Tuesday, May 9, 2017

ON OFF බ්ලොග්කරණය

මල් වල පෙති දිහා ,උස ගස් දිහා , ඒවා හුළගට එක එක සද්ද වලින් එහෙට මෙහෙට වැනෙන දිහා ඔහේ බලන් ඉන්න, පෙනුනේ නැතත් කුරුල්ලන්ගෙන් ඇහෙන සද්ද එන පැත්ත හොය හොයා විපරම් කරන්න මං හරිම ආසයි. කාලෙකින් නොලිවුව නිසා තේරුමක් නෑවගේ ...ඉතින් කෝපි එකකුත් හදන් ඇවිත් තමයි ලියන්න පටන් ගත්තේ; ඔන්න ඉතින් කෝපි එක බොන්න පෑනෙන් අත අහකට ගද්දි ඇස් දෙකත් කොලෙන් අහකට යනවා ..අහකට කිවුවේ උඩට ,දැන් හවස හයට විතර ඇති රශ්නේ කාලේ නිසා ඉර බහිද්දී අට විතර වෙනවා ,ඉතින් මේ වෙලාවට මද ඉර එළියයි සද්දෙට එන හුළඟයි එක්ක වටේම තියෙන ගස් එක එක සද්ද වලට වැනෙනවා,ඈතින් තියෙන කන්ද පහළ මිටියාවතේ තිරිඟු යායවල් ඔක්කොම අස්වැන්න කපලා ඉවරයි ඒ මිටි තාම ගෙනියලත් නෑ ,,කන්දේ ඉඳලා මිටියාවත හරහා එන සුළඟ සැරයි ,සුවඳයි. දොඩම්, නාරං වගේ ගස් වල මල් වලින් එන  අවුවට රත්වෙච්ච සුවඳත් සැරින් සැරේ අර හුළඟ එක්කම එල්ලිලා එනවා. 

දැන් ගත්තේ 

ඒ මිටියාවත ශිත කාලේදී 

මං නිකමට ගත්ත ෆොටෝ එකක් 


ගෙදර පිටිපස්සේ දොර මෙතන ඉඳ ගෙන තමයි මනෝ ලෝකේ කරක්ගහන්නේ.
 සමහර විට මෙය කියවීම යම් ආකාරයක විකාරයක් වගේ දැනෙන්නත් පුළුවන්.ඒත් ගණන් ගන්න එපා කියවන්න ඔන්නොහෙ . ඒක නෙමේ ඔයා හිතනවා ඇති නේද මෙයා පෑනෙන් කොලේක ලියලද ආයේ මේ ටයිප් කරන්නේ කියලා.ඇත්තටම කවදාවත් කරලා නැති වැඩක් ,ඒත් අද හිතුණා.. අත රිදෙනවා හොඳටම මේ ටික ලියලත් කාලෙකින්නේ පෑනක් ඇල්ලුවේ, අපේ විචාරක මාමත් කොලේක ලියලා ආයෙම ලියනවා කියලා බ්ලොග් එකේ කියලා තිබ්බා. එතුමාගේ මරණය අපි හැමෝටම දුකක් එතුමාගේ මරණයෙන් පසුව අපේ බ්ලොග් වල තිබුණු ලිපි කියවීමෙන් ඇත්තටම සියුම් ලැජ්ජාවකුත් ආවා එතුමා දවසෙන් පැය 18ක් බ්ලොග් වෙනුවෙන් වැය කලාලු මටත් ඒකෙන් බිඳක් හෝ කරන්න පුළුවන් නම් . 
ජෝර්ජ් ගේ මරණය වෙලා මේ මාසෙට අවුරුද්දකුත් වෙනවා. ජෝර්ජ් ගෙන් පස්සේ මගේ ජීවිතේට ආපු මාව දාලා ගිය තවත් චරිතයක් ගැන ලියන්න බොහෝදේ තියෙනවා. මගේ හිතත් එක්ක ,ගහකොළ ,හුළඟ එක්ක ලං වෙලා ගෙවන මේ කාලෙට මං ගොඩක් ආසයි පහුගිය කාලේ පුරා ගොඩ ගැහුණු අත්දැකීම් එකින් එක සතියකට වරක් හෝ ලියා තබන්න විචාරක තුමාගේ ආශිර්වාදයත් මට ලැබේවි .

37 comments:

  1. ඉදිරියටත් ලියන්න. කියවීමට බලා සිටිමි.

    ReplyDelete
  2. ආයි ලියන්න ගත්ත එක හොඳයි....

    ReplyDelete
    Replies
    1. අයියගේ සමකයේ කඩඉමටත් සුබ පැතුම්

      Delete
  3. ගිය අවුරුද්දේ නෙළුම්යායෙදි විචාරක තුමා ඔමායා එක්ක කැකිරි පල පල හිටිය මතකයි. ඔහු නිසා මේකෙ වැඩි පුර පෝස්ට් වැටුණොත් ඒක ඔහුට උපහාරයක්ම වෙයි.

