ඒ ගැන කතා නොකරනු

      Delete
    2. පුළුවන් හැමවෙලාවෙම ලියනු, රක... නෑ නෑ මුකුත් නෑ :P

      Delete
    3. ඩ්‍රැකී කියල ලියන්න පුළුවං වීම ගැන සතුටුයි. ඊළඟට පුරුදු වෙන්න තියෙන්නෙ "මං" කියල ලියන්න :-)

      ලව්පූසෝ,
      "ඔවාදෙනු හරහට - තමුං සම්මතයේ පිහිට සිට..."

      Delete
    4. ඉවාන් @ කට කට කට


      ඩ්‍රැකී + ෆෝන් එකෙන් ආවාම මං ලියන්න බෑ , බිංදුව එන්නේ නෑ. බිංදුව වෙනුවට ඉංග්‍රීසි O අකුර ටයිප් කරන්න ඕනේ..

      Delete
  27. අනිවාර්යෙන්ම මේ වගේ දේවල් අපේ සිස්ටම් වලටත් එන්න ඕනේ. නැත්නම් ළමයි දන්නේ නා කොච්චර අමාරුවෙන්ද ඉගෙන ගන්න සල්ලි හොයන්න ඕනේ කියන එක

    ReplyDelete
    Replies
    1. ඔව් මල්ලි මාත් එහෙම හිතනවා, අපි හිතන ඒවා වෙන්නේ නෑනේ ඉතින්/

      Delete
  28. ලංකාවේ පාසල් යනු වදකාගර වගේ අපි මානසිකව තුවාල නොව්නේ ගුරුවරුන් ගේ ගුටි Spanish ගොන් පොර මානසිකත්වයෙන් ගත්ත නිසා කියලා හිතනවා.

    ReplyDelete
    Replies
    1. ++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
    2. ඒකනම් නියම කතාව රුවන්...හෙහ්..ගොන් පොරම තමයි....ගොන් පොරේට ගිහිල්ල ගොනා ඇන්නට ඉතිං කවුරුවත් ගනං ගන්නෙ නෑනෙ. අතගාගෙන නිකං ඉන්නව. පහුවදාටත් එහෙමයි. ඇත්තම කියනවනම් ඒ කාලෙ කොල්ලොත් එකයි ගුරුවරුත් එකයි....:)

      Delete
    3. ටී.එස් @ අම්මෝ මං නම් නෑ ඈ ලංකාවේ ගුරු මෑණිවරු පියවරු එහෙම නෑ හිටං.

      Delete
  29. ඒ ක්‍රමය නම් පට්ට...
    අපිට ගැළපෙනවාද නැද්ද කියන එක ගැන නම් අවබෝධයක් නෑ...

    ReplyDelete
    Replies
    1. චතුරංග. ඔව් ගැළපුනත් නැතත් අපේ රටවලට ඒවා ගේන ඒක ලේසි දෙයක් නෙමේනේ

      Delete
  30. ගොඩක් පරක්කුවෙලා දැක්ක ලිපියක් වැඩනිසා.ඔය සුදු ඇදුමේ ප්‍රශ්නෙනම් මට සෑහෙන්න තිබුනා ඒ දවස්වල.ඒ දවස්වල හවසට ගෙදර එනකොට මගේ ඇදුම් දුඹුරු පාටයි.ඕකනිසා සුදු ඇදුමට ගොඩක් වෛරකරපු ළමයෙක් මම.ඒත් පස්සේ කාලෙක තමයි තේරුම්ගියේ මොන තරාතිරමේ හිටියත් මේ ඇදුම ඇන්දහම ඔක්කොමල්ලා එකයි කියන දේ.
    ලංකාවේ අධ්‍යාපනය දෙමාපියන් අයිතිකරගන ඉවරයි.එතනදී ළමයාට කිසිම තැනක් නෑ.

    ReplyDelete
    Replies
    1. කටුසු @ පරක්කු නෑ අනේ. අපි ලියන ඒවා කවුරු හෝ කවදාහෝ කියවයි. මටත් ඉස්සර තිබ්බ ප්‍රශ්නයක් සපත්තු දෙක හො0දංඅ එක, මං ආසම නෑ

      ඔව් ඉස්කෝලේ දෙකේ ඉදලා ශිෂ්‍යත්වේ පස්සේ අම්මලා පන්නන්නේ පව් ළමයි .

      Delete
  31. සෑහෙන දවසකට පස්සේ මේ පැත්තට ආවේ.

