Tuesday, May 16, 2017

සැන්ද්‍රා මොන්ටා සහ මොණරු

මොණරා අද  තනියම නෙමේ තව මොණර පැටව් දෙන්නෙකුත් එක්ක ඇවිත්. කොච්චර ලස්සන සතෙක් වුණත් කෑගහන සද්දෙනම් අහන් ඉන්න බෑ අප්‍රසන්නයි. කෝපි එක බීලා සයිකලේ ගත්තේ වටපිටාව ටිකක් බලන් එන්නයි ව්‍යයාමෙටයි දෙකටම; මිනිස්සුන්ට වැඩිය කිට්ටුවෙන්නේ නෑ හායි ,කොහොමද ,ගිහින් එන්නම් කියන වචන ටිකට විතරක් සීමාවෙන්න ඕනේ කියලා හිතන් අලුත් ගෙදර පදිංචියට ආවට මොකද දවස් දෙකක් යද්දී අපූරු  යෙහෙළියක් ආයෙම මුණ ගැහුණා. කාලයක් පදින්නේ නැතුව අයින් කරලා තිබ්බ නිසා බයිසිකලේ  බ්‍රේක්  අල්ලද්දී මොණරගේ සද්දෙට හපන් විදියට කෑගැහුවේ. ගෙදර ගිහින් එළවලු තෙල් ටිකක්වත් දාන්න ඕනේ කියල හිතන් බ්‍රේක් අල්ලන්නේ නැතුව හිමීටම පැදගෙන රවුම ගියා..

මේ ගමේ ගොඩක් පරණ ගෙවල් තියෙනවා ,ඒ හැම ගෙයක් පවුලක් වටාම කථාවක් තියෙනවා .ඒ කතා වලින් කීපයක් මගේ යෙහෙළිය මේ වෙද්දී මගේ කනේ තියලා ඉවරයි. අර මොණරයි පැටවුනුයි ගැන ඇයගෙන් අහන්න හිතේ තියාගෙන  හිටියත් ආයෙම අහම්බෙන් මොණරු පිරිච්ච ගරාවැටිච්ච ගේ දකිනකල් ඒක අමතක වෙලා තිබ්බේ. ගෙයි වහලේ පුරාමත් ඒ වත්තේ අවටත්  මොණරු තිහක් හතළිහක් වගේ හිටියා. (බොරු අනේ විස්සක් විතර හිටියේ) ඇත්තටම මේ වගේ පුංචි ගමකට මේ මොණරු කොහෙන්ද කාගේද කියන ප්‍රශ්න ටික මගේ අලුත් යාළුවගෙන් අහගන්න පුළුවන් වෙයි කියලා හිතලා පස්සේ දවසක හවස් වරුවේ එයා හම්බෙන්න ගියා ඔන්න. එයාගේ නම රකෙල් (රේචල්)  පහළින් අප්ලෝඩ් කරලා තියෙන පුංචි වීඩියෝ දෙක බැලුවම ඔයාට භාෂාව නොතේරුණත් මං ලියන්න යන මොණරගේ කථාව ගැන අදහසක් එයි.






අපි දෙන්නා සතියට සැරයක් වගේ ඔය විදියට ඇවිදින්න යනවා. 

මොණරු ඉන්න ගෙදර කථාව අහලා ගෙදර ආවට පස්සේ ඒ කථාව ලියන්නම ඕනේ කියලා හිතුණා.