    ReplyDelete
    Replies
    1. ඔව් මං ළඟමයි හිටියේ ,යද්දිත් රෑ වෙන්න කලින් ගෙදර යන්න කියලා කිවුවා. සම වයසේ කොල්ලෙක් වගේ එයාව දැනුනේ , :( අපරාදේ එයා කලින් ගියේ

      Delete
  4. ලියමු ලියමු ..

    ReplyDelete
  5. onna oma aye avilla. Welcome back.

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් අයියේ බලමුකෝ ආයේ ට්‍රයි එකක් දීලා

      Delete
  6. ආ.. නංකී.. දැකල පුරුදුයි පුරුදුයි වගේ.. කාලෙකට කලිං බ්ලොග් එකක් ලියුව නේද? :))))

    ReplyDelete
    Replies
    1. බ්ලොග් කියන්නේ මොනාද අයියේ

      Delete
  7. මල කෝලං... පොටෝ ටික කලින් දැක්කා.. අලුත් නවාතැනට සුභ පැතුම්..

    ආයේ ලබන අවුරුද්දෙදි බ්ලොග් ලිපියකින් හමබෙමු..

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. ඕකනේ බැරි ඉතින් :(

      Delete
  8. හහ්ඃ හා.... ඉතිං කෝමෙයි වාස දේස? (ඒක නේන්නං මේ කියල තියෙන්නෙ.)
    අර තිරිගු යායට ඒලියන්ලා ඇවිත් ක්‍රොප් ආර්ට් ද මොනවද කොරන දිහා බලන් ඉන්න තියනවා නං වගේ ඒව හිතෙන්නැද්ද අප්පා?
    විචා නෙළුංයාය ගැන ලියපු ලිපිය මතක් උනා.ඒකෙ බාගයකට වඩා තිබුනෙ ඔමා ගැන.දුවලට ගොඩක් ආදරේ කරපු පියෙක්.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ඒලියන් ලා ආයේ එන එකක් නෑ මං වැඩ බාරගත්ත නේ. ඔව් එදා අපි දෙන්නා හරියට කියෙවුවා. ඒ ගැන මතක් වෙද්දී දුකයි ලබුස්. තැන්කිව්

      Delete
  9. ආයෙත් ලියන්ට ගත්ත එක හොඳයි...
    දිගටම ලියන්ට...

    ReplyDelete
    Replies
    1. තැන්කිව් බුද්දික

      Delete
  10. හැක්... තව අවුරුදු දෙකකින් වගේ ඊළඟ පෝස්ට් එක කියවන්න එන්නම්

    ReplyDelete
  11. Replies
    1. තැන්කිව් සයුරි. :*

      Delete
  12. පිටිපස්සේ දොර හරියට සුරංගනා කතාවක ඉස්සරහා දොරක් වගේ ලස්සනයිනේ.
    දැන් බ්ලොග් එකේ ස්විච් එක on කරලාද ඕමා.

    ReplyDelete
    Replies
    1. සුරංගනාවියක් නේ ඉන්නේ කෝමත්

      Delete
  13. කාලෙකට පස්සෙ හීනයක් දැකල තියෙන්නෙ

    ReplyDelete
  14. ජෝර්ජ් ගැන දුකයි!
    ඔමා ආයෙ ආපු එක ගැන සතුටුයි!

    ReplyDelete
    Replies
    1. :) තැන්කිව් සවි අයියේ

      Delete
  15. හොම්බ දාල යන්න ආව

    ReplyDelete
    Replies
    1. බලාගෙන මෙහෙ මැක්කෝ ඉන්නෝ..

      Delete
  16. මටත් ලියන කියවන ඒකට කොමාව වැටිලා ඉන්නේ.. ආයේ පටන් ගන්නොනේ

    ReplyDelete
    Replies
    1. පටන් ගමු. හැබැයි මං වගේ නිකන් ඇවිත් යන්න එපා ලියන්න

      Delete
  17. //ජෝර්ජ් ගේ මරණය වෙලා මේ මාසෙට අවුරුද්දකුත් වෙනවා//
    සබ්බේ සංකාරා අනිච්චාතී
    යදා පඤ්ඤාය පස්සතී
    අථ නිබ්බින්දති දුක්ඛේ
    එ්ස මග්ගෝ විසුද්ධිියා..

    ReplyDelete


ලිපිය කියවා කොමෙන්ට් නොකලත් කමක් නැහැ.. කමෙන්ට් කලොත් සතුටුයි. ලිපිය කියවන්නේ නැතුව කොමෙන්ට් කරන්න එපා.
අපුර්වි_


,නිතරම යහපත කරන්න...,සතුට සැනසිල්ල හැමදාම ඔයාලග රැදේවි,,දෙවිපිහිටයි,

Related Posts Plugin for WordPress, Blogger...