    කොහොම උනත් අපේ රටේ පවතින අධ්‍යාපන ක්‍රමවේදයනම් අසාර්ථකයි.මම එහෙම කියන්නේ ගුරුවරයෙක් ලෙස ලබන අත්දැකීමුත් එක්ක.කටපාඩමින් කියන ගිරව් හදන ක්‍රමවේදයක් මිස ආකල්ප සංවර්ධනය වන,කුසලතා වර්ධනය වෙන,අභියෝග ජයගන්න පුලුවන් හැකියාවන් ඔපනන්වන ක්‍රමයක් නෙමෙයි මේක.ඒ නිසයි උසස් අධ්‍යාපනය ලැබුවත් පසුගාමි චින්තනයක ජීවත් වෙන පිරිසක් අපේ රටේ ඉන්නේ.ජර්මන් ගිය මගේ යාලුවෙක් කියපු දෙයක් තමයි එහේ සිසුන් ඉගෙන ගන්න අතරේ විවිධ වෘත්තින් වලත් යෙදෙන බව.සමහරු පැය දෙකක් පත්තර විකුනනවා.හොටෙල් වල වේටර් වැඩ කරනවා.ඒ කිසිම රුකියාවක් පහත්ය කියලා සලකන්නෙත් නැ.ඒ සියලු රුකියා මගින් යම් කිසි සේවයක් ලබා දෙනවා කියලයි ඔවුන් කියන්නේ.

    ReplyDelete
    Replies
    1. මනෝ @ සෑහෙන කාලෙකින් මං ලිවුවෙත් නෑනේ ඒකයි ඉතින්.

      අපේ රටේ අපේ ක්‍රමය ඇතුලේ ඒ වගේ රැකියා කරන්න හිත් හදාගන්න ලේසි නෑ. ළමයි හිතන්නෙත් නෑ. දෙමවුපියෝ කවදාවත් කමතිවෙන්නේනෙත් නෑ.. සමහර ටෙලිනාට්‍ය දකිද්දී දුක හිතෙනවා, ඒවලින් කරන්නේ අපේ මිනිස්සුන්ට තව තවත් යල් පැනලා ගියපු හන මිටි අදහස් මතක් කරලා දෙන එක ,,

      // කිසිම රුකියාවක් පහත්ය කියලා සලකන්නෙත් නැ// කියන එක අපේ රටට ගැලපෙන්නේ නෑ නේ සර් ..

      Delete
  32. ගොඩක් එවුවට එකඟයි.
    අපේ අය රැකියා වලත් උස් පහත් බේදය හොයනවා...අධ්‍යාපනයෙන් ඉස්සරහට යන්නේ ගිරා පැටවු මිසක් ප්‍රාෙයා්ගික බුද්දියක් ඇති එකා නෙමෙයි...ඌ සහතික පෙන්නලා ලොකු පුටු වලට ගිහින් අර ප්‍රාෙයා්ගික නිර්මාන ශීලි එකාගේ අදහස් මත යැපෙනවා

    ReplyDelete
    Replies
    1. W.K වත් මගේ හීන අඩවියට ආදරෙන් එකතු කරගන්නවා. ඔයාගේ කථාව සම්පුරණ ඇත්ත, " ඌ සහතික පෙන්නලා ඉහල පුටුවකට ගිහින් අර නිර්මාණශීලි එකාගේ අදහස් මත යැපෙනවා කියපු කතාව. "

      Delete
  33. පිටතින් මිනිස්සු මනින්න බෑ කියන එකට මීට වඩා උදාහරණ ඕන නෑ. අපේ රටේ අධ්‍යාපනය විතරක් නෙවෙයි බොහොමයක් ක්‍රම වේද අසාර්ථකයි , මේ ක්‍රමය තුලින් බිහි කරන්නේ ප්‍රායෝගික නොවන ගිරා පැටව්.

    ReplyDelete
    Replies
    1. ඉවාන් @ එහෙනම් ඉතින් ඔබ තුමාලවත් උත්සහ කරන්න ඕනේ මේ ක්‍රමයන් වෙනස් කරන්න තමන්ගේ දරුවන්ට වත් උගන්නන්න. හොඳේ.. හොඳටම පරක්කු වෙළා ඈ කමෙන්ට් බාර ගන්නේ නෑ ආයේ පරක්කු වෙළා අවොත්. හි හි

      Delete
  34. menna mekath damma.
    http://nelumyaya.com/?p=5081

    ReplyDelete
  35. ඇත්ත කතාව සහොදරි,අපි තවම ජිවත් වෙන්නේ යල් පැනපු සමාජයක,

    ReplyDelete
    Replies
    1. රස්තියාදු කාරය@ ඔයාවත් මගේ හීන අඩවිට ආදරෙන් එකතු කරගන්නවා.
      ස්ඃ ස්ඃ ෂ්ඃ ශබ්ද් කරන්න එපා

      Delete
  36. ආසයි කියවන්න... කමෙන්ට් එකක් දාන්න තේරුමක් නෑනේ :/ :'(

    ReplyDelete
  37. මේ ලිපියයි ඇවිත් තියන කොමෙන්ටුයි මගේ සිසුවකුටත් ඉතාම වැදගත්ය කිව්ව නිසා බුක්මාක් එකක් දමාගත්තා ඇත්තටම ලංකාවෙ දේශපාලන අංශ මගින් කතාවකදි විතරක් ප්‍රධාන තැන දීල තියන අධ්‍යාපනය ගැන සැබෑවටම ප්‍රමුඛ අවධානය දිනා ගන්න ඕන කියල බ්ලොග් ලෝකයෙන් හරි තල්ලුවක් ලැබෙනවා නම් !