සැන්ඩ්‍ර මොන්ටා තමයි කථා නායිකාව, 1902 ලැටිවියාවේදී ඉපදුණු සැන්ඩ්‍ර මොන්ටා දරුවන් අට දෙනෙක්ගෙන් පිරිච්ච යුදෙව් පවුලක අන්තිම ගෑණු දරුවා ඇගේ උපතින් පසු මවගේ මරණය සිද්ද වෙලා. (ලැටිවියාව පිහිටලා තියෙන්නේ ඇසිටෝනියාවට පහළිනුත් වම් පැත්තෙන් රුසියාව හා ,බෙලරුසියාවටත් පහළින් ලිතුවේනියාවටත් මායිම් වෙලා. දකුණු පැත්තෙන් බෝල්ටික් මුහුද ) කාළයත් එක්ක උස්මහත් වෙච්ච සන්ද්‍රා පලවෙනි ලෝක යුධ සමයේදි(1914-1918) ඇයගේ පෙම්වතා සමඟ රුසියාවට යනවා. බොහෝ යුදෙව්වන් රුසියාවට ඒ විදියට පලාගිහින් ජිවත් වෙලා තියෙනවා. කෙසේ හෝ පසුව රුසියාව හා ලැටිවියාව ඇතිකරගත් සාම ගිවිසුමත් සමඟ අර යුදෙවුවන් ආයෙම මව් බිමට හැරී ඇවිත් තියෙනවා, (1920) අපේ සන්ද්‍රා ආපහු එන්නේ තනියම, හිසේ ඇතිවූ යම් රෝගතත්වයක් නිසා ඇගේ පෙම්වතා රුසියාවෙදී මරණයට පත්වෙලා. සහෝදරයෝ කිසිම කෙනෙක් ගැන කිසිම හෝඩුවාවක් නොලැබූ ඇය පියා සොයා විත් ඔහු සමග ජීවත්වෙන අතර තමන්ගේ දරුවා බිහි කරනවා. අපි ඔහුව ඩේවිඩ් ලෙස හඳුන්වමු මට නම හරියට මතක නෑ.


නැවත වසර පහළවකට පස්සේ දෙවන ලෝක යුදසමයේදී සැන්ඩ්‍ර මොන්ටා, ඩේවිඩ් සහ ඇගේ පියාත් මරණයෙන් බේරී පලායාමට දකුණු අප්‍රිකාව තෝරගන්නවා මොකද යුරෝපයේ යුදෙවුවන්ට නිදහසේ හිසගසන්න තැනක් නොවුණු නිසාත් 1885 වසරේ දකුණු අප්‍රිකාවට පිටත්වූ සැන්ඩ්‍ර මොන්ටාගේ පියාගේ සහෝදරයා ඇතුළු ව්‍යාපාරිකයන් පිරිසක් එහි ජීවත්වෙන නිසාත්. කුඩා අත්කරත්තයකට බඩු අහුරාගත් සන්ද්‍රාගේ පවුල තමන්ගේ ගමන පටන්ගන්නවා. හිමෙන් වැහුණු අඳුරු මාවත් දිගේ එහෙ මෙහේ දුවන පිරිස් අතර ඔවුනුත් එක්තරා පවුලක් විතරයි ...දවස් කීපයක කටුක ගමනින් වෙහෙසට පත්ව මියගිය  සැන්ඩ්‍ර මොන්ටා ගේ පියාගේ දේහය ඇය හිම පහුරුගා මිහිදන් කර ආයෙම ගමන පටන් ගන්නවා.... බෝල්ටික් සාගරය හරහා මගිප්‍රවාහන නෞවකාවක දකුණු අප්‍රිකාවේ තමන්ගේ නෑදෑයන් කරා ගිය සැන්ඩ්‍ර මොන්ටා සියළු අතීතය අමතක කරලා ජිවිතේ ආයෙම පටන් ගන්නවා ( දකුණු අප්‍රිකාවේ ගොඩක් යුදෙවුවන් ජීවත්වෙනවා යුරෝපයේ රටවල් වලින් පැනල ගියපු. සමහරුන් පළමු ලෝක යුදසමයෙදිත් තවත් සමහරුන් දෙවනි ලෝක යුදසමයේදී සහ ඊට පෙර) 
දරුවා සමග තනිව ජීවත්වෙන අපේ කථා නායිකාවට ස්වි වයිස්මාන්  මුණ ගැහීමත් සමඟම  ජිවිතේ අලුත් පිටුවක් පෙරළෙනවා , මේ ස්වි වයිස්මාන් තමයි මට මේ දිග කේලම කියපු  රඛෙල් ගේ  මාමා.  ජර්මනියේ  ද්රෙස්ද්න් වල ඉපදුණු ස්වි දෙවනි ලෝක යුද්ධයට කළින් හිතුමනාපෙට  නැවක නැගලා ඇවිත් සෙල්ලක්කාර ජිවිතයක් ගෙවපු තරුණයෙක්. (මගේ යාලුවා රඛෙල් 1938 ජර්මනියෙන් ඊශ්‍රායලයට පිටත් කරපු වයස අවුරුදු 15-17 අතර පසුවුණු  1500 ක් වූ ළමයින් පිරිසෙන් එක්කෙනෙක්. )  ස්වි සහ සන්ද්‍රා මොන්ටා  විවාහයෙන් වසර කීපයක පසුව   තමන්ගේ  දරුවත් සමග ඊශ්‍රායලයේ පදිංච්යට  එනවා.  ඒ වෙද්දී ඇයට වයස අවුරුදු  පනහක් විතර ... ඒ කියන්නේ 1952 වගේ ... අතේ මුදල් යහමින් තිබූ නිසා රඛෙල් ජීවත්වෙන ගමට නෑවිත් ජෙරුසලමේ පදිංචි වෙන  මේ පවුල ඊශ්‍රායිල් ජිවිතයට හුරුවෙන අතර ... සන්ද්‍රා ගේ පුතා දකුණු  අප්‍රිකාවේදී දැන හඳුනාගත්  ජෝජියානු තරුණියක හා විවාහ වී නැවත දකුණු අප්‍රිකාවේ පදිචියට පිටත් වෙනවා , එහිදී පළමු .දරුවා  බිහිකිරීමෙන් පසු ඇතිවුණු මානසික ව්‍යාකුලතාවකින් පසුව ඇය සියදිවි හානිකරගන්නවා.. දරුවාගේ අයිතිය තරුණියගේ දෙමව්පියන්ට හිමිවීමෙන් අනතුරුව ඩේවිඩ් නැවත  ජෙරුසලමට හැරී එනවා . මේ අතර අක්මා රෝගයකින් පෙළුණු ස්වී වයිස්මාන් (රඛෙල් ගේ මාමා ,  සන්ද්‍රා ගේ හස්බන්ඩ් ) ජීවිතෙන් සමුගන්නවා..තමන්ගේ පුතා සමග තනිවූ සන්ද්‍ර ජෙරුසලමේ නිවස විකුණා දමා රඛෙල් ජීවත්වෙන ගමට පදිංචියට එන්නේ ඊට පස්සේ.  