    ReplyDelete
  38. diyunu welaa thiyana godaak ratawal wala adu wadi wasayen thiyana system eka thamai me.
    man enna rateth O/L A/L wage exam dekak naha. grade twelve waladi thiyana exam eken University select wenawa, fail wena ayatath University yanna wenath system hadhala thiyanawa.
    (studentsla) wasara 22di degree eka ewara karanawa.
    Lankaawa wage ratakata oya hama ekakma aadhesa karanna baha.
    Lankawe paasal nila andhuma, kondaya sakaseema loku wenasak wiyayuthu naha.
    namuth wenas wiyayuthu dewalnam godaak thiyanawa.

    I agree with,
    Anonymous January 19,2016 at 7:06 PM.

    ReplyDelete
  39. ඊශ්‍රායල් ගැන මාත් හුගක් අහල තියන විදිහට ලංකාවට වඩා හුගක් ඉස්සරහින් ඉන්න රටක්. ඒත් මන් හිතන්නෙ නෑ ඔය කියන නිදහසක් තියනව කියල. ඔය ඉස්කෝල වල punishment දරුණුයි කියල අහල තියෙන්නෙ. අනිත් එක army training එක compulsory කරන එක. එකට ගියොත් අනිවාර්යෙන් ලොකු punishment තියනව. ගෑනු අයටත් යන්න වෙනවනෙ. ඉතිං ගෑනු අයටත් දරුණු training එකක් හම්බවෙනව වෙන්න ඕන. අහල තියන විදිහට ලංකාවට වඩා බරපතලයි ඊශ්‍රායල් වල training එක. ගෑනු අයව යුද පෙරමුණටත් යවනව. ලංකාවෙ කවදාවත් එහෙම කෙරුවෙ නෑ.

    ReplyDelete
    Replies
    1. //ඒත් මන් හිතන්නෙ නෑ ඔය කියන නිදහසක් තියනව කියල. ඔය ඉස්කෝල වල punishment දරුණුයි කියල අහල තියෙන්නෙ. අනිත් එක army training එක compulsory කරන එක. එකට ගියොත් අනිවාර්යෙන් ලොකු punishment තියනව. ගෑනු අයටත් යන්න වෙනවනෙ. ඉතිං ගෑනු අයටත් දරුණු training එකක් හම්බවෙනව වෙන්න ඕන. අහල තියන විදිහට ලංකාවට වඩා බරපතලයි ඊශ්‍රායල් වල training එක. ගෑනු අයව යුද පෙරමුණටත් යවනව. ලංකාවෙ කවදාවත් එහෙම කෙරුවෙ නෑ.////


      Oya ahala thiyenne wena ratak gana wenna one ano.sorry

      Delete
    2. //ඒත් මන් හිතන්නෙ නෑ ඔය කියන නිදහසක් තියනව කියල. ඔය ඉස්කෝල වල punishment දරුණුයි කියල අහල තියෙන්නෙ. අනිත් එක army training එක compulsory කරන එක. එකට ගියොත් අනිවාර්යෙන් ලොකු punishment තියනව. ගෑනු අයටත් යන්න වෙනවනෙ. ඉතිං ගෑනු අයටත් දරුණු training එකක් හම්බවෙනව වෙන්න ඕන. අහල තියන විදිහට ලංකාවට වඩා බරපතලයි ඊශ්‍රායල් වල training එක. ගෑනු අයව යුද පෙරමුණටත් යවනව. ලංකාවෙ කවදාවත් එහෙම කෙරුවෙ නෑ.////


      Oya ahala thiyenne wena ratak gana wenna one ano.sorry

      Delete
  40. මම කතා කරේ basic දේ. Army එකකට ගිහාම වෙන දේ. ඔයා කියන්නෙ කොහොම වෙනව කියලද?

    ReplyDelete
    Replies
    1. Oya ahala thiyenne me rate idalada nathnam kawuruhari kiwada danne naha.eth armi eke oya kiyana anawashya trainin naha. Palaweni masa deka poduwe awi puhunuwa saha arami eke dewal gana deshana thiyenawa. Masa deken passe palaweni visira yama ekineka thoragaththa job ekata, palathata. Me rate piris balaya adui ,weda kalahaki wayase sitina janagahanaya adui e nisa hamakenekma rajya arakshawata dayaka wenna wenawa. Man me gana kalin lipiyaka visthara liyala athi. Mehe iskola lamai wagema armi eke ayath harima sahalluwen inne. Thamanta one vidiyata. Gahanu pirimi kiyala dewargayak naha senaga wen karanne ekinekaage budhdhi mattama anuwa...

      Delete
    2. Oya ahala thiyenne me rate idalada nathnam kawuruhari kiwada danne naha.eth armi eke oya kiyana anawashya trainin naha. Palaweni masa deka poduwe awi puhunuwa saha arami eke dewal gana deshana thiyenawa. Masa deken passe palaweni visira yama ekineka thoragaththa job ekata, palathata. Me rate piris balaya adui ,weda kalahaki wayase sitina janagahanaya adui e nisa hamakenekma rajya arakshawata dayaka wenna wenawa. Man me gana kalin lipiyaka visthara liyala athi. Mehe iskola lamai wagema armi eke ayath harima sahalluwen inne. Thamanta one vidiyata. Gahanu pirimi kiyala dewargayak naha senaga wen karanne ekinekaage budhdhi mattama anuwa...

      Delete
    3. I don't know how hard the training is but I know Isreal women go to war in front line. They must be much more stronger than our own women since our female soldiers were not in the war. There was a controversial video about Sri Lankan army women training in YouTube. I guess Isreali women receive much tougher training and punishments than this.

      Delete
    4. I watched that video .cant believe that.ill ask my friend On this weekend about training.

      Delete
    5. That is what you must understand. Sri Lankans did not know these things do happen in army till than video was published. So you do not think you know about Isreali Army. You haven't been there. Sri Lankan army women are much much far behind than Isreali Army women. I think more than thousand times Isreali women do a service to there army than Sri Lankan women do. In our army women are only used to cadets. So if Iserali women do not go through tougher punishments and training, how they come to a standard like this. These brave women can face to face combat their enemies. They can go through any tough situation. Something our army women never did.

      Delete
  41. කොහොම උනත් විනය කියන එක බොහොම වටිනවා ඒ රටවල් වැල ළමයි ලිමිට් දන්නවා එත් අපේ රටේ එහෙම නැ.කොටින්ම් කියුවොත් මම වැඩ කරන තැනට කලින් ජංගම දුරකථන ගෙනියන්න දුන්න අපේ අය මොකද කරේ වැඩ නැ හැමවෙලාවෙම එක ඔබ ඔබ ඉන්නවා ඒ නිසා අනතුරු පවා උනා අන්තිමට කොම්පැනියට සේවකයන් නිකන් ඉන්න එක පාඩුයි කියලා එක ගෙන එක තහනම් කළා
    මේක පාසල් වල ඉන්න යටත් අදාලයි.පාඩම් නැ facebook whatsapp විතරයි අන්තිමට කොල්ලොන්ට වෙන්නේ පොල් කඩන්න කෙල්ලොන්ට වෙන්නේ එහෙම එකෙක් බැදලා දුක සේ ජීවිතේ ගෙවන්න

    ReplyDelete
  42. ලොක්කි.. බොහොම සන්තෝසයි ආයෙ ලියන්න පටන්ගත්ත එක ගැන... වෙනස්ම අපට අත් ඩකින්න නොලැබෙන කතන්දර කියවන්න ලියන එක ලොකු දෙයක්.. ආසාවෙන් කියවන්නෙ මේ වගේ එව්ව.. සිරාවටම..

    ReplyDelete
  43. ලංකාවේ අධ්‍යාපන ක්‍රමයේ නෙවෙයි මම දකින අඩුපාඩුව තියෙනේ.. ක්‍රියාත්මක කරවන අයගේ ආකල්ප.

    ReplyDelete
  44. ඔන්න අදයි මේ පැත්තට එන්න ලැබුනේ.. ඔමා නොදන්නා විස්තර ගොඩක් දැනගත්තා...මට හිතෙන්නේ මෙහෙ අධ්‍යාපන රටාවේ ලොකු වෙනස්කම් සිදුවිය යුතුමයි කියලා...මෙහෙ ළමයින්ට ඔහේ තරම් නිදහසක් නෑ... දෙමාපියන් ගුරුවරුන්ගේ මනෝ රාජ්‍යවල තරඟවල යෙදෙන්නයි සිදුවෙලා ඇත්තේ...

    ReplyDelete


ලිපිය කියවා කොමෙන්ට් නොකලත් කමක් නැහැ.. කමෙන්ට් කලොත් සතුටුයි. ලිපිය කියවන්නේ නැතුව කොමෙන්ට් කරන්න එපා.
අපුර්වි_


,නිතරම යහපත කරන්න...,සතුට සැනසිල්ල හැමදාම ඔයාලග රැදේවි,,දෙවිපිහිටයි,

Related Posts Plugin for WordPress, Blogger...