නැවත විවාහයක් සිදු කරගන්න ඩේවිඩ්  බිරිඳත් සමග මවගේ නිවසට යාබදව නව නිවසක පදිංචියට යනවා. මේ අතරදී ඔවුන්ගේ  පළමු විවාහ සංවත්සරයට පෙර දා සර්පයෙක් දෂ්ට කිරීමක් නිසා ඩේවිඩ් දැඩිව රෝගාතුර වී මිය යනවා.  මේ විදියට සන්ද්‍රා මොන්ටාගේ ජිවිතයට සම්බන්ද වෙලා හිටපු හැම කෙනෙක්ම මිය ගිහින් තියෙනවා අකාලයේම.. දකුණු අප්‍රිකාවේ ජීවත්වුණු මුණුපුරා පවා හදිසි අනතුරකින් වයස අවුරුදු දහය දොළහ අතරදී මියගිහින් තියෙනවා.. ඩේවිඩ් ගේ  මරණයෙන් පසුව 2001 වසර දක්වා  ඇය තනිව ජීවත්වී වයස අනූ අටේදී  තමන්ගේ ලේ නෑයන් සමග සමාදානයේ සැතපුනාළු.  ඩේවිඩ් ගේ බිරිඳ නැවත විවාහයක් සිදුකරගත්තද සන්ද්‍ර මොන්ටාට යාබදව නිවසේ අදටත් පදිංචි වෙලා ඉන්නවා ..වනජීවී අංශයට සම්බන්ධ රැකියාවක් කරන සන්ද්‍ර මොන්ටාගේ ලේලියගේ නව ස්වාමිපුරුෂයා තමයි  2005 අවුරුද්දේ මේ ගමට මොණර ජෝඩුවක්  ගෙනත් තියෙන්නේ අර උඩ වීඩියෝ එකේ තියෙන ගරා වැටුණු සන්ද්‍ර මොන්ටගේ ගෙදර අවට ගුල් හාර හාර පැටව් දාපු මොණරු දැන් මුළු ගමේම පැතිරිලා....අන්න ඒ මොණරෙක් තමයි අපේ මිදුලට ආවේ.. 

ප/ලි

කාළයක් ජංගම දුරකථනයට හුරුවෙලා සිංහල අකුරු ටයිප් කරපු නිසා කම්පියුටර් එකෙන් හරියටම නිවැරදි අකුරු ගහන විදිය මතක නෑ. SANDRA MONTA නම ටයිප් කරගන්න මට බැරිවුණා, ඒ වගේම තව ගොඩක් අඩුපාඩු ඇති , යථාතත්වයට එන්න ටිකක් කල් යයි 

අපි නොහිතන විදියේ නොදන්න ප්‍රසිද්ද නැති ජීවිත කථා මේ පොළව උඩ ඇතිවෙලා නැතිවෙලා යන්න ඇද්ද. ඉතිහාස වාර්ථා අතර නොලියවෙච්ච අපූරු චරිත මේ ලෝකේ තිබිලා තියෙනවා,  පාන්දර 2.30 යි නිදිමතයි . 



36 comments:

  1. හලෝ, ඔමා කෙල්ලේ කොහොමද කාලෙකින්

    ReplyDelete
    Replies
    1. ඔහේ ඉන්නෝ ඇනෝ මාමේ

      Delete
  2. මට මතක් උනේ 'ගජමන් නෝනා' . එයාගෙත් ආදරියන් ( දරුවන්, සැමියන්) සියලු දෙන අකාලේ මියගියා නේද

    ReplyDelete
    Replies
    1. ලිඛිතා:ඔයාව මගේ හීන අඩවියට ආදරෙන් එකතු කරගන්නවා 'ගජමන් නෝනා ගැන කියවන්න ඕනේ .

      Delete
  3. ඔහේ හැමෝගෙම ජීවිත වල මේවගේ හැල හැප්පිලි ඇති නේද? විශේෂයෙන් යුදෙව් සංහාර නිසා විවිධ රටවලින් ආගමනය වුන අයගෙ. බොහොම ස්තූතියි ඔමා පෝස්ට් එකට. සමහරුන් ජීවිතේ ගෙවන්නෙ කොච්චර ප්‍රශ්ණ පහුකරමින්ද කියලා හිතුණා.

    ReplyDelete
    Replies
    1. ඉයන් : ඔව් 1935- 48 වගේ කාලේ පුංචි දරුවෝ ,තරුණ ළමයි වෙලා හිටපු හැම කෙනෙක්ගෙම වගේ ජීවිතේ මේ වගේ කතා තියෙනවා. රඛෙල් ඊශ්‍රායලයට එනකොට එයාට වයස අවුරුදු 15 යි. දැන් එයාට 95 යි. මුළු පවුලම නාට්සි මරල දාලා, ඔව් අපි කොච්චර වාසනාවන්තද අපිට අපේම රටක් තියෙනවා

      Delete
  4. යුදෙව්වන්ට එරෙහි සංහාර නිසා යුදෙව්වෝ ලෝකේ පුරාම විසිරි ගිහින් ජිවත් වෙනවා නේද ?

    මොණරා ලස්සන වුනත් මොණරු නිසා ගොවිබිම් නම් විනාශයි.

    ReplyDelete
    Replies
    1. මනෝ : ඔව් ලෝකයේ බොහොමයක් රටවල හැබැයි 1914-1918 කාලේ පළවෙනි ලෝක යුද්දෙදි බේරෙන්න පෝලන්තේ ජර්මනියට ඉදලා ආපු යුදෙව්වන් ම ආයෙම 1937ණ් පස්සේ එහෙන් බේරෙන්න පලයන්න උනා.

      Delete
  5. සුපිරි! එතකොට දැන් රඛෙල් ගේ වයසත් 90 පැනලා ඇති නේද? බොටත් මාරු යාළුවො තමයි සෙට්ටෙන්නේ.. ඔයි අකුරක් දෙකක් එහෙමෙහෙ උනාට කාරී නෑ.. දිගටම ලියාන්..

    ReplyDelete
    Replies
    1. එක වයසෙ අය සෙට් වෙන එක සාමාන්‍ය දෙයක්නෙ කමී.

      Delete
    2. කමි : ඔය සුපිරි කිවුවේ ඉතින් මං හොඳ බබා වගේ ආයේ ලියයි කියලා , ඔව් 95 යි මාස 5 .

      ඉයන් : ඔව් ඔව් පුතේ මං මේ පුතාගේ වෙඩිමට එන්න තෑගී සිලෙක්ට් කරන ගමන්

      Delete
    3. සුපිරියි කියුවේ රඛෙල් කියපු සැන්ඩ්‍රා ගේ කතාව බම්, ලියල තියෙනවත් නරකම නෑ.. හැක්

      Delete
    4. හරි කමියෝ , අළු ගසා දාලා එන්නම්කෝ

      Delete
  6. විඩියෝව වැඩ නැතෝ...

    ReplyDelete
    Replies
    1. වැඩ. ඒක යූ ටියුබ් එකේම බලන්න ඕනි. වෙන සයිට් වල ප්ලේ නොවෙන්න සෙටින්ග්ස් දාලා තියෙන්නේ.

      Delete
    2. නලින් අයියේ : මං ප්ලේ කලාම නම් පේනවා , කවුරුත් කීවෙත් නැති නිසා හිතුවේ ප්ලේ වෙනවා කියලා. හරි අයියේ බලන්නම්

      Delete
    3. කමි . ඔව් මං ඒක යු ටුබ් අප්ලෝඩ් කරේ මට වෙන ක්‍රමයක් හදිසියේ තිබ්බේ නැති නිසා. කමෙන්ට් , කොපි ඔක්කොම ඩිසේබල් කරලා අප්ලෝඩ් කරේ

      Delete
  7. Replies
    1. ප්‍රා : යේඒඒඒඒඒඒඒ

      Delete
  8. හෑ...! ඔමා අක්කේ. ඔයා බ්ලොග් එකකුත් ලියනවද? ;) ;) . නියම ලිපියක්. ජය!!!

    ReplyDelete
    Replies
    1. මේ ඉස්සර අපේ අම්මා ලියපු බ්ලොග් එක මං ටිකක් මකුළු දැල් කඩලා ගන්න කියලා

      Delete
    2. ඒ අම්ම නෙමේ ආච්චිනේ මුලින්ම ලිව්වේ යකු.

      Delete
  9. මේවා එක්ක බලද්දී අපිට මොන ප්‍රශ්නද නේද සුදූ...

    ReplyDelete
  10. හප්පට.... ඔමා ඉන්නවා... මැරිලා නෑ... :D

    ReplyDelete
  11. monaru innakota sarpayo adu wenawalu.

    yudewwanta ochchara karadara walata muuna denna une Jesu thuma maranayata niyama karapu welawe wadichcha saapaya hinda kiyala kathawak thiyanawa.

    ReplyDelete
    Replies
    1. ඔව් ප්‍රේම දඩයම කථාව බැලුවට පස්සේ මාත් ඒක දැනගත්තේ. හි හි

      ඔව් එහෙමත් කියනවා, පරණ ගිවිසුමේ යෙසායා පොතේ සඳහන් වෙනවා යේසුස් වහන්සේ පැමිණීමත් ඉන් පස්සේ යුදෙවුවන් උන් වහන්සේව මරා දැමීමත් , සහ යුදෙවුවන් මහ දුක් විඳීම් වලට මුහුණ දෙන්ට යන බවත්. ස්තුතී සයුරි

      Delete
  12. meke sinhala type karanna bari ayi? Excellent story Oma. You can write a complete book. Start now.

    ReplyDelete
    Replies
    1. දන්නේ නැහැ අයියේ. ෆෝන් එකෙන් නම් මටත් කමෙන්ට් කරන්න බැහැ. තැන්කිව් අයියේ

      Delete
  13. කාලෙකින් දැක්කේ... අතීතෙට ගියා වගේ දැනුනා ...

    ReplyDelete
    Replies
    1. ධනුවා , ඔව් අනේ

      Delete
  14. යකෝ මේ වේගෙන් පොස්ට් දාන්න එපා බං....

    ReplyDelete
    Replies
    1. හි හි , අපෝ කට ඇස් වහ

      Delete
  15. කියවන්නේ නැතුව අදහස් එපා කියලා තිබ්බ නිසා අදහස් දැම්මේ නෑ ඔන්න...

    හුටා හුටා...
    මම වැරදිද මන්දා...

    ReplyDelete
  16. අම්මෝ පට්ට කතාවනේ...
    එයා ට සම්බන්ධ හැම කෙනෙක් ම අකාලයේ මරු අරන් ගියාට එයාව අරන් ගිහින් තියෙන්නේ කාලයත් පැන්නාට පස්සේ වගේ...

    ඔයා ඔය ඉන්න රටේ ආයුෂ කාලය වැඩි ද මන්දා...

    ReplyDelete


ලිපිය කියවා කොමෙන්ට් නොකලත් කමක් නැහැ.. කමෙන්ට් කලොත් සතුටුයි. ලිපිය කියවන්නේ නැතුව කොමෙන්ට් කරන්න එපා.
අපුර්වි_


,නිතරම යහපත කරන්න...,සතුට සැනසිල්ල හැමදාම ඔයාලග රැදේවි,,දෙවිපිහිටයි,

Related Posts Plugin for WordPress, Blogger...